අනතුරු ඇඟවීමයි!
මෙම පරිච්ජේදයේ සත්ව ඝාතන, හිංසන අඩංගුය. එවැනි දැ ඔබට අපහසුතාවක් හෝ අප්‍රසන්න බවක් ගෙනෙනවානම් දැන්ම කියවන එක නතර කරන්න.
ෂ්‍යාඕ චීයේ මාස භාගයක් නිහඬව ගත කළ අතර අවසානයේ ඔහුට ජී ලෙයි ගෙන් පිළිතුරක් ලැබීමට පෙර හමුදා සරඹ භූමියේ කාරණය ගනුදෙනුවක් ලෙස සිදු වූ බව දන්වා සිටියේය. ඔහු වහාම චෙන් යැං සමඟ නගරයෙන් පිටතට ගියේ ස්ථානය බැලීම සඳහා ය.
එය මුලදී සමූහ සුසාන භූමියක් වූ මුඩු බිම් කැබැල්ලකි. හිස ගසා දැමීම ක්‍රියාත්මක කිරීම සඳහා භාවිතා කරන වේදිකාව පසුව වෙනත් ස්ථානයකට ගෙන ගිය අතර, එබැවින් මෙම ස්ථානය හිස් විය.
“ෆෙං කන්ද සහ නගරය අතර තිබුණත්,” චෙන් යැං අශ්වයා බැස, ප්‍රදේශය විශාල කර, “ඒත් ඒක හුඟක් දුරයි.”
"අපට එතනට ලඟා වෙන්න පැය තුනක්වත් ගමන් කරන්න වේවි." ෂ්‍යාඕ චීයෙ ඔහුගේ අශ්ව කසය එක් කෙලවරක් වෙත දිගුකර පෙන්වීය . “වැඩ අමාත්‍යාංශයේ ඉන්න ඔය කපටි වයසක මිනිස්සුන්ට හොඳ කෑම වේලකට සංග්‍රහ කළොත් අපිට මේ පැත්ත පුරවන්න ද්‍රව්‍ය ටිකක් එකතු කරගන්න පුළුවන්. ඒක ටිකක් පිළිවෙලට කරලා ඒක හදාගන්න. මේ ස්ථානය කොතරම් දුරයිද කියනවා නං, අෂ්ඨ මහා පුහුණු සේනාංකවල මුර සංචාරවත් මෙහෙට එන්නේ නැහැ.. "
"ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි, අපිට ඔවුන් වෙනුවෙන් මුදල් වියදම් කරන්න වෙනවානෙ." චෙන් යැං පැවසුවේ ය.
"එ්ක මට කොයිතරම් අපහසුතාවයක් ද කියලා මට කියන්න තේරෙන්නෙ නැහැ."
"ඔබ අපහසුතාවයට පත් වුනත් එ්ක අල්ලාගෙන ඉන්න." ෂ්‍යාඕ චීයේ පැවසීය. "ඔවුන් අපේ හිස මත මුත්‍රා කරත්, අපි මේ ස්ථානය හරි ගස්ස ගන්න ඕනේ."
"හරි හරී." චෙන් යැං තවත් වචනයක් හෝ කතා කිරීමට එඩිතර වූයේ නැත.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා පිට නැඟීමට පෙර සවස් වන තුරු රැඳී සිටියේය. ඔහු නගරයට ඇතුළු වූ අවස්ථාවේ දී, ලී ජියන්හෙංගේ ආරක්ෂකයා ඔහු එනතුරු දොරටුව අසල බලා සිටිනු දකින්න තට ලැබුණි.
"කාරණය කුමක් ද?" ෂ්‍යාඕ චීයේ තම අශ්වයා හසුරවමින් ඇසුවේය.
ආරක්ෂකයා තම ආචාරය දක්වමින්, “උතුමාණන් දොංලොං වීදියේ හුයිශියැං තානායමේදී සාදයක් සංවිධානය කරලා තියෙනවා. ඔහු බලා ඉන්නවා ඔබතුමා කෑමට එනකල්.”
ෂ්‍යාඕ චීයේ මොහොතක් කල්පනා කර, පසුව තම අශ්වයා ඉදිරියට තල්ලු කළේය.
දොංලොං හි ප්‍රධාන වීදිය කයිලිං ගඟට මුහුණලා තිබුණි.රාත්‍රී යාමය නිසා දෙපස වීදි පහන් දල්වා තිබුණි. වීදි දෙපස වයින් තැබෑරුම් සහ වෛශ්යාගාර ඇති අතර, සියලු වර්ගවල සතුටින් පින්තාරු කරන ලද විනෝද බෝට්ටු සහ කුඩා සැහැල්ලු බෝට්ටු ගඟේ නවතා තිබුණි.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා හුයිශියැං තානායමේ නවතා බැස ගියේය. කඩහිමියා ඔහුගේ ඇමතුමට අනුව ගොස් පෞද්ගලිකවම ඔහුව උඩුමහලට ගෙන ගියේය. මේ සාදය සරල නොවන බව ඔහුට වැටහුණේ තිරය ඔසවා බැලූ විටය.
සාදයට පැමිණ සිටි සියල්ලෝම ප්‍රසිද්ධ හෝ තරුණ ස්වාමිවරුන් වූ අතර ඔවුන්ගේ පියා හෝ වැඩිමහල් සහෝදරයන් රජයේ නිලධාරීන් ලෙස සේවය කළහ. චූ කුමරු අසල සිටියේ සියුම් හා රූමත් පෙනුමක් ඇති පැහැපත් මුහුණක් ඇති කුඩා නපුංසකයෙකි. ෂ්යාඕෆුසී ගේ මරණයෙන් පසු පැන් රෑගුයි නැවතත් තමාට සොයාගත් මුනුබුරා මොහු විය යුතුය.
"ස'අන් ඇවිත්!" ලී ජ්යැංහෙන් ඔහුට කතා කළේය. “ඇවිත් වාඩි වෙන්න. අපි ඔබ එනතුරු බලා සිටියා!"
ෂ්‍යාඕ චීයේ හිඳීමට අහඹු ලෙස හිස් වූ අසුනක් තෝරා ගත්තේය. ඔහු සිනහවකින් පැවසුවේ ය, "මොන තරම් විශාල පිරිසක් ද?"
“මම හඳුන්වා දෙන්නම්. මේ පැන් ගොංගොං ගේ මුණුපුරා, ෆෙං චුඅන්, ෆෙං ගොංගොං!" ලී ජ්යැංහෙන් ෆෙං චුඅන්ට ට පැවසුවේ ය, "මේ මගේ හොඳම මිතුරා, ලීබෙයි වල ෂ්‍යාඕ වංශයේ දෙවන තරුණ ස්වාමියා සහ අධිරාජ්‍ය හමුදාවේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා , ෂ්‍යාඕ ස'අන්"
ෂ්යාඕෆුසී ට වඩා ෆෙං චුඅන් ඇසට ප්‍රසන්න විය. ඔහු ෂ්‍යාඕ චීයේ ට ගෞරවාන්විතව හිස නමා, "මම ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ගැන බොහෝ දේවල් අහලා තියෙනවා."
ෂී හොංෂුආන් එක් කකුලක් අනෙක් කකුලට හරස් කර ඔවුන් ඉදිරිපිට වාඩි විය. ඔහු ආසන දෙකක අසුන් ගත් අතර ඔහුගේ තරබාරු මුහුණ අධික ලෙස දහඩිය දමන තරමට උණුසුම් විය. ඔහු පැවසුවේ ය
“අපි විධිමත්භාවයෙන් ඉවත් වෙමු. උතුමාණෙනි, අද පැමිණෙන විෂේශ අමුත්තා කවුද? හැමෝම මෙතන ඉන්නවා නම්, අපි සාදය ආරම්භ කරමු!
ලී ජ්යැංහෙන් ෂ්‍යාඕ චීයේ දෙසට ඔහුගේ ඇහිබැම ඉහළට ඔසවා, "මම සෑම කෙනෙක්ම හමුවීමට කැමති සම්භාවනීය අමුත්තෙකාට ආරාධනා කර කළා"
ඔහුගේ අනපේක්ෂිත ඉරියව්වෙන් ෂ්‍යාඕ චීයේ ව්‍යාකූල විය. එවිටම ඔහුට පිටුපසින් සිටි සේවකයා තිරය ඔසවා “සම්භාවනීය අමුත්තා පැමිණෙනවා!” යනුවෙන් ප්‍රකාශ කරන හඬ ඔහුට ඇසිණි.
සාදයේ සිටි සියල්ලෝම නිහඬ වූහ.
තම අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ සළුවෙන් සැරසී සිටින ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ ට දකින්න ට ලැබුණි . කෙසේ වෙතත්, ඔහුගේ ප්‍රකාශය කෙතරම් පැහැදිලිද යත්, ෂ්‍යාඕ චීයේ එය කිසිසේත් විශ්වාස කළේ නැත.
ඔවුන් අතර අසමගියක් ඇති බව පැමිණ සිටි සියල්ලෝම දැන සිටියහ. මොහොතකට පරිසරය අමුතු විය. නාට්‍යය නැරඹීමට බලා සිටි අය එකිනෙකා දෙස අර්ථවත් බැල්මක් හුවමාරු කර ගත්හ.
ලී ජ්යැංහෙන් උණුසුම් ලෙස පැවසුවේ ය. “මේ ශෙන් ලන්ජෞ. ඔහු කවුද කියලා හැමෝම දන්නවා නේද? ලන්ජෞ, අසුන් ගන්න. සාප්පු හිමියා, සාදය ආරම්භ කරන්න!
ෂෙන් සෙචුවාන් ට ආරාධනා කිරීමට ලී ජියැන්හෙංට අවශ්‍ය ව තිබූ බව ෂියාඕ චියේට හැඟී ගියේ ඔහුගේ ඒ මුහුණ නිසාම ය.
අසුන් ගැනීමට ඇති සියලුම ස්ථාන අතරින්, ශෙන් ස'චුඇන්ට සිදු වූයේ ෂ්‍යාඕ චීයේ අසල ආසනය තෝරා ගන්නටය. ඔහු වාඩි වී සිටින විට දෙදෙනාම එකිනෙකා දෙස බැලූහ.
"ඉතින්, මේ තමයි ශෙන් ලන්ජෞ, ඔහුගේ නම මෑත කාලයේ චූදු වල ප්‍රසිද්ධ වුණා ." ෂී හොංෂුආන් ශෙන් ස'චුආන් දෙස විමසිල්ලෙන් බැලුවේය. "දකිනකොට ඒක ඇත්තටම විශ්වාස හිතෙනවා."
“මට ආරංචි වුණා ලන්ජෞ ගේ...” ලී ජ්යැංහෙන් පැවසුවේ ව, “... බව ඒකාලේ දුඅන්ෂෞ වල අසමසම සුන්දරියක් කියලා. ශෙන් වෙයි ට ඇගේ සිත දිනා ගැනීමට පෙර ඔහුගේ රාජකීය වාසස්ථානයෙන් අඩක් අයිති කර ගැනීමට සිදු වුණා! ඉතින් කොහොමද ලන්ජෞ ලස්සන වෙලා නොඉපදී ඉන්නේ?"
කාමරය පුරා සිනා හඬක් නැගුනි. සියල්ලෝම විවෘතව හා රහසිගතව ශෙන් ස'චුආන් මුහුණ දෙස බැලූහ. ෆෙං චුඅන් පවා අගය කරමින් හඬා වැළපුණි, “මේ තරුණ ස්වාමියා කාන්තාවක් වෙලා ඉපදුණා නම්...”
"එසේ නම් හුවා වංශයේ කාන්තාව හොඳ වන්නේ මොනවටද?!"
ධනවත් තරුණ ස්වාමිවරුන් පිරිස උපක්රමශීලීව සිනහාසෙන්නට වූහ. ඔහුගේ ඇසේ කොනකින් ශෙන් සෙචුවාන් ඔහුගේ හිස අර්ධ වශයෙන් පහත් කර ඇති බව ෂ්‍යාඕ චියේ දුටුවේය. ඔහුට දෙවැන්නාගේ හැඟීම් කියවීමට නොහැකි විය.
මේ මිනිසාගේ ගෙල ප්‍රදේශය ඔහු අසල තිබූ ඔප දැමූ ලාම්පුවේ අඳුරු ආලෝකයෙන් වැසී තිබුණි. එය ඔහුගේ කරපටියට යටින් ධවල කිරිගරුඬ මෙන් දිගු විය, එය දෙස බැලීමෙන් කෙනෙකුට ප්රමෝදයට පත් විය හැක. එය අනාරක්ෂිතව බලා සිටියේ යමෙකු පියවරක් ගන්නා තෙක් ය. ඔහුගේ පැති පෙනුම සුමට හා අලංකාර වූ අතර ඔහුගේ නාසයේ හැඩය ඉතා අලංකාර විය. ඔහුගේ ඇස්වල කොන් වඩාත් ශෝකාන්විත විය; කෙනෙකුගේ හදවත මෘදු කළ ඇති කළ හැකි සියල්ල ඒ තුළ ගැබ්ව තිබුණි. එම කොන ඉහළට වක්‍ර වෙද්දී සිනහවක සිහින් ඉඟියක් ද රැදීණි.
ෂ්‍යාඕ චීයේ ඉවත බලා ගත්තේ ය.
ශෙන් ස'චුආන් ඇත්තෙන්ම සිනාසුණේය.
"ඔබ මාව වෙන කෙනෙක් ලෙස වරදවා වටහා ගත්තාද?" ශෙන් සෙචුවාන් සිය දෑස් ෂ්‍යාඕ චීයේ දෙසට නැඹුරු කළේය.
"ඔබ දෙස වෙනත් කෝණයකින් බැලුවේ." ෂ්‍යාඕ චීයේ ඔහුගේ බැල්ම හකුලා ගත්තේය.
ශෙන් සෙචුවාන් තම දෑස් ඔසවා සාදයට පැමිණ සිටි විවිධ මහත්වරුන් දෙස බලා සිනහවක් පෑවේය. ඔහු පැවසුවේ “මම සාමාන්‍ය පෙනුමක් ඇති කෙනෙක්. හැමෝම මට ඕනෑවට වඩා කරුණාවන්ත වෙනවා. ”
ඔහුගේ වදන් ඇසූ විට තවමත් එකිනෙකා හා කොඳුරමින් සිටි අය එය නවත්වන්න ට විය.. ඔවුන් වැඩි වැඩියෙන් කතා කරන තරමට ඔවුන්ගේ වචන අසභ්‍ය විය.
ෂී හොංෂුආන් පැවසුවේ ය, “දොංලොං මාර්ගයේ හි මෑතකදී ජනප්‍රිය වූ නව ක්‍රීඩාවක් තිබුණේ නැද්ද? ඒකට කියන්නේ ‘බදුන සමඟ ක්‍රීඩා කිරීම" කියලා. ඉහළ ශ්‍රේණියේ මත්පැන් සමඟ රන් බඳුනකට පුරවලා එය රෑමත් ම පුද්ගලයා ගේ පාවහනේ තබා පානය කරලා අතිනත යවනවා. උතුමාණනී, ඔබ මීට පෙර ක්‍රීඩා කරලා තියෙනවා ද?
ලී ජ්යැංහෙන් සිනාසෙමින් පැවසුවේ ය, “මට මත්පැන් තියෙනවා, නමුත් මට රෑමත් අයෙක් හොයාගන්න බැහැ”
ෂී හොංෂුආන්, “අයෙක් මෙතන අසුන්ගෙන ඉන්නේ නැද්ද?” කියා දඟකාරී ලෙස ඉඟි කළේය.
මුළු කාලය පුරාම, ශෙන් ස'චුආන් ඔහුව හඳුනගත්තේ නැති බවක් පෙනෙන්නට තිබුණි. ඔහු බලෙන් සිනහවක් පාමින් පැවසුවේ ය. “මම ‘රෑමත්’ කියන දෙයට සුදුසු නැහැ. සෑම කෙනෙක්ටම අවශ්‍ය විනෝද වෙන්න නම්, මම අද රාත්‍රියේ ගණිකා මඩම වෙත ඔබේ සිතට එකඟව ක්‍රීඩා කිරීමට ආරාධනා කරන්නම්.
සියල්ල පවසා අවසන් වූ විට, ශෙන් ස'චුආන් ට ඔහුට සහාය දැක්වීමට හුආ වංශය තවමත් සිටියේය. මෙය දුටු අනෙක් අය එය තල්ලු කිරීමට එඩිතර වූයේ නැත. ෂී හොංෂුආන් පමණක් ඔහුගේ චරිත අටක් ඇති පුද්ගලයෙක් ලෙස පෙනෙන්නට තිබුණි. ශෙන් ස'චුආන් සමග ගැටුම් ඇති කරගනිමින් තිබුණි. ඔහු තව තවත් කටකතා ඇති කළ තරමට තත්වය වඩාත් අවුල්සහගත විය. ෂී ගු'අන් අධිරාජිනියගේ ප්‍රසාදය අහිමි වූ බවට මෑතක සිට පුවත් පලවී තිබුනා, ඒ නිසා ඔවුන් සියල්ලෝම සරලව සිතුවේ ෂී හොංෂුආන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා වෙනුවෙන් ශෙන් ස'චුආන් කෙරෙහි කෝපය පිටකරන බවයි.
ශෙන් ස'චුආන් කතා කිරීමට සූදානම්ව සිටියදී හදිසියේම ෂ්‍යාඕ චියේ ඔහු අසලින් පවසනු ඇසුණි, “අනෙක් අය මීට පෙර ක්‍රීඩා කර නැති දෙයක් චූ කුමරුගෙන් ඔබ ඉල්ලා සිටින්නේ කොහොමද? පාවහන් වලින් පානය කිරීම සහ බදුන් සමඟ ක්‍රීඩා කිරීම සියවස් ගණනාවක් පැරණි ක්‍රීඩාවක්. දකුණේ ගණිකාවන්වත් ඒකට උනන්දු නැහැ. අපි වෙනස් ක්‍රීඩාවක් කිරීමට උත්සාහ කළොත් කොහොමද? දෙවන තරුණ ස්වාමි ෂී, ඔබේ පාවහන් ගලවන්න, අපට ඒවා බෝට්ටු ලෙස භාවිතා කරන්න පුළුවන්."
සාදයේ සිටි අය සිනා හඬින් ඝෝෂා කළහ. ෂී හොංෂුආන් තරබාරු වූ අතර ඔහුගේ පාද සාමාන්‍ය මිනිසෙකුට වඩා විශාල විය. සාමාන්‍යයෙන් කිසිවෙකු එය ගෙන ගන්න ට එඩිතර නොවූ නිසා ෂ්‍යාඕ චීයේ එයට විහිළු කරනු ඇතැයි ඔවුන් අපේක්ෂා කළේ නැත.
"ඒකත් හොඳයි." ෂී හොංෂුආන් එය සමඟ පෙරළී කාරුණිකව ඔහුගේ පාදය එසවීය. ඔහු නියෝග කළේ ය, “සේවකයනි! මගේ පාවහන් ගලවන්න!"
ලී ජ්යැංහෙන් විනෝද වීමට පටන් ගත් අතර වචන කිහිපයක් කතා කළේය.
ශෙන් ස'චුආන් ෂ්‍යාඕ චීයේ තමාට නිවැරදි කිරීමකින් උදව් කරනු ඇතැයි අපේක්ෂා නොකළේය. ඔහු සහ ෂී හොංෂුආන් සංදර්ශනයක් පවත්වමින් සිටියේය. ඔහු නැවතත් ෂ්‍යාඕ චීයේ දෙස බැලීය.
ෂ්‍යාඕ චීයේ ඔහුව නොසලකා හැර ඔහුගේ ආහිර කූරු අතට ගත්තේ ආහාර ටිකක් ගැනීමටය.
ෆෙං චුආන් නම් කුඩා නපුංසකයා මොහොතකට වාඩි විය. පිළිගවන ආහාර අඩු වැඩි වශයෙන් තිබුණු බව දුටු ඔහු
“මහත්වරුණි මේ විනෝද වීම ටිකක් ගැටළුකාරී වගේ. ඒ නිසා මම අද රාත්‍රියේ හැමෝටම තවත් ආහාරයක් එකතු කරන්නම්.”
ඔහු කතා කරන විට ඔහු අත්පුඩි ගැසුවේය. බොහෝ වේලාවකට පෙර සිටම සූදානම්ව සිටි පහළ මාලයේ සේවකයන් බඳුන් පිළිගැන්වීමට කඩිමුඩියේ ඇතුළු වූහ.
කෙසේ වෙතත්, මෙම "බඳුන" හි තවමත් ජීවතුන් අතර සිටි කුඩා බූරුවෙක් විය.
ෆෙං චුආන් පැවසුවේ, “ලෝකයේ ඇති සියලුම ප්‍රණීත ආහාර අතරින් බූරු මාංශ තමයි අනර්ඝය ම. මහත්වරුනි, ඔබ කවදා හෝ 'බූරුවෙකු පුළුස්සා' කෑමට උත්සාහ කරලා තියෙනවා ද?"
කාමරයේ ශබ්දය අඩු විය. සියල්ලෝම මැද සිටින බූරුවා දෙස බැලුවේ ය.
ලී ජ්යැංහෙන් ඇසුවේ ය , "'බූරුවෙකු පුළුස්සනවා කියන්නේ මොකක් ද?"
සේවකයන් පස් ටිකක් බිම දමා ඉතා දක්ෂ ලෙස එම පසෙන් කුඩා කවාකාර බිමක් සාදා ගත්හ. ඔවුන් බූරුවා පස් මතට එළවා දමා බූරුවාගේ බඩ පස ස්පර්ශ වන පරිදි උගේ කුර හතර එහි තැන්පත් කළහ. ඉන්පසු ඔවුන් බූරුවාව ඝන ආවරණයකින් වසා දැමුවෝ ය.
"මහත්වරුනී." ෆෙං චුආන් සුහදව කීවේය. "නරඹන්න."
සේවකයෙක් නැමී උතුරන ජලය සහිත භාජනයකින් සෙමින් ජලය වත් කරන්න ට විය. ඔහු අසල සිටි අය බූරුවා පණපිටින් සිටියදී උගේ ලොම් පිසදැමුවේ ය. නමුත් තවමත් ඒවා ඉවත් නොවුණි. නටන සූපය වක්කරගත් සේවකයා මාංශ ලෑල්ල පැත්තකින් තබා බූරුවාගේ සිරුරේ වූ මාංශ ගලවන්න ට විය.
මාංශය බදුනේම තබා, උදුන අසල සිටි මිනිසා එම ස්ථානයේදීම එය පුළුස්සා දැමීය. ඔහු අවසන් වූ පසු ඔහු පැමිණ සිටි සියල්ලන්ටම එක් බඳුන ඉැගින් ලබා දුන්නේ ය.
බූරුවාගේ කෑගැසීම තවත් ඛේදජනක විය. පහළ මාලයේ අය පවා කලබල විය.
ලී ජ්යැංහෙන් ගේ මුහුණෙන් වර්ණය සිදී ගියේය. ඔහු මේ බූරු මාංශ දෙස බලා නහය සහ මුඛය වසාගෙන, “ෆෙං ගොං, මේ ආහාරය ටිකක්...”
“උතුමාණෙනි, ඔබ මුලින්ම එය උත්සාහ නොකරන්නේ ඇයි ත? මෙම බූරු මාංශ වඩාත් රසවත් වන්නේ එය තම්බා සුප් වත් කළ වහාම එය උදුරා දැමුවමයි. ආහාර නැවුම්ව අනුභව කරන්න ඕනේ. ” ෆෙං චුආන් පෙන්වා දුන්නේය.
“මේ ‘බූරුවා පිළිස්සීමේ’ තේරුමක් තියෙනවා. අපි උදාහරණයක් ලෙස එක්තරා පුද්ගලයෙක් ගනිමු. මෙම පුද්ගලයා අන් අයගේ අතට පත් වන්නේ නම්, ඔහු අන් අයගේ දයාවට යටත් විය යුතුයි. ස්වාමියා ඔහුට දණ ගසන්න කීවොත්, ඔහු දණ ගැසීය යුතුයි. ස්වාමියාට අවශ්‍ය ඔහු හඬන එකනම් ඔහු අඬන්න ඕනේ. ස්වාමියා ඔහුගේ මාංශය අවශ්‍ය නං, ඔහු අන් අයට ඔහුව මේ ආකාරයෙන් උදුරා ගන්න ඉඩ දෙන්න ඕනේ."
ශෙන් ස'චුආන් ගේ තත්වය මේ බූරුවා සේම විය. ඔහු රුධිරය තැවරුණු රෙදි කඩ දෙස බැලුවේය. එහි දුර්ගන්ධය වාතය පුරා පැතිරෙන සේ රුධිරය පසට ගලා ගියේය. ඔහු මීට වසර පහකට පෙර ජි මූ සහ ඔහු දෙස බලා සිටියාක් මෙනි.
"හරිම ප්‍රනීතයි !" ෂී හොංෂුආන් පෙති කිහිපයක් ආහාරයට ගත්තේ ය. ඔහු පිටුපස ඇති අරුත වටහා නොගත් බවක් පෙනෙන්නට තිබූ අතර එය කෙතරම් ත්‍රාසජනකද යන්න ප්‍රකාශ කිරීම ගැන පමණක් සැලකිලිමත් විය.
මේ කාලය පුරාම ශෙන් ස'චුආන් ගේ ආහාර කූරු නොසෙල්වී තිබුණු අතර ෂ්‍යාඕ චියේගේ ආහාරකූරු කිසි විටෙකත් මාංශ ස්පර්ශ නොකළේය.
ලී ජ්යැංහෙන් ට එය ඇසුණු විට ඒ වචන ගැන අමුතු දෙයක් දැනුනි. ඔහු භීතියෙන් යුතුව පැවසුවේ ය. “ඇත්තටම ඒක ජරාජීර්ණයි. එය ඉවත් කරන්න!"
"නවත් වන්න." ෆෙං චුආන් අවසානයේ ශෙන් ස'චුආන් දෙස බැලීය. “ තරුණ ස්වාමි ශේන්, මගේ දේවමය පියාණන් තමයි මට මේ ආහාර පිළිගන්වන්න කියලා විශේෂයෙන්ම කිව්වේ. ඇයි ඔබ ඒක ආහාරයට නොගන්නේ?"
පැන් රෑගුයි ඔහුගේ දේව-මුත්තා විය, එබැවින් සහතිකවම , ජී ලෙයි සැබවින්ම ඔහුගේ දේව-පියා ලෙස සැලකිය හැකිය! පෑන් රුගුයිගේ අනුග්‍රහය ලබා ගැනීමට සහ මෙය ඉක්මනින් විශ්වාස කිරීමට මෙම පිරිමි ළමයාට ඇති සම්බන්ධය හෝ බලපෑම කුමක් විය හැකි ද? ඔහු ෂ්යාඕෆුසී ගේ රාජකාරි භාර ගත්තා පමණක් නොව, ඔහු ජී ලෙයි ගේ හොඳ කරුණාවද ලබා ගත්තේ ය.
ජි ලෙයිට ශෙන් ස'චුආන් ව මරා දැමීමට නොහැකි විය. දැන් ශෙන් ස'චුආන් ඔහුගේ අණ යටතේ පැමිණ ඇති බැවින් ඔහුට ඔහුව ස්පර්ශ කිරීමටද නොහැකි විය. අද රාත්‍රියේ ශෙන් ස'චුආන් ට අවමන් කිරීමට මෙවැනි පහත් ක්‍රමයක් ඉදිරිපත් කිරීම ඔවුන් අතර ඇති අමනාපය අවසන් වී නැති බව පැහැදිලි කරන ඉඟියකි.
ශෙන් ස'චුආන් ආහාර කූරු අතට ගත්තේය.
"මම…"
ශෙන් ස'චුආන් ඔහුගේ වචන අවසන් කිරීමට පෙර, ෂ්‍යාඕ චීයේ නැගිටිද්දි ඔහු අසුන්ගෙන සිටි ආසනය පසෙකට තල්ලු විය. ඔහු බූරු මාංශය සහිත බඳුන රැගෙන ෆෙං චුආන් දිශාවට විසි කළේය. එය "ඝෝෂාවක්" සහිතව බිඳි ගියේ ය.
ලී ජ්යැංහෙන් කලබලකාරී ව නැගි සිටියේ ය. "ස' ස'අන්..."
ෂ්‍යාඕ චීයේ ෆෙං චුආන් දෙස බලා සිටියේය.
ෆෙං චුආන්ට ජි ලෙයි වෙනුවෙන් අවමන් කිරීමට අවශ්‍ය කවුරුන් හට වුවද මෙය ඔහුට මැදිහත් විය හැකි දෙයක් නොවීය. නමුත් ඔහු, ෂ්‍යාඕ චීයේ වද මේ පැයේ සහ දවසේ මෘගයෙකු විලසට සලකා තිබුණේ ය. ඔහු ද මේ බූරුවාට වඩා වෙනස් නොවීය.
මෙය ඔහුගේ මුහුණට ද පහරක් වූ සේම වේදනා දෙන මාත්‍රකාවක් ද විය
ෆෙං චුආන් ව්‍යාකූල ලෙස ඔහු දෙස බලා, “එය ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි කැමැති නැද්ද?” කියා ඇසුවේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ ඉණෙහි වු ලැංලී තලය මත තම මාපටැඟිල්ල පහළට තද කළේය. ඔහු තලය අදින විට මුළු කාමරයේම කෑගැසීම් ඇසුණි. ඔහුගේ අත එසැවුණු අතර, බූරුවාගේ හිස කඳින් කපා දැමීය. එහි වූ වේදනාත්මක මොරගෑම් නතර විය. පසෙන් රුධිරය බිමට කාන්දු වූ අතර, බිම රතු පැහැයට හැරුණි. ෂ්‍යාඕ චීයේ සිදුකරන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි වූ සියල්ලෝ හුස්ම අල්ලාගෙන බලා සිටියහ.
අඳුරු ආලෝකයට පිටුපාමින්, ෂ්‍යාඕ චීයේ මේස රෙද්දෙන් ඔහුගේ තලයේ දාරය පිරිසිදු කළේය. ඔහු සැහැල්ලුවෙන් සිටි සියල්ලන් සමඟ සිනාසුණේ ඉන් පසුවය. "-මහත්වරුනි, කරුණාකර ඉදිරියට යන්න."
ලී ජ්යැංහෙන් ඔහුගේ තලය දෙස බලා, මෘදු ලෙස, "ස'අන් , ස'අන් මේක ඉවත් කරන්න."
ෂ්‍යාඕ චීයේ තලය නැවත එහි කොපුව තුළට දමාගෙන ෆෙං චුආන් දෙස බැලුවේය. ඔහු ආසනයක් ගෙන තම පාදය ඔසවා මැදින් නොසිට වාඩි විය. ඔහු පැවසුවේ “ඒ සියල්ල එකට පුළුස්සන්න. මම ෆෙන් ගොංගොං ආහාර ගන්නවා බලන්න අද රෑ එනවා .”
අවසානයේ ෆෙං චුඅන් තම ගමන් රථය කැඳවා ඉක්මනින් පිටවී ගියෙ ය.
ලී ජ්යැංහෙන් මඳක් පානය කර තිබුණි, ෂ්‍යාඕ චීයේ අමතද්දි ඔහු හඬා වැටුණේ ය. “ස'අන් , ඇත්තටම මම මේ ගැන හිතුවේ නැහැ. ඒ තක්කඩියා මෙතරම් නින්දිතයි කියල කවුද දන්නේ? අපි මිතුරෝ. මේ කාරණය අපේ මිත්‍රත්වයට හානියක් කරගන්න ඔබ ඉඩ දෙන්න එපා!”
ෂ්‍යාඕ චීයේ ඔහුගේ මුවේ කොන් දෙපසට යන පරිදි සිනහ විය “ඔබට සමීප අය සහ ඔබට දුරස්ථ අය අතර වෙනසක් තියෙනවා. මට තේරෙනවා. ඔබ මුලින් ම ඉදිරියට යන්න."
ලී ජ්යැංහෙන් තවත් කීමට අවශ්‍යව ඔහුගේ අත් ඉදිරියට ගත්තේ ය. ෂ්‍යාඕ චීයේ චෙන් යැං ලවා ලී ජ්යැංහෙන් ව ගමන් රථයට නංවා ගත්තේ ය.
"චූ කුමරුව ආපසු යවන්න." ෂ්‍යාඕ චීයේ පැවසීය. "මම ආපහු එන්නම්."
ෂ්‍යාඕ චීයේ ගේ ප්රකාශනයේ අසතුටුදායක බව දුටු චෙන් යැං කිසි ලෙසකින්වත් නොපැමිණියේය, එබැවින් ඔහු තම අශ්වයා පිට නැගී චූ කුමරුගේ සෙඩන් රථය සමඟ පිටත්ව ගියේය.
ෂ්‍යාඕ චීයේ පමණක් පහන් කූඩුවක් යට සිටගෙන සිටියේය. මොහොතකට පසු, ඔහු වෙනත් අයෙනුගේ මල් පෝච්චියකට පහර දුන්නේ ය.
විශාල මුදල් වටිනාකමක් සහිත භාණ්ඩය පෙරළි ගොස් පඩිපෙළ පාමුල වැටුණි. හස්තයක් හෙමිහිට එය ඉහලට ගත්තේ ය.
ශෙන් ස'චුආන් පඩිපෙළ මත සිටගෙන නොසැලී මෙසේ කීවේය: “ඔබ එතරම් ධනවත්ද? ඔබට මේ සඳහා වන්දි ගෙවන්න වේවි, ඔබ දන්නවාද? ”
ෂ්‍යාඕ චීයේ සීතලෙන් පිළිතුරු දුන්නේ ය. "මට ගොඩක් මුදල් තියෙනවා"
ඒ සමඟම ඔහුගේ ඉණෙහි යමක් දැනුන මුත් එය හිස් විය.
ශෙන් ස'චුආන් ටික වෙලාවක් බලා හිඳ වෙළඳසැලේ හිමියා දෙසට හැරී “මේක ස්වාමියා ගේ ගිණුමට දාන්න. ඔහුට ගොඩක් මුදල් තිබෙනවා.”
සටහන
මෙම පරිච්ඡේදයේ සඳහන් කරන ලද ආහාරය (හෝ එහි ප්‍රභේදයක්) චීනයේ ඉහළම තහනම් කෑම වර්ග 10 ට අයත් වන අතර එය Huo Jiao Lu (活叫驴) ලෙස හැඳින්වේ, එහි අර්ථය “සජීවී-ලෙස පිසින බූරුවා” යි. සත්වයාගේ පාද බැඳ සිරුර පහත් කර තබා ඇති අතර, එහිදී බූරුවාගේ සම ඉවත් කර, පණපිටින් පිසෙන තෙක් උෟගේ අමු මාංශය මත උතුරන ජලය වත් කරනු ලැබේ. මේවා ආහාරයට ගන්නේ බූරුවාගේ වේදනාත්මක හඬ ඇසෙන මධ්‍යයේ බව සඳහන්වේ.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment