Skip to main content

13. අපි ජීවිතේ බේරගත්තා.

 ගිනි නිවන භටයින් සමඟ ලණු ඉනිමගෙන් බැසගිය අවසන් පුද්ගලයා ෂිඒ චිංචෙං විය.

ඔහු පහළට පැමිණි විට, ඇවිලෙන ගිනිදැල්  ඒ වන විටත් ඔවුන්ගේ දිශාවට ළඟා වීමට ආරම්භ කර තිබූ අතර අධික දුම හේතුවෙන් ඔවුන්ට දෑස් හැර තබා තබා ගැනීමට ද අපහසු විය. ඔහුගේ දෙපා අපහසුවෙන්  පොළොව ස්පර්ශ කළ මොහොතේම ගලවාගැනීමේ කණ්ඩායම ඔහුගේ තුවාල පරීක්ෂාකිරීමට දිව ගියහ.

සමූහයා මැද වෛද්‍යවරුන් කිහිප දෙනෙක් සහ හෙදියන් විසින් ෂිඒ ෂිඒ ව වටකරගෙන සිටින අයුරු ෂිඒ චිංචෙං ගේ නෙත ගැටුනේය.ඔහු එක්වරම එදෙසට දිව ගියේය.

"එයාට කොහොමද ?"

"ඔයා ?"

"මම එයාගේ අයියා "

"ඔහ්.. කලබල වෙන්න එපා, එයා දැන් හොඳින්. එයාගේ ඇඟ බොහොම සාමාන්‍යයි දැන්. ඩ්‍ර්ග්ස් වල බලපෑම ඉවර වුණ ගමන්ම පේශන්ට් ට සිහිය ඒවී"

අවසානයේ දී ෂිඒ චිංචෙං සැනසුම් සුසුම් හෙලුවේය.

මෙම පළල් උරහිස් හිමි උසැති රුව දෙස පරිපූරක වෛද්‍යවරුන් හිසේ සිට පාදය දක්වා නෙත් යැවීය. ආශාවක් ඇතිවීම  බොහෝ ස්වභාවිකය, මෙම මොහොත ඒ සඳහා සුදුසු අවස්ථාවක් නොවුනද ඒ කඩවසම් රුව දෙස කිහිප වරක් නෙත් හෙලීම ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු විය හැක.

නමුත්  ෂිඒ චිංචෙං ඔහුගේ මනාව පළල් වූ උරහිස් ද , රිදී බකල් සහිත් ඉන පටියෙන් තද කළ දිගු සිහින් ඉඟ ද  කෙතරම් ආකර්ෂණීයද යන්න පිළිබඳ සැලකිලිමත් නොවීය. ඔහු ගල් හදවතක් හිමි පිරිමියෙක් වූ අතර ඔහුගේ පෙනුම පිළිබඳව හෝ අනෙක් අයගේ බැල්ම පිළිබඳව සාමාන්‍යයෙන්  අවධානය යොමු නොකළේ ය.

ඇත්ත වශයෙන්ම , පරිපූරක වෛද්‍යවරුන් ඔහු දෙස නොකඩවා බලා සිටියද , ෂිඒ ෂිඒ ගේ තත්වය විමසා සිටීමෙන් අනතුරුව ඔහු තවමත් ගින්නෙන් නැහැ වී ඇති චං කං මනෝ චිකිත්සක රෝහල දෙසට පමණක් හැරුණේය.

මොහොතකට ඔහුගේ හදවතේ නොයෙකුත් හැඟීම් සමුදායක් ඇති වූ බැවින් ෂිඒ චිංචෙං හිස ඔසවා දැඩි ගින්නෙන් වෙලී ඇති වහලය දෙස බැලුවේ. ඔහුට දැකගත හැකි වූයේ තවමත් ගලවා නොගත් රෝගීන් ඔවුන්ගේ කවුළු වලට ඉහළින් භීතියෙන් කෑගසමින් යකඩ පොලු යොදා  ආරක්ෂිතව වසා දමා ඇති කවුළු වලට පහර දෙන ආකාරයයි.

"උදව්.."

" බේරගන්න..ගින්නක්.. ගින්න මෙහෙටම ඇවිල්ලා"

" මට මැරෙන්න ඕනෙ නැහැ දැන්ම.. දෙයියන්ගේ නාමෙට අනේ අපිව බේරගන්න"

මෙම යකඩ පොලු රෝගීන් ජනේලයෙන් ඉවතට පැන පලායාම වැළැක්වීම සඳහා මූලිකවම සවිකර තිබුණ ද නමුත් මෙම මොහොතේ එය රෝගීන් බේරා ගැනීම සඳහා වන ලොකුම බාධකය වී ඇත. කඹ ඉණිමගක් සවිකර පිරිස ජනේලයෙන්  ඉවතට ගැනීම ඔවුන්ට සාමාන්‍යයෙන් කළ හැකි දේ වුවද  එය අපහසු වූ බැවින් ඉතිරි වූ එකම විකල්පය වූයේ ජීවිත අවදානම ගෙන ගොඩනැඟිල්ලට ඇතුළු වී කාමර වල අගුලු එකින් එක හැරීම පමණකි. 

ජ්‍යං ලාන්පෙයි ගේ ශාපයට ලක්වූ චං කං මානසික රෝහල,  අමිහිරි  බලාපොරොත්තු සුන් වූ රෝගීන්ගේ අදෝනා සමගින් මිහිපිට පවතින පවිත්‍රාගාරය ක් බවට පත්වූ ලෙස දිස්විය.

 

ලිනන් කාමරයට ආසන්නයේ පැවති වාට්ටුවේ සිටි මහළු මිනිසෙකු නොනවත්වාම තම දෙමව්පියන් ඉල්ලමින් හඬා වැටුනේ ය. මෙම මහළු මිනිසා ඩිමෙන්ෂියා රෝගයෙන් පෙළුනු නිතරම උමතුවෙන් සිටි අයෙක් වූ බැවින්  ඔහුගේ දරුවන් ඔහුව මඟ හැරි අතර මෙම රෝහලට එවා තිබුණේය.

බොහෝ විට ඔහුගේ මරණය හේතුවෙන් ඔවුන් සතුටු වන බව මෙම මහලු මිනිසාට නොපැහැදිලිව දැනී තිබෙන්නට ඇත.

බොහෝ කලකට පෙර මිය ගිය ඔහුගේ දෙමාපියන් මෙලොව ඔහුට සැබැවින්ම ආදරය කළ  ආදරය කළ   දෙදෙනා විය. එබැවින් මරණය ආසන්න වන විට ඔහු ළදරුවකු මෙන් හඬමින් ,කෑගසමින් ඔහුගේ දෙමව්පියන් ඇමතුවේය.

ගිනි නිවන භටයන් කවුළුව කැඩීමට උත්සාහ කළ නමුත් එය බොහෝ ප්‍රමාද වී තිබුණේය.මහලු මිනිසාගේ කාමරය  ගින්නේ ආරම්භක ස්ථානයට ඉතා ආසන්න වූ අතර බොහෝ දෙනා බලා සිටියදීම ඔහු ගිනි දැල් තුළ ගිලී ගියේ එක අතක් කවුළුවේ යකඩ පොලු අතරින් පිටතට පැමිණ ගල්ගැසී ඇති අයුරින්ම ය. ඔහු තම අසනීපය නිසා අතහැර දැමූ මහළු මිනිසෙක්ද එසේ නැතිනම් දෙමාපියන්ට ආදරය කළ දරුවෙක් ද යන්න ඔහුගේ අවසාන මොහොත දක්වා කිසිවකුත් දැන සිටියේ නැත .

"කොහෙද යතුරු ? ඕගොල්ල බේරිලා එනකොට  කවුරුහරි යතුරු අරගෙන ආවා ද ?" පිරිස දෙසට හැරුණු ගිනිනිවන භටයකු වෙව්ලන දෙතොලින් යුතුව විමසා සිටියේය .

" නෑ..කාටද ඕව මතක හිටින්නෙ "

" තුන්වෙනි තට්ටුවේ ඩිරෙක්ටර් ගේ ඔෆිස් එකේ එල්ලලා ඇති "

කවුළු වල වූ වීදුරු සහ ලී කැබලි ඉවතට විසිකරමින් තවත් කන් බිහිරි කරවන පිපිරුමක් ඇතිවිය.

" සර්..තවත් එතනට යන්න එපා!එතන ගොඩක් භයානකයි දැන්!" දිවි ගලවා ගැනීමට ඒ මොහොතේ සමත් වූ සේවකයකු නැගිට පවසා සිටියේය.

" ඒක ඇත්ත,දැන් ගොඩක් පරක්කුයි..එයාලව බේර ගන්න අමාරු වෙයි "

"එයාලා ඔක්කොම දරුණු ලෙඩ්ඩු ..උඩට යන්න යන්න ඉන්න ලෙඩ්ඩුන්ගේ ලෙඩේ දරුණු වෙනවා ..කිසිම තේරුමක් නැහැ ඔයාලා එයාලව බේරගත්තත් ."යනුවෙන් කෙඳිරූ කෙනෙකු ද එහි විය.

අවුල් වියවුල් වලින් පිරී ගිය වටපිටාව මහා අවුල් ජාලාවක් බවට පත්විය.

පිරිස අතරින් හුදෙකලාව රුවක් සිටගෙන සිටින අයුරු ෂිඒ චිංචෙංගේ අවධානයට ලක්විය. මෙම පුද්ගලයා දැවෙන ගොඩනැගිල්ල දෙස ටික වේලාවක් බලා සිට සියල්ලන්ගේම අවධානයට ලක් වූ ස්ථානයෙන් ඉවත් වී  රෝහලේ උතුරු පිවිසුම දෙසට හැරී ගමන් කළේය.

ෂිඒ චිංචෙං  පුදුමයට පත්විය .

හේ යූ!!

" එක්ස්කියුස් මී..මට මාස්ක් එකක් ගන්න පුලුවන්ද ?"එසේ කියමින්  ෂිඒ චිංචෙං ගින්නේ තත්ත්වය තත්ත්වය මැනීමට මොහොතක් ගත කළ අතර  ආරක්ෂිත මුව ආවරණ දෙකක් ලබාගත් ඔහු හේ යූ පිටිපසින් දිව ගියේය.

"මේ , ඔයා!" පරිපූරක වෛද්‍ය වෛද්‍යවරිය හදිසියේම ඇගේ සිහියට පැමිණියාය. මොන මගුලක්ද! එයා එච්චර ලස්සන උනත් ඔය තරම්  මුරණ්ඩු වෙන්න විදිහක් නෑ!

" ඔයා මොනවද කරන්නේ? ආයෙත් ගිනි ගන්න තැනට යන්න එපා !"ඇය කෑගැසුවාය.  

කෙසේ වුවත්, ෂිඒ චිංචෙං කොටියකු මෙන් හේ යු පිටුපසින් දිවයාම ආරම්භ කළ හෙයින් ඇය පිළිබඳව කිසිම අවධානයක් යොමු නොකළේ ය.

මෙම පුද්ගලයා නැවත ගිනිගන්නා ගොඩනැගිල්ලට යාමට උත්සාහ කරාවි දැයි ඔහුට කිසිදා හිතාගැනීමට නොහැකි විය. ඔහු කරන්න සැලසුම් කළේ කුමක්ද?

බලාපොරොත්තු නොවූ ලෙස ගිණි නිවන භටයින් රැස්වී සිටින උතුරු දොරටුව වෙත හේ යූ ගමන් නොකළේය. ඒ වෙනුවට තවමත් ඉවත් නොකල ලණු  ඉණිමග අල්ලාගත් හේ යූ ඔවුන් සිටි වහලය මතට  නැග්ගේය. ෂිඒ චිංචෙං  ඔහු පසුපස ඉහළට නැග ගිය අතර අනෙක් අයටද ඔවුන්ව අනුගමනය කිරීමට අවශ්‍ය වූ නමුත් මේ වන විටත් ඔවුන් ප්‍රමාද වී තිබිණි. ලණු ඉණි මගෙහි පහළ කොටස ගිනිදැල්ලක් විසින් ක්ෂණිකව අළු බවට පත්කර තිබුණි. 

වහලයේ අත්වැට මතින් පැන හේ යූ අවට ප්‍රදේශයට බැල්මක් හෙළුවේය. ජල කුලුණින් පහළ ප්‍රදේශයේ ඉතිරිවී තිබුනේ තවමත් ගිණි ගනිමින් පැවති  පිලිස්සුණු කළු පැහැති  කලළයක් මෙන් හැකිලී ගිය සිරුරක් පමණකි. එය ජ්‍යං ලාන්පෙයි ගේ මළ සිරුර විය.

"බෑන්ග්" හඩින් දොර විවෘත කළ ඔහු අධ්‍යක්ෂකගේ කාර්යාලය දෙසට දිව යාමට පෙර දැඩි ලෙස පැතිරෙන ගින්න  තක්සේරු කළේය. 

ඔහු ඇත්තෙන්ම මානසික රෝගියෙකු යැයි ෂිඒ චිංචෙං සිතූ අතර නමුත් සැබැවින්ම ඔහු සෑමවිටම මානසික රෝගියකු විය. ගිනි ප්‍රතිරෝධී වානේ දොරටුව හේ යූ  විවෘත කළ විට ෂිඒ චිංචෙං  ඔහුගේ අත අල්ලා ගත්තේය.

"ඔයා මොනවද කරන්නේ? ඔයාට මැරෙන්න ඕනෙද? මාත් එක්ක එන්න නෝර්ත් එන්ට්‍රන්ස් එකට යන්න දැන්. තාම ගින්න නරක් විදිහට මේ පැත්තේ පැතිරිලා නෑ.අපිට තාම යන්න පුළුවන්" ෂිඒ චිංචෙං  තරවටු ස්වරයෙන් දැඩි ලෙස පැවසුවේය.    

" ඔයා මොනවද මෙහෙ කරන්නේ?" හේ යූ ඔහුව හඳුනා ගැනීමට නොහැකි වූ අයුරින්  මුහුණ දෙස බලා පැවසුවේය.

ෂිඒ චිංචෙං  ඔහු සමඟ වචන අපතේ යැවීමට කරදර නොවුනේය. "මගුල..එනවා යන්න මා එක්ක පල්ලෙහාට" තියුණු දෙනෙතින් යුතුව පැවසුවේය.

" මට බෑ .මේ වෙලාවේ ඒක වෙනස්.මේ වෙලාවේ මට එයාල බේරගන්න ඕනේ"

"උබ.."

" එයාලා මගේ නෑයෝ.මට විතරයි එයාලව බේරගන්න පුළුවන්. මට විතරයි එයාලව වෙලාවට එළියට ගන්න පුළුවන්. ඔයාට ඇහුණා නේ පල්ලෙහා මිනිස්සු කියපු දේවල්. අර නාකි මනුස්සයා බලන් ඉන්නකොටම  පණපිටින්ම පිච්චුනා. තවත් මෙතැන මැරෙන්න මිනිස්සු ඉන්නවා , ඒත් උන් කිව්වේ 'එයාලව අමතක කරන්න' කියල"

හේ යූ ගේ දෙනෙත් තරමක් බියකරු විය.

"මානසික ලෙඩ්ඩු බේරගන්න වටින්නේ නෑ, මේ වගේ වෙලාවක එයාල ඔක්කොම ඇතෑරලා දානවා.. ඒ හැමෝම මැරුණට කමක් නැහැ" මෘදු  ස්වරයෙන් ඔහු පැවසුවේය.

ඔහු ෂිඒ චිංචෙං ගේ දෙනෙත් දෙස බලා සිටියේය, ඔහුගේ මුව කෙළවරෙහි සෙමෙන් දරුණු සිනහවක් ඇදෙන්නට විය. " ඩොක්ටර් ෂිඒ , ඔයත් එහෙමද හිතන්නේ?"

"ඇත්තටම අපිට ප්‍රමාණවත් කාලයක් නැහැ, ඒකයි. සාධාරණව හිතන්න! ඔයාට දොරවල් එකින් එක අරින්න බැහැ නේ." ෂිඒ චිංචෙං ගේ කටහඬ ගොරෝසු වී තිබුණේය.

" වෙලාව නැහැ තව "

හේ යූ තවදුරටත් කතා නොකළේය. තම උපරිම බලය යොදමින් ෂිඒ චිංචෙං ගේ අත ක්ෂණිකව ඉවත් කළ ඔහු කාර්යාලය දෙසට දිව ගියේ ය.

වාසනාවකටමෙන් කාර්යාලය, ගින්න දරුණු ලෙස පැතිර ගිය ප්‍රදේශයෙන් වෙන් වී තිබුණේ විශාල වැසිකිලි පද්ධතියකිනි. ඉදිකිරීම් කටයුතු කළ කම්කරුවන් එදා ලී රාමු සකස් කිරීමට කරදර නොවී තිබුණු අතර සෙරමික් ටයිල් පමණක් භාවිතා කරමින් වැඩ මග හැර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපය ගින්න ඉතා සෙමින් පැතිරෙන ස්ථානයක් බවට පත්ව තිබුණි.

කාර්යාලයේ තිබූ යතුරු විශාල ප්‍රමාණයක් අඩංගු වූ පුවරුව  සොයාගැනීමෙන් අනතුරුව හේ යු තුන්වන මහලේ තවමත්  ගින්න පැතිර නොතිබූ රෝගීන්ගේ කාමර දෙසට ගමන් කළේය.

" උදව් කරන්න"

"බේරගන්න කවුරුත් නැද්ද ?"

"මට මැරෙන්න ඕනෙ නෑ තාම ..අනේ මට මැරෙන්න ඕනේ නෑ තාම ..!!!"

කොරිඩෝවේ විදුලි ආලෝකය බොහෝ වේලාවකට පෙර සිට නිවී ගොස් තිබුණි. හැඩුම් හඬවල් වලින් ශාලාව පිරී ගිය අතර,නැවත කිසි දිනෙක එවැනි හඬක් නොනැගෙන කාමරද එහි විය.

පුවරුවෙහි අඩංගු යතුරු වල කාමර අංක සඳහන් කර තිබුණි. හේ යූ ආසන්නයේ වූ කාමරයේ යතුර ගෙන එය විවෘත කිරීමට පටන් ගත්තේය.

ෂිඒ චිංචෙං ඔහු පසුපසය හඹා එනවිට, ඔහු ඒ වන විටත්  පළමු කාමරයේ දොර විවෘත කර තිබුණි. අවුල් හිසකෙසින් යුතු කාන්තාවක් ඉවතට දිව ගියේ උමතු ලෙස කෑ ගසමින් ය. ෂිඒ චිංචෙං ගේ හදවත හිරීවැටී ගියේය- මෙමෙ කාන්තාව සම්පූර්ණයෙන් පාලනයෙන් තොර විය .

මෙම තත්වය යටතේ ,මෙවැනි රෝගීන්ට පමණක් නොව  සාමාන්‍ය මිනිසුන්ට පවා තම සිතීමේ හැකියාව අහිමි වෙයි.

මහ හඬින් විලාප තියමින් මෙම කාන්තාව සැබැවින්ම උත්සාහ කළේ හිස නැති කුකුළකු මෙන් ගින්න දෙසට දිව යාමට ය . ෂිඒ චිංචෙං  ඇයව නතර කර ගැනීමට සූදානම් වන විට හේ යු ඇයව පසුපසට ඇද ගන්නා අයුරු ඔහු දුටුවේය. 

"ඒ පැත්තට යන්න එපා !"

"එයා ඔයා  කියන දේ අහන්නේ නැහැ !"

" ගින්නක්..මෙන්න ගින්නක්!" 

මෙම අවුල මධ්‍යයේ ෂිඒ චිංචෙං  ක්ෂණිකව අමුතු යමක් දුටුවේය.

එය හේ යූ විසින් කාර්යාලයෙන් රැගෙන ආ  තලය විය. එක් අතකින් එය අල්ලාගෙන ඔහු තම අත්ල කපා ගත්තේය.

එක්වරම තුවාලයෙන් රුධිරය ගලා යාමට පටන් ගත්තේය. ආරම්භයේදී ෂිඒ චිංචෙං ඔහු මෙවැනි දෙයක් සිදු කළේ ඇයි දැයි නොදැන සිටියේය. නමුත් එය ඔහුගේ ශරීරය ඒ වනවිටත් ක්‍රියාකරන පැරණි දත්ත ගොනුවක් ඔහුගේ මනසෙහි ගබඩා කර ඇති සේය. 

එක්වරම ඔහුගේ තුවාලයෙන් රුධිරය ගලා යාමට ආරම්භ විය. පළමුව ෂිඒ චිංචෙං ඔහු එවැන්නක් සිදු කළේ ඇයි දැයි නොදැන සිටියේය, නමුත් එය ඔහුගේ මනස තුළ එක්තරා පැරණි දත්ත ගොනුවක් ගබඩා කර පැවතියාක් බඳු වූ අතර ඔහුගේ සිරුර ඒ වනවිටත් ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පැවතියේ ඔහුට එය නැවතත් කියවා බැලීමට අවශ්‍ය නොවන ලෙසිණි. ඒ වනවිටත් ඔහුගේ සුෂුම්නාව ඔස්සේ ශීතලක් ගමන් කරමින් පැවතියේ ය.

ඊළඟ මොහොතේදී හේ යූ යතුරු පුවරුවෙන් යතුරු කිහිපයක් ගෙන ඔහුගේම රුධිරය එහි ආලේප කරන අයුරු දුටු ඔහුගේ දෑස් විසල් විය. 

" මේ යතුරු අරගෙන ගිහින් දොරවල් අරින්න. අරින හැම කාමරේකම ඉන්න අයට වෙන යතුරු දීලා එයාලට කියන්න තව දොරවල් අරින්න කියලා. ඉක්මනට යන්න. ඔයා ඉක්මනට යන තරමට අපිට තවත් ලෙඩ්ඩු බේරගන්න පුළුවන්.දැන් යන්න" හේ යූ එම උමතු කාන්තාවට සැහැල්ලු නමුත් විරෝධයක් නොමැති හඬින් කතා කළේය.

භයානක යමක් සිදුවී තිබුණි. හිස්ටීරියා තත්වයක සිටි එම කාන්තාව, හේ යූ ගේ රුධිරයෙහි සුවඳ  ආඝ්‍රහණය  කළ මොහොතේ ඇගේ දෙනෙත් ක්ෂණික ව අතිශය සන්සුන් තත්ත්වයට පත්වූයේ ඇයට සන්සුන්කාරක එන්නත් ලබා දුන් අයුරින්ය.

එය හේ යූ ගේ රුධිරයේ ගන්ධය ආඝ්‍රහණය  කිරීමෙන්  ඇගේ මොළයටය යම් බලපෑමක් ඇතිකර, ඔහුගේ හැඟීම් අනුව ඇය පාලනය කිරීමට ඉඩ දුන්නා මෙන් විය.

කාන්තාව යතුරු කැරැල්ල ගෙන වහාම අනෙකුත් දොරවල් දෙසට දිව ගියාය.

මෙම විධානය ලබා දීම  ඉතාමත් කෙටි ක්‍රියාවලියක් වූවද , ෂිඒ චිංචෙං ගේ මුළු සිරුරම සීතලින් වෙව්ලන්නට වූයේ ඔහුගේ අතැඟිලි තුඩුද සිසිල් කරමින්ය.

වෛද්‍ය වාර්තා අංක 4: හේ යූ : වැඩිහිටි භාවයට පත්වීමෙන් පසුව ඔහු පෙන්නුම් කරන ලද රෝගය හා සම්බන්ධ හැකියාවන් වූයේ …

පරිගණක ආකෘති නිර්මාණය හරහා සම්පාදනය කරන ලද සියලු හැකියාවන් අතුරින් හැමවිටම එහි පැවතීම ඉතා සැකසහිත යැයි සලකන ලද්දේ " රුධිර ප්‍රේරණය1 " ය. 

මානසික ඉබෝලා රෝගය සම්බන්ධයෙන් ලබාදී ඇති සායනික දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගියෙකුගේ අනාගත තත්වය අනුකරණය කිරීම සඳහා භාවිතා කළ හැකි එකම විකල්පය  වූයේ, පෙර රෝගී වාර්ථා ත්‍රිත්වය භාවිතා කර පරිගණකමය ආකෘති නිර්මාණය කිරීමය. මේ අනුව මූලික චරිත ලක්ෂණ වලට අමතරව මෙම මානසික රෝගයෙන් පෙළෙන සෑම රෝගියෙකුටම, මෙම රෝගය හා බැඳුණු  ඔවුන්ටම ආවේණික වූ අද්විතීය හැකියාවන්ද නීර්ණය කළ හැකිය.

සරලවම පැවසන්නේ නම් මෙම රෝගී තත්ත්වය ශරීරය තුළ දිගටම පරිනාමණය වන අතර එක් එක් පුද්ගලයාට වෙනස් ජාන පිහිටන බැවින්, එය පරිනාමණය වන ආකාරයද වෙනස් විය හැකිය. මෙම විභේදනය රෝගියා වයසින් වැඩෙන විට සාමාන්‍යයෙන් සිදුවිය හැකි අතර වැඩිහිටිවියේ ආරම්භයත් සමග මෙම ලක්ෂණ ස්ථාවර වී සම්පූර්ණයෙන් පැහැදිලි වේ.

රෝගී ගොනු අංක 1# රෝගයට සම්බන්ධ වර්ධනය වූ හැකියාව වනුයේ - අති ආඝ්‍රහණය සංවේදීතාව2.

මෙම රෝගය ඇගේ  ආඝ්‍රාහණ ස්නායුව වෙනස් කරන ලද අතර ඇගේ නාසය අසාමාන්‍ය  ලෙස සංවේදී වීමට හේතු විය. පොදුවේ ගත්කල  සුනඛයින්ගේ ආඝ්‍රහණ හැකියාව මිනිසුන්ගේ මෙන් සිව් ගුණයකින් වැඩිය. ඇගේ රෝගය වෙනස් වීමෙන් පසුව , රෝගී වාර්තා අංක 1 ගේ ආග්‍රහණ සංවේදීතාව සාමාන්‍ය මිනිසෙකු හා සංසන්දනය කළ විට එය  අට ගුණයකටද වඩා තීව්‍ර විය, එනම් වාතයෙහි වූ ඉතාම කුඩා ගන්ධයක් පවා ඇයගේ ආඝ්‍රහණය ස්නායුව කුපිත කිරීමට හේතු වූ අතර ඇයව තව තවත් උමතු කිරීමට තරම් වේදනාකාරී විය.

රෝගී වාර්තා අංක  2 සහ 3 ඔවුන්ගේ මරණයට පෙර රෝගය හා බැඳුණු සුවිශේෂී හැකියාවන් එළිදක්වා  ඇත.

රෝගී  වාර්තා අංක 4 හතර සැළකූ කළ, ෂිඒ චිංචෙං තම තනතුර හැර යාමට පෙර හේ යූ විසින් තම රෝගය හා සම්බන්ධ වෙනස්වීම් කිසිවක් ප්‍රදර්ශනය කර තිබුණේ නැත.

පළමුව ෂිඒ චිංචෙං සිතා සිටියේ සමහර විටකදී මානසික ඉබෝලා රෝගයෙහි විභේදන සෑම රෝගියකු තුළම ඇති නොවන බවත්  සහ හේ යූ ඒ සඳහා ව්‍යාතිරේකයක් විය හැකි බවත්ය.  

පරිගණක ආකෘති මගින් පුරෝකතනය කරන ලද සියලුම හැකියාවන් අතරින් රෝගය හා සම්බන්ධ බිහිසුණුම හැකියාව ඔහු සතු වනු ඇතැයි ඔහු කිසිවිටෙකත් බලාපොරොත්තු නොවනු ඇත.

රුධිර ප්‍රේරණය1

මෙනම රුධිර ප්‍රේරණය යන්නෙන් අදහස් කරනු ලැබූයේ යම් විශේෂ තත්වයක් යටතෙහි, හේ යූ ගේ රුධිරයට මානසික රෝගයෙන් පීඩා විඳින රෝගීන්ව විශේෂයෙන් යම් දෙයකට කැමති කරවා ගැනීමේ මෝහන බලයක් ඇති බවය. එය සෙරොටොනින් සේම, විගසින්ම රෝගියාගේ මනෝභාවය ස්ථාවර කරන්නේ ය; මත්ද්‍රව්‍යයක් ලෙසින්, එය රෝගියාගේ මස්තිෂ්කයෙහි පාරිතෝෂික යාන්ත්‍රණය උත්තේජනය කරන්නේ එම පුද්ගලයාගේ මනසෙහි "ඔහුගේ විධානය පිළිගතහොත් ඔබට තවත් ඒවා ලබා ගැනීමට හැකිය" යනුවෙන් වැරදි සංකල්පයක් ඇති කරමිනි. මේ අනුව, මේ ආකාරයෙන් රෝගියා හේ යූ ගේ වචන වලට යටත්වනු ඇත්තේ ඔහු එයින් මත් වූ අයුරින්ය. 

එකල  රසායනික පර්යේෂණාගාර වලින් එළැඹි නිගමන හුදු අනුමාන පමණක් විය. පරිගණක ආකෘතීන් මගින්  " රුධිර ප්‍රේරණ" නම් වෙනස් රෝග හැකියාව පුරෝකතනය කරන අවස්ථාවෙහි එය පිළිගැනීමට විරුද්ධ වූ පර්යේෂකයින් පවා එහි විය.

නමුත් දැන්..

දොරවල් එකිනෙක විවෘත කරනු ලැබුවේ රෝගීන් විසින් ය.

ඔවුන්ගේ වේගය විශ්මයජනක විය. විවෘත කරන ලද සෑම දොරකින් ම සහ බේරා ගන්නා ලද සෑම රෝගියෙකුගෙන්ම තවත් දොරක් විවෘත කිරීම සඳහා පුද්ගලයෙක් නිර්මාණය වීය. ඉතා ඉක්මනින්ම යතුරු සියල්ලම බෙදා ගන්නා ලද අතර "රුධිර ප්‍රේරණය " බලපෑම යටතෙහි මානසික රෝගීන් සියලු දෙනාම හොඳින් පුහුණු කරන ලද සොල්දාදුවන් බවට පත්වී ඇති බවක් පෙනෙන්නට විය.

හේ යූ සියලු රෝගීන්ව මෙහෙයවන ආධ්‍යාත්මික නායකයකු මෙන්  මුහුණෙහි දැඩි භාව ප්‍රකාශයක් සහිතව   මිදී යාමට ඇති එකම මාර්ගය වූ උතුරු පිවිසුම පිහිටා ඇති  කොරිඩෝව කෙළවරට ඇවිද ගියේය. ගිනි නිවන භටයින්ගේ ශබ්දය ඒ වන විටත් කොරිඩෝව තුළ දෝංකාර දෙමින් පැවතිණි, ඔවුන් ඉතා ඉක්මනින් තුන්වන මහලට ළඟා වීමට නියමිතය.

නමුත් එම මොහොතෙහිම කොරිඩෝව කෙළවරෙහි වූ ගිනිදැල් ඒ වනවිටත් ගර්ජනා කරන ගිනි මකරකු මෙන් දැවැන්ත විෂ වායුවක් සමගින්  ඔවුන් දෙසට ළඟා වෙමින් පැවතියේ, මෙම අවාසනාවන්ත කොරිඩෝව තුළදී අධික තාපයෙන් සහ හුස්ම සිරකරවන  විෂ වායු වලින් ඔවුන් සියල්ලම විනාශ කිරීමට උත්සාහ කරන්නාක් මෙනි.

ඔවුන්ගේ මුහුණු ආවරණය කර ගැනීම සඳහා රෙදි තෙත් කිරීමට එහි ජලය නොවූ බැවින් ඔවුන්ට කළ හැකි එකම ක්‍රියාව වූයේ වේගයෙන් දිව යාම පමණකි.

හේ යූ ගිනි දොරටුව ඉදිරියෙහි සිටගෙන ඔහුගේ හිස තරමක් හැරවා රෝගීන්ට උපදෙස් ලබා දුන්නේ ය. 

" ඔයාලට පුළුවන් තරම් බිමට පාත් වෙලා මේ පැත්තෙන් එන්න.පල්ලෙහා තට්ටුවට ගිහිල්ලා ගිනි නිවන ඒකකේ අයව හොයාගන්න . දුවන්න" 

නියෝගයක් ලැබූ රොබෝවරුන් මෙන්, රෝගීන් ඉදිරියට දිව ගිය අතර අසාමාන්‍ය වේගයකින් සහ පිළිවෙළකින් යුතුව ගැලවීමේ මාර්ගය වූ කොරිඩෝව වෙත දිව ගියහ. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක මනසින් පාලනය කරන ලබන සොම්බින් ද මීට සාපේක්ෂව සුදුමැලිය..

අවසාන රෝගියා පහළ මාලයට දිව යන විට, ගින්න ඒ වන විටත් ඉතා ආසන්න වූ අතර දුමාරය තව තවත් ඝණ වූයේ හුස්ම ගැනීමට නම් බිම දිගේ බඩගා යෑමට සිදුවන පරිද්දෙනි. ෂිඒ චිංචෙං තම  මුහුණෙහි ගැඹුරු අප්‍රසන්න ඉරියව්වක් සහිතව කිසිදු වචනයකින් තොරව තමා වෙත පැමිණෙන අයුරු හේ යූ බලා සිටි අතර හුදෙක් ෂිඒ චිංචෙංට ඇතුළුවීම සඳහා ඉඩ දී පැත්තකට වී ය.

විශාල ශක්තියක් සමගින් ඔවුන් පිටුපසින් වූ ආරක්ෂිත මාර්ගයේ ගිනි දොර වැසී ගියේ එහි ළගාවන ගිනි මකරා ට බාධා වන අයුරින්ය.

අදුරු  කොරිඩෝව තුළදී, හිම මෙන් සීතල ආමන්ඩ් දෙනෙත කම්පනයට පත් වූ පීච් මල් දෙනෙත් හමුවිය.

" ෂිඒ චිංචෙං , කාටවත් කියන්න එපා"

ෂිඒ චිංචෙං ගෙ මුහුණ දරුණු ලෙස දැවීගිය නමුත් අවසානයේ දී ඔහු කිසිදු වදනකින් තොරව හේ යූ හට මුඛ ආවරණයක් ලබා දුන්නේ ය.

" මේක ගන්න,දැන් යමු"

හේ යූ සහ ෂිඒ චිංචෙං එම මුදවාගත් රෝගීන් පසුපසින් පහල මාලයට දිව යන විට ගිනිදැල් ගිනි දොරටුවට එදිරිව පහර දුන්නේය.

" ග'!! ග'!!! " 3

ගිනි නිවන කාර්යමණ්ඩලයේ සහය ඇතිව අවසන් වරට පැමිණි පුද්ගලයන් දෙදෙනා  ෂිඒ චිංචෙං සහ හේ යු විය. හැඟුම්බර හඬකින් හඬා වැලපෙමින් ඔවුන්ව පිළිගනු ලැබීය. ෂිඒ චිංචෙං තම මුහුණු ආවරණය ඉවත් කළ මොහොතෙහි දුටුවේ, මේ වන විටත් අවදිව සිටින ෂිඒ ෂිඒ  කඳුළු පිරි මුහුණින් තමා වෙතට දිව එන ආකාරයයි. ගිනි නිවන භටයින් ඇය වෙනුවෙන් ගෙන ආ පාවහන්ද ඇගේ දෙපා වලින් ගැලවී යන අයුරින් ඇය ඉතා වේගයෙන් දිව ගියාය.

"ග'.....දා-ග'.!! දා-ගා !! ඔයා මාව බයකරල මරන්නද හදන්නේ ? ඔයා මාව බයකරල මරන්නද හදන්නේ ?!! මං හිතුව ඔයත් මාව ඇතෑරලා දැම්මා කියලා !! ඔයත් මාව දාලා යනවා කියලා..!! ග'....හ්හ්හ්හ්.."

ඇය ෂිඒ චිංචෙං ගේ දෑතට මැදිවී ඔහුගේ ඉඟටිය කැඩී යාමට තරම් තදින් ඔහුව  වැළඳගත්තාය. පිපිරුම් හඬ සහ කෑගැසීම් හඬවල් ඔවුන් වටා නොනැවතී පැවතිය අතර ඇතැමුන් බේරා ගැනීමට සැබැවින්ම නොහැකි විය. මිනිස් ලොව තුල ඇයට පින්තාරු කරන ලද සිහින්  සමක්4  පමණක් ඉතිරි කරමින් ඇගේ වතෙහි වූ සියලුම රුධිරය ඉවත් කර ඇතිවාක් මෙන් ඇ බොහෝ සේ බියට පත් වූවාය. එය හඬා වැළපෙමින්  තම සොහොයුරාගේ උසැති රුව තදින් වැළඳගත් විටත්, ෂිඒ චිංචෙං ගේ සුවඳ ආග්‍රහණය කරන විටත් අවසානයේදී ඇයට තමාගේ හෘද ස්පන්දනය නැවතත් යථා තත්වයට පත්වූ බව දැනුනා ය. උණුසුම් රුධිරය නැවතත් ඇගේ හෘදයට ගලා යන්නට විය.

කඳුළු ඇගේ මුහුණ මත ගලා යන්නට වූයේ බළලකුගේ ලොම් සිහිගන්වමිනි. ඇගේ රූපය ගැනද කිසිදු තැකීමක් නොකරමින් ඇය විලාප තබන්නට විය. 

" අම්මයි තාත්තයි වගේ ඔයාට මාව දාලා යන්න බෑ !! අම්මයි තාත්තයි කළා වගේ ඔයාට මාව දාලා යන්න බෑ, අයියේ! මම ගොඩක් බය වුණා ..ඇත්තටම මම ගොඩක් බය වුණා ..!! කෝ මාව බදාගන්න..මාව බදාගන්න !!"

" හරි හරි..හැමදේම හරි දැන් "

ෂිඒ චිංචෙං මෙවැනි හැගීම් විදහා පෙන්වීම පිළිගත්තේ බොහෝ කලාතුරකින්ය. ඕක පවුල පිළිබඳව දැඩි හැඟීමක් ඇති පුද්ගලයෙක් පුද්ගලයෙක් වූයේය. ඔහු තම පවුලට හැමවිටම  සෙනෙහස දැක්වූ අතර එය ප්‍රකාශ කළේ බොහෝ විට දඬුවම්  ස්වරූපයකින් විය.

නමුත් මෙම මොහොතේ දී එය තරමක් දරාගැනීමට අපහසු බව  ඔහුට හැඟී ගියේය. ඔහුගෙ දෙනෙත් අග තරමක් රත් පැහැ වූ අතර  දිගු කබාය යටින්  වෙව්ලමින් සිටි තම සොහොයුරිය වැළඳගත් හේ  කුරුලු කූඩුවක් මෙන් අවුල් වූ ඇගේ හිසකෙස් සිප ගැනීමට ඉදිරියට පහත් වූයේය.

" ෂිඒ ෂිඒ ,හැමදේම හරි"

ෂිඒ ෂිඒ, හේ යූ දැකීමට පෙර  ෂිඒ චිංචෙං ගේ දෑත් අතර බොහෝ වේලාවක් විලාප දෙමින් හඬා වැටුණාය.

ඇය මදක් සංසුන් වීමට සමත් වී සිටියද, නැවත වරක් හඬා වැටෙමින් හේ යූ ගේ දෑත්වලට මැදි විය,  නිවැරැදිව පැවසුවහොත් ඇය හේ යූ ව ඇදගෙන ගොස් ඔහු සහ තම සහෝදරයාව එකවර වැළඳගත්තාය. එහි ප්‍රතිඵලයක් ලෙස හේ යූ ව ෂිඒ චිංචෙං සමග  ද බලහත්කාරයෙන්  ස්පර්ශ වූයේය.

හේ යූ ගේ කඩවසම් මුහුණ මත නුහුරු භාව ප්‍රකාශයක් මතුවිය. ඔහු මීට පෙර කිසිම දිනෙක වෙනත් පුරුෂයකු හා මෙතරම් සමීප වී නොමැත, විශේෂයෙන්ම එම මිනිසා ෂිඒ චිංචෙං බව සලකන විට ඔහුට අතිශයින්ම නොසන්සුන් බවක් දැනුනේය. ඔහු ෂිඒ චිංචෙං දෙස බලන විට ඔහුට ද එය එලෙසින්ම දැනුණු බව පෙනෙන්නට තිබුණි.

නමුත් ෂිඒ ෂිඒ ගැන සලකමින්  ඔවුන්  නොසැලී සිටි අතර ඔවුන් තිදෙනා එකට වැළඳ  ගැනීමට ඇයට ඉඩ දෙමින් මෙම ව්‍යාකූල තත්වය මධ්‍යයේ වුවද ඔවුන්ගේ නැවත එකතු වීම සටහන් කළේය.

 

" උදව් ..මට උදව් කරන්න!! මෙතන කෙනෙක් ඉන්නවා .. මම මෙහෙ ඉන්නේ!!"

චං කං මනෝචිකිත්සක  රෝහලෙහි සෝපානය අසල පැසුණු හිසකෙස් සහිත මිනිසෙකු බියෙන් කෑ ගසමින් සිටියේය. ඔහු චං කං මනෝ චිකිත්සක රෝහලෙහි පැරණිම අධ්‍යක්ෂකයෙකු වූ අතර , ලියැං ජිචෙං හා කලකට පෙර පෝලෝ ක්‍රීඩාවෙහි යෙදෙන අතරතුර ඔහුගේ පාදයක්  ආබාධයට ලක් වූ හෙයින් ඔහුට දැන් පිටතට ගමන් කිරීම සඳහා රෝද පුටුවක් අවශ්‍ය විය. අද දින කාර්යාලයේ  අත්‍යවශ්‍යය කටයුතු කිහිපයක් නොතිබුණි නම් ඔහුට මෙහි පැමිණීම අවශ්‍ය නොවනු ඇත.

එම මිනිසා රෝදපුටුවෙහි වෙව්ලමින් සිටි අතර දැනටමත් තෙත් වී තිබූ  කලිසම් කකුල් අතරින් මූත්‍රා ගලා ගියේය. තමාගේ කාර්යයන් තමාටම කරගැනීමට නොහැකිවීම  කෙතරම් භයානක ද යන්න ඔහු අත්විඳින පළමු අවස්ථාව මෙය විය. එම මොහොතෙහි ගිනි දැන් ඔහු වෙතට ගමන් කරමින් තිබූ අතර ඔහුට විදුලි සෝපාන එහි ගමන් කිරීමට නොහැකි බව ඔහු දැන සිටියද, එය දැනටමත් කැඩී තිබුණ ද වියරුවෙන් එම ස්විචය තද කිරීම ඔහුටම තවමත් නතර කර ගැනීමට නොහැකි විය.

" ඉක්මනට.. ඉක්මනට.. කවුරුහරි ඇවිල්ල මාව බේරගන්න.. මට සල්ලි තියෙනවා..කවුද මාව බේරගන්න යන්නේ.. මං ගාව ගොඩක් සල්ලි තියෙනවා!!"

ඔහුගේ කම්මුල්  වල මාංශපේශීන් දැඩිලෙස වෙව්ලන්නට වූ අතර අසාමාන්‍ය  කලබලය හේතුවෙන් කැළඹී සිටියේය. 

එක්වරම ..

දෙව්ලොව ඔහුගේ කන්නලව්වට ඇහුම්කන් දුන් අයුරින් ගිනි නිවන භටයකු මෙන් මුහුණු ආවරණයක් පැළඳ ගත් පුද්ගලයකු ගලවාගැනීමේ බරාදය තුළින් පිටතට පැමිණි අතර මොහු රෝද පුටුවෙහි සිරවී සිටින අයුරු දුටුවේ ය.

එම පුද්ගලයා තමා ඉදිරියට පැමිණි   දෙවියකු හා සමාන බැව් ඔහුට හැඟුනේය.

" මාව බේරගන්න.. ඉක්මනට මාව බේරගන්න..!"

ඔහුගේ නාස්පුඩු කලබලයෙන් වෙව්ලන්නට වූ අතර ඔහුගේ නාසයෙහි කෙළවර දහඩිය බුබුළු එල්ලෙමින් පැවතිණි. ඔහුගේ දෑසෙහි කළු ඉංගිරියාව හැකිලෙමින් ගිනි නිවන උපකරණය අතේ තබාගෙන ඔහු වෙතට පැමිණෙන පුද්ගලයාගේ රූපය පරාවර්තනය කළේය.

පසුව ඔහු තිගැස්සී නතර විය. ඔහුගේ දෑසෙහි කළු ඉංගිරියාව හදිසියේම හැකිලී ගියේය.

ගිනි නිවන ඇඳුමින් සැරසී සිටි එම පුද්ගලයාගේ ආරක්ෂිත ඇස් ආවරණ එපිටින් නපුරු උපහාසාත්මක සිනහවක් මතුවිය. පසුව ඔහුගේ දෑතේ වූ උපකරණය විවෘත කළ අතර එය ගිනි නිවන උපකරණය නොවීය .. 

ඒ ගැසොලින්!

" උඹ…උඹ..!!"

" චං කං වල මේ අවුලෙන් ආරක්ෂා කරන්න ඕනෙ. මෙතන ක්ලීන් කරන්න එයාලා එවපු ගාර්ඩ් මමයි" මුහුණු ආවරණය තුළින් තියුණු  පිරිමි කටහඬක් ශ්‍රවණය විය.

" උඹට අපායට ගිහින් ඔය සල්ලි වියදම් කරන්න ඇති තරම් කාලය ගන්න පුළුවන්"

"එපා..!"

බූම්…..

ලයිටරය සහ පෙට්‍රල්  එකවරම මිනිසාගේ ත්‍රාසයට සහ බියට පත් මුහුණ මතට විසිවිය. අවසානයේ දී එම මුහුණ විකෘති වූ මුහුණකට සමාන බවක් පෙනෙන්නට තිබුණු අතර එය ගිනිදැල්වලින් සම්පූර්ණයෙන්ම වැසී ගියේ ය.

කතුවරයාට කීමට යමක් තිබේ :

ඇත්තම කිව්වොත් මම ලියන විදිහට මට ඇත්තටම ෂිඒ ග' ගෙ ඇගට තන්හාවක් තියනවා..ම්ම්ම්ම්ම්..අන්තිමේදී මම මෘදු විද්‍යාප්‍රබන්ද අංග ටිකක් තියා ගත්තා.ඒත් ඔයාලට ගොඩක් විට ඒවා මතක තියාගන්න අවශ්‍ය නැහැ ..ඒවා කතාවට විතරයි …හහ්හහ්හහ්..

කුඩා රඟහල :

එක් එක් පුද්ගලයා යහපත් හැසිරීමක් පෙන්වන්නේ කුමන අවස්ථාවකදී ද ?

ෂිඒ චිංචෙං : අවශ්‍ය විටදී 

හේ යූ : මානසික රෝග සමඟ කටයුතු කරන විට 

ෂිඒ ෂිඒ : ආහාර සමඟ කටයුතු කරන විට 

විනීත කර්තෘ : ෂිඒ ග' ගැන ලියන අවස්ථාවේ දී , හැමදාම හේ යු නැගිටිනකොට මම අහනවා , ඔයාගෙ වයිෆ් හොදින්ද? ඔයා එයත් එක්ක නිදාගන්න යන්නේ නැද්ද ? දැනට නැතත් ඔයාට කිස් එකක්වත් දෙන්න බැරිද ? අම්මා ඔයාට බැගෑපත් වෙනවා .. මාව බේරගන්න අහ්..

පරිවර්තක සටහන් 

1.Blood toxin :රුධිර ප්‍රේරණය 

2.Acute Hyperosmia - අති ආඝ්‍රහණ සංවේදතාව

3. ග' : වැඩිමහල් සහෝදරයා යන්නට සමාන වචනයකි 

4. පින්තාරු කළ සමක් : සුරංගනා  කතා වල මායාකාරයෝ ලස්සන කාන්තාවන්ව ඝාතනය කරලා  එයාලගේ හම ඇදගෙන ඉන්නවා. ( ඇතුළත ඇති දේ සුන්දර  මතුපිටකින් වසාගෙන සිටීම)

 

ගොඩ කාලෙකින් ඔන්න කොටසක් අරගෙන ආවා..මේක මොඩ්න් නවල් එකක් නිසා දෙබස් වලදී සමහර ඉංග්‍රීසි  වචන ඒ විදියටම පාවිච්චි කරලා තියෙනවා .ඔයාලගේ රසවින්දනයට ඒක බාධාවක් වෙන එකක් නෑ කියලා මම හිතනවා..

විශේෂ ස්තුතිය : මියුස් යූටර්පි 

පෙර පරිච්ඡේදය | සියලු පරිච්ඡේද | මීළඟ පරිච්ඡේදය


Comments

  1. my favorite මුල ඉදන් ආයේ බලන්න ඔනේ කතාව 🔥🔥 මට කතාව මඟ හැරුනා 🥺

    ReplyDelete
  2. මම මෙතන සටහනක් තියනවා කන්ෆියුස් වෙලා ඉන්න අය වෙනුවෙන්. 🙏 මේක කියවලා යන්න.

    ලෝකය පුරාම හැම රටකම මිනිස්සු English ඉගෙනගන්නවා international language එකක් විදිහට. ඉතින්, අපි සිංහල මැද්දට English වචන දානවා වගේම එයාලත් ඒ වගේ වචන පාවිච්චි කරනවා. Drama subවල, dubවල ගොඩක්ම තනි සිංහලෙන් දෙන්නයි බලන්නෙ එයාලා. ඉතින් ඔයාලට ඒවා ඒ තරම් මීටර් වෙන්නෙ නෑ. මටනම් තනි සිංහලෙන් modern එකක් දකිද්දි හෙන අතාත්වික ගතියක් දැනෙනවා.

    මේ නවල් එක ගත්තොත්, අපේ blog එකේ තියෙන modern නවල් දෙකෙන් එකක් තමයි මේ. ඒ වගේම මම මෙතෙක් කියවපු danmei වලින් මම ongoing කියවපු එකම එකත්, පිස්සුවෙන් වගේ කියවපු මගේ කැමතිම නවල් එකත් මේක. මේ නවල් එකේ English වචන පාවිච්චි කරන තැන් ගොඩාක් තියෙනවා. ඉංග්‍රීසි සාහිත්‍යයේ එන poems දෙකකුත් තිබුණා, ඉංග්‍රීසි සින්දු පවා තියෙනවා. ඉංග්‍රීසි සින්දුවක නමින් නම් කරපු Chapter එකකුත් තිබුණා. ඉතින් මම හිතනවා ඔයාලා Historical නවල්ස් & Modern නවල්ස් compare නොකර ඉන්නන තරමට හොඳයි කියලා. ඒ මොනවා වුණත්, ඒ හැර, අපේ ඕනෙම වරදක් දැක්කොත් අපිට ඒවා පෙන්වලා දෙන්න. අපි ඉගෙනගන්නේ ඔයාලගේ කමෙන්ට්ස්වලින්. ඉතින්, හැම අදහසක්ම ගොඩාක් වටිනවා. ❤️

    අනේ බැන්නානම් නෙවෙයි. ඔයාලා කන්ෆියුස් වෙලා වගේ නිසා විතරයි මේක කිව්වෙ.

    Good Night එහෙනම්. ❤️

    ReplyDelete
  3. හම්නේ..ආපහු කියවනෝ.. මාරෙටම පිස්සු වැටුනු නවල් එකක්..ඔයා ලස්සනට ලියාවා.. ටැම්කූ ගොඩක්.. 😍😍😍

    ReplyDelete
  4. Still i can't get over from this novel. Case file compandium 🥰

    ReplyDelete
  5. මේ කතාවනම් මාරම ගති 👌

    ReplyDelete
  6. ඇත්තටම මමත් හිතුවා හානිකර මනෝව්‍යාධිකයො(ex: serial killers) මැරිල යන එක හොඳයි කියල එයාලගෙ ජීවිත අඳුරු කලේ කවුද කියනෙක අමතක කරල 😞

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-