Skip to main content

හයවන පරිච්ජේදය | සිරගත කිරීම

 

 

  ශෙන් ස'චුආන්  ජාඕ හුයි පන්සලට පැමිණෙන විට චූදු වෙතට දුර්වලව හිරු රැස් පතිතවන දිනයක් විය. ශ්වේත පැහැ තුහින වහළයන් මතට වැටී කොළපැහැ පළතුරු වල වර්ණය බිත්ති මතට වැටෙන්නට සලස්වා තිබුණි. සූර්යාලෝකය  පියස්ස මතින් නේරා විත් ඔහුගේ පාද ඉදිරියෙන් යින් සහ යැන් සීමා වෙන්කර තිබුණි.

දරුණු ආබාධ වලින් පසු සුවය ලැබූ පසුව ඔහු ඇටසැකිල්ලක් තරම් කෙට්ටු විය.  පහළොස් වියැති වයසට, ඔහුගේ අතීත සහ පැරණි ස්වප්නයන්, ඔහු දෑස් විවර කළ මොහොතේම මේ හමන සීතල උතුරු සුළඟින් ගසාගෙන ගියාක් මෙන් විය.

' චිංචිං මුලින් ම පියගැටපෙළ බැස යන්නට විය. ඔහු නැවතත් කොළු ගැටයා දෙස හැරී බැලුවේ ය.

ඉක්මන් කරන්න, ප්‍රමාද වෙනවා.”

 ශෙන් ස’චුආන්  කණුවට වාරුවෙමින් තමාටම සහය වෙමින් මන්දගාමී ව පියගැටපෙළ බැස යන්න ට විය.  ඔහු හිරු රැසට නිරාවරණය වීමට පුරුදු වී සිටි නිසා එයට බිය නොවූයේ ය. ඔහුගේ කාරැණික මෘදු මොලොක් උවනේ තාරුණ්‍ය බව බිඳිගොස් ඇති සෙයකි.  අසනීප තත්වය නිසා වු තෙහෙට්ටු ගතිය හැරුණු විට, ඔහුගේ මුහුණෙන් වෙනත් කිසිවක් ඔවුන්ට වටහාගත නොහැකි විය.

ජි ලෙයි, ෂ්‍යාඕෆුසී සමඟ ෂ්‍යාඕ සූයි පන්සලේ දොරටුව අසල බලා සිටියේය.

මෙම පෞරාණික පන්සල දෙස බැලීමට තම හිස එසැවූ, ෂ්‍යාඕෆසී  මවිතයට පත් විය,

මොනතරම් විශ්මයජනක, අලංකාර පන්සලක්ද.  ඇත්ත වශයෙන්ම මෙතැන මිනිස්සුන්ව සිරගත කරන්න සුදුසු ස්ථානයක් නෙමෙයි. ”

 "ඔබ එහි අතීතය දන්නේ නැහැ."ජී ලෙයි පැවසුවේය.

"ෂාඔ සුයි පන්සල මුලින් අධිරාජ්‍ය වංශිකයන්ට සුවඳ දුම් පූජා කිරීමට ස්ථානයක් වුනා.  ගුආංචෙං උතුමාණන් ගෙං අතින් ලියන ලද නියෝග මීට පෙර එහිදී පිළිගන්වලා තිබෙනවා.  එහි උච්චතම කාල පරිච්ජේදයේදි, ලෝකයේ සියලුම කීර්තිමත් භික්ෂූන් වහන්සේලා  රැස් වෙලා, මහා පරිමාණ බුද්ධිමය කථිකාවත් කාලයකට පෙරාතුව ආරම්භ කලා."

"ඇයි මම මෑත වසරවලදී ඒ ගැන කිසිම සඳහනක් අසා නැත්තේ?"  ෂියාඕෆුසි දේවමාළිගාවේ දොරටු විවෘත කළේය.  “එය තරමක් අබලන්.  ගොඩක් කාලෙකින් ඒකෙ කිසිම අලුත්වැඩියාවක් කරලා නෑ නේද?"

ජී ලෙයි මොහොතක් ගත කරමින් තමා විසින්ම පවසන්නට විය, “දැන් අවුරුදු විස්සක් වෙනවා. බලයෙන් නිෂ්ප්‍රභා කළ ඔටුන්න හිමි කුමරු, චූදු හි විශාල පුහුණු අංශ අටක් සහිත කැරැල්ලක් සැලසුම් කරන්න  පෙළඹෙව්වා. ඔහුගේ හමුදාවන්ගේ පරාජයෙන් පස්සෙ , ඔහු එයින් පසුබැස ගිහින් තනි වූ මෘගයෙකු මෙන් ආපසු සටන් කළා.

අවසානයේ ඔහු තව දිවි තොරකරගනිද්දි බුද්ධ ප්‍රතිමාව පුරාම රුධිරය තැවරුනා.  එතැනින් පස්සෙ , හිටපු අධිරාජ්‍යයා තවදුරටත් ඔහු වෙනුවට ස්ථානයක් තැබුවේ නැහැ.  ඔහු දේවමාළිගාවේ නම ඉවත් කරලා එ්ක ෂාඔ සුයි ලෙස නම් කළා."

"අනේ දෙවියනේ, අවුරුදු විස්සක්."  ෂ්‍යාඕ ෆුසි ඔහුගේ උගුර අල්ලා ගත්තේ මෙය ඔහුට පුදුම සහගත දෙයක් ලෙසිනි.  “මම ඒ වෙද්දී  ඉපදිලාවත් නැහැ!  ඒ අතිගරු ජි අධිරාජ්‍ය ආරක්ෂකයා එයට එකතු වූ කාලය නේද?"

 ජි ලී ඔහුට පිළිතුරු දුන්නේ නැත.  ඔහු පිටුපසට හැරී කෝපයෙන් හඬ නැගුවේය.  "ඇයි ඔහු තාම ආවේ නැත්තේ?"

 ෂ්‍යාඕ ෆුසී තවමත් "ෂාඔ සුයි" ගල් පුවරුව වටා කැරකෙමින් සිටියේය.  ඔහු අවසන් වූ පසු, ඔහු ජි ලෙයිගෙන් ඇසුවේ, “නමුත් මම කවදාවත් කාවවත් ඉරගත කරල ඇති බවක් අහලා නැහැනේ?”

ජි ලී කෝපයට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි, “සිරගත කර ඇති සියලුම දෙනා බලයෙන් නිෂ්ප්‍රභා කළ  ඔටුන්න හිමි කුමරුගේ නඩුවට සම්බන්ධ ලේකම් කාර්යාල ඇමතිවරු.  ඊට සම්බන්ධ වූ සිවිල් නිලධාරීන්ගේ සහ හමුදාපතිවරුන්ගේ වංශවල සියල්ල මරා දැමුවා ඉතිරි වූ අය හරිම ටික දෙනයි ඉන්නේ.  අවුරුදු විස්සක් ගත වෙලා, මේවා ගැන මතක තියාගන්නේ කවුද?"

සිරකරුගේ කරත්තය ඔවුන් දෙසට ඇදී ආවේ ය. ග' චිංචිං ජී ලෙයිට ආචාරකරමින් පවසන්නට විය.“උතුමාණෙනි, මම ඔහුව මෙහි ගෙනාවා” .

"ඔහුව ඇතුලට යවන්න."

ජී ලෙයි ශෙන් ස'චුඇන්ට පවසන්නට විය, “අද සමුගැනීමෙන් පස්සේ, අපට නැවත හමුවීමට අවස්ථාවක් නොලැබේවි.  අධිරාජ්‍යයාගේ කරුණාව සීමා මායිම් රහිතයි.  ඔබේ ජීවිතයේ ඉතිරි කාලය වෙනුවෙන් ඔබ මෙය කෘතවේදීව සිහිතබාගන්න ඕනේ. 

ශෙන්  'චුආන් ජාඔ සූයි පන්සලට ඇතුළු වූයේ එය නෑසුනු සේය.  තීන්ත ගැලවී ගිය එම දිරාගිය ද්වාරය විශාල ඝෝෂාවක් සමඟ චලනය විය.  ඔහු එහි මධ්‍යයේ සිටගෙන ජී ලෙයි දෙස බැලීය.  ජි ලෙයි ඔහුගේ බැල්මෙන් නොසතුටට පත් වූ නමුත්  ඔහුගේ කෝපය අතුරුදන් වූයේ ෂෙන් ස'චුඇන්ශෙන් ස’චුආන් ඔහුගේ පිරිසිදු කළ මුහුණේ සිනහවක් දකින විටය. (ඔහුට පිස්සු හැදීගෙන එනවා වත්ද?) ජි ලෙයි යටි සිතින් කල්පනා කරන්නට විය.

නමුත් මඳ වේලාවකට පසු ශෙන් ස'චුආන්  “උත්තරීතර ස්වාමියාණෙනි” යැයි පවසනු ඔහුට ඇසිණි.  ඔහුගේ කටහඬ සන්සුන් විය.  "අපි නැවත හමුවේවි."

දිරාගිය ද්වාරය "පිපිරීමක්" සමඟ වසා දැමූ අතර දූවිලි වලාවක් ඇවිස්සිනි.

ෂියාඕෆුසි නැවත නැවතත් පසුපසට යන අතරතුර ඔහුගේ නාසය වසාගෙන කහින්නට පටන්ගත්තේ ය. නමුත් එවිට ඔහු දුටුවේ ජි ලෙයි තමා සිටි තැන නොසෙල්වී සිටින බවයි.

ජි ලෙයි නැවත පියවි සිහියට ආවේ කීප වරක් ඇමතීමෙන් පසුවය.  ඔහු වේගයෙන් අශ්වයා පිට නැංගේය.  ඔහුගේ පිටුපසින් මඳ සූර්යාලෝකය පතිත විය,

“... බාහ්.එක මගේ නරක වාසනාව පමණයි! ”

ෂ්‍යාඕ චියේ ඔහුගේ අශ්වයා පිට නැඟී වීදිය හරහා යමින් සිටියදී ඔහු ජී ලෙයි මත ගැටුනි.  එය යටපත් කරමින් ඔහු සිනාසෙමින්නට විය. “වැඩිමහල් ජී, ඔබ අධිරාජ්‍යයා ඉදිරියේ රාජකාරියේ යෙදෙන්නේ නැද්ද?”  .

ජි ලෙයි, ෂියාඕ චියේගේ අණසක යටතේ සටන් වැද සිටින සේනාංකය දෙස ලෝභයෙන් බලා මෙසේ පවසන්නට විය. 

"මම දැන් මාලිගාවට ඉක්මනින් යා යුතුයි.  දෙවන තරුණ ස්වාමීනි, මේ විශිෂ්ට අශ්වයෙක්!  මට ඇහුණා ඔබම ඔහුව හීලෑ කළා කියලා?"

 මට නිදහස් කාලයක් තිබුණා.  ෂ්‍යාඕ චියේ අශ්ව කසයෙන් පහර දුන් අතර, අහසේ සිටි උකුස්සා වේගයෙන් ඔහුගේ උරහිස මතට පැමිණ ලැගුම්න්නට විය.

ඔහු පැවසන්නට විය, "උකුස්සන්ට වධ දෙන එකයි අශ්වයන් පදවන එකයි විතරයි මට ඇති එකම දක්තාවය."

 "අලුත් අවුරුද්දෙන් පස්සේ ඔබ ඔබේ රාජකාරි භාරගත්තම, ඔබ කාර්යබහුල වේවි."

  ජි ලෙයි පැවසන්නට විය, "චූදු වල නවතම ප්‍රභූවරුන්!  මම හෙට රාජකාරියේ නැහැ.  කොහොමද අපි එකට මධුවිත පානය කළොත්?"

"මධුවිත හොඳ නැතිනම්, මම යන්නේ නැහැ." ෂ්‍යාඕ චීයේ පවසන්නට විය.

ජි ලෙයි ශබ්ද නගා සිනහසෙන්නට විය, “ඇත්තෙන්ම එ්වා හොඳ මධුවිත!  මධුවිත  හොඳ නැතිනම් දෙවන තරුණ ස්වාමියාට ආරාධනා කරන්න නිර්භීත වන්නේ කවුද?  මම ඔබට ආරාධනාව ඔබේ නිවසටම එවන්නම්. පරම්පරාගත කුමාරයාට අප සමඟ විනෝද වීමට කාලය තියෙනවද?

ෂ්‍යාඕ චීයේ තමන්ගේ මාපටැඟිල්ලේ වූ අස්ථිමය මුද්ද පිරිමැදින්නට විය. “මගේ වැඩිමහල් සහෝදරයා, හාහ්? ඔහු එවැනි දේවල්වලට රුචි නැහැ. ඇයි?  මම පමණක් පැමිණියොත් එයින් ඔබට අපකීර්තියක් වෙයිද? ”

ජි ලෙයි ඉක්මනින්  පවසන්නට විය, “මම එහෙම අදහස් කළේ නැහැ!  දෙවන තරුණ ස්වාමීනි, ඒක ඒ වෙලාවට විසඳ ගමු. ”

ෂ්‍යාඕ චීයේ ඔහුව පිළිගෙන අශ්වයාට පිටව යාමට සන් කරන්න ට විය.  නමුත් පිටත්ව යාමට මොහොතකට පෙර, ඔහු යමක් සිහිපත් කරන බවක් පෙනෙන්නට තිබූනේය, “ඒ දිවි ගලවා ගත් අපරාධකරුගේ පෙනුම කොහොමද?  ඔහුට ඇවිදින්න පුළුවන්ද?"

 "ඔහුට ඇවිදින්න පුළුවන්."  ජි ලෙයි ප්‍රතිචාර දැක්වීය.  “ඒත් මම දකින විදිහෙන් ඒක ප්‍රමාණවත් නැහැ.   තුවාල කැළැල් නොමැතිව කස පහරවල් වලින් බේරී ජීවත් වෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?  ඔහු ඇවිදින්න තරම් වාසනාවන්තයි. ”

ෂ්‍යාඕ චීයේ තම අශ්වයා අනෙපසට හරවාගෙන පිටව ගියේ තවත් කිසිවක් නොපවසමිනි.

මඳ වේලාවකට පසු, සේවකයා ෂාඕ සූයි පන්සලට ආහාර ලබා දුන්නේය.

ශෙන් ස’චුආන් තෙල් පහන දැල්වූ නමුත් ආහාර ස්පර්ශ නොකළේ ය.  තෙල් ලාම්පුව අතට ගත් ඔහු ප්‍රධාන ශාලාව අසල කුඩා කොරිඩෝව දිගේ වටයක් ඇවිද ගියේය.

බොහෝ කලක සිට මෙහි දූවිලි ගොඩ ගැසී තිබුණි.  අතහැරදමා තිබුණු සමහර පැති කාමර දැනටමත් දිරාපත් වී තිබුණු අතර දොරවල් සහ ජනෙල් සමඟ අබලන් තත්ත්වයට පත්වී තිබුණි. සුළඟ හමා එන විට පෙරළී යන ඇටසැකිලි කිහිපයක් ශෙන් ස’චුආන් දුටුවේය.  කිසිම පණ ඇති ජීවියෙක් හමු නොවූ නිසා ඔහු නැවත ප්‍රධාන ශාලාවට ගියේය.

බුද්ධ ප්‍රතිමාව කඩා වැටී ඇති අතර සුවඳ දුම් පූජාසනය පැරණි නමුත් තවමත් කල් පවතින ඒවා විය.  එහි ප්‍රමාණය හරියටම පැසසුනි.  ශෙන් ස’චුආන්  ඉරුණු තිර රෙද්දක් එල්ලා ඔහුගේ වස්ත්‍ර මාරු කරගෙන එහි යටින් වැතිර සිටියේය.  බිම මත වූ ශීතලගතිය නිසා ඔහුගේ පාද රිදුම් දෙන්නට විය.  ඔහු වේදනාව දරාගෙනම කාලය ගෙවා දැමීම සදහා දෑස් වසාගන්නට විය. රාත්‍රියේ අවසාන භාගයේදී නැවුම් හිම වැටෙන්නට පටන් ගත්තේය.  රාත්‍රී බකමූණන් දෙවරක් හඬ නගද්දි ශෙන් ස'චුආන්  එයට සවන්දෙන්නට විය.  ඔහු නියමිත පරිදි අසුන්ගෙන තිර රෙද්දමෑත් කලේ ජී ගැන් ද්වාරයෙන් ඇතුළට පැමිණෙන බව දුටු විටය.

"ඔබ ආහාර ගත්තට පස්සේ" ජි ගැන් රෙදි මිටියක් දිග හරින්නට විට.  "පුරුදු වෙන්න.  මේ ස්ථානයට රාත්‍රියේදි අධික ශීතල හමනවා.  හුඟක් ශිතලයි.  ශිෆුට බය හිතෙනවා ඔබ නින්ද ගියොත් අසනීපවේවි කියලා."

තෙල් කඩදාසියක ඔතා ගෙනන ලද බඳින  කුකුල් මස් දෙස බැලූ ෂෙන් ස'චුඇන්, “අසනීප වූනහම මස් මාංශ අනුභවයෙන් වැළකෙන්න ඕනේ.  ෂිෆු, ඔබට ඒක ගන්න පුළුවන්."

ජි ගැං ඔහු වෙනුවෙන් බඳින ලද කුකුල් මස් ආහාරයට ගන්නට විය, “මෝඩයා!  ඔබ සතුටින් ආහාර ගන්න ඕනෙ මේ කාලෙයි.  ෂිෆු කුකුළු මස් වල කෙළවර කන්න කැමතියි;  නිවසේදී පවා, මගේ ප්‍රියතම ආහාරය ඒක.  එය මට ඉතිරි කරන්න. ”

ශෙන් ස’චුආන් පවසන්නට විය, "මම ඔබව අනුගමනය කරන නිසා, ඔබ ආහාරයට ගන්නදේවල්මයි මමත් ගන්නේ."

ජී ගැන් ඔහු දෙස බලා සිනාසුනේය.  ඔහු කිව්වා, "වදකාරයා"

ගුරුවරයා සහ ශිෂ්‍යයා ඔවුන් අතරට බැදපු කුකුල් මස් බෙදාගත්හ.  කුකුල් මස් ඇට පවා කෑලි වලට හපමින් සිටි ජි ගැංට තිබුණෙ යකඩ මෙන් සවිමත් දත්ය.  ඔහු මධුවිත බදුන ශෙන් ස’චුආන් අතට දුන්නේ ය., “ඇත්තටම සීතල දරාගන්න බැරි නම් මධුවිත ටිකක් බොන්න.  නමුත් ඕනෑවට වඩා බොන්න එපා.  එය පානය කරන්න හරියට ඔබේ සහෝදරයා වගේ. ”

ඔවුන් මේ දිනවල චොංබෞ, දුආන්ෂෞ හෝ චෂි ගංගාව ගැන කිසිවිටෙක සඳහන් කළේ නැත.

 ෂින්‍යැං සහ ජී මූ ගුරුවරයා සහ ගෝලයන් දෙදෙනාම බෙදා නොගත් බොහෝ වේදනාවන් විය.  ඔවුන් දෙදෙනාම එය ඉතා හොඳින් සඟවා ඇති බව සිතූ නමුත්, ඒ වන විටත් රුධිරය කාන්දු වන බවත්, වේදනාව අන්‍යෝන්‍ය බවත් ඔවුන් කිසි විටෙකත් තේරුම් ගෙනසිටියේ නැත.

ශෙන් ස’චුආන් උගුරක් ගෙන එය ජී ගැං වෙත ලබා දුන්නේය.

ජි ගැං එය නොගත්තේ ය.  ඔහු පැවසුවේව, “මම ඉවත් වුණා.  ෂිෆු දැන් බොන්නේ නැහැ."

ශාලාව තුළ නිශ්ශබ්දතාවයක් පැවතුනි.  ද්වාරය අසලට කිසිදු සෙවනැල්ලක් නොවැටුණු අතර, ඔවුන්ගේ ඇස් ඉදිරිපිට හිම පතිතවන්නට විය, මෙම නිමක් නැති රාත්‍රියේ එකම දර්ශනය එය බවට පත් විය.

 ජි ගැන් ඇසුවා, "ඇයි ඔබ ඔය විදිහට බලාගෙන ඉන්නේ?"

 ශෙන් ස’චුආන් පැවසුවේ ය “ෂිෆු”

 "ඔබට කියන්න දෙයක් තියෙනවනම් කියන්න."

 "මට කණගාටුයි."

 දිගු නිහැඬියාවකින් පසුව, ජි ගැන් පවසන්නට විය

 "එය ඔබේ වරදක් නොවේ."

 ශෙන් ස’චුආන් තම අත මිට මොළවා ගත්තේය.  තමන් ඇසිපිය සැලුවහොත් කඳුලැලි වැටේ යැයි බියෙන් පසුවෙන්නාක් මෙන් ඔහු බලා සිටින්නට විය.

"ඔබ අපිව සොයන්න චෂී ගංගාවට ගියාද?" ඔහු පවසන විට ඔහුගේ කටහඬ ගැහෙන්නට විය.

 ජි ගැන් සුවඳ දුම් පූජාසනයට සෙමෙන් හේත්තු වී ඔහුගේ සිරුර සෙවණැලි තුළ සඟවාගන්නට වූය්.  ඔහුගේම කටහඬ සොයන පරිද්දෙනි.  බොහෝ වේලාවකට පසු ඔහු මෙසේ පැවසීය “මම ගියා.  මම ඔහුව සොයාගත්තා. ”

ඔව්, ඔහු ඔහුව සොයා ගත්තේය.

ජි ගැන්ග්ට ඔහුගේ පුත්‍රයා හමු වෙද්දී - හිම වැසිගිය අගාදය ඊතල වලින් වැසී තිබුණි.  ඔහු එයට පැන එම ඝන මළ සිරුරු ගොඩවල් හරහා ගොස් ජී මූගේ සිරුර සොයන්නට විය.

ජි මුගේ වයස අවුරුදු විසිතුනක් පමණි.  ඔහු දුආංචෞ අණදෙන සේනාවේ හි රහස්‍ය  සේනාධිපතිවරයා ලෙස උසස් කර තිබුණි.  ඔහුගේ සන්නාහය අලුත් විය.  ඔහු එය පැළඳ සිටි දින, හුවා පිංතිං තම පුතුගේ සන්නාහයේ ආරක්ෂිත තලිස්මනක් පැළැඳුවේය.

ජි ගැන් ඔහුව සොයා ගන්නා විට, ඔහුගේ අනෙකුත් සගයන් සමඟ ඔහු දම් වර්ණයෙන් මිදී තිබුණි.

ශෙන් ස’චුආන් ඔහුගේ හිස මඳක් ඔසවන්නට විය.

 "ෂීෆු මට සමාවෙන්න" යැයි පැවසීය.

ජි ගැන් ඒ වන විටත් වියපත් ව සිටියේ ය.  ඔහු තම සුදු කොණ්ඩය ඇදගන්නට විය,

ඔහු ඔබේ අයියාණ්ඩි නොවේද?  ඔහු කළ යුත්තේ ඒකයි.  සිදුවුණ නිසිම දෙයක් ඔබේ වරදින් වුනේ නැහැ.  " ඉන්පසු මොහොතක් හිම පතිත වෙන්නට විය.

ජී ගැන් ඉක්මනින් පවසන්නට විය “කවුද දන්නේ ඔය බ්‍යැන්ෂා අශ්වාරෝහකයෝ එයි කියලා.  ඔහු සොල්දාදුවෙකු වී සටනේ පෙරමුණට පැමිණීම නවත්වන්න නොහැකි දෙයක්.  මම ඔහුට සටන් කලාව ඉගැන්නුවා, ඔහුගේ ස්වභාවය අනුව, ඔබ ඔහුට පලා යන්න කියලා ඉල්ලා සිටිනවාට වඩා ඔහුව මරා දමන එක පහසු වෙන්න තිබුණා.  අනිත් අය දුක් විඳිනවා, ඇදගෙන යනවා දැක්කම ඔහුට එය දරාගන්න බැරි වුණා.  ඉතින් ඔහු කොහොමද, ඔහු පලා යන්නේ? ”

 එය ඔබේ හෝ ඔහුගේ වරදක් නොවේ.  ෂිෆුට  තමයි බැනවදින්න ඕනේ.  මම අධික ලෙස මත්පැන් පානය කළා

 ඔබේ ශීන්‍යැන් මට මෙච්චර කල් බැන්නා, ඒත් මම ඒක අත්හැරියේ නෑ.  අශ්වාරෝහක හමුදාව පැමිණි විට, මට නිසි ලෙස සටන් කිරීමට පවා නොහැකි වුනා.  මේ වෙද්දි මම වයසයි සහ ආබාධිතයි.  මම දැන් කිසිම වැඩකටනැති කෙනෙක් වෙලා."

 මත්පැන් බඳුන මතට ජල බිංදු වැටෙන්නට විය.  ශෙන් ස'චුආන්  එය දෙස බලා සිටියද කිසිවක් පැවසුවේ නැත.

 "මහලුයි? ආබාධිතයි?."  බුද්ධ ප්‍රතිමාව පිටුපසින් හිටි හැටියේම කවුරුන්හෝ හිස ඇනගන්නට විය “මහලු සහ ආබාධිතයි!”

 ජි ගැන් දිවියෙකු මෙන් ක්‍රියාත්මක විය "කවුද ඔතන?!"

 අපිරිසිදු මිනිසා ක්‍රමක්‍රමයෙන් තම සිරුර දිගහැර ජී ගැන් අනුකරණය කළේය.

 "කවුද කවුද!"

 ජි ගැන්ට මෙම කටහඬ පැහැදිලිව ඇසුණු විට, ඔහු ශෙන් ස’චුආන් බිමට තද කරන්නට විය, “... මහාමාත්‍ය චී!” ජී ගැන් විශ්මයට පත් විය.

එම පුද්ගලයා නැවතත් එම පිළිරුවට හිස ඇනගන්නට විය. ඔහු කෑගසන්නට විය.

''මම නෙමෙයි. මම මහාමාත්‍ය කෙනෙක් නෙමෙයි."

ජි ගැග් බුදු පිළිමයට පිටුපසින් පියවර කිහිපයක් දිව ගියේය.  ඔහු පලා යාමට සිදුරක් හරහා ගමන් කිරීමට සූදානම්ව සිටින පුද්ගලයා දුටු විට, ඔහුට නොවැළැක්විය හැකි වූ අතර, ඔහුව වළලුකරෙන් අල්ලා ගත්තේය.  ඒ මිනිසා  ඌරෙකු මරා දමනවාක් මෙන් කෑගසන්නට විය,

උතුමාණෙනි!  අධිරාජ්‍යයාණෙනි , ඉක්මනින් පලා යන්න!  "

 ෂෙන් සෙචුවාන් ඔහුගේ මුඛය ආවරණය කරමින් ඔහුව ආපසු රැගෙන යාමට ජි ගැන්ට සහය විය.

 "මේ කව්ද?"  ශෙන් ස’චුආන් ඇසුවේය.

 "ඔබ තරුණයි, ඒ නිසා ඔබ ඔහු ගැන අසා නැතුව ඇති."  ජී ගැන්ගේ කටහඬ නොසන්සුන් වූ අතර ඔහු මිනිසා පහතට තද කරන්නට විය. “මහාමාත්‍ය චී, මේක නම් අනර්ඝයි!  ඔබ තවමත් ජීවතුන් අතර!  ගෞරවනීය ජෞ ස්වාමියා ට මොකක්ද වුනේ?  ඔහු මෙහෙ ඉන්නවා ද?

මහාමාත්‍යවරයා කෙසඟ සහ කුඩා විය.  ඔහුට ඔවුන්ව පන්නා දැමීමට නොහැකි වූ අතර, ඔහු ඔවුන් දෙස බලමින්, “ඔහු මියගිහින්!  මමත් මියයාවි.  උතුමාණෝත් මියගියා.  හැමෝම මියගියා!"

 ජී ගැන් බර හඬින් කීවේය, “මහාමාත්‍ය උපදේශක, මම ජි ගැන්! රාජකීය ආරක්ෂක ප්‍රධානිවරයා, ජී ගැන්!"

 තවමත් දැඩි ලෙස කම්පායන, මහාමාත්‍ය  උපදේශක චී පැකිලීමෙන ජි ගැන්ගේ මුහුණ දෙස බැලීමට ඔහුගේ හිස ඔසවන්නට වූයේ ය. “ඔබ ජි ගැන් නොවේ.  ඔබ නපුරු ආත්මයක්! ”

 ජි ගැන් ශෝකයෙන් කීයන්නට විය, “මහාමාත්‍ය උපදේශකතුමනි!  යොන්ග්යි විසිතුන්වන අවුරුද්දේදි, මම ඔබව අගනුවරට රැගෙන ආවා.  ඔටුන්න හිමි කුමාරයා ඔබ හමුවී ඔබ පිළිගත් ස්ථානය මෙතනයි.  ඔබට ඒකත් අමතක වුනාද?"

 මහාමාත්‍ය උපදේශක චී ගේ දෑස් දිලිසෙන්නට වූ අතර ඔහු උමතු ලෙස කෑගැසුවේය.  "ඔවුන් ඔටුන්න හිමි කුමාරයා මරා දැමුවා... උතුමාණෙනි!"  ඔහු හඬා වැලපෙමින් තව දුරටත්පවසන්නට විය, “ජී ගැන්, ජී උතුමාණෙනි !  ඒ උතුමාණන් ව ඉවත් කරන්න !  නැගෙනහිර මාලිගය මහජන වාරණයට ලක්වෙලා.  උතුමාණන් කළ අපරාධය මෙකෙක්ද?! ”

මහාමාත්‍යවරයා දෙස කළකිරුණු ස්වභාවයෙන් බැලූ ඔහු තම දෑත් මුදා හැර මෙසේ පැවසීය, “මහාමාත්‍යතුමනී... විසි නවවන වසරේ ජි ලී තමාව සතුරාට විකුණලා දැම්මා.  මාව දැනටමත් චූදු වලින් පන්නලා ඉවරයි.  මේ අවුරුදු විස්සක කාලය තුළ මම හුදු සටන්කාමී සහෝදරත්වයෙන් පලා යන්නෙකු බවට පත් වෙලා ඉවරයි.  මම චොංබෞ වල දුඅන්ෂෞ  වලින් භාර්යාවක් සරණපාවාගෙන දරැවෙක් හදන්නයි මිටියේ.

මහාමාත්‍ය චී ඔහු දෙස හිස් බැල්මෙන් බලා මෙසේ පැවසීය, “... උතුමාණන් ගිහින් ඉවරයි, නමුත් අධිරාජ්‍ය මුනුපුරා තවමත් ඉන්නවා!  ඔහුව රැගෙන යන්න.  ඔබ ඔහුව රැගෙන යන්න! ”

 ජි ගැන්ට ඔහුගේ දෑස් වසා ගැනීම වළක්වා ගත නොහැකි විය, “යොන්ග්යි තිස්වන වසරේදි ඔටුන්න හිමි කුමරු මෙම ස්ථානයේ දී තමන්ගෙම ගෙල කපාගෙන සියදිවි නසා ගත්තා.  නැඟෙනහිර මාලිගාවේ කිසිවෙක් පණපිටින් ආපසු පැමිණියේ නැහැ."

මහාමාත්‍ය චී පිටුපසට නැමී මිමිණුවේය.  "ඒක හරි, ඒක හරි..." ඔහු කුඩා දරුවෙකු මෙන් හැඬුවේය.

"කොහොමද මෙහෙට ආවෙ?"

 මෙම රාත්‍රිය ජි ගැන්ව මානසිකව හා ශාරීරිකව වෙහෙසට පත් කර තිබුණි.  ඔහු පපවසන්නට විය.

පාවෙන වළාවන් වියැකිලා ගියාට පස්සෙ ගංගා වසර දහසක් යනතන්ම ගොඩගැලුවා.අපි මේ ජීවිතයේ නැවත මුණගැසෙන විට, මේ වගේ තත්වයක් උදාවෙලා තියෙයි කියලා කවුද හිතුවේ?"

 මහාමාත්‍ය චි ඔහුගේ මුහුණ සඟවා ගෙන ශරීරය හරවාගනිමින් මෙසේ පවසන්නට විය : “ඔවුන් ඔබවත් සිර කළාද?  ඔවුන්ට ඔබට සිරගත කරන්න දුන්නේ ඇයි. ඔවුන් මෙලොව සිටින සියලුම සාහිත්‍යධරයන් මරා දමාවි.”

 "මගේ ශිෂ්‍යයා ඔහුගේ පියාගේ වරදට දඬුවම් විඳිනවා" ජි ගැං පැවසීය.

 මහාමාත්‍ය උපදේශක චී පැවසුවේ,

 ඔහුගේ පියාට දොස් පවරන එක… ඒක නම් විශිෂ්ටයි.

 ඔහුගේ පියා කවුද?  ඔහු උතුමාණන් නම් කෝපයට පත්වෙන්න බැහැ., එහෙම නේ ද?

ජී ගැන් සුසුම්ලමින් පැවසුවේය.,

 "පසුගිය වසරේ ශෙන් වෙයි ගේ හමුදා පරාජයට පත් වුනා..." "ශෙන් වෙයි" යන වදන් ඇසූ මහාමාත්‍ය උපදේශකවරයා හදිසියේම හිස හරවනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළ අතර ශෙන් ස’චුආන් දෙසට හතරගාතෙන්ම බඩගා යන්නට විය.  ඔහු ඇසුවේය,

 "මේ, ෂෙන් වෙයිගේ පුතාද?"

 ජි ගැන් ඔහුට එය පැහැදිලි කිරීමට උත්සහ කරත්ම ඔහු ශෙන් ස'චුආන්  ට පහර පිට පහර දෙන්නට විය.  ඔහුගේ ඇගිලිවලින් ශෙන් ස’චුආන් අල්ලාගෙන, ඔහු ම්ලේච්ඡ ලෙස පවසන්නට විය., “ෂෙන් වෙයි!  ශෙන් වෙයි  උතුමාණන් මරා දැමුවා!”

 තියුණු ඇස් ඇති සහ කඩිසර, ශෙන් ස'චුආන්   ඒ වන විටත් මහාමාත්‍යවරයාව ඔහුගේ මැණික් කටුවෙන් අල්ලාගෙන සිටියේය.

 මෙයින් ඉක්බිතිව, ජි ගැන්  ප්‍රධාන උපදේශක චි අල්ලාගතතේය, “මහාමාත්‍යතුමනි!  අධිරාජ්‍ය මුනුපුරා මියගිය හේතුව නිසා මගේ ශිෂ්‍යයා අද මිය යනවාට ඔබ කැමතිද?  ෂෙන් වෙයි මොන අපරාධය කළත් මගේ ශිෂ්‍යයට ඒකට සම්බන්ධයක් නැහැ!”

මහාමාත්‍ය චි දැඩි ලෙස හුස්ම හෙළමින් වෙව්ලන හඬින් කතා කළේය.  "ඔහු ශෙන් වෙයි ගේ පුත්‍රයා නිසා, ශෙන් වෙයි ගේ පුත්‍රයා..."

"ඔහු ඉපදුනේ ශෙන් වෙයිගේ පුත්‍රයා විදිහට."  ජි ගැන් මහාමාත්‍ය චි ව දැඩිව අල්ලාගෙන සිටි අතර ඔහුට හදිසියේ ම කම්පාසහගත බවක් දැනෙන්නට විය.  ඔහු තවදුරටත් පවසන්නට විය.

 නමුත් පස්සෙ  ඔහු ජි ගැන්ගේ පුත්‍රයා බවට පත් වුනා.  මම අද රාත්‍රියේ එක ප්‍රලාපයක්වත් කීව්වොත්, මම දරුණු මරණයකින් මියයාවි!  මහාමාත්‍යතුමනි , ඔබට ඕනේ මගේ පුත්‍රයාව මරන්නද?"

 

 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-