Skip to main content

පස්වන පරිච්ජේදය | සීමාව අභියස

 


ලබා දෙන ඖෂධ ශෙන් ස'චුආන්  ගේ මුව දෙපසින් වැගිරී ඔහුගේ ඉදිරිපස ඇදුම තෙත් කරන්නට විය. වෛද්‍යවරයා කෙතරම් කනස්සල්ලට පත්ව සිටියේද යත් ඔහු සිය නළල දෙපස තද කරගන්නට විය.

ඔහු ඖෂධ ගිලින්නේ නැහැ.” වෛද්‍යවරයා පැවසීය, “ඔහුට කොහොමටවත් මේක කරන්න බැහැ!”

' චිංචිං ඔහුගේ අසිපත දැඩිව අල්ලාගෙන හිද මඳ වෙලාවක් ශෙන් ස'චුආන්  දෙස බලා අසන්නට විය , “මෙහි ඔබට කළ හැකි කිසිම දෙයක් නැද්ද?”

වෛද්‍යවරයා අතෙහි තබාගෙන සිටි ඖෂධ බඳුන සැලෙන්නට විය, ඔහු අල්ලාගෙන සිටි හැන්ද බදුනේ ගැටෙන්නට විය. ඔහු ග'චිංචිං ඉදිරිපිට දණ නමා පවසන්නට විය.

ඔහුට එය කරන්න බැහැ! ඔහුට එය සිදු කරන්න බැහැ! කරැණාකරලා පැදුරක් සූදානම් කරන්න ඉක්මනින් ම.”

' චිංචිං අසීරැ තත්වයක සිටින බව නිසැකය.

"මුලින්ම ඔහුට එය පොවන්න" කී ඔහු ආපසු හැරී දොරෙන් පිටත නික්මීණි.ජී ලෙයි පිටත නැවති සිටියේ . ' චිංචිං ඔහුට ආචාර කර පවසන්නට විය, “උතුමාණෙනි, වෛද්‍යවරයා කීවා ඔහු එය නොකරන බව.”

ජී ලෙයි අත තබාගෙන සිටි රටකජු ඇටය පොඩි කර එහි ඉතිවි ඇති කැබලි වා තලයට මුසු වන ලෙස පිම්බේ ය. “ඔහු අවසන් හුස්ම හෙළුවද?” ඔහු ඇසුවේ ය.

 ඔහු තවමත් ඔහුගේ අවසන් හුස්ම පොදෙහි එල්ලිලා ඉන්නවා. ” ග' චිංචිං පිළිතුරැ දෙන්නට විය. දෑත් පිටුපසට තබාගෙන සිටි ජීලෙයි ග'චිංචිං වෙත හිස හරවන්නට විය

. “ඔහු දිහා ඇහැගහගෙන ඉන්න. ඔහු මියගියාට පස්සේ,ලිඛිත ප්‍රකාශයට ඔහුගේ අත්සන ලබා ගන්න.”

' චිංචිං කිසිත් නොපවසාම ජී ලෙයි පිටත්ව යන අයුරු බලා සිටියේය. ඔහු මළුවෙහි මඳ වේලාවක් සිටගෙන, තමා අසල සිටි යටත් නිලධාරියාට, “යන්න, වැඩකාරයා ළඟට කැඳවන්න” යැයි කීවේය.

 ටික වේලාවකට පසු, ගොරෝසු ලිනන් රෙදිවලින් හැදි සේවකයෙකු කරත්තයක් තල්ලු කරමින් පැමිණියේය. මේ වන විට අහස අඳුරු වී තිබූ අතර රාජකීය බන්ධනාගාරය දැඩි ආරක්ෂාවක් යටතේ තිබුණි. ග'චිංචිං මාර්ගය ආලෝකමත් කිරීම සඳහා පහන් කූඩුවක් ඔසවා මිනිසාට ඔහු පසුපස එන ලෙස සංඥා කළේය.

වෛද්‍යවරයා ඒවන විටත් පිටව ගොස් තිබුණි. කාමරයේ දැල්වෙමින් තිබුණේ එක් තෙල් පහනක් පමණි. ශෙන් 'චුඇන්ගේ මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වූ අතර හේ ඇඳ මත වැතිර සිටියේය. ඔහුගේ දෑත් සහ පාද මළ සිරුරක මෙන් දැඩි විය.

' චිංචිං පසෙකට වී, "ජී මාමණ්ඩි.. මේ ඉන්නේ ඔහු" යැයි රාජකාරියේ යෙදෙන තැනැත්තාට කීවේය. සිය මුහුණේ වූ රෙදි පටිය ඉවත් කල පසු ගින්නෙන් පිළිස්සී ගිය මුහුණක් පෙනෙන්නට විය.ඔහු ශෙන් ස'චුආන්  දෙස බලා, පියවර දෙකක් ඉදිරියට ගොස්, වෙව්ලන අතක් දිගු කළේ ශෙන් ස'චුඇන්ගේ හිස පිරිමැදීමටය. ශෙන් ස'චුඇන්ට කෙතරම් කෙට්ටු සහ රැධිරය තැවරීගිය සිරැරක් ඇත්දැයි දුටු ඔහුට සිය මහළු දෙකොපුල් මතින් රෑරා වැටෙන කඳුළු බිඳු නවත්වාගත නොහැකි විය.

 චුආන් එර්.” ජී ගැං ගේ කටහඬ ගොරෝසු වූ අතර ඔහු “ෂිෆු පැමිණියා!” යැයි පැවසීය

 ' චිංචිං ලන්තෑරුම පිටතින් තැබූ අතර, "ජී මාමේ, බය වෙන්න එපා. ඔහු ඔබේ ගෝලයෙක් බව හිරගෙදරින් පැමිණි අය දැනගත් දා ඉදලා ඉතා සූක්ෂ්ම විදිහට ඔහුට සළකනවා. පෙර ප්‍රශ්න කිරීම දැඩි වධ හිංසාවක් වගේ පෙනුනත් එය ඔහුට එතරම්ම හානිකර වුනේ නැහැ. කස පහර දීම අතරතුර, සහෝදරයන් අඩු වැඩි වශයෙන් ඔබේ ගිණුමට ඔහුව සම්බන්ධ කර ගත්තා. පහර විස්සක් ගැහුවත් ඔහු ආබාධිත නොවේවි.කොහොමවුනත්, දඩුවම අධීක්‍ෂණය කරන මාලිගාවේ නිළදාරියාට තියුණු, විචක්ෂණශීලී ඇස් තියෙන නිසා අපි ඕනෑවට වඩා මන්දගාමී වෙන්න ගියේ නැහැ. වාසනාවකට වගේ, තුන්වන හුආ ආර්යාව නියමිත වේලාවට ආවා. එහෙම නොවුනනම්, පැන් ගොංගොංට සැක හිතෙන්න තිබුනා."

ජී ගැං ගේ කොණ්ඩය ඒ වන විටත් අඩක් සුදු පැහැ වී තිබුණි. ඔහුගේ විඩාපත් ව ගිය මුහුණෙන් කඳුළු වැගිරවමින් ඔහු පවසන්නට විය, “ජි ගැං විදිහට මම අනිවාර්යයෙන්ම අනාගතයේදී මේ දක්වපු කරුණාවට ගෙවනවා!”

'චිංචි කලබල ලෙස පවසන්නට විය , “ජී මාමණ්ඩි! ඔබ මේ ආකාරයෙන් සිතන්නේ කොහොමද?! අපගේ සහෝදරයන් ඔබට ගෙව්වේ ඔබ අපට මඟ පෙන්වමින් අතීතයේ අපගේ ජීවිත බේරාගෙන ඔබ අපට දැක්වූ කරුණාව සහ සෙනෙහස වෙනුවෙන්"

  ඒ සමඟම ඔහු නැවතත් සුසුමක් හෙළුවේය. “චෙං යාඔජින් හදිසියේ කොහෙන් හරි කඩාපාත්වෙයි කියලා කවුද හිතුවේ? ෂ්‍යාඕ වංශයේ දෙවැනි තරැණ ස්වාමියා ඇත්තටම ඒ පා පහරින් එයාව මරන්න හැදුවා. ජී මාමණ්ඩි , ඔහුට තවමත් ගැලවිය හැකිවේවි ද?

 ජි ගැංට ශෙන් ස'චුඇන්ගේ හෘද ස්පන්දනය දැනුණු අතර බලහත්කාරයෙන් සිනහවෙමින් පවසන්නට විය. “හොඳ ළමයා. ඔහු අහ් මූ ඉගැන්වූ ශිල්පය හොඳින් හසුරවලා තියෙනවා. එයට තවමත් පැමිණෙන්න තරම් කාලය නැහැ. බය වෙන්න එපා මගේ දරැවෝ. ෂිෆු ආවා!"

ශෙන් ස'චුආන්  ජී ගැං සමඟ හැදී වැඩුනේ හත්වන වියේ සිටමය. ජී මූ සමඟ එක්ව ඔහු යටතේ සටන් කලාවන් පුහුණු කළේ ය. ජී වංශයේ පහරදෙන විලාසයන් හි සෑම පහරක්ම ආරම්භයේදී දැඩි හා දරුණු විය. එය ජී වංශයටම ආවේණික වූ අධ්‍යාත්මික ශිල්පීය ක්‍රම මගින් සම්පූර්ණ කළ යුතු විය. ස්ථිර කැමැත්තක් නැති අයට එය ප්‍රගුණ කළ නොහැක්කේ ය. ජි ගැං නැවත නිවසට පැමිණෙන විට අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු බවට පත්ව තිබුණේ ය.ඔහු සිය වැඩිමල් දරැවාට උගන්වනු ලැබුවේ බාල දරැවෙක් සිටින බවත් අමතක කරමින්ය.ඔහුගේ වැඩිමල් සහෝදරයා ලෙස, ජී මූ ඔහු අලුතෙන් කිසිවක් ඉගෙනගන්නා සෑම විටම ඔහුට කියාදීමට අමතක නොකළේ ය. වසර ගණනාවක් පුරා ශෙන් ස'චුආන්  එය ඉතා හොඳින් ප්‍රගුණ කරනු ඇතැයි කිසිවකු බලාපොරොත්තු නොවන්නට ඇත.

' චිංචිං නැමී බැල්මක් හෙළා පැවසුවේ, “නමුත් ඔහු තවමත් තරුණයි.  මේ විදිහට ගියොත් ඔහුගේ ශරීරය නරක අතට හැරේ යැයි මම බිය වෙමි.  ජී මාමණ්ඩි, මම වෛද්‍යවරයා නැවත නියම කළ බෙහෙත කසාය කිරීමට කෙනෙකු යැව්වා.  කරුණාකර ඔහුට එය පොවන්න පුළුවන්ද බලන්න."

ශෙන් ස'චුආන්  ට ඔහුගේ මුඛය දැවෙන තරම් වියළි ඇති බව හැඟුණි.ඔහුගෙ ඹුළු ශරීරයම වේදකා දුන්නේය.ප්‍රධාන විදියක් මත අශ්ව කරත්තයකට තැලී ගියාක් බඳු විය. වේදනාව නිමක් නැති අගාදයක් මෙන් ෂෙන් සෙචුවාන්ගේ සිරුර අඩපණ කර දැමීය.  අඳුරේ, ඔහු දැඩි ලෙස පතිත වන හිම , ජි මුගේ රුධිරය, දරාගත නොහැකි තරම් ශීතල සහ ෂ්‍යාඕ චියේ පෙරදි ඔහුට එල්ලකල පහර ගැන සිහින මැව්වේය.

 ජි ලෙයි නිවැරදි ය.  දැන් ජීවත් වුවද එය දුක් විදිනවාක් හා සමානය. ඔහුට ෂෙන් වෙයි ගේ ඇටමිදුළු හා  රැධිරය ලැබුණු නිසා ඔහුට එවැනි දඬුවම් විඳීමට සිදු ව ඇත.  ඔහු ෂෙන් වෙයිගේ වරද සියල්ලම භාරගෙන වරදකරැ බවට පත් වූහොත් අසාධාරණ ලෙස මිය ගිය අයගේ විශ්වාසවන්ත ආත්මයන් ඔහුට විලාපතියනු ඇත.  බරැති විලංගු දරා සිටි ඔහුට තම ශරීරය සැහැල්ලු වනබවක් හැගුනි..නමුත් ඔහු නැවත වැතිරවූයේ නැත! කවුරුන්හෝ හදිසියේ ම යම් උණුසුම් දෙයක් ඔහුගේ දත් අතරින් ඔහුට පොවන්නට විය.  ඖෂධයේ තිත්ත රසයෙන් ෂෙන් සෙචුවාන්ගේ දෑස් තෙත් විය.  හුරුපුරුදු ආමන්ත්‍රණයක් නිසා ඔහු බලෙන්ම දෑස් විවර කරන්නට විය.

ඔහුට ඖෂධ පොවමින් සිටියේ ජී ගැං .ඔහුගේ රළු ඇඟිලිවලින් ශෙන් 'චුආන්  ගේ කඳුළු පිස දැමීය.  ඔහු රහසින් පැවසීය, "චුඅන් එර්, මේ මම ෂීෆූ!"

 ශෙන් ස'චුඇන්ගේ උගුරේ බැරෑඬි හඬක් ඇති වූ අතර, ඔහුගේ කඳුළු සමඟ ඖෂධය පානය කළේය.  ඔහු ජි ගැන්ගේ ඇඳුම්වල ස්පර්ශ කිරීමට  ඇඟිලි දිගු කර දත් මිටි කමින් සිටියේ, මෙය හුදෙක් රෝගාබාධයකින් ඔහු දුටු සිහිනයක් යැයි සිතමිනි.

 ජි ගැංගේ මුහුණ අවලස්සන විය.  ඔහු තෙල් පහනෙන් ආලෝකය වැටීම වළක්වා ගැනීම සඳහා ඔහුගේ හිස මඳක් හැරවීය, “චුවාන්-එර්, මැරෙන අදහස අත්හරින්න!  මේ අහිංසක ෂිෆුට ඉන්නේ ඔබ පමණයි.

 ශෙන් ස'චුඇන්ට ඉන් පසු ඔහුගේ දෙකොපුල් මතින් තලායන කඳුළු නවත්වාගත නොහැකි විය.  ඔහු අදුරු වහලය දෙස බලා සිටියේ ඔහුගේ බැල්ම මගහරිමිනි., “ෂිෆු...” ඔහු රහසින් මිමිණීය.

 ඔහුගේ දෑස් ක්‍රමක්‍රමයෙන් හුළඟේ කම්පනය මධ්‍යයට යොමු වී අදුරු ව ගියේ ය.

 "මම මැරෙන්නේ නැහැ."  ඔහු ගොරෝසු හඬින් කීවේය,

 "ෂිෆු, මම මැරෙන්නේ නැහැ."

✨️✨️✨️✨️

✨️✨️✨️

පසු දින, ෂියන්දේ අධිරාජ්‍යයා ත්‍රිවිධ හමුදාවට සාදයක් පිරිනැමීය.  ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහකයන් සහ නගරයෙන් පිටත චීදොං මුර භටයන් හැරුණු විට, මාලිගාව භෝජන සංග්‍රහයක් ද පැවැත්වූ අතර, විවිධ අමාත්‍යවරුන් සහ නිලධාරීන් සියලු දෙනාම හමුදා ප්‍රධානියාට සංග්‍රහ කිරීමට නායකත්වය දුන්නේය.

අන් අයගේ සභා නිල ඇදුමට වෙනස් වූ ෂ්‍යාඕ චීයේ ගේ ඇදුම සාමාන්‍ය වලාකුළු සහිත මැහුම් ආකාරය නොවූ අතර ඔහුගේ වස්ත්‍රයේ සිංහයෙක් මසා තිබුනේ ඔහු මත තීවෘ කැපීපෙනෙන ආකාරයක් දක්වමිනි. ඔහු අසුන්ගනිද්දි ඔහු අසල වූ විද්වතුන් ඔහු දෙස හොරැහින් බලන්නට විය

නමුත් ඔහු සංවාදයක අසුන්ගනිද්දි ඔහුගේ නිහතමානී බව හිස ඔසවන්නට විය.

 මත්පැන් පානයෙන් මත්ව සිටි රාජ්‍ය අමාත්‍යවරුන් ඔහු දෙස බැලුම් හෙළුවෝය.  ඔවුන් පැවසූ පරිදි, ව්‍යාඝ්‍ර පියෙකුට පුත්‍රයෙක් ලෙස සුනඛයෙක් නොලැබීය යුතු ය.නමුත් තම පියාව අනුගමනය කළේ පරම්පරාගත ෂ්‍යාඕ කුමරු පමණක් වූයේ කෙසේද?

ඔවුන් ෂ්‍යාඕ චීයේගේ සෑම පියවරක්ම සහ ක්‍රියාවක්ම තෝරා ගත්තේ නිහඬ අවබෝධයෙනි.  ඒ අශ්ශීල බව සහ නිරර්ථක බව ඔවුන්ගේ මුහුණටම වදින බව ඔවුන්ට දැනෙන්නට විය. ඔහු ඔහුගේ ඉදිරියේ ගෞරවාන්විත ව අසුන්ගෙනසිටි ෂ්‍යාඕ ජීමිංට වඩා වෙනස් ආකාරයකටය.

 "මේ නිසා ඔබ බලාපොරොත්තු සුන් කරගන්න එපා.."  ලූ ගුඅන්බයි ඔහු අසලින් වාඩි වී සිටියේ ය, "උතුමාණන් ඔබට ත්‍යාග ලබා දීලා තියෙන නිසා, ඔහු නිසැකවම ඔබව කැඳවාවි."

 ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත්ලෙහි වූ වොල්නට් බීජය  පොඩිකලේ, එයින් මඳක් ගැලවෙන්නට බලමිනි.

 ලූ ගුඅන්බයි ඔහුදෙස බැලීමට හිස හරවන්න ට විය,

 "ඔබ ඊයේ රාත්‍රියේ අනිත් අය සමඟ මධුවිත පානය කලා නේද, හහ්"

 "ඔබට හැකි තරම් සතුවු වෙන්න."  ෂ්‍යාඕ චීයේ ඔහුගේ අසුනේ දිගෑදුනි.  “ කවුරුහරි අයෙක් ෂියැං ජුආන් ගේ අසිපත් නර්තනය දක්වන්න ඉඳිරිපත් වුනොත් , මම බීමතින්ම ෆං කුඅයි නර්තනය කරන්නම් .  ඒක පෝකෙ හොඳම දේ වෙයි නේද?"

 "ඒකත් හොඳයි."  ලු ගුඅන්බයි මත්පැන් වත් කරන්න ට විය. 

නමුත් මධුවිත ඔබේ සෞඛ්‍යයට අහිතකරයි.  ඔබට හොඳ සේනාංක නායකයෙක් වීමට අවශ්‍ය නම්, ඔබේ මේ නරක පුරුද්ද වෙනස් කරගන්න. ”

 "මම ඉපදුනේ වැරදි කාලෙක" ෂ්‍යාඕ චීයේ ලූ ගුඅන්බයි හට වොල්නට් බීජයකින් දමා ගැසුවේ ය.  “ජෙනරාල්නරුන්ගේ ආසන හතර පිරී ඇති නිසා මට දැන් වීරයා විදිහට රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.  ඔබට කවදා හෝ එය තවදුරටත් කළ නොහැකි නම්, මාව කලින් දැනුම් දීමට මතක තබා ගන්න.  එතකොට මට ඒ පුරුද්ද නැති කරන්න පරක්කු වෙන්නේ නෑ."

 ලූ ගුඅන්බයි , "එහෙනම් මට බයයි ඔබට තව කල් ඉන්න වෙයි කියලයි."

 දෙදෙනාම මොහොතක් සිනහා වී මත්පැන් උගුරක් පානය කළේය  භෝජන සංග්‍රහ මේසයේ සාකච්ඡාව ශෙන් වංශයට මාරු වූ විට ඔවුහු සවන් දෙන්නට විය.

ඔහුගේ අතේ තිබූ වොල්නට් බීජය අල්ලාගත් , ලූ ගුඅන්බයි  මොහොතක් සාවධානව සවන් දුන්නේ ය. "මේ පුද්ගලයාට එය කරගන්න නොලැබෙන බව ඔවුන් ඊයේ රාත්‍රියේ කීවේ නැද්ද?"

 ඔහුට පිටුපසින්, ෂාඕ හුයි නිහඬ ස්වරයකින් ප්‍රතිචාර දැක්වීය, “ඒක හරි.  තරුණ ස්වාමියා කිව්වෙ ඔහුව පාතාලයට යවන්න ම පා පහරක් දුන්නා කියලා නෙමෙයි ද ?"

 ෂ්‍යාඕ චීයේ එය ප්‍රතික්ෂේප කළේය.  "මං එහෙම කිව්වද?"  අනෙක් දෙදෙනා නිශ්ශබ්දව ඔහු දෙස බලා සිටියේ ය,

"මොකක්?"

ලූ ගුඅන්බයි පැවසුවේ ය. "ඔහු මිය ගිහින් නැහැ."

 ෂාඕ හුයි පැවසුවේ ය. "ඔහු මිය ගියේ නැහැ."

ෂ්‍යාඕ චීයේ අනෙක් දෙදෙනා සමඟ මොහොතකට බැල්මක් හුවමාරු කර ගත්තේ ය, “එය මගේ කාර්යයක් නොවේ ඔහු දැඩි කෙනෙක්.  මගේ අධිරාජ්‍යයා ව අනතුරකට ඇදලා දැම්මේ ඔහු නෙමෙයි ද?. ”

ලූ ගුඅන්බයි හිස එසැවීය, “අපි බලමු උතුමාණන්  ඔහු වෙනුවෙන් ලබා දෙන්නේ මොනවද කියලා.  ඔහු ඇත්තෙන්ම හයිය විස්කෝතුවක් වගේ.”

ඉන් පසු ඔවුන් අසලින් හිදගත් ෂාඕ හයි ආහාර ලබාගැනීමට ඔහුගේ හිසපහත් කරන්න ට විය.

 "කවුරුහරි රහසින් ඔහුට උදව් කරනවා ඇති" ඔහු නොසැලී කීවේය.

 "ඔහු මිය නොගියද, ඔහු ආබාධිත වනු ඇත."  ෂ්‍යාඕ චීයේ මඳක් දුරින් පිහිටි හුආ වංශයේ ආසනය දෙස ශීතල ලෙස බැල්මක් හෙලීය.  “වැන්දඹු අධිරාජිනිය දැනටමත් වයසින් වැඩියි.  ඇයට දැන් කරන්න පුළුවන් අයාලේ යන සුනකයෙක් ආරක්ෂා කරගන්න එකගැන හිතලා   ඇගේ මොළය අවුල් කරගන්න විතරයි.

 "කොයිතරම් පව්ද."  ෂාඕ හයි හැඟීම් විරහිතව ඔහුගේ මුඛයට අමතර වොල්නට් බීජයක් පුරවා ගත්තේය.

 බීම වට තුනකට පසු අවට තෘප්තිමත් බව දුටු ෂියන්දේ අධිරාජ්‍යයා “ජිමිං” යනුවෙන් කතා කළේය.

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ ආචාරය පුද කර ඔහුගේ අණ ලබා ගැනීමට අසලට ගියේ ය. මධුවිටතන් මත් වූ බවක් නොපෙන්වූ ෂියන්දේ අධිරාජ්‍යයා මකර සිංහාසනයට වාරු වී මෙසේ පැවසීය:

ඒ සේරටමත් පස්සෙ , ෂෙන් වෙයිගේ හමුදාවේ පරාජය වගේම ඔහු සතුරා සමඟ හවුල් වූවාද යන්න පිළිබඳ නිශ්චිත සාක්ෂියක් නැ.  ඒ ශේන්..."

 පෑන් රුගුයි ඉදිරියට නැමෙමින් පවසන්නට විය “උතුමාණෙනි , ඒ ෂෙන් ස'චුඇන්” යැයි රහසින් මිමිණීය.

 ෂියන්දේ  අධිරාජ්‍යයා මොහොතකට විරාමයක් තැබු නමුත්, එලෙසම පවසනවා වෙනුවට, ඔහු වැන්දඹු අධිරාජිනිය දෙසට හැරී, "අධිරාධිණිය හිතන්නේ මොනවද ?" ඇසුවේ ය.

 මුළු සිවිල් හා හමුදා නිලධාරීන්ගේ උසාවියම සවන් දීමට හිස පහත් කරද්දී භෝජන සංග්‍රහය මත ගාම්භීර නිශ්ශබ්දතාවයක් පැවතුනි.

රන් වලාකුළු අතරට මකරෙකු මුතු ඇටයක් හෙළන ආකාරය දැක්වෙන ෂාඕ ලූඕ හිස් පලඳනාවක් ඈ පැළඳ සිටියාය.  රන් මරකත කොළ පබළු පේළියක් හිස් වැස්ම වටා හැඩසව් කර ඇති අතර එයින් එල්ලා ඇති විශාල මුතු ඇටය.  ඇය වාඩි වී සිටිද්දී - සමබරව හා ගෞරවාන්විතව - පැද්දෙන්නට විය.  නිසි ලෙස  පීරන ලද ඇගේ දිලිසෙන හිසකෙස් හිම වල වර්ණය ගත්තේ ය. භෝජන සංග්‍රහ ශාලාවේ සිටි කිසිවෙක් ඇය දෙස එකඑල්ලේ  බැලීමට හිස එසවීමට තරම් එඩිතර වූයේ නැත.

 වැන්දඔු අධිරාජිනිය , “ෂෙන් වෙයි බියට පත්වෙලා ඔහුගේ ධෛර්යය නැතිවෙලා නිසා චොංබෞ සටනේදී ධෛර්යයටත් බලපෑමක් එල්ලවුනා.  නමුත් දැන් ඔහු දඬුවමට බියෙන් සියදිවි නසාගත් නිසාත්, ඔහුගේ පරම්පරාවේ සියලු දෙනාම සටනේදී මිය ගිය නිසාත්, ඉතිරිවෙලා ඉන්නේ මේ එකම එක පුත්‍රයා විතරයි.  ඔහුගේ මුළු වංශය නැති කරලා දාන එක කරුණාවට වගෙම ධර්මයටත් පටහැනි දෙයක්. ඔහුට අපි ගැන කෘතවේදී හැඟීමක් ඇති කරන්න  ඔහුට ජීවත් වීමට ඉඩ නොදෙන්න හේකුවක් නම් මට පේන්නේ නැහැ. 

 උත්සව ශාලාව නිහඬ විය. ලූ ගුඅන්බයි හදිසියේම කතා කරන්න ට විය.  "මේ සේවකයා එය සුදුසුයි කියලා හිතන්නේ නැහැ."

ඔහු නිලධාරීන්ගේ ලිපිගොනුවක් රුගෙන පියවර තුනක් ඉදිරියට පියවර තබාශාලාවේ දණින් වැටී තවදුරටත් පවසන්නට වූයේය.

 උතුමාණෙනී.  නමුත් ෂුඅන්දු  සටන අතීත සටන්වලට වඩා හුඟක් වෙනස්.  ශෙන් වෙයි සතුරා සමඟ හවුල් වූ බවට කිසිදු සාක්ෂියක් නැති වුනත්, ඔහු තවමත් සැකකරුවෙක්.  මේ ළමයා තමයි ඔහුගේ ඉතිරි පරම්පරාව.  අපි ඔහුට ජීවත් වීමට ඉඩ දුන්නොත්, අනාගතයේදී ඔහු අපේම භූමියේ ඉදිමින් අනතුරක් නොවි ඉදිවිද.?"

වැන්දඹු අධිරාජිනිය ලූ ගුඅන්බයි දෙස මොහොතක් බලා මෙසේ පැවසුවාය, "බ්‍යංෂා වල  දශක ගණනාවක් තිස්සේ කාන්තාරයේ ස්ථානගත කරලා තියෙන්නේ, ඔහුත් සෑම සටනකදීම ජයග්‍රහණය කරන්නේ නැහැනේ නේද?."

ලු ගුඅන්බයි පිළිතුරු දෙන්නට විය, "මගේ පියා පරාජය කළ නොහැකි වුනත්, දශක ගණනාවක් තිස්සේ කිසිදු බාහිර සතුරෙකුට බියන්ජුන් ආඥාපති ප්‍රදේශයට ගමන් කරන්න නොහැකිවෙලා තියෙනවා."

 අධිරාජිනියගේ කන් අසල තිබූ විශාල මුතුව සෙමෙන් සෙලවෙන්නට විය. 

හරියටම මේ නිසා ඔහුට මෙම යුද්ධයේ විනාශකාරී ප්‍රතිවිපාක තේරුම් ගන්න හැකි වෙන්න ඔහුට නිතීරිති සහ ගුණධර්ම ඉගැන්වීම තමයි හුඟක් වැදගත් වෙන්නේ.  මිනිසෙකු මරා දමන්න පහසුයි. බ්‍යන්ෂා අශ්වාරෝහක හමුදාවේ අශ්වයන් චොංබෞ වලට ඇවිත් දහස් ගණනක් සාමාන්‍ය වැසියන් මරා දැම්මා.  අපේ අධිරාජ්‍යයේ නින්දාවට අපට තවමත් පිළියම් සොයලා නැහැ  මේ ළමයා වරදකරු වෙන්න කළ අපරාදය මොකක් ද ?"

 "මේ සේවකයා එයත් නොසුදුසුයි කියලා හිතනවා."

 මහ ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ ලේකම්වරයා,  මේ සියල්ල නිහඬව සිටි හයි ලියැංයී , මේසයෙන් නැඟී සිටිමින් දණින් ඇදැටුනේ ය.

උත්තමාවියනී කරුණාව අයදිනවා , ඒත් මේක සුළුපටු කාරණයක් නෙවෙයි. ශෙන් වෙයි සතුරා සමඟ හවුල් නොවූනත්, මේ සටනෙන් පස්සේ ඔහු තවමත් හිස ගසා දමන්න සුදුසු අයෙක්.  ඒ විතරක් නෙමෙයි , මෙම දරුවා තුන් වතාවක්ම නඩු විභාග කරලා ප්‍රශ්ණ කරලත් තිබුණා, ඔහුගේ පාපොච්චාරණ ප්‍රකාශ විවිධාකාරයි. ෂෙන් වෙයි සතුරා සමඟ හවුල් නොවූ බව ඔහු තරයේ කියා සිටියා.  නමුත් ඔහු ෂෙන් වෙයි ගේ වෙනත් තැනක හැදී වැඩුණු පිටස්තර පුත්‍රයෙක.  ෂෙන් වෙයි සතුරන් සමඟ හවුල් වූ බව ඔහු නොදැන සිටියේ නම්, ඔහු එසේ නොකළ බව ඔහු නිසැකවම දැන ගන්නේ කොහොමද?  ඔහු ස්වභාවයෙන්ම කපටි වගෙයි පෙනෙන්නේ ;  ඔහු ගැන විශ්වාස කරන්න බැහැ.  ජෙනරාල් ලූ කියපු විදිහට, අපි ෂෙන් වංශයේ අවසන් සාමාජිකයා ජීවත් කෙරෙව්වොත්, ඔහු කවදා හරි අපේ භූමියට කරදර ඇති කරන වසංගයක් වේවී!"

 වැන්දඹු අධිරාජිනිය කෝපයට පත් නොවෙමින් , “වැඩිහිටි ලේකම්වරයා හයි ,කරුණාකරලා ඉක්මනින් නැගිී සිටින්න.”

 පැන් රුගුයි හයි ලියැංයී ට නැගිසිටිමට උපකාර කල පසුව, වැන්දඹු අධිරාජිනිය පැවසන්නට විය ,

මගේ ආදරණීය ඇමතිවරු කිව්වා වගේ,  මම මගේ අදහස දිගටම ක්‍රියාතමක කරනවා.  මේ කාරණය සම්බන්ධයෙන් තීරණ ගන්න මම අධිරාජයාණන්ට භාර කරන්න කැමතියි."

 ඔහුගේ අමාත්‍යවරුන්ගේ සුපරීක්ෂාකාරී ඇස් යටතේ, ෂියන්දේ  අධිරාජ්‍යයා දුර්වල ලෙස කහින්නට විය.  ඔහු පෑන් රුගුයි දුන් පිස්නය පිළිගෙන මුව වසා ගත්තේය.  දිගු නිහැඬියාවකින් පසු ඔහු අවසානයේ කතා කරන්න ට විය.

 මව් අධිරාජිණිය පවසපු දේ අර්ථ රහිත දෙයක් නෙමෙයි.  දරුවා අහිංසකයි. කොහොමවුනත් , සියල්ල සලකලා බැලුවිට, ෂෙන් වෙයිගේ හමුදා පරාජයට වෙලා , ඔහු ඇත්ත වශයෙන්ම නගරය අතහැර දමා ගිහින් .  ඔහුගේ වංශයේ පරම්පරා නවයේන්ම ඉතිරිව ඇත්තේ මේ දරුවා පමණක් නිසා, මම මේ දරුවාට ඔහුගේ පාපය ගැන මෙනෙහි කර තමාව මුදවගන්න අවස්ථාවක් ලබා දෙනවා.  ජී ලෙයි! ."

 "මේ සේවකයා ඔබගේ අණ පිළිපදිනවා."

 "මේ දරුවා ෂාඕ සූයි පන්සලේ භාරයට ගන්න. මගේ නියෝගයක් නොමැතිව ඔහුට පිටතට යන්න තහනම්. !"

 ෂ්‍යාඕ චීයේ කැඩුණු වොල්නට් කෑලි පිඟාන මතට විසි කළේ ය.

 "තරුණ ස්වාමියාණෙනි, ඔබ ආහාර ගන්නේ නැද්ද?" ෂාඕ හුයි ඇසීය.

 ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “වැඩකට නැ කිසිම රහක් නෑ.  කාටද ඕනෙ?"

 ෂාඕ හයි ඇහිබැමක් ඔසවන්නට විය.  ඔහු පහත් හඬින් කීවේය,

 මේතන හැමෝම තෘප්තිය හඟවනවා විතරයි  නේද?  අපට අවශ්‍ය දේ අපට ලැබුණේත් නැහැ, අනෙක් අයටත් ලැබුණේ නැහැ. ”

 "ඔහුව එළියට දැමීමට වඩා ඔහුව සිරගත කරන එක හොඳයි නේ." ලූ ගුඅන්බයි නැවත සිය අසුනට පැමිණ මෙසේ පැවසීය.

 "අනිවාර්යයෙන්ම නැහැ."  ෂ්‍යාඕ චීයේ  තමාටම ඇඟිල්ල දිගු කරගත්තේ ය.  "මමත් හිර කරපු මනුස්සයෙක් නෙවෙයිද?"

 ලූ ගුඅන්බයි සහ ෂාඕ හයි එක හඬින් කීහ.  " ඒ ඔබේම හොදට.."

 


 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-