Skip to main content

පරිච්ඡේදය 14.2 : අසනීප වීම

තෙවන කඳු මුදුනේ දී ශිෂ්‍යයෝ හුරුපුරුදු අයුරින් එක්රැස් වූ අතර, සැහැල්ලුවෙන් වාඩිගෙන එකිනෙකාට අචාර කළහ.

විටින් විට වාද විවාද හට ගත් අතර ඇතැම් ශිෂ්‍යයෝ සෙස්සන් හා සාකච්ඡා කිරීමටත්, ඇතැම් විට එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැන්මට එතැන දී ම අසිපත් ඇදගන්නටත් පෙළඹුණහ.

"  යැන් ශිෂොන්ග්"

විවෘත අවකාශයෙහි එකිනෙකාට මුහුණලා සිට ගෙන හුන් දෙදෙනා සැමගේ අවධානයට පාත්‍ර වූහ. දුරස්ථ බවක් පවත්වා ගන්නැයි ශෙන් ජිෂියෑන් කියා සිටි යන් ශෙන්, ඔහු ඉදිරියේ නිහඬව ම නැවතෙන්නට මූලිකත්වය ගෙන, සැහැල්ලුවෙන් පවසා සිටියේ "ඔබේ පසුබැසීම පිළිබඳව සුබ පතන්නට මට නොහැකි වුණා. මම දැන සිටියේ නැහැ...... "

නොසැලකිලිමත් බැල්මක් නෙත'ඟ රඳවාගෙන යැන් ජින් ඔහු දෙස බැලුවේ ය. ඒ බැල්මේ කිසිදු හැඟුමක් ලියවී නොතිබුණෙන්, යන් ශෙන් හට දැනුණේ තරමක කෝපයකි.

නමුත්, වහාම පියවි තත්වයට පත් වූ ඔහු යැන් ජින්ගේ උදාසීනත්වය නොදැනුණාක් මෙන් කාරුණික ස්වරයෙන් විමසා සිටියේ  "ගුරුතුමන්ගේ වර්තමාන තත්ත්වය කෙසේද? මට දිගු කලකින් එතුමන්ගෙන් කැඳවීමක් ලැබුණේ නැහැනෙ. "

ශෙන් ජිෂියෑන්, නිල වශයෙන් ඔහුත් යන් ශෙනුත් අතර වූ ගුරු - ගෝල සබඳතාවයට තිත තබා නොතිබුණ ද, ඔහුගෙන් බෙහෙවින් දුරස් ව තිබිණි. ඔහුගේ සුබපැතීම් මඟහැරි අතර, ඉතා කලාතුරකින් ඔහුව කැඳවීමත්, ඇතැම් විට පමණක් ඔහුට හිස වනා හෝ ප්‍රතිචාර දැක්වීම සිදු විණි.

ඔහුගේ තත්ත්වය, දවස මුළුල්ලේ ම කඳුවල ඉහළ පහළ දුවන ඒ තරුණ ගෝලයින් දෙදෙනාටත් වඩා අන්ත විය.

අතීතයේ දී ගුරුතුමා වඩාත් ම අගය කළේ තමන් ව ය. හදිසියේ ම එය වෙනස් වූයේ මන්ද?  නොකිව යුතු, නරක දෙයක් යැන් ජින් ගුරුතුමාට කියන්නට ඇත, ඉන් ගුරුතුමා කෝපයට පත් වී ඇත...

මිටි කන දසන් වසන් කරන්නට යන් ශෙන් සිනාවක් මුවෙහි අලවා ගත්තේ, යැන් ජින් හට ගෞරව ආචාර කළ වාර ගණන සිතින් ගණනය කරන්නට විය. පසුවුණු තෙවසර තුළ දී ඔහු යැන් ජින් හට බාධා කරනට තැත් දැරූ වාරයන් බොහෝ වූ අතර ඒ සෑම විටකදී ම ඔහු අසාර්ථක විය. යැන් ජින් වෙනුවට ගුරුතුමාගේ විශ්වාසය ගරු කිරීම් අහිමි වූයේ ඔහුට වූ අතර සෙසු ගෝලයින් අතර ඔහුගේ තත්ත්වය ද ක්‍රමයෙන් පහත බසින්නට විය.

තත්ත්වයේත් ගෞරවයේත් මෙම පහත වැටීම, ඔහුගේ චරිතය තව තවත් විකෘති කළේ ය.

කුඩා දරුවකුව හුන් අවධියේ පටන් ම යැන් ජින් නේක ගැහැට විඳ තිබූ අතර එහෙයින් ම සිය ද්වේශ සහගත චේතනාව සැඟවූ යන් ශෙන්ගේ සුහදශීලී කවචයට ඉතාමත් සංවේදී වීය. ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඔහු සිය අසිපත දෙස හැඟීම් විරහිත බැල්මක් හෙළා බිහිරි වූ සිය දෙසවන් යන් ශෙන් වෙත යොමු කළේ ය.

ප්‍රතිචාරයක් නොලද යන් ශෙන් කුපිත වූයේ, දඝ් මිටි කමින් සියතෙහි වූ අසිපත තදින් අල්වා ගෙන, සෙස්සන් වුවමනාවෙන් ම මෙන් හිස් කළ අවකාශයට ඇදී ගොස් යැන් ජින් වෙත දෑත් දිගු කරමින් " ජ්‍යේෂ්ඨ සහෝදරයා, මාව දැනුවත් කරන්න, කරුණාකරලා " යි පැවසීය.

කිසිත් නොපවසමින් සිය අසිපත දෙස නොසැලකිලිමත් බැල්මක් හෙළූ යැන් ජින් හිඳවුන් තැන එලෙස ම සිටියේ ය.

එම බාධා තත්ත්වය දිගට ම පවතිද්දී, ඔවුන් වටා වූ සාකච්ඡාවන්ගේ හඬ ක්‍රමයෙන් වියැකී යමින් අපහසු වාතාවරණයක් එහි ඇති කළේ ය. යන් ශෙන්ගේ වත මත වූ සිනාව බලහත්කාරයෙන් ඇති කරන ලද්දක් මෙන් වූ අතර අගතියට පත් වූවාක් බඳු හඬකි යන් ශෙන් පවසා සිටියේ, " ජ්‍යෙෂ්ඨ සහෝදරයා මාව පහත් කරලා සලකනවා ද? ඒ නිසා මං එක්ක දැනුම බෙදා නොගන්නවා ද? "

සත්‍ය වශයෙන් පැවැසුවහොත්, ඔව්

යැන් ජින් සතුව සහජ ආත්මීය මූලයක් පැවැතිණි.පසුගිය වසරවල ෂෙන් ජිෂියෑන් ඔහුව හොඳින් පෝෂණය කල අතරම ඔහුට හොඳම ධ්‍යාන උපක්‍රම ලබා දුන්නේය.එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගෙ ආත්මීය මූලය බොහෝ වර්ධනය විය. එපමනක් නොව ඔහුට ෂෙන් ජිෂියෑන්ගේ විශේෂිත කඩු ශිල්ප ක්‍රම හදාරන්නට අවස්ථාව ලැබිණි. මෙම  සාධක ඔහුගෙ  ප්‍රධාන චරිත රශ්මිය සමග එක්ව කඩු පුහුණුවේ යෙදුනු අනෙක් සිසුන් අභිබවා යාමට සමත් විය.

නිකාය ඇතුළත යැන් ජින් මීළඟ ෂෙන් ජිෂියෑන්, ඔහුගෙ කාලයේ හොඳම  කඩු ධ්‍යානවේදියා බවට පත් වෙන බවට කටකතා පැතිර ගියේය.
මෙය,  පැවැසුයේ හදවත් රෝගය සැදීමට පෙර යොවුන් ෂෙන් ජිෂියෑන්  සම්බන්ධයෙනි.

මිනිස්සුන්ට කල හැකි වූයේ ඊර්ෂ්‍යාවෙන් සුසුම් හෙළීම පමණි.

ජ්‍යෙෂ්ඨ සහෝදර ශාවෝ යැන් ජින් දෙස බලා සිටියේ ඔහු කඩුව රැගෙන සටන් බිමට නිශ්ශබ්දව පිවිසෙන විටය. ඔහු තේ තොල ගාමින් සියුමි සුසුමක් හෙළා සටන දෙස අවධානය යොමු කලේය.

කිසිදු සැකයකින් තොරවම යන් ෂෙන් හට යැන් ජින්ව පරාජය කිරීමට නොහැකි වනු ඇත. ඔහු පෙරදී හොඳින් ධ්‍යාන වැඩීම සිදු කල නමුත් ඔහුගෙ අස්ථාවර මනස නිසා වර්ධනය ක්ෂණිකව අඩු වීම සිදු විය. ඔහු නිතරම තුන් වෙනි කඳු මුදුනට පැමිණ අමෘතය හා ඔසු කසාය ඉල්ලා ගත්තේය.

යන් ෂෙන් ඔහුගෙ කඩුව ඇද ගත්තේ ඉතා වේගවත් හා දරුණු චලනයකිනි .මෙය අධ්‍යාපනය නොව සටනක් විය නමුත් යැන් ජින්ගෙ දෑසින් මෙය සරදමක් විය.

කෙසේ වූවත් ඔහු උවමනාවෙන් යන්  ෂේන් සමඟ සෙල්ලම් කලේ හෝ  දරුණු ලෙස මර්දනය කලේ හෝ නැත. ඔහු බොහොම නිහතමානී විය.

යැන් ජින්ගේ  ප්‍රහාර ආරක්ෂාකාරි වනවාට වඩා ආක්‍රමණශීලී විය. ඔහුගෙ කඩු පහර යන් ෂෙන්ට පසු බසින්නට  නැවැත නැවැතත් බල කලේය. අවසානයේදී ඔහු ශෝචනීය ලෙස පෙන්නන්න විය. ඔහු අවසානයේ ඔහු මතක තබා ගැනීමට වේදනා විඳි කඩු පහර එල්ල කලේය .

සඳ වසාගත් කළු වලාකුළු

යන් ෂෙන්ගේ කඩුවේ චී ශක්තිය ඔහුගෙ ආධ්‍යාත්මික බලය සමඟ එක්ව මුසු වූයේ විශාල මීදුමක් බවට පත්ව ඔවුන් දෙදෙනාව වසා ගත්තේය . එම චලනය එතරම් භයානක නොවීය. එහි අරමුණ වූයේ  යැන් ජින්ගෙ දර්ශනය දුර්වල කර යන් ෂෙන්ගෙ මීළඟ පියවර ඔහු දැනගැනීම වැළැක්වීමයි

යැන් ජින්ට ඔහු පිළිබඳව තව දුරටත් වද වීමට අවශ්‍ය වූයේ නැත.ඔහුගෙ  අසිපත් තලය පැහැදිලි නාදයක් නිකුත් කලේ එහි කිරණ මීදුම කපා ඉදිරියට ඇදෙන විටයි. ඔහු මෙම කම්මැලි සටන නිම කිරීමට හදන විටදී ඔහුගෙ දෑසට අසු වුණේ කොළ පැහැ කිරණකි.

ෂෙන් ජිෂියෑන්ගේ තෘණ පොහොට්ටුව?

මේ කුඩා පුද්ගලයා මෙහි පැමිනියේ කෙසේද?

තෘණ පොහොට්ටුව සෑම විටම අප්‍රසිද්ධ ලෙස සිටියේ බොහෝ විට ෂෙන් ජිෂියෑන් එයට මිනිස්සුන්ට අසු නොවෙන ලෙස ප්‍රවේශම් වීමට අවවාද කර තිබු නිසා විය හැක. මෙය දැන් මෙහි පැමිණ සිටින්නේ කිමද

යැන් ජින්ගෙ අවධානය ගිලිහුණු නිසා ඔහු දුටුවේ නැති මීදුමෙන් සැඟවී යන් ෂෙන්ගේ අත වෙව්ලන්නට විය. එවිටම සිහින් අදුරු පැහැ චී ධූමයක්  ඔහුගෙ අසිපතින් යැන් ජින්ගෙ සිරුරට ඇතුළු විය.

එම අවධානය ගිලිහියාම පැවතුණේ මොහොතකට පමණකි නමුත් එය ප්‍රමාණවත් විය. යැන් ජින් නැවත අවධානය සටන වෙත යොමු කල පසු  ඔහුගෙ අසිපත සම්පූර්ණයෙන්ම මීදුම් විනාශ කර යන් ෂෙන්ගේ අසිපත හා සම්බන්ධ විය .හිම මෙන් සිසිල් ආධ්‍යාත්මික ශක්තියක් පිටවී ගිය අතර එය යන් ෂෙන්ගේ අත හිරි වට්ටන්න සමත් විය.ඔහුගෙ අසිපත ඔහු අතින් ගිලිහී ගිය අතරම එය පොලොවේ ගොස් වැදුණි.

ඔහුගෙ වටා විශාල කෑගසීම් ඇසෙන්නට විය. යැන් ජින් ප්‍රදර්ශනය කල චලනයන් ෂෙන් ජිෂියෑන් විසින් නිර්මිත අතර ශිෂ්‍යයන් දුටුවේ දුර්ලභ වශයෙනි. සටන අවසන් වූ වහාම ඔවුන් යුගල වශයෙන් එක් වි තමන් දුටු චලනයන් ගැන සාකච්ඡා කිරීමට විසිරී ගියේය.

යන් ෂෙන්ගේ මුහුණ සුදුමැලි විය, ඔහු රුදුරු බැල්මක් හෙළා යැන් ජින් දෙස බැලුවේය. පසුව එම බැල්ම වෙනස් කරගත් ඔහු " ස්තූතියි ජ්‍යෙෂ්ඨ සහෝදර යැන්, ඔබේ මඟ පෙන්වීමට"

යැන් ජින් ඔහු දෙස බලා වෙනසක් නැතිවම හිස වනා ඔහුගෙ ආසනය වෙත ගියේය.

අසිපත් ශිල්ප දැක්වීම අවසානයට එළෙබෙන විට ඔහු  හදිස්සියේ මෙන් පෙනෙන තමන් දෙසට අතු වනන තෘණ පොහොට්ටුව දෙස බැලුවේය. ඔහුගෙ ඇහිබැමි උස් විය. ඔහුට ඔහුගෙ නික්මයාම ජ්‍යෙෂ්ඨ සහෝදර ශාවෝ හට දැනුම් දෙනු හැර විකල්පයක් නොවීය.

යැන් ජින්ගේ නිහඬ බව හා හුදකලාවට ප්‍රිය බව ශිෂ්‍යයන් අතරේ ප්‍රසිද්ධ විය. ජ්‍යෙෂ්ඨ සහෝදර ශාවො ඔහුට බල නොකර ඔහුගෙ දෑත් වනා කුඩා මළු  දෙකක් දිගු කලේය. එය දෙන විට ඔහු මෙලෙස පැවැසීය
" මෙම අරාව වැඩිහිටි ෂෙන් විසින් ඉල්ලා සිටියා.මෙය ඔහුට ගෙන ගොස් දෙන්න "

යැන් ජින් එය දෑතට ගෙන ඔහුට ස්තූති කර පිටත් විය

ඔහු උවමනාවෙන්ම තෘණ පොහොට්ටුව සැඟවී සිටින ස්ථානයට ඇති මාවත අනුගමනය කලේය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම තෘණ පොහොට්ටුව තැවුල් සහගතව කඩිනමින් පැමිණ  ඔහුගෙ අතු ෂෙන් ජිෂියෑන්ගේ කඳු මුදුන දෙසට දිගු කලේය

යැන් ජින්ට එහි භාෂාව තේරුණේ නැති වුවත් ඔහු එය සමඟ සිව් වසරක් ගත කර තිබිණ බැවින් එය පැවැසීමට උත්සාහ කරන දේ හදුනා ගත හැකි විය. ෂෙන් ජිෂියෑන්ට යම් නරකක් සිදු වී ඇත.

ඔහු තෘණ පොහොට්ටුව පසුපසින් කන්ද පිටුපස උණු දිය උල්පත දෙසට  කඩිනමින් ගමන් කලේය.

ජලය මතුපිට සාමකාමී වූ අතර කුඩා වාෂ්පයක්
පැමිණිමෙන් තිබුණේය. වටපිටාවේ කිසිවක චලනයක් නොවීය. යැන් ජින් ව්‍යාකූල විය.
"කුමක්ද ගැටලුව" ඔහු තෘණ පොහොට්ටුවෙන්  විමසීය.
තෘණ පොහොට්ටුව යැන් ජින්ගෙ කබා  හස්තය අත් හැර ජලයට පැන කිමිදුණේය. එය කොලයක් දිගු කර  එන්නට සංඥා කලේය.

යැන් ජින් මොහොතකට  අදිමදි කලේය අවසානයේ ඔහු ජල ප්‍රතිරෝධ මන්ත්‍රයක් ක්‍රියාත්මක කර ජලයට පැන කිමිදුණි

යැන් ජින් මෙම උල්පත ගැන දැන සිටියේය.
ෂෙන් ජිෂියෑන් මෙම උල්පත බෙහෙවින් ප්‍රිය කලේය.

සත්‍ය වශයෙන්ම පැවැසුවහොත් ෂෙන් ජිෂියෑන් වරක් ඔහුට මෙහි ගිලී සිටීමට අවැසිදැයි විමසුවේය. නමුත් ඔහු ආරක්ෂාව උදෙසා ප්‍රතික්ෂේප කලේය.

නමුත් ඔහු ඔවුන් දෙදෙනාම මෙම උල්පතේ සිටින ප්‍රථම අවස්ථාව මෙවැනි දෙයක් නිසා යැයි බලාපොරොත්තු වූයේ නැත.

උල්පත පතුල සාමකාමී විය එහි සුදු වර්ණයෙන්  සැරසී අයකු ඔහුගෙ දෑස වසාගෙන සිටියේ ඔහු ගැඹුරු නින්දක සිටින පරිදිය.ඔහුගෙ දිගු කාල වර්ණ කේස් ඔහුගෙ සිරුර වටා පැතිරී තිබිණි ඔහුගෙ මුහුන සුදුමැලි හා රුධිර විරහිත වූයේ කඳුළු බිඳු හැඩැති උපන් ලපය තවත් ලෝහිත වර්ණයෙන් පෙනෙන්නට සළස්වමිනි. පුද්ගලයා සියුමැලි හා බිඳෙන සුළු බවක් පෙනුනේ ඔහුගෙ රූමත් බව නැතිවයි .


ධ්‍යානවේදි සංවේදනය හේතුවෙන්  උණුසුම්  ජලය ඔහු දෙසට පැමිණීම වළක්වාලීම සදහා සියුම් බාධකයක් ගොඩ නැගී තිබිණි .නමුත් ඔහු සිහිසුන්ව බොහෝ වේලාවක් සිටි බැවින් බාධකය බොහෝ දුර්වල විය.

තෘණ පොහොට්ටුව ප්‍රවේශමෙන් තම කුඩා කොලයක් ගෙන බාධකය පසාරු කලේ ගෝලාකාර බාධකය බිඳ හෙළමිනි.

ජලය ඉක්මනට ඔහුගෙ නාසය හා සවන් වසා ගත්තේය.  සිහිසුන් වුවත් ඔහුට උගුර දෙසින් එන පීඩනය හේතුවෙන් හිස දෙපසට කලේය.

ඔහු උල්පත පතුලේ ජලයෙන් වැසී සිටින නිසා ඔහුට එය මඟ හැරීමට නොහැකි විය.

"චර්ප්" තෘණ පොහොට්ටුව භීතියට පත් විය. එය ආපසු හැරී යැන් ජින් දෙස බලා ඔහුව බේරාගන්නා ලෙස අයැද සිටියේය.

උණු දිය උල්පතේ පතුල අදුරු නොවීය. යැන් ජින්  ෂෙන් ජිෂියෑන් අසලින් අඩක් දණ නවා ඔහු දෙස ගැඹුරු අචල බැල්මකින් බලා සිටියේය.බොහෝ වේලාවකට පසුව ඔහුගෙ දෑත් ඉහළ එසවිණ.

සහ එය ෂෙන් ජිෂියෑන්ගේ සියුමැලි අනාරක්ෂිත ගෙල වටා ස්ථාන ගත විය.

A/N : කතුවරයාට කියන්න යමක් තියෙනවා.
ගුරුතුමා ආයිමත් ගෙල සිර වී මිය ගියා
   අවසානය .( මල් විසිරුවමින්)

T/N : යැන් ජින් මොකද ගුරුතුමාගේ බෙල්ල අල්ලා ගත්තේ ?


පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-