Skip to main content

08 පරිච්ඡේදය - එයා මට සර්වන්ට් කෙනෙක්ට වගේ ඕර්ඩර්ස් දෙනවා.

 "මේ නාකි මනුස්සයා ඇත්තටම හිතුවක්කාරයි. එයාගේ නම ජ්‍යං ජිච්‍යැං".

පැය භාගයකට පසු, සිවිල් කටයුතු කාර්යාංශය යටතේ ඇති ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලය පැමිණ, තත්ත්වය පැහැදිලි කරමින් වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ ෂිඒ චිංචෙං  සහ ඔහුගේ කණ්ඩායමට ස්තුති කළේය.

මෙම ගමනට බලෙන්ම සහභාගිවූ  ෂිඒ ෂිඒ  සහ බායි ජිං ද බිම් මහල්  රථ ගාලෙන්  ඉහළට පැමිණ වෛද්‍ය වරයාගේ කාර්යාලයේ සෝෆාව මත වාඩි වී තත්වය පිළිබඳව සවන් යොමුවේය.

"මිස්ටර් ජ්‍යං ජිච්‍යැං ගත්තාම... හ්ම්ම්... ඇත්තටම එයාගේ සිටුවේෂන් එක ටිකක් සීරියස්. අනාථ නිවාසේ කට්ටියටත් ඕක විසඳන්න ටිකක් අමාරු වුනා." 

සේවකයා දෑත් එකට අතුල්ලමින් හෙදිය විසින් පිරිනැමූ කඩදාසියෙන් තැනූ තේ කෝප්පය ගෙන කතාවට මුල පිරීය.

 “ඔය මිනිහා මෙහෙට ආවේ එයාගේ දුවව හොයනවා කියලා. ඒ අවුරුදු තුනකට කලින්.කොහොම හරි අපි පස්සෙ රිපෝට්ස් චෙක් කරා. එතකොට තමා අපිත් දැනගත්තේ ඒ මනුස්සයා කාත් කවුරුත් නැතුව තනියම ජීවත් වෙන කෙනෙක් කියලා. ඉඳලා තියෙන්නේ ෂැන්ජෝ වල යඔ දං වල. කුරුල්ලෙක්වත් වහන්නැති තරමට ඔය පළාත දුෂ්කරයි.ළඟ එකෙක්ට කියලා මිනිස් පුලුටක්වත් ඉඳලා නෑ. වතුර හොයන්නත් කිලෝමීටර දෙකක් විතර බඩගානවලු. මනුස්සයා ගැන හොයන්න අපේ වුන් ගියාට එහෙ එකම මනුස්සයෙක්වත් මේ මනුස්සයා ගැන මෙලෝ මලදානයක් දන්නේ නැහැ."


"එහෙම කියලා ඒක තමුසෙගෙ ඩියුටි එක මඟාරින්න එක්ස්කියුස් එකක් නෙමේනේ. ඒ වගේ ඩේන්ජරස් දේවල් වෙන එක නවත්තන එක නේද ඔහේලගෙ ඩියුටි එක. ඔය වගේ එකෙක් මනුස්සයෙකුට ගහන්න වුනත් බැරි නෑනේ." බායි ජිං කෑ ගැසීය.

"දරුවෝ ඒක මෙහෙමයි." කෙසේ වෙතත් කාර්ය මණ්ඩලය ලැජ්ජාවට පත් විය, 

"අපිට රස්තියාදුකාරයෝ අත්අඩංගුවට ගන්න බැහැ. උනුත් මිනිස්සු, අපට උන්ට ඉන්න තැනක් දීලා බේතක් හේතක් කරන එක විතරයි කරන්න පුළුවන්..."

 "මට කමක් නැහැ, මානසික ලෙඩ්ඩු ඔක්කොම  අනිවාර්ය රැඳවුම් භාරයේ ඉන්න ඕනේ, මේ වගේ විකාර දේවල් පිළිවෙළක් කරලා දාන්නේ නැද්ද?"  
බායි ජිං නපුරු ලෙස පැවසීය.

මුලින්ම හේ යූ හට මේ කාන්තාව පිළිබඳ කිසියම් වූ විශේෂිත නිගමනයක් නොතිබුණි. ඔහු පහත් සදාචාරාත්මක ප්‍රමිතීන් ඇති මිනිසෙක් වූ අතර සියලු වර්ගවල මිනිසුන් කෙරෙහි ඉහළ ඉවසීමක් තිබුණි. ෂිඒ චිංචෙං ඔහුට පවසන කිසිවක් ඔහුට වැදගත් වූයේ නැත. සෑම කෙනෙකුටම තමන්ගේම ජීවන රටාවක් ඇත, සෑම කෙනෙකුටම තමන්ගේම තේරීම් ඇත.

නමුත් බායි ජිංගේ මානසික රෝග විමසීම හේ යූ තරමක් කළබලයට පත්කිරීමට හේතු විය.
හේ යූගේ මුව කොන එක්වරම ඉහළට එසැවුනු අතර ඔහු වචනයක්වත් නොකියා හිස පහත් කළේය.

අනාථ නිවාසයේ කාර්‍යාල සේවකයා උණුසුම් දහදිය බිඳු කිහිපයක් ඔහුගේ අතින් ඇඳ පහළට දැමුවේය. 

"පුංචි නෝනා , ඔච්චර කලබල වෙන්න එපා, මම ඔයාට  සහතික වෙන්නම්. මට පේන්නේ මනුස්සයාගේ තත්වේ ටිකක් නරකයි වගේ. පිස්සෙක් වගේ හැසිරෙන්න ගනීද කියලත් සැකයි. ඒ නිසා එයාගේ තත්ත්වය හොඳ උනාට පස්සේ, අපි එයාව අපට අනුබද්ධ මානසික රෝහලකට අරන් යනවා බේත් හේත් කරන්න."

 "මොන හොස්පිට්ල් එකටද?" ෂිඒ චිංචෙංගේ වදන් වේගවත් විය.

"දැන් තියන විදිහට, බොහෝවිට චෙන් කැන් හොස්පිට්ල් එක තමයි. ඒකේ පහසුකම් නම් ටිකක් අප්සට් වගේ තමා. ඒත් වැන්ග්පිං වල නම් ඒ මිනිහට ඉඩක් නැති වෙයි. මෙහේ පිරිලා තියෙන්නේ. අපිට කරන්න වෙන දෙයක් නැහැ."

අවසානයේ තමා ඇසූ දෙයින් සෑහීමකට පත් වූ බායි ජිං, 
"ඒකත් එහෙමද ......" කියා මිමිණුවේය.

එවිටම හදිසි ප්‍රතිකාර අංශයේ වෛද්‍යවරයා පැමිණියේය .

වෛද්‍යවරයා ජ්‍යං ජිච්‍යං ගේ තත්වය පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡා කළ අතර නියමිත වේලාවට ප්‍රතිකාර කිරීම නිසා ඔහුගේ ජීවිතයට තර්ජනයක් නොවූ බැව් පැවසීය. අවශ්‍ය නම් එක් අයෙකුට පමණක් රෝගියා අසලට යා හැකිබවද දැන්වීය. 

"ගෑණු ළමයෙක් යනවා නම් ගොඩක් හොඳයි. ලෙඩා තාම කන්ෆියුස්  වෙලා ඉන්නේ. එයා තාම දුව ගැන හොයනවා."

ෂිඒ ෂිඒ කාටත් කලින් එය පිළිගත්තාය.
"මං යන්නම්."

ඇය වෛද්‍යවරයා පසුපස ඇදුනි.

හේ යූ කම්මැලි ලෙස ශාලාවේ සෝෆාවට හේත්තු වී සිටියේය, ඔහුගේ වැලමිට සෝෆාව පිටුපසට තබා, ඔහුගේ හිස නැමී ඔවුන්ගේ සංවාදයට නොසැලකිලිමත් ලෙස සවන් දුන්නේය. ෂිඒ ෂිඒ  පිටව යන බව දුටු ඔහු  ඇය පසුපස යාමට සූදානම් වුනි.

ෂිඒ චිංචෙං ඉතා පැහැදිලි ලෙස ඒ දෙස දෑස් යොමා සිටියේය.
 
"ඔහොම ඉන්න."

"ඇයි?"

"මොකද ඔයා දවසම මගේ නංගි පස්සෙන් කරන්නේ."

හේ යූ නැවතත් පුටුවෙහි වාඩි වූ අතර ,මොහොතක් නිහඬව සිටියේ ය. මෘදු සහ ආචාරශීලී අයුරින් අමතන අයුරු පෙනුනත්, නිසැකවම  ඔහුගේ කොට්ටම්බා ඇස්වල උපහාසය සහ සමච්චලය ගැබ් විය, 

"ඔයාට මොකද හිතෙන්නේ, මම කොහොමද දවසම ඔයාගෙ පස්සෙන් ආවොත්?"

"......"

හේ යූ උණුසුම් අයුරින්  කීවේය: "ඔයයි ඔයාගේ යාලුවයි  මෙතන ඉන්නවා, මට මෙතන ඉන්න එක අමාරු වෙයි වගේ? මම ඔයාලට ඉඩ දෙන්නම්. මේක මෙහෙම වෙන්න හොඳ නැහැ "

"අපි ගැලපෙන්නේ නැහැ."

බායි ජිං වහාම ඇගේ අපේක්ෂාවන් පැවසිය.

හේ යූ සැහැල්ලුවෙන් සිනාසුණු අතර බායි ජිං දෙස බැලුවේ නැත. ඔහු හිස පැත්තකට හරවා, ෂිඒ චිංචෙං  ට පමණක් ඇසෙන පරිදි පහත් හඬින් පැවසුවේ, "ඩක්ටර් ෂිඒ, ඔයා වයසට ගිහින් ඔයාගේ ලුක් එක අඩු වෙලා කියලා හිතෙන්නේ නැද්ද ?, ඔයාට මේ වගේ කෙනෙක් වත් කැමති වෙන්නේ නෑ වගේ නේ."

"......"

අමන ගතිය.
ඔහුගේ පවුලේ එවුන්ගේ මිනී හදලා තියෙන්නේ මඩුවකද?, මේ වගේ අමනයෙක් ඉපදෙන්නේ කෙසේද?

ෂිඒ චිංචෙං  ගේ මුහුණ සීතල වූ අතර ඔහුගේ තොල් මදක් සෙලවීය, 
"මෙතනින් ඉක්මනට මකබෑවිලා පලයං."

හේ යූ සිනාසී ක්ෂණිකව නැගී සිටි අතර ඔහුගේ අතක් ෂිඒ චිංචෙං ගේ උරහිසට තද කළේය. ෂිඒ චිංචෙං පුදුමයට පත් විය. සාමාන්‍ය ආචාර විධි අනුගමනය නොකරන මේ පුද්ගලයා කිරීමට සැරසෙන්නේ කුමක්ද යන්නට වික්ෂිප්ත විය. නමුත් හේ යූ හේත්තු වන විට පිරිමි ළමයාගේ  සිරුරින් වහනය වන  යොවුන් වියේ හෝමෝන සුවඳ මෙන්ම, ඔහුගේ පපුවේ උණුසුමද ඉතා ආසන්නයෙන් දැනෙන්නට විය.

තරුණ පිරිමියාට අයත් වන මෙම පීඩාකාරී හැඟීම, පිරිමියෙකු වන ෂිඒ චිංචෙංට ඉතා අපහසු වන අතර, ඔහු දැඩි පිරිමියෙකු වන අතර ඔහුගේ "පිරිමි භූමිය" ආක්‍රමණය කීරීමක් ලෙස දැනෙන්නට විය.

ෂිඒ චිංචෙං  ඔහුව ඉවතට තල්ලු කිරීමට සූදානම් වූ විට ඔහුගේ ආරක්ෂිත දුර ආක්‍රමණය කළ පිරිමි ශිෂ්‍යයා කෙළින් විය. ඔහුගේ අතේ තිබුණේ පිටුපස තේ මේසයෙන් ගෙනා විශාල කෝපි මල්ලකි.

--හේ යූ  බීම ඇණවුම් කළත් ඔවුන් එය තවමත් බෙදාගෙන නොමැත.

"ග' මම බීම ගෙනාවා."

හේ යූ ඒ මිනිසාගේ අවලස්සන මුහුණ දෙස බැලූ අතර ඔහුගේ කට කොනෙහි වූ විහිළුව වඩාත් පැහැදිලි විය. ඔහු කඩදාසි බෑගයේ වූ කෝපි  ගෙන  සහන මධ්‍යස්ථානයේ අයට, වෛද්‍යවරයාට සහ හෙදියට බෙදා දුන්නේය. එසේම ෂිඒ ෂිඒටද එකක් රැගෙන යන ලෙස යමෙකුට පැවසූ අතර, බායි ජිං ටද එකක් ලබා දුන්නේය.

"ආහ් , ෂෙට් , ග'  සොරි මට ඔයාව අමතක වුනා."

විරාමයකින් පසු, ඔහු සිය අයිස් කෝපි වීදුරුව ෂිඒ චිංචෙං  අතට දුන්නේය: 

"මගේ එක දෙන්නද?"

මෙය ඇත්තෙන්ම අවංක පරිත්‍යාගයක් නොවීය. ඔහු දැනටමත් බටය ඇතුලත් කර  තිබූ නිසා ඔහු එය අතේ තබාගෙන එය ෂිඒ චිංචෙං  ගේ තොල් මත තැබීය.
ෂිඒ චිංචෙං  එය ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔහු අපේක්ෂා කළේය.
ෂිඒ චිංචෙං මෙම ක්‍රියාවෙන්  කෝප වනු ඇතැයි හේ යූ බලාපොරොත්තු නොවීය. ඔහුගේ දෑස් රළු ලෙස ඔසවා, පසුව සෝෆා මත වාඩි විය. ඔහුගේ සුදුමැලි තොල් මදක් විවෘත කර, පසුව  හේ යූ දෙස බලා ඔහුගේ මූණට ලං කරන ලද බීම බටය ලබාගත්තේය.
බීම බටය තම තොල්මතින් තබාගත් ඔහු හේ යූ දෙස බලමින් අශීලාචාර ලෙස කෝපි උගුරක් ගිල දැමීය.

ෂිඒ චිංචෙං  ගේ උගුර ඉහල පහල ගිය අතර ඔහු ප්‍රකෝපකාරී ලෙස එය ගිල දමා තිබුණි.

"ඕක ඔතනින් තියන්න."

 එවිට ඔහු තම මුඛය ලිහිල් කළේය, ඔහුගේ තොල් තෙත් විය, ඔහුගේ දෑස් සියල්ලම තියුණුය, 

"මම ඒක ඔයා මට තියන භක්තිය කියලා හිතා ගන්නම් ."

"......"

ඔහු තම හිස පහත් කර කට ඇරගෙන බීම බටය ලබා ගන්නා ආකාරය බලා සිටි අතර, ඔහුට හදවත තුළ තරමක  කෝපයක් දැනෙන්නට විය. මේ මිනිසා  ලොවේ පවතින සියලුම වධහිංසා ලැබීමට සුදුසු බව ඔහුට දැනෙන්නට විය. එසේම ඔහු  අපහසුතාවට පත් වී ලැජ්ජාවට පත්වන අයුරු දැකීමට අවශ්‍ය විය.

නමුත් අභියෝගය හමුවේ ෂිඒ චිංචෙං ඔහුට සංසුන්ව පිළිතුරු දී තිබුණේ උඩ සිට උඩඟු ලෙස ඔහු දෙස බලමිනි.

අයිස් කෝපී කෝප්පය ෂිඒ චිංචෙං ගේ  මුහුණට  විසි කර ඔහුගේ මුහුණන් වතුරෙන් වැගිරෙන ආකාරය සහ ඔහුගේ ඇඳුම් තෙත් වන ආකාරය බලා සිටීමට හේ යූ ට ක්ෂණික ආශාවක් ඇති විය.

නමුත් අවසානයේ ඔහු සිනහවක් පාමින් අයිස් කෝපි එක මෘදු ලෙස කෝපි මේසය මත තැබුවේය, ඔහු මොහොතකට බිම බලා සිටිමින් ෂිඒ චිංචෙ ට රහසින් මෙසේ කීවේය.

 "හරී, ඔයා මේකට ආස නිසා බිංදුවක්වත් ඉතුරු කරන්නැතුව බොන්න. ඔක්කොම බීලා කෝප්පය අයින් කරලා මදි නම් මට කියන්න. මම තව එකක් අරන් එන්නම්."

"හරිම පුදුමයි, ඔයා අද රෑ මගේ ඩ්‍ර්යිවර් වගේ වැඩකලා, ඔයාගේ චෙක් පොතත් මට දුන්නා. දැන් මගේ ඩිලිවරි බෝයි වෙන්න යනවා." 

ෂිඒ චිංචෙං  සීතලෙන් සිනාසෙමින් කෝපි කෝප්පය අතට ගත් අතර, ඔහුගේ දිගු ඇඟිලි අයිස් පබළු මතින් මදිමින්, 

"ඔයාට යන්න පුළුවන් දැන්."

ඔහු එසේ පවසා වීදුරුව ඔහු දෙසට දිගු කළේය.

හේ යූ අඳුරු මුහුණෙන් යුතුව ඉවතට ගමන් කළේය.

ඔවුන් දෙදෙනාගේ මෙම කතාබහ දෙස අවට සිටින්නන්  බලාසිටි බව ෂිඒ චිංචෙං ට අවබෝධ විය. එය තරමක්  අපහසු වූ නමුත්, ෂිඒ චිංචෙං සියල්ල හොඳින් සිදු වූවාක් මෙන් ක්‍රියා කළේය .

ඔවුන් දෙස බලා සිටින්නන් කිහිප දෙනෙක් සිටියත් ෂිඒ චිංචෙං නැගිට කෝපි කෝප්පය කුණු කූඩයට විසි කළේය. ඉස්කෝලෙ ළමයි විතරයි මෙච්චර පරක්කු වෙලා කෝපි ඇනවුම්  කරන්නේ. ඔහුගේ මෙ වයසෙදී මෙලෙස විකාර කරලා රෑට සැනසීමේ නිදා ගන්නේ කොහොමද?

ෂිඒ චිංචෙං නැවතත් වාඩි වී අනාථ නිවාසයේ කාර්ය මණ්ඩලය දෙස සන්සුන්ව බැලුවේය:

 "සමාවෙන්න වෙච්ච දේට, මගේ යාළුවාගේ ළමයා මීට වඩා හොඳ දෙයක් කරන්න දන්නේ නැහැ"

"නෑ ඒකට කමක් නැහැ ."

ඔහු මද සිනාවක් පෑවේය

ෂිඒ චිංචෙං : "අපි මොනවා ගැනද කතා කර කර හිටියේ, අහ් හරි...  ජ්‍යං ජීච්‍යංට දුවෙක් නෑ කියලා විශ්වාසද?"

සේවකයා එයින් ගැලවී ගියේය .
 "හරියටම හරි, එයාට දුවෙක් නැහැ,  මේ මහත්තායාට නෑදෑයො කවුරුක්වත් ඉඳලත් නැහැ. අපි ගෙවල් නැතිව තනියම ඉන්න අයට එයාලගෙන පවුලේ අය හෝ වෙන කවුරුහරි හෝ හොයාගන්න උදව් කරනවා, නමුත් මේ මනුස්සයට  කවුරුවත්  නැ.

ෂිඒ චිංචෙං  නිහඬ විය.

ඔහුගේ අත්දැකීම් අනුව, ජ්‍යං ජීච්‍යංගේ ප්‍රතික්‍රියාව අර්ථ විරහිත හෝ අහඹු විසංයෝජන කතාංගයක් ලෙස නොපෙනෙන බව ඔහුට හැඟී ගියේය. ඔහුගේ "දියණිය" පිළිබඳ කාරණය හදවතේ ගැඹුරු මතකයක් බව ඔහුට හැඟී ගියේය.
.
"දෝණී......" ඔක්සිජන් බටය අතැතිව රෝහල් ඇඳේ සිටින වයසක මිනිසා තවමත් නිදිමතේම කොඳුරන්නේ තම පරිකල්පනයේ සිටිය හැකි පුද්ගලයා පිළිබඳවය." මගේ චූටි දුවේ. ඔයාගේ මේ නාකි මනුස්සයා ඔයා ලොකුවෙන හැටි මේ ඇස් දෙකෙන් බලන් හිටියා. ඔයා ස්කෝලේ බෑග් එක කරේ එල්ලගෙන ගිය හැටි, විභාගේ පාස් වෙලා කැම්පස් යන්න ටවුමට ගිය හැටි මට මතකයි....."

ඔහු මොහොතකට නැවතී සිටි අතර ඔහුගේ රැලි වැටුණු ඇසින් මඩ කඳුලක් ගලා ගියේය.
මහලු මිනිසාගේ නිදිබර කටහඬ ඉල්ලා අස් වූ සහ හුස්ම හිර වූ ස්වරයක් ගත්තේය:

 "ඇයි ඔයාට බැරි ...... ආයෙත් ඔයාගේ මේ නාකි තාත්තව බලන්න එන්න......"

ෂිඒ ෂිඒ  මෘදු  හදවතකින් යුක්ත වූ අතර, ඔහුගේ කතාවට සවන් දෙන විට ඇගේ කඳුළු නිදහසේ ගලා ගියේය.හෙදියගේ අවසර ලැබීමෙන් පසු, ඇය සිය කැමැත්තෙන්ම ජ්‍යං ජීච්‍යං ගේ අත අල්ලාගෙන මෙසේ පැවසීය.

 "මාමේ ,තවත්  අඬන්න එපා. ම්ම් මම මෙතන ඉන්නවා...... . මම ඔයත් එක්ක මෙතන ඉන්නම්. ඉක්මනට සනීප වෙන්න මාමේ...."

ඇයට රෝගියා සමඟ වැඩි කාලයක් ගත කිරීමට නොහැකි විය. තවමත් මනස අවුල් වී ඇති වයෝවෘද්ධ මිනිසා සනසමින් ටික වේලාවක් ගත කළ පසු වෛද්‍යවරයා ඇයට පිටත්ව යාමට කාලය පැමිණ ඇතැයි කීවාය .
 විෂබීජහරණය කිරීමෙන් පසු ෂිඒ ෂිඒ  හදිසි ප්‍රතිකාර  කාමරයෙන් පිටතට පැමිණියේය. ඇගේ කඳුළු පිස දැමීමට ලේන්සුවක් බෑගය තුල සෙවීමට උත්සාහ කළ නමුත් ඇගේ ලේන්සු අවසන් වී ඇති බව සොයා ගත්තාය.

මේ අවස්ථාවේදී   සුන්දර දෑතක්  ඇයට පිරිමි ලේන්සුවක් පිරිනැමීය.
ෂිඒ ෂිඒ  තරමක් ඉදිමුණු සහ රතු වූ දෑස් හරවා හිස ඔසවා බැලූ අත, හේ යූ ගේ මෘදු  සිනාමුසු මුහුණ දැක ගත හැකි විය . 

හේ යූ පෙනුමෙන් ෂිඒ චිංචෙං ඉදිරිපිට  අප්‍රසන්න සතකු  මෙන් ක්‍රියා කළ නමුත් ෂිඒ ෂිඒ  ඉදිරිපිට ඔහු සුහච කීකරු බල්ලෙකු මෙන් විය. ඔහු ලබා දුන් අත් ලේන්සුව හිම මෙන් සුදු සේද වර්ගයකින්  ඉතා සියුම් හා විචිත්‍රවත් ලෙස සාදන ලද්දක් වූ අතර , එහි මතුපිට රැලි වලින් තොරව විය.

" මේක ගන්න"

"තැන්ක් යූ"

"ඕක මොකද්ද"
ෂිඒ ෂිඒ  මෙලෙස ප්‍රතිචාර දක්වන බව ඔහු දැනටමත් දැන සිටියේය.

ෂිඒ ෂිඒ ගේ දෙමාපියන් ඇය ඉපදී වැඩිකල් නොගොසින් මියගිය අතර, ඇගේ ආච්චි සහ සීයාද බොහෝ කලකට පෙර මියගොස් තිබුණි.ඇය කුඩා කල සිටම "තාත්තා" හෝ "අම්මා" හෝ "සීයා" හෝ "ආච්චි" කියවා මහා හඬින් කෑගසන අන් අයට ඉරිසියා කළාය. ඇයට එම වචන නිහඬව පැවසිය හැක්කේ වාර්ෂික චින්ග්මින් උත්සවයේ දී, ඇගේ දෑතේ ලස්සන මල් කළඹක් ගෙන ෂිඒ චිංචෙං ගේ කළු කුඩය යටින් සිටගෙන ඒ අයිස් මෙන් සීතල සහ වැස්සෙන් තෙත් වූ සොහොන් ගල් වලට මුහුණ දෙමින් ය. 

ඒ අනුව ඇයට වඩාත් ම දරාගතම දරාගත නොහැකි දෙයක් වූයේ තම දෙමාපියන්ගේ වයසේ හෝ ආච්චිලා සීයලාගේ වයසේ අය ඔවුන් සමඟ ඇසුරු කිරීමට දරුවන් නොමැතිව සිටීමයි.

"ඩොක්ටර්" කඳුළු පිසිමින් ඇය නැවතත් වෛද්‍යවරයාට කතා කළාය.

"මාමව අනිත් හොස්පිටල් එකට මාරු කරනකොට මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද? මාත් එන්නම්"

හේ යූ යන්තම් නළල රැලි ගැන්වූයේ, 

"ඔයා මොකටද එතනට යන්නේ ?"

"ඒකට කමක් නෑ, කැම්පස් එකෙන්  මට කියලා තියනවා ජේල් කීපයකටයි මෙන්ටල් හොස්පිටල් කිහිපයකටයි කතා කරලා අපේ  ළමයින්ට පොඩ්ඩක් ඒවට යන්න පුළුවන් ද කියලා බලන්න  කියලා. අපේ ස්ක්‍රීන් රයිටින් කරන අයයි ඩිරෙක්ටින්ග් කරන ළමයින්ට යි ඒකෙන් ප්‍රැක්ටිකල් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒත් මට තාම ඒ ගැන කතා කරන්නවත්  ලැබුනේ නෑ".

ෂිඒ ෂිඒ නාසය පිසදැමීය.

 "මම මං කරන දේ දන්නවා"

ඇගේ එවැනි බල කිරීමත් සමඟ හේ යූ ට වෙනත් කිසිවක් පැවසිය නොහැකි විය. ඔහු ඇවිද ගොස් අයාලේ යන කහ බල්ලා වඩාගත්තේය.

හේ යූ කුඩා බලු පැටවා උගේ ඉදිරිපස කකුල් යටින් අල්ලා  මුහුණට ළංකර උගේ කහ සහ සුදු ඉරි සහිත කකුල් වලට කිහිප වතාවක් පහර දුන්නේය.

බල්ලාගේ කළු බෝංචි නාසය ඔහුගේ ආමන්ඩ් ඇස් හමු වූ අතර බලු පැටවා මඳක් නිශ්චිත විය.

හේ යූ මෘදු ලෙස ඇසුවේ, 

"මම ඔයාට පර්මිට් එකක් ගන්නම්, ඔයාට මගේ ගෙදර ඉන්න පුළුවන්, ඔයාගෙ අයිතිකාරයාට සනීප උනාම මම ගිහින් දාන්නම් එයා ගාවට."

බලු පැටියා වෙව්ලමින්  සහ ගැහෙමින් කෙඳිරිලි හඬක් පිට කළේය.

සතුන්ට බොහෝ විට  හයවැනි සංවේදනයක් තිබුණි - පුද්ගලයෙකුගේ සිනහවට යටින් ඇති පීඩනය සහ  තනිකම ඔවුන්ට දැනිය හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස බලු පැටවා ඔහුට බිය වූ නමුත් ඔහුගේ හොඳ පැත්තද දැකීමට අවශ්‍ය විය. එබැවින් බල්ලා බියෙන් බියෙන්  සිය මෘදු දිව දිගු කර හේ යූ ව ලෙවකන්නට විය.

ඔහු යූ සිනාසෙමින්, බල්ලාගේ හිසට පහරදීමට අත දිගු කළේය. බල්ලාට ඔහුගේ ඇඟිලි තුඩු ලෙවකන්නට දුන්නෙය.ඔහු අදුරු දෑසින් මෙසේ පැවසීය

 "කියුට් පපී. ඔයා ඒ මිනිහට වඩා ගොඩාක්  හොඳයි."

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය 


Comments

  1. ඊයෙ Extra එක කියවලා ඇවිත් දැන් ආයෙ මේක කියෙව්වම...😅😅😅

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-