Skip to main content

හතරවන පරිච්ජේදය | පීත්ත පටිය

 ෂෙන් ජිෂියෑන් බැරෑරුම් ලෙස පොතේ අන්තර්ගතය ගැන සිතන්නට විය.

    පොතේ සත්‍ය ෂෙන් ජිෂියෑන්ට අදාළ දෑ විස්තරාත්මකව සදහන් නොවීය. අවසානයේ ඔහු ප්‍රධාන චරිතය අඳුරු කිරීමට හේතු වූ සුළු චරිතයක් පමණක් විය. ඔහුගෙ ප්‍රධාන කාර්යය  වූයේ යැන් ජින්ට වධ හිංසා පමුණුවා ඔහුව සීතල හදවතක් ඇත්තෙකු බවට හැඩ ගැස්වීම විය.

    මුල් හදවතේ රෝගය පැමිණියේ කොහෙන්ද හා ඒ කාලයේ ඇත්තටම සිද්ධ වුණේ කුමක්ද?

ලියා නැත.....

     ඔවුන්ගේ ගුරුතුමාගේ හොඳම ශිෂ්‍යයන් අතරේ සොන් මින් නොවීය. ඔහු නිකාය නායක තනතුර ලබාගත්තේ කෙසේද?

ලියා නැත....

      තවද ඔවුන්ගේ ගුරුතුමා හෙවත් පෙර නිකාය නායකතුමාගේ මරණය ද අභිරහසක් විය. පෙර නිකාය නායකතුමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව ෂෙන් ජිෂියෑන්ට පැහැදිලිව මතකයේ තිබිණි. ඔහු හුදකලාව විශ්‍රාම ගත්තේ නම් ඔහුට  ධ්‍යාන‍වේදයේ  උසස්වීමක් ස්ථිර විය.

හොඳින් සිතන්න.

      පොතක් කියවන විට මොළය පාවිචිචි නොකර වේගයෙන් කියවීම පහසු විය. දැන් ඔහු සුළු චරිතයක් ලෙස පොතක් තුළට සංක්‍රමණය වූයෙන්, ඔහු ෂර්ලොක් හෝම්ස්ගෙ පුනර්භවය වුවා නම් යැයි පැතීය.

    ඔහු ඒ පිළිබඳව මෙනෙහි කරමින් තරමක් ගමන මන්දගාමී කලේය.

  ඔහ්, තවමත් එය තේරුම් ගැනීමට අපහසු විය.

    යන් ෂෙන්, මුල් ෂෙන් ජිෂියෑන්ගේ ශිෂ්‍යයෙකු වීම අහඹුවක් නොවීය. බොහෝ විට ඒ සඳහා සොන් මින්ගෙ සැඟවුණු දායකත්වයක් තිබිණි. වසරකට පමණ පෙර වූ අසිපත් තරගාවලියේ දි, වදන් කිහිපයකින් ම මුල් හිමිකරුව යන් ෂෙන්ව එතැනදී ම බාර ගැනීමට වැඩ සැලසූවේ සොන් මින් විය.

      යන් ෂෙන්, යැන් ජින්ගෙ කනිෂ්ඨ සොහොයුරා වූ පසුව ඔහු සෘජුවම ඔහුට හිරිහැර නොකළේය.


  මුල් හිමිකරුගේ ප්‍රියතමයා වීම හා ඔහුගෙ සැලකිලිමත් ලෙස ගොඩ නගා ගත් අනෙක් අයට ආලෝකයක් වන අන්දමේ ප්‍රතිරූපය නිසා ඔහු ඔහුගෙ තත්වය භාවිතා කර බොහෝ දෙනා තමන්ගේ පැත්තට නම්මවා ගෙන යැන් ජින්ට බාධා ඇති කළේය.

මෙවර සැඟවුණු කඩු මණ්ඩපයේ කුමන්ත්‍රණය ගැඹුරු එකක් විය. මෙයට සොන් මින්ගේ හස්තයක් ඇත්දැයි කෙනෙක් සිතීම අරුමයක් නොවීය.

බොහෝ විට එය එසේ විය යුතුය. නැතහොත් ඔහු මෙහි සැඟවුණු තතු දන්නවා විය යුතුය.

ඔහු ගැඹුරු කල්පනාවක සිටින විට නිතරම කරන්නාක් මෙන් ඔහු ඔහුගෙ ඇහිබැමි පිරි මැද්දේය.

පොතේ, සොන් මින් කෙරෙහි මුල් හිමිකරුගේ ආකල්පය සීතල හෝ උණුසුම් නොවීය. නමුත් මෙම දහවල් සොන් මින් දැකීමෙන් පසු ඔහුට අපහසුතාවයක් දැනිණ. ඔහු මේ පිලිබදව බැරෑරුම්ව සිතත් ම ඔහුට මෙම හැසිරීම කෙතරම් නොගැලපෙනසුළු ද යන්න හේතු කාරණා සහිතව පෙනිණි.

පැහැදිලිවම ඔහු පොත කියවද්දි  ෂෙන් ජිෂියෑන් හුස්ම හිර කර මිය යාමට සුළු කලකට පසු මියගිය නිකාය නායක සුළු චරිතය පිළිබඳ වැඩි තැකීමක් නොකළේය.

එහ්?

සොන් මින් මියගියේ කෙසේද?

පෙනීයන්නේ කතුවරයා එය ලියා නැති බවයි.

මුල් හිමිකරුගේ හදවතේ රෝගය නිසා ඔහුට නිකාය නායක ධුරය අහිමි වීම සොන් මින් හට නිකායේ බලවත්ම පුද්ගලයා වීමට මග සැලසීය. සොන් මින් ඔහු කිසියම් දිනක සුව වී නැවැත තනතුර ලබාගැනීමට උත්සාහ කරයි යැයි වද වූවා විය හැකිද?

මෙය හේතුවක් නොමැති ව නොවීය.

කෙසේවෙතත්, මුල් හිමිකරු දැන් නොමැති බැවින් වත්මන් ශෙන් ජිෂියෑන් හට අවැසි වූවේ යැන් ජින්ට හොඳින් සලකා දුක්ඛිත අවසානයකින් මිදීමට ය. ඔහු අභිලාෂකාමී නොවූ අතර නිකාය නායක තනතුර සඳහා සටන් වැදීමට ද ඔහු තුළ අදහසක් නොතිබිණි.

ශෙන් ජිෂියෑන් මදකට නැවතී, යා යුතු දිශාව හඳුනාගෙන හැරවුම් අක්ෂර වින්‍යාසය යළි පිහිටුවීය. මුල් හිමිකරුගේ මතකය ඔස්සේ ඔහු සැඟවුණු කඩු මණ්ඩපය දෙසට ගමන් කළේ ය.

චින්යුඅන් නිකාය අසිපත් නිකායක් විය. නිකාය ශ්‍රාවකයින් උනන්දුවෙන් පුහුණු වීම සඳහා දිරිමත් කරනු පිණිස සැඟවුණු කඩු මණ්ඩපය ඉදි කරන ලදී. නොගිණිය හැකි තරම් අසිපත්, කිණිසි, සහ නනාවිධ වටිනා දේවල් එහි තැන්පත් කර තිබිණි.

අසිපත් තරගාවලිය සෑම වසර පහකට වරක් පැවැත්වුණු අතර, මුල් ස්ථාන තුන හිමි ශිෂ්‍යයින් සිය පෞද්ගලික ශිෂ්‍යයා ලෙස නිකාය නායකතුමා හෝ නිකායේ ජ්‍යේෂ්ඨතුමන් විසින් පිළිගැනීම පමණක් නොව, සිය පෞද්ගලික අසිපත තෝරා ගැනීම සඳහා සැඟවුණු කඩු මණ්ඩපයට ඇතුළු වීමේ වරප්‍රසාදයත් ඔවුනට හිමි විය.

යන් ෂෙන්, බලහත්කාරයෙන් සැඟවුණු කඩු මණ්ඩපයට ඇතුළු වීමට යැන් ජින් ව උපක්‍රමික ව මෙහෙය වූ අයුරු ඉතා කෙටියෙන් නවකතාවෙහි සඳහන් වූවා ශෙන් ජිෂියෑන් හට සිහි විය. කෙසේවෙතත්, එහි එතරම් තොරතුරු සඳහන් නොවුණි.

සැඟවුණු කඩු මණ්ඩපයට නුදුරින් පිහිටි ගසක් අසල නැවතුණු ඔහුට අපැහැදිලි අදහසක් පහළ විය. නොපැහැදිලි හඬින් තමන්ට ම මුමුණමින් ඔහු බිමට නැවී වැටුණු ශාක පත්‍ර කිහිපයක් අහුලා ගත්තේය.

සැඟවුණු කඩු මණ්ඩපය මෑතක දී අනවසර කඩාවැදීමකට බඳුන් ව තිබූ අතර තවමත් පිරිසිදු කිරීමට ඉතිරි ව තිබිණි. කෙසේ නමුත් සොන් මින්, මණ්ඩපයේ ආරක්ෂාව සඳහා ශිෂ්‍යයින් කිහිප දෙනෙකු යෙදවීමට වගබලාගෙන තිබිණි. මෙම ශිෂ්‍යයෝ දැන් පාදමෙහි ප්‍රවේශමෙන් මුර සංචාරයේ නියුතු ව සිටි අතර අනවසරයෙන් කඩාවැදෙන්නන් පිළිබඳ අවධානයෙන් සිටියහ.

ශෙන් ජිෂියෑන්, වැටුණු කොළ ස්වල්පයක් සිය ඇඟිලි අතර තද කොට තත්ත්වය පිළිබඳ විමසා බැලුවේය. සාමාන්‍ය උපාය මාර්ගයක් සිහිපත් වූ කෙණෙහි ම ඔහු ඇඟිලි අතර රැඳී තිබූ ශාක පත්‍ර පිරිමදිමින් මතකයේ රැඳී තිබූ මන්ත්‍රයක් මුමුණා මණ්ඩපය දෙසට පා කළේය.  බලා සිටින විට ඔහුගෙ ශරීරය ක්‍රමයෙන් මැකී ගියේ, කුඩා අඳුරු සෙවණැල්ලක් පමණක් එහි විය.

බැරෑරුම් වතින් ශිෂ්‍යයින් මුර කිරීමෙහි යෙදී සිටිද්දී, සුළං රැල්ලක් ඔවුන් දෙසට හමා ආවේය. එකෙණෙහි ම ප්‍රාණවත් වූ ඔවුන් දෑස් කුඩා කරගනිමින් හාත්පස නිරීක්ෂණය කරන්නට වූහ.

කෙසේ නමුත්, සුළඟට ගසා ගොස් බීමතින් මෙන් ඔවුන් දෙසට කැරකෙන වියළි කොළරොඩු හැර අන් විශේෂ කිසිවක් ඔවුනගේ නෙත නොගැටුණි.

එය හාස්‍යෝත්පාදක දර්ශනයක් විය.

එක් කනිෂ්ඨ ශිෂ්‍යයෙක් හට සිනහව පාලනය කරගැනීමට නොහැකි විය. නිහඬතාවය බිඳ දමමින් ඔහු " මේ වියළි කොළ රොඩු විනෝදජනයකයි. ඒවා බීමතින් වගේ" යැයි පැවසුවේය.

ජ්‍යෙෂ්ඨ ගෝලයා සන්සුන්ව ම සිටියේය. එහා මෙහා හැරෙන මැරුණු කොළ දෙස බලා ඔහු නළල රැළි කළේය. " ප්‍රවේශම් වන්න" කියද්දී ඔහු අතින් කඩුවේ මිට තදවිය. "නොසැලකිලිමත් වෙන්න එපා"

කනිෂ්ඨ ගෝලයා එතරම් තැකුවේ නැත. "අප සියල්ලන් ම මෙහි සිටින්නේ ආරක්ෂාවට. මෙහි අනවසරයෙන් ඇතුළුවීමට දිරි ගත් තැනැත්තා පවා දැන් සිටින්නේ පරාවර්තන කන්දේ. අන් කවරෙකු නම් මෙහි ඇතුළුවීමට නිර්භීත වේද? වෙනකක් තබා නිකාය නායකතුමා ස්වයං ව පැමිණ  සැඟවුණු කඩු මණ්ඩපයට ඇතුළුවීම කෙරෙහි නීති පැනවූයේය. කිසිවෙකුටත් පහසුවෙන් කඩාවදින්නට නොහැකී."

යැන් ජින් හට මණ්ඩපයට කඩාවැදීමට හැකි වූයේ එවිට එම නීති පැවතියේ අඩ වශයෙන් සක්‍රීය කරය. නමුත් දැන් එහි නීති දැඩිය. මිනිසෙකුට තබා කුඩා කුහුඹුවෙකුට හෝ එහි ඇතුළු විය නොහැකී.

ජ්‍යෙෂ්ඨ ගෝලයා මදක් දෙගිඩියාවෙන් හුන්නේය. අවට බලා හඬ මදක් අඩු කළේය. "වැඩිහිටි ශෙන් කිසිදු නිකාය නීතියකට යටත් නොමැති බැව් ආරංචි වුණා. "

"අහ්?" වහා ම සිය හඬ අඩු කරගන්නැයි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයාගෙන් දොස් ලැබූ කනිෂ්ඨයා තොරතුරු දැන ගැනීමට ඇති ආශාව පෙන්වීමට කිසිදු පැකිළීමක් නොදැක්වීය. "කුමක් ද සිදු වන්නේ? මා එය දැන සිටියේ නැහැ."

සෙසු ගෝලයන් දෙදෙනාට නිකායේ රහසක් පිළිබඳ ඉව වැටුණු අතර එය ඇසීමට ඔවුහු දෙසවන් යොමු කළහ.

"නිකාය නායක තනතුරට පත්වීමට සිටියේ වැඩිහිටි ශෙන්තුමායි. පසුව සිදු වූයේ කුමක්දැයි නොදන්නා නමුත්, ඔහු වෙනුවට වත්මන් නිකාය නායක සොන් පත් වුණා..... නිහඬ වෙන්න. මම යමක් පවසන්නම්, එය පතුරුවන්න එපා."

සහල් ඇටවලට ඇදෙන කුඩා කුකුළු පැටවුන් රෑනක් ලෙසින් කනිෂ්ඨයන් ඔහු වටා රැස්වෙනු දුටු ජ්‍යෙෂ්ඨයා නිහඬව ම කියාගෙන ගියේ "වැඩිහිටි ශෙන් යනු හිටපු නිකාය නායකතුමාගේ පෞද්ගලික උරුමකම් කියූ ගෝලයායි. ඔහු බොහෝ ආදරයක් ලබා ගත් අතර වරප්‍රසාද රැසක් ද ඔහුට හිමිවිය."

ඕපාදූප සඳහා ගෝලයින් එක්‍ රැස් වෙද්දී කුඩා සෙවණැල්ලක් කාටත් සොරා රිංගා සැඟවුණු කඩු මණ්ඩපයට ඇතුළු බවක් කිසිවෙකුට නොපෙනුණි.

- නිසැකව ම ප්‍රමාණවත් ය. කිසිදු බාධාවක් නොතිබුණි.

පූර්ව නිකාය නායකතුමා මුල් ශෙන් ජිෂියෑන් හට කෙතරම් සෙනෙහස දැක්වූවාද යන්න පිළිබඳව ශෙන් ජිෂියෑන් විලාප නගද්දී, ඔහු කැඩුණු අසිපත් දෙපයින් මගහරිමින් අවට ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළේය.

සැඟවුණු කඩු මණ්ඩපය මහල් හතකින් සමන්විත විය. මහල් අංකයට සමානුපාතික ව එහි රැඳවූ අසිපත්වල ගුණාත්මක බව වැඩි විය. සිය අසිපත තෝරා ගැනීමට මෙහි ඇතුළුවන ශිෂ්‍යයින් හට ඉහළ මහල් කරා යා හැක්කේ සිය හැකියාව මත ම පමණි.

යැන් ජින් මණ්ඩපයට අනවසරයෙන් කඩා වැදුණු කල සියල්ලන්ගේම අනුමානය වූයේ ඔහුට අසිපතක් සොරකම් කරන්නට අවැසි වන්නට ඇති බවයි. එය හාස්‍යයට හේතු වූයේ, ආරම්භයේ සිට අවසානය දක්වා ම දෙවන මහලට යෑමට කිසිදු අවශ්‍යතාවයක් ඔහු නොදක්වා තිබීමයි. ඔහුගේ අරමුණ  පළමු මහල ම වූ අතර, එහි වූ අසිපත්......

ඍජුව ම පැවසුවහොත්, පළමු මහලේ තිබූ අසිපත්, උසස් තත්ත්වයේ සෙල්ලම් බඩුවලට වඩා වැඩියමක් නොවීය. එහි තිබූ සෙල්ලම් කඩුවලට යැන් ජින් කැමැත්තක් දැක්වූ බවක් පෙනෙන්නට නොතිබුණි. වඩාත් ම වැදගත් කරුණ නම්, යැන් ජින් සිය අසිපත මෙම මහලෙන් ලබා නොගත් බව ශෙන් ජිෂියෑන් වඩාත් හොඳින් දැන හිඳීමයි.

යැන් ජින් සහ අනෙක් ගෝලයින් අතර ඇති වූ ගැටුම නිසාවෙන් පළමු මහලෙහි තිබූ බොහෝ අසිපත් කැඩී බිඳී ගොස් තිබිණි. එම බිඳුණු අසිපත් තවමත් අවිධිමත් ලෙස බිම විසිරී පැවති අතර තවමත් පිරිසිදු කර නොතිබිණි.

ශෙන් ජිෂියෑන් මදක් සොයා බැලීමෙන් අනතුරුව අවසානයේ දී ඔහු සෙවූ දෙය සොයාගත්තේ කුටියේ කොනක කැඩුණු අසිපතක් යට තිබීය.

එය තනි කුඩා සුදු ජේඩ් ගලකින් සරසන ලද, පාවෙන වළා රටා සහිත පීත්ත පටි කැබැල්ලකි.

Comments

  1. ලස්සනයි ඒක

    ReplyDelete
  2. මොකද්ද මේ රිබන් එක කියලා හෙන කුතුහලය මට

    ReplyDelete
  3. Thank you❤️❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-