මේ රූපයේ ශෙන් ස'චුආන් සහ ෂ්‍යාඕ චීයේ ඇදගෙන ඉන්නේ JinZhuang ඇදුම්
ඊලඟ දිනයේ උදෑසන, ෂියන්දේ අධිරාජ්‍යයා සරත් දඩයමට පෞද්ගලික ව අණදේන්නට විය. ඔහුගේ සෞඛ්‍ය තත්වය තුල අසකු පිට දඩයමට යාම යහපත් නොවන හෙයින්, ඔහුයම් ත්‍යාග ප්‍රමාණක් බෙදදෙීම සඳහා දක්ෂයින්ට සිය වාසනාව උරඟා බලන ලෙස විධිවිධාන දුන්නේ ය.
ලී ජ්යැංහෙන් ට ඔහුගේ අශ්වයා මතට නැගීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුවූ අතර ඔහු එයට කිහිපවරක් ම උත්සහ කළේ ය.
ඔහු දෙස බැල්මක් හෙලූ ෂියන්දේ අධිරාජ්‍යයා පැවසූයේ මෙවැන්නකි. “ ලී ජ්යැංහෙන් ආදර්ශයක් විදිහට මෙහෙයවාවි. මම ඔබේ ගොදුරේ රස බලන්න බලාගෙන ඉන්නවා!”
ලී ජ්යැංහෙන් තම පාලනය සියතට ගත්තේ ය. ඔහු ඒ වන විටත් තම ආරක්ෂකයින්ට උපදෙස් දී තිබුණි. ඉලක්කයකට පහර දීමට නොහැකි වුවද, ඔහු හිස් අතින් ආපසු නොපැමිණෙනු ඇත. ඒ නිසා ඔහු මහත් උද්යෝගයෙන් යුතුව තම ආරක්ෂකයන් පිරිස සමඟ පිටත් විය. ෂ්යාඔ චීයේ ඔහු අසල සිට තම අශ්වයා මහෙයවන්නට විය.
නන්ලින් දඩයම් පිටියේ විශාල තෘණ බිම් කෙළවරේ වනාන්තරයක් විය. කහපාට වූ අතු සහ කොළ මත උදා පිනි බිඳු රැදී තිබුණි. අශ්වයන්ගේ හේෂරාවය බඳුරු අතර සැඟවි සිටි ගොදුරු බියෙන් බලා ගියෝ ය.
ඔහු තම අශ්වයා පිට වාඩි වී සිටියදී ඔහුගේ දුන්නෙහි නූල මහත් පරිශ්‍රමයකින් ඇදි ලී ජ්යැංහෙන් සිය ඊලය සාවෙකු දෙසට මෑනීය. ඊතලය හාවාට තරමක් දුරින් බිමට දුර්වල ලෙස ඇදී ගියේය. ව්‍යාජ අත්පොලසන් නාදය සහ ප්‍රීති ඝෝෂාවන් මුලින්ම නැඟුණු අතර, පසුව බැලීමට ගිය ආරක්ෂකයා කල්තියා සූදානම් කර තිබූ හාවෙකු ආපසු ගෙන ආවේය.
T/pow : (යකෝ මෙික වස ලැජ්ජාවක් නේ. අවුරුදු විසි පහක් ඔටුන්න හිමි කුමාරයා වෙලත් අලතැම්බුවද?)
සෑහීමකට පත් වූ ලී ජ්යැංහෙන් ෂ්‍යාඕ චීයේ ට පැවසන්නට විය “මගේ දුනු ශිල්පයේ දක්ෂතාවය එතරමු නරක නැහැ නේද? ඒක මට ඉගැන්නුවේ රාජකීය මුත්තනුවනුයි!”
ෂ්‍යාඕ චීයේ අවංකවම පැවසුවේය, "ලිබෙයි වල පවා ඒතරම් දක්ෂ කමක් මම දැකලා නැහැ" යනුවෙනි.
ලී ජ්යැංහෙන් වහාම සිනහවිය, “ඔබ මෙච්චර කල් චූදු වල සිටියා, දුන්නක් අඳින විදිහ ඔබට අමතක වෙන්න ඇති නේද?”
ෂ්‍යාඕ චීයේ ගෙනවිත් තිබුණේ සාමාන්‍ය දුන්නක් පමණි. එය අධිරාජ්‍ය ආරක්ෂකයින් භාවිතා කළ ඒවා තරම්වත් හොඳ නොවීය . “මම, මගේ දක්ෂතාවත් පෙන්වන්නම්” ඔහු කීවේය.
ඒ සමඟින්, ෂ්‍යාඕ චීයේ ඔහුගේ දුන්න ඇද ඔහුට ඉදිරියෙන් ඇති එළිපත්ත දෙසට ඊතලයක් එල්ල කළේය. ඔහුගේ පහර චූ කුමරුගේ පහරට වඩා දුර්වල විය. එය පොළොවට කිඳා බැස්සේ හෝ නැත. නැවතත් මුග්ධ ප්‍රීති ඝෝෂාවන් සහ දිරිමත් කිරීම් ඇසුණි. එයින්, ෂ්‍යාඕ චීයේ සතුටට පත් විය.
ච්‍යාඕ ත්‍යැන්යා ඒ වන විටත් ඔවුන් පිටුපස බලා සිටියේ නොඉවසිල්ලෙනි. මේ දර්ශනය දැකීමෙන් විනෝදයට පත් ඔහු, “ඒක පේනවද? ඔබ හොඳින් පුහුණු නොවුනොත් ඔබව මෝඩයෙකු ලෙස සලකිලි ලැබේවි! ”
ෂ්‍යාඕ චීයේ ගේ උරහිස් සහ දෑත් දෙස බලා සිටි ශෙන් ස'චුආන් හට නැවත වරක් එම අස්ථි මුදුව සිහිපත් විය. ඔහුට සිනහ නොවී සිටීමට නොහැකි විය.
චූ කුමාරයාගේ පිටුපස වේදනා දෙන්නට ගනිද්දී ඔවුන් එතරම් වෙලාවක් අසු මත ධාවනය කර නොතිබුණි.මේවා පෙරදින රාත්‍රියේ පමණට වඩා මත්පැන් පානය කිරීමෙන් ලද ප්‍රතිපලය. එහෙමන්ම,මේ මොහොතේ දි ඔහුට සුවපහසු බවක් කොහෙත්ම නොදැනුනේ ය. ඔහු මඳ වෙලාවක් සිය අශ්වයා ව අරමුණක් නොමැතිව ගෙනයමින් සිටියේ ය. ඔහු එය නැවැත්වූයේ සිය ආරක්ෂකයන් වෙත යාමට කාලය එළැඹුණු විට පමණි.
සුළඟක් මෙන් ඔහු ආපසු කැඳවාගෙන යන විට පිටුපස සිටි ආරක්ෂකයින් ඔවුන්ගේ සියලු ඊතල විද අවසන් කර නොතිබුණි. ඔවුන් නැඟෙනහිර වනාන්තරයටවත් ගමන් නොකලේ ය.
ලී ජ්යැංහෙන් අශ්වයා පිටින් බැස අධිරාජ්‍ය ඉදිරියේ දණ ගසා සිටියේය. පසෙකින්, පැන් රෑගුයි ෂියන්දේ අධිරාජ්‍යයා වෙනුවෙන් ගොදුරේ විශේෂත්වය බලා ත්‍යාග සූදානම් කරමින් සිටියේ ය. ලී ජ්යැංහෙන් පිළිබඳ ඇසු විට ඔහු ඒ පිළාබඳව සතුටට පත්විය. ඔහු පැවසුවේ ය.
“අධිරාජ්‍ය වැඩිමහල් සහෝදරයා! රතු නරියෙක් පවා ඉන්නවා. මොනතරම් විශිෂ්ට ලොම් වර්ණයක්ද. එය ඔබට ලොම් කරපටි විදිහට නිර්මාණය කරගන්න පුළුවන්."
ෂියන්දේ අධිරාජයාද සතුටු විය. ඔහු පැවසුවේ, “මම නැවත චූදු වලට ආවාට වඩා දැන් මට ප්‍රබෝධමත් බවක් දැනේනවා! පැන් රුගුයි, චූ යුවරජතුමා ට තෑගි ලබා දෙන්න.”
ලී ජ්යැංහෙන් ඉතා ප්‍රීතියෙන් යුතුව සේද රෙදි ඔසවද්දි කිසිදු සාමාන්‍ය මිනිසෙකුට ඇඳිය නොහැකි මහා දුන්නක් තිබෙනු ඔහුට දකින්නට ලැබුණි.ඔහුට පැවසීමට යමක් තිබූ නමුත්, "ඔබේ ත්‍යාගයට කෘතඤ වෙනවා උතුමාණෙනි!" යැයි පැවසීය.
ෂියන්දේ අධිරාජ්‍යයා සිනාසෙමින් කිහිප වතාවක්ම කහිමින් පැවසුවේ ය.
“ඔබ එයට කැමති නැද්ද? මේක ඔබ පාවිච්චි කරන්න අදහසක් නැද්ද. මේ දුන්න ඉතිරි කළේ මහා මුතුන් මිත්තන්ගේ අධිරාජ්‍යයායි. කළු යකඩ සහ තඹ වලින් සාදා නිමකල එකසිය විස්සක් බරුති අනර්ඝ දුන්නක්. දැන් ඉන්න සතර මහා සෙන්පතියන්ටවත් ඒක අදින්න බෑ. මම, ඔබට ප්රදානය කරන්නේ ඔබ සැම විටම කඩිසරව සිටීමට මට අවශ්‍ය නිසායි. ඔබ මෙි දුන්නට මුහුණ දෙනවිට, අධිරාජ්‍යය පිහිටුවීම සඳහා මහා මුතුන් මිත්තෙකු වූ ඔහුගේ මහා ප්රයත්නයෙහි දුෂ්කරතාව සිහිපත් කරන්න. ”
ලී ජ්යැංහෙන් ඔහුගේ වචන පිළිගෙන දුන්න රැගෙන යන ලෙස ඔහුගේ මිනිසුන්ට සංඥා කළේය.
රාත්‍රී භෝජනය අතරතුර, ෂියන්දේ අධිරාජ්‍යයා ලී ජ්යැංහෙන්ට ඔහු සමඟ හසුන්ගැනීමට බල කළේ ය. මෙය තවත් පැහැදිලි වකළ නොහැකි ඉඟියක් විය. ඉදිරිපත් කළ සියලුම නිලධාරීන් එය දැන සිටියත්, ඔවුන්ට තවමත් ගොළු සෙල්ලම් කිරීමට සිදු වූයේ මහලේකම් කාර්යාලයේ වැඩිහිටි හුආ, හුආ සීචියන් තවමත් චු කුමරු සමඟ සමාන මට්ටමක සිටි බැවිනි.
සියල්ලෝම වයින් සහ ආහාර පුරවා ගත් පසු, ගිනි මැලයක් ආරම්භ කරන ලදී.
ෂියන්දේ අධිරාජ්‍යයා මේ දවස මුළුල්ලේම පසු බැස නොතිබූ නිසා පැමිණ සිටි සියල්ලන්ටම පිටව යාමට නොහැකි විය. ලී ජ්යැංහෙන් දැනටමත් වාඩි වී වෙහෙසට පත්ව සිටි නමුත්, ෂියන්දේ අධිරාජ්‍යයාට තවමත් විවේකයක් සඳහා ඉවත්වීමට අදහසක් නොමැති බව ඔහු දුටුවේය.
කුමක් ද සිද්ධවෙන්නේ?
ලී ජ්යැංහෙන් වෙත ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළීය.
ෂ්‍යාඕ චීයේ නොදැක්කා සේ පෙනී සිටියේය.
මේ වන විට ගායනයන් සහ නර්තනයන් නතරව ගොස් තිබූ අතර ගිනිදැල් ඇවිළෙමින් තිබුණි. ෂියන්දේ අධිරාජ්‍යයා හදිසියේම තම ඇඳුම් එකතු කර “ මගේ ආදරණීය ඇමතිවරයාණෙනි ” කියා කෑගැසුවේය.
හායි ලියැංයී තම වස්ත්‍රය පිළිවෙලට තබා ගෞරවාන්විතව අධිරාජ්‍යයා ඉදිරියේ දණින් වැටුණි, “මේ පැරණි සේවකයා මෙහි ඉන්නවා!”
ෂියන්දේ අධිරාජ්‍යයා ඇසුවේ ය., "ඔබ අද මොනවා කරන්න ද සැලසුම් කරන්නේ?"
හයි ලියැංයී දණින් වැටී පිළිතුරු දෙන්නට විය., “මේ පැරණි සේවකයා අමාත්‍යාංශ හයක ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් ෂුඒ ෂ්‍යුජුඕ ට ඔබතුමා ඉදිරියේ පෙත්සමක් ඉදිරිපත් කිරීමට බලය ලබා දෙන ලෙස නිර්දේශ කිරීමට කැමතියි!”
හුආ සීචියන්ට දැනටමත් යමක් සිදුවෙමින් පවතින බව දැනී තිබුණි. ඔහු රැවුල අතගාමින්, “රෙන්ෂි ඇයි ඔබ ඒවගේ කාරණයක් මෙතැනට ගෙනාවේ? අනිත් එක, ප්‍රධාන අධීක්ෂණ ලේකම්වරයාට සෘජුවම උතුමාණන් එක්ක සාකච්ඡා කරන්න බලය තියෙනවා නේ"
“ඒක එහෙම වෙන්න පුළුවන් .” හායි ලියැංයී පැවසුවේ ය., “නමුත් ෂුඒ ෂි්යුජුඔ ගේ අනුස්මරණය නැවත නැවතත් උතුමාණන් ට ළඟා වීමට අසමත් වුණ දෙයක් නේද? ඔහුත් උතුමාණන් එක්ක පිරිසක් හොබවඅවේ නැද්ද?"
"උතුමාණන් අනුස්මරණ ය නොකරපු මරණයක් පවතින්නේ කොහොමද?" හුආ ෂියැංයී පැවසුවේ ය.
ෂීයන්දේ අධිරාජ්‍යයා පැවසුවේ ය, “මමත් කුතුහලයෙන් ඉන්නේ. මගේ හිතවත් ඇමතිවරයාණෙනි, ඔහුගේ නිදහසට කාරණය පවසන්න ඔහුට පැමිණෙන්න කියන්න"
විධානය ලැබුණු පසු, පැන් රුගුයි හුආ ලියැංයී සමඟ බැල්මක් හුවමාරු කර ගනිමින් පියවර දෙකක් ඉදිරියට ගියේ ය, “ආදායම් පිළිබඳ විමර්ශන කාර්යාලයේ ප්‍රධාන අධීක්ෂණ ලේකම් ෂුඒ ෂි්යුජුඔ, උතුමාණන් සමඟ හමුවීමක් සඳහා කැඳවන්න!”
ෂුඒ ෂ්යුජුඔ ඔහුගේ නිල ඇඳුම ඇඳ සිටියේ නැත. ඔහු තම අශ්වයාගෙන් ඉවත්ව තිබුණා පමණකි. උඩට යන විට ඔහු කිසිවෙකු දෙස බැලුවේ නැත. ඒ වෙනුවට, ඔහු මුලින්ම දණින් වැටී ෂියන්දේ අධිරාජ්‍යයාට ආචාර කළේය.
"ඔබට වාර්තා කිරීමට ඇත්තේ කුමක්ද?" ෂියන්දේ අධිරාජයා සුළඟ මධ්‍යයේ ඇසුවේය.
ෂුඒ ෂ්‍යුජුඕ පැවසුවේ ය, “මේ සේවකයා විමර්ශන කාර්යාලයේ අධීක්ෂණ ලේකම්වරයායි. මගේ ප්‍රධාන කර්තව්‍යය වන්නේ ආදායම් අමාත්‍යාංශයේ මූල්‍ය කටයුතු සියළු විස්තර සහිතව විගණනය කිරීමයි. ෂියන්දේ පස්වන වසරේ තුන්වන මාසයේ,මේ සේවකයා ෂියන්දේ හි සිව්වන වසර සඳහා වියදම් ලෙජරය විගණනය කළ කලාම වාර්තා වුන 2,000,000 ක මූල්‍යමය සහනාධාරයක් සොයා ගත්තා. විචක්ෂණ භාවය සඳහා, විශේෂයෙන්ම ඒ "ජූඒෂි වල නගර දහතුන සඳහා සහනාධාරයක්" බව ආදායම් අමාත්‍යාංශයේ ප්‍රකාශයේ සඳහන් වුණා, මේ සේවකයා පුද්ගලිකව ම ජුඒෂි වලට පිටත්වුණා. ජුඒෂිවල පළාත් පරිපාලන කොමසාරිස් ජියැං චිංෂන් විසින් මෙ සේවකයා සමඟ ගිණුම් ප්රතිසන්ධානයක් සිදු කරලා ෂියන්දේ හි සිව්වන වසරේ වෙන් කරන ලද සහනාධාරයෙන් ජුඑුෂි වලට සැබෑවටම ලබා දී ඇත්තේ 1,530,000 ක් පමණක් බව සොයා ගත්තා. ඉතිරි 470,000ක මුදල හෝඩුවාවක් නොමැතිව අතුරුදහන් වුණා. ඉන් අනතුරුව එම වසරේම අටවන මසයෙදි යුද අමාත්‍යාංශය විසින් දේශසීමාවේ සිටින භට පිරිස් වෙත වැටුප් හා ප්‍රතිපාදන ලබා දුන්නා. මේ සඳහා ආදායම් අමාත්‍යාංශය විසින් 2,800,000ක මුදලක් වෙන් කළා. එම මුදලින් 1,800,000 ක් චීඳොං පංචමහා හමුදා බලඇණි වලටත් 1,000,000 ලිබෙයි මහා සේනාංකය සඳහාත් වුණා. නමුත් මේ සේවකයා එය ලබා දීමෙන් පසු ලුඕෂ්යා තැන්නට මුදල් දෙනවිට ඉතිරිව තිබුණේ 830,000 පමණයි! ඒවගේම මේ දෙයින් රාජ්‍ය භාණ්ඩාගාරයේ හිඟය විශාල මුදලක් දක්වා වැඩි වුණා. මෙි මුදල් කොහෙද ගියේ? ඒවා ගත්තේ කවුද? වැඩිහිටි මහලේකම් හුආට විශ්වාස නොවෙන්න පුළුවන්, නමුත් මේ සේවකයට උතුමාණන්ගේ පරීක්ෂාව සඳහා ඉදිරිපත් කිරීමට වාර්තා තියෙනවා!"
"ඔබ විකාර කතා කරනවා!" හුආ සිචියන් සීතල ස්වරයෙන් ඔහුව හෙළා දුටුවේය. “ආදායම් අමාත්‍යාංශයට අවුරුද්ද ආරම්භයේදීම මාලිගාවේම ගිණුම් ගලපන්න වෙනවා! ආදායම් අමාත්‍යවරයා, මහා ලේකම් කාර්යාලය සහ රාජකීය මාලිගයේ උත්සව අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ යන සියල්ලන්ම හිඟයක් ඇති බව වෙන කිසිවෙකුත් නොදැන ඔබ පමණක් දැනගත්තේ කොහොමද?! ”
හායි ලියැංයී හිස ඔසවා ස්ථාවර හඬින් පැවසුවේ ය, “මේ පැරණි සේවකයා දන්නවා! ෂියන්දේ දෙවන වසරේ සිට ආදායම් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ගිණුම් පොත් සැබෑ සහ ව්‍යාජ පිටපත් විදිහට බෙදා ත්යෙන බව. සෑම වසරකම භාර දෙන දේ තීරණය කිරීමේදී, ආදායම් අමාත්‍යවරයගේ වචන නෙමෙයි වැදගත් වන්නේ ඔබේ වචනයයි හුආ සීචියන්!”
ගිනිමැලයේ "පිච්චෙන" හදිසියේම පුපුරා ගිය ගිගුරුම් හඬක් මෙන් පුපුරා ගියේ පැමිණ සිටි සියල්ලන්ම නිශ්ශබ්දතාවයට පත් කරමිනි. ෂියන්දේ අධිරාජ්‍යයා මෙතරම් හදිසියේ දැඩි ප්‍රශ්න මතු කරනු ඇතැයි ඔවුන් කිසිවෙක් අපේක්ෂා නොකළහ.
"හොඳයි." හුආ සීචියන් රුදු සිනහවක් සමග මේසයට ගසා නැගිට්ටේ ය. “ඉතින් ඔබ දැන් නිරර්ථක චෝදනා එල්ල කරනවද? මොන හුආ 👓 පිලද?! ලෝකයේ සියලුම ඉඩම් අධිරාජයාට අයත් වේ. මම, හුආ සීචියන්, කළ සෑම දෙයකදීම විවෘතව සහ ඉහළින් වැජඹුනා. මුළු කාලය පුරාම, මම අධිරාජ්යයාණන්ට මුල් තැන දුන්නා! සැක සහිත ගිණුම් තිබේ නම් දැන් ඒවා ඉවත් කරන්න. ජෙන් ගුඔෂි, එය ඔහු සමඟ ගණන් කරන්න!
ආදායම් අමාත්‍ය ජෙන් ගුඔෂී කලබලයෙන් දණින් වැටඅණේ ය “ අධිරාජ්‍යයාණෙනි , මේ සේවකයා ප්‍රධාන අධීක්ෂණ ලේකම් ෂුඒ ගෙන් ප්‍රශ්නයක් ඇසීමට කැමතියි. ෂියන්දේ හතරවෙනි අවුරුද්දේ ගිණුම් වලනම් ගැටළුව තියෙන්නෙ ඇයි අද වෙනකම් ඔබ බලාගෙන සිටියේ මේ ගැන හෙළිකරන්න. ඇත්ත වශයෙන්ම එහි ගැටලුවක් තියෙනවනම්, ඔහු ප්‍රධාන ප්‍රශ්නයක් උසුලන්නේ නැද්ද! ”
ෂුඑ් ෂ්‍යුජුඕ ඉක්මනින් පැවසුවේ ය. “වර්තමානයේ, අගනුවරට ඇතුළු වූ ප්‍රාදේශීය නිලධාරීන් ඔවුන්ගේ ප්‍රධානීන් මුණගැසෙන්නේවත්, ඔබතුමාට නමස්කාර කරන්නේවත් නැහැ. ඒ වෙනුවට ඔවුන් මුලින්ම එවන්නේ *පැමිණිමේ අවසරපතක්*. සහ ඔවුන්ගේ ගෞරව දැක්වීම සඳහා හුආ මාළිගයට හෝ පැන් ගොංගොංගේ නිවසවෙත යන එකයි. ලේකම් කාර්යාලයේ වැඩිහිටි හුආගේ මඟ පෙන්වීම අනුගමනය කිරීමට තවමත් නිර්භීත නොවන්නේ කවුද කියලා විමසලා බලන්න."
ෂියන්දේ අධිරාජ්‍යයා නපුරු හඬකින් පැවසුවේ “පමා වෙන්නේ නැහැ? ෂී ගු'අන්, හිටපු ඔටුන්න හිමි ,කුමරු ප්‍රමාද වුනේ නැද්ද? ශේන් වෙයි ප්‍රමාද වුණේ නැද්ද? ඔවුන්ගෙන් ඔබට වඩා විශ්වාසවන්ත නොවුනේ කවුද?! ඔවුන් පසුබැස ගියත් අධිරාජිනිය ඔවුන්ව අත්හැරියාද? අධිරාජ්‍ය ආඥාවක් කෙටුම්පත් කරන ලෙස මම දැනටමත් ඔවුන්ගෙන් ඉල්ලා තියෙනවා. අනාගතයේදී චූ කුමරු සිහසුනට පත්වන තාක් කල්, ෂී වංශයේ දියණිය අධිරාජ්‍යයේ අධිරාජිනිය වේවි!”
“උතුමාණන්ගේ නියෝග නිකුත් කිරීම සහ අවලංගු කිරීම දැනටමත් සාමාන්‍ය පුරුද්දක් බවට පත්වෙලා. ඔබ තවමත් එවැනි බලාපොරොත්තු සහගත හැගීමක් ඇති කර ගැනීමට නිර්භීතද?! ” හුආ සීචියන් ඔහුගේ අත් සෙලෙව්වේය. “අධිරාජ්‍යයා ඔහුගේ අසනීපයෙන් අවුල් සහගත තත්වයට පත්වෙලා! අධිරාජ්‍ය උපභාර්යා වෙයි මේ වන විටත් මාස භාගයක ගැබිනියක් ඉති, චූ කුමරු සිහසුනට පත් වන්නේ කොහොමද?!
ෂී ගු'අන් ඔහුගේ අසිපත් තලය අල්ලා ගත්තේය. ඔහුගේ නළල දහඩියෙන් තෙත් විය.
අඳුරු වලාකුළු ස්ථර ඒ වන විටත් රාත්‍රී අහස වැසීගෛන තිබුණි. වැසි කුණාටුවකට පෙර සුළඟ ද නතර විය. දඩයම් භූමියේ ධජයන් වැසී ගියේය. කිසිවෙක් නොසෙල්වුණේ ය.
දත්මිටි කමින්, ෂී ගු'අන් තම තලය ඇදගෙන ෂියැන්ඩේ අධිරාජ්‍යයා දෙසට හැරුණේය. තරමක් අපහසුවෙන් ඔහු පැවසුවේ, “උතුමාණන්ගේ අසනීපය... සුව කළ නොහැකියි.”
"මම ඔබට අවස්ථාවක් දුන්නා." ෂියන්දේ අධිරාජ්‍යයා ෂී ගූ'අන් දෙස බලා ක්‍රමයෙන් සිනාසෙන්නට විය. ඔහු සිනාසෙන තරමට එහි ශබ්දයද වැඩි විය. ඔහු මේසයට හේත්තු වී හිම කැටයක් මෙන් හැගීම් මෙසේ පැවසීය: “මම මේ සරත් දඩයමට එන විට මට සම්පූර්ණ විශ්වාසයක් නොතිබුනා නම්, ඔබ වගේ ද්‍රෝහී ඇමතිවරුන් සහ ද්‍රෝහීන් දඩයම් කර මරා දමන්නේ කොහොමද?! චී ජූයින් දැනටමත් මගේ ආධාරයට පැමිණීමට හමුදාවට නායකත්වය දෙනවා. ඇය පැය හතරක් ඇතුළත මෙහි සිටිය යුතුයි! ඉතින් ඔබ කාවද මරන්නේ? හ්ම්? කවුද එඩිතර වෙන්නේ?!"
ජි ලෙයි හදිසියේම කියන්නට විය. “චීදොං අණදෙන නිළදාරිනී චි ඉන්නේ හුඟක් දුරින්. පැමිණෙන සහ පිටතට යන සියලුම ලිපි හුවමාරු සඳහා අධිරාජ්‍ය ආරක්ෂකයින් වගකියන්න ඕනේ. රජතුමනි, ඔබ සිහිනෙන් අවදි වෙන්න ඕනේ!”
ෂියන්දේ අධිරාජ්‍යයා කෝපයෙන් ඔහු දෙස බලා, “චී...” යැයි පැවසීය.
පැන් රූගුයි හදිසියේම ෂියන්දේ අධිරාජ්‍යයාගේ වාඩි වසා ඔහුට වාඩි වීමට බල කළේය. ඔහු පිරිස සිනාසුණේය. "උතුමාණන්ගේ ව්‍යාධිය නැවතත් වැඩි වෙලා ."
සියලුම රාජ්‍ය සේවකයන්ගේ කකුල් වෙව්ලන්නට විය. හුආ සීචියන් ලී ජ්යැංහෙන් දෙස බලා පිළිකුල් සහගත ලෙස සිනහවක් පෑවේය. " ඔහු දඩයම් පිටියෙදි දුනු සහ ඊතල පවා රඅගෙන ආවා. ඔහුට එරෙහි සාක්ෂි තීරණාත්මකයි! ඔබ බලා සිටින්නේ කුමක් මොනවටද? ඔහුව මරලා දාන්න! ”
ඔහු අසල සිටි ආරක්ෂකයින් ගේ අසිපත් දිලී පරාවර්තනය විය.
ලී ජ්යැංහෙන් කම්පනයෙන් ඔහුගේ අාහාර කූරු බිම දැමීය. ඔහු පසුබසින විට, ඔහු තම ආසනය සමඟ පොළවට ඇද වැටුණි. ඔහු පැවසුවේ ය “ලේකම්තුමනි, ලේකම් කාර්යාලයේ වැඩිහිටියාණෙනි! මම අධිරාජ්‍යයා බව ප්‍රකාශ කරන්න ඇත්තටම මට අදහසක් නැහැ! ”
"උතුමාණෙනි." හුආ සීචියන් පැවසුවේ ය. "'ඔබ අඩුම ගණනේ ඒ වචනහතර ලියනනවත් දන්නවාද?"
අහසේ ගිගුරුම් හඬක් පුපුරා ගියේය.
ඔහු දෙසට පියනැගෙන පා හමුවේ ලී ජ්යැංහෙන් සිය ආරක්ෂකයන් පිටුපස සැඟව ගියේ ය. “මම ඇත්තටම වැඩකට නැති ඔටුන්න කුමාරයෙක්! ඉතින් ඇයි මේ තරම් දුරකට යන්නේ?”
අසඅපත් තලයක දීප්තිය ඔහු ඉදිරියෙන් ගලා ගිය අතර ලී ජ්යැංහෙන් ඔහුගේ හිස අල්ලාගෙන කෑගැසුවේය. නමුත්, ඔහුට විශාල ගැටීම් හඬකුත් මේසය පුපුරායනුත් ශ්‍රවණය විය. කවුරුන්හෝ ඔහුගේ පිටුපස කොලරය ගෙන ඔහුව ඔසවා තැබුවේය.
"අධිරාජ්‍යයා ඔබට ජයග්‍රාහී දුන්න ලබා දුන්නා, ඒ නිසාඔබ තමයි දෂෞවල ඔටුන්න හිමි කුමාරයා!" ෂ්යාඔ චීයේ නපුරු සිනහවක් පෑවේය. “චූදු අධිරාජ්‍ය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා විදිහට, මම, ෂ්‍යාඕ ස'අන්ට , මගේ මේ ලංලිං අසිපත් තලයෙන් කාගේඉරණම තීන්දු වේවිද කියලා බලන්න අවශ්‍යයි! චෙන් යැං, ඔටුන්න හිමි කුමාරයාට අශ්වයා පිටට නගින්න උදව් කරන්න!”
"දෙවන තරුණ ස්වාමි ෂ්‍යාඕ." ජි ලෙයි මන්දගාමිව ඔහුගේ තලය එළියට ගත්තේය. "අපි අතර තියෙන මිත්‍රත්වය නිසා අද රෑ මේක නිසා කරන්න ඕනද?"
"මම මෙච්චර වෙලා සම්පුර්ණයෙන් රැවටිලයි හිටියේ." ෂ්යාඔ චීයේ ලී ජ්යැංහෙන් නිදහස් කළේය.
"මට රණ්ඩු වෙනකං කිති කැවෙනවා වගේ"*
"ඔහුව අල්ලා ගන්න." ජි ලෙයි පැවසුවේ, "දෙවන තරුණ ස්වාමියාගේ ජීවිතයට අනතුරක් නොවන තාක් කල්, ඔහුගේ අත් සහ පාද කඩලා දාන්න ඕනේ."
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අවඅල් වී ගිය පිටත වස්ත්‍රය ඉවත් කළේ ජින්ජුඅන් නමැති වස්ත්‍රය පිටතය පෙනෙන පරිදිය. ඔහු වටපිට විපරම් කළේ ය, “කාටහරි මගේ අත් පා කඩා දමන්නට පුළුවන් වුනොත්, මම ඔහුට රන් කාසි සියයක් පමණක් නෙමෙයි, ඔහුට ශාස්තෘවරයා කියලත් අමතන්නම්”යි කීවේය.
චූදුහීදි කිසිදු දිනක සිය අසිපත් ආවරණය හැර නොගිය ලැංලිං අසිපත් තලය, ක්‍රමයෙන් ලිස්සා ගියේ අඟලෙන් අඟලය, ආලෝකයේ වර්ණය දිලිසෙමින්, බියජනය, ශීතලය මාරාන්තිය රශ්මියක් විහිදුවමින් එක වැජඹුනේ ය.
"නමුත් ඔහුට එසේ කළ නොහැකි වුනොත්, ඔහුගේ ජීවිතය අහිමි වේවි!"
අරැත් පැහැදිලි කිරීම
I'm Ichy For a fight : සටනක් සඳහා නොඉවසිල්ලෙන් බලා සිටිනවා යන්න හඟවන පිරුලක්
劲装 Jinzhuang යනු චලනයන් පහසු කිරීමටත් අඩු සීමාවක් ඔස්සේ සුරක්ෂිත කර ඇති අත් සහිත (සාමාන්‍ය ලිහිල්, ගලා යන ඇදුම් හා සසඳන විට) වඩාත් ශරීරයට ගැළපෙන ඇඳුමකි. එය සාමාන්‍යයෙන් සටන් කලාව හදාරන්නන් විසින් සටන් කිරීම පහසු වීම සඳහා හැද සිටී.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment