ෂියන්දේ අධිරාජ්යයාගේඅටවනවසර. මධ්යමගිම්හානය.
රවුම් කරපටි ඇදුම ඇගලා සිටි ආදායම් අමාත්‍යාංශයේ ලේකම් වං ෂියැන් ගේ දහඩියෙන් තෙත් විය. ඉඳිකටු මත වාඩි වී සිටින්නාක් මෙන් ඔහු අපහසුතාවයෙන් පුටුවේ වාඩි විය. ඔහු තව දහදිය පිසදමාගැනීමට තව වූෂා තොප්පිය එසැවූ පළමු වතාව එය නොවේ.
"ෂ්‍යාඕ උතුමාණෙනි." වං ෂියැන් හිස පහත් කළේ ය. “ආදායම් අමාත්‍යාංශය ඔබට මුදල් වෙන් කිරීමට අවශ්‍ය නැහැ නෙමෙයි. භාණ්ඩාගාරයේ වියදම් තවමත් ගණනය කරල නැහැ, පැන්ගොංගොන් ඔහුගේ අනුමැතිය ලබා දීලත් නැහැ . ඒ නිසා අපට ඔබ වෙනුවෙන් මුදලක් වෙන් කරන්න ක්‍රමයක් නැහැ!”
"ගිණුම් සකස් කරන්න කාලය ගත වෙනවා." ෂ්‍යාඕ චියේ තේ කෝප්පය එසැවූයේ උගුරු කිහිපයක් පානය කිරීමට ය. "මම දැන් මෙතන බලාගෙන ඉන්නේ.ඔබේ කාලය ගන්න."
වං ශියැන් ගේ උගුර ඉහඝ පහළ ගියේ ය.. ඔහු පිපිඤ්ඤා ගෙඩියක් මෙන් ශීතල වූ ෂ්‍යාඕ චීයේ දෙසත් පිටත මිදුලේ නිශ්චලව සිටින අධිරාජ්‍ය හමුදාව දෙසත් බැලුවේය.
"උතුමාණෙනි." වං ශියැන් ආයාචනා කරමින් කීවේය. “කාලගුණය උණුසුම්, සොල්දාදුවන්ට එළිමහනේ සිටීමට ඉඩ දීම ගැන මට ඇත්තටම කණගාටුයි. මම ඒ මහත්වරුන්ට සිසිල් බීම ටිකක් සඳහා ආරාධනා කරන්නම්. සංචිතවල සිසිල් -"
"අපි ඒවා ලැබෙන්න තරම් දායකත්වයක් ලබා දීලා නැහැ." ෂ්‍යාඕ චීයේ මතුපිටින් සිනාසුණේය. “අපේ අධිරාජ්‍ය හමුදාව ශ්‍රමය සමඟ කටයුතු කරන ශක්තිමත් හා තරබාරු පුද්ගලයෝ. ඉතින් පැය කිහිපයක් සිටගෙන හිටියයි කියලා මොනවා වෙන්න ද? ගණන් ගන්න එපා, නිළදාරීතුමනි. ඔබේ ගිණුම්කරණය කෙරෙහි අවධානය යොමු කරන්න. ”
වං ශියැන් ගිණුම් පොත අතට ගත්තේය. දිගු වේලාවක් බුරුසුව පහත් කිරීමට ඔහුට නොහැකි විය.
එය වසන්තයේ ආරම්භය වූ අතර අධිරාජ්‍යයා බරපතල ලෙස රෝගාතුර විය. මේ හේතුව නිසා, වැන්දඹු අධිරාජිනිය ඔහුට ආශීර්වාද රැස් කර ගැනීම සඳහා ශුද්ධ ලියවිල්ල ගායනා කළ හැකි වන පරිදි දේවමාළිගාවක් ඉදිකිරීම සඳහා මාලිගාවේ මහා පරිමාණ ඉදිකිරීම් සිදු කරන ලෙස මිනිසුන්ට උපදෙස් දුන්නාය. වැඩ අමාත්‍යාංශයට මෙම පැවරුම ලැබුණු පසු, දුආංචෞ වලින් විශාල දැව ප්‍රමාණයක් ලබා ගැනීමට සිදු විය. මුදල් ඉතිරි කිරීම සඳහා, ඔවුන් ප්‍රවාහනය කිරීමට අධිරාජ්‍ය හමුදාවට නියෝග කළේය. අධිරාජ්‍ය හමුදාව විසින් චූදු වෙත දැව ප්‍රවාහනය කළ නමුත්, ඊට එරෙහිව ලේකම් කාර්යාලයේ වැඩිහිටි හායිගේ ස්මාරකය ලැබීමත් සමඟ වැන්දඹු අධිරාජිනිය දේවමාළිගාව ගොඩනැගීමේ සැලසුම ඉවත් කර ගත්තාය. මේ අනුව වැඩ අමාත්‍යාංශයට අතේ තිබූ මේ මුදල හිඟ විය. අධිරාජ්‍ය හමුදාවට මුදල් ගෙවීම ප්‍රමාද කරමින් මාස දෙකක් ඔවුන් මේ කාරණය ඇදගෙන ගොස් ඇත.
මුදල් හිඟ විය. මේ රාජ්‍ය භාණ්ඩාගාරය පිරුණු කාලයක් වුණා නම් මේ කාරණය කිසිසේත්ම ප්‍රශ්නයක් නොවනු ඇත. එවැනි කුඩා මුදලකට දෙවන තරුණ ස්වාමී ෂ්යාඕගේ සිත් රිදවීමට කැමති කවුද? නමුත් මේ වන විට ආදායම් අමාත්‍යාංශය දුක් විඳිමින් සිටියේය. පසුගිය වසරේ ඔවුන් වැන්දඹු අධිරාජිනියගේ උපන්දිනය වෙනුවෙන් භෝජන සංග්‍රහය පැවැත්වීමෙන් සහ මුදල් ත්‍යාග පිරිනැමීමෙන් පමණක් මිලියනයකට ආසන්න මුදලක් වියදම් කර ඇත.
වං ෂිඇන් ඔහුගේ බුරුසුව පැත්තකින් තැබුවේය. ඔහු සිය හිස නමමින් ආචාර කරන්න ට විය. ඔහු කීවේය “උතුමාණෙනි, දැන් මුදල් පියවන්න විදිහක් නැහැ. ඔබට අවංකව කිවොත්, වසර අවසානයේ වියදම් ජංගම ගිණුම්කරණය අනුව අපගේ අයවැයට ගැලපෙන්නේ නැ. අපේ වැටුප් වුනත් අනිවාර්යයෙන්ම ගෙවන්නේ නැත. ඇත්තටම අපිට මුදල් නැහැ. ඔබ මට දුන්නත්, වං ෂෝචෙන්, එය මට ලැබෙන පිහි පහරක් විතරයි, මට තවත් කළ හැකි කිසිවක් නැහැ"
“අට මහා පුහුණු අංශවල වැටුප් හා ප්‍රතිපාදන සාමාන්‍ය පරිදි ප්‍රමාදයකින් තොරව ගෙවනවා. නමුත් අපගේ අධිරාජ්‍ය හමුදාව සම්බන්ධයෙන් නම්, ඔබ සැමවිටම මංමුලා සහගත විදිහට ඉන්නේ. අපි හැමෝම අධිරාජයාට සේවය කරන නිලධාරීන් තමයි. ඔවුන් සේවය කරන්නේ උතුමාණන් ට, ෂ්‍යාඕ ස'අන් හරි පහත් විදියට ඉන්න මට කරන්න පුළුවන් එකම දේ මේ ණය දරාගෙන අපිට ගෙවන්න ඕන තරම් සල්ලි ඔබලා දෙනකම් බලාගෙන ඉන්න එකයි.”
ෂ්‍යාඕ චීයේ තේ කෝප්පය මේසය මතට වීසි කළේ "ක්ලැං" හඬ නැගෙන පිරිඳි ය.
"ආදායම් අමාත්‍යාංශය සෑම වසරකම දුප්පත් වීම ගැන නහයෙන් අඬනවා. නමුත් එ්ක මා සමඟ ඇති සම්බන්ධය මොකක් ද? ගෙවන්න, අපි වැඩ කරන්නම්.ඒ හැමදේම කළු සුදු කියලා වෙන් කරලා ද?. අපි අපේ කාර්යයන් අවසන් කළාට පස්සෙ, ඔබ ගෙවීම පියවන්න ඕනේ. වෙන කිසිම දෙයක් ගැන මට කතා කරන්න එපා; ඒවා මගේ වගකීමක් නෙමෙයි. ආදායම් අමාත්‍යාංශයේ සියලුම ප්‍රශ්න අනෙක් අයගේ අවබෝධය මත බැංකු ගත කිරීමට සිදුවුවහොත් ඔබ ඉදිමෙන් ඇති ඵලය මොකක් ද? එහෙනම් තනතුරෙන් ඉවත්වෙලා වෙනත් කෙනෙකුට භාර ගැනීමට ඉඩ දෙන්න. ”
ඔහුගේ වදන් වං ශියැන්ව කෝපයට පත් කළේ ය.ඔහු වහා නැගිටිමින්, “අපි හැමෝම අධිරාජ්‍යයාට සේවය කරනවා, ඔබතුමා අපව මෙතරම් පහත් කරලා කතා කරන්නේ ඇයි? අපට මුදල් තිබේ නම් ගෙවීම පියවීමට අකමැති කවුද? අධිරාජ්‍ය හමුදාවට එතරම් හැකියාවක් ඇත්නම්, ශ්‍රමය අය කරන්නේ ඇයි? අට මහා පුහුණු අංශ විදිහට සේවය කරන්න! තවමත් ගෙවීමට නිර්භීත නොවෙන්නේ කවුද කියලා අපි බලමු! ”
දෙපාර්ශ්වය අතර වායුගෝලය සතුරු වූවා සේම, කාමරයෙන් පිටත සිටි මිනිසෙක් තම ප්රාවරණය ඔසවා ඇතුලට ගියේය.
“වං උතුමාණෙනි තරහා වෙන්න අවශ්‍ය නැහැ. දෙවන තරුණ ස්වාමියා තමාගේ අදහස ප්‍රකාශ කරන සෘජු මිනිසෙක් විතරයි."
ඔහු සිය ෂියැං තොප්පිය ගලවා ලේන්සුවකින් දෑත් පිස දැමුවේ ය. “මේ නිහතමානී පුද්ගලයා ආදායම් පරීක්ෂණ කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයා ෂුඒ ෂියුජුඹ්. මම මේ ගිණුම සම්බන්ධයෙන් මෙහි ඉන්නවා."
ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයා හුදෙක් හත්වන ශ්‍රේණියේ අයෙක්. සියලු තර්ක අනුව, එය චූදු හි නිලයක් ලෙස පවා නොසැලකේ. නමුත් එය විශේෂ විය. විවිධ අමාත්‍යාංශවල සහ යමින් වැඩ ප්‍රගතිය අධීක්ෂණය කිරීමට පමණක් නොව , චූදු හිප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය බාරවත්. , ඔහු විසින්ම අධිරාජ්‍යයා වෙත සෘජුවම ස්මාරකයක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යාංශ හයක් පසෙකට දැමිය හැකිය.
වං ශියැන්ට ඔහුව අමනාප කිරීමට නොහැකි වූ නිසා ඔහු කෝපය ගිල දමා එය මැඩපවත්වාගත්තේ ය. ඔහු මෙසේ කීවේය: “මම කෝපයට පත් වන්නේ කොහොමද? අධිරාජ්‍ය හමුදාව බොහෝ දේ කරනවා. ෂ්‍යාඕ චීයේ කිසිම දෙයකට වැඩ කරනවාට මම කැමති නැහැ. නමුත් යැන්චිං, මෙම ගිණුම දෙස බලන්න. ආදායම් අමාත්‍යාංශයට මුදල් කිසිසේත්ම දැරිය නොහැකියි.”
ෂුඒ ෂ්යුජෞ ගේ ගෞරවනීය නම යැංචින් වූ අතර, ඔහු තුළ සුවිශේෂි සහ විද්වත් හා පිරිසිදු බවක් පෙනෙන්නට තිබුණි. ගිණුම් නොබලා ඔහු දෙදෙනාටම කීවේ ය. “ආදායම් අමාත්‍යාංශයේ අමාරුකම් ගැන මම දන්නවා. දෙවන තරුණ ස්වාමියාණෙනි, මේක කොහොමද? චුආංචෙන් අපට දින කිහිපයකට පෙර සේද තොගයක් සැපයුවා. අපි එය මුදල් බවට පරිවර්තනය කරලා එම සේද ගණනින් ඔබේ ගිණුම පියවන්නම්. ඔබ ඒකට කැමති ද?"
ෂ්‍යාඕ චීයේ පිටවනවාත් සමඟම වං ශියැන් ගේ ඉරියව්ව සීතල වගියේ ය. ඔහු ෂුඒ ෂියුජෞ ට පැවසුවේ, “ඔහු අධිරාජ්‍ය හමුදාවට මුදල් පවා ඉල්ලනවාද? ඔහු එය නාස්ති කිරීමට තමාටම ගන්නවා හා සමානයි. මෙම දෙවන තරුණ ස්වාමියා අධිරාජ්‍ය හමුදා උපසභාපති ධූරයට පත් වූ දා ඉදලා අශිෂ්ට ජීවිතයක් ගත කරන්නේ.හැම වෙලාවෙම ඔහු අපිව බලෙන් මුල්ලකට දානවා. ඔහු අවම වශයෙන් අනුකම්පා කරන්නේ වත් නෑ! ”
ෂුඒ ෂ්‍යුජුඕ සිනහ වූ නමුත් තවත් කිසිවක් නොපැවසුවේ ය.
◈ ◈ ◈
ෂ්‍යාඕ චීයේ ආදායම් අමාත්‍යාංශයේ කාර්යාලයෙන් පිටව ගොස් ඔහුගේ අශ්වයා පිට නැඟී දොංලොන් වීදිය දෙසට ගමන් කළේය. ඔහු වසර පහකට පෙර සිටි තත්ත්වයට වඩා පැහැදිලිවම උසින් වැඩි වූ අතර අතීතයේ ඔහු තුළ දැකිය හැකි වීර්ය සහ ජවසම්පන්න බව යම් තරමකට අඩු වී ඇත.
චූ කුමරු, ලී ජියැන්හෙං, මුළු උදෑසනම ඔහු එනතුරු බලා සිටියේය. ඔහුව දුටු විගස ඔහුවහා පවසන්නට විය. “ඔයා කොහෙද හිටියේ? මේ දුක මාව මරලා දානවා! ”
"බොරුකාරයා." ෂ්‍යාඕ චීයේ අසුන්ගෙන සිසිල් බීම උගුරට ගත්තේය. කාමරයේ ඇතුල් කොටසෙහි ශීතල තටාකය දුටු ඔහු තම අතපය දිගු කර අර්හත් සයනය මත වැතිර සිටියේය. ඔහු පවසන්නට විය, ”මෙය ඉතා පහසු යි. එලියෙ ගොඩක් උණුසුම් නිසා ඔලුව කැරකෙනවා. මම ටිකක් නිදාගන්න යනවා."
"එහෙම වෙන්නේ නැහැ!" ලී ජියැංහෙන් ඔහුගේ උණ වලින් සෑදු අවාන දැඩිව සෙළවීය. ඔහුගේ ඇඳුම් දිග හැර, ඔහු සුසුම්ලමින් සිටියේය. "ඔබ නිදාගන්න කලින් මම මගේ කතාව කියලා ඉවර කරනකම් ඉන්න!"
ෂ්‍යාඕ චීයේ රාත්‍රියේ යමක් කරමින් සිටි අතර, ඒ නිසා ඔහු මේ මොහොතේ දරාගත නොහැකි ලෙස වෙහෙසට පත් ව අලසව සිටියේ ය. ඔහු නොසැලකිලිමත් ලෙස "හ්ම්" හඬක් නැඟීය.
ලී ජියැංහෙන් ඔහුගේ මෘදු, සියුම් දෑතින් ශීතල වයින් උගුරක් ගෙන, “ඔබට තවමත් මතකද මම ඔබට අවසන් වරට පැවසූ ඒ කාන්තාව? එය මා මීට වසර පහකට පෙර මගේ මැදුරේ තබාගෙන ඇයව මගේ කර ගැනීමට සූදානම් වූනා. නමුත් ඒ බැල්ලිගෙ පුතා ෂ්යාඕෆුසී ඇයව පැන් රෑගුයි ට දුන්නා , අර නිවට අවජාතකයාට!"
ෂ්‍යාඕ චීයේ "අනේ" යැයි හූමිටි තැබුවේ ය.
ලී ජියැංහෙන් පෙරටත් වඩා උද්යෝගයෙන් මෙසේ පැවසීය:
“දින කිහිපයකට පෙර, මම ගිම්හාන උණුසුම වළක්වා ගැනීමට පිටතට ගිය වෙලාවේ, ඇයව නැවත වරක් මාලිගාව අසල ඉන්නවා දැක්කා! ඒ පුංචි මහතමිය තමන්ව තමන්ව, මුදු මොළොක් විදිහට තියාගෙන තියෙනවා. ඇය මීට වසර පහකට පෙර සිටියාට වඩා ලස්සනයි. ඇය දෙස බලා ඉන්නකොට මගේ හදවත හැඟීම්බර වෙනවා.. මම ඒ නපුංසකයට කොතරම් වෛර කරනවාද! හොර බැල්ලිගෙ පුතා මගේ ආදරය බලහත්කාරයෙන් උදුරාගෙන හොඳ විවාහයක් කඩාකප්පල් කළා. ඔහු සිතන්නේ එය අවසන් කියලා වෙන්න ඇති ? කොහෙත්ම නැ!"
ෂ්‍යාඕ චීයේ අනෙක්පසට හැරුණි.
ලී ජ්යැංහෙන් කෝපයෙන්, “ඔබ මගේ මිතුරාද නැද්ද? ඔහුව නිවැරදි කිරීමට ක්‍රමයක් ගැන සිතීමට ඔබ මට උදව් කළ යුතුයි! අපට පෑන් රුගුයි ස්පර්ශ කරන්න බැහැ. නමුත් ෂියාඕෆුසිට පහර දීමක් අවශ්‍යයි!
ෂ්‍යාඕ චීයේ ඇත්තෙන්ම වෙහෙසට පත් විය. ඔහු, “කොහොමද? ඔහුව මාලිගාවෙන් පිටතට ඇදගෙන යනවද?
ලී ජ්යැංහෙන් ඔහු දෙස බලා සිටි කෝල උපභාර්යාව පසෙකට තල්ලු කර ඔහුගේ අවාන වසා දැමීය. ඔහු පැවසුවේය, “මකර බෝට්ටු උත්සවය පැවැත්වෙනවා. අධාරාජ්යයාණන්ට ෂියුඇන් තෙ යන්න වෙනවා තරඟය නරඹන්න. කාලය පැමිණි විට, පෑන් රුගුයි නිසැකවම ගමන් කරාවි. ඔහු අනුගමනය කරනවනම්, ෂ්යාඕෆුසී ටත් යන්න වෙනවා. අධිරාජ්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය අශ්වයන් ධාවනය කරන විට, අපට ඔහුව ඇදගෙන ගොස් ඔහුට පහර දී මරා දමන්න පුළුවන්"
ෂ්‍යාඕ චීයේ නිදාගෙන සිටින බවක් පෙනෙන්නට තිබුණි. ඔහුගේ නිශ්ශබ්දතාවය දුටු ලී ජියැංහෙන්, "ස'අන්, ඔබ අහගෙන ඉන්නව නේද?"
"ඔහුට පහර දී මරා දාන එක සාර්ථක නැහැ." ෂ්‍යාඕ චීයේ ඇස් පියාගෙන කිව්වා. "මේ නිසා පෑන් රුගුයි ඔබට වෛර කළහොත්, අනාගතයේදී ඔබට කරදර සිද්ධවේවි."
අමනාප වූ ලී ජ්යැංහෙන් පැවසුවේ, “එහෙනම් අපිට අඩුම තරමේ ඔහුට පහරක් දෙන්න පුළුවන් නේද? මේ කේන්තිය නිවා නොගත්තොත් මට කන්නවත් බැරි වේවි. ඒක නෙමෙයි පහුගිය ටිකේ ඔබට මොකද වුනේ? ඔබ හැම විටම වෙහෙසට පත්ව සිටින බව පෙනේනවා. ඔබ රාත්‍රියේ මොනවහරි කරමින් සිටියාද? මම ඔබට අවසන් වරට තෝරාගත් කන්‍යාව ඔබ පිටත් කර හැරියේ ඇයි? ”
ෂ්‍යාඕ චීයේ ඔහු ලී ජ්යැංහෙන් ගේ වදන් පිළිබඳ ඔහුගේ අවබෝධය දැක්වීමට අත වැනුවද වෙනත් කිසිවක් පැවසුවේ නැත. ඔහුගේ මාපටැඟිල්ලේ අස්ථි මුද්දක් නොතිබුණද, මාපටැඟිල්ල සහ දබරඟිල්ල අතර මාංශය මත දත් සලකුණු කැළැල් ඉතිරි කර තිබුණි.
ලී ජ්යැංහෙන් වෙනත් දෙයක් පිළිබඳ කතා කිරීමට උත්සහ කළද, ෂ්‍යාඕ චීයේ ඒ කිසිවකට අවධානය යොමු නොකරන්න ට විය.
◈ ◈ ◈
දින කිහිපයකට පසු මකර බෝට්ටු සැණකෙළිය උදා විය. දිගු කලක් උසාවියේ සැසිවාර නොපැවැත්වූ ෂියන්දේ අධිරාජ්‍යයා, ඔහුගේ අසනීප ශරීරය සමඟම අධිරාජ්‍යයට අයත් දෝලාවෙන් ෂියුආන් වෙත ගියේය. ඔහු සමඟ පැමිණි අධිරාජ්‍ය උපභාර්යාවන් සියල්ලම ලිහිල් ඇඳුම් ඇඳ සිටි අතර, ජි ලෙයි සහ අට මහා පුහුණු අංශවල ප්‍රධානියා වන ෂී ගුආන් අධිරාජ්‍යයා කැටුව ගියහ. අධිරාජ්‍ය හමුදාවට නිදහස් කාලයක් තිබූ නිසා ඔවුන් ෂ්‍යාඕ චීයේ ද කැඳවා තිබුණි.
ෂ්‍යාඕ චීයේ පැමිණෙන විට, ඒ වන විටත් මිනිසුන්ගෙන් පිරී තිබුණි. ෂියන්දේ අධිරාජ්‍යයා විලෝ පත්‍ර ඇලවීම අවසන් කළේය.අධිරාජ්‍ය ආරක්ෂක මණ්ඩලය අශ්ව ධාවන තරඟය සිදුවන තෙක් බලා සිටියේ ය. පිරිවරෙහි කොටසක් වූ අධිරාජ්‍ය උසාවිය ඇලෙන සුළු සහල් ඩම්ප්ලිං ලබා දුන්නේය. ලී ජ්යැංහෙන් කුමරුගේ අසුන මත හිඳ ෂ්‍යාඕ චීයේ ට අතවැනීය.
ෂ්‍යාඕ චීයේ ඔහු පිටුපසින් චෙන් යැං වෙත තම අශ්ව කසය වීසි කර ඔහුගේ ආසනයට වූයේ ඔහුගේ අත් ආරක්ෂක වළලු ඉවත් කරන අතරතුරය.
මෙදින ද ඔහුගේ අතේ ඇති අවාන ලෙලවමින්, ලී ජියැන්හෙං පපවසන්නට විය, “ඇයි ඔබ දැන් මෙහෙට ආවේ? මේ කනස්සල්ල මාව මරලා දානවා! ”
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබ සෑම දිනකම කනස්සල්ලට පත්වෙලා ඉන්නවා. ඔබ ඇත්තටම හොඳින්ද?"
ලී ජියැන්හෙන්ග් තමාවම පණ ගන්වාගෙන මෙසේ පැවසීය: “මම එය කියන්නට පුරුදු වෙලා ඉන්නේ! බලන්න, ඒක දැක්කා ද? ෂ්ෂ්යාඕෆුසී එතන ඉන්නවා. "
ඒ දෙස බැලූ ෂ්‍යාඕ චීයේ ට පැන් රුගුයි ගේ කණ අසලම මුමුණන ංධ්යාඔෆුසීව දක්නට ලැබුණි. ඔහු පැවසීය, “මුදල් අය කරන්න එපා. ඔහුට පහර දීමට කෙනෙක්ව යොදවන්න. ”
පැයකට පසු, ෂ්යාඕෆුසී වැසිකිළි වළේ කෙළවරට ගියේය. කවුරුන් හෝ ගෝනියක් ඔහු මතට විසි කළ නිසා ඔහුගේ දෑස් ඉදිරිපිට සියල්ල අඳුරු වී යද්දී ඔහු කැගැසීමට සූදානම් වෙමින් සිටියේය.
"ආ!" ෂ්යාඕෆුසී කෑගැසුවේය, එය කිරීමට අවශ්‍ය වූ නමුදු, කවුරුන් හෝ ඔහුට දවල් තරු පෙනෙන පරිද්දෙන් පහර දෙනු ලැබීය.
ගෝනිය දුටු ලී ජියැන්හෙන්ග් කිසිදු චකිතයකින් තොරව තම වස්ත්‍ර ඔසවා ඔහුට පයින් පහර දුන්නේය. ෂ්යාඕෆුසී, ගෝනියෙන් වැසී, මුව වසාගෙන, බිම දඟලමින් වේදනාවෙන් කෙඳිරිගාමින් සිටියේය.
ඉදිරි තරගය මේ මොහොතේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටි නිසා කිසිවකුට එම හඬ ඇසුණේ නැත.
ඔවුන් ෂ්යාඕෆුසී ට පැයකට වඩා අඩු කාලයක් පහර දුන් නමුත්ලී ජ්යැංහෙන් ට ඔහුගේ කෝපය මුළුමනින්ම සංසිදුවා ගැනීමට නොහැකි විය, චෙන් යං ඔහුව නැවැත්වීය. චෙන් යැං තමා පිටුපසින් සිටි කුමරුගේ පෞද්ගලික ආරක්ෂකයින් දෙසට බැල්මක් හෙළූ අතර, ඔවුන් ඉක්මනින් ගෝනිය ඔසවා ඉවතට දිව ගියහ.
"කුමරුණි." චෙන් යැං පැවසුවේ ය. “ඔබ දිගටම ඔහුට පහර දුන්නොත් ඔහු මිය යාවි. සමහර විට ඊළඟ වතාවේ. ”
ලී ජ්යැංහෙන් ඔහුගේ වස්ත්‍ර සකසාගත්තේ ය. ඔහු චෙන් යැං දෙස දෙවරක් බැලූවේ ය, "ඔබ ඔහුව විසි කරන්නේ කොහේටද?"
“උතුමාණන් අපිට අණ කරලා තියෙනවා මොහුව වැව අයිනේ තියෙන වනයට දාන්න කියලා. පසුව භෝජන සංග්‍රහය ආරම්භ වූ පසු, සේවය කරන සියලුම නපුංසකයන් ඒ තැන පසුකර යාවි, පසුව ඔහු ඔහුගේ බැඳීම්වලින් නිදහස් වේවි.
ලී ජ්යැංහෙන් ෂ්යාඕෆුසී කලින් පෙරළී ගිය ස්ථානයට කෙළ ගසා නැවත ඔහුගේ අසුනට පැමිණියේය.
◈ ◈ ◈
භෝජන සංග්‍රහය ආරම්භ වන විට, ලී ජියන්හෙංට ඔහු ගැන සියල්ල අමතක වී තිබුණි. ෂ්‍යාඕ චීයේ පැන් රුගුයි දෙස විමසිල්ලෙන් විපරම් කරමින් සිටියේය., නමුත් ෂ්යාඕෆුසී ගේ කිසිදු සලකුණක් ඔහු දුටුවේ නැත.
ලී ජ්යැංහෙන් ඔහුගේ ආහාර කූරු සමඟ පිඟන් කෝප්ප දෑතට ගෙන මෙසේ පැවසීය: “බොහෝ විට, ඔහු නින්දාවට පත්වෙන්න වෙන නිසා ඇදුම් පිරිසිදු කරගන්න යන්න ඇති. අධිරාජයාට සේවය කරන ඔවුන් වගේ නපුංසකයෝ තම ස්වාමියා ව අපිරිසිදු කරන්න, අපකීර්තියට පත් කරන්න බියයි. ඔබට විනෝද වෙන්න මගේ නිවසට දින කිහිපයක් පැමිණෙන්න පුළුවන් ද? මට ඔබට පුංචි ස්වාමිදුවව බලන්න දෙන්න පුළුවන්අි. "
ෂ්‍යාඕ චීයේ සිසිල් තේ පැන් පානය කළේ ය, "මම කාර්යබහුලයි"
ලී ජ්යැංහෙන් , "හහ්? ඔබට තවමත් මා ඉදිරියේ මොනවද කරන්න අවශ්‍ය? ඔබ කාර්යබහුල ද? අධිරාජ්‍ය හමුදාව විසුරුවා හැරීමට ආසන්නයි. මේ වගේ වැඩකට නැති ස්ථානයක කාර්යබහුල වෙන්න මොනවද තියෙන්නේ?”
"බීමත නිසයි කාර්යබහුල." ෂ්‍යාඕ චීයේටත් හිනා. ඔහුගේ තමන්ගේ නෙත් තේ බදුන වෙතට යොමාගෙන සිටියේ ය. ඔහු මඳ සිනාවක් පෑවේය. "සරත් සමය ආවට පස්සෙ , ඔවුන් ව පරීක්ෂා කරන්න වේවි. ඒ හැමෝටම මත්පැන් බඳුන් පිරිනමලා තමයි මට මෙි තැන රුකගන්න වෙන්නේ.”
"අයියෝ මනඅස්සයෝ " ලී ජියැන්හෙන් ඔහුගේ ආහාර කූරු ඔහු වෙතට දිගු කර පවසන්නට විය, "ඔබ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා කියලා හිතනවාට වඩා කාලය කාදමනවා කිව්වා නම් හොඳයි. පෑන් රුගුයි සහ අධිරාජිනියගේ ඥාතීන් ගැන ඔවුන් පැවසුවේ කුමක්ද? එක එකිනෙකා මැරෙනකම් සටන් කරලා එපා වෙලා නැද්ද? එහි ඇති සතුට කුමක්ද?”
"ඔව්." ෂ්‍යාඕ චීයේ ගේ සිනහව රෞද්‍ර විය “ඒකෙන ඔබව වඩාත් ආතතියට හා කරදරයට පත් වෙනවා නොවේද? විනෝද වීම තවමත් වඩාත්ම සතුටට කාරණයක් තමයි. ”
ඔහු දෙසපබලා සිටි ලී ජ්යැංහෙන් ද සිනහාවුණි. , “එසේ නම් ඉවත්වුනොත් මොකද? මගේ මිතුරාගේ තනතුර ප්‍රතික්ෂේප කරන්න නිර්භීත කවුද? ඔබව පෞද්ගලිකව පත් කළේ උතුමාණන්. අපි පිළිපදින්නෙ අධිරාජ්‍ය නියෝගයි. මේක කොහොමද? සරත් සමයට කලින්, මම මගේ නිවසේ පුෂ්පෝපහාර මංගල්‍යයක් තියන්නම්. ඔබ ගිහින් ඔවුන් හැමෝටම ආරාධනා කරන්න."
"ඉක්මන් වෙන්න අවශ්‍ය නෑ." ෂ්‍යාඕ චීයේ ෂියුඇන් පෙදෙස පරීක්ෂා කරන්න ට විය, විශාල සහකඅඩා ගොඩනැගිලි වලට එහායින් ජාඕ සූයි පන්සලේ ශාලාව පෙනෙන්නට තිබුණි. ඔහු නළල රැලි කරගනිමින්, “මෙම ස්ථානය ජාඕ සූයි පන්සලට ඉතා ආසන්නයි.”
"ඔබ තාම ඒ ගැන හිතනවා නේද.." ලී ජ්යැංහෙන් පවසන්නට විය, "ඒ මුද්ද නැතිවෙලා කොයිතරම් කාලයක් වෙනවා ද?."
ෂ්‍යාඕ චීයේ පුරුද්දටදෝ ඔහුගේ රිදී අස්ථිමය මුද්ද පැළැඳි ඇගිල්ල ට තට්ටු කළේ ය.
“ෂෙන් වංශයේ අවසාන සාමාජිකයා වසර පහක් තිස්සේ සිරකරලාඒ වගේම ඔහු ගැන කිසිඳු ආරංචියකුත් නැහැ .උතුමාණන් ඔහු මියගියාද, එහෙමත් නැත්තං පිස්සු වැටුණාද කියාවත් ඇසුවේ නැත. ලී ජ්යැංහෙන් "ඇතුළත සිරකළේ මා නම්, වසර පහක් නෙමෙයි මාස භාගයකින් මට පිස්සු හැදෙනවා."
ෂ්‍යාඕ චීයේ ට හිස කැක්කුමක් ඇතිවුණි. ඒ මනුස්සයාව හදාවඩා ගන්න ඔහුට කිසිම උවමනාවක් තිබුනේ නෑ.
එකිවරම වැව් ජලාශයපැවති දිශාවෙන් බෙර හඬක් ඇසුණි. ලී ජ්යැංහෙන් ඔහුගේ ආහාර කූරු පසෙකට උනන්දුවෙන් නැගීසිටියේ ය.. "අපි යමු! මකර බෝට්ටු තරඟය. ඔවුන් ඒ සඳහා මුදල් ඔට්ටු අල්ලනවා නියතයි!”
ෂ්‍යාඕ චීයේ නැඟිටීමට සූදානම්ව සිටියේය, නමුත් එවිට ඔහු දුටුවේ ජි ලෙයි සෙනග මැදින් ඉක්මනින් ගොස් පැන් රුගුයි වෙතට නැමී යමක් පවසන ආකාරයයි. පෑන් රුගුයි එකපාරටම හිස හරවා ගත්තේ ක්ෂණිකවය. ඉන් පසු ඔහු මේසය මතට තදින් පහර දුන්නේ ය.
ෂ්‍යාඕ චීයේ වහාම ඔහු පිටුපස සිටි චෙන් යැං දෙස බැලීය.
තුෂ්නිම්භූත වූ චෙන් යැං, "උදව්..."
"උතුමාණනි!" ජි ලෙයි ඒ වන විටත් අධිරාජ්‍යයා ඉදිරියේ දණින් වැටී සිටියේය. ඔහු පැහැදිලි හඬින් කතා කළේය.
“මකර බෝට්ටු තරගයෙන් ඉදිරියට යන්න බැරි වෙයි කියලා මා හට බියයි. මෙම නිහතමානී විෂයය කලින් මුර සංචාරයේ යෙදී සිටි අධිරාජ්‍ය ආරක්ෂකයින් මෙහෙයවූ සේම, අපි අනපේක්ෂිත ලෙස අධිරාජ්‍ය මාලිගයේ රාජකාරියේ යෙදී සිටි ෂියාඕෆුසි ජලයෙන් ගොඩට ගත්තා!
ෂියන්දේ අධිරාජ්‍යයා දරුණු ලෙස කහින්නට වූ අතර පෑන් රුගුයි ඔහුගේ පිටට පහර දීමට ඉදිරියට ගියේය. ෂියන්දේ අධිරාජ්‍යයාගේ සිය තත්වය යථා තත්වයට පත් වු පසු විමන්නට විය “ඔහු මොනවද ජලයෙ සිදුකලේ”.
ජි ලෙයි හිස එසැවීය. ඔහු බලා සිටියේ ෂියන්දේ අධිරාජ්‍යයා දෙසද එසේත් නැතිනම් වැන්දඹු අධිරාජිණිය දෙසද යන්න කිසිවෙකුට කිව නොහැකි විය. ඔහු බර හඬින් පැවසුවේ ය. “ඔහු දියේ ගිලී මියගිහින්”
අධිරාජ්‍ය උපභාර්යාවන් තම සේද ලේන්සුවලින් තම මුව වසාගත් විට සියල්ලෝම කලබලයක් මතු විය.
එක්වරම ලී ජ්යැංහෙන් මේසය සතවු තේ බදුනට තට්ටු කරන්න ට විය. ඔහු කලබලයෙන් එය අතට ගෙන ෂ්‍යාඕ චීයේ දෙස බැලීය. "මම නිකන් කිව්වේ..."
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
කර්තෘගේ වචන:
මෙම පරිච්ඡේදයේ ආරම්භයේ Xiande තුන්වන වසරේ සිට Xiande අටවන වසර දක්වා කාල නියමය හරියටම වසර පහකි.
පරිවර්තකයගෙ සටහන්
(1) 团领衫 හෝ 圆领袍 රවුම් කරපටි නිළ ඇඳුම සාමාන්‍යයෙන් මිං රාජවංශයේ නිලධාරීන් විසින් පැළඳ සිටී.
(2.)王宪 Wang Xian (නම) වංශියන් (පවුලෙන් ලැබුණු නම.)
王守成 Wang Zhoucheng (ගෞරවාන්විත නම)
萧策安 Xiao Ce'an, : ෂ්‍යාඕ චීයේ ගේ අනුග්‍රහ නාමයයි.
(3.) 户科 ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලය, අමාත්‍යාංශ හය (මිං රාජවංශයේ, මේවා පිළිවෙළින් පුද්ගල, ආදායම්, චාරිත්‍ර, යුද්ධ අමාත්‍යාංශය) පරීක්ෂා කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද විමර්ශන කාර්යාල හයෙන් එකකි.
(4.) 七品 නිලධාරීන් ධුරාවලියේ ශ්‍රේණි නවයකට වර්ග කර ඇති අතර පළමු ශ්‍රේණිය ඉහළම නිලය වේ. ඔවුන්ගේ වැටුප් ඔවුන්ගේ තරාතිරම අනුව වෙනස් විය.
(5.) 都察院 都察院 ප්‍රධාන නිරීක්ෂණ කාර්යාංශය, ප්‍රධාන අධීක්ෂණ කාර්යාංශය අධිරාජ්‍යයාට සෘජුව වගකිව යුතු අතර, ඔවුන්ගේ කර්තව්‍යයන් වූයේ විෂමාචාරය සම්බන්ධයෙන් නිලධාරීන්ට දෝෂාභියෝග, අධිකරණ වාර්තා පරීක්ෂා කිරීම සහ නිතිපතා සහ නොසැලකිලිමත් පරීක්ෂණ සිදු කිරීමයි. දූෂිත නිලධාරීන්ට විනය සහ දෝෂාභියෝග පමුණුවන අතරම, නිලධාරීන්ට උසස්වීම් ලැබිය හැකි සහ සුදුසුද යන්න තක්සේරු කිරීමට ඔවුන් පිරිස් අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කළේය.
(6.) 表字 සාහිත්‍ය නාමයක් හෝ අනුග්‍රහ නාමයක්, එය ශෛලියේ නමක් ලෙසද හැඳින්වේ, කෙනෙකුගේ නමට අමතරව වැඩිහිටි වියේදී ප්රදානය කරන නමකි.
(7.) අර්හත් ඇඳ යනු ඇඳක් (榻) ලෙසද ක්‍රියා කරන දිගු හා පටු ලී යහනකි.
(8.) කෙනෙකුගේ ප්‍රධානියාට තෑගි දීම, බොහෝ දුරට ඔවුන්ට අනුග්‍රහය දැක්වීමට හෝ අල්ලස් දීමට මෙය භාවිතා වේ.
(9.) මකර බෝට්ටු උත්සවය, දුආන් වූ උත්සවය ලෙසද හැඳින්වේ, සම්ප්‍රදායික සිරිත් විරිත් සහිත ජන උත්සවයකි.
(10.) 角黍 jiaoshu (ජ්යාඔෂු, 粽子 සොංසි ලෙසද හැඳින්වේ, උණ බම්බු හෝ බට කොළ වලින් ඔතා ඇති ඇලෙනසුළු සහල් වලින් සාදන ලද පිරමීඩ හැඩැති ඩම්ප්ලිං (මකර බෝට්ටු උත්සවයේදී අනුභව කරනු ලැබේ)
(11.) 臂缚 අතීතයේ සොල්දාදුවන් අසිපත් ආරක්ෂා වීම සඳහා ඔවුන්ගේ අත්වල බැඳ ඇති යකඩ සන්නාහය.
Comments
Post a Comment