Skip to main content

හතරවන පරිච්ජේදය | අවසන් පුරුක

 


යුධ පාවහන් සළකුණු තබමින් හිම වැටි තබූ බිම වටා වටයක් කැරකුණු ඔහු ශෙන් ස'චුආන්  අසල නතර විය.ඔහු ශෙන් ස'චුආන්  ගේ මුහුණ නිවැරදි ඉරියව්වට ගැනීමට සිය ඇගිල්ලක් භාවිත කරද්දී, ඔහුගේ යුධ පාවහන් රුධිරයෙන් තෙමී ගියේ ය.යුධ හිසවැස්ම ට යටින් පිටවූ ඔහුගේ කටහඩ මුමුණන්නාක් බදු විය.

"ශෙන් වෙයි කියන්නේ තමුන් භාරකාර පුද්ගලයාද?

ශෙන් ස'චුආන්  ට ඔහුගේ වෙව්ලන දත් අතරින් වහනය වු රුධිරය නවතා ගැනීමට ක්‍රමයක් නොවීය. ඔහු ඔහුගේ දෑත් භාවිතා කළ ද ඔහුට එය ආවරණය කරගත නොහැකි විය.ඔහු පිළිතුරැ දුන්නේ නැත. පුද්ගලයා ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටිය් ය.

 " මම තමුන්ගේන් අහන්නේ?" ඔහු  ඇසුවේය.

මුව තුල ඇති රුධිරය සමගම ශෙන් ස'චුආන්  ඔහුගේ හිස පහතට හරවාගෙන පවසන්නට විය

 " ඔව්"

ජී ලෙයි ඉක්මනින් එහාපසින් පැමිණ පවසන්නට විය.

ඔහු ශෙන් වෙයි ගේ අටවැනි පුත්‍රයා. ඔහුගේ නම ශෙන්...”

එම පුද්ගලයා තමන්ගේ දෑත් ඔසවා සිය හිස්වැස්ම ඉවත් කරද්දී තරැණ මුහුණක් පෙනෙන්නට විය.අහසේ වෘත්තාකාරව පියාසර කළ උකුස්සා ඔහුගේ උරහිස මත වැසුවේ ශීතල හිම කැටිති පොකුරක් විසිරැවමිනි.ඔහු ශෙන් ස'චුආන්  දෙස බැලුවේ ගෙවී ගිය පාවහන් යුගලක් දෙස බලනවාක් මෙනි.ඔහුගේ බැල්ම තුල ගැබ් වූයේ පිලිකුළක් ද නැතහොත් අනුකම්පාවක් දැයි නිසැකව පැවසීය නොහැකි ය.එය තලයක් මෙන් ශීතල බවක් ඉසිලීය.

ශෙන් ස'චුආන්  ඔහුව දැන සිටියේ නැත, නමුත් ඔහු ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව හඳුනා ගත්තේය.

එවකට, ශෙන් වෙයි බටහිර දෙසට පසුබැසීම කණගාටුදායක සිදුවීමක් විය.ඔහු ස'ජෞව් වෙතට ලඟා වන විට එය ෂොංබෞ හී අවසාන ආරෂක  සීමාව බවට පත්ව තිබුණි.ලීබෙයි අශ්වාරෝහක හමුදාව උතුරේ සිට දකුණු දෙසට ගමන් කරමින් තිබුණේ . පරම්පරගත කුමාරයා , ෂ්‍යාඕ ජීමිං, නොබියව සිය හමුදා හිම මිදි ගිය ගඟ ඔස්සේ දින තුනක් විවේකයක් නොමැතිව 'ජෞ දෙසට මෙහෙයවන්නට විය.කවුද දැනගෙන සිටියෙ ශෙන් වෙයි ට ලීබෙයි අශ්වාරෝහක හමුදාව යටත් කර ගැනීමට මානබැලූ ස'ජෞ පෙදෙස ආරක්‍ෂා කරගැනීමට නොහැකි වේවි කියා? ෂ්‍යාඕ ජීමින් ගේ දිරිමත් කිරීම් නොවුනේ නම් එය තවත් කුරිරැ සටනක් වනු නොවනුමානය.

 මේ සටනින් පසු, ලීබෙයි දේශය චොංබෞ වල ශෙන් වංශයට වෛර කිරීමට පටන් ගත්තේ ය.මේ පුද්ගලයා ෂ්‍යාඕ ජීමීං නොවුනද ඔහු චුදූ වල සිට අසරැවෙක් පිට ආ බැවින් ද උරහිස මත උකුස්සෙකු වසා සිටි බැවින් ද ඔහු ලීබෙයි හි කුමරැගේ බාල පුත්‍රයා සහ ෂ්‍යාඕ ජීමිං ගේ බාල සොහොයුරාද විය යුතුමය.

ජී ලෙයිට මුලඳී ඔහුව "ඇවිස්සීමේ අවශ්‍යතාවය තිබුණද , ඔහු පිටුපස සිටි ප්‍රධාන අණදෙන නිලදාරී ෂ්‍යාඕ හයි දුටු විට එම අභිප්‍රාය ව්‍යර්ථව ගියේ ය.ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස්වැස්ම ෂ්‍යාඕ හයි වෙතට දැමීය.ඔහුගෙ දෙතොල් දෙපසට ඇදී සිනහවක් මතු විය. පෙර තිබූ තියුණු විනිවිදින සුලු බැල්ම හිම දියවෙන්නාක් මෙන් ඉවතට යන්නට විය. ඔහුගේ නොදැමුණු අශිලාචාර ස්වභාවය කැපී පෙනෙන්නට විය. එමෙන්ම ඔහුගේ සන්නාහයද ගැනද ඔහු තැකීමක් නොකළේ ය.

"ගෞරවනීය ජී උතුමාණෙනී!" ඔහු සිය අතක් ජී ලෙයි ගේ කරවටා දැමීය.

"මම ඔබ එනකල් බලාගෙන හිටියා"

ජී ලෙයි ෂ්‍යාඕ ජීමිං වෙත බැල්මක් හුවමාරැ කර ගනිමින් සිනහවිය.

"දෙවැනි තරැණ ස්වාමිණි, අපි අන්තිමට හමුවෙලා වසර දෙකක් ම ගතවෙලා.ඒ වගේම ඔබව පේන්නෙ හුඟක් දුරස් වෙලා වගෙයි."

ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඉණෙහි පැත්තකින් පැළදි කෘපාණය පෙන්වමින් පැවසීය.

"මම කෘපාණයක් රැගෙන ආවා.ඉතිං මම සෙබලෙක් විදිහට වැඩ කල කාලය අනුමාන කරන්න."

ජී ලෙයි එය තේරුමි ගත්තේ එය දුටු පසුවය.ඔහු සිනහවෙමින් ම මෙසේ පැවසීය.

"අනර්ඝ කෘපාණයක්.දෙවැනි තරැණ ස්වාමියා පැමිණියේ  උතුමාණන් වහන්සේව බැහැ දකින්න. දිග ගමනක් නිසා ඔබට බොහොම තෙහෙට්ටු ඇති.ඔබ අද රාත්‍රියේ පිරිවර සමඟ අධිරාජ්‍යයා ව බැහැදැක්කට පස්සේ අපි එක්ව මධුවිත පානය කරමු!"

ෂ්‍යාඕ චීයේ කණගාටුදායක ලෙස බලමින් ඔහුගේ පිටුපස සිටින නියෝජ්‍ය නිලද්‍රරි ෂ්‍යාඕ හයි දෙස බලන මෙන් ඉඟි කලේ ය.

"මගේ වැඩිමල් සහෝදරයා මම දිහා ඇහැගහගෙන ඉන්න කාවමහරි එවනවා.ඉතිං අපි මේ ව්දිහට කොහොමද හිතේ හැටිය පානය කරන්නේ? මම දින කිහිපයක් හුස්මක් ගත්තට පස්සේ, ඔබට සංග්‍රහ කරන්නම්."

ජ්‍යාඕ හයි ජී ලෙයිට ඔහුගේ ආචාරය දැක්වූයේ කිසිදු හැගිමකින් තොරවය.

ජී ලෙයි ඊට ප්‍රතිචාර දක්වමින් සිනහමුසුව පැවසීය.

"එහෙනම් ඔබ මුලින්ම මාළිගාවට යන්න.ගෞරවනීය ආරක්‍ෂකයා තවමත් ඔබ එනතුරු බලාගෙන ඉන්නවා."

පුද්ගලයන් දෙදෙනාම සිනහවෙමින් කතා කරමින් මාළිගය දක්වාම ඇවිද ගියහ.ෂ්‍යාඕ හයි ඔවුන්ගේ පිටුපසින් ගමන් කරන්න ට විය.ඔවුන් පටත්වීමට පෙර එක්වරක් ඔහු ශෙන් ස'චුආන්  වෙත බැල්මක් හෙලීය.දෙපස සිටි අධිරාජ්‍ය ආරක්‍ෂකයන් ශෙන් ස'චුආන්  ව අල්ලාගෙන නැවත ඇදගෙන යන්නට විය.

ජී ලෙයි ෂ්‍යාඕ චීයේ මාළිගාව තුලට ඇතුළුවන තෙක්ම රැදී සිටියේ ය.ඔහු වටා සිටි මිනිස්සු ඔහුට පක්ෂපාති අය බව දැනගත් ඔහු කෙළ පිඬක් ගසන්නට වූයේ තමන්ගේම වාසනාව උරගා බලන්නෙක් සේය. ඔහුගේ මුහුණේ සිනහව අතුරුදහන් වූයේ අතෘප්තිය පමණක් ඉතිරි කරමිනි.

 ඔහු මුලින් සිතුවේ මෙම සිද්ධිය  සාමාන්‍යයෙන් නිර්භීත හා ලොමුදැහැගැන්වෙන සුළු බැවින්, එය අපේක්ෂා කළ හැක්කේ ඔහු මිනිසෙකු මරා දැමීමෙන් පමණක් බවයි.  ඇත්තටම මේ ප්‍රශ්නය මෙතරම් සැලකිල්ලෙන් හසුරුවා ගැනීමට තරම් මේ තරැණයා කපටියෙක් වේ යැයි බලාපොරොත්තු වූයෙ කවුද? හේ එක පා පහරකින් ම, ඔහු ශෙන් ස'චුආන් ව එලෙස බිම පතිත කර තිබුණේ ය.

ෂ්‍යාඕ චීයේ මාළිගාවට ඇතුළු වූ පසු ජ්‍යාඕ හයි ඔහුට අත් පිස්නාවක් පිළිගැන්වීය.ඔහු ඔහුගෙ දෑත් පිසදමම්න්ම ඇවිදින්නට විය. ජ්‍යාඕ හයි කොදුරන්නට විය.

"තරැණ ස්වාමියාගේ කළින් ප්‍රහාරය හුඟක් අනතුරුදායකයි.දිවි බේරගන්න ලැබුණු ශෙන් සුනඛයා ඒ විදිහට මියගියොත් අධිරාජීණීය හුඟක් අප්‍රසාදයට පත් වේවි.''

ෂ්‍යාඕ චීයේ ගේ සිනහව මැකී ගියේ ඔහුගේ මුහුණ පුරා අදුරු සෙවනැලි ඇති කරමිනි.ඔහු මේ වන විට යුධ කාන්තාරයෙන් ඔබ්බට පැමිණ සිටියද, රෞද්‍ර ප්‍රහසනය සහ ප්‍රචණ්ඩ චේතනාවන් කෙතරම් ප්‍රබල වීද යත් ඔවුන්ට පෙර මඟ පෙන්වන පාලකයා ඔවුන්ට සවන්දීමට හෝ එඩිතර නොවීය.

ෂ්‍යඕ චීයේ ශීතල හඬින් පැවසීය

 " මට අවශ්‍ය වුනේ ඔහුට මියෙන්නම පහර දෙන්න.අර වයසක ශෙන් සුනකයා නිසයි ෂොංබෞ ලේ විලක් වුනේ. අපි මාස භාගයක ඉදන් චෂී සොරොව්වේ වැලළී ගිය සොල්දාදුවන්ව භුමදානය කරනවා.

ඒවගේම අපිට තවමත් ඔවුන්ව භුමදානය කරලා අවසන් කරන්න නොහැකි වුනා.ඒ වගේම දැන් හුආ වංශය ට අවශ්‍ය වෙලා තිබෙන්නේ අර වයසකශෙන් සුනඛයාගේ පරම්පරාවේ ඉතිරි එකාවත් ඔවුන්ගේ පෞද්ගලික මිතුරුකම් නිසා රැකගන්න.ලෝකයේ තමන් හිතන පතන දෙවල් ඒ තරම් ලේසියෙන් ලබාගන්නේ කවුද? අනිත් එක මගේ වැඩිමල් සහෝදරයා ලී දහස් ගණනක් ආක්‍රමණය කලා.මේ යුද්ධයෙන පස්සේ , ඔහුට ලබාදෙන්නවත් ඔහුගෙන් ලබා ගන්නවත් දෙයක් නෑ. අපේ ලීබෙයි දේශය විශිෂ්ඨත්වයේ හිනි පෙත්තටම නැග තිබෙනවා.එය හුඟ කාලයක සිට අධිරාජිණියගේ සිහසුන් ප්‍රදේශයක් වී අවසන්.”

" පරම්පරාගත කුමාරයා පැවසුවේ චන්ද්‍රග්‍රහණයකට පස්සේ සූර්යග්‍රහණයක් එනවා කියලයි.සමහර විට චූදු වලින් ලැබෙන ත්‍යාගය හොංමන් භෝජන සංග්‍රහය උගුලක් වෙන්න  පුළුවන්. තරැණ ස්වාමීනී  ප්‍රධාන හමුදාවන් අගනුවරට ලි සිය ගණනක් ඈතින් ස්ථානගත කර තිබෙනවා වගේම සතුරු ඔත්තුකරැවන්ගේ ඇස් සහ කන් නගරයේ සෑම තැනකම තියෙන්න පුළුවන්. අපි මේ වෙලාවේ ආවේගශීලි නොවී ඉමු.”

ෂ්‍යාඕ හයි පවසන්නට විය.ෂ්‍යාඕ චීයේ නැවත අත් පිස්නය ෂ්‍යාඕ හයි වෙත ලබා දුන්නේ ය.

" වැටහුණා"

"අහ් යේ මෙතන ඉන්නවද?"

ෂියන්දේ අධිරාජ්‍යයා ගිරවා සුරතල් කරන්නට විය.පියාපත් විහිදූ ඌ කපටි ලෙස සුරතල් වන්නට විය. ඌ ෂියන්දේ අධිරාජ්‍යයා ගේ වචන අනුකරණය කළේ ය.ඌ අධිරාජ්‍යයා ගේ හස්තයේ දැවටෙම්න්  සිය මුව විවෘත කර පවසන්නට විය

" අ-යේ මෙතන ඉන්නවා.අ-යෙ මෙතන ඉන්නවා! අ-යේ ඔහුගේ ගෞරවය උතුමාණන් ට දක්වනවා! උතුමාණෙනී! උතුමාණෙනී! දිගුකල් සැරදේවා! දිගුකල් රැදේවා! ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා!"

 ෂ්‍යාඕ ජීමිං පිළිතුරැ දෙන්නට විය " ඔහු දැන් මෙතැනට පැමිණෙන්න ඕනේ"

අවුරුදු දෙකක්,හහ්.” ෂියන්දේ අධිරාජ්‍යයා ගිරවාට විහිළු කළේ ය  “මම ඔහුව අවුරුදු දෙකකින් දුටුවේ නැහැ. මේ දරුවා ඔබේ පියාණන් වගේමයි. ඔහු ඉක්මනින් වැඩිලා. මට බය ඔහු සම්පූර්ණයෙන් හැදි වැඩුනට පස්සේ ඔබටත් වඩා උස යාවිද කියලයි.”

ෂ්‍යාඕ ජීමිං , “ඔහු උසින් වැඩෙනවා තමයි, ඒත් ඔහුට තවමත් තිබෙන්නේ ළදරැ හදවතක් .ඔහු හැමවෙලාවෙම නිවස අවුල්ජාලයක් කරලා දානවා විතරයි.”

ෂියන්දේ අධිරාජ්‍යයා කිසිවක් පැවසිමට තැන් කලද කැස්ස නැවතත් හටගත්තේ ය. පැන් රැගැයි ඔහුගේ එහා පසින් කඩිනමින් තේ පැන් බඳුනක් පිළිගන්වන්නට විය. ෂියන්දේ අධිරාජ්‍යයා ඉන් මදක් ඔහුගේ උගුර තෙත් කරගන්නට විය. ඉනපසු ඔහු නැවතත් කතා කරන්නට මත්තෙන්, ඔහුට ෂ්‍යාඕ චීයේ ගේ පැමිණීම පිළිබඳ නිවේදනය කණ වැකෙන්නට විය.

ඇතුළට පැමිණෙන්න.” ෂියන්දේ අධිරාජ්‍යයා නැවත සිය ආසනයට පැමිණ හසුන්ගෙන සිය අතක් එසැවීය. “පැමිනෙන්න, මට ඔබව බලාගන්න ඉඩ දෙන්න.”

ප්‍රධානියා ඉතාමත් ප්‍රවේශම් සහගතව තිරය ඔසවන්න විට ෂ්‍යාඕ චීයේ දොර හරහා ඇතුලට පැමිණියේ ය . ඔහු වඩා ඇති ශීතල වාතාවරණයද සමග , ඔහු එක් දණක් නමා සිය හිස නමමින් ෂියන්දේ අධිරාජ්‍යයා ට ආචාර කරන්න ට විය. සිනහවක් සමඟ ෂියන්දේ අධිරාජ්‍යයා පවසන්නට විය.

 කොච්චර හොඳ දරැවෙක් ද?, ඔබේ සන්නාහය ඔබට කොයිකරම් හොඳට ගැලපෙනවද? .මට අහන්න ලැබුණා ඔබ පසුගිය වසරේ බියැන්ෂා සේනාංකයන් දොළහේ ගමන් මාර්ගය සහ ආහාර සැපයුම් අවහිර කර,ඔවුන්ගේ මිනිසුන් කිහිප දෙනෙක් පණපිටින් අල්ලා ගත්තා කියලා. ඒක නිවැරදි ද? "

ෂ්‍යාඕ චීයේ සිනහවක් සමඟ පවසන්නට විය, “ඔබවහන්සේ මම ගැන බොහොම ඉහලින් හිතනවා වගෙයි.මම අල්ලාගත්තේ මිනිසුන් කිහිප දෙනෙක් විතරයි. ඒ වගේම ඔවුන් කිසිම වැඩකට නැති කුණු ගොඩවල්."

පසුගිය වර්ෂයට පෙරදී , බියැන්ෂා සේනාංකයන් දොළොස ගුඅන්බෙයි හී ආහාර සැපයුම් මාර්ගයේ වැටලීමක් සිදු කළහ.  හමුදාවට නායකත්වය දෙමින් ෂ්‍යාඕ චීයේ සටනට අවතීර්ණ ව සිටියේ ය.  අවසානයේදී, එම බ්‍යන්ෂ්‍යා රැකවලුන් විසින් ඔහුට ඉතා දරුණු ලෙස පහර දෙන ලදී.  ඔහු පිළිබඳ වූ ගැටළුව නිරාකරණය කරන ලද්දේ ෂ්‍යාඕ ජීමිං ය. මේ සිද්ධිය විහිළුවක් බවට පත් වුයේ එම වර්ෂයේ ක්‍රියාදාමය පැතිරී ගිය පසුවය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ෂ්‍යාඕ චීයේ  සියලු දෙනාටම මුග්ධයෙක් සේ පෙනෙන්නට විය. ඔහුව දුටු ෂියන්දේ අධිරාජ්‍යයාගේ හඬ මෘදු විය.

 ඔබ තරුණයි,, හෙල්ල මෙහෙයවමින් අසරුවෙකු පිට යාම ඔබේ වයසට හොඳ දස්කමක්. කොහොමවුනත් ඔබේ වැඩිමල් සහෝදරයා මගේ දෂෞ ප්‍රාන්තයේ ප්‍රධාන නිළදරයන් හතර දෙනාගෙන් අයෙක් , මට විශ්වාසයි ඔහු ඔබට යුධෝපයන් වල ඉඟි උගන්වනවා ඇති කියලා . ඔහ්, ජීමිං මට පේන්නේ අ-යේට ඉදිරියට යාම ගැන හොඳින් දන්නවා කියලයි. ඔබ ඔහුට එතරම් දැඩි වෙන්න එපා.” ෂ්‍යාඕ ජීමිං හිස සලා අනුමත කරන්නට විය.

ෂියන්දේ අධිරාජ්‍යයා නැවත පවසන්නට විය

මේ අවස්ථාවෙදි , ලීබෙයි සන්නද්ද හමුදාව මාව බේරගන්න පැමිණිය එක ආශචර්යයක්. ඊයේ දුන්න ප්‍රධාන ත්‍යාගය හැරෙන්න මම කැමති අ-යේට අද පුංචි ත්‍යාගයක් පරිනමන්න.”

 

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ දෙදණින් වැටී ආචාර කරමින් මෙසේ පැවසීය.

උතුමාණන් ගේ අනුග්‍රහය ඔහුට ආශිර්වාදයක් වේවි.නමුත් ඔහුට ගෞරවාන්විතව කතා කරන්නට තරම් හැකියාවක් නැහැ.ඔහු කොහොමද මේ තරම් පුංචි ත්‍යාගයක්වත් ලබා ගන්න දන්නේ?”

 

ෂියන්දේ අධිරාජ්‍යයා මඳක් රැදී සිට නැවතත් පවසන්නට විය., “

 ඔබ සැතපුම් දහස් ගණනක් ගමන් කලා.මුළු රාත්‍රිය පුරාම ශීත ගඟ තරණය කලා.ඔබේ මෙහෙවර අසීමිතයි.මේ වෙනුවෙන් , අ-යෙ විතරක් නෙමෙයි ,ඔබේ බිරිඳ ලූ යේෂිට පවා ත්‍යාග ලබා දෙන්නම්. අ-යේ, ලීබෙයි කියන්නේ දේශසීමාවේ ප්‍රධාන භූමියක්. ඔබ තවම තරුණයි;

ඔබ එහි සිටින තරමට එය නීරස වීම ස්වභාවිකයි.මම කැමති ඔබ චූදු වලට එනවනම්, මාළිගාවේ ප්‍රීතිමත් රාජකීය අණදෙන නිළදාරියෙක් වෙන්න පුළුවන්.ඔබ බාරගන්න කැමති ද?"

 

ෂ්‍යාඕ චීයේ හිස පහත් කරගෙන නොසෙල් වී සිටියේ ය. මේ ඇසුනු පසු ඔහු ඔහුගේ හිස ඔසවා පවසන්නට විය.

"අධිරාජ්‍යයාණන් එයට කැමතී නම් මමත් එකඟයි.මගේ පවුලේ හැමෝම යුධ රණකාමියො.මට සංගීතයට සවන්දෙන්න ස්ථානයක් හොයාගන්නවත් බැහැ.චූදු වල ඉන්නකොට, මට කාර්යය වගේම නිවස ගැනවත් හිතන්න වෙලාවක් නැති තරමට මම විනොද වෙනවා."

ෂියන්දේ අධිරාජ්‍යයා මහ හඬින් සිනහවී මෙසේ පැවසී ය , “මොනවගේ දරුවෙක් ද මේ. මම ඔබෙන් ආරක්‍ෂකයෙක් වෙන්න ඇසුවා , ඒත් ඔබට අවශ්‍ය විනෝදය විතරයි! ඔබේ පියාණන්ට මේක ඇහුණනම් එහෙම , මට බය ඔබට තවත් පහරවල් කිහිපයකින් බේරෙන්න නොහැකි වේවිද කියලයි.”

ශාලාවේ කලබලකාරි තත්වය පහව ගියපසු ෂියන්දේ අධිරාජ්‍යයා සහෝදරයන් දෙදෙනාව ඔහුත් සමඟ ආහාර පානගැනීම සදහා රදවා ගන්නා ලද්දේ ය.ඔවුන් පිටත් වීමට ලං වන විට,ෂියන්දේ අධිරාජ්‍යයා අසන්නට විය , “මට අහන්න ලැබුණා චීදොං අයෙක්ව එවූ බව. කවුද ඒ පුද්ගලයා?”

ෂ්‍යාඕ ජීමිං පිළිතුරැ දුන්නේ ය, “ඒ බියැංජුන් අණදෙන සේනාංකයේ ලූ ගුඅන්බයි.”

ෂියන්දේ අධිරාජ්‍යයාගෙන් දිස්වූයේ තරමක තෙහෙට්ටු බවකි. ඔහුගේ ආසනයේ දිග ඇදුණු ඔහු , ඔහුගේ අත සලා , “ඔහුට හෙට පැමිණෙන්න  කියන්න.” යැයි පැවසීය.

 

ෂ්‍යාඕ චීයේ ෂ්‍යාඕ ජීමිං පසුපස පිටතට පැමිණියේ ය.සහෝදරයන් දෙදෙනාට වැඩිදුරක් ඉදිරියට ගමන් කිරිමට ඉඩ නොලැබුණේ ඔවුන් ට පුද්ගලයෙකු ඉදිරිපස පිළිකන්නෙහි දණගසා සිටිනවා දකින්නට ලැබුණු නිසා ය.පැන් රැගුයි ඔහු වෙතට ලංව  ඔහුගේ මුහුණ ට හුස්ම වටෙන තරමටම නැමෙමින් පවසන්නට විය. “ලූ නිලදාරීතුමනි , ලූ නිලදාරීතුමනි”

ලූ ගුඅන්බයි ඔහුගේ දැස් විවෘත කර වෙහෙසට පත් හඬින් පවසන්නට විය “පැන් ගොංගොං.”

, “ඔබට දණගැසීම නවත්වන්න පුළුවන්,උතුමාණන් ට අද ටිකක් වෙහෙසයි.ඔහු පැවසුවා ඔපට හෙට පැමිණෙන්න කියලා" පැන් රැගුයි පැවසීය.

ලූ ගුඅන්බයි ඔහුගේ හිස නමා දෙපා වලට වාරැ දී හිටගනිමින් ෂ්‍යාඕ වංශයේ සහෝදරයන් සමග පිටත්වෙන්නට විය. ඔවුන් පිටතට පැමිණ අසරුවන්ගේ පිටට නැගුණු පසුව ෂ්‍යාඕ ජීමිං ඇසීය.

 ඇයි ඔබ දණ ගසාගෙන හිටියේ?”

ලූ ගුඅන්බයි පවසන්න ට විය, “ගෞරවනීය උතුමාණන් ට මාව බලන්න අවශ්‍ය නැහැ.”

දෙදෙනාම මොහොතකට නිහඬ විය, ඒ ඔවුන් මෙයට හේතුව හොඳින්ම දන්නා නිසා ය.. නමුත් ලූ ගුඅන්බයි එය ගැන කිසිඳු තැකීමක් නොකළේ ය. ඔහු ඇස්කොණින් ෂ්‍යාඕ චීයේ දෙස බලා , “උතුමාණන් ඔබට ත්‍යාගයක් දුන්නා ද?” යි ඇසීය.

ෂ්‍යාඕ චීයේ පාලනය පවත්වාගනිමින් ම පිළිතුරැ දුනි.

 ඔහු මට *නාස් ලණුව* දමලයි තියෙන්නේ.”

ලූ ගුඅන්බායි ෂ්‍යාඕ චීයේ ගේ උරහිසට තට්ටු කළේ ." මේක ඔබේ නාසයට ලණුවක් දැම්මා වගේ වෙන්නේ කොහොමද? නාස් ලණුව දමලා තියෙන්නේ ඔබේ සහෝදරයාටයි පියාටයි තමයි."

ෂ්‍යාඕ චීයේ මඳ වෙලාවක් අශ්වයාගේ හඬට සවන් යොමන්නට විය. "උතුමාණන් මගේ වැඩිමල් ණෑනා ගැන මතක් කලා. ඒ වෙලාවෙනම් මට හීන්දාඩියත් දැම්මා"

ලූ ගුඅන්බයි සහ ෂ්‍යාඕ ජීමිං එක්වරම සිනහවෙන්නට විය., “උතුමාණනුයි ලි ලෙයි හොඳින් ඉන්නවා ද?” ලූ ගුඅන්බයි ඇසීය.

ෂ්‍යාඕ ජීමිං හිස සැලීය. ඔහුගේ සළු ඔහුගේ සභික ලෝගුව වටා දැවටී තිබූ අතර සන්නාහයන් ඉවත් කර තිබුණි. ඔහු ෂ්‍යාඕ චීයේ තරම් තරැණ සහ ජවසම්පන්න නොවීය. නමුත් ඔහුට පැහැදිලි අවධානය යොමු කරන්නෙකු ගේ සවන් තීබුණේ ය.

ඔවුන් දෙදෙනාම හොඳින් ඉන්නවා. මගේ පියාණන් පරණ ජෙනරාල්තුමාගේ පාදයේ ආබාධය ගැන කනස්සල්ලට පත්වෙලා ඉන්නේ. මේ වතාවේ , ඔහු මට විශේෂයෙන් උපදෙස් දුන්නා ඔහු භාවිතා කර ඖෂධ වර්ග සහ වෙලුම්පටි රැගෙන එන්න කියලා. යීජීත් හොඳින් ඉන්නවා. ඇයට නම් ඔබ හැමදෙනාවම කුඩාකල ඉදන් මඟ හැරිලා තිබුණේ. ඇය ලියුම් හුඟක් ලිව්වා ; මම ඒවත් අරගෙන ආවා. ඔබට ඒවා කියවන්න පුළුවන් වේවි ඔබ ඇවිත් විවේක ගත්තා ට පස්සේ.” ඔහු පැවසීය.

ලූ ගුඅන්බයි නොසන්සුන්ව තෝන් ලණුව අදිමින් පවසන්නට විය. “පවුලේ හැමෝම රණශූරයෝ; එහේ මවක්වත් කුඩා නැගණියක්වත් නැහැ ඇය සමග කතා කරන්න. ශීත කාලෙදි ලී බෙයි හුඟක් කටුකයි. බියැංජුන් අණදෙන සේනාංකයට යද්දි මේ කතාව අහන්න ලැබුනම හුඟක් කණගාටු වුනා.”

ඔව්.” ෂ්‍යාඕ චීයේ හිස හරවා පවසන්නට විය. “ස'ජෞ වලත් හුඟක් අනතුරුදායකයි. සහෝදරයා දැන් කාර්යබහුල වෙලා ඉන්න නිසා ගෙදරට ලියුම් එවන්න එපා කියලා කිව්වා. ඉතිං ඒ නිසා නැණන්ඩිය ගැන කරදර වෙන්න එපා.සටන සිද්ධවුනේ ක්ෂණිකවමයි.ඔහු ගෙදරින් පිට වුනාමයි දැනගත්තෙ ඔහුගේ නෑණා ගැබ්බර වෙලා කියලා.”

ෂ්‍යාඕ ජීමිං සෑමවිටම සංයමයෙන් යුක්තව කටයුතු කිරීමට සමත් විය. , “පියාණන් නිවසට වෙලා යි ජී ගැන බලාගෙන ඉඳිමින් ආරක්‍ෂා  කරනවා. කරදර වෙන්න එපා. අලුත් අවුරුද්දට පස්සේ ගෙදරට ආවාම මම කොහෙවත් යන්නේ නැ.” ඔහු සන්සුන් ව පැවසීය.

ලූ ගුඅන්බයි සුසුම්ලමින් මෙසේ පැවසීය: “මෑත වසරවලදී, ලීබෙයි කුණාටුවෙහි හදවතට හසු වුනා.  අපි හමුදාව යවන හැම වෙලාවකම දෙපාරක් හිතන්න වෙනවා.  මේ වෙලාවේ අපිට වෛර කරන්න පුළුවන් ශෙන් වෙයි ට විතරයි.ඔහුට විතරයි සටනක් නොදී පස්ස හකුලාගෙන අපිව මේ වගේ කුණු වෙච්ච ගොහොරැවකට ඇදලා දාලා යන්න පුළුවන්.  මගේ භටයන් චාෂි සොරොව්ව පසුකර යන විට අශ්වයන්ගේ කුර පුරා ලේ තැවරැණා.  ඔහුට මරණ දඬුවමෙන් ගැලවීමට නොහැකි වූ නිසා ඔහු තමන්ගෙම සිරුරට ගිනි තබා ගත්තා.  නමුත් ඇත්ත වශයෙන්ම මෙම කාරණය සම්බන්ධයෙන් නම් පුදුම සහගත දේවල් තිබෙනවා.  ජිමිං, ඔබ ඔහුගේ පුතාව අල්ලගෙන අගනුවරට යැව්වා.  ඔබට මොනවහරි නිරීක්ෂණය වුනා ද?"

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ සළුව සුළගේ ලෙළ දෙන්නට ඉඩ හැරියේ ය.

ශෙන් වෙයි කියන්නේ නීත්‍යානුකූල සහ සාමාන්‍ය උපත් වල වෙනස්කම් වලට විශාල වැදගත්කමක් ලබා දුන් කෙනෙක්.  ඔහුගේ මේ පුත්‍රයා ඔහුගේ බිරිඳ ට උපන් අටවෙනි පුත්‍රයා.  ඔහුගේ මවගේ පවුල තුළ ඔහුව බලගගන්න කවුරැවත් හිටියේ නැහැ ඒ නිසා ඔහුව දෂෞ වලින් පිටත හැදී වැඩෙන්න ඇරියා. මේ හේතුව නිසා ඔහුට ඇතුලත තොරතුරු දැනගන්න හැකියාවක් ලැබුණේ නැහැ.  අධිරාජ්‍යයා මේ තරම් බලකරන්න හේතුවක් තියෙන්න ඕනේ.”

ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස්වැස්ම දමාගන්නට විය, “ජනතාවගේ කෝපය මැඬපවත්වන එක පහසු දෙයක් නෙමෙයි.උතුමාණන් පෞද්ගලිකව ම චොංබෞ වල ප්‍රාන්ත හයේ හමුදා බලය ශෙන් වෙයි ට ලබා දුන්නා.දැන් මේ වගේ දෙයක් සිද්ධවුනාට පස්සේ , ඔහුට සිද්ධවෙලා තියෙන්නේ ඔහුගේ පක්ෂපාතීත්වය පෙන්වන්න තවත් කෙනෙක්ව මරලා දාන්නයි.”

කොහොමවුනත් දෂෞ ප්‍රාන්තය තුළ අධිරාජ්‍ය ස්වාධිපත්‍යය ඇති තැනැත්තා අධිරාජ්‍යයා පමණක් නොවී ය, එය තිරය පිටුපස සිට සභාව පාලනය කරන වැන්දඹු අධිරාජිණියටද අයත් විය.නමුත් දැන් පවතින තත්වය එක තැන පල්වීමකි.

සියල්ලන්ගේම දෙනෙත් මෙම ජීවිතය මත, ශෙන් ස'චුආන්  මත රදා පැවතුණි.ඔහු වරද පිළිගෙන මිය ගියහොත් , මේ සියල්ලම හොඳින් සිදුවී අහවර වනු ඇත.; නමුත් ඔහු මිය නොගියහොත් , ඔහු සිහසුනේ අතකොළුවක් වනු ඇත.

ලී බෙයි හී ෂ්‍යාඕ වංශය ඔවුන්ගේ ගෞරවයේ උසස්ම තත්වයට පැමිණ තිබුණෝ .චී වංශයේ චීදොං අණදෙන නිළදාරියාටද ඔවුන්ට එයට ඉඩ ලබාදීමට සිදුව තිබිණි. ෂ්‍යාඕ ජීමිං  “ශීත ගංගාවේ  හමුදා සේනාංක බවට පත්ව තිබුණේ ප්‍රධාන අණදෙන නිළද්‍රරීන් හතරෙන් ආයෙක් ලෙසය, ඔහු චීදොං බියැංජුන් අණදෙන සේනාංකයේ සේනාධිපකි ලූ ගුඅන්බයි ගේ මස්සිනාද විය. මෙය වඩාත් පැහැදිලි ලෙස අර්ථ දක්වනවා නම් , ඔහු  ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව බලමුලු ගැන්වීමට සහ බියැංජුන් සේනාංකය  ආරක්‍ෂක භටයන් යෙදවීමට තම බිරිඳගේ පවුල මත විශ්වාසය තැබිය හැකි අයෙකි.  චූදු වල ඔහුගෙන් ආරක්ෂා වීම හැර වෙනත් විකල්පයක් නොතිබුණි.

උත්තමාවිය ඔහුගේ ජීවිතය බේරන්නයි උත්සහ කරන්නේ "

 ලූ ගුඅන්බයි ඔහුගේ සිහින් තොල් නොපිට පෙරළීය.

"ඇය අනාගතයේ දී ෂොංබෞ ප්‍රාන්තය නිවැරැදිව සහ නීත්‍යානුකූලව ප්‍රකෘතිමත් කරන්න උත්සහ කරාවි ඒ වගේම, ඇයගේ අභිමතය පරිදි ඉන්න තරම් යටහත් පහත් හිවලෙකු ඇති කරන්නයි ඇගේ ආශාව.  කාලය ආවහම, ඇයට පිටතින් ලිබෙයි වගේම ඇතුළතිනුතත් බලය කරගනීවි.  ඇය අපට ලොකු කරදරයක් වේවී.  ජිමිං, අපි මේ කොල්ලට ජීවත් වෙන්න දෙන්න හොඳනෑ!"

එළිමහන් විදිවල ඇතිවල තිබූ ශීතල සුළං කුණාටු ඔවුන්ගේ කොපුල් හරහා ගෑවී නොගෑවී හැමුවේ ය.ඔවුන් තිදෙනා එතරම් කතා නොකළේ ය.මෙම නිමක් නැති නිහැඬියාව තුළ ගිලී සියි ෂ්‍යාඕ හයි,ඔවුන්ගේ පිටුපසින් නිහඬවම තම අශ්වයා ඉදිරියට හසුරවන්න විය.

තරැණ ස්වාමියා කලින් ඔහුගේ හදවතට සීයට අසූවක පා පහරක් දුන්නා. ඔහුගේ ශ්වසනය හුගක් දුර්වලයි, ඔහු බිමට ඇදවැටෙද්දි ඔහුගේ පරණ තුවාල පැරිලා ලේ ගැලුවා.” ඔහු ඒ පිළිබඳව කල්පනා කරන්න ට විය.  “ඒ නිසා, ඔහු ඒ තරම් ඉක්මනින් මිය නොයාවී.”

ෂ්‍යාඕ චීයේ  අශ්ව කසය ඔසවමින් පැවසුවේ ය, “ඔහුව මෙතරම් දින ගණනක් නඩු විභාගයකට ලක් කරලා තිබුණා වගේම ඔහුට කස පහර පවා දීලා තිබුණා. ඔහු ඒ වන විටත් අවසන් හුස්ම හෙළමින් හිටියේ.  මගේ ඒ පහරින් ඔහුව ආගාධයට යවන්න තිබුණා.  අද රාත්‍රියෙන් පසු ඔහු මිය නොගියොත්, ඔහු නොසැලෙන අයෙක් කියලා මම පිළිගන්නම්."

කොහොමවුනත් ෂ්‍යාඕ හයි සිය නළල රැලි කරගන්න ට විය, “ඔහු කෙට්ටුයි වගේම දුර්වලයි, ඒ වගේම ඔහු තවමත් ඔහුගේ සීතලෙන් සුවය ලබලත් නැහැ. තර්කානුකූල ව හිතලා බැලුවහම, ඔහු මියයන්න ඕනේ හුඟ කාලෙකට කලිනුයි.එහෙම වුනත් ඔහු තාමත් එය දරාගෙන ඉන්නවා.එය නම් හුඟක් අමුතු දෙයක් තමයි. පරම්පරාගත කුමාරයා...”

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ ඇස් කෙළවරින් ඔවුන් දෙස බැලූ අතර දෙදෙනාම කට වසා ගන්නට විය.

ඔහු මාර්ගය අවට සිසාරා බැලූ ඔහු   මොහොතක් නිහඩව සිට පවසන්නට විය. , “ඔහු ජීවත් වුනත් නැතත් ඒක පවතින්නේ දෛවය මතයි."

සුළඟ දැඩි වෙන්නට පටන්ගත් අතර දෙපැත්තෙහිම නලා හඩ ඇසෙන්නට විය.ප්‍රචණ්ඩත්වයේ බලය හිම කැටිති හරහා ද හමන්නට විය. අශ්වයා මත හිදගෙනත් ෂ්‍යාඕ ජීමිං  , සන්සුන්ව හා එතරම් ඉක්මන් නොවෙමින් අශ්වයාව හසුරවන්නට විය.ෂ්‍යාඕ හයි ඔහුගේ හිස පහත් කරගනිමින් නැවතී ඔහුගේ අශ්ව ලණුව  අල්ලාගන්නට විය.

හිස්වැස්මට මුවා වී තිබූ ෂ්‍යාඕ චීයේ ගේ හැගීම් නොපැහැදිලි වන සුළුවිය. ලූ ගුඅන්බයි ඔහුගේ උරහිස පහරක් දී පවසන්නට විය, “කොහොමවුනත්, අන්තීමේදී ඔහු ඔබේ වැඩිමල් සහෝදරයා.”

ෂ්‍යාඕ චීයේ සිනහවෙමින් මුමුණා පවසන්නට විය “… ඉරණම, හහ්?”

 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-