Skip to main content

04.ආයේ අපි හම්බුනාම මම එයාව ගනන් ගත්තේ නෑ .

 තෙල් කරවෙන ශබ්දයෙන් පටු කුස්සිය පිරී ගියේය.හේ යූ සහ ෂිඒ ෂිඒ කුඩා කෑම මේසයේ වාඩි විය.

ෂිඒ ෂිඒ වඩාත් හොඳ මනෝභාවයකින් සිටි අතර, සැහැල්ලු සිනහවක් මුවේ දවටා ගනිමින් තම වැඩිමහල් සහෝදරයා ඉවුම් පිහුම් කටයුතු අහවර කරන තෙක් බලා සිටියාය.

නොසැලකිලිමත් ලෙස සිනාසුනු හේ යූගේ දෑස් රැඳී තිබුණේ මුළුතැන්ගෙය තුළයි.

පෝස්ටර් වලින් වැසී ගිය කුස්සියේ දොර තරමක් විවෘතව තිබුණි. හොඳින් පිසින ලද බත් වල හුරුපුරුදු සුවඳ විවෘත වූ ද්වාර කෝණයෙන් ගලා ආවේය. ෂිඒ චිංචෙං පිටතට පැමින ඒප්‍රනය ගලවා දැමූ විට පෙනුනේ පෙර පරිදිම ඔහු මහන ලද කලිසමට බොත්තම් ඇල්ලූ කමිසයක් යට කර ඇඳ ඇති බවයි. ෂිඒ චිංචෙං හට සීතල පෞර්ෂයක් උරුම වුවත් ඔහු තවමත් හොඳ සහෝදරයෙක් වූවේය. ඔහුගේ දෙමාපියන් කුඩා කාලයේදීම මිය ගිය පටන් ඔහු ගෘහ මූලිකයා වූ අතර කුඩා කළ සිටම පවුලේ බාලයන් බලා ගත්තේය. එහි ප්‍රතිපලයක් ලෙස ඔහුගේ සූපශාස්ත්‍ර කුසලතා ඉහළ මට්ටමක පැවතුනි.

ඉහළට රෝල් කල කමිස අත් අතැතිව තම සොහොයුරා කෑම බන්දේසි ගෙනැවිත් එය කුඩා කෑම මේසය මත තබනු දුටු ෂිඒ ෂිඒ, පුදුමයෙන් කෑ ගසා ඉක්මනින් පැන තම සොහොයුරාට කෑම බන්දේසි පිළියෙල කර මේසය සැකසීමට උදව් කළාය.

"ඒක මාර සුවඳයි. ග'ගා..ඔයා තමයි හොඳම. ඔයා තමයි හොඳම. මම ඔයාට ගොඩක් ආදරෙයි. අපි කමූ... මට බඩගිනියි..."

ෂිඒ ෂිඒගේ ප්‍රකාශය බරපතළ විය.

"ගැහැනු ළමයි ඔහොම මෝඩ විදිහට කෑ ගහන්නේ නැහැ. ඒක නුසුදුසුයි. මුලින්ම යන්න, ගිහින් අත් සෝදන් එන්න."

"ඔයත්" ඔහු හේ යූ දෙසට හැරී කීවේය.

හේ යූ මෙවැනි බැඳපු බත් අහාරයට ගෙන බොහෝ කල් ගතවී තිබුණි.

ෂිඒ චිංචෙං විසින් පිසින ලද බත්, සිනිඳු හා රන්වන් පැහැයෙන් බැබලුනු අතර,සෑම සහල් ඇටයක්ම බොහෝ සෙයින් රසවත් විය. හේ යූ කුඩා කළ උඳුන ළඟ හිඳගෙන ෂිඒ චිංචෙං තම සහෝදරියගේ ප්‍රියතම ආහාරය සාඳන අයුරු බලා සිටියේය.

අධික තෙත් හෝ වියළි බත් නොව, ෆ්‍රයිඩ් රයිස් සඳහා හොඳම ඉතුරු වූ බත් බව ඔහු දැන සිටියේය. බත් තාච්චියට දැමීමට පෙර සෑම බත් ඇටයක්ම කහ පැහැ වන පරිදි ඔහු බිත්තර සමඟ කලවම් කළේය.

තාච්චියේ තෙල් නිසි පරිදි රත් වූ පසු ඔහු කඩිනමින් තවත් බිත්තර දෙකක් එකතු කර හොඳින් කළවම් කරයි. සූකර මේද එකතු කර, බිත්තර කළවම් කර බත් මිශ්‍රණය තාච්චියට දමා අධික ගින්දරේ බදින්නේ ඉන්පසුවය.

නමුත් එය නියම වශයෙන්ම යංචෞ බත් නොවීය. ෂිඒ ෂිඒගේ රුචියට ගැළපෙන පරිදි ෂිඒ චිංචෙං විසින් වට්ටෝරුව වෙනස් කරතිබූ අතර ඔහු කිසිවිටෙකත් කඩල එකතු නොකළේය. නමුත් එයින් රසයට බදාවක් නොවුනි.

රත්තරන් පැහැ උණුසුම් යංචෞ බත් පිඟන් තුනක් විදුලි පහන් යට දිලිසෙමින් කෑම මේසය මත විය. කුඩා කැට කැපූ හැම් කැබලිත්, ඉස්සන් හා ඉසින ලද ළූණූ කොළ එහි රසයට සමානව ආකර්ෂණයද ඔප දමා තිබුණි.

හේ යූ ආහාර ගන්නා අතරතුර සිතින් කුමන්ත්‍රණය කරන්නට විය.

කෑම උගුරෙන් පහළට ගිය නිසා පමණක් ඔහු ආහාර ගත්තේය. ෂිඒ ෂිඒ මේසය මත සිනාසෙමින් සිටියාය. නමුත් ෂිඒ චිංචෙංගේ පැමිණීමත් සමඟ ඇගේ බොහෝමයක් රස කතා තම සහෝදරයා වෙත යොමුව තිබුණි.

සහෝදර සහෝදරියන් දෙදෙනාගේ කතා බහ වඩාත් සුවපහසු විය. නමුත් හේ යූ බොහෝ කාලයක් ඔවුන්ගෙන් ඈත්ව සිටි නිසා, ඔවුන්ගේ කතාවට අභූත පසුතිරයක් ලෙසින් හේ යු හට වදනක් හෝ පැවසීම දුෂ්කර කටයුත්තක් විය.

කෙසේවෙතත් මෙම පසුබිම වඩාත් අසතුටුදායක වූ අතර ඔහුට අවැසි වූයේ හැකි ඉක්මනින් ෂිඒ චිංචෙං දර්ශන තලයෙන් ඉවත දැමීමටය.

"තව ඕනිද"?.

හේ යූ ගේ සිත ඉබාගාතේ යන අතරතුර, පිඟානෙහි පතුල පෙනෙන තෙක්ම ඔහු නිහඬව රසවත් බත් එක අනුභව කර තිබුණි. හේ යූ නැවතත් සිහියට ආ විට, ඔහු දෙස බලා සිටි ෂිඒ චිංචෙං හට ඔහු ඉතා ආචාරශීලීව පිළිතුරු දුන්නේය.

"මට ඇති".

"අයියේ, මට තව ටිකක් ඕනි"..

ෂිඒ චිංචෙං, ෂිඒ ෂිඒ ගේ පිඟාන අතට  ගත්තේ තවත් බත් ටිකක් ඇයගේ පිඟානට එකතු කිරීමටය.

චොප්ස්ටික් හපමින් සිටි ෂිඒ ෂිඒ හේ යූ වෙත හැරුණාය.

"ඇත්තටම මගේ අයියා ඔයාට වඩා රහට උයනවා. තව ටිකක් අරන් කන්න".

හේ යූ විරිත්තුවේය. "හොඳයි හොඳයි.මිනුම් මනින්න පුළුවන් හොඳම කෙනා ඔයා. මම ඒවා අවුල් කරන්නෑ".

"ඒයි. ඇයි ඔයා මට ඔහොම කතා කරන්නේ?ඔයා මට බනිනවද?".

"ඔයානේ මුලින්ම කීවේ, මගෙ කෑම එයාගේ කෑම තරම් රහ නෑ කියලා".

ඔවුන් දෙදෙනා රණ්ඩු කරන අතරතුර කුස්සිය දෙසින් ෂිඒ චිංචෙංගේ කටහඬ ගලා ආවේය.

"ෂිඒ ෂිඒ, ඔයා මොකක්ද මෙතන වතුර බාල්දියක් තියන් කරන්නේ"?.

"අපොයි"

ෂිඒ ෂිඒ හේ යූ රණ්ඩු කිරීම නවතා දැමුවේ මෙතන කෑ ගැහුවේ ඔවුන් නොවනා සේය.ඇය සෙමින් පුටුවෙන් ඉහළට ඇඳී කුස්සියට ඇසෙන ලෙස කෑගැසුවාය.

"ඉස්කෝලෙන් කීවා හෙට මෙහෙ වතුර කපනවා කියලා. ඉතින් මම වතුර එකක් පුරවලා තිබ්බා. මට ඒක වෙන තියන්න තැනක් නැහැ. ඒකයි මම ඒක රාක්කය උඩින් තිබ්බේ".

"මෙච්චර උසකින් තියන්න? දොර අරින වෙලාවට නොසැලකිලිමත් වෙලා ඒක වැටුනොත් මොකද කරන්නේ".

"ග'ගා,ඒක එච්චර හිතන්න එපා" ෂිඒ ෂිඒ කෑ ගැසුවාය.

තමන් කැමති ගැහැණු ළමයාට සමච්චල් කිරීමට හේ යූ ලැදි විය. සහෝදරවරුන්ගේ කතාබහ කනට වැටුණු හේ' යූ ගේ කුරිරු දෑස් මුළුතැන්ගෙය වෙත එල්ල වුනේ නිරායාසයෙනි. ඔහුගේ සිත පුරා දෝලනය වූයේ දඩබ්බර සිතුවිල්ලකි.

රාත්‍රී භෝජන කාළය ගෙවී ගියේය. ෂිඒ චිංචෙං ස්භාවයෙන්ම පිරිසිදු කිරීමේ කාර්‍යයන් අප්‍රිය කරන්නෙකි.හේ යූ විශ්වාවී හා මෘදු පිරිමි ළමයෙකු ලෙස ස්භාවිකවම පිඟන් සේදීමේ කාර්‍යයට මූලිකත්වය ගත්තේය.

"උදව්වක් ඕනිද?" ෂිඒ ෂිඒ හේ යූ වෙත හැරුණි.

"ඕන වුනොත් මම පස්සේ කතා කරන්නම්" හේ යූ සිනාසෙමින් මුළුතැන්ගෙය වෙත ගොස් දොර වසා දැමීය.

දොර වැසෙන ක්ෂණය තුළ ඔහුගේ සිනහව ඉඟිලී ගොස් තිබුණි.

හේ යූ වඩාත් හොඳින් කෝණය මැන බැලුවේය. පළමුව ඔහු වතුර පිරවූ බාල්දිය යන්තම් පිටතට ඇඳ දැමුවේ පුලුටක් හෝ එහි ස්පර්ශ වුවහොත් ඇඳ වැටෙන පරිද්දෙනි.

පසුව සන්සුන්ව ලාච්චුව විවෘත කර, ෂිඒ ෂිඒ එහි දමා තිබූ කෙස් වියළනය ගෙන, දෙවරක් නොසිතමින් එය සින්ක් එකට ඔබා වතුර කරාමය විවෘත කළේය.

ෂා….

ඒ අයුරින් ඇය බොහෝ විශ්වාස කළ ඇගේ ආදරණීය ශිෂ්‍යා හේ යූ, ඇය මාස භාගයක වැටුපෙන් මිලදී ගත් කෙස් වියළනය වැඩකට නැති කුණු කෑල්ලක් බවට පත් කළේය.

ඉතා හොඳයි.

හේ යූ සන්සුන්ව කෙස් වියළනය පිසඳා නැවතත් එය රාක්කයේ දෙවැනි ලාච්චුවේ තැන්පත් කළේය.

මූලික කටයුතු සූදානම්.

ඔහු දොරේ හිදැසින් ෂිඒ චිංචෙං සමඟ සිනාසෙන ගැහැනු ළමයා දෙස බැලුවේය. ආපසු හැරුණු ඔහු සුදු කමිස අත් ඉහළට රෝල් කර පිඟන් සේදීමේ කාර්‍යය ආරම්භ කිරීමට කරාමය විවෘත කළේය.

ඔහු හොඳ කොල්ලෙක්. හොඳ ගුණගරුක කොල්ලෙක්.

කෙසේ වෙතත් සෑම විකෘති ක්‍රියාවකටම විපාකයක් අනිවාර්ය විය.

සියලු පියවරවල් ක්‍රියාත්මක කිරීමෙන් පසු, හේ යූ තම දෑතෙහි වූ වතුර ගසා දමා සිද්ධියේ වීරවරියට,කතාවට අවතීර්ණ වීමට ඉඩ සලසමින් බලා සිටියේය. හදිස්සියේම මුළුතැන්ගෙයට එපිටින් පා ගැටෙන හඬ ශ්‍රවනය විය. හේ යූ වහම හැරී බැලූ අතර, මීදුම් බැඳුනු වීදුරුව හරහා පරාවර්තනය වූයේ උස,කඩවසම් පුරුෂයකුගේ සේයාවකි.

හේ යූ ගේ ආමන්ඩ් දෑස් විසල් විය. හේ යූ ඔහුට බාධා කිරීමටත් ප්‍රථම ඔහුට ඇහුනේ ෂිඒ චිංචෙංගේ වදන් පෙළයි.

"හේ යූ,මම අත සෝදන්න එනවා".

"ඉන්..".

වචනයෙන් භාගයක්වත් හේ යූ ගේ තොල් වලින් ගැලවී යන්නට මත්තෙන් පොළව දෙදරන හඬ ඔහුගේ දෙකන් හරහා ගියේය.හේ යූ හිතාමතාම රාක්කයේ අද්දරට ඇඳ දැමූ බාල්දිය වටයක් කැරකෙමින් බිමට ඇඳ වැටුණි.

හේ යූ ගේ සැලැස්මට අනුව ෂිඒ ෂිඒ මතට පතිත වීමට තිබූ වතුර බාල්දිය,වතුර බිංදුවක්වත් අපතේ නොයවා ෂිඒ චිංචෙංගේ කඩවසම් මුහුණ මතට ඇඳ වැටුණි.

මඟුලයි.

හේ යූ"....."

ෂිඒ චිංචෙං"....."

කාමරය පුරා වතුර විසුරුවමින් බාල්දිය පෙරළී ගියේය. හිසකෙස් මතින් වතුර බිංදු පෙරෙළී යන විට ෂිඒ චිංචෙංගේ හිසේ සිට පාදාන්තය දක්වාම වතුරෙන් පෙඟී තිබුණි. අවසානයේ ඔහු සෙමෙන් පය අද්දමින් විසිත්ත කාමරයට වැදී, කලබලයේ ශබ්දය ඇසී ඒ දෙසට එන ෂිඒ ෂිඒගේ වෙව්ලන පාවහන් ඉදිරිපිට තෘප්තිමත් ලෙස නතර විය.

පිටත සිට සියල්ල ඇස ගැටුණු ෂිඒ ෂිඒ චකිතයෙන් වෙව්ලන්නට විය.

ඉවරයි…

මඟුල…

ෂිඒ චිංචෙංට මුහුණලා සිටගත් ඇය තමාගේ පෙඟී ගිය සහෝදරයා දෙස බැලුවාය. ජේඩ් සුදු පැහැයෙන් දිලිසෙන සමට යටින් අඳුරු ඇහිබැමි පසාරු කරගෙන කෙහෙරැළි හරහා ජල පබළු ගල  ගියේය.

ඇහි බැමි හරහා ගලා ගිය වතුර බිංදු ඔහුගේ නෙත් තුළට කාන්දු වී නැවතුණේය. ඔහු නැවතත් ඇසිපිය සැළුවේ බොඳ වූ දෑස් නිරාකරණය කරගැනීමටය.

"ෂිඒ ෂිඒ".

ෂිඒ ෂිඒ භීතියෙන් හැකිළී ගියේය.

ෂිඒ චිංචෙං ඔහුගේ නළල් තලයට එදිරිව ගලා ගිය ජල බිංදු ගසාදමමින් කෑ ගැසුවේය.

"මම කලින්ම කීවා ඔයාට වතුර බාල්දිය රාක්කෙන් තියන්න එපා කියලා".

"මට සමාවෙන්න, මට සමාවෙන්න" ෂිඒ ෂිඒ වෙව්ලන දෑතින් තෙත මාත්තු කරනය අල්ලා ගනිමින් ටිෂූ කිහිපයක් ෂිඒ චිංචෙං වෙත ලබා දුන්නාය. ඇය වේගයෙන් රාක්කය වෙත දිව්වේ කෙස් වියළනය ඇඳ ගැනීමටය. "මම හිතුවේ නෑ එක වැටෙයි කියලා. ඒක මම පරිස්සමට තිබ්බා. මුලින්ම කොන්ඩේ වේළගන්න, හෙම්බිරිස්සාව හැදෙයි".

පිටුපස සිට හේ යූ වරදකාරී ලෙස තම ආමන්ඩ් ඇස් චලනය කළේය.

ෂිඒ ෂිඒ, ෂිඒ චිංචෙංව විසිත්ත කාමරයට ඇඳගෙන ගොස් හේ යූ වතුරෙන් පොඟවා දැමූ කෙස් වියළනය විදුලි පුවරුවට සම්බන්ධ කරාය.

චලනයක් නැත.

"හහ්"?.

ඇය නැවතත් බොත්තම තද කළාය.

"..."

නැවත නැවතත් බොත්තම තද කළත් එයින් ප්‍රතිචාරයක් නොවීය.

"ග'ගා", තම සහෘදයාගේ අවපැහැ ගැන්වුනු ප්‍රකාශය හමුවේ ඇය මිය යාමට ආසන්න බවක් දැනුනි.

"ඒ...ක කැඩිලා ව..ගේ".

ඇගේ මුඛයෙන් බයාඳු වදන් පෙළක් එලියට වැටුණි.

"මේ ඔයා කියපු යුආන් හාරදාහේ කෙස් වියළනයද"?.ෂිඒ චිංචෙංගේ තුහීන පීච් වැනි දෑස් ඇය දෙස බලා සිටියේ දවා අලු කරන බැල්මකිනි.

ෂිඒ ෂිඒ කඩා වැටුණාය. ඇය මෙතරම් අවාසනාවන්ත වූයේ කවදා සිටද,

සාමාන්‍ය රූපවාහිනියකටත් වඩා මිළ ඉහළ කෙස් වියළනයක් ඇය හට අවැසි වූයේ මන්දැයි ෂිඒ චිංචෙං හට නොවැටහුණි. නමුත් එය තවමත් ඇගේ කෙස් හොඳින් රැකබලා ගත්තේය. වැදගත්ම දෙය වූයේ යන්ත්‍රයේ ගුණාත්මක බාවය වසර විස්සක් වීමයි.

"මම පොරොන්දු වෙනවා,මම ඒක අවුරුදු විස්සක් පාවිච්චි කරනවා. එහෙම නැත්තම් බද්දක් හැටියට ඔයා මගෙ බෙල්ල ගන්න".

වදන් පෙළ ඇගේ දෙකන් තුළ දෝංකාර දෙන්නට විය. ෂිඒ චිංචෙංගේ ස්ථිර බැල්ම යටතේ ෂිඒ ෂිඒගේ ගෙල හරහා හදිසියේම සීතලක් හමා යන බව ඇයට දැනුනි. ඇය අඩියක් පස්සට ගෙන තමාගෙ ගෙල වැසෙන පරිදි අතක් ඔසවා ගත්තාය.

ෂිඒ ෂිඒ හට කරකියගත හැකි දෙයක් නොවීය. හදිසියේම ඇගේ නෙත ගැටුනේ තම දෑත් පිස දමමින් මුළුතැන්ගෙයින් එළියට එන හේ යූ ය.

"හේ යූ,මට උදව්වක් කරන්න පුළුවන්ද?මේක කැඩිලා. කවුද දන්නේ මම එච්චර අවාසනාවන්තයි කියලා. ඔයාගේ නේවාසිකාගාරයෙන් වැඩිපුර ඇඳුමක් හොයා ගන්න බැරි නැහැ නේද? කෙස් වියළනයකුත් තියෙයි නේ.අයියත් එක්ක ගිහින් ඇඳුම් මාරු කරගන්න පුලුවන්ද?බොහොම ස්තූතියි හේ යූ".

"...."

ඇය නැවතත් තම සොහොයුරා ඉදිරිපිට වීනීත රංඟනයක් ඉදිරිපත් කළාය.

හේ යූ වඩාත් පෙනුමැති සිනහවකින් සැරසුනේය ."ඔයා ඕනවට වඩා වර්ණනා කරනවා ටීච ෂිඒ"

ඔහුගේ දෑස් ෂිඒ චිංචෙං වෙත යොමු විය.

ෂිඒ චිංචෙං සෝපාවේ පිටුපසට බර දෙමින් සිටගෙන සිටියේය. ඔහුගේ හකු හරහා තවමත් කුඩා දිය බිඳිති ගලා බසියි. ඔහුගේ අළු පැහැති කමිසය තෙත්වී ඇඟට ඇළී තිබුනේ කැටයම් කපන ලද ඔහුගේ සිහින් ඉණෙහි දළ සටහන යන්තම් නිරාවරණය කරමිනි. ඔහු පැත්තකට හැරී සිටි අතර ඔහුගේ දෑස් බෑවුම් විය. තදින් වැසී ගිය තොල් සහිතව ඔහුගේ මුහුණේ භාව ප්‍රකාශය වඩ වඩාත් අඳුරු විය. පවුලේ ධාර්මිෂ්ඨකම රැකගැනීමට මෙම නාස්තිකාර සොයුරිය පවුලෙන් තුරන් කිරීමට යන බවක් ඔහුගෙන් දිස් වුණි.

හේ යූ ඔහු දෙස බැලුවේ මඳ හිසරදයකිනි.

ඔහුගේ සැලැස්මට අනුව වතුර බාල්දියේ සෑම ජල බිදුවකින්ම තෙත්වී, කරකියගත දෙයක් නොහැකිව ඔහු පිටුපසින් ඔහුගේ නේවාසිකාගාරය වෙත ඇඳී ආ යුත්තේ ෂිඒ ෂිඒ ය.

සුළු වැරදීමකින් ඒ ෂිඒ චිංචෙං බවට පත්වුනේ කොහොමද?.

ඔහු දැඩි හා සෘජු මිනිසෙකු වූ අතර වෛද්‍යවරුන් හට වෛර කරන්නෙකි. එහෙම එකේ මේ නාකි වෛද්‍යවරයා ඔහුගේ නේවාසිකාගාරය වෙත ගොඩ බැසීම පිළිගන්නේ කොහොමද?

කෙසේවෙතත් ෂිඒ ෂිඒ ඒ වන විටත් ඔහුගෙන් ආයාචනා කළ නිසාවෙන් ඔහු සුසුමක් හෙළමින් කළු වී ගිය වතකින් සෝපාවේ වැතිර සිටින ෂිඒ චිංචෙං වෙත ගියේය.

"ඔයා තෙමිලා හොඳටම. දැන් ඔය ඔරවන එක නවත්තන්න. ඩොක්ටර් ෂිඒ, මාත් එක්ක ගිහින් ඇඳුමක් මාරු කරගෙන එමු, මෙතන ඉඳන් වැඩි දුරක් නැහැ. විනාඩි දහයක් විතර."

හේ යූ හා ෂිඒ චිංචෙං නේවාසිකාගාරය වෙත යන විටත් එය රාත්‍රී ආහාර වේලාව වූ අතර ඒ වන විටත් නේවාසික මිතුරන් ආහාර සඳහා පිටතට ගොස් තිබුණි. නේවාසිකාගාරය, සම්පූර්ණයෙන්ම පාහේ හිස් විය.

"මේක අඳින්න" තම ඇඳුම් ගොඩෙන් පිරිසිදු ටීෂර්ට් එකක් සහ කලිසමක් ඔහු ෂිඒ චිංචෙං වෙත විසික් කළේය.

ෂිඒ චිංචෙංගේ බැල්ම අවපැහැ වුනි.

"ස්පෝර්ට් ටී ෂර්ට් එකක්".

"ඇයි,මොකක්ද වැරැද්ද"?.

ඇයි?ෂිඒ චිංචෙං මෙවැනි කමිසයක් අවසන් වරට භාවිතා කළේ දශකයකටත් පෙරය. මේ වගේ ඇඳුමකට ඔහු කොයි වගේද කියලවත් ඔහුගේ මතකයේ නොරැඳුණි. දැන් මේ ඇඳුම ඔහුට සම්පූර්ණයෙන්ම නොසුදුසු විය.

"මට ෂර්ට් එකක් දෙන්න".

"චහ්, මට ඇත්තටම කණගාටුයි ඩොක්ටර් ෂිඒ, ඒත් ඇත්තටම ඔයාට තේරීමක් කරන්න බැහැ".

හේ යූ මෙතෙක් වෙලා මවාපෑ නමුත්,තව දුරටත් ෂිඒ ෂිඒ මෙහි නොමැති නිසා ඔහුට මවාපෑමට අවශ්‍යතාවයක් නොවීය.

හේ යූ ගේ සිනහව ටිෂූ කඩදාසියක් මෙන් නොසැලකිලිමත් හා නොවැදගත් වූ අතර ඔහුගේ ඇස් හැඟීමකින් තොරව අඳුරු විය. තවදුරටත් ඔහු, ෂිඒ චිංචෙං සමඟ සංවාදයෙහි ආචාරශීලී නොවීය.

"මෙතන ඔයාට ගැළපෙන ඇඳුමකට තියෙන්නේ ඕක විතරයි. අනික් ඒවා ඔයාට ලොකු වැඩී".

ෂිඒ චිංචෙං තම දෑස් එසවීය. නළල් තලය මත වැටුණු හිසකෙස් සිදුරු කරමින් ඔහුගේ තුහීන බැල්ම හේ යූ වෙත පතිත වුණි.

ආචාරශීලී රංඟනයෙන් ඈත් වූ පසු හේ යූගේ මුව කොන උපහාසයේ ලකුණු පැහැදිලිව සටහන් වී තිබුණි. ෂිඒ චිංචෙංගේ බැල්ම යටතේ ඔහු එක් ඇහිබැමක් ආක්‍රමශීලි ලෙස ඉහළ දැමීය.

"මොකද? ඒක අඳින්නෙ නැද්ද,එහෙනම් උපන් ඇඳුමෙන් යන්න පුලුවන්".

ෂිඒ චිංචෙං තමන්ගේ පෙඟුනු ඇඳුම් මාරු කර දමා වේගයෙන් නානකාමරයට වැඳුණි.

හේ යූ නාන කාමරයෙන් පිටත ඔහු එනතෙක් බලා සිටියේය. හදිසියේම, මෙම දර්ශනය ඔහුට තරමක් හුරුපුරුදු බව දැනුනි.

ඔහු තුහීන දොරෙන් වෙන්වී ඇතුළත සිටින මිනිසාට කතා කළේය. "ඩොක්ටර් ෂිඒ, මට හදිසියේම අතීතයේ දෙයක් මතක් වුණා".

"ඔයාට මතකද දවසක් මම ඔයාගේ විද්‍යාලයීය නේවාසිකාගාරයට ගියා".

"මට මතක නෑ, අහකට පළයන්".

හේ යූ සිනාසුනේය.ඔහු වාක්‍ය අවසන් කිරීමටත් පෙර ෂිඒ චිංචෙං එය ප්‍රතික්ෂේප කළේය. එය සහ සම්පූර්ණ භාරගැනීමත් අතර වෙනස කුමක්ද?

ඔහු මෙන්ම ෂිඒ චිංචෙං හටද ඔවුන්ගේ අතීත ආරවුල් පැහැදිලිව මතක තිබුණි.

වසර ගණනක ඈවෑමෙන් පසුවත් ඇඳුමකින් පවා ඔහු පළිගත්තේය.

වසර ගණනකට පසු නව ආරම්භයක් ගැනීමේ හැඟීම, එය දැනෙන විට එය වඩ වඩාත් කදිම විය.

"ඉක්මන් කරන්න එහෙනම්". තවදුරටත් ෂිඒ ෂිඒ මෙහි නොමැති විට ෂිඒ චිංචෙංගෙන් ඔහුගේ වලිගය සැඟවීමට හේ යූ හට අවැසි නොවීය. ඔහු සිනාසෙමින් නානකාමරයේ දොරට හේත්තු විය. දෑත් පටලවාගත් ඔහුගේ වදන් තුළ ප්‍රපාතයක් තරම් ගැඹුරු නින්දාවක් ගැබ්ව තිබුණි. ඔහු තම දඹරැඟිල්ල කරකවමින් මීදුම් බැඳුනු වීදුරුවට තට්ටු කළේය. "ලෑස්ති වුනාට පස්සෙ ඔයාගේ නංඟිගේ ගෙදර යන්න ඕන".

මිනිත්තු කිහිපයක වෙනසකින් ෂිඒ චිංචෙං වේගයෙන් දොර විවර කළ අතර හේ යූ පහර වැදී බිම වැටීමට ආසන්න විය.

හේ යූ ගේ ආරක්ෂාව ගිලිහී ගිය අතර, ඔහු නාසය වසා ගනිමින් කෙඳිරි ගාන්නට විය.

ෂිඒ චිංචෙං උදාසීන ලෙස දෑස් ඔසවමින් වචන වලින් දමා ගැසුවේය.

"ඇයි ඔයා එතරම් ළඟින් හිටියේ".

හේ යූ වේදනාවෙන් පීඩා විඳි අතර ඔහුට තව දුරටත් රඟපෑමට අවැසි නොවූවේය.

"ෂිඒ චිංචෙං, පොඩ්ඩක් සාධාරණ වෙන්න, ඔයා තමයි මට ගැහුවේ".

ඔහු කෝපයෙන් ඇවිළෙන සෑම විටම, ඔහු ෂිඒ චිංචෙංගේ සම්පූර්ණ නමින් ඇමතුවේය.

"යන්න, අයිස් ටිකක් තියා ගන්න".

"මම කොහෙන්ද අයිස් හොයන්නේ" හේ යූ තම රත් පැහැ ගැන්වුනු නාසය අතින් පිරිමදිමින් යන්තම් ඔහුගේ කෝපය යටපත් කරගත්තේය. නමුත් ඔහුට දෙවෙනි වීමට අවැසි නොවීය.

"ඔයා කොහොමත් අයිස් වගේ, මට ඔයාගේ අත දෙන්න".

"හරිම සමලිංගිකයි" ෂිඒ චිංචෙං එම දර්ශනය මවාගනිමින් වඩාත් සීතල, සංකීර්ණ ලෙස තක්සේරු කළේය."මම සමලිංගිකයෙක් නෙවෙයි".

එසේ කියමින් ඔහු නේවාසිකාගාරය තුළට වැඳුනේ වටපිට බලමිනි.

හේ යූ ෂිඒ චිංචෙංගේ වදන් හමුවේ නිරුත්තර විය. "මොකක්ද, ඔයා මොනවා ගැනද කියවන්නේ. මම එහෙම මඟුලක් අදහස් කරේ නැහැ. ඔයා සමලිංගිකයන්ට කැමති නැත්තම් මං උන්ට ඊටත් වඩා කැමති නැහැ".

"කොහෙද කෙස් වියළනය"?.

ෂිඒ චිංචෙං ට හේ යූ හට පැහැදිලි කරමින් ඔහු හා වාද කිරීමට අවැසි නොවීය. ඔහුට පිළිතුරු දීමට තියා එයට සවන් දීමට වත් අවශ්‍යතාවයක් නොවුණි.

"පුටුව උඩ".

උඩුමහලේ ඉස්තෝප්පුව මත සිටගෙන ඔහු වඩාත් කල්පනාකාරී ලෙස ෂිඒ චිංචෙං දෙස බැලුවේ ඔහු ෂිඒ ෂිඒගේ සොහොයුරා වූයේ මන්දැයි කල්පනා කරමිනි.

ෂිඒ ෂිඒ තම සහෝදරයා ගැලවුම්කරුවෙකු ලෙස දුටු අතර ඔහුට බෙහෙවින් ගෞරව කළාය.

නමුත් ෂිඒ චිංචෙං හට එතරම් ගෞරව කිරීම වටින්නේ කෙසේදැයි ඔහු සිතුවේය.

කෙසේවෙතත් ඔහු එක්තරා මහලු මිනිසෙකු පමණයි.

නමුත් ඔහු දෙස බලා සිටින විට හේ යූගේ හැඟීම් මොහොතකට ව්‍යාකූල වී ගියේය.

ඔහු කුඩා කළ ෂිඒ චිංචෙං යනු තමාගේ ළපටි දෑස් තුළ දුස්ස්වප්නයක් මෙන් විය. ඔහු ෂිඒ චිංචෙං හට බිය වූවත් ඔහුට නැවත නැවතත් ඔහුවම දකින්නට සිදු විය. ඔහු ඉදිරියේ සියලු ආචාරධර්ම ඉවත දමමින් නින්දාවට පත් වීමට සිදු විය. ෂිඒ චිංචෙං වරක් ඔහු උමතු වුනු ආකාරය දුටු අතර ආරක්ෂණ පටියට එරෙහිව වියරු වැටුණු මෘගයෙකු මෙන් තමන් අරඟල කරන අයුරු දුටුවේය. නමුත් ෂිඒ චිංචෙං තවමත් ඔහු දෙස බලා සිටියේ සැහැල්ලු ප්‍රකාශයකිනි. ශල්‍ය වෛද්‍ය පහන් ආලෝකය යටින් තමා වෙත ළං වෙන ෂිඒ චිංචෙං පරයා ඔහුට දැනුනේ කටෝර විෂබීජනාශක දියර වල පුසුඹයි.

ඒ කාළයේ ෂිඒ චිංචෙං බොහෝ සෙයින් උස් වූ බව ඔහු සිතුවේය.

ඒ වගේම බොහොම සීතලයි.

ජීවිත කාලය පුරාම මෙම බියකරු සිහිනයෙන් මිදිය නොහැකි බව ඔහු සිතුවේය.

වසර පහක ඇවෑමෙන් එකිනෙකා දෙස බලන කෝණ වෙනස් වේයැයි කවුරුන්ද අනුමාන කළේ.

හේ යූ ෂිඒ චිංචෙං දෙස බැලුවේ දෑස් පහත් කරමින්‍ ය.

කෙසේවෙතත් නැවතත් හැරී බලන විට පෙර මෙන් ෂිඒ චිංචෙංගෙන් බියකරු බවක් දිස්නොවුනි.

ඇතැම්විට ඒ ඔවුන් කුඩාකල සිටම තම සිත තුළ රෝපණය කර හැඟීම් නිසා වියහැක. කෙසේවෙතත් එම හැඟීම් සෑමවිටම සත්‍ය නොවීය.උදාහරණයක් ලෙස කුඩා කල නරඹන ලද කථාංග මාලාවක් ඇදහිය නොහැකි ලෙස දිගු බව හැඟුනත් නැවතත් එය බලන විට එය කථාංග විස්සක් පමණක් බව පෙනේ. නැතහොත් ගව පට්ටි බලා ගන්නා සුනඛයන් බොහෝ රෞද්‍ර ලෙස හැඟුනත්, පැරණි චායාරූප දෙස බලන විට ඔවුන් වැඩුණු මිනිසෙකුගේ දණහිස දක්වාවත් උස නැති බව පෙනේ.

බොහෝ විට එය ඔහුත් ෂිඒ චිංචෙං අතරත් ඇති මානසික විප්‍රකාරය විය හැක.

හේ යූ ගේ බැල්ම තමා මත පැටලෙන බව ෂිඒ චිංචෙං හට දැනුනි.

ෂිඒ චිංචෙංගේ දෑස් සීතල විය.

"මොනවද ඔයා බලන්නේ"?.

හේ යූ මොහොතක් නිහඬ විය." මම බැලුවේ මගේ ඇඳුම් ඔයාට ගැළපෙනවද කියලා".

"ඒවා ඇත්තටම ලොකුයි".

"ෂිඒ චිංචෙං මට මතකයි ඉස්සර ඔයා ගොඩක් උසයි".

"මගේ උස සහ ශරීරය, මගේ අඩුවැඩිය ප්‍රදර්ශනය කරන්න ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ" සීතල වදන් වලින් හේ යූට දමා ගැසූ ෂිඒ චිංචෙං නැවතත් හැරී අඳුරු මුහුණින් හිසකෙස් වියළීමට ගියේය.

තමා කුඩා කළ සිටම භියවූ දුස්ස්වප්නය සාමාන්‍ය මිනිසෙකු බව හේ යූ වටහා ගත්තේය. තමාගේ සුදු කමිසය පවා ඔහුට බොහෝ සෙයින් විශාල විය. හිම කන්දක් මැඳින් ගල  යන ජල ධාරවක් මෙන්, ඇඳුම් කරේ සෙවනැල්ල ඔහුගේ සුදු ශරීරය මත රටා මවා තිබුණි.

පුදුමයි. ඒ කාලෙ ඔහුට එතරම් භය වුනේ ඇයි?

ඇසි පිය ගහන පමාව තුළ ෂිඒ චිංචෙං හිසකෙස් වියළීම අවසන් කළේය. හිසකෙස් වියළනය කන්නාඩි මේසය මත තබන්නට පෙර ඔහු කන්නාඩිය දෙස තත්පර කිහිපයක් බලා සිට පසුව හේ යූ දෙසට හිස හැරෙව්වේය. "මම යනවා. ඔයාගෙ ඇඳුම් මම හෙට නැවත ඔයාට දෙන්නම්".

"ඒක ආපහු ඕනි නැහැ.මට අනික් අය ඇන්ද ඒව ඇඳලා පුරුදු නැහැ. ඔයා ඒව ඇන්දට පස්සෙ ඔයාට ඒව විසික් කරන්න පුලුවන්. ඒවත් පරණයි".

ෂිඒ චිංචෙං තව දුරටත් කීවේ නැත. ඔහු තම යාන්තමින් තෙත් වූ හිස කෙස් අතින් අවුල් කළ යන්නට හැරුණි. "එහෙනම් මම යන්නම්".

"ඔයා මාත් එක්ක ෂිඒ ෂිඒගේ නේවාසිකාගාරයට යන්න එන්නේ නැද්ද"?.

"නැහැ, මට වැඩ වගයක් තියෙයි" ෂිඒ චිංචෙං පිළිවදන් දුන්නේය.

"ලියවිල්ලක් ලියන්න"?.

ෂිඒ චිංචෙං හට තමන්ගේ පෞද්ගලික කටයුතු සඟවා ගැනීමේ පුරුද්දක් නොතිබුණි. නැතහොත් ඔහු එය එතරම් මායිම් නොකළා විය හැක. එබැවින් ඔහු තම ඔරලෝසුව ගෙන එහි ගාංචු සවි කරමින් හේ යූ හට පිළිතුරු දුන්නේය. "අන්ධ දිනයක්".

මෙතෙක් වෙලා හේ යූ නොසැලකිලිමත් ලෙස සවන් දුන් අතර නැවතත් ඔහු නොසැලකිලිමත් ලෙස එය ශ්‍රවණය කළේය. ඔහු ෂිඒ චිංචෙං ඉවත්ව යාම ගැන නිහඬව තෘප්තිමත් විය. නමුත් එක් ක්ෂණයක් තුළ අවසානයේ එම වචන දෙක මුළු විශ්වය වටාම ගමන් කරමින් ඔහුගේ මොලයේ අගිස්සටම වඳින පරාවර්තන කෝණයක් ලෙස ඔහුගේ කන් හරහා වැටුණි.

හේ යූ මඳක් පුදුමයට පත් විය. ක්ෂණයක් තුළ විසල් ආමන්ඩ් දෑස් හරවමින් ඔහු ෂිඒ චිංචෙං වෙත හැරුණි.

ෂිඒ චිංචෙං විවාහා වෙලා හිටියේ නැද්ද?

එහෙනම් එයා අන්ධ දිනයකට සහභාගි වෙන්නේ ඇයි?

ෂිඒ ෂිඒ මේ ගැන කීවෙ නැත්තේ ඇයි?

ගැනිය නොහැකි තරම් දහසක් සිතුවිළි ඔහුගේ මනස හරහා සක්මන් කරන්නට විය. හේ යූ ඇසිපිය හෙළමින් තම මොළය තුළ පැටලුනු අවුල් ජාලයේ කෙළවරක් සොයන්නට විය.

ඔහු පහනේ සෙවනැළි යට ගිලුණු ෂිඒ චිංචෙංගේ වත දෙස බැලුවේය. ඔහු මොහොතක් පසුබට වී වුවත් ඔහුගේ සිත තුළ බුර බුරා නැඟුනු පැනය ඔහු ඉදිරිපත් කළේය. "ඔයා දික්කසාද වුනාද"?.

Comments

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-