" උණුසුම්, සිහින් ව කැපූ හරක් මස් සහ වයින් බෝතලයක්, එනවා! "
" මස් පිරවූ තැම්බූ බනිස් පිඟානක්! මිහිරි කේක් පිඟානක්! හරක් මස් සුප් එකක්, එනවා!! "
" කුඩා සහෝදරයා, මට ප්ලම් මල් සුප් බඳුනක් දෙන්න පුළුවන් ද ? "
සියලුම ආකාරයේ කටහඬවල් එකිනෙක හා මුසුව ඇත. එය ශීත ඍතුවේ ශීත උදෑසනක් වූ අතර, හමන සුළඟ ද සිසිල් විය. මිනිසුන් කතා කරන විටදී ඔවුන්ගේ උණුසුම් හුස්ම ශීතල මගින් සුදු මැහැ දුමාරයක් බවට හැරවුණේ, එය පුද්ගලයින්ගේ මුහුණු පවා බොඳ කරන තරමට ඝන එකක් විය.
මාර්ගයේ කොණක ගුලි වී සිටියේ පස් - හය වියැති පිරිමි දරුවෙකි. තුනී, ඉරී ගිය කමිසයකිනුත්, අපිරිසිදු පාවහන් යුගලකිනුත් සැරසී සිටි ඔහු හිම මත පා තබන විට ඒවා කිසිසේත් ම ඔහුව උණුසුම්ව නොතැබීය.
ඔහුගේ කලිසම ඔහුගේ තරමට වඩා කුඩා වූ අතර ශීතලෙන් රතු වී තිබූ දෙපාවලින් අඩක් පමණ ඉන් පිටතට නිරාවරණය වී තිබිණි. ඔහු එය ගණන් නොගන්නාක් මෙනි. ඔහු දෑස් අපහසුවෙන් විවර කළේ අවට බැලීමට පමණි.
ඔහුගේ මුහුණ අපිරිසිදු වූ අතර, විනිවිද පෙනෙන ඔහුගේ අඳුරු දෑස පමණක් පැහැදිලි හා දීප්තිමත් විය.
මැදිවියෙහි පසු වූ අයෙක් විශාල තැම්බූ බනිස තුනක් සහ නූඩ්ල්ස් සුප් බඳුනක් මිලදී ගත්තේ ය. නොබෝ වේලාවකින් තවදුරටත් ආහාර ගත නොහැකි වූවෙන් ඔහු එක් තැම්බූ බනිසක අඩක් සහ සුප් බඳුනෙන් ස්වල්පයක් ඉතිරි කළේ ය.
කුඩා පිරිමි දරුවා එදෙස බලා හුන්නේ නිධානයක් හමුවූවාක් මෙනි. මැදිවියෙහි පසු වූ තැනැත්තා පිටව ගිය වහා ම ඔහු ඉක්මනින් එම කොණට ඇදී ගියේ ය. එක් අතකින් තැම්බූ බනිස මැනවින් අල්වා ගත් ඔහුගේ අනෙක් අත සුප් බඳුන අල්වාගෙන මුව අසලට ගෙන ආවේ ය.
ඔහුගේ ක්‍රියාවන් ඉක්මන් වූ නමුත් සෙස්සන් එය දුටු අතර ඔහු දැක පිළිකුලට පත් වූහ. ඔහුගේ මුව සීතල බඳුනෙහි ස්පර්ශ වූවා පමණි, එහි අන්තර්ගතය පානය කිරීමටත් පෙරාතුව ම දරුණු පහරකින් බඳුන පෙරළී ගියේ ය.
සූපය ඔහු මත වැටුණු අතර සීතල සුළඟ සීතල තෙත් කමිසය හරහා ඔහුගේ සිරුර පසාරු කරගෙන ගියේ ය.
" මේ අපිරිසිදු එකා ආවේ කොහෙන්ද?! ඉවතට යනවා! "
ශක්තිමත්, පිරුණු මාංශපේශිවලින් යුතු මිනිසෙකු ද්වේෂයෙන් සහ පිළිකුළෙන් මිශ්‍රිත හඬකින් විරිත්තමින් ඔහුට බැණ වැදුණේ ඒවා සැතක් මෙන් දරුවා පසාරු කරගෙන යද්දී ය.
කුඩා දරුවා ඉතිරි ව තිබූ තැම්බූ බනිස් අර්ධය නිහඬවම අතට ගුලි කරගත්තේ ය. ඔහු සිය කුඩා අත් මිටි කරගෙන නිහඬවම ඉවතට හැරුණේ ය.
ශක්තිමත් මිනිසා ඇසිපිය ගැසුවේ තැම්බූ බනිස දැක කෝපයෙන් බැන වැදුණි. " අපිරිසිදු එකා, ඔබෙ අතේ තියෙන්නේ මොකක්ද? තැම්බූ ලොකු බනිස් ගෙඩියක මිල තඹයකට සමානයි. උඹ එය නොමිලේ ලබා ගන්නට තරම් නිර්භීතයි ද? "
පැහැදිලිවම එහි ඉතිරි ව තිබුණේ කුඩා කබැල්ලක් පමණි.
පිරිමි දරුවා දෙපා දිගු කළේ පලා යන්නටයි. නමුත්, ඔහු පලා යනු දුටු මිනිසා දිගු පියවරක් තබමින් දරුවාගේ කොලරයෙන් අල්ලා ඇදගත්තේ ය. මෑතක සිට ඔහුට නොයෙකුත් කරදර ඇති වී තිබූ අතර එම ආතතිය පිට කරගැනීමට කිසිවෙකුට හෝ වද දෙන්නට අවැසිව තිබිණි.
පිරිමි දරුවා ඒ වන විටත් දුර්වල ව සිටි අතර සිරුර ද දැඩි ලෙස ශීතල වී තිබිණි. පියවර දෙකක් ඇතුළත මිනිසා විසින් ඔහුව අල්වා ගත් අතර ඔහු බිම ඇද වැටුණි.
ඒ රුදුරු අඳුරු අත ඔහුගේ කොලරයේ පිටුපසින් ඔහුව ඇදගෙන යන්නට සැරසෙද්දී ම, සුන්දර අතක් සානුකම්පිතව ඇදී විත් මිනිසාගේ මහත මැණික්කටුව වටා තදින් බැඳී ගියේ ය.
මිනිසාගේ මැණික්කටුව වටා එතුණු ඒ සිහින් ඇඟිලි දුර්වල බවක් පෙනුණ ද, ඒ මිනිසාට දැනුණේ දඬු අඬුවකට හසු වූවාක් මෙනි. ඔහුට එය සොලවන්නට පවා නොහැකි විය.
මේ වීඉයෙහි සිටිනා, ගනුදෙනු කරන්නට බෙහෙවින් අසීරු යැයි සම්මත මොහු මෙතරම් ම දරුණු ලෙස සැලකුම් ලද ප්‍රථම අවස්ථාව මෙය විණි.
ඔහු කෝපයෙන් රතු වී හිස හරවා බැලුවේ කොටි හිසෙන් ලොම් ගලවා ගන්නට තරම් එඩිතර වූ නූගත්, නිර්භීත එකා කවරෙක් දැයි බැලීමට ය. ප්‍රතිඵලය ලෙස ඔහු දුටුවේ ශ්වේත වර්ණ දිගු වස්ත්‍රයකින් සැරසී හුන් උතුම් පෙනුමැති තරුණයෙකි. ඔහු සැහැල්ලුවෙන් සිනාසෙමින් මිනිසාගේ මැණික් කටුව දරුවාගෙන් ඉවතට විසි කළේ ය.
විගසින් ම මිනිසාගේ අත හිරිවැටෙන්නට වූයේ තවදුරටත් ඔහුට අත එසවීමටවත් නොහැකි පරිද්දෙනි. අනුකම්පා විරහිත අයෙකු මුණගැසුණු බැව් වටහාගත් ඔහුගේ වත විකෘති වී ගියේ ය. ඔහු දත්මිටි කමින් හිතාමතාම දර්ශනයක් පෙන්වමින් කෑගැසුවේ " උඹ කවුද?! වහාම උඹේ නම කියපන්!"
ශ්වේත වස්ත්‍රධාරී තරුණයා මිනිසා දෙස අලස බැල්මක් හෙලුවේය. ඔහුගේ කෝපය යහපත් මට්ටමක වූ බැවින් ඔහුගේ සිනහව නොවියැකුණි. ඔහු එක් වැකියකින් පිළිතුරු දුන්නේ, " එය Jianghu හි නොදන්නා අතර පැවසීම නිශ්ඵලයි " යනුවෙනි.
මිනිසාට තවත් තර්ක කරන්නට අවැසි වූ මුත්, ඊළඟ මොහොතේ ඔහුට දැනුණේ සිය සිරුර ම හිරිවැටෙන බවකි. එක් මොහොතක ඔහු සිටගෙන සිටි අතර ඊළඟ මොහොතේ දී ඔහු බිම ඇද වැටිණි. නොතේරෙන හඬවල් මුවින් පිට කරමින් ඔහුගේ දිව ද ඉදිමෙන්නට විය.
දෙතුන් දෙනෙකු මීට ආසන්නයේ අහර බුදිමින් සිටියත් කිසිවෙකුත් ඔහුගේ උපකාරයට එහි නාහ. පාරේ නොහික්මුණු ලෙසින් හැසිරීම සඳහා ප්‍රසිද්ධ අයෙකු වූ මොහු හා පැටලෙන්නට කිසිවෙකුත් කැමති නොවුණි.
සුදුවත් හැඳි තරුණයා ඒ මිනිසා නොසලකා හැරියේය. ඔහු ආපසු හැරී පියවර කිහිපයකින් කුඩා දරුවා වෙතට ළඟා විය. දරුවා වෙත ළඟා වූ ඔහු විමසූයේ " ඔබට නැගී සිටින්නට පුළුවන් ද? "
කුඩා දරුවා සිය අපිරිසිදු දෑත් දෙස බැලුවේ කිසිත් නොකීවේ ය.
සුදුවත් හැඳි තරුණයා සිනාසුණි. කෙසේ කළාදැයි කිව නොහැකිමුත්, මැණික්කටුවලින් කළ යම් චලනයකින් ඔහු ලා අලු පැහැ සිනිඳු ලොම් කබායක් දරා සිටියේ ය.
දෑත දිගු කරමින් ඔහු එය කුඩා දරුවා වටා එතුවේ ය.
ගෙල වටා වූ ලොම්, දරුවාගේ මුහුණෙහි වැඩි ප්‍රමාණයක් වසා ගත්ත ද, යමෙකු කොඳුරන හඬ ඔහුට ඇසිණි.
" අහ්, ඒ අමරණීය ධ්‍යානවේදියෙක්. "
අමරණීය ධ්‍යානවේදියෙක්
ඒ කුමක්ද?
ඒ අමුතු වදන් හිස් ලෙසින් ගිලගනිද්දී, එක්වරම ඔහුට වැටහුණේ ඔහුව ඉහළ අවකාශයට එසවී ගිය බවකි. සිය පිටුපසට සිහින් තට්ටුවක් ලැබී මෘදු හඬකින් " සෙලවෙන්නට එපා " යැයි පවසන තුරු ඔහු අචේතනිකව ම දඟලන්නට වූයේ ය.
තරුණයා කුඩා දරුවාගේ මන්දපෝෂණයෙන් යුතු සිරුර එක් අතකින් ඔසවාගෙන සිටියේ, කබායෙන් යට වූ සිරුරෙහි ඇටකටු විනා මස් කළඳක් නොවූයෙන් ඔහු පිහාටුවක් විලසින් දැනෙද්දීය.
කුඩා දරුවා කිසිදු වදන්ක් නොපවසමින් දරඳඩු වූයේ, ඔහුගේ දෙතොල් එකිනෙක හා තදින් වැසී තිබිණි.
එම ඉරියව්ව ඔහුව තරුණයාට ඉතාමත් ම සමීප කළේ ය. ඔහු දෙනෙත් එසවූ වහාම දුටුවේ තරුණයාගේ විශිෂ්ඨ රූපයත් ජේඩ් මෙන් වූ කන්පෙත්තත් ය. ඔහුගේ සම පැහැදිලි හා සිනිඳු විය. ඔහු, කුමාර දිවියක් ගත කරන වංශවතෙකු බැව් එක් බැල්මලින් ම කිව හැකි විණි.
එක්වරම දරුවාගේ කුස ගෙරවීය. අහරක් නොමැති ව ගෙවුණු දිගු කලකට පසුව ඔහුගේ කුස අරගල කරන්නට පටන් ගෙන තිබිණි. ලැජ්ජාවට පත් වූ ඔහු තත්පරයකට හුස්ම අල්වාගෙන සිටියේ, වළක් සාරාගෙන වැළලෙන්නට සිතෙද්දී ය.
සුදු වත් හැඳ සිටි තරුණයාට ද ඒ හඬ ඇසුණි. දරුවාගේ දුක්ඛදායී තත්ත්වය වටහාගත් ඔහු ඉක්මනින් ම උදා ආහාර වෙළඳසලකට ගෙන ගොස් සුළං නොවදින අසුනක් තෝරාගෙන ආහාර ඇණවුම් කරන්නට එහි පිළිවෙළට අසුන් ගත්තේ ය.
ආහාර ලැබෙන්නට ස්වල්ප වේලාවක් ගත වනු ඇත. ඒ වනතෙක්, ශ්වේත වර්ණ අත්පිස්නාවක් ගත් තරුණයා උණුසුම් ජල බඳුනක් වෙළඳසැල් හිමියාගෙන් ඉල්ලා සිටියේ ය. ඉක්බිති අත් පිස්නාව එහි පෙඟවූ ඔහු ඉන් මෘදුව හා ප්‍රවේශමින් කුඩා මුහුණ පිරිසිදු කළේ ය.
පිරිමි දරුවාගේ මුහුණත් දෑතත් පිරිසිදු කළායින් පසුව තරුණයා අසුරු ගසා කුඩා විජ්ජාවක් පෑවේ ය. සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ආධ්‍යාත්මික බලය භාවිතා කළ නොහැකි වූවත්, ඔහුගේ දෑත් උණුසුම් කරන්නට අන් ක්‍රමයක් නොවූයෙන් ඔහුට අල්ලා ගන්නට කුඩා, සුදු පැහැ වළාකුල් හැඩැති බෝලයක් සිය ආධ්‍යාත්මික බලය යොදාගෙන නිර්මාණය කරන්නට සිදු විය.
ආහාර විගසින් ගෙන එනු ලැබිණි. ඝන, මාංශ සහිත තලපයක්, මේ දැන් පිටතට ගන්නා ලද කුඩා මස් බනිස් පිඟානක්, සුදු පැහැති තැම්බූ බනිස්, සහ කලවම් කරන ලද එළවළු සහ ඌරු මස් පිඟානක්.
ඒ සියල්ලම සාමාන්‍ය ආහර වූ අතර පිරිමි දරුවා නොගිණිය හැකි තරම් වාර ගණන්ක් දැක තිබූ, දිනෙන් දින පසුවට කල් තබන ලද ඒවා විය.
පිරිමි දරුවා ඉදිරියේ වූ උණුසුම් ආහාරවලින් නැඟුණු වාෂ්පය ඔහු ඉදිරියේ බොඳව ගියේ, ඔහු සන්සුන්ව විමසා සිටියේ ය.
" ඔබේ නම මොකක්ද? "
...........
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ඡේදය
❤️❤️❤️
ReplyDelete❤️❤️❤️❤️
ReplyDeleteඊලග කොටස කවදද දාන්නෙ
ReplyDelete