Skip to main content

Posts

Showing posts from April, 2023

පස්වන පරිච්ඡේදය | දර්ශනයක් රඟදැක්වීම

  ශෙන් ජිෂියෑන් සිය අතැඟිලි අතර වූ රෙදි කැබැල්ල පිරිමැද්දේ ය. රන් - සුදු වස්ත්‍රය පාවෙන වළා හැඩවලින් එම්බ්‍රොයිඩර් කර තිබූ අතර එම මැහුම් සියුම් හා සිනිඳු විය. එය උසස් ම තත්ත්වයේ වූවත්, කාලයත් සමඟ පැරණි බවක් පෙන්වීම මගහැරිය නොහැකි ව තිබිණි. එය අයිති වූයේ යැන් ජින්ට ය. සැබවින් ම එය පැමිණියේ කොහෙන්දැයි නොදත් නමුත්, යැන් ජින් මෙම පීත්ත පටිය කෙතරම් අගය කළා ද යත් එයට හානියක් වනවාට හෝ නැති වනවාට වඩා තමන්ට හානියක් කරගන්නට කැමති බව ශෙන් ජිෂියෑන් දැන සිටියේය. ඒ කුමන්ත්‍රණයේ  පීත්ත පටිය සොරකම් කර සැඟවුණු කඩු මණ්ඩපයට දැමීම අන්තර්ගත බවට සියයට අසූවක විශ්වාසයක් ශෙන් ජිෂියෑන් සතු විය. පසු විපාක කිසිවක් නොසලකමින්, යැන් ජින් සැඟවුණු කඩු මණ්ඩපයට දිව යන්නට අපරාධකරු විසින් යම් ප්‍රකෝපකාරී වදනක් කියන්නට ඇත.  එසේ නොවන්නට යැන් ජින්ගේ සන්සුන් ස්වභාවය සලක බැලුවහොත් ඔහු මෙතරම් අවදානම් සහගත ක්‍රියාවක් නොකරන්නට ඉඩ තිබිණි. ශෙන් ජිෂියෑන් සිය ඇඟිලි අතරට අසු වූ පීත්ත පටිය දෙස බලා හිඳ, මොහොතක් සිතා බලා අවසානයේ දී තම හිත හදාගත්තේ ය. සාමාන්‍ය තත්ත්වයක නම් ඔහුගේ ස්වභාවය නිවුණු සන්සුන් ලිහිල් හා පහසු එකක්...

පරිච්ඡේදය 18 : එයා ගියපු දවස මතක් කළා

 නීතියෙන් පාලනය වෙන සමාජයක ඉදගෙන, හේ යූ ටපළිගැනීමක් විදියට ෂිඒ චිංචෙං ට වදදෙන්න පුළුවන්  කමක් නැහැ. ඒත් එතනින් එළියට යන්න ක්‍රමයක් නැති නිසා , දෙන්නම තමන්ගේ ඉරණම පිළිඅරගෙන කඳවුරට ආවා. එකි නෙකා දිහා බලාගෙන එයාලට කතා කරන්න විතරයි පුළුවන් වුණේ. ආදම් සහ ඒව එකිනෙකාට ඇත්තටම ආදරයේ කරේ නැති වුණාට, එයාලා තවමත් එකට ඉන්නවා. බොහෝ විට වෙන කවුරුත් නැති නිසා වගේම,  එයාලට දිගටම ගහේ ඉන්න සර්පයන් එක්ක කතා කර කර ඉන්න බැරි නිසා වෙන්න ඇති. "ළමයා"  ෂිඒ චිංචෙං  ෂිඒ චිංචෙං හැරුනම වෙන කිසිම කෙනෙක් හේ යූ ට " ළමයා" කියලා කතා කළේ නැහැ  මේ ආමන්ත්‍රණය අඩු වැඩි විදිහට පාවිච්චි කරනවා කියන්නේ ෂිඒ චිංචෙං හේ යූ එක්ක මේ වෙලාවේ කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියන එකයි. "හ්ම්ම්ම්" හේ යූ එයාගෙ ඔලුව පැත්තකට හරවා ගත්තා. " ඔයාගෙ අතේ තුවාල සනීප ද ? " සනීපයි" හේ යූ හිනා වුණා. " ඇයි ඩොක්ටර් මගේ අතේ තුවාලෙ ගැන අහන්නේ ? ඔයා එදා පොලිස් ස්ටේෂන් එකේදී මට ඊට වඩා රිද්දුවා කියලා මතක නැද්ද ? " " මට අතීත ගැන ආයෙ කතා කරන්න ඕනේ නැහැ කියලා ඔයා දන්නවනේ " " ඉතිං ..  මට එදා ඇත්තට...

පරිච්ඡේදය 12 : පසුතැවීම සහ වෛරය (02)

  චූටි පෙයි ආවා...😍

MDZS (මංහුආ ) : පරිච්ඡේදය 18

 

MDZS ( මංහුආ ): පරිච්ඡේදය 17

 

හතරවන පරිච්ජේදය | පීත්ත පටිය

  ෂෙන් ජිෂියෑන් බැරෑරුම් ලෙස පොතේ අන්තර්ගතය ගැන සිතන්නට විය.     පොතේ සත්‍ය ෂෙන් ජිෂියෑන්ට අදාළ දෑ විස්තරාත්මකව සදහන් නොවීය. අවසානයේ ඔහු ප්‍රධාන චරිතය අඳුරු කිරීමට හේතු වූ සුළු චරිතයක් පමණක් විය. ඔහුගෙ ප්‍රධාන කාර්යය  වූයේ යැන් ජින්ට වධ හිංසා පමුණුවා ඔහුව සීතල හදවතක් ඇත්තෙකු බවට හැඩ ගැස්වීම විය.     මුල් හදවතේ රෝගය පැමිණියේ කොහෙන්ද හා ඒ කාලයේ ඇත්තටම සිද්ධ වුණේ කුමක්ද? ලියා නැත.....      ඔවුන්ගේ ගුරුතුමාගේ හොඳම ශිෂ්‍යයන් අතරේ සොන් මින් නොවීය. ඔහු නිකාය නායක තනතුර ලබාගත්තේ කෙසේද? ලියා නැත....       තවද ඔවුන්ගේ ගුරුතුමා හෙවත් පෙර නිකාය නායකතුමාගේ මරණය ද අභිරහසක් විය. පෙර නිකාය නායකතුමා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි බව ෂෙන් ජිෂියෑන්ට පැහැදිලිව මතකයේ තිබිණි. ඔහු හුදකලාව විශ්‍රාම ගත්තේ නම් ඔහුට  ධ්‍යාන‍වේදයේ  උසස්වීමක් ස්ථිර විය. හොඳින් සිතන්න.       පොතක් කියවන විට මොළය පාවිචිචි නොකර වේගයෙන් කියවීම පහසු විය. දැන් ඔහු සුළු චරිතයක් ලෙස පොතක් තුළට සංක්‍රමණය වූයෙන්, ඔහු ෂ...

හතළිස් දෙවන පරිච්ජේදය | අමන හස්කියා උණුදිය උල්පතට යයි.

  ඔන්න ⁣ගෙනාවා උණු උණුවේ Update වුන ගමන්ම! හැමදාම මේ විදිහට ම ගේන්නම්. ආයේ මේක Update වෙන්නේ මැයි 05. ඒ විදිහට තමයි ,Official Manhua එකේ Time Table එක. හැම මාසෙම, 05 , 15, 25 දවස් තුනේ තමයි එයාලා Update කරන්නේ ඔන්න මතක තියාගන්න. ඒක නෙමෙයි අපේ මෝ රන් හරිම සෙස්සී බව්වෙක්නේද? 🥵🤗 චූ වන්නිනුත් හරිම සෙස්සි  පූවෙක් තමයි 🙀 පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | පසු පරිච්ජේදය  

පරිච්ඡේදය 11: පසුතැවීම සහ වෛරය (01)

  මොකද්ද එන සද්දේ කියලා මතක අය කියන්න බලන්න...

පූර්වකථනය V

  මේ වේලාවේ චං ගං හට ඉතා හුරුපුරුදු හඬක් ඇසුණේය. ඔහු ආපසු හැරී බැලූ විට දුටුවේ ගෝඝාතක ග' ගේ හිස මාංශ එල්ලාතබන වැටෙහි තවත් ඌරු හිස් කිහිපයක් හා එල්ලාතිබුණු අයුරුයි.ඔහුගේ බිරිඳ සුදුමැළිව හා නිල්පැහැ  ගැන්වුනු සිරුරින් යුතුව කඩාවැටුණු බිත්තිකොටස් වලින් යටවී තැලීගොස්ය, ඇයගේ හුස්ම නැවතී බොහෝවේලා ගතවී තිබූ බව පෙණිනි.ග' පං ශ්‍යාඕ ගේ හැඬීම ඉතා දුරක සිටියද ඔවුන්ගේ කනවැකිණි.චං ගං වික්ෂිප්ත බවට පත්විය . ඔහුට වෙනත් කිසිවක් පිළිබඳ සිතීමට හෝ කරදර වීමට ශක්තියක් නොවීය, ඔහු අඩසිහියෙන් පැවසූවේ : " පෙනෙන විදියටනම් ඒ ගෝඝාතක  පවුලේ ග' පං ශ්‍යාඔ  ..." ශන් යී නොනවත්වා ඉදිරියට ඇදුණි. චං ගං සිතුවේ ඔහුට තමා කියූ දේ ඇසුණේ නැතැයි කියායි: "සෙනෙවිතුමනි, නවතින්න!" ශන් යී : " ගැත්තාට අණ ලැබුනේ ඔබතුමාව ආරක්ෂා සහිතව නගරයෙන් පිටතට රැගෙන යන ලෙසයි. පමාවිය නොහැකියි." මුවාවරණය තුලින් පිටතට ඇසුණු ඒ හඬ හිමෙහි ගිල්වන ලද ලෝහයක් මෙන් අනුකම්පාවිරහිත විය. චං ගං ට දවල් තරු පෙණුනි. සුළඟෙහි සිසීම ඔහුගේ කනෙහි යන්තම් හැපෙමින් හමායයි, ඔහුගේ දහදිය කොඳුඇට පෙල දිගේ පහළට රූටාගියේය, ඔහු අත තැබූ සෑමතැ...