Skip to main content

දහසයවන පරිච්ඡේදය : ඊළඟ මට්ටම

 මීළඟ මට්ටම කරා යැන් ජින්ගේ ප්‍රවර්ධනය  අපේක්ෂාවෙන් සිටිය ද, එය සිදුවූයේ දෙදෙනා ම බලාපොරොත්තු නොවූ මොහොතක ය.

මැදියම් රැයේ දී, බියකරු අධ්‍යාත්මික බල උච්චාවචනයකින් ශෙන් ජිෂියෑන් ගැස්සී අවදි විණි. වහ වහා වස්ත්‍රයක් ඇඟලා ගත් හේ අධ්‍යාත්මික පෙත්තක් ද ගෙන යැන් ජින්ගේ කුටියේ දොරට තට්ටු කළේ ය.

මෙහි ධ්‍යානවේදී මට්ටම් 13ක් පැවතිණි. සයවන මට්ටම වනාහි කුඩා දිය බස්නා මට්ටමක් වූ අතර ප්‍රධාන වශයෙන් ම එය පරීක්ෂා කරනු ලැබුවේ ධ්‍යානවේදියාගේ මානසික තත්ත්වය,  ධ්‍යාන වැඩීමට තරම් ස්ථායී ද යන්නයි. සයවන මට්ටම්ට නැගීමෙන් පමණි,  ධ්‍යානවේදීන්ගේ ලොවට යැන් ජින් සාර්ථක ව පා තැබුවේ ය යන්න පැවසිය හැක්කේ.

යැන් ජින්ගේ මානසික මට්ටමත් හැකියාවත් මත මෙය ඔහුට ඉතා පහසු බැව් ශෙන් ජිෂියෑන් දැන සිටිය ද, වැඩිහිටියාගෙන් ඔහු " කෝකටත් තෛලයක් " ඉල්ලා සිටියේ ය. පෙනී ගියේ ඔහුගේ එම තීරණය නිවැරදියි කියායි.

මද වේලාවක් දොරට තට්ටු කළ ද කිසිදු ප්‍රතිචාරයක් නොවිණි. කනස්සල්ලට පත් ශෙන් ජිෂියෑන් එය කෙළින් ම කුටිය තුළට තල්ලු කළේ ය. ප්‍රතිඵලය ලෙසින්, අධ්‍යාත්මික බලයන් අධිවේගී පිහියක් මෙන් ඔහු කරා පැමිණියේ, ඔහු පහර කෑමට ආසන්න තත්ත්වයට පත් කරවමිනි.

වහා එය මඟහරවා ගත් ඔහු යැන් ජින් දෙසට නෙත් යොමු කළ වහා ම, සුසුමක ගිලී ගියේ ය.

මීළඟ අදියරට නැඟෙන්නට ආසන්න යැයි වටහාගත් මොහොතේ දී යැන් ජින් නින්දෙහි පසු වූවා විය යුතු ය. ඔහු සැරසී සිටියේ සිය අභ්‍යන්තර වස්ත්‍රයෙන් පමණි. වත්මන් තත්ත්වය ද එතරම් සුභදායී නොවීය. සිය යහන මත එරමිණිය ගොතා ඔහු හිඳ සිටියේ, සිරුර ද මදක් වෙව්ලන්නට විය.

ශෙන් ජිෂියෑන් ළං වූ විට දුටුවේ නළල්තලය මත රැඳි පබළු වන් ඩාබිඳු සහිත වූ ඔහුගේ මුහුණ නිල් - සුදු පැහැයන් අතර දෝලනය වන බවකි. යන්තමින් ගෙරවූ ශෙන් ජිෂියෑන් ඔහුට බාධා කරන්නට බියක් දැක්වීය. ඔහුට හැකි වූයේ පසෙකින් හිඳිමින් ඔහුට ආරක්ෂාව සැපයීම පමණි.

සෑම ආත්මයකට ම චිත්තවේග හතකුත් ආශාවන් සයකුත් ඇත.

මෙම සියලු ම හැඟුමන් හා ආශාවන් ඕනාවට වඩා වැඩි වී ඇත් නම්, ඔහු උමතු විය හැකි අතර මනසෙහි භූතයින් අරක් ගනු ඇත. සයවන මට්ටම, චිත්තවේගීයව අස්ථායී අය පිරික්සනු ලබන ධ්‍යානවේදයේ එළිපත්ත වූයේ එබැවිනි.

අවට වූ අධ්‍යාත්මික බලය වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී ලෙස උච්චාවචණය වන්නට විය. ඝන ශක්තිය යැන් ජින් දෙසට ගලා ආවේ, ඊට ඉඩ සලසනු විනා මඟහැරීමට ඉඩක් නොවිණි. එවිට ක්‍රමයෙන් ඔහුගේ වත රත් පැහැ විය.

එය යහපත් තත්ත්වයක් නොවන බැව් වටහාගත් ශෙන් ජිෂියෑන් කනස්සලු වූයේ ය. යැන් ජින්ගේ වත්මන් තත්ත්වය අනුව ඔහුගේ සිරුරෙහි ඇති අධ්‍යාත්මික මුහුදට මෙතරම් විශාල බල ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වනු ඇත.

එය පිළිබඳ නොසිතමින් ඔහු අත ඔසවා යැන් ජින්ගේ මැණික්කටුවෙන් අල්වා ගත්තේ ය. අධ්‍යාත්මික බල භාවිතය කෙරෙහි සිව්වන වැඩිහිටියා විසින් පුනරාවර්තනය කරන ලද ඔවදන් කිසිත් මායිම් නොකොට ඉහළ යන අධ්‍යාත්මික ශක්තිය සහ වෙනත් බාහිර බලපෑම් අවහිර කරනු වස් සිය අධ්‍යාත්මික බලය බලමුලු ගැන්වීය.

මුළු කඳු මුදුනේ ම වූ ආධ්‍යාත්මික ශක්තිය මෙහි වන බවකි දිස්වූයේ. ශෙන් ජිෂියෑන් ආශ්වාසය සඳහා හුස්ම පහළ හෙළුවේ, ඔහුගේ හෘදය ක්‍රමික ව වේදනාවෙන් පිරී ගියේ ය. නමුදු, නතර වීමට එඩිතර වූයේ ඔහු නොවේ. නතර වුවහොත්, යැන් ජින් මුළුමනින්ම අධ්‍යාත්මික ශක්තිය විසින් ගිල දමා කැබලිවලට ඉරා දමනු ඇත.

සිය අධ්‍යාත්මික බලය, අධ්‍යාත්මික ශක්තිය හා ගැටීමෙන් ශෙන් ජිෂියෑන්ගේ දර්ශනය අඳුරු වන්නට විය. ඒ සමගාමීව යැන් ජින්ගේ සිරුර එතරම් විශාල ශක්තියක් දරා සිටින්නට අසමත් වූයේ, බලහත්කාරයෙන් වූ විස්තාරණය දැඩි වේදනාවක් අත්කර දුන්නේ ය.

" ෂිෆු "  එක්වර ම යැන් ජින් පැවසූවේ, ඔහුගේ හඬ වේදනාවෙන් පිරී පැවතිණි. ඔහු දැඩි වේදනාවක් දරාගන්නාක් මෙන් වූ අතර හඬ අයැදීමක් මෙන් වූයේ " කරුණාකර ඔබේ ගෝලයාට ඉඩ දෙන්න.... කරුණාකර.... "

එක්වර ම ඇසුණු හඬින් ශෙන් ජිෂියෑන් තිගැස්සිණි. හිස ඔසවා බැලූ කල තමන් අතිමහත් අඳුරකින් වැසී සිටිනු දැක විස්මයට පත් විය. ඝෝෂාකාරී අවුල් සහගත හඬවල් ආදී නානාවිධ හඬවලින් එක්වරම ශෙන් ජිෂියෑන්ගේ දෙසවන් පිරී ගියේ ය.

යැන් ජින්ගේ මනෝභාව උච්චාවචනය කෙතරම් වී ද යත්, අවට වූ අධ්‍යාත්මික ශක්තිය කෙරෙහි බලපෑම් කළ අතර ශෙන් ජිෂියෑන්ගේ විඥානය, ඔහුගේ මානසික සිහින අවකාශයට ඇද වැටිණි.

මුල් අඳුරට පසුව ශ්වේත වර්ණ සරල භූ දර්ශනයක් දර්ශනය විය. මිනිස් හඬවල් විසුරුවා හරින ලද අතර එය සිසිල් සුළඟකින් ආදේශනය විය. ශෙන් ජිෂියෑන් සිය පෙනීම යළි ලද විගසින් ම දුටුවේ ඝන හිම පියලි තට්ටුවක් ම සිය මුහුණ මත වැටෙන ආකාරයයි.

ඔහු වහාම එය මඟහැරීමට උත්සහ කළත්, එම හිම පියලි ඔහු හරහා ගිය අතර ඔහුට කිසිත් නොදැනිණි.

තමන් යැන් ජින්ගේ උපවිඥානයට, යැන් ජින්ගේ ප්‍රවර්ධනය ස්ථාවර කරගත නොහැකි වීමේ මූලාශ්‍රය විය හැකි විපත්තියේ ප්‍රධාන මොහොතට වැටී ඇති බව, එවිටය ඔහු වටහා ගත්තේ.

යැන් ජින්ගේ අස්ථාවරත්වයට බලපෑ හේතුව සොයා ගැනීමට ඔහුට අවැසි වූ අතර එහෙයින් ම ඔහු පිටව යාමට හදිසියක් නොදැක්වීය. අවට නිරීක්ෂණය කළ හෙතෙම මෙම ස්ථානය කුමක්දැයි හඳුන ගත්තේ..... පරාවර්තන කන්ද? යැන් ජින් සිහින දුටුවේ පරාවර්තන කන්ද ගැන?

යැන් ජින්ගේ යටිසිතෙහි, ශෙන් ජිෂියෑන් වායු කඳක් පමණක් ම විය. ඔහු සිය මනස චලනය කළේ, කඳු මුදුන දෙසට "ඇවිද ගියේ ය".

කුඩා, නොගැඹුරු ගුහාව තුළ වකුටුව හුන්නේ කෙසඟ තරුණයෙකි. ඔහුගේ වස්ත්‍ර ඉරී ගොස් අබලන් ව තිබූ අතර ඔහුගේ සිරුර හිම - අයිස්  සොහොනක වැළලෙන්නට ආසන්න මට්ටමක විය. අඩක් විවර ව තිබු ඇඟිලි දිගු වේලාවක පටන් වෙව්ලන්නට වූ අතර අධ්‍යාත්මික චි ස්වල්පයක් හෝ ඝනීභවනය කළ නොහැකි විය. පැහැදිලිව ම  ඔහුගේ අධ්‍යාත්මික මූලය, අධික ශීතල හේතුවෙන් පීඩා විඳිමින් තිබිණි.

ශෙන් ජිෂියෑන් පාෂාණිභූත වූයේ, මෙම දසුන ඔහුගේ මතකයේ නොවන්න බැව් සිතමිනි. නමුත්, මෙය මුල් කතාන්දරය හා අනුකූල විය.... නමුත් ,එසේ නම් යැන් ජින් සතුව මෙවන් සිහිනයක් පවතින්නේ මක් නිසා ද?

තරුණයාගේ මුහුණ පෝසිලේන් මෙන් සුදුමැලි ව තිබුණේ, එම ශ්වේත පැහැය ප්‍රායෝගිකව හිම හා මිශ්‍ර විය. ශෙන් ජිෂියෑන් ආතතියට පත් විය. සියල්ලට ම වඩා, මේ ඔහු බෙහෙවින් ම ප්‍රිය කළ කතා නායකයාත්, වසර ගණනක් මුළුල්ලේ ඇති දැඩි කරන ලද ඔහුගේ ශිෂ්‍යයාත් ය.

ඔහුට තරුණයාගේ මුහුණ ස්පර්ශ කරන්නට අවැසි වූ මුත්, ඔහුට කිසිත් ඇල්ලිය නොහැකි විය. එසේ වූවත්, තරුණයා යමක් සංවේදනය කළ බවක් පෙනෙන්නට විය. ඔහුගේ දෑස් මදක් විවර වූයේ, ශෙන් ජිෂියෑන් හුන් දිශාවට නෙත් යොමුවේ ය, ඔහුගේ හැඟීම් මද ව්‍යාකූලත්වයක් දැක්වීය.

ඊළඟ මොහොතේ දී දර්ශනය වහා වෙනස් විය. ශෙන් ජිෂියෑන් ඉදිරියේ හුන් දරුවා විගසින් රුධිරයෙන් නැහැවී ගියේ ය. අසීරුවෙන් ශෙන් ජිෂියෑන් දෙසට මුහුණ හැරවූ තරුණයා සිරුර ම වෙව්ලමින් පොළවට ඇද වැටුණි.

" ෂිෆු " තරුණයාගේ මුහුණ කුඩා සහ මංමුලා සහගත විය. අයැදින විට දී ඔහුගේ හඬ රුධිරයෙන් ඝන වී තිබිණි. " මම ඔබෙන් අයදිනවා.... "

ඔහුගේ සිරුර පුරාවට තුවාල වූ අතර, අසිපතකින් කරන ලද රුධිර මිශ්‍රිත අවුල් ජාලාවක් බවට කපා කොටා තිබිණ. ඔහු අසීමිත වේදනාවකින් පසු වූයේ, හඳුනාගැනීමෙන් ඔබ්බෙහි වූ ඔහුගේ හඬ ගොරෝසු විය. " කරුණාකර... කරුණාකර ඔබේ ගෝලයාට ඉඩ දෙන්න... "

ශෙන් ජිෂියෑන් බෙහෙවින් ශෝක වූයේ, ඔහුගේ දෑත් වෙව්ලන්නට විය. තරුණයාව වැළඳ ගන්නට බෙහෙවින් අවැසි වුවත්, ඔහු දෙසට ඉක්මන් පියවර කිහිපයක් තැබීම පමණි ඔහුට කළ හැකි උපරිමය වූයේ.

සුදු පැහැ වස්ත්‍රයකින් සැරසුණු උදාසීන මිනිසා ශෙන් ජිෂියෑන් හරහා ගොස් තරුණයා ඉදිරියෙහි සිටගත්තේ ය. තරුණයා දෙස බලාගෙන සෙමින්, නිර්දය ලෙසින් අසිපත එසවූ ඔහු, සිය චී එක්රැස් කරගත්තේ ය.

අසිපතෙහි තියුණු ලක්ෂ්‍යය ඔහුගේ සිරුරෙහි තවමත් නොනැසී පැවති සමේ පැල්ලම් කිහිපයකින් එකක් මත රැඳී තිබූ අතර, රුධිර පබළු ගලා ගියේ ය.

තුෂ්ණිම්භූත වූ ශෙන් ජිෂියෑන් තමන්ගේ අනෙක් " තැනැත්තා " දෙස බැලුවේ ය. තරුණයාගේ ආත්මීය මූලය හැඟීම් විරහිතව කපා දැමුවායින් පසුව සුදු වත් හැඳි තැනැත්තා තුළ ඔහු කෙරෙහි වූ ආකර්ෂණය සිඳී ගිය බවක් පෙනිණි. අසිපත ඉවතට විසි කර දැමූ හේ උදාසීන ලෙසින් පිටව ගියේ ය. ශෙන් ජිෂියෑන්ගේ ආත්මය ම වෙව්ලුම් කැෑවේ, මනසෙහි වූ සිදුවීම ඔහු පුනරාවර්තනය කළේ ය. පුදුමයක් නැහැ!

මෙය එය විය!

රහස් හෙළිවුණු එම තත්පරයේ දී, සියලු ම අභිරහස් විසඳිණි. තරුණයා ඔහු වෙතින් මෙතරම් ම විකර්ෂණය වූයේ ඇයි සහ මෙතරම් වෛරයක් ඔහු කෙරෙහි දැක්වූයේ ඇයි? ඊට හේතුව නම්, යැන් ජින් නැවත ඉපදී තිබීමයි.

එය, ඔහු කෙරෙහි යැන් දැඩි අවිශ්වාසයක් දැක්වීමට හේතුවත්, තෙවසරකටත් පසුවත් ඔහු එතරම් පරීක්ෂාකාරී ව සිටියේ මන්ද යන්නත්, ශෙන් ජිෂියෑන් කෙරෙන් එතරම් ඈත් ව සිටියේ මන්ද යන්නත් පැහැදිලි කළේ ය. මන්ද යත්, යැන් ජින් හට ශෙන් ජිෂියෑන් යනු සිය පූර්වාත්මයෙහි සිය ආත්මීය මූලය කපා දැමූ මිනීමරුවායි.

පියවි සිහියට පැමිණි ශෙන් ජිෂියෑන් මොහොතක ඇවෑමෙන් යළි තම සිහියට ආවේ ය. යැන් ජින් හට තවදුරටත් අල්ලා සිටිය නොහැකි බැව් පෙනුණු ඔහු වහා ම ඔහු ඔසු පෙත්ත සොයාගෙන එය කැවීමට උත්සාහ කළේ ය.

නමුත්, යැන් ජින් සහයෝගයක් නොදුන්  අතර නොනවත්වා ම අරගල කරමින් ඔහුව මඟහැරීමට උත්සාහ දැරුවේ, පුනරාවර්තනය වන වධහිංසන තවදුරටත් ඔහුගේ සිහින තුළ වූ හෙයිනි. ශෙන් ජිෂියෑන් යළි යළිත් එය ගන්නට ඔහුට බල කළේ, යම් දුෂ්කරතාවයන්ගෙන් අනතුරුව ඔහු ඊට සමත් විය.

සිව්වන වැඩිහිටියාගෙන් ඔසු පෙත්ත ඉල්ලා ගෙන තිබීම වාසනාවක් විය. මෙවර යැන් ජින්ගේ ප්‍රවර්ධනය ඇණහිටියා වූවත්, ඉන් එතරම් හානියක් ඔහුට නොවිණි.

පෙත්ත ඔහුගේ සිරුරට ඇතුළු වූ වහා ම දියරයක් බවට පත් විය. ක්‍රමයෙන් එය ව්‍යාකූල අධ්‍යාත්මික ශක්තිය සමනය කරමින් ඉක්මනින් ක්‍රියා කළේ ය. යැන් ජින්ගේ සිරුර තවමත් මද ගැස්මක් සහිත වූයේ නමුත් පැහැදිලිව ම ඔහු සෙමින් සන්සුන් වෙමින් සිටියේ ය.

" ෂිෆු...."

තෙවසරකට පෙර තමන් කළාක් මෙන් ශෙන් ජිෂියෑන් යැන් ජින් සෙමෙන් හසුරවන්නට විය. ඔහු මෘදුව ඔහුගේ පිටට තට්ටු කරද්දී, යැන් ජින් පහත් කෙඳිරියක් නඟනු ඔහුට ඇසිණි.

යැන් ජින් අවදියෙන් යැයි සිතමින් තමන් දෙදෙනා අතර යම් දුරක් පවත්වා ගනු වස් හෙතෙම මදක් ඉවතට ඇදී ගිය ද, යැන් ජින්ගේ දෙනෙත් තවත් ඇත්තේ පියවී ඇති බැව් දුටුවේ ය. ඔහුගේ දිගු ඇසි පිය පබළු වන් ඩාබිඳුවලින් වැසී තිබිණි.

ශෙන් ජිෂියෑන් සිය කබා අත් රෝල් කොට ඔහු වෙනුවෙන් ඔහුගේ දහඩිය පිසදැමුවේ ය. ඔහු කිසිත් නොපැවසුවේ, යැන් ජින් තවදුරටත් වෙව්ලන්නේ නැති බව දුටු ඔහුට වඩාත් පහසුවක් දැනිණි. යැන් ජින් හට වැතිරෙන්නට උපකාර කරන්නට සූදානම් වූ ඔහුට සිය කබා අතෙන් දැනුණේ තද ඇදීමකි.

" ෂිෆු... " කැඩීමකින් යැන් ජින් සිය දෙනෙත් විවර කළේ ය. එම අඳුරු පැහැ ගත් දෑසෙහි මිහිදුමක සේයාවක් වූ අතර, තවමත් සිහිනයක සිටින්නාක් මෙන් ඔහු මදක් ව්‍යාකූල විය. " ඔබ මාව මරාදමන්න ද හදන්නේ? " ඔහු විමසීය.

ශෙන් ජිෂියෑන් ගැස්සී ඔහු දෙස බැලුවේ, යැන් ජින් තවමත් සිහින දකිනවා ද නැතහොත් අවදි ව සිටිනවා ද යන්න සිතාගත නොහැකිව ය.

ඔහුගේ කඩවසම් මුහුණෙහි වූයේ තෙහෙට්ටුවෙහිත් බිඳෙන සුළු බවෙහිත් සලකුණු ය. ඔහු ඇසි පිය සැලුවේ, ඔහුගේ ඇස් ගැඹුරේ මිහිදුම ඝන වන සෙයක් දිස් වූයේ ඔහු නැවතත් සිය සිහිනවල කිමිදෙන්නාක් මෙනි. " ෂිෆු "

ශෙන් ජිෂියෑන් තුෂ්ණිම්භූත විය.

" ..... ඒක ගොඩක් රිදෙනවා. ඔබ එක් කඩු පහරකින් ගෝලයෙකු මරා දැමුවා. " ඔහු හුස්ම සිරකරගනිමින් මිමිණියේ, " එක ම එක කඩු පහරයි. එතනින් ඉවරයි.... "

යැන් ජින්ගේ හඬ කෙමෙන් වියැකී ගිය අතර ශෙන් ජිෂියෑන්ගේ කඹ අතින් ඉවතට ඔහුගේ අත විසිවී ගියේ ය. ඔහුගේ දෙනෙත් පියවුණු අතර ගෙල මදක් දිගු කරගනිමින් සිරුර අපරික්ෂාකාරීව තබා ගත්තේ, නොවැළැක්විය හැකි සිය මරණ දණ්ඩණය බලාපොරොත්තුවෙන් සිටින්නාක් මෙනි.

ඔහුගේ අසිපත යහන ආසන්නයේ විවේක ගනිමින් තිබිණි.

ඔහු වේවා ශෙන් ජිෂියෑන් වේවා, එය අල්වා ගන්නට ගතවන්නේ මොහොතක් පමණි.

යැන් ජින්ගේ අධ්‍යාත්මික බලය ක්‍රමයෙන් සන්සුන් වූයේ, එහි ඝනත්වය සම්පූර්ණයෙන් ම විසිර ගියේ ය. සිය සිහිනවලින් එපිටට යා නොහැකි වූ බැවින් එය ඔහුගේ ප්‍රවර්ධනයෙහි අසමත් වීමේ සලකුණක් විය.

ශෙන් ජිෂියෑන් දෙතොල් තද කර ගනිමින් අසිපත වෙත ළඟා වූයේ, සිය ඇඟිලි ඒ වටා තද කරගත්තේ ය. ඉන් පසු ඔහු මෘදු ව නමුත් ස්ථිර ලෙසින් එහි මිට යැන් ජින්ගේ අත්ලෙහි තබා මද බලයක් යොදවමින් ඔහුගේ ඇඟිලි එය වටා එතුවේ ය.

" ඔබේ ඇස් අරින්න. "

යැන් ජින් ව්‍යාකූල ලෙස සිය දෙනෙත් විවර කළේ ය.

" පහළ බලන්න. "

යැන් ජින් තනි විධානයට කීකරු ව පළමු වර ම අසිපත දෙස බැලීය.

ශෙන් ජිෂියෑන් සියතින් යැන් ජින්ගේ අත ආවරණය කළේ ය. දෙදෙනා ම එක් අතකින් අසිපතත්, අනෙකෙන් කොපුවත් අල්වාගෙන සිටියහ. ශෙන් ජිෂියෑන් සියතින් මද බලයක් අසිපත් මිට මත යෙදුවේ, අසිපත අඩ වශයෙන් කොපුවෙන් ලිස්සා ආවේ දිලිසෙන තලයෙන් මද සිසිලක් පිට කරමිනි.

" ඔබ දැක්කා ද එය? " ශෙන් ජිෂියෑන් සන්සුන්ව පැවසීය. " ෂිෆු ඔබට කඩුවක් දුන්නා. ඉතින් ඔබ බිය විය යුතු නැහැ. ඔබට හිරිහැර කරන්නේ කවුද, සරලව ම ඔබේ කඩුව අදින්න. "

ඔහුගේ හඬ නෑසී ගිය වහා ම යැන් ජින් හට ඔහුව ඇසුණු බවත්, ඔහු වටහා ගත් බවත් දනවමින් ආධ්‍යාත්මික බලය එකවරම ඉහළ ගියේ ය. ඔහුගේ ආධ්‍යාත්මික බලය සිර කර ගෙන සිටි බාධකය සැණින් බිඳී ගියේ ය.



 
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ඡේදය

Comments

  1. ආ ඒක තමයි එහෙනම් නවල් එකෙයි ඩ්‍රාමා එකෙයි වෙනස

    ReplyDelete
  2. ❤️❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-