(මේ පිංතූරයේ ඉන්නේ Xue Xiuzhuo - ෂුඒ ෂ්‍යුජුඕ)
ප්‍රබෝධමත් බවක් දැරු සුළඟ හෙමිහිට හමා ආ අතර ශීතල රාත්‍රියේ බියෙන් සසල ව ගියේ ය.
ෂ්‍යාඕ චීයේ තුළ තිබූ ඝාතනය කිරීමේ අභිප්‍රාය මේ “එර් ලං” ආමන්ත්‍රණයෙන් බොහෝ සුරට ඉවත් කරන ලද්දේ ය. ඔහු මද වෙලාවක් නිහඬව සිටි අතර , හේ තමාව සන්සුන් කර ගැනීමට එහි වූ සිසිල් සුළං රැලි පිටුවහලක් කර ගත්තේ ය.
ශෙන් ස'චුආන් නැවතත් ග' චිංචිං දෙස බැලුවේ ය. අඩුම තරමින් ඔහු කලබලයක සේයාවකදු නොපෙන්වූයේ ය., “මේ තරම් රිදී තොගයක් පුංචි කාලයක් ඇකුලත ප්‍රවාහනය කරන එක එතරම් පහසු වෙන්න බැහැ. ඔහු මොනතරම් සූක්ෂම වුනත් , ඔහුට ඒක මුළු ලෝකයෙන්ම සඟවන්න බැහැ. අද නගරයෙන් පිටතට යවන්න මිනිසුන් කිහිපදෙනෙක්ව රැස් කරන්න. මුපින්ම, චින්ජෞ වලට ගිහින් සවිස්තරාත්මකව විමසීමක් කරන්න. පසුගිය වසර දෙක තුළ ජුඒෂි වල ඉදලා ඊසානදිග වෙනකල් ප්‍රධාන භාණ්ඩවල සියලුම ව්‍යාපාරික ගනුදෙනු වාර්තා සටහන් කරගන්න. ඊට පස්සේ මට සවිස්තරාත්මක ගිණුමක් ලබා දෙන්න අයෙක්ව එවන්න.”
කාරණය දැනගත් විගස ග' චිංචිංද කනස්සල්ලෙන් බර වූ නමුත් ඔහු ශෙන්ස'චුආන් කොයිතරම් නොඉවසිල්ලෙන් හිදිනවාද යන්න දුටුවේ ය. ඔහුටත් මද හෝ සහනයක් නොදැණුනු අතර හේ තමාව සන්සුන් කරගන්න කරගන්නට උත්සහ දැරුවේ ය.
"චෙන් යැං." ඔහුගේ වස්ත්‍රය උරහිසේ දවටා ගනිමින්, ෂ්‍යාඕ චියේ පැවසන්නට විය. “මුලින්ම ඔවුන්ව චූදු වල පරිවර්තන ආයතනයට එක්කගෙන යන්න. මධ්‍යම ශ්‍රේණියේ අසරුවෝ කණ්ඩායමක් ලබාගෙන කුප්‍රකට කොල්ලකාර නායකයා අත්අඩංගුවට ගැනීමේ නිල ආඥාව ඔවුන්ට ලබා දෙන්න. කොල්ලකරුවා ජුඒෂි වලට යන බව කියන්න. ඔහු ලුහුබැඳ ගොස් අල්ලා ගන්න රාජකීය හමුදාවට නගරයෙන් පිටතට පැමිණීම පහසු නැහැ ; ඒ නිසා මේ කාර්යය රාජකීය ආරක්ෂකයින්ට පැවරිලයි කියෙනිනේ. වාර්තාවන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් මම හෙට උදෑසන යුද අමාත්‍යාංශයට සහ අධිකරණ අමාත්‍යාංශයට පෞද්ගලිකව යනවා.”
ඒ වන විටත් නගරයේ දොරටු වසා තිබූ අතර, ඔවුන්ට හිතුමතේ නගරයෙන් පිටවීමට නොහැකි විය. අපරාධකරුවන් වැටලීම් සහ අත්අඩංගුවට ගැනීමේ වැදගත් කර්තව්‍යයන් සඳහා රාජකීය ආරක්ෂකයින් ද සම්බන්ධ විය. එමෙන්ම ඔවුන්ට සාමාන්‍යයෙන් ක්ෂේත්‍ර කටයුතු සඳහා නගරයෙන් පිටවීමට සිදුවන සෑම විටම අධිකරණ අමාත්‍යාංශය සහ ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය වෙත වාර්තා කරන්නට ද සිදු විය. ඉන්පසුව පිළිතුරක් ලැබෙන තෙක් බලා ඉන්නටද සිදු විය. මෙය සිදු කිරීමෙන්, ෂ්‍යාඕ චීයේ විසින් ග' චිංචිං ට මිනිසුන් අගනුවරෙන් පිටතට ගෙන යාමට හේතුවක් ලබා දෙන්නටත් අධිකරණ අමාත්‍යාංශය විසින් ඔහුට වහා ගිණුමක් ද ලබා දෙන්නටත් ඉඩ හසර සලසනවාක් බඳු විය.
තම අණ ලබාගත් ග' චිංචිං වහාම පිටව ගියේ ය. චෙන් යැං තම වස්ත්‍රය පසෙකින් තබා මඟ පෙන්වූ අතර දෙදෙනාම අනෙක් අයට වඩා කලින් නිවසින් පිටත්ව ගියහ.
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ඇඳ සිටි සැහැල්ලු වස්ත්‍රය ඔසවාලූයේ ය. ඔහු කාමරයට ඇතුළු වන විට, ශෙන් ස'චුආන් තවමත් ගැඹුරු කල්පනාවක සිටින බව දුටු , ඔහු පවසන්නට විය, “ඇදුරුතුමාට සිදුවූ දෙය හා ෂුඒ ෂ්‍යුජුඕ සම්බන්ධ බවට සැකයක් නෑ. නමුත් ඔහු ඇදුරුතුමාව වෙනත් තැනකට ගෙනියපු නිමා , එයින් අදහස් වෙන්නේ ඇදුරුතුමාව තවමත් ඔහුට ප්‍රයෝජනවත් කියන එකයි. ඔහු හදිස්සියේ වැඩ කරලා ඔහුව ඝාතනය කර දමන්නේ නැතිවෙයි. ෂුඒ ගේ වාසස්ථානය ඇතුලේ හුගක් රහස් සැඟවිලා තියෙනවා. උතුමාණන්ගෙන් විශේෂ සෝදිසි වලට වගේම අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ලබා ගන්න මට හේතුවක් ගැනත් සිතා බලන්න වෙනවා."
“රාජකීය හමුදාව යොදවන්න නම්
ඒක සාක්ෂි ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රධාන නඩුවක් වෙන්න ඕනේ. ඒ නිසා අපට අදටත් විමර්ශනය වෙනුවෙන් රාජකීය ආරක්ෂකයින් මත විශ්වාසය තබන්න සිදුවෙලා තියෙනවා. " ශෙන් ස'චුආන් ඔහුගේ සුපුරුදු ආසනය මත අසුන් ගත්තේ නැත. ඒ වන විටත් ප්‍රමාද ව තිබූ නිසා අද රාත්‍රියේ විවේක ගැනීම දුෂ්කර බව ඔහු වටහාගෙන සිටි අතර , ඔහු තමාටම ශක්තිමත් තේ බඳුනක් වත් කරගත්තේය. කෙසේ වෙතත් එයින් එක් උගුරක් පමණක් පානය කළ ඔහු ඉතිරිය ෂ්‍යාඕ චීයේ ට ලබා දුන්නේය.
ෂ්‍යාඕ චීයේ ඒ සියල්ලම පානය කළේය “ෂුඒ ෂ්‍යුජුඕ ඔහු කරන සෑම දෙයකදීම ප්‍රවේශම් සහගතයි. නගරයෙන් පිටත නිලධාරීන් නැවත අගනුවරට පැමිණියට පස්සේ ඔහුට පිරිනමන ‘ශීතල ගෞරවය’ පවා ඔහු පිළිගන්නේ නැහැ. ඔහු ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයා ලෙස කටයුතු කරපු කාලේදි , ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශයේ රාජකීය වාරණයන් හැමෝම වගේ ඔහුව සැලකුවේ වඩාත්ම දූෂිත නිලධාරියා විදිහටයි. ඔහු දෝෂාභියෝගයට ලක්වන්නෙත් කලාතුරකින්. ඒ නිසා රාජකීය ආරක්ෂකයින්ට පවා ඔහුව විමර්ශනය කරන්න හේතුවක් සොයා යන්න අපහසු වේවි කියලයි මම බිය වෙන්නේ."
“විවෘතව ඔහුව විමර්ශනය කිරීමෙන් වෙන්නේ නොදැවත්වම සතුරාව දැනුවත් කිරීමක් විතරයි..” ශෙන් ස'චුආන් තම තේ බදුන අවසන් කළ අතර එහි තිත්ත රසය ඕනැකමින්ම තම මුව තුළ තබාගත්තේ ය. “ ඔහු එළිමහනේ නිරාවරණය වී ඉන්න අතරේ අපි තවමත් අඳුරේ සැගවී ඉන්නවා. අපි ෂුඒ ෂ්යුයිව ඉත්තෙන් විදිහට පාවිච්චි කරන තාක්කල් අපි තවමත් ඉන්නේ ප්‍රහාර දෙන පාර්ශවය විදිහටයි. මාළිගාවෙන් පිට දේවල් ප්‍රශ්නයක් නොවුණත් මාලිගාව ඇතුළේ කටයුතුවලදී අපි මීට වඩා කල්පනාකාරීව කටයුතු කරන්න ඕනේ. ඔහුගේ අධිරාජ්‍යයාව මරා දැමීමේ චේතනාව උඬු දුවලා තියෙනවා , ඒ වගේම ඔහුව මූ රූගේත් ෆෙං චුආන්ගෙත් උපකාර තියෙනවා. ඔහු උතුමාණන්ගේ හැම චලනයක්ම හැම ක්‍රියාවක්ම සක්සුදක්සේ හදුනාගෙන ඉන්නවා. මේ තත්ත්වය යටතේ අපිට ඔහුගෙන් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නැහැ."
ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කර පවසන්නට විය, “ෆෙංචුආන් උත්සව සැමරුම් අමාත්‍යංශයේ මුද්‍රා තබා ගන්නා අධ්‍යක්ෂක තනතුරට පත්වුණේ නැද්ද? ඔහුගේ සේවා වාර්තාව අනුව, ඔහුට අභ්‍යන්තර සහ පිටත අධිකරණ දෙකෙන්ම වාරණයට ලක්වෙන්න වේවි. ඔහුට වඩා පහළින් සිටින ෆුමන්, සටනක් අරඹන්න මගබලාගෙන ඉන්නවා, හායි ලියැංයී නපුංසකයන් පිළිකුල් කරනවා. ෆෙංචුආන් ගේ බලය සහ අධිකාරීත්වය අනුව දැන් ඔහු මුද්‍රා තබා ගැනීමේ අධ්යක්ෂ තනතුර භාරගෙන ඇති නිසා , කලින් බලයේ හිටපු පැන් රූගුයි හා ඔහුව සසඳන්න බැහැ. ඔහුට තමාව ආරක්ෂා කර ගන්න බැරි වෙකොට අභ්‍යන්තරයෙනුත් පිටතිනුත් ඔහුව සිරකර ගත්තොත් , එවිට ෂුඒ ෂ්‍යුජුඕ වෙනුවෙන් වෙනත් කිසිවක් සිදු කරන්න ඔහුට හැකියාවක් නොලැබේවි."
"මහෝත්තමයාණන්ගේ තනතුර සුරක්ෂිත කරන්නත් ඒක හුගක් පුයෝජනවත් වෙනවා." ශෙන් ස'චුආන් පැවසීය. "රාජකීය උරුමකරුවා ගැන කිසිම වචනයක් පිටතට නොයා තියෙන්න ඕනේ."
ලී ජ්යන්හෙං ගේ බලයට පත් වූ දා සිට, ඔහු අධිරාජ්‍ය වාරණයන්ගෙන් විසින් බොහෝ සේ හෙළා දැක තිබුණේ ය. එපමණක්ද නොව, ඔහු එකපිට එක කරදර හා අනතුරුවලට මුහුණ දී තිබුණෙ ය. ඔහුට දේශපාලන ජයග්‍රහණ පිළිබඳ කැපී පෙනෙන වාර්තාවක් නොතිබුණ අතර පෙර ජනතාව අතර ඔහුගේ කීර්තිය හිටපු අධිරාජ්‍යයා සමඟ සැසඳිය නොහැකි විය. රාජකීය උරුමක්කාරයාගේ කාරණය කාන්දු වුවහොත්, එය මහජන මනෝභාවය නොසන්සුන් කරවන බව නොඅනුමානය. කුමන ආකාරයෙන් බැලුව ද ස්ථාවරත්වය පවත්වා ගැනීමට එය හිතකර නොවුයේ ය.
"ඒ සැබෑ මකරෙක් වුනත් නැත්තම් ව්‍යාජ මකරෙක් වුනත්, ඔහු ඉන්නේ ෂුඒ ෂ්‍යුජුඕ අතේ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ මාපටැඟිලි මුදුව තද කරමින් ඔප දැමූ ලාම්පුව දෙස බලා සිටියේය. “දජෞ වල අධිරාජ්‍යයා වෙන්න පුළුවන් ලී ජ්යන්හෙං පමණයි. අනාගතයේදී ඔටුන්න හිමි කුමාරයෙකු නම් කළත්, ඒ ලී ජ්යන්හෙංගේ පුත්‍රයා විතරක්ම වෙන්න ඕනේ."
ෂ්‍යාඕ වංශය හුආ වංශයට වඩා ඉහළින් සිටි අතර ඔවුන්ගේ බලය රැක ගැනීමට ද ඔවුන් සමත් විය. සිය ස්ථානය තහවුරු කරගත් ෂ්‍යාඕ චියේ ක්‍රමානුකූලව තම පියවර ගනිමින් සිටි අතර, ලිබෙයිහි සිටි ෂ්‍යාඕ ජිමිං ද ඔහුගේ ආරක්ෂාව ශක්තිමත් කරගනිමින් සිටියේ ය. ඔවුන් චොංබෝ සහ චීදොං හි වංශවත් නිකායන්ට එරෙහිව කපටි ලෙස තරඟ කළහ. සටන එතරම් තීව්ර වූයේ නැත, මන්ද යත් අතරමැදියෙකු ලෙස ක්‍රියා කරන්නටත් ඔවුන් අතර මැදිහත් වන්නට කතා කරන ඇමතිවරුන් වන හායි ලියැංයී සහ ඔහුගේ පිරිස සිටි නිසා, කොටියන් දෙදෙනා අතර ඇති වූ ගැටුම තවදුරටත් නරක අතට හැරීම වැළැක්වූයේ යම් අපහසුතාවන් මධ්‍යයෙනි. ඒ පමණක් නොව හායි ලියැංයී ගේ විශාලතම ආරක්ෂාව වූයේ ලී ජ්යන්හෙං ය. ලී ජ්යන්හෙං ඔහුව විශ්වාස කරන්නටත් සහ ඔහුට ගරු කරන්නටත් කැමති විය; ඔහුගේ නොසැලෙන පක්ෂපාතිත්වය ගැන ඔහු දැන සිටියේය. මේ කඹ ඇදීමේ දී සහය පතා ඔහු වැන්දඹු අධිරාජිනිය වෙත නොපැමිණියේ ද එබැවිනි. තවද, හායි ලියැංයී සමඟ සාකච්ඡා කිරීම සඳහා රාජකීය අධිකරණයේ සියලුම ප්‍රධාන සහ සුළු කටයුතු ඔහුගේ මේසය මත ගොඩගසන්නට හායි ලියැංයී කැමැත්තෙන් සිටියේය. හායි ලියැංයී නව පාලනයට මාරුවීමෙන් පසු මහා ලේකම්වරයා විදිහට මහ ලේකම් කාර්යාලයේ තම තනතුර තහවුරු කර ගන්නටද මූලික හේතුව මෙය විය.
පුද්ගලයෙකු ලෙස ලී ජ්යංහෙන් වැදගත් නොවූයේ ය. නමුත් ඔහු සිංහාසනයට පත් වූ පසු සිටි "ලී ජ්යන්හෙං" තීරණාත්මක විය. ඔහු සියලුම රහසිගත හා ප්‍රසිද්ධ ප්‍රහාරවල මධ්‍යස්ථය විය. අනික් පැත්තෙන් කූඩුව තුල සිරව පාර්ශව තුනකගේ පලයට නතුව මිටියේද ඔහු ය. පාර්ශව ත්‍රිත්වය ම එක්ව අනෙකාට පහර දෙන්නට යොදාගත් කිනිස්සද ඔහු ම විය.
දැන් දැනටමත් ෂුඒ ෂ්‍යුජුඕ නිරාවරණය වී ඇති නිසා , ශෙන් ස'චුආන්ට පුදුමයට පත් නොවී ඉන්නට නොහැකි විය - ඔහු ඉදිරියට යන්නට මාවතක් සොයමින් සිටිය ද - කොහොමින්හෝ ෂුඒ ෂ්‍යුජුඕ පිටුපස වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම්......
◈ ◈ ◈
දින කිහිපයක පෙර සිටම වැහි කෝඩයන් ඇද හැලුණු අතර දින කිහිපයකට පසු ෂුඒ ෂ්යුජුඕට අවසනදී විවේකයක් ලැබී තිබුණි.
ඔහු අහස් නිල් පැහැ සේද ඇදුමකින් සැරසී සිටි අතර හේ චී හුයිලියන්ට විදිමත් ලෙස අමතමින් ඒ නුඩා ගෘහය තුළ සිටියේ ය. චී හුයිලියන් ඔහුගේ ආහාර වේලෙන් විශාල ප්‍රමාණයක් ගත් අතර ඔහු දෙස එක බැල්මක්වත් නොහෙළුවේ ය.
ෂුඒ ෂ්‍යුජුඕ මේසය මත අසුන් නොගත් අතර, ඔහු සිදුකළ ආචාරය ශිෂ්‍යයන්ට ඔබින වූ ආකාරය හා සම විය. ජී ගැං ගල් තියුණු කරමින් ජනේලය අසල හිදිනු දුටු ඔහු එහි සිටි සේවකයන්ට පවසන්නට විය. “වැඩිහිටි ජී තවමත් පෙර තුවාල වලින් සුවය ලබලා නැහැ. ඔහු සැර අධික ආහාරවලින් වැළකෙන්න ඕනේ. ගිහින් ස්ආන්ජෞ වලින් හොද අරක්කැමියෙක්ව රැගෙන එන්න ආහාර පිසින්න.”
"කරදර වෙන්න ඕන නෑ." ජී ගැං දූවිලි පිසදමා පහත් හඬින් පැවසුවේ ය. “මම ආහාර ගන්නේ නැහැ”
ෂුඒ ෂ්‍යුජුඕ වදනක් හෝ කතා නොකළ අතර සේවකයා අරක්කැමියාට ඔහුගේ උපදෙස් ලබා දෙන්නට පිටත් ව ගියේ ය. ෂුඒ වංශය යනු ජින්චෙං නගරයේ ප්රමුඛ පෙළේ වංශයක් වූ අතර, ඔවුන් චොංබා් හි දේශීය රුචි අරුචිකම් වලට හුරු නොවූවෝ ය. දුආන්ජෞ හි මේ අරක්කැමියා ඔහු විශේෂයෙන් ජී ගැං සඳහා කුලියට ලබා ගත් අයෙකි.
ගොඩනැගිල්ලෙන් පිටත හමා ගිය පොද වැස්ස ශබ්ද නංවමින් වැටෙමින් වසන්ත භාගයේ පිපෙන රට අතුතික්කා පුෂ්පයන් , ශ්වේත සහ රෝස පැහැ පෙති බිම පුරා පැතිරවූ අතර වර්ෂාව හේතුවෙන් ඒවා මඩ වලින් අපවිත්‍ර විය. හොදින් කා බී අවසන , චී හුයිලියන් ඔහුගේ මුව පිසදාගනිමින් නැගී සිට මළුවෙහි වූ අදුරු දර්ශනය වෙතට නෙත් යොමන්නට විය. ඔහු පැවසුවේ ය. “ඒ වගේ උත්සහයන් අපතේ හරින එක අපරාදයක්. ජී ගැං ඇතුතටම මුරණ්ඩු කෙනෙක්. ඔහු කියනවනම් ආහාර ගන්නේ නැහැ ඒ කියන්නේ ඇත්තටමයි. ඔහුගේ කුසගින්න නිවා ගන්න ඔහු වෙනුවෙන් තැම්බූ පස්තෑල වගේම අච්චාරු දමපු එළවළු සකස් කරන්න කියලා ඔවුන්ට පවසන්න.”
ෂුඒ ෂ්‍යුජුඕ සිනහවක් පෑවේ ය., “මගේ නිවසට ආපු ආගන්තුකයන් විදිහට මේ වැඩිහිටියෝ දෙන්නට මට ඒතරම් අගෞරවයක් කරන්න බැහැ.”
“එහෙමනම් ද්වාරයන් විවෘත කරන්න.” ජී ගැන් තම නාසය පිසලමින් නැවතත් තම දෑස් පාෂාණය වෙත යොමු කළේ ය. “අපිට ආපසු තනිවම යන්න පුළුවන්."
තම ප්රකාශනයේ වෙනසක් නොමැතිව ෂඅඒ ෂ්‍යුජුඕ හඬ අවධි කළේ ය. “පහුගිය කාලයේ වසන්ත සමයේ සුළග සීතල බවක් ඉසිළුවා. උප අණදෙන නිළදර ශෙන් ට තවමත් පදිංචි වෙන්න හරිහැටි තැනක් නැති එකේ , ඔහු කොහොමද ඔබ වගේ වැඩිහිටියන් දෙන්නෙක්ට හරි විදිහකට නවාතැන් පහසුකම් සපයන්නේ.?”
“මවාපෑම අතහැරලා දාන්න. කෙලින්ම පවසන්නකෝ ඔබ අපව හිරභාරයට අරගෙනයි තිබෙන්නේ කියලා. ” චී හුයිලියන් පියවර කිහිපයක් ඇවිද ගිය අතර, ඔහුගේ වළලුකර මත වූ යකඩ දම්වැල ඔහුගේ චලනයන් සමඟ ගැටෙමින් ඝෝෂා ඇති කළේ ය. ඔහු පවසන්නට විය. “මගේ මුළු ජීවිත කාලෙම මම සිරකරුවෙකු විදිහට අල්ලාගෙන හිටියා, මම මගේ අවසානයට ළඟා වෙමින් ඉන්නවා. මම වයසයි, ඒවගේම ඔහු ආබාධිතයි. මහලු, දුර්වල, අසනීප, ආබාධිත අපි වගේ පිරිමියන්ව ඔබේ හස්තයෙන් හිරකරගෙන ඔබ මොනවද කරන්න හදන්නේ?”
චී හුයිලියන් බිම පසෙකට තල්ලු කර තිබූ ආහාර කූරු ගන්නට ෂුඒ ෂ්‍යුජුඕ පහතට නැමුණේ ය. එය ලේන්සුවෙන් පිසදමමින් ඔහු පැවසුවේ ය. “ඔය මහත්මයා අතීතයේ සිටි දක්ෂ පුද්ගලයෙක්. ඔබ නිසැකවම භුක්ති විදින්න ඇති මරණෙන් පසු රාජකීය මුතුන්මිත්තන් ගේ දේවාලයේ යාඥා වලදී. ඔබ වැරදි පුද්ගලයා එක්ක වාසනාව උරගා බලා තිබීම හරිම කණගාටුදායක දෙයක්, ඒවගේම වසර විස්සක් තිස්සේ ජාඕ සූයි පනිසල තුළදි හුදු මානසික රෝයෙක් වගේ මවා පෑම. අද,මම ආයෙමත් රාජකීය ගුරුවරයෙක් වෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා හිටින්න කැමතියි . මුලින්ම, එයින් ඒ කාලයේ ඔටුන්න හිමි කුමරුගේ සිංහාසනාරූඪ උත්සවය දකින්න නොහැකි වීම ගැන ඔබතුමාගේ පසුතැවිල්ල පිරිමහගන්න පුළුවන්. දෙවනුව, එයින් ඔබතුමාට සිදුවී ඇති අසාධාරණයත් දුක්ගැනවිලිත් සමනය කරගන්න පුළුවන්. අධිරාජ්‍ය අධිකරණය නැවත ආරම්භ කරන්නත් ඔබතුමාට ඉඩ ලැබේවි. ඔබට ඉහළින් වගේම ගෞරවාන්විතව මහජනතාවගේ ඇස් ඉදිරිපිටට යන්න පුළුවන්. මේ හේතු දෙක ප්‍රමාණවත් නැද්ස? මම ස්වාමියාට ගරු කරන, ගෞරව කරන කෙනෙක්."
"ආයෙමත් රාජකීය ඇදුරෙක් වෙන්න." චී හුයිලියන් තමා සමඟ යකඩ දම්වැල ද ඇදගෙන අඩියක් පසුපසට ගත්තේය. ඔහුගේ උගුරෙන් සිනහවක් පිටවිය. “ඔබට අවශ්‍ය මම නැවත රාජකීය ඇදුරෙක් වෙන්නද? ඒතරම් උඩඟුකමක්! ලෝකය දැන් සාමකාමීව පවතිනවා වගේම වත්මන් අධිරාජ්‍යයා සාධාරණයි වගේම නීත්‍යානුකූල යි. ඔහුව බලා ගන්නත්ඔහුට සහාය වෙන්නත් ඔහුට හායි රෙන්ෂී (1.) ඉන්නවා. ඒනම් ඔබට තවමත් මාව අවශ්‍ය වෙන්නේ ඇයි, චී හුයිපියන්? මට පිස්සු ඒවගේම මෝඩයෙක්. මට වැදගත් තනතුරක් උපකල්පනය කරන්න තරම් මනසක් නැහැ! ”
ෂුඒ ෂ්‍යුජුඕ ආහාර කූරු බිම තබා පවසන්නට විය “මහත්මයාට ඒවගේ දෙයක් සිදුවුනේ මඩ ගහපු නිසා නේ. යොංයී පාලන සමයේදී, වැන්දඹු අධිරාජිනිය රාජ්‍ය කටයුතු පාලනය කළා, දජෞ වල රාජකීය අධිකරණයේ නීතිය සහ විනය උඩු යටිකුරු ව ගිහින් දූෂිත නිලධාරීන් අමනාප වෙන්නත් හේතු වුණා. ෂියන්දේ රාජ්‍ය සමයේ දීත් එය එසේම වුනා. හුආ සහ පැන් එකිනෙකා සමඟ එකතු වෙලා චූදු, නගර අට, මුළු දාජෞ වලටම කරදර අවුලුවා දමලා , විවිධ රටවල පොදු ජනයාට කිව නොහැකි දුක් වේදනා ගෙන දුන්නා. ඊට පස්සේ, චොංබෝ වල හමුදා පරාජයට පත් වෙලා , වින්දිතයන් වගේම සරණාගතයින් ගැවසුන , කුසගින්නෙන් පෙළෙන අයගේ සිරුරු පාරවල් පුරා විසිරී ගිය නිසා , ප්‍රාන්ත සයම පාළුවට ගිහින් බලාපොරොත්තු සුන් වූ දර්ශනයක් නිර්මාණය කළා. ඔබකුමා ජාඕ සූයි පන්සලේ අවුරුදු විස්සක් ගත නොකළත් , ඔබ පිටතට පැමිණියට පස්සේ ඔබට ඔබේ වීරත්වයත් ශක්තියන් නැති වෙලා ගිහින්. හායි ලියැංයී ට එරෙහිව තරඟ කර ජයග්‍රහණය කරන්න ඔබට තියෙන ආශාව පවා නැති වෙලා ගිහින් ද? ”
චී හුයිලියන් හැරී ජනේලය වෙතට හැරී සිටියේ රට අත්තික්කා පුෂ්පයන් පිපුණු වර්ෂාව දෙස බලමිනි. මොහොතක නිශ්ශබ්දතාවයකින් පසු ඔහු පැවසුවේ ය. “වසර විසිපහකට කලින් මට වඩා හොඳ කවුද කියලා හොයා ගන්න මට හායි ලියැංයී එක්ක තරඟ කරන්න අවශ්‍ය වුන බව ඇත්තක්, අපි දෙන්නම එකම අධිරාජ්‍ය විභාගයන් කළා. ඔහු කෙතරම් කැපී පෙනුවද, මම රාජකීය සිවිල් විභාගවලින් පළාත්, මහනගර සහ මාලිගා මට්ටමින් ප්‍රථම ස්ථානයට පත්වුනා. මම තරුණ වියේදී තෘප්තිමත් ව හිටියා වගේම නිල කවයන් හසුරවන්න දැන සිටියේ නැහැ. මාව වැරදි වලට හසු කරලා අගනුවරින් පිටමන් කළා. යූජෞ වල මගේ වැඩිහිටියන්ට මුහුණ දෙන්න මට විශාල ලැජ්ජාවක් ඇතිවුණා , මම වසර ගණනාවක් තිස්සේ මානසික අවපීඩනයට ලක් වෙලා සිටියා. ඊට පස්සේ, හායි ලියැංයීව උසස් කළා ඔහු නිලතල වල ඉහළටම ගියා."
ඒත් , ඔටුන්න හිමි කුමරු ඔහුව ඔහුගේ ගුරුවරයා ලෙස ගත්තේ නැතත් , යූජෞ වල සිටි මට චූදු වලට පැමිණෙන්න කියලා ආරාධනා කළා. ඉතින් මම නැගෙනහිර මාලිගාවේ උපදේශකයා බවට පත් වුණා. ඒ සමඟම මම පුද්ගල අමාත්‍ය ධුරය භාර ගත්තා. හායි ලියැංයීට ඔහුගේ මුළු ජීවිතයම චී හුයිලියන් කියන නම නිසා අහිමි වුණා. නමුත් ඔහු මහත්මයෙක්. ඔටුන්න හිමි කුමරු තමාගේම ගෙල කපාගත්තම , ඔහුව සියල්ලන් ම හෙළා දුටුවා. ඔහු තුළ තවමත් බලාපොරොත්තුවක් ඇති බව විශ්වාස කළේ හායි ලියැංයි විතරයි - ඒ ඔහු ගැලවීමෙන් ඔබ්බට නොයාවි කියලයි.
මේ තරම් දුරකට යද්දී , මාව ඔහු සමඟ සසඳන්න බැහැ. අපි අතර උසස් හෝ පහත් බවක් නැ, එකිනෙකා අගය කිරීමක් විතරයි. ඒත් දෙවියනේ! ස්වර්ගය අන්ධයි. අපි එකම මාවතක හිටියත් අපට තවමත් එකට වැඩ කරන්න බැහැ. මම අවුරුදු විසිපහක් තිස්සේ හිරවෙලා හිටියා. ඔබ නිවැරදියි. මේ වන විට ඔහු සමඟ තරඟ කරන්න මට කැමැත්තක්වත් ආශාවක්වත් නැහැ."
ෂුඒ ෂ්‍යුජුඕ ද නිශ්ශබ්ද වූ අතර, කාමරය තුළ සිටි ජී ගැංගේ කැටයම් ඔප දැමීමේ ශබ්දයත් වර්ෂා හඬත්පමණක් ඉතිරි විය. වර්ෂාව තීව්ර වූ අතර මඩවගුරෙහි රට අත්තික්කි ශාක වඩාත් අපිලිවෙල ලෙස වැටී රෝස පැහැති වැස්මක් නිර්මාණය කළේ ය.
“මේ ජීවිත කාලය තුළ, මම මිනිසුන් දෙන්නෙක්ට විතරයි ඉගැන්නුවේ, එ් අවස්ථා දෙකේදීම, මම මගේ ජීවිත කාලය තුළ ඉගෙන ගත් සියලු දැනුම ඔවුන්ට ලබා දුන්නා. මම මගේ දක්ෂතා ගැන ඕනෑවට වඩා සිතුවා වගේම ඒක කරනුනත් අපොහොසත් වුණා, මගේ පළමු ශිෂ්‍යයාට මෙතරම් විශාල හානියක් කළේ ඇත්තටම මගේ උඩඟුකම නිසා යි." චී හුයිලියන් පෙති සහිත ඒ අපිරිසිදු ජලය දෙස බැලුවේ ඔහු තම ජීවිතයේ පහළ භාගය දෙස බලා සිටින්නාක් මෙනි. ඔහු පැවසුවේ ය. “මම, චී හුයිලියන්, කොහොමත් අමරණීය කෙනෙක් නෙවෙයි. සිසුන් දෙදෙනෙක් විතරක් හොදටම සෑහෙනවා. අනෙක් අය සම්බන්ධයෙන්, මම ඔවුන්ට ඉගැන්වීමට සූදානම් නැහැ."
ජී ගැං දරුණු දෙස කහින්නට විය. ඔහු ලේන්සුවකින් මුව වසාගෙන මැසිවිලි නැඟුවේ ය “ජනෙල් වහන්න!”
චී හුයිලියන් පිටත වූ දසුන් සියල්ල අහුරා වසා දමා ආපසු ෂුඒ ෂ්‍යුජුඕ දෙස බැලීය. ඔහු පැවසුවේ ය. "මට කියන්න තියෙන්නේ එච්චරයි. මට හිරිහැර කරන්න එපා! යන්න. මෙතන ඉන්නේ නැතුව පිටතට යන්න."
ෂුඒ ෂ්‍යුජුඕ නොසෙල්වුණේ ය. ඔහුගේ පෙනුම ෂුඒ ෂ්යුයී ට සම නොවීය; ඔහු ගෞරවනීය වංශයන් වලින් පැවත එන්නෙක් ලෙස ක නොසැලකෙයි. පැන් , ලී සහ ෆෙයි , ෂි වංශයන් වල උඩඟුකම ඔහුට නොතිබුණි. උපභාර්යාවකින් උපන් පුතෙකු ලෙස ඔහුගේ අනන්‍යතාවය පසුගිය දශක කිහිපය තුළ ඔහුට බොහෝ ශෝකයන් එක් කර තිබූ අතර , පසුකාලීනව එයින් ඔහුව බාධාවකින් තොර නමුත් නවීන අලංකාරයෙන් යුත් පුද්ගලයෙක් බවට පත් කළේ ය.
“මම ස්වාමියාගේ දක්ෂතා වගේම ඉගෙනීම අගය කරනවා, මම ස්වාමියාගේ ලෝකය පිළිබඳ දර්ශනය දෙස ඊටත් වඩා අගය කරනවා. මම මේ කුඩා ගොඩනැඟිල්ලට තුන් පාරක් ම ආවේ මහත්මාගේ අභිලාෂයන් මට වැටහෙන නිසා, අපැහැදිලි භාවයෙන් මිදීලා නැවත නිලයට එන්න කියලා ඉල්ලා සිටින්නයි. මහත්මයා, හායි ලියැංයී ඇත්තෙන්ම උසස් මහත්මයෙක්, නමුත් මහත්මයෙකුට කොහොමටවත් සුළු අවශ්‍යතා තියෙන අයෙක් එක්ක දිගු කලක් සහයෝගෙන් ඉන්න බැහැ. වර්තමාන අධිරාජ්‍යයා සම්භාව්යන් වල මඟ පෙන්වීම් පිළිගන්නේ නැහැ, සුදුසු මිනිසුන්ට සහ ගුණවත් මිනිසුන්ට නිසි ගෞරවයෙන් සලකන්නත් ඔහු තුළ කරුණාවක් නැහැ. ඔහු බිඳවැටීමේ අද්දර සිටින දජෞ වල ජීවිතාරක්ෂකයෙක් වගේ සෑම අයෙක්ම ග්‍රහණය කර ගන්න පිදුරු ගොඩක් විතරයි. ඔහුට නුවණැති ගුණවත් පාලකයකු වෙන්න හැකියාවක් නැහැ. හායි ලියැංයී තවමත් තමන් තුළ කොයිතරම් ශක්තියක් වගේම බලයක් දරාගෙන බන්නවා ඇද්ද? රාජ්‍යයේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ඔහුට පමණක් පැවරීම, ධුරාවලිය සම්පූර්ණයෙන්ම ආපසු හැරවීම වගේම ඒක අත ළඟ තිබෙන වඩා වැදගත් කාරණාවන් නොසලකා හැරීමක් නෙමේද.”
චී හුයිලියන් පවසන්නට විය “මුල ඉදලම , රාජ්‍යය පාලනය කිරීමේදි ස්වෛරීවරයාට සහාය වීම ඇමතිවරුන්ගේ යුතුකමක්. හායි ලියැංයී තත්වය පිරිහීමෙන් බේරා ගන්නත් විවිධ පාර්ශ්ව අතර මැදිහත් වීමට හැකි උපරිමයත් කරනවා. ඔහු විශ්වාසවන්ත සේවකයෙක්. ඔහුව ලී වංශය ප්‍රතිස්ථාපනය කර පාලන වෙනසක් ඇති කරන ද්‍රෝහියෙකු බවට පත් කරන්න ඔබට තාමත් අවශ්‍ය බව මට කියන්න එපා?"
“ගෞරවනීය වංශවල අය සහ නිහතමානී පසුබිම් ඇති අය අතර ගැටුම වසර සිය ගණනක් තිස්සේ පවතින දෙයක්. මේ යල් පැනගිය සමාජ රෝගයෙන් මිදෙන්න නම්, ආපසු හැරවිය නොහැකි ලෙස කැපවී අවසානය දක්වාම සටන් කරන්න අධිෂ්ඨානය තියෙන්න ඕනේ.” ෂුඒ ෂ්‍යුජුඕ සිටගනිමින් පවසන්නට විය. “ඒක ලී ජ්යන්හෙංට කරන්න බැරිනම්, මෙතැන ඉන්න අනිත් අයවත් කරන්න ඕනේ. ලී වංශයේ ආධිපත්‍ය තියෙන්නේ දජෞ වල. ලී රැධිරය පවතින තාක් , මේ අර්බුදයට මුහුණ දෙන්න පුද්ගලය වෙනසක් ඇති කර ගන්න එක සාධාරණ යි.”
චී හුයිලියන් ගේ දෘෂ්ටිකෝණය ඉදුරාම ඔහුට විරුද්ධ ය. එබැවින් ඔහු හුදෙක් ඔහුගේ පෞද්ගලික වාසි සඳහා තම බලය අයුතු ලෙස භාවිතා කරන ගෞරවනීය වංශයන් වලින් පැවත එන්නෙකු ලෙස සැලකූ අතර ඔහු සමඟ තවදුරටත් සංවාදයේ යෙදීම ප්‍රතික්ෂේප කළේය.
ෂුඒ ෂ්‍යුජුඕ මොහොතකට නිශ්ශබ්දව සිටියේය, ඔහු පවසන්නට විය, “ඔබ සහ මම දෙදෙනාම එකම මාවතක සිටින ඥාති ආත්මයන්. කණගාටුයි මහත්මයා මාව විශ්වාස නොකරන එක ගැන. නමුත් මට තවමත් ඔබට කියන්න තියෙන්නේ ශෙන් ස'චුආන් තමන්ගේ වෛරී අදහස් පෝෂණය කරන වෛරී සහගත දුර්වල මඩ ගොහොරුවක් විතරයි කියන එකයි. ඔහුගේ හදවතේ වෙන කිසිවක් නැහැ ; ඔහු ඉන්නේ පළිගැනීම සඳහා විතරයි. ඔහු දුෂ්ට විදිහටයි ක්‍රියා කරන්නේ , ඔහු දන්නේ පටු අදහස්. ඔහු ඔටුන්න හිමි කුමරුට වඩා සම්පූර්ණයෙන් වෙනස්. ස්වාමියා ඔහුට උගන්වන්නේ පරමාධිපතියෙකුට ඉගැන්වීමේ හදවතින් සහ මනසින් යුතුව නම් ඒක දුෂ්ඨයෙක්ට වෛරය පතුරන්න උදව් කරනවට වඩා වෙනස් වෙන්නෙ නැහැ. අනාගතයේදී ඔහු විශිෂ්ට ජයග්‍රහණ ලබා ගත්තත්, ඔහු තවමත් හොඳ ස්වාමියෙක් නොවේවි."
ජී ගැං අනතුරු ඇඟවීමකින් තොරව ඔහුගේ කැටයම් පිහිය බිම හෙළා ෂුඒ ෂ්‍යුජුඕ දෙස කෝපයෙන් බැලීය. ඔහු කිවේ ය. “ඔබට චුආන්-එර් ව කොපමණ දුරට තේරෙනවාද? ඔබ වගේ මිනිසුන් ඔහුව නපුරේ උල්පතක් විදිහට හඳුන්වනවා, නමුත් මම එය දකින විදිහට , උඹලා හැම එකෙක්ම වෛරය නොසන්සිඳෙන කෑදර සත්තු විතරයි! උඹේ කට වහගෙන පලයං යන්න මෙතැනින්! ”
ෂුඒ ෂ්‍යුජුඕ හිස නමා පැවසුවේ ය. "මම බලා ඉන්නවා , මහත්මයා දෙවෙනි වතාවටත් ඒ ගැන හිතනකල්."
ඔහු පිටතට ගොස් තිරය පහත් කර පිටව ගියේය.
ෂුඒ ෂ්‍යුයි ආලින්දයේ එහා මෙහා සරමින් හිදිද්දි ෂුඒ ෂ්‍යුජුඕ පැමිණෙන අයුරු දුර තියාම දුටුවේ ය. ඔහු හිරවරණය සමීප කරගෙන වාහල්කඩ අසලට ගියේ පාසල නිමවී සිටින සිසුන් හා එක්වෙන්නටයි.
ගණිකා නිවාසයෙන් පැමිණි මේ සිසුවියන් ඔහුට උපහාර දැක්වීය. ෂුඒ ෂ්‍යුයි තමා පිටුපස සිටි සේවිකාව වෙත හිරවරණය විසි කර ඔවුන් දෙස බැලුවේ ය.. සේවිකාව ඇසුවා ය. “ඔබ ගමන් කළ යුතු මාර්ගය මෙයද? වැඩිමහල් උතුමාණන්ගේ මාර්ගය අහුරන්න තරම් ඔබලා කොතරම් අපක්ෂපාතීද!”
සිසුන් හිස පහතට එල්ලාගෙනපසුබැස ගියහ. ඔවුන් පිටුපසින් සිටියේ වයස අවුරුදු දාහතක හෝ දහඅටක ගැහැණු ළමයෙකි. ෂුඒ ෂ්යුයී ඇය අසාමාන්‍ය ලෙස හොඳ පෙනුමක් ඇති බව සඳහන් කළේය, එබැවින් ඔහු ඇගේ වත නිෂ්ඵල ලෙස ළං කර ගනිමින් මෙසේ පැවසීය, “ඔබ යැන්චිං මිලට ගත් පොඩිත්තන්ගේ කෙනෙක්ද? ඔබේ නම මොකක් ද?"
මේ තරුණිය පිළිතුරක් නොදී ම ෂුඒ ෂ්යුයී දෙස බැලුවා. ෂුඒ ෂ්‍යුජුඕ ෂුඒ ෂ්යුයී අවහිර කරන්නට අනෙක් කෙළවරේ සිට ළඟා විය. ඔහු සිනාසෙමින් කීවේ ය. “ලොකු සහෝදරයා ආවේ දැන් ද? අපි නැවත මළුවට යමු. වැස්ස තදයි. තෙමෙන්නෙ නැතිව ඉන්න පරිස්සම් වෙන්න."
ෂුඒ ෂ්යුයී ඔහුගේ හස්තය ගසා දමා නොඉවසිලිමත් ලෙස පැවසුවේ ය. "මම දන්නවා!"
ෂුඒ ෂ්යුයී පියවර කිහිපයක් ඉදිරියට යද්දීම ඔහුට පිටුපසින් සිටි සිසුන්ගේ එක හඬින් කළ ගෞරව දැක්වීම "ඇදුරුතුමනී" යන්න ඇසුණේ ය. ඔහු නැවතත් හිස පිටුපසට හරවා තවත් බැල්මක් හෙලුවේය, ඒ තරුණිය කලින්ම හිස පැත්තට නැඹුරු කරගෙන ඔහු දෙස බලා සිටිනු ඔහු දුටුවේ ය.
ඇගේ බැල්ම තුළ කිසිදු බියක් හෝ චකිතයක් නොවී ය. ඇය ඔහු දෙස බලා සිටින බව ෂුඒ ෂ්‍යුයි දැනගත් පසුව පවා ඇය තම බැල්ම වැළැක්වාලුයේ නැත. ඒ වෙනුවට ඇය ඔහු දෙස බලා සිටියේ ෂුඒ ෂ්‍යුයි හට මුලින්ම ඔහුගේ හිස හරවා ගන්නට හැකියාවක් ලැබෙන්නටද පෙර ය.
සුළඟ සහ වර්ෂාව ඔහුගේ මුහුණට පහර දුන්නේය. ෂුඒ ෂ්‍යුයි වෙව්ලමින් තම දෑත් තමා වටා ඔතාගෙන ඉක්මන් ගමනින් එතැනින් පිටව ආයේ ය.
____________________________________
අරුත් පැහැදිලි කිරීම.
1.) හායි ලියැංයීගේ පෞද්ගලික නම.
❤️❤️❤️
ReplyDelete♥️♥️♥️♥️
ReplyDelete