ෂ්‍යාඕ ජිමිං පහන් කූඩුව යට හිටගත් විට ඔහුගේ සළුව ඔහු වටා ළෙල දුන්නේ ය. ෂාඕ හුයි ඔහු පිටුපසින් සිටගත්තේ ය,
"කාලය ගතවුණ හැටියට, ඔහු දැන් ආපසු පැමිණෙන්න ඕනේ. ඔහුව රැගෙන එන්න ගිය පුද්ගලයා පැවසුවා තරුණ ස්වාමියා තම අශ්වයා පිට නැගී තනිවම පිටත් වූ බව. ඇයි ඔහු තාම ආවේ නැත්තේ?"
ෂ්‍යාඕ ජීමිං සීතල සුසුමක් පිට කර මොහොතක් නිශ්ශබ්දව අහස දෙස බලා සිටියේය. ඔහු පැවසුවේ ය.
“ඔහු ඉස්සර අසතුටින් ඉන්න සෑම අවස්ථාවකම, ඔහු හොංග්‍යං කඳු පාමුල අශ්වයාව ධාවනය කළා. මේ පුරුද්ද වෙනස් වෙන්නේ නැහැ.”
ෂාඕ හුයි පැවසුවේ ය. "අඩුම තරමින්, එක අධිරාජ්‍ය හමුදා තනතුරක් නේ."
ෂ්‍යාඕ ජීමිං ඔහුගේ බැල්ම වෙනස් කළේ ය. "තාත්තා ඔහුගේ ජීවිතයේ වඩාත්ම පසුතැවෙන්නේ මොකටද කියලා ඔබ දන්නවාද?"
ෂාඕ හුයි අවංකව හිස වැනුවේය.
ෂ්‍යාඕ ජීමිං පැවසුවේ ය, “ඒ තමයි ඔහු ආ යේව බිහි කරන්න ප්‍රමාද වුන එක. මීට වසර තුනකට පෙර අපි හොංග්‍යං කඳු පාමුල සැඟවී සිටියා. පියාගේ ශක්තිමත් කිරීම් පැමිණීමට පෙර,ආ යේ ඔහුව ආරක්ෂා කිරීමට මුලින් පවරන ලද අශ්වාරෝහක සාමාජිකයින් විසි දෙනාට නායකත්වය දුන්නා. රාත්‍රියේ හොජ්‍යං ගඟ හරහා ඔහුගේ අශ්වයා පිට නැගලා පිටත් වුණා. ඔහු රාත්‍රියෙන් අඩක් ම මඩගොහොරුවේ අතපත ගාමින් බියන්ෂාවරුන්ගේ ධාන්‍ය පුළුස්සා දැමුවා. මම ඔහුව දකිද්දි ඔහුගේ කකුල්වල තුවාල ඇති වන තෙක් ඔහු මඩේ හිටි නිසා ඔහු හුඟක් අපිරිසිදු වුනා. ඒ අවුරුද්දේ ඔහුට වයස අවුරුදු දාහතරයි. මම ඇහුවා බයද කියලා, ඔහු කිව්වා ඔහුට වෙලාවකට බය හිතුනා කියලා.
ලූ වංශය කාන්තාරයේ රාජාලීන් බවත්, ෂ්‍යාඕ වංශය ලිබෙයි වල සුනකයෝ බවත් තාත්තා නිතර කිව්වා. මම මේ වාක්‍ය ඛණ්ඩ මතක් කරන්න කැමති නැහැ, නමුත් අපි එදා ඉඳන් හමුදාව යොදවන හැම වෙලාවකම අපි දම්වැල් බැඳපු සුනකයෝ වගේ. දැන් වසර දහයකට කලින් වගේ තෘප්තිමත් වෙන්න බැහැ. මේ වසර පුරා ම සටන් කරද්දී මා තුළ තිබූ ධෛර්යය බොහෝ කලක සිට සිඳී ඇති බව වැටහුණා. ෂ්‍යාඕ වංශයේ සාමාජිකයන් සුනකයන් නෙමෙයි, වෘකයාගේ ස්වභාවය සමඟ අද ඉතිරිවෙලා ඉන්නේ ආ යේ විතරයි. ඔහු සිහිනෙන් පවා අපේක්ෂා කරන්නේ ලිබෙයි කඳුකරය. ඒ වුනත්, ඔහුට දැන් සිදුවී ඇත්තේ චූදුහි රැදෙමින් අශ්වයන් පිට යාමේ නිදහස අමතක කරන්නයි. තාත්තයි මමයි දෙන්නම ඔහුට පහත් කරලා සැලකුවා."
මොහොතක නිශ්ශබ්දතාවයෙන් පසු, ෂාඕ හුයි ෂ්‍යාඕ ජිමිං දෙස බලා මෙසේ පැවසීය: “පරම්පරාගත කුමාරයාට ඔබව පහත් කිරීමට අවශ්‍ය වුනේ නැහැ. තරුණ ස්වාමියා ස්වභාවයෙන්ම ආවේගශීලී වගේම උරුමය තියාගන්න , දිගටම මෙහෙයවන්න ඔහු හොඳම පුද්ගලයෙක් නෙමෙයි. ඔහු කලින් හෝ පසුව උපත ලැබුවද කියන ප්‍රශ්නයක් නෙමෙයි; ලිබෙයි පාලනය ඔහුට භාර දෙන්න බැහැ. සේනාධිනායකයාට අත්දැකීම් අනුව හැඩගැසුණු කෙනෙකුගේ ස්ථීරභාවය සහ පර්වතයක් මෙන් නොසැලෙන අධිෂ්ඨාන ශක්තියක් තිබිය යුතුයි. තරුණ ස්වාමීන් ඒකට එකඟ නැහැ."
ෂ්‍යාඕ ජීමිං තවත් කිසිවක් කතා නොකළේ ය.
එදින රාත්‍රියේ ඇති වූ තද සුළඟ නිසා පහන් කූඩු නොනවත්වා පැද්දෙන්නට විය. ස්වාමියා සහ සේවකයා පැයකට මඳක් අඩු කාලයක් බලා සිට ඈත සිට අශ්වයා තමන් දෙසට පොළඹවන අයෙක් දුටුවෝය.
"පරම්පරාගත කුමාරයාණෙනි!" අශ්වයා පිට නැඟී සිටි මිනිසා බිම ඇදවැටුනේ ය, “තරුණ ස්වාමියාට මොනවහරි වෙලා!”
ෂාඕ හුයි වහාම ඔහුගේ අසිපත එසැවූයේ ය, "තරුණ ස්වාමියා කොහෙද?"
◈ ◈ ◈
පැයකට පෙර
සේනාධිපතිවරයා විලංගු දැමූ ශෙන් ස'චුඇන්ව පඩිපෙළෙන් පහළට තල්ලු කළේය.
"ගායනා කරන්න." සේනාධිපතිවරයා ඔහුට පිටුපසින් එබිකම් කළේය. "ඉක්මනින්, පේළි කිහිපයක් ගායනා කරන්න!"
තාප්පයේ සෙවණැලි යට වැතිර සිටින මිනිසා දෙස බැලූ ශෙන් ස’චුආන් වචනයක්වත් කීවේ නැත. රාජාලියා දුටු මොහොතේ පටන් ඔහුගේ හදවත රිදුම් දුන්නේය. සිටි තැනම හිටගත් ඔහුට තොල් තද රේඛාවකට හරවා ගත්තේ ය.
ෂ්‍යාඕ චීයේ පැවසුවේය , "එන්න මෙතන හිටගන්න."
ශෙන් ස’චුආන් උණුසුම් සුසුම් හඬක් පිට කරමින් සෙමෙන් සෙමෙන් ඉදිරියට ගොස් ෂ්‍යාඕ චීයේ ට මදක් ඈතින් සිටගෙන සිටියේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙපා වලින් සිටගත්තේ ය, "ඔබේ මව කවුද?"
ශෙන් ස’චුආන් පිළිතුරු දෙන්නට විය. "දුඅන්ජෞවල නර්තන ශිල්පිණියක්"
"ඔබ ගීත ගායනා කරන්න දන්නවා නේද?" ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම කෙතරම් භයානකද යත් එය කෙනෙකුව වික්ෂිප්ත කරන්න ට සමත් වෙනු නොඅනුමානය.
"අර පරණ බල්ලා ෂෙන් ඔබට කිසිවක් ඉගැන්නුවේ නැද්ද?, ඒත් කවුරුහරි ඔබට උගන්වලා තියෙන්න ඕනේ."
ශෙන් ස’චුආන් ඔහුට බියෙන් මෙන් ඔහුගේ බැල්ම මග හැරීමට ඔහුගේ හිස පහත් කළේය. , "... මම දන්නේ නැහැ කොහොමද කරන්නේ කියලා."
"හිස ඔසවන්න." ෂ්‍යාඕ චීයේ තම පයින් ලන්තෑරුම පසෙකට තල්ලු කළේය. "නැත්නම් ඔබ මට බයද?"
ෂෙන් සෙචුවාන්ට හැකි වූයේ හිස එසවීම පමණි. ඔහු කෙළ පිඩක් ගිලගත්තේ ය.
ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “ඔබට ගායනා කිරීමට අවශ්‍ය නැතිනම් එය හොඳයි. මට යමක් සොයා දෙන්න. ”
ශෙන් ස’චුආන් තවමත් දම්වැලකින් බැඳ සිටින බව පෙන්වීමට ඔහුගේ අත් දිගු කළේය.
ෂ්‍යාඕ චීයේ නළල රැලි කරගනිමින්, "ඔය විදිහට ම ඔතැන වාඩි වෙන්න" යැයි පැවසීය.
ඒ නිසා ශෙන් ස'චුආන් බිම වාඩි වී හිම කැටිති කිහිපයක් අල්ලා ගත්තේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ හිස මුදුන දෙස සීතලෙන් බලා "නැවත නැගී සිටින්න" යැයි පැවසීය.
ඒ නිසා ශෙන් ස'චුආන් දණහිස් මත දෑත් තබාගෙන නැවත නැගී සිටියේ ය.
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ඔබට නිදහසේ නැඟීටින්න පුළුවන්, ඔබේ පාදවලට කිසිදු බලපෑමක් සිදු වෙලත් නෑ වගේ. අධිරාජ්‍ය ආරක්ෂකයින් කස පහරවල් සැලකිල්ලෙන් කළාද, නැතිනම් නොවටිනා ජීවිතයක් පවත්වා ගැන්න මෙතරම් පහසු වෙන්නේ කොහොමද?”
"ස්වභාවිකවම, ඒ මේ මේවගේ නොවටින කෙනෙක් පවත්වාගන්න පහසු නිසා තමයි." ශෙන් ස'චුආන් ගොළු හඬින් කීවේය. "මම කොච්චර වාසනාවන්තද."
"ඒක තේරුමක් නැහැ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ කසය ශෙන් ස'චුආන් ගේ පපුවට තද කළේය. “ඒ පා පහරින් මේ ජීවිතය අවසන් කරන්නයි තිබුණේ. ඔබේ සටන් කලාවේ හැකියාව ඉතා අනර්ඝයි. ”
මෙම කසය නිසා ශෙන් ස'චුආන් සිසිල් විය. ඔහු බියෙන් තැතිගත් අතර, "මම ... මගේ අවසන් හුස්ම මත එල්ලිලා ඉන්නේ. දෙවන තරුණ ස්වාමියා ධාර්මිකයි. මා වැනි කෙනෙක්ට ජීවිතය තවත් දුෂ්කර කරන්නේ ඇයි? මෙම කාරණය දැනටමත් එවැනි ස්ථානයකට පත්වෙලා ඉවරයි, මට ලැබිය යුතු දේ මට ලැබීලා තියෙන්නෙ. කරුණාකරලා මට යන්න දෙන්න."
ෂ්‍යාඕ චීයේ ඇසුවේ, "ඔබ ඇත්තටම අදහස් කරන්නේ ඒකද?"
ෂෙන් සෙචුවාන් ඒ වන විටත් හඬා වැටෙමින් සිටියේය. ඔහු දැඩි ලෙස හිස වැනුවේය.
ෂ්‍යාඕ චීයේ කසය ආපසු ගත්තේ ය, “ඔබට ඕනෑම දෙයක් කියන්න පුළුවන්, නමුත් කවුද දන්නේ ඒවා ඇත්තද නැද්ද කියලා. මේක කොහොමද? සුනකයෙක් මෙන් කිහිප වතාවක් බුරන්න. මම සෑහීමකට පත් වුනොත්, මම අද රෑ ඔබට යන්න දෙන්නම්."
ෂෙන් සෙචුවාන් කිසිවක් කීවේ නැත.
සේනාධිනායකවරයා ෂ්‍යාඕ චීයේ ගේ දෑසින් බියට පත් වූ අතර ශෙන් ස'චුආන් ව කිහිප වතාවක්ම තල්ලු කළේය. ෂෙන් සෙචුවාන්ගේ මුහුණෙන් වර්ණය බැස ගිය අතර ඔහු බියගුලු ලෙස, "... අඩුම තරමින් මට එය තනිවම කිරීමට ඉඩ දෙන්න."
"බුරපං." ෂ්‍යාඕ චීයේ කෙටියෙන්ම ඔහුට පැවසීය.
සේනාධිනායක අණ දෙන නිලධාරියාට ක්ෂණික සහනයක් දැනුණු අතර ප්‍රීතියෙන් ෂෙන් ස'චුවාන්ට පැවසීය. “බුරපං, එන්න අපි සෙල්ලමි කරමු..."
ෂ්‍යාඕ චීයේ ගේ බැල්ම සේනාධිනායකවරයා ගේ මුහුණ මත පතිත විය. ඔහුගේ දණහිස් දුර්වල විය. ඔහු තමාව පෙන්වා “මම, මම ද? අනේ… ඇත්තටම ද!"
දත්මිටි කමින් ඔහු බෝලයකට ගුලි වී හිම මත වට කිහිපයක් පෙරළී මඳ දුරක් සිටගෙන සිටියේය.
ශෙන් ස'චුආන් ශීතල ලෙස ෂ්‍යාඕ චීයේ ගේ සවන අසලට ගොස් කොදුරන්නට විය. "... ඔබ මට දැන් යන්න දුන්නත්, මම ඔබට කොහොම යන්න දෙන්න ද?"
ෂ්‍යාඕ චීයේ ශෙන් ස'චුආන් ගේ අත අල්ලාගෙන එය බලහත්කාරයෙන් පහළට දැමූ විට හිම කැබලි හදිසියේම ඉහළට පියාසර කළේය. නපුරු ප්‍රකාශයකින් ඔහු පැවසුවේ “දැන් ඔබේ සැබෑ වර්ණය පෙන්නුවා නේද, හහ්. මම කල්පනා කළේ ඔබ කරන මේ අසරණ සහ අනුකම්පා සහගත ක්‍රියාවෙන් කුමක් වෙවිද කියලයි! ”
දෙදෙනාම හදිසියේම හිම මත පෙරළී ගියහ. ඔහුගේ දෑත් මාංචු වලින් අල්ලා ගනිමින්, ෂෙන් සෙචුවාන් ෂ්‍යාඕ චියේගේ යටි බඩට පයින් ගසා නැගිටීමට උත්සහ දැරුවේ ය. “අධිරාජ්‍ය ආඥාව වූයේ මා සිරකර තබන්නයි. එහෙත් ෂ්‍යාඕ වංශය මගේ ජීවිතය නැති කරලා දාන්න අධිරාජ්‍ය ආඥාව නොතකා හරින්න එඩිතර වුණා. අද රෑයින් පස්සේ..."
ෂ්‍යාඕ චීයේ ඔහුගේ විලංගු වලින් ශෙන් ස'චුආන් ඔහු දෙසට ඇදගතතේ ය.
ශෙන් ස’චුආන් බිමට තදින් ගසමින් දත්මිටි කමින් කෑගැසුවේය. "-ඔබ සියලු දෙනාම අධිරාජ්‍ය ආඥාව නොතකා හැරපු ෂ්‍යාඕ වංශයේ හවුල්කරුවෝ විතරයි! මගේ මරණය ගැන පසුතැවිය යුතු නැහැ, නමුත් අධිරාජ්‍ය හමුදාව අද රාත්‍රියේ මා සමඟ මිය යාවි! ”2
ෂ්‍යාඕ චීයේ පිටුපසින් ශෙන් ස'චුආන් ගේ ගෙල අල්ලා ඔහුගේ හිස එසවීමට ඔහුට බල කළේය. ඔහු කෙටි සිනහවක් පාමින් රළු ලෙස පැවසුවේය.
“තමුන් ගැන සිතන්නේ රත්තරන් පුත්‍රයෙක් විදිහට ද? උඹ එක්ක මැරෙන්න? උඹ ඒතරම් වටිනවාද?! උඹව මරලා දාන එක වල්පැලෑටි උදුරා දමනවා තරම් පහසු දෙයක්!”
ෂෙන් සෙචුවාන්ගේ හුස්ම ගැනීම අපහසු විය. ඔහු හදිසියේම සිය විලංගු ෂ්‍යාඕ චියේගේ ගෙල වටා දමා ඔහුගේ මුළු ශක්තියම වැය කොට දෙවැන්නා ව බිමට ඇද දැමීය. ෂ්‍යාඕ චීයේ මෙම පියවර ට නොදැනුවත්වම හසු විය. ඔහු දෑත් ඔසවද්දී, ශෙන් ස’චුආන් ඔහුගේ පපුවට පා පහර දුන්නේය. දෙදෙනාම එකවරම උඩු යටිකුරු විය.
"වල් අදිනව වගේ මාව මරන්න ද ඔනේ" ශෙන් ස’චුආන් ඔහුගේ හිස නමා ෂ්‍යාඕ චීයේ ගේ දෑස් දෙස බලමින්, අවුල් වියවුල් මධ්‍යයේ අවසානයේ ඔහුව දෑසින් හමුවිය. ඔහු ගොරෝසු හඬින් කීවේ ය. “ඔබට අවස්ථාව මඟ හැරුණා. ඉදිරි කාලය තුළ දඩයක්කාරයා කවුද, හාවා කවුද කියලා හොයලා බලන්න! ”
ෂ්‍යාඕ චීයේ ගේ ඝාතනය කිරීමේ චේතනාව ඇවිළී තිබුණි. "මම හැම එකෙක්වම මරනවා!"
මෙම හදිසි වෙනස නිසා බළකායේ අණදෙන නිලධාරියා බියට පත් වූ අතර ඔවුන් නතර කිරීමට දිව ගියේය. “ස්වාමියාණෙනි! ඔබතුමා ඝාතනය කරන්න එපා!
"ඒක හරි!" ශෙන් ස’චුආන් කඩා වැටුණා. "දෙවන තරුණ ස්වාමියාට අද රෑ මාව මරන්න ඕනේ වෙලා!"
"තගේ කට වහපං!" ෂ්‍යාඕ චීයේ ඔහුගේ කට වසා ගැනීමට හදිසි පියවරක් ගත්තේය.
ෂෙන් සෙචුවාන් ඔහුට තදින් සපාකෑමට ඔහුගේ මුඛය විවෘත කරන බව කවුද දැනගෙන හිටියේ? ඔහු ෂ්‍යාඕ චීයේ ගේ සිරුර හපා කෑවේය , ඒ වන විටත් ෂ්‍යාඕ චීයේ ගේ මාපටැඟිල්ල සහ දබරැඟිල්ල අතර සම තුවාල වී තිබුණේ ය..
ෂ්‍යාඕ චීයේ සීතල කටහඬින් පැවසීය, “උඹ හිතනවද මේවගේ දෙයක් කරලා ලැජ්ජ නැතුව රඟපාලා ඒක වහගන්න පුළුවන් කියලා? තමුන්ගේ සටන් කලාවේ දක්ෂතාවය කිසිසේත් සාමාන්‍ය දෙයක් නෙමෙයි!"
සේනාධිනායකවරයා ට ඔවුන්ව නැවැත්වීමට නොහැකි වූ අතර ඔහු ඉක්මනින් උදව් ඉල්ලා සිටියේය. "ඉක්මනට එයාව අයින් කරන්න!"
ශෙන් ස'චුආන් ගේ දත් අතරින් ලේ ගලමින් තිබුනත්, ඔහු එයට ඉඩ දීම ප්‍රතික්ෂේප කළේය. ෂ්‍යාඕ චීයේ මේ වන විටත් සන්සුන්ව සිටියේය. ඔහු ෂෙන් සෙචුවාන් අල්ලා ඔහුගේ පිටුපස කොලරයෙන් ඔසවා ඉවතට විසි කළේය. ඔහුගේ දෑතෙි හි වේදනාව විනිවිද ගියේය. එහෙත් ෂෙන් සෙචුවාන්ගේ දෑස් ෂියාඕ චියේගේ මතකය තුළට තදින් කාවැදී තිබුණි.
"තරුණ ස්වාමියාණෙනි!" ෂාඕ හුයි අශ්වයා පිට නැගී කෑගැසුවේය.
ෂ්‍යාඕ චීයේ හිස හරවා බැලූ විට තම වැඩිමහල් සහෝදරයාද අශ්වයා පිට නැගී සිටිනු දුටුවේය. දෙවැන්නා ඒ වන විටත් බැස ඔහු දෙසට ඉක්මන් වෙමින් සිටියේය. ඒ මොහොතේම ඔහුට ලැජ්ජාවක් දැනුනි. එය හරියට කවුරුහරි ඔහුගේ සම ගලවා ඔහුගේ නොවටිනා මුල් ආත්මයට නැවත පහර දුන්නාක් මෙනි.
ෂ්‍යාඕ ජීමිං එක දණහිසකින් දණ ගසාගත් අතර, ශෙන් ස'චුආන් ට වහාම යන්නට ඉඩ හැරියේය. ෂ්‍යාඕ චීයේ ගේ දෑත දරුණු ලෙස විකෘති වී ඇති අතර එහි දත් සලකුණු ගැඹුරු ලෙස සලකුණු වී තිබුණි.
"ඇයි රණ්ඩු වුණේ?" ෂාඕ හුයි ඉතා සමීපව පසුපසින් ගොස් ඔහුගේ තුවාලය බලන්න ට විය.
"ඔහුව හිර කරන්න." ෂ්‍යාඕ ජීමිං ගැඹුරු හඬින් කීවේය.
ෂාඕ හුයි ශෙන් ස'චුආන් ව රැගෙන ඇතුලතට ගියේ ය..
"තරුණ ස්වාමියා මත්පැන් පානය කරලා." ෂ්‍යාඕ ජීමිං සේනාධිනායකවරයා දෙස බලා
“අද රාත්‍රියේ සිදු වූ දෙය පිටතට යාමට ඉඩ දෙන්න එපා. මම පෞද්ගලිකව උතුමාණන් ගෙන් සමාව අයදිනවා.”
අණදෙන නිලධාරියා කිහිප වතාවක්ම ඔහුව අමතා නැවත නැවතත් කීවේ, “මම වැඩ පිළිවෙල පරම්පරාගත කුමාරයාට භාර දෙනවා!”
ෂ්‍යාඕ ජීමිං නැගී සිටියේය. ෂාඕ හුයි ඒ වන විටත් මිනිසාව නැවත දේවමාළිගාවට විසි කර තිබුණි. එය දුටු ඔහු සේනාංකාධිපතිට පැවසුවේ ය
“අද රාත්‍රියේ අපේ අධිරාජ්‍ය හමුදාවේ සහෝදරයන්ට තරුණ ස්වාමියා ව නිරුපද්‍රිතව නිවසට යැවීමට අපහසු වේවි. ශීත ඍතුවේ රාත්‍රියේ දි ආරක්ෂා වීම පහසු නැහැ. උණුසුම් වයින් පානයකට ඔබ සැමට ආරාධනා කිරීමට මම කැමතියි. විවිධ තනතුරු දරණ අය මේ ආරාධනය ප්‍රතික්ෂේප නොකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා"
නැතැයි කීමට තරම් නිර්භීත නොවූ සේනාධිනායකවරයා උපායශීලීව එකඟ විය.
වචනයක් හෝ කතා නොකළ නිශ්ශබ්දතාවයක සිටියත් ෂ්‍යාඕ ජීමිං ෂ්‍යාඕ චීයේ දෙස බැලුවේ ඉන් පසුවය.
ෂ්‍යාඕ චීයේ දෑතේ වූරුධිරය පිසදහමා ගත්තේ නැත. ඔහුට යමක් කීමට අවශ්‍ය වූ නමුත් ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඒ වන විටත් අශ්වයා පිට නැගීමට හැරී ඇති බව ඔහු දුටුවේය.
"දා ග'."
ෂ්‍යාඕ චීයේ ඔහුට මුමුණමින් කතා කළේය.
ෂ්‍යාඕ ජීමිං ඔහුට සවන් දුන් නමුත් ඔහු තම අශ්වයා හසුරවාගෙන පිටව යන්නට විය.
පරිවර්තන සටහන්
滚 / Scram බිරීම.
陪葬 සමහර රාජ්‍ය වංශවල රජතුමා මැරුණාම බිරින්දෑවරුත් සියදිවි නසන්නවා. අන්නඒ වගේ ශෙන් ස'චුආන් මැරුනාම අධිරාජ්‍ය ආරක්ෂකයොත් මියයාවි කියලයි කියන්නේ.
Comments
Post a Comment