එය මධ්‍යම රාත්‍රිය වූ නමුත් අධිරාජිණිය තවමත් අවධියෙන් යුතුව සිය හැදුම් වතපාගෙන සයනයේ ආවරණය මතින් අසන්නට විය. “මොකක්ද ඒ කලබලය?”
හුආ ෂියැංයී අවධානයෙන් යුතුව ආවරණය මෑත් කර වැන්දඹු අධිරාජිණියට සුවදැති උණුසුම් පොරොනයකින් ආවරණය කරන්න ට විය. ඇය මෘදු හඬින් පිළිතුරු දුන්නා ය, “ රාජකීය විද්‍යාලයේ සිසුන් ට අවශ්‍ය අධිරාජ්යයාඔහුගේ තනතුර ආඥාව ඉල්ලා අසකරගන්නයි”
වැන්දඹු අධිරාජිණියට නැගිටිද්දි, දෙපස සිටි සේවිකාවෝ විගසින් පහන් දල්වා තර රෙද්ද ඔසවන්නට විය. ත හුආ ෂියැංයී වැන්දඹු අධිරාජිණියට අර්හත් සයනයට යාමට උදව් කලේ සිය අත ඉණවටා දමාගනිමිනි.මෘදු ඇතිරිල්ලක් සහ උණුසුම් තත්වය සමග අධිරාජිණිය ඇය වෙනුවෙන් කිරි පෑහෙන තෙක් බලා සිටියා ය.
වැන්දඹු අධිරාජිණියට හැන්ද ඔසවද්දි එහි ආලෝකය ඇගේ මුහුණට පරාවර්තනය වී වැටුණි, “ඒ තරම් දුර්ලභ දෙයක් වුනේ කොහොමද?” ඇය ඒ ගැන මඳ වෙලාවක් සිතන්නට විය. “පත්වීම ලබා දුන්නේ ඊයේ, ඒ වගේම ඔවුන් අද රාත්‍රියේ ඇවිත් ඝෝෂා කරනවා. ඒක ඉක්මන් වැඩි නැද්ද?”
“ ඒ විතරක් නෙමෙයි ඊට වඩා කලබලයක් ඇති කරන්නේ රාජකීය වීද්යාලයේ අයයි.” හුආ ශියැංයී අධිරාජිණිය සමඟ යන්න ට විය, “නැන්දණිය, හැම සාහිත්‍යමය කුසලතාවක්ම රාජකීය විද්‍යාලය සතුයි. ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලා පවා එයට ඇතුළු වන්නේ නැහැ.”
වැන්දඹු අධිරාජිණියට පැසුණු කිරි පානය කළාය. ඇගේ රෑපලාවණ්‍ය අලේපන ගල්වා නොමැති මුහුණේ මහළු භාවය රැදී තිබුණමුත් එයින් ඇයට නව චරිත ස්වභාවයක් ගෙනදුනි. ඇය කෝප්පය පසෙකින් තබා නැවතත් සුවපහසු ඇතිරිල්ල මත දිගාවිය. මද වේලාවකට පසු ඇය පවසන්නට විය,
“ඒක හරි. ශෙන් වෙයි දැන් ඔහුගේ සාපරාධය නිසා ප්‍රසිද්ධ වෙලා තියෙනවා. හැගීම් සහ තර්කානුකූලව ලේකම් කාර්යාලයේ වැඩිමහල්ලට ශිෂ්‍යයන් ට බැනවදින්න බැහැ. ශිෂ්‍යයන් උතුමාණන්ගේ නියෝගය අවලංගු කරන ලෙසට බල කළහොත්, මට මේ වතාවේ නීරස ඖෂධ පානය කරන්න වේවි නිහඬවම. .”
“නැන්දණිය.” හුආ ෂියැංයී කීවා ය, “ උතුමාණන් ගේ ඇත්ත ම අභිප්‍රාය ශෙන් ස'චුආන් ව නිදහස් කරන එක නෙමෙයි නේද? දැන් මේ නියෝගය නිසා කිසිම හේතුවක් නැතිව 'ප්‍රශ්න ඇති කරන්නෙක්' කියලා ඔහු අපකීර්තියට ඔහු පත්වෙලා නිසා, ඒකෙන් ඔබ දෙදෙනා අතර දුරස්ථභාවයක් ඇති වෙයි කියලා මට බියයි.”
“ඒකට කමක් නැහැ.” වැන්දඹු අධිරාජිණියට පැවසුවා ය ,
“වෙයි අධිරාජ්‍ය උපභාර්යාව දරුවෙකු සමඟ සිටින විට දජෞ වලට උරුමකරුවෙකු ලැබේවි. අධිරාජ්‍ය උරුමකරු තමයි අධිරාජ්‍යයේ පදනමයි. මගේ අතේ උරුමක්කාරයා සිටින තාක් කල්, මම තවමත් දජෞ අධිරාජිනිය වෙනවා. ඔහු අසනීප වූන දවසේ ඉදන් අධිරාජ්‍යයා බොහෝ කලක් මා සමඟ අමනාප වෙලා. ඔහු මේ වතාවේ කෝපයෙන් පියාසර කළත්, එ් අසනීප වූ මොහොතේ ඇති වූ කෝපය විතරයි. ඔහුට පිටවීමට ඉඩ දෙන්න. ”
ඔහුගේ අසනීපයෙන් පසුව, ෂියන්දේ අධිරාජ්‍යයා වැන්දඹු අධිරාජිනිය සමග තනිව අැවිදීම ක්‍රමයෙන් නතර විය. මේ සියල්ල සුළු සුළු දෛනික කාරණා වුවද, එය දැනටමත් ඔහුගේ අමනාපයේ ඇඟවීමක් විය.වැන්දඹු අධිරාජිනිය ගේ අණ පිළපදින්නේ මාලිගාවේ අණදෙන නිලධාරි අධිරාජ්‍ය අධිකරණයේ පැන් රුගුයි සහ ලේකම් කාර්යාලයේ වැඩිහිටි හුආ ය. හුආ වංශයේ වර්ධනය වෙමින් පවතින බලය සහ අධිකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කිරීමට ඇයට අවශ්‍ය නම්, ඇයට යටත් වූ සහ කීකරු අධිරාජ්‍යයෙකු අවශ්‍ය විය.
ෂියන්දේ අධිරාජ්‍යයා ව තවදුරටත් එම භූමිකාවට ගැලපෙන්නේ නැත්නම්, ඇයට කළ යුතුව තිබුණේ ඔහු වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරීම පමණි.
වැන්දඹු අධිරාජිනිය චූ කුමරු, ලී ජියැංහෙන්ට අකමැති වීමට එකම හේතුව ඔහු ඒ වන විටත් වැඩිවිය පැමිණ සිටි බැවිනි. ඔහු දුර්වල දරුවෙකු හෝ ඇය යටතේ හැදී වැඩුණු දරුවෙකු නොවීය. එබඳු අයෙක් සිහසුනට පත්වන්නේ නම්, ඇය විසින් ඇති දැඩි කළ අධිරාජ්‍ය මුනුබුරෙකු මෙන් කීකරු වන්නේ කෙසේද?
"ඊට වඩා, අද අභියාචනය උතුමාණන්ගේ ගෞරවයට විශාල පහරක්." වැන්දඹු අධිරාජිනිය සන්සුන්ව මෙසේ පැවසුවාය, “මහරජතුමා සිංහාසනයේ සිටි අවුරුදු නවය, ඔහුගේ ආහාර, ඇඳුම් පැළඳුම් මෙන්ම වැදගත් හෝ සුළු කාරණා සියල්ල සිදුකලේ මා හරහා යි. නමුත් දැන් ඔහුට අවශ්‍ය වන්නේ ස්වාධීන හා අධිරාජ්‍යයෙක් වෙන්නයි. මේ වෙනුවෙන් ඔහු ෂ්‍යාඕ වංශයට හොඳ හිත පෙන්වන්ව ධෛර්යමත් වුණා. ඔහු ශෙන් ස'චුආන් නිදහස් කරන එක ප්‍රතික්ෂේප කළා විතරක් නෙමෙයි, චූ කුමාරයාව ආරක්ෂා කරන්නත ඔහුට අවශ්‍ය වුණා. ඒත් මට ඔහුව තේරෙනවා. ඔහු පිටතින් ශක්තිමත් සහ ඇතුළතින් දුර්වල යි. ඔහු මට බයයි. ඒ නිසාම ඔහු හැමවිටම අරමුණු කළේ දෙපාර්ශවයේම හොඳ එිත දිනාගන්නයි. ඒ වෙනුවට දැන්, ඔහු අදහස් දෙකක් හිතේ තියාගෙන, දෙපාර්ශවයම දැඩි ලෙස අමනාප කරගෙන ඉවරයි."
"උතුමාණන් ශෙන් ස'චුආන් වසර ගණනාවක් සිරගත කළේ ෂ්‍යාඕ වංශය වෙනුවෙන් නෙමෙයි ද?"
"සිරගත කිරීම යන්නෙන් අදහස් කරන්නේ මොකක්ද?" වැන්දඹු අධිරාජිනිය හුආ ශියැංයී ගේ අතින් අල්ලා සන්සුන්ව පැවසුවාය.
“සිරගත කිරීම කියන්නේ මරණයෙන් නිදහස් කරන එක. අධිරාජ්‍යයා සිතුවේ ඔහු ෂ්‍යාඕ වංශයට අනුග්‍රහයක් කළා කියලයි, නමුත් ඔහු සැබවින්ම ව්‍යසනයේ බීජය වැපිරුවා. ෂ්‍යාඕ ජීමිං ට ඔහුගේ බාල සහෝදරයා අහිමි වුණා. ලිබෙයි වලට අවශ්‍ය වන්නේ ශෙන් ස'චුආන් ගෙ මරණයයි. ශෙන් ස'චුආන් ජීවතුන් අතර සිටින තාක් කල්, උතුමාණන් ව බේරා ගැනීමට පැමිණි සන්නද්ධ අශ්වාරෝහක සේනා එක්ලක්ෂ විසිදහසක් බිම හෙළාවි. ඒ ගැන හිතලා බලන්න. ෂ්‍යාඕ ජීමිං තමාට ද්‍රෝහි සිතුවිලි නැති බව ඔප්පු කරන්න වෙහෙස මහන්සි වෙලා වැඩ කළා. ඔහු තම බාල සොහොයුරා චූදුවල දාලා යන්න පවා එඩිතර වුණා. ඔහු තම ස්වාමියාට අවංකව හා පක්ෂපාතිව සේවය කළා. එහෙත්, මා අමනාප කරගන්නේ නැතුව, උතුමාණෝ හැරී ශෙන් ස'චුආන් ගේ මරණ දණ්ඩනය ඉවත් කරලා ඒ වෙනුවට ඔහුව සිරගත කළා. ශෙන් ස'චුආන් මිය යන්නේ නැත්තං, ඔහු කරදරයේ මුල බවට පත්වෙනවා. මේක ජීවිතයත් මරණයත් අතර අරගලයේ කාල පරිච්ඡේදය වගේම, උතුමාණෝ තවමත් බොළඳ යි.
ඒවගේම මේ වෙලාවෙ සිද්දිය කියන්න ඕනෙද? චූ කුමරුව ආරක්ෂා කරන්න, ෂ්යාඕෆුසී ගෙ නඩුව සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කිරීමට මහරජතුමා කැමති වුනේ නැහැ, ඒ අනුව, පෑන් රුගුයිගේ වැටුප ඉවත් කරලා දැම්මා. ඒ අතරම, මම ඔහුට විරුද්ධව නපුරු දේවල් ඇති කරයි කියාලා ඔහු බිය වුණා, එ් නිසා ඔහු අකමැත්තෙන් වුනත් ශෙන් ස'චුආන් ව පිටත් කර හැරියා -ඔහු සිතුවේ ෂ්‍යාඕ වංශය ඔහුගේ දුෂ්කරතා තේරුම් ගනීවි කියලා, නමුත් ෂ්‍යාඕ ජීමිං ඉන්වේ ලීබෙයිවල බොහො දුරින් වුනත් මේ කාරණය දැනගත්තට පස්සෙඔහු සතුටු වෙන එකක්නම් නැහැ."
"එහෙම නම්." හුආ ශියැංයී පැවසුවා ය, “රාජකීය විද්‍යාලයේ සිසුන් උසිගැන්නුවේ ෂ්‍යාඕ වංශයේ කෙනෙක් වෙන්න පුළුවන් ද? මේ වතාවේ ඔහුගේ ආඥාව අවලංගු කරන්න කියලා උතුමාණන්ට බල කරන එකෙන් මහරජතුමා සහ හුආ වංශය අතර විරසකයක් ඇති කරනවා විතරක් නෙමෙයි, එය ලේකම් කාර්යාලයේ වැඩිහිටියා සහ නැන්දණියවයි ඉදිරියට යන එක වළක්වාවි. ඒ අතරම, එයින් තවත් කෙනෙකුගේ දෑතින් ශෙන් ස'චුආන් ව ඝාතනය කරලා දාන්නත් පුළුවන්"
"එය එතරම් පැහැදිලි නම්." වැන්දඹු අධිරාජිනිය හුආ ශියැංයී ගේ අයාලේ ගිය හිසකෙස් පසෙකට දමා පවසන්නට විය,
“එහෙමනම් ෂ්‍යාඕ ජීමිං ලෝකයේ සෙන්පතියන් හතර දෙනාගෙන් කෙනෙක් වෙන්න ඇති අවශ්‍යතාවය මොකක්ද ? ඒ තරුණයා හැම තිස්සෙම විචක්ෂණශීලීව හැසිරෙනවා. ඔහු අපරාධකරුවා නම්, ඔහු මෙය පහසුවෙන් සොයා ගන්න ඉඩ තියන්නේ නැහැ. ඊට අමතරව, ලිබෙයි අය රාජකීය විද්‍යාලය සමඟ ගනුදෙනුවක් නැහැ."
"මට අනුමාන කරන්න බැහැ." හුආ ශියැංයී වැන්දඹු අධිරාජිනියට හේත්තු වී සුරතල් ළමයෙකු මෙන් “කියන්න නැන්දා” යැයි කීවාය.
"හරි." වැන්දඹු අධිරාජිනිය ට මේ ජීවිතයේ දි දරුවන් නොමැති වූ අතර, ඇය ඇගේ මව් පරම්පරාවේ මිත්තණියන් පැත්තේන් අැයට සමීප නොවීය. ඇය කැමති එකම කෙනා හුආ ශියැංයී ය.
ඇය පැවසුවා ය “නැන්දා ඔබට උගන්වන්නම්. චූදු වලට ඔබ්බෙන් පිහිටුවා ඇති අවට නගර අට දිහා බලන්න. වත්මන් අෂ්ඨක මහා වංශ ඇත්තේ නගර අටකටයි තිබුණේ. අපේ හුවා වංශය අගනුවරට දකුණින් දීචෙං නගරයේ බලපවත්වනවා. එ්ක සැමවිටම අධිරාජ්‍ය උපභාර්යාවන් සඳහා තෝරා ගන්නා නගරයක්. නමුත් හුආ වංශය එහි තේජසේ උච්චතම ස්ථානය ලෙස සලකනු ලැබුවේත්, අට මහා වංශ අතර ඉහළින්ම පැමිණෙන්නේත් මගේ කාලයේ දි තමයි. මීට වසර කිහිපයකට කලින්, හිටපු අධිරාජ්‍යයා සිංහාසනයට පත් වුනාම, වඩාත්ම ප්‍රසාදය හා ගෞරවයට පාත්‍ර වූයේ යාඕ වංශයයි. මෙයට හේතුව යාඕ වංශය තුන් වතාවක් අධිරාජ්‍යයාගේ උපදේශකයා ලෙස ප්රදානය කර තිබුණ එකයි. වැඩිහිටි ස්වාමි යාඕගේ කාලය තුළ සාහිත්‍ය කුසලතා නොමැතිකම නෙමෙයි නමි, යුජෞහි චී හුයිලියන් යොංයීගේ ප්‍රධාන උපදේශකයා වෙන්න පවා නොහැකි වෙන්න තිබුණා. ඒ විතරක් නෙමෙයි, වත්මන් ෂී වංශයෙන්, අට මහා වංශයේ තරුණ පරම්පරාවන් කළමනාකරණය කිරීම සඳහා අෂ්ඨ මහා පුහුණු සේනාංක සේනාධිනායක තනතුරට උසස් කර ඇත්තේ ෂි ගූ'අන්ව විතරයි. ඔහු හමුදා කඳවුරුවල ගුරුවරයෙක් විදිහට හිතන්නේ. ෂී වංශය සැමවිටම පහත් සදාචාරය සහ ගුණධර්ම ඇති අයයි; ඔවුන් විශාල දේවල් අත්කර ගන්නේ නැහැ. මේ එක්කම, ස්වාමි ෂ්වේ ගේ තේජාන්විත මරණයෙන් පස්සේ ෂ්වේ වංශය දැනටමත් එහි පරිහානිය ආරම්භ කරලා තියෙනවා. දැන් මධ්‍යම පරිපාලනයේ නිල තනතුරක් දරන එකම තැනැත්තා ෂුඒ ශියුජුඕ විතරයි. ඉතිරි වෙයි, පැන්, ෆෙයි සහ හැන් වංශ ගැන, මම ඔවුන් ගැන ඊළඟ වතාවේ ඔබට කියලා දෙන්නම්.”
"පියාණන් මේවා ගැන කලින් කියනවා මම අහලා තියෙනවා." හුඅා ශියැංයී පැවසුවා ය, "ඉතින් නැන්දණිය මට මේවා කියන්නේ, මෙවර රාජකීය විද්‍යාලයේ රහසිගත උසිගැන්වීම් අෂ්ට මහා වංශවල වෙනත් අයෙකු විය හැකි බව යෝජනා කරන්න ."
"ඒක තමයි මට සැක." වැන්දඹු අධිරාජිනිය කීවාය. “ උතුමාණන් අනුක්රමයෙන් භුක්ති විඳිනවා. හුආ වංශය මගේ නැගීමෙන් පසුසෙ එහි නැගීම භුක්ති විඳීමට වසර ගණනාවක් ගත වුණා. උතුමාණන් දැන් කෙතරම් බරපතල ලෙස රෝගාතුර වෙලා ද කියලා වෙන අයෙක් දැක්කොත් වෙන දෙයක් සිතාවි. හෙට උදෑසන පැන් රුගුයිව කැඳවලා අධිරාජ්‍ය ආරක්ෂකයින්ට රහසිගතව ගැඹුරු පරීක්ෂණයක් කරන්න ඔහුට ඉඩ දෙන්න. චූදු කියන්නේ ලොකු තැනක්. මම හිතන්නේ නැහැ කවුරුවත් ඒ ගැන කෙල බිඳක්වත් හලයි කියලා ”
----------------------
ෂ්‍යාඕ චීයේ ඔහුගේ වස්ත්‍ර මත වූ ජලය සහිතවම ජි ලෙයි සමඟ මිංලී ශාලාවට ඇතුළු විය.
ඒ වන විටත් රාත්‍රිය පසු වී ඇති අතර, ෂියන්දේ අධිරාජ්‍යයා තවමත් අවදියෙන් පසුවිය.
"ඔබේ වැරදි ගැන ස්වයං-ආවර්ජනය කරන්න ඔබට මම කාලයක් දුන්නා වේද." ෂියන්දෙ අධිරාජ්‍යයා අනුස්මරණයක් පැවැත්වීය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා රළු හඬින්, “ඉතින් ඇයි ඔබ අධිරාජ්‍ය ආරක්ෂකයින් සමඟ තැන තැන ඇවිදින්නේ?” කියා ඇසුවේය.
ෂ්‍යාඕ චීයේ ඇත්තටම වැරදිවිය. “මේ නිහතමානී පුද්ගලයාට යන්න කිව්වේ සේනාධිනායකයයි. මේ නිහතමානී සේවකයා සිතුවේ ඒක මහරජාණන්ගේ වාචික නියෝගයක් කියලයි.”
“ඔබ ගියිට පස්සෙ ,” ෂියන්දේ අධිරාජ්‍යයා ඇසුවේ ය, “කොහොමද ඒක වුණේ?”
ජි ලෙයි වහා කීවේ ය, “අධිරාජ්‍යයාට පිළිතුරු දෙමි, රාජකීය විද්‍යාලයේ සිසුන් වෙනත් කෙනෙකුගේ උසිගැන්වීමක් මත ක්‍රියා කරලා, රාජ්‍ය කටයුතු සම්බන්ධයෙන් උඩඟු ලෙස කතා කරමින්, උතුමාණන්ට මඩ ගැසුවා විතරක් නෙමෙයි, පැන්ගොන්ගොන් වෙත අත තැබූවා . දර්ශනය අවුල් සහගත වුණා. මේ නිහතමානී යටත්වැසියාට ඔවුන්ව අත්අඩංගුවට ගන්න අවශ්‍ය වුනත් , ෂ්‍යාඕ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමා ඊට කැමති වුනේ නැහැ."
ඇත්තටම ඔහු කැමැත්තෙන් සිටියේ නැහැ. එම අධිරාජ්‍ය හමුදාව හුදෙක් ෂ්‍යාඕ චීයේ ගේ අච්චුවට දමන ලද්දකි! ඔවුන් ශිෂ්‍යයන් වටකර වැළැක්වීම සඳහා අධිරාජ්‍ය ආරක්ෂකයින්ට බාධා කිරීමට නිර්ලජ්ජිත ලෙස ක්‍රියා කර තිබුණි. ඔවුන්ට ඉතුරු උනේ බිම වැතිරී එහාට මෙහාට චලනය වීම පමණකි! මෙම නිෂ්ක්‍රීය හමුදා පොකුරට නගර පවුර තරම් ඝන හම් ඇති බව නිසැකය.
ෂියන්දේ අධිරාජ්‍යයා ෂ්‍යාඕ චීයේ ගෙන් ඇසුවේ ය. "ඔබ අධිරාජ්‍ය ආරක්ෂකයින්ට සිසුන් අත්අඩංගුවට ගන්න බාධා කළාද?"
ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “ඔවුන් සිසුන් පිරිසක් පමණයි. ඔවුන් සැබවින්ම අධිරාජ්‍ය බන්ධනාගාරයට ගෙන ගියහොත් , ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දිවි ගලවා ගත නොහැකි වෙනවා. අපට ඔවුන්ගේ ජීවිත නොසලකා හැරිය හැකියි, නමුත් එය ඔබ වහන්සේගේ පිරිසිදු නාමයට හානි කළහොත් අපි කුමක් කරන්න ද? ”
“ඔවුන් ආත්මාර්ථකාමී අරමුණු සඳහා එකට එකතු වෙලා ද්වේෂසහගත මිනිසුන් සමඟ හවුල් වුණා. ඔවුන් පැහැදිලිවම අදහස් කළේ අධිරාජ්‍ය අධිකරණය අවුල් ජාලයකට ඇදලා දාන්නයි! අපි මේ වගේ අයව නඩු විභාගයට නොගගත්තොත්, අනාගතයේදී අධිරාජ්‍ය ආරක්ෂකයන්ගෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද? ” ජි ලෙයි කෝපයෙන් කීවේය.
ෂියන්දේ අධිරාජ්‍යයා දිගු වේලාවක් කහිමින් සිටියේ ය. “ස'අන් හොඳින් කළා”
"උතුමාණනි!" ජි ලීට එය අදහාගත නොහැකි විය. “මේ ශිෂ්‍ය කණ්ඩායම කලබල ඇති කරන්න පෙළ ගැසුණා. කැරැල්ල කියන වචනය පවා කියන්න එඩිතර වුණා. අපි ඔවුන් සමඟ දැඩි ලෙස කටයුතු නොකළහොත් එය අධිරාජ්‍යය සහ රාජ්‍යය අනතුරේ හෙළාවි නේද! ”
"මම අවංකව කියන්නම්." ෂියන්දේ අධිරාජ්‍යයා මද උණුසුම් ස්වරයකින් කීවේය. “ඔවුන්ට මේ තීරණාත්මක අවස්ථාවට බල නොකළේ නම්, ඔවුන් පන්තිවලට නොගොස් අධිරාජ්‍ය ආරක්ෂකයින් සමඟ ගැටුමකට ඇවිත් එවැනි වචනවලට කෑගසන්නේ ඇයි? ෂෙන් වංශයෙන් ඉතිරිව සිටින අන්තිම පුද්ගලයා කිසි විටෙකත් නිදහස් නොකළ යුතුව තිබුණා! එය එසේ නොවේ නම් ... එය එසේ නොවේ නම්! ”
ෂියන්දේ අධිරාජ්‍යයා ස්මාරකය පසෙකට දමා කහින්නට පටන් ගත්තේය. ඔහුගේ එය ටිකක් අඩු වූ පසු ඔහු නැවත යථා තත්ත්වයට පත් විය.
“... මොනවා වුණත් දඬුවම් විඳින්නම වෙනවා. රාජකීය විද්‍යාලයේ ප්‍රතිපාදන සඳහා වන අරමුදල අඩකින් අඩු කරලා ඔවුන්ගේ ආහාර වේල දිනකට දෙවතාවේ සිට එක් වරකට වෙනස් කරන්න. ඔවුන්ට වසර භාගයකට දඩුවම් දෙන්න.”
ෂියන්දේ අධිරාජ්‍යයා ඒ වන විටත් තම හිත හදාගෙන ඇති බව දැනගත් ජී ලෙයි තවත් කිසිවක් කීවේ නැත. ඔහු නිශ්ශබ්දව දණින් වැටී සිටියද, ෂියන්දේ අධිරාජ්‍යයා ඔහු සිතන්නේ කුමක්දැයි දැන සිටියේය.
" අධිරාජ්‍ය ආරක්ෂකයෝ මගේ සුනක පොත්කයෝ." ෂියන්දේ අධිරාජ්‍යයා ජී ලෙයි දෙස බලා සිටියේය, “රාජකීය ආරක්ෂකයන් ගේ අණදෙන නිලධාරියා විදිහට, ඔබ අන් අයව ඔබේ දේව පිය, මුත්තා විදිහට පිළිගනිමින් එහා මෙහා යන්නේ ඇයි? ඔබ තවමත් ගෞරවනීය ලෙස සලකනු ලබපු නිසා මම මෙය කිසි විටෙකත් ගෙන ආවේ නැහැ! අද රාත්‍රියේ, ඔබට රාජකීය විද්‍යාලයේ සිසුන් සනසන්න අවශ්‍යයි. තමුන්ට තේරෙනව ද?"
ජි ලෙයි දණින් වැටී පවසන්න ට විය, “මේ නිහතමානී සේවකයා කීකරුයි. අධිරාජ්‍ය ආරක්ෂකයින් සේවය කරන්නේ උතුමාණන් වහන්සේ ට විතරයි! ”
ඔවුන් එළියට එන විටත් වර්ෂාව මදක් පහව ගොස් තිබුණි. දෙදෙනාටම සේවණ සැපසීමට කුඩයක්ද අතැතිව කුඩා නපුංසකයෙක් පැමිණියෙ ය.
ෂ්‍යාඕ චීයේ අත උස්සා පිටව යාමට සැලැස්වූ නිසා ජී ලෙයිබසිටියේ හොඳ මුහුණුවරකින් නොවේ. නමුත් ෂ්‍යාඕ
චියේ නොසැලකිලිමත් වූ අතර ඔහු පැවසුවේ ය “වැඩිහිටි ජී, මටත් විකල්පයක් තිබුණේ නැහැ. මම ඊයේ බිඳවැටුනා. මට එළියට ඇවිත් සෙල්ලම් කරන්න අවශ්‍ය වුණත්, පරිස්සමින් ගණන් නොගෙන ඉන්න සිසුන්ට අත තියන්න මම එඩිතර වෙන්නේ නැහැ කිසිම හේතුවක් නැතුව"
ෂ්‍යාඕ චීයේ දෙස කොයිතරම් අප්‍රසන්න ලෙස ජී ලෙයිට පෙනුනේද යත් ඔහු කෝපාවිෂ්ඨ විය, ඒත් ඔහුට පිටකරන්න ට ක්‍රමයක් නොතිබුණි, ෂ්‍යාඕ චීයේ මග හැර යාවි යැයි සිතූ ඔහු අහඹු ලෙස හිස සැලීය.
"නමුත් මගේ අධිරාජ්‍ය හමුදාව ගැන ඔබ සිතන්නේ මොකක්ද ?" ෂ්‍යාඕ චීයේ කුඩා නපුංසකයාගේ අතින් කුඩය ගෙන ඔහුව පිටත්කර හැරියේය. ඔහු දිගටම ජි ලෙයි සමඟ මාලිගාවෙන් පිටතට ගියේය.
ජි ලෙයි සිතන්නට විය, "වෙන මොනවද? මුන් ඔක්කොම තක්කඩි රංචුවකට වඩා වැඩි දෙයක් නෙවෙයිද?! ඔවුන් ඔබව අනුගමනය කරන නිසා දැන් ඔවුන් වඩාත් නරකයි!
නමුත් ඔහු ආචාරශීලීව පැවසුවේ ය, "ඔවුන් පෙරට වඩා බොහෝ උද්යෝගිමත් බවක් පෙනෙනවා."
"ඇත්කටමද?" ෂ්‍යාඕ,චීයේ නිර්ලජ්ජිත ලෙස පැවසුවේ ය, “මම හිතන්නේ අධිරාජ්‍ය හමුදාවේ සරඹ භූමිය හොඳ ප්‍රයෝජනයකට ගත නොහැකි තරම් කුඩා වැඩියි. ඔබට මා වෙනුවෙන් සේනාධිනායකයාගෙන් අසන්න පුළුවන්ද ඔහුට අධිරාජ්‍ය හමුදාවට ස්ථානයක් වෙන් කළ හැකිද කියලා?
ෂ්‍යාඕ චීයේ විසින් අධිරාජ්‍ය හමුදාවේ සරඹ පිටියේ පෝලෝ ක්‍රීඩා කිරීමට නායකත්වය දුන් බව ජී ලෙයි බොහෝ කලකට පෙර අසා තිබුණි. තව ඉඩමක් ඉල්ලා සිටීමට දෙවැන්නාට ධෛර්යයක් ඇතැයි ඔහු කිසිවිටකත් අපේක්ෂා කළේ නැත. නමුත් දෙවැන්න කෙළින්ම මුහුණට හරවා ගැනීම ඔහුට හොඳ නැති නිසා ඔහු පැවසුවේ ය
“එය දැඩි වෙයි මට හිතෙනවා. චූ කුමරු පසුගිය මාසයේ ඔහුගේ වාසස්ථානය පුළුල් කළා සිවිල් වැසියන්ගේ වාසස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගැනීම ප්‍රාන්ත නිළදාරීන් වෙත පවා වාර්තා වුණා . චූදු වල දැන් හැමතැනම මිනිස්සු ඉන්නවා , ඉතින් ගූ'අන කොහෙන්ද ඔබට හමුදා සරඹ භූමියක් විදියට පාවිච්චි කරන්න තැනක් හොයාගන්නේ? අනික, නගරයේ තැනක් තිබුණත් ඒක පුහුණු අංශ අටට දෙන්න ඕන.”
"අනේ." ෂ්‍යාඕ චීයේ කුඩය ගෙනම මෙසේ පැවසීය: “අපේ අධිරාජ්‍ය හමුදාවට නගරය තුළ ඉඩමක් ලබා ගන්න බැරිනම්, අපට එයින් පිටත ඉඩම් සමඟත් කරන්න පුළුවන්. අපේ හිතට එකඟව ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රමාණවත් තරම් විශාල වන තාක් කල්.”
ඔහුගේ වචනවල අරමුණ ජි ලෙයිට වැටහුණේ එවිටය. ඔහු ෂ්‍යාඕ චීයේ දෙස බලා සිනාසුනේය. ඔහු පැවසීය, “හොඳයි, දෙවන තරුණ ස්වාමියා. ඔබ ගොඩ කාලෙක ඉඳන් ඉඩමකට ආසාවක් අරන් තියෙනවා නේද? ඉතින් ඇයි තාම මාත් එක්ක නිහඬව සෙල්ලම් කරන්නේ?!"
"මම දැනටමත් මේතනට ඇවිත් ඉන්නේ ඔබෙන් උදව්වක් ඉල්ලන්නයි, මම නෙමෙයි ද, වැඩිමහලු ජී?" ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය
, “චූදු වල මිනිසුන් වැඩිපුරම මුහුණ දෙන්නේ ඔබටයි. ඔබ ඔහුට ඉල්ලීමක් කළහොත් සේනාධිනායකයා ඔබව ප්‍රතික්ෂේප කරන්නේ කොහොමද ? එය සිදු වූ ගනුදෙනුවක් නම් අපට සාකච්ඡා කරන්න පුළුවන්."
"මුදල් ගැන මාත් එක්ක කතා කරන්න ඕන නෑ." ජි ලෙයි අවසානයේ ඔහුගේ ආකල්පය මෘදු කළේය. “මම දිව්‍ය පුත්රයෙක්ව පිළිගත්තා. මම කල්පනා කළේ ඔහුට හොඳ අශ්වයෙක් කොහෙන්ද කියලා! අශ්වයන් සම්බන්ධයෙන් ගත් කල, දෙවන තරුණ ස්වාමියා තරම් දැනුමක් ඇති කිසිවෙක් නැහැ, හරි නේද?
"මම ඔහුට සෙල්ලම් කරන්න අශ්වයන් කිහිප දෙනෙක් එවන්නම්." ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “හොංයාන් කඳුකරයෙන් බෝ වුණ අශ්වයන් මට වඩා නරක නැහැ. තව ටික දවසකින් මම කෙනෙක් එවන්නම්. කෙලින්ම ඔබේ නිවසටම ගෙනත් දෙන්නම්.”
"මම ගු'අන්ට කතා කරන්නම්." ජි ලෙයි පැවසීය. “සරඹ බිමක කාරණය කොතරම් විශාල විය හැකිද? මගේ ප්‍රවෘත්තිය එනතෙක් ඉන්න!"
දෙදෙනාම වෙන් වන විට වැස්ස නැවතී තිබුණි. ෂ්‍යාඕ චීයේ අශ්ව කරත්තයට නැගීය. චෙන් යැං ජි ලෙයි ගේ ගමන් රථය දෙස බලා මෙසේ කීවේය. "මොන දුකක් ද!"
"*නොමිලේ දිවා ආහාරය ලැබෙන්නේ නැහැ*" ෂ්‍යාඕ චීයේ ඔහුගේ හම් සපත්තු ගලවා ගත්තේය. ඔහුගේ දෙපා දිගු කලක් තෙත් වී තිබුණි. “අපිට සරඹ පිටියක් තියෙන්න ඕන. අගනුවර එය හුගක් කැපී පෙනේවි. ඒ මහලු තක්කඩියාට අශ්වයන් බාරගෙන භාර දෙන්න බැරි නම්” “එහෙනම් මම එයාගේ පුතාව එයාගේ මුතුන්මිත්තන්ව මුණගැහෙන්න යවනවා” කියලා ඔහු සීතලෙන් පැවසීය.
කරත්තය පැද්දෙන්නට විය. ෂ්‍යාඕ චියේ ලේන්සුවකින් මුහුණ පිසදැමීය , “කෝ ඒ පුද්ගලයා” යි ඇසීය.
චෙන් යැං නැවත නැවතත් කීවේ, "ඒ, ඒ පුද්ගලයා ?"
"ශෙන් ස'චුඇන්!"
"ඔහු ආපසු ගිහින් හුඟක් වෙලා." චෙන් යැං ෂ්‍යාඕ චියේට තේ වත් කළේ ය “ඔහුගේ පියවර දුර්වල සහ අස්ථාවර බවක් මට පේනවා... එවගේ සෞඛ්‍ය තත්ත්වයකින් ඔහු අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ තනතුරක් ගන්නේ කොහොමද? ”
"හස්කියන් රැකබලා ගන්න එක." ෂ්‍යාඕ චියේ තේ සියල්ල ම එකවර පානය කළේ ය. “ආබාධිතයන් ශ්‍රමික වැඩ මග හැරීමට උත්සුක වෙනවා. ඔහු නිසැකවම රැකියාව අතරතුර රොටි ගැනීමට කැමති ආකාරයේ පුද්ගලයෙක්. ”
එක්වරම ඔහුට කිවිසුමක් පිටවිය. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇත්දැයි හිතමින් ඔහු මද වේලාවක් අන්ධකාරයේ වාඩි විය.
හදිසියේම, දොර තල්ලු වී, කැරකෙන රූපයක් ඇතුළට පැමිණියේය. ෂී හොංෂුආන් ඔහු ඇතුළු වූ මොහොතේ පුදුමයෙන් පුදුමයට පත් විය. “මේ තැන අනිවාර්යයෙන්ම හොඳයි. අධිරාජ්‍ය ආරක්ෂකයින්ට පවා එය තේරුම් ගැනීමට නොහැකි වේවි"
හිස පිටුපසට හරවා නොගෙන ශෙන් ස'චුආන් පැවසුවේ ය “කිසිවෙකුට කුලියට දීමට අවශ්‍ය නැති මළුවක් සහිත අබලන් වූ නිවසක් විතරයි. ඒක තමයි ඒකේ තියෙන එකම හොඳ දේ.”
"නමුත් මේක ඔබේ අතට ගන්න එක පහසු නැහැ." ෂී හොංෂුඅන් ඔහුගේ දෑත් අතුල්ලමින් වාඩි විය. ඔහු ශෙන් ස'චුආන් දෙස බැලීය. “හිටපු අධිරාජ්‍යයා ඔටුන්න හිමි කුමරුට ප්රදානය කළ පැරණි මළුව මේකයි.පස්සෙ ඔහු එ්ක චී හුයිලියන් ට ප්රදානය කළා. ඒක චී හුයිලියන් ගේ මරණයෙන් පස්සෙ විකුණුවා. ඔබ එය අතට ගත්තේ කොහොමද? ”
ෂී හොංෂුආන් සමඟ මොහොතකට අර්ථවත් බැල්මක් හුවමාරු කර ගත් ශෙන් ස'චුආන් තේ පානය කළේය.
ෂී හොංෂුඅන් කඩිමුඩියේ තම අත ඔසවා, “බලන්න මගේ මේ ලාභ කට, හැම විටම අනුන්ගේ පසුබිම්වලට එබී බලනවා. පැන් රුගුයි ගැහුවා කියලා මට කලින් මෙහේ එනකොට ආරංචි වුණා. ඔබේ මේ ක්‍රියාව ඇත්තෙන්ම සතුටට කරුණක්.”
"වහල් ස්වාමී ෂී කියන්නේ පුහුණු අංශ අටේ ප්‍රධාන අණදෙන නිලධාරියා." ශෙන් ස'චුආන් පැවසීය. “මෙම සිද්ධියෙන් පස්සෙ, ඔහු අධිරාජිනියගේ සැකය අවුස්සනවා. ඉදිරි දිනවලදී ඔහුගේ ජීවිතය පහසු නොවේවි.
"ෂී ගූ'අන් අමාරු නම් මට හොඳක් දැනෙනවා." ෂී හොංෂුආන් ඔහුගේ මාංසමය අත්ල මේසය මත තබා මෙසේ පැවසීය: “අධිරාජ්‍ය උසාවියේ ප්‍රධාන පුද්ගලයින් වචනයක් කියන තෙක් බලා සිටීම වෙනුවට, පූර්වගාමී පියවරක් ලෙස අපි සිසුන්ට එය ප්‍රථමයෙන් කරවගන්න පුළුවන්. මේ සිද්ධියෙන් පස්සේ ඔබ ඇත්තටම නිදහස් වෙලා කියලා කියන්න පුළුවන්.”
ශෙන් ස'චුආන් කෑම කූරු ගෙන නිර්මාංශ ආහාර කිහිපයක් අතට ගත්තේය, “පොඩි උපක්‍රමයක්. දෙවෙනි තරුණ ස්වාමියා ඉදිරියේ මම මටම උපහාසයක් කරගත්තා."
ෂී හොංෂුආන් ශෙන් ස'චුආන් ඔහුගේ කෑම කූරු ස්පර්ශ කිරීමට පෙර ආහාර ගන්නා අයුරු බලා සිටියේය. ඔහු පැවසුවේ “ඔබ ඉස්සරහට කුමක් ද කරන්නේ?”
"අධිරාජ්‍ය ආරක්ෂකයෙක් වෙන්න උත්සහ කරනවා." ශෙන් ස'චුආන් පැවසුවේ ය, “ජී ලෙයි කියන්නේ පැණි රැගුයි ගේ දේව පුත්‍රයා ෂී ගු'අන් දිවුරුම් දුන් සහෝදරයා. ඔබට ෂී ගූ'අන් මරා දාන්න ඕනේ, නමුත් ඔබ ජි ලෙයි ව පසුකර යන්නේ කොහොමද? ඔබත් මමත් ඔවුන්ගේ ජීවිත අප අතර බෙදාගෙන ඔවුන්ට ජීවිතයට හොඳ මිතුරන් වීමට ඉඩ නොදෙන්නේ ඇයි? ”
ෂී හොංෂුආන් මොහොතකට සිනහ විය. ඔහු මේසයට හේත්තු වී ශෙන් ස'චුඇන්ගෙන් ඇසීය “ජි ලෙයි සමඟ ඔබට තියෙන අමනාපය මොකක්ද?”
ශෙන් ස'චුආන් සිචුවාන් ගම්මිරිස් ඉවත් කළේය. ඔහු ඇසිපිය නොහෙලා සිටියේ ය, “ඔහු පැළඳ සිටින සපත්තුවලට මම කැමති නැහැ”
අර්ථ පැහැදිලි කිරීම
罗汉床 ලුඕහාන් එහෙම නැත්තං අර්හත් ඇද කියන්නේ පුටුවක් විදිහටත් ඇඳක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. චෙස් දාම් වගේ දේවල් දෙන්නෙක්ට ඉදගෙන ක්‍රීඩා කරන්නත් පුළුවන්.
පැසුණු කිරි , වර්තමානේ යෝගට් වගේ ජාතියක්
花椒 සිචුආන් ගම්මිරිස් කියන්නේ චීනෙ බහුලව කෑම රසකරන්න සාන හොඳ රසකාරයක් වගේම කුළුබඩුවක්. ස'චුඇන් එක්ක සම්බන්ධයක් නැ හොඳෙ 😂
Comments
Post a Comment