Skip to main content

හයවන පරිච්ඡේදය | ඉත්තෑවා

 සුළඟක් මෙන් කන්දෙන් පහළට ඇදුණු පුද්ගලයෙකි. ඔහු මතුපිටින් සන්සුන් බවක් පෙනුණ ද, අභ්‍යන්තරයෙන් කලබලයට සහ කනස්සල්ලට පත් ව සිටියේ ය.


ඇත්තෙන් ම ඒ පුද්ගලයා ශෙන් ජිෂියෑන් ම විය.

මෑතක දී පඩිපෙළකින් වැටුණු පුද්ගලයෙකුට නොකඩවා කඳු බෑවුම් සහිත මාර්ගයක නැගීමට සහ බැසීමට ඉඩ දීම හුදෙක් මහජන දඬුවමකි.

සැහැල්ලු උණ බටයක් දෑතින් ඔසවාගත්තාක් මෙන්, දෙනෙත් මනාව විවර කරගෙන, සුසුම් රඳවා තබා ගෙන පටු මාවතේ පහළට ඉක්මනින් ගමන් කළේ ය.

ඔහුව අනුගමනය කරමින් ඔහු පසුපසින් පැමිණි වැඩිහිටියන් දෙදෙනාගේ වත මත වූයේ තෘප්තිමත් බවකි. කෙසේ නමුත් ඔහු ඔවුන් දෙදෙනාගේ ගෝලයෙකු නොවීය. ඔවුන් පැමිණියේ හුදෙක් විනෝදය සඳහා පමණි.

" ඇත්තටම පුංචි ශේන්ගේ ශරීර ශක්තිය හොඳයි. තවත් අයෙකු රැගෙන වුවත් තවමත් ඉතා වේගයෙන් ගමන් කරනවා. "

" යෞවනයින් සෑම විටෙක ම ජවසම්පන්නයි. "

මෙම වැඩිහිටි දෙපළ හිටපු නිකාය නායකතුමාට සේවය කර ඇති අතර, ශෙන් ජිෂියෑන්ගේ ජ්‍යේෂ්ඨ සටන් මාමාවරු වූහ. ඔවුහු ශෙන් ජිෂියෑන් වැඩෙන අයුරු බලා සිටි බැව් කිව හැකි අතර, සාමාන්‍ය පරිදි ඔහුව ආමන්ත්‍රණය කළහ.

ශෙන් ජිෂියෑන් ද මුලින් ඔවුන් හා සමීප ව කටයුතු කළේය. නමුත් හෘදයාබාධයෙන් පසු ඔහුගේ උඩඟුකම අහස තරම් ඉහළ නැඟුණු අතර, ඔහු ක්‍රමයෙන් ඔවුන්ගෙන් දුරස් විය. මෙය දුටු ඔවුනට කළ හැකි වූයේ අසරණව සුසුම්ලෑම පමණි.

"අද කුඩා ශෙන්ගෙන් පෙර හිඳි ඔහුව ම පෙනෙනවා. එමෙන් ම ඔහුගේ ගෝලයා කෙරෙහිත් වෙනස් ආකල්පයක් දරන බවක් පෙනෙනවා"

" එය නම් මදක් අමුතුයි. කුඩා ශෙන් හට කිරීමට අවැසි කුමක්දැයි මට කිව නොහැකියි. ඒ කෙසේවුවත් ඔවුන් දෙදෙනා අතර ඇති ගුරු-ගෝල සබඳතාවය යහපත් වේවායි පතනවා. "

ඔවුහු ඒ ගුරුවරයා සහ ගෝලයාගේ කටයුතුවලට මැදිහත් නොවුණු නමුත්, යැන් ජින් දරුවා යහපත් අයෙකු බැව් දැන සිටියහ. ශෙන් ජිෂියෑන්ගේ වත්මන් ස්වභාවය මත වුවත් ඔහුට තවමත් යහපත් ගුරුවරයෙකු විය හැකිය.

" එය අමතක කරන්න. තරුණ දරුවන්ට ඔවුන්ගේ කටයුතු කරගන්නට ඉඩ දෙමු. මේ ගෞරවණීය හතරවන වැඩිහිටියා චෙස් ක්‍රීඩා කරන්නට යනවා. ඔබත් කුමක් හෝ කටයුත්තක කාර්‍යබහුල විය යුතුයි. "

ශෙන් ජිෂියෑන් බොහෝ දුරක් ගොස් ඇති බැව් දුටු තෙවන වැඩිහිටියා අත වනා තමන් පසුපසින් පැමිණි පිරිසට විසිරී යන්නැයි පැවසීය. අනතුරුව ඔවුන් දෙදෙනා ද වෙනතක ඇදුණහ.

සිය ගෝලයා කෙරෙහි ඇති සැලකිල්ල පිළිබඳව නිර්ලජ්ජිතව ප්‍රකාශ කරමින් ශෙන් ජිෂියෑන් ආපසු යැන් ජින් ගෙන ආවේය. මෙම දර්ශනය ලොකු කුඩා බොහෝ ගෝලයන්ගේ නෙත ගැටුණු අතර නිකාය තුළ වේගයෙන් පැතිරී ගියේ ය.

" වැඩිහිටි ශෙන්ගේ ගෝලයාගේ වාසනාව මේ තරම් ම ඉක්මනින් අනෙක් පස හැරුණේ කොහොම ද? යන්තම් ඔහුට දඬුවම් දී පරාවර්තන කන්දට යැවුවා පමණි. දිනකට පසු ඔහුව යළි ගෙන එනවා ද? "

" ඔවුන්ගේ සම්බන්ධතාවය සැමවිට ම අයහපත් වූවා නොවේද? ඇතැම් විට ශෙන් වැඩිහිටියා ඔහුට දඬුවම් කිරීමට වෙනත් ක්‍රමයක් ගැන සිතා සිටිනවා වන්නට ඇති. "

" කවුද දන්නෙ? කෙසේ නමුත් එය අපට අදාළ දෙයක් නොවේනේ. අපිට ඇත්තේ බලා හිඳීම පමණයි. "

නොයෙකුත් ආකාරයේ රහස් කෙඳිරීම් යන් ශෙන්ගේ සවනත වැකුණි. ඔහුගේ දෙනෙතෙහි අඳුරක් පැතිරුණු අතර අත, අසිපත් මිට මත තද වුණි. ඊළඟ මොහොතේ ඔහු සිය මුහුණේ හැඟීම් වෙනස් කරගත්තේ, උද්‍යෝගිමත් සිනහවක් මවාගෙන ඇවිද යන මග හුන් රහස් කොඳුරන්නන් හට අවධානයක් නොපා, ගෝලයන් පිරිසකගේ සාකච්ඡාවක් කරා ම ඇදුණේය. " ඔබ කතා කරන්නේ ජ්‍යේෂ්ඨ සහෝදරයා යැන් ජින් ගැන ද? ඔහුට කුමක් සිදු වීලා ද? "

යන් ශෙන්, අන් අය තුළ යහපත් ප්‍රතිරූපයක් ඇති කරගන්නට උනන්දු වූයේ ය. පැමිණියේ ඔහු බැව් දුටු ගෝලයින් සියල්ලෝ ම උද්‍යෝගයෙන් ඔහුව තමන් අතරට පිළිගත්හ.

" ඔබේ ජ්‍යේෂ්ඨ සහෝදරයා නම් ඉතා වාසනාවන්තයි. සැඟවුණු කඩු මණ්ඩපයට කඩා වැදී මෙතරම් දෙයක් සිදු කරා වුවත් නිකාය නායකතුමා එය නොසලකා හැරියා. "

ඒ නම් සිය ගුරුතුමා නිකාය නායකතුමාගේ යහපත් ප්‍රතිරූපය නිර්දය ලෙස භාවිතා කර ඇති නිසාවෙන් බැව් යන් ශෙන් හොඳින් දැන සිටියේ ය.

ජ්‍යෙෂ්ඨ සහෝදරයා ගැන කතා කරනවා නම්, ඔහු දරුණු ලෙස තුවාල ලබා ඇති අතර පරාවර්තන කන්දට යවා ඇත. ඔහු යළි පැමිණෙද්දී, ඔහුගේ ජීව ශක්තිය දැඩි ලෙස හානි වී තිබෙනු ඇත. ඒ මොහොතේ දී තත්ත්වය වෙනස් කිරීමට යන් ශෙන්ට හැකි වනු ඇත. ඉක්මනින් හෝ පසුව ගුරුතුමා ඔහුට පමණක් ම අවධානය දෙනු ඇත.

" හොඳයි, තවදුරටත් ඔබ කරදර විය යුතු නැහැ. " කනිෂ්ඨ ගෝලයෙකු සිනාසුණි. " වැඩිහිටි ශෙන් එම පුද්ගලයාව ගෙන එන්නට ගියා. ඔහු පෞද්ගලිකව ම ඔහුව අල්වාගෙන සිටියා. "

ඔහු ඒ වැළඳ ගැනීම අතිශෝක්තියෙන් අනුකරණය කළ අතර, ඔහුගේ ඉරියව්ව සෑම දෙනා ම සිනහවට පත් කළේ ය.

යන් ශෙන් නැවතුණේ, සම්පූර්ණයෙන් ම තිගැස්සුණු අතර අවලස්සන හැඟිම් සමුදායක් නිරූපණය විය.  ඉන්පසු සිත සන්සුන් කරගෙන සිනහවට එක්වූයේය. " ජ්‍යේෂ්ඨ සහෝදරයා රැගෙන ආවා? නමුත් එය විශිෂ්ඨයි! "

" එපමණක් නොවේ. වැඩිහිටි ශෙන් ඔහුව ඔහුගේ නිවසට ම පෞද්ගලිකව ගෙන ගියා. " සාමාන්‍යයෙන් යන් ශෙන් ව හොඳින් ඇසුරු කරන ජ්‍යේෂ්ඨ සහෝදරයා ඔහුගේ උරහිසට තට්ටු කර පැවසූවේ " අ'ශෙන්, ඔබත් යැන් ජිනුත් දෙදෙනා ම වැඩිහිටි ශෙන්ගේ පෞද්ගලික ගෝලයින්. ඔවුන් අතර ඇති සම්බන්ධතාවය ඔබ හොඳින් දන්නවා ඇති. කුමක් ද මේ සිදු වන්නේ? "

යන් ශෙන් ඔහුගේ හිස සැලුවේ ය. මෙය සිදු වූයේ ඉතා ඉක්මනින් ය. ඔහු ගුරුවරයාව ඊයේ දුටුවා සහ යැන් ජින් පරාවර්තන කන්දට ගිය බව පැවසූවා පමණි. හදිසියේ ම තමන් ම  එහි ගොස් යැන් ජින්ව යළි රැගෙන ඒමට තරම් ශෙන් ජිෂියෑන්ව පෙළඹවූයේ කිනම් වාක්‍ය ඛණ්ඩය ද?!!

මංමුලා වූවෙකු මෙන් ආපස්සට කල්පනා කර බැලූ ඔහුට හැකි වූයේ මැසිවිලි නැඟීමට පමණි. " මම දන්නේ නැහැ. ඇතැම් විට ෂිෆුට වෙනත් සලකා බැලීම් ඇති. "

ඔහු කිසිවක් ම නොදන්නා බව තහවුරු කරගන්නට මනාව අධ්‍යයනය කළ ජ්‍යෙෂ්ඨ ගෝලයා සිනාසුණි. " ඔබේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා ගැන දැනගැනීමට අපි අ'ශෙන්ව අපහසුතාවයට පත් කරන්නෙමු. ඔබ දන්නවා ද? " සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීම අප ප්‍රවේශමෙන් විමර්ශනය කළ යුතුයි " යනුවෙන් පවා වැඩිහිටි ශෙන් කියා සිටියා. "

යැන් ජින්, ශෙන් ජිෂියෑන් විසින් අගය කරනු නොලැබූ අතර, බාහිර ගෝලයින් අතින් පවා නොසැලකුමට, හිරිහැරයට පත් වූයේ ය. මෙම පුද්ගල කණ්ඩායම අඩු වැඩි වශයෙන් යැන් ජින් හට හිරිහැර කර තිබු අතර ඒ සියල්ලන් ම බිය වූයේ කෙදිනක හෝ යැන් ජින් හට යම් බලයක්, තත්ත්වයක් ලැබුණු පසු ඔවුනට යම් ගැටලුවක් පැන නගීවී කියා ය.

සැඟවුණු කඩු මණ්ඩපය පිළිබඳ සොයා බැලීම?

යන් ශෙන්ගේ හද ගැස්ම වැඩි විය. යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට කඩා වැදුණේ ඇයි? අන් අය දැන නොසිටි නමුත්, ඔහු එය ඉතා හොඳින් දැන සිටියේ ය. කෙදිනකවත් හෙළිදරව් නොවන බැව් දැන සිටියත්, යන් ශෙන්ගේ අත්ලෙහි සීතල දාබිඳු මතු වෙනු ඔහුට දැනෙන්නට විය.

ඔහු මෙම ගෝලයින් කණ්ඩායම සමඟ කතා බස් කර අවසාන වූයෙන් ආපසු හැරුණේ, ඔහුගේ දෙනෙත් අඳුරු විය. මොහොතක් කල්පනා කළ ඔහු යැන් ජින්ගේ නිවහන දෙසට යන්නට වූයේ ය.

.......

ශෙන් ජිෂියෑන් කදෙන් බැස යැන් ජින්ගේ නිවසට ඔහුව ගෙන ගියේ ය.

යැන් ජින්ගේ නිවහන සුවපහසු නොවූවා නොව, එය නිකායේ වැඩිහිටියෙකුගේ පෞද්ගලික ගෝලයෙකුට තරම් නොවුණි.

ශෙන් ජිෂියෑන් නළල රැළි කළේ ය. යැන් ජින්ව හොඳින් රැකබලා ගැනීම ම ඔහුගේ චේතනාව වූව ද, පරාවර්තන කඳුවැටිය දිගේ කළ වෙහෙසකර ගමන පිළිබඳ දෙවරක් සිතීමෙන් අනතුරු ව ඔහු වඩා බැරෑරුම් ගැටලුවක් හදිසියේ ම සොයා ගත්තේ ය.

චින්යුන් නිකාය යනු පැවති ප්‍රධාන නිකායන් සතරෙන් ප්‍රධාන ම නිකාය විය.

එවන් විශාල නිකායක වූ අසංබ්‍යත පුද්ගලයෝ මෙම ශක්තිය කේන්ද්‍රගත වූ ස්ථානයට නැගීමට උනන්දුවෙන් සිය හැකියාවන් මුවහත් කරගනිති.

ඔහුගේ හෘද රෝගී තත්ත්වය ඔහුගේ ධ්‍යාන දියුණු කරගැනීම වැළැක්වූවා පමණි, එය ඔහුව නොවැදගත් අයෙකු බවට පත් නොකළේ ය. දිනක් හෝ දෙකක් ඔහුට අධ්‍යාත්මික බලය රහිත ව හිඳිය හැකි ය. නමුත්, දිගු කලක් පුරාවට ඔහු "සාමාන්‍ය පුද්ගලයෙකු" ලෙස සිටියහොත් අන් අයගේ සැකයට නතු විය හැකිය. විය හැකි නරක ම දෙය නම්, අනතුරක දී යැන් ජින්ව රැකගැනීම තබා ඔහුට තමාවත් රැක ගත නොහැකි වීමයි.

මෙම ගුප්ත සිදුවීම් සම්බන්ධයෙන් ගත් කළ ශෙන් ජිෂියෑන් සම්පූර්ණයෙන් ම අසරණ තත්ත්වයක නොසිටියේ ය. ඔහු සතුව තවමත් මුල් ශෙන් ජිෂියෑන්ගේ මතකයන් සහ දැනුම තිබිණි. එමගින් බීමත් වූවාක් බඳු ශාක පත්‍ර, පරාවර්තන කන්දෙහි යැන් ජින් සමග අතැර ගිය සන්නිවේදන තෘණ පොහොට්ටුව වැනි කුඩා උපක්‍රම භාවිතා කළ හැකි විය.

නමුත් ඇත්තෙන් ම ඔහුගේ උපක්‍රම මේවාට සීමා විය. වසර 20ක් තිස්සේ විද්‍යාත්මක ලොව සාමකාමී ව දිවි ගෙවූ මිනිසෙකු වූ ඔහු හදිසියේ ම අහසේ ගමන් කළ හැකි, කඩු මගින් සටන් කරන ලොවකට කඩා වැටුණි. ඔහුට අනුවර්තනය වීමට කාලයක් අවැසි විය!

ශෙන් ජිෂියෑන්, තමන් රැගෙන ආ පුද්ගලයා නොසැලකිලිමත් ලෙස වේදිකාව මත වූ සයනය මතින් තබා විවිධ සුව කිරීමේ ඔසු හා අමෘත පිටතින් තැබුවේ ය. පසුව, නොසැලකිලිමත් ලෙස උණ රිකිලි ලෙලි ගැසුවේ ය..... කැස්සක්, කුඩා යැන් ජින්ගේ කමිසය සිරුරෙන් ඉවත් කළේ ය.

යැන් ජින්: "...!"

පළමුවෙන් ම ඔහුට අවැසි වූයේ ශෙන්  ජිෂියෑන් පිටව යන තුරු සිහිසුන් බවක් මවා පාන්නට ය. නමුත් දැන් ඔහු සිය දෙනෙත් විවර කොට, ඉක්මනින් සිය දෑත් ඔසවා එමගින් ශෙන් ජිෂියෑන්ගේ දෙඅත් අවහිර කළේ, සීතල හඬින් "ෂිෆු" යි ඇමතුවේ ය.

ශෙන් ජිෂියෑන් පියවි සිහියට පැමිණියේ, සිය අත ඉවතට ගෙන, කිසිවක් ම සිදු නොවූ නියාවෙන් මිට මොළවා ගත් සුරත කැස්සකින් දෙතොල් අසලට ගෙන ආවේ ය. " ඔබ අවදියෙන්. මා සිතුවේ ඔබ සිහිසුන් වූවා කියායි. "

කුඩා ඉත්තෑ පැටවා, යැන් ජින් හිඳ ගත්තේ, සිය කූරු විහිදුවා යම් කෝපවත් හැසිරීමක් වේදැයි සුපරීක්ෂාවෙන් ශෙන් ජිෂියෑන් දෙස බලා සිටියේ ය. ශෙන් ජිෂියෑන් දරුණු කිසිවක් නොකළ හෙයින් සුළු මොහොතකට පසු තාවකාලික ව තරමක් සන්සුන් වූවේ ය.

ශෙන් ජිෂියෑන් සිය ඇඟිල්ලක් දිගු කොට සයනයෙන් බැස යන්නට ආසන්න වූ කුඩා ඉත්තෑවාට අනායාසයකින් ම තට්ටුවක් දැම්මේ ය. " කොහි ද ඔබ දිව යන්නට තනන්නේ? හාන්සි වන්න මම ඔබට ඔසු දෙන්නම්. "

කුඩා ඉත්තෑවා තරමක් තදින් ආපසු යහනට තල්ලු කරන ලද්දේ, තමා පසෙකින් වූ ජේඩ් බඳුන නොසලකා හරිමින් ම අවධාරණය කළේ ය, " මට යමක් ගැනීමට අවශ්‍යයයි. "

එය කෙතරම් වටිනවාද යත්, තුවාල ලබා සිටිය ද, සියල්ලට ම ප්‍රථම ව යැන් ජින් හට  එය අවැසි විය. ශෙන් ජිෂියෑන් නළල රැළි කරගනිමින් සිය ගෝලයාගේ සුදුමැලි මුහුණ දෙස බැලුවේ ය. ඔහු ඔසු ගෙන ඔහු අත තබමින් " පළමුව මෙය කන්න. එය ඇත්තේ කොහිද? " යනුවෙන් පැවසුවේ ය.

යැන් ජින් අකමැත්තෙන් බෝතලය අතට ගත්තේ ය. ඔහු යළිත් වතාවක් ඉවතට යාමට උත්සාහ කළත් ඔහුට ශෙන් ජිෂියෑන් මගහැරිය නොහැකි විය. අවසානයේ දී සිය දෙතොල් තද කොටගනිමින් කුටියේ කෙළවරක වූ දුප්පත් කැබිනෙට්ටුව දෙසට අකමැත්තෙන් හිස සෙලෙව්වේ ය.

ඔහු පෙන්වූ දිශාවට ගමන් කළ ශෙන් ජිෂියෑන් පැරණි රෙද්දකින් මසා තිබූ, කිහිප තැනකින් ඉරී යළි යළි මසා තිබූ කුඩා බෑගයක් සොයා ගත්තේ ය.

යැන් ජින්, හිස් මුහුණකින් ඔහු අතින් බෑගය ගත් අතර තමන් දෙසට ඇද ගත්තේ ය. එය විවර කරනවා වෙනුවට, දෙනෙත් පහළට හරවා ගෙන සිහින් සරින් පැවසූවේ " ෂිෆු ඔබ කාර්‍යබහුල විය යුතුයි. මා ගැන කරදර වීමට අවැසි නැහැ. "

ඒ ස්වරය සාමකාමී වූ අතර, පෙරදින රාත්‍රියේ දී මෙන් සතුරු බවක් ගැබ් නොවුණි. කෙසේ වෙතත්, ශෙන් ජිෂියෑන් ඇහි බැමක් එසවූයේ, මේ කුඩා ඉත්තෑවා අදහස් කළ දේ මැනවින් වටහා ගත්තේ ය.

-- ඉක්මන් කර මෙතනින් පිටවන්න. මට මෙහි තනිවන්නට ඉඩ දෙන්න.

කෙසේ නමුත්, ඔහුට පිට වී යාම කළ නොහැක්කක් විය. අනාගතයේ දී ඔහුට දරුණු ලෙස වධ හිංසාවන්ට ලක් වීමට අවැසි නොවීය.

මින් පෙර ශෙන් ජිෂියෑන් දරුවෙකු සනසා නොතිබිණි. ඔහුට දැනුණේ තියුණු උල් දහස් ගණනක් ඔහුගේ හදවතෙහි ඇනී යන්නාක් මෙන් වූවත්, ඔහුට හැකි වූයේ කාරුණික මිත්‍රශීලී සිනහවක් පෑම පමණි. " හදිසියක් නැහැ. පළමුව මට ඔබේ තුවාල දෙස බැලීමට ඉඩ දෙන්න. එන්න, ඔබේ වස්ත්‍ර ඉවත් කරන්න. "



පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-