Skip to main content

දහනමවන පරිච්ජේදය | සත්‍යට එදිරිව.



 

වැඩුණු තුරු මුදුන් ඉහලින් සඳ පායා ඇති ගිම්හාන රාත්‍රීන් පුරා උණුසුම් වාතල හමා ගියේ ය.

ෂ්‍යාඕ චීයේ ඉස්තරම් ස්වරූපයෙන් සිටි නිසා, මත්පැන් ඉතාමත් වේගයෙන් ඔහුව උණුසුම් නළේ ය  මේ මොහෝතේ දී ඔහු සිටියේ කෝපාන්විතව ය. ඔහු ශෙන් ස'චුආන්  , දෙවැන්නා ලෙස ඔහුව පහතට දමා තිබුණි.

 ඉතිං ෂාඕ සූයි පන්සලට පුළුවන් කෙනෙකුගේ හදවත වෙනස් කරන්නත් තව කෙනෙක් ගේ හදවත වෛරයෙන් පුරවවන්නත්.” ඔහු කීවේ ය.

ශෙන් ස'චුආන්  සේවකයාව පිටත්කර පවසන්නට විය, “මට සතුටු වීමත් දරාගැනීමත් හොඳට පුරුදුයි.”

ෂ්‍යාඕ චීයේ සේවකයාගේ තේපානය පිළිගත්තේ සිය මුව සෝදාගන්නටයි.  ඔහු ඔහුගේ මුව පිසදාගනිමින් පැවසීය, “ අඩුම ගණනේ ඔබට ඒක හදා ගව්න අවශ්‍ය නම් ගැලපෙන රුකියාවක්වක් කරන්න. ඔබ අඩුම ගාණෙ අන්තිමට කියපු වචන හතරවත් ලියාගන්න දන්නෙ නැතුව ඇති.” 

අපි හැමෝම ක්‍රීඩා කරන්නේ විනෝදයට විතරයි නේ.” ශෙන් ස'චුආන්  ඔහුගේ දෑත් පිසදාගෙන ඔහුට සිනහවකින් සංග්‍රහ කළේ ය. “ඒත්, ඔබ ඒක බැරෑරුම් විදිහට ගත්තා.”

ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බැලුවේ නැත. ඔහු සැහැල්ලුවෙන් අත්පිස්නාව බන්දේසිය මතට වීසි කර පැවසුවේ ය. “සංදර්ශනය ඉවරයි. කවුද ඒක විශ්වාස කරන්නේ? කවුරුහරි ඒ වැදගත් කටයුත්තක  කරන්න ඕනේ නේද, නැහැ? මම, ෂ්‍යාඕ ස'අන්, තමයි ඒකට සම්පුර්ණයෙන් ගැලපෙන්නේ. ඔබට ඒක නරඹලා හොඳක් දැනුනේ නැද්ද?”

ඒ තලය ගොඩක් වටිනවා .” ශෙන් ස'චුආන්  සිය බැල්ම පහතට ගෙන ගියෙ ය.

ෂ්‍යාඕ චීයේ සිය දෑත ඔසවා ඔහුගේ බැල්ම අවහිර කළේ ය., “ ඒ වගේම පුද්ගලයත්, එහෙම නේද?”

එහිදි එක් ආලෝක පහනක් නිවීයන්නට විය. ශෙන් ස'චුආන්  සුසුමක් පිටකරමින් පවසන්නට විය. “ඔබ අපේක්ෂා කරන්නේ කොහොමද මම ඒ වගේ දේකට පිළිතුරු දෙයි කියලා? ඒක ටිකක් අශීලාචාරයි.”

ඔබට හොඳ ඇසක් තියෙනවා.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත ඉවතට ගෙන නිර්දය ලෙස හා දරුණු ලෙස ඔහු දෙස බලා සිටියේය “පුද්ගලයන් කිහිප දෙනෙක්ට විතරයි හොඳ අසිපත් තලයක් හදුනගන්න පුළුවන්.”

ඒක අයිති පුද්ගලයටයි ඒක වටින්නේ.”1 ශෙන් ස'චුආන්  ඔහුගේ වදන් සමගම පියනැගීය., “ඉතිං ස්වභාවිකවම, ඔහු අදින පළඳින හැමදෙයක්ම අනර්ඝ ඒවා. අන්ධ බළලෙකුට වුනත් මැරිච්ච මීයන් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්.2 මම නිකමට අනුමාන කළා විතරයි.”

ඇයි ඔබ මට ප්‍රශංසා කරන විට, මම අවතාරයක් දුටුවාක් මෙන් හැඟෙන්නේ” යැයි ෂ්‍යාඕ චියේ පැවසීය.

"ඔබට ප්‍රශංසා ලැබෙන්නේ නැති තරම් නේද?" ශෙන් ස'චුආන්  ඔහුව සනසමින් පැවසුවේ “මම තවමත් මගේ අවංකම අයට හඬ නඟලා නැහැ”

අවට සිටි සියල්ලෝම විසිර ගියහ.

ෂ්‍යාඕ චීයේ  ඇල්මැරුණු ස්වරයෙන් පැවසුවේ, "ඔබට නිසැකවම දරාගන්න පුළුවන්."

ඉවසීමේ ඌනතාවය නිසා අනර්ඝ සැලසුම් විනාශ වෙනවා. එන්න මගේ හැකියාව තවමත් තියෙනවා.” ශෙන් ස'චුආන්  සිනාසෙමින්, "ඔච්චර කලබල වෙන්න එපා."

"අනර්ඝ සැලසුම්." ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “ චූදු මේ තරම් විශාලයි. ඔබ මෙතරම් වෙහෙසෙන්නෙ මොනව තියෙන නිසා ද? ”

"මම නිකමට කිව්වේ." ශෙන් ස’චුආන්  මදක් නතර වී ෂ්‍යාඕ චීයේ දෙස කරුණාවන්ත ලෙස බැලීය. “ඒ වගේම ඔබ ඒක ඇත්තටම විශ්වාස කළා. දෙවෙනි තරුණ ස්වාමිණි, ඔබ බොළඳ හා නිර්ලෝභී කෙනෙක් කියලා නම් මට කියන්න බැහැ"

"මම හුදෙක්ම මත්පැන් පානය කරමින් ආහාර ගනිමින් මියයන්න බලාගෙන ඉන්න සාමාන්‍ය තරුණ ස්වාමියෙක් විතරයි." ෂ්‍යාඕ චීයේ පැවසීය. “ලෝකය කොයිතරම් නපුරුද කියලා මම දන්නේ කොහොමද? මාව පොළඹවන්න ඔබ වගේ කෙනෙක් ඉන්නකොට.” 

"මගේ අවාසනාව." ශෙන් ස'චුආන්   පියවරක් තැබුවේය. “ඔබේ අසිපත් තලය සහ දත් මුද්‍රා තබලා තියෙද්දි ඔබ කොතරම් අනුකම්පා සහගතද කියල මම දුටුවා. අද රාත්‍රියේදි  ඔබේ අසිපත් තලයෙන් මරා දමපු එක ඔබට සතුටක් වෙන්න ඇති.” 

"ටිකක්." ශෙන් ස'චුඇන්ගේ මාර්ගය අවහිර කිරීමට ෂ්‍යාඕ චීයේ ඔහුගේ පාද එසැවීමය  “ඔබ කොහෙද යන්නේ? අපි තාම කතා කරලා ඉවර නෑ. "

"ඔබව නැවත ඔබේ පදිංචියට යවනවා." ශෙන් ස'චුආන්  පැවසුවේ, “අද රාත්‍රියේ ඔබ මට දුෂ්කර වෙලාවකදි උදව් කළා. මම කඳුළු වගුරුවන එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ කරුණාව වෙනුවෙන් මට කවදාවත් ඔබට ආපසු ගෙවීමට ක්‍රමයක් නැහැ. ”

ෂ්‍යාඕ චීයේ සිනහවිට, “ඔබ ඇත්තටම මුසාබස් වලින් පිරිලා. ඔබ ගොඩක් මිනිස්සු රවට්ටන්න ඇති නේද?"

"ඇත්තටම ඒවා එතරම් අය විශ්වාස කළේ නෑ" ශෙන් ස'චුආන්  ආපසු හැරී බැලුවේය. "පුද්ගලයෙක්ට ඔනැම වෙලාවක මුසා නිහිපයක් පවසන්න වෙනවා, 'මගේ අතේ ගොඩක් මුදල් තියෙනවා' වගේ."

ෂ්‍යාඕ චීයේ  ඔහුගේ පාදය ඉවත් කරගත්තේ ය, "ඔබ හා සසඳද්දි මම කිසිවක් කරලා නැහැ."

"බලන්න." ශෙන් ස'චුආන්  මෘදු ලෙස පැවසුවේ ය “ඔබ නැවතත් ආචාරශීලී වෙනවා”

මේ පුද්ගලයා සමඟ කතාබස් කිරීමට ක්‍රමයක් නොතිබුණි.

මක්නිසාද යත් ඔහුගේ වචනවලින් සත්‍යය කුමක්ද සහ මුසාව කුමක්ද යන්න ඔහුට කීමට ක්‍රමයක් නොතිබූ බැවිනි. සෑම වාක්‍යයක්ම මඩ සහිත ජලයේ මතුපිට මෙන් විය. ඔහු එයවටා කෙතරම් ඇවිද ගියද එයින් කිසිදු දෙයක් සොයාගැනීමට නොහැකි විය.

ෂ්‍යාඕ චීයේ හැරී ඔහුගේ අශ්වයාට අසුරුසන් ගැසුවේය. “අද රෑ වෙච්ච සිද්ධිය නිසා තමයි ඔබ මට මේ තරම් සමීපව කතා කළේ. දැන් හැමෝම පිටවෙලා. දිගින් දිගටම මවාපෑමේ තේරුමක් නැහැ. ”

"එහෙනම් මට මොනවද කරන්න පුළුවන්?" ශෙන් ස'චුආන්  ලන්තෑරුම අතට ගෙන මෘදු හා කීකරු ලෙස ඔහු දෙස බැලුවේය. "තවත් පාරක් සපාකන්නද?"

ෂ්‍යාඕ චීයේ වේගයෙන් පියවරක් ළං කර පහසුවෙන්ම පැවසුවේ ය, “ඔබ ඔබේ මේ මාරාන්තික සම අන් අයව "වසඟ කරගන්න" භාවිතා කරනවා. ඔබ මගෙ දිහා ඒ විදිහට බැලුවෙ මොනවා අවශ්‍ය නිසා ද? ”

කලබල නොවූ ශෙන් ස'චුආන්  මෘදු කටහඬකින් ඔහුට පැවසුවේ “මම ඉපදුණේ එ්වගේ ආකර්ෂණීය නෙත් යුගලයක් සහිතවයි”

ශෙන් ස'චුආන්  ගේ ඇහි බැමි අතරට  ෂ්‍යාඕ චීයේ තම අසරු කසය රුගෙනාවේ එය දෑතින් ස්පර්ශ නොකරමිනි. ඔහු උපහාසාත්මක ලෙස පැවසුවේ ය. “ඒ දෑස් මොනතරම් අපරාධයක් ද?. ඒවායේ  තියෙන්නෙ කූටෝපායන් විතරයි"

"මම ඉපදුනේ පහත් කෙනෙක් හැටියට" ශෙන් ස'චුආන්  ඇඟිල්ල ඔසවා මන්දගාම් ලෙස කසය පැත්තකට තල්ලු කළේ ය. ඔහු පැවසුවේ “මම ගාව කූටෝපායන් නැත්තං, මම මගේ විනෝදය ලබා ගන්නේ කොහොමද?”

"මම අද රෑ කරපු දේ මම කළේ  මා වෙනුවෙන්." ෂ්‍යාඕ චීයේ අනුකම්පා විරහිතව කීවේය. "ඒ මම ඔබ ගැන උනන්දු නිසා කියලා හිතලනම් අයාලේ යන්න එපා "

"අද රෑ හඳ හරිම ලස්සනයි." ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “ඇයි ඔබ හිතනරක් කරගෙන මට සිතන්න එපා කියන්නේ?”

ෂ්‍යාඕ චීයේ අශ්වයා මතට ​​නැග ඔහු තෝන් ලණුව අල්ලාගෙන මොහොතක් ඔහු දෙස බලා සිටියේය. ඔහු නිහතමානී ලෙස පැවසුවේ ය, "මේ කරුණාව නිසා ඔබ මම වටේම කැරකේවි කියලා , අඬන සහ විලාප දෙන හැමෝම මගේ හිත රිදවනවා."

ඔබ ඕනැවට වඩා මත්පැන් පානය කළා ද?” ශෙන් ස'චුආන්  අවධාරනය කරන්න ට විය . “ඔබ අසනීය වෙන්න ලඟයි.”

ඒ ගැන කවුද දන්නෙ?” ෂ්‍යාඕ චීයේ පැවසීය.  “ඔබ මීට පෙර කවදාවත් එවැනි අසාධාරණ දර්ශනයක් දැක නැහැ නෙමෙයි නේ.”

රාත්‍රිය සන්සුන් විය.

ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් ඉවතට ගත්තේය. "මේක පුංචි ජයග්‍රහණයක් කියලා කියන්න පුළුවන්."

  ඔහු පිටුපසින් සිටි මිනිසා සිනහවකින් පවසනු ඇසුණු විට ඔහු තම අශ්වයා පියවර කිහිපයක් ඉදිරියට ගෙන ගොස් තිබුණේ ය.

"අවුරුදු පහකට කලින් ඔබට අහිමි වූ දේ ඔබ සොයා ගත්තාද?"

ෂ්‍යාඕ චීයේ හදිසියේම ආපසු හැරී බැලූ අතර ක්ෂණිකව තම අශ්වයා නැවත ආපසු හරවා ගත්තේ ය. "මට මහපටැගිලි අස්ථි මුද්ද ආපසු දෙන්න" යැයි ඔහු හිම කැටයක් සේ ශීතල හඬින් ඉල්ලා සිටියේය.

ශෙන් ස'චුආන්  ඔහු දෙස බැලූ නමුත්, ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස්වල හැගීම් දුෂ්ට ලෙස දුටුවේය.

ශෙන් ස'චුආන්  පැවසුවේ ය, “ අස්ථි මුද්ද අවශ්‍යද? පහසුයි. සුනකයෙක් මෙන් දෙවරක් බුරන්න, මම එය ඔබට ආපසු දෙන්නම්."

උකුස්සා පහතට විත් ෂ්‍යාඕ චීයේ ගේ උරහිස මත පතිත විය. ඌ තම ස්වාමියා සමඟ එක්ව ශෙන් ස'චුඇන්

 දෙස ශීතල ලෙස බලා සිටියේය. ඒ රාත්‍රිය අදුරුය. සුළඟ නම හෙළි නොකළ මුරකරුවෙක් අත්පුඩි ගසන්නා සේ  ශෙන් ස'චුඇන්ගේ හස්තයේ තිබූ පහන් කූඩුව නිවා දැමුවේ ය..

මාර්ගය අඳුරු විය. 

***********************

ෂ්‍යාඕ චීයේ ඉදිරියේ තම මුහුණ පෙන්වීමට ලී ජ්‍යැංහෙන් එඩිතර වූයේ දින කිහිපයකට පසුවය. ෂ්‍යාඕ චීයේ ගේ කෝපය තවමත් පහව ගොස් නැති බව දුටු ඔහු පුදුමයට පත් විය. ඔවුන් සංගීතයට සවන් දෙන විට අයිස් කැබලි ඔවුන් වටා විසිරී ගිය අතර, එම සියුම්, සිනිඳු සමක් ඇති කාන්තාවන් කෙතරම් බිය ගන්වමින්ද යත්, ඔවුන් දෙස බලා සිටීමට ඔවුන්ගෙන් කිසිවෙකු එඩිතර වූයේ නැත.

ලී ජ්‍යැංහෙන්  තමාව ආරක්ෂා කර ගැනීම සඳහා තේ කෝප්පය තම අතේ තබාගත්තේ ය, “ඔබ තවමත් තරහින්ද?” යැයි රහසින් අසන්නට විය.

ෂ්‍යාඕ චීයේ හිම කැබලි වලට කපන්නට විය, “නැහැ” .

ලී ජ්‍යැංහෙන් ගේ හිසකෙස් කෙලින් වූයේ ඔහුට එම "කපන" හඬ ඇසෙන විටය. ඔහු පැවසුවේ ය “සරත් සමය අවසාන වෙනවා, ඒ නිසා ශීතල දේවල් කන්න එපා. එය තරමක් භයානකයි. ”

මෙතරම් විශාල හිම බඳුන් සෑම වසරකම සූදානම් වෙනවා. ඒක එතන තිබ්බොත් පාඩුයි.” ෂ්‍යාඕ චීයේ ඔහුගේ කකුල් දෙකම ඔසවා පිටුපසට නැඹුරු විය.

"එහෙනම් මම ඔබට සතුටු දෙයක් කියන්නම්." ලී ජ්‍යැංහෙන් හට ඔහුගේ පශ්චාත් භාගය මාරු නොකර සිටීමට නොහැකි විය. ඔහු පැවසුවේ, “ඒ ෆෙන් චආන්. ඔබ දන්නවද එයා කවුද කියලා?"

"කවුද?"

"මතකද අර මම කියපු පුංචි ස්වාමි දූ ගැන." ලී ජ්‍යැංහෙන් දිලිසෙමින් වෙනස් වූ දෑසින් පැවසුවේ ය, “ෆෙං චුආන් ඇගේ බාල සොහොයුරා. ඇය දැන් පැන් රෑගුයි ගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවා, එහෙනම් පැන් රෑගුයි ෆෙං චුආන් එකට නොඉන්නෙ කොහොමද? මේ ෆෙං චුආන් කියන්නේ ඒ වගේ කතාකාරයෙක්. ජි ලෙයි සඳ මතින් එතෙර වන තෙක් ඔහු ජි ලෙයිව පොළඹවාගෙන ඔහුව තම පුත්‍රයා තියාගන්න කැමති වුනා!

"පෙනෙන විදිහට." ෂ්‍යාඕ චීයේ එක අතකින් ඔහුගේ හිස ඔසවා ලී ජ්‍යැංහෙන් දෙස බැලීය. "ඇත්තටම ඔබේ හිත ඒ පුංචි ස්වාමි දූට ඇදිලා ගිහින් වගේ."

"ඇත්ත වශයෙන්ම." ලී ජ්‍යැංහෙන් පැවසුවේ ය, “ඉතින්, එදා සිද්දිය සියලලම සිදුකරලා තියෙන්නේ ඒ අවජාතකයා, ජී ලෙයි. ඔහුගේ පුත්‍රයා විදිහට, ෆෙං චුආන් තම පියාගේ නියෝගය කඩ කරන්න නිර්භීත වන්නේ කොහොමද?

"ඉතින් ඔබ කියන්නේ මට එයාව අතාරින්න කියලද?" ෂ්‍යාඔ චීයේ ඇසුවේ ය.

ලී ජ්‍යැංහෙන් රාජකීය වංශයෙන් පැවත එන අයගෙන් බලාපොරොත්තු වූ අභිලාෂයන් නොතිබූ නම්‍යශීලී මිනිසෙකි. ඔහු ඉක්මනින් තම පුටුවෙන් ලිස්සා ගොස් ෂ්‍යාඕ චීයේ ඉදිරියේ හිඳගත්තේ ඔහුට බැගෑපත් වීමට සූදානම්වය. “යාළුවා, කරුණාකර මගේ ප්‍රේම සම්බන්ධය වෙනුවෙන් ඔහුව එක් වරක් අතහරින්න. අනික අපි ඒකට ඇති වෙනකල් කන්න දුන්නේ නැද්ද? ඔහු පෑන් රුගුයිගේ පුද්ගලයා, සේරටමත් පස්සෙ. මූණ නොදී ඉන්න බැහැ. ෂ්‍යාඕෆුසීගේ සිදුවීම වෙලා දින කිහිපයක්වත් ගතවෙලා නැහැ. අධිරාජ්‍යයා තවමත් අපි දිහා බලාගෙන ඉන්නවා. ”

ෂ්‍යාඕ චීයේ එක්වරම ඔහු දෙස බලා ඉන්නට විය. ඔහු වාඩි වී, "ඔබ ඇයව ස්පර්ශ කළාද?"

ලී ජ්‍යැංහෙන් මිමිණීය.

ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “ඔබ පෑන් රුගුයිගේ කාන්තාව ව ඔහුගේ නාසයට යටින් ස්පර්ශ කලාද?”

"ඔහු සැබෑ මිනිසෙක් නම්, මම ඒක කරන්නේ නැහැ." ලී ජ්‍යැංහෙන් අකමැත්තෙන් මෙන් නැඟිට පැවසුවේ ය., “ඔහු දේවල් පණ ගැන්වීමේ උපක්‍රම ටිකක් ඇති මහලු නපුංසකයෙක් විතරයි. ඔහු දවස මුළුල්ලේම සියුම් හා ප්‍රබෝධමත් සුන්දරත්වයට පහර දුන්නා ඇය හඬාවැටෙනකම්ම! මේ අලංකාර කාන්තාව මුලින් ම මගෙයි. ඔබ මගේ තැන සිටියා නම්, ඔබ එය කරනවද නැද්ද?! ”

බලාපොරොත්තු ඉටුකර ගැනීමට ලී ජ්‍යැංහෙන් ගේ අපොහොසත් වීම ගැන කෝපයට පත් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “නැහැ!”

ලී ජ්‍යැංහෙන් නැවතත් ආයාචනා කළේය, "'අන්, අපි මිකුරෝ! එය කොතරම් විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද? හ්ම්? නිකන් ඇස් පියාගන්න. ඔබ ෆෙං චුආන්ට ඉන්න ඉඩ දුන්නොත්, මම ඔබට සෙල්ලම් කිරීමට වෙනත් දෙයක් දෙන්නම්!

 ෂ්‍යාඔ චීයේ නැවත වැතිර සිටියා මිස කිසිවක් කීවේ නැත.

පැන් රෑගුයි  මෙම සිදුවීම ගැන දැනගත්තේ නම්, ෂ්‍යාඕෆුසී ගේ කථාංගය සසඳන විට කිසිවක් නොවනු ඇත. ඒ මහළු සුනඛයා අනිවාර්යයෙන්ම ඒ දෙන්නාවම මරාදැමීමට උත්සහ කරනු ඇත. ඔහු ෆෙං චුආන් ට අනුග්‍රහය දැක්වීම පමණක් ඕනෑම කෙනෙකුට ඔහු එම කාන්තාව කෙරෙහි කෙතරම් අවධානයක් යොමු කළේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ප්‍රමාණවත් විය. 

පෑන් රුගුයිට ඒ වන විටත් වයස අවුරුදු හැටපහක් විය. ඔහුට ජීව විද්‍යාත්මක පුතෙකු නොසිටි අතර, මේ වසරවල ඔහු වටා සිටි ලස්සන කාන්තාවන් කිසිවකුට මෙතරම් කාලයක් ඔහු සමඟ සිටීමට නොහැකි විය. ඔහු සැබවින්ම මෙම කාන්තාව තම බිරිඳ හෝ උපභාර්යාව ලෙස සැලකුවේ නම්, ඔහු ලී ජ්‍යැංහෙන්ව කපා කොටා මරා දැමීමට පවා එඩිතර විය හැකිය.

ෂ්‍යාඕ චීයේ ලී ජ්‍යැංහෙන් ගේ නොනවතින කතා බහට සවන් දුන්නේ ය, "ඔබ මේක කරන්න නිර්භීත වුන නිසා, එයින් අදහස් කරන්නේ ඔබ දැනටමත් සැලසුම් කරලා තියෙනවා කියන එකද?"

ලී ජ්‍යැංහෙන් බිම මත හිඳ ඔහුගේ උණ පතුරු විජිනිය පරික්ෂා කිරීමට ඔහුගේ හිස පහත් කළේය. ඔහු සිහින් කටහඬකින් පැවසුවේ ය.

 “... ඇත්තටම නෑ... මම අහලා තියෙනවා, අහලා තියෙනවා පැන් රෑගුයි එක දවසක් තරුණයෙක් තියාගෙන හිටියා කියලා. මට කරන්න තියෙන්නේ ඔහු එක්ක ක්‍රීඩා කරන්න එක්කෙනෙක් යවන්න විතරයි නේද?"

ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “ඔබට ඒ සුන්දරත්වය අභිබවා යා හැකි බොහෝ දෙනෙක් නැහැනෙ නේද?”

ලී ජ්‍යැංහෙන් උද්යෝගිමත් ව සිටි අතර ඔහුගෙන් එය සැඟවීමට එඩිතර වූයේ නැත. ඔහු පැවසුවේ, "පසුගිය කාලයේ, බොහෝ දෙනෙක් ඒ ගැන කතා වුණා ඒ වගේම ඇසුවා... ශෙන් ලන්ජෞ."

 

 "මොකක් ගැනද අහන්නේ?"

"ඔහුගේ මිල ගැන සහ ඔහුව ඇති දැඩි කරන්න ඔවුන්ට හැකියාවක් තියෙනවා ද කියලා." ෂ්‍යාඔ චීයේ ගේ හැඟීම් විරහිත මුහුණ දුටු ලී ජ්‍යැංහෙන් කඩිමුඩියේ ආසනය අල්ලාගෙන,

 මුදල් ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මම ඔහු ගැන සොයා බැලීමට එඩිතර වෙන්නේ නැහැ. ඔහු මුල්ලකට තල්ලු කළාට පස්සෙ මංමුලා සහගත ක්‍රියාමාර්ග ගත්තොත්... ස'අන්, මට මේ පාරටවත් උදව් කරන්න! ඔබ ඔහුව පෑන් රුගුයි වෙත යවන්න ඕනේ. වැඩේ ඉවර උනාට පස්සේ මම ඔහුට රිදී දෙන්නම්! නැත්නම් රත්තරන්!”

ෂ්‍යාඕ චීයේ නිශ්ශබ්දව දණහිස් මත දෑත් තබා ගත්තේය.

බලාපොරොත්තුවක් ඇතැයි සිතූ ලී ජ්‍යැංහෙන් නැවතත් පැවසුවේ ය “ඔබ ශෙන් වෙයි ට වෛර කරන්නේ නැද්ද? ඔබ මෙවර ඔහුව නිවැරදි කළොත්, ශෙන් ස'චුආන්   අනාගතයේදී ඔහුගේ බර ඔබ ඉදිරියේ විසි කිරීමට එඩිතර නොවේ වි! ඒ ගැන හිතලා බලන්න. ඔහු මිය නොගියොත්, ඔහුට දේවල් වෙනස් කරන්න හැකි වේවි. නමුත් ඔහු චූදුවලට ඒවගේ අඳුරු ගනුදෙනුවකට සම්බන්ධ වුනොත් , ඔහු මරණයට වඩා නරක ජීවිතයක් ගත කරාවි! තව වැන්දඹු අධිරාජිනියත් කල්පනා කරන්නේ ඒක නෙමෙයි ද...”

"මම හිතුවා ඔබ කතා කරන්නේ මොළේ පාවිච්චි කරලා කියලා. " ෂ්‍යාඔ චීයේ තම දෑත් පා ඉහලට ගනිමින් කීවේ ය , "ඒක සම්පුර්ණයෙන් විකාරයක්" .

'අන්, 'අන්!” ඔහු පිටව යන බව දුටු ලී ජ්‍යැංහෙන් ඔහුගේ වස්ත්‍රයේ වාටිය ඔසවා දොරෙන් ඔහු පසුපස ලුහුබැඳ ගියේය.

ෂ්‍යාඕ චීයේ ගොඩනැගිල්ලෙන් පිටතට ගොස් ඔහුගේ අශ්වයා මතට නැග නැවත නොබලමින් ඔහු පිටව යන්නට විය.

ඔවුන් ශෙන් ස'චුආන්  ට පැන් රෑගුයි ගේ තහනම් සතුට වීමට ඉඩ දුන්නද, පැන් රෑගුයි ඔහුව පිළිගැනීමට එඩිතර වෙයිද? මෙම පුද්ගලයා වැන්දඹු අධිරාජිනිය සැමවිටම ආරක්ෂා කිරීමේ චේතනාවෙන් බලා සිටි පුද්ගලයා විය. පෑන් රුගුයි ඔහුව රැගෙන යාමට එඩිතර වූයේ නම්, ඔහු තමාගේම පාලම් පුළුස්සා දමනු ඇත. ලී ජ්‍යැංහෙන් මනස වියවුල් ජාලයක ගිලී පැවතුණි!

නමුත්, ලී ජ්‍යැංහෙන් ඇත්තටම එසේ කිරීමට එඩිතර වූයේ නම්.

ලී ජ්‍යැංහෙන් ඇත්තටම එසේ කිරීමට එඩිතර වූයේ නම්...

ඔහු හදිසියේම එසේ කිරීමට නිර්භීත වන්නේ කෙසේද?

ශෙන් ස'චුඇන්ගේ රැකියා කාලය අවසන් විය. ෂ්‍යාඔ චීයේ ගේ එම විශිෂ්ඨ කඩවසම් අශ්වයා දුටු ඔහු තම අධිකාරී අවසරපත ගලවා දොරෙන් එළියට බැස්සේය.

ඔහු පඩිපෙළෙන් බැස, “මෙන්න ඔබේ අස්ථි මුද්ද නැවත ඉල්ලන්නද ආවේ?”

ෂ්‍යාඕ චීයේ කොළ සහිත අත්තක් කඩා ඔහුගේ දත් අතර තබා ගත්තේය. ඔහු මොහොතක් ඔහු දෙස බලා මෙසේ කීවේය. "එ්ක මට ආපසු දෙන්න. මට බනින එක නවත්තන්න."

"එදා රාත්‍රියේ ඔබ මෙතරම් කෙටි කෝපයෙන් සිටියේ නැත." ශෙන් ස'චුආන්  අහස දෙස බැලීය. “ඔබ මෙහි ඉදගෙන සුනකයෙන් වගේ බිරුවොත් ඒක ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවියට ඉතා නින්දාවක්. එයින් අදහස් වන්නේ ඔබ අස්ථි මුද්ද වෙනුවෙන් මෙහෙ ආවෙ නැහැ කියන එකයි. ඉතින් මොකක්ද ප්‍රශ්නේ? කෙළ ගසන්න.”

"මොකක්ද ප්‍රශ්නය කියලා ඔබ හොඳටම දන්නවා නේද?" ෂ්‍යාඔ චීයේ ඔහුගේ වැලමිට සහ දෑත් ඔසවා තැබීමට ඔහුගේ දිගු කකුල් ගල මත වාඩි විය. “චූ කුමරුට ෂියාඕෆුසිට පහර දෙන්න අවශ්‍ය වුණා, ඔබට දේවමාළිගාව තුළ ඉදන් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. මට ඒ හැමදේම අමතක වුණා. ඒත් දැන් හිතනකොට මිනිහෙක්ව පැත්තකින් මුරට තියන්න ඇති නේද? ඔහු තොරතුරු සපයන්නෙක් නෙමෙයිනම් නම්, එහෙම කරන්න ඔහුට කීවේ ඔහු උසිගන්වන තැනැත්තා යි."

"මට ඒ තරම් හැකියාවක් තිබුණා නම්." ශෙන් ස'චුආන්  පැවසුවේ ය, "මම අලි ඇතුන් ඇති දැඩි කරන්න යන්නේ නැහැනේ."

"කවුද දන්නේ ඒක ඇත්තද සත්‍යයක් ද මුසාවක් ද කියලා?"  ෂ්‍යාඔ චීයේ  ගේ දෑස් සීතල විය. "මම ඒක විශ්වාස කරනවාද නැද්ද කියලා තීරණය කරන්න කලින් ඔබ මට පැහැදිලි වාර්තාවක් දෙන්න ඕනේ ." 

පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 


Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-