Skip to main content

පරිච්ඡේදය 2 : කඳු මුදුන මත

ඒ යැන් ජින් නොවීය


ඔහුට යැන් ජින්ගෙ යොවුන් පෙනුම ගැන මතකයක් නොතිබුණත් එක බැල්මකින් මේ සිටින්නේ යැන් ජින් නොවන බව ෂෙන් ජිෂියෑන් දැන ගත්තේය.

මෙම පිරිමි ලමයා බොහෝ සාමාන්‍ය අයකු විය.


ඔහු අවලස්සන වුවා නොව නමුත් ඔහුට තිබුණේ අමතක වෙන සුළු, මැදිහත් මුහුණුවරකි.මෙවන් පෙනුමක් කිසිසේත්ම ප්‍රධාන චරිතයට සුදුසු නොවීය.


තමන්ට අවධානය ලගා කර නොගැනීමට ප්‍රවීණ වූ ෂෙන් ජිෂියෑන් සැනසුම් සුසුමක් හෙලීය.
ඔහුට යැන් ජින් ගැන සිතන සැමවිටම එම මරණයේ භයානක හීනය මතක් විය.ඔහුගෙ දැන් හැගීම විස්තර කර හැකි වචනය නම් භීතිය යන්නයි.

කොහොම නමුත් මෙම පවසන ලද "කුඩා සිසුවා"

ෂෙන් ජිෂියෑන්ගෙ දෑස් සිතුවිලි වලින් බරව මෙම පුද්ගලයා කව්දැයි මතක් කිරීමට විය.

මොහු නියතවම මුල් හිමිකරුගේ සිසුවෙකු විය.

වසරකට පෙර, යැන් ජින්ව ශිෂ්‍යයෙකු ලෙස බාර ගැනීමෙන් කාලයකට පසු ඔහු යන් ෂෙන් නම් තවත් ශිෂ්‍යයෙකු ,නිකායේ කඩු සටන් තරගයේදී බාර ගත්තේය 

මේ වන විට ඔහු තුදුස් හෝ තෙලෙස් වියැති වූ අතර තවමත් කුඩා දරුවෙකුගේ මුහුණ තිබිණි.නමුත් ඔහු ශක්තිමත් පෙනුමැති වූ අතර හොඳ ආධ්‍යාත්මික පදනමක් පැවැතිණි

ෂෙන් ජිෂියෑන් සිතන විට ඔහුගෙ ඇස් පිහාටු තරමක් පහත් වූ අතර එය ඔහුගෙ සුදුමැලි හමේ හොඳින් කැපී පෙනිණ.ඔහු ඇඳ පැත්තට හේත්තු වි හිස කෙස් කළු සැටින් රෙද්දක් මෙන් හැලෙන්නට හැර තිබිණි. ඔහු ශෝබන ලෙස අලසව පෙනිණ. 

යන් ෂෙන්ගෙ දෑස් හදුනා ගත නොහැකි හැගීමකින් දිලිසුණ අතර ඔහු වහාම එය සඟවා ගත්තේය.

ඔහු ෂෙන් ජිෂියෑන් දෙසට පියවර කීපයක් ගොස් නැවැතත් "ෂිෆු" යනුවෙනි ඇමතුවේය.
ෂෙන් ජිෂියෑන් දෙස කනස්සල්ලට පත් බැල්මකින් බලමින් ඔහු "ෂිෆු ,ඔබ තවමත් අපහසුවෙන්ද ? ශි ෂියොන් සමග කේන්ති ගන්න එපා.ශි ෂියොන්ට දඬුවම් ලැබී අවසන්, ඔහුව පරාවර්තන කන්දට යවා තිබෙන්නේ.අනිවාර්යයෙන්ම ඔහු ඔහුගෙ වරද අවබෝධ කරගෙන නැවත එසේ සිදු නොකරනු ඇති"

පරාවර්තන කන්දේ දඬුවම.

ෂෙන් ජිෂියෑන් අවසානයේ තමන් කතා වස්තුවේ කුමන ස්ථානයක සිටින්නේද යන්න අවබෝධ කරගත්තේය.

ඔහුගෙ දෑස් අදුරු වී තමන් කිසිවක් නොදන්නා බව අඟවන්නට අවශ්‍ය විය. කතා වස්තුවේ මෙම කොටසේදි යැන් ජින් සිටියේ අපහසු තත්වයක විය.

චින්යුන් නිකාය සතුව සැඟවූ කඩු මණ්ඩපයක්
පැවතිණ, එය තහනම් ප්‍රදේශයක් විය.
එය විවර කරන ලද්දේ පස් වසරකට වරක් සහ කඩු සටන් තරගයේදී ජයග්‍රහණය කල උසස්ම ස්ථාන ත්‍රිත්වය දැරූ ශිෂ්‍යයන් සදහා පමණි.

පොතේ සදහන් වූ පරිදි යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට මධ්‍යම රාත්‍රියේ ඇතුළුව එහි පලමු මහලේ තිබුණු කඩු වලින් අඩක් පමණ විනාශ කලා පමණක් නොව ඔහුව නැවැත්වීමට උත්සාහ කල ශිෂ්‍යයන්ට හානි සිදු කලේය.
ඔහුව අල්වා ගැනිමෙන් පසුව ඔහු වරද පිළිනොගත් අතරම දත් මිටි කමින් ඔහුට පැමිණිමට සිදු වූ බව පමණක් පවසා වෙනත් කිසිවක් පැවැසීම ප්‍රතිකේෂ්ප කළේය. 

යැන් ජින් සුවිශේෂී ආත්මීය මූලයක් සමග ඉපදුණු අයකු විය. මෙය වසර කීපයකට පෙර වුවා නම් මුල් හිමිකරුට හොඳින් ඔහුට ඉගැන්වීම් කල හැකි වනු ඇත.නමුත් ඔහුගෙ හදවත් රෝගය සමග ඔහුගෙ මානසිකත්වය විශාල ලෙස වෙනස් විය.

ඔහු යැන් ජින් සමග බොහෝ සෙයින් ඊර්ෂ්‍යාවෙන් පසුවිය.

එහෙයින් යැන් ජින් කරදරයකට පත් වූ විට මුල් හිමිකරුට සත්‍ය අසත්‍ය වෙන් කර හඳුනාගෙන තම ශිෂ්‍යයා ආරක්ෂා කිරීමට අරමුණක් නොතිබිණ. ඔහු යැන් ජින් තම වරද පිළිනොගත් බව දුටු විට විනය කසය පිටතට ගත් ඔහු තුන් වරක් එයින් යැන් ජින්ට තලා
පරාවර්තන කන්දට යන්නට පැවැසීය.

විනය කසය කුඩා දෙයක් වූයේ නැත. එය විශාල වැරදි කරන ලද ශිෂ්‍යයන්ට දඬුවම් කිරීමට සුවිශේෂී ලෙස නිමවූවකි. එයට මායා ශක්තියක් තිබුණ අතර එමඟින් දඬුවම් ලබන්නාවු අයගේ ආධ්‍යාත්මික බලය මඟින් විරුද්ධ වීමට නොහැකි වීමට වග බලා ගත්තේය.

පලමු පහර සම පලයි,දෙවැන්න මස කපා දමයි, තෙවැන්න අස්ථි දුර්වල කරමින් මාස කීපයකට සුව වීමට නොහැකි වීමට අපහසු කරයි.

පරාවර්තන කන්ද මෙවැනි තුවාල සදහා සුදුසු ස්ථානයක් නොවීය. කන්දේ මුදුනෙහි සීතල සුළඟ ,හිම හා මිදී ගිය ජලය ඉවසමින්, විනය කසෙන් පහර තුනක් ලබාගත යැන් ජින්ට දරාගන්නට අපහසු විය 

මෙම දඬුවම,යැන් ජින් ,තම ආධ්‍යාත්මික බලය භාවිතා කරන අවස්ථාවල වේදනාවක් ඇති කිරීමට හේතු වන පරිදි ආත්මීය මූලයට සුව කල නොහැකි හානි ඇති කලේය. නරකම දේ වූයේ මෙම සිදුවීමෙන් පසු මුල් හිමිකරු ඔහුගෙ ආත්මීය මූලය උදුරා ඉවත් කර ඔහුව නිකායෙන්
පලවා හැරියේය. එම නිසා ඔහු නිකමෙකු බවට පත්විය.

"ෂිෆු" යන් ෂෙන් ඇමතුවේය.

ෂෙන් ජිෂියෑන් නැවැතත් එම මොහොතට පැමිණ තම අවධානය වෙනස් වීම සැඟවීම සදහා සෙමින් කැස්සේය. ඔහු මෘදුව මෙසේ විමසන ලදී "යැන් ජින්ට කෙසේද දැන් "

 "ශී ෂියොන්ට සිහි නැති වුණා නමුත් ඔහු අවදි වුන ගමන්ම පරාවර්තන කන්දට ගමන් කලා.
ශී ෂියොන්ට දඬුවම් ලැබී තියෙන්නෙ ඔහු නැවැතත් එසේ කරන්නේ නැති වෙයි. කරුණාකරලා එමනිසා ඔබතුමාට හානි කරගෙන ශිෂ්‍යයන් කනස්සල්ලට පත් නොකරන්න."යන් ෂෙන් පැවැසුවේය.   

ෂෙන් ජිෂියෑන්ගේ හදවතේ යම් දැනුවත්භාවයක් තිබිණ. ඔහු මුල් පොත කියවා තිබිණි අනිවාර්යයෙන්ම ඔහු සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීම ගැන සාමාන්‍ය තත්ත්වය දැනගෙන සිටියේය. යැන් ජින්ව වරදට පැටලවු කෙනා , තමන් ඉදිරියේ සිටින පුද්ගලයට සම්බන්ද විය.

යන් ෂෙන් තමන්ගේ ශිෂ්‍යයෙකු වීම අහම්බයක් නොවීය ,ඔහුට යමෙකුගේ උපකාර ලැබිණි.

යොවුන් පුද්ගලයා කනස්සල්ලට පත් බවක් පෙනුණ අතර ඔහු සත්‍ය ලෙසම ෂෙන් ජිෂියෑන්ව සනසන්නට උත්සහ කරන වග පෙනිණි නමුත් ඔහුගෙ වදන් යැන් ජින්ව වැරදිකරු ලෙස පෙන්වා දුන්නේය. 

ෂෙන් ජිෂියෑන් කෙලින්ව යන් ෂෙන්ගෙ අත ඉවත් කළේය. ඔහු සන්සුන්ව මෙසේ පැවැසීය.
"ඉවතට යන්න"

යන් ෂෙන්ගෙ දෑස ගැස්සිණි, ඔහුගෙ මනසට නැගුණු වදන් යටපත් කරගෙන ඔහු "එසේයි"
යැයි පැවැසීය.

කිසිදු ශබ්දයකින් තොරව ද්වාරය වැසී ගියේය.

ඔහු ගිය වහාම ෂෙන් ජිෂියෑන් අනෙක් පස හැරී 
තම ඖෂධීය පාන හා ඔසු මංජුසා සොයන්නට විය. ඔහුට තවමත් යැන් ජින්ව කන්දෙන් බේරාගැනීමට තිබිණි! නැතහොත් ප්‍රමාද වැඩි වනු ඇත!

ඔහු කිසිදාක මෙම පොතට සංක්‍රමණය වනු ඇතැයි සිතුවේ නැත නමුත් ඔහුට තවමත් තත්වය වෙනස් කිරීමට අවශ්‍ය විය. යැන් ජින් චින්යුන් නිකාය සම්පූර්ණ ලෙසම විනාශ කල ආකාරය හා ඔහු දරුණු හා මිලේච්ඡ ලෙස තම ගුරුවරයාට හිංසා කල අයුරුද මතක් වී ෂෙන් ජිෂියෑන්ගේ කොඳු ඇට පෙළ හරහා සීතලක් දැනිණ. ඔහු ඔහුගෙ ළය අසලම තබාගෙන සිටියේ ශීතල පලවා හැරීමේ ඔසු කීපයකි.

වර්තමානයේ තිබුන එකම ක්‍රමය නම් ප්‍රධාන චරිතයේ පක්ෂපාතීත්වය වර්ධනය කරගැනීම පමණකි. එමගින් ඉදිරියට පැමිනීමට නියමිත දෛවය මඟ හැරීමට හැකි වනු ඇත.


හොඳ ගුරුතුමෙකු වන්න, හොඳ ගුරුතුමෙකු වන්න..... ෂෙන් ජිෂියෑන් ද්‍රව්‍ය කීපයක් අසුරමින් මතුරන්න විය.මුල් හිමිකරුගේ මතකයෙන් බිඳක් ලැබීමෙන් ඔහු ආධ්‍යාත්මික බලය භාවිතා කර නිශ්ශබ්දව නිවසින් බැහැර විය.

එම මතකයම භාවිතා කරමින් බාධක හා මිනිසුන් මඟ හැරී ඔහු සාර්ථක පරාවර්තන කන්ද සොයා ගත්තේය.

කන්ද බෙහෙවින් උස විය. පහල සිටගෙන සිටියදී පවා ඉහළ ඇති මිදුණු ජලය හා හිම නිසා ඇති වන සීතල සුළඟ දැනිණ.ආධ්‍යාත්මික බලයෙන් තොරවුවා නම් හුස්ම ගැනීම පවා අපහසු වීමට හැකියාවක් පැවැතිණි.

ෂෙන් ජිෂියෑන් රවා වටපිට බැලුවේය.ඔහු දුටුවේ හිමෙන් වැසී, එක් අයකුට පමණක් ගමන් කිරීමට ප්‍රමාණවත් වූ ශෛලමය මාර්ගයකි.ඔහු පියවර දෙකක් එකවර තබන්නට ගොස් පය පැකිලිණි.

පරාවර්තන කන්ද මිනිස් වාසයෙන් තොර වූ අතර මුදුනට යාමට භූමි සංස්ථාන අරාවක් අවශ්‍ය විය.නමුත් දඬුවම් ලැබු ශිෂ්‍යයන්ට අරාව භාවිතා කිරීමට අවසර තිබුණේ නැත.
යැන් ජින්ට තම තුවාල වූ සිරුර ඇදගෙන පියවරෙන් පියවර ඉහළට යන්නට සිදු වන්නට ඇත. ෂෙන් ජිෂියෑන් සුසුමක් හෙලා කන්ද නැගීම ආරම්භ කලේය.

ඔහු ඉහළට පියාසර කිරීමට සිතුවත් තවමත් ආධ්‍යාත්මික බලයෙහි දක්ෂ නොවූ නිසා ඔහු ප්‍රපාතයට වැටීමට බිය විය. ඔහු භූමි සංස්ථාන අරාවක් භාවිතා නොකළේ ඔහුගෙ රහස් චාරිකාව කිසිවෙකු සොයා නොගත යුතු වූ නිසායි.

පරාවර්තන කන්ද බොහෝ උස හා නැගීමට අපහසු විය.වාසනාවකට මෙන් ඔහුගේ සිරුරේ දරාගැනීමේ ශක්තිය, හදවතේ අපහසුවෙන් තොර විට ඉහළ විය .ෂෙන් ජිෂියෑන් හෝරාවක් පමණ ගමන් කර යැන් ජින් සිටි ස්ථානයට ළඟා විය 


එහි කුඩා ගුහාවක් පැවතුන අතර එය හිමෙන් හෝ සුළඟින් ආරක්ෂා වීමට තරම් විශාල හෝ
පලල් නොවීය.ෂෙන් ජිෂියෑන් දෑස එසවූ කල හිම මිනිසෙකු ඉඳගෙන සිටින ආකාරය දුටුවේය.ඔහු විගසින් පුද්ගලයාව ඉවතට ඇද ගත්තේය.

පැරණි හා සිහින් ලෝගුවක් ඇදගෙන සිටි පිරිමි දරුවා ඉතාමත් සුදුමැලි අයෙක් විය. ඔහුගෙ දෑස වැසී තිබුණු අතර ඔහු හිමෙන් වැසී සිටියත් නිසල විය. ඔහු එම පුද්ගලයාව තම දෑතේ රඳවාගෙන සිහින් ඇඳුම ඉවත් කලේ ඔහුගෙන් හද ගැස්ම පරික්ෂා කිරීමටයි.ඔහුගේ හද ගැස්ම තවමත් තිබෙන බව දැනගත් ෂෙන් ගුරුතුමා සැනසීමට පත් වී ඔහුගෙ මුවට සීතල නැති කිරීමේ ඔසු වක් කරන්නට විය.

කෙසේ නමුත් යෞවනයා සිහි නැතුව සිටියත් පරික්ෂාකාරී විය.ඔහු දත් තද කරමින් ඔසු ගිලීමට සැහැල්ලු වීම ප්‍රතික්ෂේප කලේය.
ෂෙන් ජිෂියෑන්ට ඔසු පසෙක තබා තම ආධ්‍යාත්මික බලයෙන් ගල් වූ දෙපා පිරි මදින්නට විය.

පිරිමැදීමෙන් අනතුරුව ඔහු ඔහුගෙ දෑතේ සිටින යෞවනයා හම ඇට වලට ඇලි තිබෙන තරමට සිහින් බව සොයාගත්තේය.ඔහුව අල්වා ගෙන සිටීම උණ දණ්ඩක් අල්වා ගෙන සිටින්නාක් මෙන් දැනිණ. යැන් ජින් මේ වන විට සොළොස් හෝ පසළොස් වියැති විය.මෙලෙස බලා සිටීමෙන් ඔහු යැන් ජින් ඔහු උස යායුතු තරමට උස නොවේ යැයි බිය විය.

විනය කසයෙන් පිටේ ඇති වූ තුවාල ,ප්‍රතිකාර නොකර තිබෙන්නට හැර ඇත. රුධිරය දැනටත් වේලි තිබුණේ ඇදුම් ඔහුගෙ සිරුරට අලවා තබා ගල් වීමෙනි.මෙම දසුන දැකීමෙන් ඔහුගෙ සිරුර වේදනා දෙන්නට විය.

ඔහු වේදනාවෙන් සුසුමක් හෙළීය. ඔහුගෙ ආදරණීය ගුරු හදවත විශ්මයට පත් විය ප්‍රථම වතාවට ඔහුට මුල් හිමිකරු වෙත හොඳ දරුවෙකු මෙසේ අතහැර දැමීම ගැන කෝපයක් 
ඇති විය. යැන් ජින් ප්‍රධාන චරිතය නිසා ලැබෙන දිව්‍යමය බලයෙන්, ආරක්ෂා නොවුණා නම් ඔහු කස පහර තුනෙන් අනතුරු මියයන්නට තිබිණ.

ඔහු ඔහුගෙ ඉරියව්ව වෙනස් කරන කර යැන් ජින්ට තම දෑතේ පහසුවෙන් වැතිරී සිටීමට ඉඩ හැරියේ ඔහුගෙ තුවාල වලට ප්‍රතිකාර කිරීමටය. නමුත් අනපේක්ෂිත ලෙස යැන් ජින් කෙඳිරියක් සමග අවදි විය. ඔහු දෑස විවර කර ඉහළ බැලුවේය.ෂෙන් ජිෂියෑන් දැකීමෙන් ඔහුගෙ දෑස නපුරු ලෙස ක්ෂණිකව දීප්තිමත් ව ඔහු, ඔහුව පසෙකට තල්ලු කලේය.

විමතියට පත් වු ෂෙන් ජිෂියෑන් පසුපසට වී ඔහුව තල්ලු වීමට ඉඩ හැරියේ නොසිතාය.

එම චලනය සදහා යෞවනයාගේ මුළු ශක්තියම වැය වුණු බව පෙනිණ. ඔහු අමාරුවෙන් හුස්ම ගෙන, ඔහුව අල්වා ගැනීමට ෂෙන් ජිෂියෑන් නොසිටි නිසා පසුපසට වැටිණි.

මෙය දැකීමෙන් ෂෙන් ජිෂියෑන් ඔහුගෙ දෑත ඔසවා යැන් ජින්ගෙ හිසට කොට්ටයක් ලෙස තැබීය. ඔහුගෙ හිස බිම වැටුණා නම් අයිස් කැබැල්ලක වැදී තවත් රුධිරය වැගිරෙන්නට ඉඩ තිබිණි.

"ස්ස්ස්"








පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-