Skip to main content

අටවන පරිච්ජේදය : සැකය

 


 

රාජකීය හමුදාව මාරුවීම් ලබා ගැනීමට බලා සිටියේය.  ඔවුන් සියල්ලෝම තමන් තුළම ගුලි වී සිටින තරමට ශීතලෙන් පීඩා වින්දේය.

 චුදු හි අධිරාජ්‍ය හමුදාව මුලින් නගර අටේ රාජකීය ආරක්ෂකයන් ලෙස සේවය කළේ ය .  ඔවුන් චූදු හි අධිරාජ්‍ය මාලිගයේ අපරාජිත බලකොටුව යැයි නම් දරා තිබුණේ ය.  නීති රීති වලට අනුව, පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම වැනි සුළු සුළු දේවල් ඔවුන්ට පැවරෙන්නේ නැත.  නමුත් පසුව චූදු හි විශේෂ පුහුණු අංශ බලයට පත් වූ අතර එයින් දෙපාර්ශවයේම යුතුකම් සහ වගකීම් වෙනස් විය.  අධිරාජ්‍ය හමුදාව චූදු වල හිසරදය බවට පත් විය.  ඔවුන් ට යුධ අභ්‍යාස තහනම් කළා පමණක් නොව, වචනාර්ථයෙන් ම චූදුවල වැඩකටම නැති පිරිසද වූවෝය. අද ඔවුන් සියල්ලෝම පරම්පරාගත හමුදා කුටුම්භයන් වූ අතර ඔවුන් කිසි දිනෙක සැබෑ ආයුධ දැක නොතිබූ, මිය යන තෙක් බලා සිටින අය පමණක් වූහ.

'චිංචිං අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ සමාගම් අණදෙන නිලධාරියා විය.  ඔහු ඇත්තටම චූදු හි නිලධාරියෙකු ලෙස සැලකුවේ නැත, නමුත් ඔහු රැඳවුම් භාරව සිටි අධිරාජ්‍ය හමුදාවට අවශ්‍යම අයෙක් විය.  මෙයට හේතුව වූයේ ඔවුන් දිනපතා චූදු මුර සංචාරයේ යෙදෙන විට එකිනෙකා ගැන අන්‍යෝන්‍ය වශයෙන් සොයා බැලීමට සිදු වූ බැවිනි.  තරමක් ඉහළ නිලයක නිලධාරියකු වූවා නම් තමන්ට රිසි සේ අල්ලස් දීමට කිසිවෙක් එඩිතර නොවනු ඇත.  ඊට අමතරව, 'චිංචිං ඔවුන්ට සැලකීමේදී අතිශයින්ම ත්‍යාගශීලී විය.  එබැවින් අධිරාජ්‍ය හමුදාව ඇස් පියාගෙන වුව, ජි ගැන්ට මුල් රාජකාරියේ වැඩ භාර ගැනීමට ඉඩ දුන්නේය.

' චිංචිං අධිරාජ්‍ය හමුදාවට ආචාර කළ අතර ඔහු තමන් ගෙන ආ උණුසුම් තැම්බූ බනිස් බෙදා දුන්නේය.  ජි ගැන් තවමත් පිටතට පැමිණියේ නැත.  ඔහු කල්පනාකාරීව සිටිනු දුටු රහස් අණදෙන නිලදාරීවරයා, “චිං සහෝදරයා හදිස්සි නම්, කරුණාකර ගිහින්  අප වෙනුවෙන් ඔහුව පරීක්ෂා කර බලන්න” යැයි පැවසීය.

, "එය නීතිවලට පටහැනි නොවේද?" ' චිංචිං ඇසුවේය.

 තැම්බූ බනිස් ගෙඩිය සපමින්, රහස් නිළදාරියා ඔහුගේ අතපිටපස ද්වාරය මුර කළ අධිරාජ්‍ය ආරක්ෂක වෙතට දිගු කළෙ ය .  ඔහු පවසන්නට විය.

චිං සහෝදරයා පිටස්තරයෙක් නෙමෙයි.  අනික අපි මේ ෂාඔ සූයි පන්සල වටකරලා තියෙන්නේ වතුර පොදක්වත් ගලාගෙන යන්න බැරි වෙන්න.  ඇතුළත සිටින පුද්ගලයා ට කොහොමටවත් ගැලවෙන්න බැහැ ”

 මේ අනුව, ' චිංචිං ඔහුගේ යෝජනාව තවදුරටත් ප්‍රතික්ෂේප කළේ නැත.  ඔහු ෂාඕ සූයි  පන්සලට ඇතුළු වීමට හැරී ගියේය.

ජී ගැන් අසුන්ගෙන සිටියේ හොඳින් ඇහුම්කන් දෙමිනි.  ' චිංචිං දුටු ඔහු නැඟිට, “දැන් වෙලාව හරිද?” කියා ඇසුවේය.

 තවම කළුවර නිසා කමක් නැහැ.  ජි මාමණ්ඩිට තව ටිකක් වෙලා ඉන්න පුළුවන්.”

'චිංචිං ඔහු කතා කරන අතරේම පන්සල් මළුව මැන, සෝදිසි කරන්න ට විය.  “මෙම ස්ථානය මිනිස් වාසයට සුදුසු නැහැ.  අනිත් එක මේ බොහොම ශීත කාලය.  මම පසුව ඇඳ ඇතිරිලි කිහිපයක් එවන්නම්. ”

 ඔහුගේ මනසෙහි යමක් ඇති බව දුටු, ජි ගැං අසන්නට විය, "මොකක්ද ප්‍රශ්නය?"

' චිංචිං  පසුබට විය, “එය විශාල දෙයක් නෙමෙයි.  මට කලින් මාර්ගයේදි දෙවන තරුණ ස්වාමියා ෂ්‍යාඕව මුණගැසුණා."

 ශෙන් ස’චුආන් හිස එසෙව්වෙය., "ඒ ෂියාඕ..."

 "ෂ්‍යාඕ චීයේ." ග'චිංචිං පැවසුවේ ය,

"ඔහු ලීබෙයි කුමරුගේ බාල පුත්‍රයා.  අනික...ඔහු  ඉස්සර ඉඳන්ම ඒ විදිහයි. ඔහු ඇවිද්දෙත් වැනි වැනී, ඔහු මධුවිත පානය කරලා.  ඊයේ දවසම"

 "ඒ ෂ්‍යාඕ ජීමිං නැති නිසයි."  ජි ගැන් තම හිස පිටුපසට හරවා මහාමාත්‍යවරයා ට ඇසෙන්නට කතාකලේය,

 මහාමාත්‍යතුමා වසර විස්සක් තිස්සේ ස්ථානයෙන් පිටතට ගිහින් නැහැ.  'චො වල වත්මන් සතර මහා සෙන්පතියන් ඔබ නොදන්නවා ඇති.  ලිබෙයි කුමරු හොඳ පුත්‍රයෙක් ගෙනාවා.  ෂ්‍යාඕ ජීමිං, ඇත්තෙන්ම විශිෂ්ටයි! ”

 

නමුත් ශෙන් ස'චුආන්  'චිංචිංගෙන් අසන්නට විය, "චිං සහෝදරයා, ඔහු ඔබෙන් යමක් ඇසුවද?"

' චිංචිං හොඳින් සිතා බලා පවසන්නට විය.

ඔහු මගෙන් ඇහුවා මම කොහෙද යන්නේ කියලා, මම කිව්වා මම අණදෙන කාර්යාලයට කෙටි මාර්ගයකින් යනවා කියලා.  එවිට ඔහු කිව්වා  මේ මාර්ගය ෂෙන්වු වීදියට යනවා වගේ නම් පේන්නෙ නැහැ කියලා.  ඒ නිසා මම ඔහුට කාරුණික පිළිතුරක් දුන්නා.  ඔහු ගෞරවනීය පරම්පරාවක කෙනෙක්  පෞද්ගලිකව ඒ ගැන සොයා බලන්නේ නැති වෙයි කියලයි මම හිතන්නේ"

 නමුත් මෙම කාරණය ෂ්‍යාඕ  වංශයට සම්බන්ධයි.  පරිස්සම් වීම වටිනවා.  කොහොමවුනත්, ඔබ තවමත් මාලිගාවට ගිහින්  රාජකාරි ලැයිස්තුවේ සළකුණක් තියෙන්න ඕනේ.“

ජි ගැන් හිම මත ඔහුගේ දෑත් අතුල්ලමින් සිටියේය.  "චුවාන්-එර්, අපි පුහුණු වෙමු."

 "අසුන්ගන්න."  ශෙන් ස’චුආන් ඇස් අඳුරු හා ගැඹුරු විය.  "ඒක සාමාන්‍ය ජනතාවට අයත් මංසන්ධියක්, ඔහු වැනි ගෞරවනීය  කෙනෙක් මේ මාර්ගයේ මෙතරම උදැසන මොනවා කරනවද?"

'චිංචිං දැස් පියාගත්ය., “ඒක හරි... විනෝදාස්වාද ස්ථාන සියල්ලම නේවාසික ප්‍රදේශයෙන් තරමක් දුරින් පිහිටි දොංලොන් වීදියේයි පිහිටන්නේ.  ඔහුට සමහර විට මාර්ගය වරදින්න ඇති.මොකද ඒ තරම්ශිතල දවසක්.  ඒත් ඔහු මෙහි පැමිණියේ ඇයි? ”

 

 "එහෙම නැත්තං ඔහු හාවෙක් දඩයම් කරන්න පදුරකට ඉව අල්ලනවා වෙන්නත් පුළුවන් " 

මහාමාත්‍ය චී ඉරුණු වස්ත්‍ර දවටාගෙන නැගි සිට පිටුපසට හැරුණෙ ය. 

ෂෙන් වෙයිගේ කාරණය ෂියාඕ වංශයට අදාළ දෙයක්.  ඔහුගේ ඒ පහර පැහැදිලිවම මේ කොල්ලාගේ ජීවිතය ඉලක්ක කරගත් එකක් බව මට ආරංචි වුණා.  නමුත් පිරිමි ළමයා තවමත් ජීවතුන් අතර වගේම  හොඳින් ඉන්නවා.  ඔහුට සැකයක් ඇති නොවෙන්නේ කොහොමද? ”

 "ඔහු එය අදහස් නොකළා නම් ඔහු තවත් වචනයක් වත් කියන එකක් නෑ."  ශෙන් ස’චුආන් ඒ පා පහර සිහි කරන විටත් චකිතයෙන් සැලෙන්නට විය.

 "අනේ නෑ."  'චිංචිං  සුදුමැලි වී ගියේ ය. “නොසැලකිලිමත් වීම මගේ වරදක්.  අප දැන් මොකද කරන්නේ?  මට බයයි ඔහු දැනටමත් ඒ ගැන දන්නවා ඇති කියලා!"

 

ශෙන් ස'චුආන්  මහාමාත්‍ය දෙසට හැරුණේ ය.  “ඒකට කමක් නෑ.  ඇදුරුතුමා දැනටමත් එය අනුමාන කර ඇති නිසා, ඔහුට විකල්පයක් තිබිය යුතුමයි."

◈◈◈

ෂාඔ හුයි අධිරාජ්‍ය ආරක්ෂක අණදෙන කාර්යාලයට පැමිණියේය.  ඔහු සමඟ ඇවිද ගිය සහකාර අණදෙන නිලධාරියා ඔහු හා සමාන තරාතිරමක අයෙකු වුවද, ඔහු එකහෙලා ඔහු දෙස බැලිමට එඩිතර වූයේ නැත.  ඔහු ෂාඕ හුයිව වාර්තා කාමරය වෙත ගෙන ගොස්, “ජෙනරාල් ෂාඕට පරීක්ෂා කිරීමට අවශ්‍ය කුමක්ද?  මේ සියල්ල අද කාර්යාල දොළහක රාජකාරි ලේඛණ තමයි."

 

ෂාඔ හුයි බැරෑරුම් ලෙස පොතක් අතට ගෙන බලන්නට විය, “අපගේ අධිරාජ්‍ය ආරක්‍ෂක සහෝදරයන්ට සීමා සහිත භූමියේ මුර සංචාරය කිරීම අපහසු වුණා.  මීට දින කිහිපයකට පෙර මට ග' චිංචිං නම් සමාගම් නිළදාරීවරයෙක්ගෙ සහාය ලැබුණා.  මම අද ආවේ මගේ ස්තුතිය පුද කරන්න තෑග්ගක් අරගෙන.  ඔහු අද රාජකාරියේ යෙදෙනවද?"

"ඔහු කාර්යාළ දොළහේ සමාගම් නිළදාරීවරයෙක්. අනිත් අය සේරම වැඩ.."  සහකාර අණදෙන නිලධාරියා කතා කරන විට, ඔහු ඉහළ කාර්යාල දොළහෙහි රාජකාරි ලේඛන සියල්ලම පැහැදිලිව වර්ග කර ඇති බිත්තිය වෙත මාරු විය.

 නමුත් ෂාඕ හුයි ට ඒවා ස්පර්ශ කිරීමට නොහැකි විය;  මෙය මාලිගාවේ තහනම් විය.

 සහකාර ආඥාපතිවරයා ඇසුවේ, “සේනාධිපතිතුමා දන්නවද ඔහු අයත් වන්නේ කුමන කාර්යාලයටද කියලා?”

ෂාඕ හුයි පවසන්නට විය, "උදෑසන වැඩ මුරයේ රාජකාරියේ යෙදිය හැක්කේ රාජකීය  කරත්ත කාර්යාලය, වෛද්‍ය කාර්යාලය සහ හීලෑ අලි ඇතුන් කාර්යාල වල  අයට පමණක් බව මට ආරංචි වුණා."

 

 සහකාර අණදෙන නිලධාරියා විසින් නාම ලේඛන හොඳින් පරීක්ෂා කළේය.  ටික වේලාවකට පසු, ඔහු හැරී ෂාඕ හුයිට පවසන්නට විය, “සේනාධිපතිතුමනී, අද එවැනි පුද්ගලයෙක් රාජකාරියේ නැහැ.  මට ඔබට වෙන තැනක් බලන්න දෙන්නද?"

 

 ෂාඕ හුයි තම අතේ තිබූ පොත මෘදු ලෙස වසා, “ඕනේ නැහැ.  මම එයාව තනියම හොයාගන්නම්."

 ෂාඔ සූයි වාර්තා කාමරයෙන් පිටවන විට, අහස දීප්තිමත් විය.  ඔහු මාර්ගය දිගේ ආපසු ගොස් මාලිගාවෙන් පිටතට ගියේය.ගොඩගැසුණු හිම ෂෙන්වු වීදිය පුරාම ගසාගෙන ගොස් තිබුණත් මාර්ගය ලිස්සන සුළු විය.  වංශවතුන් ප්‍රවාහනය කරන රථ මාර්ගයේ ගමන් කළේ ප්‍රමාධ නොවීමට ය.  ඔවුන් ප්‍රවේශමෙන් මාර්ගයේ ඇවිද ගිය අතර තම දෙපයින් නොසැලී සිටීමට සෑම උත්සාහයක්ම ගත්හ.

ෂාඔ හුයි ගමන්  රථයක් අසලින් ගමන් කරන විට, පුළුල් කඩු රැගෙන යන රථය දරන්නාගේ ඇස ගැටුනේ ය.  මේ එක බැල්මෙන්ම ඔහුගේ ඇහි බැම රැලි ගැන්වෙන බව කවුද සිතුවේ?

 "ඉඳගන්න."  ෂාඔ හුයි ගමන් රථ ආසනය නවතා ගත්තේ ය. "මේක සේනාධිනායකයා පාවිච්චි කරපු ආසනයද?"

 නිසැකවම, ගමන් රථ දරන්නන් අධිරාජ්‍ය ආරක්ෂකයින් වන්නේ ය.  පෙරමුණේ සිටි තැනැත්තා හිස වැනීය, “ඔබ දන්නවා අපි ප්‍රවාහනය කරන්නේ කාටද කියලා, අපගේ මාර්ගය අවහිර කිරීමට තමුන්ට කොහෙන් ආ නිර්භිතකමක් ද?  ඉක්මනින් මාර්ගයෙන් ඉවත් වන්න! ”

 

ෂාඔ හුයි  තමාගේම ලීබෙයි  රාජකාරී අවසර පත අත්ලෙයි තමාගෙන එසැවූයෙ ය.

 අධිරාජ්‍ය ආරක්ෂකයා හිස වනමින්, “සේනාධිපතිතුමනී, කරුණාකර මට කළ වරදට සමාව දෙන්න!”

 සිහින් අතක් එසැවි තිරය චලනය විය.  සියුම් මුහුණක් කම්මැලි ලෙස ෂාඕ හුයි දෙස බලා එහි සිටි පුද්ගලයාට කම්මැලි ලෙස පහර දුන්නේය.  "උතුමාණෙනි, ඔහු ඔබව සොයනවා!"

 ජි ලෙයි යන්තම් එක්වටයක් අවසාන වූ වහා පැමිණ ඇත.  නොසැලකිලිමත් ලෙස ආසන රථයේ වාඩි වී ඔහු ෂාඕ හුයිට පැවසුවේ ය, “සේනාධිපති ෂාඕ!  කාරණය කුමක් ද?"

ෂාඕ හුයි ප්‍රමුඛව සිටින අධිරාජ්‍ය ආරක්ෂකයා දෙස බලා මෙසේ කීවේය. " මට ආරංචි වුණා තරුණ ස්වාමියා ඊයේ රෑ ඔබතුමා එක්ක මධුවිත පානය කරන්න ආවා කියලා.  ඔබ මේතරම් ඉක්මනින් ආවද?"

ජි ලෙයි සිනාසෙමින්, “ඉතින් ඔබ දෙවන තරුණ ස්වාමියා ගැන කරදර වෙනව වගෙයි!  අද උදේ මම ඇස් ඇරපු ගමන් ම තරුණ ස්වාමියා නිවසට එන්න පිටත් වුණා.  රාජකීය කුමාරයා ඔහුව සොයනවද?”

 "මට කලබල නොවී ඉන්න බැහැ."  ෂාඕ හුයි ආචාර කළේ ය   "උතුමාණෙනි ඔබතුමාව කරදරයට පත් කිරීම ගැන මට කණගාටුයි."

 ඒකට කමක් නෑ!  මම එතනින් ආවා විතරයි."  ජි ලෙයි තම අතින් සංඥා කළේය.  “කවුද කලින් සේනාධිපතිවරයා එක්ක එකට එක කියාගෙන ගියේ?  ඉක්මන් කරලා සේනාධිපතිවරයා ගෙන් සමාව ගන්නවා.”

 පෙරමුණේ සිටි අධිරාජ්‍ය ආරක්ෂකයා එක් දණහිසකින් දණ ගසා ෂාඕ හුයිට පැවසුවේ, “මේ නිහතමානී සේවකයා වන ග' චිංචිං , ජෙනරාල්වරයා හඳුනා නොගන්න තරම් අන්ධ වුණා, ඒ නිසා ඔබට සිත් රිදවීම්ඇති වුණා.  මම මගේ දඩුවම පිළිගන්න ලෑස්තියි."

 ෂාඕ හුයි වැරදි ලෙස කියවා නොතිබුණි.

 ' චිංචිං  ගේ නම වස්‍ත්‍රයේ පැත්තකින් එල්ලී තිබූ රාජකාරී අවසරපතේ පැහැදිලිවම ලියා තිබුණි.

 

 ◈◈◈

 

ෂාඕ හුයි  ඔහුගේ වාර්තාව සම්පූර්ණයෙන්  සවන් දීමෙන් පසුව පවා, ෂ්‍යාඕ චීයේ  තවමත් ඔහුගේ එක් කකුලක් උඩට තබාගෙන් කතන්දර  පිටපත දෙස බලමින් සිටියේය.

 ෂාඕ හුයි  පැවසුවේය, "හැබැයි පෙනෙන විදිහට, ඔහු බොරු කිව්වා වෙන්න බෑ.  මාලිගාවට ඇතුළු වීමට කලින් ජි ලෙයිව රැගෙන යාමට ඔහුට පැවරී තිබුණා."

 "ඔව්."  ෂ්‍යාඕ චීයේ නොසැලකිලිමත් ලෙස පැවසීය.  “චිංජුන් මණ්ඩපය ලගිනුයි පිහිටන්නේ.  ඇත්ත වශයෙන්ම ඔහුට නියමිත වේලාවට එය කරන්න පුළුවන්. ”

 "ඒත් මට මොකක්දෝ අමුත්තක් දැනෙනවා."  ෂාඕ හුයි තමන්ගේ මාපටැඟිල්ලෙන් ඔහුගේ අසිපතේ දාරය පිරිමැද්දේය.

ෂ්‍යාඕ චීයේ  පිටුවක් පෙරළුවේය, "ඔබට එය තේරුම් ගත නොහැකිද?"

 "මට බැහැ."

 "එහෙනම් මම කියන්නම්."  ඔහු හදිසියේම වාඩි වී, කකුල් හරස් කර, එක් දණහිසකට අත තබාගත්තේ ය.

 ඔබ මගේ වැඩිමහල් සහෝදරයා සමඟ අගනුවරට ඇතුළු වුණා.  අධිරාජ්‍යයාව පෞද්ගලිකව හමු වී ඔහුව පිළිගත්තා.  අධිරාජ්‍ය  ආරක්ෂකයින්ගේ කාර්යාල දොළහ උත්සවාකාර පෙරහැරකින් සමීපව අනුගමනය කළා.  දැන් ඔහු ඔබව හඳුනා නොගන්නේ කොහොමද? ”

 "ඒක කියන්න අමාරුයි."  ෂ්‍යාඕ හුයි පැවසුවේය, "සමහරවිට ඔහුට මාව මතක නැතුව ඇති."

 ඔබ ඔබේ පිටත ඇදුමවත් වෙනස් කරලා නැ, ඔබ ඔබේ පිටුපස අසිපත පවා තබාගෙන ඉන්නවා.  ඔහු ඔබව හඳුනා නොගත්ත වුනත්, ඔහුට කළ යුතුව තිබුණේ ඔහුගේ මොළය ටිකක් භාවිතා කිරීම විතරයි, මාර්ගයේ දී ඔබට පහත් ලෙස නින්දා කරන්න ඔහු එඩිතර නොවේවි."

ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඊට අමතරව, ඔහුට නරක මතකයක් තියෙනවා කියලා නම් මට හිතෙන්නේ නැහැ.  ඔහුට මාව පැහැදිලිව හදුනගන්න පුළුවන් වුණා"

 "මට පේන්නෙ ඒක හරිම අහම්බයක් වගේ."  ෂාඕ හුයි  ඒ ගැන කල්පනා කරන්න ට විය

 "මම ඒක ඔහුටම බාර දෙන්නම්."

 "ඔවුන්ට අවශ්‍ය වන්නේ අහඹු සිදුවීමක්."  ෂ්‍යාඕ චීයේ කතාන්දර පිටපත පසෙකට දැමීය.  "මේ ශේන්..."

 "ශෙන් ස'චුඇන්."  ෂෂාඕ හුයි පැවසීය.

 "ඔහුට ෂාඕ සුයි පන්සලට ඇතුළු වීමට ඉඩ දීම දැන් පරාජිත පියවරක් බවයි පේන්නේ."  ෂ්‍යාඕ චීයේ කල්පනාකාරී බැල්මකින් කීවේය.

◈◈◈

' චිංචිං ලොම් කොලරය ඉවත් කර ඔහුගේ දහඩිය පිස දැමීය.

 පිටත සිටි වූ සයිචුඅන් ඔහුගේ දෙපා වලින් බරැති අඩි තබමින් දුවගෙන ආවේ ය..  ඔහු නැවත නැවතත් පවසන්නට විය, “ස්තූතියි, ස්තූතියි!  චිං සහෝදරයා, ඔබට ගොඩාක් ස්තුතියි!”

'චිංචිං  පවසන්නට විය, "ඒකට කමක් නෑ.  අපි හැමෝම සහෝදරවරුනේ.

වූ සයිචුඅන් සිනහසෙමින් ඔහුගේ හිස හරවා වාර්තා කාමරයේ සිටි පුද්ගලයාට කෑගසන්නට විය, “වැඩිමහල් ෂූ!  චිං සහෝදරව අද වාර්තාවට ඇතුළත් කරන්න., ඔහු මම වෙනුවෙන් ගමන් රථය ගෙනියන්න ඉදිරිපත් වුණා.  මට ඊයේ රෑ සෙම්ප්‍රතිශ්‍යාව හැදිලා අද උදේ කරකැවිල්ලක් ආවා.  වාසනාවකට චිං සහෝදරයා උදව්වට හිටියා.”

 

' චිංචිං ඔහුගේ දහඩිය පිස දැමීමට හිස පහත් කළේය.  ඔහු පවසන්නට විය “ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැළදුනාද  අපි පසුව එළුමස් සුප් පානය කරන්න ෂූ නිවසට යමු."

 

චූ සයිචුඅන් කඩිමුඩියේ මෙසේ පැවසී ය, “ඇත්තෙන්ම, ඒක තමයි චිං සහෝදරයාගේ සංග්‍රහය!  වැඩිමහල් ෂු, ඔබට ඒක ඇහුනාද?  අපි හැමෝ එකට යමු!  "

 

 "වෙහෙස වෙන්න එපා."  'චිංචිං වූ සයිෂුඅන් ගේ පිටට තට්ටු කළේය.  “හොඳින් විවේක ගන්න.  ඊළඟ වතාවේ ඔබට අසනීපවුනොත්, ඔබ මෙවර කළාක් වගේ තනිවම දරාගන්න එපා.  මට විතරක් හරි කියන්න."

 

වූ සයිචුඅන් බලු පැටියෙකු මෙන් හිස සැලුවේය.  ඔහු එළුමස් සුප් වලට දැඩි ආශාවක් දැක්වූ අතර ඔහුට වෙනත් කිසිවක් ගැන සැලකිලිමත් විය නොහැකි විය.

◈◈◈

 

 මහාමාත්‍යවරයා අවසානයේ සුවපහසු ඇතිරිල්ලක ඇල වී සිටියේ ය.  ඔහු ශෙන් ස'චඇන් ඉදිරිපිට වාඩි වී,

"තවත් මාස භාගයකින්, ජෙන්දන් උත්සවය පවත්වාවි.චූදු වලින් 'නිලධාරීන් දසදහසකට භෝජන සංග්‍රහයක්' පවත්වාවි.  කාලය ආවම,  විවිධ ඉඩම්වල සියලුම පළාත් පරිපාලන කොමසාරිස්වරුන් සහ ප්‍රාන්ත අධීක්ෂණ කොමසාරිස්වරුන් ඔවුන්ගේ සුබ පැතුම් පිරිනැමීමට අගනුවරට ඇතුළු වේවි.  මට තවමත් වත්මන් තත්වය ගැන පැහැදිලි නැහැ, ඒ නිසා මට පැහැදිලි කරලා දෙන්න. ”

 

 ජි වංශයේ පළමු ආරම්භක ඉරියව්වෙන් පහර දෙන විට ෂෙන් සෙචුවාන් දුහුල් ඇඳුම් වලින් සහ හිමෙන් සැරසී සිටියේය.  එසේ තිබියදීත් ඔහුගේ නළලෙන් දහදිය බිඳු වැටෙමින් තිබුණි.  ඔහු පවසන්නට විය,

ලිබෙයි කුමරු වසර ගණනාවක් තිස්සේ දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසුවෙන්නේ. ඔහු වෙනුවෙන් හැසිරවීමට සියලුම හමුදා කටයුතු පරම්රාගත කුමරු වෙන ෂියාඕ ජිමිං වෙත පවරලයි තියෙන්නෙ.  බොහෝ දුරට, ඔහු මෙවර සහභාගී නොවේවි.  අධිරාජ්‍යයාගේ ගලවා ගැනීම සඳහා චීදොං පස්වන අණදෙන නිලධාරියා විශාල සේවයක් කළා.  ඔහුට ප්‍රදානය කරන ලද පදවිය ලබා ගන්න  මුලින්ම පැමිණියේ සෙන්පතියන් හතර දෙනාගෙන් කෙනෙකු වූ ලු ගුඅන්බායි. සේනාධිනායක චී මේ දින කිහිපය තුළ පැමිණිය යුතුයි.  මේ එක්කම දෂෞ හි ප්‍රධාන හමුදා බලවතුන් දෙදෙනෙකු තාවකාලිකව නවාතැන් අරගෙන ඉන්නේ-"

 

 "ඉඳගන්න."  මහාමාත්‍ය චී තම ඇඳ ඇතිරිලි අතරින් ආධාරකයක් එළියට ගෙන, “සෙන්පතිවරුන් හතරදෙනා කවුද?” යනුවෙන් ඇසීය.

 

 ශීත සන්නාහයෙන් සන්නද්ධ   අශ්වාරෝහක ගංගාව ෂ්‍යාඕ  ජිමිං; 

දූවිලි ගඟන කාන්තාරයේ කන්ද, ලු ගුඅන්බායි; 

දැවෙන තැනිතලාවට මඟ පෙන්වන සුළඟ, චී ජූයින්;

අකුණු වලාගැඹේ මාණික්‍ය , සූඕ ච්‍යැන්චියු!”

 

 මම අහලා තියෙන්නේ සූඕ ච්‍යැන්චියූ ගැන විතරයි.  නමුත් ලූ ගුඅන්බායි බොහෝ දුරට බ්‍යැන්ෂා වල  ලූ පින්ග්‍යැන් ගේ පුත්‍රයා  බව මම අහලා තියෙනවා.  ලු පිංඅයැන් පසුව බියන්ජුන් අණදෙන නිලධාරීන්ගේ කාන්තාර ආරක්ෂා කරන්න  ආවත්, ඔහුගේ මුල් අවදියේ ඔහු ලීබෙයි වල සිට තිබෙන්නේ.  ඔහු ලිබෙයි කුමරු ෂ්‍යාඕ ෆංෂු සමඟ සහෝදරයන් ලෙස දිවුරුම් දුන්නා.  මේ ලූ ගුඅන්බායි ට සහෝදරියක් ඉන්නවා නම්, ඇය අනිවාර්යයෙන්ම ෂ්‍යාඕ වංශයේ ලේලිය වෙන්න ඕනේ, මම හරිද?  "

 

 "ඔව්."  ශෙන් ස’චුආන් කීවේ දාඩිය බිංදු පිසදමමින් ය.  "ලූ ගුඅන්බායි  ගේ බාල සොහොයුරිය තමයි  ලීබෙයි හි පරම්පරාගත කුමාරයාගේ භාර්යාව."

 

 ඉතින්, ප්‍රධාන හමුදා බලවතුන් දෙදෙනා පැමිණියේ කොහෙන්ද?”  මහාමාත්‍ය චී ඇසුවේය.

මේ සම්බන්ධය එක්ක, ලූ වංශය කියන්නේ  චීදොං පස්වන අණදෙන නිලධාරීන් තුළ සැඟවී ඉන්න ලීබෙයි රැධිරය ඇත්තොයි  ඒවගේම චූදු වල විශේෂ පුහුණු අංශ අටක් සහ පුහුණු අංශ අට යටතේ අධිරාජ්‍ය හමුදාව තවමත් තියෙනවා.පුහුණු අංශවල ලීබෙයි සහ චීදොං සිට පැමිණි අය එතරම් පිරිසක් නැහැ, එහි කීර්තිය ඔවුන්ගේ තරම් ධෛර්ය සම්පන්න, බලවත් නැහැ.  නමුත් චූදු කියන්නේ දචෞ වල හදවත බව ඔබ මතක තියාගන්න ඕනේ.  ඔවුන් අතේ තබාගෙන ඉන්නේ  අධිරාජ්‍යයාගේ ජීවිතයයි."

 මහාමාත්‍යවරයා පත්පැන් බදුනෙන් උතුරක් බිව් අතර තමාවම සන්සුන් කරගත්තේ ය.

 ඔබත් මෙය මතක තබා ගත යුතුයි.  අධිරාජ්‍ය ආරක්ෂකයින් ‘සොල්දාදුවන්’ ලෙස හැඳින්විය නොහැකි වුනත්, ඔවුන්ගේ වාසිය ‘සොල්දාදුවන්ට’ වඩා බෙහෙවින් වැඩියි.  අධිරාජ්‍යයා හමුදාවන්ට අණ දෙන විට, ඔහුට බලගතු නිලධාරීන් සහ ධෛර්ය සම්පන්න ජෙනරාල්වරුන්ගේ සහාය ලැබිය යුතුයි.  සෙන්පතියෙකු යුධ පිටියේදී හොඳ අභිලාෂ මත පමණක් ක්‍රියා කරන්න ඕනේ. ඔහුගේ පරමාධිපත්‍යයේ අණට බැඳී නොසිටින්න ඕනේ.  දැඩි පාලනයක් තබා ගන්න, එවිට ඔවුන්ට තමන් විසින්ම යමක් නිර්මාණය කර ගන්න දුෂ්කර වේවි.  ලිහිල් ග්‍රහණයක් පවත්වා ගන්න, එවිට ඔවුන් ඉතා ඉක්මනින් කොටියෙකු බවට පත්වනු ඇතැයි ඔබ සැක කරාවි. මෙම මිනුම් දණ්ඩ ග්‍රහණය කර ගැනීමට අපහසුයි.  ඔබ තත්වයට අනුකූලව ක්‍රියා කරන්න ඕනේ, වෙනස්කම් වලට අනුවර්තනය වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනෙ. කොහොමවුනත් , අධිරාජ්‍ය ආරක්ෂකයින් කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කාරණයක්.  ඔවුන් අධිරාජ්‍යයාගේ අණ යටතේ සිටින දරුණු දඩයම් බල්ලන් වගේ, එම දම්වැල අධිරාජ්‍යයා පමණයි මෙහෙයවන්නේ.  ඔහුගේ ග්‍රහණය දැඩි කිරීම හෝ ලිහිල් කිරීම හෝ ඔවුන් ව සුරතල් කිරීම හෝ ඉවත දැමීම සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අධිරාජ්‍යයාගේ මනෝභාවයන් මත යි.  ඒවගේ බලයක්, එවැනි බලු පෝතකයන් රැළක් - ඒ ඔබ නම්, ඔබ ඔවුන්ට කැමතිද, නැද්ද?"

ශෙන් ස'චුආන්  නිහඩව රැදී සිට පවසන්නට විය, “ඔවුන් ඇත්තටම  - ඔවුන් නොමඟ යාවි!  ඔවුන්ට ඕනෑවට වඩා අනුග්‍රහය දක්වන්න, විශ්වාස කරන්න ගියොත්, එවිට ඔවුන් විපත්තියේ උල්පතක් වේවි!".

 "ඔබේ සහෝදරයා නිසැකවම ඔබට බොහෝ දේ උගන්වා තියෙනවා ."  මහාමාත්‍ය චී පවසන්නට විය.

 ඒක හරි.  එය මතක තබා ගන්න.  එය මතකයේ කාවද්දගන්න!  ඔවුන්ට ඕනෑවට වඩා අනුග්‍රහය දක්වන්න, විශ්වාස කරන්න යන්න එපා, එවිට ඔවුන් විපත්තියේ උල්පත බවට පත්වේවි.  ගුණයහපත් අය සමීපව තබාගෙන, සමච්චල් කරන්නන් දුරින් තබා ගැනීම හොඳ දෙයක් තමයි.  නමුත් ඔබ පෞද්ගලිකව ආශ්‍රය කරද්දී , කළු සහ සුදු පෙනේන ගනීවි.  ඔබට සම්පුර්ණයෙන්  හොඳ,කපටි සිල්වත්තු කවුද කියලා අදරගන්න පුළුවන් වේවිද?  අනික කපටින්ට, නින්දිත අයට කරන්න පුළුවන් ගුණයහපත් පුද්ගලයන්ටත් කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා.  අධිරාජ්‍යයා අධිරාජ්‍ය මාලිගයේ දීර්ඝ කාලීනව වාසය කරනවා.  ඔහු විවිධ නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ හඬට ඇහුම්කන් දෙනවා වගේම නිරීක්ෂණ සහ තුලන මූලධර්මය තේරුම් අරගන්නත් ඕනේ. ඔබට පෙනෙන විදිහට , අධිරාජ්‍ය ආරක්ෂකයින් සමඟ නැගෙනහිර අන්තය තිබෙනවා, ලිබෙයි සමඟ චීදොං තිබෙනවා."

 විරාමයකින් පසුව, මහාමාත්‍යවරයා දිගටම කියාගෙන යන්නට විය.

ජලය පිටාර ගලන්නේ ඉහළම මට්ටමට ආවමයි, සඳ අමාවක වෙන්නේ.  මෙම සටනෙන් පස්සෙ  ඔවුන්ට පිරිනැමීමට හෝ ප්‍රදානය කිරීමට වෙනත් කිසිවක් නොමැති වෙනවා පමණක් නෙවෙයි, ෂ්‍යාඕ  වංශය වෙනත් සටනක් කළත්, ඔවුන්ගේ සටන පරාජයක් තමයි, ඔවුන්ගේ ජයග්‍රහණය ත් මූලික වශයෙන් පරාජයක් වේවි.  ඔවුන් දැනටමත් ඔවුන්ගේ අවසානය කරා ඇවිත්. ”

 ඔවුන්ගේ ජයග්‍රහණය පරාජයක් වෙන්නේ කොහොමද?” ෂෙන් ස'චුැන් ඇසීය.

 ඔවුන්ගේ ජයග්‍රහණයත් පරාජයක් තමයි!  ෂ්‍යාඕ ජීමිං සටන ජයග්‍රහණය කළාට පස්සෙ  ඔහුගේ බාල සහෝදරයාව ක්ෂණිකව ඉදිරිපත් කළේ නැද්ද?  අනාගතයේදී ඔහු ජයග්‍රහණය කරන සෑම සටනකදීම, ඔහු ඊටත් වඩා අනතුරකට ලක් වේවි.  මේ පාර ඔහු ඒකට මුහුණදුන්නේ ඔහුගේ සහෝදරයා එක්ක.  ඊළඟ වතාවේ,   ඔහුගේ බිරිඳ, ඔහුගේ පියා එහෙමනැත්තම් ඔහුම වෙන්නත් පුළුවන්"

 

 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-