Skip to main content

දහ නවවන පරිච්ඡේදය : දිගු, අඳුරු රැයක්

 ශෙන් ජිෂියෑන් සිය සුරතින් දැඩිව යැන් ජින්ව ග්‍රහණය කොට ගනිත් ම, තමන් පහළ ඇදී යාම වළකනු වස් ඔහුගේ වමත ප්‍රපාතයෙහි මුවවිටෙහි ඇලී ගියේ ය.


කුඩා ජේඩ් බඳුන පෙරළී ගොස් තුබුණේ, යැන් ජින්ව ග්‍රහණය කරගත් ඔහුගේ සුරතට වැඩි ඈතකින් නොවේ. ඔහු යැන් ජින්ගේ අත අත්හළ හොත්, ඒ හා ම පහසුවෙන් ම බඳුන අල්වා ගත හැකි විය. නමුත්, ආරම්භයේ පටන් අවසානය දක්වා ම, යැන් ජින් මත වූ ඔහුගේ ග්‍රහණය ස්ථාවර විණි.

ශෙන් ජිෂියෑන් වෙනුවෙන් එම ජේඩ් බඳුන අල්වා ගැනීමට යැන් ජින් හට අවැසි වූවත්, එය අනුකම්පා විරහිත ව ඔහුගේ ඇඟිලි තුඩු අතරින් ප්‍රපාතය වෙත ඇදී ගියේ ය.

කන්ද බෙහෙවින් උස් වූයේ, කුඩා ජේඩ් බඳුනේ වැටීම ඉක්මනින් ම වාගේ නිහඬ වී ගියේ ය.

ශෙන් ජිෂියෑන් දත්මිටි කමින් ඔහුව ඉහළට අදින්නට විය. නමුත්, සර්පයාගේ අඩක් තවමත් පෙරළෙමින් සහ ස්පන්දනය වෙමින් පැවතිණි. එය, යැන් ජින් අල්වාගෙන හුන් අත මතට වේගයෙන් කඩාවැදුණේ, සර්ප හිස වේගයෙන් ඉදිරියට පනිමින්, ශෙන් ජිෂියෑන්ගේ අත සපාකෑමට සැණෙකින් මුව විවර කළේ ය!

ඔහුගේ මුව වැසීමට සමර්ථ වී නම්, ශෙන් ජිෂියෑන්ගේ අත දෙකඩ වන්නට ඉඩ තිබිණි.

හකු තදින් තද වූයේ, ශෙන් ජිෂියෑන් සර්පයා අල්වා ගන්නට ප්‍රපාතයේ මුවවිට වූ ඔහුගේ ග්‍රහණය සැණෙකින් අතහැර, ඌ ඔහුගෙන් ඉවතට ඇදගත්තේ ය. මාංශය විනිවිදිනට හැකි තරමින් සර්පයාගේ දත් තියුණු විය. ඔහු සර්පයා ප්‍රපාතයට විසි කර දමන්නට පෙරාතුව, විෂ ස්වල්පයක් විදින්නට ඌ සමර්ථ විය.

මේ විසි කිරීමෙන් ඇති කරන ලද ගම්‍යතාව හේතුවෙන් ශෙන් ජිෂියෑන්ගේ සිරුරෙහි ඉහළ අර්ධයෙන් වැඩි කොටසක් ප්‍රපාතයෙන් පහළට එල්ලෙන පරිදි ඉදිරියට ඇදී ගියේ ය.

නමුත්, ඔහු තවමත් යැන් ජින්ගේ අත තදින් අල්වාගෙන සිටියේ ය.

යැන් ජින්ගේ නිහඬ වේශය අවසානයේ දී බිඳී ගියේය. හද තුළ වූ සංකීර්ණ හැඟුමන් සියල්ල යටපත් කරගත් ඔහුට හැඟුණේ සිය හඬ රළු ව ඇති බවකි, කෙතරම් රළු වී ද යත්, හැකි වූයේ " ෂිෆු "යි කෑගැසීමට පමණි.

අළු පැහැ සර්පයාගේ රුධිරය කටුක, ඇලෙනසුලු වූයේ ශෙන් ජිෂියෑන් හට ක්ලාන්ත ගතියක් ගෙනෙමිනි. එය ඔහුට  යැන් ජින් ඉහළට ඇදගන්නට දිගු කාලයක් වැය කරවීය.

හද වේගයෙන් ස්පන්දනය වූයේ, ඔහු දෙනෙත් වසාගනිමින් මොහොතක් ක්ලාන්තය දරාගත්තේ ය. යැන් ජින් වෙත වදනක් නොදොඩා ම ඔහු ප්‍රපාතය අද්දරින් වැනෙමින් මෙන් ඉවත් ව ගොස් දෘඪ ගසකට පිට දී හිඳගත්තේ ගැඹුරු සුසුම් හෙළමිනි.

මරණයේ මුවවිට හුන් යැන් ජින්, ශෙන් ජිෂියෑන්ට වඩා හොඳ විය. සිය කබා අත් ඉරා දමමින් වහ වහා ඔහු පසුපසින් ගියේ, ශෙන් ජිෂියෑන්ගේ අතෙහි තැවරී තිබූ අපිරිසිදු රුධිරය පිස දැමීමට ය.

ශෙන් ජිෂියෑන් සිය දිගු දෙපාවල උපකාරය ලබාගත්තේ ය. එක් අතක් යැන් ජින් අල්වාගෙන සිටි අතර, අනෙක ඔහුගේ දණක් මත ඔහේ වැටී තිබිණි. ඔහුගේ කොඳු පෙදෙස ගසෙහි කඳට හේත්තු වී තුබුණේ හිස මදක් ඇලවී දෙනෙත් පියවී තිබුණු අතර සියුම් සුසුම් හෙළමිනි ඔහු සිටියේ.

ඔහුගේ රුධිරය තැවරුණු දෙතොල් යමෙක් නොසලකා හැරියේ නම් පවසනු ඇත්තේ අසිපතක් අත දරමින් දිගන්තය හරහා ඇදුණු අසිපත්කරුවෙකු හා සරතැස නිවාගන්නට මෙහි ආ අපරික්ෂාකාරී අවිචාරවත් අයෙකු බවයි.

ශෙන් ජිෂියෑන් අතිශයින් විඩාපත් ව් හිඳිනා බැව් යැන් ජින් දැන සිටියේ ය. අළු පැහැ සර්පයා පෙර දැනුම් දීමකින් තොරව ම පහර දුන්නේ, ශෙන් ජිෂියෑන් සිය ඔසු ලබා ගන්නට සූදානම් වූ විට ම ය. ඔහුට සිය ඔසු ගන්නට නොහැකි වූවා පමණක් නොව, ඒ සා හිරිහැරයකට ද පත් වූයේ, සර්ප දෂ්ඨනයකට පවා ලක්වූයේය.

වාසනාවකට මෙන් අළු පැහැ සර්පයාගේ විෂ මාරාන්තික නොවුණි. දෂ්ඨනයට ලක් වූ තැනැත්තා හට හිස කරකැවිල්ලක් හා මත් බවක් දැනීමක් පමණි, ඉන් සිදු වූයේ. සාමාන්‍ය පුද්ගලයින් මෙලෙසින් දින දෙක තුනක් පසු වනු ඇත. දැන් මෙම අවස්ථාවට පත් ශෙන් ජිෂියෑන් අවම වශයෙන් ‍ අඩ රැ‍යකටවත් මෙලෙසින් පසුවනු ඇත.

" ෂිෆු, ඇයි... ඔබ මාව අතහැරියේ නැත්තේ? "

යැන් ජින්ගේ පැනය, ශෙන් ජිෂියෑන්ගේ අවධානය යළි ඇද ගන්නට සමත් විය. අර්ධ වශයෙන් දෑස් විවර කළේ, වපර කරමින් මෙන් යැන් ජින් දෙස බැලුවේ ය.

ඔහු ඉදිරිපිට දණින් හුන් ළාබාලයාගේ අභිනය බැරෑරුම් වූයේ, ඔහු අනපේක්ෂිත දඬුවමක් අපේක්ෂාවෙන් අවුල් සහගතව හිඳින, අකීකරු යමක් සිදු කළ කුඩා මෘගයෙකු මෙන් දිස් විය.

එලෙසින් ඔහුව දුටු කල ශෙන් ජිෂියෑන් හට එක්වරම මදක් සිනාසෙන්නට අවැසි විය. ඒ වෙනුවට ඔහු කැස්සේ, සිය විනෝදය වළකා ගත්තේ ය.

ඇත්තෙන් ම, මෙය හැඟීම් හා මදක් සෙල්ලම් කරන්නට සුදුසු ම අවස්ථාවක් විය. ශෙන් ජිෂියෑන් ඇසිපිය පහළට බර කොට කළකිරීමක් මුසු වූ සුසුමක් හෙළුවේ, ආනුකම්පා කිරීම හැර අන් කිසිත් කළ නොහැකි වන තරමට අසරණ වූ බවක් පාමිනි. " ඔබ දැනටම ෂිෆුට කතා කර තිබුණා. ඉතින්, ෂිෆු ඔබට යන්නට දෙන්නේ කොහොමද? "

යැන් ජින් හැඟීම්බර වූයේ, ඔහුගේ දෙනෙතෙහි ඇඳී ගියේ විස්මයකි. ඔහුගේ දෙතොල් වෙව්ලන්නට වූයේ ඔහුගේ සිත ඊළඟට කිවයුත්ත කුමක්දැයි සොයන්නාක් මෙනි. අවසානයේ දී ඔහුට කිව හැකි වූයේ, " ෂිෆු..... හොඳින් විවේක ගන්න. මම ඔබ හැර යන්නේ නෑ. "

එය වනාහි ශෙන් ජිෂියෑන් බලාපොරොත්තු වූ පිළිතුර ම විය.

පෙර වූ ඔහුගේ සිදුවීම් සියල්ල ම තදින් යැන් ජින්ගේ මනසෙහි රැඳී තිබූ නමුත්, ස්වභාවයෙන් ම ඔහු  ආදරයේත් වෛරයේත් වෙනස  හොඳින් ම හැඳිනිය හැකි ස්ථාවර හා විශ්වාසනීය මිනිසෙකු විය.

ඔහු ශෙන් ජිෂියෑන්ගේ ගිණුම් පියවූයේ, ඊට ප්‍රත්‍යුපකාර වශයෙන්, ඔහුට එරෙහිව වූ පටිපාටිය සම්පූර්ණයෙන් ම නොසලකමින්, ශෙන් ජිෂියෑන් ඔහුගේ දිවි සුරැකුවේ ය.

සිය කනස්සල්ලෙන් අඩක් පසෙක තැබූ ශෙන් ජිෂියෑන්, මැදියම් රැයේ දී යැන් ජින් ඔහුව තනි කොට රහසින් සැඟව නොයනු ඇතැයි නිදිමතෙන් වැනෙමින් කල්පනා කළේ ය.

යැන් ජින් පිටව නොගියේ ය. මුලදී ඔහුට එම සිතිවිල්ල තිබූ නමුත්, ඔහු ප්‍රපාතයෙන් වැටෙන්නට ආසන්න වී ශෙන් ජිෂියෑන් විසින් බේරාගනු ලැබූ පසු, එම සිතිවිල්ල මුළුමනින්ම වියැකී ගියේ ය.

රාත්‍රිය දිගු වූයේ, කඳුකරයේ උෂ්ණත්වය වහ වහා පහළ බසිමින් සිසිල් විය. ශෙන් ජිෂියෑන් හට ඔහුගේ ආධ්‍යාත්මික සුරැකුම අහිමි ව ගියෙන් නිදිමතත් සමඟ ඔහුට ශීතල දැනුණි. වෙව්ළීම වළකා ගත නොහැකි වූ ඔහු අපහසුවෙන් ගුලි විය.

සිය හිස පිටුපස, ගසේ කඳ මත විවේක ගන්නට සලසමින් ඔහු කඳට පිට දී හේත්තු විය. ඔහු නින්දට වැටෙද්දී ඔහුගේ හිස සෙමෙන් පසෙකට ඇලවෙන්නට විය.

මේ දුටු යැන් ජින් ඔහුගේ හිස කෙළින් තබා ගෙන ම අත දිගු කළේ, මෘදු ව ශෙන් ජිෂියෑන්ගේ නළල ස්පර්ශ කළේ ය.

එවිට ම වාගේ ඔවුනතරින් සිසිල් වා රැල්ලක් හමා ගියේ ශෙන් ජිෂියෑන් වෙව්ලන්නට සලසමිනි. නින්දේ දී පවා ගැඹුරු ගෙරවුමක් පිට කළ ඔහු නොසතුටෙන් හිස හැරවූයේ ය.

සිය නළලට දැනුණු යැන් ජින්ගේ අතෙහි උණුසුම සුවදායී යැයි ඔහුට සිතිණි. අවිඥානික වම හිස වනමින් ඔහු මැසිවිලි නැඟුවේ, " සීතලයි.... "

යමක් නිවැරදි නැතැයි යැන් ජින් දුටුවේ ය. අතෙහි රඳවාගෙන හුන් අසිපත බිම හෙළා ශෙන් ජිෂියෑන්ගේ නළල සිය අත්ලෙන් සීරුවෙන් වසා ගත්තේ ය.

මද උණක්.

ශෙන් ජිෂියෑන් හට පහළ මට්ටමේ උණක් විය.

සුළඟ, කොළ අතරින් හමා ගිය අතර අතු අතර වූ හිදැස් අතරින් සඳ එළිය පෙරී ආවේ පැල්ලම් සහිත සෙවණැලි විසුරුවමිනි.

සිය උඩුකබාය ගලවා, වෙව්ලන ශෙන් ජිෂියෑන් හට පෙරවීමට පෙර ඔහු මදක් පැකිළුණි. ඉන් පසු, එක් අතක් මෘදු ව ශෙන් ජිෂියෑන්ගේ උරහිස වටා යවමින් ඔහුගේ ළයට අල්වා ගත්තේ ශීතල මද සුළඟ ඔහුව ඇල්ලීම වැළැක්වීමට තැත් දරමිනි.

ඔහුගේ පුළුල් උණුසුම් පපුව හේතුවෙන් ශෙන් ජිෂියෑන්ගේ සිරුර වටා වූ ශීතල මදක් දිය ව ගියේ ය. ඇහිබැම ලිහිල් වෙමින්, ඔහුගේ හිස යැන් ජින්ගේ ගෙලෙහි නැම්මෙහි විවේක ගනු වස් ගිලී ගියේ ය. මද විරාමයකින් අනතුරු ව ඔහු සිරුර වඩාත් සුවපහසු ඉරියව්වකට සකසා ගත්තේ ය. අවිඥානික ව ඔහුගේ අත චලනය වූයේ, යැන් ජින්ගේ කලවය මතට සෙමෙන් ලිස්සා ගියේ ය.

ශෙන් ජිෂියෑන්ගේ අත ශීතල වූව ද, යැන් ජින් හට දැනුණේ ඔහු ස්පර්ශ කළ ස්ථානය පිළිස්සෙන්නාක් මෙනි.

එය ඇදහිය නොහැකි තරමින් උණුසුම් විණි.

ඔහු, ශෙන් ජිෂියෑන් ඉතා සමීප ව දෑත් අතර රඳවා ගනිමින් නුහුරු ලෙස ගස යට හිඳ ගත්තේ ය. ශෙන් ජිෂියෑන්ගේ සියුම් සුසුම් හඬ ඔහුගේ දෙසවනෙහි යළි යළිත් වැදී යන්නට විණි.

යැන් ජින්ගේ අත දරදඬු ව අපහසුවෙන් තුබුණේ, අවසානයේ දී ඔහු සැලකිල්ලෙන් එය මිනිසාගේ සිහින් ශ්වේත පැහැ උරහිස මත තබන තුරු ය.

ශෙන් ජිෂියෑන් සතු ව සිහින්, සියුම් අස්ථි වූයේ, යාන්තමින් අත දිග හැරීමෙන් ම ඉන් ඔහුගේ මුළු උරහිස ම වසා ගැනීමට තරම් හැකි විය.

ඔහුගේ ඉණ, උරහිසටත් වඩා සිහින් විය...

එදින උණු දිය උල්පතෙහි දී ඔහු විසින් ශෙන් ජිෂියෑන් එසවුණු අවස්ථාවේ දී, ඔහුගේ ඉණෙන් අල්වා ගත් බව ඔහුගේ මතකයට ආයේ ය.

ඉන් හැඟුණේ පහසුවෙන් බිඳී යා හැකි බවකි.

මේ වනාහි ඔහුගේ තරුණ වියේ දී ධ්‍යානවේදී ලොව ම සිය අසිපතෙන් විස්ම පත් කළ, සියල්ලන් ම ආශා කරන ලද චින්‍යුන් නිකාය නායකතුමාගේ පුද්ගලික උරුම ගෝලයාගේ තනතුර දිනාගත් ඒ තැනැත්තා ම ය. සිය අසිපතත් දැනුමත් යොදවමින් ඔහු, තමන් වෙනුවෙන් නමක් කැටයම් කරගත්තේ ය. දැනුදු කිසිවෙකුටවත් ඔහුව අභිබවිය හැකි නොවුණි.

එය ඉතාමත් ම කෙටි කාලයක් වීම කණගාටුවට කරුණක් විය.

යැන් ජින් කල්පනාවෙහි ගිලී සිටිත් දී, එක්වරම ශෙන් ජිෂියෑන් සිය හිස යැන් ජින්ගේ කන්පෙත්තෙහි ඇතිල්ලුවේ ය. ඔහු විස්මයට පත් කරමින් සිය කනෙහි මද කසනසුළු බවකුත්, උණුසුම් බවකුත් යැන් ජින් හට දැනිණි. ඔහු හිස් ලෙස හිස හරවමින්, නිදන ශෙන් ජිෂියෑන්ගේ මුහුණ දෙස බලා හිඳියේ ය. එය ඔහු හඳුනා නොගත් හැඟීමක් පවා ජනිත කළේ ය.

රාත්‍රී අහසේ තරු දිස්න දුන් අතර නිහඬතාවය ඔවුන් වට කොට ගත්තේ ය.

වාසනාවකට මෙන් බාධා ඇති කිරීමට මෘගයින් නාවේ, රාත්‍රිය නිහඬව ම ගෙවී ගියේ ය. නමුත්, රැය ක්‍රමයෙන් අලුයමට පරිවර්තනය වෙද්දී, පිනි බෑම හේතුවෙන් තෙතමනයත් ශීතලත් ඉහළ නඟිමින් ශෙන් ජිෂියෑන් යළිදු වතාවක් අපහසුතාවට පත් කළේ ය.

තෙතමනයත් ශීතලත් ශෙන් ජිෂියෑන්ගේ වස්ත්‍ර අතරින් කාන්දු වෙමින් අස්ථීන් විනිවිද ගොස් වේදනාවත් හිරිවැටීමත් ඇති කළේය. ඔහු අපහසුතාවයෙන් රවමින් අනිච්චානුගව ම යැන් ජින්ගේ දෑත් අතර හැකිළී ගියේ ය.

යමක් වැරදී ඇති බැව් යැන් ජින් හට වැටහී හියේ ය. දෙතොල් උල්කරගනිමින් ඔහු මිනිසාගේ ග්‍රහණය දැඩි කළේ ය.

මෙම ක්‍රියාව රෝගියා දිරිමත් කිරීමක් විණි.

ශෙන් ජිෂියෑන් නිදිබරින් ම මාරුවෙමින් යැන් ජින්ගේ දෑතෙහි ගැඹුරේ ගුලි වූයේ ය. නමුදු, ඔහුට තවමත් ශීතල දැනුණි. පූර්වයේ යැන් ජින්ගේ කලවය මත වූ අත නිහඬව ම ඉහළට ලිස්සා ගොස් කොලරයෙන් අල්වා ගත්තේ, ප්‍රිය වූ තාප ප්‍රභවය සොයමිනි.

නමුත්, තාප ප්‍රභවය වූයේ රෙදි ස්ථරයකින් ආවරණය වී ය. ශෙන් ජිෂියෑන් දැඩිව අතෘප්තිමත් විණි. ඔහු අපැහැදිලි යමක් මුමුණමින් යැන් ජින්ගේ ඇඳුම් කරෙන් තදින් ඇද්දේ ය.

යැන් ජින්ගේ ඇතුළු කමිසයේ ආස්තරය ඉතා තුනී වූ හෙයින් ම ඇඳුම් කර ලිහිල් කරගැන්මට ශෙන් ජිෂියෑන් සමර්ථ විය.  සිහින් ශ්වේත පැහැ ඇඟිලි තුඩු නිරුවත් පපුව හා ස්පර්ශ වූ කෙණෙහි, උණුසුම් උෂ්ණත්වයෙන් වහා මිදෙන්නට ශෙන් ජිෂියෑන් අසමත් විය.

එහෙත්, තාපය වහා ම ශෙන් ජිෂියෑන්ගේ ශීතල පහ කොට සුවදායී සංවේදනයක් ගෙන දුන්නේ, ඔහුව සතුටු කරමිනි. ඔහු ඇඳුම් කර ඇදීමෙහි නොනැවතී ම යෙදුණේ, මුළු තැනැත්තා ම මත යැපෙන්නට මුළු තාප ප්‍රභවය ම ඇද ගන්නට මෙනි.

එය වැඩ කළේ නැහැ.

යැන් ජින් පැකිළෙමින් ශෙන් ජිෂියෑන් නවතන්නට තැත් දැරී ය. පෙර දී ඔහු අතෙකින් ශෙන් ජිෂියෑන් අල්වා ගෙන සිටි අතර අනෙකෙන් සිය අසිපත අල්වාගෙන සිටියේ ය. දැන් ඔහුට හැකි වූයේ අසිපත පහත හෙළමින් ශෙන් ජිෂියෑන්ගේ අතින් අල්ලා ඔහු චලනය වීමෙන් වැලැක්වීම පමණි.

නමුත්, ශෙන් ජිෂියෑන් වූයේ අන්තිමේදි ප්‍රිය වූ තාප ප්‍රභවය සොයා ගෙන ය. ඔහු එය පහසුවෙන් ඉවතලන්නේ කෙසේ ද? රෝගී අයෙකු සාමාන්‍යයෙන් වඩාත් ම අයුක්ති සහගත විණි. යැන් ජින් ඔහුට වඩ වඩාත් බාධා කරත් ම, ඔහුට වැඩි වැඩියෙන් වරදක් වන බවක් දැනිණි. ඔහුට වඩ වඩාත් වරදක් දැනෙන්නා හා ම, ඔහුගේ වෑයම වඩ වඩාත් දැඩි විය.

ඉබාගාතේ යන ශෙන් ජිෂියෑන්ගේ අත් හා කටයුතු කිරීමට සිදූ වූවා පමණක් නොව, ඔවුන් අවට වටාපිටාව කෙරෙහි අවධානය යොමන්නටත්, අතපසු වීමකින් හෝ ඔහුට නොරිදවීමට වග බලාගන්නටත් යැන් ජින් හට සිදුවිණි. එහෙයින් ම, ඔහුගේ ඇඳුම් කරෙහි තුනී ආස්තරය ඉරා දමන්නට අවස්ථාවක් සොයා ගැනුමට ශෙන් ජිෂියෑන් සමත් වූයේ ය.

කුඩා පැල්මක්.

නමුදු, එය තමන්ගේ මුළු අත්ල ම යැන් ජින්ගේ උණුසුම් මාංශය මත තැබීමට අවැසි වූ තරමේ නිදහසක් ශෙන් ජිෂියෑන් හට ලබා
දෙන්නට සමත් විය. ශෙන් ජිෂියෑන් සැනසීමෙන් සුසුම් ලෑවේ, අවසන තෘප්තිමත් විය. ඔහු සිය හිස ඔසවමින්, නළල යැන් ජින්ගේ ගෙලෙහි වකයට තද කොට ගනිමින් විවේක ගැනුමට සුදුසු ස්ථානයක් සොයා ගනිමින් යළිදු වතාවක් ගැඹුරු නින්දකට ලිස්සා ගියේ ය.

යැන් ජින් ගල් විය. ශෙන් ජිෂියෑන්ගේ ශීතල අත ඔහුගේ පපුවෙහි තද ව තිබුණ ද ඔහුට මද හෝ ශීතලක් නොදැනුණි. අග්නි බෝලයක් සිය පපුවෙහි ඇති බවකි ඔහුට දැනී ගියේ.

ගිනිපෙනෙල්ලක් මෙන් ඔහු දැවෙන්නට විය.

ඔහු තවදුරටත් ශෙන් ජිෂියෑන්ව කුපිත කරන්නට ධෛර්යමත් නොවුණේ, සිය විරෝධය මත මේ තැනැත්තා ඔහුගේ සියලු වස්ත්‍ර ඉරා දමතැයි බියෙනි. එහෙයින්, ඔහුට හැකි වූයේ දරදඬු වතින් යුතුව නොනැවතී ම ශෙන් ජිෂියෑන් හට සිය අතත් ළයත් මත විවේක ගන්නට ඉඩ ලබා දෙන්නට ය.

ඔහුගේ හදවත මත ම.

ක්ෂිතිජයෙන් පළමු හිරු කිරණ මතු වෙද්දී ම, ශෙන් ජිෂියෑන්ගේ උණ තත්තවය බිඳී ගියේ, අවසානයේ දී ඔහු අවදි විය.

අළු පැහැ සර්පයා විසින් කරන ලද වධ හිංසා නිසාවෙන් හෘදයාබාධයක් හට නොගැනීම, බොහෝවිට විෂ මගින් විෂ හරණය කිරීම නිසා විය හැකිය.

ශෙන් ජිෂියෑන් අලස ලෙසින් ඈනුම් හරිමින් දෙනෙත් විවර කළේ ය. ඒ රැය ගෙවා දැමීම අපහසු වනු ඇතැයි සිතා ය ඔහු සිටියේ. කවුරු ද සිතුවේ, ඔහු අවදි වෙද්දී, මද කලබලකාරී බවක් හා කුසගින්නක් හැර අන් අපහසුතාවයක්  නොදැනේවි යැයි කියා? ඔහුගේ ගෙල මදක් රිදුම් දුන්නේ, එය පුරා රැයක් මුළුල්ලේ ගසකට පිට දී නිදාගැන්මෙන් වූවක් විය යුතු ය.

නිහඬව ම සිය අසිපත අල්වාගෙන සිටි යැන් ජින් වෙත ඔහු නෙත් යෙමුවේ, මද සැනසුමක් දැනිණි.

බොහොම හොඳයි.

නමුත්....

ඇහිබැම හකුළවමින් ශෙන් ජිෂියෑන් යැන් ජින්ගේ අමුතු ලෙස අපිළිවෙල ව තිබු ඇඳුම් කර දෙස බැලුවේ ය. " මොකක්ද වුණේ? "

යැන් ජින්ගේ ඇඟිලි, ඔහුගේ අසිපත මත තද විය. මොහොතකට පසු ඔහු මද අසීරුතාවකින් පැවසූවේ, " රෑ මැද කඳුකර බළලෙක් ඇවිත් එය ඉරා දැමුවා. "

ශෙන් ජිෂියෑන් සියුම් " ම්ම්න් " හඬක් නැඟූයේ, ඒ පසුපස හඹා නොගියේ ය. එනමුදු, අවිශ්වාසයන් ලක්ෂයක් පමණ ඔහු හද තුළ විය. පිට කබාය මඟහරිමින් ඇතුළු කමිසයේ ඇඳුම් කර අදින්නට තරම් දක්ෂ වූයේ මොන කඳුකර බළලා ද?

මේ අශිෂ්ට ගෝලයා රාත්‍රියේ දී යම් නුසුදුසු දෙයක් කොට, එය ඔහු දැනගන්නවාට අකමැති වූයේ ය.

ශෙන් ජිෂියෑන් සිය අභිනයන් මැඬ ගනිමින් පිටව යන්නට හැරුණි. අශිෂ්ට සිතිවිලිවලින් යැන් ජින් වළක්වා ගැනීමට යම් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු යැයි ඔහු තීරණය කළේ ය.



Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-