Skip to main content

විසි එක්වන පරිච්ජේදය : සරත් දඩයම


චන්ද්‍ර වර්ෂයේ දසවන මාසයේ කිහිප වතාවක්ම වැසි ඇති වූ අතර ඉන් පසුව ෆෙං කන්දෙහි මේපල් පත්‍ර රතු පැහැයට හැරුනි. ශෙන් ස'චුආන්  උදෑසන රුස්විම් කවයට ඇතුන් ගෙනයද්දි යන්තමින් තුහින පතිත වෙමින් තිබුණි. සරත් සෘතුවේ ආරම්භ වීමත් සමඟ ෂියන්දේ අධිරාජ්‍යයාගේ අසනීප තත්ත්වය තවත් උග්‍ර විය. ඔහුගේ ආහාර වේල් නැවත ආරම්භ වී ඇති බවත්, උදෑසන රුස්වීමේදි එය මදක් පහවගොස් ඇති බවත් ආරංචි විය.

සම්ප්‍රදායට අනුව, අධිරාජ්‍යයාට යා හැක්කේ නැන්ලින් වෙත පමණි. දඩයම ආරම්භ වන්නේ එකොළොස්වන මාසයේ පමණය. නමුත් ශීත කාලගුණය තුළ සංචාරය කිරීම දුෂ්කර වනු ඇතැයි ෂියන්දේ අධිරාජ්‍යයා කනස්සල්ලට පත්ව සිටි බැවින් ඔහු දසවන මාසය ආරම්භයේදී සරත් දඩයම සඳහා සූදානම් වීමට නියෝග කළේය.

"මුර සංචාර සඳහා තවමත් වගකින්න ඕනේ මහං අශ්ඨ සේනාංක වල අධිරාජ්‍ය ආරක්ෂකයනුයි." චෙන් යැං ෂ්‍යාඕ චීයේ වෙනුවෙන් අසිපත් තලය රුගෙනයන අතරේ පැවසුවේ ය, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනී, අවසන් වරට උතුමාණන් කෝපයෙන් පියාසර කළේ නැද්ද?”

"ඒ අන්තිම වතාව." ෂ්‍යාඔ චීයේ හමුදා සරඹ පිටියේ සිට පැමිණ තිබුණි. ඔහු සිය දහදිය පිස දැමීය. “අධිරාජ්‍යයා පසුගිය කාලයේ කෝපයට පත් වුනේ ඇතුළත හා පිටත ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇති බව ඔහුට හැඟුණු නිසයි. නමුත් මෙවර එය වෙනස්. ෂී ගු'අන් ව අධිරාජිණිය විසින් හෙළා දැකලා ඈත් කර තිබුණා. මාස දෙකක් තිස්සේ සීතලෙන් පිටව ගිය ඔහුට නැවත ප්‍රසිද්ධියට පත් වීමට දැඩිව අවශ්‍ය වේවි."

ඒවගේ පුංචි අනුග්‍රාහක දේවල් වලට ෂි'ගුඅන් නැමෙනවද?” අසල කිසිවකු නොසිටි බව දුටු චෙන් යැං,  සේරටම පස්සෙ , මහරජතුමා හුඟ කාලෙකින් බලය අත්පත් කරගෙන ඉන්නවා, උතුමාණන්ට අසනීප වෙලා හිටියත්. ඔහු ෂී ගු'අන්ට ඔලිව් අත්තක් දීමට කැමැත්තෙන් සිටියත්, ෂී ගු'අන් එය පිළිගැන්න එඩිතර නොවේවි, නේද?

"ඔබමනේද පැවසුවේ ඒක පුංචි උපකාරයක් කියලා." ෂ්‍යාඔ චීයේ ඔහු අත තිබූ පිටත ඇදුම ඇද ගත්තේ ය. “අධිරාජ්‍යයා ෂී ගු'අන්ට විශාල බලයක් සහ අධිකාරිත්වයක් ලබා දුන්නොත් මොනවා වේවිද? මීට දින කිහිපයකට කලින් , මහරජතුමා ෂී වංශයේ දියණියගේ වයස පවා විමසුවා. චූ කුමරුට බිසවක් නැහැ. ඔහු ඔවුන්ට සැබවින්ම විවාහය ලබා දුන්නොත්, ෂී ගු'අන් ට චේතනාවක් නොතිබුණත්, ඒක අධිරාජිණිය ට වෙනස් විදිහට  පෙනේවි."

චෙන් යැං පැවසුවේ, “අපේ ගෙදර ස්වාමිදුවක්  නැති එක දුකක්.”

"එහෙම වෙන එක හොඳයි." ෂ්‍යාඔ චීයේ පැවසුවේ ය.

මට සහෝදරියක් ඉන්නවා නම්, ඇය සේනාධිනායිකා චී වගේ වෙන්න ඕනේ. එහෙම නොවුනොත්, ඇගේ ජීවිතය පාලනය කරන්න ඇයට නොහැකි වේවි. බොහෝ දුරට ඉඩ තියෙන්නෙ, ඇය කවදාවත් නොදුටු ස්වාමිපුරුෂයෙක් එක්ක විවාහ වෙන්න ඇයට බල කරන එකයි."

මෙය පවසා අවසන් වූ පසු ඔහු තම ගමන මන්දගාමී කළේය.

හුආ වංශය හුඟක් විට අධිරාජ්‍ය උපභාර්යාවන්ගේ පළමු තේරීම වුනා. තවමත් වැන්දඹු අධිරාජිණියට හුආ ශියැංයී ආර්යාවට විවාහයක් කරලා දීලා නැහැ. අධිරාජ්‍යයා පවා ඇයව අමනාප කරගන්න එඩිතර  වෙන්නේ නැහැ. ඔහු ඇයව තියාගෙන ඉන්නේ බාල සහෝසරිය ව⁣⁣ගේ. අනාගතයේදී ඇය විවාහ ගිවිස ගන්නේ කා සමඟද ක්යන එක සම්බන්ධයෙන්, ඔවුන් ට තවමත් වැඩ කරන්න වෙන්නේ අධිරාජ්‍යයා ගේ අණ යටතේ යි. ”

චෙන් යැං පැවසුවේ ය.

 වාසනාවකට වගේ, අපේ පරම්පරාගත කුමාරයා දැනටමත් විවාහ වෙලා… ඒත් තුන්වෙනි හුඅ ආර්යාව වවාහ කරගන්නේ කවුද? ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, මට ඇත්තටම කියන්න බැහැ. "

"චී වංශය තමයි හොඳම විකල්පය." ෂ්‍යාඕ චීයේ සිනාසුණේය.

 චී ජූයින් පිරිමියෙක් ලෙස ඉපදුනා නම්, වැන්දඹු අධිරාජිනිය තුන්වන හුආ ආර්යාව ව විවාහ කරලා දෙන්නෙ ගොඩ කාලෙකට කලින්. කණගාටුවට කරුණ තමයි  චී  ජූයින් කාන්තාවක්  වීම, ඒ වගේම හුආ වංශයට නීත්‍යානුකූල උපන් පිරිමි දරුවෝ නොමැති වීම . ඒ නිසා ඔවුන්ට පුළුවන් මේ මාංශය සිහා බලන්න විතරයි කෑම කූරු සොලවන්න බැහැ. ඔවුන් කලබල වේවි.”

අශ්වයා ඉදිරියට යන අතරවාරයේ දී ෂ්‍යාඕ චීයේ ඌව හැසිරවීය

" එන්න. අපි නැවතත් දොලොං වීදියේ නැගෙනහිර වෙළඳපොළට යමු.”

ශෙන් ස'චුආන්   දෙංලොං වීදියට පා තැබුවා පමණි.

සිරගතව සිට නිදහස් වූ ඔහුට ස්වභාවිකවම තවදුරටත් ෂාඔ සූයි පන්සලේ රැඳී සිටීමට නොහැකි විය. මුලදී කිසිවෙකුත් සඳහන් නොකළ නිසා ඔහු මේ කාරණය පසෙකට දැමීය. නමුත් අටවන මාසයේදී, ච්‍යාඕ ත්‍යැන්යා හදිසියේම එය සැලකිල්ලට ගෙන ඔහු පසුපස ෂාඔ සූයි පන්සල වෙත ගියේය. මහාමාත්‍ය චී මඩෙන් වැසීගිය පිස්සෙකු මෙන් ක්‍රියා කරන බව දුටු විට, ඔහු ශෙන් ස'චුආන්  ලවා රාජකීය ආරක්ෂකයන් සමඟ කල්තියා ගිණුමක් විවෘත කර, ඔහුට ජීවත් වීමට සුදුසු ස්ථානයක් සොයා දීමට කටයුතු කළේ ය. මේ අනුව, නවවන මාසය අවසානයේදී , ශෙන් ස'චුආන්    පැරණි මාර්ගයක් අසලට යනු ලැබීය.නිවාස කුලිය ලාභදායී වූ අතර, ඔහුගේ වර්තමාන තත්ත්වයට එය සුදුසු විය.

"ඇත්තටම ෂිෆු මට හොයාගන්න ඕන මේ පුද්ගලයා කවුද කියලා ?" ශෙන් ස'චුආන්  ගිවිසුම් පත්‍රය ගෙන "සොංයුඒ" යන වචනය දෙස බැලුවේ ය. එහි උපන් ස්ථානය හිස් විය.

' චිංචිං සෙනඟ පරික්ෂා කරමින් “මාමණ්ඩි ඒ බවක් කිව්වේ නැහැ. ඔහු කිව්වේ ඇදුරුතුමා අවසර දුන්න බව විතරයි. එහෙනම්, මේ පුද්ගලයාට අනාගතයේදී ඔබේ දෛනික ජීවිතය රැක ගන්න  ඉඩ දෙන්න.”

ශෙන් ස'චුආන්  ෂාඕ සූයි පන්සලෙන් ඉවත් වූ පසු, මහාමාත්‍ය චී සමඟ සන්නිවේදනය කිරීම ඔහුට අපහසු විය. ඔහු පණිවිඩ හුවමාරුව සඳහා පරෙවියෙක් ඇති කිරීමට අකමැති විය. පළමු හේතුව, එයින් තමන් පිළිබඳ පහසුවෙන් අනාවරණය වීමය, දෙවනුව, ෂ්‍යාඕ චීයේ  ගේ උකුස්සා අතිශය දරුණු වීමය - එය ඔහු කෙරෙහි ගැඹුරු හැඟීමක් ඇති කරන්නට සමත් විය. වර්තමානයේදී, ඔවුන්ට ජී ගැං මත විශ්වාසය තැබිය හැකි නමුත්, හමුවීමට හැක්කේ ජී ගැං විසින් මිලදී ගැනීම් සිදු කිරීම සඳහා එළිමහනේ ගමන් කිරීමට අත් උදව්කරුවෙකු ලෙස ඔහුගේ අනන්‍යතාවය භාවිතා කරන විට පමණි. එය අතිශයින් අපහසු වූ නමුත්, ඔවුන්ට දැනට එයට වඩා හොඳ විකල්පයක් නොතිබුණි.

CHAPTER 21 : සරත් දඩයම

"ඔහු නැගෙනහිර වෙළඳපොලේ වෙන්න ඕනේ." ශෙන් ස'චුආන්  ' චිංචිං ට පැවසීය. "අපි ටිකක් බලමු."

දොංලොං වීදිය පිහිටියේ කයිලිං ගඟ අසල විය. එය විනෝදජනක ප්‍රදේශයක් විය. "මිනිස් භාණ්ඩ" ගනුදෙනු කිරීම සඳහා නැඟෙනහිර පැත්තේ වෙළඳ පොළක් පිහිටුවා තිබුණි. දෙමවුපියන් වළලන්නට තමාවම විකුණමින් සිටි අය දණ ගැස්වීමට තෝරා ගන්නේ ද මේ ස්ථානයයි.සාමාන්‍ය කුටුම්භ සහ වාසස්ථාන සියල්ලෝම මෙහි පැමිණෙන්නේ රාජකාරි කරන්නන් හෝ සේවිකාවන් තෝරා ගැනීමටය.

ෂ්‍යාඕ චීයේ  චූ කුමරුගේ මාළිගයේ සිට නම් ලේඛනයක් ඉල්ලා ගත්තේ පිරිමින්ගේ උපත් ස්තාන විමර්ශනය කර බැලීමට ය.

ඔහු අතරමැදියාගේ ස්ථානයෙන් පිටතට පැමිණ ඇත්තේ හුරුපුරුදු පුද්ගලයෙක් දුටු නිසා ය

චෙන් යැං පවසන්නට විය, "ඔහු නේද..."

ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත එසවූ අතර, චෙං යැන් නිහඬ විය.

ශෙන් ස'චුආන්  ගිවිසුම් පත්‍රය තබා ගත්තේය. තව ගෙල පිටුපසින් සීතල හිරියක් පැතිරුණු සේ දැනුණු ඔහු නැවත හැරී බැලීය. ෂ්‍යාඔ චීයේ ඒ වන විටත් ඔහු පිටුපස සිටගෙන සිටියේය.

"අනේ වැදගත් ස්වාමියෙක් නේ." ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "ඇයි ඔබ මා පිටුපසින් ඉන්නේ?"

"ඔබව බලන්න තමයි." ෂ්‍යාඔ චියේ ලේඛනය රුගෙන ශෙන් ස'චුආන්  සිටි තැනට ඇවිද ගියේය. "ඔබ මෙහි ආවේ මෙහෙකරුවන් මිලදී ගන්න ද?"

ශෙන් ස'චුආන්  විහිළුවට මෙන් පැවසුවේ ය. “මම මාවම විකුණනවා. කොහොමද දෙවියනේ මම වෙනකෙනෙක්ව මිල දී ගන්නෙ?"

"දැනටමත් එහෙම තත්ත්වයකට වැටිලා නේද?" ෂ්‍යාඔ චීයේ ඔහු ලෙස විපරමින් බැලුවේ ය. “බොහෝ අය ඔබව ඉහළ මිල ගණන්වලට සොයමින් ඉන්න බව කියනවා නේද?”

"ඒ සියල්ල හැඟීම් මතයි." ශෙන් ස'චුආන්   දිගටම ඇවිද ගියේය. "ඒක ලබනවාද නැද්ද කියනඑක තීරණය කරන්න කලින් ඔවුන් මගේ ඇසට හසු වෙන්න ඕනේ."

ෂ්‍යාඕ චීයේ ඔවුන් කෙබඳු මිනිසුන්දැයි දැන සිටියේ ය, “ඇත්තටම අවලස්සන සහ පිළිකුල් සහගත අය තෝරා ගන්න පහසු නැහැ, නේද?”

"දෙවන තරුණ ස්වාමියාට මැව ගැලපෙන්නේ නැහැ." ශෙන් ස'චුආන්  ඔහු දෙස විමසිල්ලෙන් බැලුවේය. "චූ කුමරුව අනුගමනය කලොත් ඔබට ඔබේ සාධාරණ මස් කොටස ලබා ගන්න පුළුවන් වේවි."

ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය. “ඊර්ෂ්‍යා කරනවාද?අැවිත් මාව බලන්න" 

ශෙන් ස'චුආන්  සිනාසෙමින් පැවසුවේ ය. “මාව තවම ඒ තත්ත්වයට ඇද වැටිලා නැහැ”

දෙදෙනාම මාර්ගයේ අවසානයට පැමිණ තිබුණි. ශෙන් ස'චුආන්  පැත්තකට හැරී මෙසේ කීවේය.

"මම ආපසු යනවා. ”

"ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ" ෂ්‍යාඔ    චීයේ ඔහු සිටි තැනම සිටියේය. "මේ සරත් දඩයම, අපි තවමත් එකිනෙකා ගැන සොයා බලන්න ඕනේ."

"අධිරාජ්‍ය ආරක්ෂකයින්ටයි සහ අධිරාජ්‍ය හමුදාවටයි එක්ව ඉන්න අවශ්‍ය නැහැ." ශෙන් ස'චුආන්  ඔහු දෙස බැලීය. "ඉතින් මම ඔබගැන සොයාබලන්න ඕනේ ඇයි?"

ෂ්‍යාඔ චීයේ පැවසුවේ, “කොච්චර දුරස්ථයි ද? මම නිතරම මගේ පාද දිගු කරමින් ඔබ ලගට ආවොත්, අපට එක්ව ඉන්න පුළුවන් වේවි.

ශෙන් ස'චුආන්  ඔහුට පිළිතුරු දුන්නේ නැත. ඔහු ගිය පසු, ෂ්‍යාඕ චීයේ තවමත් එම ස්ථානයේම මුල් බැසගෙන නැවතී සිටියේය.

"ඔහු මේතැන සොයන්නේ කාවද?" ෂ්‍යාඔ චීයේ සිය මාපටැඟිල්ලෙන් තලයෙහි මිටට මෘදු ලෙස පහර දුන්නේය. “ග' චිංචිං ... හිතන හැටියට, ඒ ග' චිංචිං තමයි. චෙන් යැං.”

"මෙතන!"

"ගිහින් බලන්න." ෂ්‍යාඔ චීයේ පැවසුවේ, "' චිංචිං ගේ මුතුන් මිත්තන්ගේ පරම්පරා දහඅට දෙසම බලන්න."

ශෙන් ස'චුආන්  ගේ පුද්ගලයා සේවීමේ මෙහෙයුම ෂ්‍යාඕ චීයේ විසින් සම්පුර්ණයෙන් කඩාකප්පල් කිරීමෙන් පසුව, ඔහුව එක දිගටම භ්‍රමණ රාජකාරි සඳහා යොදවන ලද අතර, එබැවින් ඔහුට තවත් නිදහස් කාලයක් සොයා ගැනීමට නොහැකි විය. සරත් දඩයම ආසන්නයේ, අවසානයේ ඔහුට පැවරුමක් ලැබීමේ වාරය උදා විය. නිසැකවම, එය අධිරාජ්‍යයා සමඟ නැන්ලින් දඩයම් පිටියට යාම විය.

එක් දිනකදි ශෙන් ස'චුආන්  සිය රාජකාරී අහවර කර නිවසට පැමිණියේ ය. ද්වාරය තල්ලු කිරීමට පෙර, නිවසේ වෙනත් අයෙකු සිටින බව ඔහුට දැනුනි.

ඔහු පෙරවූ සළුවක් හැදසිටි ඔහු තේ පානය කරමින් සිටියේ ය. ඔහු ෆෙං චුආන් විය, ”ඔබ ඇතුළට එන්නේ නැද්ද”ඔහු විමසීය.

ශෙන් ස'චුආන්  දොර තල්ලු කළේය. නිවසේ ආලෝකයක් දල්වා නොතිබුණි. ඔහුගේ ශ්වේත වර්ණිත සුදුමැලි මුහුණ අඳුරේ ගිලී ඇති අතර, ෆෙං චුආන් ඉබාගාතේ යන ආත්මයක් මෙන් දිස් විය.

ඔහු තේ බදුන පසෙකින් තැබුවේ ය, “මම ආවේ අධිරාජ්‍යයාගෙන් පණිවිඩයක් දැනුම් දෙන්න.”

ශෙන් ස'චුආන්  වක්‍ර උස් කෙලවර සහිත කුඩා ඇඳුම් රාක්කය මතට ඔහුගේ අපිරිසිදු සළුව විසි කළේය, “කරදර වුනාට ස්තූතියි”

"ඔව්." ෆෙං චුආන් ද්වේෂ සහගත ලෙස ශෙන් ස'චුආන්  දෙස බලා ඔහුට වස්තුවක් විසි කළේය. “හදිසි වැඩක් නොවුණා නම් මම පෞද්ගලිකව එන්න වෙනවද? ඔබ වැන්දඹු අධිරාජිනියගෙන් බොහෝ අනුග්‍රහයන් ලබාගෙන තියෙනවා. දැන් ඒ සියල්ල එකවර ආපසු ගෙවන්න කාලෙ හරි. මේ කාරණය මේ සරත් දඩයම හරහා වැටුණොත්, ඔබට එයිනුත් බේරෙන්න බැරි වේවි"

ශෙන් ස'චුආන්  වස්තුව අල්ලා ගත්තේය. එය රෙදි පටියකින් එතූ පෙරදිග මුතු ඇටයක් විය.  ඔහුගේ ඇඟිලි තුඩ පිසදැමීමෙන් රෙදි පටියේ අක්ෂර භාගයක තීන්ත සලකුණු නිරාවරණය විය

 -ලින් චූ

ශෙන් ස'චුආන්  ගේ ඇස් නැවතත් ෆෙං චුආන් ගේ මුහුණ දෙසට යොමු විය.

ෆෙං චුආන් නැඟිට ශෙන් ස'චුආන්  වෙතට ගියේය. ඔහු පැවසුවේ, “ඔබ සාර්ථක වුවහොත්, වැන්දඹු අධිරාජිනියට ඔබේ ජීවිතය බේරලා, ඔබට සුනකයෙක්ට වගේ සලකාවි. නමුත් ඔබ අසමත් වුනොත්, ඔබව තබා ගැනීමෙන් පලක් නැහැ. ”

"සටන් කලා විශේෂඥයන් වනාන්තරයක ගස් වගේ බහුලයි නේ." ශෙන් ස'චුආන්  පැවසීය. "මම මගේ උපරිමය කරන්නම්."

ෆෙං චුආන් සමච්චල් කරන සිනහවක් පිට කිරීමට පෙර ඔහු දෙස මඳ වේලාවක් සැකමුසුව බලා සිටියේය. ඔහු දොරෙන් පිටතට ගොස්, ඔහුගේ සළුවෙන් වසාගෙන, රාත්‍රියේ අඳුරේ දිය වී ගියේය.

ශෙන් ස'චුආන්  පහනක් දල්වා මේසය අසල සිට රෙදි පටිය පුළුස්සා දැමුවේ ය.

දැල්ලෙහි අග්නිය එය පුළුස්සා දමමින් “ලින්” යන වචනය අළු බවට පත් කළේය.

චූදුහී නන්ලිං දඩයම් භූමිය ගිනිකොන දෙසින් පිහිටා ඇති අතර එය පුළුල් ප්‍රදේශයක් ආවරණය කළේ ය. අධිරාජ්‍ය අධිකරණය භාවිතා කරන සාමාන්‍ය අමුද්‍රව්‍යවලින් අඩක් පැමිණියේ මෙම ස්ථානයෙනි. අෂ්ඨ මහා පුහුණු සේනාංක , ඉන් අඩක් බලමුලු ගන්වා තිබූ අතර, මහා බල ප්‍රදර්ශනයක් සහිතව අධිරාජ්‍යයා පසුපස ගමන් කරන්නට විය

ශෙන් ස'චුආන්  අලි ඇතුන් රංචුව ගෙන යමින් සිටියදී අශ්ව කුරවල ගිගුරුම් සහිත ශබ්දය ඔහුට ඇසුණි. ඒ අශ්වයා කාගේදැයි දැන ගැනීමට ඔහුට ආපසු හැරී බැලීමට සිදු නොවීය. නිසැකවම, උකුස්සා තම හිසට උඩින් පියඹා ගොස් තණකොළ අතරින් වල් මීයෙකු රුගෙන නැවත අහසට පියාසර කරනවා ඔහු දුටුවේ ය.

ෂ්‍යාඕ චීයේ සහ ලී ජ්‍යැංහෙන් , චූදු හි ධනවත් තරුණ ස්වාමිවරුන් කණ්ඩායමක් සමඟින්, ඔවුන්ගේ අශ්වයන් ඔහු පසුකර ගොස් ඝෝෂාකාරී ලෙස කෙළින්ම ඉදිරියට ධාවනය කලහ. ළය මත සුදු පැහැ පැලලමක සහිත කාලවර්ණ අශ්වයා ඇතතෙන්ම කැපීපෙනෙන තරම් සුන්දර විය.

ෂ්‍යාඕවූ ඊර්ෂ්‍යාවෙන් හිස ඔසවා, “මේ ප්‍රිරාජ සෙනෙවි ෂ්‍යාඕ ගේ රාජාලියා සහ අශ්වයා පුදුමාකාර නිධානයන් දෙකක්!”

ශෙන් ස'චුආන්  පවසන්නට විය “ඒ සේරම කැලෑ සත්තු”

ෂ්‍යාඔවූ තරුණ වියේ සිටි අතර තනිවීම දරාගත නොහැකි විය, එබැවින් ඔහුට නිතරම ශෙන් ස'චුආන්  සමඟ කතා කිරීමට අවශ්‍ය විය. අශ්වයා පිට ඉඳගෙන ඔහු වියළි බතල ආහාරයට ගත්තේ ය, "චුආන් ග' , ඔබ ඒ අශ්වයාගෙයි රාජාලියාගෙයි නම් දන්නවාද?"

ශෙන් ස'චුආන්  සිනාසෙමින් පැවසුවේ ය, "ඔවුන් කැලෑ සත්තු... උන්ට කතා කරන්න ඕනේ තරම් ක්‍රම තියෙනවා."  

ෂ්‍යාඔවූ ඔහුගේ ශරීරය දිගු කර පැවසුවේ, “ඒ රාජාලියාට කියන්නේ මං! ඔබට එය දරුණු ලෙස ඇසෙන්නේ නැද්ද? නමුත් එම අශ්වයාගේ නම දරුණු නැහර. ඌගේ නම ලං තාඔ ෂ්‍යුඑ ජිං."

ඔහු සෑම වචනයක්ම උච්චාරණය කළ අතර, එය වැඩිහිටි කණ්ඩායම විනෝදයට පත් කරන තරමට ළමා හඬක් විය.

හුස්ම හිරකරගත්, ලී ජ්‍යැංහෙන් ආපසු හැරී, ෂ්‍යාඕ චීයේ ට පැවසුවේ ය, “යාළුවා, මම ඔහුව දකින සෑම වෙලාවකම, ඔහු කාන්තාවක් ලෙස ඉපදුනේ නැත්තේ අපරාදෙ කියලා හිතෙනවා”

ෂ්‍යාඕ චීයේ අශ්වයා නැවත හරවාගෙන ලී ජ්‍යැංහෙන් දෙස බැලුවේ ය.

ලී ජ්‍යැංහෙන් පැවසුවේ ය, “මම දන්නවා, මම දන්නවා. මම ඒ තරමටම රැවටෙන්නේ නැහැ!”

"අපි ටිකකින් එම ස්ථානයට ගියහම." ෂ්‍යාඔ චීයේ පැවසුවේ ය, “ඔබ පිටතට යන විට ඔබ මට පැවසන්න ඕනේ. රාත්‍රී කාලයේ මුරකරුවන්ගෙන් ඈත් වෙන්න එපා. ඔබ ගෙනා එක් ස්ත්‍රියකටවත් කූඩාරමට ඇතුළු වෙන්න දෙන්නෙ නැහැ.”

"මම කාන්තාවක් ව එක්කගෙන ආවේ නෑනෙ?." ලී ජ්‍යැංහෙන් විහිලු කිරීමට නිර්භීත පෙරමුණක් ගත්තේය. 

ෂ්‍යාඕ චීයේ ඔහුට විස්තර කළ නොහැකි නපුරු සිනහවක් හෙළීය.

ඔවුන් පිටුපසින්, චෙන් යැං තම අශ්වයා හසුරවමින් කර ඔවුන් අල්ලා ගත්තේය. ඔහු පැවසුවේ, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, මම ඒ කාන්තාවන් සියලු දෙනා ආපසු යවන්න කෙනෙක් ලබාගෙන තියෙනවා.”

කලබල වූ ලී ජ්‍යැංහෙන් ඔහුගේ දිවේ අග සපා කෑවේය. ටික වේලාවකට පසු, “'අන්, අවංකවම, ඔබ මට ඔවුන් සමඟ නිදා ගන්නවත් ඉඩ දෙන්නෙ නැත්තං, සරත් සෘතුවේ දඩයමේදී ඇති විනෝදය මොකක්ද?”

"ඇත්තටම." ෂ්‍යාඔ චියේ පැවසුවේ, "ඔබ කූඩාරමේ එකට එකතු වී සිටිනවාට වඩා හිරු එළියේ සැරිසැරීම සිත්ගන්නා සුළුයි."

ලී ජ්‍යැංහෙන් ඔහුගේ ගමනේ ඉතිරි කාලය පුරාම උදාසීන සහ කලකිරුණු ලෙස සුසුම්ලමින් සිටියේය.ඔවුන් එන විට අඳුර වැටීමට ආසන්න විය.

ශෙන් ස'චුආන්  පළමු දිනයේ රාජකාරියේ යෙදී නොසිටි නිසා ඔහු නැවතී සිටියේ "අමුතු" රාජකරි කිරීමටය. ච්‍යාඔ ත්‍යැන්යා ද ඔවුන්ට මාංශ ටිකක් සංග්‍රහ කිරීමට අධිරාජ්‍ය ආරක්ෂකයින් කැඳවා තිබුණේ ය.

ඔහු ශෙන් ස'චුආන්  අතේ තිබූ බදුන දුටු අතර එක්වරම පැවසුවේ “එහෙනම් ඔබට පානය කරන්න පුළුවන්”

ශෙන් ස'චුආන්  පැවසුවේ ය. “ එක් බදඅනක් පමණයි.”   

ච්‍යාඕ ත්‍යැන්යා ඔහුට කිසිවක් පැවසුවේ නැහැ. මේ පුද්ගලයා අධිරාජ්‍ය ආරක්ෂකයෙකු මෙන් පෙනුනේ නැත. ඔහු බොහෝ විට සටන් සහෝදරයෙක් මෙන් විය . බැදපු මස් කැපීමට ඔහු කිනිස්සක් භාවිතා කළේ ය “ඔබ දැන් දඩයම් භූමියේ සිටින නිසා ඔබට හැකි සියල්ල අනුභව කරන්න! මෙය සිදු වන්නේ වසරකට වරක් විතරයි. ඔබ කන්නේ මාලිගාවේ සාමාන්‍යයෙන් භාවිතා කරන දේවල්. ඒ නිසා අවස්ථාව මගහැරින්නෙ නැතුව ප්‍රයෝජනයට ගන්න.”

ඔහු මස් හපමින් කීවේය.

ඔබ රාජකාරි කරන විට අසිපත් තලයක් රැගෙන යා යුතුයි. හෙට රාත්‍රියේ ඔබේ වාරය පැමිණුනාම, චිංචිං ගේ තලය භාවිතා කරන්න. ඇයි එහෙම එකක් ගෙනාවේ නැත්තේ? හීලෑ අලි ඇතුන්ගේ කාර්යාලය ඔබට ස්ථාවර දෙයක් ඉගැන්වූයේ නැද්ද?

" අසිපත් තලය බර වැඩියි." එය ඔසවා ගැනීමට නොහැකි තරම් දුර්වල බව බැලූ ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “මට එය මා සමඟ රැගෙන යාමට අපහසුයි.”

"ඔබේ සිරුරේ අස්ථි..." ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේය, " ෂ්‍යාඕ දෙවන තරුණ ස්වාමියා ගේ පා පහරින් එය බිඳ දැමිය නොහැකිද? මොන දුකක් ද. ඔහු පළමු ශ්‍රේණියේ හුරතලෙක් විතරයි, අපිට ඔහුගෙන් කප්පම් ගන්න බෑ. එහෙම නැත්තම් ඒ එක පා පහරකින් මේ අයියණ්ඩිට පුළුවන් ඔහුගේ පවුලේ හැම වාසනාවකින්ම ඔහුව ඉවත් කරන්න.”

ඔවුන් වටා සිටි අධිරාජ්‍ය ආරක්ෂකයෝ සිනාසුණහ.

ශෙන් ස'චුආන්  ඔහුගේ තොල්වල කොන චලනය කළේය. මධුවිත තොලගාමින් ඔහු බඳුනේ දාරය දිගේ වේගයෙන් වටපිට බැලුවේය.

ඔවුන් සියල්ලන්ම ඔවුන්ගේ අසිපත් තලවලින් වෙන් කළ නොහැකි විය.

ඔහු හැර, චූ කුමාරයා මැරීමට මෙහි සිටියේ වෙන කවුද? මෙහි පැමිණ සිටි අය හැරුණු විට, නොපෙනෙන සෙවනැලි තුළ තවමත් ඝාතකයින් සිටි අතර, ඔවුන්ගෙන් කී දෙනෙක් නිහතමානීව බලා සිටියාද? ෂ්‍යාඔ චීයේ ස්වභාවිකව උපන් දක්ෂයෙකු වුවද, මෙම දැඩි වැටලීම යටතේ ඔහුට චු කුමරුව සාර්ථකව ආරක්ෂා කර ගැනීමට ඇති අවාසි මොනවාද?

කූඩාරම් කිහිපයකට එහායින්, ෂ්‍යාඕ චීයේ සහ ලී ජ්‍යැංහෙන් තවමත් මධුවිත පානය කරමින් සහ අනෙක් අය සමඟ දාදුකැට ක්‍රීඩාවේ යෙදෙමින් සිටියහ.

 

 


පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය

 

 


Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-