Skip to main content

10.කැමති කියන්න ගිය දවසත් අප්සට් ගියා.


දින කිහිපයකට පසු, හේ යූ විසින් අවන්හලක් වෙන් කර , සති අන්තයේ සවස මුනගැහෙන ලෙස  ෂිඒ ෂිඒ ගෙන් ඉල්ලා සිටි අතර  ඔහු තම හැඟීම් එහිදී  ප්‍රකාශ කිරීමට අදහස් කළේය.


ඔහුගේ ඇමතුම ලබා ගත් විට ෂිඒ ෂිඒ තරමක් ව්‍යාකූල වූ නමුත් ආහාර පිළිබඳව ඇසීමෙන් ඇය වහාම  ප්‍රීතියට පත් විය.


"හරී,මම එනවා.මං අනිවා එනවා"


"එහෙනම් විසි වෙනිදා හවස 06:00 ට හම්බෙමු "


"ම්ම්ම්,විසිවෙනි ද  හවස?"


"ඇයි.ප්‍රශ්නයක්ද "


ෂිඒ ෂිඒ  හට  පීඩනයක් දැනුනේය. 

 "මං 20 වෙනිදා රෑ ටිකක් පරක්කු වෙන්න පුළුවන්.හජෞ හොස්පිට්ල් එකේ ඉමර්ජන්සි ඩිපාර්ට්මෙන්ට් එකෙන් මට කතා කළා . අර වයසක  ජ්‍යං  අංකල්ව චං කං මෙන්ටල් හොස්පිටල් එකට අරන් යනවා කිව්වා.මාත් ඒ නිසා චං කං වලට යනවා, ඩිරෙක්ටර් හම්බෙන්න අපේ ළමයි එක්කගෙන යන එක ගැන කතාකරගන්න ඕනේ මට.


"මං එහෙනම් වෙලාව වෙනස් කරන්නම්" හේ යූ සුසුම් හෙලන්නට විය.


"ඒත් මේ රෙස්ටුරන්ට්  එක රිසර්ව් කරන්න අමාරුයි.මං අන්තිමට කතා කරපු දවසේ එයාලා මට කිව්වා මාස තුනකට කලින් වත් වෙන් කරන්න කියලා "


"අවුලක් නෑ ,ඔයාට ඕනෙ වෙලාවක අපිට යන්න පුළුවන්.අපේ ෆැමිලි  ශෙයාර්ස් තියනවා ඒ රෙස්ටුරන්ට් එකේ." හේ යූ සිනාසෙමින් පැවසීය.


ෂිඒ ෂිඒ "......"

ධනය.මෙතරම් පිළිකුල් සහගතද.එය ඉතා වෙහෙසකරව දිනාගත් තෘප්තිය පැහැර ගත්තේය.


"එපා, ඒක රෙස්ටුරන්ට් එකේ මැනේජර්ලට කරදරයක්.මං ඒ වගේ දේවල් කරන්න ආස නෑ" ෂිඒ ෂිඒ පැවසුවාය.

" 20 වෙනිදම යමු. මං පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න ට්‍රයි කරන්නම්. වෙනසක් උනෝතින් මං ඔයාට කලින් කියන්නම් වී චැට් එකෙන්"



ඔහු යූ ඔහුගේ නළලට අත තබා වඩාත් පැහැදිලිව සිනාසුණේය, "ම්ම් හරි, ඔයාට ඕන විදියක්."


Xie Xue දුරකථනය ඇමතුම ඉතා සතුටින් අවසන් කළාය.


 හොද කෑමකට යන්න තියනවා!


ඇසිපිය ගසන වේගයෙන් දිනය උදා විය.

ෂිඒ ෂිඒ විශ්වවිද්‍යාලය වෙනුවෙන් සාකච්ඡාවකට යන බැවින් හූජෝ විශ්වවිද්‍යාලයට අයත් නිල ඇඳුමකින් සැරසී ජුඇං ජීච්‍යං සහ සිවිල් කටයුතු කාර්යාංශයේ සේවකයෙකු සමග චං කං මානසික රෝහලට වෙත ගියාය.



චං කං යනු පුද්ගලිකව පවත්වාගෙන යනු ලැබූ පැරණි මනෝචිකිත්සක රෝහලකි. ඔවුන් මෝටර් රථයෙන් බැසගත් විගස දරුණු දුර්ගන්ධයක් දැනෙන්නට විය. පිළිකුල් සහගත ප්‍රකාශයකින් යුතුව රෝහලේ කාර්ය රෝගීන්ගේ අසූචි සහ මුත්‍රා වලින් විනාශ වූ ඇඳ ඇතිරිලි තොගයක් පිරිසිදු කිරීමේ කරත්තයක තබා ඇදගෙන යමින් සිටියේය. පසෙකින් ප්‍රවාහන රථ සඳහා ඉන්ධන සැපයීමට භාර නිලධාරීන් දෙදෙනෙකු වාද කරමින් ගෑස් ස්වල්පයක් අතුරුදහන්වී තිබේද නැද්ද යනවග රතු කරගත් මුහුණින් යුතුව  විවාද කරමින් සිටියේය.

මදක් බියට පත්ව ෂිඒ ෂිඒ ගේ අතින් අල්ලාගත් ජ්‍යං මාමා මදක් පසුපසට ගියේය 

"දුව, මේ ...."

" බයවෙන්න එපා අංකල් ඔයා මෙතන ඉන්නේ ටික දවසකට විතරයි.මෙයාලා පස්සේ ඔයාව වෙන කොහෙට හරි ගෙනියයි, හරි ද"


එය ඇසීමෙන් සන්සුන් වූ ජ්‍යං මාමා ෂිඒ ෂිඒ පසු පසින් සෙමෙන් ඇතුලතට ඇවිද ගියේය.


මනෝ චිකිත්සක රෝහලේ පිළිගැනීමේ ස්ථානය තරමක් සිත්ගන්නා සුළු විය. සපයා ඇති පහසුකම් කල්පැන ගිය ආකාරයෙ වූවද, අවම වශයෙන් කාමර නැවුම් බවින් සහ පිරිසිදු බවින් යුක්ත විය. එසේම වර්ණයෙන් සන්සුන් විය.


"මිස්ටර් ජං, හෝම්ලස් සර්විස් එකෙන් නේද? 

ඔබතුමා ආවේ ජ්‍යං ජීච්‍යං මහත්තයව තාවකාලිකව මෙහෙ නතර කරන්න නේද, හරිනේ?" 


"ඔව්."


"බොස් ඔයාට කතා කළා, මේ පැත්තෙන් එන්න ප්ලීස්"



ජ්‍යං ජීච්‍යං ගේ තත්ත්වය සාපේක්ෂව තරමක් හොඳ වූ බැවින් ඔහුට පළමුවන මහලේ  නතර වීමට හැකි විය. ඒ අතරතුරදී ෂිඒ ෂිඒ සේවකයෙක් කැටුව කාමර සහ අවට ප්‍රදේශ පරීක්ෂා කරබලා සන්සුන් සුසුමක් පිටකළාය.ජ්‍යං මාමා තම කාමරයට ඇතුළු වූ පසුව ෂිඒ ෂිඒ ගේ වයසෙහි පසු වූ සිනහමුසු මුහුණින් යුක්තය තරුණ කාර්ය මණ්ඩල සේවකයෙකු ඔහු සමග කතා කිරීමට පටන් ගත්තේය. මේ තම දියණිය යැයි නැවතත් වරදවා වටහා ගත් ඔහු  කියවන්නට විය.  

" අහ්..අපිට ඔයාලට  කරදර කරන්න වෙයි" කාර්යාලයට ගොස් දිගුකාලීන රෝහල් ගතවීම පිළිබඳව පෝරම විශාල ප්‍රමාණයකට අත්සන් කළ  සිවිල් කටයුතු කාර්යාංශය සේවකයා නැවත පැමිණියේය. 


නමුත් ෂිඒ ෂිඒ ට සාකච්ඡා කිරීමට අවශ්‍ය වූ පුද්ගලයා පිළිගැනීමේ නිලධාරියා නොවූ අතර , මෙම පුද්ගලයා සොයා ගැනීම සඳහා ඇයට ඉහල මාලයට ගමන් කිරීමට අවශ්‍ය විය.පිළිගැනීමේ නිලධාරිනිය ඇය සමඟ යාමට නියමිතව තිබූ නමුත් ඇයට එම  ස්ථානයෙන්  පිටව යාමට නොහැකි බැවින්  තුන්වන මහලේ පිහිටා ඇති  කාර්යාලයට ගොස් අධ්‍යක්ෂ ලියැං මුණගැසෙන ලෙස ඇය ෂිඒ ෂිඒට උපදෙස් දුන්නාය.


චං කං මනෝචිකිත්සක රෝහලේ තුන්වන මහල උග්‍ර රෝගීන් සඳහා සඳහා වෙන් කරන ලද වාට්ටුවයි.ෂිඒ ෂිඒ සෝපානයෙන් ඉහලට පැමිනි විගස ඇයට අපහසුවක් දැනෙන්නට වූ අතර  මෙහි පරිසරය පහළ මාලයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව අවබෝධ විය. 


අවහිර කරන ලද ජනේල සහ දොරවල් නිසා එය බන්ධනාගාරයක් මෙන් දැනෙන්නට විය.

මුළු කොරිඩෝව පුරා පැතිරී යන කෑ ගැසීම සහ හැඬුම් හේතුවෙන් අවට පරිසරය ත්‍රාසජනක චිත්‍රපටයක දර්ශනයක් මෙන් බියකරු විය .

තාපදීප්ත බලපෑ නිතර දල්වා තිබීම හේතුවෙන් කොරිඩෝවේ ආලෝකය ඉතා දීප්තිමත් වූ නමුත්  මෙවැනි වටපිටාවක් තුල එම ආලෝකය අසාමාන්‍ය ලෙස මාරාන්තික ධවල වර්ණ පැහැයක් ගත්තේය.


"මං මැරෙනවා,මං මැරෙනවා, හහ්හහ්හහ්…."


"උඹ ලෙඩෙක්,උඹට තමයි ලෙඩ"



"මං මිනිහෙක් නෙමෙයි , මං පෙරේතයෙක්, නෑ මං පෙරේතයෙක් නෙමෙයි මං මිනිහෙක්…ඇත්තටම මම මොකක්ද ?

මනුස්සයෙක්ද? පෙරේතයෙක් ද?…."


සෑම වාට්ටුවක්ම බර යකඩ දොරකින් මුද්‍රා තබා ඇති අතර සෑම යකඩ දොරකම A4 කඩදාසි  ප්‍රමාණයේ ටෙම්පර්ඩ් වීදුරු කවුළුවක් විය. මෙම කවුලුව හරහා ඇතුළත දර්ශනය දැකගත හැකිය.


භීතියෙන් වෙව්ලමින් ෂිඒ ෂිඒ ටික දුරක් ඇවිද ගිය අතර අවසානයේ ඇගේ කුතුහලය  පාලනය කරගත නොහැකිව  සාමාන්‍යයෙන් නිශ්ශබ්ද වාට්ටුවක දොරක් අසල නතර වී දොර කවුළුවෙන් ඇතුළත බලන්නට විය. 

කාන්තාවක් මෝඩ ලෙස තමාට ම  සිනාසෙමින් ඇතුළත වාඩිවී සිටියාය.මුළු කාමරයම මෘදු වස්තූන්ගෙන් සරසා ඇති අතර එමගින් එමගින් රෝගියාට හානියක් හෝ සියදිවි නසාගැනීමට නොහැකි විය. එහි මේස හෝ පුටු නොතිබුණ අතර ඇඳ පවා කොන් වලින් තොර වූ විශේෂ ආකාරයක් ගත් අතර තද කළු පැහැති සීමාවන් සවි කර තිබුණි.


එම උමතු  ගැහැණිය  එහි වාඩි වී සීමා පටි පිරිමදිමින් ඒවා තම පැහැපත් ලයට තුරුල් කර ගනිමින් සිටියාය. ඇය උමතු ලෙස සිනාසෙමින් 

"කවුද උබට කිව්වේ ඔය ගෑනු බැල්ලිට රැවටෙන්න කියලා.බලපං දැනටමත් මං උබව කෑලි වලට ඉරලා ඉවරය.මං ඇර කවුද උබව අල්ලලා බදාගන්න කැමති වෙන්නේ..සුදු මහත්තයෝ "


ෂිඒ ෂිඒ ඊළඟ කාමරයට ලඟාවිය.


ඊළඟ කාමරය හිස් විය, බොහෝ විට රෝගියා ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් ඇත.


ඉන්පසු කාමරයේ කවුළුව තුළින් දැකිය හැකි වූයේ කාමරේ කොනක බිත්තියට  මුහුණ ලා ඉඳගෙන බිත්තිය මත යමක් අතුල්වන මිනිසෙකුගේ  ඡායාවකි.ඔහුගේ පෙනුම අතිශයින්ම සාමකාමී සහ සන්සුන් වූ අතර,ෂිඒ ෂිඒ ඒ දෙස බලා සිටින විට ඇයට අවබෝධ වූයේ ඒ මිනිසා තම අසූචි  බිත්තිය මත තවරන බවයි.


ඇය තවදුරටත් ඉදිරියට ඇවිද ගෙන ගියා ය.ඊළඟ කාමරයේ තරුණයෙකු සිටි අතර, බොහෝවිට  ඔහු ඔහු විසින්ම  විකෘති කරගෙන ඇති බැවින් ඔහු කොපමණ වේලාවක් විශේෂ ඇඳක බැද තබා තිබුණේද යන්න කිසිවකු දැන සිටියේ නැත.ඔහු තවමත් ඔහුගේ මුහුණ උඩුකුරු කරගෙන උමතු ලෙස හඬමින්, සිනාසෙමින් කෑගසමින් සිටියේය.

" කාලකන්නි, මාව ගැට ගහන්න උඹලට ඇති අයිතිය මොකක්ද?මට මැරෙන්න ඕනේ .ඇයි මට මැරෙන්න බැරි.උඹලා මට මැරෙන්න දෙන්නෙ නැත්නම්  මම නිදහස් උන දවසක උඹල ඔක්කොම මරනවා..මම නිදහස් වුණාම උබලා අන්තිම එකා වෙනකම්ම මරනවා..මට එළියට යන්න දීපියව් !මාව නිදහස් කරපියව්!"  

ෂිඒ ෂිඒ ඒ දෙස බලන තරමට ඇය වඩාත් භීතියට පත් විය.පැය භීතියට පත් වන තරමට ඇය නිහඩ බලා සිටියාය.


ඇගේ දෑස් ඊළඟ වීදුරු කවුළුව ළඟ නතර විය.


"ආහ්!!!"

ඇයට වීදුරු කවුලුවට තද වූ මුහුණක් නෙත ගැටුනා ය.අතිශය ලෙස  බියට පත්වූ ෂිඒ ෂිඒ හයියෙන් කෑ ගසමින් කොරිඩෝවේ විරුද්ධ පැත්තට පසුබැස එහි දොරකට හේත්තු වී තදින් හුස්ම ගත්තාය.

කවුළුව මතට තදින් හේතු වූ එම මිනිසා ඇය දෙස බලා සිටියේය,ඔහුගේ දෑස් භයානක ලෙස විශාල වූ අතර රුධිර පැල්ලම් සහිත විය.ඇය බියට පත් වී සිටිනු දුටු ඔහු අධික ප්‍රීතියෙන් මහහඬින් කාමරය තුළ සිනාසෙන්නට පටන් ගත් අතර ඔහුගේ ඉදිමුනු රතු පැහැ ගත් නාසය වීදුරුව මත තදින් තද කර කවුළුව පුරා සෙම අතුල්ලමින් අවුල් ඇති කළේය.


ෂිඒ ෂිඒ ගේ හදවත ගැහෙන්නට විය. මදක් සංසුන් වූ ඇයට එක්වරම ඇගේ වළලූකර මත අයිස් වැනි සීතලක් දැනෙන්නට විය.


ඇය බිම බැලුවාය.-


"ආහ්හ්හ්හ්හ්හ්!!!"

මෙවර ඇගේ කෑ ගැසීම පෙරටත් වඩා වැඩි විය!


ඒක අතක්!

ඉහළ කවුලුවට අමතරව වානේ දොර පතුලේ ආහාර බෙදා හැරීම සඳහා විවෘත පියනක් ඇති බව පෙනී ගියේ ය.

දොරට තදව තිබූ ඇගේ පාදයේ වළලූකර සුදුමැලි කුඩා අතක් විවෘත පියන හරහා  තදින් ග්‍රහණය කරගෙන තිබුණි.


ෂිඒ ෂිඒ ඇද වැටීමකට ආසන්න විය.ඇය වහා ඉවතට පැන හඬමින් කෑගසමින් ඇගේ පාදය මුළු කාලය පුරාම පාගා ගත්තේය. කුඩා අත ඉවත් කරගත් නමුත් ඇතුලේ සිටි රෝගියා නැවතත් කාමරයේ මැදට ගොස් ජනේලයෙන් ඔහුට පෙනෙන ලෙස සිටගෙන සිටියේය. එම තරුණයා ඇල්බිනෝ පිරිමි ළමයෙකි,ඔහුගේ මුළු සිරුරම සුදුමැලි වී ඇති බවක් පෙන්නුම් කළ අතර ඔහුගේ දෙඇස් පවා විනිවිද බාවයකට ආසන්න වීය. ඔහු සන්සුන්ව ඇය දෙස බලා සිටියේ සිනහවෙමින් ඔහුගේ දිලිසෙන සුදු දත් පෙන්වමින්ය. 


"ජිජී ...... හී හී හී......."


චං කං රෝහලෙහි ශබ්ද ආරක්ෂණය දුර්වල විය. එම ඝෝෂාව කොරිඩෝවේ සිටි සියළුම රෝගීන්ගේ අවධානයට ලක් වූ අතර ඔවුන් තම තමන්ගේ කවුළු අසලට පැමිණ ෂිඒ ෂිඒ දෙස බලා සිටින්නටත් අමුතු ශබ්ද ඇති කරන්නටත් ඉක්මන් විය. රෝගීන් ඔවුනොවුන් අතර කෑගැසමින්  පාවෙන යමක් අන්ධ ලෙස අල්ලා ගැනීමට මෙන්   විවෘත පියන හරහා අත් ගණනාවක් සිරවී එහාට මෙහාට පැද්දෙමින් තිබිණි.

" ගෑනියෙක් අපිව බලන්න ඇවිල්ල"

"ඒකි කවුද? ඩොක්ටර් කෙනෙක් ද?"

"ඩොක්ටර්! මගුල තමයි.ඒ විසිටර් කෙනෙක්"

" ඒ ගෑණු හොලමනක්"

"ඒකිගෙ කකුල් අල්ලගන්න"


ඇත්තවශයෙන්ම ඔවුන්ට ෂිඒ ෂිඒ අල්ලා ගැනීමට නොහැකි විය,නමුත් ඔවුන් දැඩි සහ අසීමිත ලෙස සිනහවිය.මොහොතකට ෂිඒ ෂිඒ ට ප්‍රායෝගිකව දැනුනේ ඇය ඝෝෂාකාරී කෑ ගැසීම් වලින් වටවූ බකමූණන්ගේ ආත්මයන් ගෙන් පිරුණු වනාන්තරයකට ඇවිද ගිය බවයි.


ෂිඒ ෂිඒ ට මෙය තවදුරටත් තවදුරටත් දරා ගත නොහැකි වූ අතර ඇය ආපසු යන්නට සූදානම් විය. පිළිගැනීමේ නිලධාරිනියට ඇගේ කටයුතු සදහා කොපමණ වේලාවක් ගතවුවත් ඇය ඒවා අවසන් වන තෙක් බලා සිට නැවත ඔවුන් සමග පැමිණෙනු ඇත! 


නමුත් මේ මොහොතේ කවුරුන් හෝ ඇගේ උරහිසට තට්ටු කළේය.


"උදව් කරන්නෝ"!! ෂිඒ ෂිඒ ගේ මානසික තත්වය සම්පූර්යෙන් බිද වැටිනි..


"ෂ්ෂ්."


ෂිඒ ෂිඒ  ගේ මුහුණ සීතල දහඩියෙන් තෙත් වූ අතර ඇය බියෙන් ආපසු හැරී බැලූ විට සුවිශේෂී ආකර්ෂණීය  මුහුණක් ඇය අසල විය.


ඒ සුන්දර කාන්තාවක්.

එම කාන්තාව පැරණි විලාසිතාවකින්  සැරසී සිටියේය, ඉතා පැරණි පෙනුමක් ඇති රතු පැහැති ඇඳුමක් සහ රතු පැහැති අඩි උස පාවහන් යුගලක් පැළඳ සිටියාය.වයස අවුරුදු 50ක් හෝ ඊට වඩා මදක් වැඩි පෙනුමක් සහිත නමුත් තරුණ වියේදී ඇය සතු වූ චමත්කාරජනක සුන්දරත්වය තවමත් කෙනෙකුට දැකිය හැකිය. වියළී කුණු වූ  ඇපල් ගෙඩියක් මෙන් එය වර්තමානයේ වියැකී ගොස් තිබුණත් ඇයගේ සුන්දරත්වය තවමත් කෙනෙකුට දැකගත හැකිය. 


ඇගේ පපුව මත නම සහිත ලේබලයක් විය.

"ලියැං ජිචෙං" 

 ෂිඒ ෂිඒ කාන්දු වී කඩාවැටීමට ආසන්න බෝලයක් මෙන්  සැනසුම් සුසුමක් හෙළුවේ ය.

" ඩිරෙක්ටර් ලියැං"

ලියැං ජිචෙං සිනාසුන නමුත් යම් කිසියම් හේතුවක් නිසා ඇගේ මුහුණ තරමක් දැඩි විය, තම මාංශපේශීන් සම්පූර්ණයෙන් සෙලවීමට නොහැකිව බැවින් ගැඹුරු සිනහව ප්‍රදර්ශනය කළ බවක් පමණක් හැගවීය.


"ඔයා මෙතැන කෑ ගහන්න එපා.ඔයා වැඩියෙන් කෑ ගහනකොට මෙතන ලෙඩ්ඩු තවත් කලබල වෙනවා.එයාලා ඔයාව භය කරන්න හදාවි.එන්න මගෙ ඔෆිස් එකට යමු" ඇය සෙමෙන්  පැවසීය. 


5.30

හේ යූට හදිසියේම ෂිඒ ෂිඒ වෙතින් පණිවිඩයක් ලැබුණි.

" මම පරක්කු වෙන එකක් නෑ"


"ඔයාගෙ ඉන්ටෙර්වීව් එක හොදට උනා නේද" හේ යූ විමසී


" ගොඩාක් හොඳට කළා. එයාලා කැමති උනා  ළමයි ටිකක් මෙහෙ බලන්න එක්කගෙන එනවට.ඒත් මං හිතුවට වඩා එයාලට අවශ්‍ය දේවල් තියෙනවා.ඒ නිසා මම තව විස්තර හොයනවා"




ටික වේලාවකට පසු ඇය මෙසේ පැවසීය .

" අහ් හරී. අද මාත් එක්ක වටේ ඇවිදපු ඩිරෙක්ටර් ලියැං හරිම ලස්සනයි . ඇත්තටම පුදුමාකාරයි.ඔයා ආවෙ නැත්තෙ අපරාදේ"


හේ යූ ඇයට තවදුරටත් බාධා නොකළේය.ඔහු තම දුරකථනය ඉවතට විසිකර තම අල්මාරියෙන් ඇඳුම් කීපයක් ගැනීමට නැගී සිටියේ අවන්හලේ ඇය එනතුරු බලා සිටීමට යාමට සූදානම් වීමටය.

ඔහු එහෙ යන විටත් බොහෝ කාලය ඉතිරිව තිබිණි.කළමනාකරු ඔහුව ගෞරවාන්විතව රැගෙන ගියේ ඔහු කලින් වෙන් කරගෙන තිබූ ඉහළ මහලේ භෝජනාගරයේ මේසය වෙතටය. පෞද්ගලික කාමරය තිබුණද, හේ යූ තෝරාගනු ලැබුවේ  මුළු හූ ජෝ  නගරයම පෙනෙන ආකාරයේ බැල්කනි මේසයකි. එසේම රාත්‍රී සුළඟ ඉතා සංසුන් වූ අතර රෝස පැහැයෙන් හිරු බැසයන තවමත් තේජාන්විත විය. ෂිඒ ෂිඒ මෙයට කැමති වනු ඇතියි ඔහු විශ්වාස  කළේය.


6.05


ෂිඒ ෂිඒ තවම පැමිණ නොසිටියේය. 

ඇය කොහිද සහ වාහන තදබදයක් තිබේදැයි විමසමින්  හේ යූ පණිවිඩයක් යැවීය. ඔහු එය යැවූ සැනින් අසල සිටි පුද්ගලයෙකුගේ කටහඬ ඇසුනි.

"නෝනාවරුනි මහත්වරුනි, පඩිපෙළේ පරිස්සමෙන් වෙන්න."

ඔහු හිස ඔසවා බැලුවේ -විශාල පිරිසක් පැමිණ සිටියහ. එය කිසියම් ව්‍යාපාරික රැස්වීමක් හෝ යම් සමාගමක ඉහළ නිලධාරීන් සඳහා වූ රැස්වීමක් මෙන් දිස් විය..

හේ යූ හට එය තරමක් ඝෝෂාකාරී විය. ආසනය වෙනස් කළ යුතුද නැතිද බව ඔහු සිතමින් සිටින විට සෙනඟ අතරෙහි උදාසීන පෙනුමක් ඇති මිනිසෙකු දුටුවේය.

හේ යූ පුදුමයට පත්විය.

"ෂිඒ චිංචෙං ?"


ෂිඒ චිංචෙං වෛද්‍ය විද්‍යාලයේ වැදගත් ක්‍රියාවකට දායක වූ අතර , පාසල මෙම ස්ථානය මාස කිහිපයකට පෙර විශේෂයෙන්ම තෝරාගෙන තිබුණි . උත්සවය අවසන් වූ අතර , රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා කාලය පැමිණ ඇත.


මෙවැනි ස්ථානයකදී , මෙවැනි වෙලාවක දිනයක් ගත කිරීමට පැමිණ විටද ෂිඒ චිංචෙං සමග ගැටෙන්නට තරම් තමා අවාසනාවන්ත වනු ඇතැයි හේ යූ කිසිදිනක නොසිතන්නට ඇත.


මෙවැනි පුද්ගලයකු සිටින විට ෂිඒ ෂිඒ හට තම ආදරය ප්‍රකාශ කරන්නේ කෙසේද?ෂිඒ චිංචෙං  ඔහුව ඉහල මහලේ සිට පහල ගඟට විසි කරනු ඇත!

ෂිඒ චිංචෙං ද ඔහුව දුටුවේය. ඔහු තම සගයකුට වචන කිහිපයක් පවසා හේ යූ ට ආචාර කිරීමට පැමිණියේ.

"කවුරුහරි එනකන්ද බලන් ඉන්නේ?" 


"හ්ම්ම්ම්"


ෂිඒ චිංචෙගේ මිතුරකු ඒ අසලින් ගමන් කළේය. හේ යූ දුටු ඔහු

" හැන්ඩ්සම් බෝයි කෙනෙක්.. ප්‍රොෆෙසර් ෂිඒ ගේ නෑයෙක් ද?"


" ක්ලයන්ට් කෙනෙක්ගේ පුතෙක්"


" ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න ආවද කොල්ලෝ?"

සීමා මායිම් පිළිබඳ හැඟීමක් නැතිව නිතර ප්‍රශ්න අසමින් කරදරකාරී ලෙස හැසිරෙන  පුද්ගලයින් මේ ලෝකයේ සෑම විටම සිටිති.


හේ යූ හට හොද ආත්ම දමනයක් විය "මං ප්‍රොෆෙසර්  ෂීගේ නංගි එනකන් ඉන්නේ" යනුවෙන් සිනාසුණේය.


සගයා ඊටත් වඩා උද්යෝගිමත් වූ අතර ෂිඒ චිංචෙං  වෙත ඇසිපිය හෙළුවේය: 

" ප්‍රොෆෙසර්ගේ මස්සිනා හරිම ලස්සනයි ."


ෂිඒ චිංචෙං ගේ මුහුණ දෙස බැලූ විට ,ඔහු අද ෂිඒ ෂිඒට ආදරය ප්‍රකාශ කිරීමට එඩිතර වුවහොත්  ෂිඒ චිංචෙං මේසයක් පෙරළා ඔහු සමග එම ස්ථානයේදීම සටනක් ආරම්භ කිරීමට එඩිතර වන බව හේයු දැන සිටියේය.

…ඔහු ඒක අත හැරියොත් මොකද වෙන්නේ. ඔහුට වෙනත් දිනක ආදරය ප්‍රකාශ කල හැකි අතර අද දින ෂිඒ ෂිඒ සමග රාත්‍රී ආහාර භුක්තිවිදීම පමණක් කළ යුතුය.

එසේ සිතමින් "ඔයාට වැරදිලා.අපි යාලුවෝ විතරයි" කියමින් සිනහවන්නට විය. 


"ඇයි එයත් එක්ක එන්න හිතුවේ" ෂිඒ චිංචෙං නළල රැලි ගන්වමින් විමසා සිටියේ.


"මං රටේ ඉඳල ආවට පස්සෙ  එයාට  එයාට හරියට කෑමක් දෙන්න චාන්ස් එකක් හම්බුනේ නෑ"


ෂිඒ චිංචෙං  තවත් යමක් පැවසීමට සූදානම් වුවද ඔහුගේ මේසයේ සිටි අය අසුන් ගන්නා ලෙස දැනටමත් ඉල්ලා සිටියහ. ඔහුගේ සගයා ඔහුව ඇදගෙන යාමත් සමඟ වෙනත් විකල්පයක් ඉතිරි නොතිබුණි.ඔහු තම මේසය වෙත යාමට පෙර හේ යූ වෙත අනතුරු ඇඟවීමේ බැල්මක් හෙළුවේය.


6:15.


වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ මේසයට ආහාර සැපයීමට පටන් ගෙන තිබුණත්, ෂිඒ ෂිඒ තවමත් පැමිණ සිටියේ නැත.


ඇය නොපැමිණියා පමණක් නොව විනාඩි දහයකට පෙර හේ යූ තැබූ පණිවිඩයටවත් ඇය පිළිතුරු දී තිබුණේ නැත. හේ යූ ඇයට  තවත් පණිවිඩයක් යැවූ නමුත් තවමත් ප්‍රතිචාරයක් ලැබී තිබුණේ  නැත.


ඔහුට යමක් වැරදී ඇති බවට සුළු හැඟීමක් ඇති වූ අතර ඔහු වී චැට් ඔස්සේ ෂිඒ ෂිඒ කෙළින්ම ඇමතීමට තීරණය කළේය.


ඇය ප්‍රතිචාර දක්වන්නේ නැත.


ඔහු ඇගේ අංකය අමතා සිටියේය.


පළමුව දුරකථනය බීප් හඬින් නාද වුවත් බොහෝ වේලාවක් ගත වුව ද ප්‍රතිචාරයක් ලැබුණේ නැත. 


"ඔබ ඇමතූ ග්‍රාහකයා දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බැවින් කරුණාකර පසුව යළිත් අමතන්න"


ෂිඒ ෂිඒ ගේ දුරකතනය ක්ෂණිකයෙන් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයේ සිට ක්‍රියාවිරහිත තත්ත්වය දක්වා පැමිණ ඇත.


නිසැකවම යමක් සිතු වි ඇති බව හේ යූ හට අවබෝධ විය.ඔහු වහා නැගිට අවන්හලෙන් ඉවතට  ගමන් කරන්නට විය.මෙම තරුණයා ඉතා ඉක්මනින් අඳුරු මුහුණින් පිටත්ව යනු දුටු කළමනාකරු බියට පත්වූ අතර මදක් කලබලයෙන් මෙසේ ඇසීය.


"සර්..අපේ සර්විස් එකේ ප්‍රශ්නයක්ද?


"නෑ.."

හේ යූ එසේ පවසමින්  විදුලි සෝපානයේ 

ක්‍රියාත්මක බොත්තම් එබූ අතර ඔහුගේ ඉරියව් එන්න එන්නම තියුණු විය.


"ලොබි එකට මගේ කාර් එක එවන්න"


"අහ්..ඕකේ සර්"


හේ යූ කෝප්පයෙන් දැවෙන්නට විය , ඇයි මේ ගොඩනැගිල්ල මෙච්චර උසට හැදුවේ ?

ඔහුට පහත මාළයට පැමිණීමට සෝපානය පවා මාරු කිරීමට සිදුවිය.



"ඩිං...!"


සෝපානය අවසානයේ ඔහු සිටින මහලට ළඟා වූ අතර අදුරු වූ අළු පැහැති දොරවල් විවෘත විය. සෝපානට හේ යූ  ඇතුල් වූ  නමුදු දොරවල් වැසීමට ආසන්න මොහොතේදී දොර අතරට පැමිණි  හස්තයක් එය නැවත විවෘත කර සිටියේය.  


හේ යූ කෝප්පයෙන් හිස ඔසවා බැලුවේ තම කාලය නාස්ති කිරීමට උත්සාහ කරන අවජාතකයා හදුනාගැනීමටය. ඔහු දුටුවේ අත් ඔරලෝසුවක් පැළඳ සිටින ලස්සන සිහින් හස්තයකි.ඔහුගේ දෑස් එම හස්තය අනුගමනය කරමින් යද්දී ඔහුට ෂිඒ චිංචෙගේ රළු මුහුණ හමුවිය. 


"මොකද උනේ."

මිනිත්තු හතලිහකට පසුව ගණන් කිරීමට නොහැකි තරම් මාර්ගයේ රතු සංඥා එළි සහ බොහෝ රථවාහන රෙගුලාසි කඩ කිරීමෙන් අවසානයේ ඔවුන්ගේ මෝටර් රථය චං කං මානසික රෝහලේ රථ ගාලට ලඟාවිය.

හේ යූ, ෂිඒ චිංචෙං සමග රෝහලට ඇතුල් විය.

අහස දැනටමත් අඳුරු වී තිබිණි. චං කං මනෝ චිකිත්සක රෝහලේ ආලින්දයේ විදුලි පහන් දල්වා තිබූ අතර පළමු මහලේ අසාධ්‍ය නොවන රෝගීන් කිහිපදෙනෙකු හෙදියන්ගේ අධීක්ෂණය යටතේ පුනරුත්ථාපනය ව්‍යායාම කරමින් සිටියහ. 


"ඔයා කාවද හොයන්නේ?"

හේ යූ සහ ෂිඒ චිංචෙං කලබලකාරී ලෙස දොර තල්ලු කරන ආකාරය බලාසිටි  පිළිගැනීමේ කවුළුවේ සිටි හෙදිය තම ස්ථානයෙන් නැගී සිටීමට පෙර පුදුමයෙන් කෙටි වේලාවක් බලා සිටියාය.

" අද හවස  හූ ජෝ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක්, ප්‍රොජෙක්ට් එකක් ගැන කතා කරගන්න ඩිරෙක්ටර් ලියැං හම්බෙන්න ආවා.එයා ගර්ල් කෙනෙක්.මං එයාගෙ අයියා .කොහෙද එයා දැන් ?"


"එහෙමනම් එයා තර්ඩ් ෆ්ලෝ එකේ ඇති"

හෙදිය ෂිඒ චිංචෙං දෙස ඉහළ සිට පහළ දක්වා බැල්මක් හෙලා රතු වූ මුහුණින් යුතුව එක්වරම සිනහවක් පෑවාය.

" මිස්ටර් හැන්ඩ්සම්,ඔයා ඔයාගේ නංගි ගැන වද වෙනවද?"

"ඔච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ.අපි ලයිසන් තියන හොස්පිටල් එකක්, කිසිම වැරැද්දක් වෙන්නෙ නැහැ.එයාලා ටිකක් වැඩිපුර වෙලා කතා කරනවා ඇති. ඒවගේම ඩිරෙක්ටර් ලියැං කියන්නේ වයිෆ් කෙනෙක් සහ ළමෙක් ඉන්න අවුරුදු 50 ටත් වැඩි කෙනෙක්..එයා එහෙම වෙන්න විදිහක් නෑ .." ඇය විහිලු ස්වරයෙන් පැවසුවාය.



"ඔයා කිව්වේ මොකක්ද !"


හේ යූ ඇයට හදිසියේම බාධා කළේය.


"ඔයා කිව්වද ඩිරෙක්ටර්  ලියැංට වයිෆ් කෙනකුයි ළමයෙකුයි ඉන්නවා කියලා?"


"ඔව් ඔව්."


ඔහුගේ මුහුණ එකවරම වෙනස් විය.


මුලදී එය නොපැහැදිලි උපකල්පනයක් පමණක් විය, නමුත් යමක් වැරදී ඇති බව  හේ යූ හට ස්ථිර විය.

ෂිඒ ෂිඒ විසින් ඔහුට එවූ අවසන් කෙටි පණිවිඩය ඔහුගේ දුරකථනයේ තවමත් ඇත.එම අවස්ථාවේ ඇය කියා සිටියේ 


"අද මට වට පිටාව පෙන්නන්න ආපු  ඩිරෙක්ටර්  ලියැං හරිම ලස්සනයි,..පුදුමාකාර ලස්සනක් ඒක...."


--අධ්‍යක්ෂක ලියැං කාන්තාවක් නෙවෙයි!


හේ යූ වහා උඩ තට්ටුවට දිව්වා!!!


මේ මොහොතේ.


චං කං මනෝ චිකිත්සක රෝහලේ සේවා මුර සේවාමුර කාර්යාලය තුළ ගීතයක හඬ අවකාශය පුරා දෝංකාර දුන්නේය.


"විසිකරන්න.. 

විසිකරන්න..

ලේන්සුව විසි කරන්න , 

ඔබේ මිතුරාගේ පිටුපසින් එය එල්ලන්න…

කිසිවකුට ඇයට එය දන්වන්න දෙන්න ඉඩ නොදෙන්න …"

ලියැං ජිචෙං ඇය අතේ තිබූ හිස් කබල සමගින් නැවත නැවතත් පොළොවේ යමක් තද කරමින් මුමුණන්නට විය .

ඇයගේ හිසට ඉහළින් විදුලි පංකාව හඩනගමින් කැරකෙමින් පැවතිණි.එය ආලෝකය සහ සෙවණැලි අවුල් කළද ඇය ඉදිරියෙහි ඇති දෙය ආලෝකමත් කිරීමට තවමත් සමත් විය.


එය අලුත්  මළ සිරුරක් විය!


රුධිරය ඒ වන විටත් හූ ජෝ විශ්ව විද්‍යාලයේ පීඨ නිල ඇඳුම දීප්තිමත් රතු පැහැයෙන් වර්ණාලේප කර ඇත.


ඒ ෂිඒ ෂිඒ !!!


"ලියැං ජීචෙං" අවසානයේ ෂිඒ ෂිඒ ගේ මුලු අතම කපා දැම්මේය.එම අත ඉහලට අල්වාගෙන  මද වේලාවක් ඇය එය නිරීක්ෂණය කිරීමෙන් පසු  උදාසීන අයුරින් එය ඉවතට විසිකළේය. එම හස්තය ෂිඒ ෂිඒ ගේ. ඒ වන විටත් අයිස් මෙන් සීතල වූ මෘත දේහය තිබූ දිශාවට පෙරළී ගියේය..  





Translate credits :- Xie Lian

Comments

  1. ඈ........😭😭😭😭😭

    ReplyDelete
  2. 🤔🤔 මොකක්ද ඒ වුනේ ඉක්මනින් අනික් කොටසත් දෙන්නෝ තැන්ක් යූ❤ ❤

    ReplyDelete
  3. ඉක්මනින් අනිත් කොටස් දාන්න ..👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-