Skip to main content

එකොළොස්වන පරිච්ඡේදය | අසිපත

 ශෙන් ජිෂියෑන් අනුමාන කළ පරිද්දෙන් ම, ප්‍රතිඵලයක් නොමැති නිසාවෙන් සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීම නැවතී තිබිණි.


යැන් ජින් පිට තවමත් වරද පැටවී තිබුණු අතර, නිකාය ගෝලයින් අතරේ ශෙන් ජිෂියෑන් විවේචනයට ලක් විය.

සොන් මින් මෙය දැන හුන් අතර ඔහු එය හිතාමතා ම අනුමත කළේ ය.

ශෙන් ජිෂියෑන් ප්‍රසිද්ධියේ යළි යළිත් නොසලකා හැරි අතර ඔහුට මුහුණ දීම ප්‍රතික්ෂේප කළේය. අන් කිසිවක් ම කළ නොහැකි වූ සොන් මින් හට කළ හැකි වූයේ ගිනි දළු ගිල දමන්නාක් මෙන් ඔහුව ඉවසා දරා සිටින්නට ය. මෙම සිදුවීම ශෙන් ජිෂියෑන්ව ඔහුගේ ස්ථානයෙන් සොලවා දැමීමට සමත් නුවූව ද, සොන් මින් එමගින් යම් සෑහීමකට පත් වූ සෙයක් දිස් විය.

කුඩා ගෝලයින් සිය සාකච්ඡාවන්හි වඩ වඩාත් ක්‍රියාශීලි වූ අතර එය නොයෙකුත් ආකාරයේ ඕපාදූපයන්ට උපත දුන්නේ ය.

" මෑතක පටන් වැඩිහිටි ශෙන් ජ්‍යේෂ්ඨ සහෝදරයා යැන් ජින්ට බෙහෙවින් ඇලුම් කරන බවක් පෙනෙනවා. "

" මට දැනගන්නට ලැබුණා, වැඩිහිටි ශෙන් පුද්ගලිකව ම ඔහුව තම කඳු මුදුනට රැගෙන ගිය බවත්, ඔහු වැඩිහිටි ශෙන්ට ආසන්නයෙන් ම වාසය කරන බවත්. "

" ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් මෙතරම් ඉහළට ගියේ කෙසේද? "

මෙම සාමාන්‍ය ගෝලයින් හට ශෙන් ජිෂියෑන් කෙළින් ම සිය ගුරුවරයා යැයි කිව හැකි නොවුණි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් යැන් ජින් සමඟ මිත්‍රශීලී බවක් මවාපාමින් ඔහු නැති තැන නොයෙකුත් ඕපදූපයන් කතා කිරීමයි.

" ඒ ගැන සිතද්දී, ජ්‍යේෂ්ඨ සහෝදරයා යන් ශෙන් සමුළුවට ගොස් ටික කලක්. "

" වැඩිහිටි ශෙන් ඔහුගේ උදෑසන සුබපැතුම් ලබා ගැනීම පවා මගහැරියා පමණක් නොව බොහෝ කලක පටන් අසිපත් පුහුණුවෙහි ද ඔහුට උපදෙස් ලබා නුදුන්නා. "

"අහ්? ඒකත් එහෙම ද? මම කියන්නේ.... "

" හොඳයි ඔබේ හඬ අඩු කරගන්න. සමහරවිට ජ්‍යේෂ්ඨ සහෝදරයා යන් ශෙන් ළඟපාතක සිටීවි. "

යමෙකු ඉහළ නැගී තවත් අයෙකු පහළ වැටී ඇත. මේ ලෝකයේ මෙවැනි දේ ඉතා සුලබ ය. අතීතයේ දී මේ ගෝලයින් යන් ශෙන්ව වර්ණනා කළේ වෙන කුමකට ද? දැන් ඔවුනට සිය ඉලක්කය වෙනස් කර යැන් ජින්ගේ හොඳ හිත දිනාගැනීමට සිදුව ඇත.

යැන් ජින් සිටියේ අසල වූ ගසක සෙවණැල්ලක සැඟවී, මෙම ගෝලයින් ඕපාදූප කියවමින් ඇවිද යමින් නොපෙනී යන තුරු ඔවුන් දෙස ම නෙත් හෙළමිනි. ඔහුගේ වත අඳුරු වූයේ කළයක අඩිය මෙන් වූ අතර පෙර වූ සතුටුදායී ස්වභාවය වියැකී ගොස් තිබිණි. අල්වා ගෙන සිටි ගස දැඩිව තෙරපුණු අතර එහි දෘඪ කඳෙහි ඔහුගේ නියසටහන්  සටහන් තැබුවේ ය.

යැන් ජින්!

ඔහු දත්මිටි කෑවේ, මුහුණේ අඳුරු ස්වභාවය පැතිරී ගියේ විෂ සහිත බිම්මලක් අඳුරු කොනක ක්‍රමයෙන් වර්ධනය වන්නාක් මෙනි.

කාලය ක්‍රමයෙන් ඉගිල ගියේ, ඔහු සිය කබා අත් ගසා දමා එක්තරා නිශ්චිත දිශාවකට ඇවිද ගියේ පසුපස බලන්නට හෝ කරදර නොවෙමිනි.

එය ඔහුගේ නිවසටවත්, පුහුණුවීම් භූමියටවත්, ඔහු යා යුතුව තිබූ වෙනත් ස්ථානයකටවත් නොවේ.

---

සියලුම ආකාරයේ සාකච්ඡාවන්ට මුල් වූ ශෙන් ජිෂියෑන්, සන්සුන්ව සිටියේ ය. තමන් වටා ගෙතුණු කතාබහ පිළිබඳ ඔහු කරදර නොවුණි. ඔහු වද වූයේ යැන් ජින් ඒවා සිතට ගනීද ගැන යන්න පමණි.

එහි ප්‍රතිඵලය නම්, ශෙන් ජිෂියෑන් එක් නිශ්චිත පුද්ගලයෙකු අස්වැසීමට උත්සාහ කිරීමයි.

කෙසේ වුවත්, යැන් ජින් ඔහුට එරෙහිව ඉතා දැඩි ආරක්ෂාවක් ඇති කරගෙන සිටියේ ය. ඔහු එහි දුටු විගස ම යෞවනයාගේ සිරුර ක්ෂණිකව දරදඬු වී ආත්මය ද දැඩි වන්නේ, සුළු ස්පර්ශයකින් පවා කැඩී යතැයි හැඟෙන, එහි උපරිමයට ම ඇදී ඇති නූලක් මෙනි.

යැන් ජින්ගේ හදෙහි ඔහු සිටිනා තැන, අර කැරලිකාර තෘණ පොහොට්ටුවට හිමි තැනටත් වඩා පහළ බැව් ශෙන් ජිෂියෑන් හට වැටහී ගියේ ය.

අඩු තරමින් යැන් ජින්ගේ කබා අත්වල එල්ලී පැද්දෙන්නට අවසර ලබන්නට කළ යුතු වූයේ ඔහුට කීප වරක් කරදර කිරීම පමණි.

සිය ගෝලයා මෘදු කරන්නටත් සැනසවීමටත් ශෙන් ජිෂියෑන් එක්තරා උපායක් අනුගමනය කිරීමට සිතුවේ ය.

නිසැක ව ම මේ සොළොස් වියැති දරුවාගේ හදවත ඉන් මෘදු වනු ඇත!

ශෙන් ජිෂියෑන් සිය ඇඟිල්ලෙන් කුටියෙහි වූ බඩුබාහිරාදිය ගණන් කරන්නට පටන් ගත්තේ ය.

ආත්මීය මූලය පිරිසිදු කිරීම සඳහා ගැනුණු, සිව්වන වැඩිහිටියා වෙතින් ලද උසස් තත්ත්වයේ ඔසු බඳුනක්, උසස් තත්ත්වයේ බ්‍රොකෙඩ් රෙදි තොගයක්, පස්වන කන්දෙහි නැවුම් ආහාර.....

මූල්‍යමය වශයෙන් අඩුවක් නොවූ මේ වැඩිහිටියා අත වැනුවේ ය. ගන්න ගන්න ගන්න! කරන්න කරන්න කරන්න! කන්න කන්න කන්න!

යොවුන් ගෝලයා ආත්ම ගල් පිළිගෙන ගෞරවයෙන් යුතුව කුටියෙන් පිට වීය. පිටවීමට පෙර, අංගනයෙහි අසිපත් පුහුණුවෙහි නිරත වෙමින් හුන් යැන් ජින් වෙතට නිහඬ බැල්මක් පා කළේ ය.

යැන් ජින්ගේ චලනයන් බලසම්පන්න විය. ඔහු සිය අසිපත බඳ වටා කරකැවූයේ, ගෝලයාගේ බැල්ම දැනී නැවතී ඔහු වෙත සන්සුන් බැල්මක් හෙලුවේය.

" ආයුබෝවන්, ජ්‍යේෂ්ඨ සහෝදරයා යැන්! " ආත්මයක් දැක්කාක් මෙන් දැනුණු මින් යිට කළ හැකි වූයේ කෙළින් වී කතා කිරීම පමණි.

ඔහු, පෙර දිනෙක නිවස අස්පස් කොට පිරිසිදු කර දමන්නට කැඳවන ලද ගෝලයින් දෙදෙනාගෙන් කෙනෙකු විය. කැඳවනු ලැබූ අනෙක් ගෝලයා වූයේ මින් ලි ය. ඔවුන් ඉක්මන් හා වේගවත් වූ බැවින් දෝ ශෙන් ජිෂියෑන්ගේ දෙනෙතට හසු වූ අතර ඔහු වෙනුවෙන් වැඩ කිරීමට උසස් වූහ.

එදින කන්දෙන් පහළට ගිය ඔවුන් සිය සහෝදර ගෝලයින්ට මුදල් සහ කෙටි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් අසා සිටියේ ශෙන් ජිෂියෑන් සහ යැන් ජින් පිළිබඳවයි.

එහිදී එක්වර ම ඔවුහු තුෂ්ණිම්භූත වූහ.

වැඩිහිටි ශෙන් සහ ජ්‍යේෂ්ඨ සහෝදරයා යැන් ජින් අතර තිබුණේ නරක සම්බන්ධතාවයක්?

ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් ඒසා දරුණු ලෙස තුවාල ලැබූයේ ශෙන් ජිෂියෑන් නිසා?

වැඩිහිටි ශෙන්ගේ ප්‍රියත ම ගෝලයා වූයේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා යන් ශෙන්?

නැහැ, ඔවුන් පැහැදිලිව ම දුටුවේ වැඩිහිටි ශෙන් සහ යැන් ජින් සහෝදරයා අතර ඉතා හොඳ සම්බන්ධතාවයක් ඇති බවයි!

ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් සැලකුවහොත්...ඔවුන් ඉතා මෑතක දී නිකායට ඇතුළත් වූව ද, යැන් ජින් හා එතරම් සම්බන්ධයක් නොවූව ද, සෑම දිනෙක ම ඔවුහු යැන් ජින්ව දුටුවෝ ය.

වැඩිහිටි ශෙන්ගේ හැසිරීම දැකුමෙන් ම ඔහු ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් ව බෙහෙවින් අගය කරන බැව් කිව හැකි විය. සෑම දිනෙක ම යැන් ජින් වෙත යවන්නට බොහෝ දේ ඔහු සතු විය. ඒ පළතුරු ඉතා මිහිරි විය යුතු ය, ඒ එළවළු නැවුම් ඒවා විය යුතුය, එමෙන් ම මස් ද්‍රව්‍ය ඉහළ ගුණාත්මක බවින් යුතු විය යුතු ය, එපමණක් නොව යවන ප්‍රණීත සුවඳක් ඇති තැම්බූ බනිස් පිඟන් සහ විවිධ හැඩයන්ට අනුව සකසන්නට යළි යළිත් ලැබෙන උපදෙස්.

එය, ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් හට වැඩියෙන් ආහාර ගන්නට අණ කරන්නාක් බඳු ය.

සෑම ගෝලයෙකු ම කියා සිටියේ වැඩිහිටි ශෙන් යහපත් නොවන බවමුත්, ඔවුනට පැහැදිලිව ම දැනුණේ වැඩිහිටි ශෙන් තුළින්....යම් ආකාරයක හුරුබුහුටිකමකි.

මින් යි හටත් අවැසි වූයේ පෞද්ගලික ගෝලයකු වීමටත් සූකර හැඩැති කුඩා බනිස් ආහාරයට ගන්නටත් ය. ඔහු ඉපිද තිබුණේ පවා ඌරාගේ වසරේ ය! එහෙයින්, ඔහු දක්ෂ ලෙස ආත්ම ගල් මල්ලක් අතැතිව යැන් ජින් ඉදිරියේ සිටගෙන සිටියේ ය. අවාසනාවට, ඔහු ඉතාමත් සාමාන්‍ය මට්ටමේ වීය. ජ්‍යේෂ්ඨ සහෝදරයා යැන් ජින් සමඟ සිටිය දී, වැඩිහිටි ශෙන් තත්පරයකටවත් ඔහු දෙස නොබලනු ඇත. එබැවින් ඔහු ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් සමඟ හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගනු ඇත!

ඇතැම් විට, ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින් සතුටින් සිටින විටෙක දී ඔහු සමඟ සූකර හැඩැති බනිස් කෑමට ද ඇරයුම් කරනු ඇත.

" ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන්, ඔබට වතුර ස්වල්පයක් අවශ්‍ය ද? "

එය අවංකව ම ප්‍රතික්ෂේප කරන්නාක් මෙන් යැන් ජින් අපහසුවෙන් නමුත් ආචාරශීලීව හිස සෙලවූයේ ය. අතැති අසිපත දෙස බැලීමට පෙර ඔහුගේ බැල්ම ආත්මීය ගල් තිබූ මල්ල හරහා පාවී ගියේ ය.

මින් යි, "ආයුබෝවන්" කියා සතුටින් නික්ම ගියේ ය.

ඔහු නික්ම ගිය වහා ම නිහඬතාවය යළිත් රජ විය. කුඩා තෘණ පොහොට්ටුව නින්දට වැටී සිටි අතර ශබ්ද ඇති කරන්නට පිටතට පැමිණියේ කලාතුරකිනි. ඔහු සියතෙහි වූ අසිපත තද කර ගත්තේ ය, ඔහුගේ මනෝභාවයෙන් යුතු වූ දෙනෙත් නොපැහැදිලි විය.

පෙර ආත්මයේ සිදුවීම සිදු වූ කාලය පිළිබඳවය.

නමුත්, ඔහුගේ පැරණි මතකයෙහි සිටිනා ශෙන් ජිෂියෑන්ට වඩා දැන් සිටින ශෙන් ජිෂියෑන් වෙනස් ය. විවිධ ස්වරූපයෙන් යුතු ගුරුවරු ඔහුගේ මනසට පැමිණි අතර ශෙන් ජිෂියෑන්ගේ සිතිවිලි වටහා ගැනීමට නොහැකි වීමෙන් ඔහු දිවා රෑ දෙකෙහි නිතර නිතර මෙනෙහි කළේ ය.

පසුගිය දින කිහිපය මෙහි විසීම පැහැදිලි හිංසනයක් විය. ඔහු සිය දෙනෙත් පියාගත් අතර අවසානයේ දී යළි නෙතු විවර කරද්දී ඒවා අඳුරු රත් පැහැ ගත්තේ ය. රුධිරයේ ගන්ධය ඔහුගේ නැහැපුඬු මතින් ගලා ගිය අතර ඒ සමඟ ම රුධිරයෙන් නැහැවුණු ශෙන් ජිෂියෑන්ගේ අත උදාසීන ලෙසින් ඔහුගේ මැණික්කටුව අල්වා ගන්නා අයුරු දර්ශනය විය.

ඔහුගේ ආත්ම මූලය හරහා වේදනාකාරී රිදුමක් පැතිරී යද්දී ඔහුගේ විඤ්ඤාණය ඛණ්ඩනය විය. ඇඟිලි තුඩු සුදු පැහැ වන තුරු ඔහු අසිපත් මිට තද කරගෙන සිටියේ ය.

අසිපත කොපුවෙන් මිදුණු වහා ම එය තියුණු සීතල ආලෝකයක් විහිදුවීය.

ඇත්තෙන් ම එය සාමාන්‍ය අසිපතක් විය. නමුත්, යැන් ජින්ගේ අතේ දී එය තද සීතලක් පිට කළේ ය. ඔහු පුහුණුවීමේ දී, පෙර අවස්ථාවට වඩා දරුණු ලෙස වෙනස් විය.

ඔහුගේ දෑස් මුළුමනින්ම රක්ත රුධිර පැහැයට හැරුණු අතර එම පැහැය ඔහුගේ වටපිටාවේ වූ සෑම දෙයක ම දර්ශනය විකෘති කර, ස්නායුවල සීතල මෙන් ම කුරිරු රිදුමක් ඇති කළේ ය.

ශෙන් ජිෂියෑන්ගේ සෙවණැලි සෑම තැනක ම තිබෙන්නාක් මෙන් ඔහුට දිස් විය. යැන් ජින් පිස්සෙකු මෙන් ඔහුගේ අවතාර සියල්ලට ම පහර දෙද්දී ඔහුගේ රුව දිලිසුණු අතර ඔහුගේ අසිපත රාක්ෂයෙකු මෙන් වේගවත් විය.

අසිපතෙහි සෑම චලනයකදී ම එහි තලය දෙදරුම් කෑවේ, සඳ නැති රැයක කළු කපුටෙකු කෑ ගසන්නාක් මෙනි. අසිපතෙන් මැරුණු කොළ කැපී ගියේ, ඔහු වටා වළාවක් මෙන් විසිර ගියේ ය.

එනමුදු, ඒ අවතාරයන් නිම් නැති ව බිඳෙමින් යළි යළිත් ඔහු ඉදිරියේ දිස්වන්නට විය.

අවසානයේ දී, යැන් ජින් සොළොස් වියැති පිරිමි ළමයෙකු පමණක් වීය. ඔහු සතු වූයේ මන්දපෝෂණයෙන් කෘශ වූ සිරුරකි. එමෙන් ම ඔහු දරුණු ලෙස තුවාල ලබා ද තිබිණි. ඔහුගේ සිරුරට එවන් බලවත් අසිපත් චලනයන් දරා ගත නොහැකි වූ අතර ඉක්මනින් වෙහෙසට පත් වූයේ ය. නමුත් ඔහුට නැවතිය නොහැකි වුණි.

ඔහුගේ මනසෙහි දෝංකාර දෙන හඬක් විය, අඳුරු ආගාධය දෙසට ඇදගෙන යන්නට පෙළඹවූ කුඩා හේතුව සොයා.

" ඔහුව මරන්න. සියල්ලන්ව ම මරා දමන්න. කිසිවෙකුටවත් ඔබව රවටන්නට හෝ නවත්වන්නට නොහැකියි. "

ඔහුගේ සිරුර තුළ රුධිරය උමතුවකින් මෙන් ගලා ගිය අතර ඔහුගේ ආධ්‍යාත්මික බලය ආත්මීය මූලයේ ඝනීභවනය විය. තවමත් බිඳෙනසුළු වූ ඔහුගේ ආත්මීය මූලයට පීඩනය දරාගත නොහැකි වූ අතර ඉක්මනින් බිඳී යෑමේ දුර්වල සලකුණු පෙන්නුම් කළේ ය.

Zzng!

යැන් ජින් බිඳී යෑමේ ආසන්නයේ සිටිය දී, අඳුරු වළාගැබෙන් මිදෙන සුදුමැලි සඳ මෙන් දීප්තිමත් තවත් අසිපතක් සිය කොපුවෙන් ඉවතට පියාසර කළේ ය. ඒ තුනී අසිපත මෘදු ව නමුත් බලවත් ලෙස අවුල් ජාලය බිඳ දමා යැන් ජින්ගේ අසිපත තදින් අල්වා ගත්තේ ය.

" අ'ජින්! "

මෘදු, නම්‍යශීලී අසිපත හිතාමතාම සහ පහසුවෙන් නිර්දය ම්ලේච්ඡ අසිපත් චලනය නවතා ඇත. ඈතින් යැන් ජින් හට කනස්සල්ලෙන් පිරුණු කෑගැසීමක් කන වැකුණු අතර ඔහු නිරායාසයෙන් ම එදෙසට හැරුණේ, දෙනෙතෙහි වූ රත් පැහැය මදක් විසිරී ගියේ ය.

" අවදි වෙන්න! අ' ජින්, අවදි වෙන්න! "

ඒ හඬ නැවත පැමිණියේ ය.

කිසිවෙකුත් එලෙස කලබලයෙන්, සැලකිලිමත් ලෙස සිය නම හඬගානු යැන් ජින් කෙදිනකවත් අසා තිබුණේ නැත. ඔහු වටිනා නිධානයක් බවත්, තමන්ට හානියක් වුවහොත් එය අනෙකාට රිදවන බවත් ඔහු ඉන් දුක් වන බවත්...

ඔහුට සෑමවිටම ඇසුණේ උපහාසාත්මක වදන්, අවලාද ඕපාදූප හා ඉන් පසු තියුණු උල් සහිත උපහාසාත්මක සිනහවන් පමණි.

මුලදී ඔහු සූදානම් ව නොසිටි අතර පහසුවෙන් රුධිරය වැගිරෙන්නට විය. නමුත් පසුව, තවදුරටත් තුවාල වීමෙන් වැළකීමට උදාසීනත්වයේ උස් පවුරක් තනා එහි ඇතුළතට වී සිටින්නට හුරු වූයේ ය.

යැන් ජින් අපහසුවෙන් සිට ගෙන සිටියේ, ඔහුගේ දෙනෙත් අඳ වූවාක් මෙන් අවධානය රහිත විය. ඔහු තමන් දෙස බලා සිටියේ ද නැතහොත් සාමාන්‍ය දිශාවක් බලා සිටියේ ද යන්න ශෙන් ජිෂියෑන් හට පැවසිය නොහැකි විය. මොහොතකට පසුබට වූ ඔහු " අ'ජින්? " යනුවෙන් ඇමතීය.

ඒ අවසාන ඇමතුම සමඟ යැන් ජින්ගේ දෑසෙහි වූ අමුත් රත් පැහැය ක්‍රමයෙන් වියැකී යමින් අතෙහි වූ අසිපත බිම වැටිණි. ඇහි බැමි රැළි ගැසුණු ඔහුගේ මුවෙන් රුධිරය පිටවිය. ඔහුගේ දෙපා මෘදු වී සිරුර ඉදිරියට වැටෙන්නට විය.

ශෙන් ජිෂියෑන් කම්පනයට පත් විය. ඔහුට කළ හැකි වූයේ සිය අසිපත බිම හෙළා, වෙහෙසට පත්ව හුන් යෞවනයා අල්වා ගැනීමට පියවරක් ඉක්මනින් ඉදිරියට තැබීමට පමණි. ඔහුගේ පිටට තට්ටු කරමින් " කමක් නෑ, කමක් නෑ... " යි පවසමින් ඔහුව සනසන්නට උත්සාහ කළේ ය.

යැන් ජින් සිහිසුන් වූවාක් මෙන් ඔහුගේ දෑත් අතර වැටි සිටියේ ය. නමුත් ඔහු සිහිසුන් නොවූ බවත්, ඔහු ක්‍රමයෙන් සුව වන බවත් ශෙන් ජිෂියෑන් හට වැටහුණි.

ඒ, අර සුපුරුදු අතිශය ආරක්ෂාකාරී බව යළිත් පැමිණ තිබුණු බැවිනි.

ශෙන් ජිෂියෑන් ඔහුව නිදහස් කළේ, ඔහු ම නැගිට ඔහුව ඉවතට තල්ලු කිරීමට පෙර ය. ඔහු සිටගත් පසු, ශෙන් ජිෂියෑන් බිමට නැවුණේ යැන් ජින්ගේ අසිපත අසුලා ගැනීමට ය.

එය සාමාන්‍ය ගෝලයින් රැගෙන යන ආකාරයේ සාමාන්‍ය අසිපතක් විය. ඇත්තෙන් ම යැන් ජින් අගය කිරීමට ලක් ව නොතිබිණි. පෞද්ගලික ගෝලයකු වූව ද ඔහුට හරිහමන් අසිපතක්වත් නොතිබිණි.

ශෙන් ජිෂියෑන් සුසුම් ලෑවේ ය. යැන් ජින්ගේ දරුණු ප්‍රවාහයට ඔහුගේ අසිපත ප්‍රතිරෝධය දක්වන විට දී යැන් ජින්ගේ අසිපත කැබලිවලට කැඩී බිම පතිත වී තිබිණි.

ශෙන් ජිෂියෑන්: "..."

මාතෘකාව වෙනස් කරන්නට ඔහු නොසැලකිලිමත් ලෙස කැස්සේ ය. " කුමන කඩු ශිල්පය ද ඔබ දැන් භාවිතා කළේ? "

එම අසිපත් ශිල්පය අතිශයින් ම බිහිසුණු වූ අතර නිසැක වශයෙන් ම චින්යුන් නිකායට අයත් නොවීය. ඒ බිහිසුණු බව දරාගැනීමට සාමාන්‍ය අසිපතකට හැකියාවක් නොවුණි. එය ශෙන් ජිෂියෑන් මවිත කළේ, යැන් ජින් එය උගත්තේ කෙසේ ද යන්නයි.

කෙසේ වෙතත්, යැන් ජින් ඒ පැනය කෙරෙහි අවධානය යොමු නොකළේ ය. ඔහු තවමත් පෙර ඔහු වසා ගැලූ හැඟුමන්ගෙන් සම්පූර්ණයෙන් ම මිදී යථා තත්ත්වයට පත් ව නොතිබිණි.

මේ මොහොතේ සිදු වූ සියල්ල අනපේක්ෂිත මෙන් ම අමුතු විය. ඔහු ස්වයං පාලනයක සිටින බැව් හැඟුණත්, නුපුරුදු හැඟීම් සිතිවිලි ඔහුගේ හදෙහි නැගුණි. එලෙස ම ඔහුගේ කඩු හරඹය ද බලහත්කාරයෙන් මග පෙන්වූවාක් මෙන් නොසැලකිලිමත් විය.

ඒ අත්භූත, රළු හඬ.....

කාව මරන්න ද? ඒ හඬ ඔහුට මරා දමන්නට යැයි කීවේ කාවද?

ශෙන් ජිෂියෑන්ව මරා දමන්න? නැතිනම්, ඔහුට අපහාස කළ වෙනත් අයෙක්ව?

යැන් ජින් යළි යළිත් ඒ කටහඬ ගැන සිතන්නට විය. ඒ ගැන සිතත් ම ඔහුගේ මනසෙහි වූ අවුල් සහගත බව වැඩි විය. ඔහුගේ ආත්මය මංමුළා වූවෙකු මෙන් කෑගසන්නාක් මෙන් වූ අතර හදවතෙහි බලාපොරොත්තු කඩ වූවාක් බඳු හැඟීමක් ඇති විය.

නැහැ!

ඔබට ඔහුව මරා දැමිය නොහැකියි!

එපා!

බලාපොරොත්තු සුන් වීම සුනු විසුණු වී ගිය අතර, සෑම වදනක් ම රුධිරයේ මුල් බැස ඇති බවක් පෙනෙන්නට විය.

හදිසියේ ම යැන් ජින් කලබල විය. බිහිසුණු ලෙස ඔහු දෑත් මිටි කර ගත්තේ, ඇඟිලි තුඩුවලින් ඔහු දැඩි ලෙස අල්ල තද කරන්නට විය. දැනුණු කුඩා වේදනාවෙන් පියවි සිහියට පැමිණි ඔහුට ශෙන් ජිෂියෑන්ගේ පැනය ඇසුණි. නමුත් ඔහු කළේ හිස වැනීම පමණි, ඔහුගේ වත තවමත් සුදුමැලි වූ අතර කිසිවක් නොපැවසීය.

ඔහු පිළිතුරු දෙන්නට මැලි වන බැව් දුටු ශෙන් ජිෂියෑන් ඒ පිළිබඳ යළි යළිත් හාරා ඇවිස්සුවේ නැත. ඇතැම් විට එය යැන් ජින් විසින් නිර්මාණය කරන ලද්දක් විය හැකිය. සියල්ලට ම වඩා, ඔහු මෙහි කතා නායකයායි. ඔහු කන්දක් දෙබෑ කළත් එය එතරම් පුදුමයට කරුණක් නොවේ.

ශෙන් ජිෂියෑන් සුසුම් ලෑවේ, කඩු මිට ඉවතට විසි කළේ ය. සිය අසිපත ගැනීමට පසුපස හැරුණි. " ඒ කඩුව යළි පාවිච්චියට ගත නොහැකී. මම ඔබට හොඳ එකක් සොයා දෙන්නම්. "

නිහඬව ඉවතට හැරුණු ඔහු මේ ගැන කල්පනා කරද්දී, යැන් ජින්ගේ දෙනෙතෙහි දැල්වෙන වික්ෂිප්තභාවයේ සහ අවදානමේ ඉඟිය, ශෙන් ජිෂියෑන් නුදුටුවේ ය. 



පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-