පැන් රුගුයි දුආංචෙං දොරටුව අසළට ඇවිද ගියේ ය.අධිරාජ්‍ය ආරක්‍ෂකයන් විධාන අනුව දෙපිළකට බෙදී නිහඬව සිටගෙන සිටියේ ශීත සෘතුවේ සරන රැහැයියන් මෙනි. පැන් රුගුයි පැමිණ ෂියන්දේ අධිරාජ්‍යයාගේ ආඥාව ප්‍රකාශයට පත් කළ පසුව අධිරාජ්‍ය ආරක්‍ෂකයන් ඔවුන්ගේ කාර්යය පටන් ගත්තේ ය.
අධිරාජ්‍ය ආරක්‍ෂකයන් ශෙන් ස'චුආන් තදින් රඳවාගත් අතර ඝන කපු ආවරණයකින් ඔතා මුහුණ බිම නොගැටෙන සේ තබාගත්තේ ය.
පැන් රුගුයි ශිතල සුළඟ මැඳින් ඉදිරියට පැමිණ ශෙන් ස'චුආන් අසළට ගොස් නැමී පරික්ෂා කලේ ය. ඔහු තම ඇගිලි වලින් දුර්වල ලෙස ඔහුගේ තොල් වසාගත් ඔහු කිහිප වතාවක් කහිමින් මෘදු හඬින් මෙසේ පැවසිය.
“ඔබ හුඟක් තරුණයි , ඒ වුනාට ඔබ කොයිතරම් ධෛර්යය සම්පන්නද කියනවානම් අධිරාජ්‍යයාණන් ඉදිරියේ හැගීම් අවුලවන දේවල් කියන්න එඩිතර වුනා. ඒත් ඔබ ඇත්තටම ශෙන් වෙයි ගේ අපරාධය ගැන පාපොච්චාරණය කළා නම් ඔබට දිවි ගලවාගන්න තවමත් පුංචි ඉඩක් තියෙන්න තිබුණා.”
ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් තදින් වසාගත්තේ ය.ඒ වන විටත් ඔහුගේ වස්ත්‍ර දහඩියෙන් පෙඟෙමින් තිබුණා.
පැන් රුගුයි ඔහුගේ දෙපයින් නැගී සිට පැවසීය. “පහරදීම අරඹන්න.”
අධිරාජ්‍ය ආරක්‍ෂකයන් අණපරිදි දෙපස සිටගෙන එක්ව කැගැසුවේය "යෂ්ටිය වනන්න" ඉන්පසු ගිගුරුමක් වැනි හඬක් පැමිණියේය. “පහර දෙන්න”
එම වචන ඔවුන්ගේ මුවින් පිටවීමටත් පෙරම , යකඩ ආවරණයකින් ඔතා තිබු නේරා ගිය කටු සහිත යෂ්ටිය ඒ ඇසිල්ලේ ම ශෙන් ස'චුආන් වෙත පැමිණ දැඩි පහරක් එල්ල කළේ ය.
පහර තුනකට පසුව , ඔහුට වෙනත් හඬක් ශ්‍රවණය විය. “ඔහුට තදින් පහර දෙන්න!”
ඔහුගේ මාංශය පුරා පැතිරෙන වේදනාව ඔහුගේ මුළු ශරීරයම දවනවාක් මෙන් හැගුණි.ඔවුන් ශෙන් ස'චුඇන්ට චලනය නොවන තෙක් පහරදෙනු ඇත.ඔහුර කළ හැකි එකම දෙය වූයේ වෙව්ලිම අතරතුර ඔහුගේ දත් තදකර ගැනීම පමණකි. ඔහු තම රුධිරය නියමිත අවස්ථාවේ ගිලගැනීමට අපොහොසත් වූ නිසා , තිත්ත හා මළකඬ රසයෙන් ඔහුගේ මුව පිරී ගියේය. ශෙන් ස'චුආන් විසල් වූ දෑසින් ගලා හැලෙන කඳුළු බිඳු නිසා අවසන් හුස්ම පොඳ තවමත් අල්ලාගෙන සිටියේය.
අහස වළාකුළු වලින් වැසී ගිය අතර හිම වර්ෂාව හැමුවේ විලෝ පූෂ්පවල මංජරී සේය.
පහර දීම කිසිවෙකුට ලෙහෙසියෙන් සිඳු කළ හැකි කාර්යයක් නොවේ. "පහර විස්සකින් සිහිසුන් වෙයි, පනහකට ආබාධිත වෙයි" යන කියමන අනුව මෙහි මිනිසෙකුට පහරදීමට ඕනැ තරම් ක්‍රම තිබෙයි.එය සාමාන්‍යයෙන් පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන අතර එය පුහුණු වීම පහසු කාර්යයක් ද නොවීය. එපමණක් නොව මෙම රැකියාව සඳහා විශේෂයෙන් සටන් කුසලතා සහිත විය යුතු වූවා මෙන්ම විචක්ෂණශීලී ඇසක් ද හිමිවිය යුතුය. මේ පහරදෙන්නන් ඉතා දිගු කාලයක් මේ කාර්යයේ නියැලී අත්දැකීම් ලබා සිටි අතර ඔවුන් සිදුකළ යුතු වූයේ පිටත කැලැල් මෙන්ම අභ්‍යන්තර හානි ලැබිය යුතුද නැද්ද යනවග දැනගැනීම සඳහා ඉහළ නිළදාරින්ගේ ප්‍රකාශයන් දෙස බැලීම පමණකි.
අද ෂියන්දේ අධිරාජ්‍යයා ගේ නියෝගය වූයේ මරණය තෙක් පහර දීමය, එමෙන්ම පැන් රුගුයි ඔහුව අගය කළ බවක් නොපෙනෙන්නේ ය. එයින් අදහස් වන්නේ මෙහි කිසිම විටක නැවත හැරීමක් නොමැති බවය; ඔහු මිය යායුතුම පුද්ගලයෙක් කි.එමනිසා අධිරාජ්‍ය ආරක්‍ෂකයන් වුන්ගේ විශේෂ කුසලතා පෙන්වීමට පටන් ගත්තේ ය. පහර පනහක් ඇතුලත, ශෙන් ස'චුආන් මිය යා යුතුමය.
පැන් රුගුයි කාලය ගැන විමසිළිමත් වෙමින් පහර දෙන අතරතුර ශෙන් ස'චුආන් ගේ හිස හැගීම් වලින් නිදහස්ව චලනය නොවන තෙක් බලා සිටියේ ය. ඔහු දෑත් උණුසුම් කරවනයෙන් දැත් ගෙන උපදෙස් දීමට සූදානම් වෙද්දීම ඔවුන් දෙසට ඇදි එන හිරවරණයක් ඔහුට දකින්නට ලැබුණේ ය. රාජකීය වස්ත්‍රාභරණයෙන් සැරසුණු රැවක් එහි යටින් සිටියා ය.
පැන් රුගුයිගේ මුහුණේ වු අදුරු වලානුළ ක්ෂණයෙන් පහව ගොස් සිනහවක් ඇදී ගියේ ය. ඔහු ඉදිරියට ගොස් පෞද්ගලිකව ආචාර නොකළද ඔහු අසල සිටි කඩිසර නිළඳාරියා ඒ වන විටත් ඈට සහයවීමට තම අත දී තිබුණි.
“තුන්වන ආර්යාවට මගේ අවංක ආචාරය.අද හරිම සීතල දවසක්. .උත්තමාවියට වැන්දඹු අධිරාජිණියට පණිවිඩයක් යවන්න අවශ්‍යනම් , ඔබට පුළුවන් කෙනෙක් අත පණිවිඩය යවන්න .” පැන් රුගුයි පියවර දෙකක් ඉදිරියට යමින් පැවසුවේ ය.
හුආ ෂියැන්ගී ඇගේ හස්තයක් සොළවමින් අධිරාජ්‍ය ආරක්‍ෂකයන් ට නොසෙල්වෙන ලෙස සන් කළේ ය. ඇය අලංකාර වූවා සේම කෝමළ ද විය. මේ අවුරුදු ගණනාවටම, වැන්දඹු අධිරාජිණිය ඇයව තමන්ගේ ම දියණිය ලෙස හදාවඩාගෙන තිබුණි. ඇගේ පෙනුම වැන්දඹු අධිරාජිණියගේ තරුණ කාලයට සමානකමක් දක්වූවා ය. ඇය තුන්වන ආර්යාව ලෙස චූදූ වල හුආ වංශයට අයත් වූවද මාළිගාවේ කීර්තියක් ඇති කාන්තාවක් බව සියල්ලෝම දැන සිටියහ. අධිරාජ්‍යයාණන් පවා ඇයට ඔහුගේම කුඩා සහෝදරියක මෙන් සැළකුවේ ය.
හුආ ෂියැන්ගි ලාලිත්‍යවත් මෘදු හඬින් පවසන්නට විය. “ගොංගොං, මේ පොළොව මත වැතිරිලා ඉන්නේ ශෙන් වංශයේ අවසාන පුත්‍රයා, ශෙන් ස'චුආන් ද ?”
පැන් රුගුයි හුආ ෂියැන්ගි ගේ පියවරයන් සමඟ එකට ගමන් ගනිමින් පිළිතුරු දෙන්නට විය. “ඒ ඔහු තමයි.අධිරාජ්‍යයාණන් වහන්සේ ඔහුට මියයන තෙක් පහර දෙන්න කියා නියොග කළා.”
, “උතුමාණන් පෙරදි ක්‍රොධයෙන් ඉන්න ඇත්තේ.ශෙන් ස'චුආන් මිය ගියොතින් අපිට කවදාවත් ශෙන් වෙයිගේ ගැටළුවේ පතුළට යන්න නොහැකි වේවි. වැන්දඹු අධිරාජිණිය පැය දෙකකට කලින් මිංලී ශාලාවට පැමිණියා. උතුමාණන් ඇයගෙ අවවාද වලට කන්දිලා පස්සේ සන්සුන් වුනා.” හුආ ෂියැංගී පැවසීය.
පැන් රුගුයි "අනේ දෙවියනේ" යැයි හඬක් පිටකර පැවසන්නට විය. “අධිරාජ්‍යයාණන් වහන්සේ හැමවෙලාවෙම වැන්දඹු අධිරාජිණිය ගේ බස් වලට කන් දෙනවා. ඔහු ඒ වෙලාවෙ කොයිතරම් ක්‍රෝධයෙන් සිටියද කියනවා නම් මට මගේ හිතේ තිබූ දේවල් පවසන්න වෙලාවක් නැතුව ගියා.”
හුආ ෂියැන්ගි පුන් රුගුයිට මඳහස දැක්වීය,, “උතුමාණන් ඔබට කිව්වා "පහර දෙන්න" කියලා. ඉතිං ඔබ එය නෙමෙයි ද කළේ.?”
පැන් රුගුයි තවත් පියවර කිහිපයක් ගමන් කොට සිනහවිය. “එය නිවැරදි. මම කලින් බොහොම ඉක්මන් වුනා මට "ගහන්න" කියන වචනය ඇහුනම. ඒ වගේම මේ දරුවට හොඳ හැටි පහර දුන්නා.මට දැගගන්න අවශ්‍යයි අපි දැන් ඔහු එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා? “
හුආ ෂියැංගි ශෙන් ස'චුආන් දෙසට බැල්මක් හෙලා පැවසීය.“අධ්රජ්‍යයා නැවතත් නඬුවක් කැඳවන්න කලින්, මුලින්ම ඔහුව අධිරාජ්‍ය බන්ධනාගාරයට ඇදගෙන යන්න. මේ දරුවාගේ ජිවිතය ගොඩාක් වැදගත්. මම බලාපොරොත්තු වෙනවා ගොංගොං ජී උතුමාණන්ට පණිවිඩය ලබාදේවි කියලා ඔහුව හොඳින් රැකබලාගන්නා ලෙසට.”
“එය සිදුවේවි පමාවක් නැතුවම.” පැන් රුගුයි පැවසීය, “ජී ලෙයි තුන්වන ආර්යාවගේ වදන් කන් නොදී නොසලකා හරින්න නිර්භීත වෙන්නේ කෙසේ ද? කාලගුණය ශීතලයි , ඒ වගේම මාර්ගය ලිස්සන සුළුයි. ෂියාඕෆුෂි තුන්වන ආර්යාවට උදව් කරන්න.”
හුආ ෂියැංගි පිටව ගිය පසු,පැන් රුගුයි ක්ෂණයෙන් පිටුපස හැරි අධිරාජ්‍ය ආරක්ෂකයින් පෙළි ද්විත්වයට මෙසේ පැවසීය. “එතුමා අපිට පහරදෙන්න කියලා නියෝග කලා. අපි මේ පුද්ගලයට පහර දීලා අවසන්. ඔහුව නැවත රුගෙන එන්න ඔබට කලින් තුන්වැනි ආර්යාව පවසපු දේවල් ඇහුනා නේ. වැන්දඹු අධිරාජිනියගේ පැතුම ඒකයි. ආපසු ආවම ජී ලෙයිට දන්වන්න මේ නඬුවට සම්බන්ධ හැමෝම අමරණීය ලෙස.ඔහුගේ අධීක්ෂණය යටතේ ඉන්න මේ දරුවට කුමක්හෝ සිදු වුනොත්.…”
පැන් රුගුයි දුර්වලව කහින්නට විය.
“අධිරාජ්‍යයාට පවා ඔහුගෙ හිස ඔසවගන්නට නොහැකි වේවි.”
ෂ්‍යාඔෆුෂී පැත් රඅගුයිට ඔහුගේ හස්තයෙන් සහය විය.දිගු වු පළල් මාර්ගය හිස් වී තිබුණි.ඔහු මිමිණුවේ ය., “මුතුන්මිත්තනේ, අපි ඇත්තටම ඔහුට මේ විදිහට යන්න දෙනවද. අධිරාජ්‍යයාණෝ අපිට දොස් නොකියාවි ද?”
පැන් රුගුයි හිම වෙත පිය නැගීය “උතුමාණන් හොඳාකරාවම දන්නවා අපිට මෙවගේ දෙයකට විරුද්ධ විය නොහැකි බව.”
ඔහු තවත් පියවර කිහිපයක් ඉදිරියට ගියේය.ඔවුන්ගේ මගෙහි වූ හිම කැට ඔහුගේ ලොම් කබා වස්ත්‍රයේ කරපටියේ රුදුනෙ ය
“පොරොන්දුවක් රන් අවුන්ස දහසකට වඩා වටිනවා.බලපත් පුද්ගලයින් වඩාත්ම බිය ඔවුන්ගේ වචන ආපසු හරවන්නයි.බියැන්ෂා හමුදා සොළසේ ආක්‍රමණය නිසා එතුමාණන් ට බරපතල ලෙස රෝගාබාධ වලට ගොදුරුවුණා.මේ දිනවල,ඔහු තුන්වන ආර්යාවට කුමරි තනතුරක් ලබාදෙන්න වැන්දඹු අධිරාජිණිය සමග කතිකා කරමින් ඉන්නේ ඇ එයින් සතුටු කරවන්නයි.මේ වගේ අවස්ථාවක, ඇය පුද්ගලයෙක්ගේ ජීවිතය බේරාගන්න ඉල්ලිම් කළත් , අඩුගාණෙ වෙන ඉල්ලීමක් කළත් උතුමාණන්ට එයට එකඟ වෙන්න වෙනවා."
පැන් රුගුයි ඔහු කතා කරන අතරේ,ෂ්‍යෘඕ ෆුෂි දෙස බැලීමට ඔහුගේ හිස හැරවීය.
“ඔබ කවදාහරි දැකලා තියෙනවද වැන්දඹු ආර්යාව ඇගේ විධාන වෙනස් කරනවා.?”
කාරණය කුමක් වුවද සැබෑ ස්වාමියා වන්නේ තමාගේම වචන මත සිටි තැනැත්තාය.
◈◈◈
ශෙන් ස'චුආන් උණ රෝගයෙන් පෙළුනේ ය.එක් මොහොතක, ඔහු තමාට පෙර ජී මූ මියයන ආකාරය දුටුවේ ය. ඊලඟ මොහොතේ ඔහු තවමත් දුඅන්ෂෞ වල ජීවත්වන ආකාරය ඔහු දුටුවේ ය.
දුඅන්චෞ වල සුළඟ පුවරු පසුකර හමා ගියේ ය.ශිනියැං සුදු පැහැ පෝසිලේන් බඳුනක් ගෙන පිටතට යාමට තිරය එසැවූයේ ය. එහි තුනී සහ වැසුම් සහිත වොන්ටන් වලින් පිරී තිබුණි.
“ඔබේ සහෝදරයට මෙහෙට එන්න කියන්න!” ශීනියැං ඔහුට කතා කළේ ය, “ඔහුට පොඩි වෙලාවක් වක් එකතැන ඉඳගෙන ඉන්න බැරිද?. ඔහුට ඔහුගේ ආහාර වේල ගන්න ඉක්මනින් එක්කගෙන එන්න !”
ශෙන් ස'චුආන් කොරිඩෝවේ වැටට උඩින් පැන, පියවර කිහිපයකින් ඔහුගේ ශීනියැං වෙත පරමිණ වොන්ටන්ස් අහුරක් කෑම කුරු වලින් ඉක්මනින් ඩැහැගත්තේ ය. වොන්ටන් කෙතරම් උණුසුම් වුවාද යත් ඔහුගේ මුව පිළිස්සී ගියේය.ඔහු ද්වාරයෙන් පිටවී යද්දී ,ඔහු දුටුවේ ඔහුගේ ශීෆූ ,ජී ගැං, පඩිපෙළමත වාඩිවී සිටින ආකාරය යි. එමනිසා,ඔහු ද ඔහු අසලින් අසුන් ගත්තේ ය.
ජී ගැං ඔහුගේ හස්තයෙන් ගල් කැටයක් කරකවමින් සිට්යේ ය.ඍහු ශෙන් ස'චුආන් දෙස හිස හරවා බැලීය, “මෝඩ දරුවා, වොන්ටන් කොයිතරම් නම් වටිනවාද? බලන්න ඔබ එය කොයිතරම් දුර්ලභ දෙයක් විදිහට සළකනවද කියලා. ගිහින් ඔබේ සහෝදරයට කතා කරන්න.පියාණනුයි පුතාලා දෙන්නයි තුන්දෙනාම යුඇන් යැං වල අවන්හලකට යනවා ලොකු ආහාර වේලක් ගන්න. “
ශෙන් ස'චුඇන්ට දිගටම එය අසාගෙන ඉන්නට නොලැබුනේය.මන්දයත් ශීනියැං ඒ වන විටත් ඔහුගේ කණෙන් අදිමින් සිටි බැවිණි.ඇය පවසන්නට විය “වොන්ටන්ස් කියද්දි ඔබේ නාසය වෙනතකට යනවද, හහ්?ඔබ කොයිතරම් දක්ෂද. ඔබට වෙන බිරිඳක් ගන්න ඇති තරමට මුදල් තියෙනවද? මේ මෝඩ කොල්ලෝ දෙන්නා එක්ක ඔබම යන එකයි ඇත්තේ,හ්ම්?!”
ශෙන් ස'චුආන් මහ හඬින් සිනාසුනේ ය.ඔහු පඩිපෙලෙන් පහළට බැස ශිනියැංට සහ ශීෆුට අතවනා ඔහුගේ සහෝදරයා ජී මූ සෙවීමට මංතීරුව දිගේ දිවීය.
මාර්ගය දිගේ දැඩිව හිම පතනය වන්නට විය.ශෙන් ස'චුඇන්ට ඔහුව සොයාගන්නට ඉඩ නොලැබුනේ ය.ඔහු තව තවත් ඇවිද ගිය අතර ඔහු ගමන් කරන්නට කරන්නටම ඔහුට ශීතල දැනුනේ ය.
“සහෝදරයා.”
ශෙන් ස'චුආන් කෑගසමින් සෑම තැනකටම ගියේ ය.
“ජී මූ!අපේ ආහාර වෙනුවෙන් ඉක්මනටම ගෙදර යමු!”
කෙමෙන් කෙමෙන්, අශ්ව කුර හඬ ඔහුව වෙලාගත්තේ ය.අධික හිම පතනය ඔහුගේ දර්ෂණ පථයට බාධාවක් විය.ශෙන් ස'චුඇන්ට අශ්ව හඬ හොඳින්ම ඇසුනු නමුත් අවට කිසිවෙක් ඔහුට නොපෙනුනේ ය.ඔහුගේ කන් තුල සටනක හඩ පුපුරා ගිය අතර උණුසුම් රුධිරය ඔහුගේ මුහුණ පුරා ගලා ගියේ ය. ශෙන් ස'චුආන් ඔහුගේ දෙපා වේදනාවෙන් පිරීගොස් සටන මැද බිම පතිතවන අයුරු දැනුනේ ය.
මිය ගිය මිනිසා නැවතත් ඔහු සමීපයෙන් සිටින බව ඔහු දුටුවේ ය.හීසර වාතය හරහා උරුවම් බාමින් ඇදී ගියේය.ඔහුගේ පිටමත සිටි පුද්ගලයා බර වූ අතර, ඇලෙන සුළු උණුසුම් දියර ඔහුගේ ඔහුගේ මුහුණත්, ගෙල පුරාත් ගලා ගියේ ය.
මේ මොහොතේදි ඔහු එය කුමක්දැයි නිසියාකාරවම දැන සිටියේ ය.
ශෙන් ස'චුආන් වෙව්ලමින් අවධි විය.ඔහු දහඩියෙන් තෙත්ව සිටි අතර,එය කෙතරම් ශීතලද යත් ඔහු වෙව්ලුවේ පාලනය කරගත නොහැකි සේය.ඔහුගේ දෑස් අදුරට හුරුවු පසු ඔහු සයනයේ ලෑල්ල මතින් පෙරළී ගියේ ය.
බන්ධනාගාර කාමරයේ තවත් මිනිසුන් සිටියහ.සේවකයා පැමිණ අපිරිදු දැ ඉවත් කර තෙල් පහන් දැල්වීය.
ශෙන් ස'චුඇන්ට වියළී යන බවක් දැනුනේ ය.සේවකයා ඔහුට ඇති පිපාසය පිළිබඳ හොඳින් දැන සිටි අතර සනයනය මත තබන්නට පෙර ඔහු වෙනුවෙන් ශීතල වතුර භාජනයක් වත් කළේය. උණුසුම් සහ ශීතල ජලය ශෙන් ස'චුුඇන්ව සෝදා හළේ ය.ඉතාමත් සෙමින්,ඔහු භාජනය ඔහු වෙතට ලං කර එයින් අඩක් පෙව්වේ ය.
බන්ධනාගාරය තුල කිසිවෙක් කතා නොකළේ ය. සේවකයා පිටවූ පසු ඉතිරි වූයේ ශෙන් ස'චුආන් පමණි.ඔහු සිහිය අහිමිව ගොස් ලිස්සා වැටුනේ ය. රාත්‍රිය ඉතා දිගු නිමක් නොමැති බවක් දැනුනි. ඔහු කොයිතරම් බලා සිටියද, උදෑසන උදා නොවීය.
සේවකයා නැවතත් පැමිණියේ ශෙන් ස'චුඇන්ගේ ඖෂධ මාරු කිරීමටය.ඔහු ඒ වන විට ඉතාමත් සන්සුන් විය.ජී ලෙයි ඔහු දෙස හිර කපොලු තුලින් බලා ශීතල හඬින් පැවසීය.
“තමුන් හරිම වාසනාවන්ත අවජාතකයෙක්. වසංගතයක් කවදාවත් මුලිනුපුටා දමන්න බැහැ. වැන්දඹු අධිරාජිනිය ඔබේ ජීවිතය බේරුවා. මම හිතන්නේ ඔබ ඒ ඇයි කියලා දන්නෙ නැතුව ඇති.”
ශෙන් ස'චුආන් ඔහුගේ හිස පහකට හෙළු අතර කිසිවක් නොකීවේ ය.
, “මම දන්නවා ඔබේ ශීෆූ ජී ගැං ව,ජී ගැං යුද්ධයේදි පලා ගියා. මම විසි වසරකට කලින් ඔහුක් සමඟ ශිෂ්‍යයෙක් වෙලා හිටියා. අපි එකට චුදූ වල අධිරාජ්‍ය ආරක්ෂකයින් විදිහට සේවය කළා. මට බය ඔබ එය නොදැන හිටියේ කොහොමද කියලයි, ඒත් ඔහු එක්වරක් තුන්වන මට්ටමේ අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ අණදෙන නිලදාරියෙන් වෙලා හිටියා.මම ජී වංශයේ සටන් කලාව පවා හැදෑරුවා.” ජී ලෙයි පැවසීය.
ශෙන් ස'චුආන් ඔහු දෙස බැලීමට මුහුණ එසැවීය.
ජී ලෙයි සේවකයා පිටත්ව යන තෙක් දොරටුව හැර බලාසිටියේ ය.අසල කිසිවෙක් නොමැති විට, ඔහු ශෙන් ස'චුඇන්ගේ සයනය අසලින් හිඳගත්තේ ය.
“ඊට පස්සේ , ඔහු අතින් වරදක් සිදු වුනා,ඔහු සිදුකල වරද ඔහුගේ හිස ගසා දැමීමට කරම් බරපතල දෙයක්.නමුත් පෙර සිටි අධිරාජ්‍යයා බොහෝම කරුණාවන්තයි.අවසානයේදි, ඔහු ඔහුව නොමරා සීමාවෙන් ඔබ්බට පිටුවහල් කලා.”ජී ලෙයි ආලෝකයට පිටුපා ඔහුගේ දණහිස නවමින් ශෙන් ස'චුආන් දෙස බැලීය. “ඔබේ ශීෆූ ට පවසන්න දෙයක් තිබුනේ නැහැ..ඔහු වාසනාවන්ත පරාජිතයෙක් විතරයි.අනුමාන කරන්න ඔහු දිවි ගලවාගත්ටත් කොහොමද කියලා?ඒ ඔබේ ෂිනියැංගේ පිහිට නිසා,හරියට අද ඔබ ඉන්නවා වගේම.ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ශීනියැං කවුද කියලා නොදන්නවා ඇති.එහෙනම් මට ඔබට කියන්න දෙන්න,ඔබේ ශීනියැං තමයි හුආ පිංතිං,චූදුවල සන්'අන් වල තිබෙන නගර අටෙන් එකක්.ඒ අතරින් තිබෙන දීචෙං හුආ වංශය ට තමයි වැන්දඹු අධිරාජිනිය අයිති වෙන්නේ.ඉතිං, ඔබේ ශීනියැං නිසා තමයි වැන්දඹු අධිරාජිණිය ඔබේ ජීවිතය බේරා ගත්තේ."
ජී ලෙයි ඔහුගේ හිස පහත් කර කොඳුලේ ය.
" ඒත් කවුද දන්නෙ ඔබේ ශීනියැං හමුදා සංහාරයේදි මියයාවි කියලා. මම ඔබට කියන්නම්. ජී ගැං කියන්නේ කිසිම වටිනාකමක් නැකි කාලන්නියෙක්.ඔහුගේ පියා අවුරුදු විස්සකට කලින් මියගියා,විසරවිස්සකට කලින් ඔහුගේ බිරිදත් පුතාත් දෙන්නම මිය ගියා,ඔබ දන්නවද පුධාන වැරදිකාරයා කවුද කියලා? තමුන් ඒක හොදින්ම දන්නවා, වැරදිකරුවා තමයි ශෙන් වෙයි."
ශෙන් ස'චුඇන්ගේ හුස්ම සිරවීය.
“ශෙන් වෙවි චෂී ගංගාවේ ආරක්ෂක වළල්ල විවෘත කළා.බියැංෂා හමුදාව සියල්ල ආක්‍රමණය කරමින් සෑම තැනකම විසිරුණා.පිහියකින් ඔබේ ශීනියැංගේ ගෙල කපා දැම්මා. ඇ අවසන් හුස්ම හෙලන්න කලින් සිද්ධවුනු හැම දෙයකටම ජී ගැංගේ ජීවිතය මිහිපිට අපායක් කරන්න පුළුවන්..”
“දුඅන්චෞ සතුරන් අතට පත් වුනා.ඔබ කිව්වා ඔබේ සහෝදරයා ඔබව බේරගත්තා කියලා.” ජී ලෙයි පිටුපසට නැමී, ඔහුගේ දැත සෘජු කර පැවසීය, “ජී මූ! හහ්?ජී ගැං ඔබව හදාවඩාගෙන ඔබ වැඩෙන හැටි බලාගෙන හිටියා, ඒ නිසයි ජී මූ ඔබේ සහෝදරයා වුනේ.ඔහු ජී ගැංගේ එකම පුතා—ජී ගැං ගේ එකම දරුවා වගේම ජී වංශයේ එකම පරම්පරාව, ඒත් ශෙයි වෙයි වගේම ඔබ නිසා ඔහුත් මියගියා, හදවත හීතල දහසකින් පසාරු කලා. සොරොව්වට එහා පස ඔහු පමණයි ඉතිරි වෙලා සිටියේ, බියැන්ෂා අශ්වාරෝකයන් පාගා දැමූ ඔහුගේ දේහය නින්දාසහගත වුණා.මට පුදුම ජී ගැං ජීවත්වෙලා හිටියානං ඔහුගේ පුතාගේ දේහය රුගෙන යන්න එද්දි මොනවා හිතාවිද කියලයි.”
ශෙන් ස'චුආන් හදිස්සියේ ම තම සිරුර ඔසවා ගත්තේ ය. ජී ලෙයි පහසුවෙන් ඔහුව නැවතත් පහතට තල්ලු කළේ ය.
“ශෙන් වෙයි තමන්ගේ මව්බිම පාවලා දීලා සතුරන් එක්ක එකතු වුණා. මේ ඔබගේ කරමත පැටවෙන ණයක්. තමුන් අද ජීවත් වෙන්න උත්සහ කරනවා නං, අසාධාරණ විදිහට මියගිය චෞංබෞ වල ජනතාවගේ ආත්මයන් විලාප තියාවි. ඔබ රාත්‍රියේ නින්දට යද්දි, ඔබේ සිහින අතරේ ඉන්න අනෙක් පුද්ගලයන් අතරේ ඔබේ ශීනියැනුත්, ශීෆූත් ඉදීවි! ඔබ ජීවතුන් අතර සිටියත්, ඒ ජීවත් වීම මියයනවාට වඩා වේදනාකාරී වේවි. තමුන්ට ශෙන් වෙයිට සමාව දෙන්න පුළුවන් ද? ඔබ ශෙන් වෙයිට සමාව දෘලා ඔහුව නිර්දෝෂී කරන්න උත්සහ කරනවනම්, ඒවිට ඔබ ඔබේ ශීෆූවයි ඔහුගේ මුළු පවුලමයි පහත් කළා හා සමාන වේවි.කොහොම වුනත් ජී ගැං කියන්නේ තමුන්ව උස් මහත් කරපු පින්වන්තයාතමුන් කොහොමද ඔහුට ඒ වගේ ද්‍රෝහි අපක්ෂපාතී වැඩක් කරන්නේ.?”
“ඊටත් වඩා ,ඔබ කොයිතරම් දුර්වල විදිහට ඔබව ඇදගෙන යන්න උත්සහ කරත් ඔබට අනුකම්පා කරන්න කිසිම කෙනෙක් මේ ලෝකෙ නෑ.ඔබ චූදු වල ඉදිද්දි , ශෙන් වෙයි වන්නේ ඔබයි. මිනිස්සු දැන් ඉන්නේ ක්‍රෝධයෙන්. ඔබට වෛරකරන මිනිස්සු ගණන එක් අයෙක්ට වඩා ගණන් කරන්න හැකි වේවි. ඔබට කොහොමත් මියයන්න සිදු වෙනවා, කොහොමවුනත් , සැකසහිත ආකාරයට මියයනවට වඩා , ඇයි ඔබ අධිරාජ්‍ය ඉදිරියේ අවංකව ශෙන් වෙයිගේ අපරාධය ගැන පවසලා නිදොස් නොවන්නේ? එයින් ස්වර්ගයේ සිටින ඔබේ ශීෆූගේ ආත්මය සැනසේවි.”
සයනය මත සිටි ශෙන් ස'චුආන් සිනහා වෙනු දුටු ජී ලෙයි වහාම ඔහුගේ කතාව නතර කළේ ය. තරුණයාගේ සුදුමැලි මුහුණ මාරාන්තික රෞද්‍ර පෙනුමක ගත්තේ ය.
“ශෙන් වෙයි කවදාවත් සතුරන් සමඟ හවුල් වුනේ නැහැ.”
ශෙන් ස'චුආන් ඒ සෑම වචනයක්ම දත්මිටි කමින් කීවේ ය.
“ශෙන් වෙයි...කවදාවත්...සතුරන් සමඟ...හවුල් වුනේ...නැහැ.. !”
ජී ලෙයි ශෙන් ස'චුඇන්ව ඔසවා බිත්තිය මතට ගැසුවේ ය. ගැටීමෙන් "බෑං" හඬක් නැගුණු අතර පස් සහ දුහුවිලි පහලට කඩාගෙන වැටුනේ ය. ඒවායෙහි බලපෑමෙන් ශෙන් ස'චුආන් නොනවත්වා කහින්නට විය.
“මට ඔබව මරන්න ඕනැ තරම් ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්.”
ජී ලෙයි පැවසීය, “අගයක් නොතේරෙන අවජාතකයා. තමුන් බොහොම වාසනාවන්තයි මේ අවස්ථාවෙදි කට හින්දා මරණයෙන් බේරෙන්න තරම්. තමුන් හිතාගෙන ඉන්නේ තමුන්ට අදින් පස්සේ බේරෙන්න ලැබෙයි කියලා ද?”
අනෙක් පස හැරුනු ඔහු, ශෙන් සචුඇන්ව ඇදගෙන ගොස් එළියට දැම්මට පෙර ද්වාරය පහරක් ගසා විවෘත කළේය.
“මම මගේ රාජකාරියේදි අපක්ෂපාති වගේම වැන්දඹූ අධිරාජිනිය ගේ කැමැත්තට අවනත වෙනවා. ඒත් බලය ගැන නොසලකා තමන්ට රිසිසේ ඕනැම දෙයක් කළ හැකි මිනිසුන් දදෞවල ඕනැ තරම් ඉන්නවා.ඔබ හිතාගන්න බැරි තරමටම අධමයෙක් නිසා , මම තමුන්ගේ පැතුම ඉෂ්ථ කරන්නම්. තමුන්ට අවශ්‍ය තමුන්ව කවුරුහරි මරලා දානවට නේ—ඒ පුද්ගලයා දැන් මෙතැනට ඒවි.!”
චූදු නගරයේ දොරටු හදිසියේම විවර වූ අතර තද කාල වර්ණ පැහැ බරුති සන්නාහ වලින් සැදුම්ලත් අශ්වාරෝහකයන් පේලියක් ගුගිරුම් හඬක් මෙන් ද්වාරයෙන් ඇතුලතට වේගයෙන් කඩා වැදුණි,
ශෙන් ස'චුඇන්ව මාර්ගය දිගේ ඇදගෙන ආවේ ය. රාජකීය ආරක්ෂකයන් විසිරි ගිය අතර බරුති සන්නද්ධ අශ්වාරෝහකයන් මාර්ගය එළි පෙහෙළි කිරීමට දෙපසට බෙදී ගිය හ.
ලීබෙයි අහසේ උකුස්සෙකු සැරිසුරැවේ ඔහුගේ ළය හරහා සන්නාහ හා පළිහවල ශබ්දය ගිගුරුම් දෙද්දි ය.කුර හඬ ආසන්නයටම පැමිණියේ ය. ශෙන් ස'චුආන් තම දෑස් විවර කළ අතර ඔහුට දකින්නට ලැබුනේ බරුති සන්නාහයෙන් සන්නද්ධ අශ්වාරෝහකයන්ගේ සේනාංකයේ නායකයා කෙළින්ම ඔහු දෙසට ඇදී එන ආකාරයයි.
බරුති සන්නාහය හැද සිටි පුද්ගලයා මෘර්ගයෙකු මෙන් වූ අතර ඔහු පියවර කිහිපයක් ගමන් කරද්දීම උණුසුම් වායූ වළාවක් නැගුණේ ය. එය ඔවුන් මතට වැස්සෙන්නට ඔන්න මෙන්න තිබියදී නැවතී යද්දී කුර වාතලයේ ඉහළට නැග්ගේ ය.එය නතර වෙද්දී,අශ්වයා මත සිටි මිනිසා ඒ වන විටත් බැස හමාරව තිබුණි.
ජී ලෙයි ඉදිරියට පැමිණ කැගැසීය, “ෂ්‍යාඕ…”
එම පුද්ගලයා ජී ලෙයි දෙසවත් නොබලා එක එල්ලේම ශෙනු ස'චුඇන් වෙතට කඩා පැන්නේ ය. පුද්ගලයා විදුලියක් බඳු වේගයෙක් ශෙන් ස'චුඇන්ගේ ළයට පහර දෙද්දී ශෙන් ස'චුඇන්ට හැකි වූයේ දම්වැල් චලනය කිරීමට පමණී.!
මෙම ප්‍රහාරයේ ප්‍රබලතාවය කෙතරමි බලවත්ද යත් ශෙන් ස'චුඇන්ට ඒ වෙනුවෙන් සුදානම් වීමට වත් කාලයක් නොවුණේ ය.ඔහු සිය මුව විවර කළ මොහොතේම රුධිරය පිටතට දමන්නට වූූ ඔහු සම්පූර්ණයෙන් පොළවට පතිත වූ අතර එක් මොහොතකදී , ඔහුට ඔහුගේ ශක්තිය සම්පූර්ණයෙන් අහිමිව ගියේ ය.
Comments
Post a Comment