ශෙන් ස'චුආන් ඇතුළේ සිටි මිනිසා පසුපස ගොස් එහි වූ තිරයෙන් පිටුපස දණින් වැටුණි.
ෂියන්දේ අධිරාජ්‍යයා සයනයේ හිසට අර්ධ වශයෙන් හේත්තු වූ අතර, වැන්දඹු අධිරාජිනිය ඇඳ අසල වාඩි විය. ඖෂධීය කසාය බදුන අත් දෙකෙන් අල්ලාගෙන පෑන් රුගුයි මඳක් පසුබැස ගියේ ෂෙන් සචුඇන්ගේ රුව පෙනෙන පරිඳිය.
ෂියන්දේ අධිරාජ්‍යයා තමාව පාලනය කර ගැනීමට උත්සහ කළේ ය, “අට මහා පුහුණු සේනාංකවල මුර සංචිතය පැවසුවා පොකුණ අද්දර ඔබේ දඩබ්බර ධාවකයා සිටිනවා දුටු බව. මම ඔබෙන් අහන්නේ, ඔහු එහි කරමින් සිටියේ මොනවද? ”
ශෙන් ස’චුආන් පැවසුවේ ය, "අධිරාජ්‍යයාට පිළිතුරු දෙමි, ග මාමණ්ඩිය මාලිගාවේ සිට ෆු ගොන්ගොන් එනතුරු බලා සිටියා. "
"කාගේ නියෝගයක් මතද?"
ශෙන් ස'චුආන් මඳ විරාමයක් ගෙන නැවත හිස නැමී ය. “මේ පව්කාර යටත්වැසියාගෙයි”
ෂියන්දේ අධිරාජ්‍යයා කිහිපවරක් කහින්නට විය, “ඔබව ෂාඕ සූයි පන්සලේ සිරකර තිබෙනවා. සෑම මසකම, මාලිගාව ඔබට ආහාර සහ ඇඳුම් පැළඳුම් වෙන් කර ලබා දෙනවා. ඔබ ෂ්යාඕෆුසී සමඟ සම්බන්ධයක් ඇති කර ගත්තේ මොකටද?"
“උතුම් අධිරාජ්‍යයා කාරුණාවන්ත වී මෙම පව්කාර යටත්වැසියට ෂාඕ සූයි පන්සලේදී ස්වයං-ආවර්ජනය කරන්න ඉඩ සැලැස්සුවා. උතුමාණන් මට කාරුණික වූවා පමණක් නෙවෙයි ආහාර පවා ලබා දුන්නා. මේ පව්කාර යටත්වැසියට ළඟදි තදින්ම සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනා. මගේ පරණ අසනීපයත් එක්ක මට හැමදාම නැගිටින්න අපහසුවුනා.” ෂෙන් සෙචුවාන් මේ අවස්ථාවේ ශෝකයෙන් සිටින බවක් පෙනෙන්නට තිබුණි.
“මාලිගාවෙන් මට කෑම දුන්නත් බෙහෙත් එවන්නේ නැහැ. ග' මාමණ්ඩි දිගු කලක් ජාඔ සූයි පන්සලේ රාජකාරි කරනවා. මේ පව්කාර වැසියට අනුකම්පා කරලා, මාලිගාවෙන් භාණ්ඩ ලබා ගැනීමට පිටත් වූන ෆු-ගොන්ගොන්ගෙන් මේ පව්කාර පුද්ගලයා ග වෙනුවෙන් මාලිගාවෙන් බෙහෙත් ටිකක් ඉල්ලුවා. ඒ වගේම තමයි මේ පව්කාර පුද්ගලයා වෙනුවෙන් ආශිර්වාද තෙල් පහන් ටිකක් ගන්න කියලා ෆු ගොංගොංගෙන් අහන්න කියලයි ඔහු නැවත ආවේ.”
"ඔබට පවුලක් නැහැ." වැන්දඹු අධිරාජිනිය ඇසුවා ය. "ආශීර්වාද පතා යාඥා කරන්න තෙල් පහන් අවශ්‍ය වන්නේ ඇයි?"
“මේ පව්කාර පුද්ගලයා මගේ දරුණු පාපයන් ගැන දන්නවා, ඒ නිසා මම දිවා රෑ දේවමාළිගාවේ පහන තබා උතුමාණන් සහ උත්තමාවිය වෙනුවෙන් යාච්ඤා කරනවා. ඒ අතරම, චොංබෞ වල චෂී සටනේදී දිවි පිදූ විශ්වාසවන්ත දිවි පිදූවන් වෙනුවෙන් මම දවස පුරා සූත්‍ර ගායනා කරනවා." ශෙන් ස’චුආන් භක්තියෙන් කීවේය.
ඔහු තවදුරටත් කියන්නට විය. “පංසල් බිමේ එළවලු වගා කරලා උදෑසනම වෙළඳපොළට ගෙනගොස් විකුණන්න මේ පව්කාර පුද්ගලයා ග' මාමණ්ඩියව භාර දුන්නා. මේ පව්කාරයාගේ අසනීපය දැනටමත් ඒ වගෙ තත්වයකට ඇදවැටිලා. ඒත් මුදල් වලින් බෙහෙත් ගන්නවා වෙනුවට මට ආශිර්වාද තෙල් පහන් ටිකක් ගන්නත් පුළුවන්.”
අධිරාජිණිය දිගු සුසුමක් හෙලුවාය. "ඔබ එයට වැරදිකරු වුනත්, එය සමාව දිය නොහැකි කාරණයක් නෙමෙයි."
ෂියන්දේ අධිරාජ්‍යයා විඩාබර දෑස් පියාගත්තේ ය, “ෂ්යාඔෆුසී දැන් මියගිහින්. ඔහු සමඟ ආරවුලක් ඇති අයෙක් ගැන ඔබ දන්නවාද? ”
ශෙන් ස’චුආන් ඔහුගේ හිස සොලවා මෘදු ලෙස පැවසුවේ ය, “මේ පව්කාර විෂය පහන් මිලදී ගැනීමට ෆු ගොන්ගොන්ගෙන් අයැදීමට තරම් නිර්භීත විය හැකි නමුත් , මම මීට පෙර ෆු-ගොංගොන්ව දැක හෝ ඔහු සමඟ ලිපි හුවමාරු කර ගෙන නැහැ.”
"ඔබට මොකක්ද පවසන්න තියෙන්නෙ?" ෂියන්දේ අධිරාජ්‍යයා ජී ගැං වෙත සංඥා කළේය. "මට කියන්න. ඔහු ඔබට යමක් සඳහන් කර තිබුණද? ”
ජි ගැං අධිරාජ්‍යයාගේ මුහුණ දෙස එකහෙළා බැලීමට එඩිතර වූයේ නැත. වෙනත් ඕනෑම සාමාන්‍ය සේවයෙකු මෙන් ඔහු බියෙන් හා වෙව්ලීමෙන් යුතුව පිළිතුරු දුන්නේය. “අධිරාජ්යයාණන්ට පිළිතුරු දෙමි, ෆූ ගොංගොං මාලිගාවෙන් පිටව යන සෑම වෙලාවකම, මිලදී ගැනීමේ අරමුණු වලට විතරයි. එතරම් කාර්යබහුල කාලසටහනක් එක්ක, ඔහු සාමාන්‍යයෙන් ඔහුට සේවය කරන අයව මෙම නිහතමානී පුද්ගලයා හමුවීමට එවනවා."
මෙය ඇසූ ෂියන්දේ අධිරාජ්‍යයා ලී පිළිමයක් මෙන් නිශ්චලව සිටි පෑන් රුගුයි දෙස සරදම් සහගත බැල්මක් හෙළීය.
ජි ගැන් තවදුරටත් මෙසේ පැවසීය: “නමුත් මෙම නිහතමානී සේවකයා ඔහුගේ ගමන් රථයට පෙර ෆුගොන්ගොන්ග්ට ආචාර කළා. ඒ ගෞරවනීය ස්වාමියා නින්දාවෙන් කෝපයට පත් වෙලා ඔහුට කරදර ඇති වුණ සේවයකයන්ට යමක් පැවසුව බව මට ආරක්චි වුණා. ඒ වෙලාවේ නිහතමානී සේවකයා ෆු-ගොන්ගොංට තෙල් පහන් මිලදී ගැනීමට මුදල් දෙන්න උත්සුක වූ නිසා මමත් ඔහු වෙතට ළං වුණා. නමුත් ෆූ ගොංගොං එදාත් කාර්යබහුල වූ නිසා ඔහු මේ නිහතමානී පුද්ගලයාට පැවසුවේ ඔහු එනතුරු බලා ඉදලා අද ෂියුඇන් වෙත පැමිණෙන්න කියලයි. මේ නිහතමානී සේවකයා පොකුණ අසල සක්මන් කරනවා රාජකීය ආරක්ෂකයන් දුටුවේ ඒ නිසයි.”
පෑන් රුගුයි, “ඔබට එය නිවැරදිව ඇසුණාද? ඒ වෙන කවුරුවත් නෙමෙයි "උතුමාණන්" මද?"
ජී ගැං නැවත නැවතත් කීවේ ය, “මම උතුමාණන්ව රවට්ටන්න එඩිටතර වෙන්නේ නැහැ. එදා වෙළඳපොලේදි මේ නිහතමානී සේවකයා බොහෝ දෙනෙක් දුටුවා. ඔබ ට පුළුවන් නම් මේ නිහතමානී පුද්ගලයා බොරු නොකියන බව දැන තහවුරු කර ගන්න අනෙක් අයගෙන් විමසන්න.
ෂියන්දේ අධිරාජ්‍යයා දිගු වේලාවක් කිසිවක් කීවේ නැත. කාමරයේ ඖෂධ දුමාරය පැතිරිණි. වැන්දඹු අධිරාජිනිය තම ලේන්සුවෙන් නාසය සහ මුඛය වසාගෙන, ෂියන්දේ අධිරාජයා අසලට ලං විය, “රජතුමනි, ෂ්යාඕෆුසී ගේ මරණය සැලසුම් සහගත වුවත් නැතත්, ෂ්‍යාඕ චීයේ ගේ කතාවට පමණක් සවන් දෙන්න බැහැ. සිද්ධිය සිදුවූනේ මහරජතුමාට පියවර කිහිපයක් ඈතින්. මේ පුද්ගලයා කිව්වා වගේ ෂියාඕෆුසිගේ ජීවිතය අවශ්‍ය වූයේ චූ කුමරුට නම්, ෂියාඕ චියේ මෙතරම් දුරදිග යන්නේ ඇයි? ”
"උතුමාණනි." පෑන් රුගුයි මෘදු ලෙස පැවසුවේ ය.
“ෂියාඕෆුසිගේ ජීවිතය එතරම් වැදගත් නැහැ. චූ කුමාරයා ඔහුව මැරුවේ පුද්ගලික තරහක් නිසා නම් කමක් නෑ. නමුත් දේවල් එතරම් සරල නැතිවෙයි කියලා මට හිතෙනවා. මහෝත්තම අධිරාජ්‍යයා මාලිගාවෙන් පිටතට නොපැමිණෙන තරම් වුනත් ෂ්යාඕෆුසී නිතරම එය සිදු කලා. චූ කුමාරයා වෙනත් දවසක් තෝරා නොගත්තේ ඇයි? අදම එසේ වීමට තෝරගන්නෙ ඇයි? ”
ෂියන්දේ අධිරාජ්‍යයා හදිසියේම නැවතත් දරුණු ලෙස කහින්නට විය. ඔහු පෑන් රුගුයිගේ අත පසෙකට තල්ලු කර ලේ පැල්ලම් පිස දැමීමට තමාගේම පිස්නාවක් භාවිතා කළේය. කිසිවකු දෙස නොබලා ඔහු පැවසුවේ “ජියැන්හෙං මගේම සහෝදරයෙක්. මට ඔහුගේ ගතිගුණ හොඳටම තේරෙනවා. මෙම නඩුව දැනටමත් මෙම අදියරේ පවතින නිසා, ජි ලෙයිට එය සමථයකට පත් කරන්න ඉඩ දෙන්න. මේ සියල්ල සිදුවූයේ ෂ්යාඕෆුසී තමාගේම තනතුර අන් අය කෙරෙහි අධිපත්‍ය පතුරවන්න භාවිතා කළ නිසා වගේම, යෝග්‍යතා නීති සම්බන්ධයෙන් ඔහුගේ සීමාවන් ඉක්මවා ගිය නිසාත්, එමඟින් අන් අය අතර අමනාපය සහ ඊර්ෂ්‍යාව ඇති කළ නිසයි. ෂ්‍යාඕ චීයේ ට මාස භාගයක් ඔහුගේ නිවසෙහි රඳවා තැබීමෙන් ඔහුට දඬුවම් කරන්න, ඒ වගේම ජී ලෙයි සහ ෂී ගු'අන් අයගේ වැටුප් මාස තුනකට අත්හිටුවන්න! පෑන් රුගුයි, පණිවිඩය ප්‍රකාශ කරන්න. ඔබ එය කර අවසන් වූ පසු, ඔවුන් ව ඉවත් කරන්න. ”
"මේ..." පෑන් රුගුයි අධිරාජිනිය දෙස බැලීය.
අධිරාජිනිය කිසිවක් කීවේ නැත.
මේ අනුව, ෂියන්දේ අධිරාජ්‍යයා වැන්දඹු අධිරාජිනිය දෙස බලා ඉතා ඕනෑකමින් පැවසුවේ, “අධිරාජ්‍ය මවිතුමියණි, අපි දැනට සිටින්නේ කරදරකාරී කාල පරිච්ඡේදයකයි. සරත් සමය ළඟා වෙමින් පවතිනවා, දේශසීමා අවදානම් තත්ත්වයකයි පවතින්නේ. දේශසීමාවේ වෙළෙඳ ගැටුම් දිනෙන් දින වැඩිවෙමින් යනවා. ලීබෙයි, චීදොං සහ බියැංජුන් සේනාංක වල සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය ස්ථාවර කරන්නත් සහ පවත්වා ගන්නත් අවශ්‍ය වනවා. අපි මේ කාරණය පසුපස හඹා ගියහොත්, එය බොහෝ මිනිසුන් පටලවාගෙන දේශසීමාවේ ජීවිත හානි සිදු වුනොත්, දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාවයි. ෂොංබෞ වල වේදනාව පහව ගියද, එහි නින්දාව වෙනුවෙන් තවමත් පළිගැනීමට නොහැකි වී තිබේනවා. අධිරාජ්‍ය මව්තුමියනී, සාමාන්‍ය ජනයාගේ විශ්වාසය නැති නොවන පරිදි මේ කාරණය වැඩි වේලාවක් ඇදගෙන යාම සුදුසු නැහැ නේද?. ”
කනස්සල්ල ප්‍රකාශ කරමින්, වැන්දඹු අධිරාජිනිය ෂියන්දේ අධිරාජ්‍යයා වෙනුවෙන් ඇතිරිලි සකස් කර මෙසේ පැවසුවාය,
“රජතුමා තවමත් යථා තත්ත්වයට පත් වී නැතත්, උතුමාණන් තවමත් රාජ්‍ය කටයුතු ගැන කනස්සල්ලට පත්වීම රාජ්‍යයට සැබවින්ම ආශීර්වාදයක්. පෑන් රුගුයි, පිටත් වන්න.”
පෑන් රුගුයි ඇගේ අණ පිළිගෙන ද්වාරයෙන් පිටතට ගියේ ය.
අධිරාජිනිය එලෙසම පවත්වාගෙන ගියා ය. “මා දකින ආකාරයට, ෂෙන් වංශයේ මේ අටවන පුත්‍රයාට සැබවින්ම අවශ්‍ය වන්නේ පසුතැවිලි වී ඔහුගේ මාර්ග සකස් කර ගන්නයි. ඔහු ශෙන් වෙයිට ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඔහු ඔබට භාවිතා කළ හැකි ආකාරයේ දරුවෙක්."
ෂියන්දේ අධිරාජ්‍යයා පපවසන්න ට විය, “ඔහුගේ සෞඛ්‍යය යහපත් නැහැ. මට බයයි ඔහුට කිසිඳු රාජකාරියක් ඉටුකරන්න බැරි වෙයි කියලා. සමහර විට ඔහු සුවය සඳහා දේවමාළිගාවේ රැඳී සිටීම වඩා හොඳ වේවි"
කෙසේ වෙතත්, වැන්දඹු අධිරාජිනිය සෙමෙන් අත පහත් කළේ ය, “මහරජතුමා පැවසූ දේ තර්කානුකූලයි. නමුත් ඔහු දැනටමත් පිටතට පැමිණිලා. කිසිම හේතුවක් නොමැතිව අපි ඔහුව ආපසු හරවා යැව්වොත්, එය අනිවාර්යයෙන්ම නඩුව ගැන සැකයක් ඇති කරනවා. එය මහරජාණන්ගේ කැමැත්තට පටහැනි නොවේද?”
ෂියන්දේ අධිරාජ්‍යයා සිනාසෙමින් ශෙන් ස'චුආන් දෙසට හැරුනේය. ඔහු පැවසුවේ ය
“වැන්දඹු අධිරාජිනිය ඔබ ගැන ප්‍රියයි, උසස් ලෙස සිතනවා. අනාගතයේදී ඔබ මෙය මතක තබා ගන්න ඕනේ. ඔබේ පියාට පක්ෂපාත වුණා හෝ නෙවෙුනා හෝ මාර්ගයේ නොයා ඉන්න. අපි එහෙනම් ඔබව අධිරාජ්‍ය ආරක්ෂක කාර්යාලයට යවන්නම්. කාර්යාල දොළහට විවිධ මට්ටමේ රාජකාරි තියෙනවා. ස්වාභාවිකවම ඔබට කළ හැකි දෙයක් තිබේවි. ”
ෂෙන් සස'චුඇන් වැඳ වැටී අධිරාජ්‍යයාගේ කාරුණිකත්වය වෙනුවෙන් ඔහුට ස්තුති කළේය.
අනෙක් සියල්ලෝම පිටත්ව ගිය පසු, ෂියන්දේ අධිරාජ්‍යයා ඇඳේ කෙළවරට හේත්තු වී ඔහු කලින් පානය කළ සියලුම ඖෂධ වමනය කළේය. ඔහුගේ අතින් වැසුණු ඇතිරිල්ල සියල්ල රැළි වන තුරුම ඇඹරී තිබුණි. කාමරයේ ඉටිපන්දම් අඳුරු ආලෝකය යටතේ, ෂියන්දේ අධිරාජ්‍යයාගේ මුහුණ අදුරුව තිබුණි. ඔහුගේ අසනීප තත්ත්වය දැනටමත් අසාධ්‍ය මට්ටමේ තිබූ බව පැහැදිලිය.
පෑන් රුගුයි ඇයට සහය වීමත් සමඟ වැන්දඹු අධිරාජිනිය ජල පටුමඟ දිගේ ඇවිද ගියාය.හුආ ෂියැංයී අලුතින් නෙළන ලද නෙළුම් මල ඇගේ අතේ තබාගෙන පැමිණ සිටි අනෙකුත් සේවිකාවන් සමඟ දුරින් ඔවුන් පසුපස ගියා ය.
"උතුමාණන් අවසන් වරට අසනීප වූ දා ඉදලා, උතුමාණන් වඩ වඩාත් හිතුවක්කාර ලෙස වැඩ කරන්නේ." වැන්දඹු අධිරාජිනිය ඇවිදිමින් ම පවසන්න ටවිය., “අසාධ්‍ය රෝගියෙකු රාජ්‍යය වෙනුවෙන් මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කරන්නේ කෙසේද?”
"ඔවුන් පවසන පරිදි, රෝගය හිම කුණාටුවක් මෙන් පැමිණේනවා." පෑන් රුගුයි, “මහරජතුමා කනස්සල්ලට පත් වෙනවා” කියා පැවසුවා.
“එදා, මම ජියැංහෙන් තෝරන විට, ඒ ඔහුගේ මෘදු හා පිරිපහදු කළ මාර්ග මෙන් ඔහුගේ ගෞරවාන්විතභාවය සහ යටහත්කම අගය කළ නිසාය. ඔහු වසර ගණනාවක් තිස්සේ රෝගාතුරව හිටියත්, ඔහු තම උපරිමය කළ බව පැවසිය හැකිය. දෝවගර් අධිරාජිනිය පෑන් රුගුයි දෙස බලා මෙසේ කීවාය,
“නමුත් ඔහු ෂියාඕ වංශයට මෙතරම් බියක් දක්වාවි කියා කවුද සිතුවේ ? ඔහුට තේරීමක් කිරීමට සිදුවන සෑම අවස්ථාවකම ඔහු කිසිවකුගේ සිත් නොරිදවන්නයි කැමති. නමුත් ලෝකයේ සෑම විටම ඔහු කැමති ආකාරයට දේවල් සිදු වන්නේ කොහොමද? ”
"මේ දේවල් කිවාට පස්සේ චූදු වල කාරණා සම්බන්ධයෙන් අපි කීකරු වන්නේ ඔබේ නියෝග වලටයි ." පෑන් රුගුයි පැවසුවේ, “අධිරාජ්‍ය උපභාර්යාව වන වෙයි න්යැං වෙනුවෙන් තවත් දින කිහිපයක් ඉන්න .ඇය පුත්‍රයෙක් පිළිසිඳ ගනීවි, එවිට උතුමාණන් තවදුරටත් කරදර විය යුතු නැහැ.
වැන්දඹු අධිරාජිනිය අත හරවා පෑන් රුගුයිගේ අතට තට්ටු කළාය. ඇය අර්ථාන්විතව කීවාය, "චී අධිරාජ්‍ය උපභාර්යාව දරුවකු ලැබීමට කලින් , උන්වහන්සේගේ සෞඛ්‍යය ගැන ඔබ දිගටම විමසිල්ලෙන් සිටීම අපට අවශ්‍යවේවි."
“මහරජතුමාගේ නියෝගය ලැබුණු දා ඉදන් මේ සේවකයා ඒ ගැනසොයා බලමිනුයි ඉන්නේ,” පැන් රූගුයි පිළිතුරු දුන්නේය.
◈ ◈ ◈
ශෙන් ස’චුආන් එළියට එන විට පිටත සිටි මිනිසුන් අඩු වැඩි වශයෙන් විසිර ගොස් තිබුණි. ඔහු ජි ගැං සමග පඩිපෙළ දිගේ ඇවිද ගිය අතර ෂ්‍යාඕ චීයේ තම අශ්වයා සමඟ පිටව යන අයුරු දුටුවේය.
" අධිරාජ්‍ය හමුදාව එහෙම ලියලා දුන්නේ නැද්ද?" ෂ්‍යාඕ චීයේ ගේ ඉණ සහ පාද දෙස බලමින් ශෙන් ස’චුආන් ඇසීය, “ඒත් කොහොම බැලුවත් ඔහුගේ සටන් කලාව පසුබැහැලා නැහැ .”
"අශ්ව දුනු ශිල්පයේ ප්‍රවීණයෙක්." ජී ගැං ඔහුගේ දෑස් කුඩා කර මොහොතක් ඔහු දෙසබලා හිදින්නට විය.
“නමුත් ඔහු සමඟ ගුටිබැට හුවමාරු කර නොගෙන, පිරිමි ළමයාගේ ශක්තියේ තරම මම කියන්න දන්නෙ නැහැ. ඔහුට දැනටමත් වසර පහකට පූර්වයේ ඉදන්ම ස්වර්ගයේ අනර්ඝ දුන්න අඳින්නට පුළුවන් නම්, ඔහු දැන් ඊටත් වඩා ශක්තිමත් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. චුවාන්-එර්, අත්‍යවශ්‍ය නම් මිස ඔහු සමඟ රණ්ඩුවකට නොයා ඉන්න.”
ෂෙන් සස'චුඇන් පිළිතුරු දුන්නේ නැත. එහෙත් වංගුව හැරවීමට ආසන්නව සිටි පුද්ගලයා එක්වරම තම අශ්වයා පසුපසට ගෙන ආපසු හැරී ඔහුට කෙළින්ම මුහුණලා සිටීම නිසා ඔහු පුදුමයට පත් විය.
ශෙන් ස’චුආන් ට ඔහුව මඟහැර යාමට ඉඩක් නොදුන් ෂ්‍යාඕ චීයේ ඔහු දෙස බලා හිදින්නට විය. ෂ්‍යාඕ චීයේ ගේ අශ්වයා ඔහුට ඉදිරියෙන් සිට, ඌ හදිසියේම ඔහු පසුකර ගියේය. ශෙන් ස’චුආන් ගේ කබා අත් සහ සිවුර සුළං පහරින් ගසාගෙන ගොස්, මොහොතකට පසු නැවතත් නිශ්චල වුණි.
"මොකක්ද මේ ප්‍රශ්ණයට තමුන් ට තියෙන සම්බන්ධය?" ෂ්‍යාඕ චීයේ තම අශ්වයා ඔහු වටා මෙහෙයවූයේ ය.
"එ්කට මා එක්ක කිසිම සම්බන්ධයක් නැහැ." ශෙන් ස’චුආන් නැවතත් ඔහු දෙස බලා සිනාසුණේය. "නමුත් එ්ක දෙවන තරුණ ස්වාමියා එක්ක නම් ලොකු සම්බන්ධයක් තියෙනවා වගේ."
"පෑන් රූගුයිට අද ඔහුගේ සුරතල් බලු පෝතකයා නැති වුණා, මම එයට කඩා පැන්නා. අද කාටවත් එයින් ප්‍රයෝජනයක් නැහැ. නමුත් ඔබ එයින් අස්වැන්න ලබාගන්නවා. ” ෂ්‍යාඕ චීයේ ඔහුගේ අශ්වයා මත සිටම නැමී ඔහු දෙස බැලීය. "මේ තරම් මුරණ්ඩු අයෙක් තවමත් වාසනාවන්ත වන්නේ කොහොමද?"
"ඒ සියල්ල දෙවන තරුණ ස්වාමියා ගේ උදාර ගුණය නිසයි." ශෙන් ස’චුආන් ද ඔහු දෙස බලා නිහතමානීව පැවසුවේ ය “දෙවන තරුණ ස්වාමියා එහෙම පියවරක් ගත්තේ නැත්තං , මම ඒක කොහොම කරන්න ද?”
ෂ්‍යාඕ චීයේ ගේ ඇස් සීතල විය. ඔහු පැවසුවේ ය. “ එහෙනම්,ඔබ හොඳින් දැනුවත්”
" පොඩි උපක්‍රමයක් විතරයි." ශෙන් ස’චුආන් පැවසීය.
ෂ්‍යාඕ චීයේ අහස දෙස බැලීය. උකුස්සෙකු තමන්ගේ ගොදුර ඩැහැගන්නා අටියෙන් වාතලයේ පියාසර කරමින් සිටියේ ය.
"ඔබව එළියට දැමීමෙන් හානියක් නැහැ." ෂ්‍යාඕ චීයේ අසුරක් ගැසූ අතර, උකුස්සා වහාම බිම මතට වැසුවේ ය. ඌ ගේ කුරුල්ලා මත පා තබා ඌව ඉරා දමන්නට විය. ඔහු නැවතත් ශෙන් ස’චුආන් දෙස බැලීය. "චූදු හුඟක් විශාලයි. කාටවුනත් විනෝදජනක දෙයක් හොයාගන්න වෙනවා."
"ස්වාමියා ඇත්තටම උතුම් කෙනෙක්." ශෙන් ස’චුආන් පැවසීය.
“ඔබ සොයන විනෝදාස්වාදන් පවා අනෙක් ඒවාට වඩා වෙනස්. භෝජන සංග්‍රහය, ජයග්‍රහණය, වේශ්‍යාවෝ සහ සූදුව මේ සියල්ල ඔබගේ අවධානයට ලක් වෙනවා. ඔබට පුළුවන් මිනිස්සු එක්ක විනෝද වෙන්න විතරයි. කොහොමවුනත්, තනිවම විනෝද වීම එක්ව විනෝද වීම තරම් දැනෙන්නෙ නැහැ. මම විතරක් ඔබ එක්ක ගියොත් කොයිතරම් කම්මැලි වේවිද?”
"ඔබ දිහා බලන්න." ෂ්‍යාඕ චීයේ අශ්වයා ගේ තෝන් ලණු වලින් අල්ලාගෙන මුවේ දෙපස ඉහලට වක්‍ර කරගත්තේ ය. “ඔබ හරිම ප්රියජනකයි. මම මොන එකකටද වෙන අය අපි එක්ක එක් වෙනවාට කැමති වෙන්නේ?"
ශෙන් ස’චුආන් පැවසුවේ, “එය මට දරාගත නොහැකි තරම් වැඩි ප්‍රශංසාවක්. මට වඩා ඔබ දැනටමත් මිතුරන් බොහෝ ප්‍රමාණයක් සොයාගෙන ඉන්නේ දෙවන තරුණ ස්වාමිණි."
"මම ගැන කරදර වෙනවාට වඩා ඔබ ගැන කරදර වෙනඑක තමයි හොඳ" ෂ්‍යාඕ චීයේ ඔහුගේ බැල්ම වළකා ගත්තේය. “ අධිරාජ්‍ය ආරක්ෂක කාර්යාලයේ හොඳ වෘත්තීය අපේක්ෂාවන් තියෙනවා , ජි ලෙයි ඔබ ගැන ඉතා ඉහළින් සිතනවා. ඔහු ඔබේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බව මට විශ්වාසයි."
ෂෙන් සෙචුවාන් මහ හඬින් සිනාසුණේය. ඔහු සිනාමුසු දෙනෙතින් ෂ්‍යාඕ චීයේ දෙස බලා මෘදු ස්වරයෙන් පැවසුවේ ය. “ඔබත් මමත් කූඩුවක සිරවී සිටින කුරුල්ලන් විතරයි. මට හොඳ අනාගත බලාපොරොත්තු තියෙන්න පුළුවන් තමයි, නමුත් ඔබට එය අපහසු නැද්ද? මට කිසිම කරදරයක්, සැලකිල්ලක්වත් නැහැ, මම තනිව සිටීම නිසා මම සීමාවන්ගෙන් නිදහස් කෙනෙක්. නමුත් දෙවන තරුණ ස්වාමියණි, ඔබටත් ඒක ඒ විදිහට ම වලංගු ද?
දෙපස පහන් එල්ලා ඇති පසුබිමේදි, ශෙන් ස’චුආන් මාණික්‍යයක් මෙන් මෙන් වැඩි වැඩියෙන් අලංකාර විය. උකුස්සා රුධිරය පිරුණු මාංශ අනුභව කිරීම අවසන් කර නැවත ෂ්‍යාඕ චීයේ ගේ උරහිස මතට ගොඩ විය.
“අපි හැමෝම සිරගත කර ඉන්න පක්ෂියෝ නිසා,” ෂ්‍යාඕ චීයේ උකුස්සාගේ පිහාටු මත වූ දූවිලි පිස දැමීය. "එහෙනම් ඇයි නොසැලකිලිමත් ලෙස පෙනී සිටින්නේ?"
◈ ◈ ◈
ශෙන් ස’චුආන් රාත්‍රියේ නැවත පංසලය පැමිණියේය. ඔහු ඔෟෂධ ගත් පසු, ඔහු මහාමාත්‍ය චී සමග මළුවේ වූ මේසයක් අසල හිදගන්නට විය.
ජී ගැං විසින් ජාඕ සූයි පන්සලේ කුඩා අංගනයක් ඉදිකළ අතර උණ බම්බු සිටුවා එළවළු වත්තක් දැමීමට මහාමාත්‍යවරයා කළ යෝජනාවටද එකඟ විය. ගිම්හාන රාත්‍රියක එළිමහනේ වාඩි වී සිටීම ඇත්තෙන්ම ප්‍රබෝධමත් අත්දැකීමක් විය.
"මහෝත්තම අධිරාජ්‍යයා කාරණය තවත් ඇදගෙන යන්න කැමති නැහැ වගෙයි."
, “ඔහුට චූ කුමරු ආරක්ෂා කරගන්න ඕනේ. ඒකයි ඔහු මට එළියට යන්න දුන්නේ. ඇදුරුතුමා ට සැබවින්ම ඇදහිය නොහැකි දුරදක්නා නුවනක් තියෙනවා. ”
"ඇදහිය නොහැකි වුවත් නැතත්, තීන්දුවකට පැමිණීමට තවමත් කල් වැඩියි." මහාමාත්‍යවරයා මේසය මත වූ මාංශ කැබැල්ලක් සපමින් කීවේය
. “පසුගිය වතාවේ ඔවුන් කිව්වා අධිරාජ්‍යයා අවුරුද්දේ මුල පටන්ම නැගිටින්න බැරි තරමට අසනීප වුණා කියලා. දැන් උතුමාණන් ගේ ජීවිතේ අන්තිම කාලේ ඔහුව රැකබලා ගන්න අධිරාජ්‍ය වෛද්‍ය විද්‍යාලය තියෙනවා. එහෙත් දැන් ඔහු කලින් හිටියට වඩා දුර්වල යි. මේකට නම් ගෞරවය හිමි වෙන්න ඕනේ පැන් රුගුයි ට."
ජී ලැං ගල් දෙකක් එකිනෙකට තට්ටු කරමින් දොර අසල අසුන් ගත්තේ ය. ඔහු පැවසුවේ ය, “ඔහුගේ කෝපය බොහෝ දුරට ඔවුන්ටයි යොමුවුටන්. ජි ලෙයි පවා ඔවුන් සමඟ දඬුවම් කළා. පැහැදිලිවම, ඔහු දිගු කලක් තිස්සේ ඔවුන් කෙරෙහි වෛරයක් තියෙනවා වගෙයි"
"අයෙකුට තමංගේ කාලය අවසන් වෙලා කියලා දැනෙනවානම්, ඔහු නිර්භීත වේවි." මහාමාත්‍යවරයා පවසන්නට විය, "සම්පූර්ණ කාලය පුරාම, ඔහු තමන්ගෙ රටට සහන ලබාදෙන්න ජීවිතය ගත කරන අධිරාජ්‍යයෙක් විතරයි."
“වැන්දඹු අධිරාජිනිය චූ කුමරුට කැමති නැහැ, නමුත් සිහසුනට පත්වෙන්න ඉතිරි වෙලා ඉන්නේ චූ කුමරු විතරයි. අද ජි ලෙයි චූ කුමරුට චෝදනා එල්ල කළා. මෙය පෑන් රුගුයි ඔහුව ඒකට ඇදාගත්තා නිසා නම්” ශෙන් ස'චුආන් ගේ මුව තුල ඖෂධ වල කහට රසය තවමත් තිබුණි . ඔහු තම නලළට අත තබාගත්තේ ය.
“එහෙනම්, මම ඒක විශ්වාස කරන්නම්. චූ කුමරු ව විනාශකරන චේතනාව පැන් රුගුයි ට තියෙනවා නම්, අනාගත ප්‍රතිවිපාක ගැන ඔහුට තවදුරටත් කනස්සල්ලක් නැතිව ඇති. මාලිගාවේ තවත් උරුමක්කාරයෙක් ඉන්නවා. චූ කුමාරයාට වඩා හැසිරවීමට පහසු කෙනෙක්.”
"හිටපු අධිරාජ්‍යයා ස්වයං පාලනයක් අනුගමනය කරනවාද?" ජී ගැන් පැවසුවේ ය, “මට ඒක හුඟක් සැකයි. ඒ විතරක් නෙමෙයි, සැබවින්ම උරුමක්කාරයෙක් ඉන්නවා නම්, වසර ගණනාවක් තිස්සේ ඔහුව සඟවා ගන්න ඔවුන්ට පුළුවන් වුනේ කොහොමද? "
" ලී රාජකීය රුධිරය ඔහු තුළ දුවන තාක් ඔහු අධිරාජ්‍ය උරුමක්කාරයා වෙන්න සුදුසුයි." මහාමාත්‍යවරයා මේසයට තට්ටු කරන්න ට විය, “හිටපු අධිරාජ්‍යයාට එක් අයෙක් නොමැති වෙන්න ඇති, නමුත් වර්තමාන තැනැත්තාට තවත් අයෙක් බිහි කරන්න බැරිද? ඔහුගේ අන්තඃපුරය උරුමක්කාරයෙකු බිහි කළාට පස්සෙ, ඔහු අවසන් හුස්ම හෙළුවහම, පබළු තිරයක්වත් එල්ලා නොගෙන උසාවිය පැවැත්වීමට සහ රාජ්‍ය කටයුතු පරිපාලනය කරන්න බිළිඳාව දෑතින් අරගෙන යන්නත් වැන්දඹු අධිරාජිණියට පුළුවන් වෙනවා. කාලය ආවාම, ළදරුවා භාරව ඉන්න හුආ සීචියන් ව පත් කරන්න පුළුවන්. එතකොට දජෞ වල හැමෝටම හුආ වාසගම ගන්න වෙනවා."
"නමුත් ෂ්‍යාඕ චීයේයි චු කුමරුයි අතර හොඳ සබඳතාවයක් තියෙනවා, ෂ්‍යාඕ වංශයට චූ කුමරු සිහසුනට පත් වුවහොත් ලබා ඕනෙම දෙයක් ලබා ගන්න පුළුවන් වගේම අහිමි වෙන්න කිසිම දෙයක් නැති වෙනවා." ශෙන් ස’චුආන් ඔහුගේ මාංශ කැබැල්ලට පහර දුන්නේ ය.
“ලීබෙයි කිසිවක් නොකර බලා ඉන්නේ නැකිවෙයි. චූ කුමරු තවමත් ජීවතුන් අතර සිටින තාක්, බියැන්ජුන් අණදෙන නිලධාරි ෂ්‍යාඕ ජීමිං සහ ලූ ගුඅන්බායිට චූදු කුණාටුවට පහර දෙන්න තම හමුදාවන්ට අණ දීමේ හැකියාව තියෙනවා. මේ සටන අෂ්ඨ මහා පුහුණු සේනාංක වලට කොහොම දරාගන්න පුළුවන් වේවිද?
මහාමාත්‍ය චී ඔහුගේ වැලමිට මේසයට තදකර ස'චුඇන් ගේ හිසකෙස් අවුල් කර දැමුවේ ය.
"ලන්ජෞ ඔබ කෙතරම් අවුල් සහගතද?! ඔබ හිතනවද වැන්දඹු අධිරාජිනිය ඒ ගැන නොසිතා ඉදිවි කියලා? අවුරුදු පහකට කලින් ඔවුන්ට ෂ්‍යාඕ චීයේ අවශ්‍ය වුනේ මොනවා වෙනුවෙන් ද? ෂ්‍යාඕ චීයේ ඔවුන්ගේ අතේ ඉන්නකල්, ෂ්‍යාඕ ජීමිං හදිසි පියවරක් ගැනීමට එඩිතර නොවේවි. ලිබෙයි සන්නද්ධ අශ්වාරෝහක හමුදාවට එරෙහිව පැමිණියහොත් චූදු වල පුහුණු අංශ අටට ජයග්‍රහණය කරන්න බැහැ, නමුත් චීදොං සටන් භටයන් ගැන මොනවා කියන්න ද? චී වංශයට මේ සටනට සම්බන්ධ වෙන්න කිසිම හේතුවක් නෑ.
"ස්වෛරීභාවය පක්ෂපාතීත්වය" යන වචන නිසා, චී ජූයින් ට තවමත් ෂ්‍යාඕ ජීමිං නැවැත්වීමට හමුදා යෙදවීමට සිදුවනු ඇත.
නිශ්ශබ්දව ඒ ගැන කල්පනා කරන ෂෙන් සෙචුවාන් දුටු ජි ගැන් පැවසුවේ ය, “වර්තමාන අධිරාජ්‍යයා තවමත් ජීවතුන් අතර නැද්ද? ඉතින් ඇයි ඒ ගැන කරදර වෙන්නේ?! වඩාත් තීරණාත්මක වන්නේ හෙට දිනයයි. හෙට, චුවාන්-එර්, ජි ලෙයිගේ අණ යටතේ, අධිරාජ්‍ය ආරක්ෂකයින්ට සම්බන්ධ වේවි. මම වද වෙන්නෙ ඒ ගැනයි."
“ඒකයි මම කිව්වේ මට ඇදහිය නොහැකි දුරදක්නා නුවණක් තිබුණේ නැහැ කියලා!” මහාමාත්‍යවරයා කෝපයෙන් කීවේය.
“උතුමාණන් ලන්ජෞ ව අධිරාජ්‍ය ආරක්ෂකයන්ට පැවරුවේ ඔහුගේ අරමුණ ඉටුකර ගැන්න සහ උත්තමාවියගේ කැමැත්තට එකඟ වෙන්නයි. නමුත් ඔහුට ඇත්තටම මතක නැද්ද අධිරාජ්‍ය බන්ධනාගාරයේදී ලන්ජෞගෙන් ප්‍රශ්න කළ තැනැත්තා කවුද කියලා ? විරුද්ධවාදීන් එකිනෙකාට මු ණගස්වලා ඔහු සැලසුම් කරන්නේ මොනවා කියලද ඔබ සිතන්නේ? මට තවමත් ඔබෙන් දෙයක් අහන්න අවශ්‍යයි, ජි ගැන්! ඔබ අද ෂ්යාඕෆුසී සොයායන්නකොට, ඔහු හුස්ම ගනිමින් ද හිටියේ?
ජි ගැං තම ඇඟිලි තුඩෙන් ගල පිස දැමුවේය. මොහොතක නිහැඬියාවකින් පසු ඔහු පැවසුවේ ය. “කියන්න අමාරුයි. මට පරිස්සමෙන් බලන්න තරම් වෙලාවක් ලැබුණේ නැහැ.”
"ඒක හරි." මහාමාත්‍ය චී ශෙන් ස'චුආන් දෙස බැලුවේය. “ඒක ගැන හොඳින් හිතලා බලන්න. අපි ඔහුට අත තියන්නට කලින් ෂියාඕෆුසි ඒ වෙද්දිත් මිය ගොස් සිටියා නම් - එය කළේ කවුද? ”
අර්ථ පැහැදිලි කිරීම්
病来如山倒. සම්පූර්ණ පේළිය 病来如山倒,病去如抽丝
娘娘Niang-niang යනු අධිරාජිනියක් හෝ අධිරාජ්‍ය භාර්යාවක් ආමන්ත්‍රණය කිරීමේදී භාවිතා කරන යෙදුමකි.
潜邸 අධිරාජ්‍යයා සිංහාසනයට පත්වීමට පෙර ඔහු වාසය කළ ස්ථානය
垂帘听政 වචනාර්ථයෙන් තිරයක් හෝ තිරයක් පිටුපස උසාවිය පැවැත්වීම. පුරාණ චීනයේ පැවති ක්‍රියාවක්, කාන්තාවන්ට දේශපාලනය තහනම් වූ බැවින් අධිරාජ්‍ය අධිකරණයේ මුලසුන දැරීමට අධිරාජිනිය හෝ වැන්දඹු අධිරාජිනියට අවසර දී ඇත. මෙය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ළමා අධිරාජ්‍යයාගේ මවක් වන අතර, ඇය අධිරාජ්‍යයා වෙනුවට සහයකයෙක් සේවය කරන අතර පාලනය කරයි.
මේ වෙලාවේ රට පාලනය කරන්නේ ලි. වැන්දඹු අධිරාජිණිය හුවා වංශයේ කෙනෙක්, ඉතින් මෙතනදි කියන්නේ එහෙම උනොත් මුළු අධිරාජ්‍යයම හුවා අතට පත්වෙනවා කියලයි.
ශෙන් ලන්ජෟ : ස'චුඇන් ගේ ගෞරවනීය නම.
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය
Comments
Post a Comment