ෂ්‍යාඕ ජීමිං | ෂ්‍යාඕ චීයේ ගේ වැඩිමල් සොහොයුරා.| ප්‍රධාන සෙනපතියන් සතර දෙනාගෙන් කෙනෙකි.
“මම හුඟක් වැරදි.” ශෙන් ස'චුආන් පැවසී ය., “දැන් කිසියම් හෝ සිද්ධියක් සිදුවෙනවා නම්, අනිවාර්යයෙන් ඒක ශෙන් ලන්චෞහා සම්බන්ධයි.”
“ඔබ නිදහස් වුණාට පස්සෙ ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණියා.” ෂ්‍යාඕ චීයේ පැවසීය “ ෂ්යාඔෆුසී, රාජකීය විද්‍යාලය, පැන් රෑගුයි… ඒ හැම සිද්ධියක්ම ඔබ හා සම්බන්ධ වෙන්නේ කොහොමද?”
ශෙන් ස'චුආන් උපහාසාත්මක ව පවසන්නට විය, “එය නිවැරදි . ඒහැමදෙයක්ම මට සම්බන්ධ වෙන්නේ ඇයි? ඔබ මේකට හේතුව දන්නෙ නැද්ද? අනිත් අතට, එදා පරම්පරාගත කුමාරයා මාව චෂී සොරොව්වෙන් සොයාගෙන ආවා. ඔහු ඔහුගේ අසිපත් තලයෙන් මාව ඉවරයක් කරලා දැම්මා නම්, එහෙනම් මේ ව්‍යවසනයන් කවදාවත් නොවෙන්න තිබුණා. “
ෂ්‍යාඕ චීයේ කොළ අත්ත පහතට ගෙන පැවසීය, “ඒ වුනත්, ඔබ එදා ජීවත් වෙන්න විශාල සටනක් දුන්නා. අද ජීවත් වීම ගැන ඔබට හැඟෙන්නේ මොනවද ඔබට වැටහුණාද? ”
ශෙන් ස'චුආන් ගේ ඇස්වල සන්සුන් බව කෙතරම් ද යත්, ෂ්‍යාඕ චීයේ එය අධියථාර්ථයක් ලෙස දකින්නට විය.
මේ පුද්ගලයා ඉතාමත් ගුප්ත විය.
එදින උත්සවයේද එසේමය. ඔහුගේ සෑම ක්‍රියාවක්ම "අතීතය අතහැර දැමීමක්" ලෙස ක්රීයා කළද ශෙන් ස'චුආන් වසර පහකට පෙර එම හිම සහිත රාත්රියේදී ඔහුව සපා කෑ විට ඔහුගේ දෑස්වල තිබූ බැල්ම ෂ්‍යාඕ චීයේට තවමත් පැහැදිලිව මතකයේ රැදී තිබුණි.
යථාර්ථයෙන් එවැනි "විසන්ධි වීම්*" ඔහුට ග්‍රහණය කර ගත නොහැකි පතුලක් නැති අගාධයක් බඳු විය. ඔහුගේ සීමාව කොතැනදැයි අන් අයට පැවසීමට ක්‍රමයක් නැති වන තුරු එම වෛරයේ ස්පන්දන ගෙවී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබුණි. උත්සවයේ සිටි සියල්ලෝම ඔහුට නින්දා කළ නමුත් ඔහු හිස පහත් කර සිනාසුණේය. ෂ්යාඔ චීයේ ඔහුව වෙනත් ආකාරයකින් දකින බව පැවසූ විට, ඔහු එය සැබවින්ම අදහස් කර තිබුණි.
පුද්ගලයෙකුට සිනහසෙමින් එය දරාගත හැකි නම්, එම විනීතභාවය හා ඊට ප්රතිවිරුද්ධව අැති අදුර, ෂ්‍යාඕ චීයේට වඩාත් කරදරකාරී විය.
"ජීවත් වීම ගැන දැනෙන දේ." ශෙන් ස'චුආන් නැවතත් සිනාසුණේය.
“මම ෂාඕ සූයි පන්සලේ ඉදිද්දි සෑම දිවා රාත්‍රියකම මට එය දැනුනා. දැන් මාව නිදහස් කරලා ඉවරයි, ජීවත් වෙන එක ලේසි නැහැ කියලා මට තේරෙනවා. මම මගේ ජීවිතය අගය කරනවා. ඒ වගේම මට බයයි. නමුත් ඔවුන්ට අවශ්‍ය මා මේ වැරැද්ද පිළිඅරගෙන ඒ සියලු මිනිස් ජීවිත වල වන්දිය මගේ ජීවිතයෙන් ගෙවා දමන්නයි. ශෙන් ලන්චෞකියන මට නම් තියෙන්නෙ එක ජීවිතයයි. ඔවුන් සියල්ලටම ගෙවන්න එ්ක ප්‍රමාණවත් වන්නේ කොහොමද? දෙවන තරුණ ස්වාමියා සහ විවිධ මහත්වරුන්ගේ ප්‍රශංසාවට පත් වීම වගේම මා කෙරෙහි එතරම් අපහසු විදිහට කටයුතු නොකරාවි කියන බලාපොරොත්තුවෙන් මම බොහෝ විදිවලින් සෑම කෙනෙකුටම ස්තූතිවන්ත වෙනවා. අද, මට ඔබට ගිණුමක් ලබා දෙන්න අවශ්‍යයි. දෙවන තරුණ ස්වාමිණි, අඩුම තරමින් මට හේතුවක් දෙන්න.?”
ෂ්‍යාඕ චීයේ මෙම කරුණට සවන් දෙන විට, ඔහු ඒ වන විටත් ඔහුගේ අදහස වෙනස් කර තිබුණි. ඔහුට තියුණු නාසයක් ඇති අතර ශෙන් ස'චුආන් එතරම් හොඳින් සහ නිහතමානීව සහයෝගයෙන් කටයුතු කරන සෑම අවස්ථාවකම ඔහුට නොපැහැදිලි ලෙස නොසන්සුන් බවක් දැනුනි. නමුත් ශෙන් ස'චුආන් කැලඹීමට හෝ බලකිරීමක් සිදු නොකළේ ය. ෂ්යාඔ චීයේ ඔහුගෙන් එය උදුරා ගැනීමට කොතරම් උත්සාහ කළත්, ඔහුගේ මුසාවලින් ඔහුට සත්‍යය පැවසීමට නොහැකි විය.
ශෙන් ස'චුආන් පැවසූ කිසිදු වදනක් ඔහු විශ්වාස කළේ නැත. එදා රාත්‍රියේ ශෙන් ස'චුආන් කී ලෙසටම සියල්ලෝම විනෝදය තකා ක්‍රීඩා කළා පමණකි. එය එසේ වුවත්, එය බැරෑරුම් ලෙස සලකන්නේ ඇයි?
නමුත් මිනිසුන්ට මුසා කීමට හැකි වුවද, ඉතිරි වූ හෝඩුවාවන්ට නොහැකි විය. ඔහුට සිතිවිලි නමයේ ආකාරයට සිය සිතුවිලි ඒකාග්ර කරගතහැකි නම් , ඔහු දහයෙන් එකක් තරම් හෝ දෙයක් සොයාගත හැකි වේවි. ශෙන් ස'චුඇන්ට ලී ජ්යැංහෙන් අසල අයෙක් රැදවිමට අවශ්‍ය වූ අතර, මෙම පුද්ගලයා විශේෂඥයෙකු නොවන බව නිසැක විය. ශෙන් ස'චුආන් ගේ වර්තමාන තත්වයන් මත පදනම්ව, ඔහුට අල්ලස් දිය හැක්කේ වැරදිකරුවෙකුට හෝ සේවකයෙකුට පමණි.
මෙම ලී ජ්යැංහෙන් ගේ කාරණය ඇතුළතින් මෙන්ම පිටතින්ද ප්රශ්නකාරී විය. ඔහුට මේ පිළිබඳ හොඳට සොයාබලන්න නොහැකි වූ නිසා අනාගයේ වූ ගාටළු නිමක් නැතිව පැනනැගෙනවා නොඅනුමානය.. ෂ්යාඔ චීයේ චූ කුමාරයා සමඟ ඔහුගේ කොටස සිදුකලදා සිය, ඔහු සැතපුනෙ නැත.
“මම ආවෙ ඔබ එක්ක ක්‍රීඩා කරන්න. එක ප්‍රශ්න කිරීමක් වුණේ කොහොමද?” ෂ්යාඔ චීයේ මාතෘකාව වෙනස් කළේය. ඔහු කොළ අත්තට පිඹිමින් මැසිවිලි නැගුවේ ය.
“මේ ළඟදී කිසිවෙක් ඔබ ගැන විමසීමක් කරනවා කියලා මට දැනගන්න ලැබුණා මෙයට චූ කුමරුගේ ගරුත්වය ඇතුළත් වන නිසා නිසැකයම මට පැමිණ ඔබගෙන් විමසන්න සිදුවෙනවා.”
"ඔබ ක්‍රීඩා කරන්න මාට සොයා එන සෑම වතාවකම." ශෙන් ස'චුආන් පැවසුවේ ය. “මට රාත්‍රි නින්ද අහිමි වේවි”
"ඔබට ඒක එහෙම වෙන්න දෙන්න බැහැ." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය
, “ඔබට නිදහස් කාලයක් නැහැ, මටත් හොඳ කාලයක් නැහැ. අපිට අප් අතර ඇති පැරණි අමනාප පිටු පෙරළා ගෙන අතීතයට අතීතය විදිහට ඉන්න දෙන්න පුළුවන්."
ශෙන් ස'චුආන් සිනාසෙමින් පැවසුවේ ය, “චොංබෞ ප්‍රාන්ත හයක ජීවිත දස දහස් ගණනක් අහිමි වුණා. දෙවන තරුණ ස්වාමියාට අවශ්‍ය වන්නේ මම එක්ක තොප්පිය වළලන්න "
"දැන් තත්වය වෙනස්." ෂ්යාඔ චීයේ අවසානයේ අත්ත විසි කළේ ය. ඔහු තම දෙපයින් නැඟිට, “ඔබට දැන් හුආ වංශයේ අනුග්‍රහය ලැබීලා තියෙනවා, ඔබ අධිරාජිනියගේ කරුණාවන්ත පුද්ගලයායි. මම තවමත් ඔබව අමනාප කරගන්න නිර්භීත වෙන්නේ කොහොමද? මට දෙවන තරුණ ස්වාමියා කියන එක හරිම දුරයි. අපි දැන් අඳුනන අය කියලා කියන්න පුළුවන්. හරිද? ලන්ජෞ."
ශෙන් ස'චුආන් සිනහ වී, “දෙවන තරුණ ස්වාමීනි, ආයුබෝවන්” යැයි කීවේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා පිට නැඟී ඔහු දෙස ඉහළින් බැලුවේය. ඔහු පැවසුවේ ය, “ඔබ අස්ථි මුද්ද ආපසු ලබා දෙන්නේ කවද්ද, ලන්ජෞ? ගෙවී ගිය අස්ථි මුද්දක් ළඟ තබාගන්න එකෙන් වැඩක් වෙන්නේ නැහැ. නමුත් එ්ක මට ආපසු දෙනවා වෙනුවට ඔබ එ්කට නිධානයක් වගේ සලකන බව පෙනෙන්නේ ඇයි? ”
"මම ඒක පැළඳගෙන ඉන්නේ." ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේට පැවසුවේ ය, “දෙවන තරුණ ස්වමියාගේ දරුණු සංතෝෂය මත විශ්වාසය තබලා එයින් මිදෙන්නයි මට ඕනේ. ඉතින් මම කොහොමද ඒක ඔබට ලේසියෙන් ආපහු දෙන එක දරාගන්නේ?"
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයාගේ ඇලපතට අසරු කසයෙන් “පහරක්” ගසා, “ඔබ දන්නේ නැද්ද? ඔබේ දෙවන තරුණ ස්වාමියාට ඇත්තේ හරියටම රෞද්‍ර ශක්තියක් කියලා."
ශෙන් ස'චුආන් ඔහු සිටි තැනම සිටගෙන ඔහු ඈතට දිව යන අයුරු බලා සිටියේය. ඔහුගේ සිනහව මැකී ගියේ සිතාගත නොහැකි නිහැඬියාවක් පමණක් ඉතිරි කරමිනි. හිරු බැසගිය අතර, ඔහුගේ පාද යට පරාවර්තනය වූ තැඹිලි ආලෝකය ෂ්‍යාඕ චීයේ ගේ සෙවණැල්ල මධ්‍යයේ ක්‍රමයෙන් අතුරුදහන් විය.
තාරකා රාත්‍රී අහස අලංකාර කළේය. මහාමාත්‍ය චී අලුතින් ඇඳ ඇති සිතියම විවෘත කර ශෙන් ස'චුඇන්ට පෙන්වීය.
“ඉස්සර නැගෙනහිර මාලිගයට දේශසීමාවේ හමුදා යෙදවීමට බලයක් තිබුණේ නැහැ. නමුත් ඒක විවිධ ඉඩම් වල ආරක්ෂක භටයින්ගේ සැකසුම පිළිබඳව යුද අමාත්‍යාංශයෙන් සමීප දැනුමක් ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නෙ ලීබෙයි මහා හමුදා සේනාංක"
"ඒක හොංයැන් කඳුකරයෙන් පටන් ගෙන, එහි බටහිර දෙසින් ලුඔෂ්යා තැන්නට ගමන් කරනවා, නැගෙනහිරින් බ්‍යැන්ෂා සේනාංක දොළහ නොසලකා හරින්න." ශෙන් ස'චුආන් නැඟෙනහිර ප්‍රදේශයේ ඇති හොංයැන් කඳුකරය පෙන්වා දුන්නේය. “සරත් සමය ආසන්නයි. බ්යැන්ෂ්යා අශ්වාරෝහකයන්ට සඳහා තණබිම් ලැබෙන්නේ අඩුවෙන්, එබැවින් ඔවුන් මායිමේ ඇති අන්‍යෝන්‍ය වෙළඳපොළ සූරාකන්න උත්සහ නරනවා. ෂ්‍යාඕ ජීමිංට ඔහුගේ හමුදා යොදවීමට සිද්ධවෙනවා. එහෙනම් ඇයි මෙතන ඒ ගැන සඳහන් නැත්තේ මේ දවස්වල චූදු වලින් උපදෙස් පතනවාද?”
"හේතුව අධිරාජ්‍යයා දැඩි ලෙස රෝගාතුරව ඉඳිම." චී මහාමාත්‍යවරයා ඒ ගැන කල්පනා කළේය. “මේ අවුරුද්දෙ වසන්තයේ දී, ෂ්‍යාඕ ජීමිං ඉදිරිපත් කර තිබුණේ එක් ස්මාරකයක් විතරයි. ඔහුට දූදුවල තොරතුරු සපයන්නෙකු අනිවාර්යයෙන් ම ඉන්නවා. අද වෙද්දී ඔහු තවමත් ස්මාරකයක් ඉදිරිපත් කර නැති නිසා, එයින් අදහස් වෙන්නේ එක දෙයක් විතරයි."
ශෙන් ස'චුආන් හුස්මක් පිටකරමින් පැවසීය. “උතුමාණන් ඒතරම් කල් ජීවත් වෙන්නේ නැහැ.”
"ඉතින්, අධිරාජ්‍ය අධිකරණය සුරක්ෂිත කරන්න පුළුවන් කාටද කියන එකටයි, ෂ්‍යාඕ ජිමිං දැන් ඔහුගේ කාලය මිඩංගු කරන්නේ." මහාමාත්‍ය චී බුරුසුවක් ගෙන එය තීන්තවල ගිල්වා ලීබෙයි වටා රවුමක් ඇන්දේය. “චු කුමරුගේ සිහසුනට පත්වීමෙන් වාසියක් වෙන්නේ ෂ්‍යාඕ වංශයට පමණි. ඔවුන් දිගු කලක් වෙනවා හුආ වංශය අමනාප කරගෙන. චොංබෞ සිද්ධිය නිසා ඔවුන් අන් අයගේ පාලනයට යටත් වීමේ අවාසිදායක තත්ත්වයට පත්වෙලා නිසා, රැල්ල තමන්ට වාසිදායක ලෙස හරවා ගන්න අවස්ථාව දැන් ඔවුන් ඉදිරියේ තියෙනවා. ෂ්යාඔ ජීමිං නිසැකවම මේ අවස්ථාව මග හරින්නේ නැහැ."
"ඒත් ඇදුරුතුමා එදාත් කිව්වා." ශෙන් ස'චුආන් චූදු පෙන්වා දුන්නේය . "චූදු වල දොරටු වහලා තියෙනතාක්, ෂ්‍යාඕ චීයේ ලීබෙයි වල ප්‍රාණ ඇපකරුවෙක් වෙනවා. ඔහු අධිරාජිනියගේ අතේ ඉන්නකොට, ෂ්‍යාඕ ජීමිංට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කොහොමද?
"ඔබ මේ කාරණය සඳහන් කළ නිසා." මහාමාත්‍ය චී ඔහුගේ බුරුසුව පසෙකට දැමීය. "එහෙනම් මම ඔබට තවත් කාරණයක් කියන්නම්."
"ඇදුරුතුමණි, කරුණාකර කතා කරන්න."
"ඔබේ මතය අනුව, මේ ෂ්‍යාඕ චීයේ මොන වගේ පුද්ගලයෙක් ද?"
ශෙන් ස'චුආන් සිතියම දෙස බැලීමට ඔහුගේ දෑස් පහත් කර පිළිතුරු දුන්නේය, “තියුණු. බුද්ධිමත්. අනුගමනය කරන්න කැමති නැති කෙනෙක්. ”
"මම හිතන්නේ ඔහු." මහාමාත්‍යවරයා තම හිස පිරිමැද්දේ ඔහුට සුදුසු වචනයක් ගැන සිතාගත නොහැකි වූවාක් මෙනි. කලකිරීමකින් මොහොතකට පසු, ඔහු මේසය මතට ගොස් රහසින් ශෙන් ස'චුආන් ට පැවසුවේ ය, “මම හිතන්නේ ඔහු ලීබෙයි වෙත දේවල් හරවන්න ස්වර්ගය එවපු අවස්ථාවක්
ඔහු උපතින්ම උපන් දක්ෂයෙක්. ”
ශෙන් ස'චුආන් තම බුරුසුව එසැවීය, “ඇයි ඇදුරුතුමා එහෙම කියන්නේ?” ත
මහාමාත්‍ය චී වහාම මේසය යටට ගොස් තමාගේම දෑතින්ම ලියූ පොත පිටතට ගත්තේ ය. වසර ගණනාවක් පුරා, ඔහු වයසට ගොස් අමතක වන බව ඔහුට දැනුණු අතර, එබැවින් ඔහු බොහෝ කරුණු කඩදාසි මත සටහන් කර ඇත. ගැහෙන හඬින් ඔහු පිටු කිහිපයක් පෙරළා නැවතත් මේසයට හේත්තු වී පොත ශෙන් ස'චුආන් වෙත තල්ලු කළේය.
“මේවා යුද අමාත්‍යාංශයෙන් සොයා බැලීමට ග' චිංචිං සමත් වූ විස්තර. යොංයී පළමු වසර තුළ, ඒ කියන්නේ මීට වසර අටකට කලින් ෂ්‍යාඕ චීයේ ෂ්‍යාඕ ජීමිංගේ පසුපසින් බ්‍යැන්ෂා සටනට යද්දී ඔහුට වයස අවුරුදු දාහතරයි. ගිම්හානයේ මැද භාගයේදී, ෂ්‍යාඕ ජීමිං හොංයැන් කඳුවැටියේ නැගෙනහිර පැත්තේ බ්‍යැන්ෂා කඳවුරු තුනක් වැටළුවා. ඔහුගේ පසුබැසීමේ මාර්ගය වටලලා තිබුණා, ඔහු හොංජියැන් ගංගාව අසල සිරවෙලා සිටියා. ලීබෙයි කුමරුගේ ශක්තිමත් කිරීම් දින තුනක් තිස්සේ නොපැමිණි නිසා, ෂ්‍යාඕ ජීමිං ඔහුගේ මංමුළා සහගත සටන දිගටම කරගෙන ගියා. නමුත් බ්‍යැන්ෂා සේනාංක තුනේ අශ්වාරෝහකයන් වේගවත් වුණා. ඔබ දන්න විදිහට, ලිබෙයි සතුව සන්නද්ධ අශ්වාරෝහක හමුදාවක් ඉන්නවා. ඔවුන්ට යකඩ පවුරක් මෙන් ප්‍රබල පහරක් එල්ල කළ හැකි නමුත් පසුපසට හා ඉදිරියට ලුහුබැඳ යන සටනකට ප්‍රමාණවත් ලෙස ප්‍රතිචාර දක්වන්න බැහැ. ඒක බොහෝ වෙලාවන් සිදු කළොත් අනිවාර්යයෙන් ෂ්‍යාඕ ජීමිං ගේ භටයෝ වෙහෙසට පත් වෙනවා."
මහාමාත්‍යවරයා මත්පැන් උගුරු කිහිපයක් පානය කළේ ය.
“නමුත් තුන්වන රාත්‍රියේදි, බ්‍යැන්ෂා හමුදාව වඩදිය රැල්ලක් වගේ පසු බැස්සා. ඔවුන්ගේ දැඩි ආරක්ෂාව ඇති හමුදා විධිවිධාන ගිනි තබපු නිසා. ගින්න මධ්‍යයේ ඉදන් පැතිරිලා ඔවුන්ගේ පසුපස සැකැස්ම අවුල් කළා. ඒවෙලාවෙදි ෂ්‍යාඕ ජීමිං ට තීරණාත්මක සටනක් කිරීමට අවස්ථාව ලැබුණා වගේම එක රැයකින් වැටලීම බිඳ දැම්මා. කොහොම වෙතත්, ලිබෙයි වල ප්‍රකාශය කපා හැරලා තියෙන්නේ. මේ විස්තර හැමදේම හොයාගන්න ඔබේ ෂීෆුට විශාල උත්සාහගත්තා. දැඩි ආරක්ෂාවක් ඇති හමුදා විධිවිධාන ගිනි ජාලාවක් බවට පත් කළේ කොහොමද කියලා ඔබට අනුමාන කරන්න පුළුවන් ද? බ්‍යැන්ෂා සේනාංක කුන ගඟ අසල වැසිකිළි කටයුතු සඳහා අගලක් ඉදිකර ඇති බවට චෝදනා එල්ල වුණා. ෂ්‍යාඕ චීයේ නිශ්ශබ්දව හොංජියැන් ගඟේ සිට අඟලට යනකම්ම රාත්‍රී භාගයක් ගත කළා."
මෙම අවස්ථාවේදී, මහාමාත්‍ය චී ඔහුගේ නිකටට තට්ටු කළේ ය.
“ඒවුනත්, ලිබෙයි ඒවගේ විශිෂ්ඨ දෙයක් යටපත්කළා වගේම වාර්ථාවක් එව්වේ නැහැ. ඒවිතරක් නෙමෙයි. ෂ්යාඔ චීයේ චූදු වලට පැමිණ නිෂ්ක්‍රීය ගොදුරක් බවට වුණා - නමුත් රස්තියාදුකාරයෙක්ට කෙනෙකුට ඒතරම් දරාගන්න පුළුවන් වුනේ කොහොමද ? නිකමට හිතන්න. ඒවගේ තත්වයක් යටතේ, ඔහු අසමත් වුනොත්, ඔහුගේ වැඩිමහල් සහෝදරයා මියයාවි. එත්, ඔහු ගිනි තියෙන්න කලින් බ්‍යැන්ෂා
භටයන් ඔවුන්ගේ ආරක්ෂකයින් බිම හෙළන තෙක් ඔහුට දින දෙකක් නිද්‍රාශීලීව ඉන්න පුළුවන් වුණා. ඒ දින දෙක තුළ තම වැඩිමහල් සහෝදරයාගේ ජීවිතය අනතුරේ බව ඔහු දැන සිටියාද? ඔහු නිවැරදිව ගිනි ඇවිලුවේ නැත්තං , ඔහු අසමත් වුණා නම්, වේලාව නිවැරදිව ග්‍රහණය කර ගන්න බැරි නම් මොකද කරන්නේ? විනාඩියකට කලින්, සහ බ්‍යැන්ෂා ශක්තිමත් වේවි. විනාඩියකට පසුව, ලීබෙයි දුර්වල වෙන්න පුළුවන්! ඒත්, ඔහු එම නියම වේලාවට පහර දුන්නා. ඔහුට අසාමාන්‍ය තීක්ෂ්ණ බුද්ධියක් නැත්තං නම් ඔහු ඒක කරන්නේ කොහොමද? ”
ශෙන් ස'චුආන් කලබල වූ බවක් පෙනෙන්නට තිබුණි.
අවසානයේදී, මහාමාත්‍ය චී පැවසුවේ, “ඒ විතරක් නෙමෙයි, මේ දරුවා සම්පුර්ණයෙන් පිස්සෙක්. ඔහු යද්දී ඔහු සමඟ තවත් පිරිසක් ගෙනාවා.
මහාමාත්‍යවරයා ඇඟිලි දෙකක් දිගු කර මොහොතකට නතර විය.
"ලන්ජෞ, මම හිතුවේ පැන් රෑගුයි ඔහුව අධිරාජ්‍ය හමුදාවට මාරු කළේ කරදර වලක්වා ගන්නයි ඒවුනත් ඒක වැරදියි. ඔවුන් සිතුවේ අධිරාජ්‍ය හමුදාව දැනටමත් ඉවත් කරලා ඇති කියලයි, නමුත් අධිරාජ්‍ය හමුදාවේ පසුබිම මොකක් ද? ඔවුන් සියල්ලෝම නගර අටට ඇතුළු කරගත්තේ අධිරාජ්‍යයා පසුපස ගිය හමුදා පවුල්වල අයයි. අෂ්ඨ මහා වංශ ඔවුන් ගැන වැඩිය නොසිතූව නිසා ඔවුන් අධිරාජ්‍යයාගේ බලය මත පමණක් විශ්වාසය තැබුවා. නමුත් දැන්, අධිරාජ්‍යයාට ඒවා තවදුරටත් අවශ්‍ය නැහැ, ඉතිං මේ විසි දහසක් අය ස්වාමියෙක් නැති ආයුධ බවට පත් වුණා. ඔවුන් සැබවින්ම සුඛෝපබෝගී තරුණ ස්වාමියෙක් අතට පත් වුවහොත් එය හොඳයි. නමුත් ඔවුන් ෂ්‍යාඕ චීයේ
ගේ අතට පත්වුනොත්... ෂ්‍යාඕ ජීමිං
චූ කුමරුගේ ආරක්ෂාවට හමුදා යෙදවීමෙන් වලක්වන්නේ මොනවා කරලද?!"
ඉතින් එච්චරයි!
ශෙන් ස'චුආන් ගේ සිතෙහි වූ ප්‍රෙහේලිකාව විසඳිනි.
ෂ්‍යාඕ ජීමිං ෂ්‍යාඕ චීයේ ව චූදු හී දමා ගිය බැවින් , ඔහු අන් අයගේ පාලනයට යටත්ව සිටින ඉත්තෙකු බව ඔහු තේරුම් ගත යුතු යැයි ඔහු සිතුවේය. එක්කෝ ඔහු එය අත්හැරීය යුතුය, නැතහොත් විචක්ෂණශීලීව ක්‍රියා කළ යුතුය. ඔහු විචක්ෂණශීලී වූයේ නම්, ඔහු ෂ්‍යාඕ චීයේ ට චූ කුමරුට එතරම් සමීප වීමට ඉඩ නොදිය යුතුය. එසේ නොමැති නම්, ඔහු කරදරයක පැටලෙනවා නියතය. ඔහු මොනවා කළත්, ඔහු නිතරම කූඩාරම් ගසාගෙන අවුල් මකා දමන්නේ ය.
“චූදු වල සරත් සෘතුවේ ශීතල සම්පූර්ණයෙන් කෝපයෙන් පුපුරා යන්න ආසන්නයි. අපට බලපෑම් සහ බලය නැති නිසා එයින් ඉවත් වීම වඩාත් සුදුසුයි. මහාමාත්‍ය චී ගේ මුඛය වියළී ගියේය. ඔහු තවදුරටත් කියා සිටියේ ය,
“රාජකීය විද්‍යාලයේ සිදුවීම නිසා, වැන්දඹු අධිරාජිනිය සහ ෂී ගු'අන් අතර වගේම, උතුමාණන් වහන්සේ අතරත් දැනටමත් දුරස්ථභාවයක් නිර්මාණය වෙලා. ඇගේ පාලනය පරිහානියට පත් නොවන බව සහතික කරගන්න, අධිරාජ්‍ය උරුමකරුවගේ කාරණය හදිසි වේවි. මේ දිනවල චූ කුමරුට යම් දෙයක් සිදු වුනොත්, ෂ්‍යාඕ වංශයේ උත්සාහය නිෂ්ඵල වෙනවා, එය පෙරණයකින් ජලය දමනවා වගේ දෙයක්. ඉතින් අද ඔබ හමුවෙන්න ෂ්‍යාඕ චීයේ ගේ හදිසි අවශ්‍යතාවය වුනේ ඔහු ඒ වන විටත් අවදියෙන් සිටි නිසා වෙන්න ඕනේ. මොනවා වුනත්, අධිරාජ්‍යයා වඩාත් සුපරීක්ෂාකාරී හා සංවේදී ය. එදා, නිං කුමරුගේ සිහසුනට පත්වීමට, නැඟෙනහිර මාලිගාවේ සියල්ලන්ම විනාශ කරන්න ඇය පසුබට වුනේ නැහැ. ඉතින්, අද, අනපේක්ෂිත දේවලින් ආරක්ෂා වෙන්න, ඇය චූ කුමරුවත් අතුගාලා දමාවි. ෂ්‍යාඕ චීයේ ට චු කුමරුගේ ආරක්ෂාව සහතික කරන්න අවශ්‍යයි, නමුත් එය සාක්ෂාත් කර ගැනීම පහසු කාර්යයක් නොවේවි කියලයි මට බය."
"වැනදඹු අධිරාජිනිය ෂී ගු'අන් ව පාවිච්චි නොකරන නිසා, ඉතිරිව සිටියේ ජි ලෙයි විතරයි." ශෙන් ස'චුආන් ගේ දෑස් සන්සුන් විය.
“ රාජකීය ආරක්ෂක කාර්යාලයේ ප්‍රවීණයන් වලාකුළු මෙන් බහුලයි. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ රැකියාවේදී පිරිසිදු හා කාර්යක්ෂමයි."
"බලයේ සිටින අය අතර සටන වෙන දෙයක්." මහාමාත්‍ය චි පැවසීය.
"චූ කුමරු පසුපස හඹා යනවාද නැතිනම් වැන්දඹු අධිරාජිනිය අනුගමනය කරනවාද කියන එක ඔබට තීරණය කරන්න කාලය දැන් උදාවෙලා."
ශෙන් ස'චුආන් අත දිගු කර සිතියම ආවරණය කළේය.
Comments
Post a Comment