Skip to main content

පරිච්ඡේදය 1 : අවදිවීම


වැසුණු සඳ රාත්‍රී අහසේ යන්තමින් එල්ලී ඇති බව පෙනුණි. කපුටන් වැලපුම් නාදයක්  ගායනා කලහ.

චින්යුන් නිකායේ තහනම් කාමරය අදුරු වූ අතර එහි රුධිර ගන්ධය රස දැනෙන තරමට දැඩි විය.

අස්ථි බිඳින ඇණ දහඅටක්  මිනිසාග දෙපා,ළය, උදරය  පසාරු කර තිබුණ අතර ඔහුගෙ කෘෂ ශරීරය ශෛලමය බිතුවට තද කොට එල්ල තිබුණේය. ශරීරයෙන් දින ගණනක් තිස්සේ වහනය වූ රුධිරය දීප්තිමත් ලෝහිත වර්ණයේ සිට අදුරු මඩ පැහැය දක්වා ඝනකම් වී තිබිණි 

වේදනාව ඔහුගෙ සිහිය උදුරා ගත් අතරම aඔහුගෙ හිස අවිනිශ්චිත බවින් හා ව්‍යාකූල භාවයෙන් බර විය. අතීතයේ දීප්තිමත් හා සුන්දර මුව වර්තමානයේ සුදුමැලි විය. නමුත් ඔහුගෙ වම් නෙත පහල ඇති අදුරු ලෝහිත වර්ණ උපන් ලපය ඔහුට තවමත් විනාශකාරී සුන්දරත්වයක් එක් කලේය.

එය ඉක්මණින් විනාශයට පත්වන බොහෝ සෙයින් පිපුණු මලක් මෙන් විය. 

නිශ්ශබ්දතාව මාධ්‍යයේ විවර වන්නාවූ ද්වාරය කුඩා මිමිනුම් නාදයක් නිකුත් කලේය.

"ෂිෆු" යැන් ජින් ප්‍රීතියෙන් ඔහු ඉදිරියට පැමිණි අතර සීතල බැල්මකින් හා සරදම් සහගතව මෙසේ පැවැසීය" ඔබට තවමත් දස දහස් කැපුම් ඉවසිය හැකිද?"

බිතුවේ සිටි මිනිසා ඔහුව නොසලකා සිටියේය.
හුස්ම ගැනිමේ ශබ්දයක් නොපැවතුනාක් මෙන් වූ අතර ඔහු තවදුරටත් ජිවිතය අත් නොහැර සිටි බවට එකම සලකුණ වූයේ ඔහුගෙ ළයේ සිදු වූ සියුම් චලනයන් පමණි.

නමුත් මරණය පැමිණෙමින් තිබුණේය.

යැන් ජින්ගෙ අදුරු ඇහිබැමි පහළට නැවී, ඔහුගෙ ඇඟිලි  මිනිසාගෙ මෘදු නිකට කෙනිත්තූ අතරම කිසිදු ආයාසයකින් තොරව මිනිසාගේ හිස ඔසවා ගත්තේය.

යැන් ජින්ගේ මැණික් කටුව  සුදු පැහැති ජේඩ් ගලින් සරසන ලද සුදු සියුම් රෙදි පටියකින්  හැඩ විය.ඔහු චලනය වන විට එය සියුම් ලෙස සෙළවිය. ඔහු සීතල ස්වරයෙන් මෙසේ පැවැසීය 
" මෙය මගේ ආත්මීය මුල විනාශ කිරීමට
කරන ගාස්තුව ලෙස සලකන්න"

මෙම වදන් ඔහු ඉදිරිපිට සිටි මියයමින් සිටි මිනිසාව කම්පනයට  පත් කල අතර ඔහුගෙ දෙතොල් වෙන් වී බිඳුණු හුස්මක් පිට කලේය
"යැන්... යැන්..."

ඔහුගෙ මුවේ දැඩි මලකඩ රසයක් වූ අතර ඔහු කහින විට  රුධිරය  ඔහුගෙ දෙතොලින් නික්මිණ. උගුරේ රුධිරය ඔහුට නාමයක් මිමිනීමට ප්‍රමාණවත් ලෙස තුනී විය."යැන් ජින්"

ඔහුට ඔහුගෙ ඉදිරිපිට පෙනුනේ දුර්වල ඡායාවක් පමණි.මිනිසා දෑස වසා ගත් අතරම ඔහුගෙ දෙතොලින් සියුම් ආගන්තුක මදහසක් පැමිණියේය."ඔබ මාව මරා දමන්නද තනන්නේ? ඔබ පසු තැවෙනු ඇති"

ඔහු හතිලමින් මිමිනුවේ "ඔබ මරා දමන පුද්ගලයා වන්නේ ඔහුයි. ඔබ ඔහුව මරා දමන්නයි තනන්නේ"

මෙම ප්‍රකාශය නොගැලපෙන හා ව්‍යාකූල විය..යැන් ජින්ගේ මුහුන තවදුරටත් සීතල වි ඔහුගෙ අත ගෙල දෙසට ගමන් කරමින් එය කිසිදු පැකිලීමකින් තොරව සිර කලේය.

"අහ්"

මිනිසා ඔහුගෙ අලස භාවයෙන් බලෙන් මිදී ක්ෂණිකව දෑස් විවර කලේය. ඔහුගෙ දෑස හිස්ව සහ ආගන්තුක ලෙස දිලිසිණ.
ඔහු තමන්ව නිදහස් කරගැනීමට දඟලන්නට පෙර දෙතොල් වෙව්ලමින් කෙටි වේලාවකින් සිහි නැති විය.ඔහුට පැවැසීමට යමක් තිබිණ...

නමුත් රුධිරයෙන් පෙඟුණ ඇණ ඔහුව තදින් සිර කර තිබුණ අතර යැන් ජින් තවදුරටත් ඔහුට සවන් දීමට සුදානම් නොවීය.

අස්ථි බිඳෙන නාදය වාතයේ මද වේලාවකට රැඳි මැකී ගියේය.

දූවිල්ල සෙමින් තැන්පත් විය.

..........

ගොඩක් රිදෙනවා 

ඔහුට දැනුනේ  කිසිවෙක් ඔහුගෙ සම හරහා පිහියක් රැගෙන ගොස් තම මාංශපේෂි හා ස්නායු බද්ධ එළියට ඇඳගත් බවකි. අස්ථිවල ගැඹුරින් පැමිණි වේදනාව ඔහුගෙ ආත්මය සන්තාපයෙන් තලන්නට  හා ගැස්සීමට සමත් විය.නමුත් ඔහුගෙ මනස බලාපොරොත්තු විරහිත බව සමග පැහැදිලි වී තිබිණි.

ෂෙන් ජිෂියෑන් නපුරු හීනය යටතේ දඟලන්න විය ඔහුගෙ සිහින් ඇඟිලි ඇඳ ඇතිරිලි තදින් අල්ලා ගෙන සිටියේය.ඔහුගේ සිරුර මොහාතකට කඩින් කඩ ගැහෙන්න වූ අතර ඔහු එකවරම දෑස විවර කලේය.

ඔහු අවසානයේ අවදි විය.

ඔහු නිදාගන්නට පෙර නවකතාවක් කියව්වේ නැතිද?! මේ හීනයේ සිටියේ තම ශිෂ්‍යයා අතින් මියගිය ඔහුට සමාන නමක් ඇති සුළු චරිත ගුරුවරයා නෙමෙද?!බිත්තියට ඇණ ගසා පිහියෙන් ඇන මරා දැමීම මොන තරම් නරක හීනයක්ද!

ෂෙන් ජිෂියැන් වැලමිටෙන් තමාටම උදවු කරගනිමින් හැරුණේ වැඩිවෙන්න බලාපොරොත්තුවෙනි.නමුත් ඔහු එකවරම නැවතී අරමුණු විරහිතව බලා සිටියේය.

තප්පරයක් ඉන්න!

මේක හරි වෙන්න බැහැ!

තම සිරුරේ කුඩා වේදනාව නොසලකා හරිමින් ඔහු තමා මඟහැර දැමූ මතකයට අවධානය යොමු කලේය. ඔහු නවකතාව කියෙව්වා,ඔව්,  එහෙත් ඔහු එය අවසන් කරන්නට මුළු රෑම
අවදියෙන් සිටි අතර ඔහු තවමත් නින්දට ගියේ නැත.එසේ නම් මෙම නරක හීනය පැමිණියේ කොහෙන්ද
  
මෙම ශිආන්ශියා නවකතාව ආරම්භය හොඳින් ලියා තිබුන අතර අවසානය එතරම් යහපත් නොවීය.

කතාවේ ප්‍රධාන චරිතය යැන් ජින්ට විශ්මිත ආත්මීය මූලයක් තිබුණු අතර ඔහු ධ්‍යාන වැඩීමෙන් වැඩිමේ උපන් හපන් අයෙක් විය.
කෙසේ නමුත් මෙවැනි පොතක ප්‍රධාන චරිතයට නිරතුරුව බොහෝ දුක්ඛිත දේවල් වලට මුහුණ දීමට සිදු වුණි. එය  පාඨකයන් කඳුළු ගංගාවක ගිල්වීමට සමත් විය

යැන් ජින්ගේ කතාවද  වෙනසක් නොවීය . යොවුන් වියේ අත්දැකීම් වදහිංසාවලට පසුව තම නිකාය මගින් චෝදනා ලැබීමත් හා තවත් දේ වලින් අනතුරුවඔහු සම්පූර්ණ අඳුරුව යක්ෂයාගේ මාවතේ ගමන් කිරීමට ආරම්භ කළේය.තවද තමන්ට හානිකර සියලු දෙනා ඔහු මරා දැමීය. ඔහු තම ගුරුතුමා අල්වාගෙන අල්වා ගෙන ඔහුට කැපුම් 10,000කින් වද හිංසා කොට  ගෙල මිරිකා මරා දැමීය.

පසුව කතුවරයා කතාව ඉදිරියට ගෙන යන විට මෙසේ පවසන ලදී ;yan jin  යමක් පිළිබඳ සත්‍යය දැනගත් අතර එයින් ඔහුගේ මනස ව්‍යාකූල විය .පසු සම්පූර්ණ උමතු භාවයට පත්ව ඔහු තම දිවි තොර කර ගත්තේය .අවසානය.!

එපමණි. කතුවරයා අඩුම  ඒ සත්‍ය කුමක්ද කියා පහදන්න වත් කරදර වී නැත.

තව මුළු රාත්‍රියක කියවීමට වැය කළ ෂෙන් ජිෂියෑන්ට මෙම භයානක අවසානයට පැමිණ විට  දැනුණේ ඔහුගේ ගෙල සිර කරන්නාක් මෙනි.

එය අමතක කිරීමට තීරණය කර සහ පැය භාගයක් පමණ කතුවරයාට නරක   වචන වලින් පිරි අදහසක් යැවීමට පසුව තමාට උදෑසන ආහාරයට යමක් ගැනීමට ඔහු තීරණය කළේය ඔහු සෝපාන කැඩී ඇති බව සොයා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට පඩිපෙළ භාවිතා කරන්නට සිදුවිය. ඔහුට ඔහුගේ රුධිර සීනි මට්ටම අඩු බවත් එයට එක්‌ වූ නිදි විරහිත රැය හා හිස්   වු කුස  කැරකැවිල්ල නිසා ඔහු පය ලෙස්සා ,පඩිපෙළ පහළට රෝල් වී  හිස බිත්තියේ වැදීමෙන් අවසන් විය 

ඒ රාජකාරි වේලාව පසු වී බොහෝ කාලයක් වූ අතර කොරිඩෝව  බොහෝ නිශ්ශබ්ද විය.

ශෙන් ජිශියන් ගේ වැටීම ඉතා බැරෑරුම් වූ අතර කෙතරම් කෙතරම් ද  කියතොත් ඔහුගේ ෂර්ටය ලේ වලින් තෙත් වී වී හා ඇලෙන සුළු විය. ලේ සුවඳ ඔහුට සිහි නැති කරවන සුළු විය. එසේම ඔහුට තමා උදවු ඉල්ලූ බවට විශ්වාසයක් නොවීය.
ඔහුගේ සිරුර ඈදුම් කන බව හා වේදනාවෙන් පිරි බව  දැනීම නිසා ඔහු දෑස් විවර කළේය. තමන්ව කෑලි කෑලි කෑලි වලට කපනවා මෙන් දැනිණි.

ඔහුගේ දෑස් මොහොතකට දුර්වල විය ඔහුගේ අවිනිශ්චිතභාවය දී ඔහු දුටුවේ  කිසිවකු තමන් ඉදිරියේ සිටගෙන සිටින බවයි ඔහුගේ ඇඟිලි තම උගුරෙන් අල්ලා සිර කරන බවක් දැනිණි
ශෙන් ජිශියෑන් තම පිටුපස පොළොවට සිටින සේ වැටුණු අතර ඔහුට කිසිවක් පැවසීමට නොහැකි විය ඔහු දුටු අවසාන දසුන වූයේ තමා ඉදිරිපත් හිටි සිටි පුද්ගලයාගේ දුර්වල සෙවනැල්ලක් සහ

සීතල රතු දෑසක්.

ඉන්පසුව මතකය අවසන් විය.

මොන මගුලක්ද?

ශෙන් ජිශියන්  කෙල කෙළ ගිලීමෙන් අනතුරුව තම උගුර ඇල්ලුවේය.
එම රතු  දෑස්.
ඔහු කුමක්ද සිතුවේ, එම පොත කියවන විට යැන් ජින් තම ගුරුතුමාව මරද්දි?

ඔහු දත් එන සුළු චරිත ගුරුතුමාගේ නාමයම තිබූ නිසා ඔහු ශෙන් ජිශියෑන් නාමය සඳහන් වුණු සෑම අවස්ථාවකම විශේෂ අවධානයක් යොමු කළේය .එම නිසාම ඔහු, ඔහු මිය යන අවස්ථාවට බොහෝ අවධානයක් යොමු කළේය

දිගු ඇද වලින් ශරීරය සිරකර ශරීරය, 10000  කැපුම්,බිඳුනු උගුර

ශෙන් ජිශියෑන්  ඉන්පසු ඔහු අසල රඳවා ඇති පිත්තල කණ්ණාඩියක්  ඉදිරිපිට ගමන් කලේය.එය දැක පුරුදු වූයේ මෙම  මුහුණ   ඔහු කැඩපතේ අවුරුදු විස්සකට දකින රුවට සමාන වූ බැවිනි
එය ආගන්තුක වූයේ..
කුමක්ද මේ කඳුළු හැඩැති  උපන් ලපය
මෙහි උපන් ලපයක් තිබෙන්නේ ඇයිද?

ඔහුගෙ සුදුමැලි හා ශෝබන මුහුණුවරට යුගල වූ උපන් ලපය ඔහුට දිදුලන සුන්දරත්වයක් එක් කර තිබුණි 

ෂෙන් ජිෂියෑන් ඔහුගෙ ගෙල දෙස දරදඬු ලෙස දිගු වේලාවක් බලා සිටියේ ඔහුගෙ මනසට දුර්වල මතකයන් කීපයක් සෙමින් ගලා එනතුරු පමණි.අවසානයේ ඔහු ඔහුගෙ දෑස වසා ගත්තේ ඔහු නවකතාවට සංක්‍රමණය වී ඇති බව පිළිගනිමිනි.අවාසනාවකට මෙන් එ සුළු චරිතයක් ලෙසය

මොහොතකට ආතතියට පත්ව ඔහු සයනයේ වැතිර ජීවිතය පිළිබඳව බැරෑරුම් ලෙස කල්පනා කිරීමට ගත්තේය.

සත්‍ය නවකතාවට අනුව  "ෂෙන් ජිෂියෑන්"
සතුව  හොඳ ආත්මීය මූලයක්* පැවතුන අතර ධ්‍යානවේදයේ විශිෂ්ට විය. ඔහු චින්යුන් නිකායේ දෙවැන ප්‍රධානියා විය. නමුත් පිටත පුහුණුවකදී සිදුවූ අනතුරක් නිසා ඔහු හදවත් රෝගයකට ගොදුරු වූ අතර එය ඔහුට කඩින් කඩ පහර දුන්නේය.

පසුව ඔහුට තම ධ්‍යාන අවස්ථාවේ කිසිදු දියුණුවක් ලබා ගත නොහැකි විය සහ දිගු කලකට තම ආත්මීය ශක්තිය* භාවිතා කල නොහැකි විය. ඔහුගෙ උත්තරීතරභාවය ඔහුගෙ නිකාය සහෝදරයාට ලැබුණ අතර ඔහු කිසිදු රාජකාරියක් නොමැති වැඩිහිටියකු ලෙස විශ්‍රාම ගියේය.

ඔහු සයනයේ කෙළවරට හේත්තු වි මද වේලාවකට කල්පනා කලේය.නමුත් ඔහුට මෙම හදවත් රෝගයට හේතු වූ සිදුවීමක් සොයා ගැනීමට නොහැකි විය.ඔහු සංක්‍රමණය වූවක් පමණක් නිසා එම විශේෂ මතකය ලැබීමට නියමිත වීම හේතුවක් වන්නට ඇත.

ඔහු සිතුවිල්ලෙන් නිමග්නව සිටින අතරෙ
දොරට තට්ටු කරන ශබ්දයක් ඇසිණි.ඔහුගෙ හදවත අනතුරක සේයාවකින් ස්පන්දනය විය.
ඔහු පැමිනියේ කව්දැයි විමසන්න පෙර ඔහුගෙ ද්වාරය විවර විය. 

ඕනෙම අයකුට තමන්ගේ කුටියට උවමනා ලෙස පැමිණ පිටවීමට තරම් චින්යුන් නිකායේ ඔහුගෙ තත්වය එතරම් පහලද ?

තවමත් කේන්තියෙන් හදවතින් කොඳුරමින් 
ෂෙන් ජිෂියෑන් තම දෑස ඉහළට ගෙන ගියේ ඇතුළු වන පුද්ගලයා දෙස බැලීමටයි සහ ඔහුගෙ කේන්තිය සැණින් නිවී ගියේය. 
කදිමයි, මෙම පුද්ගලයා බලවත් අයෙක්.

මෙම මෘදු,ශිෂ්ට ලෙස පෙනෙන පුද්ගලයා 
සරල ලා නීල වර්ණ ලෝගුවකින් සැරසී සිටියේය 
ඔහුගෙ ඉනේ එල්ලී තිබුණේ නිකාය නායකයා බව සංකේතවත් කරන ජේඩ් කුණ්ඩලාභරණයකි.

ඔහු කිසිසේත්ම ෂෙන් ජිෂියෑන් අවදියෙන් සිටිනු අපේක්ෂා කලේ නැත. දෑස් ද්විත්වය එකිනෙකා දෙස මොහාතකට බලා සිටියේය.විමතියක සේයාවක් අනිකාගේ දෑස් වල ඇති වනවා ෂෙන් ජිෂියෑන් දුටුවේය.ඉක්මණින් සැනසුම් සහගත මදහසක් මතු විය.

"ෂිඩි* අවදියෙන්  ද"

ඔහු අවදියෙන් නොසිටියා නම් ඔහු තම දෑස විවර කරගෙන නින්දෙන් ඇවිදිනවා වියයුතුය.

ඔහු එකඟ වෙන්නට සියුම්ව කෙඳිරූ නමුත් ඔහු නැගී සිටීමට කරදර වූයේ නැත.මුල් පුද්ගලයාගේ මතකය තවමත් ගබඩා වි නැති නිසා මතකයන් තවමත් දුර්වල විය. උදාරහරණයක් ලෙස  මේ අවස්ථාවේ එකවරම ඔහුගෙ රෝගය උත්සන්න වී ඔහුට සිහිය නැති වීමට  තරම් හේතුව කුමක්ද 

කෙසේ නමුත් සමහර දේවල් බොහෝ නෛසර්ගික විය නිදසුනක් ලෙස නිකායේ උසස්ම තනතුර හිමි සොන් මින් කෙරෙහි ඔහුගෙ ආකල්පය දැකිය හැකිය.

එය සීතල හෝ උණුසුම් නොවිය.සාමකාමී හෝ නීරස නොවීය.

මෙය වටහාගත හැකි විය.කිමද චින්යුන්හි නිකාය නායක තනතුර මුල් හිමිකරුගේ* විය.
මුල් හිමිකරුගේ දෑසින් සොන් මින් මෙම තනතුරට පත් වූයේ අහඹු වාසනාවක් නිසා විය.

සොන් මින් ඔහුගෙ හැසිරීමට පුරුද ව සිටියාක් මෙන් පෙනිණ. හොඳ ජ්‍යෙෂ්ඨ සහෝදරයෙක් තම කනිෂ්ඨ සොහොයුරාගේ කෝපය තුනී කරන්නාක් මෙන් ඔහු " මන් සැඟවුණු කඩු මණ්ඩපයේ* සිදුවීම පිලිබදව කටයුතු කරන්නම් එවිට ඔබට ඔබේ හදවත නිදහස් කර ගත හැකි. ඔබ ඔබටම වරද පටවා ගන්නට අවශ්‍ය නෑ "

මෙයට සවන් දීමට පසුව තමන් පෙර සිදුවීම නොදන්න බව වටහා ගත් අතර සිදුවන දේ තේරුම් කරගන්නට නොහැකි විය. 
එම නිසා ඔහු කතා කලොත් තමන්ව හෙළි වෙයි යන බියෙන් ඔහුට හැකි වූයේ දුර්වලව පිළිතුරු දීමට සහ තමන් තවමත් අපහසුවෙන් බව පෙන්වීමට පමණි

සොන් මින් නවත්වා ඔහු දෙස උණුසුම් ලෙස බැලීය " ඔබ මහන්සියෙන් නිසා ශීෂියොන් මුලින්ම පිටත් වෙන්නම්. ඔබේ කුඩා සිසුවා තවමත් පිටත බලා සිටිනවා.මම ඔහුට පැමිණ ඔබ විවේක ගන්න තුරු රැදී සිටින්නට සලස්වන්නම්."

කුඩා සිසුවා 

ෂෙන් ජිෂියෑන්ගේ පලමු සිතුවිල්ල වියේ යැන් ජින්ය.රත් පැහැ දෑස ඔහුගෙ මනසේ පහර දුන්නේය. ඔහුගෙ සිරුර නැවැතත් වේදනා ගෙන දුන් අතර ඔහු කතා කිරීම ප්‍රතික්ෂේප කරන්නට සුදානම් විය.

නමුත් ඉහළ බලා සොන් මින්ගෙ අදුරු හා ගැඹුරු දෑස දුටු ෂෙන් ජිෂියෑන්ගේ හදවත අපහසුවෙන් ඈදුම් කන්නට වූ නිසා ඔහු එය ගිලගෙන "ම්ම් " ලෙස මිමිනුවේය.

ලා නීල ඡායාව ඉවතට ගිය අතර කිසිවෙක්  අර්ධ විවර ද්වාරයෙන් හිස දමා ඇමුතුවේය.
"ෂිෆු"

T/N
  1. ආත්මීය මූලය: spirit root
  2. ෂිෆු(shifu): ගුරුතුමා 
  3. ෂිඩි(Shidi): කනිෂ්ඨ සොහොයුරා ( junior )
  4. ශීෂියොන්(Shixiong): ජ්‍යේෂ්ඨ සොහොයුරා ( senior)
  5. කුණ්ඩලාභරණය: pendant
  6. සැඟවුණු කඩු මණ්ඩපය: Hidden blade pavilion 


Chap 01 පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය 

Comments

  1. ❤️❤️❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete
  2. ලස්සනයි පපා 😍😍❤❤

    ReplyDelete
  3. සුපිරියි බ්‍රෝ 😍😍😍 දිගටම ඕනේ 😍

    ReplyDelete
  4. කියවන්න කියලා හිටිය නවල් එක දුන්නම හැපි එක 😋

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-