Skip to main content

09. මඟුල! ඒකව ගනන් නොගෙන මං එයාට ප්‍රපෝස් කරනවා.

 අනපේක්ෂිත අකරතැබ්බයට මුහුණ දීමෙන් පසු ඔවුහු බොහෝ සෙයින් වෙහෙසට පත්වී සිටියෝ ය. එවෙලෙහි රෑ කෑමක් සඳහා බැහැරට යාම හේයූගේ යෝජනාවක් විය. නමුත්, මෙම යෝජනාවට මුලින්ම එකඟ වීමට මුල පිරුවේ ඔවුන්ට කිසිඳු අදාළත්වයක් නොමැති බායි ජිං විය.

"හරි හරි, අපි කොන්ජී ගන්න යමුද? නියම රෙස්ටුරන්ට්  එකක් තියෙනවා බන්ට් එක ගාව, ඔරිජිනල් මෝර වරල්, මුහුදු ඉකිරි දාලා කොන්ජි හදන්නේ එතන. යමු නේ?


හේ යූ සිය හිස හරවා ෂිඒ ෂිඒ දෙස බලයි.


ෂිඒ ෂිඒ කඳුළු පිසදමා බායි ජිං දෙස මඳක් නොසතුටින් බලා සිට පැවසූයේ, "මට බාබකියු කන්න ඕනේ, ලාජී පාරෙන් කන්න ඕනේ" යනුවෙනි.


"එහෙනම් අපි ලාජී පාරෙන් කමු."


බායි ජිං: "ආ ...... ඒකත් ඒමද ...... එහෙනම් කමක් නැහැ  ......"


ෂිඒ ෂිඒ එහි සිටි අතර, හේ යූ ෂිඒ චිංචෙං ට තරමක් ගරු කරමින් "ඔයත් එනවද?"


"මං එන්නෑ . මම බල්ලව අරන් යන්නම් ඌට බේත් විදලා පොඩ්ඩක් හෙල්ත් ඇසෙස්මන්ට් එකක් කරන්න ඕනෙ. ඔයාට ඌව තියාගන්න ඕන නම් මම පස්සෙ එවන්නම්."


ඔහු එසේ පවසා කීකරු ලෙස තම දෙපා අසල වාඩි වී සිටි පුංචි බලු පැටියා  දෙස බැලීය.


කුඩා බලු පැටවා ෂිඒ චිංචෙං ට බෙහෙවින් කැමැති වූ අතර , සතුටින් ඔහු වටා කැරකෙමින් සහ උගේ සුදුමැලි කහ වලිගය වනමින් සිටියේය . "වුෆ්!"


.


පැය භාගයකට පසුව:


හූජෞ රාත්‍රී වෙළඳ කුටිය.


"වේටර්, මට ඕනෙ චිකන් ඇට පනහකුයි, බැටළු මස් කටු පනහකුයි, ග්‍රිල් කළ බත් කැට දහයකුයි, ග්‍රිල් කළ හතු ඇට දහයක් එක්ක බේක් කරපු බෙල්ලන් දුසිමක්, තව බියර් බෝතල් පහක් ඕනෙ". ෂිඒ ෂිඒ  බාබකියු කඩයට  පැමිණි විගස ඇනවුම් කිරිමට පටන් ගත්තේ ඇයට මෙම ස්තානය  හුරුපුරුදු විලසිනි.


"මේ වගේ තැන් ක්ලීන් මදි නේද?...... මම කවදාවත් මෙතනින් කාලා නැහැ." බායි ජිං ඇඟිලි දෙකක් දිගු කළේ, ඇය තම නියපොතු  තුඩු පමණක් භාවිතා  කරමින් තෙල් සහිත මෙනුව පෙරලීමට පටන්ගත්තේ ඉතා අකමැත්තෙනි.


ෂිඒ ෂිඒ කෝපයෙන් ඇස් කරකවා, "ඔයා නේද කාර් එකට නැගලා අපේ පස්සෙන් බලෙන් ආවේ?"


"අයියෝ චූටි නංගී.. ඇයි කේන්තියෙන් , මටත් බඩගිනියි." බායි ජිං හේ යූ අසලම අසුන මත වැඩිවූයේ කිසිදු ආචාරශීලී බවක් හෝ පැකිලීමකින් තොරව ය.


"මම මේ නිකමට අහන්නේ , තෙල් කන්න පුළුවන් ද ඔච්චර,දැන් රෑ වෙලානේ ,මං මහත් වෙනවට කැමති නෑ".


ඇය දෙස බැලූ ෂිඒ ෂිඒ වැරෙන් මේසයට තට්ටු කර ඇගේ හඬ අවදි කළාය: "වේටර්, මට තව හා ඔළු දහක් ගේන්න"


බායි ජිං: "ඔයා-!"


හේ යූ නිර්භීතව: "විස්සක්ම ගේන්න, මටත් ටිකක් ඕන."


බායි ජිං: "......"


ස්කීවර්ස්  ග්‍රිල් කිරීමට සම්බන්ධ ව ගත් කල එය ඉගෙනීමට පහසු වූ නමුත් ප්‍රගුණ කිරීමට අපහසුය .එක්කම ග්‍රිල් කරන ලද කුකුල් මස් කාටිලේජය සමග වුවද කෝකියා අවධානමෙන් නොසිටියේ නම් යම් වැදගත් යමක් අතපසු වීමට ඉඩ ඇත.කෙසේ නමුත් කෝකියා අත හරවා උණ බම්බු පතුරු සොලවන විට,  රන්වන් කහ පැහැයට ග්‍රිල් කර ඇති ඉස්ම සහිත කාටිලේජයෙන් අතිරික්ත තෙන් බිදිති ග්‍රීස් අගුරු මතට වැටී ආශ්චර්යමත් රසායනික ප්‍රතික්‍රියාවක් ඇති විය.දැවෙන   මේදයේ  සුවඳ සහ දීප්තිමත් ගිනි පුපුරු ඉහළට පියාසර කළේය.අඳුරු දුමාරයෙන් වැසී ගිය කෝකියා ,මෙම කලාවේ ප්‍රවීණයකු මෙන් විය .ඔහුගේ නාස්පුඩු වලින් දුමාරයේ ඇති සියුම් රසවත් මූල ද්‍රව්‍ය වෙන් කර හඳුනාගත හැකි අතර උදුනෙන් කටු ඉවත් කිරීමට කාලය පැමිණ ඇති බව ඔහු දැන සිටියේය 


ඉන්පසු ඔහු මස් මත ආලේප කර ,මේසය මත තබා ඒවා තවමත් උණුසුම්ව තිබියදී පිළිගැන්වීය.ලෝකයේ  ප්‍රධාන සූපවේදියකුගේ පුද්ගලික නිර්මාණ බවට පත් වූ මෙම සියුම් භෝජන සංග්‍රහයේ  සෑම මස් කටුවකට  ම භාවිතා කරන තාප ප්‍රමාණය පරිපූර්ණ ලෙස හසුරවනු ලැබීය. ටිකක් අඩු කාලයක් භාවිතා කලේ නම් එය අඩුවෙන් පිසෙනු ඇති  අතර  වැඩි  කාලයක් ගත වූයේ නම් ඒවා දැඩි වනු ඇත.ඒ වෙනුවට ඒවා හැපෙන සුළු වූ අතර පරිපූර්ණ ලෙස පිළිස්සී ගිය සුවඳැති ඉස්ම සහිත සෑම ඉරිතැලීමක්ම මුඛයේ හිම පියලි මෙන් දිය විය.


ෂිඒ ෂිඒ මෙම ආපන ආපන ශාලාවෙහි පළපුරුදු ගැණුම්කරුවෙකු ලෙස සැලකිය හැකි අතර සම්පූර්ණ මේසයක් වෙන්කර බාබකියු  කූරු ඇණවුම් කර තිබූ අතර ,කුඩා මේසය එහි යටින් තුනී ප්ලාස්ටික් මේස රිදී ගාංචුව කින් ආවරණය කර ඇත.කෙසේ වෙතත් ඇයි ඒ ප්‍රණීත ආහාර මේසයේ සුවඳ ආග්‍රහණය කරමින් සිටියදී  බායි ජිං  සිචුආන් ඔපෙරා හී ප්‍රධාන භූමිකාවන් ගෙන් එකක් වන වෙස්මුහුණු මාරු කිරීම සඳහා එයගේ උපරිමය කරමින් සිටියාය.

" මිස්ටර් හේ මං වගේ හූෂෝ වල ඉපදුන කෙනෙක් නෙමෙයිද ?"

බායි ජිං ඇහිබැමි දිගුකර දිගු කර ඇගේ දිලිසෙන තොල් ආලේපන සහිත මුඛය පුළුල් සිනහවකට හැරවීය 

"ඔයාගේ උච්චාරණය ටිකක් වෙනස් "


"මිස්.බායි , මොකෝ ඔයාට මගෙ ෆැමිලි රෙජිස්ට්‍රේෂන් එක බල්න්න ඕනි වෙලාද?"

හේ යූගේ කට කොන සමච්චලයක් ගැබ්ව තිබුණි.


"අයියෝ ,නෑ නෑ එහෙම නෑ"

බායි ජිං  කඩිමුඩියේ ඇගේ දෑත් සොලවමින් , ඇගේ කොණ්ඩය අපහසුවෙන් පිරිමැදීය


"  ම්ම්ම්,මම මගේ ඩිග්‍රි එක  කළේ යාන් යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ.ඔයා කතා කරන විදිහ පුරුදුයි ,ඒ නිසා මං හිතුවේ  ඔයා උතුරේ කෙනෙක්ද කියලා" 


"එහෙනම් ඔයා හෙන ටැලන්ටඩ් කෙනෙක් වෙන්න ඇති " හේ යූ සිනාසෙමින් හා ඔළුවක්

බාබකියු බන්දේසියෙන්  ඉවතට ගත්තේය.


ඔහු කියූ දේ හි හ එහි අරුත හඳුනා ගැනීමට නොහැකි වූ බායි ජිං  දිගටම කියවමින් සිටියේ ය 


"ඔව්, මම කවුන්ටර් එකේ වැඩ කරන්නේ ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ මැනේජර් ලෙවල් එකට ප්‍රමෝට් වෙන්න පුළුවන් .ෆ්‍රන්ට් ලයින් එකේ වැඩ කරන එකේ වාසිය තමයි හොද එකස්පීරියස් එකක් වගේම නොලේඩ්ජ් එකක් ගන්න පුළුවන් . මම ගොඩක්  ප්‍රසිද්ධ අය එක්ක වගේම ලොක්කෝ එක්ක වැඩ කරලා තියනවා . ලගදී මට හම්බුන  ඇක්ටර් ත් ප්‍රයිම් ටයිම් එකේ යන ප්‍රෝග්‍රෑම් එකක ඉන්නේ".


 හේ යූ දත් ක්ලික් කර හාවාගේ මොළය සපා කෑවේය.


බායි ජිංගේ වචන බිඳී ගියේය.හේ යූ ඇගේ උගුරු දණ්ඩ කීතු කර ඔවුන්ගේ අහවර නොවූ කතාව තුළ ඇයව කුඩුපට්ටම් කරාවි යැයි ඇයට සාධාරණ භියක් දැනුනි. ඇගේ උගුර සියුම් වේදනාවකින් පෙළෙන්නට විය.


හේ යූ මද සිනහවක් පෑවේය. ඔහුට කොටි දත් ඇති බව බායි ජිංට මේ මොහොතේ වැටහුණි.කෙසේ වෙතත් ඒවා එතරම් පැහැදිලිව පෙනෙන්නට නොතිබුණි,ඔවුන්ගේ ඉගි ඔහුගේ සිහින් තොල් යටින් දිස් වූයේ ඔහු වංක ලෙස සිනාසෙන විට පමණි. හේ යු ඔහුගේ හාවාගේ මොළය සෙමින් හා ක්‍රමානුකූලව අනුභව කරයි: 


"මිස් බායි අපි  කන ගමන් කතාකරමු., ඔයා අපිත් එක්ක ආවට ඔයාට බඩගිනි නෑ වගේනේ, ඔයා හා ඔළුවලට කැමති නැද්ද?"


බායි ජිං භීතියට පත්ව ඇගේ දෑත් සෙලවීය: "මම, මම  කන්නේ හරිම අඩුවෙන්, කෝක් ටිකකින් බඩ පිරුණා , මට එපා ......"


"එහෙමද?" හේ යූ කැකැඩුණු  හා ඇටකටු තම පිඟාන මතට විසි කර සිනාසුණේය, 


"ඒක නම් ඇත්තටම ලැජ්ජාවක් ."


බීම වට තුනකට පසුව, බායි ජිං  මදක් සංයමයෙන් සිටියද අවසානයේදී ඇයට හේ යූ ව "වී චැට්" වෙත එක් කිරීමට ඇති පෙළඹවීම වළක්වා ගත නොහැකි විය. ෂිඒ ෂිඒ හට මෙය තවදුරටත් දරා ගත නොහැකි විය. මෙම කාන්තාව ඇගේ වැඩිමහල් සොහොයුරාට යෝජනා කර ඇති  අතර, එසේනම් ඇය හේ යූ ව ඇයගේ වී චැට්  වෙත එක් කරන්නේ ඇයි? එය ඇත්තටම ඉතා අගෞරවනීය විය.


ඒ නිසා කෝපයෙන් දැවෙන ඇය මෙසේ කීවාය .


"සොරි, එයාට එයාගෙ වී චැට් වලට ඔයාව ඇඩ් කරන්න බැ."


"ඇයි ඒ, ඔයා එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ද ?"


"මොලේ හොඳ නැද්ද !" ෂිඒ ෂිඒ කෝපයට පත් විය.


"ඒත් එයාට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා ,හරිම ලස්සන, ටිකක් සැර  පර්සනැලිටි එකක් තියෙන කෙනෙක්. එයා හරිම ජෙලස් කෙනෙක්. එයාට වඩා ටිකක් වැඩිමල්, එයාට ටිකක් තදින් ඉන්නවා. කියන දේ ඇහුවෙ නැත්තං ගුටි කන්නත් වෙනවා, එලියට යනකොට එයා ගැන මට බලන්නයි කියලා තියෙන්නේ. මං හරි නේ හේ යූ? 


"ඔයා කියන්නේ NBIS ස්පෙෂල් ඒජන්ට් කෙනෙක් ගැන ද?"හේ යූ වියලි ලෙස පිළිතුරු දුන්නේය. 


රෙද්ද!


ෂිඒ ෂිඒ  කොතරම් කෝපයට පත් වූවාද කිවහොත් ඇය මේසය යට ඔහුගේ  පාදය පාගා දැමීය.


"මට ඒ වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ. ඉරිසියා කරන නපුරු ලස්සන කෙල්ලන්ට මම කැමති නෑ."


හේ යූ පැවසීය.


මොන මගුලක්ද!


ෂිඒ ෂිඒ ඇගේම පාදය  රිදීමට පටන් ගන්නා තෙක්  තව තවත් තදින් පාගන්නට විය. ඇය බිම බලන විට දුටුවේ ඇය මේසයේ පහල රාමුව මතට පා තබා ඇති බවයි.


ඔහු සිචුආන්  ගම්බිරිස් කුඩු වලින් ආවරණය කර ඇති ග්‍රිල් කරන ලද කටු රැගෙන ෂිඒ ෂිඒ ගේ පිගාන මත තබා, මේසයේ පහළ රාමුවට එරෙහිව තම දිගු කකුල් ඉවත් කර ගනිමින් ඔහු සිනාසුනේය. පසුව ඔහු කලබලයෙන් සිටි බායි ජිං දෙසට හැරී


"සොරි මිස් . මං කැමති කෙනෙක් ඉන්නවා ඒ නිසා ගර්ල්ස්ලව ඇඩ් කරගන්නේ නෑ මගෙ වී චැට් එකට."


"අපිට යාලුවෝ වත් වෙන්න බැරිද ?" බලාපොරොත්තු සුන්වීම සැඟවීමට බායි ජිං ට අපහසු විය.


මෙවර හේ යූ ගේ අඩ සිනහව පවා මැකී ගොස් තිබිණි. ක්ෂණිකයෙන් සන්සුන්ව අනෙකා දෙස බලන විට ඒ සොඳුරු තාරුණ්‍යය ඔහුගෙන් සහමුලින්ම ගිලිහී ගියේ ය.


"තෑන්ක්ස්. ඒත් මට හිතෙන්නේ නෑ අපි එකම ලෝකේ අය කියලා."


මෙය පැවසීමේ දී  ඔහු මෙම ලැජ්ජා සහගත තත්ත්වයෙන් අනිකාගේ මාර්ගය නොපෙනෙන ලෙස  සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත. පරිසරය මොහොතකට උණුසුම් විය.


හේ යූ ටිශූ කඩදාසියක් ගෙන ආහාර ගැනීමෙන් ඉතිරි වූ තෙල් අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට ඇඟිලි එකින් එක පිස දමමින් සිටියේ ය.පසුව ඔහු කඩදාසිය විසිකර දමා දර්ශනීය මුහුණකින් තමා අසල වාඩි වී සිටි කාන්තාව දෙස උදාසීන ලෙස නෙත් යොමා 


" මම අත හෝඳන්න යනවා " යැයි සන්සුන්ව පැවසීය.


මේ ලෝකයේ සෑම කෙනෙකුම මනුෂ්‍ය කථනය තේරුම් ගැනීමට නොහැකි සමාජ අදක්ෂ මෝඩයන් නොවීය. මෙම කඩවසම් ධනවත් පුද්ගලයා ඇයව පිළිකුල් සහගත ලෙස සලකන බව බායි ජිං ට අවබෝධ විය. ෂිඒ යන වාසගම සහිත මේසෙ වාඩි වී සිටින කාන්තාව සම්බන්ධයෙන් ගත් කල කලින් සිදු වූ දේ අත්විඳීමෙන් පසුව ඇය සමග තවත් වචන නාස්ති කිරීමට ඇයට කිසිදු ආශාවක්  නොතිබූ බව හොදින්ම පැහැදිලි විය.අපහසුතාවයට පත්වූ ඇය අවසානයේ නිදහසට කරුණක් ඉදිරිපත් කර යමක් කිරීමට  ඇති බව පවසමින් පරාජයෙන් යුතුව මේසෙන් පිටවිය.


ටික වේලාවකට පසු, හේ යූ නැවත පැමිණි විට ඇය දැනටමත් පිටව ගොස් ඇති බව දුටුවේය. දෙබැම ඉහළට ඔසවමින් කිසිවක් සිදු නොවූ වූවාක් මෙන් ඔහු ෂිඒ ෂිඒ අසලින් හිඳ ගත් ඔහු ඇයගෙන් කිසිවක් විමසීමට වත් උත්සුක වූයේ නැත.


ෂිඒ ෂිඒ  ඇගේ දෑස් කිහිප වතාවක් කරකවාගෙන තවත් කිහිප වතාවක් බායි ජිං සාප කළේය .ඉන්පසුව ඇය කුකුල් මස් කටු දෙකක් හපමින් හේ යූ දෙසට ඔලුව හරවා මෙසේ ඇසීය.


"ඔයා දැන් කිව්වේ ඔයා කැමති කෙනෙක් ඉන්නවා කියලා? ඇත්තටමද ? කවුද ඒ?"


"ජෝක් එකක් ."


ෂිඒ ෂිඒ ඇගේ පපුවට තට්ටු කර තවත් කුඩා බියර් උගුරක් ගත්තේය, "ෂිට්,මම මැරෙන්න තරම් බය උනා."


මෙම දැරියගේ විවෘත හා අවංක පැතිකඩ දෙස බලා සිටී හේ යූගේ දෑස් මොහොතකට නිශ්චල විය.


"ඇයි ඔයා මං දිහා බලන්නේ?"


"ඔයා බයද මං කැමති කෙනෙක් ඉන්නවා කියලා?"


"හ්ම්ම්ම්ම්."


"ඇයි?"


" මොකද මටත් තාම කෙනෙක් නැහැ .ඔයාට ගර්ල් කෙනෙක් හිටියොත් මට ඔයාව හැම වෙලේම මීට් වෙන්න බෑනේ නේද ?"


මොන මඟුලක්ද ඒ?


ෂිඒ ෂිඒ : "ඔයා මොකද හිනා වෙන්නේ."


හේ යූ ඇයට නොදැනුවත්වම ඇයගේ මුඛයේ කොණකට වී තිබූ කළු ගම්මිරිස් කුඩු ස්වල්පයක් සෙමෙන් ඉවත් කළේය.ඔහුගේ ප්‍රකාශය පැහැදිලි වූ අතර පසුව ඔහු කිසිවක් සිදු නොවූවාක් මෙන් පැවසීය ." බාබකියු  කනකොටත් කට වටේ ගාගන්නව නේ ?"


ඇත්ත වශයෙන්ම, ඔහු බොහෝ කලක ඔහුගේ හැඟීම් ඇයට ප්‍රකාශ කිරීමට  අවශ්ය වූ අතර, ඔහු විදේශයක සිට ආපසු  පැමිණි දා සිට එය කිරීමට සැලසුම් කර තිබුණි .


නමුත් හේ යූ එය හොඳින් සලකා බලන විට ,ආදරේ ප්‍රකාශ කිරීම ගාම්භීර හා බැරෑරුම් සිදුවීමක් විය යුතු බව ඔහුට හැඟී ගොස් තිබුණි.ඒය ඝෝෂාකාරී වීථියක් මැද වසර ගණනාවක් සඟවාගෙන සිටි ඒ සියලු හැඟීම් ඔහු නොදැනුවත්ව මැකී යාමට සැලැස්වූ උණුසුම් ලේ ඇති, උණුසුම් හිස සහිත ආවේගය ක ප්‍රතිවිපාක නොවිය යුතුය .


ඔහු එසේ සිතූ පරිදිම මාතෘකාව වෙනස් කළේය.


 "මීට පස්සේ ඔය වගේ යන්ග් ගර්ල්ස් ල එක්ක ඩේට කරන්න දෙන්න එපා අයියට.එයා දැන් වයසයි, එයා හරිම තද පර්සනැලිටි එකක් තියන කෙනෙක්, එයාගෙ වයසේ ආන්ටිලටවත් එයත් එක්ක ඉන්න බැහැ .ඒ ගර්ල්ගෙයි ඔයාගේ අයියාගෙයි ජෙනරේශන් ගැප් එක ගොඩක් වැඩියි "


"ඇයි ඔයා මගේ අයියා ගැන   නරක විදියට කතා කරන්නේ? එයා ඔයාට නරක විදියට සලකන්නේ නැනේ!"


හේ යූ: "මම ඇත්ත කියන්නේ."


"ඒමද"


ෂිඒ ෂිඒ තම සොහොයුරා කෙරෙහි දක්වන ගෞරවයෙන් ව්‍යාකූල වූ  හේ යූ ඔහුගේ දෑස් පියා ගත්තේ ය.


" ඇත්තටම ,ඔයාගේ කන්නාඩි දෙක ගලවලා හොඳට බලන්නකෝ.ඔයාගේ ග'ග ඩිවොස් වෙච්ච නාකියෙක් . හොඳ පර්සනැලිටි එකක් තියෙන ඩීසන්ට් කෙනෙක් හොයාගත්ත නම් සෙට් . ගොඩක් තරුණ අය එයාට ගැලපෙන්නෙ නෑ "


 "මැරුම් නොකා ඉන්න.මගේ ග'ගා හොඳ කෙනෙක් . අනික එයා හැන්සම් මෑන්  . එයා මොකටද සෙට්ල් වෙන්න ඕනේ?"


"එයා හැන්ඩ්සම් ඇති . ඒත් ඒ මනුස්සයා හැම වෙලේම අනික් එවුන්ව තර්ඩ් ක්ලාස් දාලා කතා කරන්නේ . හැමෝම ණය නෑනේ එයාට."


මේ අවස්ථාවේදී, ෂිඒ චිංචෙං ගේ උදාසී මුහුණ හේ යූ ඉදිරියේ ඇඳුනි . මුව මදක් විවෘත කර ඉදිරියට නැමී දත් අතරින් බටය අල්ලාගත් ආකාරය ඔහුට සිහි විය. 


එහි ආකල්පය හරියට පැහැදිලිවම මුදල් නැති වුවද ප්‍රධාන විධායක නිලධාරියෙකු තම සේවකයාගේ සේවය ඇත්ත වශයෙන්ම භාරගැනීම හා සමාන විය .ඔහු මෙතරම් සන්සුන් හා නොසන්සුන්, විවාදශීලී සහ සමච්චල් කරන්නේ කෙසේද ?


හේ යූ ඒ ගැන සිතමින් මදක් කෝපයට පත්විය .ඔහුගේ ලක්ෂණ කාලකන්නිකමෙන් හා නින්දාවෙන් යටපත් වීම සඳහා ඔහුගේ ප්‍රකාශය මනස්කාන්ත භාවයෙන් අන්ධ කරවීමට ,ඔහුගේ සන්සුන් භාවය විනාශ කර දැමීම වෙනුවට "විධායක ෂිඒ " ගේ මුඛය ඉදිරිපිටට තල්ලු කළ යුත්තේ කුමක්දැයි ඔහු දැන සිටියේ නැත. 


නමුත් ෂිඒ චිංචෙගේ මුහුණ ඇත්ත වශයෙන්ම එවන් දුර්වලකමක්  හෙළි කරයි ද ?


හේ යූ එය මීට පෙර දැක තිබුණේ නැත .මොහොතක් කල්පනා කිරීමෙන් පසු ඔහුට එය සිතාගත නොහැකි බව වැටහුණේ ය.


"ඔයා මොනවද කල්පනා කරන්නේ?"


ඔහු යූ නොසැලකිලිමත්ව පැවසුවේ "ඔයාගේ ග'ගා ගැන."


"ඇ"?


"...... මම මේ කල්පනා කලේ ඔයාගෙ අයියා කවදාහරි අසරණ වෙලා,කන්ට්‍රෝල්  නැතිවෙලා ඉන්න වෙලාවක වෙන කෙනෙක් එයාට හොඳට සලකලා තියෙනවද  කියලයි."


“අනේ ඔයාට ඒක අමතක කරල දාන්න පුළුවන් , මොකද මට මතක ඇති කාලෙකින් මම එයාව එහෙම දැකලා නැහැ,මගේ අයියා නියමයි.එයා හරිම තදයි වගේම කූල් කෙනෙක්.දැන් එයා නිතරම හොඳ ඇඳුමක් ඇඳගෙන පොතක් උස්සගෙන යනවා .ඒත් එයා ඔයාලගේ වයසෙ  ඉන්න කොට  අයියා තමයි බ්ලොක් එකේ හිටපු හොදම ෆයිටර්. එක පාරක් කාක්කෝ ටිකක් මට කරදර කරනකොට එයා යකඩ බටයක් අරගෙන දුසිමකට විතර තනියම ගහලා පොලිසියට අල්ලගෙන ගියා.ඒකෙන් පස්සෙ ඒ කාක්කෝ ටික නිකන් පාපිස්සක් වගේ හිටියේ අයියට. "අයියා" කියලා වැදගෙන හිටියේ එක්කෙනෙක් ඇර අනිත් ඔක්කොම. හොදයි ඒක වෙන කතාවක්.ගණන් ගන්න එපා "


ඇගේ දෑස් දිලිසෙනවා දුටු හේ යූ ට තවත් කේන්ති ගියා පමණි.ඔහු සිනාසෙමින් "ඔයා තාමත් පොඩි කාලේ වගේ ඉන්නේ කෝමද ? අයියව මතක් කරපු ගමන් ඔයාගේ මූන වැදවැටෙනවා වගේ වෙනවා.හරියට ඔයාගේ අයියා ඔයාගේ ගැලවුම්කාරයා වගේ "


"ඔව්! තාත්තා, අම්මා, අයියා විදියට මාව තනියම හහදාගන්න  එයාට කොච්චර අමාරු වුණාද කියලා ඔයාට තේරෙන්නේ නැහැනේ...."


"ඉතිම් ඔයත් ගුඩ් ගර්ල් කෙනෙක්නේ.ඔයත් එයාව කරදර ගොඩකින් බේරගත්තා ."


"...... ඒයි මට බෑ එයාට කරන්න පුළුවන් දෙයින් දශමයක්වත් කරන්න." කුකුළ් කටුවක් හපමින්  ෂිඒ ෂිඒ  ඔලුව වැනුවාය, 


"අහ් මම හොඳ නැහැ, මම හොඳ නැහැ " .


ඔවුන් කතා කරන විට, හී යූ අවන්හලේ දුම් සහිත වාතාවරණය තුළ ඇය දෙස බැලුවේ ය. ඇය තරමක් විනෝදජනක බව දුටු හේ යූ ගේ ඉරියව් සෙමෙන්  මෘදු විය. මෙතරම් සුන්දර ගැහැණු ළමයෙකුට කැමති එකම පුද්ගලයා තමා විය නොහැකි බව ඔහු සිතුවේය .


ඇත්තටම ඔහුට තවත් බලා සිටිය නොහැකි විය.


ඔහු යූ එදින රාත්‍රියේ නැවත ඔහුගේ නේවාසික කාමරයට නොපැමිණි අතර, ඔහුගේ නේවාසික මිතුරන්ට බාධා කිරීමට ඔහුට අවශ්‍ය නොවීය , එබැවින් ෂිඒ ෂිඒ ව නැවත පීඨ නේවාසිකාගාරයට  ගෙනගිය  පසු, ඔහු තම රියදුරු ලවා  ඔහුගේ සාමාන්‍ය හෝටලයට පැමිණියේය.ස්නානය කිරීමෙන් පසුව  සුදෝ ලෝම් කොට්ට අතර වැතිර සිටියේය.


"මම ආවා. ඔයා?...."


දුරකථනයේ තිරය හරහා ඇඟිලි පියාසර කළ නමුත්, ඔහුගේ සිතිවිලි පණිවිඩය අතරමගදී බාධාවක් විය .


අවසානයේ හේ යූ සුසුම්ලමින් ,සංවාද තිරයේ තිබූ වචන මකා දැමුවේය.


පසුව තිරය මත නිදාගෙන ඇවිදින වලහාගේ පින්තූරය දෙස බොහෝ වේලාවක් බලා සිටි අතර, සරලම වචන දෙක පමණක් යැවීය.


"ගුඩ් නයිට්".


දුරකථනය ක්‍රියා විරහිත කිරීමට උත්සාහ කරන විටම නැවත ඩිං හඩක් ශ්‍රවණය විය. එය ෂිඒ ෂිඒ ගේ පිළිතුරක් යැයි සිතූ හේ යූ වහාම දුරකථනය නැවත අතට ගත්තේය.


නමුත් පණිවිඩය ඇත්ත වශයෙන්ම "ගැලවුම්කරුවාගෙන්" විය.  එය බැංකු මුදල්  හුවමාරු  පණිවිඩයක්  විය.


"කලින් හොස්පිටල් එකේදි මගේ ඊ බෑන්කිග් වල ලිමිට් එක පැන්නා.ඒක දැන් හරි නිසා සල්ලි ආපහු දැම්මා"


හේ යූ, ෂිඒ චිංචෙං ආරම්භයේ දී  මෙලෙස ක්‍රියාකිරීම පිළිබඳව වෛර කළේය ,තවද එය ෂිඒ ෂිඒ ගෙන් ඔහු බලාපොරොත්තු වූ පරිදි පිළිතුරක් නොවූ බැවින් ඔහුගේ පිළිතුරෙහි ඔහු කෙරෙහි වඩාත් සීතල විය.



"මම මිනිහෙක්ව බේරගත්තා, ඇයි ඔයා ඒකට ගෙවන්නේ."


හේ යූ  මේ අයුරින් ක්‍රියා කරන විට ෂිඒ චිංචෙං ද වෛර කළේ ය,නමුත් තර්ක කිරීමට කම්මැලි විය .එබැවින් ඔහු පැවසුවේ  "ඒක සැලරි එකක් කියලා හිතන්න. "  යනුවෙනි.


"මොකක්".


"මාව  එක්ක ගෙන ගියාට ටිප් එකක්.එතැනදී මට වෙන ඩ්‍රයිවර් කෙනෙක් හම්බුනත් ඔයා වගේ ටැලන්ටඩ් ස්ට්‍රෝන්ග් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න වෙන්නෑ".


කෙතරම් ආකර්ෂණීයද.. .


තරුණ මාස්ටර්  රියදුරෙකු ලෙස භාවිතා කර   ඔහුට සේවා ගාස්තුවක්  ගෙවීමට මේ ලෝකයේ මිනිසුන් සිටින්නේ කීයෙන් කී දෙනාද?


අනෙක, ඇයි ඒක නිකං ගණිකා ගාස්තුවක්  වගේ උනේ! 

හේ යූ ගේ ප්‍රකාශය අඳුරු මීදුමකින් පිරී ගියේය.ඔහු පිළිතුරු දීමට අහම්බයෙන්  සංවාදයෙන් ඉවත් වූ විට ෂිඒ ෂිඒ සමග ඔහුගේ කතාබස් තිරය දුටුවේය.


ඇය ෂිඒ චිංචෙං  ගැන සඳහන් කරන විට ෂිඒ ෂිඒ ගේ දීප්තිමත් දිලිසෙන දෑස් ගැන ඔහු නැවතත් සිතුවේය, 


"මගේ ග'ග මාව තනිවම හදාගත්තේ කොච්චර අමාරුවෙන්ද කියලා ඔයාට තේරෙන්නේ නැහැ...." ඇය පැවසූ වදන් විය.


"......"


එය අමතක කරන්න, ඔහු  ඇගේ ලොකු සහෝදරයා විය.


එවිට හේ යූ පිළිතුරු දුන්නේ,


 " සුළු දෙයක්. ෂිඒ අයියට ඕනෙ වෙලාවක මට කතා කරන්න.මං ඔයාව සැපට සනීපෙට  එක්ක යන්න ගැරන්ට් කරනවා"


"  මුලින්ම ඔයා රට ඉන්නකොට තිබ්බ කාර් ඉන්ශුවරන්ස් ක්ලේම් හිස්ට්‍රි එක පෙන්නන්න.ඊට පස්සේ අපි කතා කරමු "


හේ යූ ගේ ඉරියව්ව තවත් වරක් කළු විය.ඔහු මුලින්ම  ආචාරශීලී  නොවිය යුතුයි!


මෙම අවස්ථාවේදී දුරකථනය නැවතත් නාද විය.


මෙවර ෂිඒ චිංචෙං නොව ඒ ෂිඒ ෂිඒ විය.

ෂිඒ ෂිඒ  පිළිතුරු දී තිබුණේ ,

" ගුඩ් නයිට්.අද දවසක තෑන්ක්ස්".


ඇය ඇගේ හූජෞ විශ්ව විද්‍යාලයේ පීඨ  නේවාසිකාගාරයේ නාන කාමරයෙන් පිටතට ගොස් , ඇගේ තෙත බේරෙන හිසකෙස් තුවායෙන් පිසින අතර ඇය තම දුරකථනය අතට ගත් මොහොතේ හේ යූ ඇයට එවූ "ගුඩ් නයිට්" පණිවිඩය දුටුවාය. ඔහුගේ පණිවිඩය ට පිළිතුරු දුන් ඇයට සිනහව වළක්වාගත නොහැකි විය.


ඉන්පසු ඇය තම මේසය අසල වාඩි වී ඇගේ සටහන් පොත විවෘත කළාය.මේ දිනවල  කිසිවෙකු තම දෛනික  ජීවිතය ගැන කඩදාසි මත ලිව්වේ නැති තරම් වුවත්, කටුක තීන්ත ,තියුණු පෑන සහ සහල් කඩදාසි  සමගින් අතීතයේ සැරිසැරීමට කැමැත්තෙන් මෙම අතීතකාමය පිළිබඳව අතීතය අල්ලාගෙන සිටි කිහිප දෙනෙකු සැමවිටම සිටියහ.


ඇගේ ලියන මේසය මත පහන දල්වමින් ,ෂිඒ ෂිඒ ඇගේ දිනපොත ලිවීමට පටන් ගත්තේ ය්

"ග'ග අදත් ඩේට් එකකට ගියා.මං හිතන්නෙ මං ඒ උරචක්කරමාලෙට කැමති නෑ"


ඇය වචන පන්සියයකට වඩා  ලියා ඇත. සමහරවිට ඇය ෂිඒ චිංචෙං ගේ ආදර ජීවිතය ස්පර්ශ කර ඇති නිසා ,ඇය මෙතෙක් තනිකඩව සිටියේ කෙසේ දැයි සිතා බැලීමට ඇයට නොහැකි විය.


ෂිඒ ෂිඒ  සුසුම්ලමින් වීදි ලාම්පු වල දැල්වෙන ආලෝකයෙන් ආලෝකමත් වූ තම ජනෙලයෙන් ඔබ්බට රාත්‍රී අහස දෙස බලා සිටියාය .

ඇය ඇගේ සහෝදරයාට වඩා වෙනස් විය . ඇගේ සොහොයුරා ආදරය හා විවාහය ගැන බොහෝ දුරට විශ්වාසය නැති කරගත් අයෙකු විය.ඔහු ඉතා නිරවුල් ජීවිතයක් ගත කළ අතර පීච් මල් දෑසින් සෑම කෙනෙකුම එකම තරමක නොඉවසිලිමත් කමින් සැලකුවේය. 


නමුත් ඇය කැමති කෙනෙක් සිසිටියේය.


නොපැහැදිලි රුවක් ඇගේ ඇස් ඉදිරිපිට දිස්විය .කුඩා කල සිටම ඔහු බොහෝ විට ඇය වටා සමිපව සැරිසරන බව ඇය දුටුවාය.


ඔවුන් ජීවත් වන්නේ එකම ලෝකයේ නොවන බවත් ඔවුන්ගේ සමාජ කවයන් සහ පන්ති අතර පරතරය නොබැඳිය හැකි හිස් බවක් බවත් ඇය හොඳින් දැන සිටිය අතර ඔහු ඇයට වඩා වයසින් බාල විය .


නමුත් දැන් ඔවුන් දෙදෙනාම හූජෞ විශ්ව විද්‍යාලයේ සිටි අතර , ඔහු කෙරෙහි උනන්දුවක් දක්වන ගැහැණු ළමයින් එකින් එක පැමිණෙන්නේ සරත් සෘතුවේ අස්වැන්න නෙලීමට පෙර සුළඟට ගසාගෙන යන  තිරිඟු රළ වලට වඩා උද්‍යෝගිමත්ව  බව ඇයට පැවසිය හැකිය .


ඇය ඔහුට නොපැවසුවහොත්  ඇගේ කාලය ඉක්මනින් ගෙවී යනු ඇත .ඔවුන් මේ ආකාරයෙන් එකිනෙකා පසුකර ගිය හොත් සමහර විට ඇය අනාගතයේ දී ඒ ගැන පසුතැවිලි වනු ඇත..ඒ අවසානයේ ඇගේ සහෝදරයා හා සමාන වනු ඇත-ඇයට ඇත්තටම හැඟීම් නොමැති කෙනෙකු සමඟ ජීවිතයේ සුළු දේ ගැන රන්ඩු වෙමින් අවංක නොවන පොරොන්දුවක් සහ  අප්‍රසන්න විවාහයකට ඇවිදීමට පෙර එක් දිනක් හදිසියේ නැවත  පණ ගැන්වූ මළසිරුරක් මෙන් ,නැවත තනිවී තම වැඩිහිටියන් අමනාප නොවන ලෙස එකිනෙක ගැලපීමේ දිනයන් යමින් සිටියේය .


සමහර අවස්ථාවලදී තම සහෝදරයා මෙලෙස සිටීම ඇයට දරා ගැනීමට නොහැකි විය.බොහෝ වේලාවක් ෂිඒ චිංචෙං  අන් අය වෙනුවෙන් ජීවත්වන බව ඇයට හැඟී ගියේය.අන් අයගේ අදහස් ගැන තැකීමක් නොකිරීම ගැන ඔහු කුමක් කීවත් ඇත්ත වශයෙන්ම ඔහු තම මිතුරන් සහ පවුලේ අය ගැන වඩාත්ම සැලකිලිමත් වූ පුද්ගලයා විය .

ෂිඒ චිංචෙං  බොහෝ සෙයින් වෙහෙසකර ජීවිතයක් ගත කළේය.


ඇය ඒ ඔහු සමඟ කතා කිරීමට උත්සාහ නොකලාක් මෙන් නොව , ඇය කතා කිරීමට උත්සාහ ගන්නා සෑම අවස්ථාවකදීම ,ඇගේ වැඩිමහල් සහෝදරයා ඇයට බැනවැද පවසා සිටියේ හොඳින් ඉගෙන ගෙන තම අනාගතය ගැන අවධානය යොමු කරන ලෙස හෝ  වැඩිහිටියන්ගේ කටයුතු වලට අතපෙවීම පිළිබඳව ඇයට බැන වැදෙමින් ,


"ඔයා වගේ පොඩි ගෑනු ළමයෙක් දන්නේ මොනවද ?" විමසීමයි.


ඇත්ත වශයෙන්ම,හැඟීම් අවම වශයෙන් තේරුම් ගත් තැනැත්තා ෂිඒ චිංචෙං ය.ඔහුගේ ජීවිතයෙන් අඩකට ආසන්න කාලයක් ගත කර තිබුණද  ඔහු අසාර්ථක වී තිබුණේ විවාහයේදී පමණි.


"මම කැමති කෙනෙකුට මගේ ෆීලින්ග්ස් කියන්න  උත්සාහ කරන්න ඕනේ. පොඩිකාලේ  ඉඳන්ම අයියා මට කිව්වේ නිර්භීත වෙන්න කියලා,මම හිතන්නේ මේකත් එහෙමයි.මම සක්සස් වුණත් නැතත් මම මගේ උපරිමයෙන් උත්සාහ කරනවා.ඒ වගේම අනාගතයේදී ඒ ගැන හිතනකොට මට කිසිම පසුතැවිල්ලක් ඇති වෙන එකක් නෑ".


ඇගේ අවසාන වාක්‍යය ලියා අවසන් කිරීමෙන් පසු ෂිඒ ෂිඒ  සටහන් පොත වසා දැමුවාය.


ඇය නොදැන සිටි දෙය නම්, කිලෝමීටර් කිහිපයක් එපිටින් පිහිටි හෝටල් කාමරයක , හේ යූට ඇගේ සිතුවිල්ල හා සමාන සිතුවිලි ඇති වූ බවය.




ළමයි! ගෙස් කරන්න ෂිඒ ෂිඒගෙ ක්‍රෂ් එක..😌😌


Translate credits :- Xie Lian


පෙර පරිච්ඡේදය / සියලු පරිච්ඡේද / පසු පරිච්ඡේදය

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-