රාජකීය බන්ධනාගාරය අදුරු විය. ශෙන් ස'චුආන් ට සිය දෑත් සහ දෙපා සීතල ලෙස සංවේදනය විය. ඔහුට හුස්ම ගැනීම අපහසු වෙමින් පැවතුණි; ඔහු දිගින් දිගටම තම දෑතේ මැණික් කටු ඇඹරුවේය. නමුත් ඔහුව බැඳ තිබූ හණ ලණුව කෙතරම් තදින් බැඳ තිබුණේද යත් ඔහුගේ උත්සහයන් ව්‍යර්ථ විය.
පස් පිරුණු ගෝනිය ඔහුගේ ළය මතට බර වෙමින් තිබුණේ, ඔහුව ගැඹුරු පොකුණකට දැමුවාක් මෙන් හැගීමක් දනවමිනි. ඔහුගේ දෙසවන් තුළ ගුමු හඬ නැඟෙමින් පැවතිණි, ආශ්වාස ප්රාශ්වාසය ද අක්‍රමවත් විය. ඔහුට හුස්ම ගැනීමට ඉතා අපහසු වූ අතර ඔහුට තමන් දියේ ගිලී මියයාමට ආසන්න යැයි හැගුණි.
ශෙන් ස'චුආන් සිය දෑස් හැර කවුළු තුළින් පෙනෙන ඉටිපන්දම් එළි දෙසට තම දෑස් හැරවීය.
අධිරාජ්‍ය ආරක්ෂකයින් කිහිප දෙනෙක් මධුවිත පානය කරමින් සහ කෑගසමින් ඇඟිලි අනුමාන කිරීමේ ක්‍රීඩාවේ යෙදී සිටියහ. ඔවුන් ශෙන් ස'චුආන් දෙස හැරි බැලීමට නොහැකි තරම් කාර්යබහුල වී සිටියේ ය. පස් පිරුණු ගෝනිය ශෙන් ස'චුආන් ව පිදුරු ගොඩැල්ලකට තද කරමින් තිබුණේය. හුස්ම හිරවීමෙන් ඇතිවුණ ඔක්කාරය, ජල රැල්ලක් මෙන් ඔහුව ගිලගත්තේ ය.
ඔහුගේ දර්ශනය පිහිනීය. ශෙන් ස'චුආන් දත්මිටි කමින් ඔහුගේ හිස ඔසවා සිය දෙපා චලනය කිරීමට උත්සහ කරමින් සිටියේ ය. ඔවුන් ඔහුගේ දෙපා හිරිවැටෙන තෙක්ම පහරදී තිබුණි.; ඔහු ඒවා ඔසවද්දී ඔහුට කිසිවක් නොදැනුණෙ ය . ලීයෙන් සෑදු සයනයේ කෙලවරට පාදය ගෙන ගියේ ය. එය දැනටමත් විවිධ දෝෂ නිසා දිරාපත් වෙමින් පැවතුණි ; ඇත්තෙන්ම කීවොත්, ඔහු මෙහි ආ පළමු දිනයේම එය මත හිදීමෙන් එයට සුළු හානි සිදු කළේ ය.ඔහු ඉතා වෙහෙසකරව හුස්ම ගත්තේ ය.
ශෙන් ස'චුආන් එම කොණට සිය පාදය ගෙන ගියේ ඔහුගේ සියළු ශක්තිය යොදාගෙනය. නමුත් ඔහුගේ පාදයන් කෙතරම් දුර්වලද යත් එයට පාපහර ගසද්දි එයින් කිසිඳු ශබ්දයක් නොනැගුණෙය. සයනයේ ආදාරකය එක් අංශු මාත්‍රයක්වත් නොසෙල්වීය. ඔහුගේ වස්ත්‍ර පිටට ඇලෙන තරමට සීතල දහඩිය ගලා ගියේ ය.
ඔහු ජිවත් වීමට ආශා කළේය.
වියරු කෙදිරිලි ශෙන් ස'චුආන් ගේ උගුරෙන් නික්මිණි. ඔහු තම ජීව්හය සපාගෙන යලිත් යහන මතට පාපහරක් ගැසුවේ ය.
ජී මූගේ යන්තමට හදුනාගත හැකි මළ සිරුර, ඔහුගේ ජීවත් වීමට ඇති ආශාව වැඩි කළ අසරු තෝන් ලණුව විය. ජී මූගේ හඬ තවමත් ඔහුගේ කන් වල දොංකාර දුන්නේ ය.
ඔහු ජීවත් විය යුතුයි!
ශෙන් ස'චුආන් සයනයේ ආධාරකයට "තඩ්" හඬක් ඇසෙන තෙක්ම වියරුවෙන් පහර දුන්නේය. සයනයේ පුවරුවෙන් අඬක් කැඩී වැටුණු අතර ඔහුගේ සිරුර පැත්තකට බර විය. ඔහු පිටුපස වූ පස් පිරුණු ගෝනිය කඩා වැටිණි. ඔහු ජලයෙන් පිටතට පැමිණ වාතය උරා බොන අයෙක් මෙන් පොළවට ඇඳ වැටුණේ ය.
පොළව හිම මෙන් ශීතල විය. ශෙන් ස'චුආන් ගේ තුවාලවූ දෙපා ඔහුගේ අණට අකීකරු විය, එමනිසා ඔහු සිය වැලමිටෙන් වාරු ගත්තේය. ඔහුගේ නාසයේ කෙළවරින් දහඩිය ගලා ගියේ ය. බන්ධනාගාරය ශීතල වූ නමුත් ඔහුට දැනුනේ ඔහුගේ මුළු සිරුරම දැවී යන බවකි. එය කෙතරම් දරුණු වීද යත් එය අභ්‍යන්තරයට ම පැතිර ගොස් තිබුණි. අවසානයේදී, ඔහුට තම හිස පහතට හෙලා වියලෙන්නට දීම වැළැක්විය නොහැකි විය.
ශෙන් වෙයි මියයෑමට සුදුසුයි.
මෙහි චොංබෞ හි හමුදා බලකායන් එක්ලක්ෂ විසිදහසක් , ආරක්ෂක සීමාවන් සඳහා ප්‍රාන්ත සයක් පුරා බෙදි පැවතියේ ය. චෂී ගංගාවෙන් සිඳුවූ පරාජය පසුව, බියැන්ෂා අශ්වාරෝහකයන් දන්ෂෞ ආක්‍රමණය කළේ ය. ප්‍රශ්න කරන්නා පැවසු ලෙස,තත්වය වෙනස් කිරීමට තවමත් අවස්ථාව තිබුණේ ය. ශෙන් වෙයි ට හොඳින් පුහුණු වූ බලවත් හමුදා භටයින් සිටියා පමණක් නොව; ඔහුට ඕනෑ තරම් හමුදා පහසුකම්ද තිබුණේ ය. ඔහුට යෙදවීම සදහා දුආන්චෞ නගර ත්රිත්වයේද ආරක්ෂක භටයින් ද සිටියහ. එනමුත්, ඔහු අනපේක්ෂිත ලෙස දුඅන්චෞ අතහැර පලාගොස් දචෞ කුමරු ගේ නිවසේ සැඟවුණේ ය.
ඔහුගේ පසු බැසීම චොංබෞ හි පරාජයේ පෙරනිමිත්ත විය. බියැන්ෂා අශ්වාරෝහක හමුදාව දුඅන්චෞ නගර ත්‍රිත්වය ආක්‍රමණය කර සමූලඝාතනය කල අතර, බලකොටුවල සිටි ආරක්ෂකයන් ගෙ චිත්ත ධෛර්යය බිඳවැටුනේය. ඔවුහු දලබලයෙන් දකුණට පලා ගියහ. සියල්ලන්ගේම හැගීම වූයේ ශෙන් වෙයි බියැන්ෂා අශ්වාරෝහක හමුදාව සමඟ මරණය තෙක් සටන් කරනු ඇති බවය. නමුත් ඔවුන් ගේ පැමිණීම පිළිබඳ ආරංචීය දැනගත් විට ඔහු නැවතත් ඔහුගේ මුල් ස්ථානයට ගියේ ය.
චොංබෞ හමුදා එකින් එක සටන් වලින් පසුබැස ගිය අතර බියැන්ෂා අශ්වාරෝහක හමුදාව සිය අසිපත් අමෝරාගෙන තේජවන්තව ප්‍රාන්ත හයේම භූමින් සිදුරු කළේ ය. ඔවුහු තම අශ්වයින් මත සැහැල්ලුවෙන් සටන් කල අතර, දුඅන්චෞ හී මහ අගනුවර චුදූ නගරයේ ලී අටසියයක්ම ඔවුන් කිසිඳු සැකයක් නොමැතිවම හඹා ආවේ ය .
ශෙන් වෙයි පසුබැස යද්දී ගිනිඟත් භූමි න්‍යාය ක්‍රියාවට නංවා සතුරන්ට කිසිවක් ඉතිරි නොවන ලෙස නඟරයේ තිබූ සියළු ධ්‍යානාගාර ගිනිබත් කළේනම් , බියැන්ෂා අශ්වාරෝහක හමුදාවට මෙතරම් දුරක් ඒමට නොහැකිවෙනු ඇත.මෙයට හේතුව වන්නේ ඔවුන් අමතර හමුදා සැපයුම් කිසිවක් රැගෙන නොයෑමය.ඔවුන් ඔවුන්ගේ කුස් පිරවීම සඳහා ආක්‍රමණය කළ නගරවල ධ්‍යාන ගබඩා මත යැපෙන බැවිනි.නඟරයේ ඇති සියළුම ධාන්‍ය සැපයුම් ගින්නෙන් විනාශ වී ගිය විට , බියජනක බියැන්ෂා අශ්වාරෝහකයන්ට පවා කුසගින්නෙන් පෙළීමට සිදුවෙනු ඇත.
කුසගින්නෙන් පෙළෙන හමුදා භටයෙකුට නොනවත්වා සටනකළ නොහැකිය.කාලය ආ විට , ලිබෙයි සන්නද්ධ සේනාංකය බියැන්ෂා අශ්වාරෝහක කණ්ඩායමට පසුබැසීමේ මාර්ගය අවහිර වන සේ ශීත ගංගාවේ තරණය කරන අතරේ, චීදොං අණදෙන නිළදාරීන් පස්දෙනා තියැන්ෆෙයි මුරටැංඹ මත සිට , ඔවුන්ගේ ගැලවීමේ මාර්ග සියල්ල වසා දමනු ඇත. ඔවුන් සියල්ලෝම කටුව තුළට වී සිටින කැස්බෑවන් මෙන් උගුලට හසුවෙනු ඇත.ශීතලෙන් ඔවුන්ගේ ජීවිත කිසිවිටෙකත් නොබේරෙනු ඇත.
නමුත් ශෙන් වෙයි එසේ සිදු නොකළේ ය.
ඔහු ද්රේහියෙකු වීම අත නොහැරියේ ය; ඔහු සියළු ධ්‍යානාගාර බියැන්ෂා අශ්වාරෝහකයින් වෙත ලබා දුන්නේ ය. බියැන්ෂා අශ්වාරෝහකයින් දචෞ නගර සමූලඝාතනය කරද්දී දචෞ වල විධිවිධාන මත විශ්වාසය තැබී ය. ශෙන් වෙයිට ස්තූතිවන්ත වෙන්නට, ඔවුන්ගේ අශ්වයන් වැඩුණු මිනිසුන් සහ අල්වාගන්නා ලද භටයින් ගෙනයැමට තරම් පෝෂණය වී සිටියහ , එහිදි ඒ සියල්ලන්වම බියැන්ෂා අශ්වාරෝහක හමුදාව විසින් එක් රැයකින් ඝාතනය කරන ලදී.
ශෙන් ස'චුඇන්ට මාරයාගෙන් සමීප ඇමතීමක් ලැබුණි.
එමෙන්ම දැන් , චූදු වලට අවශ්‍යව ඇත්තේ ගිණුම් පියවීමටය. ශෙන් වෙයි ජීවතුන් අතර සිටියදී ඔවුන් ඒ සියල්ල අලසයන් මෙන් සිදුකර අැතිබව පැහැදිලි ය. ඔහු පිටතින්සහ ඇතුලතින් බියැන්ෂා සේනාංකයන් දොළොස සමඟ ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම් වූ බව පෙනෙන්නට තිබුණි. නමුත් ශෙන් වෙයි දඬුවමට බියවූ නිසා තමන්වම ගිනිතබාගෙන සියදිවි හානි කරගෙන ඔහු සමඟ ඇති සියළුම ලියකියවිලි විනාශ කළේ ය. ඔවුන්ගේ දක්ෂතම අධිරාජ්‍ය ආරක්ෂකයන් පවා ,ඔවුන්ගේ කාර්යක්ෂමතාවයේත් බුද්ධි මට්ටමේත් අවසානයට ලඟාවී ඇත.
අධිරාජ්‍යයා ට අවශ්‍ය වූයේ කාරණයේ ගැඹුරට යාමටය , එබැවින් ඔවුන් ට සිදුකළ හැකි එකම දෙය වූයේ හදුනන දැනට ඉතිරිව සිටින එකම පුද්ගලයා වන ශෙන් ස'චුඇන්ගෙන් ප්‍රශ්න කිරීම පමණකි. නමුත් ශෙන් ස'චුඇන්ව වැදූ මව දුඅන්චෞ වල නර්තන ශිල්පිනියකි. ශෙන් වෙයි ට පුත්‍රයන් බොහොමයක් සිටි අතර ශෙන් ස'චුආන් ඔහුගේ උපභාර්යාවකට දාව අටවන පුත්‍රයා විය , ඔහුට ඔහුගේ තත්වට පෙන්වීම ෑදෙසා කිසිදු අවස්ථාවක් එම වංශය මගින් නොලැබුණේ ය. එමනිසා ඔහුව පිටත හැදී වැඩිමට කිහිපවරක්ම දුඅන්චෞ කුමරුගේ නිවසින් පන්නා දැමුවේ ය. ශෙන් වෙයිට තමන්ට මෙවැනි පුත්‍රයෙක් සිටින බවවත් මතකයේ නොමැතිවෙනු ඇත.
කවරෙකුට හෝ ඔහුව ඝාතනය කරන්න අවශ්‍ය වී ඇත්නම්.
එහි කිසිඳු රහසක් නොමැතිය. ඔහුව මෙහි රැගෙනආවේ පියාණන් වෙනුවෙන් බිල්ලක් වීමටය. ඔහු චොංබෞ හි ශෙන් වංශයෙන් ඉතිරිව සිටින අවසන් සාමාජිතයා වූ අතර, සිය පියාණන්ටග් නය ගෙවීමට සිටින එකම පුත්‍රයාද විය. එමනිසා අධිරාජ්‍ය බන්ධනාගාරයේ ප්‍රශ්න කිරීම් අවසන් වූ පසුව,චොංබෞ හි දචෞ ප්‍රාන්තයේ දෂි ගංගාවේ මියගිය තිස්දහසක් සොල්දාදුවන් වෙනුවෙන් අධිරාජ්‍යයා තමන්ව පූජා ස්මාරකයක් ලෙස භාවිතා කරනු ඇත.
එය එසේ වූවද , එය සිදුවිය යුත්තේ මෙවැනි ඝාතනයකින් නොවේ.
ශෙන් ස'චුආන් සිය මුවේ කොන ඇගිල්ලකින් පිසදමා සිය හිස හරවා මුවෙහි වූ රැධිරය පිටතට දමන්නට විය..
ශෙන් වෙයි නිසැකවම රාජ්‍යද්‍රෝහි ක්‍රියාවක් සිදුකිරීමේ අදහසින් ඔවුන්ගේ විදේශීය සතුරන් සමඟ කුමන්ත්‍රණය කළේ වීනම්, ශෙන් වෙයි ට ඉක්මනින් හෝ පසුව මියයෑමට සිදුවනු ඇත. ඔහුවැනි නොවැදලත් උපභාර්යාවකට උපන් අයෙකු ඝාතනය කිරීමට මෙතරම් නොවැදගත් පියවරක් ගන්නේ ඇයි? ප්‍රශ්න කිරීම ගැන කනස්සල්ලට පත් අයෙක් අගනුවර සිටියේ නම්.එසේ වුණා නම් , ශෙන් වෙයි ගේ හමුදාවන්ගේ පරාජය ගැන යම් හෝ හෝඩුවාවක් තිබෙන්නට හැක.
ශෙන් ස'චුආන් කිසිවක් නොදත්තේ ය.
ඔහුට දුඅන්චෞ වල ශිෆූ කෙනෙක් සහ ඔහුගේ සහෝදරයා ජී මූ , ඔහුගේ ශිෆූගේ එකම පුත්‍රයාය. ඔහුට ශෙන් වෙයි ජියැන්ෂින් කුමරු පමණක් වූ අතර, ඔහුට ක්සිදු සම්බන්ධකමක් නොතිබිණි. ශෙන් වෙයි නිසැකවම සතුරන් සමඟ කුමන්ත්‍රණය කළා දැකි ඔහුට වැටහීමක් නොවී ය.
නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළ යුතු ය.
ශෙන් ස'චුආන් වැතිරි සිටි බිම කෙතරම් ශීතල වීද යත් ඔහු මුළු දිවා කාලය තෙක්ම අවදියෙන් සිටියේ ය.ඔහු අධිරාජ්‍යයා ගේ ආඥාව යටතේ රාජකීය ආරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගන්නා ලද සිරකරුවෙකි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තූ සිතාසි සහ ලියවිලඅ, සහ නිල තීන්දු තීරණ කෙළින්ම පැමිණියේ ඉහලින් ය. ෂ්‍යාඕ ජීමිං , ලීබෙයි හි නීත්‍යානුකූල කුමරුගේ දෑතින් කෙළින්ම ඔහුව අධිරාජ්‍ය බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ *අධිකරණ කාර්යාලයේ* ඒකාබද්ධ වූ නඩු විභාග තුනද මඟහරිමිනි.
මේ කිසිසේත් අනුමත නොකරන සහ සිද්ධියේ ගැඹුරට යාමට අධිරාජ්‍යයා ට තිබූ නොසැලෙන අධිෂ්ඨානය පිළිබඳ ඉඟියකි. නමුත්, මෙවැනි තත්වයක් කටතේ, අධිරාජ්‍යයා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පෙරම ඔහුව නිහඬ කිරීමට මෙතරම් අදූරදර්ශි පියවරක් ගන්නේ කවුරුන්ද?
ශීතල සුළඟ කවුළුව හරහා හමා ආවේ ය. ශෙන් ස'චුආන් යළි ඔහුගේ දෑස් හැර නැවතත් අදුරු බිත්තිය දෙස බලාගත්තේ ය. ඔහු නැවතත් ඒවා වැසීමට එඩිතර නොවුනේ ය.
පසු දිනයේ ශීතල තරමක් පහව ගොස් තිබුනේ ය.ශෙන් ස'චුආන් ව නැවතත් ශාලාවට ගෙනයනු ලැබුවේ ය. පිටත හිම කුණාටුවක් පැතිර තිබුණේ ය. පසුගිය දිනක ඔහුව ප්‍රශ්න කළ පුද්ගලයා මෙදින සිනාසෙමින් ඔහුගේ දෑතින්ම තේපැක් සංග්‍රහ කරමින් සාම්ප්‍රදායික සම්භව්‍ය විලාසයේ දැව අසුනක අසුන්ගෙන සිටියේ ය.
මහළු නමුත් පැහැපත් මුහුණුවරක් හිමි, සහ රැවුල අහිමි නපුංසකයෙක් ආසනය මත අසුන්ගෙන සිටියේ ය .ඔහු වෙල්වට් පැහැති ශීත සෘතුව වෙනුවෙන් නිමවන ලද නිල හිස් වැස්ම පැළඳසිටි අතර, කරවිල රටා වලින් හැඩගැන්වුනු මැන්ඩරින් රටා මැස්මක් සහිත චතුරස්රයකන් ඔහුගේ වස්ත්‍රය හැඩවී තිබිණ. සළුව ඔහුගේ පිටුපසින් කඩාවැටුණු අතර, ඔහු දෑතේ තබාගෙන සිටින විශිෂ්ට සුගන්ධවත් පුෂ්පය ඔහුගේ විවෙකී මනස උණුසුමින් පුරවා හළේය, . චලනයන්ට සවන්දුන් ඔහු, සිය දෑස් විවර කර ශෙන් ස'චුආන් දෙස බැලීය.
“උතුමාණෙනි.” ජී ලෙයි,ශෙන් ස'චුආන් ගෙන් ප්‍රශ්න කිරීම සිදුකල පුද්ගලයා, නැමී පැවසුවේ ය. “මේ ජියැන්ෂින් කුමරුගේ පරම්පරාවේ ඉතිරි වී සිටින අවසාන සාමාජිකයා.”
පැන් රුගුයි ශෙන් ස'චුආන් දෙස බලා නැවත විමසීය , “මේකා මෙතැනට ආවේ කොහොමද?”
ශෙන් ස'චුආන් අපිරිසිඳු සහ ගඳ ගසන්නෙ ඇයි කියාහෝ පැන් රැගුයි ඔහුගෙන් නොඅසන බවත් ජී ලෙයි දැන සිටියේ ය, නමුත් ඔහුට ශෙන් ස'චුආන් ගෙන් ප්‍රශ්ණ රාශියක් ඇසීමට ඇතිබව සැබෑය .
ජී ලෙයිගේ නළල දහඩියෙන් තෙත්විය,නමුත් ඔහු එය පිස දැමීමට නිර්භය නොවුනේ ය.ඔහු තම ආචාරය පවත්වාගෙන පිළිතුරැ දුන්නේ ය, “මේ දරුවා නූගත්. අපි ඔහුව චොංබෞ සිට ආපසු ගෙනආ දවසේ ඉදන් ඔහු අවසිහියෙන් සිටියේ. අපි දන්නේ නැහැඔහුව මෙයට ඇද දැම්මේ කවුරුද කියලා.නමුත් ඔහු පාපොච්චාරණය කිරීම ප්‍රතික්ෂේප කරනවා.”
“රාජද්‍රෝහියෙක් අත්අඩංගුවට ගන්න අධිරාජ්‍යයා නියෝග කළා.” පැන් රුගුයි පිළිගැන්වූ තේ පිළිනොගත්තේ ය
. “ජී උතුමාණෙනි ඔබ විසින් පෞද්ගලික ව ප්‍රශ්න කරන්න අධිරාජ්‍ය බන්ධනාගාරට ගෙන ගියා අවුරුදු දාහසයක ,දාහතක තරුණයෙක් ව,ඒත් ඔබට තවමත් ඔහුගෙන් පාපොච්චාරණ ප්‍රකාශයක් ගැනීමට නොහැකි වුනා.”
තම දෑතේ ඇති තේ කෝප්පය අතැතිව ජී ලෙය කටුක සිනහවකින් යුතුව පැවසීය,
“එම නිසා මම ඔහුට අවසරයකින් තොරව වධහිංසා පමුණුවන්න එඩිතර වෙන්නෙ නැහැ.ඔහු ඒ වන විටත් සීතලෙන් පෙළෙමින් සිටියේ.අපි වධහිංසා නොපනවාම ඔහු මියගියොත් , ශෙන් වෙයිගේ මේ නඩුව ශීතල නඬුවක් ලෙස අවසන වේවි.”
පැන් රැගුයි ශෙන් ස'චුආන් ව මොහොතකට පරික්ෂා කර, “අපි හැමෝම ස්වාමියාගෙ සුනඛයෝ. සුනඛයෙක් තියාගෙන වැඩක් නැ ඌගේ දත් තවදුරටත් මුවහත් නැත්තං. ඔබට ඔබේම දූෂ්කරතා ඇති බව මම දන්නවා , නමුත් මෙය ඔබේ රාජකාරී වල උත්තමයාණන්ට ඔහුව දකින්න අවශ්‍යයි.මේක විතරයි තියෙන එකම මාර්ගය අධිරාජ්‍ය ආරක්ෂකයන් වෙනුවෙන් ඔහු ගේ ඇති අවබෝධය පෙන්වන විදිහ. ඔබ තවමත් ඒ ගැන කනස්සලු වෙන්නේ කොහොමද?”
ජී ලෙයි කලබලයෙන්දණ නමා වැද වැටුනේ ය, “උතුමාණන් නිවැරදි. මේ පුත්‍රයාට එය වැටහුනා.”
පැන් රුගුයි පෙරළා පිළිගනිමින් පැවසීය, “ඔහුව පිරිසිදු කරන්න. ඔහු කොයිතරම් අපිරිසිදුද කියනවානම් උත්තමයාණන් වහන්සේ වෙතට නරඹන්නන් හරහා ගෙනයන්න නොහැකි වේවි..”
ශෙන් ස'චුආන් ව රුගෙන ගොස් සොදා පවිත්‍ර කොට ඔහුගේ තුවාලවලට සරල ලෙස වෙළුම්පට් යොදා පිරිසිදු කපු ඇදුමකින් සරසන ලදි.ඔවුන් ඔවුන්ට ලැබුණු අණ සේම ඔහුට කරුණාව දැක්වූයේ ය.ඔහු ඇවිද ගැනීමට නොහැකි තරමට දුර්වලවී සිටියේය.කොටින්ම කියනවානම් ඔහුට අශ්ව රථයට නැගීමට පවා යම් අයෙකුගේ සහය අවශ්‍ය විය.
අවසන ජී ලෙයි පිළිගැන්වූ තේ සංග්‍රහය පැන් රුගුයි විසින් පිළිගත්තේ ය. ඔහු ශෙන් ස'චුආන් දෙස හැරී බලා නැවත පැවසීය, “ඇත්තටම ඔහුද ශෙන් වංශයේ ඉතිරිවුන දිවි බේරාගත් අවසාන කෙනා?”
ජී ලෙයි පිළිතුරු දෙන්නට විය, “ඒක හරි. චෂි සොරොව්වේ දී දිවි ගලවාගත් එකම තැනැත්තා ඔහුයි. ලීබෙයි හි නීත්‍යානුකූල කුමරු ඔහුව පෞද්ගලිකව ම අත්අඩංගුවට ගත්තා.මේ කාලය පුරාවටම ඔහුව රඳවා ගත්තේ ලීබෙයි සන්නද්ධ අශ්වාරෝහක කණ්ඩායම් වලට අයත් රථයක. මෙහි පැමිණෙන තෙක්ම කිසිවෙක් ඔහුව ස්පර්ශ කළේ නෑ. “
පැන් රුගුයි සිය ඇල් වී ගිය තේ කෝප්පය තොල ගෑවේය. බොහෝ වෙලාවකට පසු, ඔහු කටුක ගැඹුරු සිනහවක් සමගින් පැවසීය ,
“නීත්‍යානුකූල කුමාරයා ෂ්‍යාඕ ඇත්තටම විචක්ෂණශීලි අයෙක්.”
◈◈◈
ශෙන් ස'චුආන් ඔහුව කරත්තයෙන් බස්වාගෙන දිගු මාර්ගයක රැගෙන යාමට ඉඩ දුන්නේ ය.හිම පියළි ඔහුගේ මුහුණට ගසාගෙන ආවේ ය.මඟපෙන්වමින් සිටි අභ්‍යන්තර නිලදුරියා ඉක්මන් ගමනින් ඇදුනේ කිසිඳු වචනයක් නොදොඩාය.
පැන් රුගුයි මිංග්ලි ශාලාවට ඇතුළු වූ විගස ගෞරවාන්විතව බලාසිටි දැනුම්දෙන කනිෂ්ඨ නිලදාරියා පැමිණියේ ය.ඔහු පැන් රුගුයි ගේ සළුව ඉවත් කර ඔහුගේ වස්ත්‍රයේ පිටත ඇදුම මාරු කිරීමට ඔහුට උදව් කළේ ය, එමෙන්ම ඔහුගේ දෑත් උණුසුම් කිරිමට පටන්ගත්තේ ය. ඔහු ඇතුළතට පැමිණෙන බව ඒ වන විටත් ප්‍රකාශ කර තිබුණි. පැන් රුගුයි දොර අසලට ගියේ ය, “අධිරාජ්‍යයාණෙනි , මේ දාසයා ඒ පුද්ගලයාව ගෙනාවා.”
මඳ වෙලාවකට පසු, නොපසුබට පහත් හඬක් කුටිය තුළින් නික්මිනි, “ඔහුව රුගෙන එන්න.”
ශෙන් ස'චුආන් ගේ හුස්ම හිරවෙන්නට පටන්ගත්තේ ය. ඔවුන් ඔහුට උදව්කළේ ය.ඇතුළත සුවඳ දුම් දල්වා තිබූණද එහි අභ්‍යන්තරය උණුසුම් නොවීය. ඔහු දෑස් අග පිසදමද්දී ඔහුට අඩි දෙකක් පමණ ඇතුලත ශාලාව තුල විටින් විට කහින ශබ්දය ශ්‍රවණය විය.
ෂියන්දේ අධිරාජ්‍යයා තද පැහැ නිල් විස්ත්රයකින් සැරසී සිටියේ ය. ඔහු ඇටකටු පෙනෙන තරමට කෙට්ටු වූ අතර ශරීරය ද දුර්වල විය.ඔහු සිහසුනට පත් වූ තෙවසරක කාලය තුල අඩු වැඩි වශයෙන් රෝගයන් ඔහුට පීඩා කිරීම නොනැවැත්වුවේ ය.ඔහු සිහසුන මත හිඳගත්තේ ය.ඔහුගේ සෘජුකෝණාස්රාකාර මුහුණුවරත් රක්තහීනතාවයෙක් පෙළෙන්නාක් වැනි පෙනුමත් නිසා ඔහුට ඉකා මෘදු සහසියුමැලි පෙනුමක් ලැබී තිබුණි.
“ජීලෙයි උත්සහ කලා ඔහු එක්ක දින ගණනාවක් ම” ෂියන්දේ අධිරාජ්‍යයා ඔහුගේ පිටුපසින් දණ නමා සිටින ජී ලෙයි දෙස බැලුවේ ය,. “නිගමනයකට එළැඹෙන්න හැකි වුනාද?”
ජී ලෙයි ඉදිරියට පැමිණ පැවසුවේ ය, “අධිරාජ්‍යයාණන් වහන්සේට පිළිතුරු ලබාදෙන්න මේ දරුවගේ වදන් නොගැලපෙනවා මෙන්ම අඬුලුහුඬු වලින් පිරිලා.මේ දින කිහිපයේම ඔහු පාපොච්චාරණය කළ සියල්ලපරස්පර විරෝධි විශ්වාස කළ නොහැකි ඒවායි.”
ෂියන්දේ අධිරාජ්‍යයා , “ඔහු පාපොච්චාරණය කළ සියල්ල මට පෙන්වන්න.” යැයි පැවසීය.
ජී ලෙයි ඔහු පිළිවෙලට සකස් කරගෙන සිටි පාපොච්චාරණ ප්රකාශනය අතට ගෙන පැන් රුගුයිට භාර දුන්නේ ය.පැන් රුගුයි නැවතත් ඉක්මනින් ඉදිරියට ගොස් ගෞරවාන්විතව එය ෂියන්දේ අධිරාජ්‍යයාට ඉදිරිපත් කළේ ය.
ෂියන්දේ අධිරාජ්‍යයා එය දෙස එක්වරක් බැලුවේ ය.චෂි සොරොව්ව පිළිබඳ පේළියට ලඟා වූ විට, ඔහු සිය මුව වසාගෙන කහින්නට පටන්ගත්තේ ය.එය ඔහු වෙනුවෙන් පිස දැමීමට පැන් රුගුයිට ඉඩ නොදුන්නේ ය; ඔහු තමන්ගේ දෙතොල් අතර තිබූ ලේ පිස්නාවකින් පිසදමාගත්තෙ ය. ඔහු බැරෑරැම් හඬින් පැවසුවේ ය, “සොල්දාදුවන් තිස්දහසක් චෂී සොරොව්වෙදී ජීවිත අහිමි වෙලා.නමුත් ශෙන් වෙයි නොමැතිව.මේක ඇත්තෙන්ම කෙනෙක්ගේ රුධිරය උණුසුම් කරවන දෙයක් !”
ශෙන් ස'චුආන් සිය දෑස් වසාගත් අතර, ඔහුගේ පපුව ගැහෙන්නට පටන් ගත්තේ ය. නිසැකවම, ඊලඟ නිමේෂයේ, ඔහුට ෂියන්දේ අධිරාජ්‍යයා ගේ නියෝගයන් ශ්‍රවණය විය.
“නුඹේ හිස ඔසවන්න!”
ශෙන් ස'චුආන් ගේ හුස්ම ගැනීම වේගවත් විය.බිමට නැමීගිය ඔහුගේ දෙඅත්ලට ශීතලක් දැනුනි.ඔහු ඔහුගේ හිස සෙමින් එසැවීය , ඔහුගේ දෙනෙත් ප්‍රවේශම් සහගතව ෂියන්දේ අධිරාජ්‍යයාගේ පාවහන් මත නතර විය.
ෂියන්දේ අධිරාජ්‍යයා ඔහුදෙස බලා පැවසීය “චෂී සොරොවෙන් දිවි ගලවාගත් ශෙන් වෙයි ගේ එකම පුත්‍රයා නුඹ.තමුන් ට මොනවද කියන්න තියෙන්නේ?”
ශෙන් ස'චුආන් ගේ දෑස් රත්පැහැ ගැන්විය. ඔහුගේ සිරුර වෙව්ලූවේ ය. හඬාවැටුනා මිස කිසිවක් නොකීවේ ය.
හැගීම් වල වෙනසක් රහිතවම ෂියන්දේ අධිරාජ්‍යයා අණ කළේ ය, “මට පිළිතුරු දෙනවා!”
ශෙන් ස'චුආන් ඔහුගේ දෑස් එසැවීය.කඳුළැලි ඔහුගේ දෙකොපුල් දිගේ ගලාගෙන ගියේ ය. ඔහු මොහොතකට පසු තම දෑස් ඇර අපහසුවෙන් දණ නමා නළල බිම තබා ආචාර කළේ ය , ඔහුගේ උරහිස් වෙව්ලූ අතර, වෙව්ලන ඉකි ගැසීම් විටින් විට ඔහුගේ උගුරෙන් නික්මීණි..
“උත්තමයාණෙනි… උත්තමයාණෙනි ! මගේ පියාණන් රටට විශ්වාසවන්තව කටයුතු කළා. ඔහු චොංබෞ වල හමුදාවන්ගේ පරාජයෙන් පස්සේ රටටත් වැඩිහිටියන්ටත් මුහුණ දෙන්න ලැජ්ජාවුණා.. ඒ නිසා ඔහු එයට ණය ගෙවන්න සියදිවි හානි කරගත්තා!”
ෂියන්දේ අධිරාජ්‍යයා තරවටු කළේ ය, “තමුන් මොන ප්රලාපද දොඩවන්නේ ?! ඔහු ඔය කියන තරම්ම රටට කැපවුනා නම්, ඇයි ඔහු තවමත් පසු බසින්නේ?”
ශෙන් ස'චුආන් ගේ කටහඬ ඔහු ඉකි ගසද්දි ගොරෝසු විය.
“මගේ පියාණන් ඔහුගේ හැම දරුවෙක්ම යුධ බිමට යැව්වා. මගේ වැඩිමල් සහෝදරයා,ශෙන් චෞජී , බියැන්ෂා වැසියෝ අතින් වධහිංසාවට ලක් කරලා අශ්වයෙක් මගින් චෂි මාර්ගය දිගේ ඇදගෙන යන්න සැළැස්සුවා.!ඔහු පක්ෂපාති නොවුනාම්, මේ තරම් දුරක් එන්න හැකිවෙන්නේ කොහොමද?”
“තමුන් කොහොමද චෂී සංහාරය ගැන සඳහන් කරන්නේවත්? ශෙන් චෞජි සටනට පෙර පලාගියා. ඔහුගේ අපරාධයට සමාව දිය නොහැකියි!” ෂියන්දේ අධිරාජ්‍යයා පැවසීය.
ශෙන් ස'චුආන් අධිරාජ්‍යයා දෙස බැලුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය. ඔහු රළු හඬින් පැවසීය, “චෂි සටන රුධිරය වැගිරීමක්. මගේ වැඩිමල් සහෝදරයා අවුල් සහගත අදක්ෂ අයෙක් වෙන්න පුළුවන්, නමුත් ඔහු දින තුනක් චෂී ගඟ ආරක්ෂා කළා.චීදෝං සහ ලීබෙයි වලට යුධ තොරතුරු ලබා දුන්නේ මේ දින තුන ඇතුලතයි. මේ දින තුන නොතිබුනා නම් එහෙම”
එය සම්පූර්ණ කරගත නොහැකී තරමට ඔහු හැගීම්බර විය.
ෂියන්දේ අධිරාජ්‍යයා ඔහු අත තිබූ පාපොච්චාරණ ප්‍රකාශය දෙස බැලීය. ශෙන් ස'චුආන් ගේ ඉකි ගහස හඬ ඇරෙන්නට මුළු ශාලාවම නිහඬ විය. මෙම අතිශය දීර්ඝ නිහඬ කාල පරිච්ඡේදය මධ්‍යයේ , ශෙන් ස'චුආන් ඔහුගේ හම ඔහුගේ නියපොතු වලින් තද කළේ ය.
ෂියන්දේ අධිරාජ්‍යයා දිගු සුසුමක් පිටකළේ ය, “ශෙන් වෙයි කවදාහරි සතුරන් සමඟ හවුල් වී තියෙනවාද?”
ශෙන් ස'චුආන් අධිෂ්ඨානශීලිව සහ තීරණාත්මකව පිළිතුරු දුන්නේ ය. “කවදාවත් නැහැ.”
අනපේක්ෂිත ලෙස , ෂියන්දේ අධිරාජ්‍යයා පාපොච්චාරණය ප්‍රකාශය සකස් කර එක්වරම ශීතල වී ගිය හඬින් පැවසීය. “මේ තරුණයා කපටියි වගේම පාලකයා රැවටීමේ චේතනාවෙන් පෙළෙනවා. මම තමුන්ට ජීවත් වෙන්න ඉඩ නොදීය යුතුයි! පැන් රුගුයි , ඔහුව පිටතට ඇදගෙන ගිහින් දුඅන්චෙං ද්වාරය අසලදී ඔහුට පහර දෙන්න!”
“මේ දාසයා කීකරු වෙනවා!” පැන් රුගුයි ඔහුගේ නියෝගය පිළිගෙන පිටව යාමට හිස නමා ආචාර කළේ ය.
ශෙන් ස'චුආන් ට ශීතල ජල භාජනයකින් තෙමුනාක් වැනි හැගීමක් දැනෙන්නට විය.ඔහු හදිසියේ ම විරුද්ධ වීමට තැන් කළද අධිරාජ්‍ය ආරක්ෂකයින් මුව වසාගෙන මිංලි ශාලාවෙන් පිටතට ඇදගෙන ගියහ.
🖤 里 li, පුරාතණ චීනයේ දුර මැනීීමේ ඒකකය. ලී එකක් මීටර 500කි.
❤️❤️❤️
ReplyDelete