අවුරුද්ද අවසානයේ සිටම, චූදු හී බොහෝ වැසියන් " නාඕ අ' " නමින් හදුන්වන ටසලයක් පැළඳ සිටියහ. කළු රන් කඩදාසියෙන් එය නිමැවී ඇත. ජෙංදන් උත්සවය ලඟ ලඟම පැමිණි අතර, සාමාන්‍ය ජනයා පේස්ට්‍රි සහ පිසූ මස් නිවසේදීම පිළියෙළ කිරීමට උත්සාහ කළහ. ‘නිලධාරී දසදහසක් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහයට’ අවශ්‍ය ද්‍රව්‍ය මාලිගාව විසින් සපයා ගැනීම ආරම්භ කර තිබුණේ මාස භාගයකට පෙරය. අධිරාජ්‍ය නිළදාරීන් සහ ඇමතිවරුන් බොහෝ කාර්යබහුල වූ නිසා එහි සිටි නපුංසක නිළදාරීන් ට ඔවුන්ගේ පසුම්බි හිස් කරගැනීමට සිදුව තිබුණි.
ෂ්‍යාඕ චීයේ ඔහු අත තිබූ පුස්තකය වසා දමමින් පවසන්නට විය, “පිටතින් සිටින නිලධාරීන් අගනුවරට ඇතුළු වෙනකොට, ඔවුන්ට ‘ශීතල ලෙස ගෞරව" කරන එක අපට වළක්වන්න බැරි වේවී අගනුවර නිලධාරීන්ට. නමුත් පෑන් රුගුයි කෙතරම් ආකර්ෂණීයද කියනවනම්, ඔහු එතරම් හොඳින් සංවිධානය කරලා ලැයිස්තුවකුත් සකසලා: ඔවුන් ඔහුගේ ලැයිස්තුවට අනුව මුදල් බෙදා දුන්නොත් විතරයි ඔහුන් සාමකාමී ව ඉන්නේ."
"ඒවා මේ අවුරුද්දෙ ආරම්භය නිසා කරන පුංචි පුංචි වෙනස්කම් ටිකක් විතරයි." ලූ ගුඅන්බායි තේ වල උණුසුම් වා තල පසෙකට කරන්න ට විය.
“මම ඔයාට ගිණුමක් දෙන්නම්. පෑන් රූගුයි යටතේ සිටින පුංචි නපුංසකයාට වසරක් තුළ ලැබෙන මුදල මායිමේ සිටින බලඇණි අණදෙන නිලධාරියෙකුගේ වසර දෙකක වැටුපත් ඉක්මවනවා. දජෞ වල සෑම වසරකම හමුදා භටයන් භාවිතා කරනවා, ආදායම් අමාත්‍යාංශය විසින් භටයන් යොදවන ලෙස අපෙන් ඉල්ලා සිටින සෑම අවස්ථාවකම, ඔවුන්ට අපෙන් ආයාචනා කර එසේ කිරීමට අපව පොළඹවා ගන්න වෙනවා. නමුත් සටන අවසන් වූ පසු අපි අපේ ගෙවීම් ඉල්ලද්දි අපතයන්ට වගේ සළකනවා"
"මුදල් තිබෙන අය තමයි වංශවත්තු." ෂ්‍යාඕ චීයේ සිනාසෙමින් පැවසුවේය.
“අලුත් අවුරුද්දට කලින් අපි අධිරාජ්‍යයා බේරා ගන්න ආවම , අපගේ ලිබෙයි හමුදා හිම මත ඉදිරියට යාමට තරම් නිර්භීත වුනා. මිනිස්සු සහ අශ්වයෝ හැමදෙනාම වෙහෙසට පත්වී හිටියේ, සන්නාහ සන්නද්ධ අශ්වාරෝහකයන්ගේ උපකරණ අලුත්වැඩියා කරන එක වසන්තය ආරම්භ වෙන්න කලින් අවසන් කරන්න ඕනේ. අපි වැඩමුරයට දින ගණනක් ණයයි. හැම දෙයකටම මුදල් අවශ්‍යයි. ”
ෂාඕ හුයි සිය මනසෙහි ගණනය කිරීම් ප්‍රවේශමෙන් සකස් කර පවසන්නට විය.
“අපි චූදු ඇතුළු වෙන්න පෙරදි, ලීබෙයි භටයන් ගොවිතැන් රාජකාරිවල නිරත වෙනවා. වාර්ෂික ධාන්‍ය අස්වැන්න මුදල් බවට පරිවර්තනය කළා. හැම දිනකම, අපි සෑම මුදල් ගණන් කළා ඒ වගේම පරික්ෂා කළා. අපේ රාජකීය කුමාරයාගේ සහකාරිය අලුත් අවුරුද්දේ සහ වෙනත් උත්සවවලදී පදිංචියට මිල අධික ඇඳුම් මිලදී ගැනීමට පවා එඩිතර වුනේ නැහැ. පැන් රුගුයි වගේ මාලිගාවේ නපුංසකයෝ අත තිබෙන රැකියා මුදල් දුඅන්ජෞ වල මුළු බදු මුදලම ඉක්මවලා තියෙන්නෙ. විමර්ශන වාරණයන් ඔවුන් පළාත් පාලන ආයතන වෙත පවරනකොට ඔවුන්ගේ බරත් ඔවුන් මත පටවනවා. ඒත් ඉතින් මොකද? චූදු වලනං, ඔවුන් එහෙම දේවල් කරන්න හිතන්නෙවත් නැති වෙයි!
"මොනවා කරන්නද අපි දුප්පත්" ලූ ගුඅන්බායි විලාප තැබුවේය.
, “සෑම වසරකම අපට මුදල් ගැන කරදර වෙන්න වෙනවා. ජිමිං මේපාර අගනුවරට ගිය නිසා , ආදායම් අමාත්‍යාංශය ඔහුගේ වැටුප ගිණුමට දමන්න ප්‍රමාද කළේ නැ. ඒකත් දිගු කලක් තිස්සේ මහා ලේකම් කාර්යාලයට ඉල්ලීම් ඉදිරිපත් කරපු නිසයි. පෑන් රෑගුයිත් එතන ඉදලා තියෙනවා ඔහුත් ඒකට අනුමැතිය දීලා. ඔහු අගනුවර හැර යන්න කලින් අරමුදල් බාරදෙන්න ඕනේ."
"අපිට ඉන්නේ වැඩිමහල් සහෝදරයෙක්" ෂ්‍යාඕ චීයේ පුස්තකය පැත්තකින් තබෘ ලූ ගුඅන්බායි දෙස බැලීය.
"ඒත් ඔබ මොකක්ද කරන්න යන්නේ?"
"මහෝත්තමයාණන් මාව දකින්නේ නැතුව ඇති." ලූ ගුඅන්බායි පවසන්නට විය,
'“ලූ වංශය කියන්නේ චූදු වල ජයප්‍රිය වංශයක් නෙමෙයි . වංශ අටම අපිට සැලකුවේ කාන්තාරයේ ඉදන් ආපු ම්ලේච්ඡයන් වගේ. හුවා වංශය අපේ දෑස් දෙසවත් බලන්නේ නැහැ. නමුත් ඔබ මට මගේ 'ගෞරවය' පෑන් රෑගුයි ට පෙන්වන්න කියලා කිව්වොත්, මම ගාව මුදල් නැහැ. අපි ගෙදර දුප්පත් නිසා යන්තම් කෑම මේසෙට තියාගන්න පුළුවන් වුණා විතරයි. වෙනත් ස්ථානවලට තම හමුදාවන්ට ගොවිතැන් කරන්න ඉඩම් පවා දෙනවා, එය අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් හදිසි පියවරක් විදිහට වත් ගන්න පුළුවන්. නමුත් අපේ බ්‍යැන්ජුන් සේනාංකයේ තියෙන්නෙ කිලෝමීටර් ගණනක් යනකල්ම කහ පැහැති වැලි විතරයි. ගොවිතැන් කරන්න ඕන වුණත් අපිට කුඹුරු නැහැ. මෙවර, අපි කඩිනම් ගවේෂණ චාරිකාවක් සඳහා භට පිරිස් පිටත් කර යැවූවා, ගමනේදී මිනිසුන්ට සහ අශ්වයන්ට අවශ්‍ය සියලුම ආහාර සඳහා ගෙව්වෙ චී සේනාධිනායකවරිය ගේ පුද්ගලික ඉතුරුම් වලින්. කෙළින්ම කියනවනම්, ඒ සියල්ල සේනාධිනායකවරිය ගේ අවබෝධය සහ අනුකම්පාව නිසායි. එහෙම නොවුනනම්, මගේ භටයින් කොහොමටවත් තියැන්ෆෙයි මුරටැඹ පසුකර නොයන්න තිබුණා. නමුත් ඈ සතුව කොපමණ මුදලක් තිබේනවා කියලාද? ඇය භාවිතා කරන්නේ පැරණි අධිරාජ්‍ය භාර්යාව ඇය වෙනුවෙන් ඉතිරි කර ඇති ඇගේ දෑවැද්දේ ඉතිරි කොටස්! ඇයගේම පෞද්ගලික භට පිරිස් ඔවුන්ගේම ඇදුම් විකිණීමට ආසන්නයි! ආදායම් අමාත්‍යාංශය දිගටම මා එක්ක තයිජී සෙල්ලම කරගෙන යනවා වගෙයි . රාජකාරිය පැහැර හරින්න නේද? ඔවුන් මගේ ගිණුම පස්සට දාලා මට අරමුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කරනවා, මා වගේ රට වෙනුවෙන් කැපවෙන කෙනෙක්ටත් ඔවුන් සළකන්නේ නොවැදගත් විදිහට ද?"
ලූ ගුඅන්බායි ගේ දුර්ලභ කෝපාග්නිය සැනෙකින් නිවී ගියේ ය. ඔහුට උදව් කිරීමට ද නොහැකි විය. බියන්ජුන් සේනාංකය කාන්තාරයේ මායිම් දිගේ ආරක්ෂා කරමින් සිටි අතර, ඔවුන් ලිබෙයි හැර බියන්ෂා අශ්වාරෝහක හමුදාව සමඟ වැඩිපුරම ගනුදෙනු කළ හමුදා භටයන් විය. ඔවුන් අවුරුද්ද පුරා මැරෙන තුරුම වැඩ කළ අතර, සොරොව්වවෙහි සෙවණ යට ජීවත් වීමට සෑම තැනකම දිව ගියහ. ඔවුන්ට යන්තම් හෝ ප්‍රමාණවත් නින්දක් නොතිබූ අතර, කිසි දිනක තෘප්තිමත් ලෙස ආහාර ගැනීමට නොහැකි විය. චූදු ඔහුව පීඩාවට පත් කරමින් සිටි අතර, බ්‍යැන්ෂා හි අර්ල් කුමරුන් අතර බොහෝ කලක සිට ප්‍රසිද්ධ දුප්පත් මිනිසෙක් බවට පත් විය. ඔහුගේ වංශය කිසි දිනක ඔවුන්ට ලබා දුන් ත්‍යාග කිසිවක් ලබා දී නොතිබුණි.. ඒ සියල්ල මුදල් බවට පරිවර්තනය කර හමුදා සැපයුම් සඳහා භාවිතා කර කරනු ලැබුණි.
ෂ්‍යාඕ ජීමිං හොඳින් සූදානම් වූ පසුව, සේවක සේවිකාවන් තනි පේලියකට පිටව ගියේ ඔවුන් හතර දෙනා පමණක් කාමරයේ ඉතිරි කරමිනි. ෂ්‍යාඕ ජීමිං තේ කෝප්පය ඔසවා තේ උගුරක් පානය කළේ ය. ඔහු කඩිමුඩියේ පවසන්නට විය, “මේ වසරේ කාලය හොඳයි - නිලධාරීන් දසදහසක් වෙනුවෙන් පවත්වන භෝජන සංග්‍රහය. චී ජූයින් දැනටමත් පැමිණිලා වෙන්න ඕනේ නේද?"
“ඒක හරි. මම මුලින් කනස්සල්ලට පත්වෙලා හිටියේ. ඒත් ආයේ හිතලා බැලුවහම, ඔවුන්ට කැමති විදිහට මේක කරගෙන යන්න ඉඩදෙන එකහොඳයි කියලා හිතුනා. සේනාධිනායකවරිය අගනුවරට ඇතුළු වන තුරු ඔවුන් එය ප්‍රමාද කරනවා නම්, ඔවුන්ට හොඳ වේවි.” ලූගුඅන්බයි පවසන්නට විය.
“ඇය දැන් චූදු වල හුඟක් ජනප්‍රියයි. චූදු වල 'ණය මෝරා' වගේම මැරයෝ, රස්තියාදුකාරායන්ට පවා ඇයට ගිනිපොලීකාරයෝ විදිහට මූණදෙන්න වෙලා තියෙන්නෙ. පෙර ණය ආපසු ගෙවන්න පුළුවන්. ඒත් ඔබට සැමවිටම ඇයව විශ්වාස කරන්න බැහැ. බියන්ජුන් සේනාංකය වැදගත්. ඊයේ පෙරේදා තත්ත්වය ගැන මම අහලා තියෙන විදිහට, ආදායම් අමාත්‍යාංශයෙන් මේ වසරේ නැවත සොල්දාදුවන් බඳවා ගන්න ඔබෙන් ඉල්ලීමක් කරන්න ඉඩ තියෙනවා. " ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය.
ලූ ගුඅන්බායි තේ කෝප්පයේ දාරය පිරිමැද, “බඳවා ගන්න? ඒ ගැන හිතන්නවත් එපා. චොංබෞ වල ප්‍රාන්ත හයට සිදු වූ දේ නිසා ඔවුන් හැමෝම දැන් මරණයට බයවෙලා ඉන්නේ.. බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාව බියන්ජුන් සේනාංකයට පිහියෙන් ඇනීම ගැන ඔවුන් කනස්සල්ලට පත්වෙලා ඉන්නේ, මගේ විසි දහසක් හමුදා සහ අශ්වයන් ප්‍රමාණවත් නොවන බව පවා ඔවුන්ට තේරෙන්වා. වැඩේ කියන්නේ සෙබළුන්ව බඳවාගන්න පුළුවන්, ඒත් ඒ අයට ගෙවන්න සල්ලි තියෙනවද? එයාලට කන්න දෙන්න පුහුණු කරන්න මට හැකියාවක් නැහැ. මේ අවුරුද්දේ මගේ බෙල්ලට තලයක් තිබ්බත් මම ඒක කරන්නේ නැහැ.”
ෂ්‍යාඕ චීයේ එක්වරම කෙලින් වී පවසන්නට විය “ඒක හරි. අතීතයේදී, චොංබෞ වල ප්‍රාන්ත හයට හමුදා අරමුදල් සහ සලාක පැවරීමේදී ආදායම් අමාත්‍යාංශය හරිමවේගවත් වුණා. මේ පාර මිනිස්සු මැරුණ නිසා සල්ලි ප්රශ්නය පැත්තකින් තියමු. නමුත් ධාන්‍ය කොහෙද? බ්‍යැන්ෂා අශ්වාරෝහක හමුදාවට ඔවුන් පලා යනකොට එතරම් ධාන්‍ය අරගෙන යන්න බැහැනේ"
අනෙක් තිදෙනාම ඔහු දෙස බලන්න ට විය.
ලූ ගුඅන්බායි , “මෝඩ කොල්ලා, ඔබට ඒ ගැන පුදුම වීම නවත්වන්න පුළුවන්. ධාන්‍යය අයකර ගෙන පසුගිය වසරේ ජූඑෂි නගර දහතුන වෙත ගෙවිය යුතු හිඟ වැටුප් ගෙවීමට යොදා ගත්තා. ආදායම් අමාත්‍යාංශය ප්රශ්නය මඟඅරින්න හේතුව ඔබට අනුමාන කළ නොහැකිද? මෑත වසරවලදී, වංශයන් අට මහා පුහුණු අංශ බවට පත් වුණා, ඔවුන්ගේ උපකරණ සහ අයවැය තමයි දජෞ වල හොඳම ලාභ සැපයුම වෙන්නේ. මේ හැම මුදලක්ම ලබාගන්නේ බදු මුදල්වලින්. සිතන්න, මිලියන දෙකක එකතුව. මේ ගිණුම කෙතරම් විශාලද කියලා ඕනේ ම කෙනෙක් දන්නවා. නමුත් අධිරාජිනිය සහ ලේකම් කාර්යාලයේ වැඩිමහල් හුආ දෙදෙනාම මේ කාරණය පසුපස හඹා ගියේ නැහැ. එසේ නම් එය ගෙන එන්න තරම් එඩිතර වන්නේ ආදායම් අමාත්‍යාංශයේ කවුරු වෙන්න පුළුවන් ද? රාජ්‍ය භාණ්ඩාගාරය මෙම මුදල් කොටස හිස් කරලා. පසුගිය වසරේ ජුඒෂි නගර දහතුනක් පළඟැටියන්ගේ වසංගතයට ගොදුරු වුණා. ඒ අවුරුද්දේ එක ධාන්යයකවත් අස්වැන්නක් තිබුණේ නැහැ. ඉතින්, ඔවුන්ට ආපදා සහන සඳහා මුදල් ලැබෙන්නේ කොහෙන්ද? ආපදාවට ලක්වූවන්ට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පෞද්ගලික ධාන්‍ය තොගය මුදාහරින ලෙස ප්‍රාන්තය තුළ විවිධ තරාතිරම්වල සියලුම නිලධාරීන්ට හදිසි නියෝගයක් නිකුත් කළ පළාත් පරිපාලන කොමසාරිස් ජියැං චිංෂන්ට ස්තුතියි වන්ත වෙන්න. මේ නිසා ජ්‍යැං චිංෂන් සිය දහස් ගණනක් සාමාන්‍ය ජනතාව බේරා ගත්තා වුනත් අවසානයේ ඔහු ජුඒෂිවල විවිධ නිලධාරීන්ගේ වෛරයට ලක් වුණා. අලුත් අවුරුද්දට පෙර ඔහුගේ නිවසට ඇතුළුවීම පවා ණය කාරයෝ අවහිර කළ බව මට ආරංචි වුණා. ඔහු දෙවන ශ්‍රේණියේ උසස් පලාත් නිළධාරියෙකු වුනත් තවමත්ඔහුගේ අසූ දෙහැවිරිදි මව ණය පියවන්න ඇදුම් ගොතනවා! චූදු මුදල් නොදුන්නොත් ඒක ඔවුන්ගේ මරණයට අතවැනීමක් වේවි."
. අවසානයේ දී, ෂාඕ හුයි ට මෙය නොකියා සිටීමට නොහැකි විය, “ඒ මිනිස්සු දුප්පත් කියලා කියනවා තමයි , හැබැයි අල්ලස් දෙන්නේ විශාල මුදල් වලින්. අනික ඇත්ත වැඩේ කරන එවුන් ඔක්කොම බිත්තර කටු උඩ ඇවිදිනවා. අපි මේ පාර චූදු වලට නොඑන්නත් පුළුවන්. එය සැබවින්ම කෙනෙකු කලකිරීමට පත් කරන දෙයක්. ”
නිවසින් පිටත හිම පතනය වී තිබුණත් ඇතුළත උත්සව වාතාවරණයක් නොතිබුණි. ගැටළු එකින් එක ගොඩ ගැසෙමින් තිබූ අතර චූදු හි සියලු නව දර්ශන මතුපිටින් මීදුම මෙන් විය. එහි තුවාලය තවමත් සුව වී නොතිබුණත්, සැරව එහි මුළු භූමියම අපිරිසිදු කරද්දී පවා ඔවුන්ට එය වසා දැමීමට සිදු විය. ඒ සියල්ල ඉතා අලංකාර ලෙස සඟවා ගැනීමට නියමිත වේලාවට හිම පැමිණියේ ඔවුන්ට නොදැක්කා සේ පෙනී සිටීමටය. නිසැකයෙන් ම සියල්ලන්ම මේ අධමයන්ගේ පාරාදිසයේ සුරාවෙන් මත්ව කල් ගෙවීය හැකිවනු අැත.
◈ ◈ ◈
මධ්‍යම රාත්‍රියේ පැන් රූගුයි දෑස් පියාගෙන යහන මත වාඩි විය. භාවනාවෙන් පසු දෑත් පිසදා ගැනීමට හැකි වන පරිදි ස්වභාවික වර්ණයෙන් යුත් රෙදිකඩක් ඔහුගේ අතින් තැබීය. අතේ බුරුසුවක් තබාගෙන ආහාර මේසය මත ප්‍රවේශමෙන් බලා සිටි ෂ්යාඕෆුසි බරින් හුස්ම ගැනීමට පවා එඩිතර වූයේ නැත.
පැයකට පසු පෑන් රුගුයි හුස්ම පිට කර දෑස් විවර කළේය. ෂ්යාඕෆුසි වහාම ඔහුට බුරුසුව ඉදිරිපත් කළේය. සමාධියෙන් යුතුව පෑන් රුගුයි තම අත්ලෙහි වචන කිහිපයක් ලිවීය.
ෂ්යාඕෆුසී ඔහු පිළිබඳ වර්ණනා කරන්න ට විය., “අපේ මුතුන් මිත්තන් මෑතක දී උතුමාණන්ගේ ඉගැන්වීම් ලැබීමෙන් පසු වඩ වඩාත් සන්සුන් වෙනවා. මීට පෙර, මෙම මුණුබුරා දම් පැහැති වලාකුළක දුර්වල දසුනක් පවා දුටුවා.!"
පැන් රුගුයි ඔහුගේ දෑත් පිසදමා ඇසුවේ, “ඔබට කවදාවත් උත්සව අධ්‍යක්ෂක මණ්ඩලයට බැඳීමට නොහැකි වූයේ මන්දැයි ඔබ දන්නවාද ?”
ෂ්යාඕෆුසී පිළිතුරු දුන්නේ ය, "මුත්තණුවන් මට සලකන නිසා."
"අනික එයින් ඔබට අගෞරවයක් වෙනවා." පෑන් රුගුයි කඩදාසි මල ෂියාඕෆුසිගේ පපුවට විසි කළේය. “තත්වය කියන්න නොහැකි වීම තවත් හේතුවක්. උතුමාණන් රාජ්‍යයත්වයට පත්වෙලා වසර දෙකක් ගතවුනත් තවමත් දම් පැහැ වළාකුලක් දැක නැහැ. මම වහලෙක් පමණයි. මම එතරම් ඉහළට යන්නේ කොහොමද? ඒක මගේ සීමාවන් ඉක්මවා යනවා නේවේද?”
ෂ්යාඕෆුසී උණු තේ පැන් රුගුයිට දුන්නේය. ඔහු අකාරුණික ලෙස සිනහ වී,
“මගේ පියා මගේ ස්වාමියා. එබැවින් පියාමයි මගේ ස්වර්ගය. ඔබ භාවනා කරනවා දැකීම මාර පරාජය කළ බුදුන්වහන්සේට සමානයි! මම කොහොමද දෙයියනේ මෙච්චර හිතන්නෙ?"
"ම්ම්ම්." පෑන් රුගුයි කට සෝදා ගත්තේය. “ඔබේ මෙම පුත්‍ර භක්තිය එහිම කුසලතාවක් කියලත් කියන්න පුළුවන් .”
ෂියාඕෆුසි පෑන් රුගුයිගේ පය අසලට යද්දී “හහා” යැයි හඬ නැගීය, “එය ජෙංදන් උත්සවය නිසා මට මුතුන් මිත්තන්ට මගේ පුත්‍ර ගෞරවය පෙන්වන්න ඕනේ. මම අලුත් අවුරුද්දට පෙර උත්සවය සඳහා ලැස්තිවෙන අතරතුර, චූ කුමරුගේ වාසභවන දුටුවම මා දුටුවේ අපූරු සුන්දරත්වයක්! මම අවටින් යම් විමසීමක් කළා. අධිරාජ්යයාණන්ට ඇයව කොහොමත් භාවිතා කරන්න බැහැ, එබැවින් ඒ වෙනුවට මගේ පුත්‍රත්වය පෙන්වීමක් ලෙස ඇයව ඔබට ලබා දීම මට ඉතා වැදගත් දෙයක්"
, "ඇය කෙතරම් විශ්මයජනකද? ඇයව තුන්වන උත්තමාවිය සමඟ සසඳන්න පුළුවන් ද? ඒවගේම ඒ චූ කුමරුගේ භාර්යාව නොවේ ද? ඔහුගේ එම කුලවත් සහ අධිපති ස්වභාවය අනුව, ඔහු ඇයට එතරම් පහසුවෙන් යන්නට ඉඩ නොදේවි කියලයි මට බිය. " පැන් රෑගුයි පැවසුවේ ය.
ෂ්යාඕෆුසී පැවසුවේ ය,
“චූ කුමරු කොතරම් බලවත් වුවත්, ඔහුට ඔහුගේ අධිරාජ්‍යයා ට වඩා බලවත් වෙන්න බැහැ, නේද? අධිරාජ්‍යයා කිසිවක් කීවේ නැහැ, ඉතින් මට ඇයව ඔහුට ඉදිරිපත් කිරීම සුදුසු නොවේද? ඊට අමතරව, ඔබ මේ කාරණය ගැන කරදර විය යුතු නැහැ. වසන්තය ආරම්භයට කලින් සියලු නිසි විධිවිධාන සලසන බව මම ඔබට සහතික වෙන්නම්. ඔබ ඇයව පිළිගත්තත් නොගත්තත් ඇය දෙස ඔබේ ඇස් යොමු කිරීමට කාලය පැමිණි විට එය ඇගේ වාසනාව වේවි."
පැන් රුගුයි තේ කෝප්පය පසෙකින් තැබීය “හදිස්සියක් නෑ. මම නොසණ්ඩාල හෝ තුච්ඡ මිනිසෙක් නෙමෙයි. ඔබ චූ කුමරු ඇති දැඩි කළ නිසා, ඔහු හා සමාන කෝපයක් ඇති. අර විශිෂ්ඨයා-දෙවන තරුණ ස්වාමියා ෂ්‍යාඕ , ඔහු ගැන තොරතුරු මොනවද?
ෂ්යාඕෆුසී පෑන් රුගුයි ගේ ,දෙපා සම්බාහනය කරන අතර පිළිතුරු දෙන්න ට විය.
“හහ්! පියාණෙනි, මේ දෙවන තරුණ ස්වාමියා සැබවින්ම පුරාවෘත්තයක් තමයි. ඔහු අගනුවරට පැමිණි පළමු රාත්‍රියේ සිටම ඔහු අනෙක් අය සමඟ මත්පැන් පානය කරනවා විතරයි!මත්පැන් පානය කරලා විනෝද වෙනවා ඇරෙන්න බැරෑරුම් වැඩක් කවදාවත් කරලා නැහැ. චූ කුමරු සහ ඔහුගේ මිතුරෝ ඔහු සමඟ විනෝද වෙන්න කැමතියි. පිහාටු කුරුල්ලත් සැබවින්ම එකට එකතු වෙනවා! ”
“ඒක හොඳයි… නමුත් ඔහු තවමත් ෂ්‍යාඕ වංශයේ සාමාජිකයෙක්. උතුමාණන් ඔහුව සතුටු කරන්න අධිරාජ්‍ය සේවා අංශයේ සේවයේ වෙදෙව්වා. එය මා නොසන්සුන් කරනවා. ” පෑන් රුගුයි මොහොතක් ඒ ගැන කල්පනා කර, එක්වරම සිනහ විය, “මම හිතුවා ඔහුව යවන්න නියම තැන ගැන. මගේ සපත්තු දමන්න. මම මිංලී ශාලාවට යනවා උතුමාණන් ට සේවය කරන්න!”
පසුදා ජෙංදන් උත්සවයේ 'නිලධාරීන් දසදහසක් වෙනුවෙන් වූ භෝජන සංග්‍රහය' විය. උත්සවය අතරතුර වැඩි දෙයක් සිදු නොවූ අතර, භෝජන සංග්‍රහය විසිර යාමට ආසන්න වන විට, ඔවුන් සියල්ලන්ටම ෂියන්දේ අධිරාජ්‍යයා පවසනු ඇසුණි.
“ආ යේ, මේ දවස්වල චූදු වල විසීම ඔබට සැප පහසුයිද?”
ෂ්‍යාඕ චියේ පළතුරු ලෙලි ගැසීම නවත්තන්න ට විය, “උතුමාණන්ට පිළිතුරු දෙනවා, එය පහසුයි” යනුවෙන් පිළිතුරු දුන්නේය.
ෂියන්දේ අධිරාජ්‍යයා ෂ්‍යාඕ ජීමිං දෙසට හැරී, “මම ඒ ගැන කල්පනා කළා. අධිරාජ්‍ය සේවයට ආ යේව පත් කරන එක දක්ෂතා නාස්තියක්. ඔහු සටන් බිමේ සිටි හොඳ දරුවෙක්. ඔහුව මා ඉදිරියේ තබා ගැනීම ඔහුට අමනාපයක් ගෙනදෙන දෙයක්. මේක කොහොමද? ආයේට අධිරාජ්‍ය හමුදාවට යන්න දෙන්න . රාජකීය ආණ්ඩුකාර හමුදාපති පදවිය දැරුවේ කලින් ෂි ගු'අන්. නමුත් ඔහුට දැන් කළමනාකරණය කරන්න ට විශේෂ පුහුණු අංශ අටක් තියෙනවා ඔහු ඇත්තටම ඔහුගේ කන් අසලටම පිරෙන්න තරම් කාර්යබහුලයි. ඔහුගේ ස්ථානයට ආ යේට යන්න දෙන්න."
එකෙණෙහිම ලූ ගුඅන්බායි නළල රැලි කරගත්තේ ය.
"අවම වශයෙන්, අධිරාජ්‍ය සේවකයෝ අධිරාජ්‍යයා ඉදිරියේ රාජකාරියේ යෙදේවි. යම් දෙයක් සිදු වන්නේ නම්, අධිරාජ්‍යයා ට ඒ දෙස බලා සිටිය නොහැකි වේවි. නමුත් අධිරාජ්‍ය හමුදාවේ යහපත කුමක්ද? අධිරාජ්‍ය හමුදාව දැන් චූදු වලට හිසරදයක් විතරයි. එය වදයක් වෙන්නේ කොහොමද? "
ෂ්‍යාඕ චීයේ ඒ වන විටත් ඔහුගේ ස්තුතිය පුද කර ඇති බව දුටු ලූ ගුඅන්බායි ඔහුගේ දෙපයින් නැඟී සිටීමට සූදානම් විය.
"රාජකීය ආණ්ඩුකාර හමුදාපති පදවිය යන සිත්ගන්නා සුළුයි, සේනාධිනායකයෙක් ට වඩා හුගක් උසස් තනතුරක්." ෂ්‍යාඕ චීයේ නිහතමානී ලෙස සිනාසෙමින්, “අධිරාජ්‍යයාණෙනි, ඔබට ස්තුතියි!”
ලේකම් කාර්යාලයේ වැඩිහිටි හුආ මහ හඬින් සිනාසෙමින්, “අධිරාජ්‍යයා ඥානවන්තයි! පරම්පරාගත කුමාරයා, මෙන්න තරුණ වීරයෙක් ඉන්නවා”
භෝජන සංග්‍රහය අතරතුර වඩදිය බාදිය මෙන් සුබපැතුම් හඬ නැඟෙන්නට විය.ෂ්‍යාඕ ජීමිං සිනාවක් පෑ අතර ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බැලූ නමුත් කිසිවක් කීවේ නැත.
ලූ ගුඅන්බයි මධුවිත පානය කර ෂාඕ හුයි දෙසට නැමී පවසන්නට විය .
"
ඔහු එවැනි විධිවිධානයක් දුන්නේ පැහැදිලිවම ජිමිංගේ හදවත ඉලක්ක කරගත් මරණ දඬුවමක් විදිහට තමයි."
භෝජන සංග්‍රහය අවසන් වූ පසු, ෂ්‍යාඕ චීයේ කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් විය.
ඔහුගේ උසස්වීමට සුබ පැතීමට ඔහුගේ රස්තියාදුකාර මිතුරන් රොත්තට අවශ්‍ය විය. ඒ නිසා ඔහු ඔවුන්ව මත්පැන් පානය කරන්නට තබා ගත්තා. මත්පැන් පානය කර මධ්‍යම රාත්රියේදී ඔවුන් නැවත නැඟිටින විට, ඔවුන් සියල්ලෝම දෙපයින් සිටගැනීමට නොහැකිව සිටියහ.
චූ කුමරු, ලී ජියැන්හෙං, ෂියාඕ චියේට වඩා වසර කිහිපයක් වැඩිමල් විය. ඔහු සැබෑ ම බේබද්දෙක් විය. ගමන් දෝලාවට නැගීමට පෙර, ඔහු ෂ්‍යාඕ චීයේ ගේ කමිසය පවා ඇදගෙන බීමත් හඬින් මෙසේ කීවේය,
“ඔබට කොතරම් හැකියාවක් තිබේද! අධිරාජ්‍ය හමුදාව, හහ්. ඔබ මුර සංචාර හෝ ආරක්ෂාව ගැන කරදර විය යුතු නැහැ. එය ඉතා නිෂ්ක්‍රීය රැකියාවක්, නමුත් ඔබට තවමත් වැටුපක් එකතු කරගන්න පුළුවන්. ඔබට මුදල් ලැබේවි, ඔබේ ජීවිතය රේඛාව මත තැබිය යුතු නැහැ. ලෝකයේ හොඳම දේ සියල්ලම ඔබේ ඔඩොක්කුවට වැටිලා ඉවරයි! ඔබව රහසින් තමා රවට්ටන්න වෙන්නේ! ”
ෂ්‍යාඕ චීයේ ද සිනහ විය; එය නපුරු සිනහවක් විය. ඔහු කිව්වා “ඒක හරි. ඒකයි මට ඔබට බොන්න ආරාධනා කරන්න වෙලාවක් නැති වෙන්නේ. අනාගතයේදී අපි එකට එකතු වී චූදු වල සැරිසරමු ! ”
"හරි, හරි!" ලී ජ්යැංහෙන් ෂ්‍යාඕ චීයේ ගේ උරහිසට තදින් තට්ටු කළේය. “ඒක තමයි හයිය! දින කිහිපයකට පස්සෙ මගේ නිවසට එන්න. මම ඒවා ලබාගන්නම්... නැවතත් ඔබ වෙනුවෙන් සමරන්න..."
ෂියාඕ චියේ දෝලා ගමන් රථය ඈතට ගොස් ඔහුගේ අශ්වයා මතට පෙරළී යන අයුරු බලා සිටියේය. ඔහු තම අශ්වයා - සාමාන්‍ය අශ්වයන්ගෙන් පැවත එන - හොංයාන් කඳුවැටි පාමුල පුද්ගලිකව පුහුණු කර හීලෑ කළ අශ්වයෙකි. එය වේගවත් හා නිර්භීත දිව්‍ය අශ්වයෙකු වූ අතර උගේ පපුවේ සුදු පැල්ලමක් හැර මුළුමනින් කළු පැහැවිය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා ඉදිරියට පැමීණීමට අත්පුඩි ගැසුවේය. වීදි දෙපස තිබූ ගබඩා ඔහුව පිටත් කර යැවීමට පහන් දල්වන්නට විය. ඔහු අත ඔසවා, “ඒවා නිවා දමන්න. ඒවා ආලෝකමත් කරන්න එපා. ”
ගබඩා සේවකයෝ එකිනෙකා දෙස බැලූ නමුත් ඔහුට අකීකරු වීමට ඔවුන් එඩිතර වූයේ නැත. සීතල චන්ද්‍රයාගේ එළිය සහ මාර්ගයේ හිම පමණක් ඉතිරි වන තෙක් පහන් කූඩු එකින් එක නිවී ගියේය.
ෂ්‍යාඕ චීයේ අසුරුසන් ගැසූ අතර, උකුස්සා රාත්‍රියේ අඳුරෙන් සුළඟේ අසුරුසන් හඬ මධ්‍යයේ පහළට පැමිණියේ ය. ඉන්පසු ඔහු අශ්වයාට පහර දුන්නේ ඉදිරියට යාමට සන් කරමිනි. ඔහුගේ සෑදලයට යටින් සිටි අශ්වයා උණුසුම් හුස්මක් පිට කර හදිසියේ පිම්මේ දිවයන්නට විය.
තද සුළඟ ෂ්‍යාඕ චීයේ ට එරෙහිව උමතු ප්‍රහාරයක් දියත් කළේ ඔහුට පානය කිරීමෙන් ඇති වූ දහඩිය විසුරුවා හරිමිනි. අඳුරේ ඔහුව පෙනුනේ කොනක සිටි මෘගයෙකු මෙනි. කුර හඬවල් විශාල ගැටීම් බවට පත් විය. ඔහු පාළු වීදි හරහා වේගයෙන් දිව ගියේය. අඳුර ඔහුගේ සිනාමුසු මුහුණ ඉරා දැමුවේ සීතල හා හුදකලා නිශ්ශබ්දතාවයක් පමණක් වන තුරුය.
ෂ්‍යාඕ චීයේ වෙහෙසකාරීව අශ්වයා නවත්වන තුරුම ඔහු බොහෝ වේලාවක් අසු ධාවනයේ යෙදී තිබුණි. ඔහු හිම හමත දණගසාහිස පහත් කරගෙන මොහොතක් එහිම රුදී සිටියේ ය
අශ්වයා උගේ කුර ඔසවා ඔහු වටේට ඇවිද ගියේ ඔහුව පොළඹවා ගැනීමට හිස පහත් කරමිනි. උකුස්සාද අශ්වයාගේ පිටේ හිඳගෙන උගේ හිස ඇල කළේ ඔහු දෙස විමසිල්ලෙන් බලනවාක් මෙනි.
ෂ්‍යාඕ චීයේ එය මොහොතකට විඳදරාගත් අතර, පසුව ඔහුගේ දෑතින් තමාටම ගසාගනිසමින් වමනය කරන්නට විය. බොහෝ වේලාවකට පසු ඔහු නැගිට බිත්තියට හේත්තු විය. ඔහුගේ මාපටැඟිල්ලේ අස්ථි මුද්ද තරමක් විශාල වූ අතර එය කොහියම්හෝ ස්ථානයක වැටී තිබුණි. ඔහු හිම මත එය සෙවූ නමුත් ටික වේලාවකින් කවුරුන් හෝ ප්‍රශ්නයක් මුමුණනවා ඔහුට ඇසුනි. "කවුද ඔතන ඉන්නේ?"
ෂ්‍යාඕ චීයේ ඔහුව නොසලකා හැරියේය.
අධිරාජ්‍ය යුධ බලඇණියේ අණදෙන නිලධාරියා තම පහන් කූඩුව ඔහු දෙසට එල්ල කළේ ය, “ඔබට කෙතරම් ධෛර්යයක්ද… උතුමාණෙනි”
ෂ්‍යාඕ චීයේ හිස හරවා, "මාව දන්නවාද?"
අධිරාජ්‍ය හමුදා බලඇණි ප්‍රධානියා අවංකව හිස සැලුවේය. "මම දන්නේ නැහැ ඔබ මොනවගේ නිළයක් දරණ කෙනෙක්ද කියලා නම්..."
"මම ඔබගේ වැඩිමල් සහෝදරයා." ෂ්‍යාඕ චීයේ අපිරිසිදු සළුව ඉවතට දමා මාපටැඟිල්ලේ මුද්ද සෙවීමට ඔහුගේ දෑස් පහත් කළේය. ඔහු තම හුස්ම යටින් කෝපයට පත් වී, “මට පහන් කූඩුව දෙන්න. ඔබට යන්න පුළුවන්.”
අධිරාජ්‍ය යුධ හමුදා බලඇණිය ප්‍රවේශමෙන් සමීපයට පැමිණ, “ඔබ දෙවන තරුණ ස්වාමංයා නේද? අපට දැන් ඇණවුම ලැබී තිබෙන්නේ. තවමත් හුඟක් අදුරුයි, පරීක්ෂණයකට හුඟක් කල් වැඩියි. ආයෙත් හෙට එන්න තව කල් තියෙනවා..."
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත දිගු කළ අතර, අධිරාජ්‍ය හමුදා සේනාංකාධිපතිවරයා ඔහුට පහන් කූඩුව ලබා දුන්නේය. ෂ්‍යාඕ චීයේ අසන්නට විය, "මෙම ස්ථානය කුමක්ද?"
අධිරාජ්‍ය හමුදා බලඇණිය ගෞරවාන්විතව පිළිතුරු දුන්නේ ය.“චූදු වල අභ්‍යන්තරය. ෂාඕ සූයී පන්සල."
ෂ්‍යාඕ චීයේ, "ඔබට යන්න පුළුවන්."
සේනාධිනායකවරයා පසු බැස පිටත්ව යාමට සූදානම් වූ විට ෂ්‍යාඕ චීයේ නැවතත් කතාකරන්නට විය. “ශෙන් ස'චුආන් ඉන්නේ මෙතනද? මේ බිත්තියෙන් එහාද?"
"ඒක හරි." සේනාධිනායකවරයා එන්න එන්නම කලබලයට පත්වෙන්නට විය. "ඔහුව හිරකරගෙන ඉන්නේ..."
"ඔහුට පිටතට පැමිණෙන්න කියන්න."
තුෂ්නිම්භූත වූ සේනාධිනායකවරයා, “එහෙම වෙන්නේ කොහොමද?! ඔටුන්න හිමි කුමාරයට උනත් එහෙම කරන්න බෑ! අධිරාජ්‍යයා දැඩි ලෙස අණ කළා ... "
ෂියාඕ චියේ පහන් කූඩුව ඔසවා, “අධිරාජ්‍ය හමුදාවේ අවසාන ප්‍රකාශය තීරණය කරන්න මට අයිතිය තිබෙනවා" යැයි පැවසීය.
සේනාධිනායකවරයා කලබලයට පත්විය. "ඔහුව මරන්න එපා..."
"තමුන් ගිහින් ඔහුට කියනවා එලියට ඇවිත් මං වෙනුවෙන් ගීතයක් ගායනා කරන්න කියලා!"
ෂ්‍යාඕ චීයේ එක්වරම ලන්තෑරුම පසෙකට විසි කළේ ය. ආලෝකය වේගයෙන් නිවී ගියේය. ඔහු අන්ධකාරයේ සිටගෙන සිටිද්දී, ඔහුගේ දෑස් ද්වේෂ සහගත ලෙස පෙනේනට විය.
Comments
Post a Comment