Skip to main content

12. මිනීමරුවාව පිච්චිලා අළු වුණා.

පොළොව මත තද කරන ලද ජ්‍යං ලාන්පෙයිට  හුස්ම ගැනීම අපහසු වූ අතර ඇගේ දෙනෙත් රත් පැහැ ගැන්වී ඇගේ මුව කෙළවර උමතු සිනහවක් මතු විය.

"හහ් හහ් හහ්.. පොලිසිය .. පොලීසියෙන් ඇති වැඩේ මොකක්ද? පොලිසියේ කියන්නේ ජරාවක්! මේ මුළු අවුරුදු ගානටම එකම එක පොලිස් කාරයෙක්ටවත් මාව මේ අපායේ හිර කරල තියෙනවා හොයා ගත්තද ? නෑ.. උන් ඔක්කොම කිසිම වැඩකට නෑ !"

ඇගේ මනස ව්‍යාකූල වූ බැවින් , එම  වචනය ඇසීමෙන්  ඇය බොහෝ වේලාවකට එහි  ගිලී සිරවී සිටියාය.

 ඇය ඔවුන්ට ශාප කරන විට සුළඟේ පැටලී  ඇගේ අවුල් වූ හිසකෙස් මුඛය තුළටද ඇතුල්විය.කෙල ගසමින් එය ඉවත් කරනවිට ඇගේ බැල්ම තවත් බිහිසුණු  ලෙස දිස්විය. 

"දැන් මොකක්ද ? උඹ මාව මරන්න හදන්නේ නේද ? ඔෆිසර්! උඹේ නොසැලකිල්ල වහගන්න මාව මරන්න යන්නේ නේද?"

ඇය කතා කරන විට ඇගේ මුහුණේ සුන්දර උදාසීන සිනහවක් මතු විය. ඇයි දමනය කර තිබුණද ඇගේ දෙනෙත් දිගින් දිගටම ඔවුන්ව සමච්චල් කළේ ය.

"මම දැනගෙන හිටියා උඹලා ඔක්කොම මේ වගේ කියලා! කුණුගොඩවල් ! උඹලා දන්නෙ උඹලගෙ වැඩකට නැති කම ගෑණුන්ට පෙන්නන්න විතරයි, වෙන ඕනෙම දේකට උඹල කිසිම දෙයක් කරගන්න දන්නෙ නෑ. අවුරුදු විස්සක් තිස්සේ මට සැලකුවේ සතෙක්ට වගේ .. උඹලා දන්නවද මං කාලේ මතක තියාගන්න කළේ මොනවාද කියලා? අර පකයා බිත්ති අලවපු ෆොටෝ ටිකයි මම පාවිච්චි කලේ! මම හැමදාම ඒ ජරාව දිහා බැලුවා! පලවෙනි ෆොටෝ එකේ මට අවුරුදු 29 යි! අවු 29යි!!!

"මට මේ අවුරුද්දේ 50ක් වුණා…හහ්! නැත්නම් පනස් දෙකයි! පනස් එකයි ! සමහරවිට මට තාම 50 වුණේ නැද්ද ?" නැවත වරක් ඇය වික්ෂිප්ත වූ බවක් පෙනෙන්නට විය.ඇගේ රක්තවර්ණ තොල් මත ඇඳුනු වශීකරවන සිනහව ආසනික් සමග මිශ්‍ර් වූ වයින් මෙන් විය.

" ඒක අමතක කරමු, ඒක ඒ තරම් වැදගත් නැහැ ..වැදගත්ම දේ මං එළියෙ ඉන්න එකයි "

" උඹලා දන්නවද මං කොහොමද එළියට ආවේ කියලා ?" 

" අර මිනිහට ගණිකාවක් වගේ චාටු කතා කිය කිය මම අවුරුදු ගානක් පිස්සු බැල්ලියෙක් වගේ ගෙව්වා. ඌ මං දිහා පහත් විදිහට බැලුවට ඌට ඕනෙ උනේ මට කෙලවන්නමයි, එහා මෙහා කැරකි කැරකි මට පෙන්නලා උගෙ ජරා ආත්ම අභිමානය ආයේ හදාගන්න…හහ්හහ්හහ්..මම ඌට යටත් වෙලා හිටියා පහුගිය අවුරුදු ටිකේම  ඌට ඒක හිතට වදින කම්.  ඌ ටික ටික මගේ වටේ හිටපු ගාර්ඩ්ලා අඩු කළා. එක සැරයක් ඌ කලිසම ගලවපු වෙලාවක, ඌ ඇත්තටම මගේ කාමරයේ යතුර සීක්‍රට් චේම්බර් එකේ දාලා ගිහින් තිබුණා.

ඇය රහසක් පවසන ආකාරයක් පෙනෙන්නට තිබුණද , මහ හඬින් සිනාසීම වළක්වා ගැනීමට ඇයට නොහැකි විය.

" ඒත් මම ඒක ගත්තේ නැහැ "

"දවසක් රෑ මම ඌට යතුර පෙන්නලා ඇහුවා මේ මොකක්ද කියලා. ඒක දැකපු ගමන් මිනිහගෙ මූන වෙනස් වුණා , ඒත් මම කොච්චර මෝඩයි ද කියලා දැකලා ඌ කලබල වුණේ නෑ. මම යතුරක් වත් අඳුර ගන්න බැරි තරම් පිස්සියෙක් කියලා ඌ හිතුවා, හහ්!" එක්වරම ඇගේ බැල්ම තියුණු විය.

" කාටද පුළුවන් අවුරුදු විස්සක් තිස්සේ මෙහෙම ජීවත් වෙන්න පිස්සු හැදෙන් නැතුව ?"

" ඌ ඒ යතුර මට විහිළු කරන්න පාවිච්චි කළා ,පැනලා යන්න යතුර තිබ්බත් ඒක මොකක්ද කියලා දන්නේ නැති මෝඩ බල්ලෙක් කියලා ඌ මං ගැන හිතුවේ. උගේ ඇස් වල තිබ්බ සතුට මම දැක්කා කියලා ඌ දන්නේ නෑ.මට හොඳටම තිත්ත වෙලා හිටියෙ , මට දමල ගහන්න ඕනේ උනා! ඒත් මම හැංගුවා ඒක…කවුද කියන්නෙ පිස්සෝ දන්නෙ නෑ කියලා රවට්ටන්න?මම කොච්චර හොඳට රැවැට්ටුව ද කියනවා නම් ඌ හොදටම ඇන්දුනා. පහු වෙනකොට ඌ තවත් නිදහසේ නොසැලකිල්ලෙන් හිටියා. ඌ යතුර තියලා යන තාක්කල් මට හොරෙන් එන්න පුළුවන්… මම මේ පිස්සං කොටුවේ හැම ගඩොල් කැටයක්ම අල්ලලා තියනවා  ! ඒත් මම ගියේ නෑ ! මට ඕනෙ උනේ මේ පිරිමි ඔක්කොම අපායට යවන්න !"

"මම පෙරේද වෙනකොට හැමදේම ප්ලෑන් කරලා ඉවර කලා..ඌ ආයෙත් පාරක් යතුර තියලා ගියපු එකේ වාසිය මම ගත්තා..මං යතුර ගත්තා.රෑ උනාට උනාට පස්සේ මම එලියට ගියා ..ඉක්මනට  චූටි පිහියක් හොරකම් කරගත්තා"

ඇය තවමත් කුඩා පිහිතලය තදින් ග්‍රහණය කරගෙන සිටි අතර දිලිසෙන රිදී තලය මත වූ රුධිරය දැනටමත් වියළි ගොස් අප්‍රසන්න දුඹුරු පැහැයකට පරිවර්තනය වී ඇත.

ඔහු තම ශක්තිය මදක් හෝ ලිහිල් කළහොත් මෙම ස්ත්‍රිය නැවතත්  නැගීසිට තම පපුවට පිහියෙන් අනින බව ෂිඒ චිංචෙං දැන සිටියේය.

ඇගේ මුහුණෙහි වූ ආක්‍රමණශීලී භාවය ඉතා ප්‍රබල විය. 

ඇය මුළු ලොවම පිළිකුල් කළා ය.

වසර විස්සකට පසු ඇය සරල රෝගියෙකුගේ සිට ලේ පිපාසිත ,  මෘගයෙකු දක්වා පරිවර්තනය වී ඇත.

"මං ඇඳ යට පිහිය හංගල තිබ්බා, ඌ තව සැරයක් උගෙ කට මගෙ ඇඟේ අතුල්ලන්න ආවම මම ඌට සංග්‍රහ කරලා මෙට්ටෙ යටට මගෙ අත ගෙනිච්චා..ඊට පස්සේ …"

පළිගැනීම සඳහා ඔහුව මරා දැමූ මොහොතේ සිට ලියැං ජිචෙං ගේ දුක්ඛිත අදෝනාව ඇගේ දෑස් වලින් විදහා දැක්වීය.

  "හහ්හහ්...හහ්හහ්…මෙච්චර  උණු ලේ..."

" මට කියන්න..මේ වගේ ගල් හිතක් තියෙන මිනිහෙක්ට මෙච්චර උණු ලේ තියෙන්නෙ කොහොමද ? ඒක වෙන්න බෑ.."

" ඊට පස්සෙ මම ඌව ඔෆිස් එකට ඇදගෙන ගියා..මට ඌව කෑලි කෑලි කරන්න ඕනෙ උනා. ඒත් මට එළියෙ හෙලවෙන සද්දයක් ආවා දොරේ පැලුනු තැනකින්. මම දැක්කා මොනවහරි හොයනවා වගේ පේන අමුතු කෙල්ලෙක්ව. ඇත්තටම මගේ ප්ලෑන් එක විනාශ කරන්න මට එයාට ඉඩ දෙන්න බෑ.මම අවුරුදු ගානක් බලන් හිටියා! ඒ නිසා මම මිනිය අල්මාරියෙ හැංගලා උගේ නේම් ටැග් එකත් ගහගෙන ගියා ඔයාගෙ නංගි එක්ක කතා කරන්න …"

ඇය ෂිඒ චිංචෙං ට කතාන්දරයක් කියන්නාක් මෙන් ඇගේ මුහුණ විකෘති විය, එසේම ඇය තමාටම මුමුණන බවක් පෙනෙන්නට විය.

"ඒ ගෑනු ළමයා හරිම ලස්සනයි , හරියට කලින් එක්කගෙන ආපු 'පුංචි රස කෑම' එක වගේ. අර බිත්තියේ ඔළුව ගහගෙන තමංගේ ජීවිතේ  නැති කර ගත්ත කෙල්ල.මම හරි නම්..මේ කෙල්ල ' පුංචි රස කෑම' එකේ නැවත ඉපදීම වගේ . ඒ එයා නොවුනත් ඒකට කමක් නෑ.අවංකවම මට ඒ ගර්ල් මොන වගේද කියල මතක නැහ.හැබැයි එයත් මේ වයසෙමයි.ඉතිං මං හිතුව මේක දෛවය වෙන්නැති කියලා. ඒ නිසා මං එයාව රැවැට්ටලා මාත් එක්ක ඔෆිස් එකට එක්කන් ගියා.ඊට පස්සේ එයාගේ අවධානය නැති වෙලාවෙ එයාගෙ ඩ්‍රින්ක් එකට මත් පෙත්තක් දාලා මත්කළා. ඇත්තටම මම දැනගෙන හිටියා මොනවද මත්පෙති කියලා. ලොකුම විහිළුව තමයි සාමාන්‍ය මිනිස්සු මානසික ලෙඩ්ඩුනව පහත් කරල සලකන එක. විශේෂ මත්ද්‍රව්‍ය ඔක්කොම මම හොඳින් දැනගෙන හිටියා. මම කියන දේ අහන්නෙ නැති ඕනෙම වෙලාවක ලියැං බල්ලා මුළු කෝප්පයක් ම බොන්න මට බල කරනවා"

" ඒ කෙල්ල මැරුනට පස්සෙ මම එයාව සික්‍රට් චේම්බර් එකට ඇදගෙන ගියා. මම හිතුවා මගේ පලිගැනීම ඉවර උනාට පස්සේ ,එයාගෙ පවුලෙ අය එයාව හොයන්න ආවම..අනිවාර්යෙන්ම ඒගොල්ලො … අනිවාර්යෙන්ම මෙතන කණපිට හරවයි කියලා..මං වගේ නෙමෙයි ..මං වගේ නෙමෙයි ..මම.."

ඇය කතා කරන විට ඇගේ දෑස් අඳුරු වූ අතර  අනපේක්ෂිත ලෙස ඇගේ මුහුණෙන් හුදෙකලා හැඟීමක් ප්‍රකාශ විය.

තියුණු බැල්මකින් යුතුව ෂිඒ චිංචෙං ඇය දෙස බලා සිටියේය.

" ඉතින් ඔයා හිතුවේ හැමදේම ඉවර උනාට පස්සේ එයාව හොයනකොට කවුරු හරි එයාව සීක්‍රට් චේම්බර් එකෙන් හොයාගනී කියලද?"

"...." කාන්තාව දරදඬු සහ විකෘති සිනහවක් පෑව අතර ප්‍රතිචාරයක් නොදැක්වීය." ඒක වැඩක් නෑ දැන්"

"ඔයාගේ නංගිව සීක්‍රට් චේම්බර් එකේ හිර කළාට පස්සෙ මම ලියැං ජිචෙං ව අල්මාරියෙන් එලියට ඇදලා දැම්මා. මම ඌව මුලින්ම හම්බුන තැනදිම හැමදේම ඉවර කරන්න මට ඕන වුණා!..එයයි මමයි විතරයි,හරියට අපි මුලින්ම මුණ ගැහුණ වගේ! මම අහස පොළව දෙදරන්න කෑ ගැහුවා. ඒත් කිසිම කෙනෙක් ආවේ නෑ..ඒ නිසා මට ඕනෙ වුනා ඌව මගේ අතින්ම කෑලි කෑලි වලට කපන්න "

ඇය මොහොතකට නිහඬ විය .ඇටකටු දක්වා ගිලීයන වෛරයකින් යුතු බැල්මකින් ඇය ෂිඒ චිංචෙං දෙස බලාසිටියාය.

"ඒත් උඹලා ආවා"

"උඹලා මට බාධා කළා ,ඌත් එක්ක මගේ අවසාන පලිගැනීම එතනදි  කරගන්න මට ඉඩ දුන්නේ නැහැ" 

" උඹලා මට බාධා කළා …උඹලා පොලිස් ඔෆිසර්ස්ලා නේද? උඹ පොලිස්කාරයෙක්. ඔය පොලිස් කාරයෝ ඔක්කොම උදව් කරන්නේ නරක දේවල් වලට..ඉතින් මාව මරපල්ලා. මාව මරපල්ලා. ඉක්මනට හරි පහුවෙලා හරි මම ඇවිල්ලා උඹලා වත් මරලා දානවා!"

පිළිකුල, අධිෂ්ඨානය, නපුරුකම සහ උමතු සිනහව..

දිගු දත් බවට පරිවර්තනය වී ඇය ඉදිරිපිට සිටින මිනිසාව සිදුරු කරමින් මේ සියල්ල ඇගේ මුහුණෙන් පුපුරායාමට ආසන්න විය.

නමුත් ෂිඒ චිංචෙං ඇය දෙස බලා අවධාරණයෙන් යුතුව පවසන්නට විය.

" මම පොලිස්කාරයෙක් නෙමෙයි , ඒ වගේම ඔයාව මරණ උවමනාවකුත් නැහැ"

කාන්තාව වෙව්ලා ගියාය, මෙය ඇගේ  අපේක්ෂාවලින් ඔබ්බට යාමකි. දත්මිටිකමින් ඉදිමුණු  දෑසින් යුතුව ඇය මෙසේ පැවසීය.

"එහෙනම් උඹට මොනවද ඕනේ" ? 

" එයාට ඕනේ ඔයාට උදව් කරන්න පොලිසියට කතා කරන්න " ෂිඒ ෂිඒ ව බලා ගැනීම සඳහා තරුණ හෙදියකට භාර දුන් පසු හේ යූ, ෂිඒ චිංචෙං දෙසට ගමන් කරමින් පැවැසුවේ. රාත්‍රියේ අන්ධකාරයේ හේතුවෙන් ඔහුගේ ඉරියව් දැක ගැනීම ඉතා අපහසු විය.

 "එයාට ඕනේ , ඔයා හැම දෙයක්ම බලධාරීන්ට කියන එකයි"

"මට බෑ!" ජ්‍යං ලාන්පෙයි උමතු ලෙස කෑ ගැසීමට පටන් ගත්තාය.

"මට බෑ.කවුරුවත් මං කියන දේ පිළිගන්නේ නැහැ! මම යන්නේ නෑ! බොරුකාරයො …උඹලා ඔක්කොම බොරුකාරයෝ!"

කෙසේ වුවද , හේ යූ සෙමෙන් ඇය වෙතට සමීප විය.

"ඇයි ඔයා මෙහෙට එන්නෙ?"ෂිඒ චිංචෙං හිස හරවා දැඩි ලෙස පැවසුවේය.

" ෂිඒ චිංචෙං ,ඔයාට එයාව තේරෙන්නේ නැහැ" . හේ යු පැවසුවේය.

" ඔයා එයත් එක්ක මෙච්චර වෙලා කතා කළා , ඒත් ඔයාට සාප කරනවා ඇරෙන්න එයා ඔයාට ඇහුම්කන් දුන්නද ?"  

තරුණයා ඔවුන් දෙසට ඇවිද ගිය අතර ෂිඒ චිංචෙව ඉවතට ඇද දමා ජ්‍යං ලාන්පෙයි හට දෙපයින් සිට ගැනීමට උදව් කළේය. විශ්මිත ශක්තියකින් දැවෙමින් ජ්‍යං ලාන්පෙයි ක්ෂණිකව පිහිය හේ යූ වෙතට යොමු කළාය.

කෙසේ වුවද, හේ යූ වචන කිහිපයක් ඇයට පැවසීමෙන් පසුව ඇය හේ යූ දෙස නොසැලී බලා සිටි අතර ඇගේ දෙඅත් එක්වරම  සීතල විය.

" ජ්‍යං ලාන්පෙයි , මමත් පිස්සෙක් " ඔහු පැවසුවේය.

තරුණයාගේ ආමන්ඩ් දෙනෙත මානසික රෝගියෙකුගේ බැල්ම පිළිබිඹු කළ අතර ඔවුන්ගේ මුහුණු අතර පරතරය අත්ලක් තරම් කෙටිවිය.

ඔහුගේ කටහඬ ඉතා මෘදු විය. ඔවුන්ගේ සමීපයෙන් සිටි ෂිඒ චිංචෙං ට හැර වෙනත් කිසිවකුට නොඇසෙන තරම් විය. ඔහු සෙමෙන් ඔහුගේ දෙඅත් එසවූ අතර , ජ්‍යං ලාන්පෙයි ගේ දෑස් දෙස බලමින් අයිස් මෙන් සීතල පිහි තලය  සංසුන්ව  ග්‍රහණය කර ගත්තේය.

ජ්‍යං ලාන්පෙයි නැවත සිහියට පැමිණ පිහි තලයෙන් පහර දුන්නේ නම් ඔහු නිසැකවම තුවාල ලබනු ඇත. නමුත් හේ යූ ගේ සිරුර ආතතියට පත්ව ඇති බවක්  බොහෝ දුරට පෙනී ගියද ඔහුගේ මුහුණින් හැඟීම් කිසිවක් නිරූපණය නොවීය. කෙසේ වෙතත්  ඔහු සාමාන්‍ය කාන්තාවක, මවක, පුද්ගලයකු සමග කතා කළ බවක් පෙන්නුම් කළේය.

" ඔයා දන්නවද? මමත් පිස්සෙක්"

නිහඬවම පිහිතලය ඔහුගේ අතට පත්විය.

ජ්‍යං ලාන්පෙයි ට පිහි තලය  අහිමි වූ විට ක්ෂණිකවම අනතුරක් දැනෙන්නට විය. ඇය හේ යූ දෙස බැලූ අතර ඇගේ මුහුණ භයානක ලෙස සුදුමැලි විය, "උබ…"

නමුත්  ඇයට හානි කිරීමට අදහසක් ඔහුට තිබුණේ නැත.

ඔහු තමය ඇඟිල්ලකින්  කාන්තාවගේ කම්මුල් මත වූ අවුල් හිසකෙස් සෙමෙන් කන පිටුපසට කළේය." මගේ ලෙඩේ විශේෂයි.බලන්න මගේ ඇස් දිහා,මම පිස්සෙක්.අපි නෑදෑයෝ  කියලා ඔයාට කියන්න බැරිද?"  ඇගේ දෑස් දෙස බලමින් ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් ජ්‍යං ලාන්පෙයි මුහුණ ආරක්ෂිතව පැවතුණි. ඇය පරීක්ෂාකාරීව හේ යූ දෙස බලාසිටි අතර ඇය ඔහුව ඉවකරන්නට පටන්ගත්තාය.

හේ යූ මුළුමනින්ම හැඟීම් රහිතව ඉතා සන්සුන්ව ඔහුගේ  අනන්‍යතාවය තහවුරු කර ගැනීමට ඉතා ප්‍රාථමික සහ තිරිසන් ක්‍රමය භාවිතා කිරීමට ඇයට ඉඩ දුන්නේය. බොහෝ විට සෑම වර්ගයකම පුද්ගලයින්ට ඔවුන්ගේ ආරක්ෂාව තීරණය කිරීමට ඔවුන්ගේ ම මාර්ග විය. බොහෝවිට මානසික රෝගීන්ට සාමාන්‍ය පුද්ගලයින්ට වඩා ඉතා ප්‍රබල සත්ව සහජ බුද්ධිය සහ ' හයවන මානය' පිහිටා තිබෙනවා ඇත.

"ඔබ.." අවසානයේ දී ජ්‍යං ලාන්පෙයි පහත් හඬින් පැවසුවා ය.

"මම"

"කවුද ඔයාට රිද්දුවේ?"

" මම ඉපදුනේ මෙහෙමමයි"

"මට අඩුම ගානේ පළිගන්න කෙනෙක් වත් නැහැ" හේ යූ උදාසීනව පැවසුවේය.

"....." ජ්‍යං ලාන්පෙයි.

" කොහොම වුණත් මම පිස්සෙක් උනත් මම කියන හැමදේම ඒගොල්ලො විශ්වාස කරනවා"

"ඇයි ?"

හේ යූ සිනාසුනේය.මලානික සඳ එළිය හෙතුවෙන් ඔහුගේ දෑස් දීප්තිමත් රිදී තට්ටුවකින් ආලේප කර ඇති බවක් පෙනෙන්නට විය. ඔහුගේ නිරාවරණය වූ දත් ඉතා තියුණු සහ නපුරු පෙනුමක් ගත්තේය.  

"මොකද ඔයා වගේම මමත් රවට්ටන්නේ කොහොමද කියලා දන්නවා" යම් රෝගයකින් මිදෙන්නේ කෙසේද යන්න තම සමීප රෝගියකු සමග අපූරු රහසක් බෙදාගන්නා අයුරින් හේ යූ ඉදිරියට නැඹුරුව ඇගේ කනට පහත් සහ මෘදු  හඬින් මිමිණුවේ ය. 

"ඔයා මෝඩයෙක් විදියට රවට්ටනවා.මම සාමාන්‍ය මිනිහෙක් විදියට රවට්ටනවා."

ඔහු යන්තමින් සිනාසුනේය.ඔහුගේ දෑස් සීතල හිම පිරී ඉතිරී යන තටාකයක් මෙන් විය.

"මම අවුරුදු දහ නවයක් තිස්සේ රවට්ටනවා. ඒත් මගේ අසනීපය දැනගත්ත කීප දෙනෙක් ඉන්නවා.අපි හැමෝටම හැංගෙන්න ක්‍රමයක් ඕනේ නේද?"

මොහොතකට ජ්‍යං ලාන්පෙයි තුෂ්නිම්භූත වූ අතර ඇය එකෙනෙහිම තම මනස නැවතත් පැහැදිලි කර ගත්තාය.

"නෑ..මම දැනටම කෙනෙක් මරලා ඉන්නේ.මගේ වෙස් මූණ ගැලවිලා ඉවරයි.."

" ඔයාට එයාලව විශ්වාස කරන්න බැහැ .ඒත් සමහර විට මාව විශ්වාස කරන්න පුළුවන් ඔයාට.මුලින්ම මට ඔයාට රහසක් කියන්න දෙන්න "

ඇය එයට සවන් දෙන අයුරින් ඇගේ දෑස් විශාල විය.

හේ යූ ඇඟිල්ලක් ඔසවා ඔහුගේ දෙතොලට සැහැල්ලුවෙන් එය තද කළේය.

"හරිම ඉක්මනට පොලිසිය මෙතෙන්ට ඒවි"

ජ්‍යං ලාන්පෙයි ගේ දෑස් කුඩා විය. "මොකක්ද  ඔයා කියන්නේ ?උන් පොලිසියට කතා කළාද? උන් තාමත් පොලිසියට කතා කරනවද! උන් රැවැට්ටුවා …"

"මමයි කතා කළේ " හේ යූ ගේ හැසිරීම ඉතා සන්සුන් විය.

" ඇයි ඔයා ..අපි සමානයි ..ඇයි ඔයා එයාලගේ පැත්තෙ හිටගත්තේ,ඔයා කරන්න ඕනේ… ඔයා කරන්න ඕනේ …"කාන්තාව විකාරයෙන්  මුමුණන්නට විය.

"මම හිටගෙන ඉන්නේ ඔයාගේ පැත්තේ" හේ යූ පැවසුවේය.

"ඒත් ඔයාට ඕනේ නැද්ද ලියැං ජිචෙං ගෙ නම සම්පූර්ණයෙන් විනාස වෙනවට උගෙ මරණෙන් පස්සේ?අවුරුදු විස්සකට පස්සේ ඔයා  ඌට ඉඩ දෙනවද මෙහෙම තේරුමක් නැතුව මැරෙන්න, හරියට වික්ටිම් එකක් වගේ. සමහරවිට නියම ව්‍යවසායකයෙක් විදියට අනුස්මරණය කරාවි, උගේ සොහොන් ගල උඩ මල් තියලා ඌගේ ලෙඩ්ඩුන්ගේ නෑදෑයෝ විලාප තියාවි ඌ මැරුණ එක ගැන කියලා. ඔයාව මර්ඩර් විදියට දැනගනීවි.ඔයාගේ නමට කැළලක් වේවි. නිවස් පේපර් වල මුල් පිටුවේ ඔයාගේ  කැත ෆොටෝ දාලා හැමෝම කියාවි ඔයා කන්න දීපු අත හපා කාපු සතෙක් කියලා.කවුරුවත් දැන ගන්න එකක් නැහැ ඔයා විඳපු දුක්. ඔයා මැරුණටත් පස්සේ ඌ යටතෙම ඉදීවි. හැමෝම ඔයාට අපහාස කරාවි…ඒ ගැන හිතන්න.ඒකද ඔයාට වටින්නේ ?"

"......"

"ඔයා පොලිසියට ඔක්කොම කිව්වොත්, ඔයාට තේරේවි ඔයා ඉන්නේ භයානක තැනක නෙමෙයි කියලා. ලියැං ජිචෙං ගේ හොඳ නම ඉවර වේවි.ඔයාට එයාව දෙපාරක් මරන්න පුළුවන්, මිනිහෙක් විදියට එක සැරයක් ,නමෙන් තව සැරයක්." හේ යූ හිස ඇලකර ඇයව  පොළඹවා ගන්නාක් මෙන් සෙමෙන් ඇගේ කනට කතා කළේය.

"ඒක ඇත්තටම හොඳ ඩීල් එකක්.ඇයි ඔයා ඒ වගේ කරන්නැත්තේ ?"

ඔහු පැවසූ දෙයින් ජ්‍යං ලාන්පෙයි මදකට සසල වූ බවක් පෙනෙන්නට විය.

කෙසේ වෙතත් ඒ මොහොතේම සයිරන් හඬ රැල්ලක් මෙන්  සෑම දිශාවකින්ම මනෝ චිකිත්සක රෝහල දෙසට වේගයෙන් පැමිණෙන්නට විය. 

"කාර් එකෙන් එළියට"

"හැමෝම කාර් එකෙන් එළියට" 

ජ්‍යං ලාන්පෙයි ගේ බැල්ම ඇය නැගී සිටීමට උත්සාහ කිරීමේ දී වෙනස් විය.මෙය දුටු ආරක්ෂක නිලධාරීන්ට ඇයව නතර කිරීමට අවශ්‍ය වූ බවක් පෙනෙන්නට තිබුණද ඇයට දෙපයින් නැගී සිටීමට හේ යූ සීරුවෙන් උදව් කළේය.

"මම ඔයත් එක්ක එන්නම් බලන්න "

"බලන්න.ඔයාට කලින් ..තාමත් මෙතනින් පිට වෙන මාර්ගයේ එළියක් තියෙන්න පුළුවන්" 

ජ්‍යං ලාන්පෙයි ව පොළඹවා ගත් බවක් පෙනෙන්නට විය. ඇය වහලයේ ආරක්ෂිත වැට දෙසට වෙවුලමින් ගමන් කළ අතර අයිස් මෙන් සීතල මලකඩ බැදුනු ආරක්ෂිත වැට හදිසියේම අල්ලාගෙන පහළට එබී බැලුවාය.

ඇගේ දර්ශනය තුළ , පොලිස් මෝටර් රථ වල දැල්වෙන පහන් වල නිල් සහ රතු ආලෝකයෙන් සියල්ලක්ම ආලෝකමත් වී ඇති අයුරු පෙනෙන්නට විය. ඇය මෙම 'සිරගෙදර' තුල ගතකළ  කාලය තුළ දී මෙවැනි දර්ශනයක් නොදුටු බව පළමු බැල්මෙන්ම අවබෝධ විය.

අයුක්තිය,නින්දාව සහ ඇය විඳි සියලුම දුක් ගැහැට සියල්ල ආලෝකමත් කළ හැකි නම්,එසේම වසර විස්සක් පුරා සැඟව තිබූ රහස් කුටියටද හිරු සහිත දිනෙක ආලෝකය  දැකගත හැකිය.

ඇය බලා සිටින විට ඇගේ ඉරියව් ක්ෂණික ව තීව්‍ර විය, ඇගේ දෙනෙතින් කඳුළු ගලා ගියේය. 

එය සෙමෙන් අනෙක් පස හැරුණාය. ඇගේ රත් පැහැ ඇඳුම - ලියැං ජිචෙං විසින් ඔහුගේ විකෘති ආශාවන් තෘප්තිමත් කරගැනීම සඳහා ඔහු යටතේ සිටින ඥාතීන් නොමැති රෝගියෙකුට පිහිටවන මුවාවෙන් ඇය වෙනුවෙන් මිලදී ගත් ඇඳුම , ඔහු ඇයව එයින් සැරසූ නමුත් නිරතුරුවම එය කාමුක ලෙස ඉරා දැමුවේය - රාත්‍රී සුළඟේ ඝෝෂාකාරී ලෙස හඬ නැගීය.

 "...ඒක හරිම එළියයි." ඇය මුදු හඬින් මිමිණුවේ ය.

"ඒක හරියට ඉර පායනවා වගේ"

"තැන්ක් යූ."

"ඒත්..."

ඇගේ දීප්තිමත් රතු දෙතොල් මතින් ගලා ආ අවසන් වචන කිහිපය පහළින් පැමිණි  පොලිස් ශබ්ද විකාශන යන්ත්‍රයේ හඩට යටපත් විය. 

"සිරවී සිටින සියලුම දෙනා කරුණාකර සන්සුන් වන්න! සෝපානය භාවිතා නොකරන්න. ආසන්නයේ ඇති ජල මූලාශ්‍රය සොයා ගැනීමට උත්සාහ කරන්න! ජලයේ පෙඟවූ රෙදි කඩකින් ඔබේ මුඛය සහ නාසය ආවරණය කරගන්න! ගිනි නිවන භටයින් පැමිණ ඇත.ඔබට හැකිනම් අසල ඇති  දීප්තිමත් වස්තුවක් ඔබ සිටින ස්ථානය සලකුණු කිරීමට යොදාගන්න.අප හැකි ඉක්මනින් ඔබව ගලවා ගැනීමට ආරම්භ කරන්නෙමු!"

ජ්‍යං ලාන්පෙයි ගේ දෙනෙත් අඳුරු විය.

" දැන් පරක්කු වැඩියි"

" හැමෝම ගැන තිබුණ කලකිරීම වැඩි වෙන්න අවුරුදු විස්සක් කියන්නේ ඕනවටත් වැඩියි වැඩි කාලයක්"

"ඔයා ඔෆිස් එකට කඩාගෙන පැනපු වෙලාවෙම මගේ ප්ලෑන් එකේ ෆයිනල් ස්ටෙප් එක මම ගත්තා"

"පුතා, මට ආයෙ හැරෙන්න බෑ කොහොමටවත් "

ඇගේ වචන සනාථ කරමින් ක්ෂණිකවම ..

බූම්…!!!

අතිශය ප්‍රබල පිපිරුම් හඬක් පැමිණියේය !!

වහලය මත සිරවී සිටි රෝහල් කාර්ය මණ්ඩලය භීතියට පත්ව කලබලයෙන් ගොඩනැඟිල්ලේ මායිම දෙසට දිව ගියේය. මනෝ චිකිත්සක රෝහලේ ලිනන් කාමරය අසල තදින් වසා තිබූ දොරවල් සහ ජනේල ඇතුළත ඇවිලෙන ගිනිදැල් සමග  අවසානයේ දී දරුණු ලෙස පුපුරා ගියේය.

ගිනි දැන් පසුබිම් කර ගනිමිනි ජ්‍යං ලාන්පෙයි සෙමෙන් පැවසුවාය.

" චං කං හොස්පිටල් එකේ කියන්න බැරිතරම් රහස් ගොඩක් තියෙනවා, ලියැං ජිචෙං රහස් කාමර ගොඩාක් හැදුවා හොස්පිටල් එකේ. පෙට්‍රල්, ඉග්නිශන් සිස්ටම් ඇතුලේ  ස්ටෝර් කරල තියන්න. ඌ ඒව ගැන වෙන කවුරුවත් ඉස්සරහ කියවන්න බය උනාට මං වගේ මෝඩයෙක් ඉස්සරහ විතරයි  ඒ ගැන කතා කරන්න බය වුණේ නැත්තේ. ඌ කිව්වේ ඌට තියෙන්නේ ඔෆිස් එකේ හැංගුන බටන් එකක් ඔබන්න විතරයි. එතකොට විනාඩි දහයක් ඇතුලත හැමදේම ගිනි ගන්න පටන් ගන්නවා"

" ඌට තිබ්බේ නපුරු  හෘද සාක්ෂියක්, අවුරුදු ගානකට කලින් මේ අපායේ තිබුන ස්මොක් එලාම් සිස්ටම් එකයි සර්වෙයිලන්ස් සිස්ටම් එකක් කැඩෙන්න ඉඩ දුන්න. ඌ මගේ ඇඳේ මේ දේවල් කරන අතරතුරේ මේ ගැන  මිනිස්සු එක්ක කතා කරන්න  කෝල් පවා ගත්තා. ඌ මට හැමදේම ඇහෙන්න ඉඩ දුන්නා. පහුගිය අවුරුදු වල චං කං ගැන අනෙක් හැමෝටම වඩා මම දැනගත්තා"

" ඇත්තටම මම මෙච්චර දුරක් යන්න ප්ලෑන් කළේ නැහැ..ඒත් මම උගේ මිනිය කපාගෙන යනකොටම උඹලා ආවා..මට පොලිසියට අහු වෙන්න ඕනේ වුණේ නැහැ.උඹලා අර කෙල්ලව ගේන්න රහස් කාමරේට යනකොටත් මම අර බටන් එක ඔබලා ඉවරයි."

" ඔයා.." ෂිඒ චිංචෙ.

"ඒක හරි .. මං ඔයාලව මෙතනට අරගෙන ආවේ කාලේ ගන්නයි.ගින්න පැතිරෙන්න පටන් ගත්තට පස්සේ කාටවත් එලියට යන්න බැහැ.අපි හැමෝම එකට මැරෙණවා, මැරුණට පස්සෙ එච්චර රිදෙන එකක් නැහැ … ඔයාලට ඕනේ මාව දැන් හරවන්නද.." ජ්‍යං ලාන්පෙයි අසරණ සිනහවක් පෑවාය. "දැන් හොඳටම පරක්කුයි"

"ගොඩක් පරක්කුයි"

" මටත් ගොඩක් පරක්කුයි උඹලා ඔක්කොටමත් ගොඩක් පරක්කුයි"

"නෑ.ගොඩක් පරක්කු නැහැ !!"

සුළඟ සමග මුසු වූ ආගන්තුක ගොරෝසු කටහඬක් කෑගැසුවේය. විශේෂයෙන් පුහුණු වූ ගිනිනිවන භටයෙකු ඉතා කෙටි කාලයක් තුළ තවමත් ගින්නෙන් බලපෑමක් නො වූ බිත්තියක එල්ලෙමින් ඇති  ලණු ඉනිමගක් ආධාරයෙන් ඉහලට නැග ඇති බව හිස හරවා බැලූ ජ්‍යං ලාන්පෙයි දුටුවාය.

ආරක්ෂිත උපකරණ පැළැඳ සිටි ගිනි නිවන භටයා වලස් මිනිසෙකු මෙන් දිස්විය. ඔවුන් කතා කරමින් සිටි දෑ ඔහුට බොහෝ දුරට පැහැදිලිව ශ්‍රවණය නොවූ නමුත් ඔහු වහලය මතට පැමිණි මොහොතේ එහි සිරවී සිටි වයසක ස්ත්‍රිය පැවසූ " ගොඩක් පරක්කුයි ..ගොඩක් පරක්කුයි "  වාක්‍ය පමණක්ම ශ්‍රවණය වන්නට ඇත. 

එය ඔහුගේ වෘත්තීය හැකියාවන් පිළිබඳ සැක කිරීමක් වැනිය.

මෙමෙ කුඩා ගිනි නිවන භටයාට එය දරා ගැනීමට නොහැකි වූ අතර මහ හඩින් කෑගැසුවේය. " හොඳටම පරක්කු නැහැ! මම හරිම ෆාස්ට්! හැමෝම මෙහෙට එන්න.දැන් පහලට බහින්න! ඉන්නේ ඉක්මනට උතුරු පැත්තට පැතිරේවි!! ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න..මුලින්ම ගෑණු කට්ටියයි බබාලයි යන්න!!"

"මම..මම මුලින්ම!!"  

කුඩා හෙදිය බියපත් ව සිටි අතර ඇයට ගිනි නිවන භටයා පෙනුනේ ස්වර්ගයෙන් බැස පැමිණි දෙවියකු මෙනි. ඇය හඬමින් දිව ගියාය. තවත් ගිනි නිවන භටයන් කිහිප දෙනකු කඹ ඉනිමග ආධාරයෙන් ඉහළට පැමිණියේ ගින්න ආසන්නයට පැතිරීමට සහ පාලනය ගිලිහීමට  පෙර සියලු දෙනා ඉවත් කර ගැනීමටය.

ෂිඒ ෂිඒ සහ අනෙකුත් කාන්තා සේවිකාවන් පහළට ගෙන ගිය පළමු කණ්ඩායමට ඇතුළත් විය.

"ජිඒ!! මෙහෙට එන්න! ඇයි ඔයා ඈතින්  හිටගෙන ඉන්නේ? අපි ඔයාව පල්ලෙහාට ගෙනියන්නම්. අපි ඔයාව ආරක්ෂා කරනවා.බයවෙන්න එපා!! අපි ඔයාව ගෙදර එක්ක යනවා!! ඉක්මන් කරන්න !!!" ගිනි නිවන භටයකු ජ්‍යං ලාන්පෙයි වෙත කෑ ගැසුවේය.

ජ්‍යං ලාන්පෙයි විදුලි සැර වැදුණ අයුරින් ගැස්සී ගියාය. උස ජල කුළුණට පහලින්  ඇය සිටගෙන සිටි අතර ඇගේ ලේ පැහැති දිගු ඇදුම සුළගේ ළෙල දෙන්නට විය.

ඒත් ගෙදර කොහෙද තිබුනේ?

ඇය කවුද ?

ඇයි ඒ දිවි ගලවා ගතහොත් යාමට හැකි වන්නේ  කොහිද?  ඇය බොහෝ කාලයක් උමතුව සිටි අතර බොහෝ කලක සිට ඇයට  බාහිර ලෝකය අමතකව ගොස් තිබුණි. ඇගේ ලෝකය වූයේ අඳුරු හුදෙකලා කාමරයක්, ඡායාරූප දහස් ගණනක් ,  වෛරයෙන් පිරුණු හදවතක් සහ අසීමිත දුක්කන්දරාවකි.

ඇය ගින්දර ඉහළ යන තෙක් බලා සිටියාය, දැල්ල පැතිරෙන තෙක් බලා සිටියාය , දිගු රාත්‍රියක් අවසානයේ උදාවන පළමු දර්ශනය  බවට පරිවර්තනය වෙමින් සියලු අන්ධකාරයන් අහසට එකතු විය. 

" ජිඒ මෙහෙට එන්න !"

උණුසුම් ප්‍රසාරණය නිසා පහත මාලයේ වූ ජනේල පුපුරා යාමෙන් පසුව , ගින්දර තවදුරටත් නිහඬව ම පැතිර ගියේ නැත. එම ගින්දර ගිනියම් මකරකු බවට පරිවර්තනය වී කළු දුමාරයක් පිටකරමින් ඉහළ අහස ආලෝකමත් කළේය.

ජ්‍යං ලාන්පෙයි පියවරක් ඉදිරියට තැබීය.

ඉන්පසු නතර විය .

ඇය හිස හරවා ඇයට පිටුපසින් ඇති ජල කුළුණ දෙස බැලීය. මෙම ජල කුළුණ ඉතා කලාතුරකින් භාවිතා කරන අතර , එහි වැඩි වතුර ප්‍රමාණයක් නොවීය. - නැත, ඒ ජලය නොවේ.

රළු සිනහවක් ඇගේ මුව කොනෙහි විය.

ලියැං ජිචෙං  ගේ නොදැනුවත්භාවය මත ඔහුගෙන් පැහැර ගන්නා ලද යතුර භාවිතා කරමින් අසීමිත වාර ගණනක් එලියට ගොස් පැහැරගන්නා ලද පෙට්රල් එහි විය. එසේම ඇයට 'අහසට යාමට' අවශ්‍ය කරන අවසාන අයිතමද ඇගේ ඇඳුමේ පටි අතර විය.

"...."

" හේ යූ මෙහෙට එන්න!!"

ෂිඒ චිංචෙං හදිස්සියෙම හේ යූ ගේ අතින් අල්වාගෙන ප්‍රතිවිරුද්ධ දිශාවට දිව ගියේය. 

ඔවුන් දිවයාමට ආරම්භ කළ මොහොතේම ජ්‍යං ලාන්පෙයි සිනාසී තම ඇඳුමෙන් ලයිටරයක් ඉවතට ගෙන එය දල්වා නොනවත්වා  පෙට්‍රල් වෑස්සෙමින් තිබූ ජල කුළුණ දෙසට  විසි කළා ය.

 "බූම්!!"

මහහඬින් ඉහලට ඇදුනු ගිනිදැල් ජ්‍යං ලාන්පෙයි ගේ මුළු සිරුරම ක්ෂණිකයෙන් ගිල ගත්තේ ය.

ඔවුන්ගේ පිටුපසින්  තාප තරංග ඉහල යන විට ෂිඒ චිංචෙං විසින් හේ යූ ව බිමට තද කරගත්තේ ය.ගිනි නිවන භටයා ගොළු විය. ශුද්ධ වූ මෝක්ෂය අපේක්ෂා කරන්නාක් මෙන් ඇය දෑත් දෙපසට විහිදුවා ඉහළ බැලුවේ ඉහලට පියාසර කිරීමට අවශ්‍ය ආකාරයෙනි. මේ සියල්ල ඇවිලෙන ගින්නෙන් ගිලදමන ලද්දේය.

ෂිඒ චිංචෙං සහ හේ යු නැවත හැරී බැලුවේය.

"....."

ගිනි දැල් සෑම දිශාවකටම විසිරී ගිය අතර ඇවිලෙන ගින්න භයානක කළු දුමාරයක් පිට කළේය! ඇඹරෙමින් ගමන් කළ කළු දුමාරය කුළුණක  හැඩයට සමාන විය. මෙම ඝන දුමාරය  කාන්තාවගේ වේදනාත්මක කෑ ගැසීම සහ අභාග්‍යසම්පන්න ජීවිතය සමග මිශ්‍ර  විය.අහසද පොළොව ද දෙදරවමින් උමතුවෙන් මෙන් ගිනිසිලු නැගී ගිය අතර එම කෝපාවිෂ්ඨ වූ ගිනිදැල් සහ දුමාරය ඝන අහසට නැගී ගියේ ස්වර්ගයද බිඳහෙළමින්  එහි උදාර බව විනාශ කර දමන්නට මෙනි.  

"අවුරුදු විස්සක් ගෙවුනා, මම තවදුරටත් කිසිවෙකු විශ්වාස නොකරමි."

"මට ආපහු හැරෙන්න විදිහක් නැහැ."

"ස්වර්ගයේ මිනිසුන් මා රැගෙන යාමට ඒවි, මට ස්වර්ගයට යන්නෙ අවශ්‍යයි ."

 "මම  කවදාවත් ආපසු හැරෙන්නේ නෑ"

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය

Comments

  1. ගොඩක් ලස්සනයි කතාව

    ReplyDelete
  2. godaaak lssni thnk u ❤️❤️

    ReplyDelete
  3. නියමයි.ඉක්මනින් ඊළඟ කොටස් දාන්න ..❤

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-