Skip to main content

හත්වන පරිච්ජේදය | මහාමාත්‍යවරයා

 



ගොළු වූ, මහාමාත්‍යවරයා ඔහුගේ දෑත් පසුපසට ඇද ගත්තේය.  ඔහු ශෙන් ස’චුආන් දෙස බැලීම ප්‍රතික්ෂේප කරමින් හිස ඉවතට හරවා ගත්තේය.  ඔහු මෙහි සිරගතව සිට වසර විස්සක් තිස්සේ ම, මෙතැනින් එහා සිටින සියල්ලන්ටම වෛර කරන්න ට පටන්ගෙන තිබුණේ ය.  එහෙත්, අද රාත්‍රියේ, තම සතුරාගේ පුත්‍රයාට වෛර නොකරන ලෙස ඔහුට ඒත්තු ගන්වා තිබුණේ ය.

 "එතකොට..." මහාමාත්‍යවරයා  ගේ කටහඬ සන්සුන් විය.  "එහෙනම්, මම දැන් මරන්න ඕනේ කාවද?!"

නිහඬවම මොහොතක් හිම පනය විය, මිදුලේ සිටි කපුටා අත්තෙන් ඉවතට පියාසර කළේය.  පන්සලේ වූ ජනෙල් තර රෙද්ද සුළඟට ලෙල දෙන්නට විය.

මහාමාත්‍යවරයා වෙව්ලමින් ඔහුගේ දෙපාවලින් සිට ගනිමින්, ඔහුගේ දෑත් ඉහලට කරගත්තේ විනාශය සමඟ පොරබදන්නෙකු සේය.

 එකම ගෙවීම මරණය විතරයි!  ජයග්‍රාහකයා තමයි හැමවෙලාවෙම සිහසුන ගන්නේ. පරාජිතයා හැමවෙලාවෙම කැරලිකරුවා වෙනවා..  උතුමාණන්ගේ සුචරිත නාමයට අවනම්බු කරපු, ඔබත් මමත් අනාගත පරපුර විසින් හෙළා දැකීමට නියමිත දේශ ද්‍රෝහියෝ වෙලා ඉවරයි!  මම කාවද මරන්නේ?  මම මේ අවුල් සහගත සහ අන්ධ ස්වර්ගය නැති කරලා දානවා! මීට වසර විස්සකට කලින් උතුමාණන් ලේ වැගිරුණේ මෙතනයි.  අපි කරපු වරද මොකක්ද?  අධිරාජ්‍යයා අපිව අතුගාලා දාන්න තරම් නිර්දය වුනේ ඇයි?!”

මහාමාත්‍යවරයාගේ මුහුණ පුරා කඳුළු වැල් ගලාගෙන යන්නට විය..  ශාලාවේ දොරටුව අසල දණින් වැටී හිස නැවත නැවතත් බිමට ගසද්දී ඔහුගේ සිරුර වෙව්ලන්නට විය.

 "මාවත් මරපල්ලා දැන්!"

 හිම වැටෙන රාත්‍රිය ඉතාමත් සීතල විය.  කිසිවෙකුත් ප්‍රතිචාර දැක්වූයේ නැත.  ඒ පිරිහුණු හා බැට කෑ බුද්ධ ප්‍රතිමාව සේම මහාමාත්‍ය චී ද දණගැස්වූයේ මේ ආකාරයටය.

 මේ දීප්තිමත් චූදු හි රාත්‍රිය නිශ්ශබ්දතාවයේම ගිලි සිටි අතර ඔහුට කිසිදු පිළිතුරක් සැපයුවේද නැත.

 පැයකට පසු, ජි ගැන් මහාමාත්‍යවරයා ට උදව් කළ අතර,  තිදෙනාම සුවඳ දුම් පූජාසනය ඉදිරිපිට වෘත්තාකාරව වාඩි වූහ.

 අද රෑ මම නිසා ගොඩක් දේවල් වුණා.  මම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මගේ හිතේ තියෙන දේවල් පැහැදිලි කරන්නම්.”  ජි ගැං  ඔහුගේ අත් ඔසවා පැවසුුුවේය.

මහාමාත්‍යතුමනී, චුවාන්-එර් උපත ලැබුවේ ෂෙන් වංශයේ යි.  ඔහු ෂෙන් වෙයිට දාව අටවෙනි පුත්‍රයයි.  වසර අටකට කලින්, ජියැන්ෂින් කුමරුගේ වාසස්ථානයේ නීත්‍යානුකූල සහ පොදු පාර්ශවයන් අතර තත්වය ගින්න සහ ජලය මෙන් සමනය කළ නොහැකි වුණා.  ජියැන්ෂින් හි පරම්පරාගත කුමාරයා වන ශෙන් ෂවුජී, ඔහුගේ පියාගේ අනුග්‍රහය දිනාගෙන, ඔහුගේ පොදු ජන්ම සහෝදරයන්ව නිවසින් පිටතට දැම්මා.  වයස අවුරුදු හතේදී, චුවාන්-එර් නැවත දුආන්චො  වෙත යැව්වත්, හමුදා සංඛ්‍යාව වැඩි කරගන්න සොල්දාදුවෙකු ලෙස ඔහුව බඳවා ගැනීම එතරම් සාර්ථක වුනේ නෑ.  ඒක නිසා ඔහුව ඇති දැඩි කලේ ඔහුගේ මවගේ සේවිකාව.ඒත් ඒ කාන්තාව බොහෝ වෙලාවට හුඟක් කැදර විදිහට ඔහුට ලැබෙන සලාකය පවා ආහාරයට ගත්තා.  හුආ පිංතිං තම මවත් එක්ක සුහඳව කටයුතු කළා.  ඇය මේ ගැන දැනගත්තම, චුවාන්-එර්ව නැවත රැගෙන යන්න කියලා ඇය මගෙන් ඉල්ලා සිටියා, ඊට පස්සෙ අපි ඔහුව හදාවඩාගත්තා.

චී මහාමාත්‍යවරයා සමච්චල් කරමින් පවසන්නට විය, “ශේන් වෙයි සාමාන්‍ය විදිහට ඉපැදුනු කෙනෙක්. ඔහුගේ ළමා කාලය තුළ ඔහුට අසාධාරණකම් සිදු වුනා. ඔහුට පුතුන් ලැබුණට පස්සෙ  නීත්‍යානුකූලව උපන් අයට අනුග්‍රහය දැක්වීම කෙතරම් හාස්‍යජනකද?  එපමණක් නෙවෙයි, ඔහු කොයිතරම් දූෂකයෙක්ද කියනවනම් ඒවගේ තවත් අයව බිහිකලා. මොනතරම් පාපයක්ද!

 අපි කුමාරයාගේ කාර්යාලයට කිහිප වතාවක්ම ලිපි යැව්වත් එකපාරක්වත් ශෙන් වෙයි උත්තර දීලා නැහැ.  මහාමාත්‍යතුමනි, චූදුවල නඟර අටදිහා බලන්න.  එම වංශවල පොදු උපත් පුත්‍රයන් අතර පවා මේ විදිහට අතහරිනවා කියලා අපි අහලා නැහැ.”  ජි ගැන් ඇහිබැම රැලි කරගත්තේ ය.

 ඉතින් චුවාන්-එර් අපිව අනුගමනය කරන්න ආවා.  ඒ වෙද්දී මු-එර්ගේ වයස අවුරුදු පහළොවයි.  ඔහු තම බාල සොහොයුරා දැකීමෙන් මහත් සතුටට පත් වුණා.  එතැන් ඉදලා, අපේ පවුලේ හතර දෙනෙක් දුඅන්ෂෞ වල පදිංචියට ආවා.  හමුදා සේවයේ කහ ලේඛනයට ඇතුළු වෙන්නත් අපට විශාල උත්සාහයක් දරන්න සිද්ධවුනා.” (i)

 මොහොතක නිශ්ශබ්දතාවයෙන් පසු, මහාමාත්‍ය චිං පැවසුවේ, “ඔබ අපරාධකරුවෙකුගේ නම දරණ අගනුවරෙන් පිටව ගියා.  ඔබේ නිවස ලියාපදිංචි කිරීම ඔබට කොහොමත් අපහසුයි.  කැරලිකරුවන් මර්දනය කරන්නත් සිවිල් වැසියන්ගේ නොසන්සුන්තාව වළක්වන්නත් අධිරාජ්‍යයා එදා කුටුම්භ වාර්තා කිරීම සඳහා කහ වාර්ථා ලේඛණගත ක්‍රමය දැඩි ලෙස ක්‍රියාත්මක කළ නිසා.

 ජි ගැන් පවසන්නට විය , “මට තේරෙනවා.  මහාමාත්‍ය තුමනි, මම ගියාට පස්සේ චූදු වල මොකද වුණේ?  ඔටුන්න හිමි කුමාරයා ඒ තත්වයට පත් වුනේ කොහොමද?

 මහාමාත්‍යවරයා ඉරුණු තිර රෙදි ඇදගෙන එය ඔහුගේ උරහිස් වටා ඔතා ගන්නට විය. ඔහු අඳුරු ලෙස පවසන්නට පටන් ගත්තේ ය

“... ඔබ ගියාට පස්සෙ , ජි වුෆාන් අධිරාජ්‍යයාගේ විශ්වාසය නැති වුණා.  පැන් රුගුයි අධිරාජිනියට සේවය කරන්න  අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ලබා ගෙන, චාරිත්‍රානුකූල අධ්‍යක්ෂක මණ්ඩලයේ කතුවර තනතුර භාර ගත්තා.  එහි ප්‍රතිඵලයක් වශයෙන්, අධිරාජ්‍ය ආරක්ෂකයින් පරිහානියට පත් වෙලා, එහි කාර්යාල දොළහ නමට විතරක් පැවතුනා.  ජී වූෆාන්ගේ මරණයෙන් පස්සෙ , ජී ලෙයි සේරම දේවල් භාර ගත්තා.  එදා ඉදන් නැගෙනහිර අන්තය අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ ස්වාමියා බවට පත් වෙල නැගෙනහිර මාලිගය සමඟ සම්බන්ධ වීම නතර කරලා දැම්මා. පසුකාලීනව අධිරාජයා හදිසියේ රෝගාතුර වෙලා නිතර එක්තැන්ව සිටි නිසා උසාවියේ සුළු සුළු කටයුතු කළමනාකරණය කිරීමට මහා ලේකම් කාර්යාලයට සහ නැගෙනහිර මාලිගාවට භාර දුන්නා. ඒත් බොහෝ අදක්ෂ පුද්ගලයින් උසාවියේ ස්ථාපනය කිරීම සඳහා හුවා වංශය අධිරාජ්‍යයාගේ අනුග්‍රහය මත විශ්වාසය තිබ්බා. මෙය අමාත්‍යාංශ හයේ අල්ලස් ක්‍රියාව නැවත හිස ඔසවන්නට හේතු වුනා.  වැන්දඹු අධිරාජිණියගේ ඥාතීන් ගේ කරදර ක්‍රියාත්මක වුනේ ඊට පස්සෙ. තුන්වන රාජකීය කුමාරයා  ඔටුන්න හිමි උතුමාණන්ට ස්මාරකයක් ඉදිරිපත් කිරීමට බොහෝ වාරයක් උත්සහ කළා.

 නමුත් අධිරාජිණිය සමඟ රජයේ කටයුතු පාලනය කිරීම සඳහා ස්මාරක අනුමත කිරීමේදී පැන් රැගුයි  ඔහුගේ නිල බලය මත විශ්වාසය තබනු ඇතැයි ඔහු කිසි විටෙකත් අපේක්ෂා කළේ නැහැ. රාජකීය මහෝත්තමයාණන්ගේ ස්මාරකය අධිරාජ්‍යයා ඉදිරියෙහි ගමන් කරන ආකාර තිබුණේ නැහැ.  ඒ විතරක් නෙවෙයි අධිරාජයා අසනීප වුණාට පස්සේ මහ ලේකම් කාර්යාලය සහ නැගෙනහිර මාලිගාව ඔහුට ගෞරව දැක්වීමත් අධිරාජිනිය නතර කළා.”

 "අධිගරාජ්‍යයාට ඈව තර්ජනයක් වගේ පේන්න ඇති!"  ජී ගැන් නැවත නැවතත් සුසුම්ලමින් සිටියේය.  “පෑන් රුගුයිට එවැනි අභිලාෂයන් ඇති බව මම දැන සිටියා නම්, පියාණන් ඔහුව මරා දමන්න ගිය එක මම වළක්වන්නේ නැතිවෙන්න තිබුණා !”

 "එහෙම නැතුව ඔබ පැන් රුගුයිව මැරුවත්, මෙහි පැන් රුෂියැන් සහ පැන් රෑයි ඉන්නවා!"  මහාමාත්‍යවරයා  තුෂ්නිම්භූතව කීවේය.  “භාර්යාවන් රාජ්‍ය කටයුතුවලට මැදිහත් වෙනවා වගේම ඔවුන්ගේ නෑදෑයන් තමයි එහි වැඩි පිරිසක් ඉන්නේ.  ජී ගැන්, ඔබට තේරෙන්නේ නැහැ.  මේ සියල්ල වංශ අටේම ගැඹුරින් මුල් බැසගත් රෝගයක් වගේ. වංශයන් සියල්ල තුරන් නොකරන තාක් ඉතිහාසය නැවත නැවතත් සිදුවේවි!  මෙතරම් කලක් ඇතුලත් මාලිගයේ වාසය කරද්දී අධිරාජිනිය අධිරාජ්‍ය රාජ සභාවේ කටයුතු පාලනය කරන්නේ කොහොමද?  ඒ සියල්ල හුවා වංශයේ දිගුකාලීන බලය සහ බලපෑම නිසා යි.  එදා අධිරාජිනිය හුආ නොවුනත් - අධිරාජිනිය අනෙක් අට වංශවලින් අයෙක් නොවුනත්- මේක තවමත් සිද්ධවෙනවා.

 "නමුත්."  “උතුමාණන්ට දාව  අධිරාජිනියගේ කුසින් නීත්‍යානුකූලව උපත ලැබූවේ ඔටුන්න හිමි කුමාරයා නොවේද?” යනුවෙන් නොඅසා සිටීමට ශෙන් ස'චුආන්  ට නොහැකි විය.

 "නැහැ."  මහාමාත්‍ය චී හිස පහත් කළේය.  “ඒ රාජකීය උත්තමයාගේ නියම මව අධිරාජ්‍යයාගෙ උපභාර්යාවක්.  අධිරාජිනිය මින් පෙර කිසි දිනෙක දරු ප්‍රසූතියක් නොකළා සේම දරුවන් නොමැතිව සිටියා.  නමුත් රාජකීය උත්තමාවියව ඇතුල් මාලිගයට ගෙන ගොස් පෞද්ගලිකව අධිරාජිනිය විසින්ම හදාවඩාගත්තා.  ඒක හරියට මේ කියමන වගේ "කොටියෙකු වුනත් තම පැටවුන් කන්නේ නැහැ ... ඥාතිත්වයක් අධිරාජ්‍ය වංශයේ නැහැ.

ශාලාව නැවතත් නිහඬ විය. ජි ගැන් සීතල හඬින් හුස්මක් පිටකර දැඩි හඬින් පවසන්නට විය. , “මගේ අධික බීමත්කම නිසා මගේ පියාට අධිරාජ්‍යයාගේ ප්‍රසාදය අහිමි වුණා.  ඒක එහෙම නොවුණනම්, උතුමාණන් කවදාවත් මෙහෙම එන්නේ නැතිවෙන්න තිබුණා"

 "මම මුලින් හිතුවේ ඔබට කලින් ජී වූෆාන් හිටියා නම් ජී ලෙයිට එහෙම වෙන්නේ නැතිවෙයි කියලා."   මහාමාත්‍යවරයා ඉරුණු තිරය රෙද්ද අල්ලා ගත්තේය.  ඒක මතක් වෙනවිටත් මුව තුල තිත්ත රසයක් දැනෙන්නට පටන් ගත්තේ ය.  "කවුද දන්නේ ඒ ඔහු කියලා..."

 "මහාමාත්‍යතුමනී, ඔබ ඒ ගැන දන්නේ නැහැ."  ජී ගැන් ශෙන් ස'චුආන්  දෙස බලන්නට විය.

 "චුවාන්-එර්ත් දැන සිටියේ නැහැ.  මගේ පියා, ජි වුෆාන්, හිටපු අධිරාජ්‍යයා සමඟ මිත්‍රයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඔහු අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ සේනාධිනායකයා වුණා.  නමුත් පියාණන්ගේ පළමු බිරිඳ අඩු වයසින්ම ම මිය ගියා ඒ නිසා ඔහුට නැවත විවාහ වීමට අදහසක් තිබුණේ නැති නිසා ඔහු පුත්‍රයන් තිදෙනෙක් හදාවඩාගත්තා. මමයි ජී ලෙයි ඇරෙන්න තව වැඩිමහල් සහෝදරයෙක් හිටියා.  වැඩිමහල් සහෝදරයාට අධිරාජ්‍ය බන්ධනාගාරයේ ද්වේෂසහගත ක්‍රියා දරාගත නොහැකි වූනා, ඔහු නව යොවුන් වියේදී අගනුවර හැර ගොස් එහි සොල්දාදුවෙකු වීමට තියැන්ෆෙයි මුරටැඹ වෙත ගියා.  ජි ලෙයි සහ මම අධිරාජ්‍ය ආරක්ෂකයෙක් විදිහට සේවය කළා. ස්නේහ භක්තිය පෙන්වන්න ඔහුව බලා ගන්න පියාණන්ට පක්ෂපාති වගේ හිටියා. ජී වංශයේ සටන් ඉරියව් සහ ජී වංශයේ අසිපත් ක්‍රම යන මේ සියල්ලම ඉගැන්නුවේ පියාණන්. පසුව සිදු වූ සිදුවීම් කිහිපයක් නිසා ජි ලෙයි දුෂ්ට චේතනාවන් ඇති කරගෙන සිටින බව පියාට දැනෙන්න ගත්තා. ඔහුට අනුග්‍රහය ඇති බවට සැක කළ නිසා ඔහු මට ලබා දුන්නේ ජි වංශයේ මානසික ධ්‍යානවේදය ශිල්පීය ක්‍රම පමණයි. නමුත් මෙය සම්පූර්ණයෙන්ම අපි සහෝදරයන් අතර භේදයක් ඇති කළා.  පියාගේ මරණයෙන් පස්සෙ, ජි ලෙයි ඔහුගේ අණ යටතේ සිටි අයව මාරු කළා. පැරණි ආරක්ෂකයින් බොහෝ දෙනෙකුව ගෙදර යැව්වා. එතැන් පටන්, අධිරාජ්‍ය ආරක්ෂකයින්... දැන් ඔවුන් කලින් විදිහ නෙමෙයි."

මහාමාත්‍යවරයා මැසිවිලි නගන්නට විය, “ඒක තමයි ඉරණම.  නැඟෙනහිර මාලිගාවේ යටත් නිලධාරීන් එක් වී එක් අයෙකු ලෙස වැඩ කළ නමුත් උතුමාණන් ආරක්ෂා කිරීමට තවමත් අසමත් විය. අධිරාජ්‍යයා උතුමාණන් ව කැරැල්ලක් ඇති කළා කියලා සැක කලා වුනත්, චූදු වල වංශ අටේ පාලන බලය තිබුණේ ඔවුන් අතමයි.  අධිරාජ්‍ය ආරක්ෂකයින් රාජද්‍රෝහී ලේඛන සොයා ගෙන එය පිටුපස රාජකීය උතුමාණන් ඇති බව ප්‍රකාශ කළා. අපේ පිරිස අධිරාජ්‍ය බන්ධනාගාරයට යැව්වා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මියගියා.  දඬුවම් නොඉවසන අය අවසානයේ යටත් වුනා. රෝගී අධිරාජ්‍යයා කෝපයෙන් උන්මත්තකයෙක් වගේ හැසිරුනේ. ඔහු පැන් රුගුයිගේ හැම වචනයක්ම විශ්වාස කළා.  එතැන් ඉදලා අධිරාජ්‍යයාණන් සිටියේ මරණය අද්දර සිරගත වෙලා."

 ඔහු නැවතත් උමතු වී සිටින බවක් පෙනෙන්නට තිබූ අතර ඔහුගේ මුහුණම කඳුළු වලින් තෙත් විය.

 උතුමාණන් ඇත්තටම එතැන සිටියා. ඔහු මරණයට බොහොම ආසන්නවයි සිටියේ!  ඇයි ඔවුන් මාව මැරුවේ නැත්තේ?  මේ වෙනකම් මගේ අවසන් හුස්මේ එල්ලිලා ඉන්න ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?  මේවගේ ජීවිතයක් ගත කරන එක මරණයට වඩා කටුක දෙයක්.  ඒත් මට තාම මළවුන් ගාවට යන ගමන් ඉක්මන් කරන්න බැහැ.”

 

 ඔහු හදිසියේම ශෙන් ස’චුආන්  දෙස බලා සිටි අතර ඔහුගේ ස්වරය වියරු වැටී ගියේ ය..

 "-මට තවත් මේ විදිහට වැතිරිලා ඉන්න බැහැ!  වසර ගණනාවක උපායමාර්ගික වගේම උපායශීලී සැලසුම් සියල්ල විනාශ වෙලා ඉවරයි!  ගණන් කළ නොහැකි තරම් නැගෙනහිර මාලිගාවේ සහායකයින් මරා දමලා තුවාල කරලා, රාජකීය උතුමාණන් ට සිදු වූ අසාධාරණයට තවමත් පිළියම් ලැබීලා.  මට තවත් මෙහෙම ඉන්න බැහැ!"

 ඔහු නැවතත් ශෙන් ස’චුආන්  අත අල්ලා ගත්තේය."  ඔබ හුඟක් තරුණයි.  ඔබට තවමත් අවස්ථාව තියෙනවා! ”

 "මහාමාත්‍යතුමනී..." ජි ගැන් ඔහුව නැවැත්වීමට උත්සහ  කළේය.

 "ඔබට ඔහුව මොහොතකට ආරක්ෂා කළ හැකි නමුත් ජීවිත කාලය පුරාම ඔහුව ආරක්ෂා කළ හැකිද?"

මහාමාත්‍ය චී ශෙන් ස'චුඇන්ව තදින් අල්ලා ගත්තේය.  “ඔබේ පිය සෙනෙහස නිසා මට අද ඔහුට වෛර කරන්නවත් දොස් පවරන්නවත් බැහැ., නමුත් මේ ලෝකේ හැම කෙනෙක්ම මේ විදිහට හිතාවි කියලා ඔබට සහතික වෙන්න පුළුවන් ද?  ඔහුගේ වාසගම ශෙන් වන තාක්, ඔහුව මරා දැමීමට කැමති අය ඕනෑ තරම් ඉඳිවි!  සටන් කලාවේ දක්‍ෂ වූ පමණින් ඔහුට නිදහස් මනසක් සහිතව නිදා ගන්න පුළුවන් ද?  ජි ගැන්, ඔබේ පියා සටන් කලාවේ ප්‍රවීණයෙක්, නමුත් ඔහු අසනීපයෙන් මිය ගියේ නැද්ද?!  මේ චුදු නඟරය ඇතුලේ, බලය රදාපවතින්නේ හරියට වඩදිය බාදිය ගලනවා වගේ.එය අදෘශ්‍යමාන මාධ්‍යයන් වගේ  එය සමඟ ගැටෙන එක භයානකයි!  විලෝපිකයන්ට නිරුවතින් මුහුණ දීමට ඔහුට ඉඩ දුන්නේ කොහොමද ඔබ! ”

 ජි ගැන් අත මිට මෙළවු නමුත් කිසිවක් පැවසුවේ නැත.

ශෙන් ස'චුආන්  අසල ට ගිය මහාමාත්‍යවරයා ඔහු අසලා දණ ගසාගන්නට විය.  ඔහු ශෙන් ස’චුආන්  දෙස බලමින් වෙව්ලන හඬින් කීවේය.

 "ඔබ මාව දන්නේ නැහැ තමයි, ඒ නිසා මම ඔබට කියන්නම්.  මම, මම යොන්ග්යි වල පහළොස්වන වසරේ යුඇන් ත්‍රිත්වයේම ඉහළම විශාරදයා වෙලා හිටියා.  දෂෞ ආරම්භයේ ඉදන් මේ වෙනකල් විභාගයේ මට්ටම් තුනෙන්ම පළමු තැනට ආවේ පස් හය දෙනෙක් විතරයි.

 මම නැගෙනහිර මාලිගාවේ යටත් නිලධාරියෙකු වගේම පිරිස් අමාත්‍යාංශයේ පිරිස් අමාත්‍යවරයා සහ මහා ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය මහ ලේකම් විදිහටත් රාජකාරි කළා. මම ඔටුන්න හිමි කුමාරයාට ඉගැන්නුවා.  මම දැන්, ඔබට උගන්වනවා!  මම මගේ ජීවිතේ ඉගෙන ගත්ත හැමදේම ඔබට කියලා දෙන්නම් - වැටහුණා ද?"

ශෙන් ස'චුආන්  මහාමාත්‍යවරයා ගේ දෑස් දෙස බලා සිටියේය.  ඔහු අසාමාන්‍ය ලෙස සන්සුන් විය.

 ඒ කෙටි නිශ්ශබ්දතාවයෙන් පසුව, ඔහු "තඩ් හඬක්" සමඟ දණින් වැටී, තුන් වතාවක් මහාමාත්‍ය චී වෙත ආචාර කළේය.

 "ඇදුරුතුමා මට සම්භාව්‍ය ශිල්ප ක්‍රම දුන්නොත්, මම ඔබ වෙනුවෙන් ඔබේ සතුරා මරා දමන්නම්."

 

 'චිං චිං  මාඕ හෝරාවේදී පිටතට ගොස් ෂ්‍යාඕ සූයි පන්සල වෙත පියනැගුවේය..

එම මාර්ගය දිගේ ශීතල සුළං රැළි හමා ගිය අතර සීතල හිම වැටෙන්නට පටන්ගෙන තිබුණි.  ඔහු තම දෑත් උණුසුම් කරගැනීමට අතුල්ලමින් පිය නගන අතරේ තැම්බූ බනිස් විකුණනට වෙළඳසැල් පිළිබඳවද විපරමින්ගමන් කරන්න ට විය.

 ඈතින් කවුරුන් හෝ ඔහුට කතා කරන හඬ ඔහුට ඇසිණි.  හිම අතරින් රතු සේද ඡත්‍රයක් දිග හැර තිබූ අතර ඡත්‍රයට මුවාවී සිටි පුද්ගලයා ඔහු දෙසට ගමන් කරන විට මඳක් පැද්දෙන්නට විය.  චූදුහි රතු සේද ඡත්‍රයන් ඉහලාගෙන සිටිය හැකි සියල්ලෝම පහ ශ්‍රේණියේ සහ ඊට වැඩි වංශවතුන් වූහ.

' චිංචිං මාර්ගයෙන් ඉවත්ව ඔහුට යාම ඉඩදී, නිසි ලෙස ගෞරවාචාර කරන්නට විය.  පුද්ගලයා ඔහු ඉදිරියෙන් ගමන් කරන විට ඝන මත්පැන් සුවඳ ඔහුගේ නාසයට ගමන් කරන්නට විය .

 "රතු අශ්වාරෝහක සේනාංකය."  ඒ පුද්ගලයා නතර වී ග'චිංචිංගේ රාජකාරී අවසරපත ගැනීම සදහා දෑත දිගු කරන්න ට විය.  ඔහු මොහොතක් ඒ දෙස බලා සිට “අණදෙන නිළදාරීතුමනි, ඔබ කොහෙද මේ වෙලාවෙ යන්නේ?  පිටත ගල්ගැසෙන තරම් ශීතලයි. ”

' චිංචිං මිනිසාගේ කළු සපත්තු දෙස බලමින්ම පිළිතුරු දෙන්න ට විය, "ගෞරවණීය උතුමාණන් ට පිළිතුරු දෙනවා, මෙම නිහතමානී යටත් නිලධාරියා අද කාර්යාල රාජකාරියේ යෙදී සිටිනවා. මාළිගාව දෙසටයි ගමන් කරන්නේ ."

 මුළු රාත්‍රිය පුරාම මත්පැන් පානය කර සිටි ෂ්‍යාඕ චීයේ ගේ ඇදුම් පවා අපිළිවෙල සහගත ලෙසට දිස්විය.  ඔහු රාජකාරී අවසරපත සොලවන්නට විය, “මේ මාර්ගය මාළිගාවට යා හැකි මාර්ගයක් වගේ නම් මට පෙනෙන්නේ නැහැ..”

 ' චිංචිං ලැජ්ජාශිලි සිනහවක් සමග හිස ඔසවන්නට විය, “දෙවන තරුණ ස්වාමියා හුඟක් ගෞරවනීයයි.ඔබ දන්නෙ නැතුව ඇති මේ මාර්ග කෙතරම් අවුල්සහගතද අපිරිසිදු ද කියලා.  මෙතැන් ඉදලා, ඔබට අනු මංතීරු කිහිපයක් හරහා ගමන් කරන්න පුළුවන්, ඔබට ෂෙන්වු වීදියට යන්න පුළුවන් වේවි. එයින් ඔබව කෙලින්ම මාලිගාවේ දොරටුව වෙත කැඳවාගෙන යාවි"

මෙය ඇසූ ෂ්‍යාඕ චීයේ සිනහවක් පාමින් ඔහුට රාජකාරි අවසරපත ආපසු විසි කළේය.  "ඔබ දන්නවා ද මම කවුද කියලා?"

 'චිංචි රාජකාරී අවසරපත අල්ලාගත් අතර ඔහුට සුදුහුණු ගාන්නට විය, “ලිබෙයිහි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවේ නිර්භීත සහ යුද්ධයේ දක්ෂතමයා.  පරම්පරාගත කුමාරයා සහ දෙවන තරුණ ස්වාමියා අධිරාජ්‍යයාගේ උපකාරයට විශෙෂයෙන්ම අනුයුක්ත වෙලා තිබෙන අයෙක්.  චූදුවල ඔබ ගැන නොදන්නේ කවුද?  දෙවන තරුණ ස්වාමීනි, ඔබ නැවත ඔබේ නිවසට යනවාද?  මේ මාර්ගය ලිස්සන සුළුයි  මම ඔබව ආපසු ඇරලවන්න ඔබට අවශ්‍ය දැයි අසන්නට තරම් මේ යටත් නිලධාරියාට නිර්භීත විය හැකිද?”

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේය “මාව බේබද්දෙක් වගේද පේන්නේ?  ඔයාට යන්න පුළුවන්.”

 'චිංචිං හිස නමා ආචාරකර පිටත්විය.

 ෂාඔ හුයි පැමිණි විට, ඔහු දුටුවේ ෂ්‍යාඕ චීයේ  රතු සේද වජ්‍රය සමඟ තැම්බූ බනිස් විකුණන වෙළඳසැල වෙත කෑගසන ආකාරයයි.  ඔහු සමීපයට පැමිණි ඔහු, “අද නිවසේ උදෑසන ආහාරය හදලයි තියෙන්නේ. ඇයි තරුණ ස්වාමියා ආහාර නොගෙන මෙතැන සිටගෙන ඉන්නේ?"

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, "මට ආපහු ඇවිදින්න බැරි තරමට බඩගිනියි."

ෂාඕ හුයි ඔහුගේ සලුවෙන් අදින්න ට විය , “මධුවිත සහ ආශාව ඔබව නොමඟ යවනවා.  තරුණ ස්වාමිනී, අපි ගෙදර යමු."

 ෂ්‍යාඕ චීයේ ගේ සළුවෙන් ඇඳගත් නමුත් ඔහුගේ පාද සෙලවූයේ නැත.  ඔහු අවට සිටි අයගේ බැල්ම නොතකමින් තැම්බූ බනිස් දෙකක් එක පිට එක ආහාරයට ගන්න ට පටන් ගත්තේ ය..  ඔහු ෂාඕ හුයිගෙන් අසන්නට විය, “කෙනෙකුට මෙතන ඉදන්ෂෙන්වු වීදියට ්ළගා වෙන්න පුළුවන් ද?”

 "ඔව්, නමුත් එය ඇවිදීමට පහසු මාර්ගයක් නෙමෙයි."  ෂාඔ හුයි පිළිතුරු දුන්නේය.

රජයට අයත් අගල් සහිත සිවිල් මංතීරු.  පටුමග පටු වන තරමට කාණු ජලය අපවිත්‍ර වෙනවා.  චූදුවල පසුගිය වසර කිහිපය තුළ කිසි විටෙකත් පොදු වළවල් අලුත්වැඩියා කරලා නැ, මෙම ඉඩම හඳුනාගත නොහැකි තරම් ජරාජීර්ණ වෙලා.  කාලගුණය උණුසුම් වූනාම හිම දිය වී ගිහින්, වර්ෂාව ඇද හැලෙන විට, අපද්‍රව්‍ය වීදිවලට ​​ගලා එනවා.  සිතා බලන්න, එබඳු මාර්ගයක ගමන් කරන්න පහසුයි ද?”

ෂ්‍යාඕ චීයේ පවසන්නට විය, “මම ඔබෙන් ඇසුවේ එක ප්‍රශ්නයක් පමණයි.  ඇයි මෙච්චර දිග උත්තරයක් දෙන්නෙ?"

, "මම කියන්නේ ඔබ නිවැරදි මාර්ගය ගන්නවනම් හොඳයි කියලයි  තරුණ ස්විමීනි, මත්පැන් පානය කරන්න ඔයතරම් හදිස්සි වෙන්න එපා.  ඒ වෙනුවට ඔබ යන්න හැරැණොත්, ඔබ එහි යන ගමන තවත් වේගවත් වේවි." ෂාඕ හුයි කීවේය.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑත් පිසදමමින් ෂාඔ හුයි හට ඔහුගේ මුදල් වලින් ගෙවන ලෙස සංඥා කළේය

 ඒක ඇත්තටම අමුතුයි.  අද රාජකීය ආරක්ෂකකයන්ගේ කාර්යාල දොළහේ රාජකාරියේ යෙදී සිටින ග'චිංචිං කියන කෙනාගේ නිල වාර්තා තියෙනවද කියලා විමසීමක් කරන්න - මහලු මනුස්සයෝ, ඔබට හැකි ඉක්මනින් වෙනත් වැඩ පොළක් සොයා ගන්න;  මේ තම්බපු බනිස් ඇත්තටම නරකයි.

 

පරිවර්තන සටහන්

 1. ⿈冊 හුඅන්ස' නොහොත් කහ ලේඛණය / කහ දත්ත පොත : මිං රාජ්‍යවංශයේ බදු සහ වංශ අදාලව බෙදා වෙන් කර තිබුණු ලේඛණ විය. ගෙහිමි ප්‍රධානියාගේ බලතල පංතිය නිරෑපණය වන්නේ මෙම ලේඛණ තුළයිඒවා මූලිකව කොටස් තුනකට වෙන්ව තිබුණේ ය.: සාමාන්‍ය ජනතාව, හමුදාව, සහදුගී ජනතාවය. මෙම නවකතාව තුලදි කහ ලේඛණය  හමුදා තරාතිරම් , ශ්‍රෙණින් බෙදා දැක්වීමට භාවිත කර ඇත.

2. 东⼚ බටහිර අන්තය මිං රාජ්‍යවංශයේ අතිශය රහසිගත, ජීවිත අවධානමේ දැමංිය හැකි තරමේ රහස් හමුදාවක් සහිත නපුංසක නිළදාරීන් සිටින ස්ථානයකි.

3. 三元 "යුආන් ත්‍රිත්ව".  මිං රාජවංශයේ දී, අධිරාජ්‍ය විභාග ක්‍රමය අදියර තුනකට බෙදා වෙන්කර තිබුණි:

පළාත් විභාගය (乡试)

අගනගර විභාගය ();

 මාලිගා විභාගය (殿)

සෑම විභාගයකම ඉහළම විශාරදයන් සඳහා  Jieyuan (解元), Huiyuan ( ) සහ Zhuangyuan (状元)  පදවි නාම ලැබුණි  මෙමනම් නිසා එය යුආන් ත්‍රිත්වය ලෙස හැදින්වුණි

 ඉතින් යුආන් ශිෂ්‍යයත්වලාභියෙකු වන්නේ මේ හැම විභාගයකින්ම ඉහලම සාමාර්ථ හිමිකරගත් අයයි.

 4. ඒ දවස්වල කාලය පැය දෙකකට බෙදුවා.  මාඕ හෝරාව උදෑසන 5-7 අතර කාලයයි.

 5. 五品 නිලධාරීන් ධුරාවලියේ ශ්‍රේණි නවයකට වර්ග කර ඇති අතර, පළමු ශ්‍රේණිය ඉහළම නිලය වේ.  ඔවුන්ගේ වැටුප් ඔවුන්ගේ තරාතිරම අනුව වෙනස් විය.

 6. 缇骑 tiqi;  අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ යටත් නිලධාරීන්.  ඔවුන් රතු නිල ඇඳුමින් සැරසී සිටින අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ අශ්වාරෝහක හමුදාවන් වන අතර සාමාන්‍යයෙන් නිලධාරියෙකුගේ පිරිවර හෝ පිරිවර ආරක්ෂා කරන පරිවාර වේ.

 7. 腰牌  රාජකාරි සංකේතය/අවසරපත, එය කෙනෙකුගේ අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ඉණෙහි එල්ලා ඇති කුඩා අවසරපතකි, විශේෂයෙන් රජයේ තනතුරු වල සිටින හෝ නිල මට්ටමින් ක්‍රියා කරන පුද්ගලයින් සඳහා මේවා පැළදීම අනීවාර්යය වේ.

 

 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-