Skip to main content

11 . එයා ප්‍රාණ ඇපකාරයෙක් !

 

කාර්යාලයේ ප්‍රධාන  දොරටුව ඇතුළතින්  ආරක්ෂිතව අගුලු දමා තිබුණි. සොරකම් හා පිපිරීම්වලට ඔරොත්තු දෙන අයුරින්  විශේෂයෙන් නිර්මාණය කරන ලද දොරක් වූ නිසා, ෂිඒ චිංචෙට සහ හේ යූ හට එය එකවර විවෘත කිරීමට නොහැකි විය. පහළ මාලයේ සිටි පිළිගැනීමේ නිලධාරිනියට යමක් වැරදී ඇති බව හැඟුණු බැවින්  යතුර රැගෙන පැමිණියේය.

 "ඇතුළෙන් සද්දයක් එනවා." හේ යූ පැවසීය.

ෂිඒ චිංචෙං දොරට තට්ටු කළේය.හේ යූ ඔහුව හඳුනාගත් දින සිට, ඔහුගේ මුහුණ මෙතරම් බියජනක ලෙස  කිසි දිනෙක දැක නොතිබුණි. ඔහුගේ බුද්ධිය හීන වන තරමටම ඔහු පිස්සු වැටී සිටියේය.

" ෂිඒ ෂිඒ , ෂිඒ ෂිඒ ඔයා ඉන්නවද?ඔයාට මාව ඇහෙනවා නම් උත්තර දෙන්න. ඇතුළේ කවුරු හිටියත් කමක්නෑ"

කිසිවකු ප්‍රතිචාර දැක්වූයේ නැත.

කාන්තාවකගේ මෘදු කටහඬක් පමණක් හිස් අවකාශය හරහා පැතිර ගියේය.  "විසි කරන්න, විසි කරන්න, ලේන්සුව විසි කරන්න..."

 "යතුර, යතුර... යතුර!" පිළිගැනීමේ නිලධාරියා දුවගෙන ගොස් යතුර ඔහුට දුන්නේය.

ෂිඒ චිංචෙං ගේ දෑත් කෙතරම් දරුණු ලෙස වෙව්ලුවේ ද යත් ඔහුට යතුර සිදුර තුළට යැවීමට දෙවරක් උත්සාහ කිරීමට සිදුවිය . කිහිප වරක් උත්සාහ කිරීමෙන් අනතුරුව 'ක්ලික්' හඩින් දොරටුව විවෘත විය.අධික රුධිර දුර්ගන්ධය ඔවුන්ව ආක්‍රමණය කර පැතිර ගිය අතර ෂිඒ ෂිඒ ගේ මෘත ශරීරය ක්ෂණිකව ෂිඒ චිංචෙං දෑස් ඉදිරිපිට දිස්විය.

 ෂිඒ චිංචෙං එක්වරම තුෂ්ණිම්භූත විය. මුළු අහසම කඩා වැටී ඔහු මත පතිත වූවාක් මෙන් ඔහුගේ සියලු සංවේදනයන් නතරවී දෑස් අදුරු වී ගියේය. ඒ උසැති රුව එකෙනෙහිම ඉදිරියට බර වූ අතර දණිස් මත නොවැටී බේරුණේ සුදුසු වේලාවේදී දොර උළුඅස්ස අල්ලාගත් බැවිනි.

විදුලි පංකාව තවමත් කරකැවෙමින් පැවතියේ වාතය හරහා තද දුර්ගන්ධයක් ද අවුස්සමිනි.

ෂිඒ චිංචෙං හට සාමාන්‍ය රුධිරය දුටුවිට කරකැවිල්ලක් ඇති නොවුනත් මේ අවස්ථාවේදී ඔහු දීප්තිමත් රක්ත වර්ණය දැකීමෙන් නොසන්සුන් විය. ෂිඒ ෂිඒ ගේ සිරුර දැකීමෙන් පසුව ඔහුට තවදුරටත් පැහැදිලි ලෙස කිසිවක් දැකීමට නොහැකි විය. ඔහු සිහිමුලා වන තත්වයකට ඇද වැටීමට ඉතා ආසන්නයේ සිටියේය. ඔහුට ඔහුගේ ඇසීම, පෙනීම, ස්පර්ශය සහ දැනීම යන සියල්ලක්ම අහිමිව යන බවක් දැනුනේය. 

 කවුරුන් හෝ ඔහුට පිටුපසින් කෑ ගසන බවක් දැනුනද ඒ ඔවුන් සමඟ පැමිණි පිළිගැනීමේ නිලධාරියා දැයි ඔහුට සහතික නොවීය. ඔහුට තවදුරටත් කිසිවක් පැහැදිලිව ශ්‍රවණය නොවන බවක් දැනෙන්නට විය.

ගඳ සුවඳ දැනීම පමණක් හදිසියේම භයානක ලෙස පැහැදිලි විය.

රුධිරයේ අධික දුර්ගන්ධය අනිත් සියල්ල අභිබවා ඔහුගේ සංවේදී සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් තුළට ගලා ගියේය. ඔහුගේ පෙනහළු දිරා පත්කර විනාශ කිරීමට තරම් එම දුර්ගන්ධය ප්‍රබල විය. 

ඔහු කාමරයට ඇතුල් විය. මරණය සහ අනතුරු යනු ඔහුට එතරම් වැදගත් කාරණාවක් නොවීය. ඇතුළේ සිටින මිනීමරුවා ඉක්මනින් පැමිණ ඔහුව මරා දැමුවත් ඔහු ඒ ගැන සැලකිලිමත් වන්නේ නැත.

 …ඇය ඔහුගෙ නැගනියයි!

 ඒ කවුදැයි ඔහු දැන සිටියේ නැත. නමුත් කවුරුන් හෝ    " ෂිඒ ෂිඒ.. ,ෂිඒ ෂිඒ …" යනුවෙන් මුමුණන හඩ ඔහුට ශ්‍රවණය විය.

ඒ හඬේ ගැබ් වී තිබුණේ  තැතිගන්වන සුළු වෙව්ලීම කි.

    නමුත් නැවතත්, එය ඔහුගේම කැඩුණු, ගොරෝසු උගුරෙන් කාන්දු වූ හම් හඬක් මෙන් විය.

 " ෂිඒ ෂිඒ … !"

 "එහෙට යන්න එපා!"

එකෙණෙහිම යමෙකු  ඔහුගේ අතින් අල්ලාගෙන පිටුපසට ඇද ඔහුගේ ඉගටිය වටා  ග්‍රහනය කරගත්තේය.  "ෂිඒ චිංචෙං .. එතනට යන්න එපා!"

ඔහු අවම වශයෙන් ඇසිපිය හෙළුවේ හෝ එම පුද්ගලයාගෙන් මිදීමට උත්සාහ කළේ නැත. ඔහු ඉදිරියට ගමන් කිරීම පිළිබඳව පමණක් සැලකිලිමත් වුවද, ඔහුගේ ශක්තිය පුදුම සහගත විය.  දැනටමත් ඔහු තෙහෙට්ටුවට පත්වී තිබිණි. මෙලොව  ඔහු ගැන සැලකිලිමත් වූ බොහෝ දෙනෙක් විය..

ඒ මොහොතේ ඔහුගේ දෑස් ඉදිරිපිට සියල්ලම යට කරමින් පොළොව කම්පා කරවන  ගංවතුරක් ගලා ගියාක් මෙන් විය. වර්ෂාවෙහි සුවඳ අපහසු වුවත් ඔහු වැස්සට පෙගී ගිය හස්කියකු මෙන් බලා සිටියේය. ඔහු මරණය සාක්ෂි දැරූ  පළමු අවස්ථාව එය විය.

ඔහුගේ දෙමාපියන් ලේ විලක් මැද මියගොස් සිටි අතර ඔවුන්ගේ සිරුරු කුඩා කැබලි වලට වෙන්කර තිබුණි.ඔහුගේ මවගේ  සිරුරෙන් අඩක් පමණ පල්පයක් ලෙස පොඩි වී ගොස් තිබූ අතර ඇගේ ඒ කැපූ අතක් ඈතට පෙරලිය ගියේය.

ඔහු හිස් බැල්මෙන් ඒ දෙස බලා සිටියේය…

" ෂිඒ චිංචෙං ඒ ෂිඒ ෂිඒ නෙමෙයි. හොඳට බලන්න!"

මෙම වදන් බියකරු භූත කැඩපතක ශාපය බිඳ දැමුවාක් මෙන් ඔහුගේ හදවතට දැනුනු අතර ඔහු තම සිහියට නැවත පැමිණියේය.

ඔහු සෙමෙන් හිස හරවා ගත් අතර ඔහුගේ පීච්-මල් දෑස යොමු වී තිබුණේ  ඔහුට එම වචන පැවසූ පුද්ගලයාගේ මුහුණ වෙතය.

 ඒ.. හේ යූ.

ඔහුට ඒ වචන පවසා සිටි තැනැත්තා  හේ යූ විය.

 එය ව්‍යාජ එකකි.

 එය සැබෑවක් නොවේ. 

 ඇය මිය ගොස් නැත ..

ඔහු එක්වරම පියවි සිහියට පැමිණ, හදිසියේ  හිස හරවා බැලුවේය.

වඩාත්ම කැපී පෙනෙන දෙය නම් ෂිඒ ෂිඒ ට අයත් පීඨ නිල ඇඳුමයි.නමුත් සමීපව පරීක්ෂා කිරීමේදී එම විකෘති වූ මළ සිරුරේ උස සහ හැඩරුව කිසිසේත්ම ෂිඒ ෂිඒ ට සමාන නොවීය. ෂිඒ ෂිඒ ට අයත් හූජෝ විශ්ව විද්‍යාලයේ පීඨ නිල ඇඳුම බලහත්කාරයෙන් සිරුර වටා ඔතා තිබුණු අතර ඉදිරිපස බොත්තම් පියවීමට වත් නොහැකි විය..එය පිරිමි මළ සිරුරකි! 

ෂිඒ චිංචෙගේ පාද නැවතත් ප්‍රාණවත් විය.ඔහුගෙන් වෙන් වී ගිය ආත්මය නැවතත් ක්ෂණිකව ඔහුගේ ශරීරය වෙත පැමිණි බවක් දැනුනු අතර , ඔහුට දරාගත නොහැකි තරම් එම බලය දරුණු විය.

මෙතරම් කෙටි කාලයක් තුළදී සාමාන්‍ය මිනිසුන්ට මේ තරමට විකෘති වූ මළ සිරුරක් හඳුනා ගැනීමට නොහැකි වනු ඇත.

රුධිරයෙ සුවඳ පමණක්  කෙනෙකුගේ මනස සහ සිහිය අවුල් කිරීමට ප්‍රමාණවත් වනු ඇත.

නමුත් හේ යූ යනු "මානසික ඉබෝලා" නම් වූ රෝගී තත්ත්වයෙන් පෙළෙන හුදෙකලා මානසික රෝගයකි. ඔහු රුධිරය සඳහා ඉහළම දරා ගැනීමක් සහිත "මානසික ඉබෝලා රෝගී අංක 4" විය. 

ඔහු රුධිරයට බිය නොවීය. ඔහු හෝ ඕනෑම හදිසි තත්වයකදී පවා ලේ පිපාසිත විය.

එබැවින් මෙතරම් කෙටි කාලයක් තුළදී මියගිය පුද්ගලයා හඳුනා ගැනීමට ඔහුට හැකි විය. 

ඔහු අනුකම්පා විරහිත ස්වරයෙන්  "ලියැං ජිචෙං, කෝ ඒ කෙල්ල?" යනුවෙන් විමසා සිටියේය.

ලියැං ජිචෙං හිස ඔසවා බැලුවාය.

ඇය ෂිඒ ෂිඒගේ අවසන් පණිවිඩයේ විස්තර කර තිබූ ආකාරයට අතිශයින්  සමාන වූවාය.කාලයත් සමග වසර ගණනාවක් පුරා කැපී පෙනෙන ලෙස ස්පර්ශ කර නොතිබු ඇය සුවිශේෂී ආකර්ෂණීය කාන්තාවකි. තවදුරටත් ඇය සම වයසේ කාන්තාවන්ට වඩා බොහෝ ලස්සන හා ආකර්ෂණීය තැනැත්තියක වූවාය.

ෂිඒ චිංචෙං සහ හේ යූ පිටුපසින් සිටි පිළිගැනීමේ නිලධාරිනිය ලියැං ජිචෙං ගේ මුහුණ පැහැදිලිව දැකීමෙන් පසු පොළව මත ඇද වැටුණේ කලිසමද තෙත් කරවමිනි. ඇය විකෘති කෑගැසීමක් සිදු කළ අතර එය වඩාත් හොඳින් විස්තර කළ හැක්කේ දුක්ඛිත විලාපයක් ලෙසය     

"ඒ ඒකී! ඒ ඒකී !!"

එවිටම ආරක්ෂක භටයින් මාරුවෙන් මාරුවට දිවගියහ. ඔවුන්ගේ ආත්මයන් ශරීරයෙන් වෙන් කිරීමට තරම් ලොමුදැහැගැන්වූ සිද්ධියට පෙර කුමක් සිදු වූයේද යන්න විමසීමට අදහස් කළේය . කටහඬ අවදි කිරීමට තරම් සිහිය තිබුණේ කිහිපදෙනෙකුට පමණි. 

" ජ්‍යං ලාන්පෙයි"

" ඒකි කොහොමද එලියට පැන්නේ?

ජ්‍යං ලාන්පෙයි චං කං මානසික රෝහලෙහි "වැඩිහිටියෙකු" ලෙස සලකනු ලැබීය. සාමාන්‍ය රෝහල් වල මුත්‍ර ශරීරාගාර ඇතුළු මෙවැනි රෝහල්වල නොලියූ නීතියක් විය. හිමිකරුවන් නොමැති රෝගීන් හෝ බොහෝ කලක් තිස්සේ හිමිකම් නොකියු මළසිරුරු "වැඩිහිටියන්" ලෙස හැඳින්වේ 

වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ජ්‍යං ලාන්පෙයි මෙහි ජීවත් වන්නීය.

කිසිවකු ඇය බැලීමට පැමිණ තිබුණේ නැත.

කඩදාසි වලින් ඩිජිටල් වාර්තාවලට වෙනස් වීම හේතුවෙන් ඇය මෙහි පැමිණි ආකාරය පිළිබඳව තොරතුරු ඇතුළත් ලිපි ගොනුව පවා අස්ථානගත වී ඇත.

චං කං මානසික රෝහලේ සාමාජිකයින් දැන සිටියේ ඇයගේ රෝගී තත්ත්වය පැහැදිලි නොවීම හේතුවෙන් ,ඇය කෝප නොගැන්විය යුතු මානසික රෝගියෙකු බව පමණි. අනෙකුත් රෝගීන් අපිරිසිදු සහ අවුල් සහගත ලෙස පෙනෙන අතර නොපැහැදිලි ලෙස කතා කරයි. නමුත් ඇය සෑම දිනකම පිරිසිදු සහ සුන්දර පෙනුමක් ලබා ගත් අතර  අන් අයට සුමට ලෙස ප්‍රතිචාර දැක්වීමටත් සමත්වූවාය .

කෙසේ වෙතත් ඇය පැවසූ දේවල්හි තාර්කික බවක් තිබුණද ඒවායේ අන්තර්ගතය සැලකූ කළ ඒ සියල්ලක්ම සම්පූර්ණයෙන් ගොතන ලද බව රෝහලේ සියලු දෙනා දැන සිටියහ. එය කෙලින්ම පැවසුවහොත් සාමාන්‍ය කතාවට සමාන වූ විකෘති විකාර කියවීමකි.

"මේ පිස්සු ගෑනි එක්ක වැඩිය ඉන්න එපා. සාත්තුකරලා ඉවර වුණ ගමන්ම පිටවෙලා යන්න. මේ ගෑනි බොරුවෙන්  මිනිස්සුන්ව රවට්ටගන්න හරි දක්ෂයි" 

හිටපු ප්‍රධානියා වූ ලියැං ජොන්කැං මෙම නීතිය ස්ථාපිත කළ දා සිට එය කිසිදා වෙනස් වී තිබුණේ නැත. ලියැං ජොන්කැං මිය ගිය පසුව ඔහුගේ බාල සොහොයුරා වූ ලියැං ජිචෙං සහ අනෙකුත් සගයන් විසින් රෝහල පවරා ගැනීමෙන් පසුව ද එය එලෙසම පැවතිණි.

බිම වැතිර සිටි මිනිසා සැබෑ ලියැං ජිචෙං විය.

"පොලිසියට කතා කරන්න එපා "

ජ්‍යං ලාන්පෙයි දොරටුව පිටතින් වර්ධනය වන සමූහයා දෙස බලා තර්ජනාත්මක  ප්‍රකාශයකින් පැවසිය.

"ඉක්මනට කතා කරන්න "

" තමුසෙලට බයක් නැද්ද!"

ජ්‍යං ලාන්පෙයි කුඩා පිහි තලය  පද්දමින් ඇය ඉදිරියෙන් සිටින සියල්ලන්ටම පෙනෙන ලෙස ඉහලට එසවූ වූවාය. ඇගේ දෑස් උමතුවෙන් බැබළන්නට විය.

"මම අවුරුදු විස්සක් තිස්සේ මෙහෙ ඉන්නේ. මට දැන් ඇති,මට මෙහෙන් යන්න ඕනෙ. මට ගෙදර යන්න ඕනේ.මගේ ළමයි තාමත් මං එනකම් බලන් ඉන්නවා !"

"ළමයි ගැන ද ගැනද උබ  කතා කරන්නේ, ජ්‍යං ලාන්පෙයි ?"

ආරක්ෂක භට කණ්ඩායමේ කපිතාන්වරයා තරමක් නිර්භීත වූ අතර ඉදිරියට ගොස් ජ්‍යං ලාන්පෙයි වෙත කලබලයෙන් කෑගැසුවේය.  

 "උඹට ළමයි නැහැ, උඹට කවුරුවත්ම නැහැ. අවුරුදු විස්සක් තිස්සේ අපි තමයි උඹව බලාගන්නේ"

"බූරුවා! උඹලා මාව අවුරුදු විස්සක් තිස්සේ බලා ගත්තද ? ඒක කොහොමද බලා ගැනීමක් වෙන්නේ ?.. මට යන්න දීපියව්. මට යන්න ඕනේ මේ දැන්ම. පලයන් මෙතනින් අහකට,  උඹලා ඔක්කොම පලයල්ලා මෙතනින් අහකට! නැත්නම් … නැත්නම් උඹලට අර කෙල්ල කොහෙද කියලා කවදාවත්  හොයා ගන්න බැරි වෙයි"   

මෙය ඇසූ හේ යූ ගේ සහ ෂිඒ චිංචෙං ගේ ඉරියව් අඳුරු විය.

ෂිඒ චිංචෙං " එයා කොහෙද ?"

"උඹ හිතන්නේ මං මෝඩයි කියලද? ඇයි මං උඹට ඒක කියන්නේ! මම ඒක කිව්වොත් මුන්ටික මාව ඇදගෙන යාවි !"

හදිසියේ ම යමක් සිහි වූ ෂිඒ චිංචෙං ගේ මුහුණ සුදුමැලි විය. ඔහු පියවරක් ඉදිරියට ගියේය.

ජ්‍යං ලාන්පෙයි පියවර කිහිපයක් පිටුපසට විය, තවමත් රුධිරය ගලායන කුඩා පිහිතලය පෙන්වමින් " උඹ මොකක්ද  කරන්නේ ? මං කිව්ව නේද උඹට තවත්  ළඟට එන්න එපා කියලා " 

"එයාව ප්‍රාණ ඇපකාරයෙක් කරගත්ත නේද?" 

“…”

ෂිඒ චිංචෙං ඇගේ දෑස් දෙස බලමින් ඔහුගේ අත ඔසවා ක්ෂණිකව රුධිරය සහිත පිහිය අල්ලා ගත්තේය. ජ්‍යං ලාන්පෙයි කෑගසමින් ඔහුගේ අතින්  කුඩා පිහි තලය ඉවත් කර කරගැනීමට උත්සාහ කළේය. ෂිඒ චිංචෙං ගේ අත්ල ක්ෂණිකයෙන් කැපී ගිය අතර රුධිරය නොනවත්වා ගලා ගියේය.

" උඹ මොනවද මේ කරන්නේ ? උඹ ඒකිගේ ජීවිතේ අවදානමේ දානවද? උබ-"

ෂිඒ චිංචෙං පිහිය තමා දෙසට ඇද ගෙන එය ඔහුගේ පපුවට තද කර ගත්තේය.

අවට සිටි සියල්ලන්ම තුෂ්නිම්භූත විය.

"මාව පාවිච්චි කරන්න " ෂිඒ චිංචෙං නොසැලෙන දෙනෙතින් පවසා සිටියේය .

ජ්‍යං ලාන්පෙයි ගල් ගැසුනා.

ෂිඒ චිංචෙං කුඩා පිහි තලය සෙමෙන් මුදාහරිමින් මෙසේ අවධාරණය කළේය. "මම එයා වෙනුවට එන්නම්. එයා ඉන්න තැන දැම්ම මෙයාලට කියලා එයාව මගේ ඉස්සරහට අරගෙන එන්න.මම එතකම් මෙතන ඉන්නම්. එයාගෙ එක කෙස් ගහක් හරි ගැලවිලා තිබ්බොත් මට අදාල නෑ තමුසෙට පිස්සුද නැත්නම් ඒ වගේ රඟපානවද කියලා, මම තමුසෙව මරලා දානවා ! "   

ජ්‍යං ලාන්පෙයි ස්වල්ප වේලාවක් ඒ ගැන සලකා බැලූ නමුත් ඇගේ මනස ද තරමක් අවුල්වී ඇති අතර තීරණයකට එළඹීමට නොහැකි විය.

ෂිඒ චිංචෙං ගේ  බැල්ම බොහෝ බියකරු විය. ඇය බලා සිටින විට , ඇය වැනි උමතු වූ මළ සිරුරු කැබලි කරන ලද මිනීමරුවකු ට පවා හුස්ම ගැනීමට අපහසු වන තරමේ  පීඩනයක් දැනුණි. මේ අනුව ඇය තීරණය කර සිටියේ මේ පිළිබඳව වැඩිදුරටත් නොසිතිය යුතු බවය. ඔහුව තමා වෙතට ඇදගත් ඇය පිහි තලය ෂිඒ චිංචෙං ගේ කැටරොයිඩ් ධමනිය මත තද කළාය.

හේ යු " ෂිඒ චිංචෙං " 

"ඒ කෙල්ල ඉන්නේ මගේ කාමරේ , B3009"

"අපි ඒක සර්ච් කළා! මේ ගෑනි කියන ඒවා විශ්වාස කරන්න එපා!" ආරක්ෂක නිලධාරියෙක් කෑගැසුවේ, "ජ්‍යං ලාන්පෙයි ! තමුන්ගේ කාමරේ මොකෙක්වත් නෑ !"

ජ්‍යං ලාන්පෙයි සමච්චල් කළේ ය.

" ඇඳ පැත්තකට කරන්න. ඒකෙ යට බුරුල් ෆ්ලෝබෝර්ඩ් එකක් ඇති. ඒක අරින්න , ඒක ගොඩක් පොඩි සීක්‍රට් ප්ලේස් එකක්. තමුසෙලා එකට යන එක හොඳයි. ඒ පොඩි කෙල්ලයි ඇරෙන්න තවත් සප්‍රයිස් එකක් තියෙනවා උඹල එනකම් බලාගෙන" 

ආරක්ෂක නිලධාරීන් කැළඹීමෙන්  එකිනෙකා දෙස බලා සිටියහ, ඔවුන්ගෙන් තිදෙනෙක් යාමට සූදානම් වූහ. 

ජ්‍යං ලාන්පෙයි හදිසියේම මෙසේ පැවසීය. "පොඩ්ඩක් ඉන්න , හැමෝගෙම ෆෝන් එළියට අරගෙන බිමට විසි කරන්න "

 “…”

ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තම දුරකථනය ගෙන එකින් එකට බිමට විසි කිරීම හැර වෙනත් කළ හැක්කක් නොවීය. ඔවුන්ගේ සන්නිවේදන උපකරණ අත් හැරීමෙන් පසු ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුට ෂිඒ ෂිඒ සෙවීම සඳහා B3009 දරණ අසල කාමරයට යාමට අවසර දුන් අතර අනෙක් අය ඔවුන් සිටි ස්ථානයේම රැඳී සිටියහ.

ටික වේලාවකට පසු පිටත්ව ගිය ආරක්ෂක නිලධාරීන් ආපසු පැමිණියේය.

ඔවුන් තිදෙනා රහස් කුටිය තුල දුටුවේ කුමක්දැයි කිසිවකු දැන නොසිටියද , නමුත් නිසැකවම ඔවුන්ගේ මුහුණු අළු සහ විෂම ලෙස මිශ්‍ර වූ කොන්ක්‍රීට් මෙන් සුදුමැලි විය. ඔවුන් සිහිසුන් වූ  ෂිඒ ෂිඒ රැගෙන ඒම සදහා ඇඳ ඇතිරිල්ලක් තාවකාලික ගිලන් මැස්සක් ලෙස භාවිතා කර තිබුණහ.

ෂිඒ ෂිඒ දැකීමෙන් පසු ෂිඒ චිංචෙං ට තවදුරටත් එය දරාගත නොහැකි විය.

ඔහුගේ හදවතට එය තවත් දරාගත නොහැකි විය.

එක අතකින් ඔහුට අවසානයේ සැනසුම් සුසුමක් හෙලන්නට හැකිවිය. ෂිඒ ෂිඒ නිසැකවම හොදින් සිටි අතර සිහිසුන් වන මත්ද්‍රව්‍ය පමණක් ලබාදී ඇති බවක් පෙනී ගියේය. නමුත් අනෙක් අතට ෂිඒ ෂිඒ ව නිරුවත් කර ඇති හෙයින් ඔහුට අතිශය විනාශකාරී බවක් දැනෙන්නට විය. ග්‍රීෂ්ම සෘතුව  ළංවීමත් සමග එළිමහන ඉතා උණුසුම් වූ බැවින් පාසැල් නිළ ඇඳුමට අමතරව ඇය ඇඳ සිටියේ සිහින් සුදු ලේස් යට ඇඳුම් පමණකි. 

එක් ක්ෂණික බැල්මකින් පසු ෂිඒ චිංචෙං ඉවත බලා ගත්තේ.ඔහුගේ මුළු සිරුරම වෙව්ලන්නට විය.

ඔහු ඉදිරියට ආවේය.

ජ්‍යං ලාන්පෙයි " තමුසේ මොකද කරන්නේ? හෙලවෙන්න එපා" 

"ඒ මගෙ නංගි!" ෂිඒ චිංචෙං තම කමිසය ගලවා ජ්‍යං ලාන්පෙයි ගේ වෙව්ලන පිහි තලයේ දරුණු පීඩනය යටතේම  හේ යූ වෙත විසි කළේය. 

ඔහු රත් පැහැ වූ දෑසීන් හේ යූට නියෝග කළේය "එයාට මේක දාන්න!"

හේ යූ ට මෙය කීමට අවශ්‍ය නැත, ඔහු දැනටමත් කමිසය ගෙන ඇයව ආවරණය කර අවසන්ය. ඔහු ඇයව ඔසවා ගත් අතර ඇයගේ මුළු සිරුරම ඔහුගේ දෑත් මත දුර්වල ලෙස ඇලවී තිබුණි. 

" ඔයාට මොකද වෙන්නේ?" හේ යූ ආපසු හැරී ෂිඒ චිංචෙං ගෙන් විමසා සිටියේය.

" තමුන් මොනවද හිතන්නේ?" ෂිඒ චිංචෙං දැඩි ලෙස පැවසුවේ. "මට මොනවද කරන්න පුළුවන්? තමුන් හම්බෙන හැම වෙලාවෙම, ඒක මගේ අවාසනාව වෙනවා. ඇයි එදා තමුසෙ සින්ඩරැල්ලාව හෑරුවෙ නැත්තෙ. තමුසෙ එදා එතනම  මැරෙන්නයි තිබ්බේ වස, කැන්ඩි එකක් කියලා වැරදියට හිතාගෙන" 

හේ යූ වහාම දෑස් කුඩා කළේය.

ෂිඒ චිංචෙං අපහාසයක් මෙන්  පැවසු මෙම වචනවලින් අදහස් කළේ කුමක්දැයි ඔහු දැන සිටියේය.

නමුත් ජ්‍යං ලාන්පෙයි එය දැන සිටියේ නැත.

" උබලා ඔක්කොල ම මගේ පිටිපස්සෙන් රූෆ් එකට එන්න ඕනෙ" ජ්‍යං ලාන්පෙයි පැවසුවාය.

" අපි රූෆ් එකට ගියාම , මම මෙයාට යන්න දෙන්නම්"

"මට කාර් එකක් දෙන්න ,පොලිසියට කතා කරන්න එපා , මම එතැනට ගිය ගමන් මෙයාලට යන්න දෙන්නම් " ප්‍රාණ ඇපකරුවන් රැගෙන පලා යන මිනීමරුවෙකු සාමාන්‍යයෙන් පවසන්නේ මෙවැනි වදන්ය. ජ්‍යං ලාන්පෙයි මතුපිටින් සාමාන්‍ය අයුරින් පෙනෙන නමුත් සැබැවින්ම පිස්සියක වූවාය. ඇය පහලට නො ගියා පමණක් නොව ඒ වෙනුවට වහලය මතට යාමට ඇයට අවශ්‍ය විය.

වහලය මත හෙලිකොප්ටරයක් ​​තිබේද?

නමුත් ඇය මෙම නියෝගය ලබා දී  ඇති බැවින් අනෙක් පිරිසට කළ හැක්කේ ඇයි කී දෙයක් පමණි.

" පලයව් , ඔක්කොලම ඉස්සරහින් පලයව්. බිල්ඩිමේ උඩටම..ඉක්මන් කරපියව් ..!" ජ්‍යං ලාන්පෙයි පැවසුවාය.

ඇය ඔවුන්ව එකෙනෙකා පසුපස  ඉක්මනින් යැවීය. සියලුම දෙනා පිටතට ගිය පසුව ඇය පරිස්සමෙන් ෂිඒ චිංචෙං ඇදගෙන ඉහලට පැමිණියාය.

චං කං මානසික රෝහල පිහිටා තිබුණේ නගරයෙන් තරමක් ඈත පාළු ප්‍රදේශයකය. එහි වහලය මත ආලෝකය අවම වූ අතර දැඩි රාත්‍රී සුළඟ කෙතරම් තදින් හමා ගියේ ද යත් ඔවුන්ගේ සිරුරුවල වූ සීතල දහඩිය වියළී ගියේය.

ජ්‍යං ලාන්පෙයි සියලු දෙනාටම  ඇගෙන් දුරස්ව බිම හිඳගැනීමට අණ කළාය. ෂිඒ චිංචෙං ගේ බෙල්ලට කුඩා පිහි තලය තවමත් තද කර ඇති අතර ඇය ජල කුළුණ දෙසට පසු බැස ගියාය. 

"මොකක්ද තමුන්ගේ අරමුණ." ෂිඒ චිංචෙං විමසුවේය.

"මං කිව්වේ මගේ අරමුණ පැනලායන එක!"

"ඒක නෙමෙයි තමුන්ගේ අරමුණ"

" තමුසේ මොනවද දන්නේ ? අහසෙ ඉන්න කෙනා ඇවිත් මාව අරගෙන යයි" ජ්‍යං ලාන්පෙයි පැවසීය. කුඩා පිහි තලය ෂිඒ චිංචෙං ගේ සමට තද විය,ඒ වන විටත් රුධිරය ගලා යාමට පටන් ගෙන තිබිණි.

" වෙලාව ආවම තමුසෙලා ඔක්කොම මැරෙයි" ඇය තම ඇඟිලි තුඩු මත නැගෙමින් ෂිඒ චිංචෙං ගේ කනට කෙඳුරුවා ය.

ෂිඒ ෂිඒ ආරක්ෂිත බව තීරණය කිරීමෙන් පසුව ෂිඒ චිංචෙං මුළුමනින්ම සන්සුන් විය. ඔහුගේ මනස ඉතා නිරවුල්  වූ අතර, ඔහුගේ ජීවිතය ඔහුට එතරම් වැදගත් නොවීය.

" ඒකත් එහෙම නම්, ඇයි දැන් තමුන් මාව මරන්න නැත්තෙ? තමුන් කියන විදිහට කොහොමත් අපි ඔක්කොම මැරෙනවා" ෂිඒ චිංචෙං නොසැලකිලිමත් ලෙස පැවසුවේය.

"තමුසේ.."

" තමුනුත් බයයි නේද ඒක කරන්න?" 

“…”

"තමුන් මොකටද බලන් ඉන්නේ , අහසින් මිනිස්සු බැහැල එනකන්ද? අහසේ ඉන්නේ මොන වගේ මිනිස්සු ද ? මීදුම ඝන නිසා අපිට තරුවක් වත් පේන්නේ නෑ"

" ඔහොම ඉන්නවකෝ, තමුසේට තේරේවි" ජ්‍යං ලාන්පෙයි තදින් පැවසීය.

ඇයි ඒ කතා කරන විට පවා, මේ මොහොතේ ඇගේ ශක්තිය හීන වෙමින් පවතින බව ඇයට බොහෝදුරට  දැනෙන්නට ඇත. කෙසේවුවත් ඇය අවුරුදු  පනස්ගනණක ගැහැණියක් විය ෂිඒ චිංචෙට නොකඩවා බලපෑම් කිරීමට සිදුවූ අතර මුළු සිරුරෙහිම බර  තම ඇඟිලි තුඩු මත යෙදවීම මෙන්ම අවශ්‍යතාවය මත අනෙක් අය පිළිබඳව විමසිල්ලෙන් සිටීමට සිදුවීම ඇයට තවදුරටත් දරා ගත හැකි දෙයක් නොවීය. එනිසා ජල කුළුණ වටා බැල්මක් හෙලූ ඇයට ඉදි කිරීම් අතරතුර දමාගිය ශක්තිමත්  කඹයක් සොයාගැනීමට හැකිවිය. පාදය කොක්කක් ලෙස භාවිතා කරමින් කඹය තමා දෙසට ළං කරගත් අතර ඇය ෂිඒ චිංචෙං ගේ ගෙලට තද කළ කුඩා පිහිතලය එලෙසම පැවතිණි. 

ඉන්පසුව ඇය ඔහුව ගැට ගැසීමට පටන් ගත්තාය, ගැට ගණනාවක් භාවිතා කරමින් ඔහුව ජල කුළුණට තදින් බැඳ තැබිය.

 " තමුන්ට හොඳට පුරුදුයි වගේ , අවුරුදු විස්සක් තිස්සේ පිස්සං කොටුව ඉදන් පුරුදු උන එකම දේ මේක විතරද ?" ෂිඒ චිංචෙං උපහාසාත්මක ස්වරයෙන් පැවසුවේය.

 ඔහු වේදනාකාරි හැගීමකට පහර දුන් බවක් පෙනෙන්නට තිබිණි. තියුණු හඬින් ඇය ඔහුගේ මුහුණ හරහා ප්‍රහාරයක් එල්ල කර අවසානයේ කෙළ ගැසුවේ " කට වහපන්" යැයි පවසමිනි. 

ඇය ඔහුව තදින් බැඳ පසුව පියවර කිහිපයක් පසුපසට ගියේ අවසානයේ සැනසුම් සුසුමක් හෙළුවාය. 

ඇගේ දෙනෙත් තුළ වෛරය දැල්වීය: " උඹලා ඔක්කොම  තිරිසන්නු ."

ඔවුන්ට පිටුපසින් සසිටි ආරක්ෂක නිලධාරීන්ට ඔවුනොවුන් අතර කොඳුරමින් සිටීමට නොහැකි විය. ෂිඒ ෂිඒ බේරා ගැනීමට ඉදිරිපත් නොවූ නිලධාරීන් අනෙක් තිදෙනා ගෙන් විමසා සිටියේ " ඇත්තටම ජ්‍යං ලාන්පෙයි ගේ කාමරේ සීක්‍රට් ප්ලේස් එකක් තිබුණ ද?"

මෙම ආරක්ෂක නිලධාරීන් තිදෙනා බොහෝ අපහසුතාවයට පත්වූ බවක් දැකිය හැකි විය. ඔවුන්ගෙන් දෙදෙනෙකු ට කිසිවක් කරකියා ගත නොහැකි වූ අතර ඔවුන් බියපත් දෑසින් යුතුව ජ්‍යං ලාන්පෙයි දෙස බලා සිටියහ.

යන්තම් පිළිතුරු දීමට හැකි වූයේ එක් අයෙකුට පමණි: "ඔව්."

 "මොනවද ඇතුළෙ තිබ්බේ ?"

 එහි ඇත්තේ කුමක්ද?

ආරක්ෂක නිලධාරීන් තිදෙනා වෙව්ලන්නට වූහ.

ඔවුන්ට පිළිතුරු දීමට පෙර, ජ්‍යං ලාන්පෙයි ට එය ශ්‍රවණය වූ අතර ඇය තියුණු පිහි තලය අතැතිව සෙමෙන් ආපසු  හැරුණාය.

ඇය සිනාසුණාය: "ඒ මොකක්ද?"

ඇගේ සිනහව තුළ වෛරය දැල්වෙන්නට විය.

 "මොනවද ඇතුලේ තියෙන්නේ? හහ්...හහ්හ්හ්...ඒක ආදරය! ඒක හරිම ලෙන්ගතු ආදරයක්...! එහෙම නේද?" ජ්‍යං ලාන්පෙයි ගේ මුහුණ විකෘති විය - ඇය සැබවින්ම පිස්සියකි. 

තවමත් කතා කළ හැකි එකම ආරක්ෂක නිලධාරියා ඔහුගේ දෑතින් හිස බදාගෙන සිටියේය.ඔහු තරමක් වයස්ගත දියණියක් සිටි පුද්ගලයෙකි , එබැවින් ඔහු මහත් වේදනාවෙන් පැවසුවේ " ලියැං ජිචෙං මෙයාව රේප් කළා" යනුවෙනි.

 "!!"

“අවුරුදු දහයකටත් වැඩියි… ඒ මිනිහා හැමදාම රෑ මේක කළා. මෙයා මොන කන්ඩිෂන් එකේ හිටියත්…හැමදාම රෑට, ලියැං ජිචෙං ෆොටෝ එකක් තියලා ගියා. ඒ නිසා ඕගොල්ලො කාමරේ ඇතුලට යනකොට හැම බිත්තියක ම හැම තැනකම ඒක තියෙනවා "

"ඒ විතරක් නෙවෙයි " ජ්‍යං ලාන්පෙයි මද සිනහවක් පෑවා. "උඹලා කොනේ තිබ්බ ඇටසැකිල්ල දැක්කද?"

 “…”

" ඒ ලියැං ජිචෙං ගෙනාපු රසවත් කෑමක්. ඇය ඔවුන්ට රහසක් කියන්නාක් මෙන් ක්‍රියා කළ නමුත් ඇගේ කටහඬ කපුටකු හඬා වැළපෙන්නාක් මෙන්  උස් සහ ගොරෝසු විය.

" ඌ බය උනා 'එළියේ ඉදන් කාලා කෑම කෑළි ඉතිරි උනොත් ඒකෙ සුවඳට  බළල්ලු ඒවට ඇදිලා එයි කියලා ඌ බය උනා. ඒ නිසා ඌ උගේ කෑම එක හොස්පිටල් එකට අරගෙන ආවා. මගේ රූම් එකේ තියන සීක්‍රට් ප්ලේස් එක ගැන දැනගෙන හිටියෙ ඌයි උගෙ අයියයි විතරයි.. ඉතිං උන් උගේ රසවත් කෑම එක කෑවා. ඒත් ඒ පොඩි කෙල්ලට මේ ලජ්ජාව දරාගන්න බැරුව බිත්තියේ ඔළුව ගහගෙන මැරුනා!

ඇය වැඩි වැඩියෙන් කතා කරන විට සවන් දෙන්නන්ගේ ප්‍රකාශයන් වඩාත් බියජනක විය.

හේ යූ ගේ මුහුණ පමණක් සන්සුන් විය.

ෂිඒ චිංචෙං ගේ වෛරී කෝපය වර්ධනය වන්නට විය..

" රසවත් කෑම එක සියදිවි නහගත්තට, එයාව කුණු කූඩෙට විසික් කරන්න බැරි වුණා.ඒකත් එක්ක වැඩ කරන්න අමාරු නිසා උන් එයාව සල්ෆියුරික් ඇසිඩ් වල ගිල්ලලා රහස් කාමරය තියලා තිබ්බා. මස් ටික ඉක්මනට දියවෙලා ගියා , ඒ වගේම අස්ථි වලිනුත් වැඩි යමක් ඉතුරු වෙලා නෑ .ඒත් උන් මාව බයකරන්න සමහර දේවල් ඉතුරු කළා. මං මැරෙන්න ට්‍රයි කරන එක නතර කරන්න වගේම මාත් ඒ විදිහට කලොත් මටත් එහෙම වෙයි  කියලා පෙන්නන්න " මෙම සිදුවීම  සිහිපත් කිරීමේ දී උමතු බවට පත්වීම හේතුවෙන් ජ්‍යං ලාන්පෙයි ගේ හදවත දැඩි ලෙස දැවෙන්නට විය.එම සිදුවීම නැවත සිහිවීම නිසා ඇගේ කතාව බිදවැටුන මුත් මූහුණේ වූ උමතු බව අඩුවක් නොවීය.

" මම බයයි වගේ රගපාල උන්ගේ ඕනෙකම්  ඉෂ්ට කළා..පස්සෙ ඌ මැරුණා. උගේ අයියා විතරයි ඉතුරු උනේ . .හහ් ඒ අයියා අරූටත්  වඩා අප්පිරියයි.. විකෘති මිනිහෙක් !

" ඇයි ඔයා අපිට කිව්වෙ නැත්තෙ! ඇයි ඔයා අපට පොලීසියට කතා කරන්න කිව්වේ නැත්තෙ "

තරුණ හෙදියට තවදුරටත් එය දරා ගත නොහැකි වූ අතර,ඇගේ දෙනෙත් කඳුළින් පිරී ගියේ ය.

"ඔයා ඒක කිව්වානම් අපිට උදව් කරන්න තිබුණා."

" කවුද මාව විශ්වාස කරන්නේ ? මම පිස්සෙක්! පිස්සෙක් ! එයාලා තමුන්ට කිව්වා මට කතා කරන්න එපා කියලා.! එයාලා තමුන්ට කිව්වා පුළුවන් තරම් මගෙන් ඈත් වෙලා ඉන්න කියල! හැමදාම තමුන් මට බේත් දුන්නා!ඖෂධ ! කවුරු හරි මට කවදහරි  ඇහුන්කම් දුන්නද? කවුරුහරි මාව කවදාවත්  විශ්වාසය කළාද?" ජ්‍යං ලාන්පෙයි කෝපවිය. " මම පිස්සෙක් , තමුසෙලා ඔක්කොටම මං භයානක සතෙක්! උබලා මං ගැන හිතන්න ඕනේ නැහැ , උබලා අවංකවම මං ගැන සැලකිලිමත් වෙන්න ඕනෙ නෑ - මම උඹලට  කියන්න තරම් නිර්භීත වෙන්නේ කෝමද? මම උබලට  කිව්වොත් ලියැං ජිචෙං ඇවිත් මාව මරලා දාවි.. 

B3006 යනු විසි වසරක පමණ කාලයක් රාගයෙන් හා දුෂ්චරිතයෙන් පිරීගිය මළකඩ බැඳුණු තලයක් මෙන් විය .

ඇය රෝගියෙකු බැවින්  , සාමාන්‍ය මිනිසුන් සියල්ලන්ම ඇය දෙස බලන්නේ ඔවුන්ගේ පූර්ව නිගමන් ඔස්සේය. උමතු කාන්තාවක් සහ උමතු රෝහල් අධ්‍යක්ෂකවරයෙක් අතරින් සෑමදෙනෙකුම විශ්වාස කරනු ලබන්නේ දෙවැන්නා ය.  ක්‍රමක්‍රමයෙන් කාන්තාවකගේ යහනට යටින් පැවති රහස් කුටිය මකුළු දැලක් බවට පත්වූ අතර කාන්තාවන්ගේ මාංශ කුණු කරන දැලක් බවට පත්විය.

" මට උබලා ඔක්කොම අප්පිරියයි "

" මම උඹල ඔක්කොටම වෛර කරනවා!!"

මේ පිළිබඳව කතා කතා කිරීමෙන් අනතුරුව ජ්‍යං ලාන්පෙයි ගේ දෑසෙහි ආලෝකය තවත් භයානක විය. ඇගේ හිස ග්‍රහණය කර ගත්තාක් මෙන්   කටහඬ ක්‍රමයෙන් මෘදු විය.

"කාටවත් මට උදව් කරන්න බැහැ .. මට ගොඩ කාලෙක ඉඳන් මම කවුද කියලා අමතකයි , මං ආවෙ කොහෙන්ද කියලා අමතකයි ..මට කරන්න පුළුවන් එකම දේ.. එකම දේ උඩට යන එක විතරයි"

ඇය එක්වරම ඔවුන් දෙස බැලුවාය.

" උඹලා ඔක්කොම මාත් එක්ක එන්න ඕනේ"

ඇගේ කතාව අවසන් කල විට ඇයට ක්ෂණික ව අවබෝධ වූයේ නොතිබිය යුතු යමක් එහි ඇතිවාක් මෙන්  එක් පොලිස් නිලධාරියෙකු ඇය දෙස අමුතු ආකාරයෙන් බලා සිටින බවයි. ඇය මොහොතකට තුෂ්නිම්භූත වූ නමුත් එක්වරම ප්‍රතික්‍රියා කරමින් හැරී බැලුවාය. 

ඒ අවස්ථාවේදීම ඇයට පිටුපසින් සුළඟක්  හමා යන බව එක්වරම දැනෙන්නට විය! ඇය යන්තම් මග හැරීමට සමත් වුවත් , ක්ෂණිකව සහ අමානුෂික ලෙස ඇගේ ප්‍රතිවාදියාගේ දිගු පාද වලින් ඇයව බිම දමා වහලයේ රළු  සිමෙන්ති පොළොවට  තද කරන ලද්දේය. වළාකුළු පිරි රාත්‍රිය පසුබිම් කරගනිමින් සිටගෙන සිටින , උඩුකය නිරුවත් පළල් උරහිස් සහ තියුණු භාවයක් සහිත මිනිසා දෙස ඇය අවිශ්වාසයෙන් බලා සිටියාය. 

 " ඒ ගැටය .. කොහොමද .. කොහොමද තමුසේ?

" මට කලින් කියන්න බැරි උනා" ෂිඒ චිංචෙං හැගීමකින් තොරව පැවසුවේ ය."මගේ අම්මයි තාත්තයි දෙන්නම පොලිසියේ. පොඩිකාලේ  ඉඳන්ම මං  මේ ගැටත් එක්ක සෙල්ලම් කරනවා" 




 Translate credits :- Xie Lian


පරිවර්තක සටහන් :

කුඩා පිහි තලය - Scalpel කියල ඉංග්‍රීසි පරිවර්තනයේ තිබුණ වචනයට කුඩා පිහි තලය කියලා මම පාවිච්චි  කළා. සැත/විච්ඡේදන පිහිය තමයි හරි වචන වෙන්නේ. කියවන අයගේ පහසුවට කුඩා පිහි තලය කියලා ගත්තා මම..


Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-