Skip to main content

පරිච්ඡේදය 18 : එයා ගියපු දවස මතක් කළා

 නීතියෙන් පාලනය වෙන සමාජයක ඉදගෙන, හේ යූ ටපළිගැනීමක් විදියට ෂිඒ චිංචෙං ට වදදෙන්න පුළුවන්  කමක් නැහැ.

ඒත් එතනින් එළියට යන්න ක්‍රමයක් නැති නිසා , දෙන්නම තමන්ගේ ඉරණම පිළිඅරගෙන කඳවුරට ආවා.

එකි නෙකා දිහා බලාගෙන එයාලට කතා කරන්න විතරයි පුළුවන් වුණේ.

ආදම් සහ ඒව එකිනෙකාට ඇත්තටම ආදරයේ කරේ නැති වුණාට, එයාලා තවමත් එකට ඉන්නවා. බොහෝ විට වෙන කවුරුත් නැති නිසා වගේම,  එයාලට දිගටම ගහේ ඉන්න සර්පයන් එක්ක කතා කර කර ඉන්න බැරි නිසා වෙන්න ඇති.

"ළමයා"  ෂිඒ චිංචෙං 

ෂිඒ චිංචෙං හැරුනම වෙන කිසිම කෙනෙක් හේ යූ ට " ළමයා" කියලා කතා කළේ නැහැ 

මේ ආමන්ත්‍රණය අඩු වැඩි විදිහට පාවිච්චි කරනවා කියන්නේ ෂිඒ චිංචෙං හේ යූ එක්ක මේ වෙලාවේ කතා කරන්න කැමැත්තෙන් ඉන්නවා කියන එකයි.

"හ්ම්ම්ම්" හේ යූ එයාගෙ ඔලුව පැත්තකට හරවා ගත්තා.

" ඔයාගෙ අතේ තුවාල සනීප ද ?

" සනීපයි" හේ යූ හිනා වුණා. " ඇයි ඩොක්ටර් මගේ අතේ තුවාලෙ ගැන අහන්නේ ? ඔයා එදා පොලිස් ස්ටේෂන් එකේදී මට ඊට වඩා රිද්දුවා කියලා මතක නැද්ද ? "

" මට අතීත ගැන ආයෙ කතා කරන්න ඕනේ නැහැ කියලා ඔයා දන්නවනේ "

" ඉතිං ..  මට එදා ඇත්තටම ඔයා ගෙන් සමාව ගන්න ඕනේ උන බව ඔයා දන්නවද ?" 

"...." ෂිඒ චිංචෙං එයාගෙ ඇස් උස්සලා බැලුවා.

හේ යූ දිගටම හිනාවෙවී කතාකලත් ෂිඒ  එයා දිහා බැලුවම එයාගෙ බැල්ම දැඩි වුණා. " මෙහෙමයි මම කතා කරන්නේ ෂිඒ චිංචෙං . ධනවාදය ගැන ඔයා කියපු දේවල් පැත්තකින් තියලා මම එදා අවංකවම කතා කළේ. ඔයා තමයි පුංචි කාලේ ඉඳන්ම මගේ හැඟීම් පාලනය කරගන්න කියලා කියපු කෙනා . ඔයා ඉල්ලා අස්වෙලා  ගොඩක් කල් නිසාද මට ඉස්සර කියපුවා ඔයාට අමතක ?"

නිහඩවම මොහොතක් ගත වෙලා ගියා.

" මම ඉල්ලා අස්වෙලා දැනටමත් ගොඩක් කල් වෙනවා " ෂිඒ චිංචෙං  කිව්වා .

" අවුරුදු හතරක් "

"... ඔයාගේ අසනීපෙ කොහොමද කියලා මට තාම අහන්න බැරි වුණා" ෂිඒ චිංචෙං.

" හොඳයි "

" ඔය වොරි වෙන්න ඕනේ නැහැ. ඔයා ගැන මම පුද්ගලිකව මොනවා හිතුවත් ඔයා  ඩොක්ටර් කෙනෙක් විදිහට ඔයාගේ  දැක්මට  මම එකඟයි . ඔයා මට උගන්නපු දේවල් හැමදාම මම මතකේ තියා ගන්නවා ." හේ යූ ආයෙත් හිනා උනා .

හැඟීම් විරහිතව තමන්ගේ ඉස්සරහ  ඉන්න තරුණය දිහා ෂිඒ චිංචෙං  බැලුවා. " ඒක හොඳයි. ඔයාමයි ඔයාගේ අසනීපෙ පාලනය  කරගන්න ඕනේ. ඔයා මොන ඩොක්ටර්ව මාරු කළත් වැදගත්ම දේ තමයි ඔයාගෙ මානසිකත්වේ"

හේ යූ මොහොතක් නිහඬ වෙලා ඉඳලා ඔලුව පාත් කරලා හිනා වුණා. " ඇයි මට මේක අහලා පුරුදුයි වගේ දැනෙන්නේ ? අහ්"

එයා පොඩ්ඩක් නතර වුණා , එයාගෙ ඇස් වල අනුකම්පා විරහිත පෙනුමක් තිබුණෙ. " දැන් මට මතකයි. ඔයා මේක එක පාරක් කිව්වා . මට මතකයි ඩොක්ටර් ෂී" 

" ඒ ඔයා අස් වෙලා ගියපු දවස නේද?.."

ෂිඒ චිංචෙං අස්වෙලා ගියපු දවසයි ඒ .

මේ දවසට කලින් දවසේ හේ යූ , ෂිඒ ෂුඒ එක්ක පුස්තකාලයේ එකට පොත් කියවලා  තිබුණා. එදා වැස්ස දවසක්, ඒ නිසා හේ යූ කුඩයක් ඉහලගෙන  ෂිඒ ෂුඒ  එක්ක එයාගෙ ගෙදරට ඇවිදගෙන ගියා.

" තැන්ක් යූ. මාත් එක්ක මෙච්චර දුර ඇවිද ගෙන ආවට "

" ඒකට කමක් නැහැ "

" ඔයාට ඇතුලට ඇවිල්ලා ඉඳ ගන්න ඕනෙද? අපේ ගෙදර ටිකක් පොඩි උනාට…"

" කමක් නැද්ද ?"

" ඇයි? නෑ.. මම හිතුවා ඔයාට ඒක පුරුදු නැතුව නැතුව ඇති කියලා " ෂිඒ ෂුඒ හිනා වුණා. හේ යු ගේ අතින් අල්ලගෙන ගෙදරට යන පාරදිගේ ගේ පැත්තට ඇවිදගෙන ගියා .

ෂිඒ චිංචෙං  ගෙදර හිටියේ නැහැ . ඒත් ලී රෞච්‍යු හිටියා.

ඇය එකේ මේසය අසල වාඩි වෙලා කාට හරි පණිවිඩයක් යවමින් හිටියේ ඇගේ හිනාවත් යටපත් කරගෙනයි. ඇගේ පුංචි සහෝදරිය ගෙට ඇතුල් වෙනකොට ඇය ඔලුව උස්සලාවත් බැලුවේ නැහැ.

හේ යු සහ ලී රෞච්‍යු එකිනෙකා වැඩියෙ දැකල තිබ්බේ නැහැ. ඒ නිසා හේ යූ ගෙදරට ඇතුළු වෙනකොටම " ලී අක්කා..ඔයාට කරදරයක් උනාට සමාවෙන්න " ආචාරශීලී විදිහට කිව්වා.

ලී රෞච්‍යුට එයාගේ කටහඬ ඇහුණම තිගැස්සිලා ඔලුව උස්සලා බැලුවා .

" අහ්..අපිට අමුත්තෙක් ඉන්නවා . ඉක්මනින් වාඩිවෙන්න"

ඇයි ඒ ඉක්මනින් නැගිටලා තේ හදන්න ගියා.

හේ යූ හිනාවුණා. " අක්කා කරදර වෙන්න ඕනේ නැහැ. මම ආවේ ෂිඒ ෂුඒව ගෙදරට ඇරලවන්න යි. මම ඉක්මනින් යනවා "

" එහෙම කරන්නේ කොහොමද.. වාඩිවෙන්න. මම ගිහින් කන්න මොනවා හරි අරගෙන එන්නම් "

එය හැරිලා හැරිල යන්න ගියා.

" නෑනා හරිම හොදයි. ඔයා එයාව රිජෙක්ට් කලොත් එයාට අවුල් වේවි" ෂිඒ ෂුඒ  පහත් හඬින් කිවුවා .

ලී රෞච්‍යු ඇත්තෙන්ම ශක්තිමත් කාන්තාවක්. හේ හූ  එයාව හමුවුන කීප අවස්ථාවකදිම ඔහුට ඒක දැනුනා. ඊටත් වඩා කොහොමද සාමාන්‍ය කාන්තාවකට, ගල් හිතක් තියන තාත්තා කෙනෙක් වගේ ෂිඒ චිංචෙංව විවාහ කරගන්න ඕනේ වෙන්නේ.

ඔහු වාඩි වුණා. හූජෝ මංතීරුවේ තියන පැරණි නිවස කුඩායි. පටු ඉඩකඩක් , තිර රෙද්දකින් වෙන් කර තිබුණ. දැනගත යුතු සහ නොදැන ගතයුතු දේවල් ඔක්කොම දැනගන්න තරම් වයසක් උසස් පාසල් යන පිරිමි ළමයට තිබුණ.

ෂිඒ චිංචෙං ගේ පුද්ගලික ඉඩකට ඇතුලු  වුණ පළවෙනි අවස්ථාව තමයි මේ. ඇතුලෙ තිබුණු ගෘහභාණ්ඩ දිහා බලපු එයාගෙ ඇස් , තිර රෙද්දකින් අඩක් වහලා තිබුණ යුගල ඇද ගාව මොහොතකට නතර වුණේ සියුම් හැඟීමකුත් එක්කයි.

ෂිඒ චිංචෙං , ලී රෞච්‍යු එක්ක ඒ වගේ දේවල් කරනවා කියලා හිතන්න අමාරු වුණා .

හේ යූ ආචාරශීලීව ඉවත බලාගත්තා.

" මෙන්න තේ , එන්න,, ස්නැක් එකත් තියනවා.මම දන්නේ නැහැ ඔයා මේවා කනවද කියලා "   ලී රෞච්‍යු හිනාවෙලා ගෙදර තිබුණු දේවල් වලින් උණු තේ පෝච්චියකුයි, කේක් දීසියකුයි කපපු පලතුරු පිඟානකුයි අරගෙන ආවා.

" කාල බලන්න , මමයි බේක් කලේ"

" අක්කා ඔයා හරිම කරුණාවන්තයි"

ලී රෞච්‍යු එයාගේ කට වහගෙන හිනා උනේ  එයාගේ උපක්‍රමශීලී ඇස් වලින් හේ යූ සහ ෂිඒ ෂුඒ දිහා බලන ගමන්.

මේ දෙදෙනා වසර කිහිපයකින් වෙනස් වුනොත් පිරිමි ළමයි යොවුන් වියේදී හරිම ඉක්මනට වර්ධනය වෙනවා. හේ යූ එයාගෙ නිල ඇඳුම අද ඇදගෙන ගෙන හිටියෙ නැහැ. කලු ටීෂර්ට් එකක් ජින්ස් එකක් සහ බේස් බෝල් තොප්පියක් ඇදගෙන හිටියා . ඔහුගෙ  උස  180 cmට ආසන්න වුණ නිසා උසස් පාසල් යන කෙනෙක්ගේ පෙනුමක් තිබ්බෙ නැහැ . 

හේ යු තමන්ට වඩා වසර කිහිපයක් වැඩිමල්  ෂිඒ ෂුඒ  ළගින් වාඩි වෙලා හිටියා . එ දෙන්නගෙ උස සමාන පෙනුමක් තිබුණා.

කාමරය  මොහොතකට නිහඬ වුණා .

ෂිඒ ෂුඒ "....."

හේ යූ "....

ලී රෞච්‍යු "......"

තත්පර කීපයකට පස්සේ ලී රෞච්‍යුගේ හිනාව එළියට පැන්නේ එයාගෙ ඔලුවත් වනන ගමන්. " නිදහසේ කතා කරන්න, නිදහසේ කතා කරන්න..මම යනවා ලී නැන්දාගෙ ගෙදර ටිකක් වාඩි වෙලා ඉන්න"

"හේයි.. අක්කා" ෂිඒ ෂුඒ කිව්වා.

ලී රෞච්‍යු දැනටමත් එලියට ගිහින් ඉවරයි.   

එයා යන්න කලින් හිනා වුන විදිහෙන්, එයා මොනවද හිතන්නේ කියලා මෝඩයෙක්ට උනත් හිතාගන්න පුළුවන්.

" ඒක.. අහ්..සොරි හේ යූ. මගේ නෑනා ඩ්‍රාමා බලන්න කැමතී. එයා ඕනෙම දෙයක් අමුතු විදියට හිතන්නමයි හදන්නේ.

" ඒකට කමක් නෑ" හේ හූ ඔලුව පත් කරලා උණු තේ උගුරක් බිව්වා. ලී රෞච්‍යුගේ වැරදි වටහා ගැනීම තරමක් වාසිදායකයි කියලා හේ යු ට දැනුන නිසා හිනා උනා. " ඒකට කමක් නෑ"

එයා මුලින්ම ෂිඒ ෂුඒ ට කැමැත්තෙන් හිටපු නිසා ලී රෞච්‍යුගේ වැරදි වටහා ගැනීම ඒ තරම් දෙයක් වුණේ නැහැ.

" ඒත් හෙට ඔයාගේ අයියට ඩියුටි නැහැ. ඒත් එයා අපේ ගෙදර එනවා වැඩ වගේකට . ඔයාට එයත් එක්ක එන්න ඕනෙද ? එයා එක්ක වැඩේ ඉවර උනාම මම ඔයාව බාබකියු එකකට ගෙනියන්නම්"

ෂිඒ ෂුඒ ට කෑමක් තියනවා කියලා කියනවා ඇහුණම එයා එක පයින්ම කැමති වෙනවා .

කොහොම වුණත් එදා රෑ හේ යූ ගෙදර එනකොට, විසිත්ත කාමරේ ලයිට් පත්තුවෙනවා දැක්ක නිසා දොර ඇරලා බැලුවා.

හේ යු පුදුම වුනා! 

හේ ජිවෙයි සහ ලූ ජියු නිතරම ගෙදර ඉන්නේ නැහැ. හේ පවුලට ගෙවල් දෙකක් තිබුණා , එකක් ශැන්හයි වල අනෙක යැන්ජෝ වල. ප්‍රධාන නිවස තිබුණේ යැන්ජෝ වල,  හේ යු ව දකුණු ප්‍රදේශට එක්කගෙන යනකන් එයා එහෙ ජීවත් වුණේ එයාට අවුරුදු පහක් වෙනකන් විතරයි. හේ යු ගෙ මල්ලි එයාට වඩා වෙනස්. එයාට ඉගෙන ගන්න සිද්ධ වුණා වගේම එයා අවට හිටිය රැවටිලිකාර  පෝසත් යාලුවෝ එක්ක කාලේ නාස්ති කරන්න පුරුදුවෙලා හිටියා . ඒත්  තමන්ගේ අයියා හැමදේටම දක්ෂයි කියලා දැනගත්තට පස්සේ එයාට ඒක දරුණුවට බලපෑවා , ඒකයි එයා විශේෂයෙන් නිතරම ප්‍රධාන නිවසේ විතරක් කාලේ නතර උනේ.

සහෝදරයෝ දෙන්නා ගඟේ දෙපැත්තක ජීවත් වුණේ . එයාලගේ දෙමාපියන් නිදහසේ කාලය ගත කරනකොට, එයාලා කැමති වුනේ  එයාලගේ ආදරණීය සහ අහිංසක පුංචි පුතා එක්ක කාලෙ ගත කරන්නයි . විශේෂ හේතුවක් නැත්නම් කලාතුරකින් තමයි ලොකු පුතා එක්ක කාලෙ ගත කරන්න ආවෙ.

" ඇයි ඔයා ආයෙත් ආවෙ ?"

" මගේ වැඩ ඉවර වුනා " ලූ ජිෂු පත්තරේ පැත්තකින්  තියලා එයාගෙ ලොකු පුතාට කිව්වා " වාඩිවෙන්න . මට දෙයක් තියෙනවා ඔයාට කියන්න "

පාසලේ තුන් වෙනි වසරේ ඉගෙන ගන්න පිරිමි ළමයා තමන්ගෙ බෑග් එක පැත්තකින් තියලා සපත්තු නැතුව ඇතුලට ගිහින්, එයාගේ අම්මා දිහා බැලුවා.

" කියන්න" හේ යූ එයාගෙ ඇහිබැම පාත්කරලා කිව්වා.

" හෙට ඩොක්ටර් ෂිඒ ඔයාව බලන්න එන අන්තිම දවස . හෙටින් පස්සේ එයා තවදුරටත් අපේ පවුලේ පර්සනල් ඩොක්ටර්  නෙමෙයි" ලූ ජිෂු තමන්ම රතු වයින් වීදුරුවක් වත් කරගෙන ඒකෙන් උගුරක් බීලා කිව්වා.  

හේ යූ මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ  නැති නිසා තුෂ්නිම්භූත වුණා.  

" ඇයි මෙච්චර හදිස්සියේ " ගොඩක් වෙලාවකට පස්සේ සන්සුන් වෙලා, එයා කියනවා එයාටම ඇහුණා.

" හොඳයි , මම ඔයාට කලින් කිව්වේ නැත්තේ ඔයා විරුද්ධ වෙයි කියලා මම බය වුන නිසයි "

" මොකද? "

 එයාගෙ මේ ප්‍රශ්නෙට කෙලින් උත්තර දෙනවා වෙනුවට ලූ ජිෂු  මෙහෙම කිව්වා. " පේමන්ට් දැනටමත් සෙට්ල් කරන් යනවා. හෙට එයා බඩු මට බාර දීලා ඔයාටත් සුබ පතාවි. ඒත් මේකෙන් පස්සෙ .." ලූ ජිෂු තවත් වයින් උගුරක් බිව්වා.

" ඔයාට එයාගේ පවුලේ අය ආශ්‍රය කරන එකත් නතර කරන්න සිද්ධ වේවි "

"....."

" ඔයාට තේරෙනවද මම කියන එක ? අපි එකම ක්ලාස් එකේ මිනිස්සු නෙමේ . මම ලාඕ චාඕ එව්වා අද හවස ඔයාව පික් කරන්න. එයා මට කිව්වා ඔයා ඩොක්ටර් ෂිඒ ගෙ ගෙදර ගියා කියලා " ලූ ජිෂු සුසුම්ක් හෙලුවා.

" ඇත්තම කියනවා නම් මම ඔයා ගැන ටිකක් කලකිරිලා ඉන්නේ . මෙන්සිස් ගෙ අම්මා එයාගෙ නේබර්ස්ල තෝරගන්න තුන් පාරක් ගෙවල් මාරු කළා . දෙමව්පියන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ළමයි ගැලපෙන අය ආශ්‍රය කරයි කියලා " ඇය පිරිමි ළමයගේ උස රූපෙ දිහා බැලුවා .

ඇගේ බැල්ම හේ යූ ගේ කඩවසම් මූණේ එහා මෙහා ගියා.

" විශේෂයෙන් යාලුවන්ගෙන් "

කාමරේ ගොඩවේලා නිහඬව තිබුණා.

" ඩොක්ටර් ෂිඒ ඕනේ ඒකද?"

"රස්සාවෙන් අයින් වෙන එක එයාගෙ අරමුණ උනේ. මගේ අරමුණ වුණේ එයාගෙ පවුලෙන් ඔයාව ඈත් කරල කියන එක " ලූ ජිෂු අවංකවම පිළිගත්තා. මූණෙ හිනාවක් තියාගෙන හේ යූ ළඟට ගියා . එයාගේ අතකින් හේ යු ගෙ ඔලුව ටිකක් උස්සලා නළලට වැටිලා තිබුන කොන්ඩේ පිටිපස්සේ ට කලා.

" ඒත් මම හිතනවා මම අදහස් කළ දේම යි ඩොක්ටර් ෂිඒ ත් අදහස් කරන්නේ කියලා. එයා විශේෂයෙන්ම ගොඩක් සන්සුන් කෙනෙක් . ඔයාගේ තාත්තා වගේම මමත් එයාව  විශ්වාස කරන්නයි අගය කරන්යි ඒක එක හේතුවක් "

"......"

" ඔයාටම හෙට එයාගෙන්ම අහන්න පුළුවන් මං කියන දේවල් ඔයාට විශ්වාස නැත්නම්" 

ඊලග දවසේ ෂිඒ චිංචෙං ආවා.

හැමදේම බාර දීලා ඉවර උනාට පස්සේ හේ යු ගේ තත්වෙ පිළිබඳව අවසන් පරීක්ෂණය කළා . ප්‍රතිකාර පුටුවෙ වැතිරිලා ඉන්න පිරිමි ළමයාට ෂිඒ චිංචෙං උදාසීන විදිහට කතා කළා. " ඔයාගේ අම්මා ඔයාට කතා කළා නේද"

" …." හේ යූ

" හෙට ඉදන්, මම ඔයාගේ ගෙදර එන්නේ නැහැ ආයෙත් "  

" ඉස්සරහට ඔයාට මොනාහරි දෙයක් ගැන අපහසුවක් දැනෙනවා නම් , අවදානේ වෙන පැත්තකට ගෙනියන්න ඕනෙ එකට ඔයාටම හානි කරගන්න පුරුද්ද නතර කරන්න. ඒ වගේම ඔයා මොන ඩොක්ටර්ව මාරු කලත් වැදගත්ම දේ ඔයාගේ මනස බව හැමතිස්සෙම මතක තියාගන්න"

තරුණ වෛද්‍යවරයා මේ දේවල් කියනකොට එයාගේ පුද්ගලික හැඟීම් පෙන්නුවේ නැහැ.

ලූ ජිෂු  නිවැරදියි. ෂිඒ චිංචෙං ගෙ හදවතේ , එයාගෙයි හේ යු ගෙයි අතර තියන මායිම හැමතිස්සෙම ඉතාම පැහැදිලියි. එයාලගේ පවුල් දෙක කිසිම විදිහක එකම මට්ටමේ නෙමෙයි . හේ යූ කියන්නේ හේ පවුලේ තරුණයෙක් වගේම හේ ජිවෙයි ගෙ වැඩිමහල් පුතා.

ෂිඒ චිංචෙං කියන්නේ හේ පවුලෙන් කුලියට ගත්ත වෛද්‍යවරයෙක් විතරයි .

 හේ යු තමන්ගේ මානසික රෝගයෙන් සහනයක් ලබාගන්න දිගටම වෛද්‍යවරයෙක් මත විශ්වාසය තබන එක  නොකළ යුතු දෙයක්.

ෂිඒ චිංචෙං සන්සුන් වුණා වගේම ඒක හොඳින් දැන හිටියා.

එයා තමන්ගේ රෝගීන් වෙනුවෙන් ආරක්ෂාව සහයෝගය වගේම හොද මානසික දිරිගැන්වීමක් ලබා දුන්න කෙනෙක් .ඒත් සමුගන්න අවස්ථාව ආවම එයා පසුබට වුණේ නැහැ. එයා හැමතිස්සෙම  වෛද්‍යවරයාගේ සහ රෝගියාගේ අතර සම්බන්ධය පැහැදිලිව වගේම හොදින් පවත්වාගෙන ගිය නිසා "හොඳයි පැටියෝ ..එහෙනම් මම ඔයාට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා " කියලා විතරක් කිව්වා .

හිතේ ගින්න යටපත් කරගත පිරිමි ළමයා ලමය එයා දිහා බලන් හිටියා.

" ….. ඔයාට වෙන මොකුත් කියන්න නැද්ද මට ?"

"....."

පිරිමි ළමයා ටික වෙලාවක් බලාගෙන හිටියා, ඒත් ෂිඒ චිංචෙං  මොකුත් කිව්වේ නැහැ .

" හොඳයි.. ඔයාට මොකුත් කියන්න නැහැනේ.. ඒත් මට තියෙනවා" හේ යූ කිව්වා.

"...."

" ෂිඒ චිංචෙං .. ගෙවුණු අවුරුදු වල මට ගොඩක් ඩොක්ටර්ස්ලා හම්බුණා. මට බේත් දුන්න, වැක්සින් දුන්න ඒ හැමෝම මම දිහා බැලුවේ සාමාන්‍ය රෝගියෙක් වගේ. ඒත් ඔයා විතරයි වෙනස්"

" මම ඔයාට කැමති නැති බව ඇත්ත , ඒත් මම ඔයා කියපු දේවල් වලට ඇහුම්කන් දුන්නා"

" මොකද ඔයා විතරයි  මට සමාජයේ ඉන්න  සාමාන්‍ය කෙනෙක් විදියට මට සැලකුවේ. බේතුයි වැක්සිනුයි ඒ තරම් වැදගත් නැහැ , හැබැයි මිනිස්සු එක්ක සම්බන්ධ වෙන එක එයාල එක්ක හොද සම්බන්ධයක් ගොඩනඟා ගන්න එක තමයි සනීප වෙන්න තියන එකම ක්‍රමය කියලා  ඔයා මට කිව්වා"

" ඩොක්ටර් ෂිඒ , ඒ වගේම, මම ඔයාට  ඒ තරම් සමීප නැති උනත්." හේ යූ මොහොතකට නතර වුණා .

"....."

"මම…"

හේ යූ මේක කියනකොට,  එයාට තව වචනයක්වත් කියාගන්න බැරුව ගොඩක් වෙලා එයාගෙ ඇප්‍රිකොට් ඇස් වලින් ෂිඒ චිංචෙං ගේ මූණ දිහා බලාගෙන හිටියා.

" මම හිතුවා ඔයා මට සලකන්නෙ ලෙඩෙක්ට සලකන විදිහට විතරක්  නෙමෙයි,  හැඟීම් තියෙන සාමාන්‍ය  මනුස්සයෙක්ට සලකන විදිහට කියලා"

" මම ඔයාට සැලකුවේ හැඟීම් තියෙන සාමාන්‍ය මනුස්සයෙක්ට වගේ "

" ඉතින් ඔයා හදිස්සියේ යන්නේ ?" උසස් පාසල් යන පිරිමි ළමයා ශරීරයෙන් වර්ධනය වෙලා ඉන්නේ. එයාට ටිකක් කේන්ති ආවම එයාගෙ හැසිරීම දරුණුයි  වගේම  පීඩාකාරී යි.

" සාමාන්‍ය මිනිස්සුගෙ සම්බන්ධකම් ඒ වගේද ?"

ෂිඒ චිංචෙං මොහොතක් නිහඬවෙලා හිටියා. " හේ යූ..ඔයාට මේකෙ හදිස්සියේ සිද්ධ වුණා වගේ දැනෙන්නේ , ඇත්තටම මට ඔයාට කලින් මේක කියන්න තිබුණා. ඒත් මට ඔයාගේ පේරන්ට්ස්ලට  කතා කරන්න තිබුණා, විශේෂයෙන්ම ඔයාගේ තාත්තට. එයා මගේ පරණ යාළුවෙක් වගේම මගේ සේවායෝජකයා. මගේ ප්‍රතිපත්ති කඩ කරන්නේ නැතුව , මම මුලින්ම  ඔයාගෙ කැමැත්තට ගරු කරන්න ඕනේ "

" එතකොට  මගේ කැමැත්ත ? "

" මම ඩොක්ටර් කෙනෙක් විතරයි !"

" ඒ වගේම මමත් ඔයාගේ සේවායෝජකයා.. " හේ යු එයා දිහා බලාගෙන හිටියා. " ඔයා මගේ අදහස් අහන්නේ නැද්ද ?" 

" ….." ෂිඒ චිංචෙං සුසුමක් හෙළුවා.

" සන්සුන් වෙන්න දරුවා .. ඔයාට අගෞරවයක් කරන්න මම හිතුවේ නැහැ. ඒත් ඔයා තාමත් ස්ටුඩන්ට් කෙනෙක්.  මාව කුලියට ගන්න එක ඔයාට ලේසි දෙයක් නෙමෙයි "

හේ යු හිතන්නේ මොකක්ද කියලා දැනගෙන හිටියේ නැහැ . මේ  වෙනකොට එයා  ස්ථාවරව හිටියා වගේම වැඩිහිටියෝ ඉස්සරහ තමන්ගෙ තත්වෙ නැති කරගන්නේ නැතුව ඉදිරියට යන්න වගේම පහු බහින්නත් එයාට පුළුවන්කම තිබ්බා.

ඒත් ෂිඒ චිංචෙං සහ ෂිඒ ෂුඒ  දෙන්නම නැති වෙන්න යන බව දැනගත්තම එයාට අසරණකමක් දැනුනා.

" මගෙ සාක්කුවේ පොකට් මනි ගොඩක් තියෙනවා ..මට පුළුවන් "

"....."

ෂිඒ චිංචෙං බුද්ධිමත්ව එයාට කතා කළා. 

" මම කේක් කෑල්ලක් නෙමෙයි , ඔයාගේ තාත්තට ඔයාට අරන් දෙන්න බැරි. ඔයාට ඒවා වියදම් කරන්න ක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඔයාගෙ තාත්තගෙ කැමැත්ත නිසයි මම ඔයාව බලන්න ආවෙ. මට එයාට විරුද්ධ වෙන්න බැහැ . ඔයාට තේරුණා නේද ?" 

 " ඇයි එයා ඔයාට යන්න කිව්වේ ?" 

" එයා මට යන්න එපා කියලා කිව්වේ" ෂිඒ චිංචෙං කිව්වා. " මටයි අයින් වෙලා යන්න ඕනි උනේ . මේක මිනිස්සු අතර තියෙන සම්බන්ධකම් ඉවර වෙන සාමාන්‍ය විදිහ ද කියලා ඔයා මගෙන් ඇහුව නේද ?"

ෂිඒ චිංචෙං, හේ යු ගේ ඇස් දිහා බලාගෙන හිටිය . "ඔව් "

" මට ඔයාව හැඟීම් තියෙන සාමාන්‍ය මනුස්සයෙක් උනත් මම ඔයත් එක්ක ඇතිකරගත්තේ ඩොක්ටර් කෙනෙක් සහ ලෙඩෙක් අතර තියෙන සම්බන්ධයක්. ඒ වගේම හැම මිනිස් සම්බන්ධකමක් ම යම් මට්ටමකට එනවා. ඔයාට සමීප කට්ටියට විතරක් නෙමෙයි  ඔයාගේ අම්මට තාත්තට පවා මුළු ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්න බැහැ."

ෂිඒ චිංචෙං  මොහොතකට නතර වුණා. " දැන් අපි දෙන්න අතර තිබුණු ඩොක්ටර් සහ පේශන්ට් කියන සම්බන්දේ ඉවර නිසා මට යන්න වෙනවා . මෙහෙම තමයි සාමාන්‍ය මිනිස්සු අතර තියෙන සාමාන්‍ය සම්බන්ධකම් ඉවර වෙන්නේ "

"...."

" ඔයාගේ තාත්තයි මමයි මුලින්ම  එකඟ වුණේ වුනේ මේ අවුරුදු 7ට"

ෂිඒ චිංචෙං මේක කියලා ආයෙමත් ආයෙමත් හේ යු ගේ ඇස් දිහා බැලුවා.

" ඔයාගේ ලෙඩෙක් එක්ක , මේ වෙලාවේදී ඔයත් එක්ක දිගටම කෙනෙක් ඉන්න එක තවදුරටත් සුදුසු දෙයක් නෙමෙයි. ඉක්මනින් හරි පස්සේ හරි මේකෙන් එළියට එන්න ඔයාට ඔයාගෙ මතම විශ්වාස තියන්න වෙනවා. ඔයාට තේරුණාද ? "

".... ඉතිං ඔයත්. අදින් පස්සේ අපි අතර, ෂිඒ ෂුඒ යි මායි අතර අනවශ්‍ය සම්බන්දකම් තියාගන්න ඕනෙ නෑ කියලා මගෙ අම්මා වගේම හිතනවා නේද ?"  

" ඔයාට උදවුවක් ඕනේ, ඕනම වෙලාවක අපිට කතා කරන්න පුළුවන්" ෂිඒ චිංචෙං කිව්වා. " වෙන දේවල් වෙනුවෙන් නම් ඕනෙ නැහැ "

"......."

" ඒ වගේම ඔයාගේ අම්මා මට කිව්වා ඔයයි, ෂිඒ ෂුඒ යි තනියම එළියට ගියා කියලා ගොඩක් වෙලාවට.. එයාගෙ භාරකාරයා විදිහට ඒක සුදුසුයි කියලා මම හිතන්නේ නැහැ " ෂිඒ චිංචෙං කිව්වා. 

එයා මෙහෙම කිව්වේ උසස් පාසල් යන පිරිමි ළමයා  දිහා සන්සුන්ව වගේම ආචාරශීලීව බලාගෙන.

" මම දන්නවා ඔයාලා දෙන්නා අතර ලොකු වයස් පරතරයක් තියෙනවා වගේම ඔයා එයාගෙන් දේවල් ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන මොකුත් නැහැ කියලා. ඒත් ටික කාලෙකට පස්සේ ඔයාලා දෙන්නටම හොඳ නැති කටකතා අනිවාර්යෙන්ම හැදේවි "

හේ යූ එයාගෙ පරණ තාලේ බොළඳ අදහස හරිගස්සන්න  ගියේ නැහැ. 

"ඉතිං ඔයා මගේ අම්මා අම්මා කියපු දේවල් වලට එකඟයි "

" මම එකගායි "

හේ යු එයා දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා . ඊට පස්සේ පුටුවට හේත්තු වෙලා මෘදු විදියට හිනා උනා , හරියට ඉර ආවරණය කරන වලාකුළක් වගේ . ඒක හරියට එයාගෙ හදවතේ ඉතුරු වෙලා තියෙන එකම අගල ආවරණය  කරගන්නවා වගේ.

" ඩොක්ටර් , ඔයා ඇත්තටම… මිනිස්සු ඔයාට කිසිම ලෙඩක් නෑ කියලා හිතන තරමටම සන්සුන්.. හැබැයි ඔයා මටත් වඩා ගල් හිතක් තියෙන කෙනෙක්" හේ යූ හිනාවෙලා මෙහෙම කිව්වා.

" හොදයි .. දැන් ඔයා මේ ගැන ඔක්කොම කියලා ඉවර නිසා, ඔයාට යන්න පුළුවන්"

" මට තනියම ජීවත්වෙන්න, ඔයා කියපු දේවල් මම හොඳට මතක තියාගන්නම්. මම හොදින් ජීවත් වෙන්නම්. ඒ වගේම මම ඔයාට කරදරයක් නැති හොද අනාගත වෘත්තීය  ජීවිතයකට සුබ පතනවා "

"ඒත්.."

සංවාදය වෙනස් වුණා .

" ෂිඒ ෂුඒ ඔයාගෙ නංගි වුණත්, එයාටත් නිදහසක් තියෙනවා. ඔයා මොනව කිව්වත්, මම එයාව දිගටම හම්බවෙනවා "

ෂිඒ චිංචෙං ට කේන්ති ගියා, එයාගෙ බැල්ම දැඩි වුණා. 

" එයා ගෑනු ළමයෙක්, ඔයාට තවම අවුරුදු 14යි . ඔයා උඩගුයි"

" එයයි මාව ලෝකෙට සම්බන්ධ කරන එකම පාලම"

ෂිඒ චිංචෙං ටිකක් වෙලා සද්ද නැතුව හිටියා. " එහෙනම් ඔයා තව කෙනෙක් හොයාගන්න ඕනෙ" 

වෙලාව ඉවර වුණා. එයාට තවත් කරන්න වැඩ තිබුණා , ඒ නිසා හේ යු ට තවත් මුකුත් මුකුත් කියන්න බැරි වුණා. එයා යන්න ගියා.

එදා දවසේ  හේ යූ එයාගේ පුටුවේ හෙල්ලෙන්නෙවත් නැතුව  වාඩි වෙලා හිටියා.

හවස ඉඳන් රෑ වෙනකම්ම.

" ෂිඒ චිංචෙං  කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ කෙනෙක් " හේ යූ හිතුවා.

හේ යූ ට එයාවම සාමාන්‍ය පුද්ගලයෙක් වගේ හිතන්න පුරුදු කරන්න ඕනේ උනේ ෂිඒ චිංචෙංටයි.  ඒකෙන් එයාට පුළුවන් වෙනවා, එයා ඇතුලෙ තියෙන අඳුරු හෙවනැලි වලින් එළියට එන්න.

හේ යූ ෂිඒ ෂුඒට  සමීපව හිටියා  උනත්, ෂිඒ චිංචෙංට ඇයගේ වැඩිමහල් සහෝදරයා විදිහට ඒක පිළිගන්න බැරි වෙනවා   

ඒත් එදා දවසේ , ෂිඒ චිංචෙං තෝරාගත්ත දේවල් නිසා  එයා දැනගත්ත  අන්තිමේදි එයා ඕනවට වඩා හිතලා තියෙනවා කියලා.

රැකියා සම්බන්ධතා කියන්නේ ඇත්තටම ගොඩක් අහිංසක වගේම සරල පුද්ගල සම්බන්දතාවයක්. අවුරුදු දහයක් විස්සක් ගත වුණත් සම්බන්ධතාවය ඉවර උනාට පස්සේ ඔබට මුදල් වියදම් කරන්න පුළුවන් කිසිම සම්බන්දතාවයත් ඉදිරියට ගෙනියන්නේ නැතුව, කිසිම කෙනෙක් ඔබට ණය නැහැ. 

එයාගෙ වැඩ වෙනුවෙන් මුදල් අයකරගෙන, කිසිම ලාබයක් නැතුව පිටවෙලා යන පුද්ගලික වෛද්‍යවරයෙක්.

කලින් හිටපු වෛද්‍යවරු සමග සංසන්දනය කරනකොට , ෂිඒ චිංචෙංගෙ විශේෂත්වයක් නැහැ. තමන්ව පිටසක්වල ජීවියෙක් වගේ දැක්ක වෛද්‍යවරුන්ටත් වඩා ඔහු ඉතාම දරුණුයි. මොකද කියනව නම් ඔහු තමයි එයාට ගොඩක් කල් බොරු කිව්වේ වගේම, එයාගේ මානසික තත්ත්වයෙන් සහ වේදනාවෙන් වැඩිපුරම ප්‍රයෝජන ගත්ත කෙනා. තමන් ගොඩනගාගන්න සම්බන්ධකම් සදාකාලිකයි කියලා විශ්වාස කරන්න එයාව පොළඹවපු, ෂිඒ ෂුඒට එයාගෙ තියෙන ළැදිකම පිළිගන්න පුළුවන් එකක් කියලා එයාට විශ්වාස කරන්න පෙළඹුව කෙනාත් මෙයයි.

ඒත් මේ අවස්ථා දෙකේදීම ඔහු වැරදියි!

හේ යූ මේ පරණ කතාව කල්පනා කරන ගමන් ෂිඒ චිංචෙං ගෙ මූණ දිහා බැලුවා.

අවුරුදු ගාණක් ගෙවිලා ගියත්, ෂිඒ චිංචෙං එදා වගේම තාමත් ෂිඒ පවුලේ ලොකු සහෝදරයා. අවසානේදි ඔහු කිසිම විදිහකින් වෙනස් වෙලා නැහැ.

ඔහුට  තාමත්  ෂිඒ ෂුඒ මොහු සමග සිටිනවා දකින්න ඕනි වුණේ නැහැ වගේම, තමන්ගේ සහෝදරිය ඉදිරියේ ඒකාධිපති ආරක්ෂකයෙක් වගේ පෙනීහිටියා. 

එයාගෙ ප්‍රශංසනීය වෛද්‍ය දර්ශනය, පැහැදිලි මනස වගේම රෝගීන් ගැන ගන්න වගකීම නිසා ෂිඒ චිංචෙං ගොඩක් හොද වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්.

ඒත් අවාසනාවකට ඔහුට හදවතක් තිබුණෙ නැහැ.

" ඔයා තාම පරණ දේවල් ගැන හිතනවද?"

ෂිඒ චිංචෙං කටහඩ එයාව පරණ මතකයෙන් එළියට ගත්තා.

" ඔයා ඒකෙ කිව්ව නිසා මම ඒ ගැන හිතුවා. මම ඒ ගැන හොඳට හිතුවත් ඒ කාලේ මම කතා කරපු විදිය මට මතක නැහැ වගේ" හේ යූ එයාගෙ සිහියට ඇවිල්ල කිව්වා.

" ඔක්කොටම පස්සේ, අපේ ඩොක්ටර් පේෂන්ට් සම්බන්ධකම විතරක් ඉවරවෙලා, මම හරි නේද?" අන්තිමට හේ යූ හිනාවුණා.

ෂිඒ චිංචෙං උත්තර දුන්නේ නැහැ, ඒත් ඒ වෙලාවෙම "බැන්ග්" සද්දෙත් එක්ක  අහස එළියෙන් ආලෝකමත් වුණා. අහසම ගිනිකෙළි වලින් පිරිලා ගියා.

වාර්ෂික උද්‍යාන සාදය අවසානෙදි, හැමදාම අන්තිම තරගය උනේ ඉතා කදිම ගිනිකෙළි සංදර්ශනයක් !

පිපිරීම් කීපයක් එක්ක ගිනිකෙළි පටන් ගත්තා.

" හරි" ෂිඒ චිංචෙං කිව්වා.

මේ දීප්තිය අස්සේ හදිස්සියෙම ගිගුරුම් එක්ක වැස්සක් ආවා. ස්වාභාවිකවම ගිනිකෙළි සීතල අකුණු වලට වඩා බලවත් වෙන්නේ නැහැ වගේම ඒවා ඉක්මනටම මැකී යාවී. ඈතින් ළමයි හිනාවෙවී වැස්සෙන් බේරෙන්න නේවාසිකාගාර වලට සහ ගොඩනැඟිලිවලට දුවලා ගියා. සෝයා බෝංචි තරම් විශාල වැහි බිංදු එක්ක වැස්ස පටන් ගත්තා.

හේ යූ එයාගෙ සිහින් හිනාව  දිගටම තියාගෙන අඳුරු වුණ අහසට මෙහෙම කිව්වා " ඩොක්ටර් ෂිඒ, එහෙනම් අපි එකට වැස්සෙන් බේරෙන්න කොහෙට හරි යමු. මම කැමතියි ඒක ගැන ඔයාගෙ මධ්‍යස්ථ චින්තනයත් එක්ක කතා කරන්න. ඒ වගේම ඩොක්ටර- පේෂන්ට් සම්බන්දෙ ගැනත් කතා කරන්න කැමතියි. ඔයා දැන් මගේ ටීචර්ගෙ අයියා, ඔයා තෙමුනොත් මට එයාට මූණදෙන්න බැරි වෙයි."

මොහොතකට නතර වෙලා උපහාසෙන් "ඩොක්ටර් - පේෂන්ට් සම්බන්ධකම  ඉවර කරපු දෙන්නෙ, වැස්සෙන් බේරෙන්න එකට ඉන්න එක සාමාන්‍ය හැසිරීමක්. ඒකෙ වැරැද්දක්වත් නරක හැසිරීමක්වත් නැහැ, හරිද?"

ෂිඒ චිංචෙං දැනගෙන හිටියා ඇත්තටම එයාගේ හිතේ තාමත් තමන් ගැන තරහක් තියෙනවා කියලා. 

ඒත් ෂිඒ චිංචෙංට තවත් ඒක ඉවසන්නවත් දරා ගන්න වත් බැරි වුනා. කිසිම හැගීමක් නැතුව "හරි"  කියලා කිව්වා.

"ඉස්සරහ ගුවාවක් තියෙනවා. ඔයා යන්න මුලින්ම" හේ යූ හිනාවුණා. 

දූපතේ එක පැත්තක හේ යූ සහ ෂිඒ චිංචෙං වැස්සෙන් බේරෙන්න තැනක් හොය හොය හිටපු අතරතුරේ, එහා පැත්තෙ හිටපු ජ්‍යෙෂ්ඨ  අයියා මේ දූපතට කාටවත් ඇතුළු වෙන්න බැරි වෙන්න ඇතුළුවීමේ දොරටුව  මුර කරගෙන හිටියා. අනෙක් අයට උද්‍යානයට කිට්ටු වෙන්න වත් දුන්නේ නැහැ.

ජේෂ්ඨ අයියා හිතුවේ මේ වෙනකොට හැමෝම  විනෝදෙන් ඇති කියලයි. මුද්දරයක් එකතු කරන්න කවුරුවත් නෙවර්ලෑන්ඩ් එකට එන්න කැමති වෙන එකක් නෑ කියලා හිතලා එයා සැහැල්ලු මනසකින් හිටියා.

" අනේ දෙයියනේ, මේ වැස්සෙ සැර" එයා කෑගහන ගමන් තාර බෝට්ටුවේ වාඩිවෙලා, මොකක් හරි දකින්න බලාපොරොත්තුවෙන් දූපත  දිහා බලාගෙනම හිටියා.

ඒත් දුර වැඩි වුණා, එයා කලින්  හේ යු ව කෙට්ටු පුද්ගලයෙක් එක්ක නොපැහැදිලිව දැකලා විතරයි තිබුණේ. එයා හිතුවා ගෑණු ළමයා ටිකක් උසයි, එයාගෙ උස අඩි හයක් වගේ ඇති කියලා තක්සේරු කළා. ගෑණු ළමයා අඩි උස සපත්තු දාගෙන ඉන්නත් බැරි නැහැ.  

ජේෂ්ඨ අයියට හිතුනා  උස ගෑනු ළමයින්ට කැමති හේ යුට ඇත්තටම  නියම රසයක් ඇති කියලා.

අහෝ.. සල්ලිකාරයෙක්ගේ ජීවිතේකට ඇත්තටම ඉරිසියා කරන්න පුළුවන්.

එයා මේ ගැන කල්පනා කරනකොට එයාට කුතුහලයක් දැනුණා. එයාට ඕනෙ  වුණා වැස්ස නිසා මේ දෙන්නා දූපතට වෙලා මොනවද කරන්නේ කියලා දැනගන්න. ඒ දෙන්නම කුඩයක් නැතුවයි දූපතට ගියේ. නෙවර්ලෑන්ඩ්  දූපතේ තිබුණේ එක ගුහාවක් විතරයි. ඒක කැම්පස් එකේ නිරීක්ෂණය ස්ථානයක් විදියට ළමයි කීපදෙනෙක් සාමාන්‍යයෙන් යන තැනක්. විශේෂයෙන්ම සමහර ජෝඩු රෑට මේ ගුහාවට එන්න කැමති බව ජේෂ්ඨ අයියා අහල තිබුණ. හේ යු ගෙ විදිහට අනුව එයාගේ පවුල් පසුබිමත් එක්ක මේ ගෑණු ළමයා එච්චර දුරක් දැනටමත් යන්න ඇති කියලා එයාට හිතුණා.  ඒක දැනටමත් සාර්ථක වෙලා තියෙන්න ඕනේ..

සල්ලි කාරයෙක්ට පැකේජ්  එකක් විකුණන්න කෙටි පණිවිඩයක් යැව්වොත් කොහොමද?

ජේෂ්ඨ අයියා එහෙම හිතලා ෆෝන් එක අතට ගත්තා.

කැමැත්ත අහන්න ගියපු දවසෙ රෑ මේ වගේ දෙයක් වෙන එක අද කාලේ වේගවත් ජීවිතේට ගැලපෙනවා, නේද?

හේ යු ගේ අන්ලොක් කරපු ෆෝන් එකට මැසේජ් එකක් යවන්න පටන් ගත්තා..  

" බොස්, අයිලන්ඩ් එකේ ගුහාව ඇතුලේ ප්‍රථමාධාර පෙට්ටියක් තියෙනවා. ඒකෙ දෙවැනි තට්ටුවෙ කොන්ඩම් පෙට්ටි ට්කක් තියෙනවා. ඔයාට ඒවා ඕනේ නම් පෙට්ටියෙ හොයලා බලන්න. ඒ වගේම ඔයා ඒවා පාවිච්චි කරනවනම් මට රතුපාට ලියුම් කවරයක් එවන්න මතක තියාගන්න.." 

පරිවර්තක සටහන්

මේ චැප්ටර් එක ටිකක් දිගයි.. භාගයයි කරලා තියෙන්නේ ඉතුරු භාගය කරලා ඉක්මනට එඩිට් කරන්නම්. කාලෙකින් කොටසක් දැම්මෙ නැති නිසා කරපු ටික හරි ඔයාලට බලන්න දැම්මා  😶

Comments

  1. Thank You ///🥺❤️

    ReplyDelete
  2. Thank you❤️❤️

    ReplyDelete
  3. ආදරෙයි ❤️🥺

    ReplyDelete
  4. ❤️❤️❤️ thank you gege

    ReplyDelete
  5. අනේ ලස්සනයි.. ❤️ ඊළඟ කොටස දානකන් බලන් ඉන්නවා..

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-