Skip to main content

05.ඒකා ඩිවෝස් .

 

ෂිඒ චිංචෙංට,හේ යූ හට තවදුරටත් කිසිවක් කීමට අවශ්‍ය නැති බවක් පෙනුනි.

"ෂිඒ ෂිඒ කීවේ නැද්ද"?.ඒ ඔහු ඇසූ එකම දෙය විය.


"නැහැ".


"එහෙනම් එයා හිතන්න ඇති ඒක මගෙ පෞද්ගලික දෙයක් කියලා".


හේ යූ මොහොතකට නිහඬ විය."ඔයයි,ලී රුඕචෞ ගැළපෙන්නේ නැද්ද"?.


ලී රුඕචෞ යනු ෂිඒ චිංචෙංගේ හිටපු බිරිඳයි.


හේ යූ ෂිඒ චිංචෙංගේ හිටපු බිරිඳ පිළිබඳව බොහෝ සෙයින් පැහැදී සිටියහ.ඔහු සිතුවේ ෂිඒ චිංචෙං වැනි සීතල මිනිසෙකු හා විවාහා වී සොහොනට වැඳීමට ඇගේ කොහෙ හෝ වරදක් ඇති බවයි.


හේ යූ ගේ මනස තුළ ෂිඒ චිංචෙංගේ ප්‍රතිරූපය යනු,මේසය ඉදිරිපස පිරිසිදු සුදු කබායක් දවටගෙන ඔහුට පිටුපසින් සුවිසල් පොත් රාක්කයක් සහිතව ඖෂධ සුවඳ  සිරුරින් විදහා දක්වන විකෘති මිනිසෙකි.


ෂිඒ චිංචෙං කිසිවෙකුට ආදරය කිරීම හෝ ෂිඒ චිංචෙං හට කිසිවෙකුත් ආලය කිරීම හේ යූ හට විශ්වාස කළ නොහැකි විය.


නමුත් වෛද්‍ය ෂිඒ චිංචෙං විවාහ විය.


ඔහුගේ මවගේ ඉල්ලීම මත ඔවුන්ට තිළිනයක් දීමට පාසල් නිල ඇඳුම පිටින්ම ඔහු ඔවුන්ගේ මංගල උතසවයට ගිය ආකරයට හේ යූ හට තාම මතකයි.රියදුරු ඔහුව හෝටලය ඉදිරිපිට බස්සන විට සුදු සපත්තු හා විශාල පාසල් බෑගය කරේ එල්ලගෙන තම පාසල් නිල ඇඳුම් කලිසමේ සාක්කු තුළ දෑත් රඳවමින් ඔහු හෝටලයට ඇතුළු විය.


ඒ වන විටත් ෂිඒ චිංචෙං අමුත්තන් පිළිගනිමින් සිටියේය.


පුයර ගන්වා හැඩ වී සෙනඟ මැද සිටගෙන සිටි ඔහු සෘජු හා ගෞරවාන්විත විය.ඔහු ඝන ඇහි බැමි මත තාරුකා ලැඟුම් ගාත්තාක් මෙනි.

උත්සව ප්‍රධානියා ඔහු හා සංවාදයක සිටියත් එය පමණට වඩා ඝෝෂාකරී වූ නිසාත්,ෂිඒ චිංචෙං බොහෝ සෙයින් උස්වූ නිසාත් අනෙක් පාර්ෂවය පැහැදිලි ලෙස ශ්‍රවනය කිරීමට පහසු වන ලෙස ඔහු තම හිස මඳක් ඇල කර තිබුණි.


ඔහුගේ සම බිඳෙන සුළු වීදුරු මෙන් වූ අතර,ඔහුගේ සිනිඳු දෙතොල් රතු මිදි මෙන් දිලිසුනි.


හේ යූ පිරිමින් හට කැමති නොවූවත් සුන්දරත්වය අගය කළ යුතු බව ඔහු දැන සිටියේය.ඉදින් ෂිඒ චිංචෙං යනු වඩාත් සුන්දර මිනිසෙක් විය.


ලී රුඕචෞ හටද හොඳ පෙනුමක් විය.ඔවුන්ගේ විවාහා යෝජනා පින්තූරය මෙසේ විය හැකියැයි සිතමින් හේ යූ මොහොතකට එය තම සිත තුළ මවාගත්තේය.


ෂිඒ චිංචෙං හිම සුදු කබායකින් සැරසී සිටියි.සුපුරුදු ලෙස බෝල්පොයින්ට් පෑනක් හා තීන්ත පෑනක් ඔහුගේ කබා සාක්කුවේ රඳවා ඇත.නිදහස් දෑත් ඔහුගේ කලිසම් සාක්කුවේ බහා තිබුණි.එවිට ඔහු නොරිස්සුම් ස්භාවයෙන් කාන්තාවට පවසන්නේ,


"මම ඔයාව මැරි කරන්නම්,දණින් වැටිලා මට ස්තූති කරන්න".


ඇත්ත වශයෙන්ම,ඔහු මවාපෑමට දක්ෂ වූ අතර කිසිවිටෙකත් සත්‍ය නොකීවේය.


හේ යූ කුඩා බෑගයක් උරහිසේ එල්ලගෙන ගොස් රූමත් මනාලිය හා කඩවසම් මනාලයා ඉදිරිපිට සිටගත්තේය.

"ඩොක්ටර් ෂිඒ,නැන්දේ"


ලී රුඕචෞ : "මේ…"?


ෂිඒ චිංචෙං කුඩා කොලුගැටයාව තම බිරිඳට හඳුන්වා දුන්නේය."යාළුවෙක්ගේ පුතෙක්".


ෂිඒ චිංචෙං සමඟ හේ පවුල ගිවිසුමක් අත්සන් කර තිබුනේ හේ යූ රෝගියෙකු බව පිටතට නොකියන ලෙසයි.


ලී රුඕචෞ හේ යූ හට ප්‍රශංසා කළාය.

"වාව්,කොච්චර ලස්සන බබෙක්ද"?.


හේ යූ ඉතා විනීත විය."නැහැ,නැන්දා තමයි මලක් වගේ ලස්සන".


ඔහු තම කුඩා බෑගයෙන් ඝන,මුද්‍රා තැබූ ලියුම් කඩදාසියක් ගෙන මෘදුව තෙපළන්නට විය.

"නැන්දාට වගේම ඩොක්ටර් ෂිඒටත් සාර්ථක විවාහා දිවියක් ප්‍රාර්ථනා කරනවා".


මළ සමයං,


ෂිඒ චිංචෙං වැනි මිනිසෙකු කිසිවෙකුට දරාගත නොහැකි බව හේ යූ ඒ වන විටත් දැන සිටියේය.නමුත් ඔවුන්ගේ විවාහය මෙතරම් කෙටි කාලයකට සීම වනු ඇතැයි ඔහු අපේක්ෂා නොකළේය.දැන් පෙනෙන්නේ ඔහුට භාෂාවෙන් ප්‍රහාර එල්ල කිරීමට අවස්ථාවක් ඇති බවයි.


හේ යූ තම ප්‍රීතිය සඟවා ගනිමින් ෂිඒ චිංචෙං වෙත හැරුනේය."ඇයි ඔයාලා වෙන් වුනේ".


ෂිඒ චිංචෙං නිහඬ විය.


"මට මතකයි එයා ඔයාට ගොඩක් ආදරේ කළා.ඔයාලා දෙන්නා බැන්දට පස්සේ අපේ ගෙදර ආපු වෙලාවේ මම දැක්කා එයාගේ ඇස් දෙකේ හිටියෙම ඔයා විතරයි".


"හේ යූ,ඇත්තටම මේක මගේ පුද්ගලික කටයුත්තක්".


හේ යූ යන්තම් තම ඇහි බැම ඉහළට යැව්වේය.


ඔහු හුදෙකලා වූ ෂිඒ චිංචෙං දෙස පරීක්ෂණාත්මකව බැලුවේය.ඔහු විදේශ ගත වූ වසර කිහිපය තුළ බොහෝ දේ වෙනස් වී ඇති බව ඔහුට සිතුණි.


කෙසේවෙතත් ෂිඒ චිංචෙංගේ වෙනස්කම් පිළිබඳ ඔහුට වුවමනාවක් නොතිබූ නිසා ඔහු අවසානයේ ඔහුට සිනහවකින් සංග්‍රහ කළේය."ඒක අමතක කරන්න.ඔයාගේ ඩේට් එකට සුභ පැතුම්".


සැහැල්ලුවෙන් ඔහු දෙස බැලූ ෂිඒ චිංචෙං වදනක් හෝ නොපවසමින් පිටවිණි.

ඔහු පිටුපසින් නේවාසිකාගාරයේ ද්වාරය වැසී ගියේය.


හේ යූ තම හිටපු බිරිඳ ගැන මතකයන් ඇවිස්සූ නිසා යන අතරමඟ ලී රුඕචෞ හා විවාහයේ අන්ත අසාර්ථකත්වය සිහිපත් නොකර සිටීමට ෂිඒ චිංචෙං හට නොහැකි විය.


ෂිඒ ෂිඒ මේ ගැන හේ යූ හා කථිකා නොකළේ මන්දැයි ඔහු සැබවින්ම දැන සිටියේය.


ඇයිද යත් ඔවුන්ගේ දික්කසාදයට හේතුව ගිලදැමීමට අමිහිරි බෙහෙත් ගුලියක් වූ නිසාය.

අතීතයේ ලී රුඕචෞ ඔහුට පෙම් කළත් කාලයා ඇවෑමෙන් ඇගේ ප්‍රේමය පළුදු වූවාය.


ඇත්තෙන්ම ඇයට අනියම් සම්බන්ධයක් තිබුණි.ඇය ඔහුට වංචා කළාය.


මෙය ෂිඒ චිංචෙං හට පිළිගත නොහැකි විය.ඔහු ආදරය තේරුම් ගැනීමට අසමත් වුවද ඔහු පවුලේ වගකීම් යනු කුමක්දැයි හොඳින් හඳුනාගත්තා සේම ඇතැම් අවස්ථාවලදී ඔහු තම චින්තනයෙන් ගතානුගතික විය.


නමුත් ඇය වෙනස් ය.


විවාහයක් තුළ වැදගත්ම දෙය ආදරය මිස වගකීම නොවන බව ඇය විශ්වාස කළාය.අවසානයේ ඇය විවාහක පුද්ගලයෙකු හා ආදරයෙන් බැඳුනි.සියල්ලෙන්ම පසුව ෂිඒ චිංචෙං වෙත චෝදනා එල්ල වූයේ ඔහු ඇයව මායිම් නොකරන බවත්,ඔහුගේ රැකියාවට පමණක් මුල් තැන දෙන බවත්,ඔහු හා විවාහා වීම සීතල කාලචක්‍රයක් හා විවහා වීම හා සමාන බවත් පවසමින් ය.


එවැනි චෝදනා අසාධාරණ නොවූයේය.තමා හැඟීම් විරහිත පුද්ගලයෙකු බව ෂිඒ චිංචෙං දැන සිටියේය.


මෙම සම්බන්දතාවය තුළ ෂිඒ චිංචෙං හට සැබවින්ම ආදරයක් දැනුනේ නැත.ඇය වසර ගණනාවක් ෂිඒ චිංචෙං පිටුපස වැටුණු නිසා අවසානයේ එය හොඳ යැයි ඔහු තීරණය කළේය.ඉතින් ඔවුන් විවාහා වුනා.


ඔවුන්ගේ විවාහයෙන් පසු ස්වාමි පුරුෂයෙකු ලෙස ඔහු තම වගකීම සෑම විටම නොපිරිහෙලා ඉටු කළේය.


නමුත් ඒ ඇයට අවශ්‍ය වූ විවාහා ජීවිතය නොවුනි.


ෂිඒ චිංචෙං කෙතරම් උසස් ලෙස තම වගකීම් ඉටු කළත් ඔහු කිසිසේත්ම ආදරණීය පුද්ගලයෙකු නොවූවේය.තමාගේ නොවන පවුලක් උදෙසා පැවරුණු තම රාජකාරියක් ඉටු කරන්නෙකු මෙන් ඔහු ඇඳ ඇතිරිලි මතද උමතු නොවී තම සාමකාමීත්වය හා තාර්කිකත්වය පවත්වා ගැනීමට සමත් විය.


ඇගේ හදවත කඩා වැටුණාය.


ඇය වංචා කළාය.නමුත් ඇය සැමවිටම පැවසුවේ," ෂිඒ චිංචෙං,ඔහේට හදවතක් නැහැ.ආදරය මිසක් කසාදෙකින් මට වැඩක් නෑ කියලා තමුසෙට තාම තේරෙන්නෑ".


නමුත් , ආදරය යනු කුමක්ද?


ෂිඒ චිංචෙං හට එය හිසරදයක් විය.කෝපයෙන් මේසයට පහර දීමෙන් වැළකීමට ඔහුට බොහෝ වෑයමක් දැරීමට සිදු විය.ඔහු ඇය දෙස බොහෝ වේලාවක් බලා සිටි අතර අවසානයේ සාමකාමී ලෙස කතා කළේය.ඔහුගේ ස්වරය සීතල ජලය මෙන් සාමකාමී විය.

"ඒ මනුස්සයා ඔයාට කැමතිද?එයාට ගෑනියෙකුයි ළමයිනුයි ඉන්නවා,ඌ ඔයාට අවංකයි කියලා ඔයා හිතනවද"?.


ඒ ප්‍රශ්නය හමුවේ ඇය හිස එසවූ අතර ඇගේ දෙනෙත් දැවෙමින් තිබුණි.


"එයාට ගැනුයි ළමයිනුයි හිටියට මට කමක් නෑ.එයා මාව බඳාගන්නකොට මට ඕන ආදරේ එයා ගාව තියෙනවා.එයාගේ පපුව ගැහෙන විදිහ මට ඇහෙනවා.එයා ඔයා වගේ නෙමේ ෂිඒ චිංචෙං.ඔයා මට ඔයාගේ සල්ලියි ගේයි දුන්නට ඔයාගේ හාර්ට් එක හරියට මැරුණු මනුස්සයෙක්ගේ ඊසීජී එකක් වගේ.කසාඳ බැඳලා අවුරුදු ගානක් ගියත් තාම එහෙම්මයි".


"අපි ජීවත් වෙන්නේ ටික කාලයයි.එයාත් මම වගේම කසාඳේ නිසා විඳවනවා.මට මගේ සල්ලිවත්,මගේ නමවත්,නම්බුවවත් වැඩක් නැහැ.මිනිස්සු මට වේසියක් කීවත් කමක් නැහැ.මට ඕන එයා එක්ක ඉන්න".


ෂිඒ චිංචෙං තම දෑස් අඩවන් කළේය.ඔහුගේ අතේ වූ සිගැරට්ටුවෙන් ඔහුගේ දෑත් ඇඟිලි කරු පාහේ දැවී ගියේය.

"ලී රුඕචෞ,ඔයාට පිස්සුද?මේ ලෝකේ ආදරේ කියලා දෙයක් නැහැ.ඒක අපේ ඇඟේ තියෙන ඩොපමින් නිසා සිද්ධ වෙන දෙයක් විතරයි.ඒත් අපිට වගකීමක් වගේම පවුලක් තියෙනවා.ඒ මනුස්සයා කැමතිද දික්කසාද වෙලා ඔයා එක්ක එකට ජීවත් වෙන්න"?.


ලී රුඕචෞගේ දෑස් වඩාත් වියරු ලෙස දැවී ගියේය.ඇය අවසානයේ කඳුලු සලමින් මුරණ්ඩු ලෙස පැවසුවේ,


"මම කොහොමත් පසුතැවෙන්නේ නැහැ".


"ෂිඒ චිංචෙං,මේ ලෝකේ ආදරේ කියලා දෙයක් තියෙනවා.ඒක සමාජෙට ද්‍රෝහි වෙන්න පුලුවන්,නරක වෙන්න පුළුවන්,ඒත් ඒකට හෝමෝන එක්කවත් ඩොපමින් එක්කවත් සම්බන්ධයක් නෑ".


"මට සමාවෙන්න.මට තවත් ඔයා එක්ක ජීවත් වෙන්න බැහැ.ආදරය කියන්නේ මොකක්ද කියලා මම දන්නවා.මම කරන්නේ වැරැද්දක් උනත් මම එයාට ආදරෙයි".


දික්කසාද වී වසර ගණනක් ගෙවුනත්,මෙම සංවාදය සිහිපත් කරන විට ෂිඒ චිංචෙං හට එය විකාරයක් ලෙස හැඟේ.


ආදරය යනු වැරැද්දක් වුවත් දැන දැනම එහිම පැටලෙන ආගධයක් වුවත් ඔවුන් තවමත් ඒ මෝඩකම තුළම ඇලීසිටීමකි.ඔවුන් සියල්ල නොසළකාහරියි.ආදරය යනු එකතරා ආකාරයක රෝගයක් බව ඔහුට සිතුණි.


ෂිඒ චිංචෙං හට ඒ පිළිබඳ හැඟීමක් නොවීය.


ඔහු දැඩි මිනිසෙකි.නමුත් කෙසේ හෝ අවසානයේ ඔහු පිරිමියෙකි.තම බිරිඳ ඔහුව රවටා වෙන මිනිහෙකු සමඟ අනියම් සම්බන්ධයක් පැවැත්වීම ඔහුට තවමත් රිදවීමක් විය.


දික්කසාදයෙන් පසු ටික කලක් ඔහු තම වැඩ කිරීමට,සිසුන්ට නිබන්ධන සැකසීමට,හා ඔවුන්ට දේශන පැවැත්වීමට කාර්‍යයබහුල විය.නමුත් ඔහු අවට සිටි සියල්ලන්ටම පෙනී ගියේ ඔහුගේ බර සීඝ්‍රයෙන් අඩුවී ගිය බවත්,ඔහුගේ කම්මුල් සිරුර තුළට ගිලාබැස ගොස් ඇති බවත්,ඔහුගේ කටහඬ තුළ මඳ බැරැන්ඩි බවක් ගැබ්ව ඇති බවත්‍ ය.


"මූ බෙල්ලෙ වැල දාගෙන මැරුණොත් ඉස්කෝලෙ ප්‍රවෘත්ති වලත් වැටෙනවා".යැයි කනස්සලු වූ අධ්‍යක්ෂක කෙසේ හෝ ෂිඒ චිංචෙංගේ සුවදුක් විමසා බැලීය.

"මහාචාර්‍ය ෂිඒ,ඔයාට සනීප නැත්නම් ටික දවසක් නිවාඩු ගන්න.ඔයා ඔයාවම ඔච්චර මහන්සි කරවන්න එපා".


ෂිඒ චිංචෙං නවතම ඉගැන්වීම් වාර්තා සහිත ppt ෆෝල්ඩරයක් තමා වෙත ලබාදෙනු ඇතැයි කවුද හිතුවේ.ඉතා සියුම් ලෙස සකසා ඇති අන්තර්ගතය හා සසඳන විට මෙතරම් කෙටි කාලයක් තුළ වෙනත් කෙනෙකුට එවැනි දෙයක් කිරීම ඉතා සංකීර්ණ කාර්‍යයක් බව අධ්‍යක්ෂවරයා හට වැටහුණි.


"ඔයාට තවමත් මම නිවාඩු අරන් ගෙදර ඉන්නවා බලන්න ඕනද"?.

ෂිඒ චිංචෙං තම සිහින් ඇඟිලි හසුරවමින් කර්‍යාල පුටුවේ පිටුපසට හේත්තු විය. ඔහුgay සිහින් සිරුර කඩදාසියක් මෙන් විය.මිනිසුන් දෙස බලන ඔහුගේ දෑස් තුළ තියුණු හා තුහීන බවක් අරක්ගෙන තිබුණි.


"මට රෙස්ට් එකක් ඕනි. ඒත් මම වගේ ඔය ලෙක්චර් එක හදන්න පුලුවන් වෙන කෙනෙක් මෙතන ඉන්නවද"?.


ස්භාවිකවම,එය කිසිවෙකුට කළ නොහැකි විය.


ඔහුගේ අලෝකමත් ප්‍රකාශය දුටු  අධ්‍යක්ෂකට හැඟුනේ පාසල් ප්‍රවෘත්ති සඳහා තම පාසලේ නම ඉක්මනින් ඇතුළත් නොවන බවයි. ඒවා මියයන මිනිසෙකුගේ දෑස් නොවීය.


නමුත් ෂිඒ චිංචෙං නිවසට පැමිණි විගස නිසිලෙස වැඩ කිරීමට, තම එදිනෙදා ජීවිතය ගෙට ගැසීමට, තම විසිරුණු හැඟීම් හදවත පතුළට විසික් කිරීමට දුම් පානය කරන බව කිසිවෙකු නොදත්හ. ඔහු මත වේදනාකාරී කැස්සක් එතුනත් ඔහු දුම් පානය නතර නොකළේය. අවසානයේ ඔහුගේ පෙනහළු කළු වී මුළු නිවසම නිකටීන් ක්‍රීඩා පිටියක් වන තුරුම ඔහු දුම් පානය කර තිබුණි.

(නිකටීන්:-දුම්කොළ වල අඩංගු මත්ද්‍රව්‍ය)


ඔහුව මේ ආකාරයෙන් දැකීම අසල්වැසි ගෙදර ලී නැන්දා හට සැබවින්ම වේදනාවක් විය.


ෂිඒ පවුල මුලදී ඉතා ධනවත් විය.ඔහුගේ දෙමාපිය යුවළ උසස් පොළිස් අධිකාරී වරුන් වූවත් පසුව වැදගත් නඩුවක් අතරතුර ඔවුන් විශාල වරදක් සිදු කළ අතර ඔවුන් දෙදෙනාම පහළම නිළයට ඇඳ දමන ලදී.ඒ අතරතුර ෂිඒ චිංචෙංගේ මව රෝගාතුර විය.ඇගේ ප්‍රතිකාර සඳහා බොහෝ මුදලක් වියදම් වූ අතර අවසානයේ ඔවුන් ඔවුන්ගේ සුඛෝපභෝගී නිවස විකුණා දමා හූචෞ හි පැරණි නගර වීදියක පදිංචියට පැමිණියෝය.එහිදී ඔවුන් බොහෝ අඟහිඟකම් මැද දිවි ගෙවූවත් ඉතා උණුසුම් හදවත් ඇති අසල්වැසියන් ඔවුන්ට මුණගැසුණි.


ෂිඒ චිංචෙංගේ දෙමාව්පියන් මිය යන විට,ඔහු තවමත් කුඩා දරුවෙකු වූ අතර ඔහුට පවුලේ සියලු වගකීම් දරාගන්නට විය.අසල්වාසීන් කුඩා දරුවන් දෙපළ ආදරයෙන් බලා ගන්නා විට ලී නැන්දා ෂිඒ චිංචෙං හා වඩාත්ම හිතවත් පුද්ගලයා විය.


ලී නැන්දා ෂිඒ චිංචෙංගේ මවට වඩා පොඩ්ඩක් බාලය.ඇය දරුවන් කෙරෙහි අප්‍රමාණ වූ ආදරයක් ඇත්තියක් වුවත් ඇය විවාහ නොවුනු කෙනෙකි.ඒ නිසාම ඇයට දරුවන් සිටියේද නැත.ඇය ෂිඒ පවුලේ කුඩා ළමුන් දෙදෙනාට ඇගේම වස්තුවක් ලෙස සැළකුවාය.විශේෂයෙන්ම ෂිඒ පවුලේ දෙපළගේ වියෝවෙන් පසු මේ කාන්තාව හා කුඩා දරුවන් දෙදෙනා අතර ගොඩනැඟුනේ නොබිඳිය හැකි සම්බන්ධයකි.


ෂිඒ චිංචෙංගේ දික්කසාදයෙන් වඩාත්ම තැවුලට පත් වූයේ ලී නැන්දාය.ඇය කඳුලු සැළීම සඳහාම බොහෝ වෙලාවක් වැය කළාය.පසුව බිඳී ගිය මහළු මවක් මෙන් සිනාසෙමින් උත්සාහ කළේ ඔහුට ගැහැණු ළමයෙකු හඳුන්වා දීමටය.


ලී නැන්දාගේ සිත් රිදවීමට අකමැති වූ ඔහු ඇය වෙන්කරන සෑම දිනයක් සඳහාම සහභාගි විය.නමුත් ඒ ගෑණු ළමුන්ගේ කෝණයෙන් ෂිඒ චිංචෙං යනු එතරම් හොඳ තේරීමක් නොවුනි.


ෂිඒ චිංචෙං පළමු වරට විවාහා වන විට ඔහු කාන්තාවකට හොඳ තේරීමක් විය.ඔහු උස කඩවසම් තුන්වන පන්තියේ රෝහලක වෛද්‍යවරයෙකු වූවා සේම තරුණ විය.ඔහු ඒ කාලයේ දීප්තිමත් අනාගතයක් ඇති අයෙකි.එකම වැරැද්ද වූයේ ඔහු තරමක් දුප්පත් වීම පමණි.


කෙසේවෙතත් මේ ඔහුගේ දෙවන විවාහයයි.විශ්වවිද්‍යාල මහාචාර්‍යවරයෙකු වන ඔහුගේ මාසික වැටුප වෛද්‍යවරයෙකුගේ තරම් ඉහළ නොවීය.එසේම ඔහු තරුණද නොවීය.එබැවින් ඔහුගේ දුර්වලතා රළු හා විනිවිද පෙනන්නට විය.ඔහු හොඳ ගෙයක්,වාහනයක් හෝ නොමැති,තවමත් රැකබලාගැනීමට අවිවාහක නැඟනියක් සිටින අවුරුදු හතළිහක පමණ දික්කසාද මිනිසෙකි.(ළමායි..මෙතන හතළිහක් පමණ හොඳේ,හතළිහක් නෙමේයි.ෂිඒ මහත්තයා එච්චර නාකි නැතෝ)...


ඔහු අතිශය කඩවසම් වුවත් ඔහු තරුවක් හෝ නිරූපිකාවක් නොවීය.ඔහුගේ කඩවසම් බව ජීවත් වීමට අවැසි මුදල් සඳහා හුවමාරු කළ නොහැකි විය.


කෙල්ලෙක්ගේ අම්මලා තාත්තලා මේ දේවල් මායිම් නොකර ඉඳීවිද?


දිනයක් සඳහා සහභාගි වීම ආදරය කිරීමෙන් වෙනස් විය.මුලින්ම ඇස ගැටෙන්නේ පෙනුම යැයි කීවත් එහි වැඩිපුර සොයන්නේ අනෙකාගේ තත්වයයි.ඉතිම් එවැනි අවස්ථාවකදී ඇතිවන සංවාදයන් බොහෝ විට මෙයාකාරය.


"කාරි හොඳයි නොවැ,නේද?පවුලක් එහෙම බලාගන්න පුලුවන්ද"?.


"බැහැ.මම මෙඩිකල් යුනිවර්සිටි එකක ලෙක්චර් කෙනෙක්.මම ලෙක්චර්ස් වලදි ගොඩක් හිතන්න ඕනි,ඒ වගේම මගේ ළමයින්ට ගොඩක් ගැටළු ඇති වෙනවා.ඒ නිසා ගොඩක් වෙලාවට මම අතිකාල වැඩ කරනවා".


"ආ..ඒ වුනාට ඔයාට හොඳ ආදායමක් තියෙනවනේ"?.


"උසස් වීමක් ගන්න තව අවුරුදු තුනක් වත් වැඩ කරන්න ඕන.ඒ වෙද්දි මම යුනිවර්සිටි එකේ ඉදීද කියලාවත් කියන්න බැහැ".


"ආ..එතකොට කිට්ටු නෑදෑයෝ එහෙම ඉන්නවද"?.


"මට නංඟි කෙනෙක් ඉන්නවා"?.


"එයා බැඳලද"?.


"තවම නැහැ".


______________________•


පිහිපහරවල් තියුණු හා අවංක වූ අතර පුදගලයාගේ ප්‍රතිරූපය මොට කර දැමීය.ආරම්භයේ සිනහවක් පිරුණු අනෙක් පස සමාජයේ සිනහව අවසානය වන විට පැහැදිලි ලෙස කපා දමා තිබුණි.


ලී නැන්දා මෙය දැනගත් විට බොහෝ සෙයින් කනස්සල්ලට පත් විය.

"ඒයි,ඒ වගේ දේකදි ටිකක් වැඩි පුර කීවට කමක් නැහැ.අනෙක් මිනිස්සු ගිහින් තමන් ගැන පුරසාරම් දොඩවලා එද්දි ඔයා ගිහින් ඇයි ඔයාගේ නරක කියලා එන්නෙ.දැන් මිනිස්සු හිතයි මම බොරු කියනවා කියලා.කවුද හිතුවේ ඔයා මේ වගේ මෝඩ වෙයි කියලා".


ෂිඒ චිංචෙං හට කියන්න අවැසි වූයේ ඔහුට තවදුරටත් විවාහයක අවශ්‍යතාවයක් නැති බවයි.


නමුත් ලී නැන්දාගේ කණගාටුදායක දෑස් හමුවේ ඔහුගේ පිළිතුර වෙනස් විය.

"ඒක පුරුද්දක් වෙලා.මට සමාවෙන්න".


ලී නැන්දා ඔහු දෙස බලා බර හුස්මක් අත්හරින්නට විය.

"පුතේ,උඹ හරි හොඳයි.බුදු සාධු වත් උඹ දිහා බලන්නැත්තේ ඇයි?.හැමදාම හඳුන්කූරු පත්තු කරලා මම ඉල්ලනේ මගේ වස්තුවට හොඳ කසාඳයක්.එතකොට මම කලින්ම පරලොව ගියත් කමක් නෑ".


"නැන්දේ,විකාර කියවන්න එපා".


"විකාර නෙමෙයි.මම වයසයි.මම මොකටද ඕක කියන්න භය වෙන්නේ.උඹ ඒ වගේද.උඹ තාම තරුණයි.ඉස්සරහට ඔයාට හොඳ ජීවීතයක් නැත්තම් මම මැරිලා ගියාට පස්සේ තාත්තටයි මූයිංටයි මම මූණ දෙන්නේ කොහොමද"?.


ලී නැන්දා සෑම විටම ගැහැණු ළමයින් සෙවීමෙහි කාර්‍යයබහුල වූ අතර සෑම අවස්තාවකම විවාහයක් ගැන අවධාරණය කළාය.


ෂිඒ චිංචෙං හට මෙය විසල් අපහසුවක් විය.ඔහු බොරු කීම ප්‍රතික්ෂේප කළ,විවේචනයට ලක් වීමට අකමැති,අහංකාර හා දරඳඬු මිනිසෙක් විය.එපමණක් නොව,කුමක් හෝ හේතුවක් මත ඔහුගේ සිතුවිලි,ලී රුඕචෞ සමඟ දිනයක් හා සසඳන විට සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී තිබුණි.

ඔහු තම ජීවිතයේ ඉතිරි කාලය කිසිවෙකු සඳහා වියදම් නොකරන බව ඔහු විශ්වාස කළේය.


නමුත් ඔහුගේ පවුලට හා මිතුරන්ට වගකිවයුත්තෙක් ලෙස ඔවුන්ගේ දෑසට කඳුලු දීමට ඔහුට නොහැකි විය.ඔහුගේ රැකවරණය යටතේ ඔවුන් සතුටින් ජීවත් වන බව පමණක් දැකීමට ඔහු ප්‍රිය කළේය.


එහෙයින් ප්‍රතිපල පුරෝකතනය කළ හැකි වුවත් එවැනි රැකියා ඉල්ලුම්පත්‍ර වැනි දිනයන් සඳහා සහභාගි වීමට ඔහුට සිදු විය.


.


මෙවර ඔහුගේ දිනය යෙදුනේ බායි ජිං යන තරුණිය සමඟය.විශ්ව විද්‍යාලය තුළ ඇයට ඥාති හැඳුනුම් කමක් තිබුණා මෙන්ම ඔවුන් ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක උපාධිධාරීන් බවද පැවසේ.හූචෞ නගරයේ වඩාත්ම සුඛෝපභෝගී කාන්තා භාණ්ඩ  අලෙවිසැලක කවුන්ටර සේවිකාවක් ලෙස ඇය රැකියාව කළාය.


මුහුඳුබඩ නගරවල ප්‍රකෝටිපති මූල්‍යමයකරුවන්ගේ හිඟයක් නොවුනි.ගැහැණු ළමුන් දවස මුලුල්ලෙම අධි සුඛෝපභෝගී කවුන්ටර වල ගිලී සේවය කරයි.ගණුදෙනු කරුවන්ගේ උද්‍යෝගිමත් කතාවලට සවන් දෙන විට,ඔවුන්ද ඉතා උසස් යැයි මිත්‍යාවක් ඔවුන්ගේ සිත තුළ ඇතිවීම ස්භාවිකය.මුලින්ම මිනිසුන් ඇස ගැටෙන විට ඔවුන්ගේ නෙත් නවාතැන් ගන්නේ ඇඳුමෙහි ලාංඡනය මතයි.ඇඩිඩාස්,නයිකි වෙළඳ නාම භාවිතා කරන්නන් දුප්පත් ලෙස ඔවුන් ලේබල් කර තිබුණි.අවම වශයෙන් ඇය හා දොඩමළු වීමට ඔහු ප්‍රාඩා කට්ටලයක් වත් ඇඳ සිටිය යුතුය.

(PRADA:-Fashion company)


ෂිඒ චිංචෙං තේපැන්හලට ඇතුළු වන විටත් බායි ජිං තම මිතුරිය සමඟ දුරකථන සංවාදයක යෙදී සිටියාය.

"ඈ,ඇත්තටම,ඔයා දන්නේ නැහැ.මම වැඩ කරන කොට මට හැමදාම ඔය වගේ මෝඩයෝ හම්බවෙනවා.අද අම්මෙකුයි පුතෙකුයි ආවා.පුතා ඇඳගෙන හිටියේ.ඉන්න මට අනුමාන කරන්න දෙන්න.ඒක ටඔබඕආ එකෙන් ඕඩර් කරපු එකක්.මගේ පළපුරුද්ද නැත්තම් මගේ ඇස් දෙක උඩ යනවා.ඒකෙන් ඕඩර් කරපු එකක් ඇඳගෙන මෙහෙ බඩු තෝරන්න එන්න.මොන සමයමක්ද"?.

(Taobao:-chinese වල online shopping platform එකක්)


බායි ජිං ඇගේ රෝස පැහැ හැඩගැන්වූ නියපොතු ඉහළට එසවෙන ලෙස කුඩා කෝපි කෝප්පය කළවම් කළාය.ඇය එහා කොනේ තම මිතුරියගේ පිළිතුර අසා මුව දෑතින් වසා සිනාසෙන්නට විය.


"උන්ට ගන්න පුලුවන් මොනවද?උන්ට ඇත්තටම මොකුත් ගන්න බැහැ.මෙකේ තියෙන ශූස් දෙකක් ගන්න අඩුම තරමේ උන්ගේ අවුරුද්දේ පඩියෙන් භාගයක්වත් යයි.ඔයා දන්නවද ඒ ළමයා මගෙ ලඟට ඇවිත් ඇහුවේ මොකක්ද කියලා.අපි බේස්බෝල් කැප් විකුණනවද ඇහුවේ.එයාගේ අම්මා වර්කවුට් කරන්න කැමති නිසා අද අම්මගේ උපන් දිනේට බේස්බෝල් කැප් එකක් ගන්න එයා මෙහාට ඇවිත්".


බායි ජිං මල් පිපුණු අත්තක් මෙන් වෙව්ලමින් සිනාසෙන්නට විය.


"මම එයාට කෙළින්ම කීවා.අපේ බ්‍රෑන්ඩ් එකෙන් කවදාවත් බේස් බෝල් කැප් එකක් හදලා නැහැ කියලා.හහ්..ඔයාට බලන්න තිබ්බා ඒ වෙලාවේ එයාගේ මූණ.ඒක බලන්න වටින මූණක්.ආහ්..ඔහොම ඉන්න.මාත් එක්ක ඩේට් එකක් දාගත්තු කෙනා ඇවිත් වගේ.අපි පස්සෙ කතා කරමු.හවසට තේකක් බොන්න අපි බල්ගරි එකට යමු පැටියෝ.බායි".


තේපැන්හල බොහෝ ඝෝෂාකරී වීම මෙන්ම ෂිඒ චිංචෙං කෙනෙකු සොයමින් සිටීම සැබවින්ම කණගාටුවට කරුණක් විය.එබැවින් ඇගේ කතාව ඔහුගේ කන් නොවැකුණි.


බායි ජිං ඔහු වටපිට බලනු දුටු අතර,උස,කඩවසම් පීච් මල් වැනි දෑස් සහිත සීතල ස්භාවය තමා හා වේලාවක් වෙන්කරවාගත් පුද්ගලයා හා ගැළපෙන බව තහවුරු කරගත් වහාම ඇය ෂිඒ චිංචෙං වෙත අත දිගු කළාය.

"හායි.ඔයා ප්‍රොෆෙසර් ෂිඒ චිංචෙං ද"?.


ෂිඒ චිංචෙං ඉදිරියට ගියේය."ඔව්.හායි".


බායි ජිංගේ ඇස් ඔහුගේ සරල ටීෂටය මත අඟුලු වැටුණු අතර එකවරම ඇය දීප්තිමත් සිනහවක් පෑවාය.

"හායි හායි,මම බායි ජිං".


______



ට්‍රාන්ස්ලේට් එක ගැන අදහස් කියාගෙන යන්න.අඩුපාඩු තියෙන ඒවත් කියන්ඩෝ...🌸

Comments

  1. අම්නේ ඒ ප්‍රොපා

    ReplyDelete
  2. අපෙත් ඉන්නව මෙහෙම සීතල චරිත
    හැබැයි එයාලා විවාහ ජීවිතය තුළ අතිශය සාර්ථකයි

    ReplyDelete
  3. Harima lassanai❤️❤️❤️😍😍😍

    ReplyDelete
  4. Harima lassanai.. 😍😍❤️Meke thawa chapters thiyanawada...

    ReplyDelete
  5. ගොඩාක් හොදට ට්‍රාන්ස්ලේට් කරනවා ඔයා. 🌹

    ReplyDelete
  6. නියමයි....සරලයි....ලස්සනයි ...👍👍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අපේ පරිවර්තන

💓 සියලුම පරිවර්තන මෙතැන අලවා ඇත.  ☺නවකතා                     වෛද්‍ය වාර්තාව මුල් නවකතාවේ නම: Bing An Ben |බිං අන් බ'න් කතෘ:  Meatbun doesn't eat meat   පළමු පළ කිරීම :   JJWXC Web Novel Site  ( 2021-08-12 )  ඉංග්‍රීසි පරිවර්තනය:  Case File Compendium/ Medical Record Book සාරාංශය එක වාක්‍යයකින්: මානසික රෝගියෙක් සහ උදාසීන වෛද්‍යවරයෙක් සහසක් සරා සඳ මුල් නවකතාවේ නම: Qian Qiu | 千秋  කතෘ : Meng Xi Shi | 梦溪石  පළමු පළ කිරීම : Changjiang Literature and Art Publishing House, jjwxc, 2015  ඉංග්‍රීසි පරිවර්තනය : Thousand Autumns ඉංග්‍රීසි පරිවර්තක : MoMoePom ලොස්ට් ටොම්බ් මුල් නවකතාවේ නම: Daomu Biji Vol. 1  කතෘ: Xu Lei සුරා නිමන්ත්‍රණය මුල් නවකතාවේ නම: 將進酒 | Qiang Jin Jiu  කතෘ: 唐酒卿 | Tang Jiuqing  පළමු පළ කිරීම : JJWXC Web Novel Site  ඉංග්‍රීසි පරිවර්තනය: ඉංග්‍රීසි පරිවර්තක: Lianyin @CangJi.NET දාමරිකයෝ මුල් නවකතාව: Bandits (有匪)  කතෘ: Priest  ඉංග්‍රීසි පරිවර්තක: Enormousheep  සජීවී රූපවාහිනී කතා මාලාව: Legend of Fei  ප්‍රධාන චරිත ද්විත්වය: ශිඑ යුන් හා චෝ ෆෙයි ස්නේහ අවි ඉංග්‍රීසි නවකතාව: L

MDZS (මංහුආ ) - පරිච්ඡේදය 01

ඔන්න පළවෙනි එක දැම්මා..

ස්නේහ අවි | හැඳින්වීම

මෙම නවකතාව තුල ඇතුලත් සියලුම තොරතුරු වල හිමිකම් මුල් කතෘට අයිති බවත් මෙය මට අයිති නවකතාවක් නොවන බවත් අඩංගු තොරතුරු වලට මා හිමිකම් නොකියන බවත් මෙය මා විසින් සිදු කරන පරිවර්තනයක් පමණක් බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. මා වෘත්තීය පරිවර්තකයෙකු නොවූවද හැකිතාක් උපරිමය කිරීමට මම බලාපොරොත්තු වෙමි.මෙය මා විනෝදාංශයක් ලෙස කරන්නක් බැවින් සිදුවන අඩුපාඩු සියල්ලටම සමාව අයදිමි. අවවාදයයි  : ලිංගික හැසිරීම්,🔞 ශාරීරික දණ්ඩන ,අසබ්‍ය වචන භාවිතය, ප්‍රචණ්ඩත්වය , ලෙර් වැගිරීම් සහ අහිතකර සබදතා සහිත් කෘතියකි.ඔබ එවැනි දේවලින් අපහසුතාවයට පත් වේ නම් කියවීම අවදානම් සහගත වේ ⚠ අවම වශයෙන් අවුරුදු 18 සපුරා ඇති වැඩිහිටියන්ට පමණක් සුදුසු පරිච්චේද සදහා තබා ඇති අනතුරු ඇගවිම් පිලිබද සැලකිලිමත් වන්න.🚫. ★මෙය හුදෙක්ම මාගෙ පරිවර්තනයක් වුවද මෙහෙ ඇති තොරතුරු නම් ගම් විකෘති කර නැවත පල කිරීම සපුරා තහනම් 🚫 Do not copy ,change names, places and re-post as your work.please respect original author and her hardwork🚫 -Dulari-