Skip to main content

අනූව වන පරිච්ජේදය : ප්‍රවීණ අණදෙන හමුදාපතිවරයා.


දැඩි වර්ෂාව ජල වලවල් ඇති කරමින් කඩා හැලුණේ ය. ෂ්‍යාඕ චීයේගේ අශ්වයා ඒ වන විටත් මාළිගාවේ දොරටුව වෙතට ගමන් කර තිබුණි.  කුඩා ගමන් රථවලින් රතු සේද හිරවරණ එකින් එක මතු වූ අතර, ඒ සියල්ලම තුන්වන ශ්‍රේණියේ සහ ඊට ඉහළින් සිටින වැදගත් ඇමතිවරුන්ට සෙවණ සැපයීම සදහා වෙන්කොට තිබුණේ ය.

චෙන් ජෙන් යුධ අමාත්‍යවරයා මාලිගා ශාලාව දක්වා දිවෙන තරප්පු පෙළ පාමුල ෂ්‍යාඕ චියේ එනතුරු බලා හිඳිමින් මදක් ම පමා වූයේ විශේෂිත කරුණක් අරභයාමය.

 ෂ්‍යාඕ චීයේ වර්ෂාව මධ්‍යයේ පැමිණෙනු දුටු ඔහු පැවසුවේ ය. “ස'අන්, මම කියන දේ අහන්න. මේ ලෝකයේ කොහෙවත් පරාජය නොවෙන හමුදාවක් නැහැ. පරාජයය තමයි අයෙකුගේ ජයග්‍රහණය කරා ගෙනයන ගුරුවරයා වෙන්නේ. ජීමිං වසර ගණනාවක් තිස්සේ බ්‍යැන්ෂා වල හන්ෂේ ගෝත්‍රය සමඟ සටන් කරනවා. ඔහුත් මනුෂ්‍යයෙන් නේ.”

ෂ්‍යාඕ ෆංෂූ සමඟ යම් තරමක මිත්‍ර සබඳතා පැවැත්වූ චෙන් ෂෙන්, පූර්විකාවකින් තොරව ම හදිසියේම කතා කළේය.  එහෙත්, ෂ්‍යාඕ චීයේ ඔහු අදහස් කළේ කුමක්දැයි තේරුම් ගෙන සිටියේ ය.

ෂ්‍යාඕ චීයේ හැඟීම් විරහිත වතකින් යුතුව ඔහුට හිස සැලුවේය.  ඔහු චෙන් ජෙන් සමඟ පඩිපෙළ නැඟී මිංලී ශාලාවට තුළට කැදවන තෙක් පිටත බලා සිටියේය. වර්ෂාව හේතුවෙන් ඔහුගේ උරහිස් තෙතබරිත වී තිබුණි, හේ මේ ආකාරයෙන් සිටියේ පහන් කූඩුවලින් ලැබෙන කුඩා ආලෝකය පවා මග හරිමිනි.

පි​ටුපස තිබූ හිරවරණය හදිසියේම ෂ්‍යාඕ චීයේව ආවරණය කළේ ය. ශෙන් ස'චුආන් හිරවරණය ඔසවාගෙන ෂ්‍යාඕ චීයේට පසෙකින් සිටගෙන සිටියේ ය.  වර්ෂාවෙන් තෙමී ගිය රක්ත වස්ත්‍ර ද්විත්වය හැද එකිනෙකාට ලංව හිටගෙන සිටි ඔවුන් වැහිබර රාත්‍රියේ යක්ෂයන් ලෙස පෙන්නෙන්නට විය.

මොහොතකට පසු , ෆූමන්තිරය ඔසවා එහි සිටි නිළදාරීන්ට ආචාර කර ඔවුන් ඇතුළත පැමිණෙන්නැයි  කතා කළේ ය. ප්‍රථමයෙන්ම ඇතුළට පිවිසියේ හායි ලියැංයී ය ,  පසුව මහා ලේකම් කාර්යාලයේ විවිධ ඇමතිවරුද ඇතුළු වූහ.  ඉන්පසු ෂ්‍යාඕ චීයේ ගේ වාරය විය.  ශෙන් ස'චුආන්ට ඔහු පසුපස යන්නට ඉඩ නොලැබුණේ ය.

ෂ්‍යාඕ චීයේ නොසෙල්වුණේ ය. ඔහ් සිටි තැනම නතර වී ස්ථාවරව සිටි අතර ශෙන් ස'චුආන් දෙස බැලුවේ ය. මේ බැල්ම තුළ බොහෝ චිත්තවේගයන් ,  සිතෙහි අන්තර්ගත වූ සියළුම හැගීම් කැටි ව තිබුණි. මේ මොහොතේම, ඔහු ධෛර්ය සම්පන්න සහ දරුණු දඩබ්බර දඩයක්කාරයෙකුගේ  සිට රැළෙන් ඉවත්ව ආ තනි වූ වෘකයෙක් බවට පත් ව සිටියේ ය.

ශෙන් ස'චුආන් ට ෂ්‍යාඕ චීයේ ගේ කොපුල් පිරිමදින්නට අවශ්‍ය විය.  නමුත් මේ මොහොතේ ඔහුට එය කළ නොහැකි විය.  ඇස්වලට නොපෙනෙන විලංගු දමාගනිමින් මේ තහනම් මාලිගාවේ බිතු සෙවණැලි යට ඔවුන් බොහෝ වේලාවක් නිශ්චලව සිටියා.

ෂ්‍යාඕ ජීමිං බොහෝ දරුණු ලෙස තුවාල ලබා සිටි අතර ලිබෙයි දේශසීමා තුළ වෙනත් නිර්භීත අණදෙන සේනාධිපතිවරුන් සිටියේ නැත.  මෙය අද රාත්‍රියෙන් පසු ෂ්‍යාඕ ජීමිංගෙන් සළුව ලබාගෙන ලීබෙයි සඳහා නව අණදෙන සේනාධිපතියෙකු පත් කළ යුතු බවට පැහැදිලි ඉඟියක් විය.  නමුත් මේ පුද්ගලයා ෂ්‍යාඕ චීයේද නොවීය යුතු ය.

වසරකට පෙර චී ජූයින් සිදුකළ අනාවැකිය සත්‍ය විය.  ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට නව අණදෙන හමුදාපතියෙකු අවශ්‍ය බව ඇය ෂ්‍යාඕ ජීමිං වෙත අනතුරු ඇඟවූවා ය.  හමුදාමය බලය අධික ලෙස සංකේන්ද්‍රණය වීම හේතුවෙන්, ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව භාරගත හැකි හැකි වූයේ ෂ්‍යාඕ යන වාසගම සහිත අයට පමණි.  ෂ්‍යාඕ වංශයේ ධජය පහතට හෙළු පසු, ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ ව්‍යවස්ථාව විශාල ලෙස හෑල්ලූවට ලක් වනු ඇත, එමඟින් ඔවුන්ගේ තේජස පවත්වා ගැනීම දුෂ්කර තත්වයකට පත්වනු ඇත.

මුනුපුරු-උරුමයක් හිමි ෂ්‍යාඕ ෂුන් ට තවමත් වයස අවුරුදු හයක් පමණකි.  ෂ්‍යාඕ ජීමිං එයින් ඉවත් වූයේ නම්, ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ එකම අනුප්‍රාප්තිකයා චූදු වල සිටින ෂ්‍යාඕ චීයේ ය.  කෙසේ වෙතත් , මේ බල අරගලයේ දී ඔහු වෙනුවට ප්‍රාණ ඇපකරුවන් තබාගැනීම සඳහා පරම්පරාගත කුමාරයාගේ බිරිඳ පරම්පරාගත කුමරිය වන ලූ යීජී හා මුණුපුරු-උරුමය හිමි ෂ්‍යාඕ ෂුන් සමඟ අගනුවරට ඇතුළු වනවානම් මිස, චූදු කිසි විටෙකත් ඔහුව නිදහස් නොකරනු ඇත.

හැගීම් වලට අවනතව ක්‍රියාකිරීමේදී, ෂ්‍යාඕ චීයේ කොටියාගේ ශක්තිය අයුතු ලෙස යොදාගන්න හිවලෙකු මෙන් ඔහුගේ බලගතු සම්බන්ධතා ගැන පමණක් විශ්වාසය තබා තිබුණේ ය.  නමුත් මේ මොහොතේ ඔහු නැවත වරක් තමාට  රිසි සේ ක්‍රියා කළ නොහැකි තත්වයකට ඇද වැටී සිටියේ ය. නිවස යන සිතිවිල්ල උමතුවෙන් මෙන් ඔහුගේ සිතේ ගොරවමින් ඝෝෂා කරන්නට විය.  නමුත් ඔහුට කළ හැකි වූයේ ශෙන් ස'චුආන් දෙස මේ ආකාරයෙන් බලා සිටීම පමණි. ශෙන් ස'චුආන් හැර වෙනත් කිසිවෙකුට එය වැටහෙන්නේ නැත.

 "අධිපති තුමනී?"  ෆුමන් ඔහුට මිමිණුවේ ය.

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ පාද චලනය කර ඇතුළු විය.

◈     ◈     ◈

“ඊසානදිග පාලම් මාර්ගය හරහා හමුදා සැපයුම් රැගෙන යන්න කලින් ආදායම් අමාත්‍යංශ නිලධාරීන් එය පරික්ෂා කරන්න යොමු කළා.  දැන් ගැටලුවක් ඇතිවෙලා තියෙන නිසා  ආදායම් අමාත්‍යාංශය ඒක කලින්ම වාර්තා නොකළේ ඇයි?"  ප්‍රථමයෙන්ම ඒ පිළිබඳ ප්‍රශ්නය කරන්නට වූයේ සෙන් යූ ය.  ඔහුට ඔහුට සටහන් පත්‍රය ලියන්නටවත් වෙලාවක් නොතිබුණේය , වෙයි හුඅයිගූගෙන් සම්පූර්ණයෙන්ම ප්‍රශ්න කරන්නට හේ පියවර ගත්තේය.  “ඒ වේගවත් සංශිප්ත වාර්ථාව චූදු වලට පැමිණෙද්දී , සම්පූර්ණ පැය දෙකක්ම ප්‍රමාද වී තිබුණා.  අපි දැන් ආපසු කැඳවීමේ නියෝගය නිකුත් කරනවා නම්, ගමන් කරන්න අපහසු මාර්ගයක වර්ෂාව නොතකා ඉදිරියට යන්න අපිට හැකියාවක් තියෙන්න ඕනේ.  එය නැවත ලීබෙයිවලට යද්දී දින හතරක්ම ගතවෙලා තියේවි. වෙයි හුඅයිගූ , ඔබ මිනිසුන්ව මරා දමන්න ද යන්නේ!

වෙයි හුඅයිගූ වදනක් හෝ නොපැවසුවේ ය. ඔහු තෘෂ්ණිභූතව පිළිමයක් සිය දැනගසාගෙන සිටි අතර අද රාත්‍රියේ කිසිදු වදනක් පවසන්නට තරම් ඔහු නිර්භීත වූයේ නැත.

ෂ්‍යාඕ චීයේ ඇතුළු වන මොහොතේ දී ශාලාව නිහඬතාවයේ ගිලී ගියේ ය.  ප්‍රවීණ අමාත්‍යවරු හිස පහත් කරගනිමින් හෝ හෝ නළලත දක්වා හස්තයන් ගෙනයමින් ආචාර කළෝ ය. 

 පිටත අදහලුණු වර්ෂාව ඝෝෂාකාරී වූ 

 නමුත් ඇතුළත හුස්ම හිර කරනවන උණුසුම ඊටත් වඩා දරුණු විය.

“ස'අන්.”ලී ජ්‍යන්හෙං ඔහුව දුටු විටම ඔහුව සැනසීමට මෙන් කතා කළද , පසුව ඔහු පසුබට විය. අවසානයේදි ඔහු ​පැවසුවේ මෙපමණකි. “අසුන්ගන්න.”

 ෂ්‍යාඕ චීයේ අසුන්ගත්තේ නැත. ඔහු ආචාර කරමින් පවසන්නට විය. “මේ නිහතමානී පුද්ගලයා දැන් කන්දෙන් පහතට ආවා පමණයි. සිදුවූ දේ ගැන තොරතුරු දැනුවත් නැහැ.  ලිබෙයි වල සිදු වුනේ මොනවද? ”

“මොන මගුලක් ද? මේ තරම් බරපතල කාරණයකදීත් , කවුරුවත් වංශාධිපතිතුමාට මේ ගැන පැවසුවේ නැද්ද!”ලී ජ්‍යන්හෙං ස්මාරකය වීසි කර දැමුවේ ය. “වෙයි හුඅයිගූ , තමුන්ම ඔහුට කියන්න!”

වෙයි හුඅයිගූ තම හිස පහත් කර ගනිමින් ෂ්‍යාඕ චීයේ දෙස නොබලාම පවසන්නට විය. “පහුගිය මාසයේදී ලීබෙයි වෙත ප්‍රවාහනය කළ හමුදා සැපයුම් වල යම් දෙයක් වැරදිලා තියෙනවා.  ජුඒෂි වල පළාත් පරිපාලන සහකාර නියෝජ්‍ය  යැං චෙං ගේ වාර්තාවට අනුව, මේ හමුදා සැපයුම් පුස් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර වෙලා.  ඒවා ලීබෙයි වලට ලැබුණට පස්සෙ බෙදාහැරලා තියෙනවා, ඊට පස්සේ, දහස් ගණනක් ජනතාව පෙර දින රාත්‍රියේ රෝගාතුර වෙලා.”

ෂ්‍යාඕ චීයේ ගේ දෑස දෙස බලන්නට තවදුරටත් නිර්භීත වන්නේ කවුද?

ෂ්‍යාඕ වංශය දේශසීමාවේ යුද්ධ කළා.  තවද ඔවුන් වසර පහකට පෙර අධිරාජ්‍යයා ගලවා ගැනීමට පැමිණ විශාල ප්‍රශංසනීය කාර්යභාර්යයක් සිදු කරලා තිබෙනවා.  බ්‍යැන්ෂා හි හන්ෂේ ගෝත්‍රයට එරෙහිව සටන් කිරීම ඇති දුෂ්කරම කොටස වූ අතර, මුළු ඊසානදිග ප්‍රදේශයම ෂ්‍යාඕ ජීමිං විසින් ම ආරක්ෂා තර කර තිබුණි.  ඔවුන් ෂ්‍යාඕ වංශයේ බාල පුත්‍රයා චූදු හි සිරගත කළ අතර, නමුත් ඔවුන් තම දහඩිය සහ රුධිරය සමඟ දැඩි ලෙස සටන් කළ , ඔහුගේ සටනෙහි නිරතව සිටි වැඩිමහල් සහෝදරයාට පුස් වූ කුණු වූ ධාන්‍ය අනුභව කරන්නට ඉඩ දුන්නා!  ඉතින් මේ වෙලාවේ ෂ්‍යාඕ චීයේ ගේ ඇස් දිහා බැල්මක් හෙලන්නට හෝ ඔවුන් තවමත් නිර්භීත වෙන්නේ කෙලෙස ද?

කෙස් ගසක් හෝ නොසොල්වමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.  

 “හමුදා ප්‍රතිපාදන සකස් කළේ ජුඒෂි වල පළාත් පරිපාලන අධිකාරී සභාවයි.  ගැටලුවක් ඇති බව යැං චෙං දැනගෙන හිටියා. ලිබෙයි වලට හමුදා ප්‍රතිපාදන ලැබෙන කල් ඉදල ඔහු ඒක දැන් සඳහන් කරන්න එඩිතර වූණේ ඇයි?  ඔහු නිරිතදිග සහකාර පරිපාලන අධිකාරීවරයා  වගේම ඔහුට ලිබෙයි එක්ක අමනාපයක්වත් සතුරුකමක්වත් නැහැ.  ඇයි මේ වගේ දෙයක් කරන්න හිස පරදුවට තියන්නේ? ආදායම් අමාත්‍යාංශයේ නිලධාරීන් හමුදා සැපයුම් තෙවරක් පරීක්‍ෂා කරලාත් ආපසු එවූ නිල වාර්තා සියල්ලෙම සඳහන් කරලා තිබුණේ ඒවා පසුගිය වසරේ අලුත් ධාන්‍ය කියලයි.  නමුත් දැන් ඒවා සියල්ලම පරණ වී පුස් ඇට බවට පත් වෙලා.  ඔවුන් සියල්ලෝම පහත් ශ්‍රේණියේ සුළු නිලධාරීන්ය.  ඔවුන් එහෙම කරන්නේ ඇයි? හමුදාමය ප්‍රතිපාදන ඊසානදිග පාලම් මාර්ගය හරහා ලිබෙයි වලට පැමිණියට පස්සේ , ධාන්‍යාගාරය අධීක්‍ෂණය කරන ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ භාරකරුට ද ඒවා බෙදා හරින්න පෙර පරීක්ෂා කරන්න තිබුණා.  මෙතරම් විශාල පුස් භාණ්ඩ තොගයක් දේශසීමාවේ සිටින නිලධාරීන්ගේ සහ සොල්දාදුවන්ගේ මුව තුළට ඇතුළු වෙන්නනම් මෙය පහසුවෙන් ගමන් කරන්න විවිධ ස්ථරවල විධිවිධාන ක්‍රමාණුකූල විදිහට පෙළගස්වලා තියන්න ඕනේ."

ඔහු කතා කරන තරමට ඔහුගේ වචන වල බරද වැඩි විය.

“ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව වසර තිහක් තිස්සේ කඳු තැන්න ආරක්ෂා කළා, එතකොට ඔවුන්ගේ පරාජයට හමුදාවන්ට දඬුවම් දෙන්න ඕනේ.  ඒත් මෙතන ඉන්න හැමෝටම මම එක දෙයක් කියන්නම්.  ලීබෙයි වල සුළු පරාජයක් වුනත් අපේ ෂ්‍යාඕ වංශය ට පාඩුවක් වුනත් ලීබෙයි වල වුණ විශාල පරාජය දජෞ වලටත් අර්බුදයක්.  වසර කිහිපයක් තිස්සේ, හන්ෂේ ගෝත්‍රිකයන් හොංයැන් නැගෙනහිර කඳු වැටිය වටා එහා මෙහා ගමන් කරමින් ඉන්නවා. ඔවුන් බලා ඉන්නේ අවස්ථාවක් ලැබෙන තුරුයි.

චොංබෝ හමුදා පරාජය වෙනකොට, හන්ෂේ ගෝත්‍රිකයන් ප්‍රහාරයක් දියත් කරන්න ඔවුන්ගේ අශ්වයන් යෙදෙව්වා.  ඔවුන් ඉතිරි ගෝත්‍ර එකොළහේම අශ්වාරෝහක සේනාංක ගෙනැවිත් කිසිඳු බාධාවකින් තොරව චූදු වල දොරටුවෙන් පිටත සටන් කළා.  දැනටත් යන්තම් වසර පහක් ගත වෙන්න ආසන්න වෙලා , චොංබෝ ප්‍රාන්ත හය ඛේදජනක සංහාරය පිළිබඳ පිටුව දැනටමත් පෙරළලා අවසන්.  අපේ ජාතිය​ට වුණ අවමානයට පලිගන්න අපට තවමත් නොහැකි වෙලා තියෙනවා.  ඒකට තවත් බරක් එකතු කරන්න අපි අපේම අයට ඉඩ දෙනව ද?”

ෂ්‍යාඕ චීයේ ඔහුගේ කොටස පැවසූ සැණින් පැමිණ සිටි සියල්ලන්ගේම මුහුණු වලින් වර්ණය සිදී ගියේය.  ඔහු තමන්ගේ වදන් මුහුණටම පැවසුවේ ය. ඔහු අද රාත්‍රියේ මෙහි පැමිණ ඇත්තේ නිරයෙන් පැමිණ මේ කාරණය සම්බන්ධයෙන් යමෙකු භාර ගන්නවා දකින්නට ය.  කවුරුන්හෝ හමුදා සැපයුම් මත අපිරිසිදු උපක්‍රම වලින් ක්‍රීඩා කර තිබූ අතර, ඔවුන්ට අවශ්‍ය වන්නේ එම පැරණි නිලධරීන් සතු වූ උපක්‍රමයන් ම යොදාගෙන ඔහුව නෙරපා හරින්න ද?  කොහෙත්ම නැහැ.  ඔහු ඝාතනයන් සිත් සේ සිදු කරමින් , මෙම නඩුව නිර්දය ලෙස ඉදිරියට කරගෙන යනු ඇත.  ඒ සියල්ලන්ටම සාප වේවි ; ඔහු ඔවුන්ගෙන් කිසිවෙකු සමඟ හොඳින් ක්‍රීඩා නොකරනු ඇත. එය සහතික ය!

“හමුදා ප්‍රතිපාදන ව්‍යාජ ඒවා යි. අළුත් ධාන්‍ය වෙනුවට පුස් ධාන්‍ය ලබා දීලා.  ලාභය මත ධාන්‍ය නැවත විකුණන සැපයුම් දාමයේ පතුලේ සිටින අයට ඒ වෙනුවෙන් නිසැක ලෙසම සම්බන්ධ වී ඇති බවට සැකයක් නැහැ.  වසර කිහිපයකට පෙර, ජොංබෝ හි ධාන්‍ය හිඟයක් ඇති වෙලා , ධාන්‍ය ගබඩා කළ බොහෝ වෙළඳුන් මෙයින් ඝාතනයන් සිදු කරලා තියෙනවා.  වර්තමානයේ දැඩි ලෙස ක්‍රියාත්මක වන නීති තිබියදීත්, මේ තරම් නොසැලකිලිමත් විදිහ​ට ක්‍රියා කරන්න තවමත් නිලධාරීන් සහ වෙළෙන්දන් එකිනෙකා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්න ඇති කියල මම කොහොමටවත් අපේක්ෂා කළේ නැහැ. ”  අධිකරණ අමාත්‍ය කොං ච්‍යු පැවසීය.  “අපට මේ කාරණය සම්බන්ධයෙන් ගැඹුරු පරීක්ෂණයක් කළ නොහැකි නම්,  අපිට ලිබෙයි වල විවිධ ජෙනරාල්වරුන්ට පැහැදිලි කිරීමක් කරන්න නොහැකි වේවි.  මේ නිහතමානී සේවකයා බයිමාජෞ ඉඳලා චූදු දක්වා සෙවීමක් වගේම විමර්ශනයක් දියත් කරන්න රාජකීය ආරක්ෂකයින් සමඟ අධිකරණ කාර්යාල තුනේ ඒකාබද්ධ නඩු විභාගයක් ඉල්ලා සිටිනවා.  අපි කාරණයේ පතුළට ගමන් කරන්න ඕනේ! ”

"ඒ විතරක් නෙමෙයි. ඉක්මනින් අවධානය යොමු කළ යුතු තවත් කරුණක් තියෙනවා.”  යුධ අමාත්‍ය, චෙන් ජෙං, ෂ්‍යාඕ චීයේ දෙස බැලූ අතර, “චීදොං පංච සේනාංක වල අණදෙන නිලධාරීන් සඳහා වන හමුදා සැපයුම් ඒ හා සමානව බයිමාජෞ වලිනුත් පැමිණෙනවා.  අපි වහාම අණදෙන නිලධාරි චී ට හදිසි වාර්තාවක් යවන්න ඕනේ.  මේ ධාන්‍ය තොගය තවදුරටත් පහළට බෙදා හරින්න ඕනේ නැහැ!”

"කොහොමද අපි හිඟය පියවන්නේ?"  ෂ්‍යාඕ චීයේ ගේ ස්වරය හිම මෙන් ශීතල විය.  “මේ හමුදා ප්‍රතිපාදන කාණ්ඩ දෙක පසුගිය වසරේ ජුඒෂි වල මහා ධාන්‍යාගාර තුනෙන් රැස් කරගත්ත සම්පූර්ණ තොගයයි. දැන් ඔබ ඒවා නැවත ගෙන්වලා නිෂ්ඵල තත්ත්වයට පත් කරමින් සිටින කොට , හමුදා ප්‍රතිපාදන හිඟය පුරවන්නේ කොහොමද?  ඔබ ඒවට හිඟ දේවල් පුරවන්න යන්නේ කොහොමද?  දින පහක් ඇතුළත හිඟය පුරවා ගත නොහැකි වුවහොත් , ලිබෙයි සහ චීදොං  වලට කුසගින්නේ සටන් වදින්න වේවි.  ඒක ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට ආහාර සැපයීමේ ප්‍රශ්නයක් වෙනවා." 

“හුඅයිජෞ, හේජෞ සහ සීජෞ වලින් ණයට අරගෙන මාරු කරගන්න.  ණය වලට ගෙවීම්පත් රාජකීය අධිකරණය විසින් දරනවා.  මේ කාරණය විවේචනාත්මක ය. රාජ්‍ය භාණ්ඩාගාරයට මිලදී ගන්න නම් කෙටි දැනුම්දීමකින් එතරම් මුදලක් ලබා ගන්න බැහැ.  අපිට පොරොන්දු වෙන්න පුළුවන් මේ ප්‍රාන්ත තුන ආසන්න වශයෙන් වසර දෙකකට බදු වලින් නිදහස් කරන එක විතරයි. " හායි ලියැංයී ස්ථීර සහ නොසන්සුන් හඬකින් පිළිතුරු දුන්නේ ය.

“බයිමාජෞ වලට මේ හමුදා සැපයුම් කාණ්ඩ දෙක ලබා ගන්න හැකි වුනේ නගර දහතුනක සියලුම ධාන්‍ය සමඟයි.  මහ ලේකම්වරයා සඳහන් කළ ප්‍රාන්ත තුන එයට සමාන කරන්න කොහොමටවත් බැහැ.  ඊට අමතරව, මේ ප්‍රාන්ත තුන වෙන්ව සහ එකිනෙකින් දුරස්ථවයි පිහිටන්නේ. සකස් කරන්නත් ප්‍රවාහනය වෙනුවෙන් ධාන්‍ය සකස් කරන්නත් සම්බන්ධීකරණය කරන්නත් දින කිහිපයක් ගතවේවි."

“චී ජූයින්ට කියන්න චීදොං වල හමුදා සැපයුම් මේ වසරේ අඩකින් අඩු වෙලා තියෙනවා කියලා. ඔවුන්ට තවමත් හමුදාමය කටයුකු නඩත්තු කරන්න කිබෙන නිසා අමතර සම්පත් තියෙනවා. හේජෞ කෙළින්ම චී දොං වලට ගමන් කඑනවා. සී ජෞ සහ හුඅයිජෞ වලත් ධාන්‍ය අද හුවමාරු කරන්න ඕනේ.” හායි ලියැංයී තවදුරටත් රෝගාතූරව , ඔහු තමාගේ කටයුතු නිසි ලෙස කළමනාකාරණය කරගන්නට සමත් ව සිටියේ ය. 
  
 “පරම්පරාගත කුමාරයාට තුවාල වෙලා.  ඔහු ඉදිරි පෙළේ දිගු කාලයක් රැඳී සිටීම නුසුදුසු යි.  ලිබෙයි කුමාරු රෝගාතුරව ඉන්නවා. ඒ හා සමානව ඔහුට යුද්ධයට යන්නත් අපහසුයි.  චෙන් ජෙන්, අණ දෙන නිළදාරීන්ගේ නම් ලැයිස්තුවක් සකසලා පැයකට පස්සේ මට ලැබෙන්න සලස්වන්න. දින තුනක් ඇතුළත, චූදු වලින් ලිබෙයි වල හමුදා කටයුතු භාර ගන්න දක්ෂ නිලධාරියෙකුත් යවන්න."

හායි ලියැංයී තත්ත්වය භාරගෙන අවසන් වචනය දී තීන්දු කළේ ය.  මෙවර වෙයි හුඅයිගූ ගැලවී නොයන බවට සැකයක් නැත.  ෂ්‍යාඕ චීයේ ඔහුව අත් හරින්න​ට කිසිසේත් අදහස් කළේ නැත.  ඔහු මේ මොහොතේ කෙළින්ම ඔහු වෙත නොගියේ අණ දෙන හමුදාපතිවරයා නැවත ස්ථානගත කිරීම වර්තමානයේ වඩා වැදගත් ප්‍රශ්නය නිසා පමණකි.

 අද රාත්‍රියේ වෙයි හුඅයිගූ හැසිරුණේ අමුතු ලෙසය. හේ තමා සිටි තැන ම දණින් වැටී සිටි අකර, දිගු කලක් ගත වූ පසුත් තමාව නිවැරදි කිරීම සඳහා අදහස් ප්‍රකාශ කරන්නද උත්සහ නොකළේ ය.

◈     ◈     ◈

මිංලී ශාලාවේ පසෙක වූ කාමරය දීප්තිමත් ලෙස ආලෝකමත් කර තිබූ අතර උසාවියෙන් ඉවත් වූ නිලධාරීන් සියල්ලෝම මෙහි රැස් ව සිටිය හ. හායි ලියැංයී ට ශීත ඍතුවේ රාත්‍රීන් දරාගත නොහැකි වූ නිසා කොං ච්‍යු ඔහු මත පිටත සළුවක් ඇන්දුවේ ය.  ඔහු සළුව  දවටාගනිමින් සියලු දෙනාටම අසුන් ගන්නා ලෙස හස්තයෙන් සංඥා කළේය.

"මම හෙට මහා ලේකම් කාර්යාලයට දෝෂාභියෝග ස්මාරකය එවන්නම්."  සෙන් යූ පැවසීය.  “වෙයි වංශය කොපමණ සිද්ධීන්වලට හසු වෙලා තියෙනවා?  අධිරාජ්‍යයා කරුණාව පෙන්වන්න අවධානය යොමු කරනවා, ඒ නිසා වෙයි හුඅයිෂින්ගේ සිද්ධිය අවසන් වතාවෙදි වෙයි හුඅයිගූට  සම්බන්ධ වුණේ නැහැ , එවකට පොදු වළවල් සමඟ සිදු වූ දේ සම්බන්ධයෙනුත් ඔහු තම වරද පිළිගත්තේ නැහැ.  සහ මෙවර හමුදා විධිවිධාන ගැන මොනවා කියලා පවසන්න ද?  නොසැලකිලිමත්කම සහ රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් ඔහුට දොස් පවරන්නත් බැහැ! ”

“රාජකීය උසාවියේ නිලධාරියෙකු වීම කෙනෙකුගේ පවුල් පසුබිම සහ ස්ථාවරය එක්ක කිසිම සම්බන්ධයක් නැහැ.  පරමාධිපත්‍යය වෙනුවෙන් නිල රාජකාරිවලට සහභාගී වීමේදී, අන් අයගේ වැරදි හොයන්න පුද්ගලයෙකුගේ වාසගම භාවිතා කරන්න එපා.  ඔහු වැරැද්දක් කරනවා නම්, ඔබට අවශ්‍ය නම් ඔහුට දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන්න. ”  හායි ලියැංයී ට අද රාත්‍රියේ තවමත් වතුර බිඳක්වත් පානය කරන්නට ඉඩ ලැබී තිබුණේ නැත.  ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා පවසන්නට විය, “පරම්පරාගත කුමාරයා වසර කිහිපයක් තිස්සේ හමුදාවට නායකත්වය දෙනවා.  දැඩි වැටලීමෙන් මිදී නැවත ලිබෙයි වලට යන්න ඔහුට හැකි වුන නිසා , ඔහුගේ ජීවිතයට කිසිම අනතුරක් නැ.  ඔබතුමා කලබල වෙන්න අවශ්‍ය නැහැ.  ලීබෙයි වල කිසියම් අඩුවක් තියෙනවා නම් , චූදු එය වෙන් කරන්නත් මාරු කරන්නත් දිවා රාත්‍රී නොබලා වෙහෙස වෙනවා."

හායි ලියැංයී අදහස් කරන්නේ කුමක්දැයි ෂ්‍යාඕ චීයේ දැනටමත් තේරුම් ගෙන තිබුණි.  තත්ත්‍වය පවත්වා ගැනීම සඳහා, හායි ලියැංයී ෂ්‍යාඕ චීයේට නැවත ලීබෙයි වෙත යන්නට අවස්ථවෙක් නොදෙකු ඇත. ඒ ගැන ප්‍රශ්නයක් නැත.  ෂ්‍යාඕ ජීමිං පරාජයට පත් වූ නමුත් ඔහු මිය ගියේ නැත - ඒ නැතද ෂ්‍යාඕ ජීමිං මිය ගියද, ෂ්‍යාඕ චීයේට නිවසට යන්නට නොහැකිවනු ඇත. ඒ තවමත් ෂ්‍යාඕ ෆංෂූ ජීවතුන් අතර සිටි බැවිනි.

"චූදු වල අසංඛ්‍යාත ව විනීත හමුදාපතිවරු ඉන්නවා , නමුත් ලිබෙයි වලට අනුගත විය හැකි අය ඉන්නේ ස්වල්ප දෙනයි.  හොංයැන් නැඟෙනහිර කඳුවැටිය කාන්තාරයට ආසන්නව පිහිටා තියෙනවා , අපි හයවන මාසයේ දැඩි උණුසුම් (2.) කාලපරිච්ඡේදය ට ගමන් කරන්න සූදානම් වෙලා ඉන්නවා.  දේශසීමා දරුණු ලෙස උණුසුම් වෙලා තියෙන්නේ.  අපි නිරිත දෙසින් ඉපදුණු නිලධාරියෙකු යැව්වොත් එය නුසුදුසු වේවි කියලා මම බිය හිතනවා." ෂ්‍යාඕ චීයේ ප්‍රවීණ අමාත්‍යවරුන්ගේ කාමරයට මුහුණ ලා පුටුවේ වාඩි වූ නමුත් ඔහු අතිශයින්ම සන්සුන් ව සිටියේ ය.  ඔහු ඉක්මනින් ප්‍රතිචාර දැක්වූ අතර, ඔහු අදහාගත නොහැකි තරම් විස්තර සහිතවද ඉදිරිපත් කළේ ය.  ඔහු හමුදා ප්‍රතිපාදන පිලිබඳ සිද්ධිය පූර්වයෙන් පරීක්‍ෂා කර හායි ලියැංයී ට පැවසුවේ ලීබෙයි වෙත නව හමුදාපතිවරායකු යෙදවීම හොඳ නමුත් එය ලී හෝ චීදොං සිට පැමිණි අයෙකු විය යුතු බවයි;  ඔහුට අවශ්‍ය වූයේ කිසිවක් කතා කරන සහ ක්‍රියා නොකරන හාන්සිපුටුවට වී ඇලී සිටින උපායමාර්ගිකයෙකු නොවේ.

හායි ලියැංයී ෂ්‍යාඕ චීයේව අනුමත කරමින් හිස වැනීය.  මේ අවස්ථාවේදී,  සැබවින්ම පුද්ගලික හැඟීම්වලට හසු නොවී පුද්ගලික වාසි සහ බලය සඳහා ආවේගශීලීව ක්‍රියා නොකළ යුතුය.  ලිබෙයි හමුදාවට නායකත්වය දීමට අණ දෙන නිලධාරියෙකු නොමැති බව අවිවාදිත කරුණකි.  ෂාඕ හුයි වැනි යුධ කටයුතුවල දක්‍ෂ වූ නියෝජ්‍ය ජෙනරාල්වරයකු ද බලවත් විය හැකි නමුත් ඔවුන් සියල්ලෝම ෂ්‍යාඕ ෆංෂූ පෞද්ගලිකව ඉගැන්වූ පුද්ගලයන් ය.  ඔවුන් මුලින් අදහස් කළේ සම්බන්ධීකරණය සහාය සඳහා කාර්යයන් භාර ගන්නට ය.  සතුරන් අභිබවා යාමට සොල්දාදුවන් කණ්ඩායමක් මෙහෙයවීම ඔවුන්ට හොඳ විය, නමුත් ඔවුන් ලිබෙයි වලට නායකත්වය දෙන්නේ නම් මහජනතාවට ඒත්තු ගැන්වීමට එය ප්‍රමාණවත් නොවන්නේ ය.

නමුත් ෂියන්දේ පාලන සමයේ පටන් ම දජෞ වලට මුහුණ දෙන්නට සිදු වූයේ දක්‍ෂ හමුදාපකිවරුන්ගේ හිඟයකටය.  සුඕ ච්‍යැන්ච්‍යු හැර සෙසු සතර මහා සෙන්පතිවරුන්ගෙන් , සියල්ලන්ටම ඔවුන්ගේම වැදගත් රාජකාරි තිබුණි.  දක්ෂතා බහුල වූයේ චිදොං සිට ආ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ට පමණය.  ඔවුන් සියල්ලෝම චී ජූයින් මුල සිටම තනිව පුහුණු කළ යුධ සංචිතයේ ප්‍රධාන සාමාජිකයින් වූහ.  ඔවුන්ට හුරුපුරුදු වූයේ චීදොං වල හමුදා කටයුතු ය.  ඔවුන්ගෙන් ඕනෑම ආයෙක් ව ලිබෙයි වලට ණයට දෙන්නට වඩා පහසු වූයේ ය.  මීට අමතරව, චී වංශය හුආ වංශය සමඟ විවාහ සන්ධානයකට එළඹීමට සූදානම්ව සිටියේය.  චීදොං හි හමුදාපතිවරයෙකු ලිබෙයි හී හමුදා කටයුතු තාවකාලිකව කළමනාකරණය කරන්නේ නම්, මෙය නැවතත් පවතින තත්ත්වය බිඳ දමනු ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එක් වංශයක් ආධිපත්‍යය ඉහළ නංවාගෙන ඔවුන්ව පාලනය කර ගැනීම දුෂ්කර කරවනු ඇත.

ඒත් පවරන්නේ කාටද?

 ඒ ගැන සිතන විට හායි ලියැංයීට පවා හිසේ වේදනා දුන්නා!

ඔවුන් ඇතුළත කනස්සල්ලෙන් දැවෙන විට, පිටත සිටි ෆුමන් හදිසියේම ඇතුළට ගොස් පැවසුවේ ය. “ස්වාමිවරුණි, බලන්න කවුද ඇවිත් ඉන්නේ කියලා?” 

ෂ්‍යාඕ චීයේ හිස පසෙකට හරවා එක්වරම දෙපයින් නැඟී සිටියේය.  මුළු ශාලාවම ඔහුව අනුගමනය කර නැගී සිටියහ.  හායි ලියැංයී ඔහුට පෞද්ගලිකව ආචාර කරන්නටත්  පිළිගන්න​ටත් ඉදිරියට ගියේය.

 තම උඩ කබාය ගලවා දැමූ පුද්ගලයා ඔහුගේ සුදු හිසකෙස් පෙන්වමින්, හායි ලියැංයීට ආචාර කළ අතර , පසුව ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ය.

"මේ නිහතමානී පුද්ගලයා චූදු වලට මේ තරම් වේගයෙන් ඇවිත් උතුමාණන් වෙනුවෙන් පෙනී හිටියේ වෙනකක් නිසා නෙමෙයි ලිබෙයි කාරණය නිසයි."

 ෂ්‍යාඕ චියේ, "ෂිෆු..." යැයි පවසද්දී ඔහුගේ තම උගුරෙහි ගැටිත්තක් ඇතිවී සිරවනවාක් බදු හැඟීමක් ඇති විය.

කෙසේ වෙතත්, සුඕ ච්‍යැන්ච්‍යු ඔහු සමඟ සංවාද නොකළේය.  ඒ වෙනුවට ඔහු හායි ලියැංයීට සිනාමුසු මුහුණින් පැවසුවේ ය. “මම මහ ලේකම්තුමාව අන්තිමට දැකලා අවුරුදු ගාණක් වෙනවා.  මම හිතනවා ඔබ තවමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා කියලා?"

 හායි ලියැංයී සුඕ ච්‍යැන්ච්‍යු ගේ මැණික් කටුව තදින් අල්ලාගෙන මෙසේ පැවසීය. "සුඕ සේනාධිපතිතුවා මොනතරම් වයසට ගිහින් ද, ඒත් ඔබට තවමත් රටට සේවය කළ කරන්න පුළුවන් ද?"

සුඕ ච්‍යැන්ච්‍යු දිගු සුසුමක් හෙළා පිළිතුරු දුන්නේ ය, “මේ වයසට ගිය මුහුණත් අළු හිසකෙසුත් එක්ක මට මගේ ජීවිතයේ මුල් අවදියේ තිබුණු ජවය නැතිවුනත් , දුන්නක් අදින්නත් පහර දෙන්නත් මට තවමත් ශක්තිය තියෙනවා.  මහ ලේකම්වරයා කලබල වෙන්න ඕනේ නැහැ.  මේ වතාවේ මෙහි පැමිණීමේ මගේ අරමුණ තමයි: පළමුව, ලිබෙයි වල හමුදා කටයුතු කළමනාකරණය කිරීම සඳහා ජිමිං වෙනුවෙන් තාවකාලිකව පෙනී ඉඳිමයි.  දෙවනුව, ෂ්‍යාඕ ෆංෂූ දුන්න පණිවිඩය ලබා දෙන්න."

 මිනිසුන් ලිරී තිබූ මුළු කාමරයම දැඩි අවධානයෙන් සවන් දුන්නේය.

සුඕ ච්‍යැන්ච්‍යු හෘදයාංගම , ගැඹුරු බැල්මකින් ෂ්‍යාඕ චීයේ දෙස බලමින් අධිෂ්ඨානශීලීව පැවසුවේ ය. “ලීබෙයි කුමරුගේ බලය වසර දහයකට වැඩි කාලයක් පුරා හොංයැන් කඳුකරය හරහා කොටියෙකුගේ ඝෝෂාවක් මෙන් ප්‍රතිරාවය නැංවුවා.  ඔහුගේ පුත්‍රයා පරාජය වී තිබෙනවා වගේම, ඔහුගේ වැඩිහිටියා විදිහට , ඔහුට අවශ්‍ය වෙන්නේ හන්ෂේ ගෝත්‍රයේ අමූ'එර් ගෙන් පුද්ගලිකව ජයග්‍රහණය නැවත අත්කර ගන්නයි."

වර්ෂාව ගිගුරුම් නැග්‍ර අතර, උකඅස්සන් චූදු හි අඳුරු වලාකුළු අතර වෘත්තාකාරව පාවෙමින් සිටියෝ ය.  ලී මිලියන දහයක් ඈතින්, ලිබෙයි හමුදා ධජය සුළඟේ ලෙලදෙමින් තිබිණි.  ඝන සහ අධික තීන්ත පැහැ වර්ෂාව අතර, දශක ගණනාවක් තිස්සේ සටන් බිමට නොපැමිණි ෂ්‍යාඕ ෆංෂූ, තම සන්නාහය පැළඳ තම තලය ද රැගෙන් හමුදාවන් සටනට මෙහෙයවමින් සිටියේ ය.




සුළගින් ෂ්‍යාඕ ෆංෂූගේ අත් රහිත කබාය සුළගේ ගසාගෙන ගිය අතර, ඔහු තම නොගැලපෙන උණ හිස් වැස්ම ගලවා ඉවතට දැමීය.

"අමූ'එර්."  ෂ්‍යාඕ ෆංෂූ ගේ කටහඬ ගැඹුරු විය.  ඔහු ලිබෙයි හි උකුස්සන්ට පිටව යන්නට අණ කරමින් හස්තය ඔසවා  සුළග මධ්‍යයේ සිනහ හඬ නැගුවේ ය. “ලිබෙයි නැගෙනහිරින් මායිම් රේඛාවක් ඇඳලා තියෙද්දී , ඉතින් ඔබේ මිනිසුන් අනවසරයෙන් ඇතුළු වෙන්නේ මොනවා වෙනුවෙන් ද?  හොංයැන් කන්ද මගේ ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක සේනාංකයේ තණතිල්ල බව මම දශක ගණනාවකට පෙර ඔබට පැවසුවා!"

 ඔහුගේ කටහඬ වර්ෂාව හරහා දෝංකාර දුන්නා.  ඔහු පිටුපසින් කළු සන්නාහයෙන් සැරසී සිටි සන්නද්ධ අශ්වාරෝහකයෝ එකමුතුව තම තල ඇද ගත්හ, ඔවුන්ගේ ඝන, පීඩාකාරී, වර්ෂාව සහිත රාත්‍රියේදී දෑස් විවරව තබාගෙන සිටින බඩගාමින් යන රාක්ෂයන් මෙන් පෙනෙන්න විය.


_____________________________________

අරුත් පැහැදිලි කිරීම.

1.) උපුටා ගැනීම ෂින් චීලි ගේ කවියකිනි.


Comments

  1. අම්මෝ.. ස අන් විතරක් නෙවේ එයාගේ පවුලෙ ඔක්කෝම මරු

    ReplyDelete
    Replies
    1. මමත් එකගයි ඒකට නම්!

      Delete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-