Skip to main content

දසවන පරිච්ඡේදය | සමාවෙන්න

අවසානයේ දී, ශෙන් ජිෂියෑන් හට කුඩා ඉත්තෑවෙකු බඳු වූ සිය ගෝලයා ඇතුළට ඔසවාගෙන යාමට සිදු නොවිණි. ඔහු දැඩි ලෙස බියපත් වූයේ ශෙන් ජිෂියෑන් ඔහුව ඇත්තටම වැළඳගතහොත් ඔහු එම ස්තානයේ දී ම ඇටසැකිල්ලක් බවට පත් වේ යැයි සිතන්නාක් මෙනි. කැමැත්තෙන් ම මීවදයකට ඇතුළු වන්නට ඔහුගේ මනාපයක් නොවුණි.

සහනයක් ලද ශෙන් ජිෂියෑන් සතුටින් සිය කුඩා ගෝලයාගේ තුනී උඩුකය වැසුම ඉවත් කළේ, ඔහුගේ හදවත කඩා වැටුණි.

තුවාලය ඔහු සිතුවාට වඩා බරපතළ විය.

ශික්ෂණ කසයෙන් අවශේෂිත සීතල තවමත් තුවාලය මත ඉතිරි වී තිබුණු අතර තද කළු රුධිර සමුච්චය සමෙහි වූ ඉරිතැලීම මතින් ඇදී ගොස් තිබුණේ ඒ දර්ශනය පවා අති බිහිසුණු විය. අඳුරු රතු පැහැ රුධිරය ඉරිතලා ඇති කබොලු අතරින් පිටතට කාන්දු වෙමින් ගලා ගියේ ආලේපිත ඔසු ආලේපනය විසුරුවා දමමිනි.

එය මද ගන්ධයක් සහිත, ඵලදායීතාවය ඉතා අඩු මට්ටමක වූ පොදු ආලේපනයක් විය. ගුණාත්මක බව සැලකුවහොත්, එය ඔහු විසින් යවන ලද අමෘතයට වඩා බොහෝ  පහළ තත්ත්වයක එකක් විය. එය වෙනුවට පසුගිය දින කිහිපය පුරාවට යැන් ජින් මෙම ආලේපනය භාවිතා කරන්නට ඇති බවත් තුවාලය සුව නොවීමට හේතුව එය විය හැකි බවත් ශෙන් ජිෂියෑන් පහදා ගත්තේ ය.

ශෙන් ජිෂියෑන් ගෝස් කැබැල්ලක් විශේෂ
ඖෂධ දියරයක ගිල්වා ප්‍රවේශමෙන් එය තුවාලය පිරිසිදු කිරීමට යොදා ගත්තේ ය. ඒ රෙදිකඩ සම මත ස්පර්ශ වූ වහා ම යැන් ජින් මදක් ඇඹරුණේ මාංශපේශි තද වුණි. එම චලනයන් හේතුවෙන් තුවාලය නැමී ගිය අතර පෙරටත් වඩා නිදහසේ රුධිරය ගලා යන්නට පටන් ගත්තේ ය.

ශෙන් ජිෂියෑන් සිය අනෙක් අතින් මෘදු ලෙස ඔහුගේ බාහුවට තට්ටු කළේ, " සන්සුන් වෙන්න " යි සැනසුම් ස්වරයෙන් පැවසීය.

ගෝස් කැබැල්ල ඉතා ඉක්මනින් රුධිරයෙන් පෙඟී ගියේ ය. ප්‍රතිකාරය ඉතා වේදනාත්මක වූ අතර ශෙන් ජිෂියෑන් කනස්සලු වූයේ යැන් ජින් හට එය දරාගත නොහැකි වනු ඇතැයි බිය වීමෙනි. අවධානය වෙනතක යවනු සඳහා ඔහු යැන් ජින් සමඟ කතා කරන්නට විය. " අර කුඩා තණකොළ පැළය කොහේද? ඒක තවමත් ඔබට බැඳිලා ද? හරි ම පුදුමයි ඒක එක්වරම ඔබට සමීප වීම නම්."
ශෙන් ජිෂියෑන් කතා කරද්දී යැන් ජින් සැහැල්ලුවෙන් සහ සුපරික්ෂාකාරීව එකඟ වෙමින් කෙඳිරිලි නැඟුවේ, ඔහුගේ පිටුපස මාංශපේශි දැඩි විය.

ශෙන් ජිෂියෑන්: "...."

යහපතක් කිරීමට අධික ව වෙහෙසුණු බැව් ඔහු පිළිගත්තේ ය. මේ තරුණයා මෙලෙසින් හැසිරීමට මුල් ශෙන් ජිෂියෑන් මොන මගුලක් කළා ද?!

ශෙන් ජිෂියෑන් අසරණ ව නිහඬ විය. මුලින් ම ඔහුට අවැසි වූයේ, ඔහු විසින් යවන ලද ඔසු යැන් ජින් භාවිතා නොකළේ කිමදැයි විමසන්නටයි. දැන් ඒ පිළිබඳව කල්පනා කළේ, බොහෝ විට යැන් ජින් ඒවා භාවිතා කරන්නට බිය වන්නට ඇති.

ශෙන් ජිෂියෑන් ඔහුව රවටනවා යැයි ඔහු බිය විය.

ශෙන් ජිෂියෑන්, සිය ගෝලයා වටා වෙළුම් පටි ඔතා අවසානයේ දෙකෙළවර එක්කොට ගැටයක් යෙදුවේ ය. එය නිම වූ වහා ම දෑත් පිරිසිදු කරගැනීමට ඔහු නැගිට සිටියේ ය. සිය ගබඩා බෑගයට අත දැමූ ඔහු යැන් ජින්ගේ පීත්ත පටිය ඉවතට ගත්තේ ය.

මේ මුළු කාලය පුරාවට ම යැන් ජින් නිහඬව ඉවසීමෙන් බලා සිටියේ ය.

" අ'ජින් " ශෙන් ජිෂියෑන් ඇමතුවේ ය.

ඉක්බිති ගැඹුරු හුස්මක් ගෙන " මට සමාවෙන්න " යි පවසමින් පීත්ත පටිය යෞවනයා අත පත් කළේ ය.

යැන් ජින් සිය නෙතට හුරුපුරුදු වූ පීත්ත පටිය දුටු විගස ඔහුගේ හද වේගයෙන් ගැහෙන්නට විය. පීත්ත පටිය උදුරාගන්නට සිතට දැනුණු ආශාව ඔහු අසීරුවෙන් මැඩපැවැත්වීය. ඒ රෙදිකඩ ඔහු අතට ලද විගස ම ඉතා ප්‍රවේශමෙන් පිරික්සා තහවුරු කර ගත්තේ එය තමන්ගේ අස්ථානගත වූ එක ම බවයි. ඔහුට ඉමහත් සැනසුමක් දැනිණි. ඉක්බිති, අවසානයේ දී, පවසන ලද වදන් කෙරෙහි ප්‍රතිචාර දැක්වීය. - ශෙන් ජිෂියෑන් කීවේ කුමක් ද?

පැවති නිහඬතාවයේ දී යැන් ජින් යළි තමා සන්තක වූ පීත්ත පටිය තදින් අල්වා ගත්තේ, ගෙවෙන මේ මොහොත සම්පූර්ණයෙන් ම විකාරයක් ලෙස හැඟීමෙනි.

සමාවෙන්න.

ශෙන් ජිෂියෑන් ඔහුගෙන් සමාව ඉල්ලා තිබිණි.

ඔබ කණගාටු වූයේ කුමක් පිළිබඳව ද? අතීතයේ සිදු වූ සියල්ලට ම ද, නොඑසේ නම්  මට වදහිංසා කරන්නට නව මාවතක් සොයා ගත්තා ද, නැත්නම්...

යැන් ජින් හිස හරවා ශෙන් ජිෂියෑන් දෙස බැලුවේ ය. ඔහුගේ කාලවර්ණ දෙනෙත් ඔච්චම් කරන්නාක් බඳු විය. පහසුවෙන් නොසලකා හැරිය හැකි සේ හැඟීම් සියුම් විය. ඔහුගේ හඬ සෙමින් ගලාවිත් යටපත් විය. " ෂිෆු, ඔබට ආවේශ වෙලාවත් ද? "

ශෙන් ජිෂියෑන්: "..."

අහෝ දෙවියනි, කතා නායකයා මෙතරම් තියුණු වන්නේ කෙසේද?

දැනුණු මද අපහසුතාවයෙන් යුතුව ම එය ප්‍රතික්ෂේප කිරීමට ඔහු මුව විවර කළේ ය. " ආවේශ වෙලා? කෙසේද එසේ වන්නේ... "

මද විරාමයකින් අනතුරුව ඔහු අධිෂ්ඨානශීලී ව එක් කළේ " පසුගිය දින කිහිපයේ දී මාස්ටර් බොහෝ කල්පනා කළා. මම පිළිගන්නවා, අතීතයේ දී මම සීමාව ඉක්මවා කටයුතු කළ බව. නමුත් මම නැවත එසේ කරන්නේ නැහැ. "

ඔහු මෙසේ පවසා සිටියේ බැරෑරුම් සහ අවංක හැඟීමකිනි. මෑතක දී මෙම පුද්ගලයා පරාවර්තන කන්දෙන් පහළට ගෙන ඒමෙන් ද, ඔහුගේ පීත්ත පටිය යළි ඔහුට ම ලබා දීමෙන් ද, හොඳ ම ඔසු ඔහුට ලබා දීමට සැලකිලිමත් වීමෙන් ද, තමන් පිළිබඳ පිරිසිදු හැඟීමක් ඔහුගේ හදේ ඇති කරන්නට ශෙන් ජිෂියෑන් වෙහෙස වී ක්‍රියා කළේ ය....

පැවසිය යුතුව තිබූ දේ පවසා අවසන් වීමෙන් පසු සිය උරහිස් හකුළුවා නිහඬතාවයෙන් සිය අවිශ්වාසය දැක්වීය.

අඩි තුනක අයිස් කැබැල්ලක් එක් දිනයකින් නිමවිය නොහැකි අතර ම එය දිය වී යාම ද එක් මොහොතකින් සිදු වන්නක් නොවේ. ශෙන් ජිෂියෑන් වියරුවෙන් තමාව ම සනසා ගත්තේ, යෞවනයා වැළඳගෙන සමාව අයැද වැළපීමට හදේ මතු වූ ආශාව අසීරුවෙන් මැඩපවත්වා ගනිමිනි.

කමක් නැහැ. තත්ත්වය සම්පූර්ණයෙන් ම බලාපොරොත්තු විරහිත නොවුණි. ඇත්ත වශයෙන් ම මුල් ශෙන් ජිෂියෑන් සිය පෞද්ගලික ගෝලයකු ලෙස යැන් ජින් පිළිගෙන ගත වූයේ වසරක් පමණි. ඊට අමතරව ඔහුගේ වැරදි වූයේ යැන් ජින් කෙරෙහි ඔහු දැක්වූ උදාසීන ක්‍රියා පිළිවෙත සහ යන් ශෙන්ගේ සහ අනෙකුත් ගෝලයින්ගේ නරක හැසිරීමයි.

තවමත් ඔහු අන්ත කුරිරු දෙය සිදු කර නැත; ඔහු යැන් ජින්ගේ ආත්මීය මූලය කපා දමා නැත. යැන් ජින් පරාවර්තන කන්දෙන් බැස ආ විගස මෙම දඬුවම ක්‍රියාත්මක කළ බව ශෙන් ජිෂියෑන් හට සිහිපත් විය. වාසනාවට එය සිදු වීමට ප්‍රථමයෙන් ඔහු සංක්‍රමණය වූයේ ය. නොඑසේ නම් ඔහු බොහෝ ප්‍රමාද වන්නට ඉඩ තිබිණි.

එය හොඳ කාලයක් විය. දේවල් නරක අතට හැරෙන්නට පෙර.

ශෙන් ජිෂියෑන් නිහඬ සුසුමක් හෙලුවේය. සැඟවුණු කඩු මණ්ඩපයේ සිදුවීම සිහිපත් කිරීම ම ඔහුට මහත් හිසරදයක් විය.

ඔහු සැඟවුණු කඩු මණ්ඩපයට සිය අවධානය යොමු කර තිබුණත්, යන් ශෙන් සියලු සාක්ෂි ඉතා ඉක්මනින් ඉවත් කොට පිරිසිදු කොට තිබිණි. ඔහු පැමිණි ගමන් ම වූ අතර සැඟවී සිටින්නන් හඳුනා ගැනීමට ඔහුට තවමත් හැකි නොවුණි. මේ පිළිබඳ යළි විමර්ශනය කරන්නැයි ඔහු කළ ඉල්ලීම උණුසුම් වායු දහරාවක් පිඹීමක් විය.

මෙම සිදුවීම පිළිබඳ ව කිසිවක් ම සිදු නොවීම දෛවෝපගත විය - අඩුම තරමේ, දැනට.

ශෙන් ජිෂියෑන් හට දැනුණේ සිටින නරක ම ජරා ම පුද්ගලයා ඔහු බවයි. සමාව අයැදි මොහොතේ දී ම අනෙක් පාර්ශ්වයට කීමට සිදු වන්නේ සිය දුක්ගැනවිලි වටහා ගනු නොහැකි බවයි.

කියන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ව ඔහු පැකිළෙමින් සිටිය දී යන් ශෙන් ඉක්මන් විය. " මේ ගෝලයාගේ පහත් ජීවිතය පිළිබඳ ව සැලකිය යුතු නැහැ. ෂිෆු කලබල විය යුතු නැහැ. "

ශෙන් ජිෂියෑන් යැන් ජින්ගේ එම හීනමානයෙන් යුතු වදන්වලට සවන් දුන්නේ, ඔහුගේ ඇහි බැම රැළි වැටුණි. " විකාර කතා කියන්න එපා. ඔබ ඉතා හොඳයි. "

" හොඳ මොකක් ද? " යැන් ජින් විමසීය. උහු උපහාසාත්මක ද, නොඑසේ නම් තමන්ට ම නිග්‍රහ කරගන්නවා ද යන්න පිළිබඳ සෙස්සන්ට කුහුලක් ඇති කරමින් ඔහුගේ දෙනෙතෙහි කුඩා උපහාසයක් ගැබ් ව තිබිණි.

ශෙන් ජිෂියෑන් සිටියේ වදන් ගොළු වීය. නමුත්, යැන් ජින් යනු කතාවේ කතා නායකයායි. කතා නායකයා වූයේ කුමක් ද? එය අවිවාදාත්මකව ම හොඳ විය. කතා නායකයාගේ ගිලිහී ගිය කෙස් රොදක් පවා වටිනා වස්තුවක් ලෙස සැලකිය හැකිය!

ශෙන් ජිෂියෑන් නිහඬ ව සිටියදී, යළි කිසිවක් කීමට ඉතිරි නොවුණාක් මෙන් යැන් ජින් නැගිට ගත්තේ ය. ගෞරවණීය ලෙස ආචාර කිරීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව යාම පිණිස ආපසු හැරුණි.

ශෙන් ජිෂියෑන් අවිඤ්ඤාණික ව ම ඔහුගේ අතින් අල්වා ගැනීමට අත දිගු කළත්, ඒ වන විටත් නිහඬව ම ශෙන් ජිෂියෑන්ගෙන් ආරක්ෂා වෙමින් සිටි හෙතෙම සන්සුන් ව ඔහුව මගහැරීමට වහා ම පසෙකට විය. එබැවින් ඔහු වෙනුවට ඔහුගේ කබා අතින් අල්වා ගැනීමෙන් ශෙන් ජිෂියෑන් නතර විය.

ඔහු දුර්වල නොවීය. යැන් ජින්ගේ කොලරය ලිස්සා ගොස් උරහිස් අස්ථිය බාහිරයට නිරාවරණය විය. එය ක්ෂණිකව ශෙන් ජිෂියෑන්ගේ නෙත් ඇඳ බැඳ ගත්තේ ය.

ශෙන් ජිෂියෑන්; "..."

ඔහු වහා ම සිය අත ඉවත් කරගෙන එයට ආවරණයක් ලෙස මද කැස්සක් නගමින් යැන් ජින්ගේ නිහඬ බැල්මට යටත් ව බොඳ වූ හඬින් තොල් මතුළෙ ය.. " එය හොඳයි... හොඳ පෙනුමයි. "

යැන් ජින්: "...."

යැන් ජින්: " ??? "

ඔහු මොහොතක් නිසොල්මන් ව සිට පසුපස නොබලා දොර දෙසට ඇවිද ගියේ ය.

ශෙන් ජිෂියෑන් ගැන නම්.... ශෙන් ජිෂියෑන්ගේ මුහුණ රත් පැහැ ගැනුණි. සිය පෙරවනය තුළට රිංගා ගැනීමටත්, මිය ගියා යැයි මවා පෙන්වීමටත් ඔහුට අවැසි විය.

යැන් ජින් පිටතට ඇවිද යනු දුටු ශෙන් ජිෂියෑන් හට ඔහුට තවදුරටත් උපකාර කිරීමට සිත් වූයේ, නොපැහැදිලි හඬින් " රෑට ආපසු එන්න.... "

ඔහු කතාව අවසන් කිරීමටත් පෙරාතුව ම යැන් ජින්ගේ පියවර හදිසියේ ම වේගවත් වී ඉක්මනින් ම අතුරුදන් විය.

".... එවිට මට යළි ඔසු ආලේප කරන්නට පුලුවන් "ඔහු සෙමින් වැකිය නිමා කළ අතර ගැඹුරු හුස්මක් හෙළීය.

කනිටු ගෝලයින් දෙදෙනා තමන්ට පැවරූ කාර්‍යය ඉක්මනින් නිමා කොට ඒ කුඩා හිස් නිවස පිරිසිදු කළහ. ඔවුන් ශෙන් ජිෂියෑන් දැකීමට මෙහි පැමිණි කල දුටුවේ යැන් ජින් ශෙන් ජිෂියෑන්ගේ නිවසෙන් පිටව යන ආකාරයයි.

ඔහුගේ වස්ත්‍ර තරමක් අවුල් සහගත වූ අතර මුහුණ සුදුමැලි විය. එක් ගෝලයෙකු දුටුවේ ඔහුගේ දෙකන් අග තරමක් රත් පැහැ වී ඇති බවයි.

ගෝලයා: " ... අහ්? "

එම කනිටු ගෝලයින් දෙදෙනා නවකයින් වූ අතර ඔවුහු සියල්ල කෙරෙහි කුහුලෙන් යුත්තෝ වූහ. මේ ගුරු - ගෝල දෙපළ අතර ඇති පරස්පරතා පිළිබඳව ඔවුන් එතරම් දැනුවත් නොවූ අතර, ලෞකික ලෝකයෙන් තවමත් දූෂිත ව සිටි ඔවුනගේ හදවත් කේලාම් කීමෙහි රුචිකත්වයක් දැක්වීය.

කිසිදු වදනක් නොදොඩා ම යැන් ජින් සිය නව නිවස්නට ඇතුලු වනු දුටු ගෝලයින් දෙදෙනා කුතුහලයෙන් එකිනෙකා දෙස නෙත් යොමු කළහ.

Comments

  1. හයියෝ දෙවියනේ යැන් ජින්

    ReplyDelete
    Replies
    1. පව් ඒ අසරණයා 🥲🙊

      Delete
  2. 😂❤️❤️❤️

    ReplyDelete
  3. යකූ මොනා හිතුවාද දන්නේ නෑ 🤣🤣

    ReplyDelete
    Replies
    1. හනේ ඉතිම්.... පව් 😂😂

      Delete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-