Skip to main content

අසූ පස්වන පරිච්ජේදය | පැවරුම.





ෂී වංශයට අත්වුණු දැඩි අවාසනාවන්ත පරාජයත් සමඟ ෂී හොංෂුආන්ට සළුව භාරදෙන්නට දරුවන්ද නොසිටියෙන් විවිධ වූ ස්ථානවල පිහිටි සියළුම  ව්‍යාපාරික වෙළඳසැල් වහා ක්‍රියාත්මක වන පරිඳි වසා දැමුවේ ය. සාප්පු හිමියෝ චූදු වෙතට ලිපි ලිවූහ. ඔවුන්ට අනුස්මරණ ශාලාවේ හිඳ තම පැරණි නිවාස හා අනාගත සැළසුම් පිළිබඳ සාකච්ජා කරන්නට ඉඩ සැළැස්වූවෝ ය.

අසුන මත හිදගෙන සිටි ශෙන් ස'චුආන් උපදෙස් දෙන්නට විය. “මේ ගමන විශාල දුරක් සහිතයි ඒ වගේම ඔබ කාන්තාවනුත් රැගෙන එනවා. මට නම් එයින් සැනසීමක් දැනෙන්නේ නැහැ. ෂ්‍යාඔවූ, වැඩිහිටි ෂී කැදවගෙන එන්න අපේ පුද්ගලයන් කිහිප දෙනෙක්ව යවන්න.”

ෂී දාන් ශෙන් ස'චුආන්ගේ වදන්වල අර්ථය වටහාගත්තේ ය. ඔහු ගැන සැකසංකා පළකරන්නට නිර්භීත නොවූ ඔහු තම කෘතඥතාව පෙන්වීම සදහා ඉක්මනින් දණ නමා ආචාර කළේ ය. 

“දැන් ෂී වංශයේ නායකත්වය ගන්න පුළුවන් මට්ටමේ ඉන්නේ වැඩිහිටි ආර්යාව විතරයි..” ශෙන් ස'චුආන් තමා ඉදිරියේ තිබූ ගිණුම් පොත් මතට බැල්මක් හෙළා පැවසුවේ ය. “ඔබ ආපසු යද්දී ටිකක් අවධානය යොමු කරන්න. අනිත් කාරණා ගැන හදීසි වෙන්න දෙයක් නැහැ ; මුලින්ම වත්මන් තත්වය ස්ඛාවර කරගන්න. ඔබේ මනස අහිමි කරගන්න එපා. මී දින කිහිපයකට කළින් අපි සාකච්ජා කළ දේ තාවකාලිව පැත්තකට දමන්න පුළුවන්. ඔබ යකුරු ලබා ගත්තට පස්සේ දුර්වලයෙක් වගේ පෙනී ඉන්න ඒවගේම මුදලා තැන්පත් කළ සුරක්ෂිතාගාරයේ පිවිසුම් ගැන සැළකිලිමත් වෙන්න. මිනිසෙකුගේ ධනය අන් අය තුළ තණ්හාව අවුලුවාලීමෙන් ඔහුගේම විනාශය සිදුවෙන්නේ.  දැන් ඔබට විශාල ව්‍යාපාර ගැන බලාගන්නත් මුදල් සුරක්ෂිතාගාරය කළමනාකරණය කරන්නත් සිදුවෙලා තියෙන නිසා , ඔබට යම් කරදරයකට මුහුණ දෙන්න සිදුවේවි."

තමාගේ ආරක්ෂාව වෙනුවෙන් ශෙන් ස'චුආන් මත විශ්වාසය තැබීම හැකි බව ෂී දාන් මේ ව​න විට සහජයෙන්ම වටහාගෙන සිටියේ ය. හේ ෂී හොංෂුආන් ව අනුගමනය කළ තත්වය තේරුම් ගන්නට හොදින්ම හැකියාව තිබූ දක්ෂ පුද්ගලයෙක් වූයේ ය.

ඔහු ශෙන් ස'චුආන් වෙනුවෙන් ඉතා මහන්සි වී වැඩ කළේ ඔහු විසින් ඉවතදමන ලද පරිත්‍යාගශීලි ඉත්තෙකුලෙ සැළකීම වැළැක්වීම වෙනුවෙනි.  

“ස්වාමියාගෙන් මේ වගේ මඟපෙන්වීමක් ලැබෙනකොට, මේ පහත් සේවකයා නොසැලකිලිමත් වෙන්නේ නැහැ. මම මගේ ගමට ගියාට පස්සේ ස්වාමියාගේ ව්‍යාපාරය ස්ථාවර කරන්න  මගේ උපරිමය කරන්නම්.”

 “ෂී හොංෂුආන් ඔබව ඒ තරම් විශ්වාස කළේ ඔබට ඒ විදිහට කතා කරන්න හැකියාව තිබුණ නිසයි. ඔහු අතීතයේ දී ඕනෑවටත් වඩා ආධිපත්‍ය දැරුවා, ඒවගේම ඔහු ඔබට කරන්න දුන්නේ ගිණුම් කටයුතු විතරයි. ඒත් දැන් ඒක වෙනස්. මම ඔබට ඔබේ දක්ෂතා පෙන්වන්න අවස්ථාව ලබා දීලා තියෙනවා.” ශෙන් ස'චුආන් ඔහු දෙස නොබලාම ගිණුම් පොත් පසෙකින් තැබුවේය . “ඔබේ කාර්යයන් වලදී අවංක වෙලා නීති වලට අනුව කටයුතු කරන්න. එතකොට අනාගතයෙදි ඔබ වෙනුවෙන් ඕනැ තරම් අවස්ථා තියේවි. ඒත් ඔබ මාව රැවටුවොත් , එක වචනෙකින් හරි , මම ඔබේ ඔය දිව පිටතට අරගන්නවා.”

ඔහු එය පැවසුවේ මෘදු සැමැල්ලුභාවයක් සහිතව වූවද , එය ඇසුණු ෂී දාන්ට දැණුනේ ඇටමිදුළු පවා ශීතල වන බවකි. ඔහු ඉක්මනින් නැවතත් ආචාර කළේ , ශෙන් ස'චුආන් දෙස තවදුරටත් බලන්නට එඩිතර නොවෙමිනි.

ශෙන් ස''චුආන් ෂී දාන්ව පිටත් කර හැරීමෙන් පසුව ග'චිංචිං පැමිණෙද්දී දහවල් වී තිබුණි.  ග' චිංචිං ඇතුළු වී ඔහුගේ අසිපත් තලය ඉවත් කළ අතර, දෙපස සිටි රාජකාරිමය නිළදාරීහු ඔහුට තේ පිළිගැන්නට ඉදිරියට පැමිණියෝ ය, ඔහු එක හුස්මට එක් කෝප්පයක් පානය කළේ ය.

“කවුරුවත්ම නැහැ.” ග' චිංචිං ආසනය පසෙකට ඇදගෙන අසුන්ගත්තේ ය, “චූදු වල තියෙන ෂී වංශයට අයත් හැම නිවසක්ම හොදින් පරික්ෂා කරලයි තියෙන්නේ. ඇදුරුතුමාගෙවත් ශීෆුගෙවත් කිසිම සළකුණක් නැහැ.”

අසතුටුදායක ප්‍රකාශයක් සහිතව නිහඬව පුටුවට හේත්තු වූ ශෙන් ස'චුආන් කිසිවක් පැවසුවේ නැත.

“ඔවුන් නගරයෙන් පිටත නින්දගමක ඉන්න පුළුවන් නේද?” ග'චිංචිං තම දහදිය පිසදැමුවේ ය. “ෂී වංශයට නගරයෙන් පිට ස්ථාන හුගක් තියෙනවා. කවුද දන්නේ , ඔහු ඇත්තටම ඔවුන්ව පිටත සැගෙව්වද කියලා.”

"ෂිෆු ඇදුරුතුමා වගේ නෙවෙයි. දැනටමත් හුගක් කල් ගත වෙලා.  ඔහු නිසැකවම නැවත ඇවිත් මාව හමුවෙන්න මාර්ගයක් ගැන හිතන්න ඕනේ.  ඒත් ඔහු තවම එහෙම කරලා නැහැ. ” ශෙන් ස'චුුආන්ගේ හදවත කම්පා විය.  “මේකෙන් පේන්නේ ඔහු කොහේහරි කොටුවෙලා ඉන්නවා කියන එකයි;  ඔහුට ආපසු එන්න බැහැ."

ජි ගැං කුකුල් අණ්ඩක් පවා ඇද ගැනීමට නොහැකි තරම් දුර්වල වූ චී හුයිලියන් නොවන්නේ ය.  චූදු හි ඔහුට ගැලපෙන කිසිවෙක් නොසිටි තරම්ය.  සමහර විට ෂී හොංෂුආන් විශාල මුදලක් ගෙවා කුලියට ගත් සටන්කාමී සහෝදරයන් අතර ඉතා දක්ෂ විශේෂඥයෙක් සිටියා විය හැකිය.  නමුත් දැන් ෂී හොංෂුආන් මිය ගොස් ඇති බැවින්, මේ සටන්කාමීන් කණ්ඩායම දැනටමත් විසිරී , රාජකීය අධිකරණයේ හඹා යාමෙන් කඩිසර ලෙස ගැලවී  යා යුතුව තිබුණි.  එසේ නම්, ඔවුන් රැඳවියන් ගැන සැලකිල්ලක් දක්වන්නේ මොන එහෙකටද?

“ෆෙයි ශෙංට එන්න කියන්න.” ශෙන් ස'චුආන් පැවසුවේ ය, “මට ඔහුට මෙහෙයුමක් භාර දෙන්න තියෙනවා.”

ග' චිංචිං මොහොතකට මවිතයට පත් වූයේ ය. පසුව ඔහු පවසනිනට විය, "මේ අය... ඔහු එය භාර ගන්න කැමති වේවි ද?"

"ඔහු රාජකීය බන්ධනාගාරයේ සේවය කරන්න ලියාපදිංචි වෙලා තියෙන  නිසා," ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් ඔසවන විට ඔහුගේ බැල්ම සීතල වූයේ ය, "එකකොට ඔහුට "අකමැතීයි" කියලා පවසන්න බැහැ. මේ පුද්ගලයන්ට මට ප්‍රයෝජනවත් වෙන්න බැරි නම්, ඔවුන් හැර යාම අනාගතයේදී විනාශකාරී ප්‍රතිවිපාකවලට තුඩු දේවි. ”

රාජකීය ආරක්ෂකයන්ට දක්ෂතා වලින් අඩුවක් නොතිබුණද , ගූ ජින් වැනි දෑස් හා කන් සහිතව පමණක් විමර්ශනය කිරීමේ හැකියාව ඇති අයවලුන් සිටියේ සුළුතරයකි. මේ ෆෙයි ​ශෙන් නමැත්තා උපභාර්යාවකට දාව සාමාන්‍ය උපතක් හිමි අයෙක් විය. ඔහු සහකාර අණදෙන නිළදරයෙක් ලෙස , ඔහුගේ කුසලතාවයන් අගයමින් තම පියාගේ මුල් තනතුරට උරුමකම් කී අයෙකි.   මේ පුද්ගලයා සෙවීම් විමර්ශනවලදි නඩාත්ම කැපී පෙනෙන පුද්ගලයෙක් වූයේ ය. නමුත් ඔහුට පෙර ච්‍යාඕ ත්‍යැන්යා එක් නිළයකින් උසස් ව සිටියේ ය. ඔහු උසස්වීම් ලබා ගනුනට වසර අටක කාලයක් රැදී සිටි අතර ඒ වංශයේම සිටි වංශාධිපති හේලියන් ගේ තනතුර හා සමාන වන්නට බොහෝ උත්සහ දැරැවේ ය. ඔහු මුලින් සිතුවේ උතුරේ විනිසුරු ධූරය ලැබෙන්නේ තමන්ට බවය. ශෙන් ස'චුආන් කොතැනක හෝ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන්නේ කවුද?  දෙවැන්නා ඔහුගේ අනාගත අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම බිඳ දැමූ අතර, නියෝග බලාපොරොත්තුවෙන් ඔහුගේ මුල් තනතුරේ ම හිදින්නට සිදු විය.

ෆෙයි ශෙං ග' චිංචිංට වඩා වෙනස් විය.  දිළිඳු පවුල් පසුබිමකින් පැමිණි ග' චිංචිංට වඩා වක්‍රාකාර අමාත්‍ය කව ගැන ඔහු දැන සිටියේය.  ඔහුට තම උසස් නිලධාරියා වූ හැන් චෙං සමඟ සංවාදයක් පවා ආරම්භ කළ හැකි අතර ඔහුව හැන් චෙංගේ අර්ධ ගෝලයෙකු ලෙස ද සැලකිය හැකිය.  ඉතින්, ඔහු ජී ගැන් සමඟ කලින් මිත්‍රත්වයක් පැවැත්වූ ග' චිංචිං වැන්නෙක් නොවීය - ඔහු කිසිසේත්ම ජී ගැං ගැන තැකීමක් කළේ නැත.  වර්තමානයේ, ඔහු රාජකීය ආරක්ෂක අංශයේ බර උසුලන්නා වූ අතර, ශෙන් ස'චුආන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිවිරුද්ධ කොන්දේසි දැරෑ අයෙකි.  මාස කිහිපයකට පෙර ශෙන් ස'චුආන් ඔහුගේ තේජසේ උච්චතම ස්ථානයේ සිටියදී, ඔහු පහතට වැටී සි​ටියා සේම ඔහුට මුහුණ දෙන්න​ටද ශක්තියක් නොවුයේ ය. නමුත් පසුගිය දිනවල ඔවුන්ගේ ගැටීම ක්‍රමක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබුණි.

ශෙන් ස'චුආව් බැරණි නඩු විභාග කිරීම සදහා බොහෝ කාලය නාස්ති කර තිබුණු අතර එයිනුත් අඩක් මේ මිනිසුන් සඳහා වැය කර තිබුණේ ය. ඔහු ඔවුන්ට ලබා දුන් උපදෙස්වලින් අඩක් පමණක් ඔවුන් ඉටුකළ අතර, ඔවුන් නඩු ගොනු සෙවීමේදී සහ රැස් කිරීමේදී අලසයෝ පෙස කටයුතු ක​ළෝ ය.  අවසානයේ, ශෙන් ස'චුආන් නිසි වේලාවට වාර්තා ගලපන්නට අපොහොසත් වූ අතර ඒ සියල්ල පිළිවෙලට තබන්නට පෙරම ඔහුට පෞද්ගලිකව අධිකරණ අමාත්‍යාංශයට යන්නට සිදු ව තිබුණේ ය.

දෙපාර්ශවය අතර තත්වය දැනටමත් පුපුරන සුලු ලෙස සටන් ජවනිකාවලින් පිරෙන්නට පටන් ගෙන තිබුණි.  ඔවුන් දක්‍ෂ බව ග' චිංචිං දැන සිටියත්, ඔවුන් සමඟ සංසන්දනය කිරීම ගැන ඔහු තවමත් අමනාපයෙන් හුස්ම හිරකරගනිමින් සිටියේය. එහෙත්, ඔහු ඔවුන්ට වඩා පහත් බව ද ඔහු තේරුම් ගත්තේය. පුද්ගලයන් සොයා ගැනීම දැන් ප්‍රමුඛතම දෙය වූ අතර, ඔහු ඊට විරුද්ධ නොවී ෆෙයි ශෙන්  ව සොයන්නට පිටත්විය.

ග' දිංචිං තිරය ඔසවා ඇතුලට ​යද්දී ෆෙයි ශෙං වෙනත් කාමරයක ​වෙනත් මිතුරන් සමග මත්පැන් පානය කරමින් ඇගිලි අනුමාන කිරීමේ ක්‍රීඩාව සිදුකරමින් සිටින අයුරු දුටුවේ ය.  ඔහු දොර අසල සිටගෙන පවසන්නට විය, “සහකාර අණදෙන හමුදාපති ෆෙයි, කරුණාකරලා මධ්‍යම කාර්යාලයට යන්න. ස්වාමියා ඔබට කතා කරනවා.”

ෆෙයි ශෙං පුටුවට නැඟී අනෙක් අය සමඟ සෙල්ලම් කරමින් කෑ ගසමින් සිටි නිසාදෝ ඔහුට එය නියමාකාරයෙන් ශ්‍රවණය වූයේ නැත.  මහ දවාලේ මුළු කාමරය තුළම මිනිසුන් පුරවාගෙන මෙවන් ඝෝෂාවක් ඇති කිරීම සැබවින්ම නුසුදුසුකම සහ අගෞරවය ප්‍රදර්ශනය කිරීමක් පමණකි.


ග' චිංචිං සිවිටකත් තම කෝපය අන් අය මත මුදා හැරියේ නැත. ඔහු කුඩා කල සිටම තම මෙහෙවර වලදී තම වැඩිමහළු පුද්ගලයා සමග දූත මෙහෙවරයන්වලට ගොස් තිබූ අතර ඔහු විවිධ පුද්ගලයන් දැන හඳුනාගෙන සිටියේය. ඔහු අන් අයව බලා ගන්නේ කෙසේද යන්නත් ඒ පිළිබද මනා හැගිමකුත් සතු අයෙක් විය. ඔහුට ආරක්ෂාවට සිටින සංචිතයේ අණ දෙන නිලධාරීන් සමඟ පවා දැන හැඳුනුම්කම් ඇති කර ගැනීමටත් ඔහුට වඩා අඩු තරාතිරමේ අයව වැරදිකරුවන් බවට පත් කරන්නටත් හැකියාව තිබුණි. දැනට කොයිතරම් අපහසුවෙන් හිටිය ද ඔහු මේ අවස්ථාවේ මුහුණ එල්ලා ගනිමින් අනිත් පාර්ශවයට තමන්ගේ අප්‍රසාදය පෙන්වන්නට උත්සහ නොකළේ ය.  ඒ නිසාම, ඔහු දොර හරහා ගොස් මේසය මත වූ වයින් බඳුන අල්ලා ගත්තේ ෆෙයි ශෙංට පෞද්ගලිකව කෝප්පයක් වත් කිරීම වෙනුවෙනි.  ඔහු ආචාරශීලීව පැවසුවේ ව. “ඒක එතරම් දෙයක් නෙමෙයි. උතුමාණන්ගේ නියෝගය මත සිදු කළ මෙහෙයුමකුත් නෙමෙයි. ඒකට එතරම් කාලයක් ගත වෙන්නෙ නැති වේවි. ”

රටකජු ඇට විසි කරමින් ෆෙයි ශෙං පවසන්නට විය. “එය උතුමාණන්ගේ නියෝගයක් නෙමෙයි නම්, යටත් නිලධාරීන්ගෙන් කෙනෙකුව යවන්න.  ඔහු මා වගේ තරාතිරමක් සහ අධිකාරියක් ඇති අයෙක් ව යවලා මොනවා කරන්නද?  ඒකෙ කිසි තේරුමක් නෑ නේද?"

“ගෞරවනීය ස්වාමියාට ස්වභාවයෙන් ම තමන්ගේ විධිවිධාන තියෙනවා.  ඔබ එය භාර ගන්නවාද නැද්ද කියන එක ගැන සාකච්ඡා කරන්න පුළුවන්." ග' චිංචිං තමා වෙනුවෙන් කෝප්පයක් වත් කර ඔහුගේ කෝප්පය මත වැද්​දුවේ ය.  “මේ දවස් කිහිපයේ පරණ නඩු විභාග කරන එක විවිධ සහෝදරවරුන්ට අපහසුයි තමයි.  සහකාර අණදෙන නිළදාරී ෆෙයි වෙහෙස මහන්සි වෙලා බොහෝ දේවල් අත්කර ගෙන තියෙනවා.  මෙන්න ඔබට ජය පැනක්.  හැකියාවන් ඇති පිරිමින් හැම අවස්ථාවකම අධික ලෙස වැඩ කරනවා.  කරුණාකරලා යන්න."

ෆෙයි ශෙං ශෙන් ස'චුආන් පවරන ලද වැඩ ඉටු කරන්නට තියා තැකීමක්වත් නොකළේ ය.  ඔහු ශෙන් ස'චුආන් ගේ ජ්‍යෙෂ්ඨයා ලෙස ද පුරසාරම් දොඩවන අතර එහෙයින් තමාව ශෙන් ස'චුආන් විසින් කැදවීම යෝග්‍ය නොවන බවද ඔහු සිතයි. නමුත් සියල්ල අවසන ඔවුන්ට එක්ව වැඩ කරන්නට සිදුවී තිබුණි.  හොඳ හේතුවක් නොමැතිව යමක් නිර්මාණය කරන්නට ඔහුට හේතුවක් නොතිබුණි;  එසේම එය හැන් චෙං​ට ආරංචි වුවහොත් සිදුවන්නේද එතරම් හොද දෙයක් නොවේ.

ෆෙයි ශෙං මේ මත්පැන් බදුන පානය කළ අතර ග' චිංචිං වෙත අවංකව සිනාසුණේය.  ඔහුට උත්තරයක්වත් නොදී ඔහු මේසය මත තිබූ තමාගේම රාජකාරි අවසරපත් පළදනාව ගෙන ආපසු හැරී පිටව යන්නට විය.

වම් පසින් හිද ශීතල ආකාරයකින් සිටි ග' චිංචිං මත්පැන් බදුන මේසය මතතබා රාජකීය ආරක්ෂකයන්ට දෑත් එක්කර ආචාර කළේ ය –  ඔවුන් සෑම කෙනෙකුම ඔවුන්ගේ මුහුණුවල විවිධ ආකාරයේ ප්‍රකාශන සහිතව  පිටව ගියෝ ය.  ඔහු පසු බසින මොහොතේ ඔහුගේ පුද්ගලයන් ද නැගී සිටියේය.

ග' චිංචිං ඔහුගේ මුව පිසදමමින් පවසන්නට විය, "ඇයි ඔබලා නැගිට්ටේ? අපි වගේ සහෝදරයෝ අතර විධිමත් දේවල් අවශ්‍ය නැහැ.  වාඩිවෙන්න.”

දිං තාඕත සමාන වයසක සිටි ෂ්‍යාඕවූ ඔහුගේ හදවත ඔහුගේ අත් කබා මත කබා ගැනීමෙන් වැළකී සිටීමට නොහැකි විය. (idium)  ඔහු කෝපයෙන් හා අමනාපයෙන් පැවසුවේය. “ඔහුගේ හිසටත් වඩා උඩින් තියෙන ඇස් දිහා බලනුන..  ඔහු කෲර ඒකාධිපති පාලකයෙක් වගේ ඇවිදිමින්, තමාගේම වැදගත්කමෙන් උඬගු වෙලා, කර්මය කවදා හරි ඔහුගේ මුහුණට තදින් පහර දේවි කියලා ඔහුට බයක් ඇත්තෙම නැද්ද.  බාහ්!  චිං-ග, ඇයි අපි ඔහුව තවත් ඉවසන්නේ?  ඔහුගේ අවසරපත ඉවත් කරලා ඔහුව පිටතට ඇද දමන්න, ඉන්පසු ඔහුව ගෝනියකින් ආවරණය කරලා හොදටම පහර දෙන්න.  ඔහු තවමත් හැසිරෙන්නට ඉගෙන ගන්නේ නැද්ද බලන්න! ”

ග' චිංචිං තරවටු කළේය, “ඔබ මොනතරම් නින්දිත ප්‍රකාශයක් ද සිදු කරන්නේ?  අපි අපේම මිනිස්සුන්ට ගැහුවා කියලා ආරංචිය වුනොත් අපි අපිවම සරදමට ලක් කර ගන්නවා නේද?" ඔහු සියල්ලන්ම දෙස බලමින් පවසන්නට විය. “අපි ඔක්කොම එකතුවෙලා තමයි රාජකාරි කටයුතුවලට යන්නේ.  අපි කිසිම වරදවා වටහාගැනීමක් හෝ අසතුටක් ඇති කරගන්න හොඳ නැහැ.  එසේ නැති වුනොත් නම්, අපි මෙහෙයුමක දී එකිනෙකා ගැන හොයා බලන්නේ කොහොමද?  ඔවුන් අපව පහත් කොට සලකනවනම් , අපේ තරම ඔප්පු කරන්න අපි හුගක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරමු. ”

◈     ◈     ◈

ෆෙයි ශෙං ඇතුළු වන්නට තිරය එසවූ අතර මේසය ඉදිරිපිට දී ඔහුගේ ගෞරව දැක්වීම අලසව සිදු කළේය.  ඔහුගෙන් තවමත් මත්පැන් පානය කරමින් සිටියේය,  ඔහුගේ ගන්ධය මේසය හරහා ගොස් ශෙන් ස'චුආන් සිටි ස්ථානයටම ගමන් කරන ප්‍රබල ය.

 ඔහුගේ හිස ඔසවන්නේ නැතිව, ශෙන් ස'චුආන් පැවසුවේ ය, "රාජකාරිය වෙලාවේ මත්පැන් පානය කිරීමේ වරදට ඔබේ වැටුපෙන් මුදල් අඩු කිරීම භාරගන්න පුළුවන් ද ?"

ශෙන් ස'චුආන් නැගී නොසිටින බව දුටු ෆෙයි ශෙං අසුනක් පිටතට ඇද්දේ ය.  නමුත් ඔහුගේ පශ්චාත්භාගය අසුන මත ගැටෙන්නට පෙර, ශෙන් ස'චුආන් ඔහු දෙස බැලුවේය.

 ශෙන් ස'චුආන් නොපමාව සිනහවක් පෑවේය.  "අසුන්ගන්න."

ෆෙයි ශෙංට ඔහු කුමක් කරන්නේ දැයි පවසන්නට නොහැකි විය.  ඔහු වාඩි වී කීවේ ය "ඔබ මා සොයන නිසා, මම ඔබ වෙනුවෙන් නරලා දෙන්න පුළුවන් මොනවද?"

 ශෙන් ස'චුආන් පිළිතුරු දුන්නේ ය. "ඔබ හැර වෙන කිසිවෙකුටත් කළ නොහැකි පැවරුමක් තියෙනවා."

ඔහුට තමන්ගෙන් ඉල්ලා සිටින්නට යමක් ඇති බව දුටු ෆෙයි ශෙංට විවේකීව සිටීමට නොහැකි විය.  ඔහු තම අත් සාක්කුවේ තිබූ දුම් පයිප්පය ස්පර්ශ කර එයට තට්ටු දමන්නට වූයේ ය. ඔහු පවසන්නට විය. එ්ක බන්ධනාගාර නියෝගයක් ද? ඒක සේනාධිනායකයාගේ නියෝගයක් නම්, මට නිල ලේඛන ලබා දෙන්න, මට එය සමඟ වැඩ කරන්න පුළුවන්."

ශෙන් ස'චුආන් බුරුසු තුඩේ අඟ රැඳී ඇති තීන්ත ඉවත් කරමින් පවසන්නට විය, “එ්ක බන්ධනාගාර පැවරුමක් නෙමෙයි. ඒවගේම ඒක සේනාධිනායකයාගේ නියෝගයකුත් නෙමෙයි” 

ෆෙයි ශෙං දුම් පයිප්පයේ නලයට තට්ටු කරමින් එය මුව රදවාගෙන සිනාසෙමින් කීවේ ය.“එහෙමනම් ඒක ඔබතුමාගේ නියෝගයක් ද?  මට ඒක කරන්න පුළුවන්, නමුත් මට තවමත් වාර්තාගත කරන්න මෙහෙයුම් කිහිපයක් තියෙනවා. මේ හතරවන මාසයට විතරක් නෙමෙයිද?  චූදු වල දෛනික අවශ්‍යතා වෙන දර, සහල්, තෙල් සහ ලුණු වල මිල අඩු වැඩි වීම් පිළිබඳව මම අවධානයෙන් ඉන්න ඕනේ."

මේ "වාර්තා කළ යුතු දෑ" අතරට ධාන්‍ය, සහල්, නූඩ්ල්ස් සහ තේවල මිල ගණන් ඇතුළුව සියලුම සුළු හා ප්‍රධාන කරුණු ගැන රාජකීය ආරක්ෂකයෝ පොතක සටහන් කර තබාගන්න අවශ්‍යයි.  අවශ්‍ය විටෙක මේවා ලී ජ්‍යන්හෙංටත් හායි ලියැංයීටත් වාර්තා කළ යුතු විය.  නමුත් මේ පැවරුම ෆෙයි ශෙං විසින් පෞද්ගලිකව සිදු කළ යුතු නොවීය.  ඔහු හතරවන ශ්‍රේණියේ සහකාර අණ දෙන නිලධාරියෙකු වූ අතර, ඔහුට වෙනකෙකුව යැවීය හැකි එකම පැවරුම වූයේ අත්අඩංගුවට ගැනීම් සහ ක්ෂේත්‍ර කටයුතු පමණය. එය මේ ආකාරයෙන් සිදු කිරීමෙන්, ඇත්ත වශයෙන්ම, ඔහු එම පැවරුම භාර ගැනීමට සැලසුම් කර නොතිබුණේ ය.

"කුකුළෙක්ව මරන්න ගොනෙක්ව කපන යන්ත්‍රයක් භාවිතා කරන්නේ ඇයි? (1.) ඔබ එහෙම කරන එක හුදෙක්ම දක්ෂතා නාස්තියක් විතරයි." ශෙන් ස'චුආන් පැවසුවේ ය.

“මම මුලින්ම සාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක්.  ඔබතුමා වගේ ස්වභාවික දක්ෂතා ඇති වීරයෙකුට මාව සම කරන්න බැහැ.  ඔබ මේ වන විටත් මේ තරම් තරුණ වයසේදී තුන්වන ශ්‍රේණියේ උප හමුදාපතිවරයෙකු වෙලා වගේම අධිරාජ්‍යයා පවා ඔබ දෙස යහපත් කෝණයෙන් බලනවා.  ඒවිතරක් ද, ඔබ අලංකාරයි වගේම සම තත්වයක් සහිත අයෙක්. ”  ෆෙයි ශෙං දුම් පිපිරෙව්වා.  “අපි වගේ පිරිමින්ට කරන්න පුළුවන් සමහර පහත් වැඩ විතරයි අපේ ගමන අවුල් කරගන්න.  අපි වෙන කිසිවක් ගැන සිහින දකින්න එඩිතර වෙන්නෙ නැහැ, අපි එහෙම වෙන්න හිතන්නෙවත් නැහැ.  දින කිහිපයක් ඉන්න.  මට නිදහස් කාලය ලැබෙන්නේ දින කිහිපයකට පසුවයි. ”

ශෙන් ස'චුආන් පවසන්නට විය, “මේ පැවරුම කොහොමටවත් කල් දාන්න බැහැ.”

ෆෙයි ශෙං ඔහුගේ වියළි උගුර තෙත් කරගනිමින් අඩක් නැමී ශෙන් ස'චුආන් දෙස බලා මෙසේ කීවේය.  " සෑම කාරණයකටම ඊටම අනන්‍ය ප්‍රමුඛතා තියෙනවා. මට ඔබේ පැවරුම භාර ගන්න කලින් මට තියෙන කාර්යයන් අවසන් කරන්න වෙනවා.  මේ එදා ජි වුෆාන් විසින් නියම කළ රීතිය වගේම මට එය බිඳ දමන්න බැහැ.  එ් නිසා , ඔබට බලා ඉන්න සිදුවේවි. ”

ඒ දුම ඔහුගේ මුහුණටම වැදුණු ශෙන් ස'චුආන්, ඔහුගේ ප්‍රකාශය කෙතරම් නිර්භීතදැයි දුටු අතර අළු මේසයේ කෙළවරට ගසා දැමුවේ ය.  ඔහුගේ තත්ත්වය ප්‍රදර්ශනය කරමින්, ශෙන් ස'චුආන්ට ඔහුව පාලනය කර ගන්නට නොහැකි යැයි සිතමින්, ෆෙයි ශෙං අසුනෙන් ලිස්සා යමින් ඔහුට සමු දෙන්නට සූදානම් විය.

ශෙන් ස'චුආන් හදිසියේම ෆෙයි ශෙන් ඉදිරියේ කඩදාසි කැබැල්ලක් දිගු කළේ ය, “මට බලා ඉන්න පුළුවන්.  නමුත් සහකාර හමුදාපතිවරයාට බලා ඉන්න පුළුවන් ද?  මේ වසර ඔබේ උසස්වීම් වසරයි.  නමුත් අහඹු ලෙස, ජුඒෂි වල පළාත් පරිපාලක ජ්‍යැං චිංෂන් ට රැකියාවට වාර්තා කරන්න සඳහා අගනුවරට ඇතුළු වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මේ අවස්ථාවේදී ජ්‍යැං චින්ෂං අගනුවරට ඇතුළු වීම නිසා මහා ලේකම් කාර්යාලයේ අභිප්‍රාය නිසැකවම ඔබට වැටහෙන්න ඕනේ.  ඔහු දොංබෝ වල ප්‍රධානියා වෙන්නයි යන්නේ, මේ පුද්ගලයාට ඔහුගේ පැත්තේ රාජකීය ආරක්ෂකයෙක්වත් වැඩබලන හමුදාපතිවරයෙක්වත් නැහැ... ඉතින්, සහකාර නිළදාරී ෆෙයි තවමත් කාර්යබහුලද?"

ජ්‍යැං චිංශන් පළාත් ආණ්ඩුකාරවරයෙකි, ඔහු තම බල ප්‍රදේශය තුළ ප්‍රදේශය පාලනය කිරීමෙහිලා කැපී පෙනුණි, ඔහු ඉදිරියට ගොස් ජුඒෂි  දචෞ ධාන්‍යාගාරය බවට පත් කළේය.  ලිබෙයි සහ චීදොං හමුදා විධිවිධාන සියල්ල ඔහුගෙන් ලැබුණි.  මේ පුද්ගලයා ෂ්‍යාඕ ජීමිං සහ චී ජූයින්ට ට පවා අමනාප නරගන්නට නොහැකි වූ පුද්ගලයෙකි.  ඔහු වෙනුවෙන් වැඩ කිරීමෙන් අදහස් වන්නේ අනාගත අපේක්ෂාවන් ගැන කරදර වෙන්නට කිසිසේත්ම සිදු නොවන බවයි.

ෆෙයි ශෙංට තවදුරටත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යාමට නොහැකි විය.  ඔහුට බාහිර උපකාර සොයා ගන්න​ට සිදු විය.  නමුත් ඔහු උපභාර්යාවකින් උපත ලද පුතෙකු වූ නිසා, ඔහුට හන් ජින්, ෆෙයි ෂි සහ පැන් , ලින් වැනි ප්‍රධාන භාර්යාවන්ගෙන් උපත ලැබූ සියලුම අවංක සෘජු පරම්පරාව සමඟ එකට ක්‍රීඩා කරන්නට නොහැකි විය.  එම සම්බන්ධතා ස්තරය නොමැතිව ඔහුට ශ්‍රේණිගත කිරීම් හරහා ඉහළට යන්නටද නොහැකි විය.  මේ ඉරියව්වේ හිරවීම නිසා ඔහුට මුළුමනින් ම අපහසු දැනෙන්නට විය.  එසේ හැති නම්, ඔහු එවැනි සපාකෑම් උපහාසයෙන් යුතු වදන් පවසමින් ඔහුව පිළිගන්නට මැලි වෙමින් සිටියේ ය.

ෆෙයි ශෙං කඩිමුඩියේ නළය නිවා දමා ඔහුගේ අත්ල ඔහුගේ කකුල් දෙපස අතුල්ලමින් සිටියේය.  ඔහු මදක් නැමී ත සිනහවකින් යුතුව ශෙන් ස'චුආන්ට මෙසේ කීවේය, “මගේ දිහා බලන්න.මට හරියන්නෙ මොනවද කියලා තවමත් දන්නෙ නැද්ද !  මොන පැවරුමද?  මට කියන්න."

 ශෙන් ස'චුආන් පැවසුවේ ය, "මට අවශ්‍ය වෙන්නේ මිනිසුන් දෙන්නෙක්ව හොයන්න  මුළු චූදු නගරයම උඩු යටිකුරු කරන්නයි."

 "විවෘතව සොයන්න ද නැත්නම්..." ෆෙයි ශෙං ශෙන් ස'චුආන් දෙස බලමින් පවසන්නට විය.  ඔහු පැවසුවේ ය. “එය පහසුවෙන් කළ හැකි දෙයක්.  මම මේකට දක්ෂයි.  ඔවුන්ගේ විස්තර මට දෙන්න, ස්වාමිතුමනි.  දින පහක්.  මම අනිවාර්යයෙන්ම ඔවුන්ව ඔබ වෙනුවෙන් සොයා ගන්නම්! ”

 ශෙන් ස'චුආන් තම කටහඬ පහත් කර පවසන්නට විය. “මම ඔබට දෙන්නේ දින දෙකක් පමණයි” 

 ෆෙයි ශෙන් කඩදාසි පත්‍රය දෙස බලා, දත්මිටි කන්නට විය, හේ එය පිළිගත්තේය!


අරැත් පැහැදිලි කිරීම

1.) කුඩා රැකියාවකට විශාල මෙහෙයුමක් හෝ විශිෂ්ට දක්ෂතාවයක් අවශ්‍ය නොවේ.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-