Skip to main content

පරිච්ඡේදය 20-II | Sui Xian

 අනිච්ඡානුගව ඔහු යැන් ජින් පිළිබඳව සිතා බැලුවේ, ඔහුගෙන් විමසා සිටින්නට සිත් වීය, නමුත් ඔහු වටහා ගත්තේ මෙය යැන් ජින්ගේ අත්වැඩක් විය නොහැකි බවයි. ඔහු කතානායකයා වූවත්, නිකායේ විමසිලිමත් ඇස් වසා මෙවන් බියකරු මෘගයින් රැසක් මාරු කිරීමට නොහැකි විය යුතු ය.


ආධ්‍යාත්මික මුද්‍රාව තවමත් ක්‍රියාත්මක වී පැවතියේ, තවමත් ඔවුනට ආධ්‍යාත්මික සුරැකුමක් නොමැති බැව් හඟවමිනි. ශෙන් ජිෂියෑන් හට තවදුරටත් අවදානමක් ගැනුමට අවැසි නොවූයේ, පැමිණි මඟෙහි ම හැරී  ආපසු යන්නට තීරණය කළේ ය. දිගු වේලාවක් ඇවිද යාමෙන් අනතුරුව අනවධානයෙන් කැරකෙමින් පෙර හුන් ස්ථානයට ම ආපසු පැමිණ තිබිණි.

බිම වැතිර හුන් ගස  ඔවුනගේ පරාජය කියාපාමින් නිසොල්මනේ බිම වැතිර තිබිණි.

දෙදෙනා උනුනගේ මුහුණු දෙස බැලුවේ, " ඉස්සරහට ම යනවා ද? යි ශෙන් ජිෂියෑන් විමසා සිටියේ ය.

යැන් ජින් කිසිත් නොපැවසූමුත් ඔහුගේ අත අසිපත මත තද විය.

නව මාවතෙහි ගමන් කිරීම එතරම් පහසු නොවිණි. එකෙකු පසුපස එකෙකු සේ අලුත් යක්ෂ මෘගයින් පෙනී සිටින්නට වීය. පෙර ඔවුනගේ නෙත ගැටුණු සාවුන්, මල් හා කොබෙයියන් පමණක් නොව තවත් ආගන්තුක මෘගයින් රැසක් එහි විය. ඔවුනතරින් කිහිප දෙනෙකු හැඳින ගැනීමට ශෙන් ජිෂියෑන් සමර්ථ වූ නමුත්, ඒ සියල්ල ම නොවේ.

යැන් ජින් බෙහෙවින් ආරක්ෂාකාරී වූයේ ය. අර්ධ වශයෙන් කොපුවෙන් පිටත වූ ඔහුගේ අසිපත, ඕනෑම මොහොතක දී පහර දීමේ සූදානමින් විය. නමුදු වඩාත් ම පුදුම සහගත දෙය වූයේ, මෙම මෘගයින් ආහාර ලෙස ඔවුන්ව හඳුනාගැනීමයි. එමෙන් ම, ඔවුන් කරා ඇදුණු මොහොතේ දී ම එම මෘගයින් ම අතිශය භීතියට පත්ව වටේට කැරකීමෙන් වැළකී පලා යාමයි.

හැඟුණේ, මෘගයින් බියෙන් සිහිවිකල ව ගිය බවකි, ඉවත දිව නොගියහොත් එතැන්හි දී ම කා දමනු ඇතැයි බිය වූ බවකි.

ශෙන් ජිෂියෑන් යැන් ජින් වෙත අවිශ්වාසයෙන් පිරි බැල්මක් හෙළුවේය. මේ කතානායකයාගේ බලය වෙන්නට පුළුවන් ද?  මෙයාව දුටු ගමන් ම  මෘගයන් බිය වී පලා යන තරම් රත්තරන් ඇඟිල්ලක් කලින් ම ඇවිල්ලා ද?

යැන් ජින් හට ඔහුගේ බැල්ම දැනුණේ, පෙරළා ඔහු දෙස බැලීය. මෙම මෘගයින් සිය ගුරුතුමාට බියෙන් සිටිනා බවක් ඔහුට හැඟුණේ ඇයි?

කිහිප වාරයක් ම මෙම මෘගයෝ ඔහුගේ අසිපත හා ගැටෙන්නට ආහ. නමුත්, ශෙන් ජිෂියෑන් හැරී ඔවුන් දෙස බැලූ වහා ම ක්ෂණිකවම පාෂාණිභූත වන ඔවුහු වහාම පලා ගියහ.

ගුරුවරයාත් ගෝලයාත් එකිනෙකා දෙස බැලුවේ, සිය අනුමානය නිවැරදි යැයි දෙදෙනා ම සිතමිනි.

සියලු ම මෘගයෝ පලා ගියහ. කිමදැයි යන්න කිසිවෙක් දැන නොසිටියත්, එය අවම අවදානමක් සහ අවම හිරිහැරයක් නිසාවෙන් දෙදෙනා ම සතුටු වූහ. තවත් හෝරා එකහමාරකින් පමණ පසුව වනය තුනී වන්නට විය. ශෙන් ජිෂියෑන් දෙනෙත් කුඩා කරමින් මදක් දුර බැලුවේ ය. ඔහු මිමිණුවේ, " විවෘත ඉඩක් තියෙනවා. "

එම විවෘත අවකාශය කුඩා බිමක් සේ දිස් නොවුණි.

ඔහු විවෘත අවකාශයට කෙමෙන් කෙමෙන් ළංවත් ම ශෙන් ජිෂියෑන් වඩාත් නළල රැළි කරන්නට විය. ඔහුගේ නෙත වැකි සෑම දසුනක් ම deja vu හි හැඟීමක් ඇති කරන බවක් පෙනෙන්නට තිබිණි.

ඔහු මීට පෙර මෙහි සිටියා ද?

ඔහු විවෘත අවකාශය ඉදිරියෙහි සිට ගෙන මතකය පීරා සෙවූමුත් කිසිවකුත් හමු නොවුණි. ඔහු ඒ පිළිබඳව සිතමින් සිටිය දී, දෑස් කොණක ක්ෂණික දීප්තියක් ඇති විය.

ඔහු සිය බැල්ම සම්පූර්ණයෙන් ම එදෙසට යොමු කළේ, එහි එතරම් දුරකින් නොවූ, නිහඬ ව ඔහු දෙස බලා හිඳිනා සියුම් මීදුමක් බඳු රුවක් වන බව වටහා ගත්තේ ය.

ඒ මුහුණ පැහැදිලි ව දුටු මොහොතේ ශෙන් ජිෂියෑන්ගේ වතෙහි ඇඳී ගියේ විස්මයකි. ඔහු රුව දෙස බලාගෙන ම අනිච්ඡානුගව පියවර කිහිපයක් ඉදිරියට තැබුවේ කම්පනයෙනි.

ඔහු ඉදිරියට පා තැබූ වහා ම අවට වාතලය කැළඹී ගියේ, යමක් සක්‍රීය වූ බවක් පෙන්වමිනි.

මෙම අසාමාන්‍ය වෙනස හඳුනා ගත් යැන් ජින්, හදගැස්මක වේගයෙන් ශෙන් ජිෂියෑන් හඹා යන්නට ඉදිරියට පා තැබීය. නමුත් ඔහු වටහා ගත්තේ අදෘශ්‍යමාන බාධකයක් නිහඬව ම ඉහළ නැග ඇති බවකි.

එය ඔහුත්, ශෙන් ජිෂියෑනුත් අතරෙහි ම විය.

........

ශෙන් ජිෂියෑන් තමන්ගේ පසුපස වූ විපර්‍යාසය පිළිබඳව දැනුවත් නොවීය. තමන් ඉදිරියෙහි වූ මීදුම් රුව දෙස ය ඔහු බලා සිටියේ. එය සඳෙහි සුදු පැහැ ගත් දිගු වස්ත්‍රයකින් සැරසී සිටි, ඉඟටියෙහි අසිපතක් එල්වා ගෙන සිටි කඩවසම්, මැදි වියෙහි වූ මිනිසෙකුගේ ය. ඔහුගේ එක් අතක් අවකාශයෙහි නිදහස් ව තිබිණි. ඔහු ශෙන් ජිෂියෑන් දෙස බලත් ම, ඔහුගේ දෙතොල් ඇදී ගියේ හසරැල්ලක් මවමිනි.

ඔහුගේ දෙනෙත් ඉමහත් සෙනෙහසකින් පිරී තිබිණි.

මේ වත සිය ගුරුතුමාගේ මුහුණට අතිශයින්ම සම විය...... හිටපු නිකාය නායකතුමාගේ මුහුණ.

ශෙන් ජිෂියෑන් අස්ථිර හඬින් ඇමතුවේ ය. " ෂිෆු  " ඔහු සමීපව රුව දෙස බැලුවේ, චී අපගමනය හේතුවෙන් හිටපු නිකාය නායකතුමා මිය ගිය බැව් සිහි කරමිනි. නමුත්, ඔහු එක්වරම තමන් ඉදිරියෙහි සිටින්නේ මන්ද?

රුව නිසල ව ම හුන්නේ ප්‍රවේශමින් සිතුවම් කරන ලද අකුළන සිතුවමක් මෙන්, අඩු තරමින් මුවෙහි වූ සිනහවෙහි හෝ කිසිදු වෙනසක් නොවීමය. රුව විචිත්‍ර වූවත්, එය ජීවී බවින් තොර වූවක් විය.

ශෙන් ජිෂියෑන් සිය උරහිස මතින් පිටුපස බැලුවේ, යැන් ජින් හිඳිය යුතු ස්ථානය හිස් බව වටහා ගත්තේ ය. ඔහුගේ ඇහිබැමි හැකිළී ගිය අතර තාර්කිකත්වය පැවසූවේ තනිව අවදනමකට මුහුණ නොදිය යුතු බවයි. නමුත්, අදෘශ්‍යමාන බලයක් ඔහුව ඉදිරියට ම යොමු කරන බවක් පෙනෙන්නට විය.

එහි  ඔහුගේ අවධානය පැහැරගනිමින්, කුණු ගොඩෙහි  අඩක් වැළලී ගිය අමුතු හැඩයකින් යුතු ශ්වේත වර්ණ තාපදීප්ත වස්තුවක් විය.

ඔහු තමන්ව ම නවතා ගැනීමටත් පෙර, ශෙන් ජිෂියෑන් පහතට නැවී එම වස්තුව අතෙහි බර කළේ ය. මෙය ඇත්තෙන් ම විශාල අධ්‍යාත්මික ජේඩ් එකක් විය. නෑ... එක් කැබැල්ලක් නොව, කැබලි රැසකි.

විවිධාකාර හැඩයන්ට කැටයම් කොට තිබූ ඇඟිලි ප්‍රමාණයේ ජේඩ් කැබලි නොගිණිය හැකි ප්‍රමාණයක් ලූබන් අගුලක් ලෙසින් පැටලී තිබිණි.

ශෙන් ජිෂියෑන් මෙවන් කුඩා සෙල්ලම් බඩු හා ක්‍රීඩා කරන්නට කැමැත්තක් දැක්වීය. එම නිපුණතාවන් සෙවීමට පවා ඔහු කාලය කැප කොට තිබිණි. මෙවිට ඔහු සියතෙහි වූ ක්‍රීඩා භාණ්ඩය අතෙහි හරවා ගත්තේ ය. ක්ෂණයකින් ඔහුගේ ඇඟිලි ක්‍රියාත්මක වූයේ, වේගයෙන් පෙරළෙමින් කැබලි විසිරෙන්නට විය.

මෙම ලූබන් අගුල පෙර දී විසඳා ඇති ඒවාට වඩා පිරිපහදු කර තිබූ අතර සවිස්තරාත්මක විය. ප්‍රතිඵලය වූයේ, සාමාන්‍ය පිළිතුරට වඩා මදක් වෙනස් විසඳුමක් ලැබීම වූ අතර එය ඔහු පෙර විසඳා ඇති විසඳුම්වලට සමාන ද විය.

අවසානයේ දී අමුතු සුපුරුදු හැඟීමක් ඇති විණි. අවසන් ආධ්‍යාත්මික ජේඩ් දෙකත් වෙන් කළ විට ජේඩ් සියල්ල ම විසිර ගොස් අළු මෙන් ඔහුගේ ඇඟිලි දිගේ ගසාගෙන ගියේ ය.

ඉතිරි වූයේ ඔහුගේ අත්ල මත නිහඬව ම වැතිර හුන් ටර්කියුයිස් ජේඩ් එකක් පමණි. එය බරැති එකක් වූ අතර දිලිසෙන බැබළීමකින් ආවරණය වී තිබිණි. ශෙන් ජිෂියෑන් කල්පනාකාරීව ඒ දෙස බලා හුන්නේ ය. හදිසියේ ම ජේඩ් එක දීප්තිමත් ආලෝක කිරණයක් බවට කැඩී ගොස් ඔහු ඉදිරියෙහි වූ මිනිසාගේ මීදුම් රුව වෙතට එල්ල විය.

නිසල රුව හදිසියේ ම චලනය විය.

සුළඟක් හමා ගිය අතර ඔහුගේ විසල් කබා අත් සෙලවී ගියේ ය. ඔහුගේ වත මෘදු වූයේ, සම්පූර්ණ පුද්ගලයා ම ක්‍රමයෙන් ජීවි තත්ත්වයට පත් වෙන්නට විය. ඔහු ශෙන් ජිෂියෑන් හට හිස වැනුවේ " ඔබ ආපසු ඇවිත්. "

ශෙන් ජිෂියෑන් විමතියෙන් ඔහු දෙස බැලූමුත් කිසිත් නොපැවසී ය.

එම රුව ඔහුගේ ප්‍රතිචාරය සැලකිල්ලට නොගන්නා බවක් පළ විය. අන් අයුරකින් පවසතොත්, මෙය දිගු කලකට පෙර තැබූ මායාවකි. සෑම පියවරක් ම පියෙන් පිය සිදු කරන ලද අතර බාහිර ප්‍රතික්‍රියා නිසා පමණක් ස්වයංසිද්ධව වෙනස් නොවේ.

තවමත් සිනාසෙමින් හුන් ඔහු පැවසුවේ " මේක අගුලු හරින්න පුළුවන් ඔබට ම පමණයි. " ඔහුගේ ස්වරය කාරුණික හා මෘදු වූයේ, සහනයකින් හා නොස්ටැල්ජියාවක් ද මුසු ව තිබිණි. " Sui Xian, ඔබ ආපසු ආවා, නේද? "

Su Xian

එම නාමය ගිගුරුමක් මෙන් ශෙන් ජිෂියෑන්ගේ හදට වැදී ඔහුව මෝහනය කළේ ය.

තවත් පියවරක් හෝ ඉදිරියට තබන්නට ඔහුට නොහැකි විය. ඔහුගේ හඬ මදක් වෙව්ලුම් කන්නට වූයේ, " ඔයා.... මේ දැන්, මට කතා කළා ද? ඔයා - ඔයා මට කතා කරනවා ද? "

රුව ඔහුව නොතකමින් සුසුමක් හෙළා නොනවත්වා කතා කළේ, " අද ඔයා මේ දකින මම අවතාරයක් පමණයි. ෂුආන්ජි මණ්ඩපයේ නිමැවුම්කාරතුමා මට පේන මණ්ඩලයක් සකසන්නට උපකාර කළා. දෛවයෙන් පලායන්නට ඉඩක් නැහැ. මේ වෙලාවේ දී මගේ තත්ත්වය ගැනවත් මගේ ගෝලයා Sui Xian හොඳින් ආරක්ෂිත ව ඉන්නවා ද කියාවත් මම දන්නෙ නැහැ. Sui Xian මතකයේ තබා ගත යුතු දෙයක් පමණයි මට කියන්න තියෙන්නේ. "

ශෙන් ජිෂියෑන් නොදැනුවත්ව ම සුසුම් සිරකර ගත්තේ ය.

රූපය සෙමින් පැවසූවේ, " එය ඔබේ විය යුතුයි එනිසා ඔබ යටත් නොවිය යුතුයි. ඔබ එහි වගකීම ගත යුතු අතර එය අත් නොහැරිය යුතුයි. "

ශෙන් ජිෂියෑන් කම්පනයට පත් වෙමින් අන්ද මන්ද විය. තාරුණ්‍යයේ නොසැලකිලිමත්, ජවයෙන් පිරි, වීර ආශාවන්ගෙන් හා මහා අභිලාෂයන්ගෙන් පිරි තරුණ හඬක් ඔහුගේ දෙසවනින් ඇසෙන බවක් පෙනෙන්නට විය. " මා සිටින තාක් චින්‍යුන් නිකාය කිසි විටෙකත් පහත වැටෙන්නේ නැහැ. ෂිෆු, ඔබට සන්සුන් ව විශ්‍රාම යන්නට හැකියි. "

නමුත්, කාලයත් සමඟ දේවල් වෙනස් වී ගියේ ය. යමෙකු චී අපගමනය හේතුවෙන් මියැදී ඇති අතර, තවත් අයෙකුගේ මහා අපේක්ෂාවන් බොහෝ කලකට පසු සිඳී ගොස් ඇත.

ශෙන් ජිෂියෑන්ගේ මනෝභාවය සංකීර්ණ විය. නීරස ගතියක් ඔහු හද තුළට ආවේ ඔහු අපහසුතාවට පත් කරවමිනි. සුළඟේ දී, ඔහුට ඔහුගේ ම හඬ ඇසුණේ, " මම ආපසු ආවා. "

කතා කළේ කවුරුන් ද, සහ ආපසු පැමිණියේ කවුරුන් ද?

ඒ ඔහු ද, නැතහොත් මුල් " ශෙන් ජිෂියෑන් " ද?, එසේත් නැති නම් එම රුව කතා කළේ Sui Xian පිළිබඳව ද?

ශෙන් ජිෂියෑන් හට දැනුණේ සිය සිතිවිලි අවුල් ව ගොස් ඇති අයුරු පමණි. සංකීර්ණ හැඟීම් සහ රළු මතක කොටස් ඔහුගේ සිත තුළ පිරී ගොස්, වල් පැළෑටි මෙන් පැටලී අවුල් වී ගොස් ඔහුගේ සිතීමේ හැකියාව අහිමි කර තිබිණි. රූපයේ බරැති මෘදු හඬ ඔහුගේ දෙසවන් තුළට වැදිණි.

" ..... සොන් මින් හොඳ ළමයෙක්. ඔහුගේ ධ්‍යානවේදය අඩුකම කණගාටුවට කාරණාවක්. ඔහුට ඔහුගේ වර්තමාන මට්ටමේ ඉන්නට පුළුවන් ටික කාලයක් වුණත් ඊට එහා යන්නට බැහැ. මම කලින් ඔහුට කියා තිබුණා, ඔබ ආපසු පැමිණිලා ටෝකනය සාක්ෂියක් ලෙස දුන්නායින් පසු, නිකාය නායක තනතුර ඔබට දිය යුතු යැයි කියා. දැන් ඔබ ඉන්නවා. "

" මම ඔබට යහපත් සෞඛ්‍යය හා සාමකාමී දිවියක් ප්‍රාර්ථනා කරනවා. චින්‍යුන් නිකාය ඉහළට ම ඔසවලා තියන්න, නමුත් එයට සීමා වෙන්න එපා. ස්වර්ගයේත් පොළොවේත් පරතරය ගැන ගවේෂණය කරන්න. "

රූපය බොඳ ව යන්නට වූ අතර කණාමැදිරියන් මෙන් ඔහු වටා ආලෝකයක් පැතිරී ගියේය. ඉන්පසු ඔහු සුළඟෙහි විසිර ගියේ ය. වියපත් තැනැත්තාගේ හඬ කෙමෙන් වියැකී ගියේ ඔහුගේ කාරුණික සිනාවත් සමඟම ය. හදිසියේ ම ශෙන් ජිෂියෑන් හට හෘදයෙහි දැඩි වේදනාවක් දැනුණේ ශෝකයත් සමඟ එය පාලනය කළ නොහැකි ලෙසින් නැඟෙන්නාක් සේ දැනෙමිනි. ඔහුගේ දෙනෙත් අගින් කඳුළැල් කඩාහැළිණි.

ඔහු පැහැදිලිව ම පිටස්තරයෙකු පමණක් ම විය. මේ සිරුර ලබා ගැනුමට ඔහුට කුමනාකාරයේ අවස්ථාවක් ලැබුණිදැයි ඔහු දැන නොසිටියේ ය. හිටපු නිකාය නායකතුමා " ශෙන් ජිෂියෑන් " හට කෙතරම් හොඳ වූවත්, එය හිටපු නිකාය නායකතුමාගේත් මුල් හිමිකරුගේත් දෙයක් පමණ ම ය.

මේ ඉබේ ම හට ගන්නා චිත්තවේගයන් මුල් හිමිකරු සතු ඒවා ද...?

ශෙන් ජිෂියෑන් වහාම හුස්ම ඇල්වූයේ, ඔහුට පීඩා ගෙනදෙන මෙම නීරස ශෝකයට එරෙහි වීම අපහසු බැව් අවබෝධ කරගත්තේය. එක්විට ම ඔහුගේ දණහිස් උත්සාහය අතහැරීමෙන් බොරළු මතට ඇද වැටුණේ, පොළවෙහි වූ කුඩා ගල් කැට ඔහුගේ දණහිසේ සම කඩා රුධිරය ගලන බැව් නොතකමිනි.

" ආයුබෝවන් මගේ ගෝලයා Sui Xian "

හැමූ මද පවන් සහිත සුළඟින්, බාධකය බිඳී ගොස් රුව ද මැකී ගියේ ය. ඔහුගේ අවසන් සුසුම ද සුළඟ හා ඉවතට ගසාගෙන ගියේ ය.

වදන් කිහිපයක් පමණක් යැන් ජින් වෙත පාව ගියේ ය.

ඔහුව අවහිර කරමින් පැවති බාධකය හදිසියේ ම නොපෙනී ගියේ ය. එම නාමය සවන් වැකීමට පෙරාතුව, ශෙන් ජිෂියෑන් හට සිදුවන්නේ කුමක්දැයි බැලුමට යැන් ජින්ට කාලයක් නොවුණි. ඔහු ක්ෂණික ව කම්පනයට ලක් වූ අතර, අවිශ්වාසයෙන් පිරි බැල්මකින් ශෙන් ජිෂියෑන් දෙස බැලීය.

ශෙන් ජිෂියෑන් කතා කළේ කාටද? කවුද Sui Xian කියා කියන්නේ? ඒ කවුද....  Sui Xian කියා ඇමතූ තැනැත්තා?

බාධකයට පසුපසින් සිටියදී ඔහුට හැකි වූයේ ශෙන් ජිෂියෑන් බොඳ වූ රුවක් හා කතාකරනු දැකීම පමණි. නමුත් ඔහුට ඔහුගේ වදන් ඇසීමට හැකියාවක් නොවීය. බාධකය බිඳී යද්දි පමණක් ඇසුණු එය ඔහුගේ මනසට බලපෑමක් කරන්නට සමත් විණි.

නොයෙකුත් ගැටලු ඔහු සිත පැනනැඟිණි. මෙම කෙටි කාලය තුළ දී වූයේ කුමක්දැයි ඔහු විමසිය යුතු වූවත්, බියසුළුකම ඔහුගේ මග නැවැත්වීය.

අවසානයේ ළංවීමට පෙර ඔහු බොහෝ වේලාවක් දරදඬු ලෙස සිටගෙන සිටියේ ය. නොගිණිය හැකි තරම් සුළඟත් වර්ෂාවත් හමු වූ පර්වතයක් මෙන් ස්ථාවර වූ, දුෂ්කරතාවයෙන් වර්ධනය වූ සන්සුන් බවට ඔහුගේ හැසිරීම එළඹිණි.

" ෂිෆු " ඔහු පහත් සරින් ඇමතීය. නමුත් ශෙන් ජිෂියෑන් ඊට ප්‍රතිචාරයක් නොදැක්වූයේ, යැන් ජින්ගේ පැමිණීම පවා නෑසුණාක් මෙනි.

යැන් ජින් දුටුවේ ශෙන් ජිෂියෑන්ගේ මනා හැඩැති දෙලවන් මද වශයෙන් වෙව්ලන බවකි. කුමක් පවසන්නදැයි නොදත් යැන් ජින් ඔහු අසල දණ නැමුවේ හුස්මක් තරම් මෘදු මැසිවිලි ඇසුවේ ය.

" ..... තුන්වන ප්‍රාර්ථනාව නම්, වසරක් වසරක් පාසා අපි ජල තරංගයක් මත විවේක ගන්නා වැහිලිහිණියන් යුවළක් මෙන් වීමයි. "

අවට දසුන් එක්වර ම විකෘති විය. දිගු නිහඬ දුරස්ථකරණ ව්‍යුහය යළි ක්‍රියාත්මක වෙමින් අධ්‍යාත්මික ශක්තීන් උච්චාවචනය වන්නට විය.

Comments

  1. 🥰🥰🥰🥰

    ReplyDelete
  2. ❤️❤️❤️

    ReplyDelete
  3. Anith kotasath ikmnt oni. Thank you 😍😍😍😍😍❤❤❤❤❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-