Skip to main content

අසූ හත්වන පරිච්ජේදය | රාජකීය උරුමකරු


ද්වාරයේ පුවරුව විශාල ශබ්දයක් සහිතව "තඩ්" හඬක් සමග බිම පතිත වූයේ බිම පුරා තිබූ දුහුවිලි අවුස්සා දමමිනි. තම මුව සහ නාසය වසා ගත් ෆෙයි ෂෙං ඉදිරියට ගොස් එහි අස්සක් මුල්ලක් නෑරම පරික්ෂා කරන්නට ගත්තේ ය. 

මේ නිවස්නය පෙර දී චින් කුමරුට අයත් වූ නිවස්නය විය. එය වසර ගණනාවක් තිස්සේ ගරාවැටුණු තත්ත්වයට පත්ව තිබුණද, එහි පැරණි සශ්‍රීකත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව තවමත් දැකගන්නට ඉතිරිව තිබුණේ ය. ෆෙයි ෂෙං තමා සමඟ රැගෙන ගිය ඉටිපන්දම දල්වා, දල්වනය නිවා දමා ඇතුල් කුටියට ගියේය.

“සයන තිර ඇද ඇතිරිලි සේරම අලුත් වගෙයි.” ග' චිංචිං ඇද ඇතිරිල්ල ඔසවා බැලුවේ ය.

“දවස් කිහිපෙකට කලින් මෙතැන මිනිස්සු ඉඳලා තියෙනවා.” ෆෙයි ෂෙං නතර එහි වූ මේසය මත වූ තේ බෝච්චියේ පියන ඉවත් කළ අතර එහි ඇතුලත තිබූ තේ පැල්ලම් දැකගත හැකි විය. “ඔවුන් ජුඒෂි වල බයිමාජෞ වලින් ගෙන්වන ලද වසන්ත තේ පැන් පානය කරලා. පේන හැටියට ෂී හොංෂුආන් ඔවුන්​ට ඒතරම් නරක​ට සලකලා නැහැ වගේ.”

සයනය මත වූ ලේ පැල්ලම් දුටු ග' චිංචිං ගේ හදවත වේගයෙන් ස්පන්දනය වන්නට පටන් ගත්තේ ය.

 ඔහු සයන ඇතිරිල්ල මුළුමනින්ම පසෙකට කළ අතර පසුව පිටවරක් පසෙකට ගත්තේ ය.

සයන ඇතිරිලි යට සැඟව තිබියේ නිල් පැහැ වූ රුධිර සළකුණු පැහැදිලිව සටහන් වී තිබූ කුණු ගද ගසන ලද මළ සිරුරකි. මේ පුද්ගලයා මියගොසොක් දැන​ටමත් දින කිහිපයක් ගතව ගොස් ඇති බව ප්‍රතක්ෂ්‍යය. ෆෙයි ෂෙං මළ සිරුර පරික්ෂා කිරීමට තමා අත වූ ආලෝකය ආධාර කර ගත්තේ ය.

“මේ පුද්ගලයව මරලා තියෙන්නේ ගෙල සිරකරලා.” ෆෙයි ෂෙං එහි උගුර දෙසට ඇගිල්ල දිගු කළේ ය.  “ඒක සම්පූර්ණයෙන් පොඩි කර කඩා දමලා”

“ලේ පැල්ලමුත් තියෙනවා.” ග' චිංචිං පැවසුවේ ය. “ඔහු මියයන්න කලින් අසිපත් තලයකින් තුවාල කරලා තියෙනවා.”

“ඒ විතරක් නෙමෙයි , බලන්න ඔහුගේ ගෙල දිහා. මෙතැන ගෙද සිරකල සළකුණු ද්විත්වයක් තියෙනවා , ඒ කියන්නේ පළවෙනි වතාවෙම ඔහුව මරා දමන්න ඉඩ ලැබිලා නැහැ. ෂී හොංෂුආන් යුධ සහෝදරයන් කුලියට ගත්ත පමණනින් ඔවුන්ට ශීෆුව මේතරම් දුරකට අරගෙන යන්න පුළුවන් වුනේ කොහොමද?" ෆෙයි ෂෙං කතා කරන අතරේ , ඔහු තම තලය භාවිතා කර මෘත දේහයට අාදාර කරගනිමින් ගසා සෙමෙන් ශරීරය පෙරළීය.  “නිල් පැහැ සලකුණු ගැන කිසිම විරෝදයක් නැහැ; ඒ කියන්නේ ඔහුට වස ලබාදීලා නැහැ. ඔහුගේ පිටමත තිබුණු තුවාල හරිම අප්‍රසන්නයි.  පැහැදිලිවම, අසිපත් හරඹය ගැන කිසිවක් නොදන්නා අයෙක් අහම්බෙන් ඔහුව කපා කොටලා දමලා. තලයට වැදගත් කරුණු මඟ හැරීලා ගිහින් ;  ඔහුව හුස්ම හිරකර මරා දමන්න ඔහු තීරණය කළේ ඒ හින්දයි. ඔවුන් එකතුවෙලයි මේ පුද්ගලයව ඝාතනය කරලා තියෙන්නේ. බොහෝ දුරට ඔහු ට ශාරීරිකව දුර්වල වෙලා ඉන්න ඇදුරුතුමාට අවසාන විසඳුම විදිහට තලය ගැනීම හැර වෙනත් විකල්පයක් තියෙන්නේ නැතිව ඇති."

ග' චිංචිංට ඒ පිළිබද තව තවත් ඇසෙන තරමට , හේ තව තවත් තැති ගත්තේ ය. ඔහු පවසන්නට විය, “මේ ඹළ සිරුර සයනයේ මේ තරම් පිළිවෙලට වැතීරි ඉන්නවා කියන්නේ , ඒ කියන්නේ ශීෆුයි ඇදුරුතුමයි තවමත් කලබල වෙලා නැතිව ඇති කියන එකද ? ඒ කියන්නේ දැනට…”

“මළ සිරුර වෙනත් පිරිසක් ගෙනත් දමලා.”ෆෙයි ෂෙං නැවතත් එම ස්ථානය පරික්ෂා කළේ ය “මෙතැන සටනක් වුණ බවට සලකුණකුත් නැහැ… මම හිතන්නේ ෂිෆුට තුවාල වෙලා ඉන්න ඇති. ඔහුට තමන්ගේ දක්ෂතාවය පහසුවෙන් ප්‍රදර්ශනය කරන්න හැකියාවක් තිබු​​ණේ නැති නිසා ඔහුට ඇදුරුතුමාගේ උපකාර අවශ්‍ය වෙන්න ඇති.  නමුත් ඔවුන්ගේ දෙවන වර මාරු කිරීම ඇත්තටම සිදු කරලා තියෙන්නේ ෂී හොංෂුආන් නෙමෙයි, මොකද කියනවනම් ඔහු කුලියට ගත්ත සටන් සහෝදරයෝ නිකම්ම මුදල් ටිකකට රාජකීය ආරක්ෂකයන්ට විරුද්ධ වැඩ කරන්න බැහැ කියලයි.  මේ මෘත දේහය ළාතකයන්ගෙන් කෙනෙක්ද නැද්ද කියලා හොයා ගන්න පුළුවන් නම්. ඒක එහෙම නැත්තං -"

ෆෙයි ෂෙං ගේ වදන් හදිසියේම නතර වී ගියේ ය. ඔහු ශෙන් ස'චුආන් වෙනුවෙන් වැඩ කරනුනට කැමැත්ත පලකලේ හේ ලාභදායි තනතුර දෙස ඇස ගසාගෙන සිටි බැවිණි. මේ ප්‍රශ්නය පුද්ගලික අමනාපයක් නෙවේ නම් එය උසාවි ආරවුල් ඇති කරන්නටයි යන්නේ. ඔහුට තමාව එයට ඇදාගන්න අවශ්‍ය නොවුණේ ය, එබැවින් ඔහු තම වදන්වල දෙවන භාගය අවසන් කළේ නැත - එය අසිපත් සටන් කරුවෙකු නොවන්නේ නම්, මේ ආකාරයේ ඉහළ දක්ෂතා ඇති විශේෂඥයෙක් පැමිණිය හැක්කේ රාජකීය මාලිගයෙන් පමණකි. මේ මෘත දේහය රාජකීය ආරක්ෂකයින් ගේ වන්නට පුළුවන.

ග' චිංචිං ඔහුගේ කනස්සලුසහගත භාවය ව​​ටහා ගත්තේ ය. මිනිසුන් දෙදෙනාම නිහඬතාවයේ ගිලී ගියේ ය. 
 මේ නිවස බියජනක හා භයානක වූ අතර, මේ ආකාරයෙන් දිගටම මෙහි රැදී සිටීම විකල්පයක් නොවූයේ ය.

ෆෙයි ෂෙං ඔහුගේ තලය ගත් අතර පවසන්නට විය., “ඔවුන් අනිවාරෙන්ම චූදු වල ඉන්න ඕනේ. සෑම නිලධාරියෙකුගේ ම වාසස්ථාන වලත් කුමාරවරුන්ගේ මන්දිරවලත් ආරක්ෂාව සඳහා විශේෂිත ආරක්ෂකයින් ඉන්නවා.  ඔවුන්ගේ දොරවල් තදින් වසා තියෙනවා වගේම ඇතුළත රහස් මාර්ග ඉදිකර තිබෙනවා.  ඔවුන් කිහිප දෙනෙකුව සැඟවන්න අවශ්‍ය නම් එය හුගක් පහසු යි.  සමාවන්න, මේ නිහතමානී පුද්ගලයා ඉගෙන නොගත් සහ  දක්ෂතා එතරම් නොමැති කෙනෙක්.  මට ලෞරවනීය ශෙන් ස්වාමියා වෙනුවෙන් සොයන්න පුළුවන් සීමාව මෙපමණයි!"

ඒ සමඟම, ඔහු ග' චිංචිං වෙත තම දෑත් අල්ලා ආචාර කර ඇතුළට පැමිණි මාර්ගයෙන් ම පිටතට ගියේය. ඔහු තම අශ්වයා පිට නැඟී ඔහුගේ වාර්තාව ලබාදෙන්නට ආපසු පිටත්වූයේ ය.

ඔහු සිටි ස්ථානයේ සිටි , ග' චිංචිං එම රුධිරය බිම දක්වා ඇදී යනු දුටුවේය.  එබැවින් ඔහු ලේ මාර්ගය අනුගමනය කරමින් සයනය යට පරික්ෂා කරන්නට බිම දණ ගසා ගත්තේය.  සයනය යට තවත් අඳුරු වූ අතර එහි යමක් ඇති බවක් පෙනෙන්නට තිබුණි.  ග' චිංචිං එය අල්ලා ගන්නට අත දිගු කල අතර ඔහු හසුවූයේ අළු ගොඩකි. ග' චිංචිං අළු පිඹිද්දී ඔහුගේ අත්ලෙහි නිය තුඩක ප්‍රමාණයේ කඩදාසි කැබැල්ලක් පමණක් ඉතිරි කළේය.

 ඒ චී හුයිලියන්ගේ අත් අකුරින් ලියූ සටහන්වල පිළිස්සී නොතිබූ කඩදාසියක නටබුන් විය.

◈     ◈     ◈

ශෙන් ස'චුආන් දෑස් පියා ගත්තේය.  ඔහුගේ ඇඟිලි අතරේ තිබුණේ කහ පැහැති පිළිස්සී ගිය කඩදාසි කැබැල්ලයි.  එහි ඉතිරිව තිබුණේ වචන කිහිපයක් පමණකි , නමුත් මේවා ඔහු වඩාත් හොදින් දැන සිටි ඒවා ය.

චී හුයිලියන් ගේ හස්තයෙන් ලියන ලද සටහන් බොහෝ කරුණු මත ස්පර්ශ විය.  ඒවා සියල්ලම ජාඕ සූයි පන්සලේදී ඔවුන් සාකච්ඡා කළ සමකාලීන දේශපාලනය පිළිබඳ නිබන්ධන ය.  ඔහු ශෙන් ස'චුආන් ට ඉගැන්වූ සෑම කුඩා දෙයක්ම ඔහු මහාමාත්‍යවරයෙක් ලෙස සේවය කරන විට ඔහු දැන සිටි නපුංසකයින් පිළිබඳ සෑම අභ්‍යන්තර තොරතුරකම මුලාරම්භය විය. වසංගතය අතරතුර, ච්‍යාඕ ත්‍යැන්යා ඒ සියල්ලම චී හුයිලියන් වෙනුවෙන් පුද්ගලිකව ආරක්ෂා කරන්නට උඩු මහලේ ගබඩාවට මාරු කර තිබුණි.

ඒවායේ ඇති තොරතුරු පිටතට වීම වැළැක්වීම සඳහා, චී හුයිලියන්ට ඒවා කියවන්නට තමාගේම ක්‍රමයක් භාවිතා කළේ ය.  එය කුමන නිබන්ධනයක්ද, එය කියවන්නේ කෙසේද යන්න ඔහු පන්සලේ විවේක කාලය තුළ තමා සමගම තර්ක කරමින් සිතූ දෙයකි.  යමෙක් ඒවා සාමාන්‍ය අනුපිළිවෙලින් කියවා බැලුවහොත්, බොහෝ කරුණු හුදු වචන පටලැවිල්ලක් ලෙස පෙනෙනු ඇත, එය පිස්සෙකුගේ කෑගැසීම් වැන්නක් යැයි සිතනු ඇත - ඒවා සම්පූර්ණයෙන්ම නොගැලපෙනවා සේම  තේරුම් ගන්නටද නොහැකි විය.

නමුත් ඔහු එය පුළුස්සා දමලා.  එසේ වූයේ ඔහුට බලහත්කාර යමක් සිදු වූ නිසාද, නැතහොත් ඔහුව රඳවාගෙන සිටින තැනැත්තාට එය කියවිය හැකි වේ යැයි ඔහු කනස්සල්ලෙන් සිටි නිසාද?

බිත්තියට හේත්තු වී සිටි ච්‍යාඕ ත්‍යැන්යා , ශෙන් ස'චුආන් පිටතට එනු දුටු විට, නිරායාසයෙන් ම සෘජු වූයේ ය.  ශෙන් ස'චුආන් වේගයෙන් පඩිපෙළ පහළට බැස ගියේ ය “කරත්තය සූදානම් කරන්න” ඔහු කීවේය.

දැනටමත් ප්‍රමාද වී ඇති බව සඳහන් කළෙන්, ච්‍යාඕ ත්‍යැන්යා ඔහුට යාමට අවශ්‍ය තැන දැන සිටියේය. අප්‍රසිද්ධ පොදු අශ්ව කරත්තය පිටත් වී මෙයිහුආ වාසස්ථානයට ළඟා වෙන්නට පෙර ෂෙන්වු වීදියේ දෙවරක් ගමන් කළේ ය.

 "ස්වාමියා කොහේද?"  ශෙන් ස'චුආන් කරත්තයෙන් බැස ඇසුවේ ය.

ඔහුගේ ගාම්භීර ප්‍රකාශය දුටු දිං තාඕ ක්‍රීඩා කරන්නට එඩිතර නොවූ අතර අවංකව පිළිතුරු දුන්නේ ය, “ ස්වාමියා දැන් වැඩිහිටි ස්වාමි ෂුඒට පානය කරන්න ආරාධනා කරන්න පිටත්ව ගියා.  ඔහු තවටිකකින් පැමිණේවි.  උකුමාණෙනි, ඔබතුමාට මා ලවා ආපසු ඔහුව ආපසු කැඳවගෙන එන්න අවශ්‍යද?  වීදි කිහිපයක් දුරිනුයි පිහිටලා තියෙන්නේ. ”

ෂ්‍යාඕ චීයේ මේ මොහොතේම ෂුඒ ෂ්‍යුයි හට පානයක් සදහා ආරාධනා කරන්නේ නම්, ඔහු ෂුඒ ෂ්‍යුජුඕ ගැන ගැඹුරින් සොයා බලන්නට උත්සාහ කරනවා විය යුතුය.  ෂුඒ වාසස්ථානයේ විමර්ශනය පහසු එකක් නොවීය.  හෝඩුවාවන් වෙනුවෙන් අඳුරේ අතපත ගාන්නට යමෙකු යැවීමට වඩා ෂුඒ ෂ්‍යුයී වැනි අභ්‍යන්තරිකයෙකු අවට සිටීම වඩාත් පහසු වනු ඇත.

ශෙන් ස'චුආන් දිගු ආලියන්දය හරහා ඇවිද ගියේ ය, “ඔබ ඔහුට කියන්න අද මම මෙහි රාත්‍රිය විවේකිව ගත කරනවා නියලා. ඔහුට කියන්න පානය කරලා අවසන් වුනහම ආපසු එන්න කියලා. මුළු රාත්‍රිය පුරාම ඉන්න එපා කියන්න. ඒත් ඔහුට ඕනෑවට වඩා ඉක්මන් වෙන්නත් එපා කියන්න ; ඔහු ඒතරම් හදීසි වෙන්න අවශ්‍ය නැහැ. ෂුඒ ෂ්‍යුයිව ඉවත් කරන එක එතරම් පහසු වෙන්නෙ නැහැ.”

දිං තාඕ එය පිළිගනිමින් පිටව ගියේ ය.  ච්‍යාඕ ත්‍යැන්යා ශෙන් ස'චුආන් පසුපස ඇදුනේ ය “ඇයි හදිස්සියේ ම?” ඔහු ඇසුවේ ය.

"ෂී හොංෂුආන් කාවවත් විශ්වාස කරන්න බැහැ. නමුත් ඔහු ෂුඒ ෂ්‍යුජුඕව විශ්වාස කරනවා."  ශෙන් ස'චුආන් පහන් කූඩුවේ අඳුරු ආලෝකය යටතේ පඩිපෙළ නැග්ගේ ය.  “පසුගිය වතාවේ ෂී දාන් ඔහුට වංචා කළාම , ඔහු ෂුඒ ෂ්‍යුජුඕව සැක කරනවාට වඩා ෂී දාන්ව සැක කළා. ඔහු සෑම විටම සෑම දෙයක් ගැනම අහන්න සිද්ධ වුනා.  මේ වතාවේ ඇදුරුතුමාව අල්ලාගත්තට පස්සේ, ඔහු තනිවම ක්‍රීඩා කරන්න එඩිතර නොවෙනවා කියන එක ගැන සැකයක් නැහැ."

ඔහුගේ මරණයට පෙර, ශෙන් ස'චුආන් පරාජය වන බව ෂී හොංෂුආන් විශ්වාස කළේය.  ඇයි?  ශෙන්ස'චුආන් තවමත් නොදැන සිටි දෙයක් ඔහු දැන සිටින්නට ඇත.  ෂී හොංෂුආන් ඇගයීම් කාර්යාංශයට උසස් කිරීම ෂුඒ ෂ්‍යුජුඕ ගේ යෝජනාව ය.  ඔහු ෂුඒ ෂ්‍යුජුඕ ගේ උපදෙස්වලට එතරම් අවනත වූයේ ඇයි?

 ශෙන් ස'චුආන් හදිසියේම තම පියවර නතර කර ඔහු සිටි ස්ථානයේම නැවතී 
හිඳීයේ ය.

ෂුඒ වංශය දිගු කලක් තිස්සේ පරිහානියට පත් වූයේ ය.  ෂී හොංෂුආන් කිසි විටෙක ඊට අවනත නොවූ අතර පහත් පුද්ගලයෙකුගේ අභිමතය පරිදි කටයුතු කළේ ය.  එමෙන්ම ඔහු කිසිම අවස්ථාවක කිසිවක්ව එතරම් පහසුවෙන් දිනා ගත්තේ නැත. ඔවුන් එකිනෙකා සමඟ ඇසුරු කළේ සහෝදර සිසුන් අතර වූ සහයෝගීතාවය නිසාවෙනි.  පෙර පරම්පරාවල දෙපිරිසම විවාහය හේතුවෙන් ඥාතීන් වූ බැවින් ඔවුන් අතර ඥාති සබඳතා හා මිත්‍ර සබඳතා ඇති විය.  එහෙත්, ෂුඒ ෂ්‍යුජුඕ ෂී හොංෂුආන් මත තම පාලනය පවත්වා ගැනීමට භාවිතා කළේ කුමක්ද?  ෂී හොංෂුආන් අන් සියල්ලටම වඩා පුයෝජනවත් වූයේ ය.  ඔහුට තම ආදරණීය ලේ සොහොයුරා පවා හිතාමතාම මරා දැමිය හැකිය. ෂුඒ ෂ්‍යුජුඕ ට එම දුර්වල ලේ සම්බන්ධතාවයෙන් ඒතරම් ම ඔහුගේ විශ්වාසය ලබා ගන්නට නොහැකි විය.

කිසියම් හේතුවක් නොමැතිව ශෙන් ස'චුආන් බිය වීමට පටන් ගත්තේය.  ඔහු වහලය දෙස බැලුවේ ය.  සෙවණැල්ල තර්ජනාත්මක මෘගයෙකු මෙන් උගේ දත් , නියපොතු විදහා පෙන්වීය.  ඌ ඒ වන විටත් උගේ උල් දත් අතරේ උගේ සිරුරෙන් අඩක් සපාගෙන සිටියේ ය. ඔහුට පැහැදිලිව වෙන් කර ගැනීමට නොහැකි වූ හෝඩුවාවන්, රාත්‍රියේ වර්ණ සමඟින්, ඔහුගේ දෑත් සහ පාද ගැට ගසා දැමුවේ අනතුරේ ඉඟියක් ලබා දෙන්නට විය.

◈     ◈     ◈

ෂ්‍යාඕ චීයේ දිං තාඕ එනු දුටු විට හේ ෂුඒ ෂ්‍යුයි සමග මත්පැන් පානයේ මධ්‍යය බාගයේ සිටියේ ය. ඔහු ශෙන් ස'චුආන් නැවත වාසස්ථානය ට පැමිණ ඇති බව ඔහු දැන සිටියේ ය. ඔහු අනෙක් පුද්ගලයා ඇසුරු කරන අතරේදීම දිං තාඕට ඒ බව දැනවත් වූ වග පෙන්වීමට හිස සලා දැන්වූයේ ය.

ෂුඒ ෂ්‍යුයි නැවතත් අර්ධ වශයෙන් බීමත්ව සිටියේ ය. ඔහුට අවැසි වූයේ නැවතත් තම සමාගමට වෛශ්‍යාවක් කැදවාගන්නට ය. නමුත් ෂ්‍යාඕ චීයේ ඔහුට ​ඒ පිළිබදව කිසිවක් නොපැවසුවේ ය. එම නිසා ඔහු හදිසියේම ඔවුන් කැදවන්නට යුහුසුළු වූයේද නැත. තවමත් මත්පැන් බඳුන අල්ලාගෙන සිටිමින් මත්පැන් නිසා ඇති වූ ඉක්කාව දිගටම පවතින විටත් ඔහු ෂ්‍යාඕ චියේට පැවසුවේ ය. “ඔහු... ෂුඒ යැංචිං !  ඔහු වාසස්ථානයේ ඇති දැඩි කරන එම ගණිකාවෝ ටික, ඔහු ඔවුන්ව විශේෂිත විශාල මළුවක තබාගෙන, පුරුද්දක් විදිහට වැඩ කරවගන්නවා , කරවගන්නවා , කරවගන්නවා...! පෞද්ගලිකව සිප්හලක් පිහිටුවන්න ගුරුවරයෙක් පවා බඳවා ගත්තා ... ඔබ මගෙන් ඇහුවොත් , ඔහු කොහොමටවත් ඒ විදිහට ගණිකාවන් තියාගන්න කෙනෙක් නෙමෙයි.*

“ඒකත් එහෙමද?” බීත්ව සිටින බවක් නොපෙනුණු ෂ්‍යාඕ චීයේ තවත් මත්පැන්  බදුන් කිහිපයක් පුරවා ගත්තේ ය. ඔහු අසලින්, චෙන් යැං නැවතත් ෂුඒ ෂ්‍යුයී ගේ බදුන පුරවාලුයේ ය. ෂ්‍යාඕ චීයේ අහම්බෙන් ඔහු සමඟ බඳුන් ඔසවමින් පැවසුවේ ය. “එහෙම නම් ඔහු ඒ පිරිස මිලදී ගත්තේ මොකටද?  හේතුවක් තියෙන්න ඕනෙ නේ. ”

“ෂුඒ ෂ්‍යුජුඕගේ මොකක්හරි අමුත්තක් තියෙනවා!” ෂුඒ ෂ්‍යුයි තවත් මත් පැන් බදුන් කිහිපයක් මුව පුරා පානය නිරීමෙන් අනතුරුව දිගටම පවසන්නට වූයේ ය. “ඔබතුමා මතක් ​කළේ නැත්තම් , මම ඒ ගැන නොදැන ඉන්න තිබ්බා... ඔහු කුලියට ගත් හැම අයෙක්ම සම වයස්වල අය. ඒවගේම කාන්තා පිරිමි දෙපාර්ශවයටම හොද පෙනුමක් තියෙනවා.  මම දන්නවා රාජකීය උසාවියෙ පිරිමින්ට ලැදි මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා.  දොංලොං වීදියේ ඉන්න ඒ සෑම පිරිමි ගණිකාවක්ම සියුම් හා මෘදුයි.  ඔවුන් ඇත්තටම,  කාන්තාවන්ට වඩා පහත් වෙන්නෙ නැහැ!  ඔහු සිතන්නේ පිටත විකිණෙන ඔවුන් අපිරිදු බවත් , ඔවුන් පහසුවෙන් ඕපාදූප වලටත් සමච්චලයට විවෘත වෙනවා කියලයි, ඉතිං ඒ නිසා ඔහු තම අනාගතය වෙනුවෙන් කපටියෝ කණ්ඩායමක් රැස් කරගත්තා වෙන්න බැරිද? 

ෂ්‍යාඕ චීයේ ඔහුගේ පුලාපයන්ට ඇහුම්කන් නොදුන්නේ ය. හේ ඔහුට සව්දිය පිරුවේ ය. “එතකොට ඔහුට ඒ වෙනුවෙන් විශාල කාලයකුත් වෑයමකුත් වැය කරන්න වෙනවා නේ. දොංලොං වීදියේ ජනප්‍රිය සහ වැදගත් වෛශ්‍යා පිරිමීන් ආචාරශීලී අය අද ඔවුන් සිටින තැනට පැමිණියේ අනුග්‍රාහකයන් ඔවුන් වෙනුවෙන් අධික ලෙස මුදල් වියදම් කළ නිසයි. ඔහු පිරිමි ළමයින් වගේම ගැහැණු ළමයින්වත් මිළදී ගත්තා.  ඔහු කුලියට ගත් ගුරුවරයා පිරිමි ළමයින්ට පමණක් උගන්වනවා වෙන්නත් පුළුවන් නේද?

“ඒක තමයි මෙතැන තියෙන අමුත්ත!” ෂුඒ ෂ්‍යුයී ගේ මත් බය දැරීය හැකි මට්ටමද ඉක්මවා යමින් තිබුණේ ය.  ඔහු මොහොතකට හිස පහත් කර අවසානයේ ඉක්කාව නැවැත්වාලන්නට සමත් වෙමින් ෂ්‍යාඕ චීයේ ට මෙසේ පැවසුවේ ය. “ ස්වාමීනි, ඔහු ඒ ගැහැණු ළමයින්ට සංගීතය, වෙයිචී, අක්ෂර වින්‍යාසය සහ චිත්‍ර ශිල්පය ඉගෙන ගන්න ඉඩ දුන්නා.  මම දන්නවා ඒ ඇයි කියලා ;  රූමත් කාන්තාවක් එක්ක අධ්‍යයන සහකාරියක් වෙන්න අකමැති මොන පිරිමිය ද? එ්ත් ඔහු පිරිමි ළමයින්ට වර්තමාන කටයුතු පිළිබඳ රචනා ඉගෙන ගන්නත් ඉඩ දුන්නා."

ෂ්‍යාඕ චීයේ ගේ දෑස් වේගයෙන් ෂුඒ ෂ්‍යුයී වෙතට යොමු විය. ඔහු නැවත එයම පවසාලීය, “ඔහු ඒ පිරිමි ළමයින්ට වර්තමාන කටයුතු ගැන රචනා ඉගෙන ගන්න ඉඩ දුන්න ද?  ඒ විතරක් ද?"

ෂුඒ ෂ්‍යුයි ඔහුගේ හිස කදින් දෙපසට සැලුවේ ය. හේ තම ඇගිල්ලක් දිගු කරමින් පවසන්නට විය, “ඔහු අංගනයේ කුඩා පාසලකුත් පිහිටෙව්වා.  ඉඳහිටක ඔහුම ඔවුන්ට උගන්වන්නත් එහි ගියා.  ස්වාමීනි, ඔබ දන්නවාද ඔහු මොනවද ඉගැන්වුවේ කියලා? ඒ සේරම නිසි ශාස්ත්‍රීය විෂයන්.  පෙර දිනක ඔහු මේ කොල්ලන්ට උගන්වමින් සිටියේ... සමකාලීන දේශපාලනය ගැනයි! "


ෂ්‍යාඕ චීයේ නිවසට පැමිණියේ බොහෝ ප්‍රමාදව ය. කාමරය තවමත් ආලෝකමත්ව පැවති නිසා ශෙන් ස'චුආන් තවමත් ඔහු එනතෙක් බලාහිදින බව ඔහු දැන සිටියේ ය. චෙන් යැං ඔවුන්ට සේවය කරන සේවක සේවිකාවන් ඉවත් කළ අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් මුර සේවය සදහා මළුව දෙස බලා හිඳින්නට ඉතිරි කළේය.

සුපුරුදු ලෙසම ෂ්‍යාඕ චීයේ කාමරය තුළට පිවිසියේ ය.  ඇතුලත තිබුණේ ආලෝකමත් වූ එක් පහනක් පමණකි. ශෙන් ස'චුආන් කුඩා මේසය ඉදිරිපිට අසුන්ගෙන සිටියේ නඩු වාර්තා බලමින් සිටියේ ය.  ඔහු ඒ වන විටත් ඔහුගේ ඔටුන්න ඉවත් කර තිබූ අතර, ඔහු රාත්‍රියේදි විවේක ගන්නට පෙර සෑම විටම කළ ආකාරයට ඔහු ෂ්‍යාඕ චීයේ ට අයත් විශාල සළුවක්  ගත දවටා සිටියේය.

ෂ්‍යාඕ චීයේ ඉදිරියට නැමී ශෙන් ස'චුආන්ගේ පිටුපසින් හේත්තු වී ඔහුගේ සවනත සිප ගන්නට ඔහුගේ හිස ඇල කළේය. ඔහු පැවසුවේ ය, “යම් විදිහක ප්‍රශ්නයක් තියෙනවා නම් සටහනක් තබන්න. හෙට උදෑසන අවදි වුනාම ඒ ගැන සාකච්ඡා කරන්න. ”

ශෙන් ස'දුආන් එය පිළිගන්නා බව හගවමින් තම හිස ඔහු දෙසට ඇල කළේ ය.

ෂ්‍යාඕ චීයේ නැගී සිට , ඔහුගේ තලය ඉවත් කර , ඔහුගේ පිටත වස්ත්‍රය ගලවා දමා , ශෙන් ස'චුආන් අසල දෙපා එකිනෙක මත තබා අසුන්ගත්තේ ය.

ශෙන් ස'චුආන්ගේ ඇගිලි තුඩු පොතෙහි පිටු ස්පර්ශ කළද ඒවා පෙරලා බැලුවේ නැත, ඔහු පවසන්නට විය.  “සමහර දේවල් පෞද්ගලිකව සාකච්ඡා කරන්න ඕනේ;  ඒවා වදන් කිහිපයකින් පැහැදිලි කරන්න බැහැ.”

අවසන ෂ්‍යාඕ චීයේ සන්සුන් වූ අතර ඔහු තම අක් වැසුම් ඉවත් කළේ ය.  ඔහු පැවසුවේ ය, “අපි මාරුවෙන් මාරුවට කරමු.  ඔබද ඉස්සෙල්ලම කියන්නේ නැත්තම් මමද?"

ශෙන් ස'චුආන් මොහොතක් ඔහු දෙස බලා හිදියද ෂ්‍යාඕ චීයේ තමාව ඔහු අසල​ට ඇදා නොගන්නා බව දුටුවේ ය.  එහෙයින් හේ තම හස්තය ඔසවා ඔහුට තම වස්ත්‍රයේ වූ ගාංචු පළදනා ඉවත් කරන්නට උපකාර වූයේ ය. මද වෙලාවක් සිතා බැලූ ඔහු පවසන්නට විය. “මගේ හිස වටා කැකෑරෙන බොහොමක් දේවල් දැනටත් තියෙනවා. ඔබ මුලින්ම පටන් ගන්න.”

ෂ්‍යාඕ චීයේ කුඩා මේසය මතට තම වැලමිට බර කරමින්, පසෙකින් තිබූ රාක්කයෙන් තවත් පොතක් පෙරළා එය ශෙන් ස'චුආන් අතට පත් කළේ ය.  දෙවැන්නා එය කියවන අතරේ, ඔහු පැවසුවේ ය "ෂඅඒ ෂ්‍යුජුඕ කුලියට ගත් පුද්ගලයින්ගේ කණ්ඩායමෙන් වැඩිමලාට වයස අවුරුදු දහඅටයි ඒවගේම බාලයාට දාහතරයි.  කාන්තාවොත් පිරිමියොත් එකම අංගනයකයි රැස් වෙන්නේ. ඔවුන්ට පොදුයි නියන්න පුළුවන් එකම දේ ඔවුන්ට හොඳ පෙනුමක් තිබීම විතරයි."

“​අෂ්ඨ මහා නගර. ජොංබෝ . ජුඒෂි.” ශෙන් ස'චුආන් ගේ ඇගිලි තුඩු නම් හරහා දිව ගියේ ය. "ඔහු ඔවුන්ව කුලියට ගනිද්දී ඔවුන් ඉපදුනේ මොනවගේ තැනකද කියලා බැලුවේ නැහැ."

“මේක සත්‍ය වසං කිරීමක් ඒවගේ ම එයින් අනෙත් අයට අවශ්‍ය වුනත් පරික්ෂා කරන්න තැනක් නැති වේවි.” ශෙන් ස'චුආන් යම් ස්තානයක නැවති සිටින බව දුටු ෂ්‍යාඕ චීයේ ඔහුට තවත් සමීප වූයේ ය. “ඔබ මේ නම කලින් දැකල තියෙනවද?”

ශෙන් ස'චුආන් එහි වූ නාමය දෙස බැල්මක් හෙළුවේ ය. “ලිං තිං… මම ඒ නම ෂ්‍යැන්යුන් මණ්ඩපයෙදි අහලා තියෙනවා.”

“ඒ හැමෝම ෂියැන්යුන් වල මිනිස්සු.” ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ඇය කැමති දක්ෂ තියුණු දරුවන්ට කැමතියි; අන්න ඒ නිසයි ඈ තමන්ගේ වාසගම විදිහට තිබුණු "ලිං" යන්න මේ දරුවන්ගේ නම් වලටත් ඇතුලත් කළේ.”

“ඔබ අද රාත්‍රියේ ෂුඒ ෂ්‍යුයී එක්ක පානය කළා. ඔහු මොනවත් පැවසුවේ නැද්ද?”

“ඔහු අමුතු දෙයක් ගැන පැවසුවා.” ෂ්‍යාඕ චීයේ මද වේලාවකට නතර වූයේ ය. “ඔහු පැවසුවේ ෂුඒ ෂ්‍යුජුඕ මේ ළමයින්ව නැවතත් නිවස්නයට ගෙන්වාගත් බව, එහිදි ගැහැණු ළමයි ගණිකාමඩම් වල උගන්වන සියළුම දෑත් පිරිමි ළමයි  නිසි විදිහට පාසල් වලට ඇතුලත් වුණ බවත් කීවා. ෂුඒ ෂ්‍යුජුඕ මේ ළමයි වෙනුවෙන් ගුරුවරයෙකුත් බදවගෙන තියෙනවා.  රාජකීය විද්‍යාලයෙන් කාලීන සිදුවීම් පිළිබඳ රචනා පමණක් නෙමෙයි සමකාලීන දේශපාලනය පිළිබඳවත් ඔවුන්ට උගන්වලා.”

ශෙන් ස'චුආන් ඒ පිළිබද සිතන්නට වූ නමුත් කිසිවක් පැවසුවේ නැත.

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “ඔහුට ශිෂ්‍යයන් අවශ්‍ය නම්, ඔහුට ඔවුන්ව යහපත් කුටුම්භවලින් තෝරගන්න තිබුණා.  රාජකීය විද්‍යාලයෙන් ඔහුව තම ගුරුවරයා ලෙස නිල වශයෙන් පිළිගැනීමට කැමති අය ඕනෑ තරම් ඉන්නවා. ඒත්, ඔහු ගණිකා නිවාසයෙන් ආපසු මිලට ගත් පිරිමි ළමයින්ට උගන්වන්නේ ඒ විදිහ​ටයි. මේ පුද්ගලයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලදී ඇත්ත​ටම මොනවගේ දෙයක් සිදු කලත්, ඔවුන්ගේ පහත් තත්ත්වය නිසා ඔවුන්ට තවමත් නිලධාරීන්ගේ තනතුරු වලට සම්බන්ධ වෙන්න බැහැ.  ඉතින් ඔහුට එයින් ඇති වාසිය මොකක් ද?  ඔහු තමන්ගේ නිවස්නයේ එල්ලී ඉන්න පුද්ගලයන් පිරිසක් උස්මහත් කරනවා ඇරෙන්න.”

 "ෂුඒ ෂ්‍යුජුඕ..." ශෙන් ස'චුආන්ගේ මනස වේගයෙන් ඉවතට ඇදීගෙන යන බවක් පෙනෙන්නට තිබුණි.  ඔහු ෂ්‍යාඕ චීයේ ගේ වදන් වලට සවන් දුන් අතර වේගයෙන් තම සිතුවිලි සංවිධානය කළේය.  “ඔහුව වංශය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නම්, වඩා හොඳ අපේක්ෂකයින් ඕනැතරම් ඉන්නවා.  ඔබටත් මටත් කලින් එක දෙයක් මග හැරුණා. ෂුඒ ෂ්‍යුජුඕත් ෂී හොංෂුආනුත් අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නැහැ ඔහුට ඖහුආ මණ්ඩපයෙන් වෛශ්‍යාවෝ ලබා ගන්න බැහැ කියලා. එහෙම නේද? ඒත්, ඔහු ෂීයැන්යුන් වලින් ඔවුන්ව ලබා ගන්න වෙනම මුදලුත් වියදම් කළා. මෙයින් පේන්නේ ඔහු ඒ කණ්ඩායම අතර සිටි යම් අයෙක් දෙස දෙස බලා ඉන්න බව නේද? " 

ශෙන් ස'චුආන් ගේ මනස අතීතයට දිව ගියේය.  ඔහුට දිං තාඕ ට මෙන් ඡායාරූප මතක තබා ගැනීමේ හැකියාවක් නොතිබුණද , ඔහු අන් අය සමඟ කතිකා කළ  සෑම කරුණක්ම සහ සෑම වචනයක්ම ඔහුගේ මනසෙහි තැන්පත් කර ගත්තේය.  ඔහු ඒ සියල්ල සිහිපත් කළේය;  ඔහුට කිසිදු විස්තරයක් අමතක නොවන්නේ ය.

 "ලී වංශයේ රුධිරය ඔහු තුළ දුවන තාක් ඔහු රාජකීය උරුමකරු​වා වෙන්න සුදුසුකම් ලබනවා."

මහාමාත්‍ය චී ගේ වදන්, ශෙන් ස'චුආන් ගේ මනසෙහි අවුල් වියවුල් වූ ගිගුරුම් හඬක් මෙන් තැන්පත්ව තිබුණේ ය.  ඔහු මේ වාක්‍ය ඛණ්ඩය ගැන සිතූ පසු ඔහුට තවත් බොහෝ දේ වැටහුණි.  ඔහු හදිසියේම දණින් වැටී සිටින ඉරියව්වෙන් කෙළින් වූ අතර ඔහුගේ අත් වලික් මේසය මත වූ සටහන් කිහිපයක් පෙරලා බැලුවේ ය.

"හිටපු අධිරාජ්‍යයා..." ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චියේගේ අතකින් අල්ලා ගත්තේය.  “හිටපු අධිරාජයා අවුරුදු අටකට වඩා ටිකක් වැඩි කාලයක් තිස්සේ රාජ්‍යය පාලනය කළා.  ඔහුගේ නිදන්ගත රෝග සුව නොවුනා වගේම ඔහුට රාජකීය උරුමක්කරුවන් සිටියෙත් නැහැ.  ගැබ්ගත් එකම තැනැත්තිය වුනේ වෙයි රාජකීය උපභාර්යාව විතරයි.  නැන්ලින් දඩයම් පිටියේ සිද්ධියේදී හුආ වංශය කැරලි ගැහුවා. රාජකීය උපභාර්යා වෙයිගේ කුසේ ඉන්න දරුවා නිසා හරියටම එදින රාත්‍රියේ ඔහුගේ ගමන සිදු කරන්න හුආ ස'චියන් ට ධෛර්යය තිබුණා.  නමුත් එදින රාත්‍රියෙන් පසු, අපි නැවත අගනුවරට පැමිණෙන කොට, රාජකීය උපභාර්යාව ඒ වන විටත් දියේ ගිලී මියයන්න ළිඳකට විසි කර දමලා තිබුණා.

මුලින්ම, මම සැක කළේ ඔබව වුනත් ඊට පස්සේ, මම සැක ළේ හායි ලිංයී ගේ පාර්ශවයේ දිගු කාලීන ඇමතිවරයෙක් වුණ නිසයි.  ඔවුන් එය කළේ ගෞරවනීය වංශවල සිතුම් පැතුම් සම්පූර්ණයෙන්ම බිඳ දමලා ලී ජ්‍යංහෙන්ට පහසුවෙන්ම සිංහාසනයට පත්වෙන්න ඉඩ දෙන්නයි.  ඒ නිසාම ඔවුන් ප්‍රමුඛත්වය ලබා ගන්න ප්‍රථමයෙන් පහර දීලා  රාජකීය උපභාර්යාව ව මරා දැමුවා.  නමුත් දැන් මම ඒ ගැන සිතන කො​​ට, මේ උපකල්පනයේ යම් වරදක් තියෙනවා.  රාජකීය උපභාර්යාව වෙයි ගැබ්ගෙන සිටියත්, ඒ පිරිමි ළමයෙක් ද ගැහැණු ළමයෙක් ද කියලා ඒ වෙද්දී නොදැන සිටි නිසා, ඒ වෙද්දිත් ලිබෙයි වල සහාය ලබාගෙන සිටි ලී ජ්‍යංහෙන්ට එරෙහිව ඒ දරුවව ඉදිරිපත් කරන්න ඔවුන්ට ක්‍රමයක් තිබණේ නැහැ.  හායි ලියැංයී ට, රාජකීය උපභාර්යාව ව ඝාතනය කරන්න අවශ්‍ය නැහැ." 

“තවත් ආපස්සට ගියොත් , ගුආන්චෙං අධිරාජ්‍යයා ෂියන්දේ අධිරාජ්‍යයාට පෙර සිංහාසනයට පත්ව හිටියා.  නැඟෙනහිර මාලිගයේ ඔටුන්න හිමි කුමාරයා කැරල්ල පිළිබඳ නඩුව නිසා ජාඕ සූයි පන්සලේදී තමන්ගෙම ගෙල කපා ගත්තා. ඒ වන විටත් රාජකීය මුනුපුරා තවමත් ළදරුවෙක් වුනා.  ඔහු මිය ගියේ නැත්තම් ග, මේ වසර වෙනකොට ඔහුගේ වයස අවුරුදු විසි හයක් වෙන්න තිබුණා.  කොහොමවුනත් , මෙම නඩුව ජී ලෙයිත් ශෙන් වෙයිත් එකතුවෙලා හසුරුවපු එකක්.  ජි ලෙයි , එදා පැන් රූගුයි වෙතට හැරුණේ ඔහුගේ පක්ෂපාතිත්වය පෙන්වන්න , ඕනෑවට වඩා අලස සහ නොසැලකිලිමත් වෙන්නත් එඩිතර නොවෙමිනුයි. ඒ නිසා ඔහුට මේ තරම් ව්‍යසනයක් වෙන්න හරින්න තියෙන ඉඩ හුගක් අවමයි. එහෙම නම්, මේ ලෝකයේ තවමත් රාජකීය උරුමක්කාරුවෙක් කියලා පවසන්න පුළුවන් තැනැත්තා වෙන්නේ-"

ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් හිම මෙන් ශීතල වු හස්තයක් අල්ලාගනිමින් ගැඹුරු හඩින් දිගටම පවසන්නට විය, “වැඩිමහල් තැනැත්තාට වයස අවුරුදු දහඅටයි , බාලයාට වයස අවුරුදු දාහතරයි. ඒ සැබවින්ම රාජකීය උරුමකරුවා නම්, කාල රාමුවට ගැලපෙන එකම තැනැත්තා ගුආන්චෙං අධිරාජ්‍යයා විතරයි.  යොංයී පාලන සමයෙදි නැගෙනහිර මාළිගය සමූල ඝාතනයක් වුණා.  එතැන් සිට දශකයකට ආසන්න කාලයක් පුරා අධිරාජ්‍යයේ උපභාර්යාවකට රාජකීය උරුමකරුවෙක් බිහි කිරීමට නොහැකි වුනා.  ගුආන්චෙං අධිරාජ්‍යයා ඒ වන විට අසනීපයකින් පෙළුණත් , ඔහු දුර්වල හා අබලන් වූ තරමට ඔහු අසනීප වුනේ නැහැ.  හුආ වංශයේ ග්‍රහණයෙන් මිදෙන්න නොහැකි වූ ඔහුට මාලිගාවෙන් පිටත මාර්ගයක් ගැන සිතිය හැකි වුණා." 

“මා හැර, ඖහුආ මණ්ඩපය භාජනවලින් පුරවා ගැනීම වෙනුවෙන් යටින් සිදුරු කර ඇති බව දැන සිටි එකම තැනැත්තා ෂුඒ ෂ්‍යුජුඕ විතරයි කඩාවැටීමේ නඩුව ලී ජ්‍යන්හෙංව ඝාතනය කරන්න ගත් උත්සාහයක්. ඒත් මට තේරුම් ගන්න නොහැකි වුන කොටස මේකයි.  ඔහු ළඟ ඇත්තටම රාජකීය උරුමකරුවෙක් ඉන්න බව දැන් උපකල්පනය කළොත්, අනෙක් සියල්ලම අර්ථවත් වෙනවා.  ඔහු රාජකීය උපභාර්යාව වෙයි ව ඝාතනය කරලා ඉන් පස්සේ ලී ජ්‍යන්හෙංව ඝාතනය කරන්න උත්සාහ කළා." ශෙන් ස'චුආන්ගේ සැඟවුණු නොසන්සුන්භාවය වඩ වඩාත් උත්සන්න වෙමින් තිබුණි.

ෂ්‍යාඕ චීයේ ද මේ සිදුවිය නොහැකි අන්දමේ දුර්ලභ අනුමානයෙන් බියට පත් ව සිටියෙ ය.  ඔහු පවසන්නට විය, "ඇත්තටම ඒකත් එහෙම නම්, රාජකීය උරුමකරුවා එ් පිරිස අතර ඉන්නවා."

 දෙදෙනාම එකිනෙකා ගේ මුහුණ දෙස බැලුවෝ ය.  ශෙන් ස'චුආන් සිය හඬ පහත් කර පැවසුවේ ය, "මේ අධිරාජ්‍ය උරුමක්කාරයා-"

"ජීවත් නොවෙන්න ඕනේ."  ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන්ගේ නිකට ඔසවාලමින් ඔවුන් අතර ඇති දුර අවහිර කර දැමුවේ ය. ඔහුගේ බැල්ම ගැඹුරු හා බරපතල විය.  "ලන්ජෞ, අපිට මේ අයගෙන් එකෙක්ටවත් ජීවත් වෙන්න දෙන්න බෑ."

ඔහු සෙමින් කතා කළේය.  මරා දැමීමේ ඔහුගේ අභිප්‍රාය ගැඹුරේ වැළලී ගිය රළ පහරක් බදු වූයේ ය.  දෙදෙනාම මේ මොහොතේ බොහෝ කල්පනා කළහ.  රාජකීය උරුමක්කරුවාගේ අර්ථය කුමක්ද?  එයින් ගම්‍ය වූයේ වර්තමානයේ ඇති සියල්ල නිෂ්ක්‍රීය වන බවයි.  රාජකීය උරුමකරුවා තම ග්‍රහණයට හසු කරගත් ගෞඑවනීය වංශය පහසුවෙන් පරාජය කළ හැකිද?  වසර විස්සක් තරම් දිගු කාලයක් තිස්සේ තිරය පිටුපස ආධිපත්‍ය නතුකරගෙන සිටි වැන්දඹු අධිරාජිනිය ගැන සිතන්න.  ඇගේ පාලනයේ සිටි ලී වංශයට හැකි වූයේ ඇගේ රූකඩ බවට පත්වෙන්නට පමණකි.  ප්‍රභූ වංශවලින් ගොඩනැගුණු දේශපාලන කන්ඩායම්වල බලය සහ බලපෑම නිසැකවම යලිත් නැඟී සිටින අතර, හායි ලියැංයී නැවත වරක් අවාසි සහගත තත්වයකට පත්වනු ඇත!

එක්වරම ද්වාරය අනෙක් පසින් තට්ටු කරන හඬ නැගුනේ දෙදෙනා අතර වූ බැරෑරුම් පරිසරය බිඳ දමමිනි.

 ෂ්‍යාඕ චීයේ හඬ අවදි කළේ ය, "කතා කරන්න"

ච්‍යාඕ ත්‍යැන්යා තරමක් හදිසියෙන් යුතුව පැවසුවේ ය. "ස්වාමීනි, ෂී දාන් අල්ලගන්න ගිය පුද්ගලයා හදිසියේම ආයෙත් පැමිණිලා තියෙනවා. "

ශෙන් ස'චුආන් එක්වරම නැඟි සිට තම වස්ත්‍ර ඔසවාගනිමින් ද්වාරය විවර කළේ ය. ච්‍යාඕ ත්‍යැන්යා ඉක්මනින් පසෙකට වී ඔහුට මාර්ගයේ ඉඩ ලබා දුන්නේ ය.  ශෙන් ස'චුආන් අංගනය එක් දණහිසකින් යුතුව දණ ගසා සිටි ග' චිංචිං දෙස බලා සිට පඩිපෙළ බැස යන්නට විය.  ඔහු ඇසුවේ ය. "මොකක්ද ප්‍රශ්නය?"

"උතුමාණෙනි." ග' චිංචිං හිස එසැවූයේ ය.  ඔහුගේ කටහඬ ගොරෝසු හා වෙව්ලන්නට විය.  "ෂී දාන් ෂී වංශයේ හි මුදල් සුරක්ෂිතාගාරය විවෘත කළත් ඒක දැනටමත් හිස් වෙලා ගිහින්."

ඔහු ග' චිංචිං දෙස බැල්මක් හෙලද්දී අංගනයේ වූ ගස්වල කොළ සුළඟින් ගසාගෙන ගියේ ය.  ඝන තුහින ඇතිරිල්ලකින් වැසී ගියාත් මෙන් සඳෙහි ආලෝකයද සුදුමැලි විය. එහි වූ දැඩි නිහඩතාවය මධ්‍යයේ ශෙන් ස'චුආන් ඔහුගේ හිස මඳක් පිටුපසට හරවා, ෂ්‍යාඕ චියේට පැවසුවේ ය. “එර්-ලං, පේනහැටියට​ ඔහු අපිව මෝඩයට අන්දලා වගෙයි.”

 ඔහුගේ ස්වරය මෘදු හා සන්සුන් වූ නමුත් අංගනයේ සිටි සියළුම මුරකරුවන් ඔවුන්ගේ හිස පහත් කර ගත්තෝ ය.

__________________________________

කියවන හැමෝටම ගොඩක් ස්තූතියි.කතාව feel වුනා නම් කමෙන්ට් රියැන්ට් දාගෙන යමු.

අර උරුමකරුවා කවුරු වෙන්ඩ පුළුවන් ද?
ෂුඒ ෂ්‍යුජුඕ තවමත් ජීවතුන් අතර ද?
ෂීෆුයි මහාමාත්‍යතුමය් කො​හෙ ද?
නොවිසදුණු ප්‍රශ්න මහ ගොඩක්!



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-