Skip to main content

අසූ හයවන පරිච්ජේදය | පැරණි මන්දිරය.


හුආ ශියැංයී සහ චී ශීයුගේ විවාහ මංගල්‍යය සිව්වන මාසයේ අස්වනු හටගන්නා කාලය ආසන්නයේ පැවැත්වීමට නියමිත කර තිබුණි. චාරිත්‍ර වාරිත්‍ර අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ක්‍රියාවලිය දැනටමත් අධිරාජිනිය වෙත ඉදිරිපත් කර තිබුණි.  මාලිගාවේ අභ්‍යන්තර කටයුතු බහුල හා සංකීර්ණ වූ නිසා එවැනි ප්‍රධාන කටයුත්තකදී ත රජයේ ප්‍රධාන කාර්යාලවලට පිරිස් හිඟය දරාගත නොහැකි විය.

ෆුමන් මුලින් සිතුවේ චාරිත්‍රානුකූල මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂ තනතුර සඳහා පරිපූර්ණ අපේක්ෂකයා වනු ඇත්තේ තමා බවයි.  ඔහු නපුංසක (ආවතේව නිළදර)  පාසලට සහභාගී වී තිබුණු අතර , මහා ලේකම් කාර්යාලයේ සහ මිංලී ශාලාවේ කටයුතු කළමනාකරණය කිරීම භාරව සිටි ඔහුට සුදුසුකම් සහ පළපුරුද්ද මනාව පිහිටා තිබුණි.  ඊට අමතරව, ඔහු වෙනුවෙන් සහතික වීමට ඔහුට ෂ්‍යාඕ චීයේ සිටියේය.  ඒ නිසාම මේ දිනවල රාජකාරී කටයුතුවලට සහභාගි වීම නිසා ඔහු වඩාත් කල්පනාකාරීව හා උනන්දු සහගත ලෙස කටයුතු කළේය.

අනපේක්ෂිත ලෙස, රාජකීය ආඥාව නිකුත් කරද්දී, මුද්‍රා තබා ගැනීමේ අධ්‍යක්ෂවරයා ලෙස ඔහු වෙනුවන ෆෙංචුආන් පත් කළේ ය.  ෆෙංචුආන් තරුණ විය, ඔහුට කතා කිරීමට එතරම් අත්දැකීම් තිබුණේ නැත.  ඔහු කිසි දිනක නපුංසක පාසලේ ඉගෙන ගෙන තිබුණේ නැත.  එපමණක්ද නොව, ඔහු මාලිගාවට ඇතුළු වන විට සුපුරුදු වයස ඉක්මවා සිටි කනිෂ්ඨ නපුංසකයෙක් පමණ ය.  කලින් පැන් රුගුයි සහ ජි ලෙයි සමඟ ඔහුගේ සම්බන්ධය කිසිදා ඉවතලීය හැකි යමක් නොවීය.  "අභ්‍යන්තර අමාත්‍යවරයෙකුගේ" තනතුර හා සැසඳිය හැකි මෙම තනතුර ඔහුට භාර ගැනීමට ඉඩ දීම - තමා හැඬිය යුතුද සුසුම්ලන්න ද යන්න ෆුමන් දැන සිටියේ නැත.

"බාහිර උසාවියේ නිලධාරියෙකුගේ උසස්වීම රඳා පවතින්නේ ඔහුගේ පවුලේ සමාජ තත්ත්වය , උපන් ස්ථානය සහ ඔහු යටතේ ගුරුවරයා වගේම ස්වාමියා මත යි.  අපේ අභ්‍යන්තර උසාවි නපුංසකයන්ගේ උසස්වීම් පවුල් පසුබිම වගේම තරාතිරමේ බාධාවන් වලින් නිදහස් එකක් වෙන්නැති කියලයි මම හිතුවේ.  ඒත් අපරාදේ."  ෆුමන් තේ කෝප්පය මේසය තබා දිගු සුසුමක් හෙළුවේය.  "කවුද දන්නේ ,  අපිට තාමත් මේ බාධකය තරණය කරන්න බෑ කියලා!"

"ඔහුට ඇති පවුල් පසුබිම මොනවගේද?"  ෂ්‍යාඕ චීයෙ ෆුමන්ගේ ඝෝෂාවට සවන් දී විවේකයෙන් යුතුව තේ පානය කරන අතරතුර පැවසුවේ ය

 "ඔහු තම වැඩිමහල් සහෝදරියගේ ගෞරවයෙන් ප්‍රයෝජන ගන්නවා විතරයි" 

“උතුමාණෙනි, ඇයි මට විතරක් සහෝදරියක් නැත්තේ?!” ෆූමන් තම දණහිස් වලට ගසා ගනිමින් පැවසුවේ ය.

ෂ්‍යාඕ චීයේ සිනාසෙමින් පවසන්නට විය. “මුද්‍රාව විතරයි ඔබට අහිමි වුණේ, බුරුසුව තවමත් තියෙනවනේ.  නැඟෙනහිර මූලස්ථානය කළමනාකරණය කරන්නෙත් බුරුසු රඳවන අධ්‍යක්ෂවරයාම තමයි. වයසක ෆු, ඔහුට පිරිවඓ් ප්‍රධානියා වෙන්න ඉඩ දෙන එකෙන්, ඔබට රාජකීය වාරකයන්ගේ අවලාද වලින් බේරෙන්න හැකිවේවි.”

"අධිරාජ්‍යයා මට දැනට දක්වන සැලකිල්ල හිටපු අධිරාජ්‍යයා පැන් රූගුයිට සළකපු විදිහ හා සැසඳන්න බැහැ , නැගෙනහිර මූලස්ථානය රාජකීය ආරක්ෂකයන් තරම් බලගතු නැහැ."  ෆුමන් පසුබට වූවද , පසුව පවසන්නට, “උතුමාණෙනි , වර්තමානයේ මූ ආර්යාව​ගේ අනුග්‍රහය කෙතරම්ද කියලා බලනකොට, ඇය අනාගතයේ දී රාජකීය උරුමකරුවෙක් බිහි කළොත්, ෆෙංචුආන් මේ තනතුරෙන් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වෙන්නේ නැද්ද?  ඔහු තම ස්ථානය දන්නවා නම් කමක් නැහැ.  ඔහු යටි අරමුණක් තබාගෙන රාජකීය අධිකරණයේ නීති කඩකරලා රාජ්‍යය අවුල් ජාලයකට ඇද දමයි කියලය මම බය වෙන්නේ. එයින් ඔහු දෙවන පැන් රූගුයි බවට පත් නොවේවි ද? ”

ෆුමන්ට මාලිගාවේදී සිනහමුසු මුහුණින් ආචාර කිරීමට සිදු වූ නමුත් ඇත්ත වශයෙන්ම හේ ඔහු ගැන ඊර්ෂ්‍යාවෙනුත් කෝපයෙනුත් පසු විය.  ෆෙංචුආන්ට ආධාරකරුවෙකු ලෙස මු රූ සිටියා ය. ෆූමන්​ ව තනතුාරන් පහ කළ ඔහු හා උත්සව අධ්‍යක්ෂ මණ්ඩලයේ සමානයෙකු ලෙස ඔහුට නැගී සිටීමට අවශ්‍ය නම්, ඔහුට පිටත අධිකරණ නිලධාරීන් ගේ හිත දිනා ගන්නට සිදු විය.

“ඔහු තවම තරුණයි වගේම ඔහුට සමහර කටයුතු සිදු කරද්දී කවමත් ඔබව විශ්වාස කරන්න වෙනවා. ඔබ බොහෝ විට මහ ලේකම් කාර්යාලය වටා ගමන් කරනවා , ඔබ මහා ලේකම්වරයා දන්න හදුනන චරිතයක්.  කාවහරි ඇත්තටම සංසන්දනය කරනවනම් , ඔහු හුදෙක් අන් අයගේ දේ උදුරා ගන්නා පිරිමියෙක්.  ඔහු කරන්නවත් වටින කෙනෙක් නෙමෙයි. ”  ෂ්‍යාඕ චීයේ තමාට හැකි පමණින් ඔහුව සනසවාලමින් පවසන්නට විය, “අපි ඇතුළතින් සහ පිටතින් එකිනෙකා ගැන සොයා බලන නොට, අපි ඔහුට බිය වෙන්න වුවමනා නැහැ.  පහුගිය දවස්වල මාළිගයේ වැඩ කොහොමද?"

“දෙවන තරුණ ස්වාමී ෂී මියගිහින්. අධිරාජ්‍යයා තවමත් ඔහුට සම්පූර්ළුයේ අහන්න නොහැනිවුළුු තාලය ගැන සිතමින් දින කිහිපයක් තිස්සෙම දුකෙන් කල්ගත කරනවා.” ෆූමන් ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ දෑස් අගිනි. “ඒත් උතුමාණෙනි , මම මහා ලේකම් කාර්යාලයේ විවිධ විශිෂ්ඨයන්ට තේ සංග්‍රහ කරමින් ඉන්නකොට , ෂී වංශයේ ගිණුම් විමර්ශනය කරන්න ඔහුට තවමත් අවශ්‍ය බව අමාත්‍ය වෙයිගේ වචනවලින් මම අනුමාන කළා.  ෂී වංශවේ වරායේ මෙතරම් විශාල කලබලයක් ඇති වෙලත් මෙවතාවේ ගෘහ මූලිකයෙක් පත්වෙලා නැහැ.  ඒවගේ විශාල ව්‍යාපාරයක් සමනෙ කරන්න පුළුවන් තෙල් සහිත මස් කැබැල්ලකටයි - එය රන් ආකරයකි.  ඔවුන් හැමෝම ඒ දිහා බලා ඉන්නවා! ”

"ඔහුගේ පවුල තවමත් ජීවතුන් අතර නෙමේ ද?"  ෂී වංශයේ පසු විපරම් සැලසුම් ගැන ෂ්‍යාඕ චීයේ සහ ශෙන් ස'චුආන් සාකච්ඡා කර තිබුණේ ය.  එම යතුරු ශෙන් ස'චුආන් ගේ අතට වැටී තිබූ අතර ෂ්‍යාඕ චීයේ ගේ ඇස් හමුවේ, ඒවා ශෙන් ස'චුආන් ගේ මනමාල ඇදුම් හා එය සම වූයේ ය.  ඔහුගේ කාලය ගනිමින් ඔහු පැවසුවේ ය. “ ෂී හොංෂුආන් ගේ වැඩිමහල් නෑනා වගේම ෂී හොංෂුආන් ගේ විවිධ ඥාති සොහොයුරියන් හැම දෙනාම ව්‍යාපාර කළමනාකරණය කරන්න දක්ෂයි. ඒවගේම ඔවුන් කිසිම විදිහක අපරාධයක් කරලා නැහැ.  පැහැදිලි හේතුවක් නැතුව ඔවුන්ගේ ගිණුම් විමර්ශනය කරන එකෙන්, අමාත්‍ය වෙයි ට අහිංසක පුද්ගලයෙක් බිම වැටී ඉදිද්දී පහර දුන්නා කියනවා වගේ චෝදනා එල්ල වේවි.”

“අධිරාජ්‍යයා එකඟ වුණේ නැහැ.  නමුත් මහා ලේකම්වරයගෙන් නම් පෙනෙන්නේ…” ෆුමන් තම හස්කය මේසය මතට ගෙන ගොස් ෂ්‍යාඕ චීයේ චියේට පැවසුවේ ය. “... ගිණුම් ලුහුබැඳීමේ අභිප්‍රාය තියෙනවා වගේයි.”

හායි ලියැංයීට ස්වභාවිකවම තහාටම ආවේණික සලකා බැලීම් තිබු​ණේ ය.  ෂී වංශය සතුව රිදී විශාල ප්‍රමාණයක් සඟවා තිබුණි.  ඉතිරි වංශ කිහිපයට එය බෙදා ගන්නට ඉඩ දෙනවා වෙනුවට, ඔවුන් එම මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙන එය පාලනය කරන්නට රාජකීය අධිකරණයට ඉඩ හසර සලසනු ඇත.  නමුත් මෙයින් අදහස් කළේ හායි ලියැංයීට හට ගෞරවනීය වංශ සමඟ සටන් කරන්නට සිදු ව තිබෙන බවයි.

“යතුර තවමත් තියෙන්නේ අධිරාජ්‍යයා අතේ.” ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කර ෆූමන්ට පවසන්නට විය, “උතුමාණෝ ප්‍රඥාවන්ත පාලකයෙක් , ඔහු ධර්මිෂ්ඨකම සහ කරුණාවන්ත කම ගැන විශේෂයෙන් සොයා බලනවා. පසු ගිය මාසෙදි තමයි ඔහු පොදු සමා කාලයක් ලබා දුන්නේ. මේ මාසයේ කිසිම හැලහොල්මනක්වත් හේතුවක්වත් නැතුව ෂී වංශයේ දේපළත් නිවසත් වටලා රාජසන්තක කිරීම සමාව දීමේ මුල් අභිප්‍රායට පටහැනි නෙමේද? අධිරාජ්‍යයා ඉන්නේ දෙගිඩියාවෙන්. මහළු ෆූ , ෆෙංචුආන් මේ කාරණය වෙනුවෙන් වෙයි ඇමතිවරයා සමඟ එක්වෙලා ඉන්නවා කියන එක ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.  ඒත් ඔබ ඉදිරියට යන්නේ තනිවම නම්, ඒක හරියට අන්ධයෙක් ඒ දණ්ඩේ ගමන් කරනවා වගේ වේවි.  මේ කාරණය සම්බන්ධයෙන් දැනට ඉදිරියට යාම නුසුදුසු බව අධිරාජ්‍යයාට විස්තරාත්මකව පවසන්න ඔබ ඔහුට සේවය කරන අතරතුරේ අවස්ථාව ලබාගෙන භාවිතා නොකරන්නෙ ඇයි?

මෙයින් එකිනරම ෆූමන්ගේ හිස වේගයෙන් ඔහු වෙත හැරුණේ ය.  “මේකෙන් අමාත්‍ය වෙයිගේ හිත රිදෙන්නේ නැද්ද?” ඔහු පැවසුවේ ය.

"මාලිගාව ඇතුළත හෝ පිටත හෝ වේවා, ඉන්නේ එක් ස්වාමියෙක් විතරයි, ඒ අධිරාජ්‍යයා විතරයි" ෂ්‍යාඕ චීයේ සිනාසුණේය.  “පෑන් රුගුයිත් බලවත් වගේම වැදගත් අයෙක් තමයි, නමුත් ඔහු අධිරාජ්‍යයා සමඟ ඔහුගේ කොටස බෙදා ගත්තේ නැහැ.  ඔහුව මරා දැමීම ගැන මම කොහෙත්ම පුදුම වෙන්නේ නැහැ.  ඊට අමතරව, මිංලී ශාලාවෙදි දිව හොලවන එක ඉවසන්නෙ කොහොමද?  ඔහු, වෙයි හුඅයිගූ, ඔබ උතුමාණන්ට කියන වචන ගැන දැනගන්නේ කොහොමද?  අධිරාජ්‍යයා හැඟීම්බර පුද්ගලයන්ට කැමතියි.  ඔබට ඔහුට ඒකරම් ඒත්තු ගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ.  ඒ ගැන නිකමට සඳහන් කළාම හොදටම ප්‍රමාණවත්.”

“මම ඔබතුමාගේ අවවාද වලට සවන් දෙන්නම්.” ෆූමන් සම්පූර්ණයෙන්ම සිනහවෙන් ඔද වැඩී සිටියේ උණුසුම් සුහඳශීලි බැල්මක් සමගිනි. “කොහොම වුණත් මේ මුදල් අපේ සාක්කුවලට වැටෙන්නේ නැහැ.  අපි කාටවත් ඒවා අවශ්‍ය නොවේවි! ”

“ආදායම් අමාත්‍යාංශය දින ගණනාවක් තිස්සේ ජාඕ සූයි පන්සලේ භාවිතා කරන ඖෂධ පැළෑටි රාජකීය හමුදාවේ ගිණුම් වල වගුගත කරලා තියෙනවා.  ඒ ගැන මොකෝ කියන්නේ?  ඔබ ඒ ගැන මොනවහරි අහලා තියෙනවද? ”

“ඒක දැනටමත් සිදු කරලා උතුමාණන්ගේ මේසයට ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම වරදක් නැහැ.” මෙම ගිණුම හැසිරවීමට භාර දී ඇති ආදායම් අමාත්‍යාංශයේ ලියැං කුයිෂන්, ෂ්‍යාඕ චීයේ විසින් නම් කර තිබූ ෆූමන් දැන සිටියේය.ඒ නිසා ඔහු පැවසුවේ ය. “ගෞරවනීය ස්වාමි ලියැං ඇත්තටම ඒ ගිණුම් නිරාකරණය කරලා පරහැදිලිව තියලා ඇති.  මහ ලේකම්වරයා ඒ ගැන ඔහුගෙන් ප්‍රශ්න කළාම ඔහුට පහසුවෙන් වගේම සුමටව පිළිතුරු දෙන්නත් පුළුවන් වුණා. ඔහුටත් තනතුරු උසස්වීමක් ලැබෙයි වගේ!”

එපරිද්දෙන් සිදුවීමෙන් පසු, ෂ්‍යාඕ චීයේ තවදුරටත් විමසුවේ නැත. ෆුමන් පිටත්ව යන විට, චෙන් යැං ඔවුන් කල්තියා සූදානම් කර තිබූ හෙජෞ වල නැවුම් තේ පැන් ඔහුට ලබා දුන්නේය.  එය ලැබුණු විට ෆුමන්ගේ දෑත් ගිලී ගිය අතර, ඒ නිසා ඇතුළත යමක් ඇති බව ඔහු දැන සිටියේය.  ඔහු එය ප්‍රතික්ෂේප කරන බව මවා පෑ අතර, අවසානයේ ඔහු පිළිගත්තේ චෙන් යැං නැවත නැවතත් ඔහුට ඒත්තු ගැන්වීමෙන් පසුවය.

ඊළඟ දිනයේ, උසාවිය නිෂ්ප්‍රභ කරන විට, ෂ්‍යාඕ චීයේ තමාව කැඳවන තෙක් මිංලී ශාලාවෙන් පිටත හිද බලා සිටියේය.  ශෙන් ස'චුආන් ද එහි විය.  දෙදෙනාම සිටියේ උචිත දුරක් සහිතව ය. - ඉතා සමීපත් නැත ඉතා දුරස්ථත් නැත.

"මේ දවස් කිහිපයේ ෂී වංශයේ දේපල ගැන හොයලා බලන මිනිස්සු හැමතැනම ඉන්නවා."  ෂ්‍යාඕ චීයේ ලැංලී අසිපත ගලවා එය ශෙන් ස'චුආන් වෙත ලබා දුන්නේ ය. ඔෙන් ස'චුආන්ගේ හස්තයට එය පත්වෙද්දි ඔහුගේ හස්තය සගවාගන්නට හේ එයින් අවස්ථාව ලබාගත්තේ ය.  "ගෞරවනීය ස්වාමියා ඉක්මනින් ගමන් කරන්න ඕනේ"

ඔහුගේ සිතේ යමක් තිබෙන බව ශෙන් ස'චුආන්ට වැටහි ගියේ ය. ඔහුගේ වදන් ඇසුණු ශෙන් ස'චුආන් ලැංලී අසිපත ඔසවා පවසන්නට විය. “ඔව්, ඔහු දැනටමත් චූදු වලින් පිටවෙලා මිනී පෙට්​ටිය දැනටමත් රැගෙන එන්න යනවා ඇති. ඊළඟ මාසයෙදි අපිට තොරතුරක් ලැබේවි”

“හායි ලියැංයී අනිත් අය වගේ නෙමෙයි.  ෂී වංශයේ පවුලේ දේපළ රාජ්‍ය භාණ්ඩාගාරයට ගනුන ඔහු තීරණය කරලා.  ඔබේ පුද්ගලයා කෙතරම් වේගයෙන් දිව ගියත්, පළමු අවස්ථාවෙන්ම තමන්ගේ වාසිය අහිමි වෙලා යාවි. ෂ්‍ය​ඕ චීයේ ශෙන් ස'චුආන්ගේ කලබලකාර වත් දුටු අතර  තම ග්‍රහණය මුදා හැරියේය.

ෂෙන් සෙචුවාන්ගේ අත්ල ගිලී ගියේය.  යන්තමින් ලැංලී අසිපත අල්ලාගත් ඔහු පවසන්නට විය, "... ඔහු කොයිතරම් වේගවත් වුනත්, ඔහුට තවමත් නීතිරීති වලට අනුව ක්‍රීඩා කළ යුතුයි වගේම අතර ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන්නත් වෙනවා."

ෂ්‍යාඕ චීයේ මිංලී ශාලාවේ පටු ආලින්දය දෙසට නෙත් හෙලා පවසන්නට විය, "මොකක්ද අවුල?"

 ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය, “මම කෙනෙක් ව සොයනවා.  ෂිෆු අතුරුදහන් වෙලා. ”

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය. “ ලේඛනයක් නිකුත් කරලා නැති තාක්, ඔහු තවමත් චූදු වල ඉන්න පුළුවන්.  වසංගත කාලය තුළ අවසරයකින් තොරව මිනිසුන්ට ඇතුළුවෙන්නත් ​පිටවෙන්නත් ඉඩ දෙන්න අෂ්ඨ මහා පුහුණු අංශ නිර්භීත වෙන්නේ නැති වේවි. වසංගතයෙන් පස්සේ රාජකීය හමුදාව මුර සංචාර කටයුතු බාර ගත්තා.  ජි ගැං-ෂිෆු දැනටමත් පිටව ගිහිල්ලා නම්, මගේ අවසානය ගැන මට ආරංචියක් තියෙන්න ඕනේ."

"මම අනුමාන කරන්නේ ඔහු තවමත් චූදු වල ඉන්නවා කියලයි."  ශෙන් ස'චුආන් මොහොතකට නතර විය.  “ෂී හොංෂුආන් කළේ ඇදුරුතුමාව අරගෙන යාම විතරයි.  ශිෆු ගියේ ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන්.  ඔහුව මෙතරම් කාලයක් රඳවා තබා නොගෙන ඉන්න තිබුණා. නමුත් ඇදුරුතුමා තවමත් අනතුරක නම්, ෂිෆුට තනිවම පිටව එන්න නොහැකි වේවි."

“ෂී හොංෂුආන් මැරිලා ඉවරයි.” ෂ්‍යාඕ චීයේ අනෙක් අන්තය දෙසට තම දෑස් හරවා ගත්තේ ය. “ ඒ මහත්මයාගේ නිවස පරීක්ෂා කරගැනීම කෙනෙක් ලවා කරවගන්න කාලේ හරි."

ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම අනුගමනය කළේය.  එහි අන්තයේ සිට නිල ඇඳුමින් සැරසුණු ෂුඒ ෂ්‍යුජුඕ ජ්‍යැං චිංෂන් සමඟ ඔවුන් දෙසට පැමිණෙමින් සිටියේය.

ෂුඒ ෂ්‍යුජුඕ පෙනුමෙන් සරල විය, නමුත් ඔහුට විද්වත් හා පිරිසිදු වඋ හැකියාවක් තිබුණි.  ඔහු කොං ච්‍යු, සෙන් යූ, හා අනෙකුත් අය මෙන් නොවී ය. ඔහු අන් අය කෙරෙහි මෘදු වූ අතර, අනෙක් අයට ඔහු ගැන හිතකර හැඟීමක් ඇති කරවන්නට ඉඩ සැලසුවේ ය.  ඊට පටහැනිව, ජ්‍යැං ​චිංෂන් අපේක්ෂා කළ විදිහේ අයෙක් නොවීය.  කටකතා වලින් ජුඒෂි වල බලවත් බරඋසුලන්නා ඇත්ත වශයෙන්ම ඔහුගේ සැබෑ වයසට වඩා තරුණ ව පෙනුණේ ය.

දෙදෙනාව ඔවුන් අසලට එද්දි පුද්ගලයන් සතරදෙනාම එකිනෙකාට ආචාර කරගත්තෝ ය.

පෙරදී , ජ්‍යැං චිංෂන් ඔහුගේ වැඩ කටයුතු වාර්තා කරන්නට චූදු වලට පැමිණි විට, ඔහු නිලධාරීන් සියය සදහා වූ භෝජන සංග්‍රහයේදී දුර සිට ෂ්‍යාඕ චීයේව දැක තිබුණේ ය   ශෙන් ස'චුආන් සම්බන්ධයෙන් ගත් කල, එය ඔහුව හමු වූ පළමු අවස්ථාව විය.  නමුත් ඔහුගේ සිත මේ වෙනුවෙන් යොමු නොතිබූ බැවින් ඔහු ඔවුන් කෙරෙහි උණුසුම් සිතක් හෝ මවාපෑමක් ​පෙන්වූයේ නැත.

“මේ වසරේ හුගක් පැරණි නඩු අවසන් වෙලා, ඒ සේරම සහකාර අමාත්‍ය ෂුඒ ගේ දායකත්වයට වගේම අධිකරණ අමාත්‍යාංශයේ විවිධ විශිෂ්ටයන්ට ස්තූතිවන්ත වෙන්නයි.  අද අපි ඔහුව මුණගැසෙන විට අධිරාජ්‍යයා නිසැකවම ඔබට ප්‍රශංසා කරාවි. ”  ෂ්‍යාඕ චීයේ සිනහවකින් මුව සරසාගෙන ෂුඒ ෂ්‍යුජුඕ ට පැවසුවේ ය.

ෂුඒ ෂ්‍යුජුඕ සිනහසෙමින් ඔහුගේ හිස මඳක් සොලවමින් කීවේ ය, “ගෞරවනීය අමාත්‍යතුමාගේ තීක්ෂණ බුද්ධිය සහ ඥානවන්ත විනිශ්චයන් නිසා නඩු අවසන් කරන්න පුළුවන් වනේ.  මම ඔහුට පොඩි පොඩි උදව් කිහිපයක් කළා විතරයි. ඒක දායකත්වයක් විදිහට සලකන්නේ කොහොමද?  ඊට වඩා, එම අසංවිධානාත්මක නඩු ගොනු කෙළින් කරලා නැවත පිළිවෙලට තැබුවේ උප හමුදාපති ෂෙනුයි.  ඇත්තටම ඒක ඔහුට හුඟක් දුෂ්කර වුණා. ”

ශෙන් ස'චුආන් ෂුඒ ෂ්‍යුජුඕ දෙස බලා,ත පවසනුනට විය. “රාජකීය බන්ධනාගාරයේ මට පරීක්ෂා කළ හැකි ලේඛනාගාරයක් තියෙනවා.  මේ කාරණා සාමාන්‍ය ලිපිකරුවෙකුට පවා හැසිරවිය හැකි දේවල්."

ෂුඒ ෂ්‍යුජුඕ ගේ ප්‍රකාශනය කිසිවක් පාවා දුන්නේ නැත.  ජ්‍යැං චිංෂන් හැර අනෙක් තිදෙනාම ශිෂ්ටත්වය මවා පෑවෝ ය.  ජ්‍යැං චිංෂන් ඔහුට සම්බන්ධ වීමට අවශ්‍ය නැති බවක් පෙනෙන්නට තිබුණි. හේ කිසිත් නොකියා පැත්තකට වී සිටියා පමණි.

ෆුමන් තිරය ඔසවා පිටතට විත් ඔවුන්ගේ නාමයන් වලින් ඇමතුවේ ය.  ඉන්පසු ඔවුන් සියල්ලෝම මිංලී ශාලාවට ඇතුළු වූහ.  ශෙන් ස'චුආන් ඇතුලට යන විට, ලී ජ්‍යංහෙන් ගේ මකර සිංහාසනය අභියස සේවය කරමින් සිටි ෆෙංචුආන් ව ඔහු ක්ෂණිකව දුටුවේය.  දෙදෙනාගේම ඇස් හමු වූ අතර, ෆෙංචුආන් සිනහවක් පෑවේ ය.

◈     ◈     ◈

ෆෙයි ෂෙං සෙවීම් සිදු කිරීමේදී ප්‍රථමයා වීම පිළිබද ආඩම්බර විය. ඔහුට සොයාගත නොහැකි පුද්ගලයෙකු කිසි දිනෙක සිටියේ නැත.  එහෙත්, ඔහු මේ දින දෙකෙහි මුළු චූදු නඟරයම පෙරලා බැලූ පසුව පවා ජි ගැං සහ චී හුයිලියන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් දක්නට නොලැබුණි.

ග' චිංචිං ඔහු පසුපස හඹා ගොස් තිබුණේ ය.  ෆෙයි ෂෙංගේ අහංකාරබව අඩු වී මේ මුළු කාලයම නිශ්ශබ්දව සිටි බව දුටු ඔහු අසන්නට විය., “ඔවුන් නගරයෙන් පිටතට අරගෙන ගිහින් වෙන්න බැරි ද?” 

ෆෙයි ෂෙං නිල රාජකාරිවලට සහභාගි වෙද්දී බරපතල අයෙකු විය. ඔහු කිසිවෙකු දෙස නොබලා, ෂී වංශයේ පිළිස්සුණු වාහල්කඩෙහි පහළ කොටසේ ඔහු හිදගත්තේ ය. “අවාසනාවට.  ඔවුන්ගෙන් එක් අයෙකුට අසාමාන්‍ය කුසලතා තිබූන නිසා, ඔවුන්ව එම ස්ථානයේදීම පහත හෙළීමෙන් පමණක් කිසිදු හෝඩුවාවක් ඉතිරි නොවේවි කියලා සහතික කරන්න පුළුවන්. මේ වගේ කාරණයකදි , කලබල වැඩි වන තරමට, ඒවා හෙළිදරව් කරගන්න පහසුයි. ”

ග' චිංචිං පියවර කිහිපයක් පසුපසට ගෙන විශාල ශාලා සහ පුළුල් උද්‍යාන සහිත මේ මන්දිරයය සමීක්ෂණය කළේය.  ඔහු පැවසුවේ ය. “ඒත් ඔහු සැ​ගෙව්වේ නිවස තුළ නම් ,  අපේ සහෝදරයන්ගේ සෝදිසියෙන් බේරෙන්නේ කොහොමද?  අපි බොහෝ කාලෙක ඉදන් මේ වාසස්ථානය ගැන ගැඹුරින් සෝදිසි කරනවා.

"මම කවදාවත් ෂී හොංෂුආන් එක්ක මිත්‍ර වෙලා ආශ්‍රය කරලා නොතිබුණත්, ඔහුගේ ස්වභාවය ගැන මම අහලා තියෙනවා."  ෆෙයි ෂෙං නැගී සිටියේ ය.  “ඔහු ස්වභාවයෙන්ම සැක සහිත අයෙක්.  ඒ නිසා ඔහුට වඩා වැදගත් දේවල් ඔහුට වඩා සමීපව තබාගත්තා. මොකද ඔහු අන් අයව විශ්වාස නොකරපු නිසා. මේ පුද්ගලයෝ දෙදෙනා හුගක් වැදගත් නිසා , ඔහු අනිවාර්යයෙන්ම ඔවුන්ව ඔහුගෙන් දුරස් ස්ථානයක තියන්නේ නැතිවෙයි.

ෆෙයි ෂෙං ගේ කටහඬ ක්‍රමයෙන් අඩු වූයේ ය.  ඔහු පිළිස්සුණු බිත්තිය දිගේ නැඟී විවිධ අතු පසෙකට තල්ලු කළේ ද්වාරය දෙස බැල්මක් හෙලන්නට ය.

 "චිං කුමාරයාගේ මන්දිරය."  ග' චිංචිං ඔහු පසුපස නැඟී ඇතුළත බලන්නට වකුටු වූයේ ය.

“අවුරුදු ගණනාවක් තිස්සේ පාළුවට ගිහිල්ලයි තියෙන්නේ...” ෆෙයි ෂෙං පහළට පැන තීන්ත ආලේප කරන ලද දිගු ආලින්දය මත පියවර කිහිපයක් තැබුවේය, එහිදී ඔහු දුටුවේ ඉහළින් ඇති තීන්ත ඒ වන විටත් ගැලවී ගොස් ඇති බවයි.  ඒ සියල්ල මකුළු දැල්වලින් ඝනව වැසී තිබූ අතර වටපිටාව අළු සහ අඳුරු පැහැ වූයේ ට.  ඔහු තම ෂ්‍යුචුන් අසිපත භාවිතා කර මකුළු දැල් ගලවා කඩදාසි මුද්‍රාවලින් දොරවල් තල්ලු කිරීමට උත්සාහ කළේය.

"ඒක හරි. ඒක වසර ගණනාවක් තිස්සේ භාවිතය නොකරපු නිසා ගරා වැටිලා. ”  ග' චිංචිං වටපිට බැලුවේ ය.  "ඔහු ඔවුන්ව මෙහි සඟවලා තියෙන බව ඔබ සැක කළාද?"

ෆෙයි ෂෙං දොර ස්පර්ශ කළ විගසම, යමක් වැරදී තිබෙන බව ඔහු දැන සිටියේය.  ඔහු පැවසුවේ ය, “දශක ගණනක් පැරණි මන්දිරයක්, නමුත් මුද්‍රාවන් දූවිලි වලින් විතරයි වැහිලා තියෙන්නේ.  මොකක් හරි සැකසහිත දෙයක් තියෙනවා!"

අඩියක් පසෙකට ගත් ඔහු එක්වරම ද්වාරයට පා පහරක් එල්ල කළේ ය.


අරුත් පැහැදිලි කිරීම
 
 1.) අස්වනු හටගන්නා කාලය : සූර්ණ දර්ශකයේ 9 වෙනිදා සිට 24දා දක්වා කාලයයි.

2.)  තරුණයින් පුහුණු කිරීම සඳහා මාලිගාවේ නපුංසක පාසල ආරම්භ කරන ලදී නපුංසකයින් සාක්ෂරතාවයෙන් යුක්ත විය යුතුය.  මෙය පැරණි මූලධර්මයෙන් බැහැරවීමක් විය. අතීතයේ දී නපුංසකයන්ට කියවීමට හා ලිවීමට ඉගෙනීම තහනම් විය.

3.) දොරවල්, ජනෙල් ආදිය මුද්‍රා තැබීම සඳහා භාවිතා කරන කඩදාසි තීරු, 

උදාහරණයක් ලෙස : රජය විසින් රාජසන්තක කරන ලද දේපල.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-