තරමක් දකුණට වනසේ චූදු හී
ඇතුළු මංතීරුවක ෂී නිවාසය පිහිටා කිබුණේ ය. පැන් සහ ෆෙයි නිවාස හා සසඳද්දී
එහි මුළු භූමි ප්‍රමාණය සැළකීය යුතු තරම් කුඩා වූයේ ය. ගුආංචෙං
අධිරාජ්‍යයාගේ පාලන සමයේදී විසූ චින් ගේ වාසස්ථානයටද සමීප විය.
ෂී ට
විශේෂ අවසරයක් තිබුනා, නමුත් පළමුව වංශාධිපතියන් කිහිප බොහෝ දෙනෙකුට
දුරදක්නා නුවණක් තිබූ නිසා රෙගුලාසි වල අවසර දී ඇති ප්‍රමාණයෙන් ඔබ්බට
ඔවුන්ගේ මන්දිරය ගොඩනඟා ගන්නට තරමු එඩිතර වූයේ නැත. වාසස්ථානයේ අභ්‍යන්තර
ගොඩනැගීමේ විලාසය ජුඒෂී නගරයේ විලාසිතාවට සමාන වූ අතර මණ්ඩප සහ පුාසාද වැනි
ගොඩනැගිලි ව්‍යුහයන් සාමාන්‍ය හා බහුලව තිබුණේ ය.
ෂී හොංෂුආන් ආපසු යන ගමන පුරාවටම සිටියේ දෙගිජියාවෙන් යුතුවය. නමුත් හේ අශ්වයන්ගේ කුරහඬ නෑසි යද්දී තමන් නිවසට ළගා වී ඇති බව දැගත්තේ ය. නොසැලකිලිමත් වීමට නිර්භීත නොවූ ඔහු, රැලි වැටෙන තුරු තෙමී තිබූ තම වස්ත්‍රයේ වාටිය ඔසවා ඉක්මනින් කරත්තයෙන් බැස ගිය අතර එහිදී ශෙන් ස'චුආන් ෂී නිවාසය අසල තමා ඉදිරිපිට සිටගෙන සිටිනු දුටුවේය.
“ඒක පරණ මන්දිරයක්.” ෂී හොංෂුආන්ගේ ස්වරය සැහැල්ලු හා මෘදු වූ අතර ඔහු තම සාමාන්‍ය හැසිරීම් පවත්වාගන්නට උත්සහ කළේ ය. “අපි පුතිසංස්කරණ කටයුතු ගැන හිතුවත් අපිට ඒකට වෙලාවක් තිබුණේ නැහැ. කාලගුණය උණුසුම් තත්වයට හැරුණම එහි මුල් සැකැස්ම බලන්න එන්න.”
නමඅත්, ශෙන් ස'චුආන් තම බැල්ම එහා පස වූ නිවසට යොමු කළේ ය.
එහි
කෙළවරේ ඇති එම කොළ පැහැති ඔප දැමූ ගඩොල් පැහැදිලිවම කුමාරයෙකුගේ
වාසස්ථානයක සම්මත ශෘහයක් හා සමානව නිමවා තිබුණේ ය. නමුත් ආලෝකය වැටුණු
බිත්ති ආවරණය කළ සශ්‍රීක ගස් නිසා එයට අමුතු පෙනුමක් ඇති ව තිබුණේ ය.
ෂී හොංෂුආන් ඔහුගේ බැල්ම පසුපස හඹා ගොස් පවසන්නට වූයේ ය. “ඒ තමයි චින් කුමාරුගේ මන්දිරය. චින් කුමරු ක්ෂය රෝගයෙන් පෙළුණා හිටපු අධිරාජ්‍යයාගේ සිංහාසනයට පත්වීමට වසරකට කලින් ඔහු තමන්ගේ අසනීපයෙන් මියැදුණා. ඊට පස්සේ මේ ස්ථානය භාවිතයෙන් ඉවත් කළා. සමහරවිට ඒක අනාගතයේදී ත්‍යාගයක් විදිහට කාටහරි ලබාදේවි. ”
"එය චූ කුමරුගේ මන්දිරයට වඩා බලවත් විදිහට පේනවා." ශෙන් ස'චුආන් තම බැල්ම ඉවතට ගත්තේ නැත.
“නිසැකවම.” ෂී හොංෂුආන් ඔහුගේ මාහපටැගිල්ල එසවූයේ ය. “දැනට ඉන්න අධිරාජ්‍යයා ඉස්සර ගුආන්චෙං අධිරාජ්‍යයාගේ අනුගුහය ලැබුවේ නැහැ. ඒ කාලයේ, ඔටුන්න හිමි කුමරු, චින් කුමරු, සහ හිටපු අධිරාජ්‍යයා උරුමකරුවන් අතර විශේෂයෙන් කැපී පෙනුනා. ජාඕ සුයි පන්සල තුළදි හිටපු අධිරාජ්‍යයා සියදිවි හානී කරගත්තා. චින් කුමරු ඔහුගේ අසනීපය නිසා නිවස තුළම මියගියා , හිටපු අධිරාජ්‍යයා ඔහුගේ මරණ මංචකයේ රැඳී සිටියා ... ”ඔහු හදිසියේම සිනහ හඬ නැගුවේ ය.
“අනික් අතට, වර්ථමාන අධිරාජ්‍යයාට සිහසුන ගන්න පුළුවන් වුණේ කොහොමද? චින් කුමාරයාත් ඇත්කටම අනුකම්පා සහගතයි. ඔහුට ගුආන්චෙං අධිරාජ්‍යයාගේ අවසන් වසර කිහිපය තුළ හොද පිය පුතු සබදතාවක් ගොඩ නඟා ගන්න හැකි වුණා. ඒ වගේම ගුආන්චෙං අධිරාජ්‍යයාත් නිතරම මෙහි ආවා. නමුත් ඔහුගේ මන්දිරය යටතේ සිටින අයෙක් දරුණු හා ප්රචණ්ඩ විදිහට හැසිරිලා ගම් වැසියන් කිහිප දෙනෙක්ටම පහර දීලා ඝාතනය කළා. මෙහි පඅතිපලයක් විදිහට, ඔහුට විරුද්ධව නඬු ගොනු කෙරුණා , ගුආන්චෙං අධිරාජ්‍යයා ඔහුට දඩුවම් කළේ මේ මන්දියේ අඩස්සියට දමලයි. ඒ අතර කාලයේ තමයි චින් කුමරුට අවනීපය වැළදුණේ. ගුආන්චෙං අධිරාජ්‍යයා විෂේශයෙන්ම ඔහු වෙනුවෙන් පැමිණියා. කවුරුවත් දන්නේ නැහැ ඔහුන් කකා කළේ මොනවද කියලි. ඒක් එයින් පසු ඔවුන් අප්‍රසන්න වදන් එක්ක මතභේද ඇති කරගෙන චින් කුමරු ගැන තිබුණ පුසාදය අහිමි වුණා. බිටපස ද්වාරය අසල ඔහු මරණය එනතෙක්ම ස්වයං ආවර්ජණය සිදු කළා.”
ශෙන් ස'චුආන් මේ කුඩා තොරතුරු තම මනසෙහි තැන්පත් කරගත්තද ඔහු තුළ මේ සම්බන්ධයෙන් ෂී හොංෂුආන් සමඟ කතිකා කරන්නට අවශ්‍යතාවයක් තිබුණේ නැත, ඔහු තුළ ඒ මාතෘකාව පිළිබද කිසිදු උනන්දුවක් නොතිබුණු බව දුටු ෂී හොංෂුආන් ඔහු වටා විසිරි සිටි සේවකයන්ව අතක් සලා පිටමන් කළේ ය. ඔහු පවසන්නට විය. “මගේ මේ වාසස්ථානය කුමාරවරුන්ගේ හා ප්‍රභූවරුන්ගේ වාසස්ථාන තරම් විශාල නැතිවුනත්, තවමත් ගමන් කරන්න ටික දුරක් ඉකිරිවෙලා තියෙනවා. ලන්චෞ, මගේ ශරීරය හුගක් දුර්වලයි, මම ස්වර්ගයට දැනෙන තරම් දුගදයි. අපි පුංචි ගමන් රථයක ගියොත් ඒක වේගවත් වේවි. ”
ෂී නිවසේ සේවකයෝ ගමන් රථය සූදානම් කරනුනට යුහුසුළු වූවෝ ය. ෂී දාන් නිවසේ මූලික භාරකරුවා වූ නමුත් හේ තුළ තවදුරටත් මුහුණ දෙන්නට ශක්තියක් නොවී ය. ඒ වෙනුවට ඔවුන්ට ආචාර කරන්නටත් සහ පිළිගන්නටත් පිටතට පැමිණියේ ෂී හොංෂුආන්ගේ වැඩිමහල් සහෝදරියයි.
ෂී
හොංෂුුආන් මේ කාන්තාවට ආදරය කළේය, නැතහොත් අවම වශයෙන් ඔහු එසේ පැවසුවේ ය.
තම බිරිඳ බලහත්කාරයෙන් පැහැරගෙන යාම නිසා ෂී ගූ'අන් කෙරෙහි ඇති වූ වෛරය
නිසා ඔහුට ෂී ගූ'අන් මරා දැමීමට අවශ්‍ය බව ඔහු ශෙන් ස'චුආන්ට අනේක
වාරයන්හිදි පාපොච්ජාරණය කර තිබුණේ ය. නමුත් ඒ කාන්තාව පියගැටපෙළින් පහළට
පැමිණෙන විට ඔහුගේ වත උදාසීනවූයේ ය.
හේ ඇයට සහාය දෙන ලෙස ඇයගෙන් ඉල්ලා නොසිටියා සේම ඔහු කුඩා ගමන් රථයේ අසුන් ගන්නා විට සරල ලෙස ඇයව ඉවත් කළා පමණක් විය.
ශෙන් ස'චුආන් තිරය හරහා ඇගිල්ලක් දමා ඔසවන විට ඒ සියල්ලම දැකගන්නට ලැබුණේ ය. ගමන් රථයේ අසලින් ගමන් ගත් ච්‍යාඕ ත්යැන්යාට යමක් පවසන්නට අවැසි වූ නමුත් ශෙන් ස'චුආන් ඔහුව නවතන්න සිය හිස සොලවා ඉඟි කළේ ය.
කුඩා ගමන් රථ ෂී හොංෂුආන් සාමාන්‍යයෙන් නැවති සිටි අංගනය ඉදිරියට පැමිණෙන්ට පෙර හැරීම් කිහිපයක්ම සිදු කළේ ය. ඔහුගේ අංගනය අනික්වාට වඩා වෙනස් බවක් ගත්තේ ය. එය ඕනැවට වඩා සරසා කොතිබුණු අතර , දිගු කොරිඩෝව පුළුල් ලෙස විවෘත කරන ලද දොරවල් සහ ජනෙල් සහිත කාර්යාලයකට මෙන්ම දීප්තිමත් ලෙස ආලෝකමත් වූ පහන් කූඩු පේළියකට සම්බන්ධ ව තිබුණි. ඇබකස් ගණකයන් වල හඬ විවිධ දේශීය උච්චාරණ සමඟ මුසු ව එහි වූ ඝෝෂාකාරී බව විදහා පෑවේ ය. ශාලාවට ඉදිරියෙන් වූ විවෘත භූමියේ පැදුරක් යට තේ මේසයක් ඉදිකර තිබූ අතර, දජෞ වල සිටි විවිධ තැරුව්කරුවන් හා වෙළදුන් එහි සිටගෙන හෝ හිදගෙන සිටිමින් කතා බස් කරමින් සිටියෝ ය.
ෂී හොංෂුආන්ව දුටු ඒ වෛවර්ණිත පුද්ගලයන් කණ්ඩායම ඔහුව වට කරගත්තෝ ය. ආදායම් පිළිබද වාර්ථා කරන්නෝ , තොග සකස් කරන්නෝ , , ගෙවීම් සිදුකරන්නෝ යන සියල්ලෝම ඔහු වටා එක්රොක්වී ඔහුට සුභ පතන්නටත් කෑකෝ ගසන්නටත් වූහ.
ෂී හොංෂුආන් පුඛමයෙන්ම රැස්ව සිටි පිරිසට ආචාර කරමින් පවසන්නට විය. “මේ පුද්ගලයා ආපහු ආවා විතරයි. මම කොයිතරම් දුඟදයි මට වෙන කිසිවක්ම කරන්න බැරි තරමට. ඔබලා කවුරුවත් කලබල වෙන්න වුවමනා නැහැ. කාලය ආවම සැහැල්ලු මනසක් එක්ක කාර්යාලයට යන්න ඕනේ. මම ගරන ගත්තොත් , මම ටික දවසකට විනෝද වෙන්න පිටතට ගියා. එතරම් වැදගත් දෙයක් වුණේ නැහැ. අපේ ව්‍යාපාරයන් සාමාන්‍ය විදිහටම සිදුවේවි. ඔහ්, මෙතැන ගෙවීම් වෙනුවෙන් බලාගෙන ඉන්න සාප්පු හිමියන් ට , ඔබලත් බය වෙන්ව අවශ්‍ය නැහැ. අපේ ෂී වංශය කවද්ද ණය කාල සීමාවන් පැහැර හැරියේ? ඔබට ඔබ ළග ඥාවන පත්‍ර තියෙනවනම් , දැනට සනාථ වෙලා තියෙන හිමිකම් සම්පූර්ණයෙන්ම ගෙවන්නම්!”
ෂී හොංෂුආන් ඉන්මනින් ශෙන්ස'චුආන්වද රැගෙන ඔහු මටා සිටි පිරිස පසෙකට කරමින් තේ පැන් සංග්‍රහ කරන්නට සේවකයනට ආරාධනා කළේ ය. ඔහු දෑත් එක්කොට දෙපස සිටි මිනිසුන්ට ආචාර කළේ ශෙන් ස'චුආන්ව තරමක් නිස්කලංක ශාලාවට කැඳවාගෙන යන්නට පෙරය.
“ලන්ටචෟ , මුලින්ම අසුක්ගන්න. මම ටිකක් ඇගපත සෝදගෙන ඇදුම් මාරු කරගෙන එන්නම්!” හේ සේවකයන්ට ආහාර හා පත්පැන් ගෙනෙන්කට උපදෙස් දුන්නේ ය.
ශෙන්ස'ච්ආන් අසුන්ගෙන තේ පානය කරන්නට විය. මත්පැන් සහ ආහාර ගෙනෙන කාලය ආසන්න වෙද්දී , ෂී හොංෂුආන් ද ආපසු පැමිණ සිටියේ ය. ඔහු අලුත්ම තද රතු-දුඹුරු සේද ඇඳුමකින් සැරසී සිටියේය. ඔහු අසුන්ගනිමින් පෞද්ගලිකව ශෙන් ස'චුආන් වෙනුවෙන් මත්පැන් වත් කරන්නට වූයේ ය.
සමාවෙන්න ඔබව මේ තරස් වෙලා රඳවලා තිබ්බට!” ෂී හොංෂුආන් තම ගෙල ස්පර්ශ කරමින් සිනහවක් පිට කළේ ය. “මට මුවපහසුවක් දැනෙන්නේ ගෙදරදි විතරයි. අර මිර මැසිරිය ඇත්තටම තෙත් අධිකයි. මම හොදින් සෝදා ගත්තට පස්සේ මට ඇත්තටම සුව පහසුවක් දැනෙනවා. එන්න, ලන්චෞ, පානය නරන්න! ඔබ මේ වතාවේ ඇත්තටම අනුකම්පාවක් පෙන්වුවේ නැහැ. තව සිට දවසක් මාව එතැන සිරගත කරලා තිබුණා නම් එහෙම, මාව සහතිකවම මියගිය මස් වැදැල්ලක් විතරක් වෙනවා.!”
“ඒක ඒතරම් දුර යවන්නේ නැහැ.” ශෙන් ස'චුආන් සිනහවක් සමග පැවසුවේ ය, “ඒ ඔබව බියගන්වන්න විතරයි. මම ඔබට ඒ තරම් දරුණු විදිහය පහර දෙන්නේ නැහැ අපේ මිතුදම නිසා.”
“ඔබ ඇත්තටම මාව ගොඩක් වේදනාවට පත් කලා!” ෂී හොංෂුආන් කටුක සිනහවක් මුවගට නගාගනිමින් පවසන්නට විය. “මගේ පිටේ තත්ත්වය භයානක විදිහට නරක තත්ත්වයක තියෙන බව මට පෙනුණා. මටඉඒක බලවගන්න වෛද්‍යවරයෙක් ගෙන්වන්නම වෙනවා. කියන්න, ඔබ එය සිදු කළේ මගෙන් මිලියන හතරක් අවශ්‍ය පව පවසන්න විකරක් නෙමෙයි නේද? ආහ්, ඔබ ඇයි මේ තරම් ලොකු වටයක් කැරකුණේ! ”
දෙදෙනාම මත්බැන් පානය කරමින් ප්‍රීතියෙන් කතා කළ අතර, පැයකට පෙර ඔවුන් එකිනෙකා සමඟ වෛරයෙන් කිනිසි තල ඇද අඩදබර කරගනිමින් සිටි බවෙහි ලකුණකුදු නොපෙනුණේ ය.
මත්පැන් සහ ආහාර ත විශිෂ්ට විය. ෂී හොංෂුආන් ආහාරගෙන ඉන්පසු පිස්නයකින් මුව පිසදාගෙන පුටුව මත දෑත් දෙපසට විහිදුවේ ය. ඔහු පවසන්නට විය, “ඔබට අවශ්‍ය යතුරු ලබා දෙන්න මගේ අකමැත්තක් නැහැ. නමුත් ලන්චෞ, ඔබට ඔබේ කේක් කැබැල්ල තියාගෙන ආහාරයට ගන්න බැහැ. මම චී හුයිලියන් ව ඔබට ආපසු ලබා දුන්නොත්, මට ආයෙමත් පහතට වැටෙදිදි අල්ලාගන්න යමක් අහිමි වෙනවා , ඒ නිසා මට ඔහු ගැන සළකලා ඔබට යතුරු දෙන්න බැහැ"
ශෙන් ස'චුආන් එතරම් ආහාර නොගත් අතර තම අහර කූරු පසෙකින් තැබුවේ ය. “මේ කාරණයේදී මමත් ඔබට අසාධාරණයක් කළා. නමුත් දෙවන තරුණ ස්වාමීනි, මෙතන මම නිර්මාණය නොකරපු දේවල් ටිකකුත් තියෙනවා. එහෙට ගිහින්ම විමසීමක් කරන්න, එතකොට වෙයි හුඅයිගූ ඇත්තටම යහපත් චේතනාවන් නොසලකන බවත් ඔබේ දුෂ්කරතාවයෙන් මිදෙන්න ඔබට කොහෙත්ම අවශ්‍ය නොවන බවත් ඔබ දැන ගනීවි"
“මම දන්නවා ඔවුන් හැමෝටම කමන්ගෙම අරමුණු තියෙන බව.” ෂී හොංෂුආන් තම දහදිය බිදු පිස දැමුවේ ය. “නමුත් ඔබව සිරගෙයින් වෙනත් ස්ථානයකට ගෙනියන්න පුළුවන් නිසා එයින් අදහස් වෙන්නේ රාජකීය අධිකරණය මට එතරම් විශාල දඬුවමක් දෙන්න අදහස් නොකළ බවයි. ඒක අධිරාජ්‍යයාගේ අදහසකු් , එහෙම නේද?”
“ අධිරාජ්‍යයා ඔබව ආරක්ෂා කරන්න විශාල මහත් පරිශ්‍රමයක් දැරුවා, ඒ නිසා ඔබව විමර්ශණය කිරීම වෙනුවෙන් බන්ධනාගාරයට තමන්ගෙ සීමාවන් ඉක්මවා යන්න බැහැ. දැන් ඔබව ඔබේ තනතුරෙන් තාවකාලිකව අත්හිටුවා නැවත නිවසට පැමිණිලා ඉන්ව නිසා ඔබට ඇගයීම් කාර්යාංශයේ රාජකාරි කරන්න බැරි වේවි." ශෙන් ස'චුආන් මාතෘකාව වෙනස් කළේය. "මම දැනටමත් ඔබව නිවසට ඇරපවලා තියෙනවා. යතුරු ප්රශ්නය වෙන වෙලාවක කතා කරමු, නමුත් මට දැන් චී හුයිලියන්ව දකින්න ඕනේ. "
ෂී හොංෂුආන් අත් පිස්නාව පසෙකට තමා උදරය ස්පර්ශ කරමින් සිනහවුයේ ය. ඔහු පවසන්නට විය. “යතුරු සම්බන්ධයෙන් අපි දැන් සාකච්ඡා කරලා අවබෝධය කරගන්න ඕනේ. ලන්චෞ , ඔබ මීට කළින් කිසි දවසක ව්‍යාපාරික ගනුදෙනුවක් සිදු කරලා නැහැ , ඒ නිසා ඔබ ඔබ එහි ඇතුළත සහ පිටත ගඅන දැනුවත් නැහැ. එය නිලධාරියෙක් වෙනවට වඩා වඩා වෙනස් දෙයක් නෙමෙයි. එම යතුරු තබා ගන්න එකෙන් ඔබට රිදී හුවමාරු කරන්න පවා ඉඩ ලැබෙනවා, නමුත් ඒවා හුගක් බරුති රිදී. ඔබ ඒවා පිටතට අරගෙන ගියොත් , ඒවා ඉක්මනින්ම ක්ෂය වෙලා අතුරුදහන් වේවි. ඉතිං ඇයි ඔබ ඒවා ඇකුළකින් තියලා මට ව්‍යාපාරය කරගෙන යන්න නොදෙන්නේ? ඔබ තමන්ගේ මුදල් ටිකක් වැය කරලා ඊට වඩා වැඩි ආදායමක් ලබා ගන්න එක පුදුම සහගත නැද්ද ? අනාගතයේදී ඔබට කොයිකරම් අවශ්‍ය වුනත් ඔබ කරන්න ඕනේ මට අංකයක් ලබා දීම විතරයි."
ඔහු තම අසුනේ තදින් වාඩි විය. ඒ වන විටත් ඔවුන්ට නොදැනුවත්වම පෙර පැවති ඝෝෂාව අතුරුදහන් වී තිබුණේ ය. ඔහුගේ ශාලාවේ ජනෙල් දොරවල් සියල්ල පුළුල්ව විවෘත කර තිබූ අතර, කාල තීන්ත වර්ණයෙන් වැසී තිබූ විලෝ ගස ජනේල දෙසට ඇදී එන එල්ලා වැටුණු අවතාර පේළියක් මෙන් දිස් වන්නට විය. රාත්‍රිය නිශ්චල හා නිස්කලංක වූ අතර ඉටිපන්දම් දැල්ල මදක් සැලෙන්නට විය. ඔවුන් දෙස බලා සිටි ඒ සේවකයන් සියල්ලෝම අතුරුදහන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණි. එහි සිටියේ ඔවුන් දෙදෙණා පමණකි.
ශෙන් ස'චුආන් මන්දගාමි ලෙස තම අසුනෙහි පිටුපසට හේත්තු විය, “තත්වය කොයිකරම් දුරට වෙනස් වෙලාද. ඒ සිර මැදිරියෙන් පිටතට පය තැබුවට පස්සේ, දෙවන තරුණ ස්වාමියා ඇත්තටම දැඩි අයෙක් වෙලා.”
“ආහාරයි මත්පැන් වලිනුයි බඩ පුරවාගත්තට පස්සේ මම ලොඩක් තෘප්කිමත් වුණා ඒ වගේම තව දුරටත් වේදනාවක් දැනෙන්නෙ නැහැ .”ෂී හොංෂුආන් ශෙන් ස'චුආන් දෙස බලා තම හිස දෙසටම ඇගිල්ලක් දිගුකර පෙන්වාලූයේ ය. “ඒ වගේම මම ඉන්නේ හොද සිහියෙන්. මම ඔබට කියන්නේ, ඒක චී හුයිලියන් අතරවත් යතුරු අතරවත් කෝරාගැනීමක් නෙමෙයි ; ඔබේ එකම විකල්පය චී හුයිලියන්ව බිටතට අරගෙන යන එකයි. ඔබ එකග වෙනවා නම් , මම ඔබට ඔහුව ඉක්මනින් ලබා දෙන්නම්.”
ශෙන් ස'චුආන් මද වේලාවක් ගත කළේ ය. කුඩා උණ විජිණිපත ඔහුගේ අත් සාක්කුවෙන් ලිස්සා ආ අතර හේ එය අතට ටගන එහි වූ බර මැන බලන්නට මොහොතක් ගත කළේ ය. “අපි කලින් සාකච්ජා කරගත්තේ එහෙම නෙමෙයි.”
ෂී හොංෂුආන් පහත්, මුමුණන හඬකින් පිළිතුරු දුන්නේ ය., “ව්‍යාපාරික ලෝකය වේගයෙන් වෙනස් වෙමිවා. කලින්, ඔබ මාව දැඩිව අල්ලාගෙන සිටියා, දැන්, මම ඔබව ළඟ තබාගෙන ඉන්නවා ඒ විදිහටම. මේ දෙයින් පස්සේ සාකච්ඡාවට භාජනය වෙන ගැටළු ස්වභාවිකවම වෙනස් වෙන්න ඕනෙ තමයි.*
“එතකොට මම අදහස් කළේ ඒ දෙකම ගැන නම්?” ශෙන් ස'චුආන් සිනහවිය.
"එතකොට ඒ හැමදේම නැති වෙයි." ෂීඩහොංෂුආන් ඔහුගේ උදරයට තට්ටු කළේය. “මම ඔබට උපදෙසක් දෙන්නම්, ලන්චෞ. කෑදර බැල්ලියෙක්ගේ පුත්‍රයෙක් වෙන්න හදනුන එපා. කියමනේ තියෙනවා වගේ , ඔබේ දේවලින් සෑහීමට පත් වෙන්න. ඔබ දැනටමත් මිලියන හතරක් පැහැරගෙන තියෙනවා. මම ඒවා තවදුරටත් හඹා යන්නෙ නැහැ. ඉඟියක් වෙනුවෙන් මේක දැනටමත් ප්‍රමාණවත් නේද? ”
"මුදල් මගේ අතට ලැබෙන්න කලින් ඒවා ගත්ත බව කියන්න බැහැනේ." ඊසානදිග ප්‍රතිපාදන පාලම් මාර්ගය හරහා ප්‍රවාහනය කිරීම වෙනුවෙන් මේ මිලියන හතර කොටස් දෙකකට බෙදා ඇති කොටස ශෙන් ස'චුආන් ඔහුට හෙළි කළේ නැත. ඒ වෙනුවට ඔහු පවසන්නට විය, “එය පහසු ගමනක් නෙමෙයි. ඒක මට වඩා හොඳට ඔබ දන්නව නේ.”
“භාණ්ඩ රැගෙන යන්න මට ක්‍රම තියෙනවා. ජ්‍යැං චිංෂන් කොතරම් දක්ෂ වුනත් ඔහුට නිතරම ඒ ගැන ඇස් ගහගෙන ඉන්න බැහැ. ෂී හොංෂුආන් මේ වන විටත් වැඩි වාසියක් අත් කරගෙන සිටියේ ය. “ඔබට මුදල් ලබා ගත හැකි ක්‍රම ගැන මට සිතා ගත හැකිය. මම කලින් කිව්වා, මම එය නැවත කියන්නම්. ලන්චෞ, මම ඔබට මේ මිලියන හතර ලබා දෙන්න කැමැතියි. ඒත් ඔබ මට ඇත්ත කියන්න ඕන කඩාවැටීම, ගංවතුර සහ වසංගතය යන සිද්ධීන් තුන ඇත්තටම කළේ ඔබද?”
"කොහෙත්ම නැහැ." ශෙන් ස'චුආන් පැවසුවේ ය. “මම ඔබට බොහෝ කලක ඉදන් කීවේ ඇත්තමයි. මේ කාරණය ගැන , ඔබ ෂුඒ ෂ්යුජුඕගෙන් අහලා බලන්න. ඔබ මෙ යතුරු තදින් අල්ලාගෙන සිටින බව මට පේනවා, ඒ මම එ් ගැන අඟවන්නෙ නැහැ. ඔබ කියපු විදිහට, අපිට හමුදාවට බැදෙන්න අවශ්‍ය නම් අනෙත් පුද්ගලයා නැතිව ඒක කරන්න බැහැ. දැන්වත් ඔබට මට චී හුයිලියන්ව ලබා දෙන්න පුළුවන් ද?"
ෂී හොංෂුආන් තම අසුන පසෙකට තල්ලු කරමින් නැගී සිටියේ ය., “මම ඔහුව රැගෙන යාමට බොහෝ කලක සිට අයෙක්ව ලබා ගත්තා. ඔබ දින ගණනාවක් බලා සිටියා, දැන් ටිකක් බලා හිටියා කියලා කරදර වෙන්න ඕනෙ නැහැ. ”
ඔහුගේ පිම්බුණු උදරය සමග ඔහු ආහාර දිරවාගන්නට හැකි වන සේ පියවර කිහිපයක් තැබුවේ ය. ඔහු යමක් සලකා බලන්නාක් මෙන් බලා හිදියේ ය. අවසානයේ ඔහු ද්වාරය අසලට ගොස් පයක් පිටතට තබා කෑගැසුවේ ය "කෝ ඒ මිනිහා?"
පිටත සිටි සේවකයෙකු පිළිතුරු ලෙස යමක් මිමිණුවේ ය.
එය පැහැදිලිව නොඇසුණු අතර, ෂීඩහොංෂුආන් දිගටම පඩිපෙළ බැස ගියේය. ඔහු බැස ගිය පසු තවත් පියවර කිහිපයක් ගත්තේය. මළුව නිශ්ශබ්ද විය. ඔහු හදිසියේම හැරී “දොරවල් වසන්න!” යැයි කෑගැසුවේය.
එකවරම ශාලාවේ පුළුල් ලෙස විවර කර තිබූ දොරවල් තදින් වසා දැමූ අතර, "තඩ්" හඬින් ජනේලයන් වැසී ගියේ ය ඇසිපිය හෙලන සැණින් ශාලාව සම්පූර්ණයෙන්ම මුද්‍රා තබන ලද්දේය. රාත්‍රී සුළඟේ ඝෝෂාව මධ්‍යයේ, රළු විලෝ අතු පැද්දෙමින්, ශාලාව වටලෑම වෙනුවෙන් අදුරු සෙවණැලි සූදානම් වූයේ ය.
ෂී හොංෂුආන් වෛරයෙන් දත්මිටි කමින් තම වෙස් මුහුණ ගලවා දැමුවේ ය. “ශෙන් ස'චුආන්! ඔබට තවමත් චී හුයිලියන් ව ආපසු ඕනෙද? සර්පයෙක් අලියෙක් ගිලින්න හදනවා වගේ ඔබ කොච්චර කෑදරයිද! එහාට මෙහාට තල්ලු කරමින් මෝඩයෙකුට වගේ මට සලකපු නිසා , මම අද රාත්‍රියේ ඔබේ ජීවිතය අරගන්නවාමයි! ”
හේ තවත් පියවර කිහිපයක් පසුපසට ගියේ ය.
“අර කන්න දෘපු අත හපා කාපු පර බල්ලා ෂී දාන්ව අරගෙන වරෙන් මෙහාට!”
ෂී දාන්ව ඒ වන විටත් අනෙක් අය විසින් ආරක්ෂිතව බැඳ තබා තිබුණේ ය. ඔහුව දුටු ෂී හොංෂුආන් මුලින්ම ඔහුගේ මුහුණට හා පහරක් දී ඔහුව දරුණු ලෙස පාගා දමන්නට පෙර ඔහුව බිම පෙරළා දැමුවේ ය.
“කමන්ගේ ස්වාමියාව මුදලට විකුණන්න උඔට තියෙන නිර්භීතකම! නින්දිත අවජාතකයා, කුණු පොදිය! මගේ අතේ තමුන්ගේ අම්මයි තාත්තයි ඉන්නවා කියලා උඹට අමතක වුණා. මම උබේ මුළු පවුලම ඔහුත් එක්කම සොහොනට අරගෙන යනවා! ”
ඔහු හඩ නගද්දී ඔහුගේ දෑස් වෛරයෙන් දිලිසුණේ ය.
“වැඩිහිටි උත්තමාවියවත් මෙතනට ඇදගෙන එන්න. ඇය ඇත්තටම සිතන්නේ ඇය මගේ පිටුපසින් මේ පහත් ජීවිතය එක්න සම්බන්ධ වෙලා හිටි බව මම දන්නෙ නැ කියලයි? ෂී දාන්, කඩල බීජයක් තරම් ඔබේ ඒ දෙය එකුක ඔබ කොහොමටවත් ආයේ මාව පාවා දෙන්න එඩිතර නොවේවි. නමුත් තෘෂ්ණාව ඔබේ හිසට උඩින් එල්ලපු ඇති තලයක් වගේ. (1.) ඔබට විරුද්ධව අයෙක්ට හසුවීමට ඉඩ දීලා ඔබේ ස්වාමියා මුදලට පාවා දීමේ සම්පූර්ණ නින්දිත කටයුත්තට ඔබ සම්බන්ධ වුනොත් ඔබට දොස් පවරන්න පුළුවන් කාටද?! අප්‍රසන්නයි!”
ෂී දාන්ට බිම පුරා පෙරළී වේදනාවෙන් කෑගසන තෙක් ම පා පහර දුන් අතර දෙපා අපුාණිකව ගිය ගෙසින් වැඩිමල් කාන්තාව ෂෘ හොංෂුආන් අසලට ඇද දමා තිබුණේ ය. ඇය හඬා වැලපෙමින් නොනවත්වා කන්නලව් කළාය.
ෂී හොංෂුආන් ඇයට ඔහුගේ කලව බදා ගන්නට ඉඩ හැර ඔහු ඇය දෙස බලා දරුණු ලෙස පැවසුවේ ය, “ඔබ දන්නවා ඔහුට මට හානියක් කරන්න අවශ්‍ය වුන බව? ඔබ දැගෙන හිටියා , ඔබට තවමත් ඔහුව අනුගමනය කරන්න අවශ්‍ය වුණා. ඔබ දැනටමත් ඔහු සමඟ දුර තැනකට පලා යන්නේ කොහොමද කියලා සැලසුම් කරලා ඉවරයි? මම ඔබට සැලකුවාට වඩා හොඳින් මම මේ ජීවිතයේ කිසිවකුට සැලකුවේ නැහැ. මම මගේ ආදරය සියයට සියයක් විදිහට මගේ ජීවිතයෙන් සියයට අසූවක්ම භාර දුන්නා. ඒත් ඔබ මට ආපිට සලකන්නේ මෙහෙමයි."
රතු වූ දෙනෙත් සහිතව , ෂී හොංෂුආන් වැඩිමල් කාන්තාවව ඔසවාගත්තේ ය.
“ෂී ගු'අන් ඔබව උදුරා ගත්තා, මමත් ඔබව ආපසු උදුරා ගත්තා. ඔබ හැමදාටම භුක්ති විඳි ගෞරවය හා කීර්තිය මම ඔබට ලබා දුන්නා , ඔබට කවදාවත් මොනදේකින්වත් අඩුවක් කලේ නැ , මම ඔබට රත්රරන් මුතු මැණික් පවා ලබා දුන්නා. මම ඔබව මගේ දෑතින්ම අල්ලගෙන ඉන්නේ මගේ වටිනාම වස්තුව වගේ. ඔබ ... ඔහ්, ඔබ!" ෂී හොංෂුආන් වෛරයෙන් කෙතරම් ගිලී ගියේද යත් ඔහුගේ හදවත ලේ වැගිරෙන්නට විය. "ඔහු එක්කම යන්න. මම තමුන්ලා දෙන්නව අද රෑට එකටම පිටමං කරන්නම්!"
ෂී හොංෂුආන් ඇයව සීතලෙන් බිමට තල්ලු කර කෙළ ගසමින් ද්වේෂසහගත සිනහවකින් යුතුව පවසන්නට වූයේ ය “ඔබලගේ අසිපත් පිටතට අදින්න! හදවතක් නැති සහ කෘතඥ නොවන මේ නිවටයෝ කපා දමන්න, රතකොට අපිට අද රාත්‍රියේ මත්පැන් සමඟ පානය කරන්න ආහාර විදිහට ගන්න පුළුවන්! මේ දෙවැනි ස්වාමියා ළඟ ඇතිවෙන්න සල්ලි තියෙනවා!”
ඔහු තම ළයෙන් සහ අත්වලින් විශාල ප්‍රමාණයේ රන් රිදී කුට්ටි පිටතට ගෙන ඒවා බිම හෙළූ අතර ඒවා ඝෝෂාකාරී හඬකින් පෙරළී ගියේය. මුදල් එකිනෙක ගැටෙන හඬ මධ්‍යයේ, ෂී හොංෂුආන් පියවර කිහිපයක් එකතැන හිඳ ඔහු කඳුලැලි එනතෙක් සිනහාවෙන්නට විය.
“මේ ලෝකයේ හැම අයෙක්වම ප්රතිලාභවලිනුයි මෙහෙයවන්නේ. මට ඇතිවෙන්න සල්ලි තියෙනවා. ඉතින් මට විශ්වාසවන්ත කෙනෙක් නැතිකම ගැන දුක් වෙන්නේ මොන එහෙකටද? මුදල් වෙනුවෙන් කෙනෙකුට තම සමීපතම ඥාතීන්, ඔවුන්ගේ මස් සහ ලේ, ඔවුන්ගේ ආදරණීයයන් මරා දමන්න පවා හැකියාව තියෙනවා!" සිය රන් රිදී සියල්ල ඉවත දැමූ ෂී හොංෂුආන් තම දෑත් ඉහළට ඔසවා, සීතල නමුත් දීප්තිමත් අසිපත් යටතේ ගොරෝසු හඩින් කෑගැසුවේය, “එ්ක කරපල්ලා! මම මෙහෙට පැමිණියේ මගේ ණය අය කර ගන්නයි! ”
සමූහය වහා ම තම අසිපත් ඇද ගත් අතර හිම සුදු පැහැ ආලෝකය සෑම දෙයක් ම වෙලාගත්තේ ය.
______________________
අරුත් පැහැදිලි කිරීම
01.) තෘෂ්ණාවෙන් පිරී ඇති අයෙක් බව හඟවයි.
ඒහ්..... ෂී හොංෂුආන් සමහර විට එයාගෙ පැත්තෙන් සාධාරණ වෙන්නත් පුළුවන්.❤️
ඒත් ලන්චෞට කරදරයක් වෙනවට මම ආස නැ. 🥺🥺🥺
පෙර පරිච්ජේදය | සියළුම පරිච්ජේද | සු පරිච්ජේදය
❤️❤️❤️❤️
ReplyDelete♥️♥️♥️♥️
ReplyDelete