Skip to main content

පහලොස්වන පරිච්ජේදය | කහ කුරුල්ලා


සටහන : පරිච්ජේද දහතුන, දාහතර, පහළොව යන පරිච්ජේද වල, මාතෘකා යොදා ඇත්තේ චීන ප්‍රස්ථා පිරුලකට සමගාමීවය.

පුංචි රැහැයියා (⼩蝉), වන්ඳා ( ), සහ කහ කුරුල්ලා (⻩雀) – මේ පිරුලෙන් උපුටාගෙන ඇත

 වන්දා දෙසට කුරුමානම් අල්ලමින් සිටි රැහැයියා තමා පිටුපස සිටි කහ කුරුල්ලා ගැන දැනසිටියේ නැත. ”

එනම්,

වෙනත් අයෙක් දෙසවිපරම් කරමින් සිටි තැනැත්තා තමා පිටුපස වූ භයානක අනතුර පිළිබඳ දැන සිටියේ නැත යන්නයි.

(螳螂捕蝉,⻩雀在后 | Tángláng bǔ chán,huángquè zài hòu)

පසුදා ශෙන් ස’චුආන් තම තනතුර ලබා ගැනීම සඳහා අධිරාජ්‍ය ආරක්ෂකයින් වෙත යා යුතු විය. එය එකම දෙමාපිය යුවලට දාව ෂී ගුආන්ගේ බාල සොහොයුරා වන ෂී හොංශුආන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ දිනයට සමාන විය. ඔහු චූදු හි සියලුම නැගී එන විද්වතුන්ට සහ බලාපොරොත්තු තැබීය හැකි දක්ෂයින්ට චාඔදොං මුරටැඹේදි හි ශිෂ්ඨ සම්පන්න කතිකාවතක් සඳහා ආරාධනා කර තිබුණි.

ෂී හොංශුආන් තරබාරු මිනිසෙකි. ඔහු වාඩි වූ විට, යමෙකු ඔහුට පසෙකින් උපස්ථාන කර යුතුය.විජිනියක් අල්ලාගෙන ඔහු පැවසුවේ “මේ අවුරුද්ද මේ නිහතමානී පුද්ගලයාට වාසනාවන්තයි. මට යැංචිංට ආරාධනා කරන්න නොලැබුණත්1 , මම යුඇන්ජෞට ආරාධනා කළා!"

ශුඒ ෂ්‍යුජුඕට ඔහුගේ නිල රාජකාරිවලට සහභාගී වීමට සිදු වූ නිසා ඔහුට අද පැමිණීමට නොහැකි විය. සඳහන් කළ “යුආන්ජෞ” ෂී හොන්ග්ෂුආන් වත්මන් ලේකම් කාර්යාලයේ වැඩිහිටි, හායි ලියැංයිගේ, ආදරණීය ගෝලයා වන යාඕ වෙන්යු ය. කුඩා කල සිටම මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන සිටි චූදු හි අට මහා වංශවලට අයත් වූවන් නිසා මෙම මිනිසුන් තිදෙනාට එතරම් හුරුපුරුදු ලෙස එකිනෙකා ඇමතීමට හැකි විය .

එවිටම, පබළු තිරය එසවූ අතර, මැණික් මෙන් මෘදු හා පිරිසිදු අලංකාර විද්වතෙක් ඇවිද ආවේය. ඔහු ෂාඕවන් බෑගයක් සමඟ කාක නිල්, පළල් අත් ඇති සළුවකින් සැරසී සිටියේය. ඔහුගේ ඉණ මත රාජකාරි අවසරපතක් එල්ලා තිබුණි. එය ඇසූ ඔහු මද සිනහවක් පෑවේය. විවිධ කන්ෆියුසස් විද්වතුන්ගේ උත්සවයේදි නැගී සිට පිළිගන්නා ලද්දේ . මොහොතකට සාම්ප්‍රදායික සුබපැතුම් හුවමාරු වූ හඬ නැඟෙන්නට විය.

යාඕ වෙන්යු ඔවුන් සියළු දෙනාට තම ආචාරය පුද කළේ ය.. ඔහු සියලු දෙනාටම අසුන් ගන්නා ලෙස ආරාධනා කිරීමෙන් පසුවයි ඔහු වාඩි වී ප්‍රතිචාර දැක්වූයේ, “අපි සෑම වසරකම හම්බවෙනවා. ‘දුර්ලභ පැමිණීම’ යන වචන දෙකට මම සුදුසු වන්නේ කොහොමද?”

ඔහු කෙතරම් නිහතමානී වුවත් පැමිණ සිටි කිසිවෙක් ඔහුව හෑල්ලු කිරීමට එඩිතර වූයේ නැත. මක්නිසාද යත් යාඕ වෙන්යූ ඔහුගේ මුල් අවදියේ චූදු වල ළමා වයසේදිම දස්කම් පෑ හෙයිනි. ඔහු වයස අවුරුදු අටේදී කවි රචනා කළ අතර ප්‍රශස්ති ගායනා කළේය සහ ගද්‍ය විරිත් දොළහට අනුව ගයන ලද්දේ ය. ඔහු තම අත්ලෙහි රඳවාගෙන සිටි යාඕ වංශයේ පැරණි අත්පොතක් ද විය. ඔහුගේ දක්ෂතා පිරිහීමට ඉඩ නොතබනු පිණිස, ඔහු තම ගුරුවරයා ලෙස හායි ලියැංයී තබා ගත්තේ ය. හයි ලියැංයී ස්වභාවයෙන්ම, නම්‍යශීලී සහ දැඩි විය. අද දක්වාම ඔහුට සිටියේ එක් සිසුවෙකු පමණි - ඔහු ද ඉතා අගය කළ අයෙකි.

පුංචි කතා බහෙන් පසු වත්මන් තත්ත්වය ගැන කතා කරන්නට විය.

ෂි හොංෂුඅන් ඔහුගේ අත වනමින් ඔහුව විජිනිපත සැලීම නවත්වන ලෙස ඔහුගේ සේවකයාට සංඥා කරමින් පැවසුවේ ය, “ඇත්තෙන්ම චූදු වල අමුතු දෙයක් සිදුවෙමින් පවතිනවා . මීට වසර පහකට කලින් දඬුවමට බියෙන් සියදිවි නසාගත් ජියැංෂින් කුමරු ෂෙන් වෙයි ව විවිධ සහෝදරයන්ට තවමත් මතකයි නේද ”

සතුරන් සමඟ හවුල් වෙලා සටන් නොකර ඉවත් වූ අධමයා!” පේළියේ වාඩි වී සිටි ඔවුන්ගෙන් එක් අයෙක් කෙළින් වී මෙසේ කීවේය." ඔහුගේ මුළු පවුලම මියගියත් ඇති වෙන්නේ නැහැ. ශේන් වංශයේ ඉතිරිව සිටින අවසන් සාමාජිකයාගේ ජීවිතය පමණක් ඉතිරි කරන්න තරම් මහෝත්තමයාණන් කරුණාවන්ත වීම කණගාටුවට කරුණක්. අද උදේ මට ආරංචි වුණා ඔහු නිදහස් වෙලා කියලා. ෂෙන් වෙයිගේ අපරාධය පිළිබඳ සාක්ෂි තීරණාත්මක යි. හමුදාව පරාජයට පත් කරපු අපරාධ නිලධාරියෙකුගේ පුතෙක් විදිහට, ඔහු තනතුරක් ගන්නේ කොහොමද? සතර දිශාවෙම ඉන්න විද්වත් ජනතාව මේකට එකඟවේවි කියලා ඔහු හිතුවෙ කොහොමද?!”

"අනිවාර්යයෙන්ම." ෂි හොංෂුආන් පැවසුවේ ය, “මේක සිද්ධ වෙන්නේ කොහොමද? එවැනි පූර්වාදර්ශයක් මීට පෙර තිබුණේ නැහැ නේ.”

"බොහෝ දුරට වෙන්න ඇත්තේ , උතුමාණන් ට ඔහුව ආරක්ෂා කරන්න වුවමනා වුණ නිසා වෙන්න ඇති." තවත් අයෙක් පවසන්න ට විය, “මේ ඉතිරි සාමාජිකයා හුවා වංශය සමඟ යම් සම්බන්ධයක් තියෙන බව මම බොහෝ කලක ඉදලා අහලා තියෙනවා. නමුත් රාජ්‍ය නීතිවලට වඩා පෞද්ගලික සබඳතා තියෙන්නෙ කොහොමද? මේක නීතියම උල්ලංඝනය කිරීමක් නෙමෙයිද?”

ෂී හොංෂුාන් සුසුම් හෙලීය. "මෙය පූර්වාදර්ශයක් වේවි ඉස්සරහා අයටත්, එය අපරාධවලට වැරදිකරුවන් වූ නිලධාරීන්ගේ අනාගත උරුමක්කාරයින්ට හොඳ අඩිතාලමක් වේවි."

මෙය වහාම කන්ෆියුසස් විද්වතුන් කලබලයට පත් කරන ලද්දේ . ෂෙන් වෙයිගේ අපරාධවල බරපතලකම නිසා ඔවුන්ට ශෙන් ස’චුආන් නිදහස් කිරීමට ඉඩ දිය නොහැකි විය.

"යුවාන්ෂුඕ සිතන්නේ කුමක්ද?"

යාඕ වෙන්යු තේ පානය කර මිත්‍රශීලීව පැවසුවේ ය. “මම ගොඩක් කාලෙකින් අගනුවරට ඇවිත් නැති නිසා මම විස්තර දන්නේ නැහැ. මම වචනයක්වත් කතා කරන තත්ත්‍වයේ නැහැ.”

ෂී හොංෂුආන් තේරුම් ගන්නට විය, “ඒක හරි. ඔබ බොහෝ විට අධ්‍යයන කටයුතු සඳහා බැහැරව සිටින නිසා, චූදු වල සිදුවන දේවල් ඔබ දන්නෙ නැහැ තමයි."

ඔවුන් අතර සිටි අයෙක් කතා කළේ ය, “මෙතන ඉන්න අපි හැමෝම සම්භාව්‍ය සහ සාහිත්‍ය ගැන වැඩිපුර කියවන උගතුන් නෙමෙයි ද? අපි හැමෝම ගෞරවය හා ලැජ්ජාව ඇති මිනිස්සු, අපි හැමෝම නීතිය ගැන හොඳින් දන්නවා. අපිට කිසිවක් නොකර නිකම්ම වාඩි වෙලා ඉන්න බැහැ."

ෂි හොංෂුාන් පැවසුවේ ය, "එහෙම නම්, අපි මොනවද කරන්න ඕනේ?"

එම පුද්ගලයා පිළිතුරු දුන්නේ, “අපි හැමෝම අධිරාජ්‍ය විද්‍යාලයේ සිසුන්. මහජන හැඟීම් ඇවිස්සුවොත් මහරජතුමාට එය නැවත සලකා බැලීමට සිදුවේවි. ඔහුගේ නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, ෂෙන් වංශයේ ඉතිරිව සිටින සාමාජිකයට දැඩි දඬුවම් දෙන ලෙසත් උන්වහන්සේට ආයාචනා කරලා මිංලී ශාලාව ඉදිරිපිට දණින් වැටෙන්නේ නැත්තේ ඇයි?!"

උත්සවයේ සිටි අය අතර එකඟතාවයේ හඬ නැංවිණි. ෂී හොංෂුාන් අත්පුඩි ගසා ප්‍රශංසා කරන්නට විය, “විශිෂ්ටයි! මෙතන ඉන්න තමුන් ලා හැමෝම ඇත්තටම රටේ කුළුණු. අද මෙම දණගැස්වීම සඳහා ඔබ යුග ගණනාවක් පුරා සිහිපත් කරාවි! මේ නිහතමානී පුද්ගලයට ලැජ්ජයි. මම අධිරාජ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් නොවුණත්, ඔබ සියලු දෙනා සමඟ එකතු වීමට මම තවමත් කැමතියි."

කලින් කතා කළ කන්ෆියුසස් විද්වතා පැවසුවේ “එහෙම වෙන්නේ නැහැ. සොහොයුරැ හොංෂුාන් ගේ වැඩිමහල් සොහොයුරා අට මහා පුහුණු අංශවල අණදෙන නිලධාරියා. ඔබ මේ කාරණයට පැටලෙනවා නම්, එවිට ඔබට ඔබේ නම්බුව අහිමි වේවි. අපි යමු විද්වතුණි!”

උත්සවය අවසන් වන විට, යාඕ වෙන්යු සාප්පු හිමියාට ප්‍රණීත සහ රසවත් මස් ආහාරයක් සාදන ලෙස පැවසීය. ඔහු බලා සිටින විට, ඔහු පහත මාලයට ගිය කන්ෆියුසස් විද්වතුන්ගේ මිමිණීම් වලට සවන් දුන්නේය.

මොකක්ද යුආන්ජෞ ඔප නොදැමු මැණිකක්? ඔහු බියගුල්ලෙක් නෙමෙයිද? කලින් ඔහු හිටපු විදිහ බලන්න. ඔහු වචනයක්වත් කියන්නට එඩිතර වුනේ නැහැ. ඔහු සොහොයුරා ගේ කරුණාවට සමාන කරන්නේ කොහොමද? ”

යාඕවෙන්යු ඔහුගේ මුවින් සිහින් සිනහවක් පිටකළේ ය. කොහොමවුනත්, ඔහු ඔවුන් සමඟ සටන් කිරීමට පියවර ගත්තේ නැත. ඔහුගේ මස් බනිසය සූදානම් කර පිටතට එන විට, විද්වතුන් අඩු වැඩි වශයෙන් විසිර ගොස් තිබුණි.

ෂී හොංෂුආන් පැවසුවේ ය, "යුවාන්ෂුඕ, මම ඔබට සුප් බදුනක් දෙන්නද?"

"නැ ස්තුතියි." යාඕ වෙන්යූඔහුගේ මාංශ ආහාරය එසැවීය. "මම ගුරු නිවාසයට යනවා."

දෙදෙනාම එකිනෙකාගෙන් සමුගත්තේ ය. ෂී හොංෂුාන් යාඕ වෙන්යූ ආපසු පිටත්ව යන දෙස බලා මොහොතක් උපහාසයෙන් යුතුව “අපි යමු” යැයි කීවේය.

අනෙක් පැත්තෙන්, ශෙන් ස’චුආන් ඒ වන විටත් අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ මළුවට පැමිණ සිටියේය. ඔහු එළිපත්ත හරහා ඇවිද ගොස් අවට සිටින සියල්ලන්ගේම අවධානය ලබා ගත්තේය. කඩිමුඩියේ සහ කාර්යබහුල වූ අධිරාජ්‍ය ආරක්ෂකයින්ගේ මුළු පිරිසටම ඔවුන් පසුකර යන විට පවා ඔහු දෙස බැලීමට සිදු විය.

ඉදිරියෙන්ම සිටියේ ග' චිංචිං ය. ඔහු ශෙන් ස’චුආන් රාජකාරි වාර්තා කාමරයට ගෙන ගොස් මෙසේ පැවසීය: “ අධිරාජ්‍ය ආරක්ෂකයින් මිනිසුන් කණ්ඩායම් හතරකට වර්ග කරනවා. පළමු කණ්ඩායම සාමාන්‍ය පවුල් වලින් තෝරා ගනු ගන්නවා.එහිදී ඔවුන්ගේ සහෝදරිය කාන්තා ගෘහ මූලිකයා' පිරිසිදු කරන මාලිගාවේ. ඒ වගේම සහෝදරයෙක් නම් අධිරාජ්‍ය හමුදාවට පැමිණ අවසරපත පලදිනවා. ඔහු සේවයෙන් නිදහස් කර ඇතත් ඔහුට වැටුපක් ගෙවන්නේ නැහැ. මෙම කණ්ඩායමේ උදාහරණයක් වන්නේ ෂ්‍යාඕ වූ. දෙවන කණ්ඩායම නම් මාලිගාවේ ගොං ගේ අනුග්‍රහය ලැබූ අයයි, ඒක 'නපුංසකයන්ගේ නිර්දේශය'. ඒකට හොඳ උදාහරණයක් තමයි සේනාධිනායකයා. තුන්වැන්න හමුදා කුටුම්භවලින් උපන් අය, තනතුරට උරුමකම් කියනවා. මම මේ සඳහා හොඳම උදාහරණයක්. සිව්වන කණ්ඩායම විවිධ ක්ෂේත්‍රවල විශේෂිත කුසලතා සහ දක්ෂතා ඇති අයයි. මේවා ඔවුන්ගේ පසුබිම් නොසලකා උතුමාණන් විසින්ම තෝරා ගත්තා. මෙම කාණ්ඩයේ පිරිමි සියල්ලම හරිම බලවත්. අනාගතයේදී ඔවුන් හමුවීමට ඔබට ස්වභාවිකවම අවස්ථාවක් ලැබේවි."

' චිංචිං කතා කරන විට, ඔහු එල්ලෙන තිරය ඔසවා ඔහුට දන්වා සිටියේ ය. "ඔබේ තනතුර ලබා ගන්න ඔබ නිල වාර්තාවල ලියාපදිංචි විය යුතු ස්ථානය තමයි මේක."

ශෙන් ස'චුආන්  ඇතුළු වූ විට, වාර්තා කාමරයේ ශබ්දය හදිසියේම නතර විය. විවිධ ඇඳුම් පැළඳුම් සහ විවිධ අධිකාරී සංකේත සහිත සියලුම අධිරාජ්‍ය ආරක්ෂකයින් ඔවුන්ගේ හිස හරවා ගත්හ. අමුතු නිහැඬියාවක් එහි ඇතිවුණි

"ශෙන් ස'චුආන්  ?" මේසය පිටුපස වාඩි වී කකුල් හරස් කර ගත් මිනිසා තමාගෙ පොත පසෙකට දමා ඔහු දෙස බැලීය. "ඒ ඔබ නේද?"

ඔහු සැහැල්ලු ඇඳුමකින් සැරසී සිටිනු ශෙන් ස'චුආන්  දුටුවේය. සහකාර ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහ ඊට ඉහළ නිලයන් නොවූ අධිරාජ්‍ය ආරක්ෂකයින් 14 දෙනෙකුට මෙම ඇඳුම ඇඳීමට අවසර නැත. එහෙයින් ඔහු මඳ සිනහවක් දී “ඒ මමයි” කියා පිළිතුරු දුන්නේය.

මේ මිනිසාගේ කොණ්ඩය ඔහුගේ නළල මත එල්ලී තිබූ අතර ඔහුගේ හිසකෙස් තවමත් පිළිවෙලට පීරා නොතිබුණි. ඔහුගේ හැසිරීම තරමක් සාම්ප්‍රදායික විය. ඔහු තම නිකට අතගා සිනාසුණේය. “නර්ථන ශිල්පිණියකුගේ පුතෙකුගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් විදිහේ සිරුරක්. එදා සුන්දරත්වයේ සිනහව දිනා ගන්න ෂෙන් වෙයිගේ අධික වියදම් අපතේ ගියේ නැහැ. චිංචිං ඔහුට අවසරපත දෙන්න.

එසේ කියමින් ඔහු ඒ වන විටත් ග' චිංචිං විසින් සූදානම් කර තිබූ අවසරපත මේසය මතට විසි කළේය.

' චිංචිං අවසර පත අල්ලා ශෙන් ස’චුආන් අතට දුන්නේය. ඔහු පැවසුවේ, “ලන්ජෞ, මේ තමයි විනිසුරුවරයා අධිරාජ්‍ය ආරක්ෂකයින් 15 ක් ඉන්නවා. ඔහු අද මෙහි විශේෂයෙන්ම පැමිණියේ ඔබට අවසරපත ලබා දීම වෙනුවෙනුයි.''

"මේ නිහතමානී සේවකයා තමයි ච්‍යාඕ ත්‍යැන්යා." යැයි පැවසු ච්‍යාඕ ත්‍යැන්යා ඔහුගේ අවසර පත බලන මෙන් සංඥා කළේ ය.

ශෙන් ස'චුආන්  අධිරාජ්‍ය අවසරපත පෙරළා නැවතත් ච්‍යාඕ ත්‍යැන්යා දෙස බැලීය.

ච්‍යාඕ ත්‍යැන්යා පැවසුවේ ය., “හීලෑ අලි ඇතුන් කාර්යාලය, ඒකනේද? ඔබ යන්නේ එතැනටයි. චිංචිං ඔබව පසුව එහි ගෙන යාවි. ඒත් මුලින් ම, මම ඔබට පැවසිය යුතු නීති කිහිපයක් තියෙනවා. අපගේ අධිරාජ්‍ය අවසරපත් අට මහා පුහුණු අංශවල අවසරපත් තරම්ම වටිනවා. ඔබේ නිවාඩු දිනවල ඔබ රාජකාරියේ නැති විට, ඔබ එය නිවැරදිව තබා ගත යුතුයි. ඔබට එය පිටස්තරයින්ට ණයට දෙන්න බැහැ. කාර්යාල දොළහ තුළ සියලු දෙනාටම රාජකාරි පැවරුවත්, ඒවා ඔබේ ප්‍රධාන කාර්යය නෙමෙයි. අපගේ කාර්යය තමයි උතුමාණන් ට සේවය කරන එක. උතුමාණන් අපිට කරන්න කියන ඕනෑම දෙයක් අපි කරනවා. කාර්යාල දොළහේ පැවරුම් හැරුණු විට, අපට 'ඇස් සහ කන්' විදිහට සේවය කරන්නත් සිද්ධවෙනවා. වසර පහකට කලින් අපි ඔබව අත්අඩංගුවට ගැනීම වගේ ප්‍රධාන දෙයක් සිද්ධවෙනවා නම්, අපට උතුමාණන්ගේ 'අධිරාජ්‍ය ආඥාව' අවශ්‍ය වෙනවා.අපට ඉදිරියට යන්න පුළුවන් ලේඛනය සහ අත්අඩංගුවට ගැනීම් සඳහා තියෙන විශේෂ වරප්‍රසාද අතේ තියෙනවා නම් විතරයි. අපට ලැබෙන කිසිදු දූත මෙහෙවරක් සඳහා වෙන් කිරීම මමවත් සේනාධිනායකයාවත් තීරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට, සෑම කෙනෙක්ගෙම නම් තුණ්ඩු වල ලියලා කුසපත් ඇදීමෙනුයි සිද්ධ වෙන්නේ"

ජී ගැං මේ ගැන ශෙන් ස'චුආන්  ට කලින් ම දැනුවත් කර තිබුණා. ඒ නිසා ඔහු කිසිවක් නොකියා හිස වැනුවා.

"ඒ වගේම අන්තිම දෙය." ච්‍යාඕ ත්‍යැන්යා නැගිට ශාලාවේ සිටි සියල්ලන් දෙසම බැලුවේ ය. ඔහු පැවසුවේ ය, “ අධිරාජ්‍ය ආරක්ෂකයින් සියලු දෙනාම එක හදවතක්. ඔබ අපේ අධිකාරී අවසරපත පැළඳගත්තාට පස්සෙ ඔබ අපේ සහෝදරයා විදිහට සළකනවා. අතීතයේ සියලු ආකාරයේ අමනාපකම් සුළඟ වගේ විවිසුරුවා හරිනවා.. අපේම සහෝදරයා කොටු කරන්න හෝ මෝඩයෙකු කරන්න රහස් උත්සාහයන් සිදු නොවේ වි. එහෙම කළොත්, සහ ඒ ඔබ කියලා සොයාගනු ලැබුවහොත්, ඔබගේ සියලු අවසරපත් වලින් ඔබගේ නම් කපා ඉවත් කරලා, අධිරාජ්‍ය බන්ධනාගාරයට තල්ලු කරලා දැඩි ක්‍රියාමාර්ග ගන්නවා."

අවට සිටි සියල්ලෝම දෑස් ඉවතට හරවා තම තමන්ගේ වැඩකටයුතු කෙරෙහි අවධානය යොමු කළහ.

තෘප්තිමත් වූච්‍යාඕ ත්‍යැන්යා හැරී ශෙන් ස'චුආන්  ට “ඔබට යන්න පුළුවන්” කියා පැවසීය.

ශෙන් ස'චුආන්  හිස නමා සමුගෙන දොරෙන් පිටතට ගියේ ග' චිංචිං පසු කරගෙනය

"මම හිතුවේ ඒක මූලස්ථානය වගේ අධිරාජ්‍ය භාණ්ඩාගාරික වගේ තනතුරක් වෙයි කියලා." ග' චිංචිං ශෙන් ස'චුආන්  දෙස බලමින් කීවේ ය. “හීලෑ අලි ඇතුන් කාර්යාලයද හොඳින් ක්‍රියාත්මක වන තැනක්”

"මටත් හුඟක් අනුමානයන් තිබුණා." ශෙන් ස'චුආන්  සිනාසෙමින් පැවසුවේ ය, “ඒත් මම අලි ඇතුන් ඇති කරාවි කියලා මම කවදාවත් හිතුවේ නැහැ.”

ගෘහස්ථ වැඩ කාර්යාලය දැනට යන්න හොඳ ස්ථානයක්. රත්තරන් සෑදල අශ්වයන් සේරම ඉන්නේ ස්වාමියන් වෙනුවෙන්. ඔබ ඔවුන් සමඟ සම්බන්ධතා ඇති කරගෙන ඔවුන් සමඟ හුරුපුරුදු කොන්දේසිවලට ගියාට පස්සෙ උසස්වීමක් වලට නිර්දේශයක් ලබා ගන්න එක පහසුයි. ගෘහාශ්‍රිත අලි කාර්යාලය සම්බන්ධයෙන්…” ග' චිංචිං ගේ මුහුණේ අමුතු ඉරියව්වක් පැතිරුණි. “... ඒක ඇත්තටම වැඩක් නැහැ. උදෑසන උසාවි සැසිවාරවලට පවා සහභාගි වෙන්න වෙයි .ඒ හස්ථි කණ්ඩායම් කණ්ඩායම් එක්ක ඇත්තටම සේවය කරන්න අමාරුයි. නමුත් සේනාධිනායකයා එතැනට යන්නේ නැති තරම්, ඒ නිසා ඔබට කරදර ඇති කරන්න ඔහුට පහසු නොවේවි.

ගෘහාශ්‍රිත ඇත් කාර්යාලය පිහිටා තිබුණේ චූදු නගරයේ මිංලී පොදු මාර්ගයට ආසන්නව වන අතර එය කයිලිං ගඟට දකුණෙන් පිහිටයි. කාලගුණය උණුසුම් වූ විට, ඔවුන්ට ජලය පානය කිරීමට හා ස්නානය කිරීමට අලි ඇතුන් ගඟට ගෙන යාමට සිදු විය. ඒ විතරක් නෙවෙයි, දිනපතා උදෑසන උසාවි සැසිවාරයේදී, අධිරාජ්‍ය පඩිපෙළ දෙපස සිට ගැනීමට හස්තීන් හය දෙනෙකුට නායකත්වය දීමට ද ඔවුන්ට සිදු විය. ප්‍රධාන උත්සව උසාවි රැස්වීමක් හෝ දඩයම් විනෝද චාරිකාවක් තිබේ නම්, ඔවුන්ට හස්තීන් සංඛ්‍යාව වැඩි කිරීමට සිදු විය. මේ හස්තීන් උදෑසන උසාවිවලට පමණක් සහභාගි නොවන්නෝ ය. නිලධාරීන් එසේ කළ නමුත් ඔවුන් උදෑසන උසාවි නිලධාරීන් සමඟ උසාවි සැසිවලින් ද නෙරපා හරිනු ඇත. නමුත් උසාවි නිලධාරීන්ට අසනීප වුවහොත් සුවය ලබා ගැනීම අභියෝගයක් ලෙස සලකන අතර, හස්තියන්ට හැකි වූයේ ඔවුන්ගේ රාජකාරී සඳහා අධිරාජ්‍ය ආරක්ෂකයින් මෙන් මාරුවීමට ය.

ශෙන් ස'චුආන්  මීට පෙරසුනකයෙකු වත් හදාවඩාගෙන නොතිබුණි. ඒත් දැන් ඔවුන් ඔහුට අලි ඇතුන් බලා ගැනීමේ අසීරු කාර්යය භාරදෙයි. ඔහුට කිව හැකි එකම දෙය නම් ජීවිතය අනපේක්ෂිත බවයි.

දෙදෙනාම තවමත් යමින් සිටියදී කවුරුන් හෝ ඔවුන් පසුපස දුවනවා ඇසිණි.

'චිංචිං ආපසු හැරී, "මොකක්ද ප්‍රශ්නය?"

ඔවුන් පසුපස පැමිණි අධිරාජ්‍ය ආරක්ෂකයා ශෙන් ස'චුආන්  දෙස බලා ගාම්භීර ප්‍රකාශයක් කරමින් “අවසරපත අත්හිටෙව්වා. ඔහුට අද තනතුර භාරගන්න බැහැ. ඉක්මනින් වාර්තා කාමරයට ආපසු යන්න!

ශෙන් ස'චුආන්  ඇසුවේ, "මාලිගාවෙන් නව යෙදවීමේ නියෝගයක් තිබේද?"

මාලිගාවෙන් අලුත් නියෝගයක් නැහැ. නමුත් අධිරාජ්‍ය විද්‍යාලයේ සිසුන් තුන්දහසක් උපවාස කරමින් දණ ගසා විරෝධය පළ කරමින් තම නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ෂෙන් වංශය සමඟ දැඩි ලෙස කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා!

ශෙන් ස'චුආන්  දෙස බලන විට ග' චිංචිං ගේ මුහුණ වෙනස් විය.

දඬුවම සඳහා පැමිණ වූ ෂ්‍යාඕ චීයේ යහන මත වැතිර කතන්දර පිටපත පෙරළීය.චෙන් යං චූ කුමරුගේ පැමිණීම ප්‍රකාශ කරන බව ඔහුට ඇසුණු විට පවා ඔහු නැගිටීමට කරදර නොවීය.

"මම නිවාස අඩස්සියේ ඉන්නේ." ෂ්‍යාඕ චීයේ හිස ඔසවන්නේ නැතිවම පලතුරක් කෑවේය. "ඉතින් ඇයි ඔබ මේ නිර්ලජ්ජිතව රස්තියාදු වෙන්නේ?"

ලී ජ්‍යැංහෙන් ෂ්‍යාඕ චීයේ ගේ ආණ්ඩුකාරධිපති සෙනෙවිතුමා පදවි අවසරපත බිම හෙළා හඬ නැගීය, "'අන්! විශාල දෙයක් සිද්ධවෙලා! ”

ෂ්‍යාඕ චීයේ ඇහබැම් එසැවීය.

ලී ජ්‍යැංහෙන් තවදුරටත් කියා සිටියේ ය, “ශෙන් ස'චුආන්  ට දැඩි ලෙස දඬුවම් කරන ලෙස උතුමාණන්ගෙන් ඉල්ලලා සිසුන් තුන්දහසක් දණ ගහලා ඉන්නවා! ඔවුන් අඳුර වැටෙන තුරු දණ ගහලා උපවාසයක් ආරම්භ කරලා තියෙන්නෙ උතුමාණන්ට තම නියෝග ඉල්ලා අස්කර ගන්න කියලා බල කරලා. රාත්‍රී භෝජන සංග්‍රහයේදී උතුමාණන් මේක ඇහුවහම, ඔහු කොතරම් කෝපයට පත් වුනා ද කියනවා නම්, ඔහු නැවත ගිලන් වුනා!"

ෂ්‍යාඕ චීයේ තව රාජකාරී අවසරපත දෙස බලා, "එය ඉවතට විසි කරන්න" යැයි පැවසීය.

“... අට මහා පුහුණු අංශ සිසුන් වළක්වන්නෙ නැහැ. ඒ නිසා ඔවුන් මට කිව්වා අවසරපත ඔබට නැවත ලබා දෙන්න කියලා. අධිරාජ්‍ය හමුදාවට අද රාත්‍රියේ සිසුන් විසුරුවා හැරිය හැකි නම් , ඔවුන් එක්කම ඔබේ තනතුරු කපා හරින්න තිබුණා"

! කනස්සල්ලට පත් ලී ජියැන්හෙන්ග් තම පාදය පොළවේ ගසා පැවසුවේ ය “අධිරාජ්‍ය හමුදාවට වෙන කිසිවක් කළ නොහැකියි, නමුත් කුකුළෙකු මරන්නවත් ශක්තියක් නැති සිසුන් කිහිප දෙනෙකු සමඟ ගනුදෙනු කිරීම පහසු නැද්ද ? ඒක හොඳ දෙයක්!”

ෂ්‍යාඕ චීයේ පොතෙන් තම මුහුණ වසා ගත්තේ ය. මොහොතක නිහැඬියාවකින් පසු ඔහු දත්මිටි කමින් කීවේ ය, “හා මොනතරම් හොඳ දෙයක්ද නේද”

අධිරාජ්‍ය විද්‍යාලයේ සිසුන් අධිරාජ්‍ය උසාවිය සඳහා අපේක්ෂකයින් වූ අතර දේශීය කන්ෆියුසස් විද්වතුන් අතර සුළඟ හමා ගිය ආකාරය කෙරෙහි පවා ඔවුන්ට බලපෑම් කළ හැකිය. ඒවා ඔහුට අත තැබිය නොහැකි උණුසුම් අර්තාපල් මෙන් වූ බව බව ෂී ගුවාන් දැන සිටියේය. ෂ්‍යාඕ චීයේ ඇත්තටම අද මේ සිසුන් තුන්දහසට මූලිකත්වය දුන්නා නම්, අනාගතයේ ඔවුන්ගේ පා යට වළලනු ලබන සහ කෙළ ගසන පළමු තැනැත්තා ඔහු වනු ඇත!

" ශෙන් ස'චුආන්  දැන් කොහෙද?" ෂ්‍යාඕ චීයේ එක්වරම හිදගෙන තම දැත් දණහිස් මතට තබා ගත්තේ ය.

"ඔහු උදෑසන රාජකීය ආරක්ෂකයන් ගේ වාර්තා කාමරයට ගිය බව මට ආරංචි වුණා ." ලී ජ්‍යැංහෙන් ඔහුගේ ඇඳුම් ඇඟලාගනිද්දී ඔහු දෙස බලා විමසීය, “අපි කොහෙද යන්නේ? අපි ශෙන් ස'චුආන්  ව සොයන්න ද යන්නේ?"

ෂියාඕ චියේ පඩිපෙළ බැසගොස් චෙං යැං සූදානම් කර තිබූ අශ්වයා මතට ගොඩ විය .ඔහු අසුරක් ගසා අශ්වයා මෙහෙයවන්නට විය.

අර්ථ පැහැදිලි කිරීම.

රාජකීය ආරක්ෂකයන් යනු ආශ්චර්යමත් සංවිධානයකි. ඔත්තුකරුවන් වූ පිරිසට කෙටිකතා ලිවීමට හැකි අය පමණක් නොව චිත්‍ර ශිල්පීන් ද ඇතුළත් විය. ඔවුන්ට චිත්‍ර ශිල්පීන්, වෛද්‍යවරුන්, මෘග පුහුණුකරුවන්, රිදීකරුවන්, කම්මල්කරුවන්, පුපුරණ ද්‍රව්‍ය සාදන්නන් සහ පරිවර්තකයන් පවා සිටියහ. (නැහැ, මම නම් රාජකීය ආරක්ෂකයන්ගෙන් කෙනෙක් නෙමෙයි.) ඔවුන්ගේ තේරීම් අවශ්‍යතා ඉහළ වූ අතර බොහෝ දෙනා ඔවුන්ගේ ක්ෂේත්‍රවල ඉහළම මට්ටමේ වෘත්තිකයන් විය. සාමාන්‍ය තත්වයන් යටතේ, දිගු පාද සහ ශක්තිමත් දෑත් සහිත උසින් යුත් පුද්ගලයන් ඔවුන් බඳවාගන්නා ලදී.

"මිං රාජවංශය 1566" ඔවුන් ගැන මෙසේ සටහන් කර තිබුණා,

 කොටියෙකුගේ වැනි දෑත්, මී මැස්සක්ගෙ මෙන් ඉඟ සහ වන්දෙක්ගේ  වැනි පාද" ඒ මෙන්ම "දිනකට ලී එකසිය හැටකට වඩා වේගයෙන් ඇවිදීමට හැකි" අයද බඳවාගත්තෙ ය. ඔවුන්ට අත් දෙකෙන් ඉහළට නැඟීමෙන් පමණක් ෂැං දෙකක් උස තාප්පයක් තරණය කිරීමටත්, ඔවුන්ගේ නිරුවත් දෑතින් තවත් මිනිසෙකුගේ උගුර කඩා දැමීමටත්, ඔවුන්ගේ මෙහෙයුම් අසම්පූර්ණව පැවති දින ගණන් නින්ද අහිමි කරගනිමින් සම්පුර්ණ කිරීමටත් හැකිවිය යුතු ය. ඉතින්, සියළුම දේවල් සලකා බැලීමෙන් පසුව, 'අන් ඇත්ත වශයෙන්ම අධිරාජ්‍ය ආරක්ෂකයින් සඳහා ඕනැවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණි.


පෙර පරිච්ජේදය |  සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

Comments

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-