Skip to main content

එකොළොස්වන පරිච්ජේදය : අළුත් අවුරුද්ද

 

 




ශෙන් ස'චුආන් ගේ විලංගු ඉවත් කරන ලදී. අණදෙන නිලදාරීවරයාගේ කෙඳිරිලි හඬට සවන් දෙමින් ඔහු තම මැණික් කටුව චලනය කරන්නට විය. ජි ගැන් අත් කරත්තය තල්ලු කර අධිරාජ්‍ය හමුදාව ට හමුදාවට මත්පැන් බෑම ඉක්මනින් අවසන් කළේය. රළු රෙද්දක් හිස වටා ඔතාගෙන ඔහු ඔවුන් වෙත ගමන් කළේ ය.

වසන්තයට පෙර මළුව පිළිවෙළකට සකස් කර අවසන් කරන ලෙස ජී ගැන්ට නියෝග කිරීමෙන් පසු, අණදෙන නිලදාරියා නැවතත් පිටතට ගියේ සිද්ධිය ගැන කිසිවක් නොකියන ලෙස එදින රාත්‍රියේ මුර රාජකාරියේ යෙදී සිටි පිරිසට උපදෙස් දීමටය.

"ඔබට තුවාලද?" ජී ගැං ශෙන් ස'චුආන්  ගේ අත ඇල්ලීය.

"නැහැ" ශෙන් ස'චුආන්  ඔහුගේ  ගෙල වසාගැනීමට අත එසවූ අතර එහිදී ෂියාඕ චියේ සිදුකළ ගෙල සිරකිරීමේ සලකුණු රැදී තිබුණි. ඔහු " ෂිෆු " යැයි පැවසුවේ ය.

ජි ගැන් අසන්නට විය., "කොතනද රිදෙන්නේ?"

ශෙන් ස'චුආන්  හිස සැලුවේය. ඔහු එය මොහොතක් සලකා බැලුවේ ය, “ඔහුගේ බාහිර සටන් කලාව1 ශක්තිමත් වගේම  දරුණු යි, ඔහුගේ හස්ත සහ පා පහර බලවත්. ඒවා මට හුරුපුරුදු බවක් දැනුනා. ”

ජී ගැන්ගේ පිළිස්සී විරූපී වූ මුහුණ පුදුමයෙන් ඔඳවැටී ගියේ ය. ඔහු පැවසුවේ ය, “අපේ ජි වංශයේ සටන් ක්‍රමය කිසිම වෙලාවක පිටස්තරයින්ට ලබා දුන්නේ නැහැ.

"ඔහු පහර දුන් වෙලාවේ ඔහුගේ චලනයන්ට විරුද්ධ වෙන්න මම එඩිතර වුනේ නැහැ."

මුවේ රුධිර රසය ශෙන් ස'චුඇන්ට තවමත් දැණුනි. ඔහු දිව අගින් දත්වල දාර ලෙවකමින් මොහොතක් කල්පනා කළේය. ඔහු පැවසුවේ ය.

ඔහුට ඉඟියක් ලැබේවි කියලා මම බිය වුනා, ඒ නිසා මම ඔහුට විරැද්ධ නොවී ඉන්න තීරණය කළා. හැබැයි මට රඟපාලා ඔහුව රවට්ටගන්න නම් නොහැකිවුනා. ෂිෆු ඇයි ඔහු මට මේ තරම් වෛර කරන්නේ? ඇදුරුතුමා  වත්මන් දේශපාලන තත්ත්වය ගැන කතා කළා. ඔහු වඩාත් පිළිකුල් කළ යුත්තේ ඇය ප්‍රමුඛව සිටින වැන්දඹු අධිරාජිනියගේ ඥාතීන් පිළිබඳ නොවේද?”

"ඒ අවජාතකයා මත්පැන් පානය කරලා!" ජී ගැන් පැවසුවේ පිළිකුලෙන් යුතුවය. “එමෙන්ම හිරිහැර කරන්නන් සෑම විටම දුර්වලයන් තෝරා ගන්නවා. ඒ නිසා ඔහුට එන්න පුළුවන් ඔබ වෙතට විතරයි.

ශෙන්ස 'චුඇන්  ඔහුගේ වම් අත දිගු කළේය. “ඔහු මේක හොය හොය හිටියේ. ෂිෆු එය ගැන මොනවහරි දන්නවා ද?"

ඔහුගේ අත්ල මත නිශ්ශබ්දව වැතිර සිටියේ එම පැරණි හා දිරාපත් වූ අස්ථි මුද්දයි.

"හමුදාවේ සිටින ආකර්ෂණීය හස්ත ශක්තියක් ඇති අය බොහෝ විට විශාල දුනු භාවිතා කරනවා, ඔවුන් දුනු නූල අදින විට මෙවැනි මාපටැඟිලි මුදු පළඳිනවා."

ජි ගැන් මාපටැඟිලි මුද්ද හොඳින් පරීක්‍ෂා කරමින් පැවසුවේ, “මෙවැනි දේවල් පළඳින්නේ බොහෝ විට ලිබෙයි අශ්වාරෝහකයන්ගේ ස්වර්ගයේ මහා දුන්න හසුරවන අයයි.. කොහොමවුනත් , මේ ෂ්‍යාඕ දෙවන තරුණ ස්වාමියා  යුද්ධයට යන්නේ නැහැ. ඉතින් ඔහු මේක පැළඳගෙන ඉන්නේ මොකටද?"

ෂ්‍යාඕ චීයේ නිහඬව නිදාගත්තෙ ය . ඔහුව අවදි කළේ ලූ ගුඅන්බයි  ය. 

"ඔබ ඊයේ අදහන්න වටින වැඩක්නෙ කළේ." ලූ ගුඅන්බායි  පසුබට වූයේ නැත. ඔහු පුටුවේ වාඩි වී පැවසුවේය. “තමුන්ට දැන් තනතුරක් ලැබුණා විතරයි, ඔබ දැනටමත් ගොස් කරදරයක් හොයාගෙන. ජිමිං මාලිගාවට යන්න නිවසින් පිටවෙලා යනවා මම දැක්කා"

ෂියාඕ චියේගේ උගුරට අපහසුවක් දැනුණේ ඔහු ඇඳ ඇතිරිල්ල යට වැතිර සිටි බැවිනි. ඔහු පැවසුවේ ය, "මම ඕනෑවට වඩා පානය කළා."

"තව දින කිහිපයකින් අපි අගනුවර හැර යනවා." ලූ ගුඅන්බායි ඉතා උනන්දුවෙන් කීවේය. “මේ විදියට දිගටම මත්පැන් පානය කරන්න දෙන්න  බෑ. ඔබේ සටන් කලාව නිෂ්ඵල වෙලා ශරීරය වැහැරෙනකල්ම මත්පැන් පානය කරන්න ද ඔබ හදන්නේ? ”

ෂ්‍යාඕ චීයේ  පිළිතුරු දුන්නේ නැත.

ලූ ගුඅන්බායි තවදුරටත් පැවසුවේ, “ඊයේ රාත්‍රියේ භෝජන සංග්‍රහයේදී ඔවුන් ඔබේ වැඩිමහල් සහෝදරයාගේ හදවත විනාශ කළා, ඒ නිසාවත් ඔබ ඔහුට යම් අවබෝධයක් පෙන්විය යුතුයි. ඔහු ලිබෙයි හමුදා කටයුතු සමඟ කාර්යබහුලයි වගේම, ඒ අතරේ, ඔබේ නෑනා ගැන සැලකිලිමත් වෙන්න වෙලා. දැන් ඔහුට ඔබව මෙතන දාලා යන්න වෙනවා. ඔහුට භයානක බවක් දැනෙනවා. ආ යේ, ඔහු ගැන අන් අය ඉදිරියේ උසස් ලෙස කතා නොකරන්නේ කවුද? ඒත් ඒ හැමෝගෙම බලාපොරොත්තුව ඔහු යුද්ධයට යන හැම වෙලාවකම ආයෙ එන්නෙ නෑ කියලා හිතන එකයි. මේ අය වෙනුවෙන් ඔහුට වසරින් වසර යුද බිමට හමුදා මෙහෙයවීමට සිදුවෙනවා. ඔහුම ඒක නොකිව්වට, ඔහුත් මස් හා ලේ වලින් හැදුණු අයෙක්. ඉතින් ඔහුට හානියක් නොවන්නේ කොහොමද? ”

ෂ්‍යාඕ චීයේ ඇඳ ඇතිරිල්ල ඔසවා දිගු සුසුමක් හෙලුවේය. ඔහු අසන්නට විය, "ඔබ කියපු කිසි දෙයක් මට තේරෙන්නෙ නැහැ?"

"ඔබට තේරෙන්නේ මොනවද?" ලූ ගුඅන්බායි  ඔහුගේ අතේ තිබූ අවසරපත  ෂ්‍යාඕ චීයේ වෙතට විසි කර, "ඔබට තේරෙනවා නම්, නැඟිටලා ගිහින් ඔබේ වැඩිමහල් සහෝදරයාගෙන් සමාව ඉල්ලන්න" යනුවෙන් පැවසීය.

ෂ්‍යාඕ චීයේ අවසරපත රැගෙන වාඩි විය.

ලූ ගුඅන්බායි  තම අතේ වෙළුම් පටියක් දමා තිබූ තුවාලය දෙස බලා සිනාසෙන්නට විය. ඔහු හිඳගෙනම *තොණ්ඩුව කෑවේය* “ඇයි ඔබ ඔහුව  අවුස්සලා තියෙන්නේ? ඔබ සෑහීමකට පත් වෙන්න කළින් ම ගිහින් ඔබවම හපා ගත්තා!” 

"මම ඔහුට ගායනා කරන්න කිව්වා." ෂ්‍යාඕ චීයේ පැවසීය. “ඒත් ඔහු කිව්වා මට ඔහුගේ  ජීවිතය ඕනවෙලා කියලා. කොහොමද මේ මිනිහා මාව පරාජය කළේ?"

වීදියේ සිරකර සිටින සිරකරුවෙකු සමඟ සටනක් ආරම්භ කිරීමට ඔබ ඒ වෙලාවෙ හොඳ මනෝභාවයකින් සිටියේ නැහැ. වාසනාවකට මෙන්, ජිමිං නියමිත වේලාවට ළඟා වුනා. එසේ නොවුනනං අද ආයෙමත් නගරයේ තවත් කලබලයක් ඇති වෙනවා. "ලු ගුඅන්බායි ඇසුවා, "ඔබට හොඳටම තුවාල වෙලානේද?"

ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත පරික්ෂා කර බලද්දී ඔහු කෝපයෙන් පවසන්නට විය., "ඔහු සුනකයගේ අවුරුද්දෙ ඉපදිලා තියෙන්නෙ."2

ෂ්‍යාඕ ජීමිං නැවත පැමිණියේ සවස් භාගයේදීය. ජාඕ හුයි ඔහු පසුපස හඹා ගිය අතර ෂ්‍යාඕ චීයේ නිහඬව බලා සිටිනු දුටුවේ ය.

" දා ග' ." ෂ්‍යාඕ චීයේ කතා කළේය.

ෂ්‍යාඕ ජීමිං ඔහුගේ සළුව උණා දැමු අතර ජාඕ හුයි එය අතට ගත්තේ ය. සේවකයෙක් ජලය බේසමක් අතැතිව ඉදිරියට පැමිණියේ ය. ෂ්‍යාඕ ජීමිං ඔහුගේ අත් සෝදා ඔහුව නොසලකා හැරියේය.

ජාඕ හුයි ඔහු දෙසට ආපසු හැරී, “තරුණ ස්වාමියා, ඔබ අද අධිරාජ්‍ය හමුදා පරීක්ෂණයට යන්නේ නැද්ද? ගිහින් හැදුනුම්පත අරගෙන රාත්‍රී ආහාරයට නැවත එන්න."

ෂියාඕ චියේ පැවසුවේ “මගේ වැඩිමහල් සහෝදරයා මට කිව්වොත් මම යන්නම්” කියායි.

ෂ්‍යාඕ ජීමිං  ඔහුගේ දෑත් පිස දමා අවසානයේ ඔහු දෙස බැලුවේය. “ඊයේ රෑ මම ඔබට යන්න කිව්වේ නැහැ, ඒත් ඔබ ඒක නාහා ඉස්සරහට ගියා නේද?”  ඔහු කිව්වේ ය.

ෂ්‍යාඕ චියේ පැවසුවේ ය “මම වැරදි මඟකයි යන්නේ. මට ආයේ ගෙදර යන්න හිතෙනවා.”

ෂ්‍යාඕ ජීමිං අත් පිස්නාව නැවතත් බේසමට දැමුවේ ව, “යන්න යන්න ගිහින් අවසරපත ගන්න, ඊට පස්සෙ ඔබ රෑ කෑමට එන්න” යැයි

ඉන්පසු ෂ්‍යාඕ චීයේ පිටත්විය.

අධිරාජ්‍ය හමුදාව අගනුවර ආරක්‍ෂා කිරීමේ රාජකාරියෙන් නෙරපා හරින ලද බැවින්, එම කාර්යාලය පාළු තත්ත්වයකට පත්ව තිබුණි. ෂ්‍යාඕ චීයේ තම අශ්වයා ඉදිරියට මෙහෙයවූ අතර  ඉණ පටියෙන් සවි කර ඇති කෙටි ඇදුම් වලින් සැරසුණු මිනිසුන් කිහිප දෙනෙකු හිරු රැස් නොතකා ඇවිදිමින් සිටිනු දුටුවේ ය. උදාසීන හා කම්මැලි පෙනුමෙන් යුතු වූ ඔවුන්ගේ වත්වල"හමුදාවකින්" බලාපොරොත්තු වන කිසිඳු වීරත්වයක් නොතිබුණි.

ෂ්‍යාඕ චීයේ ඔහු ගේ අශ්වයා පිටින් බැස ඇතුලට ගියේ ය. ගොඩගැසුණු හිම අහඹු ලෙස ගොඩකට තල්ලු කරමින් මිදුලේ තනි පයින් ගසක් සිටගෙන සිටියේය. වහලයේ රුදී තිබූ හිම කිසිවෙකුත් පිරිසිදු නොකළ අතර  වහලයේ උළු ද අළුත්වැඩියා කිරීමට නියමිතව තිබිණි. 

හොඳයි, ඔවුන් දුප්පතුන්!

ෂ්‍යාඕ චීයේ  දිගින් දිගටම වටපිටාව පරීක්ෂා කළේය. තීන්ත ඒ වන විටත් සමරු ඵලකයෙන් ගැලවී ගොස් තිබුණි. ඔහු පඩි කිහිපයක් බැස ප්‍රධාන ශාලාවට පිවිසීය. ඉන්පසු කසයෙන් තිර රෙද්ද උස්සා මදක් නැමී ඇතුලට ගියේය.

උණුසුම් තාපය සහිත උදුන අසල සිට රටකජූ කෑ මිනිසුන් සිය හිස් ඔසවා ඔහු දෙස බලන්නට විය..

ෂ්‍යාඕ චීයේ තම අශ්ව කසය මේසය මත තබා පුටුව ඉවතට ඇඳ අසුන් ගත්තේ ය "ඉතින්, හැමෝම මෙතන"

ඔහු වටා සිටි මිනිසුන් සියල්ලෝම ඝෝෂාකාරී හඬකින් නැගී සිටියේ, තම පාද යට තිබූ රටකජු ලෙලි චර චර හඬ නැඟෙන සේ පොඩි වී යද්දී ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු හතළිහට වැඩි පැරණි හමුදා පවුල්වල අය වූහ. මෙතරම් කාලයක් අධිරාජ්‍ය හමුදාවේ ත සිටි ඔවුන්ට මුදල් ගසා කෑමට නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කිරීමට දක්ෂ වීම හැර  කතා කිරීමට හැකියාවක් තිබුණේ නැත. දැන් ෂ්‍යාඕ චීයේ ව දකින විට, ඔවුන්ගේ බැල්ම ඉහළට සහ පහළට ගෙන ගියේ යටි චේතනා මනසේ තබාගෙන එකිනෙකා දෙස හොර බැල්මක් හුවමාරු කර ගැනීමට පෙරය.

"දෙවන තරුණ ස්වාමීනි!" ඔවුන්ගෙන් එක් අයෙක් තම ඇදුම්  පිසදමා සිනාසෙමින් පැවසුවේ ය “ඔබ අද අවසරපත ගන්න එනකල් අපි මඟ බලාගෙන සිටියේ!

ෂ්‍යාඕ චීයේ  පැවසුවේ, “මම දැන් මෙතන ඉන්නවා, එහෙම නේද? අවසරපත කොහෙද?"

මිනිසා සිනාසෙමින් පැවසුවේ ය.“අපි අද උදෑසන ඔබ එනතුරු බලා සිටියා, නමුත් ඔබ ආවේ නැහැ.රාජකාරී අමාත්‍යාංශයෙන් අපිට රාජකාරී වලට වාර්ථා කරන්න කියපු නිසා සහකාර අණදෙන නිළදාරිතුමා මුලින් ම එය අතට ගත්තා. ඔහු එන්න ටිකක් ප්‍රමාද වේවි. ඔහු ආපසු ආවට පස්සෙ, මම ඒක ඔබේ නිවසට දෙන්න වෙන අයෙක්ව එවන්නම්."

ෂ්‍යාඕ චීයේ ඔහුගේ සිනහවෙන් නැවත සංග්‍රහ කළේ ය "හා ඒ ඔබද?"

, "මම? මට ලාඕ චෙන් කියන්න!4 මම දීචෙං සමාගමේ සමාගම් අණදෙන නිලධාරියා..5 හුආ ෂීසන් ස්වාමිතුමා මාව උසස්වීමක් සඳහා නිර්දේශ කළා, ඒ නිසා මම දැන් අපේ අධිරාජ්‍ය හමුදාවේ ඉන්නේ."

"ඒක අමුතුයි." එක් අතක් පුටුවේ මිට මත තබා ගත් ෂ්‍යාඕ චියේ තම සිරුර පැත්තකට හේත්තු කර ලාඕ චෙන් දෙස බැලුවේය. “ අධිපති තනතුරට පහළින් රාජකීය ආරක්ෂකයන් ගේ  ප්‍රාදේශීය උප ආඥාපතිවරයා ඉන්න ඕනේ. එ්ක සහකාර හමුදාපතිවරයෙකු අතට පත් වුනේ කොහොමද?

"ඔබ ඒ ගැන දන්නෙ නෑ ඒත්..." ලාඕ චෙන් ෂ්‍යාඕ චීයේ  සාවධානව සවන් දී සිටිනු දුටු විට, දුන්නකට නැමී සිටි ඔහුගේ ශරීරය, නොසැලකිලිමත් ලෙස සෘජු විය. “පසුගිය වසරේ ෂොංබෝගේ හමුදා පරාජයට පත් වූ නිසා, ජින්චෙං වල ධාන්‍ය නැව්ගත කකරන්න නොහැකි වුණා. ඒ හින්දා චූදු වල හදිසි ආහාර හිඟයක් ඇති වෙන්න හේතු වුණා. පුද්ගල අමාත්‍යාංශයේ නිලධාරීන්ට වාර්ෂික වැටුප ගෙවාගන්න බැරි වුනා. ඒ නිසා ඔවුහු අධිරාජ්‍ය හමුදා කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ වැටුප අඩකින් කපා දැම්මා. දැනට අපිට උප හමුදාපතිවරයෙක් නැහැ. සමීපතමයා සහකාර හමුදාපති සාඕ. ඉතිරිව වෙලා ඉන්නේ අපි කිහිපදෙනෙක් විතරයි"

"ඉතින් තමුන් කියන්නේ." ෂ්‍යාඕ චීයේ  පවසන්නට විය, “ඕනෑම අයෙකුට හමුදාපතිගේ රාජකාරි අවසරපත අතට ගන්න පුළුවන් කියලා ද?”

ඉස්සර අපේ සාමාන්‍ය පුරුද්ද වුණේ අවසරපත නිකම්ම දෙන එක. වැඩ අමාත්‍යාංශයේ කර්තව්‍යයන් වලදි අපිට බලාගෙන ඉන්න බැහැ ඒ සේරම මාළිගාවට යටත් නිසා. අපි නිහතමානී වුනත් අපේ වචන වල කිසි වැදගත්කමක් නෑ. කාගෙවත් හිත රිද්දන්න අපිට හැකියාවක් නැහැ. අපිට විකල්පයක් නැහැ.” ලාඕ චෙන් දොස් පැවරීමට පටන් ගත්තේය. "මෙය නීතිරීතිවලට පටහැනි යැයි ඔබ සිතනවා නම්, ඔබ එය වැඩ අමාත්‍යාංශයට පැහැදිලි කළ යුතුයි."

"මම අධිකාරියේ සංකේතයක් සහිත නීත්‍යානුකූල ස්වාමියෙක්." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය.

ඇයි මම වැඩ අමාත්‍යාංශයට පැහැදිලි කරන්න ඕනේ? අධිරාජ්‍ය හමුදාවට ඉහළින් අණ දෙන තැනැත්තා අධිරාජ්‍යයා යි. ඉස්සර අධිරාජ්‍ය හමුදාව අමාත්‍යාංශ හයකට උදව් කළේ මිත්‍රත්වය නිසා  අපේ උදව් ඕන උනාම උන් එක්ක ගිණුම් බේරගන්නෙ නැතුවයි. නමුත් අද සිට ශ්‍රම බලකාය අවශ්‍ය ඕනෑම කෙනෙකුට, ඔවුන්ට අදාළ කාර්යයන් පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් සහ කාලසටහන් පිළිබඳ පැහැදිලි ගිණුම්කරණයක් ලබා දිය නොහැකි නම්, ඔවුන් මගේ මිනිසුන් යෙදවීම ගණන් නොගැනීම හොඳයි."

"ඔබට ඕන දෙයක් කියන්න පුළුවන්." ලාඕ චෙන් සහ අනෙක් අය සිනාසෙන්නට පටන් ගත්හ. ඔහු පැවසුවේ,

කෙසේ වෙතත්, අපි දැන් මුර සංචාර සහ ආරක්ෂක කටයුතු භාරව ඉන්නේ නැහැ. අපි වැරදි-දුවන්නන් සහ අමුතු රැකියා කම්කරුවන් විතරයි! අමාත්‍යාංශ හයේදී උදව් කිරීමෙන් අපට තවමත් ප්‍රයෝජනවත් බව ඔප්පු කරන්න පුළුවන් . අනික අධිරාජ්‍යයා පහුගිය අවුරුදු කිහිපය පුරාවටම මේ ගැන වචනයක්වත් කිව්වේ නැහැ. දෙවන තරුණ ස්වාමීනි, ඔබේ සාක්කුවේ මුදල් තිබීම සහ අධිරාජ්‍ය අධිකරණයේ මිතුරන් සිටීම තරම් හොඳ නැහැ. ඔබ අතීතයේ ලිබෙයි හි ජීවත් වුනත් අධිරාජ්‍ය හමුදාවේ තත්වය ලිබෙයිහි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට වඩා වෙනස්. සමහර දේවල් සරලව මෙතන වැඩ කරන්නේ නැහැ! එපමණක් නොව, අපේ අධිරාජ්‍ය හමුදාව අට මහා පුහුණු අංශ සඳහා ගැලපෙන්නෙත් නැ. කවු-"

ෂ්‍යාඕ චීයේ නැගිට්ටේ ය, "ඔබ ව මෙහි තනතුරකට නිර්දේශ කළේ කවුරු කියලද කිව්වේ?"

ඔහු කොන්ද කෙළින් කරන විට ලාඕ චෙන් ගේ මුහුණ දිලිසෙන්නට විය. ඔහු එය තුන් වතාවක් හයියෙන් පුනරුච්චාරණය කිරීමට ඔහුට බලකෙරුණේ ය.. “ හුවා ෂිසන්! ඔබත් ඔහුව දන්නවාද? ඔහු සාමාන්‍ය උපතක් ලද වැන්දඹු අධිරාජිනියගේ මුනුපුරා. ඔහු තුන්වන උත්තමාවිය ගේ-"

ඔහුගේ පාදය එසවීමෙන්, ෂ්‍යාඕ චීයේ ඔහුට පා පහරක් එල්ල කළේ ය! ලාඕ චෙන් තවමත් දිලිසෙන මුහුණකින් කතා කරමින් සිටි අතර, පයින් පහර ඔහුට හසු වූ අතර ඔහු පෙරළී මේසයට සහ පුටුවට කඩා වැටුණි. තේ පෝච්චිය බිමට කඩා වැටුණේ තේ බිම පුරා විසිර යමිනි. එය ලාඕ චෙන් නැවතත් ඔහුගේ සිහිකල්පනාවට පත් කළ අතර, ඔහු බඩගාගෙන බිම දණ ගසන විට ඔහු වෙව්ලන්නට විය.

"හුආ වංශයේ උපභාර්යාවක් විසින් ඇති දැඩි කරන බළලෙක්." ෂ්‍යාඕ චීයේ මේසය මත වූ රටකජු ලෙලි පසෙකට විසි කළේය.

ඔහු ඉස්සර මගේ සපත්තු රුගෙන ගියා. ඔහු මොනවගේ  බලගතු ආධාරකරුවෙකු කියලද ඔබ හිතන්නේ? හොඳම දේ නම්, ඔහු කුඩා අලයක් විතරයි. මට අවශ්‍ය ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා අධිපති රාජකාරි අවසරපත. ඒ වෙනුවට, ඔබ මට නීති රීති කියලා දෙන්න එනවා. මම කවුද කියලාවත් කියන්න බැරි තරමට තමුන් අන්ධ වෙලාද? මෙතැන් සිට අධිරාජ්‍ය හමුදාවේ අවසාන ප්‍රකාශය හිමි වන්නේ මටයි!”

ලාඕ චෙන් තම දෑතින් ම ඔහුට ආචාර කළේය. රළු පිබිදීමක් ලැබුණු ඔහු කඩිමුඩියේ පැවසුවේ “දෙවැනි තරුණ ස්වාමීනි, දෙවන තරුණ ස්වාමිනී…"

"කවුද තමුන් ගේ &--$ දෙවෙනි කරුණ ස්වාමියා?" ෂ්‍යාඕ චීයේ  ගේ දෑස් දැඩි සහ සීතල විය. “අධිරාජ්‍ය යුධ ආණ්ඩුකාරධිපති සෙනෙවිවරයා විදිහට, මමයි ඔබේ ජීවිතය පාලනය කරන ඔබේ ස්වාමියා. මට කලින් ඇවිත් මහා දේශප්‍රෙමියෝ වගේ පෙනී ඉන්නවද? වැඩ අමාත්‍යාංශයට තම ශ්‍රමය වෙනුවෙන් මිනිස් බලය අවශ්‍ය වෙනවා, යොදවා ඇති සියලුම අය අධිරාජ්‍ය හමුදාවේ අය. ඒ අතර මුදල් හුවමාරු කර ගැනීමක් තිබුණේ නැත්තං, ඔබ ඔවුන්ගේ දෙපා ලඟට යන්න තරම්වත් වටිනවා ද? පහල ඉන්න හැමෝම මැරෙනකම්ම වැඩ කරනවා, ඒත් ඔබ නිසැකවම ඇඟිල්ලක්වත් උස්සන්නෙ නැතුව ඔබව තරබාරු විදිහට තියාගෙන ඉන්නවා නෙමෙයි ද? ඔහු ඔබව ආරක්ෂා කරන බව හුවා ෂිසන් පැවසුවා, ඔබ සැබවින්ම සිතන්නේ මරණයෙන් නිදහස් වෙන රන් අවසරපත ඔබ සන්‍තකයේ තිබෙනවා කියලද??!"

මම එඩිතර වෙන්නේ නැහැ. මම එඩිතර වෙන්නේ නැහැ!” ලාඕ චෙන් ඔහුගේ දණහිස් මත පියවර කිහිපයක් ඇදී ආවේය, “උතුමාණෙනී! මේ නිහතමානී සේවකයා ප්‍රලාප දෙඩෙව්ව...

"පැය භාගයක් ම."ෂ්‍යාඕ චීයෙ පැවසීය.

අධිකාරී අවසරපත, නාම ලේඛනය සහ සොල්දාදුවන් විසි දහසක්. මට ඒවා සියල්ලම පරීක්ෂා කිරීමට අවශ්‍යයි. එකක් හරි නැති උනොත් තමුන් ඒක පියවන්න වෙන්නෙ තමුන්ගේ හිසෙන්.

ලාඕ චෙන් කඩිමුඩියේ නැඟිට පිටතට දිව ගියේය.

විවිධ ජෙනරාල්වරු දින කිහිපයකට පසු අගනුවර හැර ගියහ. ෂියන්දේ අධිරාජ්‍යයා ෂ්‍යාඕ ජීමිං පිටත් කර හැරීමට නිලධාරීන් සිය ගණනක් මෙහෙයවීය. අධික හිම මැද ෂ්‍යාඕ ජීමිං ව දෑතින් අල්ලාගෙන සිටි ඔහු කඩින් කඩ කහින්නට විය.

"ජිමිං." ෂියන්දේ අධිරාජ්‍යයා සළුවකින් වැසී සිටි නමුත් ඔහු තවමත් බියජනක ලෙස කෙට්ටු විය. ඔහු කීවේ ය “අපට ආයේ මුණගැසෙන්න පුළුවන් ලබන වසරෙයි. ලිබේ දේශසීමාව නොසන්සුන් වෙලා. බියැන්ෂා අශ්වාරෝහක හමුදාව ඉවත්ව ගියත්, ඔවුන් තවමත් අපට හිස නමා යටත් වීම ප්‍රතික්ෂේප කරනවා. බ්‍යැන්ෂා වංශ දොළොසේ දූෂිත අභිලාෂයන් සියල්ලන්ටම ඕනෙ වුනදෙ පැහැදිලියි. ඔබ මගේ විශ්වාසවන්ත නිලධාරියෙක්, ඒ වගේම දජෞ හි නිර්භීත ජෙනරාල්වරයෙක්. ඔබ කරන සෑම දෙයකදීම කල්පනාකාරී වෙන්න ඕනේ"

අපි මේ වතාවේ ප්‍රමාද වී ඔබ වහන්සේ බේරා ගන්න ආවේ, නමුත් අධිරාජ්‍යයා තවමත් අපට අනුග්‍රහය දැක්වූවා. පියාට මෙන්ම මේ නිහතමානී සේවකයාටද දැනෙන්නේ දැඩි වේදනාවක්. අධිරාජ්‍යයාණෙන්  අනාගතයේ දී අණ දෙන තාක් කල්, ලිබෙයි අපි ඔබතුමා වෙනුවෙන් ජීවිතය හා ශරීරය අවදානමට ලක් කරගනිවි." ෂ්‍යාඕ ජීමිං  පැවසීය.

"ඔබේ පියා අසනීප වූ දා සිට, ඔහු වසර ගණනාවක් තිස්සේ මා හමුවුනේ නැහැ." ෂියන්දේ අධිරාජ්‍යයා සෙමෙන් හිස පිටුපසට හරවා නගර දොරටු තුළ ඇති මිනිස් හිස් රාශියක් දෙස බැලීය. ඉන්පසු ඔහු වසර සියයක් පුරා චූදු මතින් වැසී ගිය අසිරිමත් මාලිගය දෙස බැලුවේය. ඔහු මෘදු ලෙස පැවසුවේ,

ශේන් වංශයේ දිවි ගලවා ගත් සාමාජිකයාගේ කාරණය ක්‍රියාත්මක වූ ආකාරය සමඟ සටන් බිමේ ජීවිත අහිමි වූ සියලුම විශ්වාසවන්ත සොල්දාදුවන්ට මම ඉඩ දුන්නා. ඒත් මම මෙච්චර වෙලා ලෙඩ ඇඳ උඩ ඉඳලා අතපය බැඳගෙන ඉදිද්දිතියෙන ප්‍රශ්ණය තවත් දික්ගැස්සිලා.”

ෂ්‍යාඕ ජීමිං  ඔහුගේ බැල්ම පසුපස ගියේය. ටික වේලාවකට පසු ඔහු පැවසුවේ “චූදු වල සුළඟ සහ හිම හුඟක් රළුයි. උතුමාණෙනි, ඔබගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න”

ෂියන්දේ අධිරාජ්‍යයා ෂ්‍යාඕ ජීමිං  ගේ අත ග්‍රහණය සෙමෙන් මුදා හැර, “මගේ හොඳ පුතා, යන්න” කියා පැවසුවා.

ලූ ගුඅන්බායි අශ්වයා නගරයෙන් පිටතට තල්ලු කළේය. බලාපොරොත්තු වූ පරිදිම කඳු පාමුල මණ්ඩපයේ තනිවම බලා සිටින ෂ්‍යාඔ චීයේ ව ඔහු දුටුවේය. ඈත සිට ෂියාඕ චියේ වෙත විසිල් ගසමින්, “කොල්ලෝ,අපි යනවා!” යැයි පැවසුවේ ය. ඔහු තම අශ්වයා පිට රැඳී සිටියේය.

ෂ්‍යාඕ චීයේ අශ්වයා මෙහෙයවමින් පැවසුවේ ය “ යුධ සහෝදරත්වය තුළ කුණාටු බහුලයි ; යාත්‍රාවක් එහි කපිතාන් නැව අතහැර යාමට බියයි. ඔබ පරෙස්සම් විය යුතුයි!"

ඔබට කියන්න දෙයක් තියෙනවා නම් කියන්න. ඇයි පෙහේලිකා කියන්නේ?" ලූ ගුඅන්බායි දැඩිව සිනාසෙන්නට විය. “නිකන් ඉන්න. අන්තිමට ඔබට දවසක ආපහු ගෙදර එන්න පුළුවන් වේවි.”

"එය ඉරණම මත රඳා පවතින දෙයක්" ෂ්‍යාඕ චීයේ ද සිනාසුණේය.

ඔවුන් පිටුපසින් අශ්ව කුර ගැටෙන හඬ ඇසුණි. ලූ ගුඅන්බායි ආපසු හැරී බැලුවේ ය හිමේ ඔවුන් දෙසට එන අශ්වාරෝහකයා සරල පැරණි වස්ත්‍රයකින් සැරසී කළු හිසකෙස් ඉහළ පෝනිටේලයකින් බැඳ තිබුණි. ලූ ගුඅන්බායි ඉක්මනින් තම අශ්වයා හරවාගෙන කෑගැසුවේය, "සෙන්පතිතුමියනී! අපි එකට පිටත් වෙමු. ”

චී ජූයින් වේගය අඩු කළේය. දිගු කඩුවක් පිටේ තබාගෙන සිටි ඇය පිටත කබායකින් සහ පරණ පිටත සළුවකින් සැහැල්ලුවෙන් සැරසී සිටියාය. යමෙකු ඇගේ පෙනුම දෙස බැලුවහොත්, ඇය හුදෙක් සටන් සහෝදරත්වයේ සාමාන්‍ය කාන්තාවක් වන්නට ඉඩ තිබුණි. ඇගේ මුහුණ පුදුම සහගත සුන්දර මුහුණක් බවට පත් වූයේ සුළඟ පසු වූ පසුවය.

"ඔබේ අශ්වයා දෙවන පන්තියේ." ඇය ඇහි බැම ඔසවා සිනහවක් පෑවාය. "ඒකට මගේ එකාව අල්ලගන්න බෑ නේද?"

නමුත් ලූ ගුඅන්බායි ඌට කැමති විය. ඔහු පැවසුවේ ය,

ඌ සේනාධිනායිකාවගේ අශ්වාරෝහකයා තරම් කඩිසර හා නිර්භීත නැහැ, නමුත් එය යුධ පිටියෙන් දිවි ගලවා ගත් හොඳ පිරිමි ළමයෙක්. අපි තරඟයක් පවත්වමු, දිගටම යන්න පුළුවන්ද බැරිද කියන එක ගැන අපි හොයලා බලමු ."

"දැන්, එතන ඉන්න කෙනා මට වඩා දුර්ලභයි වගේ." චී ජූයි ෂ්‍යාඕ චීයේ දෙස බැලීමට ඇගේ නිකට එසවූවාය. "මා එක්ක හුවමාරු කර ගන්නවද?"

ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වාරෝහකයේ කන් පෙත්තට පහර දුන්නේ ය. “නැහැ, ස්තූතියි. මම කොහොම බැලුවත් මට තමයි පාඩුව තියෙන්නේ.”

චී ජූයින් ඇගේ අත ඔසවා ෂ්‍යාඕ චීයේ වෙත වස්තුවක් විසි කළේ ය. ෂ්‍යාඕ චීයේ  එය අත් දෙකෙන්ම අල්ලා ගත්තේය. එය අසාමාන්‍ය ලෙස බර අවතාර හිස සහිත තලයක් විය.

අලුත් අවුරුද්දට කලින්, ලිබෙයි වල චීදොං වෙනුවෙන් හොඳ සටන් අශ්වයන් කණ්ඩායමක් ඇති කළා, එහි ගෞරවය ඔබට හිමි වෙන්න ඕනේ..ඒ දේ මගේ ගිණුම් පොත්වල ඉන්න හොඳම ශිල්පියා ව්‍යාජ ලෙස සකස් කළා. ඒ සඳහා මට වටිනා ද්‍රව්‍ය රාශියක් වැය වුණා"  චී ජූයින් පැවසුවේ ය,

"ඒ කොහොමද? දැන් නැති වෙන්න විදිහක් නැහැ, හහ්."

ෂ්‍යාඕ චීයේ එය ඔහුගේ දෑතින් බර කර සිනාසුණේය. ඔහු පැවසුවේ, “සෙන්පතිතුමියනි, මෙතැන් සිට ඔබ මගේ ආදරණීය ජීයේජීයේ ! මම ගෙදරින් ගෙනාපු තලය හොඳ වෙන්න පුළුවන්, හැබැයි සැහැල්ලු වැඩියි. මෙය භාවිතා කිරීම තරම් සුමට නැහැ ”

චී ජූයින් පැවසුවා ය., “ජීයෙජීයේ? ඔබ තලය ගලවන තෙක් රැඳී සිටින්න, එවිට ඔබ මට යේ කියලා කියාවි ! ”

ෂ්‍යාඕ චීයේ  ඇසුවේ ය, "මේ අසිපතට නමක් දුන්නද?"

"මම එකක් හිතුවා." ඈ පැවසුවා ය, “අනුකම්පා විරහිත වෘකයා* ගැන කතා කරන තැනැත්තා තමාම සෑහීමකට පත් නොවන සහ නිර්දය ලෙස හැසිරෙනවා.11 එය ඔබට පමණක් පරිපූර්ණ නොවේද?

නමුත් ලූ ගුඅන්බායි පැවසුවේ ය, “අනුකම්පා විරහිත භාවය යන වචනය ටිකක් දරුණු වැඩියි. ඒක නිකන්..."

"දරුණුයි." චී ජූයින් අශ්ව කසය ඉවතට විසි කළ අතර, ඇගේ සෑදලයට යටින් ඇති අශ්වයා ක්ෂණිකව ඉවතට පැන ගියේය. ආපසු හැරී නොබලා ඇය මෙසේ පැවසුවාය, “ලිබෙයි අයෙක් නම් ඔබට අවශ්‍ය වන්නේ ඔහු දරුණු වෙන එක තමයි! ”

අනෙක් පැත්තෙන් ප්‍රධාන හමුදාව ඒ වන විටත් ගමන් ආරම්භ කර තිබුණි. රතු ටසලයක් චීදොං භටයින්ගේ හෙල්ල මුහුදේ සිට චී ජූයින්  පිටුපසින් සමීපව ගොස් නැඟෙනහිර පාළුකරය දෙසට ගමන් කළහ. ලූ ගුඅන්බායි ප්‍රමාද නොවීය. ඔහු ෂ්‍යාඕ චීයේ වෙත අත වනමින්, ඔවුන් අල්ලා ගැනීමට තම අශ්වයා මෙහෙයවීය.

ඊළඟ මොහොතේ ෂ්‍යාඕ චීයේ  ට සන්නාහ සන්නද්ධ අශ්වාරෝහක හමුදාව ගමන් කරන බව දැනුනි. ඔහුගේ පාද යට පොළොව යන්තම් කම්පා වන බවක් පෙනෙන්නට තිබුණි. ෂ්‍යාඕ චීයේ දුර දෙස බැලූ අතර ඔහුගේ වැඩිමහල් සහෝදරයා ඉදිරියෙන් සිටිනු දුටුවේය. කළු වඩදිය රැල්ලක් මෙන්, ලිබෙයි හි හුරුපුරුදු සන්නද්ධ අශ්වාරෝහක හමුදාව හිම සහිත තැනිතලා හරහා උතුරට ගලා ගියේය.

උකුස්සා ඔවුන් පසුපස හඹා යාමට සුළඟ හරහා පියඹා ගියේය.ඌ ලිබෙයිහි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට ඉහළින් ගුවනේ සැරිසරමින් කෑ ගැසුවේය. අසීමිත හිම මුහුද මැද ලිබෙයිහි සන්නද්ධ අශ්වාරෝහක හමුදාව අතුරුදහන් වන ආකාරය දෙස බලා සිටි ෂියාඕ චියේ සිය තලය තද කර ගනිමින් සිටියේය.

ශෙන් ස'චුආන්  ගේ මනස ඉබාගාතේ ගිය අතර, මහාමාත්‍ය  චී ඔහුව ඔහුගේ සිහිකල්පනාව වෙතට යාමට උදව් කළේ ය.

"දැන් විවිධ ජෙනරාල්වරු නැවත ඔවුන්ගේ තනතුරුවලට පැමිණ ඇති නිසා, චූදු නැවත වරක් අවුල් සහගත අවධියකට පත්වෙලා." ඔහුගේ හිසකෙස් සියල්ලම අවුල් වී තිබියදී, මහාමාත්‍යවරයා ඔහු දෙස බැලුවේ ය ශෙන් ස’චුආන් දෙස බැලුවේය. “ඔබට වැඩි වෙලාවක් නැහැ. භාජනයක් තුළ සිරවී සිටින කැස්බෑවෙකු වගේ ඉන්න ඔබටඉඩ දෙන්න බැහැ.

"ඔවුන් මාංශ කපන තලයයි , මම ඔවුන්ගේ කපන පුවරුවේ මාංශයයි."14 ශෙන් ස’චුආන් හිස එසැවීය, ”ඇදුරුතුමනී, මට මෙතැනින් පිටවීමට තවමත් අවස්ථාවක් තිබේනවාද”

වාසනාව සහ අවාසනාව එකිනෙකා මත රඳා පවතින දෙයක්. සීමා වී සිටීම අනිවාර්යයෙන්ම නරක දෙයක් නෙමෙයි. ” මහාමාත්‍යවරයා මත්පැන් බඳුන හැර බඳුනක පානය කළේ ය. “ඔබ වසා ඇති දොරවල් පිටුපස සිටින්නේ නම් පහත් වී කාලය ගත කිරීම පහසුයි . අනාගතයේදී ඔබට බොහෝ අවස්ථාවන් ලැබේවි! ”

මාලිගාවේ සීනුව ඈතින් නාද විය. අලුත් අවුරුද්ද ආරම්භ වී තිබුණි. 

 

පරිවර්තන සටහන්

 

බාහිර සටන් කලාව ආරම්භ වන්නේ ෂැවොලින් වෙතින් වන අතර එහිදී යමෙකු තම ශාරීරික ශක්තිය සටන් වලදී භාවිතා කරයි. ප්‍රතිවිරුද්ධ 内家拳 (Wài jiā quán) 'අභ්‍යන්තර' සටන් කලාව ආරම්භ වන්නේ ජාන් සන්ෆෙං වන අතර, ඒ වෙනුවට කෙනෙකුගේ අභ්‍යන්තර ශක්තිය බලමුලු ගන්වයි. දෙවැන්න භෞතික අංශවලට වඩා අධ්‍යාත්මික හා මානසික අංශ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වයි. අභ්‍යන්තර සටන් කලාවන් සඳහා උදාහරණයක් වන්නේ Taiji (Tai Chi) ය.

චීන රාශි චක්‍රය වසර දොළහක චක්‍රයක් මත පදනම් වී ඇති අතර එම චක්‍රයේ සෑම වසරකම සත්ව ලකුණකට සම්බන්ධ වේ. මීයා, ගවයා, කොටියා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා සහ ඌරා යන පිළිවෙළින් මෙම සලකුණු වේ.

ලාඕ චෙන්, හෝ වචනාර්ථයෙන්, පැරණි චෙන්. සෙනෙහස හෝ හුරුපුරුදු බව දැක්වීමට වැඩිහිටි පුද්ගලයෙකුගේ වාසගමට පෙර උපසර්ගයක් ලෙස ලාඕ භාවිතා කළ හැක.

户所 මෙහි "සමාගම" යනු හමුදා ඒකකයකි.

六部 අමාත්‍යාංශ හයක්, විශේෂයෙන් වැඩ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, පුද්ගල අමාත්‍යාංශය, චාරිත්‍ර අමාත්‍යාංශය, ආදායම් අමාත්‍යාංශය (හෝ නූතන වශයෙන් මුදල්) සහ යුද අමාත්‍යාංශය.

半炷香 (Bàn zhù xiāng) වචනාර්ථයෙන් හඳුන්කූරු භාගයක් දැවී යාමට ගතවන කාලය. සමහර මූලාශ්‍ර වල සඳහන් වන්නේ එක් හදුන්කූරක් (一炷香) මිනිත්තු 30ක් හෝ පැයක් ගත වන බවයි (පැයක් යනු සාමාන්‍යයෙන් එකඟ වූ කාලය), නමුත් එය ඇත්ත වශයෙන්ම විවිධ සාධක මත රඳා පවතී (පරිසරය, සුළඟ, හදුන්කූරේ දිග යනාදිය). එබැවින් කූරෙන් අඩක් මිනිත්තු 15 සිට 30 දක්වා ඕනෑම පරාසයක විය හැකිය.

头刀 වචනාර්ථයෙන් අවතාර හිස සහිත තලය. එය පැරණි කාලයේ මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයන්ගේ හිස ගසා දැමීම සඳහා භාවිතා කරන ලද තල වර්ගයකි.

තේරුම (වෘකයෙකුගේ ස්වභාවය සෑහීමකට පත්විය නොහැකි සහ අනුකම්පා විරහිත ය. තෘප්තිමත් නොවන වෘකයාගේ අනුකම්පා විරහිත භාවය ගැන කතා කරන තැනැත්තා වන්නේ ඔහුමය.)

为刀俎,我为鱼肉, [Rénwéi dāozǔ, wǒ wèi yúròu,] "ඔහු පිහිය සහ කපන පුවරුවයි; මම මාංශය හෝ මතස්‍යයා වෙමි” (අයෙකුගේ අනුකම්පාව මත පිහිටීම.)

 

 පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 



Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-