Skip to main content

නවවන පරිච්ඡේදය | කඳුළු බිඳු හැඩැති උපන් ලපය

සිය වත්මන් හැකියා විරහිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සහ තමන්ට එම තනතුර අනුචිත යැයි සිතමින් ශෙන් ජිෂියෑන් සිය උසස් තනතුර " වැඩිහිටි" යනුවෙන් රහසේ සමච්චලයට ලක් කළ ද, මේ අවස්ථාවේ දී අන් පුද්ගලයන් බිය වැද්දවීමට සිය තනතුර යොදාගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි.

බියෙන් පිරි දෙනෙතින් සහ රතු වූ වතින් යුතු වූ ගෝලයා ඒ තෙත් බිම මත දණගැසුවේ ය. හඬක් නැගීමට පවා බියෙනි ඔහු සිටියේ.

" එය බිම දමන්න. " යනුවෙන් ශෙන් ජිෂියෑන්ගේ හඬ ඇසෙන විට දී යැන් ජින් සිටියේ යටිකුරු වී තිබූ ලී බාල්දිය අතට ගෙන ආපිට හැරී දිය ඇදීමට සූදානමිනි.

නොබෝ වෙලාවකින් මෘදු බලයකින් ඔහුගේ අත නවත්වා, වතුර ඇදීමට බාල්දිය ළිඳට පහත් කිරීම නැවැත්වීය.

" මෙහේ එන්න. "

යැන් ජින් කීකරු ලෙස ලී බාල්දිය ගල් බිත්තිය මත තැබූ නමුදු ඉක්මනින් ශෙන් ජිෂියෑන් පසුපස නොවැටුණි. ඔහුට අනුව, ශෙන් ජිෂියෑන් සමීපයේ සිටිනවාට වඩා දිනපතා යන් ශෙන්ට වතුර ඇදීම වඩා හොඳ විය.

කෙසේවුවත්, වසරකට වැඩි ආධුනිකකත්වය හේතුවෙන් ශෙන් ජිෂියෑන් යනු සිය ආත්ම ගෞරවය වඩාත් අගයන අයෙකු බැව් යැන් ජින් දැන සිටියේ ය. කුඩා ගෝලයෙකු ඉදිරිපිට දී ලැජ්ජාවට පත් වන්නට ඔහු අකමැති වනු ඇත.

යැන් ජින් තොල් තදකරගෙන ගොළුබෙල්ලෙකු මෙන් සෙමෙන් පියවරෙන් පියවර ඉදිරියට ගියේ ය. ඔහුත් ශෙන් ජිෂියෑනුත් අතර යම් පරතරයක් තබා හිස නවමින් " ෂිෆු " යි ආචාර කළේ ය.

ශෙන් ජිෂියෑන් හට අවැසි වූයේ ඔහුව එතැනින් කතා කරන්නට පමණක් වූ අතර වෙනත් සැලසුම් කිසිවක් නොතිබිණි. වසත් සුළඟෙහි මද සිසිලසක් ගැබ් වුණු අතර යැන් ජින්ගේ තුවාලය හේතුවෙන් වැඩි කලක් ඔහු සීතලට නිරාවරණය වීම යහපත් නොවීය.

වාසනාවකට මෙන් මෑතක දී ශෙන් ජිෂියෑන් වස්ත්‍ර පිරිසිදු කිරීමේ සහ වියළීමේ ශිල්ප ක්‍රම පුහුණු වෙමින් හුන්නේ ය. එහි ප්‍රතිඵලය නම්, යැන් ජින් හදිසියේ ම සිය තෙත් කබා අත් වියළී ඇති බැව් දැකීමෙන් විමතියට පත් වීමයි.

සිය පෞද්ගලික ගෝලයා වෙතින් ඉවතට හැරුණු ශෙන් ජිෂියෑන් විමසා සිටියේ " යැන් ජින්ට දිය ගෙනෙන්නට පැවසූවේ කවුරුන්ද? "

කතා කරන්නට බිය වූ කනිෂ්ඨ ගෝලයා " ඔව්, ඒ ජ්‍යේෂ්ඨ සහෝදරයා යන් ශෙන්. අහ් නැහැ. ඒ මම... " කියා සිටියේ ය.

මෙය ජ්‍යෙෂ්ඨ සහෝදරයා යන් ශෙන්ව වරදවා වටහා ගැනීමක් වේ යැයි වැටහුණු කුඩා ගෝලයා ඉක්මනින් ගොත ගැසුවේ ය. " ජ්‍යෙෂ්ඨ සහෝදරයා යන් ශෙන් මට වතුර ගෙන එන්නැයි කීවා.... මම.... මම කම්මැළි වෙලා යැන්....ජ්‍යෙෂ්ඨ සහෝදරයා යැන් ජින්ට කිව්වා....මේකට ජ්‍යෙෂ්ඨ සහෝදරයා යන් ශෙන් සමඟ කිසිම සම්බන්ධයක් නැහැ.... "

ශෙන් ජිෂියෑන්ගේ දෙනෙත් මදක් සිහින් විය. මෙයට යන් ශෙන් ඈඳා ගැනීමට කුඩා ගෝලයා බිය වන්නාක් මෙන් පෙනුණි.

යන් ශෙන්

මෙතරම් කුඩා වයසක දී පවා ඔහු සෙස්සන් අතර ජනප්‍රිය වන්නට සමත් විය.

යන් ශෙන් හට වතුර අදින්නට යැන් ජින්ව යොදා ගත් ප්‍රථම වතාව මෙය නොවිය යුතු ය. නමුත් තත්ත්වය දෙස බලන කල ඔවුන් යැන් ජින්ගේ දිවිය දුෂ්කර කරන්නේ කෙසේ ද යන්න වටහා ගැනීමට ශෙන් ජිෂියෑන්ට පහසු නොවනු ඇත. එපමණක් නොව, යන් ශෙන් මේ පිළිබඳ කිසිවක් ම නොදන්නා බවක් විශ්වාස කිරීමට ශෙන් ජිෂියෑන් අපොහොසත් විය. ඔහුගේ රහසිගත දායකත්වයක් මේ සඳහා තිබෙන්නට වැඩි ඉඩක් තිබිණි.

මෙය ඔහුගේ නොසැලකිලිමත්කම නිසා සිදුවූවකි. එදින යැන් ජින් හැරලවා පැමිණි පසු යැන් ජින්ට දිනපතා ම ඔසු යවන්නට සෙස්සන්ට උපදෙස් දී ඔහු අවශ්‍ය කුසලතාවන් පුහුණු වීම සඳහා සිය අවධානය යොමු කළේ ය. ඒ හේතුවෙන් ඔහු කලකින් යැන් ජින්ව නොදුටුවේය.

ශෙන් ජිෂියෑන්ගේ වදන් සීතල විය. " මෑතක පටන් වෙන් නිම්නයෙහි සහල් කෙතෙහි මිනිසුන් අඩු බවක් දැනගන්නට ලැබුණා. කරුණාකර පිරිසිදු වී එහි ගොස් උපකාර කරන්න. "

විශාල නිකායක් ලෙස, ස්ථාවර ආහාර සැපයුමක් පවත්වා ගැනීමට අන් අය සමඟ දිගුකාලීන සම්බන්ධතාවක් පවත්වා ගැනීම ස්වභාවික විය. වෙන් නිම්නය යනු එයින් එකකි. එය අධ්‍යාත්මික සහල් නිෂ්පාදනයෙහි ප්‍රවීණයෙකු විය. මෑතක දී ඔවුන්ගේ සහල් නිෂ්පාදනයට පිරිස හිඟ වූ බැවින් නිකායෙන් පිහිටක් පත ආහ.

කනිෂ්ඨ ගෝලයා සුදුමැලි විය. මෙය තාවකාලික පිටුවහල් කිරීමට සම විය. නිකායේ නොගිණිය හැකි තරමින් ගෝලයින් වූ අතර ඒ සියල්ලෝ ම ධ්‍යාන වැඩීමෙහි ඉහළට ම යන්නට දිනපතා ම වෙහෙස වී පුහුණුවීම් කළහ. ප්‍රතිඵලය නම්, පුහුණුවෙන් එක් දිනක් අඩු වීම යනු සියල්ලන්ට ම වඩා බොහෝ පසුබෑමයි.

නමුත්, ඔහු ප්‍රතික්ෂේප කිරීමට බිය වූයේ ය. ශෙන් ජිෂියෑන්ගේ අඳුරු පැතිකඩ නිකායේ ප්‍රසිද්ධ වී තිබිණි. සාමාන්‍ය ගෝලයෙකු තබා සිය පෞද්ගලික ගෝලයාට පවා තෙවරක් ශික්ෂණ කසයෙන් තැලීමට ඔහුට හැකියාව තිබිණි...

ඔහු කතා නොකළ අතර කළ හැකි වූයේ නියෝගය පිළිපැදීම පමණි. පිටව යද්දී ඔහුගේ දෑත් සහ දෙපා වෙව්ලා ගියේ ය.

එම අදාළ නැති පුද්ගලයා පිටව ගිය වහාම කුඩා තෘණ පොහොට්ටුව ශෙන් ජිෂියෑන්ගේ කබා අත් තුළින් ඉවතට පැන සිය පත්‍රිකා විහිදුවමින් කිසිදු අමනාපයකින් තොරව යැන් ජින් වෙතට පැන ගියේ ය.

ශෙන් ජිෂියෑන් හට අයත් දේවල් ස්පර්ශ කරන්නට යැන් ජින් එඩිතර නොවීය. පෙර ජල ස්නානය නොසිතා සිදුවූවක් යැයි බැහැර කළ හැකි වුවත්, ඔහු දැන් එය මග නොහැරියහොත්.... කුඩා තෘණ පොහොට්ටුව දුටුවේ ඔහුගේ සූදානම පසෙකට වීමට බවයි. පසුබට නොවී බිමට පා තැබූ එය යැන් ජින්ගේ කබා අත් මතට  පියඹා යන්නට සමත් විය.

ශෙන් ජිෂියෑන් යැන් ජින්ගේ එම කුඩා චලනයන් දුටු නමුදු ඒ කුඩා තෘණ පොහොට්ටුවේ ක්‍රියාවන් නිසා විනෝදයට ද පත් ව සිටියේ ය. ඒ කුඩා තෘණ පොහොට්ටුව තරමට වඩා වැඩියි. ශෙන් ජිෂියෑන් එය පෝෂණය කරමින් සිටිය ද, ඔහුගේ මිල අධික ඔසු පැන් පානය කිරීමට එයට ඉඩ දී තිබුණ ද, අවසන් ප්‍රතිඵලය වූයේ ද්‍රෝහී වීමකි!

ඔහු කතා කිරීමට සුදානම් වෙද්දී ම නෙත ගැටුණේ යැන් ජින්ගේ උරහිස මත වස්ත්‍රයේ මතුවෙමින් ආ රුධිර පැල්ලමකි. ශික්ෂණ කසයෙන් ඇති වූ තුවාලය.

පසු වූ දින කිහිපයෙහි දී ශෙන් ජිෂියෑන් පෞද්ගලිකව යැන් ජින් දැකීමට නොපැමිණිය ද, හෘදසාක්ෂියට එකඟ ව ඔහු සිව්වන වැඩිහිටියාගේ කුඩා ගෝලයින්ගෙන් ඉල්ලා සිටියේ දිනපතා ම යැන් ජින් හට ඔසු ලබා දෙන ලෙසයි. ශික්ෂණ කසයෙන් ඇති වූ තුවාලය ඉක්මනින් සුව වන්නක් නොවන නමුත්, සැලකිය යුතු තරම් දින කිහිපයක් ගෙවී ගොස් තිබිණි. එනිසාවෙන් ඒ තුවාලය මෙතරම් ඉක්මනින් විවර නොවිය යුතුව තිබිණි.

ශෙන් ජිෂියෑන්ගේ මුවින් පිටවීමට ආසන්න වූ වදන් මගහැරුණි. අවසාන වශයෙන්, ඔහු වහා ම හැරී ඉවතට යාමට පෙර " මා අනුගමනය කරන්න. " පමණක් පැවසුවේ ය.

ඔහු පසුපසින් වූ තරුණයා මොහොතකට පසුබෑ නමුදු ඔහුව අනුගමනය කළේ, කල්පනාකාරී හා ආරක්ෂාකාරී වන බවක් ඔහුගේ ඉරියව්වලින් දිස්විණි. ශෙන් ජිෂියෑන් උවමනාවෙන් ම වේගය අඩු කරගනිද්දී ඔහු ද නැවතුණේ, ශෙන් ජිෂියෑන් සහ තමන් අතර වූ දුර පරතරය අඩු කරගැන්මට නොකැමෙත්තෙනි.

කුඩා තෘණ පොහොට්ටුව නම් ඔහුගේ කබා අත් අදිමින් ඔහු වටා කැරකෙමින් සිටියේ මෙම නොසන්සුන් වාතාවරණය පිළිබඳ කිසිදු දැනීමක් නොමැතිවය.

ශෙන් ජිෂියෑන් හට මද අසරණකමක් දැනුණි. බොහෝවිට මෙවර දඬුවම යැන් ජින්ගේ හද බිඳ දමන්නට ඇති. කුඩා ඉත්තෑවා දිගින් දිගට ම ඔහුට සිය කූරුවලින් පහර දෙමින් සිටියේ ය. යැන් ජින් තමන්ට සමීප වන්නෙ කවදාදැයි යන්න ශෙන් ජිෂියෑන් තවමත් නොදැන සිටියේ ය.

සිය පැහැදිලි සතුරුකමින් තොර වූයේ නම් යැන් ජින් කෙබඳු අයෙකු වේදැයි ශෙන් ජිෂියෑන් කල්පනා කරද්දී ඔහු සිය සිතිවිලි අතර ම ගිලී ගියේ ය. පොත කියවද්දී ඔහු මේ කතා නායකයාට දැඩි කැමැත්තක් දැක්වීය. නවකතාවෙහි මුල් අවධියේ දී ඔහු නිහඬ ඉවසනසුලු චරිතයක් වූවද අවසාන භාගයේ දී ශෝකය හේතුවෙන් ඔහුගේ හදවත අඳුරු වූ අතර දිගු කාලවර්ණ කෙස් සහ රුධිරය බඳු රත් පැහැ දෙනෙත් දැරූ යක්ෂයෙකු බවට පරිවර්තනය විය.

මෙය ශෙන් ජිෂියෑන් මද දෙබිඩි හැඟීමක් ඇති කළේ ය.

මේ මොහොතේ දී ඔහු කතා නායකයා වෙනුවෙන් යාඥා කරන හොඳ සොහොයුරෙකු නම් නොවීය. ඒ වෙනුවට ඔහුට අවැසි වූයේ යැන් ජින්ගේ හදවතේ ඔහු ගැන දැන් පවතින හැඟීම යහපත් එකක් කිරීම පමණි. යැන් ජින් යා යුතු වන මග සුමට වීම හෝ ඔහු අඳුරු වී යක්ෂ මාර්ගයේ යාවි ද යන්න හෝ වේවා, ශෙන් ජිෂියෑන්ගේ එක ම ඉල්ලීම වූයේ ඔහුගේ පරණ ගිණුමෙන් ඈවර කර ඉවත් කරන ලෙසයි.

අන් කිසිවක් කරන්නට තරම් එය බියජනක විය.

යැන් ජින් කතා නායකයා වූ අතර, අනාගතයේ දී බොහො දුෂ්කරතාවන්ට මුහුණ දීමට නියමිත වූයේය. ශෙන් ජිෂියෑන් වනාහි හෘද රෝගයක් සහිත සුළු සහය චරිතයක් විය. එබැවින්, ඔහු තමන්ගේ මාර්ගයේ විවේකී ව යා යුතු විය.

මෙම සිතිවිල්ලෙහි නිමග්නව සිටිද්දී ක්ලාන්තයක සේයාවක් ශෙන් ජිෂියෑන් හට දැනුණි. දෙනෙත් අඳුරු ව ගිය ඔහුගේ පියවර අඩාල වූයේ, සිරුර පිටුපසට නැඹුරු විය.

වාසනාවකට මෙන් ඔහු ගසක් පසු කරගෙන යමින් සිටි අතර නිතැතින්ම ගසේ කඳට එරෙහි ව සහය ලබා ගැනීමට අත දිගු කළේ, සිය සිරුර සමබර කර ගන්නට උපකාර කර ගත්තේ ය.

ඔහු එක තැන පැකිළෙද්දී, යැන් ජින් කඩිමුඩියේ පියවර කිහිපයක් පසුපසට වීම පිළිබඳව ශෙන් ජිෂියෑන් දැනුවත් නොවුණි. දැන් සිදුවූයේ කුමක් ද? යන ප්‍රශ්නාර්ථය ඔහුගේ වතෙහි ලියැවී තිබිණි.

මෙවර කරකැවිල්ල ඉක්මනින් ඇති වී නැති වී ගියේ ය. ශෙන් ජිෂියෑන් මොහොතකට මන්දගාමී ව සිය දෙනෙත් පියාගත්තේ, තමන්ව සන්සුන් කරගත්තේය. නමුත් තවමත් හදවතේ මන්දගාමී ස්පන්දනයක් තවමත් තිබිණි.

හෘදයාබාධයක්?

නමුත් හෘදයාබාධයන් ඇතිවීමට නියමිත වූයේ කලාතුරකිනි. ඔහු පැමිණ ගත ව තිබුණේ දින කිහිපයක් පමණක් වූ අතර එය කුපිත කරන්නට කිසිවක් ම ඔහු සිදු නොකළේ ය. හේතු විරහිතව එය සිදු වූයේ කෙසේ ද?

ශෙන් ජිෂියෑන් හට හේතුවක් සිතා ගත නොහැකි වූයේ, තමන් පසුපසින් තවමත් යැන් ජින් සිටින බව සිහිපත් කරමින් මද කැස්සක් නගා කිසිත් සිදු නොවූ පරිද්දෙන් අත පිටුපසට ගෙන " අපි යමු " කියමින් ආපසු හැරී බැලුවේ ය.

ශෙන් ජිෂියෑන් ජීවත් වූ අංගනයෙහි ඔහුගේ නිවසට පසෙකින් තවත් කුඩා හිස් නිවසක් විය.

ශෙන් ජිෂියෑන්, යනෙන මග ආසන්නයෙහි වූ ඒ කුඩා හිස් නිවස පිරිසිදු කරන ලෙස කනිටු ගෝලයින් දෙදෙනෙකුට උපදෙස් දෙනු යැන් ජින් බලා සිටියේ ය. නපුරක පෙරනිමිත්තක් ඔහුගේ සිතෙහ ඉපදුණි.

ඊළඟ මොහොතේ දී නිසැකව ම එය යථාර්ථයක් බවට පත් විය.

" මේ නිවස හිස් එකක්. ඔබට මෙහි නවාතැන් ගත හැකියි. " ශෙන් ජිෂියෑන් කනිටු ගෝලයින් දෙස සන්සුන් ව  බලා සිටිනවාක් මෙන් පෙන්වූ නමුදු නෙත් කොනින් යැන් ජින්ගේ මුහුණෙන් පළ වූ හැඟීම් ඉතා සමීප ව බලා සිටියේ ය. " ඔබේ ගුරුවරයා වශයෙන්.... හෙහ්, මම ඔබව රැකබලා ගන්නම්. "

ඔවුන්ගේ සමීපත්වයෙන්, ඔහුගේ හිතකර තත්ත්වය වැඩි කර ගැනීමට ඔහුට නොහැකි නොවනු ඇත!

ශෙන් ජිෂියෑන්ගේ අදහස කෙතරම් අලංකාර වූවාද කිවහොත් යැන් ජින්ගේ මුහුණ මදක් වෙනස් වූයේ, එය නොපිළිගන්නාක් බවට ඉඟි සපයමිනි. ශෙන් ජිෂියෑන් ඉක්මනින් ම ඔහුට බාධා කරමින් " ඇතුළුවන්න. අපි ඔබගේ තුවාලය පිරික්සමු. " පැවසුවේ ය.

යෞවනයා සිය දෙතොල් තද කර ගනිමින් නොසෙල්වී සිටියේ, දෑත් ආරක්ෂාකාරී ව මිටි කරගනිමින් දරදඬු බවක් පෙන්වමිනි. ඔහු සිය උරහිස දක්වා ම බඩගාගෙන " චර්ප්, චර්ප්, චර්ප් " ලෙසින් හඬමින් සිටි තෘණ පොහොට්ටුව පවා නොසලකා හැරියේ ය.

ශෙන් ජිෂියෑන් ඔහු දෙස බැලූ අතර ඔහුගේ මුව දෙකොන මද සිනහවකට හැරුණි.

සංක්‍රමණය වූ දා පටන් සිය වම් ඇසට යටින් වූ කඳුළු බිඳුවක හැඩැති උපන් ලපය නිසා ඔහුට මද පිළිකුළක් දැනුණි. එය ඔහුට හිරිහැරයක් වූ බැවින් ඔහු හිතාමතා ම ඔහුගේ මුහුණේ ඉරියව් පුහුණු කිරීමට ද පසුගිය දින කිහිපය යොදා ගත්තේ  එමගින් වන බලපෑම අඩු කර ගැනීමට ය.

එය තරමක් දුරට ප්‍රතිඵලදායක විය. නමුත් ඔහු සිනාසෙද්දී, ඔහුගේ පෙර උත්සාහයන් සියල්ල ම අපතේ ගියේ ය. කඳුළක හැඩැති ඒ උපන් ලපය ඔහුගේ කම්මුල හරහා විචිත්‍රවත් ලෙස විහිද ගියේ, වළාගැබෙන් මිදෙන චන්ද්‍රයා සිහි කැඳවමිනි. එමෙන් ම, ඔහුගේ කඩවසම් මුහුණට විස්මිත වූ සුන්දරත්වයක් ගෙන දෙමිනි.

ශෙන් ජිෂියෑන් මෙලෙසින් ඔහුට සිනාසෙනු යැන් ජින් කෙදිනකවත් දැක නොතිබිණි. මේ මොහොතේ දී ඔහු ශෙන් ජිෂියෑන් දෙස බැලුවේ හුදු සිනහවකින් මිනිසුන්ගේ ආත්මය ම අත්පත් කරගන්නා සොඳුරු රාක්ෂයෙකු මෙනි.

යැන් ජින්ට හැකි වූයේ ගල්ගැසුණාක් මෙන් නිහඬව ම ඔහු දෙස බලා හිඳීම පමණි.

ඉක්බිති ඊළඟ මොහොතේ දී ශෙන් ජිෂියෑන්ගේ වතින් සිනහව ගිලිහී ගියේ, කබා අත් පහළ දමා ඔහු යැන් ජින් වෙත පියවරක් තැබුවේ ය. හෘද සාක්ෂියට එකඟව සහ ස්ථිර හඬින් පැවසූවේ, " මේ ලොකු දරුවා, තවමත් අකීකරුයි. ඔබ ඇතුළට ගෙන යන්නට මාස්ටර්ට බල කරනවා ද? "

___________________________________________________________________________________


පරිවර්තක සටහන්:

යැන් ජින් සහ යන් ශෙන් (Yan Jin සහ Yan Shen) එකිනෙකාගේ ඥාතීන් නොවේ. ඔවුන්ගේ අවසන් නාමයන් වෙනස් අරුත් සහිතයි. යැන් ජින්ගේ නමෙහි වන Yan මගින්  " නිහඬ " යන අරුත දෙන අතර යන් ශෙන්ගේ Yan මගින් අදහස් වනුයේ " දැඩි " හෝ " දරුණු " යන්නයි. ඇති විය හැකි ව්‍යාකූලත්වයන් මගහැරීමට සම්පූර්ණ නාමයන් දක්වමි.

තවද කුඩා තෘණ පොහොට්ටුව මෙතැන් පටන් Xiao Caoya ලෙස සඳහන් වනු ඇත, එය කුඩා තෘණ පොහොට්ටුවෙහි pinyin වේ. 

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-