ටික වේලාවකට පසු සුළඟ වැඩි වූ අතර වර්ෂාව ඇද හැලුණි.
ෂ්‍යාඕ චීයේ වර්ෂාව නොතකා අශ්වයා ඒ මතින් මෙහෙයවිය. ඔහු ඉම්පීරියල් විද්‍යාලයට පැමිණියේ ඒ මොහාතේදීම ගාඕ ශොංශෟන් හිස ඔසවා හඬ නගනු ඇසීමෙනි ය.
"ද්‍රෝහියාට මරණ දණ්ඩනය නොදෙන තාක් මහජන කෝපය සංසිඳෙනු ඇත!"
පිටුපස සිටි සිසුන් එක හඬින් දෝංකාර දුන්හ. "ද්‍රෝහියාට මරණ දණ්ඩනය නොදෙන තාක් මහජන කෝපය සංසිඳෙනු ඇත!"
සිසුන්ගේ වස්ත්‍ර සහ හිසකෙස් තෙත් කරමින් වර්ෂාව පොළොවට විසිරී ගියේය.
ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා පාලනය කළ අතර අශ්වයා එම ස්ථානයේම තම කුර පාගා දැමීය. ඔහු ඔවුන් දෙස මොහොතක් බලා සිට, පසුව උස් හඬින් පැවසීය
, “ඔබ කලින් මොනවද කළේ? එදා ජීවත්වුණ ඒ අවසන් පුුරුක අගනුවරට ගෙන්වපු වෙලාවේ ත මෙතන ඉන්න මහත්වරු ඔබලා හැමෝම ඔබේ නඩුව පවසමින් දණ ගැහුවා නම් අද වෙනකම් ඔහු ජීවත් වෙන්නේ නැහැ.”
ගාඕ ෂොංෂියොං ගේ පපුව ගැහෙන්නට විය. ඔහු පැවසුවේ ය. “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි , ඔවුන් පවසන විදිහට, වෙනදාට වඩා ප්‍රමාද වීම හොඳයි. මේ දිවි ගලවා ගත්ත නො තවමත් ඉන්නේ මුල් අඩියේ, ඔහු තවමත් ඔහුගේ පියාපත් විහිදුවා නැහැ. උතුමාණන් ඔහුගේ නියෝගය ඉල්ලා අස්කර ගත්තොත් , ඔහුට දැඩි ලෙස කටයුතු කරන්නත් කැමති වෙනවනම්, ඒක චොංබෞ වල විශ්වාසවන්ත ආත්මයන්ට සැනසීමක් වේවි!!"
" ස්වර්ගයේ පුත්‍රයාගේ අධිරාජ්‍ය ආඥාව අවලංගු කරන්න කිසිසේත්ම හේතුවක් නැහැ ."
ෂ්යාඔ චීයේ කිවේ ය.
“දණ ගහලා, ඔබ ඔහුගේ ආඥාව අවලංගු කරන ලෙස උතුමාණන්ගෙන් අයැද සිටිනවා නෙමෙයි , ඔහුට බල කරනවා. මෙහි ඉන්න හැම විද්වතෙක්ම ලෝකයට වැඩදායක අය. ඔබේ අභියාචනය කරන්න ඔබට භාවිත කළ හැකි ක්‍රම සියයක් වුනත් තියෙනවා, ඒ නිසා ඒවගේ නුවණැති පියවරක් ගන්න බල කරන්නේ ඇයි?
"උතුමාණෙනි." ගාඕ ෂොංශියොං හිස ඔසවා බැලුවේය. “සිත්තරුන් ඝෝෂා කිරීම්වලදී මිය යනවා අපිපත් ගන්නා පුද්ගලයින් සයන් වලදී මියයනවා. අධිරාජ්‍යයා මඩ ගොහොරුවක එරිලා කටයුතු කරනවා, රැවටෙන හැටි අපට අසරණව බලා ඉන්න සිදුවුනොත් අපි ආප් විශ්වාසයන් මත මියයන්නේ අධිරාජ්‍යයාගෙ සඳලුතලය රුධිරයෙන් තෙත් කරමිනුයි! ”
ෂ්‍යාඕ චීයේ පැවසන්නට විය, “හැම අවස්ථාවකදීම මරණ තර්ජනය භාවිතා කරන එක. ඉස්සර ඉදන්ම හැම සාමාන්‍ය සේවකයක්ට ම හැකියාව තියෙන්නෙ එච්චර ද?
වර්ෂාව උත්සන්න විය. සිසුන් නොසැලී සිටියහ.
ෂ්‍යාඕ චීයේ ගාඔ ෂොංශියොං ගේ අසලට ගොස් ඇණ තබාගත්තේ ය . මහ වර්ෂාව දිය ඇල්ලක් සේ ඇද හැළුණි. ඔහු නැමී ඇසුවේය.
"උසිගන්වන්නා කවුද?"
මහත් අධිෂ්ඨානශීලී බැල්මකින්, ගාඕ ෂොංශියොං පැවසුවේ ය, "මගේ පරමාධිපත්‍යයට මගේ පක්ෂපාතිත්වය තමයි මාව තල්ලු කරන්නේ!"
හුස්ම පිටකරමින් ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “මම හිතන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, ඔබට පිටස්තරයෙකු ආරක්ෂා කිරීමට අවශ්‍ය නම්, ඔබට පුළුවන්. අද රාත්‍රියේ ඔබේ ක්‍රියාව නිසා ඔබ පිටුපසින් සිටින තුන්දහසක් සහෝදර සිසුන්ට සම්බන්ධ වෙලා. අධිරාජ්‍යයා කෝපයට පත් වෙලා අද රාත්‍රිය ලේ වැගිරීමක් බවට පත් කළහොත්, ඔබ ෂෙන් වංශයේ අවසන් උරුමකරුට වඩා වෙනස් නොවේව් - ඔබ සියලු දෙනාම යුග ගණනාවක් පුරා හෙළා දකින පව්කාරයන් වේව්. ඒවගේම භයානකම දෙය මේක නෙමෙයි
. නරකම දෙය තමයි, ඔබේ හිස කඳින් වෙන් වුනත්, ඔහුගේ ආඥාව අවලංගු කරන්න උතුමාණන් තවමත් අකමැති වෙන එකයි. අවුරුදු දොළහක් දුෂ්කරතා මැද ඔබ ඉගෙනීම දිගටම කරගෙන ගියේ අනෙකෙකුගේ ජරා වැඩ කරන්න විතරයි ද? ”
ගාඔ ෂොංශියොං ඔහුගේ අත ඔසවා ඔහුගේ මුහුණේ වු වර්ෂා ජලය පිස දැමුවේය. ඔහු පැවසුවේ,
“මම කරන්නේ පක්ෂපාතිත්වය සහ ධර්මිෂ්ඨකම පිළිබඳ කාරණයක්. ඒක ෂෙන් වංශයේ ද්‍රෝහී ක්‍රියාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය! අපි තුන් දහසක්ම අද රාත්‍රියේ මෙහි මිය ගියත්, අපේ රුධිරය අධිරාජ්‍ය සඳළුතලයෙන් උතුරා ගියත්, අපි ඒ සියල්ල කරන්නේ උතුමාණන් වෙනුවෙන්!”
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “දැන් තත්ත්වය විදිහට, මාලිගාව ෂෙන් ස'චුඇන්ට තනතුර භාර ගැනීම සඳහා වූ නියෝගය ඉල්ලා අස්කර නොගන්නවත් සිසුන් සතුටු කරන්නවත් අධිරාජ්‍ය ආඥාවක් යවලා නැ. මේකෙන් අධිරාජ්‍යයාගේ අභිප්‍රාය ඔබට තවමත් වැටහෙන්නේ නැද්ද?”
"හැමදාම අධිරාජ්‍යයා ඔහුගේ නියෝගය අස්කර නොගෙන ඉන්නේ නැහැ." ගාඕ ෂොංශියොං දිගටම කියා සිටියේ ය,
"අපි කන්නේවත්, නැගිටින්නේවත්, පසුබසින්නේවත් නැහැ!"
ගිගුරුම් සහිත වැස්ස ඝෝෂාකාරී විය. ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෙපයින් නැඟී සිටියේය. චෙන් යැංට ඔහු වෙනුවෙන් කුඩයක් ඉහලීමට අවශ්‍ය වූ නමුත් ඔහු ඔහුව නැවැත්වීමට අත එසවීය. ඔහුගේ වස්ත්‍රයෙන් වර්ෂා ජලය කාන්දු විය. ඔහුගේ ඉනේ එල්ලා තිබූ රාජකාරී අවසර පතෙන් පවා වතුර බිංදු ගලමින් තිබුණි.
"ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිතුමනි." චෙන් යැං එක්වරම සිහින් හඬින් කතා කළේය. " අධිරාජ්‍ය ආරක්ෂකයින් මෙතනට ඇවිත්!"
ෂ්‍යාඕ චීයේ වර්ෂාව අතරින් හිස පිටුපසට හැරවූ අකර ච්‍යාඕ ත්‍යැන්යා තම අශ්වයා පිට පැමිණ සිටිනු දුටුවේය. දෙවැන්නා බැස ගොස් ඔහුට ආචාර කරමින් දුර සිට ඔහුගේ දෑත් එකට අල්ලා ගත්තේය.
රතු අශ්වාරෝහක හමුදාව දැකීමෙන් සිසුන් අතර හදිසි කලබලයක් ඇති විය.
“මෙය ගැටලූකාරී ප්‍රශ්නයක්. ඒ ගැන ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිට කරදර කරන ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ.” ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ අසිපත අල්ලාගෙන සිනාසුණේ ය. “මෙතන ඉලක්කය වෙන්නේ අධිරාජ්‍ය ආරක්ෂකයෙකුයි. ඒ නිසා ස්වාභාවිකවම, අධිරාජ්‍ය ආරක්ෂකයින් යෙන අපි විසින්ම ඒක විසඳා ගන්න ඕනේ."
"විසඳන්න." ෂ්‍යාඕ චීයේ ඔහුගේ අත නොසැලකිලිමත් ලෙස ඔසවා ච්‍යාඕ ත්‍යැන්යා ගේ උරහිස මත තැබුවේය. ඔහු පැවසුවේ ය. “මොන විදිහට ද විනිසුරුතුමාට මේ ප්රශ්නය විසඳන්න ඕනෙ? ඔවුන් නිරායුධ සිසුන් පිරිසක් විතරයි; ඔවුන් සම්බන්ධයෙන් අධිරාජ්‍ය ආරක්ෂකයින්ට කරදර වෙන්නත් අවශ්‍ය නැහැ"
"අධිරාජයා තමයි චූදු වල ඉහළම අධිකාරිය ." ච්‍යාඕ ත්‍යැන්යා ඔහු දෙස බැලුවේ ඇසිල්ලෙනි. "උතුමාණන්ගේ අණ නොතකා හරින්න තරම් ධෛර්යය ඇති ඕනේ ම අයෙක් රාජකීය ආරක්ෂකයන් ගේ සතුරෙක් තමයි".
ෂ්‍යාඕ චීයේ ඔහුගේ දෑස් දෙස බැලුවේය. මොහොතකට පසු දෙදෙනාම සිනාසෙන්නට වූහ.
"මගේ කොල්ලෝ." ෂ්‍යාඕ චීයේ පැවසීය. "ඔබ නිර්භීතයි."
"හරිම සීතලයි, වහිනවා." ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ අසිපත මත ග්‍රහණය තද කරගනිමින්, "මම ඔබව නැවත ඔබේ නිවසට කැඳවාගෙන යාමට කෙනෙකු එවන්නම්" යැයි පැවසීය.
"මම දැන් ටිකකට කලිනුයි ආවේ" ෂ්‍යාඕ චීයේ ගේ අත ච්‍යාඕ ත්‍යැන්යා ගේ අසිපත අල්ලාගෙන සිටි අතෙහි උරහිස මත රැදී තිබුණි. “තව ටිකක් හිටියට කමක් නෑ” යැයි ඔහු පවසද්දි ඔහු සිනහසෙමින් එලෙසම සිටින්නට විය.
ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ, “මේ කාරණය දුෂ්කර එකක්. ජලය අපවිත්‍ර කරන්නේ ඇයි?”
ෂ්‍යාඕ චීයේ පැවසුවේ, “හරියටම එය හැසිරවීමට අපහසු නිසා අපිට ඒවා එක්වරම ඉවත් කරන්න බැහැ. මේ සිසුන් හැමෝම රාජ්‍යයේ විශිෂ්ට බුද්ධිමතුන්. එහෙම කෙනෙක් අඩු උනොත් අපි කාටවත් ඒකෙ වගකීම ගන්න බෑ.”
පිටුපසින් තම අශ්වයා පිට නැඟී සිටි පුද්ගලයා සිහින් අත් සහිත පළල් ඇඳුමකින් සැරසී සිටියේය. ඔහු අසිපතක් රැගෙනවිත් තිබුණේ නැත. රාජකීය ආරක්ෂකයන් පිරිස අතර ඔහු විෂේශ ලෙස කැපී පෙනුණි.
ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ අසිපත මත ඔහුගේ ග්‍රහණය ලිහිල් කර, "ලන්ජෞ, මෙහෙ එන්න" යැයි කෑගැසුවේ ය.
ශෙන් ස’චුආන් හැරී ෂ්‍යාඕ චීයේ සමග බැල්මක් හුවමාරු කර ගත්තේය.
ච්‍යාඕ ත්‍යැන්යා විවේකීව ෂ්‍යාඕ චීයේ ගේ අත ඉවතට ගෙන, “ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවිගේ කනස්සල්ල වලංගුයි. කොහොමවුනත්, අධිරාජ්‍ය ආරක්ෂකයින් විදිහට අපි රුකියා වලින් මාර්ගය හදාගන්න විදිහ දන්නෙ නැහැ. මගේ පැත්තෙන් තවත් වැඩපිළිවෙලක් තියෙනවා. තව ටික වෙලාවක අධිරාජයාගේ නියෝගය එයි... ඔහ්. දෙන්නම පරණ යාළුවෝ නේද? ලන්ජෞ, ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා සෙනෙවි සමඟ මොහොතකට මෙතන ඉන්න. ඔහු බය වෙලා.”
ශෙන් ස'චුආන් තම දැන් එකතු කර වර්ෂාවේ කෙමෙන සිසුන් දෙස බැලුවේ ය.
ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා, "ඔබේ රාජකාරි අවසරපත ඉතා ඉක්මනින් ගලවන්න වෙලා වගේ"
ශෙන් ස’චුආන් ද, "දෙවන තරුණ ස්වාමියා ගේ රාජකාරි අවසරපත ඉතා ඉක්මනින් ආපසු ලැබිලා."
ෂ්‍යාඕ චීයේ ගේ ප්‍රකාශය සීතල වූ නමුත් ඔහු සිනාසෙමින් පැවසුවේ ය. “ඔබ මේ කාරණයේ දි ඉලක්කය වෙලා බව පේනවා, නමුත් ඇත්තටම සැබෑ ඉලක්කය තමයි මාලිගාව. ඉතින් කොහොමද ඒක? ඊයේ ඔබේ ජයග්‍රහණ ඉතා අල්පයි තමයි, ඔබ ඔබේ කූඩුවෙන් එළියට එන මොහොතේම ඔබට කරදර ඇති කරන එක හරිද? ”
ශෙන් ස’චුආන් ඔහුගේ හිස මඳක් ඇල කර පිරිසිදු, කරුණාවන්ත ඇස්වලින් ඔහු දෙස බැලුවේය. ඔහු පැවසුවේ “දෙවෙනි තරුණ ස්වාමියා මා ගැන ඕනෑවට වඩා හිතනවා. දේවල් අවුස්සන්න මට හැකියාවක් තියෙන්න බැහැනේ? ඉලක්කය මාලිගාව නිසා, මට වඩා හොඳට දෙවන තරුණ ස්වාමියා දන්නෙ නැද්ද උතුමාණන් ගේ පැත්තේ හුැා වංශය මේකෙන් කඩා වැටෙනවා කියලා ?
ෂ්‍යාඕ චීයේ පැවසුවේ ය, “ඔබ අදහස් කරන දේ මට තේරෙන්නේ නැහැ. වටේ යන ප්‍රශ්න මගේ අවබෝධ පරාසයෙන් වෙනස්. ”
ශෙන් ස’චුආන් ඔහු දෙස සිනාසෙමින් බැලුවේ ය, “අපි පරණ හඳුනන අය; ඔබ මා සමඟ උත්සවයට යන්න ඕනේ නැහැ.
ෂ්‍යාඕ චීයේ ඔහුට පිළිතුරු දෙනවා වෙනුවට ඒ වෙනුවට, ඔහු ෂෙන් ස'චුඇන්ගේ රාජකාරී අවසරපත
ගෙන ඇඟිල්ලකින් එසවීය. ඔහු පැවසුවේ ය. “ගෘහස්ථ ඇත් කාර්යාලය හොඳ තැනක්. ඔබ සතුටින් ඉන්න ඇති නේද?"
"මම." ශෙන් ස’චුආන් පැවසුවේ, “වන සතුන් හීලෑ කිරීම සම්බන්ධයෙන් මට අත්දැකීම් ටිකක් තිබෙනවා.”
"ඇත්ත වශයෙන්ම අත්දැකීමක් නැහැ." ෂ්යාඔ චීයේ පැවසීය. "ඒක ගැඹුරු සාකච්ඡාවක් විතරයි."
"මම එක එහෙම කියන්න තරම් නිර්භීත වෙන්නේ කොහොමද?" ශෙන් ස’චුආන් මෘදු ලෙස කැස්සක් ඇති කරමින් පැවසුවේ, “සාකච්ඡා බිඳ වැටුණොත්, මට තවත් පහරක් ලැබුණොත්, මගේ පෙර උත්සාහයන් සියල්ල අපතේ යනවනේ?”
"එහෙනම් ඔබේ දත් පාවිච්චි කරන්න." ෂ්යාඔ චියේ චෙන් යැංගේ අතින් කුඩය ගෙන ඔහුගේ හිසට ඉහළින් තබා ගත්තේය. ඒත් සමගම ඔහු ශෙන් ස'චුඇන්ව අවහිර කරමින් “ඔබට තියුණු දිවක් සහ දක්ෂ මුවක් තියෙනවා නේද? ඉතින් ඔබ බිය වෙන්නේ මොකට ද? ”
"මට මගේ ජීවිතය වටිනවා." ශෙන් ස’චුආන් හැඟීම්බරව මෙන් සුසුම්ලමින් කීවේ ය.
“ඔවුන් පැවසූ විදිහට, අවශ්‍ය අවස්ථාවලදී ලැබුණ ජල බිඳුවක කරුණාව, ගලා යන උල්පතක් වගේ ගූණනය කරලා ආපසු ගෙවන්න ඕනේ. දෙවන තරුණ ස්වාමියාට ආපසු ගෙවීමට මා කැමති විදි තවත් බොහෝ ප්‍රමාණයක් තියෙනවා."
"ඔබට වැරදි පුද්ගලයෙක්වත් හමුවුණාද?" ෂ්යාඔ චීයේ සමච්චල් කළේය.
"ඒක වෙන්න බෑ." ශෙන් ස’චුආන් ෂ්‍යාඕ චීයේ දෙස බලා සන්සුන්ව ඔහුට පැවසුවේ ය, "මම ඔබව හඳුනනවා" යනුවෙනි.
"හොඳයි එහෙනම්." ෂ්යාඔ චීයේ ඔහු දෙස ද විමසිල්ලෙන් බලා, “මමත් ඔබට කොච්චර ණයයිද කියලා බලන්න ඕන” යැයි කීවේය.
කුඩයෙන් පිටත හඬ කපා හැරියේය. දෙදෙනාම උරෙන් උර ගැටුණු විට ඔවුන් අතර උස වෙනස පැහැදිලි ව පෙනුනි.
"ඇත්ත වශයෙන්ම, ඔබට මේ කාරණයෙන් ඉවත්වෙලා ඉන්න ක්‍රමයක් නැහැ." ෂ්යාඔ චීයේ වර්ෂාවේ සිටි සිසුන් දෙස බලා සිටියේය. "අද රාත්‍රියේ යමෙක් මිය ගියහොත්, ස්වාභාවිකවම ඔබට වරද පටවන කෙනෙක් ඉඳිවි"
“අසාධාරණ මරණ ලද ආත්මයන් හතළිස් දහසකට වඩා වැඩිත් නැහැ අඩුක් නැහැ.” ශෙන් ස'චුආන් එයටම එකතු කඵේ ය. “ඔවුන් මරණයට බිය නම්, ඇයි තවත් කෙනෙකුගේ ආයුධයක් වෙන්නේ? කවුරුහරි මට මේක පටවන්න හැදුවත්, ඒකෙන් අදහස් වෙන්නේ මම වරද පිළිගත යුතුයි කියලා නෙමෙයි ද?"
දෙදෙනාම නැවතත් නිහඬ වූහ.
ච්‍යාඕ ත්‍යැන්යා මඩුව යට වාඩි වී කොමඩු ඇට සපා වීසි කළේ ය. වෙලාව ආසන්න බව දුටු ඔහු තම වස්ත්‍රයෙන් බීජ ගසා දමා දෙපයින් නැඟී සිටියේය. නිසැකවම, රාත්‍රියේ වර්ණ මැද ඔවුන් දෙසට එන ගමන් රථයක් ඔහු දුටුවේය.
තිර රෙද්ද එසවිණි. අනපේක්ෂිත ලෙස පැන් රුගුයි පැමිණ සිටියේ ය.
කුඩා නපුංසකයා පෑන් රුගුයිට අතකින් සහය දුන් අතර ජි ලෙයි ඔහු වෙනුවෙන් කුඩයක් ඔසවාගෙන පසෙකින් සිටියේ ය. කොටියෙක්, මුගටියෙක්, සහිත වස්ත්‍රයක් ඇඳ මැන්ඩරින් වර්ග හයක් සහ හිස් වැස්මක් ඔහුගේ හිස මත තිබුණි, පැන් රෑගුයි ඔහුව සිසුන් වෙත ගෙන යාමට ච්‍යාඕ ත්‍යැන්යා හට ඉඩ දුන්නේය.
"මේක මහා නරක වැස්සක්." ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ සිනහව නවත්වාගෙන පැවසුවේ ය, “ඔවුන් ඇත්තටම අධ්‍යක්ෂකවරයා විදිහට ඔබව එව්වේ අපිට කරුණාව දක්වන්නයි..”
පැන් රෑගුයි ලාඕ ෂොංශියොං දෙස විමසිල්ලෙන් බලා ච්‍යාඕ ත්‍යැන්යා ගෙන් අසන්නට විය, “ඔහු පසුබසින්නේ නැද්ද?”
ච්‍යාඕ ත්‍යැන්යා පිළිතුරු දුන්නේ, “විශාරදයෝ සියල්ලෝම මෝඩ ඔළු ඇති අය. ඔවුන් කැරට් අලයට පෙළඹෙන්නෙවත්, පොල්ලෙන් ඇහිබැමවලට පහර දෙන්නේවත් නැහැ!
"එහෙනම්, මට බය සැරයටිය අමාරු නැතුව ඇතිද කියලා." පෑන් රුගුයිට ඊයේ ඔහුගේ දකුණු අත අහිමි වූ අතර, ඔහුගේ කෝපය පිට කිරීමට ඔහුට ක්‍රමයක් නොතිබුණි. කුඩා නපුංසකයා ඔහුට සහාය වීමත් සමඟ ඔහු ගාඕ ෂොන්ශියොං ඉදිරියේ පෙනී සිටියේය.
“ඔබ හැමෝම සම්භාව්‍ය හා සාහිත්‍යය හොඳින් කියවා ඇති පුද්ගලයොයි. එහෙනම් ඇයි ඔබට වටහාගන්න බැරි ඔබේ වචන "රාංකාරි මට්ටමට" ඉක්මවා යනවා කියලා? අධිරාජ්‍ය අධිකරණයේ කටයුතු අධිරාජ්‍ය අධිකරණයේදීම සාකච්ඡා කරන්න නියමිතයි. තාමත් කිසිම අත්දැකීමක් නැති තමුන්ලා වගේ අයට මේක තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි!”
හුආ වංශයේ මේ සුප්‍රසිද්ධ ගෝලයා දුටු ගාඕ ෂොංශියොං කොන්ද කෙළින් කරගනිමින්,
“සෑම මනුස්සයෙක්ටම තම රට වෙනුවෙන් යුතුකමක් තියෙනවා. රාජකීය විද්‍යාලයේ සිසුන්ට ස්වෛරීවරයාගෙන් දීමනාවක් ලැබෙන නිසා, ඔවුන් ඔහුට පක්ෂපාතීව සේවය කරන්න ඕනේ! ද්‍රෝහී මැඩියන් දැන් අධිරාජ්‍යයා වටේටම ඉන්නවා. අපි තවමත් එසේ නොකළහොත් ... "
"ද්‍රෝහී මැඬියො!" පෑන් රුගුයි ශීතල ලෙස සිනහවුණි. “ඒක කියන්න කොයිතරම් හොද විදිහක් ද! අධිරාජ්‍ය උසාවියට මඩ ගහන්නයි උතුමාණන්ට අපහාස කරන්නයි ඔබව පොළඹවා ගත්තේ කවුද?
“පක්ෂපාතී...”
"ජරාව ඉවත්කරලා දාන්න." පැන් රෑගුයි හදිසියේම අණ කළේය, “ඔබ වෛරීසහගත චේතනා ඇති අයගේ බලගැන්වීම් මත ක්‍රියා කරලා අධිරාජ්‍ය ආඥාව ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කෙරුවා. අධිරාජ්‍ය අධිකරණයට සහ ජනතාවට මඩ ගැසීමට ඔබ ඔබේ පිරිස උසිගැන්නුවා. මේ පුද්ගලයට දඩුවම් නොදුන්නොත් නීතියෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? පුරුෂයෙනි, ඔහුව පහතට ගන්න!
ගාඕ ෂොංශියොං කිසිවිටෙකත් අපේක්ෂා නොකළේ පෑන් රුගුයි අන් අයව අසීමිත ලෙස පහත හෙළීමට තරම් නිර්භීත වනු ඇති බවයි. ඔහු වැස්සට තෙමෙමින්,
“කවුද එඩිතර වෙන්නේ? රාජකීය විද්‍යාලයේ ඉගෙනීමට මම තෝරා ගත්තේ උතුමාණෙනි! දුෂ්ඨයා අප ඉදිරියේ ඉන්න අතරේ තමුන්ලා රාජ්‍යය අනතුරේ හෙළනවා! වැන්දඹු අධිරාජිනිය රාජ්‍ය කටයුතු පාලනය කරමින් පාලනය එහි නියම ස්වාමියා වෙත ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. පහත දමන්න ඕනේ ඔබ වගේ ද්‍රෝහී ඇමතිවරුයි වැරදිකරුවොයි!"
"ඔහුව ඇදගෙන යන්න!" පෑන් රුගුයි කෝපයට පත් වී සිටිනු දුටු ජි ලෙයි වහාම නින්දා සහගත ලෙස පැවසීය.
අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔහුව ඇදගෙන යාමට ඉදිරියට ගියේය. ගාඕ ෂොංශියොං ඔහුගේ දෙපයින් නැගීටීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඔහු මාලිගාව දෙසට දෑත් ඔසවා කෑගැසුවේ, “අද මගේ මරණය ඇත්තෙන්ම මරණයට ආදර්ශයක්! නපුංසකයාට මාව මරන්න ඕන නම් මරන්න ඉඩ දෙන්න! උතුමාණනි…"
ච්‍යාඕ ත්‍යැන්යා ගාඔ ෂොංශියොං ගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. හුස්ම ගැනීමට නොහැකිව දෙවැන්නා දඟලමින් කඩින් කඩ කෑ ගැසුවේය.
“උතුමාණෙනි - ද්‍රෝහී ඇමතිවරු බලයේ සිටිති. එසේ නම්, පක්ෂපාතීත්වය සහ ධර්මිෂ්ඨකමේ තේරුම කුමක්ද?! ”
ෂ්‍යාඕ චීයේ සිතින් තමාටම කියාගත්තේ ය. "අපොයි."
ඊළඟට සිදුවූයේ ඔහු බලාපොරොත්තු වූ ආකාරයටම ය. තුන්දහසක් සිසුන් අතර ශෝකය සහ කෝපය ඉහළ ගියේය. ජීවිතයට සහ මරණයට මේ මොහොතේම මෙහි ඉඩක් නොතිබුනේ මෙම තීව්ර ප්‍රමෝදයෙන් එය බලහත්කාරයෙන් නෙරපා හරින ලද බැවිනි. වැසි කුණාටුවෙන් දෙපයින් නැඟී සිටි සිසුන් අධිරාජ්‍ය ආරක්ෂකයින්ට චෝදනා කළහ.
"ආරක්ෂකයිනි රාජ්‍යය අනතුරේ!" ඔවුන් ඔවුන්ගේ ෂෝවෙන් මලු ඇද ගත්හ. ඒවා ඔවුන්ගේ ඉණෙන් ඉවත් කර පෑන් රුගුයි වෙත විසි කළහ. අමිහිරි කෑගැසීම් ඇසෙන්නට විය. “ද්‍රෝහී ඇමතිවරු බලයේ ඉන්නවා!”
ජි ලෙයි කඩිමුඩියේ පෑන් රුගුයිව ආරක්ෂා කර ඔහු පසුබැසීමට ගෙන යන විට ඔහුව ආරක්ෂා කළේය. ඔහු කෝපයෙන් ඔවුන්ට බැණ වැදුණේය, “ඔබ මොකද කරන්නේ? කැරැල්ලක් ඇති කරනවාද?!"
"ඔහු තමයි සැබෑ ජාතියේ ද්‍රෝහියා!" අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔවුන්ව වළක්වද්දී ශිෂ්‍යයෝ අධිරාජ්‍ය ආරක්ෂකයන්ට එරෙහිව පිටුපසට විය. ඔවුන්ගේ ඇඟිලි ජි ලෙයිගේ මුහුණට පහර දුන් අතර කෙල බිංදු ඔවුන් දෙසට වීසි විය. “ද්‍රෝහියා! ද්‍රෝහියා!”
ෂ්‍යාඕ චීයේ වේගයෙන් කුඩය ශෙන් ස’චුආන් වෙත විසි කර ඉක්මනින් පඩිපෙළ බැස ගියේය.
ශෙන් ස'චුඇන්ව උස් බිමෙහි හුදෙකලා වී ශීතලෙන් අවුල් සහගත තත්ත්වය දෙස බලා සිටියේය. පැන් රුගුයි ඔහුගේ ගමන් රථයට ආපසු ගොස් තිබු අතර, ජි ලෙට ඔහුගේ සපත්තුව පවා ගැටුමේදී අහිමි විය.
" යුධ සහෝදරත්වය තුළ කුණාටු බහුලව තියේවි ." ඈත සිට ශෙන් ස’චුආන් ජි ලෙයිට මෘදු ලෙස පැවසුවේ ය “ගෞරවනීය ජී, ඇත්තෙන්ම අපූරු දසුනක්.”
කුඩය යටින් හිනාවක් නැගුණි. ඔහු විවේකයෙන් කුඩය හරවා ෂ්‍යාඕ චීයේ ගේ පිට දෙස බැලුවේය.
මහාමාත්‍ය චී සහ ජීගැං නිහඬව වයින් සහ තේ පානය කරමින් සිටියහ.
ජි ගැං ඔහුගේ තේ පානය කර, “ෂ්‍යාඕ ෆුෂිව මරලා දාන එක චුවාන්-එර්ව එළියට දැමීමේ උපක්රමයක්ද?” .
මහාමාත්‍ය චී එය පානය කිරීම දරාගත නොහැකි වූවාක් මෙන් කුඩා වයින් උගුරක් පානය කළේ ය. ඔහු මත්පැන් බදුන ගනිමින් “කවුද දන්නේ? ඔබම අනුමාන කරන්න."
ජි ගැං ආපසු හැරී පැවසුවේ, "මොනවා වුණත්, ඔහුගේ ආරක්ෂාව තමයි වැදගත්ම"
මහාමාත්‍ය චී මත්පැන් බදුන සොලවමින් පැවසුවේය “හමුදා භටයෙකුට තම සතුරා පුදුමයට පත් කරන්න පුළුවන් අවදානම් පියවරක් අරගෙන විතරයි. ඔබ ඔහුට සටන් කලාව ඉගැන්වූයේ ඔහුට අනතුරුදායක පැය ගණනක් සන්සුන්ව ඉන්නයි. සමහර වෙලාවට ආරක්ෂාව පැත්තකින් තියන්න වෙනවා. ඔබ සැලසුම් වෙනස් කරන්න හරි පලා යන්න හරි ඉඩක් තබන්නේ නැත්තං කවුරුහරි රුකෙන්න වුවමනා නිසා මංමුලා සහගත සටනකින් ජයග්‍රහණය කරන්නත් පුළුවන්.
කනස්සල්ලට පත් ව නළල රැලි ගන්වමින් වර්ෂාව තීව්ර වන අයුරු බලා සිටි ජී ගැං, “ඔබ මට භාර දුන් කාර්යයට මම දැනටමත් නිසි විධිවිධාන සලසලා තියෙන්නෙ.”
"මේකට කියන්නේ විශාල දැල දාන්න කියලා." චී මහාමාත්‍යවරයා ඔහුගේ පාදය සීරීමට ලක් කළේය. “ඔබ දැල අදින්නට කලින් වසර කිහිපයක් ජලය විරුද්ධ ව නිර්භීතව සිටීමට ඉඩ දුන්නේ නැත්තං, එතකොට ඔබට හසුවන්නේ කුණු මාළු සහ ඉස්සන් විතරයි. මේ අතරේ ඔබයි මායි දෙන්නාගෙම ජීවිත නැතිවෙන දවසක් ආවොත් අද දවසේ වැඩපිළිවෙල ඔහුගේ ජීවිතය රකින මිනීමරු පියවර වේවි.”
අරුත් පැහැදිලි කිරීම
දෙව්ලොව පුත්‍රයා, අධිරාජයා ගැන සඳහන් කරයි. අධිරාජ්‍යයෙක් ඔහුගේ වචනය තරම්ම හොඳ කෙනෙක්, ඒ නිසා ඔවුන් ඉතා කලාතුරකින් ඔවුන් ගේ නියෝග ඉල්ලා අස්කර ගන්නේ.
缇骑tiqi ; අධිරාජ්‍ය ආරක්ෂකයන්ගේ යටත් නිලධාරියෙකි. ඔවුන් රතු නිල ඇඳුමෙන් සැරසී සිටින අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ අශ්වාරෝහක හමුදාවන් වන අතර සාමාන්‍යයෙන් නිලධාරියෙකුගේ පිරිවර හෝ පිරිවර ආරක්ෂා කරන පරිවාර වේ.
අධිරාජ්‍ය බන්ධනාගාරයේ විනිසුරුවරයා , දූෂිත නිලධාරීන් මැඩපැවැත්වීම සඳහා වධහිංසා පැමිණවීම පිළිබඳ විශේෂඥයෙක්. මිං රාජවංශ සමයේදී, අධිරාජ්‍ය ආරක්ෂකයින්ට යටත් වූ දකුණු සහ උතුරු බන්ධනාගාරයන් විය. දකුණු බන්ධනාගාරය හමුදා නීති අර්ථ නිරූපණය කිරීම සහ හමුදා ශිල්පීන් කළමනාකරණය කිරීම භාරව සිටි අතර උතුරු බන්ධනාගාරය අධිරාජ්‍යයා විසින් භාර දෙන ලද නඩු සඳහා වගකිව යුතු විය.
ජල බිඳුවක කරුණාව උල්පතකින් ගෙවිය යුතුය, එනම් කෙනෙකුට ලැබුණු වරප්‍රසාදයක් නැවත ගෙවීය යුතුය.
Comments
Post a Comment