Skip to main content

පස්වන පරිච්ඡේදය | දර්ශනයක් රඟදැක්වීම

 ශෙන් ජිෂියෑන් සිය අතැඟිලි අතර වූ රෙදි කැබැල්ල පිරිමැද්දේ ය.


රන් - සුදු වස්ත්‍රය පාවෙන වළා හැඩවලින් එම්බ්‍රොයිඩර් කර තිබූ අතර එම මැහුම් සියුම් හා සිනිඳු විය. එය උසස් ම තත්ත්වයේ වූවත්, කාලයත් සමඟ පැරණි බවක් පෙන්වීම මගහැරිය නොහැකි ව තිබිණි.

එය අයිති වූයේ යැන් ජින්ට ය. සැබවින් ම එය පැමිණියේ කොහෙන්දැයි නොදත් නමුත්, යැන් ජින් මෙම පීත්ත පටිය කෙතරම් අගය කළා ද යත් එයට හානියක් වනවාට හෝ නැති වනවාට වඩා තමන්ට හානියක් කරගන්නට කැමති බව ශෙන් ජිෂියෑන් දැන සිටියේය.

ඒ කුමන්ත්‍රණයේ  පීත්ත පටිය සොරකම් කර සැඟවුණු කඩු මණ්ඩපයට දැමීම අන්තර්ගත බවට සියයට අසූවක විශ්වාසයක් ශෙන් ජිෂියෑන් සතු විය. පසු විපාක කිසිවක් නොසලකමින්, යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට දිව යන්නට අපරාධකරු විසින් යම් ප්‍රකෝපකාරී වදනක් කියන්නට ඇත.  එසේ නොවන්නට යැන් ජින්ගේ සන්සුන් ස්වභාවය සලක බැලුවහොත් ඔහු මෙතරම් අවදානම් සහගත ක්‍රියාවක් නොකරන්නට ඉඩ තිබිණි.

ශෙන් ජිෂියෑන් සිය ඇඟිලි අතරට අසු වූ පීත්ත පටිය දෙස බලා හිඳ, මොහොතක් සිතා බලා අවසානයේ දී තම හිත හදාගත්තේ ය.

සාමාන්‍ය තත්ත්වයක නම් ඔහුගේ ස්වභාවය නිවුණු සන්සුන් ලිහිල් හා පහසු එකක් විය. කෙසේවෙතත් ඔහු නොදන්නා අනතුරුදායක තත්ත්වයක් යටතේ දිවි ගෙවන්නට අකමැති විය. එය කෙතරම් අප්‍රසාදජනක ද කිවහොත්, කිනම් මොහොතක ඇද වැටේදැයි කිව නොහැකි පිහියක් ඔහුගේ හිසට ඉහළින් එල්ලා ඇතිවාක් මෙනි.

ඔහු වටා ඇති සියලු ම අමුතු දේවල් විසඳාගැනීමෙන් හා යැන් ජින් සමඟ දේවල් ස්ථාවර කරගත් පසු ඔහුගේ ජීවිතය සන්සුන්ව ගත කරන්නට ඔහුට හැකියාව ලැබෙනු ඇත. එය අපූරු දෙයක් නොවේ ද?

තවත් සුළං රළක් හමා ගියේ, යන්තමින් බිමට වැටුණු වියළි කොළ සුළඟත් සමග නැවතත් විසිර ගියේ සෙසු ශිෂ්‍යයන්ගේ අවධානය ඇද ගනිමිනි.

ඒ කණිෂ්ඨ ශිෂ්‍ය කණ්ඩායම නිකායට ඇතුළත් වූ අලුත ම වූ අතර වැඩිමහල් ම ශිෂ්‍යයා වයස දහ හතක් දහ අටක් පමණ වූයේය. සාමාන්‍යයෙන් ඔහු මුළු හදින් ම සහ ආත්මයෙන් ම පුහුණුවීම් කළේය. සීමාවන් නොතකන වැඩිමහල් ශෙන් ඔවුන්ගේ ඇස්වලටත් හොරා රහසේ ම නික්ම යනු ඇතැයි සිතන්නට තබා ඔහුගේ සිතේ එතරම් කැළඹීමක් නොතිබිණි.

ශෙන් ජිෂියෑන් එසේ රහසින් ම නික්ම යන විට ඒ නවක ශිෂ්‍යයෝ එකිනෙකා හා මුමුණමින් සහ ඒ වැටුණු වියළි කොළවලට මෝඩ සිනාවන් පාමින් සිටියහ.

පොතට සංක්‍රමණය වීමෙන් පසු සහ මේ සන්ධ්‍යාවේ සිදුවූ ව්‍යාකූලතාවයන් අතර එහෙ මෙහේ වැනි වැනී හිඳීමෙන් අනතුරුව ඔහු සිය කුටියට යද්දි සැබවින් ම එය අලුයම් කාලය විය.

මුලු රාත්‍රිය පුරාවට ම ඔහුට නින්දක් නොවීය. අහ්, නෑ. ඇත්ත වශයෙන් ම ඔහු රාත්‍රී දෙකක් ම නින්දක් නොමැති ව පසු කළ අතර, ඔහු මානසික ව වෙහෙසට පත් වී සිටියේ ය. ඔහු තමන් සඳහා සිසිල් තේ කෝප්පයක් වත් කරගත් අතර ක්‍රමයෙන් සන්සුන් වෙමින් මතුවට කළ යුතු දේවල් තේරුම් ගැනීමට උත්සාහ කළේය.

ඔහුගේ අත පිටුපස වූ තුවාලය අසාධ්‍ය නොවූ අතර මස් ප්‍රතිජනන කුඩු මගින් ප්‍රතිකාර කිරීම ප්‍රමාණවත් විය. ඖෂධ ගල්වන මොහොතේ දී යම් සීතලක් දැනුණමුත් මද වේලාවකින් එය අඩකටත් වඩා සුවපත් වූ අයුරක් දිස් වූ අතර, තුවාල වූ ප්‍රදේශය මදක් රතු වී ඉදිමුණු ස්වභාවයක් ගත්තේ ය.

ඒ දෙස මදක් බලා සිටි ශෙන් ජිෂියෑන්, සිය කබා අත් ඔසවා තුවාලය වැසෙන සේ එල්ලා තැබුවේය. මෙම වර්ණය සුදු පෝසිලේන් මෙන් සුදු පැහැ ගත් අතර, රත් පැහැය සහ ඉදිමුම විශේෂයෙන් කැපීපෙනුණි.

උදා හිරු කිරණ කවුළුවෙන් එබෙද්දී දුටුවේ   හුරුපුරුදු වීම සඳහා ශෙන් ජිෂියෑන් මුල් හිමිකරුගේ ඇඳුම් පැළඳුම් කට්ටලය පීරනවාය. එය නැවත පිළිවෙළ කිරීමෙන් අනතුරුව ඔහු නව ඇඳුම් කට්ටලයකට මාරු වූ අතර නිවසින් පිටවීය. ගමනාන්තය : නිකාය නායකයින් හමු වන ස්ථානය.

සත්‍ය වශයෙන් ම පවසනවා නම්, සොන් මින් දරුණු නිකාය නායකවරයෙකු නොවීය.

සෑම දිනෙක ම උනන්දුවෙන් උදෑසන රැස්වීම පැවැත්වීම, නිකායික කාරණා අනුමත කිරීම, පුහුණුවීම සහ නොයෙක් ආකාරවල ප්‍රධාන දේවල මුලසුන දැරීම ආදිය ඔහු අතින් සිදු විය. ඔහු සෑමවිටක ම වාගේ උනන්දුවෙන් හා දක්ෂ ලෙස කටයුතු හැසිරුවේය.

මුල් ශෙන් ජිෂියෑන් නිකාය නායක තනතුරට පත් වූවා නම්, ඔහු මෙතරම් හොඳින්, උනන්දුවෙන්, දක්ෂ ලෙස ක්‍රියා නොකරන්නට තිබිණි.

ශෙන් ජිෂියෑන්ගේ දෙනෙත් දිලිසුණේ, මුල් හිමිකරු පිළිබඳව පොතේ ඇති සරල විස්තරයත්, සිතේ යන්තමින් ඔහු ගැන ඇති මතකයත් එකට ගළපාගෙන හැඩගැසීමට නොහැකිවය.

ඔහුගේ දළ උපකල්පනය අනුව මුල් හිමිකරු උඩඟු අහංකාර අයෙකු විය. ඔහුගේ හදවත අහසට වඩා උස වූ අතර ජීවිතය කඩදාසියකට වඩා තුනී විය. (1)

කෙසේවුවත්, හෘද රෝගයට පෙර මතකය සෑමවිටෙක ම නොපැහැදිලි විය. ඉඳහිටක දළ සේයා රූ ලෙසින් පැරණි මතකයන්ගේ ඡායාවන් මනසේ ඇඳුණමුත්, ඒවා අල්වාගැනීමට හෝ අනුගමනය කිරීමට හැකි තරමේ ඒවා නොවීය.

මේ සියල්ල ම කාලයට පවරා දෙමින්, සොන් මින් පිටව යන්නට පෙර හුස වනමින් කුටියේ දොර තල්ලු කළේ ය.

රැස්වීම් ශාලාව කිසිදු සීමාවකට යටත් නොවීය. සාමාන්‍යයෙන්, ශිෂ්‍යයෝ නිකාය නායකතුමාට හෝ ප්‍රධාන අංශයන් භාර වැඩිහිටියන්ට බාධා කිරීමට එඩිතර නොවූහ.

ඔහු නිකාය වැඩිහිටියන් පස් දෙනාගෙන් අයෙකු විය.

සත්‍ය වශයෙන් ම, පෙර දී චිංයුන් නිකායේ සිටියේ වැඩිහිටියන් සිව් දෙනෙකු පමණි. පෞද්ගලික, මූල්‍ය, රාජ්‍ය තාන්ත්‍රික සහ අභ්‍යන්තර කටයුතුවල ප්‍රධානීවරුන් වූයේ ඔවුන් ය. කෙසේවුවත්, ශෙන් ජිෂියෑන් හට නිකාය නායක තනතුර අහිමි වූ විට, හිටපු නිකාය නායකතුමා කඳු මුදුනක් පිහිටුවා ශෙන් ජිෂියෑන් එහි ප්‍රධානී තනතුරට පත් කොට ඔහු පස්වන වැඩිහිටියා බවට පත් කළේ ය.

නමුත් ශෙන් ජිෂියෑන් කෙරෙහි තවත් සැලසුන් සැකසීමට පෙරාතුව ම ඔහු හදිසියේ ම මියගියේ ය.

මෙම පස්වන වැඩිහිටියාගේ භූමිකාව මද අපහසුතාවක් දැක්වීය. හිටපු නිකාය නායකතුමා හේතුවෙන්, ඔහු සතුව ඉහළ පිළිගැනීමක් තිබූ අතර, සොන් මින්ගේ ගරුබුහුමනට ද ලක්විය. කෙසේවුවත්, ඔහුට අනන්‍යතාවයක් ලබා දෙන බලයක් ඔහු සතු නොවීය.

අතීතයේ දී මුල් හිමිකරු මෙම රැස්වීම්වලට නිතර සහභාගී වූ නමුත්, පසුව ඔහුගේ හෘද රෝගී තත්ත්වය සුව කළ නොහැකි වූවෙන් කුඩා දේවලින් පවා නොඉවසිලිමත් වූ ශෙන් ජිෂියෑන් යළිදු මෙහි පය නොතැබුවේ ය.

එනිසාවෙන් අද දින ශෙන් ජිෂියෑන් මෙහි දුටු පසු, සොන් මින් පවා මද විමතියක් පෙන්වූයේය.

"කනිෂ්ඨ සහෝදරයා ජිෂියෑන්"

ශෙන් ජිෂියෑන් ඔහු දෙස බලා මදක් හිස වනා " නිකාය නායකතුමා" යි නොසැලකිලිමත් ලෙස අමතා අසුන් ගන්නට පසෙක වූ ස්ථානයක් සංයමෙන් යුතු ව සොයාගෙන, ඔවුනට ඉදිරියට යන්නට අතින් සන් කළේය.

මෙම උදෑසන රැස්වීම නිමා වන්නට ආසන්න ව තිබිණි. ශෙන් ජිෂියෑන් පැමිණෙන්නට පෙර සොන් මින් ගෞරවණීය ආසනය මත හිඳ ඔහුගේ සුපුරුදු සමාප්ති ප්‍රකාශය කියා සිටියේ ය. කෙසේවෙතත්, ශෙන් ජිෂියෑන් මෙහි ඇතුළු වූ වහා ම සියල්ලන්ගේ ම නෙත් ඔහු වෙත යොමු විය.

සොන් මින්ගේ දෙනෙත් ගැඹුරු සහ සන්සුන් වූ අතර දෙතොලේ මෘදු සිනහවක් ඇඳී තිබිණි. සිය කතාව නවත්වා ඔහු සන්සුන්ව පැවසුවේ "කනිෂ්ඨ සහෝදරයා ජිෂියෑන් මෙම රැස්වීම්වල දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි"කියායි.

ශෙන් ජිෂියෑන් දුටුවේ ඔවුනට සාකච්ඡාව ඉදිරියට ගෙනයන්නට වුවමනාවක් නොමැති බවත්, විකාර කතා කරන්නට නොපැකිළෙන බවත් ය. "නිකාය නායකතුමා කතා කර අවසන් ද?" ඔහු එක්වර ම විමසීය.

ඔහු පැවසූව නිසි ලෙස  නොවැටහුණත්, සොන් මින් හිස සලා අසා සිටිය දී, "මට ඔබට යමක් කීමට අවශ්‍යයයි" යි ශෙන් ජිෂියෑන් පැවසුවේය.

ඔහු පැවසූවේ "කීමට" මිස " සාකච්ඡා කිටීමට" නොවේ. මෙම සන්සුන් වදන් නියත අර්ථයක් දැනවීය. " යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට අනවසරයෙන් කඩාවැදීමේ සිද්ධිය විමර්ශනය කිරීමට අදහස් කරනවා."

එවදන් සවන් වැකි වහා ම සියල්ලෝම තුෂ්ණිම්භූත වූහ. වෙනකක් තබා සොන් මින්ගේ මුව ඇදුණු සිනාව පවා මදකට වියැකී ගියේ ය.

පෙර දින කලබලයේ දී සොන් මින් මුල සිට අග දක්වා නොසිටියේ ය. නමුත් " අසිපත් සොරකම් කරනු වස් යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට අනවසරයෙන් කඩා වැදුණි " ලෙසින් උපකල්පනය කරමින් සිය විනිශ්චය ලබා දෙන්නට ඔහුට එතරම් කාලයක් ගත නොවුණි.

ඊට අනුව මුල් ශෙන් ජිෂියෑන් දැනටමත් යැන් ජින්ට පහර දී පරාවර්තන කන්දෙහි ඔහුගේ දඬුවම නියම කර ඇත. ඒහා ම තවත් හෘදයාබාධයක් ඇති වූ අතර ඔහුව ඔහුගේ ස්ථානයට යවනු ලැබීය.

සොන් මින්ගේ හදවතේ සැකයෙ කරුණු ත්‍රිත්වයක් ද, කෝපයේ කරුණු හතක් ද වූ නමුත්, ඔහුගේ බාහිර පෙනුම සන්සුන් විය. " එය යැන් ජින්ගේ වරදක් බව පැහැදිලි යි. "

" නිකාය නායකතුමා " ශෙන් ජිෂියෑන් මෘදු සිනහවකින් බාධා කළේ ය. " ඊයේ යැන් ජින් පැවසුවේ ඔහු ස්වකැමැත්තට එරෙහිව ක්‍රියා කළ බවයි. ඒ අවස්ථාවේ දී මම ඒ පිළිබඳ එතරම් නොසිතූ අතර කිසිවක් නොඅසා ම, ඔහුට දඬුවම් කිරීමට පෙළඹුණා. නමුත් පසුව ඒ පිළිබඳ සලකා බැලීමේ දී, එය තරමක් සැක සහිත බවක් පෙනුණා. පළමුවැන්න නම්, යැන් ජින් යනු සාමකාමී අයෙකු වන අතර මෙවන් විහිළු සහගත ක්‍රියාවක් කරන්නට ඉඩක් නොමැත. දෙවැන්න නම්, ඔහු පළමු මහලේ ම රැඳී සිටියා. නවක ශිෂ්‍යයින් පවා පළමු මහලේ  ඇත්තේ ගුණාත්මක බවින් අඩු සාමාන්‍ය අසිපත් බව දන්නවා. ඉතින් එම අසිපත් සඳහා යැන් ජින් මෙතරම් අවදානමක් ගනීවී යැයි පැවසිය නොහැකී. "

ඔහු පැවසූව මදක් අතාර්කික විය. හැරත්, උපකාරක සාක්ෂි කිසිවක් ම නොතිබිණි.

සත්‍ය වශයෙන් ම සොන් මින් සිතුවේ එම සිදුවීම සම්බන්ධ ව තම තීරණයෙන් ශෙන් ජිෂියෑන් සෑහීමකට පත් වූ බවයි. හැරත් මෙම ගුරු - ගෝල සම්බන්ධය යහපත් එකක් ද නොවීය. ඔහු ඊයේ ශෙන් ජිෂියෑන් දකින්නට ගිය අවස්ථාවේ දී පවා කිසිදු විරෝධයක් නොදැක්වීය. එසේ නම් ඇයි මෙම පුද්ගලයා දැන් මෙහි පැමිණ මෙවැන්නක් පවසා පෙර තීරණ නොසලකා හරින්නේ? මෙය තමන්ට එල්ල කළ අතුල් පහරක් නොවන්නේ ද?|

පළමු වැඩිහිටියාට නිහඬ ව සිටීම අපහසු විය. " ඇතැම් විට වැඩිහිටි ශෙන් සිය ගෝලයා මැනවින් නොහඳුනනවා විය හැකියි. ඇතැම් විට ඔහුට හැකියාවක් නොමැති අතර පළමු මහලෙන් ඔබ්බට යාගත නොහැකිවන්නට ඇති. "

ශෙන් ජිෂියෑන් උදෑසීන ව පිළිතුරු දුන්නේය. " ඔබත් පැවසුවා ඔහු මගේ ගෝලයෙකු බව. ඔහුගේ ගුරුවරයා වශයෙන් ඔහුව වටහා ගත යුතු නොවේ ද මා? "

සියල්ලෝ ම " .... "

සියල්ලන්ට ම දැනුණේ විකාරයක් ලෙසයි. මෙම ගුරු - ගෝල සබඳතාවෙහි වූ අසමගිකම සියල්ලන්ට ම දැකිය හැකි තරම් විශාල විය. ශෙන් ජිෂියෑන් සියා ගෝලයා වෙනුවෙන් පෙනී සිටියේ කවදා ද?

ඔහුව තේරෙනවා?

හරියට ඔහුට පහර දෙන්නේ කෙසේදැයි දන්නවා මෙන් !

සියල්ලෝ ම තම තමන්ගේ සිතුවිලිවල ගිලී සිටියහ. දිගු කලක පටන් පවත්වා ගෙන ආ සොන් මින්ගේ සිනාමුසු වත " හොඳ සහෝදරයෙකුගේ " භූමිකාව පවත්වා ගෙන සිටියේ ය. එහි ප්‍රතිඵලය නම්, ගින්දර හදවතේ දරාගෙන අසරණ ව ජිෂියෑන් හා එකඟ වීම පමණි.

ඔහු හිස සලනවා දුටු ශෙන් ජිෂියෑන් වහා ම පැවසුවේ ඔහු යැන් ජින්ව පරාවර්තන කන්දෙන් පහළට ගැනීමට යන බවයි.

සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීම හැරුණු විට වෙනත් ප්‍රධාන සිදුවීම් කිසිවක් මෙම දිනවල සිදු නොවුණි. සම්භාවනීය නිකාය නායකතුමා මෙන් ම මූල්‍ය කටයුතු භාර වූ පළමු වැඩිහිටියා ද මෙවැන්නෙන් ඈත් ව සිටියහ. මේ අතර දෙවන වැඩිහිටියා ද ශිෂ්‍යයින් කළමනාකරණයෙහි කාර්‍යබහුල ව සිටියේ ය. එබැවින් ශෙන් ජිෂියෑන්ගේ සහයට කැමැත්ත පළ කළේ අනෙක් නිකාය වැඩිහිටියන් දෙදෙනා ය.

ශෙන් ජිෂියෑන් ඔවුන් දෙස බැලුවේ, මේ දෙදෙනා බොහෝ විට නිෂ්ක්‍රීය ව හිඳින බවත්, විනෝද දර්ශනයක් බැලීමට අවශ්‍ය බවක් සිතමිනි.

නමුත් ඔහු තැකුවේ නැත. පිරිස වැඩි වන තරමට කරදර විශාල ය. කරදරය විශාල තරමට ඔහු ඊට කැමති ය.

ඉතින්, දෙහෝරාවක් තුළ ශෙන් ජිෂියෑන් පරාවර්තන කන්දේ යැන් ජින්ගේ ගුහාවෙන් පිටත සිටගෙන සිටියේ ය. ඔහු අසල වැඩිහිටියන් දෙදෙනා සහ තවත් භාරකරුවන් කිහිප දෙනෙකු ද සිටියහ.

භූමිය පටු වූ අතර, සියල්ලන්ට ම ගල් පඩිපෙළ මත රැඳී සිටීමට සිදු විය. ඔවුහු ඉදිරියට නොගිය නමුදු ශෙන් ජිෂියෑන් සිය ගෝලයා පිටතට කැඳවන තුරු බලා සිටියහ.

ශෙන් ජිෂියෑන් සෙනඟෙන් ඉවතට මුහුණලා නොගැඹුරු ගුහාව දෙසට පිය නැගුවේ ය. ඔහු සන්සුන් ව ඝන හිම මැදින් ඇවිදිමින්, අවසන් වරට ඔහු මෙහි පැමිණ අතහැර දමා ගිය කොළ පොහොට්ටුව මත පා තැබුවේ, රංගන කුසලතා සඳහා ඇතුළාන්තයට ම ගොස්, ඔහුගේ මනෝභාවය සකස් කර ගෙන, ගැඹුරු හුස්මක් ගෙන " අ'ජින්!" යි හඬගෑවේ ය.

මෙම හැඬීම, පීඩාව සහ අනුකම්පාව, සැලකිල්ල සහ කනස්සල්ල යන සම්මිශ්‍රණයකින් ඝන ලෙස වැසී තිබිණි. රැස් ව සිටි පිරිසට තබා, සිහිසුන් ව සිටි යැන් ජින් වුව අවදි කරන තරමේ වූ මෙම බියකරු කෑගැසීමෙන් වෙව්ළීම වළක්වා ගත හැකි නොවී ය.

පළමුව සියල්ලෝ ම : ???

ඉක්බිති: !!!

අවසානයේ දී ශෙන් ජිෂියෑන් සිහිසුන් ව සිටි පිටිමි ළමයා නාටකාකාර ව දෑතට ගෙන ඔවුන් වෙත සීතල බැල්මක් පාකර, කන්දෙන් බැසීමට පෙර " මේ කාරණය වඩා හොඳින් විමසා බැලිය යුතුයි " යනුවෙන් වදනක් ඉතිරි කරන අයුරු දෙස සියල්ලෝ ම මුව ගොළු වූ විස්මයෙන් බලා සිටියහ.

සියල්ලන් ම: ".....?"

මොන දුකක් ද? ඔබේ ගෝලයා මෙයාකාරයෙන් හිඳින්නේ ඔබ නිසා නොවේ ද?|


පරිවර්තක සටහන්:

(1) ඔහුගේ හදවත අහසට වඩා උස වූ අතර ජීවිතය කඩදාසියකට වඩා තුනී විය - " Dream of Red Mansion " මගින් බිහි වූ හිතෝපදේශයකි. මූලික වශයෙන් එමගින් අදහස් කෙරෙනුයේ ඔහුට බොහෝ අභිලාෂයන් ඇතිමුත්, දක්ෂතා මදකම හෝ පවත්නා තත්ත්වයන් හේතුවෙන් ඒවා සාක්ෂාත් කරගත නොහැකි බවයි.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-