Skip to main content

පරිච්ඡේදය තුන:ද්විත්ව පුනරාගමනය

අයිස් කන්ද ඔහුගේ අත පිටුපස තුවාල කර තිබුණෙන් ශෙන් ජිෂියෑන් සුසුමක් හෙළීය. කෙසේවුවත් එමගින් දැනුණු වේදනාව, තවත් තුවාලයක වේදනාව දරාගත නොහැකි තරමේ වේදනාවකින් දැනට ම පීඩා විඳිමින් හුන් අවාසනාවන්ත තරුණයාගේ වේදනාව හා ගත් කළ සැලකිය යුතු තරමේ එකක් නොවුණි. 

ඔහු සිය තුවාලයෙන් ගලා යමින් තිබූ රුධිරය ගසා දමමින් හා සිය දෙතොල් එකිනෙක තද කරගනිමින් යැන් ජින් හට නැගිටින්නට උපකාර කළේය. යැන් ජින් හට උපකාර කරන්නට පෙරාතුව ම සිය අතේ තුවාලය රිදුම් දේවී යන හැඟීමෙන් සුසුම් ලන්නට ඔහුට හැකියාවක් නොවීය. 

කෙසේ නමුත්, ඔහුට ඔහු පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්විය හැකි විය. සියල්ලට ම වඩා, මේ තරුණයා සිය කොඳු පෙදෙසේ අස්ථින් පවා බාහිරට නිරාවරණය වන තරමින් සිය තුවාල පාරා ගනිමින් චලනය වෙමින් හුන්නේය. එහි ප්‍රතිඵලය නම්, තද රතු පැහැ රුධිරය ඉවතට ගලා යාමයි. 

"සෙලවෙන්න එපා..... ඒයි, ඔබේ තුවාල පෑරේවි" 

යැන් ජින්ගේ මනෝභාවය අස්ථායී විය. 
ඔහු ශෙන් ජිෂියෑන් දෙස ආරක්ෂාකාරී සුපරික්ෂාකාරී බැල්මක් හෙලුවේ, ඔහුගේ දෙනෙත් දැඩි හා කුරිරු වූ අතර එමගින් පිළිඹිබු වූයේ, වෛරයයි. 

මෙය සැබවින් ම අමුතුයි. 

මක් නිසාද යත්, යැන් ජින් කෝපවත් වේ යැයි සිතා කනස්සල්ලෙන් ඔහු වහ වහා යැන් ජින් දැකීමට පැමිණීමයි. කතාවේ පරිදි මේ මොහොතේ දී යැන් ජින් සාමාන්‍ය අයෙකු විය යුතුය. මේ තරම් වෛරයක් දැනට ම ඇති වන්නේ කෙලෙසින් ද? 

ඒ නොපැහැදිලි සිතුවිල්ලත් සමඟ ම ශෙන් ජිෂියෑන් තවමත් ඔහුව ඉවතට තල්ලු කරන්නට වෙහෙසුණ තරුණයා සිය අතකින් වැළඳ ගත්තේ ය. ඒ සමඟ ම අනෙක් අතින් ජේඩ් බෝතලය විවර කළ ඔහු, එහි වූ ඖෂධ තරුණයාගෙ මුඛයට ඇතුළු කළේය. 

අවසානයේ දී, යැන් ජින් දරුණු තුවාලවලින් පීඩා විඳි අතර සැලකිය යුතු තරම් රුධිර ප්‍රමාණයක් අහිමි ව සිටියේය. දිගු කලක් තිස්සේ ශීතලට ගොදුරුව සිටි බැවින් නිදහස පතා අරගල කරන්නට නොහැකි තරමින් දුර්වල වූයේය. එහි ප්‍රතිඵලය වූයේ ගෙන ආ ඖෂධීය පෙති වර්ග කිහිපයක් හා අමෘතය  පානය කිරීමට සිදු වීමයි. ඒවා ඔහුගේ මුඛය තුළ දියවී, උගුර හරහා උණුසුම් ධාරා ලෙස ගලා ගියේ, ක්‍රමක්‍රමයෙන් පපුව හා අත පය උණුසුම් කරවමිනි. ඔහු ශීතලෙන් ගල් විය. ඔහුගේ අරගල නතර විය. 

යැන් ජින් ඉදිරියේ හුන් පුද්ගලයා යම් නොපැහැදිලි ආකාරයක් ගත් නමුදු ඔහු සතුව යහපත් පෙනුමක් තිබිණි. නමුදු මෙය මායාවක් පමණක් බැව් යැන් ජින් දැන සිටියේය. මෙම පුද්ගලයා අළු බවට පත් වූව ද, ඔහුගේ හුස්ම පවා ඇඳිනීමට ඔහු සමත් වනු ඇත! 

ඔහු යැන් ජින් ගේ හොඳ ගුරුවරයා විය. ඔහුගේ ආත්මීය මූලයන් බිඳලූ හොඳ ගුරුවරයා! 

යැන් ජින් දත් මිටි කමින් සිය ක්‍රෝධය යටපත් කර ගත්තේය. 

නැත. 

තව ම ඔහුට කිසිදු වරදක් හෙළිදරව් කළ නොහැකී. 

මේ අවස්ථාව වන විට ශෙන් ජිෂියෑන් ඔහුට වඩා බොහෙවින් ශක්තිමත් ය. ඔහු ඉක්මනින් ඔහුව කෝපයට පත් කළහොත් ඒ වධහිංසන නිසැකව ම ඉක්මන් වනු ඇත. 

යැන් ජින් සිය දෑත් අනෙකාට දැකිය නොහැකි වන සේ හිම තුළට තල්ලු කර තදින් මිටි කරගත්තේ, සිය නියපොතු අල්ලෙහි කිඳාබස්වමින් අඩසඳවන් තුවාල සිය අල්ලෙහි ඇති කරමිනි.  හුස්ම සිරකරගනිමින්, වෛරය යටපත් කරගනිමින් හිස මදක් පහළට නැඹුරු කළ ඔහු "ෂිෆු" යනුවෙන් ගොරෝසු ලෙස ඇමතුවේය. 

සිය ආත්මීය මූලය බිඳ දැමීමේ වේදනාබර මතකය සිහිවෙද්දි ඔහුගේ සිරුර වේදනාවෙන් වෙව්ලුම් කෑවේය. ඔහු සීතල සුසුමක් පිට කර නැවත නැවතත් තමන්ට ම කියා ගත්තේ, 

ඔහු ජීවතුන් අතර සිටියේ ය. 

ඔහු නැවත ඉපදුණි. 

ශෙන් ජිෂියෑන් ආත්මීය මූලය අඟලෙන් අඟල බිඳ දැමුවායින් පසු, ඔහු නැවත උපන්නේ ය. 

ඔහුට මෙම දසුන හුරුපුරුදු විය. සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීමෙන් අනතුරු ව ඔහු පහර ත්‍රිත්වයක් ලබා ගත් අතර පරාවර්තන  කන්දට ගියේ ය. අවසානයේ ශෙන් ජිෂියෑන් පැමිණ පහළට බසින්නට අවසර නුදුන්නේ නම්,  මසක් පුරා පසුතැවීමේ යෙදී සිටි ඔහු මිය යන්නට වුව ඉඩ තිබිණි. 

කන්දෙන් බැස ගිය පසුව යැන් ජින් සිතුවේ අවසානයේ දී තමන්ට නිදහසේ හුස්මක් ගන්නට හැකි වෙතැයි කියායි. එනමුදු කවුරු නම් දැන සිටින්නද, ශෙන් ජිෂියෑන් ඔහු ඉදිරියේ උදාසීන ව සිටගෙන ඔහුගේ ආත්මීය මූලය කපා දමාවි කියා? 

දැනුණු අධික වේදනාව හේතුවෙන් ඔහු සිහිසුන් වූයේය. නමුදු, ඔහු දෑස් හැරි මොහොතේ ඔහු දුටුවේ අර්ථාන්විත බැල්මක් තම් වෙත හෙළා සිටි යැන් ෂෙන්ය. මද සිනාවක් වත රඳවමින් ඔහු පවසා සිටියේ යළිත් වතාවක් පරාවර්තන කන්දට යන්නට ගුරුතුමා විසින් ඔහුට අණ ලබා දුන් බවකි. 

නැවත කන්දට නැගීමෙන් අනතුරුව අවසානයේ දී ඔහු පිළිගත්තේ තමන් නැවත උපන් බවයි. නමුත්, මේ මොහොතේ දී ශෙන් ජිෂියෑන් මෙහි කරන්නේ කුමක් ද? 

සිය මතය වෙනස් කර ගැනීමට හා ඉදිරි අනාගතයේ වීනට නියමිත සිදුවීම් ඉක්මනින් සිදුවීමට බලපෑ යමක් ශෙන් ජිෂියෑන් හට සිදු වූවාවත් ද? 

ඔහු සිය සිහින් දුර්වල ශරීරය තද කරද්දී, යැන් ජින්ගේ අඳුරු පැහැ දෑස්, ජේඩ් බෝතලය මත වූ ශෙන් ජිෂියෑන්ගේ ඇඟිලි කෙරෙහි යොමු විය. අපිරිසිදු හිම අතරින් තැනින් තැන පෙනෙන සියුම් ජේඩ් වන් ශ්වේත වර්ණ ඇඟිලි තුඩු සහිත අත සිහින් හා පැහැපත් විය. 

සිය ඇඳුමේ පළල් අත්, කරමින් හුන් කාර්‍යයට බාධා වීම වළක්වනු පිණිස, දෑත් ඔසවා ගසා දමා දෙවැළමිට තෙක් බසින්නට සැලැස්වූයේ සුන්දර ශ්වේත පැහැ මැණික් කටු නිරාවරණය කරමිනි. එක් මැණික්කටුවක් වටා ජේඩ් පළිඟු වැලක් වට තුන හතරක් එතී තිබිණි. 

එම දසුනින් ඔහුව වඩාත් වංශවත් බවක් පළවිය. 

නමුදු, ඒ දෑත් රුධිරයෙන් වැසී තිබූ අයුරු ඔහුගේ මතකයට නැඟිණි. 

නිර්දය, එමෙන් ම කෲර. 

යැන් ජින් සිතමින් සිටියේ කුමක් ද යන්න පිළිබඳව කිසිදු අදහසක් ශෙන් ජිෂියෑන් හට නොවුණි. ඔහු බියවූයේ තරුණයා අරගල කරමින් සිරුරේ වූ තුවාල අසාධ්‍ය තත්ත්වයට පත් කර ගනු ඇතැයි සිතමිනි. තුවාල සහිත අතෙන් ඔහුව දැඩි ව අල්වා ගත් හෙතෙම අනෙක් අතෙහි වූ කුඩා ජේඩ් බඳුන බිම තමා වෙනත් අමෘතයක් සොයන්නට විය. 

ආත්මය සවිමත් කිරීමේ අමෘතය  මගින් කෙටි කාලයක් තුළ දී විශාල අධ්‍යාත්මික බලයක් නැවත පිරවිය හැකිය. එය ඉතා වටිනා යමක් විය. විශේෂයෙන් ම, ශෙන් ජිෂියෑන්ගේ නිවසේ වූ ඉහළ ම ශ්‍රේණියේ ඒවා. 

කන්ද නැගීමේ දී ශීතල පාලනය කිරීම සඳහා යැන් ජින්ගේ අධ්‍යාත්මික ශක්තිය බොහෝසෙයින් වැය වන්නට ඇත. මේ මොහොතේ ඔහුට තමාව ම ශීතලෙන් ආරක්ෂා කරගත නොහැකි ය. ඔහුගේ සිරුර ශීතලෙන් ගල් ව ඇතිමුත්, ආත්මය සුවපත් කරන අමෘතය තවමත් වැඩ කරයි. 

"මේ බලන්න!, ඒක කන්න" අවසානයේ දී ආත්මය සුවපත් කරන අමෘතය අන්තර්ගත ජේඩ් බඳුන සොයා ගත් ශෙන් ජිෂියෑන් මුළු බඳුන ම තරුණයාගෙ අත තබා පසෙක වූ විශාල බඳුනක් ගෙන හිම, ඔහුගේ තුවාල හා ගැටීම වළක්වනු පිණිස ඔහුව ආවරණය කළේය. 

යැන් ජින් විසින් ජේඩ් බඳුන දැඩිව අල්ලාගෙන සිටින අයුරු දුයු ශෙන් ජිෂියෑන් හට තරුණයාගේ මුවින් සිහින් සරින් "ෂිෆු" ඇසුණු බව මතකයට නැගුණි. ඔහුට සිය නළල අත්ලෙහි ඔබා නොගෙන සිටිය නොහැකි විය. හොඳයි, එසේ නම් එසේ නම් යැන් ජින් ඔහුව හඳුනාගෙන. ඔහුගේ ප්‍රතිචාරයන් ඒ සා රළු වීම අරුමයක් නොවේ. 

මොහොතක් කෙඳිරූ ඔහු ඊළඟ මොහොතේ දී එම කනස්සල්ල පහ කළේ ය. යැන් ජින් ඔහුව හඳුනාගත්තේ කෙසේදැයි නොදත් මුත්, දැනටම ආචාරය ලැබී ඇති හෙයින් සිය අනන්‍යතාව සැඟවීම ඵල රහිතය. 

මේ අතර යෞවනයා ඔහු දෙස බලා සිටියේ ආරක්ෂාව පතා සිය කූරූ උල් කරගත් ඉත්තෑවෙකු බලා හිඳින ආකාරයට ය. 

සැනසුම් සුසුමක් හෙළූ ශෙන් ජිෂියෑන් කාරුණික ඉරියව්වක් මවාපාමින් තරුණයාගෙ අත වූ ජේඩ් බඳුනට ඇඟිල්ල දිගු කර "ආත්මය සුවපත් කරන අමෘතය" යනුවෙන් පැවසුවේය්. 

ඉක්බිති අසල බිම විසිර තිබූ සෙසු බඳුන්වලට ඇඟිල්ල දිගු කරමින්, "ශීතල දුරු කරන පෙති, හෝමියස්ථිතික ඖෂධ, මාංශ නැවත වර්ධනය කරන කුඩු. තවත් සුළු මොහොතකින් මම ඔබේ තුවාල පරීක්ෂා කරන්නම්." 

යැන් ජින් නොසෙල්වීම සිටියේය. ඔහු කුඩා ජේඩ් බඳුන තදින් අල්ලාගනිමින් යළි යළිත් වේදනාව ඉවසා සිටියේය. "ෂිෆු, ඔබ පෞද්ගලිකව ම මෙහි පැමිණියේ මේ ගෝලයා ඉවත් කිරීමට ද?" යනුවෙන් අවසානයේ දී ඔහුගේ මුවින් සිහින් ස්වරයකින් නික්මුණේය. 

එසේ පැවසීමෙන් අනතුරුව යෞවනයා  ශෙන් ජිෂියෑන් දෙස බැලීමට සිය හිස එසවීය. පසළොස් වියැති තරුණයා නිදන්ගත මන්දපෝෂණයෙන් පෙළුණු අතර ශෝකජනක අයුරින් ඇතුළට ගිලා බැසුණු දෙකම්මුල් ඔහු සතු විය. ඔහුගේ වයසත් දැක්වූ සන්සුන්කමත් හේතුවෙන් ඔහුට දුක්ඛිත පෙනුමක් හිමි ව තිබුණි. 

ශෙන් ජිෂියෑන් මොහොතක් ඔහු දෙස බලා සිටියේය. හදවතේ හැඟීම් ඇවිස්සුණ ද, ඔහු අනෙක් පාර්ශවයේ හිස අතගෑමට මෙහෙයුණු සිත පාලනය කරගත්තේය. අවසානයේ දී ඔහු පැවසූයේ "නැහැ" යනුවෙන් පමණි. 

ඔහු ඔහුගේ වදන් ගැන ප්‍රවේශම් වූයේ, "ශෙන් ජිෂියෑන්" හදිසියේ ම වෙනස් වීමට හා සැකයට පාත්‍ර වීමට අකමැති වූයේය. එනමුත් යැන් ජින් තමන් සමඟ එතරම් ම සතුරු වීමටත් අවැසි නොවීය. තරුණයා දැඩි ලෙස රිදවී සිටි අතර තවත් ඔහුට එය දරාගත නොහැකි වූ හෙයින් තවත් වදන් ස්වල්පයක් පැවසුවේය. 

" ෂිෆු මේ සන්ධ්‍යාවේ දී ආවේගශීලී වැඩියි" 

යැන් ජින් තවමත් ජේඩ් බඳුන අත තබා ගෙන සිටිනු දුටු ඔහු නැවත එය සියතට ගෙන පියන විවර කර ඖෂධ පෙති කිහිපයක් පිටතට ගෙන ඒවා අනෙක් පුද්ගලයාගෙ මුඹයට ඇතුළු කළේය. 

ගුහාව ඉතා පටු වූයේ ඔහුට ශෙන් ජිෂියෑන් මගහැරීම අපහසු කරමිනි. ඒ හැරත් යැන් ජින් සතුව තවදුරටත් ශක්තියක් ඉතිරි ව නොපැවතුණි. ඔහුට ශෙන් ජිෂියෑන් විසින් ඒ සඳහා බල කරනු ලැබූ අතර, ඔහුගේ වියළි ආධ්‍යාත්මික මූලය තෙත් කරමින් සහ විනය කසයෙන් ඇති කරනු ලැබූ ශීතල සහ වේදනාව තරමක් යටපත් කරමින් මෘදු ආධ්‍යාත්මික ධාරාවක් ගලා ගියේ ඔහු දෙතොල් තද කර පියාගත්තේය. 

ශෙන් ජිෂියෑන් මද සිනාවක් පාමින් "මෙහි ඇවිත් මට ඔබේ තුවාල පරීක්ෂා කරන්නට ඉඩ දෙන්න" යැයි මෘදු සරින් පැවසුවේය. 

...... 

අනෙකා තවමත් කම්පනයෙන් මෙන් සිටින අතරතුර තුවාල සඳහා ප්‍රතිකාර කළ ශෙන් ජිෂියෑන්, ඉතිරි ඖෂධ එහි ම ඉතිරි කොට තබා  ප්‍රවේශමෙන් කන්ද බැස ගියේය. 

සත්‍ය වශයෙන් ම ආරම්භයේ දී ඔහු අදහස් කරන ලද්දේ ඉක්මනින් ම තරුණයා කන්දෙන් පහළට ගෙන ඒමට වුවත්, පසුව වැටහුණේ  එවැන්නක් අතීතයේ හුන් ශෙන් ජිෂියෑන් හා සමාන නොවන බවයි. හදිසියේ නාට්‍යානුරූප ද ආකල්ප වෙනස් කිරීම ඔහුගේ අපේක්ෂාවන් නොවීය. 

පළමු හේතුව වූයේ යැන් ජින්ගේ හැසිරීමයි. ඔහු සිය ශීතල හදවතක් හිමි ගුරුවරයාට බියක් දැක්වූයේය. ශෙන් ජිෂියෑන් එක්වර ම සිය හැසිරීම වෙනස් කළහොත් එය යැන් ජින්ගේ සැකයට තුඩු දෙන බැව් ඔහු දැන සිටියේය. 

දෙවන හේතුව නම්,... 

ශෙන් ජිෂියෑන් අත ඔසවා සිය ඇහි බැමි පිරිමැද්දේය. ඔහුගේ හැසිරීම ක්‍රමයෙන් සන්සුන් විය. 

නවකතාවල සඳහන් පරිද්දෙන් සුළු චරිතයක්  වීම සරල දෙයක් නොවීය.

පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

Comments

  1. යැං ජින් කොහොම කෙනෙක් වේවිද?

    ReplyDelete
    Replies
    1. බලන්නකෝ ඉස්සරහට

      Delete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-